You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 32 of 137 << < 3031323334 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Jul 2017 06:29 PM

දුම්පානය කරන්නන් ළඟින් සිටීමත් අවදානම්

* අප අවට සිටින්නන්ට දුම්පානයට ඉඩ නොදෙමු

අපේ අයිතිය සුරකිමු

ඔබ දුම්වැටියක්‌ භාවිත කරන පුද්ගලයෙක්‌ අසල සිටින විට එම දුම්කොළ දුම ඔබට ද ආඝ්‍රහනය වේ. ඉන් ඔබේ සිරුරේ ද සියලුම අවයවවලට ක්‍රම ක්‍රමයෙන් හානිවීම සිදුවේ.

* අක්‍රිය දුම්පානය

මාරාන්තිකයි එයින් ඔබේ දරුවා බේරාගන්න

දුම්වැටි දුමෙහි විෂ වර්ග 4000 ක්‌ හා පිළිකාකාරයන් 43 ක්‌ අඩංගුවේ.

ශරීරයේ බොහෝ ඉන්ද්‍රියන් වල පිළිකා ඇතිවීම

පෙණහලු, මුඛ පිළිකා, ස්‌වරාලය, උගුර, ගලනාලය, මුත්‍රාශය, වකුගඩු, අග්න්‍යාශය, අක්‌මාව, ගැබ්ගෙල, අමාශය, මහා බඩවැල, ගුද මාර්ගය, ලේ වල පිළිකා, ලිංගික බෙලහීනතාවය.

* පෙණහලු රෝග

එම්µsසීමා, ඇදුම, බ්‍රොන්කයිටීස්‌, පෙණහලු ආසාදනය, හුස්‌ම ගැනීම අපපහසු කරවන දීර්ඝ කාලීනව පවතින පෙණහලු රෝග.

* හෘද රෝග ඇතිවීම

කාන්තාවනට ගබ්සා ඇතිවීම සහ අඩු උපත් බර දරුවකු වීමට ඇති හැකියාව වැඩිය.

* ලිංගික බෙලහීනතාවය හා වඳභාවය ඇතිවීම.

ආමාශයේ තුවාල ඇතිවීම

පාදවල රුධිර නාල අවහිර වීම නිසා පාද කපා දැමීමට සිදුවීම

දත් දුර්වර්ණ වීම හෝ දිරායාම

පිටකරන හුස්‌ම දුර්ගන්ධ වීම

කෙස්‌ දුර්ගන්ධ වීම

ඇසේ සුද ඇතිවීම

අංශභාගය ආශ්‍රිත රෝග ඇතිවීම

* දුම්වැටි භාවිතයට විරුද්ධ වීමට ඔබට අයිතියක්‌ ඇත. ඔබේ අයිතිය සුරකින්න

"පොදු ස්‌ථානවල දුම්පානය නීතියෙන් තහනම්"

* දුම්කොළ දුම නොමැති හුස්‌මක්‌

ඔබටත්, අපටත් අපගේ දරුවන්ටත් උරුම වනු වස්‌......"

ඒ වෙනුවෙන් ඔබත් අපත් ක්‍රියාත්මක විය යුතු කාලයයි මේ..........

* කවුරුන්ද සඳහාද?

දුම් බොන නොබොන පානයෙන් නිදහස්‌වූ සහ පානයෙන් නිදහස්‌ වීමට අවශ්‍ය පරිසරය සකස්‌ කරදෙන සියලු දෙනා සඳහා

* කවුරුන් වෙනුවෙන්ද?

ඔබ, මම, අපගේ දරුවන්, අපගේ ආදරණීයයන් සැමදෙනා වෙනුවෙන්

* අපට කුමක්‌ කළ හැකිද?

දුම්කොළ දුම් නොමැති වටපිටාවක ජීවත්වීමට ක්‍රියා කිරීම

උදා( දුම් නොබොන රියෑදුරන්ම ගමන් සඳහා යොදා ගැනීවීම

දුම්වැටි අලෙවි නොකරන භාවිතයට ඉඩ නොදෙන වෙළෙඳසැල් ම භාවිතය

අවශ්‍යතාවකදී දුම්කොළ දුමින් නිදහස්‌ වූ ආපනශාලාව භාවිතා කිරීම.

නිවස හා ඔබට අයිති ස්‌ථාන මෙන්ම පොදු ස්‌ථානවලදී දුම්පානයට විරුද්ධ වීම.

ඔබගේ දරුවා දුම්කොළ දුමෙන් ආරක්‍ෂිත පරිසරයක ජීවත්වන බව තහවුරු කර ගැනීම

දුම්කොළ දුමාරය ඇති වටපිටාවන්ගෙන් ඈත්වීමට දරුවන් හුරු පුරුදු කිරීම.

දුම්කොළ හා මද්‍යසාර භාවිතයෙන් නිදහස්‌වූ චරිතයක්‌ වීම.

* ඒ ඇයි?

ඔබ කිසි විටෙකත් දුම්පානය නොකළ ද, දුම්පානය කරන අයෙකු විසින් පිට කරනු ලබන දුම්කොළ දුමට ඔබ නිරාවරණය වීම

කාන්තාවන්ට ගබ්සා ඇතිවීම හෝ අඩු උපත්a බර දරුවන් බිහිවීම

හෘද රෝග ඇතිවීම

ශරීරයේ බොහෝ ඉන්ද්‍රියන් වල පිළිකා ඇතිවීම

පෙණහලු රෝග ඇතිවීම

මෙනින්ජයිටීස්‌ වැනි තත්ත්වයන් ඇතිවීමටද හේතුවීම.

* ප්‍රජා ක්‍රියාකාරීන් ලෙස ඔබට කුමක්‌ කළ හැකිද?

* ඔබගේ ගමේ, සමිතියේ පාසැලේ, නායකත්වය සඳහා දුම්කොළ හා මද්‍යසාර භාවිතයෙන් නිදහස්‌ වූ චරිත ම තෝරා ගැනීම.

* ග්‍රාම නිලධාරි, සමිති සමාගම්වල නායකයින්, ළමාරක්‍ෂක නිලධාරීන්, සමෘධි නිලධාරින්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඇතුළු අනෙකුත් පිරිස්‌ සමඟ මේ වෙනුවෙන් ඔබගේ ප්‍රදේශවලද ක්‍රියාවලියක්‌ ආරම්භ කිරීම.

* දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය හා සම්බන්ධ වී, මේ සම්බන්ධ සේවාවන් ලබා ගැනීම හා ඒ සඳහා අන් අයද යොමු කරවීම.

අමතන්න 1948
දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Jul 2017 06:31 PM

මදුරුවන් මෙම පැල වර්ග
හරහා පලවා හැරිය හැකිය

මෙම දිනවල පැතිර යන ඩෙංගු වසංගතයට හේතු කාරක වී ඇති ඩෙංගු මදුරුවන් මෙන්ම මැලේරියාව, චිකුන්ගුන්යා ඇතුළු සෑම මදුරු වර්ගයක්‌ම පලවා හැරිය හැකි ගෙවතුවල වගා කළ හැකි පැල වර්ග කිහිපයක්‌ බටහිර පර්යේෂකයින් විසින් හඳුන්වා දී තිබේ. මෙම පැල වර්ග අතර මෙරට වගා කළ හැකි පැල වර්ග කිහිපයක්‌ද වේ.

1. පැඟිරි පැල - මදුරුවන් පලවාහැරිය හැකි බව බටහිර ලෝකය පවා පිළිගනු ලබන ශාකයකි. මෙහි පත්‍රිකාවක්‌ පොඩි කර සමෙහි ගැල්වූ විට තදබල සුවඳක්‌ වහනය වේ. මෙම පැඟිරි පැලයෙන් පැඟිsරි තෙල් නිෂ්පාදනය කරනු ලබන අතර, එම තෙල් සමෙහි ගැල්වීමෙන් මදුරු දෂ්ඨනයෙන් වැළැකී සිටිය හැකි බව වෛද්‍ය මතයයි. මෙම පැල ගෙවත්තේ හෝ විශාල පෝච්චියක වගා කළ හැකිය. බටහිර රටවල පැඟිරි පැලයෙන් ලබා ගන්නා සුවඳ උපයෝගි කරගෙන ඉටිපහන්ද නිෂ්පාදනය කර තිබේ.

2. දාස්‌පෙතියා (මැරිගෝල්ඩ්) - මෙම ශාකයෙන්ද මදුරුවන් පලවාහැරීම සිදුකරන අතර, එහි අඩංගු "පයිරෙත්‍රම්" නමැති සංයෝගය බොහෝ කෘමින් මර්දනය කරන විකර්ශකයන් නිපදවීම සඳහාද යොදා ගනී. මෙම පැලයක්‌ නිවසට ඇතුළු වන ස්‌ථානයේ වුවද තැබීම යෝග්‍ය වන අතර, මදුරුවන් නිවසට ඇතුළු වන විවෘත ජනෙල් ආසන්නයේද තැබීමෙන් මදුරුවන් පලවා හැරීම පහසු වේ.

3. මදුරුතලා (හීන් මදුරුතලා) - ඉංගී්‍රසි භාෂාවෙන් "හෝලි බැසිල්" නැතහොත් "සේක්‍රඩ් බැසිල්" යනුවෙන් හැඳින්වෙන මෙම පැලයද මදුරුවන් පලවාහරින එමෙන්ම මදුරු දෂ්ඨනයන්ට ප්‍රතිකාර කිරීමට ආයුර්වේදයේ භාවිත වන ශාකයකි. මෙයින් සාදාගන්නා කුඩු විශේෂයක්‌ ඉසීමෙන් මදුරුවන් මර්දනය කළ හැකි බව සඳහන්ය.

4. සුදු ලූනු - සුදු ලූනු වගා කිරීමෙන් මදුරුවන් පලවා හැරිය හැකි බව බටහිර පර්යේෂකයෝ සඳහන් කර සිටිති.

5. බැසිල් - මෙම ශාකයද මදුරුවන් පලවාහැරිය හැකි බව තහවුරු වූ ශාකයකි. මෙහි පත්‍රිකා තැලීමකින් තොරව ශාකයෙන් හමන සුවඳ හේතුවෙන් මදුරුවන් මර්දනය වේ. "බැසිල්" පත්‍රිකා බටහිර රටවල ආහාර රසගැන්වීම සඳහාද යොදා ගැනේ. මෙය ආයුර්වේදයේද භාවිත කරන ඔසු පැළෑටියකි.

6. රෝස්‌මරි - මෙය නිවස තුළ මෙන්ම ගෙවත්තේද තබා ගත හැකි ශාකයකි. ආහාර වර්ග රසවත් කිරීම සඳහාද යොදා ගැනෙන අතර, මෙහි පත්‍රිකා පිළිස්‌සීමෙන් හට ගන්නා සුවඳ මදුරුවන් පමණක්‌ නොව කෘමින්ද පලවාහැරීමට සමත්ය.

7. ගෙරනියම් - මෙයද මදුරුවන් පලවාහැරිය හැකි ශාකයකි. විශේෂයෙන්ම ලෙමන් සුවඳැති ගෙරනියම් ශාකය මෙහිදී වඩාත් ප්‍රතිඵල දායක බව හෙළි වී තිබේ. පැඟිර ශාකයට සමාන ගුණයකින් යුතු "ගෙරනියම්" ශාකය සෙසු කෘමින්ද පලවා හැරීම සිදුකරයි.

8. පෙපර්මින්ට්‌ - "මින්ට්‌" නැතහොත් "මින්aචි" යනුවෙන්ද හැඳින්වෙන මෙම ශාකය මදුරුවන් පලවාහැරීමට සමත් තවත් ශාකයකි. මෙම ශාකයෙන් ලබා ගන්නා පෙපර්මින්ට්‌ තෙල් ශරීරයෙහි බාහිර කොටස්‌වල ආලේප කිරීමෙන් මදුරුවන් දෂ්ඨ කිරීම වළක්‌වා ගත හැකිය. මෙම ශාකයේ පත්‍රිකා කිහිපයක්‌ තලා එහි අන්තර්ගත සුවඳ හා තෙල් පරිසරයට නිරාවරණය කළ විට මදුරුවන් නොපැමිණෙන බව සඳහන්ය.

9. සේර (ලෙමන්ග්‍රාස්&zwnj - මෙයද ස්‌වාභාවික මදුරු විකර්ශක ගුණයෙන් යුතු ශාකයකි. ආහාර රසගැන්වීම සඳහා යොදාගන්නා සේර පැළයෙහි පැඟිරි හෙවත් සිට්‍රනෙල්ලා තෙල් අඩංගුව පවතී. මදුරුවන් පලවාහැරීමට සමත් ප්‍රබල සුවඳක්‌ දැනවීම සඳහා මෙම ශාකය නිවසට ආසන්නයේaa ගෙවත්තෙහි වගා කළ හැකිය.

10. කුප්පමේනියා (කැට්‌නිප්)- පූසන් අසනීප වූ විටකදී ආහාරයට ගැනීමට කැමැත්තක්‌ දක්‌වන කුප්පමේනියා ශාකයද මදුරුවන් පලවා හරිනු ලබන ශාකයකි. අධ්‍යයනවලට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා කෘත්‍රිම මදුරු විකර්ශකයක්‌ ලෙස හඳුන්වා දී ඇති "ඩීට්‌" ආලේප කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයට වඩා දස ගුණයකින් අධික ප්‍රතිඵලයක්‌ මෙම ශාකය හරහා මදුරු මර්දනයේදී ලැබෙන බව අනාවරණය වී තිබේ. කුප්පමේනියා ශාකයෙහි අඩංගු "නෙපෙටැලක්‌ටොන්" නමැති ස්‌වාභාවික රසායනිකය. කෘමින්ද මර්දනය කිරීමට සමත් බව අනාවරණය වී තිබේ. කුප්පමේනියා ශාකයෙහි පත්‍රිකා තලා මදුරු දෂ්ඨනය වැළැක්‌වීම සඳහා සමෙහි ආලේප කිරීමට බටහිර වැසියන් හුරු වී සිටිති.

11. ලැවැන්ඩර් - සුවඳැති සුවඳ විළවුන් වර්ග නිපදවීම සඳහා යොදාගන්නා ලැවැන්ඩර් ශාකයද මදුරුවන් පලවාහැරීමට සමත් බව හෙළි වී තිබේ. මෙම පැල පෝච්චිවලද වගා කළ හැකි අතර, මදුරුවන් පිවිසෙන දොරවල් හා ජනෙල් ආසන්නයේ මෙම පැළ තැබිය හැකිය. මෙම පැලයෙහි පත්‍රිකා සමෙහි ඇතිල්ලීමෙන් එහි අන්තර්ගත තෙල් මුදාහැරීම සිදුවේ. මදුරු නාශක ස්‌ප්‍රේ වර්ගයකටද ලැවැන්ඩර් සුවඳ යොදාගෙන ඇති අතර, ඇතැම් ලැවැන්ඩර් සුවÄති එයාර් ෙµ්‍රaෂ්නර් භාවිතයද මදුරුවන්ට විෂ බව හෙළි වී තිsබේ.

12. පෙනිරෝයල් පැල - මෙම පැල ගෙවත්තෙහි වගා කිරීමෙන් නිවසට මදුරුවන් ඇතුළු වීම වළක්‌වා ගත හැකිය. මෙම පැල මල් බඳුනක බහා කාමරය තුළ වුව තැබිය හැකිය. එම පැලවල සුවඳ හේතුවෙන් මදුරුවන් මියයන බව තහවුරු වී ඇත. මෙයද මින්ට්‌ පවුලට අයත් ශාකයකි.

13. වැනිලා - වියළි වැනිලා ශාකයේ පත්‍රිකා දොරකඩ එල්ලා තැබීමෙන් මදුරුවන් හා මැස්‌සන් පලවාහරින බව සඳහන්ය.

14. කරාබුනැටි හා දෙහි - කරාබු නැටි, දෙහි බැයක්‌ මත අතුරා තැබීමද මදුරුවන් පලවා හැරීමට හේතු වන බව අනාවරණය වී තිබේ.

15. හෝස්‌මින්ට්‌ (ලෙමන් බාම්) - පැඟිරි පැලයකින් හමන සුවඳ හා සමාන සුවඳකින් යුත් මෙම ශාකයද ස්‌වාභාවික මදුරුවන් පලවාහරින ශාකයකි.

අන්තර්ජාලය ඇසුරිනි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
19 Jul 2017 06:50 PM
ස්තුති මේ වැදගත් කරැනු ටිකට
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Jul 2017 08:54 PM
වැදගත් ලිපියක්
මම ආසම සුවදක් තමයි ලැවැන්ඩර්.
මදුරැවොත් එලව ගන්න පුලුවන් එකේ එයාර් ෆ්‍රෙෂ්නර් කැට ටිකක් ගෙනත් එල්ලනවා
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Jul 2017 03:16 AM

රුධිර පීඩනය අඩු අයට නියම ඔසු මෙන්න

රුධිර පීඩනයේ අඩුවීම ඌන රක්තචාපය හෙවත් අඩුරුධිර පීඩනයයි. ඛදඅ ඉකදදා චරුිිමරු  රැයහචදචසැිසි ිමඉඑැබිසදබ නමින්ද හඳුන්වනු ලබයි. මෙම තත්ත්වය කිසිදුු රෝගයකට සම්බන්‍ධතාවක් නොමැතිව ස්වාභාවික අවස්ථාවක් ලෙසද ශරීරයේ ස්වභාවයක් ලෙසද සැලකිය හැකිය. සමහර පවුල්වලටද මෙය ආවේනික තත්ත්වයක් ලෙස පවතී. මෙය රෝග තත්ත්වයක් ලෙස ගණන් ගෙන ප‍්‍රතිකාර කිරීමට යෑමෙන් අනවශ්‍ය ඖෂධ සිරුරට දමා ගැනීමක් සිදුවෙයි. වෙනත් රෝග තත්ත්වයන් ඇතිවීමටද ඉඩ ඇත. ශාරීරික ඉරියව් වෙනස් විමෙන්ද මෙම තත්ත්වය හටගනී. එම නිසා මේ තත්ත්වය ස්වභාවික අවස්ථාවක් ලෙස සාමාන්‍යයෙන් ගණන් ගැනේ.  

එහෙත් ශරීරට දැනෙන දුබලභාවය, නිතර දැනෙන තෙහෙට්ටුව, පොඩි වෙහෙසවීමකදී පවා මහන්සියක් දැනීම, යන රෝග ලක්‍ෂණ දැනේ නම් වෛද්‍යවරයෙකු කරා ගොස් රුධිර පීඩනය මැන බැලීමෙන් මෙම තත්ත්වය වටහා ගත හැකිය. මේ අයගේ ආකුංචන පීඩනය 70ට වඩා අඩුනම්, ප‍්‍රසාරණ පීඩනය 110ට වඩා අඩු නම්, රුධිර පීඩනයේ අඩු බවක් ඇති බව වටහා ගෙන ජීවත් විය යුතුය. වෙනත් රෝග අවස්ථාවලට ප‍්‍රතිකාර කරන විට එය දැන සිටීම නිසා වෛද්‍යවරුන්ට ඖෂධ තෝරාගැනීම පහසු වෙයි. 

 

 සිරුරට ආවේනික තත්ත්වය 
හැරුනවිට මේ තත්ත්වය ඇතිවෙන අවස්ථා පහත ස`දහන් ලෙස දැක්විය හැකිය. බොහෝ වෙලා සිටගෙන සිටින 
රැුකියාව කරන සොල්දාදුවන් වැනි අයටද, ක්‍ෂය රෝගය වැනි ශරීරය දුර්වල වන රෝග තත්ත්ව වලදීද, නිධන්ගත විෂාණු ජනිත රෝග වලින් පීඩිත වූවිටද :ජරදබසජ ෂබෙැජඑසදබ*මානසික ආවේගවලින් නිතර පීඩාවට පත්වෙනවිටද, ස්වප්න මෝචනය වැනි මානසික පීඩාවලින් පෙළෙන නින්ද නොයන අයටද, ග‍්‍රහනී හා ආමාශ ක්‍ෂත වලින් පෙළෙන විටද, ශරීර කෛශික ධමනි  ඕනෑවට වඩා පළල් වීමෙන් මොළයට හා හෘදයට රුධිර සැපයීම අඩාල වීමෙන්ද, ඉහළ අහසේ රැුකියාවේ නිරත වන අහස් නැවියන්ටද,තෛරොයිඩි ග‍්‍රන්ථියේ ක‍්‍රියා හීනවීම නිසාද, වෘක්කරෝග නිසාද, හදිසි අනතුරුනිසා ඇතිවෙන අධික රක්තශ‍්‍රෘව නිසාද, පණූ රෝග වලින් පීඩාවට පත්වී රුධිරය අඩු තත්ත්වයෙන් පීඩාවට පත්වූ විටද, යන කාරණා නිසා රුධිර පීඩනය අඩුවෙයි  

මෙම රෝගීනට ප‍්‍රතිකාර කරන විට රෝග නිදානය සොයා බැලීම ඉතා අවශ්‍යය. නාඩිබලකාරක ඔසුදීම සුදුසුය. දශමුලාරිෂ්ඨ, අර්ජුනාරිෂ්ඨ, ද්‍රක්‍ෂාසවය වැන් අරිෂ්ඨ ආසවයන්ද, කස්තුරි, කපුරු, මකරද්වජ වැනි හෘදය බලකාරක ඔසුද, කුරුඳුපොතු, කරාබුනැටි, සාදික්කා, කොල්ලූ, බෙලිමුලේ පොතු, නස්නාරංමුල් වැනි හෘදය බලකාරක ඖෂධ වර්ගද තේ කෝපි සහ පැහීගෙන එන රාද යකෘත්සාරය හෙවත් පීකුදු ආහාර පිණිසද ගැනීම සුදුසුය.

 

- සුසාර   

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
20 Jul 2017 06:32 AM
ගොඩක් අයට තියෙන්නේ අධික රුධිර පීඩනය...
මේවාට ගොඩක් දුරට මානසික ප්‍රශ්න බලපානවා...
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
20 Jul 2017 07:51 AM
වටිනා ලිපියක් ⁣
ස්තුති
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
20 Jul 2017 08:40 AM
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Jul 2017 01:57 AM
වටිනා ලිපියක්
බොහොමයක් අයට තියෙන්නෙ අධි රැධිර පීඩනයනේ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Jul 2017 08:34 AM
මදුරුවෝ අයින් කරන්න අපි නම් ගන්නෙ මදුතලා තමයි.අනෙක් දේවල් ගැන නම් මමත් දැනන් වුන්නෙ නෑ.
ස්තූතියි ලිපි පෙලටම.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Jul 2017 05:43 PM

අර්ශස් රෝගයට නොවරදින පිළියම්

අර්ශස් රෝගය සෑදෙන්නේ ගුද මාර්ගයේ රැුලි 3ක් ඇසුරු කරගෙනයි. එනම් පිටට ඇති රැුල්ල එයින් අඟල් 1/2ක් ඇතුළට ඇති රැුල්ල සහ එයිනුත් අඟලක් ඇතුළට ඇති රැුල්ල වශයෙනි. මේ රැුලි තුනේම අර්ශස් රෝගය හට ගනී. නාසයේද අර්ශස් හටගනී. එහිදී ඒවා මස් දලූ වශයෙන් හඳුන්වා ඇත. අපේ පැරණි පුස්කොළ පොත්වල ඒවා වෙන් වෙන් වශයෙන් පෙන්වා දී තිබේ. ලිංගයේදී වෙනත් නමක් ඒ සඳහා භාවිත කරයි. අර්ශස් ප‍්‍රභේද වශනේ වර්ග හයක් දක්වයි. වාතජ, කළුජ, සන්නි පාතජ, රක්තජ හා සහජ කියාය.

තවත් විග‍්‍රහ කළොත් වාතය වැඩි කරන අහිත කර ආහාරවර්ග විහරණ සේවන කරන විට වාතජ අර්ශස් හටගනී. පිත අධික ආහාර වර්ග ගන්නා විට පිත් අර්ශස් ද සෙම් අධික ආහාර ගැනීමෙන් කළුජ අර්ශස් සෑදෙයි. මේ තුන් වර්ගයේම සංයෝගයෙන් සන්නි පාතජ අර්ශස් සෑදනු ඇත. ලේ පිට කරන්නේ රක්තජ අර්ශස් වලිනි. ලේ පිට කරන්නේ නැතිව අර්ශස් තිබෙනවා නම් එය වියළි අර්ශස්ය. එය ශුෂ්ක අර්ශස් ලෙසද නම් කෙරේ.

උෂ්ණ x තීක්ෂණ ආහාර විහරණ අධිකව සේවනයෙන් පිත් අධිකතාව නිසා ශුෂ්ක අර්ශස් හටගන්නට පුළුවන. මේ සියල්ලම හැර සහජයෙන්ද අර්ශස් හටගනී.  ශිරා එකම ඉරියව්වකින් වැඩි වෙලාවක් තිබීම නැතිනම් හිඳගෙන සිටීම නිසා නැති නම් හිටගෙන සිටීම නිසා මේ අර්ශස්වලට ප‍්‍රධාන හේතුවයි.

 

මළ පිටකිරීම
වැඩිවෙලාවක් තැටමීම නිසා ශිරාවල ලේ රැුස් වේ. ඒ හේතුවෙන් තවත් මළ පිට කිරීම අපහසු වනු ඇත. මේ නිසා අර්ශස් ගෙඩි පුපුරා ලේ  අධික ලෙස ගලන්නට පටන් ගත හැකිය. තද වේදනාවක් දැනෙනු ඇත.

බහුලව දක්නට ලැබෙන්නේ රක්ත අර්ශස්ය.

සහජ අර්ශස් හට ගන්නේ පිය පරම්පරාවෙන් ගර්භාෂයේදී ම කළල අස්ථාවේදීය. 

මේ වැළඳුනාවූ අර්ශස් රෝගයට සීමාවක් නැතිව බේත් බොන්නට සිදුවනු ඇත. බොහොමයක් දෙනකුට අර්ශස් හේතු නිසා පීනස සෑදේ. ඇතැම් විට මේ හෘදයාබාධ ඇති විය හැක. අක්මාව දුර්වල වීමද සිදුවේ. අක්මාවේ රෝගයකට ප‍්‍රතිකාර කර බලන විට ලෙඬේමුල අර්ශස්ය. එසෙම චර්ම රෝග වලටද මෙය හේතු සාධක වනු ඇත. ගුද මාර්ගය වැඞී කසන්නටත් බිබිලි දැමීමටත් පටන් ගත හැකිය. ඒ බිබිල තුවාල වී ඉන්පසු ඒවා බගන්දරා බවට පත්වී ඔඩු ගොස් රෝගයා මරණයට පත්කරවීමටද අර්ශස් බලපෑම් කරනවග මතක තබාගත යුතුය.

මේ නිසා රෝගී තත්ත්වයේ සිටින සැම දෙනා අලූත් පලතුරු වර්ග කොළ වර්ග නිතර නිතර ආහාරයට ගත යුතුය. එසේම කිරි, මොරු, (මිදුනුකිරි) ගිතෙල් වැනි දේවල් ආහාර පිණිස ගැනීම සුදුසුයි. තම තමන්ගේ ශරීරයට ඒවා හිතකරද කියාත් සොයා බලා ප‍්‍රයෝජනයට ගැනීම හැම අතින්ම සුදුසුය. තවද එක ඉරියව්වකින්ම වාඩිවී නොසිට කටයුතු කළ යුතුය. අධික වෙහෙසීමද හොඳ නැත. කල්පනාකාරීව වැඩ කළොත් අර්ශස් රෝගය මැඩ පවත්වන්නට පුළුවන. සහජ අර්ශස් පාලනය කරගැනීමට ළමා වියේදීම කෑමෙන්, බීමෙන්, ගතිපැවතුම්වලින් පාවිච්චි විය යුතුය. අර්ශස් අමාරුවට අපේ ප‍්‍රසිද්ධ කෑම වන්නේ කොහිල අලය. එහි ඇති කෙඳි ගතිය නිසා අර්ශස් ගෙඩි අඩු කිරීමේ ශක්තියක් තිබේ. කැරම් කොකු, මඩු පිට්ටු, කිඩාරම් අලද බොහෝම ගුණයි. කිරි අල සහ එම ගොබ, වැල්පෙනෙල කොළ, කිරි අඟුණ, සමන් පිච්ච දලූ, නිවුඩු හාලෙ බත්, අළුකෙසෙල් බඩ උයා කෑම x කුරක්කන් පිට්ටු, හරබල අල සහ දලූ ගුණදායකය. විශේෂයෙන් හබරල අල සහ කිඩාරම් අල ආහාරයට යොදාගන්නා රහස් ක‍්‍රම නම්වල පැරණි වැඩි හිටියන් දැනගෙන ඇත. 

ගොටුකොළ රතු ලූනු කොටා යුෂ කෝප්පයක් පමණ උදේට බිව්වොත් ඉතාමත් හොදයි. එමඟින් පීනසත් සමනය වේ.

 

අර්ශස් ආමරුවට බෙහෙත්.
කොමාරිකා යුෂ, කිතුල් හකුරු දමා උදේ සවස බොන්න (අත්බේතකි)
ගස්කරල් හැබ්බ (සැබෝ) හෝ බිම් කරල්හැබ්බ දෙමිටක් පමණ පොල් සමඟ කොටා මිරිකාගත් යුෂ ලිප තබා රත්කර නිවුණ පසු පානය කරන්න දවසට දෙවරක්.
සියලූම අර්ශස්වලට සුදුසු කසායක්, කොහොඹ පොතු, කුරුඳු පොතු, සැවැන්දරා මුල්, වෙනිවැල්ගැට කළන් 3 බැගින් ගෙන වතුර පත 8 එකට සිඳුවා පෙරා සීනි x මී පැණි දමා දෙවරට බොන්න වඩි 2-4 පමණ.
රක්තජ අර්ශස්වලට කෂාය. (ලේගලන*, රත් කරල් හැබ්බ, කලාඳුරු අල.
කලන් 6 බැඟින්ගෙන වතුර 8x1 (කාල් අට එකට* පත අටද මීට අදාළ වේ. සිඳුවා පෙරා දෙවේලට බොන්න (ප‍්‍රතිමාප නැත) වඩි 4යි.


සියලූම අර්ශස්වලට සුදුසු කසායක්

අරළු, රත්නෙටොල්, වියළි ඉඟුරු
කළන් 4 බැගින්ගෙන වතුර 8x1 ට සිඳ පෙරා යවකාර ලූණු ස්වල්පයක් දමා බොන්න. (වඩි 2-4)
වැල් කහඹිලියා, වියළි ඉඟුරු, බෙලි මුල්, අරළු, තිප්පිලි, රත්නෙටොල්, කළන් 2 බැගින් වතර 8x1ට සිඳ පෙරා (ප‍්‍රතිවාප නැත)
අර්ශස් ගෙඩිවලට බේත්
කොමාරිකා මද, අමුනෙල්ලි, මුං ඇට, නාපිරිත්ත නොමේරු දලූ කැකුළුහාල් පානුවෙන් අඹරා ගෙඩිවල ගාන්න. 
බළුනකුට කරල් මී පැණියෙන් අඹරා ගෙඩිවල ගාන්න.

(මේවා ඉතා සියුම්ව අඹරා ගන්න)

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Jul 2017 05:48 PM

නහින දෙහින කාලේ හැදෙන එපා කරපු ලෙඩේ

නහින දෙහින කාලේ ඒ කියන්නේ 56-60 පැන්නට හැදෙන ලෙඩක් නිසා අපේ පිරිමි උදවිය හරිම අසීරුවට පත්වෙනවා. පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන මෙය හැඳින්වෙන්නේ පුරස්ථ ග්‍රන්ථි පිළිකාව හැටියටයි. සාමාන්‍යයෙන් 55 පැන්න පිරිමින් අතර තමා සියයට 80ක්ම වගේ මේ පිළිකා අවදානම වැඩි බව වාර්තාවෙලා තියෙන්නේ. මේ පිළිකාවෙන් වැළකෙන්න හොඳම බේත තමා ක්‍රියාශීලි ජීවිතයක්, ව්‍යායාම සහිත ජීවිතයක් ගත කරන එක.

පුරස්ථි පිළිකාවේ රෝග ලක්ෂණ කිහිපයක්ම දකින්න පුළුවනි. හැබැයි ඒවා ඉදිමුම නිසා හටගන්නා රෝග ලක්ෂණවලටත් බොහෝ සමානයි. මේ නිසා මේක ඉදිමුමද පිළිකාවද කියලා රෝගියාටම වෙන්කරගන්න අමාරුයි. ඒ නිසා වෛද්‍යවරයකු වහාම හමුවිය යුතුයි. 

පුරස්ථි පිළිකාව ඇති අයටත් මුත්‍රා කිරීමේ අපහසුව මතුවෙනවා. ඉක්මණින් මුත්‍රා පිට කිරීමට යාමේ අවශ්‍යතාවක් හෙවත් උසුලාගෙන සිටින්නට බැරිකමක් එනවා. ඊළඟට මුත්‍රා පිට කරන වාර ගණන ඉහළ යනවා. මුත්‍රාධාරාව හොඳින් එක දිගට එක වේගයෙන් ගලා නොයන එක ප්‍රධාන රෝග ලක්ෂණයකි. මේ ලක්ෂණ ඇති විට වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයකු හමුව කලින් කියා ඇති PR හෙවත් ගුද මාර්ගය ඔස්සේ කෙරෙන පරීක්ෂාව කරගත යුතුයි. ඊට පෙර වෛද්‍යවරයා විශේෂ රුධිර පරික්ෂාවක් වන පුරස්ථි විශේෂිත ප්‍රතිදේහ ජනක පරික්ෂාව සිදුකරන්නට කටයුතු යොදාවි. පිළිකා ඇති අයගේ මේ කියන ප්‍රතිදේහ මට්ටම ඉහළයි.

ඉහත පරික්ෂණ මගින් පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් ගැන ඉව වැටුණොත් රෝගියාගේ එම ග්‍රන්ථියේ ජීවි කොටසක් ලබාගෙන පරික්ෂාවකට ලක්කරන්නට කටයුතු කරයි. එහිදී පිළිකා සෛල දක්නට ලැබුණහොත් සැකය තහවුරැ වෙයි. පුරස්ථි පිළිකාව පහසුවෙන්ම අස්ථි පද්ධතියට පැතිර යා හැකියි. මේ නිසා ඒ ගැන පරික්ෂාවක්ද සිදුකරන්නට කටයුතු යොදාවි. 

සාමාන්‍යයෙන් 50 පැන්න විට විශේෂයෙන්ම 55 පැන්න විට සම්පූර්ණ සිරැරැ පරික්ෂාවක් කරවා ගැනීමෙන් එහිදි පුරස්ථි ග්‍රන්ථිවල නිරෝගිතාව සොයාබලා පරික්ෂණ සිදුකරගැනීමත් ඉතාමත් වැදගත්. එහෙම කළහොත් පුරස්ථි පිළිකාව තමන්ට හඳුනාගැනීමටත්, ප්‍රතිකාර ගන්නටත් ඇතිවිය හැකි සංකූලතා මෙන්ම පැතිරයාම වළක්වා ගන්නටත් හැකියි. 

පුරස්ථි පිළිකාව සඳහා ඇති ප්‍රතිකාරය ශල්‍යකර්ම මගින් පිළිකාව ඉවත් කිරීමයි. නැතිනම් විකිරණ ප්‍රතිකාර මගින් පිළිකා විනාශ කිරීමයි. ටෙස්ටෙස්මෙරෝන් වගේ සමහර හෝර්මෝන පිළිකාව පැතිරීමට උදවු වන නිසා වෘෂණ ඉවත් කිරීමටද හැකියාවක් මෙහිදී තියෙනවා. නැතිනම් හෝර්මෝනයේ බලය අඩු කිරීම සඳහා ඊස්ට්‍රජන් ස්ත්‍රී හෝර්මෝනය ලබා දෙන්නත් පුළුවන්. මෙකේදී වෙන්නේ පිළිකාව හැකිලීමයි.

සමහරැ බයේ ඉන්නවා තමන්ගේ පියාට සහෝදරයාට ඥාතියෙකුට පුරස්ථි පිළිකාව තිබුණොත් තමන්ටත් ඒක හැදෙයි කියලා. නමුත් පුරස්ථි පිළිකාව මෙහෙම ආරෙට යන බව තහවුරැ වෙලා නෑ. හැබැයි සූදානම් ශරීරේ කියලා පරික්ෂාවක් කරගන්න එක හොඳයි.

පුරස්ථි ග්‍රන්ථි සැත්කම නිසා ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙනවද?

මේ තවත් ගැටලුවක්. සමහරවිට අදාළ ස්නායුව ශල්‍ය කර්මයේදී හානි වුවහොත් එහෙම වෙන්න පුළුවනි. නමුත් දැන් ඇති නවීන පහසුකම් නිසා එහෙම වෙන්න තියෙන අවස්ථාව ඉතාමත් අඩුයි. මේ නිසා මුත්‍රා පිටකිරීමේ යම් අපහසුතාවක් අසාමාන්‍යතාවක් දුටුවිට වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයකුගේ පරික්ෂාවට ලක්වුණොත් මේ කරදරයෙන් මිදෙන්න පුළුවනි. ඒ වගේම එකතැනම වාඩිවෙලා ඉන්නේ නැතිව හොඳට ඇවිදලා දුවලා පැනලා ව්‍යායාම කරලා කඩිසරව හිටියොත් මත්පැන් දුම්පානය අත්හැරලා හොඳ එළවළු පළතුරු සහිත සෞඛ්‍යසම්පන්න ආහාර ගත්තොත් පිළිකාවට කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නෑ ඔබට කරදර කරන්න.

 සුගත්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Jul 2017 05:51 PM

Stress අඩු කරන්න ලේසි ක්‍රම

මානසික ආතතිය අද සමාජයේ බහුලම දෙයකි. ආතතියට හේතුවන සිද්ධියකට මුහුණ දීමෙන් පසු මිනිස් මොළය වසර හතරකින් වයසට යන බව දැන් සොයාගන තිබේ. ආතතිය පසුකාලීන අමතක වීමේ රෝග හෙවත් ඩිමෙන්ෂියාවන්ටද හේතුවකි. ඒ නිසා ආතතිය දුරලන පහසු ක්‍රම කිහිපයක් ගැන කියවමු.

01. ඔබේ දෑත් තදින් මිට මොළවාගෙන ඉන්පසු අත්ල තුළට මිට මෙළවූ දෑත් තෙරපවා පසුව අත හරින්න. ආතති බලය ඉවත් වී අතේ මස්පිඬු ලිහිල්වන ආකාරය ඔබටම දැනේවි.

02. නළල රුළිගන්වාගෙන මුහුණ හැකිතරම් හකුළුවා ගන්න. ඔබට තවදුරටත් එසේ සිටිය නොහැකි බව දැනෙන තෙක්ම එම ඉරියව්වේ හිඳ, ඉන්පසු එක්වරම මුහුණේ මස්පිඬු ලිහිල් කරන්න.

03. ලොකු ආ අකුරක් සෑදෙන පරිදි මුව හැකිතරම් විවර කරන්න. ඉන්පසු මුව වසාගන්න. මුහුණේ මාංශ පේශීන් රිලැක්ස් වන ආකාරය හෙවත් ලිහිල්වන ආකාරය අත්විඳින්න.

04. බිත්තියක් මත ඔබේ අත්ල තබන්න. ඉන්පසු අත්ලෙන් බිත්තිය තල්ලු කරන්න. කළ නොහැකි මේ දෙය තේරුමක් නැති දෙයක් මෙන් පෙනුණත්. දෑත් වේදනා දෙන විට තමන් රිලැක්ස් වී තිබෙන බව ඔබටම දැනේවි.

05. බිම වැතිරී දෙපා ඉහළට ඔසවා, හිසට ලැබෙන ලේ සැපයුම ක්‍රමයෙන් වැඩිවන අයුරු දැනෙනවාදැයි බලන්න.

06. බිම හොඳින් වැතිරී ශරීරයේ හැම කොටසක්ම සිතා මතාම ලිහිල් කරගන්න. ඔබේ ශරීරයේ මස්පිඬු කෙතරම් ආතතියකින් යුක්තද යන්නත්, ඒවා ලිහිල් කර ගැනීමෙන් කොතරම් සුවයක් ලැබේද යන්නත් ඔබට අත්දැකීමට හැකිවනු ඇත.

07. පෙර පරිදිම බිම වැතිරී සෙමෙන් සහ ගැඹුරැ ලෙස නාස් පුඩුවලින් හොඳින් හුස්ම ඉහළට ගන්න. උදරය බැලුමක් මෙන් එයට අනුගාමී ලෙස රිද්මයානුකූලව පිම්බෙන ආකාරයත් දැනෙන්නට හරින්න. ඉන්පසු ඉහළට ගත් හුස්ම මුවෙන් පිට කරන්න. ඒ සමඟම බැලුනයකින් වාතය හිස්වන්නාක් මෙන් උදරය පැතලි වන ආකාරයක් දැනෙන්නට හරින්න. නැවුම් ජීවයෙන් පිරි ශක්තියක් ඔබේ ශරීරය තුළට ඇතුළුවන බව හුස්ම ඉහළට ගන්නා විට සිතන්න.

08. බිම වැතිර සිටින අතරතුර, ජීවිතයේ ඔබ දකින්නට වඩාත්ම කැමති ධනාත්මක සිහිනයක් සිතෙන් මවාගන්න. ඔබ සමගම සතුටෙන් සිනාසෙන්න.

09. ඔබේ දෑත් මුලින් තිරස් ලෙසත්, ඉන්පසුව සිරස් ලෙසත් දිග හරින්න. මේ සෑම අවස්ථාවකදීම හැකිතරම් වේලා එසේ දිග හැරෙගෙන සිටීමෙන් පසු, දෑත් පහළට දමා ශරීරයට දැනෙන සැහැල්ලුව මෙනෙහි කරන්න.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Jul 2017 05:55 PM

කොලෙස්ටරෝල් වැඩි වූ පමණින් බෙහෙත් ඕනැ නෑ

කොලෙස්ටරෝල් යනු ශරීරයට අත්‍යවශ්‍ය වූ මේද වර්ගයකි. අප ගන්නා ආහාර මගින් මෙන්ම අපගේ සිරර තුළද කොලෙස්ටරෝල් නිෂ්පාදනය වේ. එහෙත් කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික වූ විට ඒවා රුධිර නාලවල තැන්පත් වේ. එවිට රුධිර නාල සිහින් වෙයි.  එසේ සිහින් වූ රුධිර නාල මගින් ශරීරයේ අවයවවලට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවේ. සිහින් වූ රුධිර නාලයක ලේ කැටියක් තැන්පත් වුවහොත් ඒ අවයවයට රුධිරය ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිටින්නට පුළුවන. 

හෘදයට රුධිරය සැපයෙන නාලයක ඒ ආකාරයෙන් සිදුවූ විට හෘදයාබාධයක් ඇති වේ. මෙසේ මොළයට රුධිරය සපයන නාලයක් තුළ රුධිර කැටියක් සිර වුවහොත් මොළයට රුධිර සැපයුම අඩාල වීමෙන් අංශභාගය හෙවත් ආඝාතය ඇතිවේ.
පාදයකට රුධිර සපයන නාලයක එවැනි අවහිර වීමක් සිදු වුවහොත් පාදයේ සුව නොවන තුවාල ඇති වී ඇතැම් විට කකුල කපා දැමීමට පවා සිදුවේ.

එනම් එච්.ඩී.එල් (HDL), එල්.ඩී.එල් (LDL), වී.එල්.ඩී.එල්. (VLDL) සහ ට්‍රයිග්ලිසරොයිඩ වේ. මේ අතරින් එච්.ඩී.එල් යනු ශරීරයට හිතකර ලිපිඩ වර්ගයකි. එල්.ඩී.එල්, වී.එල්.ඩී.එල් සහ ට්‍රයිග්ලිසරොයිඩ වැනි ලිපිඩ වැඩි වී ඒවා රුධිර නාලවල තැන්පත් වීමෙන් රුධිර නාල සිහින් වී හදිසි හෘදයාබාධ, ආඝාත වැනි රෝග තත්ත්ව ඇති විය හැකිය.

කෙනෙකුගේ සිරුරෙහි කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වූ පමණින්ම ඖෂධ ලබාදිය යුතු නැත. ප්‍රතිකාර කළ යුතුද යන්න තීරණය කරන්නේ රුධිර නාල සම්බන්ධ රෝග ඇතිවීමට ඇති අවදානම ගැන සලකා බලාය. යමකුට හෘදයාබාධ හා ආඝාත සෑදීමට හේතුවන කාරණා කිහිපයකි. 

ඒවා වන්නේ කොලෙස්ටරෝල් අධික වීම, අධික රුධිර පීඩනය, දුම් ඉරීම, මත්පැන්, දියවැඩියාව, අධි බර, ජානමය හේතු පිරිමියකු වීම මෙන්ම කාන්තාවන් ආර්ථවහරණයෙන් පසු හෘදයාබාධ අවදානම වැඩි වේ. 

වයස්ගත වීමත් සමඟද හෘදයාබාධ සඳහා වන අවදානම ඉහළ යයි.

කොලෙස්ටරෝල් මට්ටම ඉහළ අගයක් සහිත ඉහත පුද්ගලයන්ට ඖෂධ ලබාදීමට වෛද්‍යවරු තීරණය කරති. හෘදයාබාධ පිළිබඳ නිවැරදිව තක්සේරු කිරීම සඳහා ලොව පිළිගත් වගු ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අමෙරිකා හෘදරෝග සංගමය වැනි ආයතන මගින් නිකුත් කොට ඇති අතර, වෛද්‍යවරැ ඒ අනුව යමින් යමකු ගේ හෘදයාබාධයක ඇති අවදානම් තත්ත්වය තක්සේරු කරති. 

යම් පුද්ගලයකුගේ ජීවිත කාලයේ ඉදිරි අවුරුදු 10ක් ඇතුළත ඔහුට හෝ ඇයට හෘදයාබාධයක් ඇතිවීමට ඇති හැකියාව 20%ට වඩා වැඩි නම් වෛද්‍යවරයා එවැන්නෙකුට ඖෂධ නියම කරනු ඇත.

ප්‍රතිකාර මෙන්ම ජීවන රටාව වෙනස් කර ගැනීම ද අත්‍යවශ්‍ය වේ. කොලොස්ටරෝල් අධික ආහාර ගැනීම අඩු කළ යුතුය. කොලෙස්ටරෝල් ශරීරයේ තැන්පත් වීමට තුඩුදෙන සංතෘප්ත මේදය අඩංගු ආහාර ගැනීමෙන් වැළකිය යුතුය. 
එමෙන්ම රතු මස් සිරැරෙහි කොලෙස්ටරෝල් හැදීමට සෘජුවම උපකාරී වේ. බටර්, චීස්, බිත්තර කහමද, තෙල් සහිත රතු මස් වර්ග හා සත්ත්ව තෙල්වල සංතෘප්ත මේදය බහුලය.

පොල්තෙල් ශාඛමය තෙල් වර්ගයක් වුවද එහි සංතෘප්ත මේදය අධිකව ඇති හෙයින් පොල්තෙල් භාවිතය අවම කළ යුතුය. සුරියකාන්ත, තල සහ ඔලිව් තෙල්වල අසංතෘප්ත මේදය හෙවත් හිතකර මේද බහුලව ඇති හෙයින් ඒවා හදවතේ සුවයට හිතකර වේ.

මේ අතරින් ඔලිව් තෙල් ඉතාම හිතකර වේ. මාංශමය තෙල් වර්ගයක් වුවද මාළු තෙල්ද හදවතේ සුවයට හිතකරවේ. මාළු තෙල් සිරැරෙහි කොලොස්ටරෝල් මට්ටම පහළ දමයි. එහෙයින් මාළු තෙල් ඖෂධයක් ලෙස ද නිපදවා තිබේ. 
කොලෙස්ටරෝල් පාලනයට දෙනු ලබන ඖෂධ පිළිබඳ වසර ගණනාවක් පුරා කරන ලද පර් යේෂණවලින් සොයගනු ලැබ ඇත්තේ ඖෂධ දිගු කාලීනව ලබා ගැනීමෙන් හෘදයාබාධ, ආඝාත හා මරණයට පත්වීම අඩුවන බවයි.

කොලෙස්ටරෝල් පාලනයට වැඩිපුර භාවිතා කරන්නේ ස්ටැටින් වර්ගයේ ඖෂධය. ස්ටැටින් වර්ගයේ ඖෂධ දිනකට එක්වරක් පමණක් ගන්නා ඖෂධ වේ. තමන් ගන්නා ඖෂධ වර්ගයේ නම සහ තමාට දෙනු ලබන මාත්‍රාව නිවැරදිව දැන සිටීම වැදගත්ය. 

මාළු තෙල් කොලෙස්ටරෝල් පාලනයට සුදුසු වන හෙයින් ඇතැම් විට රෝගීන්ට මාළු තෙල් අඩංගු කැප්සියුල ද නිර්දේශ කරනු ලැබේ.

ස්ටැටින් වර්ගයේ ඖෂධවල අතුරුආබාධ ඉතා අඩුය. ඇතැම් විට මස් පිඬුවල වේදනාව, හෝ ඉදිමීම කලාතුරකින් සිදුවිය හැකිය. එවැනි ලක්ෂණ පහළ වුවහොත් වෛද්‍යවරයාට පැවසිය යුතු ය. එම රෝග ලක්ෂණවලට හේතුව රුධිර පරීක්ෂණයකින් දැනගැනීමට පුළුවන. එසේ වුවහොත් ඒ වෙනුවට වෙනත් ඖෂධ ලබාදීම හෝ මාත්‍රාව අඩු කිරීමට වෛද්‍යවරයා නියම කරනු ඇත. 

ස්ටැටින් ඖෂධ භාවිතා කිරීම නිසා අක්මාවට සුළු බලපෑමක් ඇතිවිය හැකි හෙයින් මේවා භාවිතා කරන විට අක්මාව පිළිබඳ නිතර සොයා බැලිය යුතුය. ඒ සඳහා වෛද්‍යවරයා විසින් නියම කරනු ලබන වෛද්‍ය පරීක්ෂණ කලට වෙලාවට සිදු කොට වාර්තා වෛද්‍යවරයාට පෙන්විය යුතුය. 

ඖෂධ ඇරඹු මුල් කාලයේ අක්මාවට සුළු බලපෑමක් ඇතිවුවත් ස්ටැටින් ඖෂධය දිගටම ගන්නා විට යළිත් අක්මාවේ ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත්වන බව අලුත්ම වෛද්‍ය පර් යේෂණවලින් හඳුනාගෙන තිබේ. 

ලේ කැටි ගැසීම අඩු කිරීමට සුදුසු ඖෂධයක්ද කොලෙස්ටරෝල් අධික රෝගීන්ට ලබාදේ. එම ඖෂධ දෙනු ලබන්නේ හෘදයාබාධ සහ ආඝාතය හට ගැනීමට ඇති අවදානම අඩු කරනු සඳහාය. ඒ සඳහා බොහෝ විට ඇස්ප්‍රින් ඖෂධය අඩු මාත්‍රාවක් ලබාදෙනු ඇත. ඇස්ප්‍රීන් ඖෂධය වේදනා නාශකයක්ද වේ. 

වේදනා නාශක ක්‍රියවලිය සඳහා ඇස්ප්‍රීන් මිලි ග්‍රෑම් 600ක් අවශ්‍ය වන අතර රුධිර කැටි ගැසීම වැළැක්වීම සඳහා දෙනු ලබන මාත්‍රාව මිලිග්‍රෑම් 70/150ත් අතර වේ. 

ඇස්ප්‍රීන් ඖෂධය භාවිතා කළ යුත්තේ උදේ කෑමෙන් පසුවය. එමගින් බඩවැල් තුළ ඇතිවන දැවිල්ල හා ගැස්ට්‍රයිටිස් තත්ත්වය පාලනය කළ හැකිය.

ඇස්ප්‍රින් ඖෂධය ගන්නා අයකු වේදනා නාශකයක් ලෙස පැරසිටමෝල් ගැනීම වඩා සුදුසුය. ඇස්ප්‍රින් මාත්‍රාව අධික වුවහොත් එමගින් රුධිර කැටි ගැසීමේ ක්‍රියාවලිය අඩුවීමට ඉඩ තිබේ. එහෙයින් ඇස්ප්‍රින් ගන්නා අයකුට වේදනා නාශකයක් ලෙස වඩා සුදුසු වන්නේ පැරසිටමෝල්ය. 

හෘදයාබාධයකින් පෙළෙන අයට ලබාදෙන ඖෂධයකි ග්ලිසරිල් ට්‍රයි නයිට්ට්‍රෙට් හෙවත් ජී.එන්.ටී. පෙති. මෙම ඖෂධ දිව යට තබා ගත යුතුය. හෘද රෝගීන් ළඟ නිතර තබාගත යුතු ඒ ඖෂධය පිළිබඳව රෝගියා දැනුවත්ව සිටීම වැදගත්ය. හෘද රෝගියකුට පපුවේ වේදනාවක් දැනුණු විට වහාම දිව යට තබාගැනීමට මෙම ඖෂධය නිතර ළඟ තබාගත යුතුය.
එසේත් අඩුනොවේ නම් පෙති 3 හෝ 4ක් වනතුරු දිව යට තබා හැකිය. එවිට ද වේදනාව අඩු නොවේ නම් වහාම රෝහල කරා යුතුය.

මේ ඖෂධයේ අතුරු ආබාධ වන්නේ දහදිය දමා, මුහුණ සුදුමැලි වී ක්ලාන්ත ගතියක් හෝ තද හිසරදයක් ඇතිවීමයි. එසේ වන්නේ මොළයේ රුධිර නාල ප්‍රසාරණය වීමෙනි. ඒ හිසරදය ටික වේලාවකින් ඉබේම පහව යයි. පෙත්ත දිව යට තබාගෙන සිටින විට වේදනාව වැඩි නම් පෙත්තේ ඉතිරි කොටස ඉවත දැමිය යුතුය. හිසරදය අධික නම් පැරසිටමෝල් පෙති දෙකක් ගත්තාට කමක් නැත.

ජී.එන්.ටී ඖෂධ ගබඩා කිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වන්නේ එය ඉක්මණින් දියවන අස්ථාවර පෙත්තක් වන හෙයිනි. හැම විටම දුඹුරු පැහැති හොඳින් කට වැසෙන බෝතලයක අසුරා තැබිය යුතුය. පළමුව බෝතලය විවෘත කොට සති අටකින් පසු ඒවායෙහි බලය ක්‍රමයෙන් හීනවෙයි. එවිට පෙති ඉවත ලා අලුතින් පෙති ලබාගත යුතුය. හෘද රෝගීන් මේ පෙති තමන් යන සෑම ස්ථානයකටම රැගෙන යෑම වැදගත්ය. බෙහෙත් පෙති කඩදාසි කොළවල හෝ ඉටිකොළවල එතීම සුදුසු නැත. 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Jul 2017 06:25 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/19105.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/19106.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/19107.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/19108.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/19109.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/19110.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/19103.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/19104.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Jul 2017 06:41 PM
හරිම වටිනා ලිපි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
21 Jul 2017 09:56 PM
බොහෝම වටිනා උපදෙස් ටිකක්.. ස්තූතියි .
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Jul 2017 08:16 AM

දරු පිළිසිද ගැනීමකට අවශ්‍ය සාධක මොනවාද?

ගිය සතියේ අපි කතා කලා ශුක්‍ර පරීක්‍ෂණයක්‌ කරන්නේ කොහොමද ස්‌වාභාවික පිළිසිද ගැනීමකට එහි තිබිය යුතු සාධක මොනවාද කියලා.

සාමාන්‍ය ශුක්‍ර තරල පරීක්‍ෂණ වාර්තාවකින් අපි බලන්නෙ මොනවාද එහි තිබිය යුතු අගයන් යන්නයි.

මෙහිදී දින තුනක්‌ ශුක්‍ර තරලය පිටනොකර සිටින පුරුෂයකුට 4 වන දිනයේදී වෛද්‍ය රසායනාගාරයකට ගොස්‌ වෛද්‍යවරයා ලබාදුන් රිසිට්‌පත රසායනාගාරය වෙත ලබාදී ශුක්‍ර පරීක්‍ෂාව සිදුකර ගැනීමෙන් ලැබෙන පරීක්‍ෂණ වාර්තාවෙන් පහත සදහන් දෑ බලාගත හැකියි.

01. ශුක්‍ර පරිමාව

02. එම පරිමාවේ ඇති ශුක්‍රාණු සෛල ගණන

03. ශුක්‍රාණු සාන්ද්‍රනය

04. ක්‍රියාකාරී ශුක්‍රාණු ප්‍රමාණය

05. ශුක්‍රාණුවල ස්‌වරූපය

මෙහි ශුක්‍ර පරිමාව (Sperm Volume), ක්‍රියාකාරී ශුක්‍රාණු ප්‍රමාණය (Mortility), ශුක්‍රාණුවල ස්‌වරූපය (Morphology), යන සාධක තුන ප්‍රධාන වැදගත් සාධක තුනයි. මෙහි සාමාන්‍ය අගයන් විය යුත්තේ

ශුක්‍ර පරිමාව (Sperm Volume) 1.5ml වඩා වැඩි

ක්‍රියාකාරී ශුක්‍රාණු ප්‍රමාණය (Mortility) 40%‍ර වඩා වැඩි

ශුක්‍රාණුවල ස්‌වරූපය (Morphology) 15%‍ර වඩා වැඩි

(ඉහත අගයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සඳහන් නිර්ණායකයන්ට අනුවයි)

දැන් අපි බලමු මෙම සාධක අඩුවීමට බලපාන හේතු

මේවා කතා කිරීමේ පහසුව සදහා කොටස්‌ තුනකට වෙන්කර ගනිමු.

* වෛද්‍යමය සාධක- මෙය අනිවාර්යයෙන්ම වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර කළ යුතුයි.

* තමන්ගේ ජීවන රටාවේ හා සෞඛ්‍ය තත්ත්වය අනුව වෙනස්‌ වන සාධක. මේවා වෛද්‍යවරයකුගේ උපදෙස්‌ මත තමාට වෙනස්‌ කරගත හැකියි.

* පාරිසරික සාධක - තමා විසින් මගහරවා ගත හැකි සාධක.

මුලින්ම කතා කරමු වෛද්‍යමය සාධක

01. වෘෂණ කෝෂ ආශ්‍රීත රුධිර නාලිකා ගැට ගැසීම (Varicocele)

02. විවිධ හේතු නිසා ඇතිවන ආසාදන - ගොනෝරියා, ක්‌ලැමීඩියා, HIV, වැනි හේතු නිසා සමහර විට ස්‌ථිරවම ශුක්‍ර නිෂ්පාදනය නැති වී යා හැක.

03. ශුක්‍ර පිට කිරීමේ දෝෂ - අද වන විට බාල මහලු බොහෝ දෙනකුට තිබෙන විශාල ගැටලුවකි. මේ නිසා විවිධ කෘතිම හෝර්මෝන පෙති වර්ග ගැනීමට බොහෝ දෙනා පුරුදුවී ඇත. එය ඉතාම භයානක තත්ත්වයකි. නමුත් මේ සදහා ශරීරයට හානිකර නොවන බොහෝ ආයුර්වේද ඖෂධ තිබෙනවා.

04. ශුක්‍ර නාලයේ ඇතිවන රෝග - සමහර ආසාදන මෙන්ම විවිධ මාංශමය ඝන වීම් නිසාත් අපි වෘෂණයේ ඇතිවන අවහිර වීම් නිසාත් මෙවැනි තත්ත්ව ඇති විය හැක.

05. සමහර ඖෂධ නිසා - බොහෝ පිරිමි ළමුන් ඇග මහත්වීම සදහා ගන්නා විවිධ ඖෂධ, සමහර ප්‍රතිජීවක වර්ග වැනි ඖෂධ නිසාත් මෙවැනි හානිකර තත්ත්ව ඇතිවෙයි.

06. හෝර්මෝන වෙනස්‌ වීම් - හයිපොතැලමස, පිටියුටරිය, වෘෂණ කෝෂවලින් සාදන හෝර්මෝන ප්‍රමාණවත් නොවීම, තයිරොයිඩ් ග්‍රන්ථියේ හා අධිවෘක්‌කවල ඇතිවන හෝර්මෝන අසමතුලිත තාවය

07. ජානමය හේතු

08. කලාතුරකින් ශරීරයේ ඇතිවන ප්‍රතිදේහ නිසා

09. පිළිකා

10. වෘෂණ එම කෝෂවලට නොපැමිනීම

11. සමහර ශල්‍යකර්ම

තමන්ගේ ජීවන රටාවේ හා සෞඛ්‍ය තත්ත්වය අනුව වෙනස්‌ වන සාධක

01. ඇඟ මහත්වීම සදහා හෝ වෙනත් කාරණා සදහා දීර්ඝ කාලීනව සමහර බටහිර ඖෂධ හෝ අතිරේක පෝෂක ගැනීම (Anabolic Steroids)

02. නිතර ඇල්කොහොල් භාවිතය - මේ නිසා ටෙස්‌ටොස්‌ටෙරෝන් අඩුවෙයි

03. දුම්පානය - සිගරට්‌ වල ඇති විෂ කොටස්‌ නිසා විකෘති ශුක්‍රාණු ඇති වෙයි

04. රැකියාවේ ස්‌වභාවය - දීර්ඝ වේලාවක්‌ ඝනකම් ඇදුම් ඇඳ සිටීම, අධික උණුසුමට දීර්ඝ වේලාවක්‌ නිරාවරණය වී සිටීම

05. මානසික ආතතිය - බොහෝ කාලයක්‌ මානසික ව්‍යාකූල බව තිබීමෙන් හෝර්මෝන අසමතුලිත වෙයි

06. අධික ස්‌ථූල බව - තරබාරු බව වැඩිවීමත් සමග හෝර්මෝන අසමතුලිත වෙයි. මෙය පිරිමි කාන්තා දෙපක්‍ෂයටම පොදුවේ බලපාන කරුණකි.

ලබන සතියට තව කොටසක්‌ නොමිලේ විස්‌තර උපදෙස්‌

0114278589, 077 6224293

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Jul 2017 08:18 AM

ඔබට පොතුකබර නම් මේ කසාය බොන්න

ප්‍රශ්නය - පසුගිය සතියේදී මේ ලිපි පෙළ මගින් අප සාකච්ඡා කළේ සොරයිසිස්‌ වර්ග සහ ඒවා අතුරින් පළමුවන වර්ගය වන Plaque Psoriasis ගැනයි. සෙසු වර්ග ගැන සාකච්ඡා කිරීමට අද බලාපොරොත්තු වෙනවා.

වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස - ඉහත සඳහන් සොරයිසිsස්‌ වර්ගය තමයි වැඩි වශයෙන් ම තිබෙන්නේ. සෙසු වර්ග සියල්ලම සමම්ත සොරයිසිස්‌ රෝගී ප්‍රමාණයෙන් 10 ක්‌ තුළ තමයි තිබෙන්නේ. එහෙත් ඒවා ගැන සාකච්ඡා කළ යුතුයි.

Plaque Psoriasis මේ සොරයිසිස්‌ වර්ගය හට ගත් ඉලිප්පුනු බොත්තම් ආකාරකයෙන් දිස්‌ වෙනවා. ඒවා තුළ සැරව තිබෙනවා. මේ සැරව අන් අයකුගේ සිරුරේ තැවරුනාට සොරයිසිස්‌ බෝවන්නේ නැහැ. ඒ නිසා අප ඒ සැරවවලට කියනවා Noninfectious pus කියලා. මේ සොරයිසිස්‌ පැල්ලම වටා සහ එය තුළ තිබෙන සම ඉතාම මොළක්‌. ඒ සම රතු පාටයි.

lnverse psoriasis මෙය ඉතා මෘදු, ප්‍රදාහ තත්ත්වයෙන් යුතු පැල්ලම් වශයෙන් සම මත හට ගන්නවා. මෙය වැඩිපුරම හටගන්නේ සම නැවත තැන්වල එනම් ඉකිලිවල මෙය හටගන්නවා. ලිංගේන්ද්‍රින් වටා හට ගන්නවා. අත් යට කිහිල්ලේ හට ගන්නවා. ස්‌ථුල අයගේ ඉන සහ උදරය එකතුවන තැන්වල හටගන්නවා. පියයුරු යට, සමහර විට ඇගිලි කරුවලත් මෙය හටගන්නවා. අධික උණුසුම් තත්ත්වයක්‌ යටතේ මේ සොරයිසිස්‌ පැල්ලම් තවදුරටත් ආසාදනය වීම දැක ගත හැකියි.

Napkin Psoriasis - මෙය ළදරුවන්ට වැළඳෙනවා. ඔවුන් පැම්පර් හෝ ඩයිපර් ඇන්දවිට ඒවායේ ඇතැම් තැන් සම හා ස්‌පර්ශ වන අවස්‌ථාවලදී දද වැනි පැල්ලම් හට ගන්නවා. මෙහි මතුපිට රිදී පැහැති නැත්නම් සුදු පැහැති කොරපොතුවලින් සමන්විතයි. මෙය ඇඟ පුරාම බෝ වීමටත් ඉඩ තිබෙනවා.

Gnttate Psoriasis - රතු හෝ රිදී පැහැති කුඩා පැල්ලම් වශයෙන් සම මත හට ගන්නවා. ඒ මත කබර පොතු ඇති වෙනවා. මේවා හරියටම කොරළ හා සමානයි.

Mouth - මුඛයේ හට ගන්නා මේ සොරයිසිස්‌ වර්ගය හරිම දුර්ලභයි. තොල් සහ ඒ ආශ්‍රිත ප්‍රදේහවලත් හටගන්නවා. එහි පෙනුම සුදු සහ කහ පැහැති කොරළ හා සමානයි. මෙය සම ඇතුළෙත් දිවෙත් හට ගන්නා අවස්‌ථා දැකිය හැකියි.

මේ වර්ගයට අයත් පැල්ලම් මත තෙල් ගතිය තිබෙන කොරළ හට ගන්නවා. නළල, හිස්‌කබල, නාසය, මුහුණෙහි පිහිටා ඇති තැන් අතර කට වටා පපුවේ සහ යනාදී තැන්වල මෙය හට ගන්නවා.

ප්‍රශ්නයඃ- අපේ පාඨකයන් වෙනුවෙන් පොතුකබර රෝගයට ඔබ දෙන කසාය කුමක්‌ද?

වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස - අස්‌වැන්න. පොල්පලා, නෙරෙංචි, කටුවැල්බටු, එලබටු මුල්, බෙලි මුල්, මිදි මුල්. පළොල් මුල් පොතු, අන්දමට මුල් පොතු, තොටිල මුල් පොතු කොහොඹ පොතු, වැනිවැල්ගැට කලං 1 බැගින් ගෙන පත අට එකට සිඳ පෙරා පත භාගය බැගින් දින 7 උදේ සවස පානය කළ යුතුයි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Jul 2017 08:21 AM

හොඳ කරන්න පුළුවන් කියලා මට දැනෙන
ඕනෑම රෝගයක්‌ සුව කරනවා...
වාහල්කඩ ඉසිවර අරණේ
රත්නපුරේ ධම්මකුසල හිමි
මුල්වරට පුවත්පතකට හෙළිකරයි


රෝගීන් හාරදාහක්‌ විතර
මේ වන විට සුව කර තිබෙනවා
මේ භූමියේ බලයක්‌ තියෙනවා...
ඒ නිසා හැම තැනකදීම ප්‍රතිකාර කරන්න බෑ
මට කිසිම රාජ්‍ය අනුග්‍රහයක්‌ නෑ
පුළුවන් විදිහට පහසුකම් සලසනවා

කැබිතිගොල්ලෑව වාහල්කඩ ඉසිවර අරණ දැන් ලෝකය පුරා ප්‍රසිද්ධය. එහෙත් එම පුණ්‍ය භූමියේදී ලෙඩ දුක්‌ සුවපත් කරන ස්‌වාමීන් වහන්සේ දැක, කතා බහ කර ඇත්තේ එහි ගිය අය පමණි. වසර හතරකටත් වැඩි කාලයක සිට රෝගී ජනතාව සුවපත් කරන වාහල්කඩ මංගලාරාම විහාරාධිපති ප්‍රසිද්ධියට පැමිණියේ නැත. උන්වහන්සේගේ ඡායාරූපයක්‌ හෝ කිසිදු ජනමාධ්‍යයකින් පළ නොවූහ. ඒ උන්වහන්සේ ප්‍රසිද්ධියට අකැමැති නිසාය. එහෙත් ලෝකවාසී ජනතාවගේ ඉල්ලීමට අනුව වාහල්කඩ මංගලාරාම විහාරාධිපති හිමියන් 'දිවයින'ට කතා කළහ. ගිහිගෙයින් නික්‌ම ගිය තැන සිට මේ දක්‌වා උන්වහන්සේගේ පැවිදි දිවි පුවත අප සමඟ පැවසූහ. මේ උන්වහන්සේ සමඟ අප කළ සාකච්ඡාවෙන් පසු පෙළගැසෙන කතාවය.

ඔබ වහන්සේගේ නම සඳහන් කළොත්...?

රත්නපුරේ ධම්මකුසල.

එතකොට ඔබ වහන්සේගේ ගම රත්නපුරයද...?

ඔව්. දොඩම්පේ.

දෙමව්පියන්ගේ නම් සඳහන් කළොත්...?

අම්මගෙ නම මල්ලිකා අවු. 65 යි, තාත්තගෙ නම සෝමදාස අවුරුදු 75 යි.

පවුලේ සාමාජිකයන් කී දෙනෙක්‌ද...?

තුන්දෙනයි.

ඔබවහන්සේ පවුලේ කී වැනියද...?

දෙවැන්නා.

ඔබවහන්සේ පැවිදි ජීවිතයට ඇතුළත් වෙන්නේ වයස අවුරුදු කීයෙන්ද...?

අවුරුදු 07 දී.

පැවිදි ජීවිතයට ඇතුළත් වුණේ දෙමව්පියන්ගේ ආශීර්වාදය ඇතිවද...?

ඔව්.

පැවිදි ජීවිතයට ඇතුළත් වුණේ මොන වර්ෂයේද...?

1990 මාර්තු මාසේ 24 වැනිදා.

ශාසනයට ඇතුළත් වූ පන්සල සහ ගුරුදේවයන් වහන්සේගේ නම සඳහන් කළොත්...?

වත්තල හුණුපිටිය ශ්‍රී ධර්මාරාම විහාරස්‌ථානය. ගුරුහරුකම් ලබාදුන්නේ අහංගම ධර්මපාල නායක ස්‌වාමීන් වහන්සේ. අධ්‍යාපන කටයුතු හැදෑරුවේ මීරිගම මිණිඔලුව විද්‍යාවාස පිරිවෙනේ.

ඔබ වහන්සේ ගුරුදේවයන් වහන්සේගේ කී වැනි ගෝලයාද...?

පළමුවැනි ගෝල හිමි.

ගුරුදේවයන් වහන්සේගෙන් වෙන් වෙලා වෙනත් පන්සලකට යන්න අදහස පහළ වුණේ වයස කීයෙදීද...?

අවුරුදු 13 දී.

දුෂ්කර ගමනක්‌ යන්න විශේෂ හේතුවක්‌ තිබුණද...?

කොහොමත් ජීවිතය දුෂ්කර ගමනක්‌. ඒ දුෂ්කර ගමනේදී නොදියුණු පරිසරයක දුප්පත් මිනිස්‌සු කොට්‌ඨාසයකට ආගමික කටයුතු ඉටු කරගන්න පහසුකම් සලසාදීමට මට අවශ්‍ය වුණා.

වාහල්කඩ වැනි අතිශය දුෂ්කර පළාතකට වැඩම කරන්න පාර හොයාගත්තෙ කොහොමද...?

නුවර පදිංචිකරුවකු වන රාජසේන උපාසක මහත්තයා තමයි වාහල්කඩ ගැන කිව්වේ. පස්‌සෙ කොළඹ කොටුවෙන් පුල්මුඩේ බස්‌ එකකට නැඟලා ඇවිත් මිනිස්‌සුන්ගෙන් අහගෙන පාර හොයාගෙන වාහල්කඩ ගමට ආවා.

ඒ දිනය මතකද...?

ඔව්... 1994 පෙබරවාරි 24 වැනිදා.

ඔබවහන්සේ වාහල්කඩට වැඩම කරන විට මේ ස්‌ථානයේ විහාරස්‌ථානයක්‌ තිබුණද...?

නෑ... මහා කැලෑවක්‌.

ස්‌වාමීන් වහන්සේ නමක්‌ විදිහට ඔබවහන්සේව මේ ගමේ මිනිස්‌සු පිළිගත්තද...?

කඩාකප්පල්කාරී පිරිස 'උපසම්පදා නැති සාමණේර හිමි නමක්‌ අපට වැඩක්‌ නෑ' කියලා විවිධ අවලාද, උපහාසාත්මක කතා කිව්වා. දැන උගත් පිරිස මාව පිළිගෙන මට වැඩ වාසය කරන්න මේ ස්‌ථානයේ ඉලුක්‌වලින් සෙවිළි කරපු කටු මැටි කුටියක්‌ හදලා දුන්නා. පුළුවන් විදිහට දානයත් පිළිගැන්නුවා.

ඊට පස්‌සෙ ගමේ අය විහාරස්‌ථානය ගොඩනැඟීමට උදව් උපකාර කළාද...?

ඔව්... ටිකෙන්, ටික මම ගමේ මිනිස්‌සුන්ට සමීප වුණා. ඊට පස්‌සෙ විහාරස්‌ථානයේ සංවර්ධන වැඩ පටන් ගත්තා. මුලින්ම ස්‌ථීර ආවාස ගෙයකට අත්තිවාරම දැම්මා. වැලි, ගඩොල්, සිමෙන්ති ගමේ මිනිස්‌සු ගෙනත් දුන්නා. මම බාස්‌ලා ගත්තෙ නෑ, ගමේ තරුණ පිරිසකගේ අත්උදව්වෙන් මම තමයි ආවාස ගෙය ගඩොලෙන් බැඳලා වහල ගැහුවෙත්. වයරින් බාස්‌ කෙනෙක්‌වත් ගත්තෙ නෑ. ඒ වැඩත් කරගත්තෙ මමයි. ඊට පස්‌සෙ බෝධි ප්‍රාකාරය නිර්මාණය කෙරුවා. ඒ එක්‌කම ප්‍රදේශයේ ජනතාවට ධර්ම ප්‍රචාරය කරන්න වැඩි කාලයක්‌ කැප කළා. මගේ වැඩපිළිවෙළ දැකලා ප්‍රදේශයේ පොලිසියත් වෙනත් රාජ්‍ය ආයතනවලිනුත් බොහෝ උපකාර කළා. ඒ සෑම කෙනෙකුගේ උදව් ඇතිව කෙටි කාලයකින් වාහල්කඩ මිනිසුන්ගෙන් බහුතරය ආගමට දහමට ලැදි දැහැමි පිරිසක්‌ බවට වෙනස්‌ කරන්න මට පුළුවන් වුණා.

ප්‍රදේශවාසීන් කියන විදිහට ඔබවහන්සේ විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක්‌. භාෂා විශාරදයෙක්‌. විටෙක පෙදරේරුවෙක්‌, විදුලි කාර්මික ශිල්පියෙක්‌. මේ සෑම අංශයක්‌ පිළිබඳවම විශේෂ පුහුණුවක්‌ ලබලා තියෙනවද...?

විශේෂ පුහුණුවක්‌ නෑ. ඒ සියලු දේ සහජ හැකියාවන්.

මේ වන විට ඔබවහන්සේ ලෝක ප්‍රසිද්ධ විශ්මකර්ම ඉසිවරයාණන් වහන්සේ නමක්‌. පිළිකා, වකුගඩු රෝග, ස්‌නායු රෝග ඇතුළු ඕනෑම රෝගයකට ප්‍රතිකාර කරනවා. කොහොමද ප්‍රතිකාර කරන්නේ...?

ඒක මට පත්තිනි මෑණියන් දීපු බෙහෙත් වරමක්‌.

බෙහෙත් වරම ලැබුණේ කොහොමද...?

මම සෑම මොහොතකම අම්මා කියන නාමයට ගරු කළා. සමාජයෙන් කොන් වූ කාන්තාවන්ට නියමිත ගෞරවය ලබාදීමට දහමට අනුගතව දේශනා පැවැත්වුවා. පුංචි කාලේ ඉඳලා පත්තිනි මෑණියන්ට ගරු කළා. සත්‍ය ජීවිතයේ මගේ ජීවිතයම වූ නිසා මෑණියන් මට ලබාදුන් ආධ්‍යාත්මික, වින්දනීය ත්‍යාගය මෙයයි.

ඒ ත්‍යාගය ලැබුණේ කවදාද...?

2013 අවුරුද්දේ.

එක පාරටම මේ වරම ලැබුණේ කොහොමද... සිහිනෙන්වත් කියූ දෙයක්‌ද...?

සිහින මැවීමක්‌ මෙතැන නෑ. මේක සජීවීව ලබාදුන් අත්දැකීමක්‌. 2013 අවුරුද්දෙ දවසක මගේ කුකුලේ කටුවක්‌ ඇනිලා අධික වේදනාවක්‌ දැනුණා. පස්‌සෙ මම කටුව ඉවත් කරගන්න පන්සල ආසන්නයේ නිවසකට වැඩම කළා. නිවසට ගොඩවෙන්න වුණේ නෑ, මට ක්‌ලාන්තය දැම්මා. ඊට පහුවෙනිදා උදෑසන සජීවීව මාගේ යටිසිත හා උඩුසිතට කොදුරා කීවේ ලෝකයේ සුවකළ නොහැකි ලෙඩුන් සුව කිරීමට බලය පැවරෙන බවයි.

කාලයෙන් කාලයට මේ වගේ දේවල් මතු වෙනවා. අපිට මතකයි එක ස්‌වාමීන්වහන්සේ නමක්‌ වතුර මතුරලා දීලා ලෙඩ සනීප කළා. තව ස්‌වාමීන් වහන්සේනමක්‌ තැඹිලි මතුරලා දීලා ලෙඩ සනීප කළා. අත තියලා ලෙඩ සනීප කළා. තවම එවැනි දේවල් සිදුකරන ස්‌ථාන තියෙනවා. මේ ස්‌ථානයත් ඒ වගේ තැනක්‌ද...?

ඒ ස්‌ථාන ගැන කතා කරන්න මම කැමති නෑ. මෙතැනින් හොඳ වෙලා යන රෝගීන්ගෙන් මේ ස්‌ථානයේ හාස්‌කම් ගැන අහලා දැන ගන්න පුළුවන්.

ඕනෑම ප්‍රතිකාරයක්‌ කරන ක්‍රමවේදයක්‌ තියෙනවා. ආයුර්වේද, සිංහල බෙහෙත්, බටහිර වෛද්‍ය ක්‍රම. ඔබවහන්සේ ලෙඩ දුක්‌ සුවපත් කරන ප්‍රතිකාර ක්‍රමය මොකක්‌ද...?

සිංහල බෙහෙත් ක්‍රමය.

ඔබවහන්සේ වෙද පරපුරකින් පැවත එන ස්‌වාමීන් වහන්සේනමක්‌ද...?

නෑ...

වෙද පරපුරකින් පැවත එන්නෙ නැතිව බෙහෙත් කරන්නෙ කොහොමද...?

ඔය වෛද්‍යවරු සේරම වෙද පරපුරකින් පැවත එන අයද...

මෙතැනට එන ඕනෑම රෝගියෙක්‌ ප්‍රතිකාර කිරීමෙන් පසු සුවපත් වෙනවාද...?

මෙතැන වෙදකම් කරන්නේ සත්පත්තිනි මෑණියන්ගේ දේව වරමකින්. මුලින්ම බුලත් කොළ නවයක්‌ තියලා ශරීරයේ තියෙන රෝග, ගේ දොර ප්‍රශ්න ගැන මෑණියන්ගෙන් අහන්න ඕනෑ. ඊට පස්‌සේ ශරීරයේ තියෙන රෝගය සුවපත් කරන්න පුළුවන්ද... නැද්ද... කියලා පත්තිනි මෑණියන් තීරණය කරනවා. රෝගීන්ට දෙන බෙහෙත් නියම කරන්නෙත් පත්තිනි මෑණියන්. හොඳ කරන්න පුළුවන් කියන හැම රෝගියෙක්‌ම සුවපත් කරලා තියෙනවා. මෙතැනට එන හැම රෝගියෙක්‌වම භාර ගන්නේ නෑ. ඒ හැම දෙයක්‌ම තීරණය වෙන්නෙ රෝගියාගේ පෙර කළ පින් පව් මත. ආගම් බේද, ජාති බේද මෙතැන නෑ. අසරණ වෙලා මෙතැනට එන ඕනෑම කෙනකුට පිහිට වෙනවා. ජීවිත කාලයටම බුද්ධ රූපයකට වැන්දේ නැති අන්‍ය ආගමිකයන් මේ පූජා භූමියේදී වැඳුම් පිදුම් කරනවා. බෝධි පූජාවලට සම්මාදම් වෙනවා. වෛද්‍යවරු, දේශපාලනඥයෝ, නීතිඥයෝ හැම තරාතිරමක අය මෙතැනට ඇවිත් වෙදකම් කරගෙන ගිහින් තියෙනවා. දැනටත් ප්‍රසිද්ධ දේශපාලනඥයෙක්‌ පිළිකාවකට ප්‍රතිකාර ගන්න ඇවිත් මේ ස්‌ථානයේ නතර වෙලා ඉන්නවා. මෙතැනට ආවට පස්‌සේ උස්‌, මිටි තරාතිරම් නෑ. හැමෝම මෙතැන පිළිවෙත්වලට ගරු කරගෙන නතර වෙලා බෙහෙත් කර ගන්න ඕනෑ. රෝගය නිට්‌ටාවටම සුවපත් වෙනකම් පන්සලේ නතර වෙලා ඉන්න ඕනෑ. හැමදාම හවසට බෝධි පූජාවට සම්මාදම් වෙන්න ඕනෑ. මෙතැන නතර වෙන්න ආපු දවසේ ඉඳලා පිලී ජාති කන්න බෑ. තමන්ගේ අභිමතය පරිදි උයා පිහාගෙන කන්නත් පුළුවන්. එහෙම කරන්න අපහසු අයට පන්සලේ දෙන දානය ගන්න පුළුවන්.

මේ ස්‌ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ වගකීම ගන්නේ කවුද...?

මෙතැන රෝගීන් දෙදහසකට ආසන්න ඉන්නවා. ඒ හැම කෙනෙකුගේ ප්‍රශ්න ගැන හොයා බලන්න මට වේලාවක්‌ නෑ. මම සෑම රෝගියකුටම ප්‍රතිකාර කරනවා. වගකීම තමන් සතුයි.

ගැහැනු, පිරිමි දෙපාර්ශ්වයම මෙතැන නතර වෙලා ඉන්නවා. රෝගීන්ට ආරක්‍ෂාව කොහොමද...?

තම, තමන්ගේ ආරක්‍ෂාව තමන් සතුයි. ඊට අමතරව පොලිස්‌ ආරක්‍ෂාව තියෙනවා.

ඔබවහන්සේ රටේ ජනතාවට විශාල සේවයක්‌ කරනවා. පිළිකා රෝහලට වැඩම කරන්න කියලා ආරාධනාවක්‌ ලැබුණොත් භාරගන්නවද...?

එහෙම කරන්න බෑ. මේ පුණ්‍යභූමියේ වත් පිළිවෙත්, රෝහල්වල සිදු කරන්න බෑ.

ඒ කියන්නේ ශක්‌තිය තියෙන්නෙ මේ භූමියේ...?

ඔව්... භූමියේ බලයක්‌ තියෙනවා.

ඔබවහන්සේ ප්‍රතිකාර කරන සුවිශේෂ රෝග තිබේද...?

වකුගඩු, සියලුම පිළිකා, අංශභාග, මිනිස්‌ සිරුරේ වැළඳෙන ඕනෑම රෝගයකට ප්‍රතිකාර කරනවා.

මේ වන විට කොපමණ රෝගීන් සංඛ්‍යාවක්‌ සුවපත් කරලා තියෙනවද...?

සංඛ්‍යා ලේඛන පවත්වාගෙන ගියේ නෑ. මගේ විශ්වාසයේ හැටියට රෝගීන් හාරදාහක්‌ විතර.

රටේ විවිධ ප්‍රදේශවලින් මෙන්ම විදේශීය රටවල විවිධ තරාතිරම්වල, අධ්‍යාපන මට්‌ටම්වල රෝගීන් දහස්‌ ගාණක්‌ මේ පූජා භූමියේ නේවාසිකව රැඳී ඉන්නවා. ඒ සෑම කෙනෙක්‌ව එකම අරමුණක රඳවා තබාගැනීමට විශේෂ වූ වැඩපිළිවෙළක්‌ තියෙනවද...?

ඔවුන්ගේ භෞතික හා ආධ්‍යාත්මික දියුණුව සඳහා නිතර ධර්ම දේශනා හා භාවනා වැඩසටහන් සිදු කරනවා.

ඔබවහන්සේ කරන ප්‍රතිකාර සඳහා රෝගීන්ගෙන් රුපියලක්‌වත් අය කරන්නේ නෑ කියලා කතාවක්‌ තියෙනවා. මුදල් නැතිව මේ සත්කාරය පවත්වාගෙන යන්නේ කොහොමද...?

මගෙන් සුවපත් වෙලා යන රෝගීන් මේ ස්‌ථානයේ නේවාසිකව ඉන්න රෝගීන්ට දානය දෙනවා. පුණ්‍ය පහසුකම් සපයනවා.

තුන්වේලටම දානය දෙනවා... වතුර, විදුලිය දෙනවා. කිසිම ආදායමක්‌ නැතිව කොහොමද මේවා කරන්නේ...?

තුන්දාහක්‌ හිටියත් තුන් වේලටම මෙතැන දානය වරදින්නෙ නෑ. දානපතියන්, සමිති සමාගමක්‌ ඉදිරිපත් වෙලා දානය දෙනවා. සුවපත් වෙලා යන රෝගීන් දානය දෙනවා. රෝගීන් විදුලි බිලට බර පැන දරනවා. ඒ කිසිම දේකට මාගේ කිසිම මැදිහත්වීමක්‌ නෑ. මම මුදල් පරිහරණයෙන් වැළකිලා ඉන්නෙ.

ඔබවහන්සේගේ මේ සමාජ සත්කාරයට අභියෝග නැද්ද...?

අනන්තයි අප්‍රමාණයි. ඒ සියලු අභියෝග දෙස්‌ දෙවොල් වැඩියෙන්ම ආවේ ගමේ මිනිස්‌සුන්ගෙන්.

ඒ අභියෝග සංවිධානාත්මක අභියෝගද, පුද්ගල අභියෝගද...?

බොහෝවිට සංවිධානාත්මක අභියෝග.

ඒ කියන්නේ ගමේ මිනිස්‌සු මේ සත්කාරයට කැමති නෑ?

පිරිසක්‌ අකමැති වෙලා හිටියා. ඒත් දැන් ඒ මිනිස්‌සු මෙතැන කරන දේ ගැන තේරුම් අරගෙන රෝගීන්ට දානය දෙනවා. විවේකයක්‌ තියෙන වේලාවට ඇවිත් රෝගීන්ට සාත්තු කරනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්‌.

අපේ රටට බෙහෙත් ගෙන්වීම දැන් මාෆියාවක්‌ බවට පත් වෙලා තියෙනවා. බටහිර වෛද්‍යවරුන් අතරත් තියෙන්නෙ මුදල් ඉපැයීමේ තරගයක්‌. මේ බටහිර වෛද්‍ය මාෆියාවෙන් ඔබ වහන්සේට තර්ජනයක්‌ නැද්ද...?

නැත්තෙම නෑ. මේ පළාතේ සමහර රෝහල්වල මගෙන් ප්‍රතිකාර අරගෙන යන රෝගීන්ට පරීක්‍ෂණයක්‌වත් කරගන්න ඉඩ දෙන්නෙ නෑ. මෙතනින් ප්‍රතිකාර අරගෙන සුවපත් වෙච්ච රෝගියකුට උණක්‌ හෙම්බිරිස්‌සාවක්‌ හැදුනත් ඒ රෝහල්වලින් බෙහෙත් දෙන්නෙ නෑ. එහෙම සිද්ධි සුලබව වාර්තා වෙනවා. අපේ පන්සලේ නම කියලා රෝගීන් යොමු කරන වෛද්‍යවරුත් ඉන්නවා. බටහිර වෛද්‍යවරු මගෙන් ප්‍රතිකාර අරගෙන සුවපත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒත් බටහිර වෛද්‍යවරු බහුතරය සිංහල වෙදකම පිළිගන්න කැමති නෑ.

මේ සමාජ සත්කාරයට ආණ්‌ඩුවෙන් මොන වගේ අනුග්‍රහයක්‌ද ලැබිලා තියෙන්නෙ...?

රජයෙන් එහෙම අනුග්‍රහයක්‌ ලබා දීලා නෑ. සුසන්ත පුංචිනිළමේ මහතාගේ මැදිහත්වීමෙන් පොලිස්‌ ආරක්‍ෂාව ලබාදීලා තියෙනවා. කථානායකතුමාගේ දැඩි අවධානයට ලක්‌ වෙලා තියෙනවා.

ඔබ වහන්සේට මේ තියෙන බලයට මේ රට දියුණු කරන්න පුළුවන්. ජාත්‍යන්තරයේ බබළවන්න පුළුවන්. මේ වෛද්‍ය විද්‍යා ක්‍රමය ඉදිරියට ගෙනියන්න වැඩපිළිවෙළක්‌ තියෙනවද...?

එහෙම වැඩපිළිවෙළක්‌ නෑ...

ඔබවහන්සේගෙන් පසුවට මේ ප්‍රතිකාර ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යන්න ගෝලයන් බිහි කරන්න අදහසක්‌ තියෙනවද... ?

මේක පත්තිනි මෑණියන් මට දිපු වරමක්‌. මගෙන් පස්‌සෙ ඒ වරම ඉවරයි.

රත්නපුරේ ධම්මකුසල ස්‌වාමීන් වහන්සේ මියෑදෙන්නට යන මිනිසුන්ට ජීවිතය ලබා දෙන්නේ කිසිදු ලාභාපේෂවකින් නොවේ කිසිදු අනාගත අරමුණක්‌ද ඒ තුළ නැත. තේරෙන වයසේ සිට මස්‌ මාංස අනුභවයෙන් වැළකී සිටින උන්වහන්සේ, මේ ඝෝර කටුක සංසාරේ බිය දැක මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීමේ අදිටනින් සාමනේර වයසේ සිට සීලය උතුම් කොට සැලකූ බව ප්‍රදේශවාසීන්ගේ අදහසය. උන්වහන්සේගේ වචනවලින් ද ඒ ගැන කියෑවේ. මේ සිල්වත් බව නිසාම සත්පත්තිනි මෑණියන් උන්වහන්සේට මිනිසුන්ගේ ලෙඩ සුවපත් කිරීමට දේව වරමක්‌ ලබා දී ඇතැයි අපගේ විශ්වාසයයි.

තරංග රත්නවීර
කැබිතිගොල්ලෑව සේනානායක

වෙද හිමියන් වැඩ සිටින අවාස ගෙය
 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 32 of 137 << < 3031323334 > >>