Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 34 of 137 << < 3233343536 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 24 Jul 2017 06:21 PM ඉඟුරුවල පිළිකා නැසීමේ ගුණ තිබෙනවා ආයුර්වේදයේ දී බොහෝ රෝග සඳහා ඖෂධයක් ලෙස ඉඟුරු යොදා ගැනීම සිදුකරනවා. සමහර පිළිකා නැසීමේ ගුණයක් ද මේ ඉඟුරුවල තිබෙන බව පරීක්ෂණ වලින් සනාථ වෙලා තියෙනවා. ඊට අමතරව ශරීරයේ ඇති වන බොහෝ ලෙඩ රෝග ගණනාවකටම ඉඟුරු ඖෂධයක් ලෙස යොදා ගන්නවා. ආහාර අරුචිය මළ බද්ධය කාන්තාවන්ගේ ඔසප් වේදනාව හෘද රෝග පෙනහලු ආශ්රිත රෝග කොලෙස්ටරෝල් උදර වේදනාව වමනය ඔක්කාරය උණ රෝගය ආදී බොහෝ රෝග තත්ත්වයන්වල සුවය සඳහා ඉඟුරු භාවිත කළ හැකි ආකාර ගණනාවක් පවතිනවා. * ආහාර අරුචිය ඇති විටකදී ඉඟුරු තැම්බූ වතුරට දෙහි ඇඹුල් ස්වල්පයක් දමා පානය කිරීම. * අරළු, වියළි ඉඟුරු හා සහිඳ ලුණු තම්බා බීමෙන් ආහාර රුචිය වැඩිවේ. * වියළි ඉඟුරු, කරපිංචා කොළ හා අරළු තම්බා බීමෙන් මළ බද්ධය හා උදරය පුරවා දැමීම වළකාලයි. * වමනය ඇති අවස්ථාවකදී ඉඟුරු ඉස්ම මී පැණි සමඟ මිශ්‍ර කර පානය කිරීමෙන් වමනය නතර වෙයි. * උණ රෝගය වැළඳී ඇති අවස්ථාවකදී ඉඟුරු හා කොත්තමල්ලී තම්බා පානය කිරීම ගුණදායකයි. * අධි රුධිර පීඩනයෙන් පෙළෙන අයකුට නම් දිනපතා ඉඟුරු ඉස්ම තේ හැන්දක් මී පැණි තේ හැන්දක් සමඟ මිශ්‍ර කර පානය කිරීම සුදුසුයි. * දිනකට එකවරක්වත් බොන තේ කෝප්පයටම ඉඟුරු ඉස්ම තේ හැන්දක් පමණ මිශ්‍ර කර පානය කිරීමද අධි රුධිර පීඩනයට ගුණදායකයි. * තරුණ කාන්තාවන් අතර පවතින ඔසප් වේදනාව, 80 - 85 % ප්‍රමාණයකින් අඩු වීමට ඉඟුරු ඖෂධයක් ලෙස භාවිත කිරීම හේතු වෙලා තියෙනවා. * ඉඟුරු තම්බාගත් වතුර අඬුකෝප්ප භාගයකට සීනි තේ හැන්දක් මිශ්‍ර කර පානය කිරීමෙන් එම වේදනාව ක්‍රමයෙන් අඩු වෙනවා. * ඉඟුරු භාවිතය මඟින් ශරීරයේ ඇතිවන විවිධ වෙනස්කම් පාලනය කරනවා. තරුණ බව රැක ගැනීමට ඉතාමත් යෝග්‍ය වන ඉඟුරු සම රැලි වැටීම සහ සන්ධි රෝග ප්‍රමාද කරනවා. දිනපතාම තම ආහාරයට හෝ තේ කෝප්පයට ඉඟුරු කැබැල්ලක් එක් කර ගැනීමෙන් තරුණ බව රැකගන්න පුළුවන්. * හතිය, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග පවතීනම් ඉඟුරු, කරාබු නැටි, ගම්මිරිස් සමව ගෙන කුඩුකර එම කුඩු තේ හැඳි 1/2 පමණ දිනකට දෙවරක් උණුවතුරින් පානය කිරීම ඉතාමත් ගුණදායකයි. ශරීරයේ රෝගාබාධ වළකා ගනිමින් තරුණ පෙනුම රැකගැනීමට දිනපතා ඉඟුරු ආහාරයට ගැනීමට ඔබත් හුරුවන්න. රසාංගනී හේරත් සංස්කරණය වසන්තා ශ්‍රියාකාන්ති ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 24 Jul 2017 06:34 PM ඉගුරු කියන්නෙ හරිම ගුන කැමක් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 24 Jul 2017 10:29 PM ඉඟුරු කියන්නේ හොඳ ඖෂධ යක් .. ආයුර්වේදයට අනුව හොඳ අනුපානයක් . සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 DushanVeteran MemberPosts:2536 24 Jul 2017 11:06 PM බොහොම වටිනා විස්තරයක් 0 maduranga001Most Senior MemberPosts:14118 25 Jul 2017 03:31 AM ඒව වගේම ඉගුරු කියන්නෙ තියෙන සුළු අපනයන භෝගයක්. හැබැයි ඉඟුරු අලයට එන ලෙඩේ මුලින්ම හඳුනාගන්න ඕන. නැත්නම් කපෝති. යට තියෙන නිසා පේන්නෙත් නැහැනේ. ගුණදායක වගේම රසවත් දෙයක් තමයි ඉගුරු. ප්ලේන්ටියකට දැම්මම පංකාදු පහයි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 chamaramindMost Senior MemberPosts:13471 25 Jul 2017 05:46 PM නිවසේ ඇති කරන බල්ලන් ගැන දැනගත යුතු කරුණු අපගේ නිවෙස්හි ඇති කරන සතුන් අතර බල්ලාට ඇත්තේ ප්රමුඛ ස්ථානයකි. සුරතලයටත්, නිවසේ ආරක්ෂාවටත් ලෙසින් අප බල්ලන් ඇති කරන්නෙමු. බල්ලාට කථා බහකළ නොහැකි වූවත් එම සතාටත් බොහෝ හැඟීම් දැනීම් පවතී. එබැවින් නිවසේ ඇතිකරන බල්ලා ගැන අප යම් අවබෝධයක් ලබාගැනීම වැදගත්ය. වෛද්‍යතුමියනි, නිවසක ඇතිකිරීම සඳහා බලු පැටවකු රැගෙන ඒමේදී අවධානය යොමුකළ යුතු කරුණු මොනවාද? මුලින්ම අප අවධානය යොමුකළ යුත්තේ බලු පැටවා අප නිවසට රැගෙන එන්නේ කුමන අවශ්‍යතාවයක් සඳහා දැයි කියාය. බොහෝ දෙනා බලු පැටවකු ඉතා කුඩා ප්‍රමාණයෙන් දුටුවිට එම පැටවා ගැන ආශාවක් ඇතිකරගන්නවා. එම ආශාව නිසා සුරතලයට ඇති කරන්න කියා රැගෙන එනවා. හැබැයි එම සතා ලොකුවෙන කොට මුලින් පැවතී හුරුබුහුටි බව අඩුවී යන විට සුරතලයට වඩා එම සතාගෙන් බලාපොරොත්තුවන්නේ නිවසේ ආරක්ෂාවයි. එවිට එම සතාට මුලින් තිබූ ආදරයත් අඩුවෙනවා. තවත් පිරිසක් තමාගේ පෞද්ගලික ජීවිතයේ පවතින පාලුව තනිකම නැතිකර ගැනීම සඳහා සුරතලයට බල්ලන් ඇතිකරනවා. එම සතා මියයන තුරුම ආදරයෙන් සුරතල් සතකු ලෙස හදා ගන්නවා. නිවසේ ආරක්ෂාව මූලික කරගෙනම බල්ලන් ඇතිකිරීම සඳහාත් තව පිරිසක් යොමුවෙනවා. එනිසා අප බල්ලකු නිවසට රැගෙන ඒමට පෙර අපගේ අවශ්‍යතාවය කුමක්දැයි කියා නිවැරදි අවබෝධයක් ඇතිකරගත යුතුයි. එහෙම නොවුණහොත් සිදුවන්නේ එම සතා නිවස තුළදී හිංසා පීඩාවට ලක්වීමයි. එවිට එම සතුන් දැඩි ලෙස මානසික පීඩනයට පත්වෙනවා. මෙම මානසික පීඩනය නිසා ඔවුන් කිසිවකුට කීකරු නැතිවෙනවා. තමුන්ගේ ඇඟට අත තබන ඕනෑම අයකු සපාකන්න යොමුවෙනවා. තැන තැන මල මුත්‍රා කරමින් තමා තුළ ඇති විරෝධය පානවා. * සුරතලයට ඇති කරන බල්ලන් සුරතලයට ඇති කරන බල්ලන් වර්ග රැසක් සිටිනවා. මෙම බොහෝ සතුන් කිලෝ ග්‍රෑම් 10-15 ට වඩා බර අඩුයි. ශරීර ප්‍රමාණයෙන්ද කුඩාය. මේ අතර ශරීරය විශාල වර්ගද සිටිනවා. සුරතලයට ඇති කරන බල්ලන් වර්ග අතර පොමනේරියන්, ඩෑෂ් හවුන්ඩ් බොහෝදෙනා අතර ජනප්‍රියයි. * සුරතලයට සහ නිවසේ ආරක්ෂාව සඳහා ඇති කරන බල්ලන් අප බොහෝදෙනා නිවසේ බල්ලන් ඇතිකිරීමේ ප්‍රධාන අරමුණ කරගෙන සිටින්නේ සුරතලයත් නිවසේ ආරක්ෂාවත් දෙකම ලබාගැනීමයි. ඒ සඳහාද විවිධ වර්ග රැසක බල්ලන් සිටිනවා. එම වර්ග අතරින් රොට් වයිලර්, ඩ්රබර්මාන්, බොක්සර්, ජර්මන් ෂෙපඩ් වර්ගයේ බල්ලන් අප රටේ බොහෝදෙනා ඇතිකරනවා. * ආරක්ෂාව සඳහා ඇතිකරන බල්ලන් නිවසේ ආරක්ෂාව සඳහා ඇතිකරන බල්ලන් ද වර්ග රැසක් සිටිනවා. ඒ අතර රොට් වයිලර් වර්ගයේ බල්ලන් නිවසේ එක් අයකුට පමණක් කීකරු බවක් දක්වනවා. තම ස්වාමියාට පමණක් කීකරු බල්ලන් ලෙස ඔවුන් හඳුන්වනවා. වෛද්‍යතුමියනි, අප රටේ බොහෝ ජනප්‍රිය වර්ගයක් ලෙස සලකන්නේ වල් බල්ලන්ය. මෙම වර්ගයේ බල්ලන් නිවසේ ඇතිකිරීම සුදුසුද? ඇත්තටම වල් බල්ලන් කියන්නේ අපේ රටේ පරිසරයට අනුවර්තනය වූ වර්ගයකි. මෙම සතුන් පරයා වර්ගයට අයත් බල්ලන් (Pariah Dog) ලෙස හඳුන්වනවා. මෙම වර්ගයේ බල්ලන් අප එදිනෙදා ගන්නා ආහාර වර්ග ගැනීමට හුරුවී සිටිනවා. සාමාන්‍යයෙන් බල්ලන් මාංශ වර්ග අනුභවයට වැඩි කැමැත්තක් සහිතයි. නමුත් පරයා කියන වර්ගයට අයත් බල්ලන් බත්, පාන් ආදිය ආහාරයට ගැනීමට හුරුවී සිටිනවා. ඔවුන් ලෙඩ රෝග වලට ඔරොත්තුදීමේ හැකියාවෙනුත් ඉහළයි. වෛද්‍යතුමියනි, අපට වඩාත් සුදුසු වර්ගය ලෙස සැලකිය හැක්කේ කුමන වර්ගයේ බල්ලන්ද? එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. පළමුව අප බල්ලකු නිවසට රැගෙන ඒමේදී තීරණය කළ යුත්තේ එම සතා තමාට නඩත්තු කළහැකිදැයි කියාය. පරයා වර්ගය හැර අනෙක් සෑම වර්ගයකම බල්ලන්ට දියයුතු ආහාර වර්ග තිබෙනවා. එම ආහාර අපට දිනපතාම ලබාදිය හැකිද කියා සිතා බැලිය යුතුයි. බල්ලාටත් නිදහස අවශ්‍යයි. කූඩුවක පැය 24 පුරා සිරකර හෝ දම්වැලකින් බැඳ තබන්න හොඳ නැහැ. දුවන්න, ඇවිදින්න අවශ්‍යයි. එවිට තමයි එම සතාගේ ශරීරය හොඳින් ක්‍රියාකරන්නෙ. ඉතිං ඒ සඳහා ඉඩකඩ තිබෙනවාද කියා අවධානය යොමුකළ යුතුයි. ඒවගේම තමයි බලු පැටවකු අප නිවසට රැගෙන එනවිට එම පැටවාගේ වයස සති 06 ක්වත් ඉක්මවා තිබිය යුතුයි. එවැනි වයසක සතකු ඝණ ආහාර ගනු ලබනවා. අලුත් පරිසරයට හුරුකරගත හැකියි. කුමන වර්ගයේ බලු පැටවකු නිවසට රැගෙන එනු ලැබූවත් එම සතාට මුලින්ම ලබාදිය යුතු ප්‍රධාන එන්නත් වර්ග තුනක් තිබෙනවා. ජලභීතිකා, පාවෝ සහ ඩිස්ටෙම්පර් යන එන්නත් තුන ලබාදිය යුතුයි. මෙම එන්නත මුල්අවස්ථාවේදී දෙවරක් ලබාදෙනවා. එසේ වූ විට තමයි එම සතාට ඉන් ප්‍රතිශක්තිය ලැබෙන්නෙ. ඉන් පසු වාර්ෂිකව හෝ පශු වෛද්‍යවරයාගේ උපදෙස් මත ලබාදිය යුතුයි. වෛද්‍යතුමියනි, බල්ලකුගේ වයස හඳුනාගන්නේ කෙසේද? මෙය ඉතාමත් වැදගත් කටයුත්තකි. බල්ලකුගේ ආයු කාලය සාමාන්‍යයෙන් වසර 10 ක් 15 ක් වෙනවා. ඒ අතර එම බල්ලා අයත් වර්ගය අනුවත් එය තීරණය වෙනවා. එනිසා මෙම සතුන් ඉතා ඉක්මනින් වර්ධනය වෙනවා. එය මනුෂ්‍යයකුගේ වයස හා සමාන කිරීමට පහත වගුව උපකාරී කරගත හැකියි. ඉහත වගුව අනුව අපට බල්ලාගේ වයස අනුව එම සතාගේ ක්‍රියාකාරකම් හඳුනාගත හැකියි. වයස අවුරුද්දක බල්ලකු යනු වයස අවුරුදු 15 ක පමණ තරුණ දරුවකු හා සමානයි. එවිට එම සතාගේ ක්‍රියාකාරකම් සහ අවශ්‍යතා හඳුනාගත හැකියි. * කිරිබත්ගොඩ සත්ත්ව සායනයෙහි පශු වෛද්‍ය චින්තා පොන්වීර ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 25 Jul 2017 05:55 PM හදිසි අනතුරකදී ලබාදිය යුතු ප්‍රථමාධාර නොසිතූ මොහොතක සිදුවන අනතුරක් හදිසි අනතුරක් ලෙස අපි පවසන්නෙමු. මෙම අනතුරු මාරාන්තික, බරපතල සහ සාමාන්‍ය අනතුරු ලෙස කොටස් තුනකට වර්ග කළ හැකිය. මෙම කුමන අනතුරකින් වුව සිදුවන ශාරීරික හානිවලට වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුය. වෛද්‍යතුමනි, හදිසි අනතුරකදී ඊට මුහුණ දුන් පුද්ගලයා රෝහලක් කරා ගෙන යනතුරු අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය කුමක්ද? අනතුරට ලක් වූ පුද්ගලයා නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහලකට රැගෙන යන තුරු ප්‍රථමාධාර ලබාදීම කළ යුතුයි. එම ප්‍රථමාධාර ලබාදීම කළ යුත්තේ සිදුව ඇති තුවාල අනුවය. මෙය ඉතා වැදගත් කරුණකි. වර්තමානයේ බොහෝ දෙනා අනතුරකින් පසු අසාධ්‍ය තත්ත්වයට පත්වන්නේ රෝහලකට ගෙන යනතුරු ලබාදෙන වැරදි ප්‍රථමාධාර ක්‍රම හේතුවෙනි. * අස්ථියක් බිඳී ඇතිවිට සිදු වූ හදිසි අනතුර නිසා අත පය කැඩී ඇත්නම් එහිදී අප අවබෝධ කරගත යුත්තේ එම තැනැත්තාගේ අස්ථි බිඳී ඇතිබවය. එ නිසා එම කැඩුණු අත පය දිගහැරීමට හෝ නැවීමට කටයුතු නොකර එම පවතින තත්ත්වයෙන්ම රෝහල වෙත රැගෙන යා යුතුය. එහිදී එම බිදුණු අතපය නොසොල්වා රැගෙන යැම සඳහා ලී පතුරු කැබැල්ලක් එම ස්ථානයේ තබා බැඳීම කළ හැකිය. * තුවාල සිදු වී ඇතිවිට අනතුර නිසා ශරීරයේ මාංශ පේශී කැපීමකට ලක්ව තුවාල සිදුව ඇත්නම් වහාම එම ස්ථානය මත අයිස් පිරවු බෑගයක් තබා ලේ වහනය වීම වැලැක්විය යුතුය. ඉන්පසු තුවාල වී ඇති ස්ථානය පිරිසිදු වෙලුම් පටියකින් ඔතා වැසීම කළ යුතුය. වෙලුම් පටියක් නොමැති නම් පිරිසිදු රෙදි කැබැල්ලක් හෝ තුවායක් ඒ සඳහා යොදාගත හැකියි. * බාහිර දෙයක් ශරීරයේ ඇනී ඇතිවිට වර්තමානයේ බොහෝ විට අප දකින අනතුරුවලදී ශරීරය ඇතුළට ලී පතුරක්, යකඩ කූරක්, පිහියක් වැනි දෙයක් ඇනී තිබේ. මෙවැනි අවස්ථාවකදී එම ඇනී ඇති දේවල් ගලවා ඉවත් කිරීමට උත්සාහ නොකළ යුතුය. එය ඉවත් කළ යුත්තේ වෛද්‍යවරයකුගේ පරීක්ෂාව යටතේය. * ආහාර පාන ලබාදීම අනතුරට ලක් වූ පුද්ගලයා කෙරෙහි අප තුළ ඇති වන අනුකම්පාව නිසා ඇතැම් දෙනා ජලය හෝ බීමට වෙනත් සිසිල් පානයක් ලබාදේ. එය කිසිසේත්ම නොකළ යුතුය. ඉන් සිදුවන්නේ අනතුරට ලක් වු පුද්ගලයාට හදිසි සැත්කමක් ආදිය කළ යුතුනම් එය සිදු කිරීම ප්‍රමාද වීමය. උපදෙස් - ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 25 Jul 2017 06:08 PM හරිම වටිනවා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 25 Jul 2017 09:56 PM වටිනා උපදෙස් ටිකක්.. හදිසි අනතුරු වලදී අපි නිසි ලෙස රෝගියාව අවබෝධයෙන් තොරව ප්‍රථිකාර කරන්න ගියොත් සමහර විට ඒ ආබාධිත තත්වය තව භයානක විය හැකියි. මම කොරියාවේදී දැකපු එක දෙයක් තමයි හදිසි අනතුරකදී කිසිම සිවිල් වැසියෙක් ප්‍රතිකාර දීම සඳහා ඉදිරිපත් නොවීම. ඒ සඳහා වහාම හදිසි අනතුරු සේවාව කැඳවනවා. අධිවේගී මාර්ගයේ වුවත් හදිසි අනතුරු සේවාව සඳහා වෙනම මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ අනෙක් වාහන ගමන් කිරීම තහනම්. ඔවුන් පැමිණි වහාම අනතුරට පත්වුණ අයව පරීක්ෂා කර ප්‍රථමයෙන්ම කරන්නේ බෙල්ල වටා කොලරයක් දැමීමයි. හදිසි අනතුරෙන් රෝගියාගේ බෙල්ලට ආබාධයක් වෙලා තියෙනවා නම් අපි ඔසවන්න ගිහින් ඒ ආබාධය තව තව වැඩිවී රෝගියාගේ සුසුම්නාවට පවා හානි වෙන්න ඉඩතිබෙන නිසයි එහෙම කරන්නේ. ඉන් පසුව තන්මයි ඔවුන් අනිකුත් ප්‍රථමාධාර කරන්නේ. කිසි විටෙක ආධාරක ඇඳක් නොමැතිව ඔසවන්න උත්සාහ කරන්නේ නැහැ. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 26 Jul 2017 10:35 PM ලිපි දෙකම හරිම වැදගත් 0 hasithadSuper Senior MemberPosts:5795 27 Jul 2017 08:09 AM මේ දේවල් ගැන මෙහෙම හරි කියෙව්වොත් ඇරෙන්න වෙන කියවන දේවලට වෙලාව අඩුයි. ස්තූතියි මල්ලි ලිපි දෙකටම. 0 chamaramindMost Senior MemberPosts:13471 29 Jul 2017 05:55 AM නින්දෙන් ඇවිදීම නින්දෙන් ඇවිදීම සම්බන්ධ විවිධ මත පවතී. මෙය මානසික රෝගී තත්ත්වයක් ද නැතහොත් භූත බලවේගයන්ගේ බලපෑමක් ද යන්න සමාජයේ සුලභව පවතින ගැටලූවක් වන නමුත් මෙය නින්දේ එක් අවස්ථාවක ඇතිවන හානිකර නොවන තත්ත්වයකි. නින්දෙන් ඇවිදීම ගැඹුරු නින්දේදී ඇතිවන තත්ත්වයකි. මෙය කුඩා ළමුන් අතර බහුලව දක්නට ලැබේ. සාමාන්‍යයෙන් මෙය ජනගහනයෙන් සියයට 1 ත් 15 ත් අතර පිරිසකට පැවතිය හැකි බව නින්ද පිළිබඳ ජාත්‍යන්තර පදනම මගින් පෙන්වා දේ. මෙය බහුලව දක්නට ලැබෙන්නේ වයස අවුරුදු 4 - 8 ත් අතර දරුවන් අතරය. කුඩා අවධියේදී නින්දෙන් ඇවිදීම සිදුකල අයෙකුට වැඩිහිටි විය තෙක්ම එම තත්ත්වය පැවතිය හැකි අවස්ථා ද වේ. නමුත් බොහෝ විට වැඩිවියට පැමිනෙත්ම මෙය මග හැරීයයි. නින්දෙන් ඇවිදීම කෙරෙහි බලපාන හේතු පහත පරිදි වේ. x අධික තෙහෙට්ටුව, x ප්‍රමාණයවත් හා ගුණාත්මක නින්දක් නොලැබීම, x අධික ලෙස නිදිමැරීම. x රාත්‍රී නින්දට නිතර නිතර බාධාවීම. x උණ සහ අනෙකුත් ශාරීරික රෝගී තත්ත්වයන්. x මානසික ආතතිය හා බිය. x නිදා ගන්නා පරිසරය වෙනස්වීම. x මත්පැන් පානය හා වෙනත් ඖෂධ වර්ගද ගැනීම. මෙය පරම්පරාගත ලෙසද ඇතිවිය හැක. නින්දෙන් ඇවිදින ඇතැමුන් ඇවිදීමට අමතරව සිදුකරන තවත් ක්‍රියාවන් පවතී x ඇද මත හිද ගැනීම x නින්දෙන් කියවීම x ඇඳමත වාඩි වී ඇස්පිස දැමීම හා ඇඳුමෙන් ඇදීම x කථා කල විට ප්‍රතිචාර නොදැක්වීම x කෑ ගැසීම x නුසුදුසු ස්ථානවල මූත්‍රා කිරීම x ඇතැම් පුද්ගලයන් නිවසෙන් පිටව ගොස් වාහනයක් පැදවූ අවස්ථාද ඇත. නින්දෙන් ඇවිදින දරුවා බොහෝ විට ඇස් ඇරගෙන සිටියත් ඔවුන් නින්දේ ගැඹුරු අවස්ථාවේ පසුවන නිසා අවදි කිරිම තරමක් අපහසු වේ. ප්‍රතිකාර නින්දේ ගුණාත්මකභාවය හා සනීපාරක්ෂාව දියුණු කිරීමෙන් නින්දෙන් ඇවිදීම ඉබේ මගහරවා ගැනීමට හැක. සමහර අවස්ථාවලදී ඖෂධ ප්‍රතිකාර භාවිතා කිරීමටද සිදුවේ. මෙහි බරපතලම කාරණය වන්නේ අනතුරු ඇතිවීමට ඇති හැකියාවයි. එම නිසා නින්දෙන් ඇවිදින දරුවන් හා වැඩිහිටියන් සිටින නිවසක ආරක්ෂාව ඉතා වැදගත්ය. නින්දෙන් ඇවිදින දරුවන් තට්ටු ඇදන්වල උඩ ඇදේ නිදිකිරීම ඉතා අනතුරුදායකය. එමෙන්ම ඇද අවට ඇති බිදෙන සුළු දේවල් ඉවත් කිරීම හා තියුණු ආයුධ ඉවත් කිරීමට වග බලා ගත යුතුය. දරුවා අවදි වූ බව දැන ගැනීමට සීනුවක් හෝ වෙනත් සංඥා උපකරණයක් යොදා ගැනීම ද වැදගත් වේ. දරුවා නින්දෙන් ඇවිදින මොහොතේදී ඔහුව අවදි කිරීමට උත්සාහ කිරීම එතරම් නුවණට හුරුනොවන අතර නැවත ඇඳ වෙත යොමු කිරීම වඩාත් ආරක්ෂාකාරීය. ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කොළඹ රිජ්වේ ආර්යා ළමාරෝහල සටහන - ඩයනා උදයංගනී ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 29 Jul 2017 05:57 AM වැඩි බඩගින්න ලෙඩක් ! ලවක් දෙවක් නැතිව දකින දකින කෑම කන්න හිතෙනවාද? මේ තත්ත්වය ඇතිවන්නේ ඇත්තටම බඩගිනි නිසාද? වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ දකින දකින දෙය ගිල දමන්නට කැමැත්ත ඇතිවන්නට හේතු කාරණා රැසක් ඇති බවයි. මේ විදිහට අසීමිතව ආහාර ගැනීම හේතුවෙන් වෙනස් ලෙඩ රෝග ගණනාවකටම ගොදුරැ විය හැකි බවයි. එනම් තරබාරැව, දියවැඩියාව, කොලෙස්ටරෝල් නිසා ඇතිවන හෘදයාබාධ, අධි රැධිර පීඩනය, අධික බර නිසා ඇතිවන රෝගාබාධයි. දැන් බලමු මේ සීමාවක් නැති බඩගින්නට හේතු මොනවාද කියලා. මානසික ආතතිය ආතතිය නිසා මුලින්ම සිදුවන්නේ ඇඩ්රිනලින් හෝර්මෝනය මගින් කුසගින්න පලවාහැරීමයි. හැබැයි දිගටම මානසික ආතතිය පැවැතුණොත් සිදුවන්නේ කෝටිසෝල් නමැති හෝර්මෝනය වැඩියෙන් ස්රාවය වීමයි. මේ හෝර්මෝනය වැඩි වුණාම දකින දකින දේ කන්නටමයි හිත. ආතතිය ඉවත්වුණාම කෝටිසෝල් මට්ටම පහළ වැටෙන අතර කෑදරකම නැතිව ගිහින් ආහාර රුචිය පාලනය වෙනවා. විජලනය සමහර වෙලාවට ඔබට බඩගිනි වගේ දැනුනාට ඇත්තටම වෙලා තියෙන්නේ ශරීරය ජලය නැතිව වියළී යාමයි. විජලනයට ලක්වීමයි. ඉතින් වතුර ටිකක් බිව්වාම බොහෝ වෙලාවට මේ බඩගින්න නැතිව යා හැකියි. නමුත් ඉන්පසුවත් බඩගිනි නම් කෑම ටිකක් කන්න පුළුවනි. හැබැයි වතුර බිව් නිසා මහ ගොඩක් ගිලදමන එක එවිට වළකිනවා. සීනි බඩගින්න සීනි බඩගින්න නැතිනම් අධික සීනි නිසා ඇතිවන බඩගින්නකුත් තියෙනවා. ඩෝනට්, පේස්ට්‍රි, කේක්, පුඩින්, සීනි බනිස් මේ කියන සීනි අධික ආහාර වැඩියෙන් ගන්නා විට ඒවා දහනයට ඉන්සියුලින් වැඩියෙන් ස්රාවය කරන්න සිරැර පුරුදු වෙනවා. මේ අධික අසාමාන්‍ය ඉහළ ඉන්සියුලින් ප්‍රමාණය නිසා සීනි දහනය ඉක්මන් වීමෙන් තව තව සීනි ඉල්ලන තත්ත්වයක් ඇතිවෙනවා. එතකොට තමා සීනි බඩගින්න හැදෙන්නේ අන්තිමේදී කෙළවර වන්නේ දියවැඩියාවෙන් තමා. දියවැඩියාව අද අපේ සමාජයේ බහුලම රෝගයක් තමා දියවැඩියාව. මේක ශරීරයේ බලශක්තිය පිළිබඳ අර්බුදයකි. බඩගිනි ඉක්මනින් එන්නේ ශරීරයට බලශක්තිය අවශ්‍ය වුණහමයි. නමුත් ඇත්ත කතාව තමා ලබාගන්න ආහාර මගින් ශක්තිය උරා ගන්න හැකියාව අඩුයි කියන එක. බර අඩුවෙලා, නිතර නිතර මුත්‍රා කරන්න ඕනෑවෙලා, හතිය මහන්සිය දැනෙනවා නම් වෛද්‍යවරයෙක් හම්බවෙන්න කාලේ හරි. සීනි අඩුවෙලා සීනි අඩුවීම නිසා හටගන්නා දියවැඩියා තත්ත්වයක් තියෙනවා. හයිපෝග්ලයිසිමියා කියන මෙම තත්ත්වය ඇතිවිට ආහාරයට ගන්න ඕනෑ එළවළු පළතුරැ වැනි ආහාර. ඒ වාගේම රැධිරයේ සීනි ප්‍රමාණය ගැන ඇහැ ගහගන ඉන්න ඕනෑ. වෛද්‍ය උපදෙස් අවශ්‍යයි. දරුවෙක් ලැබෙන්නයි යන්නේ සමහර අයට දරුවෙක් පිළිසිඳ ගන්නා මුල් කාලයේදී වැඩියෙන් කන්න ඕනෑ වෙනවා. තවත් සමහරැන්ට කෑවත් නිතරම බඩගිනියි වගේ දැනෙනවා. අලුත් කෑම ජාතික කන්න හිතෙනවා. මෙතෙක් කල් රස කර කර කාපු කෑම එපා වෙනවා. මේ ලකුණු පහලවෙන්නේ බොහෝවිට දරුවෙක් ලැබෙන්න යනකොටයි. වෛද්‍යවරයෙක් හමුවෙන්න කාලේ හරි. හැඟුම්බර කෑම සමහරුන්ට දුක, කනස්සල්ල, සිත් තැවුල් ඇතිවුණාම විවිධ කෑම ජාති කන්න හිතෙනවා. මේ වෙලාවට කරන්න ඕනෑ කෑම කන එක නෙමේ වෙනත් වැඩකට හිත යොදවන එක. තයිරොයිඩය වැඩට බැහැලා තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වැඩිවුණාමත් වැඩියෙන් නිතර නිතර බඩගිනි වෙනවා. බඩගින්නත් එක්ක මහන්සිය, නොසන්සුන් තත්ත්වය එනවා නම් වෛද්‍යවරයෙක් හමුවිය යුතුයි. බෙහෙත් බඩගින්න බෙහෙත් බඩගින්න එන්නේ බෙහෙත් නිසා. සමහර බෙහෙත් වර්ග ගත්තාම බඩගින්න එනවා. බොහෝ වෙලාවට ස්ටෙරොයිඩ් අඩංගු බෙහෙත් වගේම ආතතිය මනසේ අවුල් ගතිය සඳහා ගන්නා බෙහෙත්වලටත් මේ වගේ වෙනවා. වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. නිදි නැති නිසා බඩගිනි වෙලා හරිහමන් නින්දක් නැති වුණාම ශරීරයේ ප්‍රතික්‍රියාවක් හැටියට බඩගිනි හෝර්මෝන වල අසාමාන්‍යතා ඇතිවෙනවා. ග්‍රෙලින් සහ ලෙප්ටින් කියන මේ හෝර්මෝන අසමතුලිත බව නිසා පොඩි පොඩි කෑම ජාති කන්න හිතෙනවා. නිතර නිතර කන්න හිතෙනකොට ඔය පැණිරස කෑම ක්ෂණික ආහාර, සැර බීම ආහාරයට නොගෙන, ඒ වෙනුවට ඉදුණු පළතුරැ, රටකජු කඩල වගේ ඇට වර්ග, සැමන්, බිත්තර, අලිගැටපේර වගේ ශරීරයට අහිතකර නැති දේ ආහාරයට ගැනීම තමයි වඩාත් සුදුසු. Web MD ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 29 Jul 2017 06:00 AM වසරකට 55000ක් බිලිගන්නා ජලභීතිකාව ජලභීතිකාව නැතිනම් කටවහරට කියන අන්දමට පිස්සු බලු රෝගය වෛද්‍ය විද්‍යාව තුළ (Rabies) නමින් හඳුන්වන අතර මෙහි ලතින් අර්ථය වන්නේ මෝඩකම යන්නයි. මෙය වෛරස රෝග ආසාදනයකි. මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ මොළයේ අභ්‍යන්තර පටක තුළ (Acuteencephalitis) ආසාදනය ඇති කිරීමයි. මෙය සත්ත්වයන්ගෙන් තවත් සත්ත්වයන් අතරට බෝවන රෝගී තත්ත්වයක් නිසා (Zoonotic) රෝගයක් ලෙස හැඳින්වෙයි. ජලභීතිකා රෝගයෙන් පෙළෙන සත්ත්වයකු තවත් සත්වයකු සපාකෑමේ ප්‍රතිඵලයක් ලෙස රෝගය පැතිර යයි. ජලභීතිකා රෝගය වැළඳුන පසුව කඩිනමින් ප්‍රතිකාර නොගතහොත් මරණය අනිවාර්යයෙන්ම උරුම වන නිසා කලින්ම රෝගය ඇතිවීම වළක්වා ගැනීම ඉතා වැදගත් වේ. මෙම රෝගය මාධ්‍ය ස්නායු පද්ධතියේ මොළයට ඍජුව බලපායි. ආසියා කලාපයේ මේ රෝගයෙන් වාර්ෂිකව මියයන සංඛ්‍යාව 55000ට අධිකය. කලින් කී අන්දමට ජලභීතිකාව රේබීස් (Rabies) නම් වයිරසය මගින් ඇති වෙයි. ලංකාව තුළ මේ රෝගයේ වාහකයන් ලෙස වනාන්තර තුළ වසන මුගටියන් ක්‍රියාකරන අතර වෙනත් රටවල මෙහිලා වවුල් විශේෂ ක්‍රියාකරයි. මේ සතුන්ගේ සපාකෑමෙන් රෝගය දඩාවතේ යන බල්ලන්ට බෝවෙයි. ගැඹුරට වන තුවාලය ඔස්සේ වයිරසය ශරීරයට ඇතුළු වෙයි. මීට අමතරව සීරුණු තුවාල, අපගේ ශරීරයේ ශ්ලේෂ්මල පටල (විශේෂයෙන් ඇස, උගුර අවට පටල) සහිත ප්‍රදේශ වයිරසය සහිත කෙළවලින් ලෙව කෑමෙන්ද රෝගය ඇති වෙයි. මේ වයිරසය සාමාන්‍ය සම හරහා ඇතුළු වන්නේ නැත. රෝගකාරක වයිරසය ශරීරයට ඇතුළු වූ පසුව පළමුව එම ස්ථානයේ දී වයිරසය ගුණනය වෙයි. ඉන් අනතුරුව එය ආසන්නයේ පවතින චාලක ස්නායුවලට හෝ සංවේදක ස්නායු අන්තවලට ඇතුළු වන අතර මෙසේ ඇතුළු වූ වයිරස ස්නායුවල අක්සනය දිගේ මාධ්‍ය ස්නායු පද්ධතියට ඇතුළු වේ. එහිදී ස්නායු තුළ ඉතා විශාල වශයෙන් ගුණනය වන මේ වයිරස හේතුවෙන් සිදුවන්නේ මානසික තත්ත්වය වියවුල් වීම සහ මොළයේ ක්‍රියා අඩපණ වීමයි. ස්නායු අතර ඇති අග්‍ර වන උපාගම අතරින් වයිරසය මධ්‍ය ස්නායු පද්ධතියේ සිට විවිධ ස්නායු ඔස්සේ ගමන් කරමින් ඒවායේ ක්‍රියා අකර්මණ්‍ය කරයි. මේ ස්නායු ඔස්සේ ගමන් කරන වයිරස කංකාල පේශී, හෘද පේශී සහ අධිවෘක්ක මජ්ජාවට බලපායි. මේ කාලය වනවිට ඛේට ග්රන්ථිවලද ජලභීතිකා වයිරසය ගුණනය වන අතර එය රෝගය තවත් කෙනකුට පැතිරයෑමට ඉවහල් වෙයි. වයිරසය ශරීරගත වූ පසුව රෝග ලක්ෂණ ඇතිවීමට ගතවන කාලය සපාකෑමට ලක්වූ ස්ථානය අනුව වෙනස් වේ. හිස, බෙල්ල, මුහුණ, අත සහ ඇඟිලි, ලිංගාශ්‍රිත ප්‍රදේශ, මුහුණේ ශ්ලේෂ්මල පටලවල හා සපාකෑම් වැඩි ගණනක් (දත් පහරවල් දෙකකට වඩා වැඩියෙන්) පවතින විට එය වඩාත් අනතුරුදායක අවස්ථා ලෙස සැලකේ. සපාකෑමට ලක්වූ ස්ථානයේ සිට පවතින දුර අනුව රෝග ලක්ෂණ පහළවීමට ගතවන කාලය වෙනස් වෙයි. හිස, ගෙල, මුහුණ, ප්‍රදේශයේ සපාකෑමක් සිදුවන විට සතියකට අඩු කාලයකදී රෝග ලක්ෂණ ඇති වෙයි. පාදය වැනි දුරස්ථ ප්‍රදේශයක සපාකෑමක් සිදුවූ විට ඇතැම් රෝග ලක්ෂණ ඇතිවීමට වසරක් පමණ කාලයක් ගතවිය හැකිය. රෝග ලක්ෂණ අපේ ඇතැම් දෙනා මෙවැනි සපාකෑම් සිදුවූ විට එහි තුවාලයට පමණක් ප්‍රතිකාර කොට, තුවාලය හොඳ වූ පසුව ඒ ගැන නොසලකති. නිසි පරිදි එන්නත් ලබා නොගෙන සිටින්නන් තුළ ජලභීතිකාව වසර ගණනාවකින් පසුව මතුවන්නේ මේ නිසාය. කුඩා ළමයින්ට රෝග ලක්ෂණ ඉක්මණින් පහළ වෙයි. ජලභීතිකාවේ දී රෝග ලක්ෂණ ඇතිවන්නේ කෙසේ දැයි මඳක් විමසා බලමු. ආරම්භයේ දී උණ, සීතල ගතිය, හිසේ කැක්කුම, වෙහෙස ගතිය දැනීම, ආහාර අරැචිය, මාංශපේශී වේදනාව හා ආලෝකයට මුහුණ දීමට අපහසු වීම ආදී ලක්ෂණ ඇතිවෙයි. මේ රෝග ලක්ෂණ බොහෝ විට වෙනත් ශරීර පද්ධතියක ඇතිවන රෝගයකට සමාන (ශ්වසන, ආහාර මාර්ග හෝ මානසික) රෝග ලක්ෂණ ලෙස සලකන නිසා එය නොසලකා හැරෙයි. ජලභීතිකා රෝගයේ ආරම්භක රෝග ලක්ෂණ ලෙස ඇඟපත විඩාව, උණ, හිසරදය ඇතිවන අතර ඉන්පසුව තමාට පාලනය කරගත නොහැකි අන්දමේ අතපය ගැස්ම, චලනය ඇතිවේ. මානසික අවපීඩනය ඇතිවේ. ස්නායු අඩපණ වීම නිසා උගුරේ මාංශපේශි අක්‍රීය වීමෙන් උගුරෙන් පහළට කිසිවක් ගමන්නොකිරීම සිදුවේ. මේ නිසා ජලය පානය අපහසු වේ. සාමාන්‍ය ව්‍යවහාරයේ ජලය දුටු විට බියක් ඇතිවන බව පවසන්නේ මේ නිසාය. පසුව රෝගියා අඩපණ තත්ත්වයට පත්වී කෝමා (Coma) ස්වභාවයට අවතීර්ණ වේ. ජලභීතිකා රෝගයෙන් රෝගියා මිය යෑමට බලපාන ප්‍රධාන හේතුව ස්වසනය අවහිර වීමය. සුනඛයන් ජලභීතිකාව රෝගය ඇතිකරන ප්‍රධාන රෝග වාහකයක් ලෙස ක්‍රියාකරන අතර ලොව පුරා මෙය ප්‍රතිශතයක් ලෙස 97% ප්රමාණයකි. ජලභීතිකා රෝග වෛරසය ශරීරගතවී සති දෙකත් දොළහත් අතර කාලයේදී රෝග ලක්ෂණ ඇතිවන නමුත් සමහර අවස්ථාවලදී රෝග ලක්ෂණ ඇතිවීම වසර දෙකක් තරම් දීර්ඝ කාලයක් ගතවන අවස්ථා ද ඇත. ආරම්භයේදී පෙර සඳහන් කළ පරිදි ඇඟපත වේදනාව, හිසරදය රෝග ලක්ෂණ ලෙස ඇතිවන අතර ඉන්පසුව අතපය පණ නැතිවීම ඇතිවේ. මොළයේ ක්‍රියාකාරීත්වය වියවුල් වීම අවසන් අදියරයි. බිය, නින්ද නොයෑම, මානසික වියවුල් ස්වරෑපය, අසාමාන්‍ය චර්යා රටා දිස්වේ. කතා කිරීමට නොහැකි වීම, කෙළ ගිලීමට අපහසු වීම ඇතිවේ. මේ නිසා සෙම මුඛයෙන් ඉවතට පැමිණීමත් ජලයට බිය වීම හෙවත් (Hydrophobia) රෝග ලක්ෂණ ඇති වේ. පළමු රෝග ලක්ෂණය ඇතිවී දින දෙකත් දහයත් අතර කාලයේදී මරණය අනිවාර්යයෙන්ම උරුම වේ. ජලභීතිකා වෛරසය දිගින් නැනෝමීටර 180ක් පමණ වන අතර (RNA) වර්ගයට අයත්ය. ආවරණ කොපුවක් රහිත වෛරසයකි. මේ නිසා දේහයට ඇතුළුවන වෛරසය ඉතා ඉක්මණින් මධ්‍ය ස්නායු පද්ධතිය වෙත (Neurotropic) ගමන් කරයි. ඉන්පසුව අනෙක් අවයව වෙතට ගමන් කරන අතර වෛරසය ඒකරාශී වීම ඛේට ග්‍රන්ථි ආශ්‍රිතව සිදුවේ. මේ අනතුරැදායක ස්වභාවය වන්නේ සපාකෑම තුළින් වැඩිම වෛරස් ප්‍රමාණයක් ඛේටය සමඟ අපේ ශරීරයට ඇතුළු වීමයි. ඉන් අනතුරුව ක්‍රමානුකූලව රෝග ලක්ෂණ වැඩිවීම සිදුවෙයි. මානසික අවපීඩනය, නින්ද නොයෑම, ව්‍යග්‍රතාව අවුල් සහගත බව, ඇඟපත හිරිවැටීම, වේදනාව හා බිය වැනි ලක්ෂණ පහළ වෙයි. මේ තත්ත්වයෙන් අනතුරැව ජලභීතිකාව ආකාර දෙකකට වර්ග කළ හැකිය. 1. ප්‍රවේගකාරී ජලභීතිකාව මෙය වඩාත් සුලභ ආකාරයකි. ස්වයං සාධක ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය වෙනස් වීම නිසා ඛේට ස්රාවය වීම වැඩි වීම, කිරි ස්රාවය, අධික ලෙස දහදිය දැමීම, රුධිර පීඩනය වෙනස් වීම, මුත්‍රා පිටවීම වැඩිවීම සහ මොළයේ ආසාදන ආදිය ඇති වෙයි. මේ රෝග ලක්ෂණ සහිත පුද්ගලයෝ වතුර බීමට උත්සාහ කළත් උගුරේ මාංශ පේශීවල ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වීම නිසා එයට අකැමැති වෙති. ජලය හෝ වෙන යමක් පානය හෝ ගිලීම ප්‍රතික්ෂේප කරති. ශ්වසන පද්ධතියේ මාංශ පේශීවල ද ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වන අතර, බෙල්ලේ මාංශ ගැස්ම නිසා බෙල්ල පිටුපසට නැවෙයි. අවසානයේ සිහිය නැතිවීම, අධික උණ ඇති වීම, අපස්මාරය වැනි ලක්ෂණ පහළ වීමත් හෘද ක්‍රියාකාරිත්වය බිඳ වැටීමත් සිදුවී මරණයට පත්වෙයි. 2. නිද්‍රාශීලී ජලභීතිකාව මෙහිදී ප්‍රධාන වශයෙන් සුසුම්නාවට බලපාන අතර සපාකන ලද කොටසේ මාංශපේශීන් අඩපණ වීමක් සිදුවෙයි. සංවේදක යාන්ත්‍රණයන් ද අක්‍රීය වෙයි. සපා කෑ ස්ථානයේ හිරිවැටීමක් ඇති වන අතර උගුරේ මාංශපේශී අක්‍රීය වී මරණය සිදුවේ. ජලභීතිකාව රෝගය වැළඳුණු මිනිසුන් ඉහත රෝග ලක්ෂණ පෙන්වන අතර රෝගය සහිත බල්ලන් හා බළලුන් හඳුනාගැනීම ඉතා වැදගත් වෙයි. මෙහිදී ද ආකාර දෙකක සතුන් දැකිය හැකිය. සමහර සතුන් ආවේගශීලීව හැසිරෙන අතර ඇතැම් සත්තු නිද්‍රාශීලී ලක්ෂණ පෙන්නුම් කරති. අරමුණක් නොමැතිව ඒමේ අත ඉබාගාතේ දිවයති. උගේ කටහඬ වෙනස් වෙයි. අධික ලෙස කෙළ ස්රාවය සිදුවන අතර පසුව සිහි විකල්භාවයටත් මරණයටත් ලක්වෙයි. මෙහි අනෙක් ආකාරයේ දී බල්ලෝ ඉතා අලස බවක් නිද්‍රාශීලීත්වයක් දක්වති. හැකි පමණ අනෙක් සතුන් ගෙන් ඈත් වී සිටීමට උත්සාහ ගනිති. දින තුනක් වැනි කාලයක් ඇතුළත මරණයට පත්වෙයි. මතුපිට තුවාල සුවවූවත්, ශරීරය තුළ වයිරසය ක්‍රියාකාරී වියහැකි බැවින් එය මර්දනයට එන්නත් ලබාගැනීම මේ නිසා වැදගත් වෙයි. සපා කන ලද බල්ලාට ජලභීතිකාව ඇතැයි සැකකරන සෑමවිටම බල්ලා මරා උගේ හිස අදාළ රෝහලට බාරදෙන ලෙසත් ඉන් අනතුරුව හිස කොළඹ වෛද්‍ය පර් යේෂණ ආයතනයට (MRI) එවන ලෙසත් උපදෙස් දී ඇත. මතක තබාගන්න, ජලභීතිකාව රෝගය වැළඳුණු පසුව එයට ප්‍රතිකාර නොමැත. යම් පුද්ගලයකු ජලභීතිකා රෝගයෙන් පෙළෙන සත්ත්වයකු විසින් සපාකන ලදැයි සැකකරන අවස්ථාවකදී විශේෂ එන්නත් වැඩපිළිවෙළක් දැනට ක්‍රියාත්මක වෙයි. මෙම වැඩපිළිවෙළේ ආරම්භය 1885 වර්ෂයේදී ලුවී පාශ්චර් විසින් අරඹන ලදී. සපාකන ලද සත්ත්වයාගේ ස්වභාවය, සපාකන ලද ස්ථානය ආදිය මත පදනම්ව මෙම එන්නත් ලබාදීම සිදුවේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 29 Jul 2017 06:06 AM එපා කරපු වේදනාව මහ එපාකරපු කැක්කුමක් තියෙන්නේ. කාටත් කියන්නත් ලැජ්ජයි. සමහර පිරිමින්ට මේ කියන ගැටලුවට මැදිවන්නට සිදුවන අවස්ථා තියෙනවා. සමාජ රෝගයක් හැදිලාවත්ද කියලා සමහරු බයවෙනවා. මොකද වෘෂණ කෝෂ ආශ්‍රිතව එන අමුතු වේදනාව නිසා ඔවුන් අපහසුවට ලක්වීම නිසයි. වෘෂණ කෝෂ ආශ්‍රිතව හටගන්නා වේදනාවට හේතු ගණනාවක්ම තිබෙන්නට හැකියි. හයිඩ්‍රෝසීල් හෙවත් අණ්ඩවාතය කියන්නේ මෙයින් විශේෂිත තත්ත්වයක්. ඒකෙදි වේදනාවක් දැනෙන්නේ නෑ. නමුත් වෘෂණය විශාල වෙන්නට ගන්නවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී මේක හඳුන්වන්නේ බැහැලා කියලයි. මෙහිදී සිදුවෙන්නේ වාෂණ කෝෂය ඉදිමීම නැත්නම් විශාල වීමයි. ඒකට හේතුව වෘෂණය වටා ඇති ආවරණයේ දියරයක් එකතුවීමයි. වේදනාකාරී නොවන ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන මේ තත්ත්වය බරවා රෝගය වැඩි මුහුදුබඩ කලාපයේ අය අතර බහුලව දකින්න පුළුවනි. කුඩා දරුවන් අතර මේ රෝගය ඒ තරම් දැකගන්නට නෑ. තරුණයන් සහ වැඩිහිටියන් අතර තමා බහුල. වෘෂණවලට අනතුරක් සිදුවීමෙන්, පහරක් වැදීමෙන් වගේම ආසාදනයක් නිසාත් මේ විදිහට බහින්න එහෙමත් නැත්නම් ඉදිමෙන්න පුළුවනි. ඒ වගේ වෙලාවට නම් මේක වේදනාකාරියි. අණ්ඩවාතයෙන් පෙලෙන අයත් මේ ගැන කියන්න කතා කරන්න ලැජ්ජයි. මේ නිසා වෛද්‍යවරු වෙත යොමුවන්නේ නෑ. ඒ වෙනුවට පුවත්පත් දැන්වීම්වල තියෙන තෙල් බේත් සරණ පතා යනවා. මේ තෙල් බේත් කොයිතරම් ගුණද නැද්ද කියලා කවුරුත් දන්නේ නෑ. මේවා හුඟක්ම බොරු වෙදකම්. මේ නිසා සල්ලිත් විනාශ කරගෙන අමාරුවේ වැටෙන එකයි වෙන්නේ. හොඳම ප්‍රතිකාර සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවීම අනිවාර්යයි. ශල්‍යකර්ම මගින් මේ තත්ත්වය නිට්ටාවටම සුවකරගත හැකියි. මේ ශල්‍යකර්මය ඉතාම සුළු එකක්. කවදාකවත් වරදින එකක් එහෙම නෙමේ. හර්නියාව හර්නියාව කියන්නෙත් බොහෝමයක් දෙනා කියන්නේ නැතිව හංගාගෙන ඉන්න ලෙඩක්. මෙතෙන්දි වෙන්නේ උදරයේ බිත්ති දුර්වල වෙලා ඒ හේතුවෙන් බඩවැල දුර්වල උදර බිත්ති තුළින් වෘෂණ තුළට පාත්වීමයි. මේ පාත්වීම නිසා ගෙඩියක් වගේ පිම්බෙන ගතියක් ඇතිවෙනවා දක්නට පුළුවනි. මේ තත්ත්වය මුලින්ම දක්නට ලැබෙන්නේ යටිබඩ දෙපස හෝ පැත්තක පුංචි පිම්බීම් දෙකක් හැටියටයි. කහින වෙලාවට මෙය පිටතට නෙරා එනවා පමණක් නොවේ වේදනාවන් වැඩිවෙන්නට හැකියි. මේ තත්ත්වයන් තරුණයන් හා වැඩිහිටියන් අතර බහුලයි. සුළු ශල්‍යකර්මයක් මගින් මේ අපහසුතාවන් වළක්වා ගත හැකියි. ඊළඟට අපි බලමු වෘෂණය ආශ්‍රිතව විවිධ කැක්කුම් හට ගන්නට හේතු සහ ඒවාට කළ යුතු දේ මොනවාද කියලා. සුගත් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 29 Jul 2017 06:28 AM වාර්ෂිකව ඒඩ්ස් මරණ 10,000 ක් වළක්වන බෙහෙතක් සොයා ගැනේ දැනට එච්. අයි වී/ඒඩ්ස් රෝගය සඳහා ලබා දෙන බෙහෙත් වට්ටෝරුව වෙනස් කිරීමට ලක් කිරීමෙන් ඒඩ්ස් මරණ 10,000 ක් වාර්ෂිකව වළක්වා ගත හැකි බව බටහිර වෛද්‍යවරු පවසති. මෙම නව බෙහෙත් වට්ටෝරුව පිළිබඳ අධ්‍යයන වාර්තාව නිව් ඉන්ග්ලන්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින් සඟරාවෙහි පළ කර ඇති අතර එම වාර්තාවට අනුව එම වට්ටෝරුව හරහා ඒඩ්ස් මරණ සංඛ්‍යාව සියයට 27 කින් අඩු කර ගත හැකිය. අප්‍රිකානු රටවල් වන උගන්ඩාව, සිම්බාබ්වේ, මලාවි හා කෙන්යාව යන රටවල එච්. අයි. වී ආසාධිත රෝගීන් 1805 දෙනකු ආශ්‍රිතව මෙම අධ්‍යයනය සිදු කර ඇති අතර එහිදී නව බෙහෙත් වට්ටෝරුව ලබා දුන් රෝගීන් අතර මරණ සංඛ්‍යාව සියයට 27 කින්ද, ක්ෂය රෝගයට ගොදුරු වීම සියයට 28 කින්ද, කැන්ඩිඩාසිස් රෝගයට ගොදුරු වීම සියයට 58 කින්ද, රෝහල්ගත වීම සියයට 17 කින්ද පහළ බසින බව අනාවරණය වී තිබේ. සාමාන්‍යයෙන් මෙම අධ්‍යයනයට ලක් කළ අප්‍රිකානු රටවල එච්. අයි. වී ආසාධිතයින් 10 දෙනකුගෙන් එක් අයෙකු රෝගය හඳුනාගෙන සති කිහිපයක් ඇතුළත මිය යන බව හෙළිවී තිබේ. මෙම නව බෙහෙත් වට්ටෝරුව ඇමරිකානු ඩොලර් 5 ක් (පවුම් 3.80) වන බව අධ්‍යයනය මෙහෙයවූ මහාචාර්ය ඩයනා ගිබ් පවසන්නීය. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 29 Jul 2017 07:26 AM රසයෙන් හා ගුණයෙන් වැඩි සමබර ආහාර වේල සමබර ආහාර වේලක් යනු 1. ධාන්‍ය/පිටි බහුල ආහාර 2. එළවළු 3. පලතුරු 4. මාළු, බිත්තර මස් හා කඩල, මුං වැනි ඇට වර්ග 5. කිරි හා කිරි නිෂ්පාදන යන ආහාර කාණ්ඩ 5 ම අඩංගු වන ලෙස දිනපතා ආහාර ගැනීමයි. ධාන්‍ය/පිටි බහුල ආහාර ආහාර වර්ග සහල් සහ තිරිගු පිටියෙන් සෑදූ ආහාර (බත්, කිරිබත්, පාන්, සහල්/පාන් පිටියෙන් සෑදූ ඉදිආප්ප, ආප්ප, පිට්ටු, රොටි, තෝසේ, ඉට්ලි, චපාති, නූඩ්ලස්, පැස්ටා. කුරක්කන්, මෙනේරි, බඩ ඉරිඟු වැනි අනෙකුත් ධාන්‍ය ආහාර. මඤaෙCදාක්කා, බතල වැනි අල වර්ග පෝෂණ සංඝටක (පෝෂණ කොටස්&zwnj කාබෝහයිඩේ්‍රට් ලබාදේ ශක්ති ජනක ආහාර වේ සිරුරේ ක්‍රියාකාරිත්වයට, එදිනෙදා වැඩ කරගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දේ. අඩුම තරමින් පිඟානෙන් 1/3ක් වත් තිබිය යුතුය. සෑම ප්‍රධාන ආහාර වේලකම අඩංගු විය යුතුය. නිවුඩු ඉවත් කළ හාල්වලට වඩා නිවුඩු සහිත හාල් (රතු බත්) හා එම පිටියෙන් සැදූ ආහාර (රතු ඉඳිආප්ප, රතු පිට්ටු වැනි) විටමින් හා ඛනිජ වලින් පොහොසත්ය. නිවුඩු හාල් බත් හා එම පිටියෙන් සෑදූ ආහාර තෝරා ගැනීම නිරෝගී වීමටත් සිරුරේ බර සුදුසු පරිදි පවත්වා ගැනීමටත් උදව් වේ. එළවළු පිටි අඩු එළවළු (කෙඳි වැඩි) වැටකොලු කොහිල, කෙසෙල්මුව, බෝංචි, මෑ, බටු, බණ්ඩක්කා, මුරුංගා, පතෝල, ලීක්ස්, රාබු, ගෝවා, නෝකෝල්. පිටි වැඩි එළවළු (ශක්තිය වැඩි) වට්ටක්කා, අළු කෙසෙල්, දෙල්, කොස් සහ කැරට්, බීට්, අර්තාපල් වැනි අල වර්ග. පෝෂණ සංඝටක (පෝෂණ කොටස්&zwnj විටමින් හා ඛනිජ ලබාදේ. එම සංඝටක ලස්සන පෙනුමක් ලැබීමට, හොඳින් ඇස් පෙනීමට. ලෙඩ රෝග වලින් ආරක්ෂා වන්නට, සම, හිසකෙස්, දත් හා ඇස්වල නිරෝගී බව රැක ගැනීමට උදව් වේ. එළවළුවල තෙල් ඉතා අඩුයි. කොලෙස්ටරෝල් අඩංගු නැත. එළවළුවල තන්තු (කෙඳි) ඇත. එය බඩවැල් රෝග වලක්වා, බර සුදුසු පරිදි පවත්වා ගැනීමට උදව් වේ. ශරීරය නිරෝගිව තබයි. එළවළුවල හැඩය, රසය, පාට, එකිනෙකට වෙනස් වගේම අඩංගු පෝෂණ ගුණයත් විවිධාකාරය. ඒ නිසා සිරුර හා මොළය වැඩීමටත්, නිරෝගී වීමටත් අවශ්‍ය සියළුම පෝෂණ කොටස් ලබා ගැනීමට විවිධත්වයෙන් යුතුව එළවළු ආහාරයට ගැනීම ඉතාම වැදගත්ය. පලතුරු කෙසෙල්, අඹ, පැපොල්, පේර, රඹුටන්, ජම්බු, අලිපේර, නෙල්ලි, වෙරළු, ගඩුගුඩා, ඇඹරැල්ලා, දොඩම්, දෙළුම්, කාමරංකා වැනි පලතුරු. පෝෂණ සංඝටක (පෝෂණ කොටස්&zwnj විටමින් හා ඛනිජ බහුලය. ලෙඩ රෝග වළකා නිරෝගී කරයි. උදා(- විටමින් සී( නෙල්ලි, දොඩම්, පේර විටමින් ඒ( .තද කොළ හෝ කහ පාට පලතුරු, අඹ, ලාවුලු, කෙසෙල්, පැෂන්, දොඩම්, වෙරළු, පැපොල්, විටමින් ඊ - අලිපේර තෙල් ඉතාම අඩුය. කොලෙස්ටරෝල් නැත. තන්තු බහුලයි. තරබාරු බව (සිරුරේ බර අධික ලෙස වැඩි වීම) පාලනය කරයි. හදවත් රෝග, අධික රුධිර පීඩනය, පිළිකා වැනි බෝනොවන රෝග ඇතිවීම වළකයි. මාළු, මාංශ බෝග, බිත්තර හා මස් ආහාර වර්ග මාළු, කරවල, හාල්මැස්සන් යනාදිය මුං, කඩල, කව්පි, පරිප්පු වැනි ඇට වර්ග මාෂ බෝග ඉස්සන්, දැල්ලන් වැනි මුහුදු ආහාර කුකුල් මස්, බිත්තර. පෝෂණ සංඝටක (පෝෂණ කොටස්&zwnj සිරුරේ සහ මොළයේ වර්ධනයට අවශ්‍ය ප්‍රොaටීන ලබාදේ. ඛනිජ බහුලව අඩංගු වේ. මස්, මාළු, මෙන්ම මුං, කඩල, වැනි ඇට වර්ග වැඩෙන වයසේ දරුවන්ට අවශ්‍ය වන යකඩ වලින් පොහොසත්ය. ඇස්වල නිරෝගී බවට අවශ්‍ය වන විටමින් පීකුදු හා බිත්තර කහමද වල බහුලව අඩංගු වේ. මස් වෙනුවට කඩල, මුං, කව්පි, සෝයා, පරිප්පු වැනි ශාක ප්‍රොaටීන අඩංගු ඇට වර්ග තෝරා ගන්න. හරක් මස්, ඌරු මස්, එළු මස්, හැම්, බේකන්, සොසේජස්, වෙනුවට තෙල් හා කොලොස්ටරෝල් අඩු මාළු, කුකුළු මස් හෝ බිත්තර සුදු මදය තෝරා ගන්න. පිසීමේදී තෙල් භාවිතය අවම වන ක්‍රම භාවිතා කරන්න. ඒ සඳහා තැම්බීම, මිරිසට, ඉවීම, ඇඹුල් තියල් සෑදීම, ග්‍රිල් කිරීම, බේක් කිරීම, මයික්‍රොවේව් කිරීම කළ හැකිය. සකස් කළ මස් වර්ග, ටින් මාළු වල ලුණු අධික බැවින් ආහාරයට ගැනීම සීමා කරන්න. කිරි හා කිරි නිෂ්පාදන ආහාර වර්ග කිරි, යෝගට්, මුදවපු කිරි, චීස් යනාදිය පෝෂණ සංඝටක (පෝෂණ කොටස්&zwnj ප්‍රොaටීන, මේදය, විටමින් හා ඛනිජ අඩංගු වේ ප්‍රොaටීන, ශරීරයේ හා මොළයේ වර්ධනයට උදව් වේ. කැල්සියම් හා විටමිනි ඩී අස්ථී (ඇට) හා දත් ශක්තිමත්ව හා නිරෝගීව වැඩීමට උදව් වේ. වැඩෙන වයසේ දරුවන්ට කැල්සියම් අවශ්‍යතාවය වැඩියි. යොදය රහිත කිරි හා එම නිෂ්පාදන සිරුරේ බර වැඩි අයට වඩාත් සුදුසුය. අපේ ආහාර වල අඩංගු ප්‍රවේශමෙන් ආහාරයට ගත යුතු දේ 1. තෙල් 2. සීනි 3. ලුණු මේවා ආහාරයේ රසය වැඩි කිරීමට යොදා ගනී. එහෙත් වැඩිපුර ගැනීම සුදුසු නැත. තෙල් - ශක්තිය ලබාදෙයි එහෙත් වැඩිපුර ගැනීමෙන් මහත් වෙයි. ලෙඩ වෙයි. තෙල් බහුල ආහාර ක්ෂණික ආහාර - ප්‍රේස්ටි්‍ර, පීසා, බර්ගර්, බටර්, මාගරින්, තෙල් වර්ග, පොල් තෙල් එළගි තෙල් වැනි සකස් කළ මස් (හැම්, බේකන් සොසේජස්&zwnj සීනි - ශක්තිය ලබාදෙයි එහෙත් නිතර ආහාරයට ගැනීමෙන් දත් නරක් වෙයි ශරීරය මහත් වෙයි. ලෙඩරෝගවලට මුලපුරයි. සීනි බහුල ආහාර - සිසිල් බීම- පැණි බීම වර්ග, කේක්, බිස්කට්, ජෑම්, ටොµs, චොකලට්, ජෙලි වර්ග, පැණිරස කෑම වර්ග. ලුණු - වැඩිපුර ගැනිමෙන් පිපාසය ඇති වේ. ලෙඩ රෝග ඇති වෙයි. ලුණු බහුල ආහාර - ක්ෂණික ආහාර ප්‍රේස්ටි්‍ර, පීසා, බර්ගර්, ලුණු යෙදූ ටේස්ට් වර්ග (අල පෙති, රට කජු, මුරුක්කු, ටිපිටිප්) සකස් කළ මස් (හැම්, බේකන්, සොසේජස්&zwnj චීස්, මාමයිට්, සුප් කැට, පපඩම්. ක්ෂණික ආහාර සහ සිසිල් බීමවල සිරුරට අහිතකර තෙල් සීනි හා ලුණු බහුලව තිබුනද සිරුරට හිතකර විටමින් හා ඛනිජ ඇත්තෙම නැති තරම් පෝෂණ ගුණයක් අඩුය. පෝෂණ සම්බන්ධිකරණ අංශය සෞඛ්‍ය අමාත්‍යංශය ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 29 Jul 2017 07:29 AM ශ්‍රී ලංකාවේ දුම්කොළ නිෂ්පාදන තහනම් කෙරේ ශ්‍රී ලාංකිකයන් බුලත්විට හා වාණිජ වශයෙන් සකස් කරනු ලබන දුම් රහිත දුම්කොළ නිෂ්පාදනයන් පාවිච්චි කරනු ලැබේ. දුම්රහිත දුම්කොළ පාවිච්චිය පිළිකාව, හෘද රෝග ඇතුළු රෝග රාශියක් වැළඳීමට තුඩුදෙන බවත්, විශාල සංඛ්‍යාවක් මරණයට හා ආබාධිත තත්ත්වයට පත්වීමට මෙය හේතුවක් වන බවත්, විද්‍යානුකූලව සනාථ වී ඇත. මෙම නිෂ්පාදන ද්‍රව්‍ය පාවිච්චිය ශ්‍රී ලංකාවේ පොදු වශයෙන් දක්නට ලැබෙන මුඛ පිළිකාවට ප්‍රධාන හේතුව වේ. පිළිකා පිළිබඳ ජාතික ලේඛන අනුව ලියාපදිංචි වී ඇති මුළු පිළිකා රෝගීන්ගෙන් සියයට 14.3% මුඛ පිළිකාව වන අතර වාර්ෂිකව මරණ 1000 කට වැඩි සංඛ්‍යාවක්ද, ඒ අනුව දිනකට මරණ 03 කට වඩා වැඩි සංඛ්‍යාවක්ද සිදුවන බව ගණන් බලා තිබේ. මුඛ පිළිකා රෝගීන් 2400 කට ආසන්න සංඛ්‍යාවක් වසරකට ශ්‍රී ලංකාවේ ඇති පිළිකා රෝහල්වලට වාර්තා වේ. දුම් රහිත දුම්කොළ නිෂ්පාදන බොහොමයක දුම්කොළ හා පුවක් අඩංගු වේ. මෙම ද්‍රව්‍යයන් දෙකම පළමුවැනි කාණ්ඩයේ පිළිකා කාරක ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් වර්ගීකරණය කර ඇත. බුලත් විට සඳහා අවශ්‍ය වන බුලත්කොළ, පුවක්, දුම්කොළ හා හුණු වැනි ද්‍රව්‍ය විවෘත වෙළෙඳපොළෙන් ලබා ගැනීමට හෝ ගෙවත්තේ වගාකර ගැනීමට හැකියාවක් ඇති අතර වාණිජ වශයෙන් සකස් කරන මාවා, ගුට්කා, පාම්පරාග්, හාන්ස්, බාබුල් හා බීඩා වැනි දෑ වෙළෙඳපොළේ ඇති අතර මෙයින් සමහර දෑ ශ්‍රී ලංකාවේම නිෂ්පාදනය කරනු ලැබේ. 2015 වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කරන ලද (STEP) සමීක්ෂණය අනුව පිරිමින් අතර දුම් රහිත දුම්කොළ භාවිතය සියයට 26% ක් හා ගැහැනුන් අතර එය 5% වශයෙන් වර්ගීකරණය කර ඇත. ශ්‍රී ලංකාවේ දුම් රහිත දුම්කොළ නිසා සිදුවන පිරිවැය ඉතාමත් කැපී පෙනේ. 2015 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානය හා දුම්කොළ හා මද්‍යසාර අධිකාරිය මගින් කරනු ලැබූ පිරිවැය අධ්‍යයනයකදී දුම් රහිත දුම්කොළ හා සම්බන්ධිත පිළිකාවන්ගෙන් සිදුවන ආර්ථික පිරිවැය රුපියල් බිලියන 05 ක් පමණ වේ යෑයි ගණන් බලා ඇත. 2016 සැප්තැම්බර් 01 දින සිට දුම්කොල නිෂ්පාදනයන් මෙරට තහනම කිරීමේ රෙගුලාසි පනවනලදී. මෙම රෙගුලාසිය අනුව, කිසිම තැනැත්තෙකු විසින් උපලේඛනවල සඳහන් කර ඇති දුම්කොළ නිෂ්පාදනයක් හෝ දුම්කොළ අඩංගු දුම් රහිත දුම්කොළ නිෂ්පාදනයක් හෝ මිශ්‍රණයක් හෝ යම් පැණි රස ගන්වන ලද හෝ වර්ණ ගන්වන ලද හෝ රසගන්වන ලද දුම්කොළ අඩංගු සිගරැට්ටුවක් හෝ යම් දුම්කොළ අඩංගු ඉලෙක්ට්‍රොaනික සිගරැට්ටුවක් නිෂ්පාදනය, ආනයනය, විකිණීම හෝ විකිණීමට ඉදිරිපත් කිරීම සිදු නොකළ යුතුය. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 29 Jul 2017 07:32 AM මොළය අලුත්වැඩියා කරනු ලැබේ වයසට යන විට මොළය "රෙපයාර්" කිරීමට විද්‍යාඥයන්ගේ අවධානය... මුල්ම පරීක්ෂණය සිදුකර ඇත්තේ 1980 වර්ෂයේදීය මැකාවෝ වඳුරන්ගේ මොළයේ සෛල වයස්ගත වීමේදීත් වර්ධනය වන බව සොයාගෙන තිබේ. මොළයේ වියපත් සෛල ඉවත් කර අලුතින් සෛල එකතු කිරීම සංකීර්ණ කාර්යයකි. දිගින් දිගටම භාවිත කරන යන්ත්‍ර සූත්‍ර, රථවාහන හෝ පරිගණක වුවද කාලයක් ගතවූ පසුව අලුත්වැඩියා කිරීමට සිදුවෙයි. එසේ අලුත්වැඩියා නොකර භාවිත කරන්නේ නම් එම උපකරණය ඉතා කෙටිකලකදී අක්‍රීය වී යයි. අපගේ ශරීරයේ අවයවද එසේමය. මෙම ශරීර අවයවද කාලය ගතවීමත් සමඟ අලුත්වැඩියා කළ යුතුය. එසේ නොවන්නේ නම් එම අවයවවල ආයු කාලයද අඩුවීයයි. මෙම අලුත්වැඩියා කළ යුතු අවයව අතරින් වඩාත් වැදගත් අවයවය මොළය වෙයි. මක්නිසාද යත් මොළයේ පවතින ස්නායු සෛල අඩපණ වීම, අක්‍රිය වීම හෝ වියපත් වීම මතකය ආශ්රිත රෝග රැසකට මග පාදන බැවිනි. මේ නිසා කල්ගතවන විට මොළය අලුත්වැඩියා කර ගැනීම ගැන ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවධානය යොමුව ඇත. මොළයේ පවතින වියපත්වූ සෛල ඉවත්කර අලුතින් සෛල එකතු කිරීම අවාට ගියාට කළ නොහැකිය. අලුත උපන් කුකුළු කළල වල මොළ ආශ්‍රිතව (brain of chicken embryo) මෙම අධ්‍යයන මාලාව දැනට දියත් වෙයි. මෙහිදී අලුත් සෛල වටකොට පවතින නව ස්නායු සෛලද ඒවායේ DNA විහිදුමද අන්වීක්ෂීයව හඳුනාගත හැකිය. මේ අලුතින් ස්නායු සෛල නිපදවීමේ ක්‍රියාවලිය හෙවත් (neurogenesis) වල අවසාන අදියරයි. විවිධාකාර කායික සහ මානසික ව්‍යායාම හරහා මොළයේ සෛල වීනාශවී යැම පාලනය කළ හැකිය. එසේම ස්නායු සෛල වියපත් වීම වැනි වළකා තරුණ වීමට එය උපකාරයක් වෙයි. මේ පර්යේෂණ මාලාව හරහා ඉදිරි කාලයේදී මොළයට හානිවූ පසුව අලුතින් ස්නායු සෛල නිපදවීමේ යාන්ත්රණයට මෙය භාවිත කළ හැකිය. වියපත් වීම හෝ යම් අනතුරක් සිදුවූ පසුව ස්නායු සෛල නැවත ප්‍රතිසංවිධානය වීම සත්ත්වයින් තුළ බොහෝ විට සිදුවන නමුත් එය ඒ ආකාරයට මිනිසා වැනි විශේෂ තුළ සිදුනොවන බව විද්‍යාඥ මතයයි. මේ සම්බන්ධව අදහස් දක්වන ලන්ඩන් නුවර ස්නායු ජීව විද්‍යාව පිළිබඳ රාජකීය ආයතනයේ අංශ ප්‍රධානී ඇන්ඩෲ ලුම්ස්ඩෙන් අදහස් කරන්නේ "මිනිසා තුළද මේ ආකාරයට ස්නායු ජනනය සිදුවන බව විශ්වාස කිරීමට අප සියලු දෙනාම කැමති බවයි." මෙය අද අද සිදුවන බවට සාක්ෂි නොමැති නමුත් ඉතාම ආසන්නයේදී මේ සම්බන්ධව සාක්ෂි ලබා ගත හැකි බව ඔහුගේ මතයයි. බොහෝ දෙනා විශ්වාස කරන්නේ ස්නායු සෛල නැවත ඉපදීම, ප්‍රතිසංස්කරණය සහ මිනිසාට එනම් (Regenerative) මිනිස් අපගේ කලල අවධියට පමණක් සීමාව පවතින බවයි. කළල අවධියෙන් අනතුරුව මෙම ස්නායු සෛලවල නැවත නිර්මාණය සම්පූර්ණයෙන්ම ඇණහිටින බවයි. 19 වැනි සියවසේදී විසූ ස්පාඤ්ඤ ජාතික කායව්යවඡේද විශේෂඥ සැන්ටියායේ රාමොන් සඳහන් කළේ අපගේ වර්ධනය අඩාල වීම සමඟ මොළයේ ක්‍රියාවන්ද ඇනහිටින බවයි. අණුක ස්නායු විද්‍යාවේ පියා ලෙස සලකන්නේ මෙම සැන්ටියායේ රාමොන්ය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වැඩිහිටි අවධියට පත්වීම සමඟ ස්නායු සෛල නැවත අපට අවශ්‍ය ආකාරයට වෙනස් කළ නොහැකි බවයි. (immutable) මේ අන්දමට විද්‍යාත්මකව බලපාන ලද එක් සාධකයක් වන්නේ මොළයට යම් අනතුරක් හෝ පහරදීමක් (stroke / blow) සිදුවූ පසුව එම හානිය නොවෙනස්ව පැවතීමයි. කතා චලනය අතපය සෙළවීම අඩාල වී යයි. කාලය ගතවීමත් සමඟ වියපත් වීම සමඟ බොහෝ දුරට යළි යළි අලුත්වැඩියා වන අවයව අතර, සම සහ අක්මාවට ප්‍රධාන ස්ථානයක් හිමිවෙයි. එහෙත් මොළයේ සම මෙන් සරල ව්යqහය නොව ඉතා සංකීර්ණ අවයවයයි. ඇන්ඩෲ ලුම්ස්ඩෙන් මේ සම්බන්ධ පවසන්නේ සංකීර්ණ ස්නායු රටා ඇතිවූ පසුව එය යළි වැඩි වර්ධනය කරන්නේ කෙසේද යන්න විසඳාගත යුතුව පවතියි. මිනිසාට අතිවිශාල මොළ පරිමාවක් පැවතීමේ අවාසිය මේ අන්දමට අලුතින් සෛල පුනර්ජනයට එය බාධාවක් වීම බවද ඔහු පවසයි. මිනිසුන් සතු නොවන, අනෙක් සතුන් සතුවන මොළයේ සෛල යළි වර්ධනය වීමේ හැකියාව සම්බන්ධව ප්‍රථම සාධකය 1980 දශකයෙන් ලැබෙයි. නිව්යෝර්ක් සරසවියේ පර්යේෂක ප්‍රනාන්දු නොටෙව්බෝට් මේ අධ්‍යයනය දියත්කළ අතර, බ්‍රිතාන්‍යයේ වෙසෙන ගී ගයන කුරුල්ලන් වර්ගයක් වන Canaries වරුන් සෑම වසරකම තමන් ගායනා කරන ගීත වෙනස් බව සොයා ගන්නා ලදී. මොවුන්ගේ ගී ගයන හැකියාව පාලනය කරන මොළයේ කොටස වසන්ත කාලයේදී වර්ධනය වන අතර, අනෙක් කාලවලදී හැකිලී යන බව අනාවරණය වන ලදී. මේ අනුව වැඩිහිටි අවස්ථාවේදීද ස්නායු සෛල නිපදවන බවට ඉඟියක් ලැබෙයි. මේ අනුව කුරුල්ලන් තුළ වැඩිහිටි අවස්ථාවේදීද ස්නායු සෛල පුනර්ජීවයක් ලබන බව තහවුරු වෙයි. එහෙත් ක්ෂීරපායී සත්ත්වයන්ගේද මේ අන්දමට මොළයේ වෙනස්වීම සහ ස්නායු සෛල වර්ධනයන් වැඩිහිටි අවස්ථාවේදී සිදුවී දැයි සොයා බැලිය යුතුව ඇත. 1992 වසරේදී කැනඩාවේ ඇල්බෙරටා සරසවියේ පර්යේෂකයන් පිරිස මීයන්ගේ මොළයේ පවතින සෛල වර්ගය ඉන් වෙන්කර ගැනීමට සමත් වූහ. මෙම සෛල අපගේ ශරීරයේ දෛනික සෛලවලට සමාන බව පර්යේෂණ මතයයි. මෙම සෛලවලට ශරීරයේ ඕනෑම සෛල වර්ගයක් බවට පත්කිරීමේ හැකියාව පවතියි. මෙම සෛල නිවැරදි තත්ත්වය යටතේ විභජානණයට පත්වී මෙම අවශ්‍ය ආකාරයේ සෛල නිර්මාණය වෙයි. මේ නිසා මීයන්ගෙන් වෙන්කර ගත් සෛලවලට අවශ්‍ය කාණ්ඩවලදී මොළයේ සෛල හෝ ස්නායු සෛලවලට පත්විය හැකිය. මෙසේ නියුරෝන - ස්නායු සෛල - බවට පත්වන සෛල, ස්නායු සෛල මෙන්ම ක්‍රියා කරන්නේ දැයි විමසා බැලිය යුතුය. මේ සම්බන්ධව කැලිෆොනියා සරසවියේ ෙµරෙට්යේ- සඳහන් කරන්නේ මෙම සෛල, ස්නායු සෛල බවට පත්වූ පසුව ඒ ක්රියාකාරීත්වයම දරන බවය. මෙය සංකීර්ණ ක්‍රියාවලියකි. පළමුව රුධිරය වෙතට Brd U නව රසායනය එන්නත් කිරීම සිදුකරයි. මෙය DNA වල ගොඩනැඟීමේ ඒකකයනට සමාන වෙයි. මෙම රසායනය ඉන් අනතුරුව නව සෛල තුළට ඇතුළුවී ජාන පදනම ලෙස ක්‍රියා කරයි. මෙය ආගන්තුක ද්‍රව්‍යය නිසා මෙම රසායනයට එරෙහිව ප්‍රතිදේහ ක්‍රියාකරන බැවින් මේවාට සාමාන්‍ය DNA ලෙස ක්‍රියාකිරීමට අපහසු වෙයි. කෙසේ වුවත් මෙම රසායනය මීයන්ගේ මොළයේ සෛලවලින් නව සෛල බිහිකර ගැනීමට සළකුණක් ලෙස යොදාගත හැකි සමහර ප්‍රතිදේහ නිර්මාණය වන්නේ මෙම නව ස්නායු සෛල හමුවේ පමණක් බවද පර්යේෂකයන් පෙන්වා දෙති. පර්යේෂණය මඟින් සොයාගෙන ඇති පරිදි මීයන්ගේ මොළයේ මෙම නව ස්නායු සෛල තිබෙන්නේ ප්‍රධාන කලාප දෙකකය. ඒ මොළයේ කෝෂිකා අතර කලාපයේ බිත්තිවලය. අලුත උපන් කළල වල මොළය සැළකූ විට එය නළයක් ආකාරයට පවතින නිසා ස්නායු ජනනය මෙම ස්නායු නළයේ බිත්ති ආශ්‍රිතව සිදුවන්නකි. මෙම ස්ථානයේ යම් ස්නායු සෛල විහිදී ඉවතට යැම නිසා මොළය සහ සුෂුම්නාව නිර්මාණය වෙයි. මෙම ස්නායු නළයේ මධ්‍යයේ සෑදෙන කුහර කෝෂිකා (ventricals) ලෙස පවතියි. නිපදවන ස්නායු සෛලවලින් වඩා ඉවතට විහිදී යන සෛලවල ගඳ සුවඳ පාලනය කරන Olfactory bulb ප්‍රදේශයක් සෑදෙයි. අනෙක් සෛල මොළයේ පතුලේ පිහිටි හියෝකම්පස් ප්‍රදේශය සාදයි. අපගේ මොළයේ මතකය පාලනයට මෙම ප්‍රදේශය ඉතා වැදගත් වෙයි. අලුත බිහිවෙන සෛල වලින් මතකය, ඉගෙන ගැනීම යන වැදගත් මානසික ක්‍රියා පාලනය වෙයි. 1990 දශකය තුළදී වඳුරන් වර්ගයක් වන macaques ආශ්‍රිතව කළ අධ්‍යයනයකදී හෙළිවූයේ ඔවුන්ගේ මොළයේ ආශ්‍රිතව හිපෝකැම්පස් ප්‍රදේශය අලුතින් සෛල බිහිවන බව අනාවරණය වී ඇත. මීයන්ට වඩා මිනිසුන්ට වඩාත්ම සමීප සත්ත්ව කොට්ඨාසය වන්නේද වඳුරන්ය. මේ නිසා පර්යේෂකයනගේ මීළඟ ඉලක්කය මිනිස් මොළයේ අභ්‍යන්තරය දැකීමයි. දරුණු පිළිකා රෝගවලින් පෙළෙමින් මාරණාසන්නව සිටි පුද්ගලයන් 05 දෙනෙකුගේ ශරීරයට Brd.U රසායනය එන්නත් කිරීම හරහා මේ සම්බන්ධව අධ්‍යයනයන් දියත් කිරීමට යේ- ප්රමුඛ විද්‍යාඥ පිරිසක් සමත් වූහ. ඉන්පසුව ඉතා හොඳින් පිළිකාව පවතින ස්ථානය නිරීක්ෂණය විය. මෙම රෝගීන් මියගිය පසුව මොළය පරීක්ෂා කිරීමේදී මොළය ආශ්‍රිතව Brd.U වැඩුන සෛල දැකගත හැකිවිය. එය වෛද්‍ය විද්‍යාත්මකව ඉතා වැදගත් රසායනයක් විය. මෙම අධ්‍යයනය මගින් මිනිස් මොළය පුනර්ජනනය කර ගැනීමට සම්පූර්ණයෙන්ම තහවුරු නොවන නමුත් එය වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් සොයා ගැනීමකි. වයස අවුරුදු සියය (100) ඉක්මවා ජීවත්වූ පුද්ගලයන්ගේ මොළයන්ද ඉහත වර්ණකවලට ලක්වීමට ඉඩ සලසා ඔවුන් මියගිය පසුව මොළය පරීක්ෂා කිරීමේදී මීයන් ආශ්‍රිතව කළ අධ්‍යයනයන්ට සමාන ප්‍රතිඵල ලැබී ඇත. වයස්ගත වීම සහ අලුතින් ස්නායු සෛල බිහිවන ප්‍රමාණය අඩුවන නමුත්, ස්නායු සෛල ජනනය සිදුවන බව පර්යේෂණ මතයයි. අපස්මාරය රෝගය වැළඳී ශල්‍යකර්මවලට භාජනය කළ රෝගීන්ගේ මොළ ආශ්‍රිතවද මේ අන්දමට ස්නායු සෛල ජනනය වන බව සොයාගෙන ඇත. අපස්මාරය රෝගයට ගොදුරුවන පුද්ගලයන්ගේ හිපෝකැම්පස් ආශ්‍රිතව සිදුකරන ශල්‍ය කර්මයකින් අදාළ කොටස ඉවත් කිරීම මගින් සුවය ලබා දෙයි. මෙම කපා ඉවත්කරන හිපෝකැම්පස් කොටස පරීක්ෂාවේදී ස්නායු සෛල ජනනය වන බව හෙළිවී ඇත. මෙම සෛල වෙන්කරගෙන වෙනමම ප්රෙටි්රදීසිවල වගා කිරීමට නොහැකිවන නමුත් ස්වාභාවිකව හෙළිවන තොරතුරුවලින් සුභවාදී ආරංචියක් ජෛව විද්‍යාඥයන්ට හිමිවෙයි. ආඝාතය, ඇල්ෂයිමර් රෝගය සහ පාර්කින්සන් වැනි රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට මෙම නව ස්නායු ජනන උපාය හරහා අනාගතයේදී රෝගයන් විඳීමට අවස්ථාව උදාවෙනු ඇත. මානසික ආතතිය සහ ඇල්ෂයිටර් වැනි රෝගවලින් පෙළෙන පුද්ගලයන්ගේ මොළයේ හිපෝකැම්පය ප්‍රදේශය ප්‍රමාණයෙන්ද කුඩා වෙයි. මේ නිසා ස්නායු සෛල ජනනයද අඩාල වෙයි. මීයන් ආශ්‍රිතව සිදුකළ අධ්‍යයනවලින් හෙළිවී ඇත්තේ වඩා හිතකර සහ ප්‍රියංකර පරිසරවල ජීවත්වන විට මොළයේ ස්නායු සෛල ජනනය වඩා උත්තේජනය වන බවය. සතුට ඇතිකරන රසායන හෝ ඖෂධ මගින් මොළයේ වියපත්වීම මේ අනුව පාලනය කළ හැකිය. කෙසේ වුවත් මිනිසුන් සම්බන්ධව මෙය කොතෙක් දුරට සාර්ථක වේදැයි තවදුරටත් අධ්‍යයන සිදුවිය යුතුව තිබේ.මොළයේ සෑම ප්රදේශයක්මද මේ අන්දමට ස්නායු ජනනය නොවන බව විද්‍යාඥ මතයයි.විශේෂයෙන් මොළයේ බාහික ප්‍රදේශවල ස්නායු සෛල ජනනය සිදු නොවෙයි. මේ නිසා මිනිසා තුළ ස්නායු සෛල අලුත්වැඩියාව ගැන සිතීමට තව බොහෝ දේ ඉතිරි කර ඇත. වෛද්‍ය ජී. ජී. චමල් සංජීව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 29 Jul 2017 07:36 AM ඇඟට දැනෙන ව්‍යායාම ළමයින්ට සහ නව යෞවනයන්ට දිනකට පැයක් බැගින් සතියකට දින 5 ක් වත් ක්‍රියාකාරී ව්‍යායාම අත්‍යවශ්‍යයි. නිසි ව්‍යායාම මගින් ලැබෙන වාසි * අස්ථි සහ පේශි ශක්තිමත් කරයි * සන්ධිවල නම්‍යතාව වැඩි කරයි * ශරීරයේ නියමිත බර පවත්වා ගැනීමට හැකිවේ. * හැඩැති රුවක් ලබාගත හැකි වේ. * මානසික ආතතිය අඩු කරයි. * අධ්‍යාපන කටයුතුවල ප්‍රබෝධමත්ව නියෑළීමේ හැකියාව ලැබේ. * හෘදයේ සහ පෙනහළුවල ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගැනීමට උපකාරී වේ. * තරබාරුවීම නිසා ඇතිවන බෝ නොවන රෝග වැලදීමේ අවදානම අඩු කරයි. උදා(- හෘද රෝග, පිළිකා, දියවැඩියාව, අධික රුධිර පීඩනය, ආඝාතය (අංශභාගය) එදිනෙදා ජීවිතයට ව්‍යායාම එක් කරන්නේ කෙසේද? * විනෝදාංශයක් ලෙස ව්‍යායාම කිරීම * එදිනෙදා ගේ දොර වැඩ කිරීම * එදිනෙදා කාර්යයන් සඳහා හැකි සෑම විටම පයින් ගමන් කිරීම හෝ බයිසිකලයක් භාවිත කිරීම * බසයෙන් බැසීමට ඇති ස්ථානයට බස් නැවතුම් 2 කට හෝ 3 කට පෙර බසයෙන් බැස ඇවිදගෙන යැම * විදුලි සෝපාන වෙනුවට පඩිපෙළ භාවිත කිරීම අපට කළ හැකි ව්‍යායාම * විනෝදාංශයක් ලෙස බයිසිකල් පැදීම, දිවීම, පිහිනීම වේගයෙන් ඇවිදීම. * විවිධ ක්‍රීඩාවල යෙදීම උදා(- එල්ලේ, ක්‍රිකට්, නර්ථනය, කඳු නැගීම. * ගේ දොර වැඩ උදා(- ගෙදර අතුගෑම, මොප් කිරීම, දැත භාවිතයෙන් රෙදි සේදීම, ගෙවතු වගාව. * යෝග ව්‍යායාම * ස්වායු ව්‍යායාම * බර එසවීමේ ව්‍යායාම සිරුරේ බර අඩු කර ගැනීමට සහ හැඩය නිසි පරිදි සකසා ගැනීමට පැයට /කි. මි. 6.4 හෝ පැයට/සැතපුම් 4.0 පමණ වේගයෙන් කඩිසරව ඇවිදීම කළ යුතුය. එම වේගයට එක්වරම ළඟා නොවී ක්‍රම ක්‍රමයෙන් වේගය වැඩි කර ගත යුතුය. ඔබත් ව්‍යායාම කරන්න සුදානම් ද? * ඔබේ ඉලක්ක හඳුනාගන්න * ඔබේ ජීවන ක්‍රමයට ගැලපෙන ව්‍යායාම පළමුව තෝරාගන්න. * ව්‍යායාම සඳහා ඔබගේ ශාරීරික යෝග්‍යතාවය හඳුනාගන්න. * ව්‍යායාම ඇරඹීමට පෙර ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම කිරීමටත් (ඉන් පසු ව්‍යායාම ඇරඹීමටත්) අවසානයේ ඇඟ සැහැල්ලු කරන ව්‍යායාම කිරීමටත් අමතක නොකරන්න. * ව්‍යායාම කරන අතරතුර හා ව්‍යායාම වලින් පසුව ජලය පානය කිරීම වැදගත් වේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 34 of 137 << < 3233343536 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner