Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 33 of 137 << < 3132333435 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 22 Jul 2017 08:23 AM රූමැටික ආත්රයිටිස් සුව කරන වසර 2500 ක් පරණ බෙහෙත් වට්ටෝරුව ප්රශ්නය - රූමැටික ආත්රයිටිස් රෝගය බලපාන ඉන්ද්‍රීන් ගණනාවක් ගැන පසුගිය සතියේ අප ඔබ සමඟ කතා කළා. ඔබ මෙයට ප්‍රතිකාර කරන විට නවීන විද්‍යාවේ සහාය ලබා ගන්නවද? එසේ නම් ඒ කොයි විදියෙන්ද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - නවීන විද්‍යාවේ ඖෂධවල සහය ලබා ගන්නෙ නැහැ. අප පාවිච්චි කරන්නේ අවුරුදු 2500 කටත් වඩා පැරැණි බෙහෙත් වට්ටෝරු මේ වට්ටෝරු අවුරුදු 2500 ක් තිස්සේ පරිහරණය කරලා ඒවා ක්‍රියාත්මක වන ආකාරය පරම්පරාවෙන් පරම්පරාවට දැක බලා ගෙන තිබෙනවා. හැබැයිඅප නවීන විද්‍යාවේ රුධිර පර්යේෂණ වාර්තා සහ රෝග නිශ්චය වාර්තා සැලකිල්ලට ගන්නනවා. නාඩි බලා රුධිර පීඩනය දැන ගැනීමේ හැකියාව ඇතත් වඩාත් සියුම් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා රුධිර පීඩන වාර්තා ඇන්ජියෝ ග්‍රෑම්, එක්ස්රේ යනාදිය සැලකිල්ලට ගන්නවා. ඒ ආකාරයෙන් රූමටික ආත්රයිටිස් ගැන කටයුතු කිරීමේදී Rheumatoid Factor නමැති තත්ත්වය ගැන සොයා බලනවා. RF ලෙස හැඳින්වෙන මෙයින් හෙළිදරව් වන්නේ ජීව වස්තුවේ පටක වලට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රතිදේහ ප්‍රමාණයයි. රූමටොයිඩ් ෆැක්ටර් සහ රූමැටික ආත්රයිටිස් අතර සෘජු සම්බන්ධයක් තිබෙනවා. රූමැටික ආත්‍රයිටිස්වලට අමතරව තවත් ලෙඩ රෝග 20 කට කිට්ටු සංඛ්‍යාවකට මේ කියන රූමැටොයිඩ් ෆැන්ටර් තත්ත්වය බලපානවා. උදාහරණ - හෙපටයිටිස්බී, නිදන්ගත අක්මා රෝග, සිරොසිස්, ලාදුරු, මැලේරියා, සිපිලිස් ලියුකේමියා වැනි රෝග. මීළඟ වැදගත් පරීක්ෂණය තමයි CRP නමැති පරීක්ෂණය. කියන්නේ නමැති තත්ත්වයයි. ශරිරයේ ප්‍රදාහ තත්ත්වයක් පටන් ගත්තාම මේ ප්‍රොaටීනය ඉහළ වනවා. ආත්රයිටිස් රෝගියාට දෙන ඖෂධ හරියාකාරව වැඩ කරනවද කියන එක හොයා ගන්නයි මේ පරීක්ෂණය වැදගත් වන්නේ. ප්රශ්නය - රුමැටොයිඩ් ආත්රයිටිස් රෝගයකල් තබා වළක්වා ගත හැකිද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මේ රෝගයට අදාළ ලොකුම ප්රශ්නය තමයි එසේ කරන්නට බැරි වීම. පිළිකාව පවා කල් තබා වළක්වාගත හැකි අවස්ථා තිබෙනවා. එහෙත් රූමැටික ආත්රයිටිස් රෝගයේදී එවැන්නක් කරන්න බැහැ. ප්රශ්නය - සමහරු කියනවා රූමැටික ආත්රයිටිස් රෝගය කළමනාකරණය කිරීම හැර මැඬපැවැත්වීම හෝ සුව කිරීම කොහොමටවත් කරන්නට බැහැ කියලා. වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - එය සම්පූර්ණයෙන්ම සාවද්‍ය මතයක්. මෙය සුව කළ හැකි බෙහෙත් ඕනෑ තරම් පාරම්පරික සිංහල වෙදකමේ තිබෙනවා. කළ යුත්තේ මුලදීම රෝගය හඳුනා ගැනීම විතරයි. නොමිලේ විස්තර සඳහා 0713464276/ 0759061771 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Jul 2017 08:39 AM දරුවන්ට වැළඳෙන ආත්රයිටිස් සමනය කරන්න කසායක් ප්රශ්නය - පසුගිය සති දෙකේම අප සාකච්ඡා කළේ කුඩා දරුවන්ට වැළඳෙන Juvenile arthritis රෝගය ගැනයි. මේ රෝගයෙන් පෙළෙන දරුවන්ට ප්‍රතිකාර පිණිස වේදනා නාශක කසාය කිහිපයක් ඔබ පළකළා.... වෛද්‍ය වසන්ත උදයජීව - කුඩා දරුවන්ට වැළඳෙන බාලක ආත්රයිටිස් හෙවත් Juvenile arthritis රෝගය කාණ්ඩ තුනකට බෙදෙන බව මෙහිදී සඳහJuvenile chronic arthritis තෙවැන්න Juvenile idi opathic arthritis තුන්වැන්න තමයි ඉතා බහුල. හැබැයි මේ වර්ග තුනම කුඩා දරුවාට දෙන්නේ අපමණ පීඩාවක්. දරුවාට තම රෝග ලක්ෂණ හරියට විස්තර කරන්න බැරි නිසා වැඩිහිටියන් දරුවාගේ හැසිරීම ගැන කල්පනාවෙන් සිටිය යුතුමයි. කෙනකුගේ ජීවිතයේ හොඳම කාලය තමයි ළමා විය. එම කාලය බිලි ගැනීමට ලෙඩරෝග නමැති මාරයාට ඉඩදිය යුතු නැහැ. ළමා වියේදී ප්‍රමාණය ඉක්මවා ප්‍රතිජීවක ඖෂධ දුන්නාම රූමැටික ආත්රයිටිස් රෝගය හැදෙන බව සොයාගෙන තිබෙනවා. ප්රශ්නය - මේ රෝග තත්ත්වය සායනික වශයෙන් හඳුනාගැනීමට කරන විශේෂ පරීක්ෂණ තිබෙනවද? වෛද්‍ය වසන්ත උදයජීව - ඔව් ESR පරීක්ෂණයක් මගින් පුළුවන් ළමයාගේ සිරුරේ හටගත් ආත්රයිටිස් වර්ගය සහ ප්‍රදාහයේ ප්‍රමාණය හඳුනා ගන්නවා. තවත් පරීක්ෂණයක් තිබෙනවා Anti unclear antibody යනුවෙන්. මෙය ප්‍රොaටීන් ප්‍රතිදේහයක්. ආත්රයිටිස් වැනි රෝගයකදී මේ ප්‍රොaටීනය හටගන්නවා. CCP නමැති පරීක්ෂණය මගිනුත් ප්‍රතිදේහ සොයාගන්නට පුළුවන්. ප්රශ්නය - මේ රෝගය පිළිබඳ ආයුර්වේද දැක්ම කුමක්ද? වෛද්‍ය වසන්ත උදයජීව - ආයුර්වේදයට අනුව කෙනෙකු ශක්තිමත් සහ නිරෝගී වන්නේ වාත, පිත්ත, කප, යන බලශක්ති නිසයි. වාතය සහ කප ඇවිස්සුනොත් සන්ධිවල රෝග හටගන්නවා. ශරීරයේ තිබෙන ආමය හෙවත් විෂ සහිත භාවය ඇවිස්සුනාම සන්ධි වේදනාව හට ගන්නවා. එසේම ජීවන විලාසිතාව සහ වැරදි ලෙස ආහාර ගැනීම නිසාත් සන්ධි වේදනාව හටගන්නවා. තුවරලා නමැති ගම්බද ශාකයේ පස් පංගුව කහ සමඟ මිශ්‍ර කර වේදනා ගෙන දෙන සන්ධිවල අඹරා ගෑමෙන් වේදනාව සමනය කර ගත හැකියි. ප්රශ්නය - මේ රෝගය තිබෙන දරුවන්ට දියයුතු ආහාර මොනවාද? වෛද්‍ය වසන්ත උදයජීව - එළවළු යුෂඉතාම ගුණයි. මොකද එය දිරවීමට හරිම ලෙහෙසියි. කැරට් ඉස්ම, බීට් ඉස්ම, පිපිඤ්ඤා යනාදියත් හරිම ගුණදායකයි. ලුණු සහදෙහි යෙදූ එළවළු සලාද, ඇපල්, ගස්ලබු, දොඩම් යනාදිය මගින් රෝග ලක්ෂණ කළමනාකරණය කරගත හැකියි. ඉඟුරු, කොත්තමල්ලි, සූදුරු, කහ යනාදිය යෙදූ ආහාරත් ඉතාම ගුණදායකයි. එසේම උණුසුම් ආහාර වර්ග සම්පූර්ණයෙන් ම අත්හැර දැමීම වැදගත්. ආහාර ගත යුත්තේ එය නිවුන පසුවයි. පැණිරස සහ පැසීමට ලක් කළ ආහාර ගත යුත්තේ සීමා සහිතවයි. නිවිති, ගෝවා, ගෝවා මල් යනාදිය සුදුනු නැහැ.පමණ ඉක්මවා තේ සහ කෝපි පානයත් සම්පූර්ණයෙන් ම අත්හල යුතුයි. කසාය හීන් අරත්ත අල, රසකිඳ , නීරමුල්ලිය, බැබිල මුල්, වැල්මී, සුදුළුනු, නෙල්ලි කලං 1 මංචාඩි 10 බැගින් ගෙන පත අට එකට සිඳ සීනි, මීපැණි දමා පත භාගය බැගින් උදේ සවස දිsන 6 ක් බොන්න. සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 isurusamSuper Senior MemberPosts:7342 22 Jul 2017 08:40 AM ඉතාමත් වටිනා ලිපි ටිකක් ..... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Jul 2017 08:42 AM සමේ රෝග පසුපස තවත් රෝග රැසක් * සම ශරීරයේ ඇති ඉතා වැදගත්ම ඉන්ද්‍රියක්. සමෙන් කෙරෙන කාර්යභාර්ය පිළිබඳ හැඳින්වුවොත් * ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - ශරීරයේ ඇති විශාලතම ඉන්ද්රිය වන්නේ සමයි. සිරුරේ ඇති අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්ෂා කිරීම, සිරුරේ ඇතැම් ස්ථානවලට හැඩයක් ලබාදීම, සිරුරෙහි උණුසුම නියමිත මට්ටමක තබා ගැනීමට දායක වීම, ශරීරයට එකතු වන විෂ සහ අපද්‍රව්‍ය බහිස්රාවී ක්‍රියාවලිය තුළින් සිරුරෙන් බැහැර කිරීම ඇතුළු වැදගත් කටයුතු රැසක් සම තුළින් සිදුකරනු ලබනවා. * මෙතරම්ම ශරීරයට අත්‍යවශ්‍ය මෙහෙවරක් ඉටුකරන සම රෝගීවන අවස්ථා මොනවාද? * ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - විවිධ හේතූන් මත පැනනැගෙන ගැටලුකාරී තත්ත්වයන් තුළින් සම රෝගී විය හැකියි. බාහිරින් පැමිණෙන ක්ෂුද්‍ර ජීවී ආසාදනවලින්ද සමේ රෝග හටගන්නවා. එම රෝග ස්පර්ශයෙන්, ලිංගික ක්‍රියාවලින් හා අපිරිසිදුකම නිසා වැළඳිය හැකියි. මීට අමතරව බෝ නොවන රෝගද සමේ හටගැනීම සිදුවෙනවා. මෙම බෝ නොවන රෝග වැළඳීමට ප්‍රධාන හේතුව වන්නේ විවිධ හේතූන් නිසා රක්තය දූෂණය වීමෙනි. * රක්තය දූෂණය වීම සමේ රෝග හටගැනීමේ ප්‍රධාන කොටසක් නම් එම රක්තය දූෂණය වන හේතු හා ඒ නිසා වැළඳෙන රෝග මොනවාද? * ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - වා, පිත්, සෙම් දොaෂයන් අතුරෙන් පිත් දොaෂය අධික වූ විට එම තැනැත්තාගේ ශරීරයේ උෂ්ණාධික බව වැඩිවෙනවා. එවැනි උෂ්ණාධික ශරීරයන් ඇති අයගේ සම පැසවීම බහුල වන අතර වා, සෙම් දොaෂවල දායකත්වයෙන් සම වියළීම, ඉරිතැලීම හෝ කැසීම ආදී රෝග ලක්ෂණ ඇතිවිය හැකියි. බිලිං, ගොරක, සියඹලා, තක්කාලි, අන්නාසි ආදී විටමින් සී පදාර්ථයන් අඩංගු ආහාර වැඩිපුර ගැනීමෙන් ඇස්කොටික් ඇසිඩ්, සිට්රික් ඇසිඩ් බහුල වීමෙන් හා උෂ්ණාධික ආහාර වැඩිපුර ගැනීමෙන්ද රක්ත දොaෂ ඇතිවිය හැකියි. මීට අමතරව අධිකව නිදිවැරීම, දහවල් නිදා ගැනීම, කෘතිම ආහාර පාන වැඩිපුර ගැනීම, මත්පැන් පානය ආදී අහිතකර ක්‍රියාවන් නිසාද රක්ත දොaෂ ඇතිවිය හැකියි. ඊට අමතරව ආහාර ජීර්ණ පද්ධතියේ විවිධ දුර්වලතා නිසාද රක්තය දූෂණ විය හැකියි. දියවැඩියාව රෝගීන් අධිකව බෙහෙත් පෙති ගිලීම තුළින්ද ඔවුන්ගේ සමේ විවිධ අසාත්මිකතා ඇතිවන අවස්ථාද තිබෙනවා. * මෙම හේතු නිසා ඇතිවන සමේ රෝග පිළිබඳ හැඳින්වූවොත්. විශේෂයෙන්ම සඳහන් කළ හැකි තත්ත්වයක් වන්නේ සමේ පලු දැමීමයි. මේවා සිරුර පුරාම පැතිරී දරුණු පීඩාවන් ඇතිකළ හැකියි. ඊට අමතරව කුඩා බිබිලි හටගැනීමද පෙන්වා දිය හැකියි. මේවා ක්‍රමයෙන් කැසීම දක්වා වර්ධනය වී පසුව තෙත් දියර වැගිරෙන තත්ත්වය දක්වා වර්ධනය වීම සිදුවිය හැකියි. පසුව ඒවා තුවාල දක්වා ද වැඩිවිය හැකියි. දෙපාවල දණහිසෙන් පහළ ප්‍රදේශවල සම පුපුරා තෙත දියර ගලන අධික කැසීම ඇති කරන රෝගයන්ද හටගැනීම සිදුවෙනවා. මේවා ඇඟිලිකරු ආශ්‍රිතව හටගැනීම ආරම්භ විය හැකියි. සමේ රෝගවල දරුණුම රෝග ලෙස හැඳින්විය හැක්කේ කුෂ්ඨ රෝගයන් හට ගැනීමයි. මෙම රෝග බොහෝ විට පෙර ආත්මවල සිදුකරන ලද අකුසල කර්මවල විපාක ලෙසද හටගැනීම සිදුවිය හැකියි. මෙවැනි රෝගීන් ප්‍රතිකාරවලට අමතරව ආගමානුකූල ජීවිත කරා යොමුවීමද ඉතා වැදගත් වෙනවා. * මෙම රෝගීන්ට මේ හා සමගාමීව වෙනත් රෝග ඇතිවීමේ අවදානමකුත් තිබෙනවාද? * ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා. ඔව්. සමේ රෝගවලින් පෙළෙන්නන් බොහෝ විට විවිධ සෙම් රෝගයන්ටද ගොදුරු විය හැකියි. ඇදුම, හතිය ඉන් ප්‍රධානයි. අර්ශස්, ගැස්ට්‍රයිටීස්, මළ බද්ධය, ජීර්ණ පද්ධතිය ආශ්රිත රෝගාබාධ, හිස කැක්කුම, ඇස් කන් කැසීම, නින්ද නොයැම ආදී රෝග රැසක්ම මෙම රෝගීන්ට වැළඳීමේ හැකියාව තිබෙනවා. * මෙම රෝගීන් සුවපත් කිරීම සඳහා ආයුර්වේදය සතුව ප්‍රතිකාර තිබෙනවාද? * ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - ප්‍රෙෘඪ ඉතිහාසයකට උරුමකම් කියන ආයුර්වේදයේ ඕනෑම රෝගයක් සුවකිරීම සඳහා ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. හැබැයි ඒ සඳහා නිවැරැදි හැකියාවෙන් යුත් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත රෝගීන් යොමුවීම සිදුවිය යුතුයි. එවිට මෙම රෝගීන් නිවැරැදි පරීක්ෂාවකට ලක්කිරීමෙන් පසු ඔවුන්ට වැළඳී ඇති රෝගය නිවැරැදි ලෙස වටහා ගැනීමෙන් පසු ඒ සඳහා අවශ්‍ය නිවැරැදි ප්‍රතිකාර ලබාදීමෙන් සමේ රෝගීන් මෙන්ම ඕනෑම රෝගියෙක් සුවපත් කිරීමේ හැකියාව ආයුර්වේදය සතුව පවතිනවා. අප කරා පැමිණෙන රෝගීන් සුවකර අපට මේ ගැන අත්දැකීම් තිබෙන නිසා ආයුර්වේද ප්‍රතිකාර ගැන අපට ඉතා විශ්වාසයෙන් කතා කිරීමේ හැකියාව තිබෙනවා. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Jul 2017 08:49 AM ගල් තැලුම ආපසු නොඑන්නට නැති කරන්නේ මෙහෙමයි ප්රශ්නය - අග්නි කර්ම මගින් ගල් තැලුම් අවසන් කරන හැටි ඔබ පසුගිය සතියේදී අපට විස්තර කළා. ආචාර්ය වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - අග්නි කර්මය ගැන තවත් ටිකක් පැහැදිලි කළ යුතුයි. අප මුලින්ම කරන්නේ ගල්තැලුමේ උඩ කොටස, එනම් ඉදිරියට නෙරා ඇති කොටස කුඩා සැත් පිහියකින් කපා ඉවත් කිරීමයි. මෙහිදී ස්වල්පයක්වත් රිදෙන්නෙ නැහැ. මොකද ගල්තැලුම හැදිල තිබෙන්නේ කැරටින්වලින්. ඊළඟට අග්නි කර්මයට යොදා ගන්න ඉතා සියුම් සැත් උපකරණය ගිනියම් කරනවා. අනතුරුව ගල්තැලුම පුළුස්සනවා. මෙහිදී කිsසිදු වේදනාවක් නොදැනෙන බව නැවත වතාවක් කිව යුතුයි. මොකද ගල්තැලුම හැදිලා තිබෙන්නේ කැරටින් වලින්. එයට රුධිර සැපයුමක් තිබුණාට ස්නායු සමඟ සම්බන්ධයක් නැහැ. එහි මැදින් ස්නායු යන්නෙත් නැහැ. පුලුස්සන කොට නොදැනීමට ප්‍රධාන කාරණය තමයි එය. අනෙක ගල් තැලුම එක විටම පුලුස්සලා ඉවර කරනනෙත් නැහැ. එය කරන්නේ පියවරින් පියවර. පිළිස්සීමෙන් පස්සේ ප්‍රතිජීවක ඖෂධ ගැනීමක් හෝ බෙහෙත් විදීමක් හෝ අවශ්‍ය නැහැ. ප්‍රතිකාරය කළ වහාම සාමාන්‍ය පරිදි එදිනෙදා වැඩ කරගෙන යැමට හැකි වීම තමයි මේ ප්‍රතිකාරයේ තිබෙන ලොකුම වාසිය. ප්රශ්නය - ගල් තැලුමක් හට ගැනීමේ හේතුව ශරීරයේ උෂ්ණ ගුණය ඉහළ යැම කියලා ඔබ පසුගිය සතියේ සඳහන් කළා. එහෙත් නවීන විද්‍යාව තුළ මෙය අර්ථකථනය වන්නේ වෙනස් විදියකට නේද? ආචාර්ය වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - නවීන විද්‍යාවට අනුව ගල් තැලුමක් කියන්නේ ශරීරයේ ආරක්ෂාවට ස්වභාවිකව හටගන්නා නමුත් පසු කාලයේදී කරදරයක් බවට පත්වන පළිහක් වැනි දෙයක්. ශරීරයේ කිසියම් තැනක්, උදාහරණයක් හැටියට ගත්තම යටි පතුල කිසියම් තැනෙක ඕනෑවට වඩා ගැටෙනවා නම් එම මතුපිට ආරක්ෂා කිරීමට එතැන හම ඝන වීමට පටන් ගන්නවා. එවිට එතැන සම හානියට පත් නොවී ආරක්ෂා වෙනවා. මෙසේ ඝන වන සම කාලයකදී පිටතින් පීඩනයක් යොදන විට එය අවට තිබෙන මසට තෙරැපුමක් ඇති කර වේදනාවක් ඇති කරනවා. අන්නඒ අවස්ථාවේදී ශරීරය තීන්දු කරනවා මෙය ශරීරයට අයිති දෙයක් නොවනබව. ඇඟිලි කොන්වල එනවා කරගැට වගේ දෙයක්. මෙය පා ඇඟිලිවල වගේම අතේ ඇඟිලිවලත් එනවා. මෙයට Corn කියල කියනවා. Callus කියලත් කියනවා. විද්‍යාත්මක නාමය තමයි hyperkeratosis ප්රශ්නය - මේ සඳහා කරන බටහිර ප්‍රතිකාරවල නිර්මිතය කුමක්ද? ආචාර්ය වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - ලොකු ගල් තැලුම්වලට සැත්කම් කරනවා. කුඩා ඒවාට ප්ලාස්ටරයක් යොදනවා. මේ ප්ලාස්ටරයේ ඇසිඩ් වර්ග තිබෙනවා. ඒවා සම කාගෙන ඇතුළට ගිහින් ගල් තැලුම විනාශ කරනවා. ඒත් මෙතැනදී ගල් තැලුම මොකක්ද, එයට අයත් නොවන ප්‍රදේශය මොකද්ද කියන කාරණා හඳුනා ගන්නට ප්ලාස්ටරයට සහ ඇසිඩ් වර්ගවලට බැහැ. ඒ නිසා ගල්තැලුම වගේම අවට ප්‍රදේශයත් විනාශ වෙනවා. එය විශාල අනතුරක්. විශේෂයෙන් වෙනත් රෝග තිබෙන පුද්ගලයකුට මෙය ඉතා නරකට බලපාන්න පුළුවන්. ඒ නිසා මා විශ්වාස කරන හැටියට අග්නි කර්ම ප්‍රතිකාරය තමයි සුදුසුම දෙය. නොමිලේ විස්තර සඳහා - 0766739977, 011-5288055 සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Jul 2017 08:54 AM කනේ රෝග සුව කරන ඖෂධ වර්ග මොනවාද? ප්රශ්නය - කර්ණ රෝගවලට කරන ආයුර්වේද ප්‍රතිකාර ගැන අප පසුගිය සතියේදී කතා කළා. කන පිරිසිදු කිරීම සඳහා උපකරණ ඇත්තේ බටහිර වෛද්‍ය ක්‍රමය තුළ පමණක් බව අප මෙතෙක් උපකල්පනය කළත්, ආයුර්වේදය තුළත් එවැනි උපකරණ තිබෙන බව ඔබ සඳහන් කළා. ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීපරිස් - සුශ්‍රැත ආචාර්යවරයාගේ ආයුර්වේද ග්‍රන්ථවල මේ උපකරණ ගැන සඳහන් වෙනවා. උපකරණයේ අග පුළුන් දවටා කනට ඇතුළු කර ප්‍රවේශමෙන් පිරිසිදු කිරීම කළ හැකියි. ඉන් පස්සේ ධූපන ප්‍රතිකාරය කියලා දෙයක් කරනවා. ධූපන ප්‍රතිකාරයේදී කෙරෙන්නේ ආයුර්වේද ප්‍රතිජීවක ඖෂධ වර්ග දැවෙන පොල්කටු අඟුරු සහිත භාජනයකට දමලා ඒ දුම් කනට යන්නට සැලැස්වීමයි. බටහිර වෙදකම් ඇන්ටි බයටික් ඖෂධවලින්, ඇන්ටි බයටික් ෙඩ්රාප්ස්වලින් කෙරෙන කාර්යය මේ ශාකසාර ඖෂධවලිනුත් ඒ විදියටම කෙරෙනවා. ප්රශ්නය - ඔබ ඔය කියන පොල්කටු අඟුරු සහිත උපකරණය කොයි වගේද? ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - එය කුඩා මුට්ටියක්. ඒ මුට්ටියේ තිබෙනවා දිග නලයක් සම්බන්ධ පියනක්. ඒ මුට්ටියට පොල්කටු ගිනි අඟුරු දමලා පෙර කී ඖෂධ දමලා පියන වහනවා. ඉන් පසු අර බටය කනට අල්ලනවා. එවිට ඖෂධීය දුව කන තුළට ගමන් කරනවා. එම දුමට කන ඇතුළත තිබෙන තුවාල වියෑලෙනවා. එසේ වන්නේ ප්‍රතිජීවක ඖෂධ නිසයි. ප්රශ්නය - මේ සඳහා යොදන ඖෂධ මොනවද? ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - වළඟසාල්, නිකකොල, ගුගුල්, වෙනිවැල්ගැට, සුවඳ කොට්ටන් යනාදී ඖෂධ කුඩු බවට පත් කරලා පාවිච්චි කරනවා. මේ සියල්ලම ප්‍රතිජීවක ඖෂධ. ආසාදන, ප්‍රදාහ තත්ත්වයක් නැසීමේ හැකියාව මේවාට තිබෙනවා. උදාහරණයක් ලෙස ගනිමු වළඟසහල්. මෙය නාසය ආශ්රිත රෝගයක් වන පීනසට ඉතා ගුණ දෙන ඖෂධයක්. නික කියන්නේ කෘමි නාශකයක්. ඒ වගේම ක්‍රිමි නාශකයක්. මෙය දද - කුෂ්ට, චර්ම රෝග, අක්මා රෝග. ප්ලීහාව, ඉදිමීම, රූමටික උණ, ඔක්කාරය, කොන්දෙ වේදනාව යන රෝග තත්ත්වයන් සමනය කරන්නට යොදා ගන්නවා. ගුගුල් කියන්නේ වසර 2500 කට වැඩි කලක් තිස්සේ ඉන්දියාවේ පරිහරණය කරලා අත්දුටු ඖෂධීය ශාකයක්. LDL නමැති හිතකර කොලෙස්ටරෝල් වර්ගය මර්දනය කිරීමටත් ගුගුල් යොදා ගන්නවා. වෙනිවැල්ගැට ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. එය විශබීජ නාශකයක් වගේම පිටගැස්මට එරෙහිව සටන් කරන ප්‍රතිජීවක ඖෂධයක්. සුවඳ කොට්ටන්වලින් මොළය වර්ධනය වෙනවා. හෘද රෝග පාලනය වෙනවා. අස්ථි ශක්තිමත් කරනවා. ප්‍රතිශක්තිකරනය ඉහළ නංවනවා. මේ ඖෂධ මිශ්‍රකර කරන ධුපන ප්‍රතිකාරය ඉතාම සාර්ථකයි. ධූපන ප්‍රතිකාරය කියන්නේ උගුර, කන, නාසය ආශ්රිත රෝගවලට කරන ප්‍රතිකාර පන්තියකින් එකක් පමණයි. මෙයට අමතරව උගුර හෝදන්න ඖෂධීය ශාක සාරමය ජලය නිර්දේශ කරනවා. ඊට අමතරව කසාය දෙනවා. ඉහතින් අපි විස්තර කළේ කනේ රෝග ගැනයි. නාසයේ රෝගයක් හට ගත්තාම එයට සරිලන ධූපන ආයුර්වේදයේ එනවා. (ලබන සතියේ කනේ අමාරුව තිබෙනවිටෙක රෝගියා පැවතිය යුතු ආකාරය.) සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 RosiSuper Senior MemberPosts:5335 22 Jul 2017 02:44 PM හොද දැනුවත් කිරීම් ගොඩක්ම මෙතන තියෙනවා 0 indika76Most Senior MemberPosts:10449 23 Jul 2017 06:47 AM කනේ රෝග වලට ආයුර්වේද ක්‍රමවලට යනවාට බටහිර ක්‍රම භාවිතා කරන ප්‍රමාණය වැඩියි... 0 sha733Super Senior MemberPosts:7332 23 Jul 2017 06:56 AM මගේ කකුලෙත් ගල් තැලුම් තිබිලා ඒව ඒ වෙලාවෙම ඇසිඩ් දාල පිච්චුවා හම්මෝ තියෙන සනීපෙ කියලා වැඩක් නැහැ දැන්නම් හොදටම හොදයි 0 chamaramindMost Senior MemberPosts:13471 23 Jul 2017 08:01 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Jul 2017 08:04 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 hasithadSuper Senior MemberPosts:5795 23 Jul 2017 08:10 AM වටිනාම ලිපි ටිකක් මල්ලි. මේ අතරින් මට දැනටත් ඕන කරන ලිපි කීපයක් සේව් කර ගත්තා. 0 chamaramindMost Senior MemberPosts:13471 23 Jul 2017 05:35 PM සාහසික අපරාධ සිදු කිරීමට බලපාන නාඩි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පියකු සිය දරුවන් තිදෙනා ගෙල වැළලා මරා දමා නිවසේ ඇතිකළ බල්ලාද මරා දමා තමා ද ගෙල වැළලාගෙන දිවි හානිකර ගත් පුවතක් පසුගියදා අපට අසන්නට ලැබිණි. මෙවැනි හද කම්පා කරවන සිද්ධීන් දක්නට ලැබෙනවිට අසන්නට ලැබෙනවිට නිතැතින්ම අපේ මුවින් පිට වනුයේ මේවා අහස පොළොව නූහුලන අපරාධ බවය. එසේම පියවි සිහියෙන් යුත් අයකුට මෙවැනි අපරාධ කළ හැකි දැයි කියා විමසති. වෛද්‍යතුමනි, මෙවැනි අපරාධ සිදුවීමට බලපාන හේතු සෘෂි නාඩි විද්‍යාවට අනුව දැක්විය හැක්කේ කෙසේද? සෘෂි නාඩි වෛද්‍යවරුන් පවසනවා, යම් පුද්ගලයකු මවු කුස පිළිසිඳ ගන්නා විට ඔවුන් පෙර ආත්මවල සිදුකළ ක්‍රියාවන්ගේ ප්‍රතිඵල බලපාන බවට. ඒ අනුව තමයි එම පුද්ගලයාගේ උත්පත්තිය සහ උපතින් පසු ජීවිතය හැඩගැසීම තීරණය වන්නේ. යම් පුද්ගලයෙක් පෙර ආත්මයේදී බරපතළ වැරදි ක්‍රියාවල නිරතව සිට කිසියම් හෝ වාසනාවකට නැවත මිනිසත් බව ලබන්නට හිමිකම් ලැබුණද එම බරපතළ වැරදි ක්‍රියාවල ප්‍රතිඵල අනුව එම පුද්ගලයාගේ නාඩි ක්‍රියාකාරීත්වය හැඩගැහෙනවා. උපදින විටම කෝප නාඩිය, වෛරනාඩිය, කෲර නාඩිය, සාහසික නාඩිය ක්‍රියාකාරීව පවතිනවා. එය නිවැරැදිව හඳුනා නොගතහොත් ඔවුන් වැඩිහිටියන් බවට පත් වූ පසු එම නාඩිවල ක්‍රියාකාරීත්වය ප්‍රබල වී ඔවුන් සාහසික ක්‍රියාවනට යොමු වෙනවා. මෙලෙස යම් පුද්ගලයකුගේ වයස අවුරුදු 26 ත් 80 ත් අතර කාලය තුළ නාඩි ක්‍රියාකාරීත්වය ඉහළ ගිය විට ඔවුන් අතින් බරපතළ වැරදි සිදුවිය හැකියි. මෙලෙස වයස අවුරුදු 26 ත් 80 ත් අතර කාලය තුළ යම් පුද්ගලයකුගේ කෝප නාඩිය, වෛර නාඩිය, කෲර නාඩිය, සාහසික නාඩිය ආදි නාඩි ක්‍රියාකාරී වූ විට ඔවුන් නොසන්සුන් බවට පත්වෙනවා. නිතර කෝපයෙන් පසුවෙනවා. මව, පියා, දූ දරුවන් කියා වෙනසක් නැතිව හිරිහැර කරනවා. තමාගේ පහත් ආශාවන් ඉටු කර ගැනීමට උත්සාහ ගන්නවා. මෙවැනි පුද්ගලයන්ගේ මෙම සාහසික ක්‍රියාවන් සඳහා ලැබෙන තවත් සහයෝගයක් වනුයේ බොහෝ දෙනා ඔවුන් තම ඇසුරින් ඈත් කිරීමයි. එවිට ඔවුන් තුළ ඇති වෛරය, ක්‍රෝධය තවතවත් වර්ධනය වෙනවා. එම ක්‍රෝධය වෛරය නිසා ඔවුන් අතින් අප කවුරුත් බලාපොරොත්තු නොවන සාහසික ක්‍රියා සිදු විය හැකියි. වෛද්‍යතුමනි, මෙවැනි පුද්ගලයන් හඳුනා ගන්නේ කෙසේද? තරුණ වියේදී යම් කාන්තාවක හෝ පිරිමියකු අසාමාන්‍ය කෝපයකින් සිටී නම් නිතර අන් අය සමඟ ආරවුල් ඇතිකරගනී. නම් තමා සිතන දෙය, තමා කරන දෙය පමණක් නිවැරැදියි සිතනවා නම් එවැනි පුද්ගලයන් නිසිs දැනුමක් සහිත නාඩි වෛද්‍යවරයකු වෙත යොමු කිරීමෙන් නිවැරැදිව නාඩි පරීක්ෂා කර මතුව ඇති ගැටලුව හඳුනා ගත හැකියි. ඉන්පසු රෝගියාගේ මතුව ඇති නාඩි ක්‍රියාකාරීත්වය හඳුනාගෙන නිසි වෛද්‍ය ප්‍රතිකාර කළ යුතුයි. උදාහරණයක් ලෙස දක්වනවා නම් යම් පියකු තම දියණියන් කෙරෙහි කාමාශාවක් ඇතිකරගෙන සිටීනම් බිරිඳට කෲර වධහිංසා සිදු කරනවා නම් එවැනි තැනැත්තන් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුයි. නමුත් අප රටේ දැන් සිදුවන්නේ එවැනි පුද්ගලයන් සමාජයෙන් හුදකලා කිරීමයි. ඔවුන් සමඟ හිත මිතුරුකම් අත්හරිනවා. ඥති සම්බන්ධතා ඈත් කරනවා. නමුත් කළ යුත්තේ එය නොවේ. මෙම පුද්ගයන් තුළ පෙර ආත්මවල සිදු කළ වැරදි ක්‍රියාවන්හි බලපෑම් මතුව ඇති බවට සිදු කරන සංඥවක් ලෙස එය හඳුනාගෙන වහාම වෛද්‍ය උපදේශනයක් සඳහා යොමු කළ යුතුයි. මෙවැනි පුද්ගලයන් අධික ලෙස මත්පැන් පානය කරනවා නම්. මස් වර්ග ආහාරයට ගන්නවා නම් තව තවත් ඔවුන්ගේ නාඩි විකෘතිතා උත්සන්න වෙනවා. ඒ නිසා ඔවුන් එවැනි ආහාර පාන ගැනීමෙන් වළක්වා ගත යුතුයි. මෙම රෝග තත්ත්වයන් පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා දුරකථන අංක 0776500677 ඇමැතිය හැකිය. සංස්කරණය උපාලි ද සේරම් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Jul 2017 05:38 PM රහසක් සමඟ මතුවන හිසරදය මෙවැනි පීඩාවනට පත්ව සිටින කාන්තාවන්ට තමාගේ සැබෑ ජීවිතය අන් අය සමඟ විවෘතව කතා කිරීමට නොහැකි වීම නිසා මානසිකව පීඩා විඳිමින් හිසරදය, නින්ද නොයැම ආදී රෝග ලක්ෂණ සඳහා වේදනා නාශක ඖෂධ වර්ග වෛද්‍යවරුන්ගෙන් ලබා ගෙන තාවකාලික සුවයක් ඇති කර ගන්නවා. හිසරදය කියන්නේ රෝගයක් නොව කිසියම් රෝගයකදී මතුවන රෝග ලක්ෂණයක් යෑයි වෛද්‍යවරු පවසති. සෙම් රෝගවලදී වෛරස හෝ බැක්ටීරියා ආසාදන රෝගවලදී ඇසේ පෙනීමේ දුර්වලතාවලදී ආදී ලෙසින් විවිධ රෝග අවස්ථාවන්හිදී නිතර නිතර පවතින හිසරදය මතුවන බව අපි දනිමු. මීට අමතරව වර්තමානයේ බොහෝ කාන්තාවන් නිතර පීඩා විඳින හිසරදයක් පිළිබඳවද අනාවරණය වෙමින් පවතී. එම හිසරදය පිළිබඳව අපි මදක් විමසා බලමු. වෛද්‍යතුමනි වර්තමානයේ බොහෝ කාන්තාවන් නිතර පීඩා විඳින හිසරද තත්ත්වයට හේතු ලෙස හඳුනාගෙන ඇත්තේ කුමක්ද? විවිධ රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන කාන්තාවන්ගෙන් බොහෝ දෙනෙක් හිසරදය, නින්ද නොයැම, අලස බව ආදී රෝග ලක්ෂණ පවසමින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙනවා. ඔවුන්ගේ රෝග ලක්ෂණ අනුqව පරීක්ෂා කර බැලීමේදී බොහෝ දෙනකුට විශේෂ රෝග තත්ත්වයන් මතු වී නැහැ. නමුත් ඔවුන් පවසන්නේ දැන් දීර්ඝ කාලයක සිට මෙම අපහසුතා සඳහා විවිධ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවත් ඉන් මතුව ඇති අපහසුතාවලට විසඳුමක් ලැබී නැති බවත්ය. මෙවැනි කාන්තාවන් සමඟ ටික වේලාවක් කතා බහ කිරීමේදී හඳුනා ගැනීමට හැකි වූයේ ඔවුන් බොහෝ දෙනකු තම විවාහ ජීවිතයේදී නිසි ලිංගික තෘප්තියක් ලබා නැති බවය. විවාහ වූ නිසා සැමියාගේ අවශ්‍යතා ඉටු කිරීම හැර තමාගේද කැමැත්ත මත ලිංගික කටයුතුවල යෙදීමට ඔවුනට අවස්ථාව ලැබී නැහැ. මෙය ඔවුනට විවෘතව කතා කිරීමට තරම් සමාජ පසුබිමක් අප රටේ තවම උදා වී නැහැ. ඒ නිසා ඔවුන් එය සිතේ සිරකරගෙන දුක් විඳිනවා. මෙම කාන්තාවන්ගේ ස්වාමිපුරුෂයන්ද සිතන්නේ බිරිඳ යනු දරුවන් වැදීමට පමණක් තමන් හා එක්වන කොට්ඨාසයක් බව කියාය. අපි සමාජයේ තාක්ෂණයෙන් දියුණුවක් ලබා තිබුණත් තවමත් එක්තරා පිරිසක් ආගමික සහ සංස්කෘතික කරුණු මුල් කරගෙන කාන්තාව ලිංගික ශ්‍රමිකයකු බවට පමණක්a පත් කරගෙන සිටිනවා. මෙවැනි පීඩාවනට පත්ව සිටින කාන්තාවන්ට තමාගේ සැබෑ ජීවිතය අන් අය සමඟ විවෘතව කතා කිරීමට නොහැකි වීම නිසා මානසිකව පීඩා විඳිමින් හිසරදය, නින්ද නොයැම ආදී රෝග ලක්ෂණ සඳහා වේදනා නාශක ඖෂධ වර්ග වෛද්‍යවරුන්ගෙන් ලබා ගෙන තාවකාලික සුවයක් ඇති කර ගන්නවා. මෙම ගැටලු පිළිබඳව අප නිවැරදි අවබෝධයෙන් යුක්තව හඳුනාගෙන අදාළ විවාහක කාන්තාවන්ගේ ස්වාමිපුරුෂයන් සමඟද සාකච්ඡා කර නිවැරදි විසඳුම් ලබාදිය යුතුයි. වෛද්‍යතුමනි මෙවැනි ප්‍රතිකාර ලබාදීම සඳහා අප වෛද්‍ය සේවාව කෙසේ සකස් විය යුතුද? මෙවැනි රෝග ලක්ෂණ දිගු කාලයක් තිස්සේ පවතිනවා යෑයි කියන කාන්තාවන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණි විට ක්ෂණිකව ඖෂධ ලබා දෙනවාට වඩා ඔවුන්ගේ පවුලේ තොරතුරු විවාහ දිවිය දූදරුවන් පිළිබඳව ආදිය මදක් විමසා බැලුවහොත් මෙය හඳුනාගත හැකියි. එසේම මෙය ඉතා විශ්වාසනීයත්වය මත පදනම්ව ප්‍රතිකාර කළ යුතු අවස්ථාවකි. අප රටේ කාන්තාවන් තවම ලිංගික දිවිය ගැන විවෘතව කතා කරන්නේ නැහැ. ඒ සඳහා ඔවුන් තුළ ලැඡ්ජාවක් බියක් පවතිනවා. එසේම සැමියාගේ ආධිපත්‍යයට යටත්ව දිවි ගෙවීම නිසා තම ගැටලු අන් අයට පැවසීමට බියක් දක්වනවා. ඒ නිසා මෙවැනි ගැටලුවලට ප්‍රතිකාර ලෙස නිසි උපදේශන සේවාවන් ක්‍රියාත්මක විය යුතුයි. එසේ නොවුණහොත් හිසරදය නින්ද නොයැම පමණක් නොව ඔවුනගේ ස්ත්‍රි හෝමෝනවල ඇති වන අසමතුලිතතා නිසා වෙනත් රෝග මතු විය හැකියි. එනම් ඔසප් චක්‍රයේ අක්‍රමිකතා, මඳසරු බව ආදිය ඉන් ප්‍රධාන තැනක් ගන්නවා. විවාහක කාන්තාවකට තම සැමියාගේ ආදරය, කරුණාව අවශ්‍යයි. නමුත් ඇතැම් කාන්තාවන් සිතා සිටිනවා එවැනි ආදරයක්, කරුණාවක් නොව සැමියාගේ සැර පරුෂ බව පමණක් ප්‍රමාණවත් බව. එවිට සැමියාගෙන් ලැබිය යුතු ආදරය, කරුණාවද අහිමි වී යනවා. ඉන්පසු කාලයක් ගත වන විට ඔවුන් නොදැනීම මානසික පීඩාවන්ට ගොදුරු වෙනවා. මෙවැනි කාන්තාවන් බොහෝ දෙනෙක් නිතර නිතර විවිධ රෝග තත්ත්ව කියමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන අවස්ථා දකින්නට ලැබෙනවා. මෙම රෝග තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා දුරකථන අංක 077-5109862 අමතා ලබාගත හැකිය. ආයුර්වේද වෛද්‍ය සුජීව විතාන, සෙත්සුව ආයුර්වේද රෝහල, බටලන්ද ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 23 Jul 2017 06:26 PM හ්ම්ම්ම් ..කාර්ය බහුල ජීවිතයෙ හිස්රදය සාමාන්‍ය දෙයක් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Jul 2017 05:55 PM පිරිමින්ට වඩා කාන්තාවන් ජලය පානයට අවධානය යොමුකළ යුතුයි මිහිපිට වාසය කරන සෑම ජීවියෙකුටම ජීවත්වීම සඳහා අත්‍යවශ්‍යම සාධකයක් වන ජලය අපට ඉතාම වැදගත්. අපේ ශරීරයෙන් 70% ක් ජලය බව අප දන්නා කරුණක්. කාන්තාවන්ගේ ශරීරය විවිධ අවධීන් වල විවිධ වෙනස්කම් වලට ලක්වෙනවා. එවැනි හේතූන් නිසා කාන්තාවන් තම ශරීරයට ඇති ජලයේ අවශ්‍යතාවය පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුයි. වර්තමානයේ බොහෝ කාන්තාවන්ට පවතින ගැටලුවක් වන්නේ තම ශරීර උෂ්ණත්වය වැඩිවීමයි. එහිදී විශේෂයෙන්ම දරුවන් පිළිසිඳ ගැනීමේදී ගැටලු ඇති වීමට ඉඩ තියෙනවා. මේ තත්ත්වය මගහරවා ගැනීමට වැඩිපුර ජලය පානය කිරීම මගින් ශරීරය සිසිල්ව තබා ගැනීම යෝග්‍ය වේ. කෙනෙකුට පිපාසයක් ඇතිවන්නේ ශරීරයට අවශ්‍ය ජලය ප්‍රමාණය අඩුවූ විටයි. එසේ පිපාසයක් දැනෙන තෙක් ජලය පානය නොකිරීම සිරුරට අහිතකරයි. පැය 2 කට වරක් වතුර වීදුරුවක් පානය කිරීමට පුරුදු විය යුතුයි. අප පුරුදුව සිටින්නේ ආහාර ගැනීමෙන් පසු ජලය පානය කිරීමටයි. නමුත් එය නිවැරදි ක්‍රමය නොවේ. කෑමට ටික වේලාවකට පෙර ජලය පානය කළ යුතුයි. ආහාර ගැනීමෙන් පසු එතරම් ජලය පානය කිරීම යෝග්‍ය නොවේ. එමෙන්ම නින්දට යාමට පෙර ජලය පානය කිරීමද උචිත නොවේ. පුද්ගලයකුගේ අස්ථිවල 25% ක්ම ජලය පවතින හේතුවෙන් අස්ථිවල ක්‍රියාකාරිත්වයට ජලය ඉතාමත් වැදගත් වේ. එසේ සැළකිලිමත් නොවීම හේතුවෙන් කාන්තාවන්ට වයසට යාමේදී ඇතිවන අස්ථි රෝග අවදානම වැඩිවී තිබෙනවා. දිනකට අවම වශයෙන් ජලය ලීටර් 2 1/2 ක් වන් පානය කළයුතු අතර ඊට අමතරව කැඳ වර්ග, කැල්සියම් අඩංගු කිරි වර්ගද පානය කිරීම මගින් අස්ථි රෝග වැළඳීමේ අවදානම අවම කරගත ඇති වෙනවා. කාන්තා සිරුරේ අභ්‍යන්තර ක්‍රියාවලින්ට මෙන්ම හිසකෙස්වල, නිය හා සමේ නිරෝගිභාවයටද ජලය අත්‍යවශ්‍යයයි. සම රැලි වැටීම වලක්වා දිදුලන නිරෝගී දීප්තිමත් සමක් පවත්වා ගැනීමට තෙතමනය දෙන ආලේපන වර්ග ගැල්වීමට වඩා අභ්‍යන්තරයෙන් ලබාදෙන පෝෂණය ඉතා වැදගත් වෙයි. යොවුන් වියේදී තරුණියකගේ ශරීරය ඇතුළතින් මෙන්ම බාහිරින්ද විවිධ වෙනස්කම් වලට ලක්වෙනවා. ඒ වගේම මනසත් වෙනස් වීම් වලට ලක්වෙනවා. මෙම ක්‍රියාවලින් සමඟ ශරීරය නිරෝගීව තබා ගැනීමට ජලය පානය කිරීම ඉතාමත් වැදගත් කාරණාවක්. නිතරම රූප ශෝභාව ගැන උනන්දු වන කාන්තාවන්ට තමන්ගේ තරුණ බව, සමේ තෙතමනය හා පැහැපත් බව රැකගැනීමට මෙන්ම නිරෝගී බව රැකගැනීමට හැකි වැදගත්ම ක්‍රමය ජලය වැඩිපුර පානය කරමින් ශරීරයේ සිසිල් බව ආරක්ෂා කරගැනීම බව සිතිය යුතුයි. රසාංගනී හේරත් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Jul 2017 06:01 PM කාන්තා සිරුරේ උෂ්ණාධික බවට ගුණ ඉරමුසු තුන් දොස් නසා ශරීරය සුවපත් කරන ඖෂධීය ගුණයකින් යුත් ඉරමුසු වරා කුලයට අයත් ශාකයකි. බිම දිගට ඇදෙන මෙම ශාකයේ කොළ සාමාන්‍යයෙන් දිගටි ස්වරූපවලින් දැකිය හැකියි. දකුණු ඉන්දියාවේ බොහෝ ප්රදේශවලද දැකගත හැකි ඉරමුසු ශාකය ලංකාවේ මුහුදු මට්ටමින් අඩි 2500 කට වඩා උස් නොවූ ප්‍රදේශවල බහුලව දැකිය හැකි වේ. ඉරමුසු මුල ඉතාමත් ප්‍රසන්න වූ සුවඳකින් යුක්ත වන අතර ශාකය සම්පූර්ණයෙන් යොදා හදන කැඳ හා කොළ, දඬු, මුල් තම්බා හදන ඉරමුසු පානය ශරීරයට ඉතාමත් ගුණදායක වේ. අතීතයේ සිටම පැවති විශ්වාසනීය ඖෂධීය ගුණ ඇති මෙම ශාකය මෙන්ම රණවරා, නෙල්ලි හා රසකිඳ යන ශාක කොටස් ද තම්බා පානයට ගැනීම රෝගාබාධ වලින් මිදීමට හේතු වේ. සීතල ප්‍රදේශවල ඉතා හොඳින් වැඩෙන ඉරමුසු විශේෂයෙන්ම කාන්තාවන්ගේ ශරීරයේ උෂ්ණාධික බව සමනය කිරීමට හැකි පානයකි. කළු ඉරමුසු හා එළ ඉරමුසු ලෙස දෙවර්ගයකින් පවතින අතර මෙම දෙවර්ගයම ගුණෙන් මෙන්ම සුවඳින්ද උසස් වේ. ඉරමුසු නැටි හොඳින් තලා උළුහාල් හා සූදුරු එක්කර තම්බා මඳ රස්නයෙන් පානය කිරීම ශරීරයේ උෂ්ණාධික බව අඩු වීමට ඉතා යෝග්‍ය වේ. මුත්‍රා රෝග, ගල්, ලේ පිරිසිදු වීමට, රුධිරය අඩු බවට, මුත්‍රා දැවිල්ල, බඩවැල් වල හා ආමාශයේ තුවාල, ඇඟ කැසීම, සෙම, ආහාර අරුචිය වැනි බොහෝ රෝග සඳහා ද ඉරමුසු පානය ගුණදායක වේ. ඉරමුසු යෙදූ කසාය හා අරිෂ්ට මඟින් බොහෝ රෝග සුව කර ගැනීමේ හැකියාව ඇත. එහිදී අපස්මාරය, ස්වසන ආබාධ, උපදංශ රෝග, ඇස් රෝග, වාත රෝ, රත් පිත් රෝග සහ මී විෂ නිසා වැළඳුණුq රෝග වලට ඉක්මන් සුවය ලබා දෙයි. පානයක් ලෙස පමණක් නොව ඉරමුසු විවිධාකාරයෙන් ආහාරයට ගත හැකිය. එහිදී ඉරමුසු කොළ හොඳින් සෝදා හීනියට ලියා, පොල්, ලූනු, ලුණු, දෙහි දමා සම්බෝලයක් ලෙස ද සකස් කර ගත හැකිය. හොඳින් සෝදාගත් ඉරමුසු මල් මදපවනේ වේලා කොත්තමල්ලි ඇට, පෙරුම්කායම් හා සූදුරු සමඟ අඹරා මී පැණි සමඟ අනා ගම්මිරිස් ඇට දෙකක ප්‍රමාණයක් තැඹිලි වතුරෙන් පානය කිරීම තුළින් ශරීරයේ ලේ පිරිසිදු වේ. එමෙන්ම කටහෙŒ ඇතිවන අපහැදිලි බව මඟහරවා ගැනීමට ඉරමුසු නැටි කුඩු කර මී පැණි සමඟ අනා අනුභව කිරීමෙන් කටහෙŒ මිහිරි ස්වාභාවය රැකගත හැකිය. රසාංගනී හේරත් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Jul 2017 06:07 PM හිස ඔසවන භයානක ඩෙංගු ගෙවත්ත පිරිසිදු වීම ප්‍රමාණවත් නොවන්නේ ඩෙංගු මදුරුවාට සැතපුම් ගණන් දුර පියඹා යා හැකි නිසා වෙන් බව අමතක නොකළ යුතු කාරණාවකි. ඩෙංගු රෝගයට දිනෙන් දින ගොදුරු වන පිරිස දෙස බැලීමේදී රෝගය වසංගත තත්ත්වයට පත්ව ඇති බවක් පෙනෙන්නට තිබේ. ඒ තරමටම රෝගය භයානක වී තිබේ. අපගේම වරදින් මුහුණදීමට වන රෝගයක පිළියම අප අතේ තිබියදී හැකි පමණින් ඒ වෙනුවෙන් වෙහෙසීම අප අපම වෙනුවෙන් බව අමතක නොකළ යුතුය. කසළ බෑගය, බිස්කට් කවරය වැනි දෙය මඟ දෙපස දමා යන සමාජයක තැන තැන කුණු ගොඩ ගැසෙන්නේ නිරායාසයෙනි. යෝගට් කෝප්ප, ප්ලාස්ටික් බීම බෝතල්, මග දෙපස සුලභ දසුන් වී හමාරය. තමන් කන ටොµs කොළය මහ ලොකු දෙයක් යෑයි නොසිතුවාට දස දෙනකු එය බිමට දැමුවා නම් එතැන එකතුවන කොළ ප්‍රමාණයක් ඇත. කසළ ගොඩ එකතු වන්නට එක් එක් අය ඉවතලන කුඩා ටොµs කොළයක ප්‍රමාණය ප්රමාණවත්ය. අප තේරුම් ගත යුතු වන්නේ එයය. තමන් කන ටොµs කොළයවත් මහමඟ නොදැමීමට දරුවන් දැනුවත් කිරීමටය. පොල්කටුව, හිස් සැමන් ටින් එක තැඹිලි කෝම්බ මෙන්ම ඉවතලන සිලිසිලි බෑගය පවා වතුර එක්රැස් වන ස්ථානයන්ය. මෙවැනි දැ නිසි ලෙස ඉවත නොදමා ජලය රැස්වන ලෙසට පරිසරය සකස් කර ගැනීම තුළ ඇති භයානකකම අප අභියස හොඳ හැටි දක්නට ඇත. කරුණු කාරණා භයානක වන නිසාවෙන් නිවසේ කුණු තැන තැන නොදමා නිසි ලෙස කළමනාකරණය කර ගැනීමේ ලොකුම වගකීම ඇත්තේ කාන්තාව අතය. ඒ වෙනුවෙන් දරුවන් මෙන්ම නිවැසියන් දැනුවත් කිරීමේ හැකියාව ඇත්තේ ද ඇයටය. තම ගෙවත්ත පිරිසිදු කර ගැනීමට යෑයි සිතමින් අසල ඇති පාළු වත්තට කුණු කසළ විසිකර දැමීම අද බොහෝ විට දක්නට ඇත. එලෙස කුණුකසළ විසිකර දැමීමේදී තම ගෙවත්තට පැමිණෙන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙතින් ප්‍රශංසා ලබාගැනීම පිටුපස ඇති භයානකකම සැබැවින්ම නොදන්නවාද, නැතිනම් නොදන්නවා මෙන් සිටිනවාදැයි යන ප්රශ්නය සිතා බැලීමේදී ඩෙංගු රෝගය බෝවන අයුරු පිළිබඳ නොදන්නා කෙනෙකු නොමැති බව සිතීමේදී දැනෙන්නේ දුකක් වේදනාවක්මය. ඩෙංගු මදුරුවාට සැතපුම් දහයකට වඩා දුර පියාඹා යා හැකි බව තතු දන්නෝ පෙන්වා දෙති. එසේ නම් අසල පාළු වත්තේ කුණු ගොඩ, ගම මැද එකතු වන කුණුගොඩ මෙන්ම නගරය මැද එකතුවන කුණු ගොඩත් කොතරම් භයානකදැයි මොහොතක් සිතා බැලිය යුතුය. ඩෙංගු රෝගය වසංගතයක් බවට පත්වීමත් සමඟ බිය, තැතිගැනීම හමුවේ රෝගයෙන් ගැලවීමට යම් ක්‍රියාමාර්ගයක් විඳුමක් වේ නම් එය කොතරම් භාග්‍යයක්ද? පෙනෙන්නට ඇති එකම විසදුම මදුරුවන් බෝවන ස්ථාන සමාජයෙන් ඉවත්කර ගැනීම පමණක් බව පිළිගන්නට සිදු වී ඇත. සංස්කරණය වසන්තා ශ්‍රියාකාන්ති ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Jul 2017 06:09 PM දද කුෂ්ඨ සුවයට ඖෂධීය ජලයේ වැදගත්කම චර්ම ආසාදනයක් ඕනෑම අයෙකුට ඇතිවීමේ හැකියාව තිබේ. ප්‍රධාන හේතු ලෙසට ගර්භනී කාලයේ ගර්භනී පරිචර්යා (පිළිවෙත්) නිසි පරිදි නොපිළිපැදීම නිසා සමට අහිතකර අධික උෂ්ණ ආහාර සේවනය (ගැනීම) කිරීමෙන් බිහිවන දරුවාට චර්ම ආසාදන ඇතිවිය හැකිය. එමෙන්ම ඕනෑම වයසක අධික උෂ්ණ ආහාර වර්ග අසාත්මික පුද්ගලයන් ඒවා වැඩිපුර සේවනය (ගැනීම) මගින් සහ සිරුරෙන් මැඩ පැවැත්වීමට ශක්තිය නොමැතිව වරෙක ජානමය ගැටලු මත චර්ම රෝග ඇතිවිය හැක. උදාහරණ ලෙසට දද, කුෂ්ඨ, සහ චර්ම ආසාදන (කැසීම්, රත් පැහැ පැල්ලම් වැනි තත්ත්ව) පෙන්වා දීමේ හැකියාව තිබේ. එමෙන්ම ඇතැම් විටදී සමේ රතු පැහැ පළු, බිබිලි, කැසීම වර්ධනය වී තුවාල වී තවදුරටත් අවධානයක් යොමු නොවී නම් මතුවන අවස්ථාව පිළිබඳ නොදැනුවත්කම අනුව ආහාර ගැනීම තුළින් දද කුෂ්ඨ වර්ධනය වීමට පුළුවන. ඇදුම වැනි රෝගවලදී ඇදුම රෝගය යටපත් වන විට (සුව වන විට) දද කුෂ්ට මතුවන බවට සමාජය තුළ කතා බහක් තිබේ. එහෙත් චීනකටු චිකිත්සාව මගින් ප්‍රතිකාර කිරීමේදී එය එලෙසින් නොවන්නට ප්‍රතිකාර කරන්නේ නැවත රෝගයක් මතු නොවන ලෙසිනි. නිසි නිල උත්තේජනයෙන් ඇදුම සුව වන විට නිසි නිල උත්තේජනය තුළ කුෂ්ඨ, දද මතු වීමක් නොවනු ඇත. කිරි දෙන මව දරුවාට කිරි දෙන විට අධික උෂ්ණ ආහාරයෙන් වැළකිය යුතුය. මවුකිරිවලින් දරුවාට පෝෂණය ලැබෙන නිසාවෙන් පිරිසිදු ජලය, අලුත් එළවළු, පලතුරු ආහාරයට එකතු කර ගනිමින් සමබර ආහාරයක් ලබාගැනීමට වග බලා ගත යුතුය. එවිට මවුකිරි මගින් ළදරුවාට හොඳ ප්‍රතිශක්තිකරණයක් ලැබෙන්නේය. කුෂ්ඨ රෝග තිබෙන දරුවන් නෑවීමේදී ඒ සඳහා සුදුසු ඖෂධ තැම්බූ ජලය යොදා ගැනීම යෝග්‍යය. ඒවා නම් වැල්මදට, හීන් නිදි කුම්බා, පොකුරු වද මල්, රත්මල්, කොහොඹ කොළ, අමු කහ, ගන්සූරිය, වෙනිවැල්ගැට ඖෂධීය දේය. මෙවැනි ද්‍රව්‍ය එකක් දෙකක් හෝ කිහිපයක් මිශ්‍ර කර සාදාගත් ඖෂධීය ජලය කුෂ්ඨ රෝගී දරුවන් නෑවීමට ඉතා යෝග්‍යය. කොහොමටත් නිරෝගී දරුවන් නෑවීම සඳහා එදා අපේ වැඩිහිටියන් ඖෂධීය ජලය යොදා ගත්තේ දරුවාට නිරෝගී භාවය ලබා දීමටය. වැඩිහිටි අයට මේවා තම්බා දද කුෂ්ඨ ඇති තැන් සේදීමට පුළුවන. එමගින් ආසාදිත චර්ම රෝගය පැතිරීම අඩුවනු ඇත. සමට සුවයක් දැනෙනු ඇත. මෙමගින් ප්‍රතිශක්තිකරණයේ වර්ධනයට යම් රුකුලක් ලැබෙන තත්ත්වයක් ඇත. ඖෂධීය ජලයෙන් සේදුම කරනවාට අමතරව ඖෂධ භාවිත කළ හැක. ඒ සමඟම ආහාර රටාව ගැන අවධානය යොමු කළ යුතුය. එය වැදගත්ම කාරණාවක් වන්නේය. මෙහිදී විශේෂයෙන් මතක තබා ගත යුතු වන්නේ දද කුෂ්ඨ වැනි රෝග ඖෂධයක් ගෙන තාවකාලිකව යටපත් කර නොගැනීමටයි. නිට්ඨාවට සුවය ලබා ගැනීම තුළ චීන කටු ප්‍රතිකාරයේ නිට්ඨාවට සුවය ලබාගත හැකි තත්ත්වයක් තිබේ. මෙහිදී රෝගියාගේ රෝග තත්ත්වය විමසා බලා හේතුව අනුව ප්‍රතිකාර කිරීමත් පෙනහලු ආරක්ෂා කරමින් වෙනත් රෝග ඇතිවීමේ හැකියාව අවම කරමින් අතුරු ආබාධවලින් තොර රෝගය සුවකර ගැනීමේ හැකියාව තිබේ. කොපමණ කල් ගත වූ දද, කුෂ්ඨ වුව චීනකටු ප්‍රතිකාරයේ ඇති ප්‍රතිකාර සාර්ථක ප්‍රතිඵල ලබාදේ. ලප කැළැල් නොමැතිව රෝග සුවයට ටික දිනක් ගත වනු ඇත. මෙවැනි රෝගීන් රෝගය සඳහා ප්‍රතිකාර ගැනීමේදීත් රෝග සුවයෙන් පසුත් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තිබේ. එනම්, අසාත්මික ආහාර, තමන් ගේ සමට නොගැළපෙන පාවහන් පැලඳීම, සම් සහිත පාවහන් තෙත තත්ත්වයේ පැලඳීම, නයිලෝන් මේස් පැලඳීම, පාවහන් රහිතව මඩේ ගොස් පාද සෝදා හොඳින් පිසදා නොගැනීම තුළ ඇඟිලිකරු වනවීම වැනි තත්ත්වයන් මඟහරවා ගැනීමය. අසාද්මික තුවාලවල අවට පිරිසිදුව සෝදා වියළි තත්ත්වයේ තබා ගැනීම තුළ ක්ෂුද්රජීවී ආසාදාන අවම වනු ඇත. වෛද්‍ය අමිලා කේ.ජයසිංහ සංස්කරණය වසන්තා ශ්‍රියාකාන්ති ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Jul 2017 06:17 PM දද කුෂ්ඨ සුවයට ඖෂධීය ජලයේ වැදගත්කම චර්ම ආසාදනයක් ඕනෑම අයෙකුට ඇතිවීමේ හැකියාව තිබේ. ප්‍රධාන හේතු ලෙසට ගර්භනී කාලයේ ගර්භනී පරිචර්යා (පිළිවෙත්) නිසි පරිදි නොපිළිපැදීම නිසා සමට අහිතකර අධික උෂ්ණ ආහාර සේවනය (ගැනීම) කිරීමෙන් බිහිවන දරුවාට චර්ම ආසාදන ඇතිවිය හැකිය. එමෙන්ම ඕනෑම වයසක අධික උෂ්ණ ආහාර වර්ග අසාත්මික පුද්ගලයන් ඒවා වැඩිපුර සේවනය (ගැනීම) මගින් සහ සිරුරෙන් මැඩ පැවැත්වීමට ශක්තිය නොමැතිව වරෙක ජානමය ගැටලු මත චර්ම රෝග ඇතිවිය හැක. උදාහරණ ලෙසට දද, කුෂ්ඨ, සහ චර්ම ආසාදන (කැසීම්, රත් පැහැ පැල්ලම් වැනි තත්ත්ව) පෙන්වා දීමේ හැකියාව තිබේ. එමෙන්ම ඇතැම් විටදී සමේ රතු පැහැ පළු, බිබිලි, කැසීම වර්ධනය වී තුවාල වී තවදුරටත් අවධානයක් යොමු නොවී නම් මතුවන අවස්ථාව පිළිබඳ නොදැනුවත්කම අනුව ආහාර ගැනීම තුළින් දද කුෂ්ඨ වර්ධනය වීමට පුළුවන. ඇදුම වැනි රෝගවලදී ඇදුම රෝගය යටපත් වන විට (සුව වන විට) දද කුෂ්ට මතුවන බවට සමාජය තුළ කතා බහක් තිබේ. එහෙත් චීනකටු චිකිත්සාව මගින් ප්‍රතිකාර කිරීමේදී එය එලෙසින් නොවන්නට ප්‍රතිකාර කරන්නේ නැවත රෝගයක් මතු නොවන ලෙසිනි. නිසි නිල උත්තේජනයෙන් ඇදුම සුව වන විට නිසි නිල උත්තේජනය තුළ කුෂ්ඨ, දද මතු වීමක් නොවනු ඇත. කිරි දෙන මව දරුවාට කිරි දෙන විට අධික උෂ්ණ ආහාරයෙන් වැළකිය යුතුය. මවුකිරිවලින් දරුවාට පෝෂණය ලැබෙන නිසාවෙන් පිරිසිදු ජලය, අලුත් එළවළු, පලතුරු ආහාරයට එකතු කර ගනිමින් සමබර ආහාරයක් ලබාගැනීමට වග බලා ගත යුතුය. එවිට මවුකිරි මගින් ළදරුවාට හොඳ ප්‍රතිශක්තිකරණයක් ලැබෙන්නේය. කුෂ්ඨ රෝග තිබෙන දරුවන් නෑවීමේදී ඒ සඳහා සුදුසු ඖෂධ තැම්බූ ජලය යොදා ගැනීම යෝග්‍යය. ඒවා නම් වැල්මදට, හීන් නිදි කුම්බා, පොකුරු වද මල්, රත්මල්, කොහොඹ කොළ, අමු කහ, ගන්සූරිය, වෙනිවැල්ගැට ඖෂධීය දේය. මෙවැනි ද්‍රව්‍ය එකක් දෙකක් හෝ කිහිපයක් මිශ්‍ර කර සාදාගත් ඖෂධීය ජලය කුෂ්ඨ රෝගී දරුවන් නෑවීමට ඉතා යෝග්‍යය. කොහොමටත් නිරෝගී දරුවන් නෑවීම සඳහා එදා අපේ වැඩිහිටියන් ඖෂධීය ජලය යොදා ගත්තේ දරුවාට නිරෝගී භාවය ලබා දීමටය. වැඩිහිටි අයට මේවා තම්බා දද කුෂ්ඨ ඇති තැන් සේදීමට පුළුවන. එමගින් ආසාදිත චර්ම රෝගය පැතිරීම අඩුවනු ඇත. සමට සුවයක් දැනෙනු ඇත. මෙමගින් ප්‍රතිශක්තිකරණයේ වර්ධනයට යම් රුකුලක් ලැබෙන තත්ත්වයක් ඇත. ඖෂධීය ජලයෙන් සේදුම කරනවාට අමතරව ඖෂධ භාවිත කළ හැක. ඒ සමඟම ආහාර රටාව ගැන අවධානය යොමු කළ යුතුය. එය වැදගත්ම කාරණාවක් වන්නේය. මෙහිදී විශේෂයෙන් මතක තබා ගත යුතු වන්නේ දද කුෂ්ඨ වැනි රෝග ඖෂධයක් ගෙන තාවකාලිකව යටපත් කර නොගැනීමටයි. නිට්ඨාවට සුවය ලබා ගැනීම තුළ චීන කටු ප්‍රතිකාරයේ නිට්ඨාවට සුවය ලබාගත හැකි තත්ත්වයක් තිබේ. මෙහිදී රෝගියාගේ රෝග තත්ත්වය විමසා බලා හේතුව අනුව ප්‍රතිකාර කිරීමත් පෙනහලු ආරක්ෂා කරමින් වෙනත් රෝග ඇතිවීමේ හැකියාව අවම කරමින් අතුරු ආබාධවලින් තොර රෝගය සුවකර ගැනීමේ හැකියාව තිබේ. කොපමණ කල් ගත වූ දද, කුෂ්ඨ වුව චීනකටු ප්‍රතිකාරයේ ඇති ප්‍රතිකාර සාර්ථක ප්‍රතිඵල ලබාදේ. ලප කැළැල් නොමැතිව රෝග සුවයට ටික දිනක් ගත වනු ඇත. මෙවැනි රෝගීන් රෝගය සඳහා ප්‍රතිකාර ගැනීමේදීත් රෝග සුවයෙන් පසුත් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තිබේ. එනම්, අසාත්මික ආහාර, තමන් ගේ සමට නොගැළපෙන පාවහන් පැලඳීම, සම් සහිත පාවහන් තෙත තත්ත්වයේ පැලඳීම, නයිලෝන් මේස් පැලඳීම, පාවහන් රහිතව මඩේ ගොස් පාද සෝදා හොඳින් පිසදා නොගැනීම තුළ ඇඟිලිකරු වනවීම වැනි තත්ත්වයන් මඟහරවා ගැනීමය. අසාද්මික තුවාලවල අවට පිරිසිදුව සෝදා වියළි තත්ත්වයේ තබා ගැනීම තුළ ක්ෂුද්රජීවී ආසාදාන අවම වනු ඇත. වෛද්‍ය අමිලා කේ.ජයසිංහ සංස්කරණය වසන්තා ශ්‍රියාකාන්ති ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 33 of 137 << < 3132333435 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner