Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 35 of 137 << < 3334353637 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 29 Jul 2017 07:39 AM මඟුල් කරඳ මුලෙන් පොතුකබර සුව කළ හැකියි ප්රශ්නය - විවිධ සොරයිසිස් (පොතුකබර) රෝග වර්ග ගැන පසුගිය සතියේදී අප ඔබ සමඟ සාකච්ඡා කළා. අද ඉතිරි වර්ග කිහිපය ගැනයි අප සාකච්ඡා කරන්නේ. වෛද්‍ය ශ්‍රී ලක්මාල් සුගතදාස- ඉතිරි වර්ගවලින් පළමුවැන්න තමයි Seborrheic like psoriasis රෝගය. මෙය පොදුවේ ගත් කළ බහුල වශයෙන් තිබෙනවා. රතු පැහැති පැල්ලම් මත හැදුනු තෙල් සහිත කොරළ ස්වභාවයෙන් තමයි මෙය හටගන්නේ. හිස්කබල, නලල, නාසය සහ මුහුණ අතර සමෙහි නැමීම මත මුඛය වටා, තිබෙන සම පපුව මත ඉකිළිය සහ කිහිලි යන තැන්වල මෙය හටගන්නවා. මේ අතර සොරයිසිස් රෝගය හා සම්බන්ධ ආත්රයිටිස් රෝග තත්ත්වය ගැනත් කිව යුතුයි. මෙය තදබල ප්‍රදාහ තත්ත්වයක් ඇති කරන නිදන්ගත තත්ත්වයකි. මෙය හටගන්නා සන්ධි ප්‍රදේශ දරුණු ප්‍රදාහ තත්ත්වයකට ලක්වන අතර අධික වේදනාක් ඇති කරනවා. මෙය ඕනෑම සන්ධියක ඇතිවිය හැකි අතර, බහුල වශයෙන් හටගන්නේ අතැඟිලි සහ පා ඇඟිලිවල සන්ධි මතයි. මෙවිට අතැඟිලි සහ පා ඇඟිලි ඉදිමෙනවා. ඉන, දණ, කොඳුඇට පෙළ යන තැන්වල මෙය හට ගන්නවා. සොරයිසිස් රෝගය වැළඳී ඇති අයගෙන් 30% කට සොරයිසිස් ආත්රයිටිස් හටගන්නවා. නියපොතුවල ස්වභාවය සම්පූර්ණයෙන් ම වෙනස් කරන්නට සොරයිසිස් රෝගයට පුළුවන්. මෙවැනි සමහර රෝගීන්ගේ නිය මත අල්පෙනිති හිස් වැනි ලප හටගන්නවා. නියපොතු සුදු පැහැ ගැන්වෙනවා. නියමල තුළින් රුදිරය ගැලීමක් හට ගන්නවා. සමහර විට නියපොතු යටින් රතු පැල්ලම් පෙනෙන්නට තිබෙනවා. තත්ත්වය බරපතළ වුණාම නියපොතු හැලී යන්නටත් ඉඩ තිබෙනවා. ප්රශ්නය - මේ රෝගය හටගන්නේ කොහොමද? වෛද්‍ය ශ්‍රී ලක්මාල් සුගතදාස - මේ රෝගීන් තුනෙන් එකක්ම ජාන උරුමයෙන් රෝගී වූ අය. හොඳම උදාහරණය තමයි සොරයිසිස් රෝගය තිබෙන නිවුන් දරුවන් අතුරින් අනෙක් නිවුන් දරුවාටත් මෙය වැළඳීමේ හැකියාව 70 ක් වීම. මීට අමතරව නිදන්ගත ආසාදන, අධික විඩාව, කාලගුණික වෙනස්කම්වලට භාජනය වීම, අධික මත්පැන් පානය, අධික ලෙස දුම් පානය වගේම අධික ස්ථුලභාවයත් මේ රෝගයට හේතු විය හැකියි. ඒඩ්ස් රෝගීන්ට මේ රෝගය වැළඳීමේ අවදානම ඉතාම ඉහළයි. පොතු කබර රෝගයට අත්දුටු මේ කසාය බොන්න. මඟුල් කරඳ මුල් කලං 12, වතුර පත 8 එක පතකට සිඳ උදේ සවස පත භාගය බැගින් දින 7 ක්. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 29 Jul 2017 07:46 AM දරුඵල නැත්නම් මේ ලිපිය කියවන්න වර්තමානයේ සමාජය තුළ විශාල සෞඛ්‍ය ගැටළුවක්ව පවතින්නේ බෝ නොවන රෝගයි (Non communicable disease) ඒ අතර ප්‍රධාන තැනක් හිමි කරගෙන තිබෙන්නේ අතිස්ථූල භාවය, දියවැඩියාව, කොලෙස්ටරෝල්, හෘද රෝග, අක්මාවේ තෙල් තැන්පත් වීම වගේම අද වන විට මුළු රටේම හා ජාතියටම විශාල ගැටලුවක් වන දරුඵල නොමැතිවීම මෙම බෝනොවන රෝග අතර ප්රමුඛ තැනක් හිමි කරගෙන තිබෙනවා. මේ නිසාම දරුඵල නොමැතිවීම හා ඒ සම්බන්ධව ඇතිවන ගැටලු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් පුවත්පත් පාඨක ඔබව දැනුවත් කිරීමත් ඒ සඳහා කළ හැකි ප්‍රතිකර්ම පිළිබඳවත් දැනුවත් කිරීමටත් අප බලාපොරොත්තු වනවා. මෙම දරුඵල නොමැතිවීම සඳහා විවිධ හේතු කාරණා ඇති අතර ඒ සඳහා පිරිමින්ගේ මඳසරු භාවය බලපාන ආකාරය මීට පෙර කතාකළා ඔබට මතක ඇති. මේ සතියේ සිට මදසරු බව සඳහා ගැහැණු පාර්ශ්වයේ ඇතිවන ගැටළු පිළිබඳව කතා කරමු. මොකක්ද මේ කාන්තා පාර්ශවයේ මඳ සරු බව කියන්නේ... ඉතාම කාලෝචිත මාතෘකාවක්. මොකද වෙනත් වෛද්‍යවරු කොටසක් දරුඵල නැතිකිරීම සඳහා බලහත්කාරයෙන් එන්නත් ලබා දෙනවා. තව කොටසක් පැලෝපීය නාල කපා ඉවත් කරන සැත්කම කරගන්න කියල බල කරනවා. හැමදේම මුදලට යටවුණ කාලයක තමයි අපිට මේ දරුඵල නොමැති අය සඳහා කළ හැකි පිළියම් පිළිබඳව කථා කරන්න වෙලා තියෙන්නෙ. මෙහිදී ඉතාම වැදගත්ම කොටස තමයි කාන්තාවන්ගේ මද සරු බව කියන්නේ. ඒකට හේතුව දරු පිළිසිඳ ගැනීමකදී විශාලම කාර්ය සිදු කරන්නේ කාන්තාව. ඒ වගේම කාන්තාවකගේ මදසරු බව ඇතිවීමට විවිධ හේතු ගණනාවක්ම තියෙනවා. අපි ඒවා එකිනෙක වෙන වෙනම කතා කරමු. මුලින්ම අපි හඳුනාගමු කාන්තා මඳසරු බව ඇති කරන හේතු මොනවද කියල. Õ ඩිම්බ කෝෂවල ඇතිවන ගෙඩි (PCOS) Õ ගර්භාෂ ගෙඩි (Uterine Fibroid) Õ ගර්භාෂ පටක රෝග (Endometriosis) Õ පැලෝපීය නාල අවරෝධතා (Tube Block) Õ ඩිම්බ නොමේරීම (Immature egg) Õ අධික තරබාරු බව (Obesity) Õ හෝර්මෝන අසමතුලිතතාවය (hormone imbalance) Õ විස්තර කළ නොහැකි කරුණු අපි මුලින්ම PCOS (Poly Cystic Ovarian Syndrome) හෙවත් ඩිම්බ කෝෂගත ගෙඩි පිළිබඳව කතා කරමු. මොකක්ද මේ PCOS කියන්නේ Poly Cystic Ovarian Syndrome ලෙස හඳුන්වන මෙම රෝගයේ දී කාන්තාවන්ගේ ඇතිවන හොර්මෝන අසමතුලිත තාවය නිසා ඩිම්බ හෙවත් බීජ මේරීම හා ඩිම්බ පිටවීමේදී සිදුවන දෝෂ ප්‍රධානව දැකිය හැකියි. මෙය අතිස්ථුල කාන්තාවන්ට මෙන්ම වැඩිවිය පත්වූ ගැහැනු දරුවන්ටද ඇතිවිය හැක. ශරීරයෙන් නිපදවන හෝර්මෝන මගින් ඩිම්බ මේරීම හා පිටවීම පාලනය කරයි. එහිද මූලික වන්නේ ඊස්ට්‍රජන්, ප්‍රොaජෙස්ටරෝන්, LH, FSH හෝර්මෝනයි. මෙම හෝර්මෝනවල සිදුවන අඩු වැඩිවීම් හා ආයුර්වේදානුකූලව ධාතු දූෂණය මීට හේතුවයි. මෙවැනි විවිධ රක්ත දෝෂ හේතු කොටගෙන මෙම රෝගී තත්ත්වයන්හට ගනී. දරුඵල ප්‍රමාදය සඳහා යොමුවන රෝගීන්ගෙන් බොහෝ ප්‍රමාණයක් අපට හමු වන්නේ මෙවැනි රෝගී තත්ව සමඟයි. මීටඅමතරව ඔසප් චක්‍රය අක්‍රමවත්, අධික තරබාරු ගැහැණු දරුවන්ටද මෙම රෝගී තත්ත්වය තිබිය හැකියි. හොර්මෝන වෙනස්වීම සමඟ ඔසප් චක්‍රයේ ඇතිවන වෙනස්කම් ඩිම්බ සෑදීම, පිටවීම පිළිබඳව දැක්වෙන රූප සටහනක් හා ගෙඩි සහිත ඩිම්බ කෝෂයක රූපසටහන් පහතින් දක්වා ඇත. මොනවද මේ PCOS වල රෝග ලක්ෂණ 01. දරුඵල නොමැතිවීම 02. ඔසප්චක්රය නැවතී තිබීම හෝඅක්රමවත් වීම 03. ශරීරය අනවශ්‍ය ලෙස මහත්වීම (අධික ලෙස මේදය තැන්පත්වීම) 04. අනවශ්‍ය ලෙස රෝම ඇතිවීම (මුහුණ, ගෙල ප්‍රදේශවල, දෙපාවල) 05. බෙල්ල දෙපස හා කිහිලි කලුවීම 06. සමෙහි මාංශමය ඉන්නන් (Skin tag) ඇතිවීම 07. අලස බව වැඩිවීම 08. කුරුලෑ ඉස්සොරි හා මුහුණේ තෙල් ගතිය වැඩිවීම 09. ශ්‍රොaණි ප්‍රදේශයේ ඇතිවන වේදනාව 10. පසුකාලීනව දියවැඩියාව හා හදවත් රෝග ඇතිවීමේ අවදානම වැඩිවීම මේවා මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වේ. ඒ කෙසේ නමුත් මුල් අවස්ථාවේදී ඉහත දැක්වෙන රෝග ලක්ෂණ නොපෙන් වුවද මෙම රෝගය තිබිය හැක. එනම් සිහින් ශරීරයක් ඇති අක්‍රමවත් ඔසප් චක්‍රයක් තිබෙන අයද මේ අතර අපට හමුවේ. මේ සඳහා බලපාන හේතු මොනවාදැයි සොයා බලමු. මෙහි ප්‍රධාන හේතුව වන්නේ හෝර්මෝන අසමතුලිත බව හා ශරීරයේ ධාතු දූෂණයයි. 01. වැරැදි ආහාර රටාව එනම් නිතර නිතර අධි පෝෂණීය කෑම ගැනීම 02. ව්‍යායාම අඩුකම 03. ක්ෂණික ආහාර 04. විවිධ කෘතීම රසකාරක යෙදූ ආහාර 05. විවිධ බීම වර්ග 06. කෘතීම ඖෂධ වර්ග (හෝර්මෝන හා විටමින් වර්ග අධිකව ගැනීම) 07. රූපලාවන්‍ය සඳහා ගන්නා විවිධ ඖෂධ වර්ග 08. මානසික අසහනකාරී බව දිගටම තීබීම 09. ජීවත්වූ පරිසරය දීර්ඝ කාලයක් වෙනස්වීම 10. ජානමය හේතුද මේ සඳහා බලපායි මේ රෝගය හඳුනා ගන්නේ කෙසේද? ඉහත රෝග ලක්ෂණ ඔස්සේ මෙම රෝගය හඳුනාගත හැකි අතර ULTRA SOUND ස්කෑන් පරීක්ෂාවක් මගින් තහවුරු කරගත හැක. මේ සඳහා ඇති ප්‍රතිකාර මොනවා දැයි සොයා බලමු. ඉහත ලක්ෂණ හඳුනාගත් විට තරුණ වියේදී හෝ විවාහ වී ඇතිවිට හෝ ඉතා ඉක්මණින් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකු වෙත යොමු වී ප්‍රතිකාර කිරීමෙන් මෙම රෝගයන් ඉතා පහසුවෙන් සුව කරගත හැකි වෙනවා. නොමිලේ විස්තර උපදෙස් 0114278589, 077 6224293 ලබන සතියේ තවත් කොටසක් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 29 Jul 2017 07:50 AM ආත්රයිටිස් දණහිසට වැළඳුණොත්... ප්රශ්නය - ආත්රයිටිස් කියන රෝගය ශරීරයේ කොතැනට වැළඳුණත් ලොකු වේදනාවක් හටගන්නවා. එහෙත් මෙය දණහිසට වැළඳුණාම තිබෙන වේදනාව ඉතාම දරුණුයි. ඒ අනුව දණහිසේ ආත්රයිටිස් තත්ත්වය Arthritis in the knee යන මාතෘකාව යටතේ සාකච්ඡා වෙනවා. වෛද්‍ය වසන්ත උදයජීව - දණහිසට වැළඳිය හැකි ආත්රයිටිස් වර්ග තුනක් තිබෙනවා. පළමුවැන්න තමයි ඔස්ටියෝ ආත්රයිටිස් (Osteoarthritis) රෝගය මෙහිදී සිදුවන්නේ දණහිසේ කාටිලේජය ක්‍රමානුකූලව වැහැරීමයි. ක්ෂය වීමයි. මෙය හටගන්නේ මැදිවියේදී. ඊළඟට රූමැටික ආත්රයිටිස් තත්ත්වයක් තුළදීත් දණහිසට හානි වෙනවා. මෙය ඕනෑම වයසකදී හට ගත හැකි ප්‍රදාහ තත්ත්වයක්. ඊළඟ අවස්ථාව තමයි කෙනෙකුගේ දණහිස තුවාල වූ පසු එය සුව වී එතැන ආත්රයිටිස් හට ගන්නා අවස්ථාව. මෙය Torn meniscus අවස්ථාවක් ලෙස හැඳින්වෙනවා. තවත් වැදගත් කාරණයක් තමයි ආත්රයිටිස් වර්ග දෙක තුනක්ම එකම අවස්ථාවේදීම හටගැනීමට ඉඩ තිබීම. ප්රශ්නය - මෙහිදී හටගන්නා වේදනාවේ ස්වරූපය කුමක්ද? වෛද්‍ය වසන්ත උදයජීව - ඉතා සෙමින් වර්ධනය වී දරන්නට අපොහොසත් තත්ත්වයට පත් වෙනවා. මුලින්ම වේදනාව හටගන්නේ උදේ පාන්දර ඔබ ඇඳෙන් නැඟිටින විට. ඊළඟට ඔබ පඩි නඟින විට දණහිස වේදනා දෙනවා. අසුනක ඉඳගෙන ඉඳලා නැඟිටින විට දණහිස වේදනා දෙනවා. තවත් ටිකක් කල් යන විට අසුනක හිඳගන්න හදන විටත් වේදනාවක් ඇති වෙනවා. ප්රශ්නය - ඊළඟට මොකද වෙන්නේ. වෛද්‍ය වසන්ත උදයජීව - ඊළඟට දණහිස ඉදිමෙන්නට පටන් ගන්නවා. ඊළඟට ප්‍රදාහ තත්ත්වයක් ඇති වෙනවා. මෙයට හේතුව දණහිස තුළ හටගන්නා දියරමය තත්ත්වයක් විය හැකියි. ඒ එක්කම දණහිස මතුපිට සම රතු පැහැයට හැරෙනවා. දණහිසට අත තැබුවම එතැන රස්නෙයි. මොකද එතැන ප්‍රදාහ තත්ත්වයක් තිබෙන නිසා. විශිෂ්ට ගුරුත්වය ඉහළ ගිහින්. මේ අතර කරන්ට් වදිනවා වගේ වේදනාත්මක තත්ත්වයක් හට ගන්නවා. මුලදී වේදනා නාශකවලින් පිළියමක් තිබුණත් පසුව ඒවාටවත් ඔරොත්තු දෙන්නෙ නැහැ. කාලයක් ගතවන විට දණහිසේ තිබෙන පේශීන් දුර්වල වීමට පටන් ගන්නවා. එවිට දණහිස් සන්ධියේ ව්යqහය සහ පිහිටීම අස්ථාවර වෙන්නට බලනවා. එවිට රෝගියා කොර ගහන්නට පටන් ගන්නවා. සමහර විට දණහිසේ සන්ධිය එහා මෙහා කිරීමට බැරි පරිදි අගුල් වැටෙනවා. මේ රෝග ලක්ෂණ විටින් විට එනවා. විටින් විට නැතිවෙනවා. ඒ එක්කම දණහිස් කර කර ගාන්නට පටන් ගන්නවා. එහෙම වෙන්නේ කාටිලේජ ගෙවී ගියාමයි. ඒ තත්ත්වය තුළ දණහිස් අස්ථි එකිනෙක ගැටෙනවා. මෙය හරිම වේදනාකාරී දෙයක්. ආත්රයිටිස් සුවයට කසායක් කොල්ලු, අරළු, රසකිඳ, අරත්ත අල, නෙල්ලි බෙලිමුල්, බුලු කලං 1 මංචාඩි 14 බැගින් ගෙන පත අට එක පතකට සිඳ සීනි/ මීපැණි යෙදා පත භාගය බැගින් උදේ සවස දින 6 ක් පානය කරන්න. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 29 Jul 2017 07:52 AM ප්‍රතිකාර පමා වූවොත් ගැස්ට්‍රයිටීස් භයානක විය හැකියි බොහෝ දෙනෙක් අද පීඩාවට පත්ව ඇති රෝගයක් ගැස්ට්‍රයිටීස් තත්ත්වය. මොකක්ද මේ රෝගී තත්ත්වය සහ එය ඇතිවීමට හේතු - අයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - මෙම රෝගයට ප්‍රධාන වන්නේ සිරුරේ ඇති අධික උෂ්ණාධික බවයි. උෂ්ණාධික ශරීර ඇති අයගේ විදග්ධ වූ පිතෙහි බලපෑමෙන් සිරුරේ ඇති කරවන උපද්‍රවයන් ගැස්ට්‍රයිටීස් රෝග ලක්ෂණයක් ලෙස හැඳින්විය හැකියි. ඊට අමතරව ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන දුර්වලතාවන් නිසා ආහාර සිරුරට අවශෝෂණය කළ හැකි අවසාන තත්ත්වයන්ට පත් නොවී ඒවා විෂක් ලෙස රුධිරයට එක්වීම සිදුවේ. මෙය ආයුර්වේදයේ ආම තත්ත්වය ලෙස හඳුන්වන අතර මෙයද මෙම රෝගී තත්ත්වය ඇතිවීමට ප්‍රධාන වන හේතුවකි. * ගැස්ට්‍රයිටීස් රෝගය වැළඳුණු කෙනෙකුට මතුවන රෝග ලක්ෂණ මොනවාද? * ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - ආහාර ගැනීමෙන් පසු උගුරට ඒම, නිතර නිතර බඩේ දැවිල්ල, බඩ පුරවා දැමීම, ආමාශයේ තුවාල හටගැනීම, පපුව හිරවීම වැනි ලක්ෂණ මතුවීම නිතර හිසේ කැක්කුම, ක්ලාන්ත ගතිය, කරකැවිල්ල, පිටකොන්දේ කැක්කුම, ඇඟපත වේදනාව, අලස බව අධිකව කේන්ති යැම, සිරුරේ අප්‍රාණික බව, නිතර නිදිමත ඇතිවීම, නින්ද නොයැම, මළ මුත්‍රා පිටකිරීමේදී ඇතිවන අපහසුතා වැනි රෝග ලක්ෂණ මෙවැනි රෝගීන්ගේ නිතර දැකිය හැකි වෙනවා. විදග්ධ වූ ආම රසය රක්ත ධාතුව හරහා සිරුරේ කුමන පද්ධතියකට ඉන්ද්‍රියකට, පටකයකට හෝ සෛලයකට රැගෙන ගියද එම ස්ථානයන්හි ස්වාධික ක්‍රියාවලිය අක්‍රමවත් වෙයි. මේ නිසා මුලදී සුළු සුළු රෝගාබාධ පෙන්නුම් කරන අතර පසුව චිරකාලීන රෝගාබාධ පෙන්නුම් කිරීමට පත්වන්නේ ඉහත ක්‍රියාදාමය තුළින් එම පද්ධතිය හෝ අවයවයන් සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කිරීමෙනි. එම විෂ තත්ත්වය ඇසුරු කළේ වකුගඩු ආශ්රිත මුත්‍රා පද්ධතිය නම් වකුගඩු ආබාධ සහ මුත්‍රා රෝග ඇතිවිය හැකි අතර ශරීරයේ අධෝ මාර්ගය ඇසුරු කළේ නම් අක්‍රමවත් මළ පිටවීම මළ බද්ධය හෝ අර්ශස් වැනි රෝග දක්වා වර්ධනය විය හැකියි. අග්න්‍යාසය ආශ්‍රිතව නම් දියවැඩියාව ආශ්රිත ප්‍රභේද රෝගද හෘදය ඇසුරු කළ විට විවිධ හෘද රෝගද සම ඇසුරු කළේ නම් වාතරක්තය, පලු දැමීම, සමේ රෝගද ලෙස ඒ ඒ පද්ධතීන්ට ආවේනික රෝග ලක්ෂණ ඇතිවිය හැකියි. * මෙම රෝග තත්ත්වයන් ඇති වූ පුද්ගලයන් පිළිපැදිය යුතු ආහාර රටාවක් හා නොගත යුතු ආහාර ද්‍රව්‍ය තිබෙනවාද? * ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - විශේෂයෙන්ම ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන විවිධ සංකූලතා තුළින් මෙම රෝග තත්ත්වයන් වර්ධනය විය හැකි බැවින් උෂ්ණාධික ආහාරවලින් වැළකී සිටීම ඉතා අහිතකර වෙනවා. ඒ අනුව තක්කාලි, අන්නාසි, ඇඹුල් ආහාරවලින් වැළකීම ඉතා සුබයි. තවද තෙල් සහිත ආහාර මාංශ ආහාර වැඩිපුර ආහාරයට එක් නොකර ගැනීමද හොඳයි. ඒ වගේම කෘත්‍රිම ආහාර වර්ග අද බහුල ලෙස ජනතාව ආහාරයට ගැනීමට පෙළඹී තිබෙනවා. ඒවාද මෙම රෝගීන්ට ඉතා අහිතකර විය හැකියි. තවද නිතරම ආහාර ගැනීම සහ නියමිත ආහාර වේල් නොගෙන සිටීමද මේ තත්ත්වයට ප්‍රධානවම බලපානවා. ඒ අනුව අධික උෂ්ණාධික ආහාර වර්ගවලින් හැකි සෑම විටම වැළකී සිටීම මෙවැනි රෝගීන්ට ඉතා වැදගත් වෙනවා. * ආයුර්වේදය සතුව මෙම රෝගයට ප්‍රතිකාර තිබෙනවාද? * ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - පැහැදිළිව කිව හැක්කේ මේ රෝගය සුව කිරීම සඳහා ආයුර්වේදය සතුව ඖෂධ තිබෙන බවයි. ඒ සඳහා නිවැරදි ආයුර්වේද වෛද්‍යවරයෙක් කරා යොමු වුණොත් ඔහු ඒ පිළිබඳව නිවැරදි රෝග පරීක්ෂාවකින් පසු නිවැරදි ප්‍රතිකාර ඇරඹූ විට ඉතා කෙටි කලකින්ම මේ රෝගය සුව කර ගැනීමේ හැකියාව තිබෙනවා. අද ජනතාව ඉතා පහසුවෙන් ලබාගත හැකි ලෙස ආයුර්වේද ඖෂධ සකස් කර ඇති නිසා ඉතා පහසුවෙන් ඕනෑම කාර්යබහුල අයෙකුට වුවත් රෝග සුවකර ගැනීමේ හැකියාව පවතිනවා. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 29 Jul 2017 07:57 AM හොරිවිල වෙදකමට වශී වුණු සුදු දොස්තරලා අපේ ඇතැමුන් අපේම කියා ඇති බොහෝ දේ ප්‍රතික්ෂේප කරන්නේ අපේකමට නිගා දෙමිනි. එහෙත් අපේ දෙයෙහි වටිනාකමක් දැනෙන නොරටුන් අපේ දේ සොයාගෙන මෙරටට පැමිණෙන්නේ එහි ඇති වටිනා හරබර දේ ඔවුන් හඳුනන නිසා ය. බටහිර ආරෙට නැමුණු සංස්කෘතියට ආවඩනතාක් කල් අපේ වටිනාකම් අපේ සිතේ පැළපදියම් වන්නේ නැත. එහෙත් අපට උරුම වූ සංස්කෘතියක් අපට ඇත්තේ ය. ගැමි සුවඳ වහනය වන අපේකමටම උරුම වූ ඉපැරැණි දේශීය වෙදකමක් අපට ඇත්තේ ය. ලොවට වෛද්‍ය විද්‍යාවේ හාස්කම් පෙන්වා දුන්නේ බටහිර ජාතීන්ය. එහෙත් එ් බටහිර ජාතීහූ දැන් අපේ දේශීය වෙදකමේ හාස්කම් මැනවින් පසක් කරති. මේ කියන්නට යන්නේ අපේ දේශීය වෙදකම ජාත්‍යන්තරයේ ගරු බුහුමනට ලක්වූ අපූරු කතාවකි. ‘අප නොහඳුනන අපේකම‘ සොයා ඔවුන් පැමිණියේ මහ සමුදුර තරණය කරමිනි. ඔවුන්ගේ මේ ආගමනය, දේශීය වෙදකමට ගරහමින් බටහිර වෙදකම පසුපස දිවෙන අපේ කාලයේ ඇත්තන්ට මනා ආදර්ශයක්ද වනු නොඅනුමාන ය. ඉඳහිට දිවෙන වාහනයක් දෙකක් හැරෙන්නට හබරණ අනුරාධපුර මාර්ගයේ ඇත්තේ වෙනදාටත් වැඩියෙන් මහා පාළු ගතියකි. මහ කැලය අරක්ගත් සතා සිවුපාවට අමතරව බොහෝ දෙනෙක් මේ කැලය පීරන්නේ ඔසුවකට සුළු අත් බෙහෙතක් සොයා ය. ගහ කොළවලට නව ජීවයක් දෙන මේ මඟේ වූ හෙළ වෙද ගෙදර ඇත්තේ කවුරුත් පාහේ දැන හඳුනන හොරිවිල ගමේ ය. අනුරාධපුර හබරණ මාවතේ නව වැනි කිලෝ මීටරය පසුකරන විට හමුවන හොරිවිල හන්දියෙන් වමට දිවෙන පාර ඇත්තේද මේ හොරිවිල වෙද ගෙදර සරණ පතා යන එන රෝගීන්ට ය. ගමෙන් හමනා ගැමි සුවඳට අමතරව, ගහ කොළ වලින් හමනා බෙහෙත් සුවඳ ගව් ගණනක් සිසාරා ඈතට දිව යන්නේ මේ වෙද ගෙදරිනි. ඒ අනේක වූ ව්‍යාධිවලින් පෙළෙන රෝගීන්ට නව ජීවයක්ද එක් කරවමිනි. කල් ගිය රෝගයනට සුවයක් නොලද බොහෝ දෙනකු මේ වෙද ගෙදර සරණ පතා එන්නේ මෙහි වූ ජීවක වෙද මහතා වන ශාන්ත සෙනෙවිරත්න මහතාගෙන් පිහිට පතමිනි. එසේ දුර බැහැර සිට පැමිණෙන බොහෝ දෙනෙකු විඩාව නැවතත් සිය ගම්දොර බලා පිය මනින්නේ ජීවිතයට නව බලාපොරොත්තුවක් එක් කරමිනි. ඒ එන්නන් අතර විදේශිකයන්ද බොහෝය. එනමුත් රෝගයකට ප්‍රතිකාර පමණක් නොව ඉන් එහා ගිය යමක් මේ වෙද ගෙදරින් ජාත්‍යන්තරයට එක්කරන්නේ අපේ දේශීය වෙදකම ලොව පුරා පතළ කරමිනි. වෛද්‍ය විද්‍යාව ඉතා දියුණු බටහිර රටවලින් අපේ වෙදකම ඉගෙන ගැනීමට මේ විදේශීය සිසුන් පැමිණෙන්නේ අපේ දේශීය වෙදකමේ අගය ඔවුන් මැනවින් දන්නා නිසා ය. අද හොරිවිල වෙදගෙදර බෙහෙත් කොටන්නේ, බෙහෙත් අඹරන්නේ, ඔසු සොයන්නේ, රෝගීන්ට හෙළ වෙද අත් බේතින් ප්‍රතිකාර කරන්නේ විදේශීය සිසුන් ය. එංගලන්තය, බෙල්ජියම, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය හා චීනය වැනි රටවලින් පැමිණෙන විදේශීය වෛද්‍ය සිසුන්, හෙද සිසුන් හා භෞත චිකිත්සකයන් හොරිවිල වෙද ගෙදර සිට අපේ වෙදකර්මය ගැන අත්පොත් තබන්නේ ශාන්ත බණ්ඩාර වෙදැදුරුතුමාගේ ආශිර්වාදය ලබමිනි. “ අපේ හෙළ වෙදකම ගැන විදේශිකයන් අතරේ තියෙන්නේ දැඩි විශ්වාසයක්. එදා සිට අද දක්වාම විදේශිකයන් එනවා අපේ බෙහෙත්වලින් රෝග සුව කර ගන්න. විදේශිකයින්ට අපේ බෙහෙත් ගැන හිත වැටුණු එක අපට අලුත් දෙයක් නෙමේ. ඒත් දැන් දැන් විදේශීය විශ්ව විද්‍යාලවලින් වෛද්‍ය සිසුන් වගේම හෙද කර්මය හදාරන සිසුන් එනවා අපේ වෙදකම ගැන ඉගෙන ගන්න. මගේ හොරිවිල වෙද ගෙදරට විදේශීය රටවලින් වෙදකම ගැන ඉගෙන ගන්න මේ සිසුන් එන්න ගත්තේ 2011 වසරේ සිටයි. ඔවුන් වෙද ගෙදර සිට දේශීය වෙදකමේ අත්දැකීම් ලබා ගන්නවා. බේත් කොටන හැටි, බේත් අඹරන හැටි, බේත් බඳින හැටි, පත්තු බඳින හැටි, අපේ සිංහල වෛද්‍ය ක්‍රමයට අනුව ලෙඩේ හොයා ගන්න හැටි, තෙල් ගාන හැටි, නස්න කරන හැටි හැම දෙයක්ම මගෙන් අහලා ඉගෙන ගන්නවා. මේ වන විට හොරිවිල වෙද ගෙදරට හත් අට සීයක් විතර වෛද්‍යවරුන්, හෙදියන් වගේම ඖෂධවේදීන් වෙන්න ඉගෙන ගන්න විදේශීය රටවල දරුවන් ඇවිත් දැනුම ලබාගෙන තියෙනවා. මේ එන අය මුල් තැන දෙන්නේ වෙදකම හඳනාගැනීමට අපේ වෙද මහත්වරු තුළ තියෙන දක්ෂතාවයට. ඒ අය පුදුම වෙනවා අපේ දේශීය වෛද්‍යකර්මයේ ලෙඩ හඳුනා ගැනීම කරන ආකාරයට. ඒ වගේම අපේ ගහ කොළ යොදාගෙන සකස් කරන බේත්වලින්, බටහිර වෙදකමින් පවා හොඳ කරගන්න නොහැකි වූ ලෙඩ රෝග හොඳ කිරීම ගැනත් ඒ අය පුදුම වෙනවා. බටහිර වෙදකමේ සිරුරට ඕන තරම් කැල්සියම් දෙන්න පුළුවන්. නමුත් එය නවත්වන්න ඒ අය ළඟ බෙහෙත් නැහැ. ඒත් අපේ වෙදකමේ මෙයට බෙහෙතක් තියෙනවා. බටහිර වෙදකමේ පේශි තද වුණොත් නවත්වන්න බෙහෙත් නැහැ. නවත්වන්න පුළුවන් ව්‍යායාම්වලින් විතරයි. ඒත් අපි ගාව මේවාට බෙහෙත් තියෙනවා. ශරීරයේ ඇට දිරුවහම බටහිර වෙදකමේ බෙහෙත් නැහැ. ඒත් අපේ ගහ කොළවලින් හදන්න පුළුවන් බෙහෙත් ඕනැ තරම් අපේ වෙද මහත්වරු ගාව තියෙනවා. මේවා දකින කොට ඒ අයට හරීම පුදුමයි අපේ දේශීය වෙදකම ගැන. මම බටහිර වෙදකමින් කපන්න කියන කකුළට බේත් දාලා සුව කරලා යවන කොට ඒ දරුවන්ට හරීම පුදුමයි. ඒ අය අහනවා මෙහෙම කරන්නේ කොහොමද කියලා. ඇවිදින්න බැරි ලෙඩෙක් ඇවිත් බේත් කරන කොට ඒ අය මට කියනවා ලෙඩා ඇවිදින කොට අපිට බලන්න ඒ රටට පිංතූර එවන්න කියලා. මොකද මේ අය එන්නේ කොටස් වශයෙන්. ඒ නිසා මේ අය ඒ විස්මිත දේවල් ඒ රටට ගියත් මගෙන් අහනවා . මේක අපේ වෙදකමට ආඩම්බරයක්” ශාන්ත බණ්ඩාර වෙද මහතා පවසයි. උදෑසනින් වෙදගෙදරට පැමිණෙන මේ විදේශීය සිසුන් රාත්‍රී වන තෙක් සිය කාලය කැප කරන්නේ අපේ වෙදකම ගැන අත්දැකීම් ලබා ගන්නටය. ඔවුන් ආපසු සිය රට යන්නේ අපේ දේශීය වෙදකමේ අපූරුව තම රටවැසියන්ටත් කියා දෙන්නට ය. “ මම බෙලිජියමේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය විද්‍යාව හදාරනවා. අපි ලංකාවට ආවේ මේ දේශීය වෙදකම ගැන අත්දැකීම් ලබා ගන්න. මේ විදියට ගහ කොළ කොටලා අඹරලා ලෙඩ රෝග හොඳ කරන්න පුළුවන් කියලා අපි කවමදාවත් දැකලා තිබුණේ නැහැ. මේ ක්‍රම අපි භාවිතා කරන ක්‍රමවලට වඩා ගොඩාක් වෙනස්. මෙතැන යන්ත්‍ර සූත්‍ර භාවිතා කෙරෙනවා අඩුයි. ඒත් මෙය හරිම සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් කියලා හිතනවා. ලංකාවේ ගොඩාක් රෝගීන් මෙහේ එනවා. ඒ අය ඇවිත් යන්නේ හරිම සතුටින්. මේ වෙද කර්මය ගැන සමීක්ෂණ කළ යුතුයි. ඒ වගේම අපේ බටහිර වෛද්‍ය විද්‍යාවටත් ඉගෙන ගන්න ගොඩාත් දේ මේ දේශීය වෙදකමේ තියෙනවා” බෙල්ජියමේ වෛද්‍ය සිසුවකු වන 22 හැවිරිදි රූබන් පැවසීය. ඇමෙරිකානු ජාතික හෙද සොහොයුරියක වන 22 හැවිරිදි මෙලීසා ද ලංකාවට පැමිණියේ හොරිවිල වෙද ගෙදරින් සාත්තු සේවය ඉගෙන අත්දැකීම් ලබා ගන්නටය. “ මම ලංකාවට එනවිට දැනගෙන හිටියේ නැහැ මෙවැනි වෙදකමක් වගේම හෙදකමත් ලංකාවේ තියෙනවා කියලා. මම ගස් කොළ වර්ගවල ගුණ ගොඩාක් ඉගෙන ගත්තේ ලංකාවේදි. අපේ රටේ ගස්වැල්වලින් මේවගේ ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. ඒත් ලංකාවේ පුංචි ගහකින් ලොකු ලෙඩ පවා හොඳ කරන්න පුළුවන් විස්මිත ප්‍රතිකාර ක්‍රමයක් තියෙන්නේ. ඒ වගේම අපේ බටහිර වෙදකමින් හොඳ කරන්න බැරිවූ රෝග පවා මේ වෙදකමින් හොඳ කරනවා. මම ලංකාවට එන කොට සුව කරන්න බැරි කොන්දේ අමාරුවක් තිබුණා. එහෙදි බෙහෙත් කොතෙකුත් කළා. ඒත් මේ වෙද මහත්තයා මගේ ඒ අමාරුව ඉතා පහසුවෙන් හොඳ කළා. මට හරිම සතුටුයි. මම මගේ රටට යන්නේ මේ පණිවිඩයත් අරගෙනයි.” හේරත්හාමි වෙදමහතා විසින් එදා හොරිවිල ගමේ ආරම්භ කරන ලද මෙම හොරිවිල වෙදකමේ දස්කම් අද ජාත්‍යන්තරය දක්වා ගොස් ඇත්තේය. කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව ප්‍රතිකාර කරන අපේ වෙද මහත්වරුන් සතුටු වන්නේ රෝද පුටුවෙන් පැමිණි රෝගියා දෙපයින් යනු දැකීමෙනි. රෝගියාගේ සන්තෝෂයට බුලත් හුරුල්ලක තබා අතමිට මොළොවන සොච්චමෙන් වෙදමහතා සිය එදා වේල පිරිමසා ගන්නේ ය. ඒ අපේකම හඳුනන අපේ වෙදමහත්වරුන්ගේ හැටිය. “ අපිට මේ වෙදමහත්වරු ගැන හරීම පුදුමයි. ඒ අය රෝගීන්ට හරියට සලකනවා. අපි ඒකට හරීම කැමැතියි. රෝගීන් වෙනුවෙන් ලොකු කාලයක් මිඩංගු කරනවා. ඒ වගේම රෝගීන් ගැන හොඳ දැනුමක් තියෙනවා. ඒත් එංගලන්තයේ රෝගියෙකු වෙනුවෙන් වෛද්‍යවරයා වැය කරන්නේ විනාඩි පහක් විතරයි. මට හරීම පුදුමයි මේ අය ගැන . එන රෝගීන්ට හරියට සලකනවා. සමහර විට කෑම බීමෙනුත් සැලකුම් ලබනවා. අපි භාවිත නොකරන බොහෝ දේ මේ අය භාවිතා කරනවා. බේත් ගෙදර සුවඳින් පිරිලා. බේත් කොටන ආකාරය වගේම පත්තු බඳින ආකාරය හරියට ක්‍රමවත්ව කරන්න ඕනෑ. මේ දේවල් වඩා හොඳින් ඉගෙන ගන්න අපි ආයිත් එනවා” එංගලන්තයේ හෙද සේවයේ පුහුණුව ලබන තිස් තුන් හැවිරිදි ලියාන් පැවසුවාය. ලියාන් මෙන්ම එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර පදිංචි එමලිද ලංකාවේ පුහුණුවකට ආවේ හෙද සේවයේ යෙදී සිටින අතර වාරයේ දීය. ඇය විසි හැවිරිදි තරුණියකි. “ මම හෙද පුහුණුව කරන අතරේ ලංකාවට ආවේ මෙහේ දේශීය වෙදකම ගැන ඉගෙන ගන්න. මම ලංකාවට එන්නට පෙර මේ ගැන ගොඩාක් කියෙව්වා. අන්තර්ජාලය පිරික්සුවා. ඒත් සැබෑ දේශීය වෙදකම මොකක්ද කියන එක හොඳින්ම ඉගෙන ගත්තේ හොරිවිල ගමට ආවායින් පසුවයි. මේ වෙද මහත්තයා අපිට බේත් හදන හැටි, බෙහෙත් බඳින හැටි, බේත් අඹරන හැටි ආදි හැම දෙයක්ම කියලා දුන්නා. මේක ගොඩාක්ම හරවත් ක්‍රමයත්. උපකරණ නැතුව ගස් වැල් මුල් පොතු යොදාගෙන බෙහෙත් මේ ක්‍රමය අපිට ආගන්තුකයි. මේ රටේ මේ විස්කම් දේශීය වෙදකම තවදුරටත් ව්‍යාප්ත කළ යුතුයි” එමලි පවසන්නීය. එමලි ලියාන් හා රූබන්ලා හෙට දින සිය රටට යන්නේ තවත් පිරිසකට අපේ දේශීය වෙදකමේ අපූර්වත්වය කියා දෙන්නටය. හොරිවිල වෙද ගෙදර නිහඬව බලා සිටින්නේ තවත් පිරිසකට මෙසේ නොමිලයේ වෙද සතරේ දැනුම් බෙදා දෙන්නට ය. “ මම මේ හැම දේම කියලා දෙන්නේ සත පහක දෙයක් බලාපොරොත්තුවෙන් නෙමේ. වෙදකම් කරන අතරේයි මේ දරුවන්ට මේ දැනුම දෙන්නේ. ලෙඩෙක් බලන්නේ මුදල් බලාගෙන නෙවේ. කවුරු හරි සන්තෝසෙන් බුලත් හුරුල්ලක තියලා දෙන දෙයක් පමණයි සතුටින් බාර ගන්නේ. ඒත් මට වේදනා මම විදේශිය දරුවන්ට මේ ශිල්පය පාවා දෙනවා කියලා සමහර පිරිස් මට චෝදනා කරනවා. නැත්නම් වෙදකම විකුණනවා කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපේ දේශීය වෙදකමේ දක්ෂතා හා රහස් නිසා තමයි මේ අය අප හොයාගෙන එන්නේ. ඒ වගේම හොරිවිල ගමේ හොරිවිල වෙදමහත්වරු විදියට විවිධ අය අපේ බෙහෙත් විකුණනවා. දන්නේ නැති කෙනෙක් ඇවිත් හොරිවිල වෙදගෙදර ඇහුවොත් රවට්ටනවා. මේවගේ දේවල් හරීම කනගාටුදායකයි. අද අපේ වෙදකමට විදේශ රටවල විශාල ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා අපි තවත් එකතු වෙලා අපේ වෙදකම ආරක්ෂා කර ගත යුතුයි.” ශාන්ත සෙනෙවිරත්න වෙද මහතා පවසන්නේය. ජාත්‍යන්තර විශ්ව විද්‍යාල මට්ටමට ගිය අපේ වෙදකම නැසී යන්නේ අපේ ඇත්තන්ගේ නොහොබිනාකම් නිසාය. එනිසා අපේ දේ රැක ගැනීමට කාලය දැන් උදාවී ඇත්තේ ය. එළැඹෙන හෙට දිනය හා අනාගත දරු පරපුර වෙනුවෙන් කළ යුත්තේ දේශීය වෙදකම මනාව රැක ගැනීමය. තොරතුරු හා ඡායාරූප ඩබ්ලිව්. එම්. එච් ගුණවර්ධන (හබරණ සමූහ) (භාෂා පරිවර්තක සහාය හබරණ අ/කුඹුක්වැව ප්‍රාථමික විදුහලේ ඉංග්‍රීසි ආචාරිණී ටී.එම්. ජේ නදීකා තෙන්නකෝන්) ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 29 Jul 2017 07:59 AM කරගැට-ගල් තැලුම් ගැලවී වැටෙන්නට මේ බෙහෙත් කරන්න ප්රශ්නය - පසුගිය සති දෙක තුළ පාදයේ හට ගන්නා ගල් තැලුම් ගැන ඔබ අප දැනුවත් කළා. එම ලිපි කියෑවීමෙන් පසු අපට ලැබුණු දුරකථන ඇමතුම් සහ විමසීම්වලින් පෙනී ගියේ ගල් තැලුම් සෑදුන දහස් සංඛ්‍යාත පිරිසක් මේ රටේ සිටින බවයි. එයට කළ යුතු ප්‍රතිකාර ගැන අවබෝධයක් නැතිකමින් ඔවුන් විශාල දුකක් විඳින බව පෙනී ගියා. ආචාර්ය වෛද්‍ය ඒ ඒ. ඡේ. පුෂ්පකුමාර - එයට හේතුව පාද සෞඛ්‍යය ගැන ජනයාට අවබෝධයක් හෝ දැනුමක් නැති කමයි. පාද කියන්නේ අපේ ශරීරයේ තිබෙන වටිනාම කොටසක්. මහ පොළොව සමඟ කෙළින්ම ගනුදෙනු කරන මහ පොළොව සමඟ කෙළින්ම ගැටෙන සහ ස්පර්ශ වන ශරීරාංගය වන පාද සුරක්ෂිතව පවත්වාගෙන යැම සඳහා Foot care නමින් සෞඛ්යාරක්ෂක වැඩපිළිවෙළක් දියුණු රටවල තිබෙනවා. පාද සුරක්ෂිත කර ගැනීම කොතරම් වැදගත්ද යන්න ගැන අපේ ජනයාට දැනුම් දීමේ වැඩපිළිවෙළක් නැහැ. පාදයක හැදෙන සුළු තුවාලය පවා පාදය කපා ඉවත් කිරීම දක්වා දුරදිග යන අවස්ථා තිබෙනවා. ප්රශ්නය - ගල් තැලුම්වලින් වැළකී පාද සුරක්ෂිත කරගැනීමට ආයුර්වේද ක්‍රමවේද තිබෙනවාද? ආචාර්ය වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - නූතන ආයුර්වේදයේ මට්ටම් දෙකක් තිබෙනවා. සමහරු නවීන උපකරණ යොදාගෙන, නවීන තාක්ෂණය යොදාගෙන ආයුර්වේද ඖෂධ මගින් ප්‍රතිකාර කරනවා. තවත් සමහර වෛද්‍යවරු තනිකරම සාම්ප්‍රදායික විදියට ආයුර්වේද ප්‍රතිකාර කරනවා. මා මෙතැන් සිට සඳහන් කරන්නේ මේ ක්‍රම දෙකම එක් කරගත් ඉන්දියානු ආයුර්වේද සම්ප්රදාය යටතේ පාද සෞඛ්‍යය සුරකින ක්‍රම කිහිපයක්. 1. දෙහි යුෂ කියන්නේ පාදවලට ඉතාම ගුණවත් ආලේපයක්. දෙහි බෑවක් අරගෙන ගල් තැලුම මත ඇතිල්ලීම දිනපතාම සිදු කළාම සහනයක් දැනෙනවා. පා ඇඟිලිවල එන ඇතැම් කරගැටවල දෙහි ඇතිල්ලුවාම එම කරගැට ගැලවී යනවා. හැබැයි මේ ප්‍රතිකාරය ටික කලක් නොනවත්වාම කළ යුතුයි. 2. සෝඩියම් බයිකාබනේට් හෙවත් බේකිං සෝඩා මේස හැඳි 3 ක් උණු වතුර බේසමකට දමා කලවම් කර පාද එහි ඔබාගෙන විනාඩි 15 ක් සිටිය යුතුයි. ඊළඟට බේකිං සෝඩාවලින් තලපයක් සාදා එය ගල් තැලුම හෝ කරගැට මත තවරා රෙදි පටියකින් වෙලා පැය 12 ක් තැබිය යුතුයි. මෙසේ ටික කලක් යද්දී කරගැට ගැලවී යනවා. 3. පොල් විනාකිරිවල පෙඟවූ පුලුන් කැබැල්ලක් ගල් තැලුම හෝ ඉන්නා මත තබා රෙදි පටියකින් වෙලා පැය 4 ක් තැබූ විට ගල් තැලුම හෝ කරගැටය බුරුල් වීමට පටන් ගන්නවා. මේ ආකාරයෙන් දිනකට දෙවරක් සතියක් පුරා කළ විට ගල්තැලුම ඉවත් කිරීම පහසු වන අතර කරගැටය ගැලවී වැටෙනවා. 4. අන්නාසි ලෙල්ලක් කරගැටය මත තබා රෙදි පටියකින් වෙලා රැයක් පුරා තබන්න මෙසේ දින කිහිපයක් කළ විට කරගැටය ගැලවී වැටෙනවා. 5. තලන ලද සුදුලූනු බිකක් කරගැටය මත තබා බැඳ රැයක් තබන්න. දින කිහිපයක් මේ ප්‍රතිකාර කළ විට කරගැටය ගැලවී වැටෙනවා. සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 29 Jul 2017 08:01 AM ලෙඩ නොහැදෙන්න කණ පරෙස්සම් කරගන්නේ මෙහෙමයි ප්රශ්නය - පසුගිය සති කිහිපය තුළ අප ඔබ සමඟ කතා කළේ කර්ණ රෝග ගැනයි. කන මුල් කරගත් රෝග 28 ක් තිබෙන බව එහිදී ඔබ පැහැදිලි කළා. කනේ රෝගයක් ඇති කෙනෙකු පවතින ආකාරය කෙසේ විය යුතුද? ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - පුති කර්ණ කියන රෝග අවස්ථාව පවතින අය සවස් කාලයේදී ස්නානය කිරීමෙන් වැළකිය යුතුයි. එසේම රෝගියා ජලාශයක හෝ නාන බේසමක ගිලී ස්නානය නොකළ යුතුයි. එසේම වැඩි දෙනෙක් ගිලෙමින් ස්නානය කරන ජලාශවලින් ස්නානය නොකළ යුතුයි. එයට ප්‍රධාන හේතුවක් තමයි එවැනි ජලාශවල අනෙක් අයගේ සිරුරුවල තිබෙන විෂබීජ මිශ්‍ර වී තිබීම. ඒ විෂබීජ කර්ණ රෝගියාගේ කන්වලට ගිහින් ආසාදන ඇති කරන්නට ඉඩ තිබෙනවා. ඒ එක්කම මෙවැනි රෝගීන් නාන විට ඉයර් ප්ලග් දෙකක් කනේ ගසා ගත යුතුයි. ඉයර් ප්ලග් ඕනෑම ෆාමසියකින් ලබා ගන්න පුළුවන්. මේ සියල්ලටම අමතරව උගුර හා නාසය පිරිසිදුව තබා ගැනීම රෝගියාගේ වගකීමක් වෙනවා. ඊළඟ කාරණය දත් පිරිසිදුව තබාගැනීම. නරක් වූ දත් තිබෙනවා නම් කන් පැසවීම නිතරම සිදු වෙනවා. උගුර කන නාසය එක ඒකකයක්. මුඛය මේ ඒකකයට සම්බන්ධයි. ඒ අනුව මුඛය තුළ නරක් වූ දත් තිබෙන විට එම දත්වල තිබෙන විෂබීජ කන්වලට ගමන් කර ආසාදන ඇති කරනවා. පුරවපු නැති නරක් වූ දත් තිබෙනවා නම් ඒවාට ප්‍රතිකාර කළ යුතුයි. එක්කෝ ඒවා පිරවිය යුතුයි. නැත්නම් ගලවා දැමිය යුතුයි. විදුරුමස් දියවීම නිසා රුධිර වහනය පවතින අය වහාම ප්‍රතිකාර ගෙන එම රෝග තත්ත්වයන් සුවපත් කරගත හැකියි. නැත්නම් ඒ විෂබීජ කෙලින්ම කනට බලපානවා. ආසාදන හට ගන්නවා. ප්රශ්නය - වෙළෙඳපොළේ තිබෙන ඉයර්බඩ් කන කැසීම සඳහා යොදා ගැනීම සුදුසුද? ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - අප ඉයර්බඩ් නිර්දේශ කරන්නේ නැහැ. මන්ද යත් ඉයර් බඩ් එක කොනේ ඇති පුළුන් ගුලිය කන ඇතුලේ සිරවීම හෝ එයින් පුළුන් කැබලි ගැලවී කන තුළ ඇලීම හෝ සිදුවිය හැකියි. එවිට එතැන ආසාදන හට ගන්නවා. කන කැසීමට අවශ්‍ය නම් පිරිසිදු කපු රෙදි කැබැල්ලකින් පහන් තිරයක් අඹරා එමගින් කන කැසීම තමයි වඩාත් යෝග්‍ය. කොට්න් බඩ් මගින් කන පිරිසිදු කරන විට තවත් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ තමයි කන තුළ තිබෙන ආං හෙවත් කලාඳුරු තව තවත් කන තුළටම තල්ලු වීම. ප්රශ්නය - කන් හැන්දකින් කන් පිරිසිදු කිරීම සුදුසුද? ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - සෑම විටම සුදුසු නැහැ. සමහරු පුරුද්දක් වශයෙන් කන් හැන්ද කනට ඔබාගෙන කසනවා. කන් හැන්දක් පාවිච්චි කිරීමට පෙර ස්ථිර වශයෙන් ම උතුරන වතුරෙන් හෝ සර්ජිකල් ස්ප්‍රීතු දමා පිරිසිදු කරගත යුතුයි. එවිට තමයි එහි තිබෙන විෂබීජ විනාශ වෙන්නේ. සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 29 Jul 2017 08:06 AM පයේ ඇඟිල්ලක් හිරිවැටීම සහ සිරුරේ ලප හට ගැනීම පූර්ව පිළිකා ලක්ෂණයක් විය හැකියි ප්රශ්නය - මෙයට මාස කීපයකට පෙර අප පිළිකා රෝගය ගැන ඔබ සමඟ සාකච්ඡා කර ලිපි කිහිපයක් පළ කළා. ඒ අතර අපට දැන ගැනීමට ලැබී තිබෙනවා ඔබ පිළිකා රෝගය සම්බන්ධයෙන් අලුත් දත්ත කිහිපයක් සොයාගෙන තිබෙන බව. ඒ ගැන සාකච්ඡා කිරීමයි අපගේ අරමුණ. වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාව තුළ තිබෙනවා පිළිකාව සම්බන්ධයෙන් කළ පර්යේෂණ. ඒ පර්යේෂණ සඳහා අවශ්‍ය දත්ත ලබාගෙන තිබෙන්නේ අත්දැකීම් මගින්. ඉපැරැණි වෛද්‍යවරු තමන් හමුවට එන රෝගීන් පිළිබඳ රෝග නිශ්චය කළේ නාඩි බැලීමෙන් සහ ශරීරය පිටතින් පරීක්ෂා කිරීමෙනි. ඒ කාලයේ X රේ, බයොප්සි වැනි දේවල් නැති බව ඔබ දන්නවා. එහෙත් රෝග නිශ්චය නිසි ලෙස සිදු වුණා. මා පාරම්පරික වෛද්‍යවරියක් හැටියට අවුරුදු 30 ක පළපුරුද්දක් තිබෙන කෙනෙක්. ඒ කාලය තුළ මා පරීක්ෂා කළ පිළිකා රෝගීන් ඇසුරෙන් දැනගත් කරුණු කිහිපයක් කියන්නම්. කිසියම් කෙනෙකුගේ පාදයේ මහපට ඇඟිල්ලට පසුව තිබෙන ඇඟිල්ලේ හිටි ගමන් හිරිවැටෙනවා නම්, ඇදුම් කනවානම්, එහෙමත් නැත්නම් විදුලි සැරක් වැදෙනවා වැනි ගතියක් ඇති වෙනවා නම් එය පිළිකා සෛල වර්ධනයක මූලික ලක්ෂණ වෙන්නට පුළුවන්. මා ප්‍රතිකාර කළ පිළිකා රෝගීන් විශාල ප්‍රමාණයකින් ප්‍රශ්න කළ විට දැන ගන්නට ලැබුණා ඔවුන්ට මේ රෝග ලක්ෂණ තිබූ බව. මේ රෝග ලක්ෂණ නිතිපතා හට ගන්නෙ නැහැ. සමහර විට මෙය මාසයකට සැරයක් එන රෝග ලක්ෂණයක් විය හැකියි. එහෙමත් නැත්නම් තුන් මාසයකට සැරයක් ඇතිවනවා විය හැකියි. ඒ එක්කම තවත් රෝග ලක්ෂණයක් තිබෙනවා. ඒ තමයි ශරීරයේ තැන තැන හිටි හැටියේම ඉන්නන් හා උපන් ලප හට ගැනීම. ආගන්තුක ගැටිති ඇති වීම. එය පිළිකා සෛල සිරුරේ තිබෙන බවට පෙර නිමිත්තක්. ඉහත සඳහන් රෝග ලක්ෂණ තිබෙනවා නම් වහාම කළ යුත්තේ සුදුසු වෛද්‍යවරයකු හමුවී වෛද්‍ය පරීක්ෂණයකට භාජන වීමයි. ප්රශ්නය - මොළයේ පිළිකාවල වර්ධනයක් පසුගිය කාලයේ ඇතිවුණාද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මෙහිදී මොළයේ පිළිකාව සහ මොළයේ අර්බුද (Tumor) අතර වෙනස වටහා ගත යුතුයි. අර්බුදයක් හෙවත් ටියුමරයක් පිළිකාවක් තරම්ම බරපතළ නැහැ. මොළයේ පිළිකාවල වර්ධනයක් සිදුවුණාදැයි ඔබ අසන ප්‍රශ්නයට උත්තරය වන්නේ එසේ සිදුවෙලා නම් එයට හේතුව මානසික ආතතිය සහ පාරිසරික හේතු ඕනෑ තරම් අද අප අවට තිබෙන බවයි. ප්රශ්නය - මොළයේ පිළිකාවක රෝග ලක්ෂණ මොනවද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ප්‍රධානතම ලක්ෂණය තමයි හිසේ වේදනාව. මොළයේ පිළිකාව තිබෙන රෝගීන් 96% ක් කරන පැමිණිල්ල තමයි මේ හිසේ වේදනාව. මෙය හිසේ එක තැනක, එක විදියක එක වේදනාවක් නොව හිසේ විවිධ තැන්වල විවිධ විදියට එන වේදනාවක්. මේ වේදනාව එක්කම ඔක්කාරය සහ වමනය හට ගන්නවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් යටි බඩ රිදෙනවා. මෙවැනි රෝග ලක්ෂණවලදී ශාක සාර ඖෂධ 20 - 30 අතර ප්‍රමාණයක් අන්තර්ගත වන කසාය වර්ග අප නියම කරනවා. එසේම මහා හරි නමැති පාරම්පරික තෙල් වර්ගය හිසට දමා සම්බාහනය කරනවා. (වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි සමගින් සාකච්ඡා කර සකස් කළ ආත්රයිටිස් රෝගය පිළිබඳ ලිපි පෙළෙහි අවසන් කොටස ලබන 6 වැනි ඉරිදා මේ තීරුවෙහි පළවේ. මොළයේ පිළිකාව සම්බන්ධ ලිපි පෙළෙහි ඊළඟ කොටස් 13 වැනි ඉරිදා සිට පිළිවෙළින් පළවනු ඇත.) නොමිලේ විස්තර සඳහා 0713464276/ 0759061771 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 29 Jul 2017 08:12 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 samanthaMost Senior MemberPosts:13190 29 Jul 2017 11:28 AM ග්‍රැස්ටයිටිස් නිසා මමත් කාලයක් දුක් ව්න්දා.. නොකල ප්රථිකාරයක් නැහැ. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 RosiSuper Senior MemberPosts:5335 29 Jul 2017 03:52 PM බෝ ගෙඩි,බෝ පත් බෙහෙත් වලට ගන්නවා කියලා අදයි දැනගත්තේ ...ස්තුති දැනුවත් කිරීමට මල්ලි . 0 RosiSuper Senior MemberPosts:5335 29 Jul 2017 04:02 PM Posted By chamaramind on 29 Jul 2017 07:57 AM හොරිවිල වෙදකමට වශී වුණු සුදු දොස්තරලා අපේ ඇතැමුන් අපේම කියා ඇති බොහෝ දේ ප්‍රතික්ෂේප කරන්නේ අපේකමට නිගා දෙමිනි. එහෙත් අපේ දෙයෙහි වටිනාකමක් දැනෙන නොරටුන් අපේ දේ සොයාගෙන මෙරටට පැමිණෙන්නේ එහි ඇති වටිනා හරබර දේ ඔවුන් හඳුනන නිසා ය. බටහිර ආරෙට නැමුණු සංස්කෘතියට ආවඩනතාක් කල් අපේ වටිනාකම් අපේ සිතේ පැළපදියම් වන්නේ නැත. එහෙත් අපට උරුම වූ සංස්කෘතියක් අපට ඇත්තේ ය. ගැමි සුවඳ වහනය වන අපේකමටම උරුම වූ ඉපැරැණි දේශීය වෙදකමක් අපට ඇත්තේ ය. ලොවට වෛද්‍ය විද්‍යාවේ හාස්කම් පෙන්වා දුන්නේ බටහිර ජාතීන්ය. එහෙත් එ් බටහිර ජාතීහූ දැන් අපේ දේශීය වෙදකමේ හාස්කම් මැනවින් පසක් කරති. මේ කියන්නට යන්නේ අපේ දේශීය වෙදකම ජාත්‍යන්තරයේ ගරු බුහුමනට ලක්වූ අපූරු කතාවකි. ‘අප නොහඳුනන අපේකම‘ සොයා ඔවුන් පැමිණියේ මහ සමුදුර තරණය කරමිනි. ඔවුන්ගේ මේ ආගමනය, දේශීය වෙදකමට ගරහමින් බටහිර වෙදකම පසුපස දිවෙන අපේ කාලයේ ඇත්තන්ට මනා ආදර්ශයක්ද වනු නොඅනුමාන ය. ඉඳහිට දිවෙන වාහනයක් දෙකක් හැරෙන්නට හබරණ අනුරාධපුර මාර්ගයේ ඇත්තේ වෙනදාටත් වැඩියෙන් මහා පාළු ගතියකි. මහ කැලය අරක්ගත් සතා සිවුපාවට අමතරව බොහෝ දෙනෙක් මේ කැලය පීරන්නේ ඔසුවකට සුළු අත් බෙහෙතක් සොයා ය. ගහ කොළවලට නව ජීවයක් දෙන මේ මඟේ වූ හෙළ වෙද ගෙදර ඇත්තේ කවුරුත් පාහේ දැන හඳුනන හොරිවිල ගමේ ය. අනුරාධපුර හබරණ මාවතේ නව වැනි කිලෝ මීටරය පසුකරන විට හමුවන හොරිවිල හන්දියෙන් වමට දිවෙන පාර ඇත්තේද මේ හොරිවිල වෙද ගෙදර සරණ පතා යන එන රෝගීන්ට ය. ගමෙන් හමනා ගැමි සුවඳට අමතරව, ගහ කොළ වලින් හමනා බෙහෙත් සුවඳ ගව් ගණනක් සිසාරා ඈතට දිව යන්නේ මේ වෙද ගෙදරිනි. ඒ අනේක වූ ව්‍යාධිවලින් පෙළෙන රෝගීන්ට නව ජීවයක්ද එක් කරවමිනි. කල් ගිය රෝගයනට සුවයක් නොලද බොහෝ දෙනකු මේ වෙද ගෙදර සරණ පතා එන්නේ මෙහි වූ ජීවක වෙද මහතා වන ශාන්ත සෙනෙවිරත්න මහතාගෙන් පිහිට පතමිනි. එසේ දුර බැහැර සිට පැමිණෙන බොහෝ දෙනෙකු විඩාව නැවතත් සිය ගම්දොර බලා පිය මනින්නේ ජීවිතයට නව බලාපොරොත්තුවක් එක් කරමිනි. ඒ එන්නන් අතර විදේශිකයන්ද බොහෝය. එනමුත් රෝගයකට ප්‍රතිකාර පමණක් නොව ඉන් එහා ගිය යමක් මේ වෙද ගෙදරින් ජාත්‍යන්තරයට එක්කරන්නේ අපේ දේශීය වෙදකම ලොව පුරා පතළ කරමිනි. වෛද්‍ය විද්‍යාව ඉතා දියුණු බටහිර රටවලින් අපේ වෙදකම ඉගෙන ගැනීමට මේ විදේශීය සිසුන් පැමිණෙන්නේ අපේ දේශීය වෙදකමේ අගය ඔවුන් මැනවින් දන්නා නිසා ය. අද හොරිවිල වෙදගෙදර බෙහෙත් කොටන්නේ, බෙහෙත් අඹරන්නේ, ඔසු සොයන්නේ, රෝගීන්ට හෙළ වෙද අත් බේතින් ප්‍රතිකාර කරන්නේ විදේශීය සිසුන් ය. එංගලන්තය, බෙල්ජියම, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය හා චීනය වැනි රටවලින් පැමිණෙන විදේශීය වෛද්‍ය සිසුන්, හෙද සිසුන් හා භෞත චිකිත්සකයන් හොරිවිල වෙද ගෙදර සිට අපේ වෙදකර්මය ගැන අත්පොත් තබන්නේ ශාන්ත බණ්ඩාර වෙදැදුරුතුමාගේ ආශිර්වාදය ලබමිනි. “ අපේ හෙළ වෙදකම ගැන විදේශිකයන් අතරේ තියෙන්නේ දැඩි විශ්වාසයක්. එදා සිට අද දක්වාම විදේශිකයන් එනවා අපේ බෙහෙත්වලින් රෝග සුව කර ගන්න. විදේශිකයින්ට අපේ බෙහෙත් ගැන හිත වැටුණු එක අපට අලුත් දෙයක් නෙමේ. ඒත් දැන් දැන් විදේශීය විශ්ව විද්‍යාලවලින් වෛද්‍ය සිසුන් වගේම හෙද කර්මය හදාරන සිසුන් එනවා අපේ වෙදකම ගැන ඉගෙන ගන්න. මගේ හොරිවිල වෙද ගෙදරට විදේශීය රටවලින් වෙදකම ගැන ඉගෙන ගන්න මේ සිසුන් එන්න ගත්තේ 2011 වසරේ සිටයි. ඔවුන් වෙද ගෙදර සිට දේශීය වෙදකමේ අත්දැකීම් ලබා ගන්නවා. බේත් කොටන හැටි, බේත් අඹරන හැටි, බේත් බඳින හැටි, පත්තු බඳින හැටි, අපේ සිංහල වෛද්‍ය ක්‍රමයට අනුව ලෙඩේ හොයා ගන්න හැටි, තෙල් ගාන හැටි, නස්න කරන හැටි හැම දෙයක්ම මගෙන් අහලා ඉගෙන ගන්නවා. මේ වන විට හොරිවිල වෙද ගෙදරට හත් අට සීයක් විතර වෛද්‍යවරුන්, හෙදියන් වගේම ඖෂධවේදීන් වෙන්න ඉගෙන ගන්න විදේශීය රටවල දරුවන් ඇවිත් දැනුම ලබාගෙන තියෙනවා. මේ එන අය මුල් තැන දෙන්නේ වෙදකම හඳනාගැනීමට අපේ වෙද මහත්වරු තුළ තියෙන දක්ෂතාවයට. ඒ අය පුදුම වෙනවා අපේ දේශීය වෛද්‍යකර්මයේ ලෙඩ හඳුනා ගැනීම කරන ආකාරයට. ඒ වගේම අපේ ගහ කොළ යොදාගෙන සකස් කරන බේත්වලින්, බටහිර වෙදකමින් පවා හොඳ කරගන්න නොහැකි වූ ලෙඩ රෝග හොඳ කිරීම ගැනත් ඒ අය පුදුම වෙනවා. බටහිර වෙදකමේ සිරුරට ඕන තරම් කැල්සියම් දෙන්න පුළුවන්. නමුත් එය නවත්වන්න ඒ අය ළඟ බෙහෙත් නැහැ. ඒත් අපේ වෙදකමේ මෙයට බෙහෙතක් තියෙනවා. බටහිර වෙදකමේ පේශි තද වුණොත් නවත්වන්න බෙහෙත් නැහැ. නවත්වන්න පුළුවන් ව්‍යායාම්වලින් විතරයි. ඒත් අපි ගාව මේවාට බෙහෙත් තියෙනවා. ශරීරයේ ඇට දිරුවහම බටහිර වෙදකමේ බෙහෙත් නැහැ. ඒත් අපේ ගහ කොළවලින් හදන්න පුළුවන් බෙහෙත් ඕනැ තරම් අපේ වෙද මහත්වරු ගාව තියෙනවා. මේවා දකින කොට ඒ අයට හරීම පුදුමයි අපේ දේශීය වෙදකම ගැන. මම බටහිර වෙදකමින් කපන්න කියන කකුළට බේත් දාලා සුව කරලා යවන කොට ඒ දරුවන්ට හරීම පුදුමයි. ඒ අය අහනවා මෙහෙම කරන්නේ කොහොමද කියලා. ඇවිදින්න බැරි ලෙඩෙක් ඇවිත් බේත් කරන කොට ඒ අය මට කියනවා ලෙඩා ඇවිදින කොට අපිට බලන්න ඒ රටට පිංතූර එවන්න කියලා. මොකද මේ අය එන්නේ කොටස් වශයෙන්. ඒ නිසා මේ අය ඒ විස්මිත දේවල් ඒ රටට ගියත් මගෙන් අහනවා . මේක අපේ වෙදකමට ආඩම්බරයක්” ශාන්ත බණ්ඩාර වෙද මහතා පවසයි. උදෑසනින් වෙදගෙදරට පැමිණෙන මේ විදේශීය සිසුන් රාත්‍රී වන තෙක් සිය කාලය කැප කරන්නේ අපේ වෙදකම ගැන අත්දැකීම් ලබා ගන්නටය. ඔවුන් ආපසු සිය රට යන්නේ අපේ දේශීය වෙදකමේ අපූරුව තම රටවැසියන්ටත් කියා දෙන්නට ය. “ මම බෙලිජියමේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය විද්‍යාව හදාරනවා. අපි ලංකාවට ආවේ මේ දේශීය වෙදකම ගැන අත්දැකීම් ලබා ගන්න. මේ විදියට ගහ කොළ කොටලා අඹරලා ලෙඩ රෝග හොඳ කරන්න පුළුවන් කියලා අපි කවමදාවත් දැකලා තිබුණේ නැහැ. මේ ක්‍රම අපි භාවිතා කරන ක්‍රමවලට වඩා ගොඩාක් වෙනස්. මෙතැන යන්ත්‍ර සූත්‍ර භාවිතා කෙරෙනවා අඩුයි. ඒත් මෙය හරිම සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් කියලා හිතනවා. ලංකාවේ ගොඩාක් රෝගීන් මෙහේ එනවා. ඒ අය ඇවිත් යන්නේ හරිම සතුටින්. මේ වෙද කර්මය ගැන සමීක්ෂණ කළ යුතුයි. ඒ වගේම අපේ බටහිර වෛද්‍ය විද්‍යාවටත් ඉගෙන ගන්න ගොඩාත් දේ මේ දේශීය වෙදකමේ තියෙනවා” බෙල්ජියමේ වෛද්‍ය සිසුවකු වන 22 හැවිරිදි රූබන් පැවසීය. ඇමෙරිකානු ජාතික හෙද සොහොයුරියක වන 22 හැවිරිදි මෙලීසා ද ලංකාවට පැමිණියේ හොරිවිල වෙද ගෙදරින් සාත්තු සේවය ඉගෙන අත්දැකීම් ලබා ගන්නටය. “ මම ලංකාවට එනවිට දැනගෙන හිටියේ නැහැ මෙවැනි වෙදකමක් වගේම හෙදකමත් ලංකාවේ තියෙනවා කියලා. මම ගස් කොළ වර්ගවල ගුණ ගොඩාක් ඉගෙන ගත්තේ ලංකාවේදි. අපේ රටේ ගස්වැල්වලින් මේවගේ ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. ඒත් ලංකාවේ පුංචි ගහකින් ලොකු ලෙඩ පවා හොඳ කරන්න පුළුවන් විස්මිත ප්‍රතිකාර ක්‍රමයක් තියෙන්නේ. ඒ වගේම අපේ බටහිර වෙදකමින් හොඳ කරන්න බැරිවූ රෝග පවා මේ වෙදකමින් හොඳ කරනවා. මම ලංකාවට එන කොට සුව කරන්න බැරි කොන්දේ අමාරුවක් තිබුණා. එහෙදි බෙහෙත් කොතෙකුත් කළා. ඒත් මේ වෙද මහත්තයා මගේ ඒ අමාරුව ඉතා පහසුවෙන් හොඳ කළා. මට හරිම සතුටුයි. මම මගේ රටට යන්නේ මේ පණිවිඩයත් අරගෙනයි.” හේරත්හාමි වෙදමහතා විසින් එදා හොරිවිල ගමේ ආරම්භ කරන ලද මෙම හොරිවිල වෙදකමේ දස්කම් අද ජාත්‍යන්තරය දක්වා ගොස් ඇත්තේය. කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව ප්‍රතිකාර කරන අපේ වෙද මහත්වරුන් සතුටු වන්නේ රෝද පුටුවෙන් පැමිණි රෝගියා දෙපයින් යනු දැකීමෙනි. රෝගියාගේ සන්තෝෂයට බුලත් හුරුල්ලක තබා අතමිට මොළොවන සොච්චමෙන් වෙදමහතා සිය එදා වේල පිරිමසා ගන්නේ ය. ඒ අපේකම හඳුනන අපේ වෙදමහත්වරුන්ගේ හැටිය. “ අපිට මේ වෙදමහත්වරු ගැන හරීම පුදුමයි. ඒ අය රෝගීන්ට හරියට සලකනවා. අපි ඒකට හරීම කැමැතියි. රෝගීන් වෙනුවෙන් ලොකු කාලයක් මිඩංගු කරනවා. ඒ වගේම රෝගීන් ගැන හොඳ දැනුමක් තියෙනවා. ඒත් එංගලන්තයේ රෝගියෙකු වෙනුවෙන් වෛද්‍යවරයා වැය කරන්නේ විනාඩි පහක් විතරයි. මට හරීම පුදුමයි මේ අය ගැන . එන රෝගීන්ට හරියට සලකනවා. සමහර විට කෑම බීමෙනුත් සැලකුම් ලබනවා. අපි භාවිත නොකරන බොහෝ දේ මේ අය භාවිතා කරනවා. බේත් ගෙදර සුවඳින් පිරිලා. බේත් කොටන ආකාරය වගේම පත්තු බඳින ආකාරය හරියට ක්‍රමවත්ව කරන්න ඕනෑ. මේ දේවල් වඩා හොඳින් ඉගෙන ගන්න අපි ආයිත් එනවා” එංගලන්තයේ හෙද සේවයේ පුහුණුව ලබන තිස් තුන් හැවිරිදි ලියාන් පැවසුවාය. ලියාන් මෙන්ම එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර පදිංචි එමලිද ලංකාවේ පුහුණුවකට ආවේ හෙද සේවයේ යෙදී සිටින අතර වාරයේ දීය. ඇය විසි හැවිරිදි තරුණියකි. “ මම හෙද පුහුණුව කරන අතරේ ලංකාවට ආවේ මෙහේ දේශීය වෙදකම ගැන ඉගෙන ගන්න. මම ලංකාවට එන්නට පෙර මේ ගැන ගොඩාක් කියෙව්වා. අන්තර්ජාලය පිරික්සුවා. ඒත් සැබෑ දේශීය වෙදකම මොකක්ද කියන එක හොඳින්ම ඉගෙන ගත්තේ හොරිවිල ගමට ආවායින් පසුවයි. මේ වෙද මහත්තයා අපිට බේත් හදන හැටි, බෙහෙත් බඳින හැටි, බේත් අඹරන හැටි ආදි හැම දෙයක්ම කියලා දුන්නා. මේක ගොඩාක්ම හරවත් ක්‍රමයත්. උපකරණ නැතුව ගස් වැල් මුල් පොතු යොදාගෙන බෙහෙත් මේ ක්‍රමය අපිට ආගන්තුකයි. මේ රටේ මේ විස්කම් දේශීය වෙදකම තවදුරටත් ව්‍යාප්ත කළ යුතුයි” එමලි පවසන්නීය. එමලි ලියාන් හා රූබන්ලා හෙට දින සිය රටට යන්නේ තවත් පිරිසකට අපේ දේශීය වෙදකමේ අපූර්වත්වය කියා දෙන්නටය. හොරිවිල වෙද ගෙදර නිහඬව බලා සිටින්නේ තවත් පිරිසකට මෙසේ නොමිලයේ වෙද සතරේ දැනුම් බෙදා දෙන්නට ය. “ මම මේ හැම දේම කියලා දෙන්නේ සත පහක දෙයක් බලාපොරොත්තුවෙන් නෙමේ. වෙදකම් කරන අතරේයි මේ දරුවන්ට මේ දැනුම දෙන්නේ. ලෙඩෙක් බලන්නේ මුදල් බලාගෙන නෙවේ. කවුරු හරි සන්තෝසෙන් බුලත් හුරුල්ලක තියලා දෙන දෙයක් පමණයි සතුටින් බාර ගන්නේ. ඒත් මට වේදනා මම විදේශිය දරුවන්ට මේ ශිල්පය පාවා දෙනවා කියලා සමහර පිරිස් මට චෝදනා කරනවා. නැත්නම් වෙදකම විකුණනවා කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපේ දේශීය වෙදකමේ දක්ෂතා හා රහස් නිසා තමයි මේ අය අප හොයාගෙන එන්නේ. ඒ වගේම හොරිවිල ගමේ හොරිවිල වෙදමහත්වරු විදියට විවිධ අය අපේ බෙහෙත් විකුණනවා. දන්නේ නැති කෙනෙක් ඇවිත් හොරිවිල වෙදගෙදර ඇහුවොත් රවට්ටනවා. මේවගේ දේවල් හරීම කනගාටුදායකයි. අද අපේ වෙදකමට විදේශ රටවල විශාල ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා අපි තවත් එකතු වෙලා අපේ වෙදකම ආරක්ෂා කර ගත යුතුයි.” ශාන්ත සෙනෙවිරත්න වෙද මහතා පවසන්නේය. ජාත්‍යන්තර විශ්ව විද්‍යාල මට්ටමට ගිය අපේ වෙදකම නැසී යන්නේ අපේ ඇත්තන්ගේ නොහොබිනාකම් නිසාය. එනිසා අපේ දේ රැක ගැනීමට කාලය දැන් උදාවී ඇත්තේ ය. එළැඹෙන හෙට දිනය හා අනාගත දරු පරපුර වෙනුවෙන් කළ යුත්තේ දේශීය වෙදකම මනාව රැක ගැනීමය. තොරතුරු හා ඡායාරූප ඩබ්ලිව්. එම්. එච් ගුණවර්ධන (හබරණ සමූහ) (භාෂා පරිවර්තක සහාය හබරණ අ/කුඹුක්වැව ප්‍රාථමික විදුහලේ ඉංග්‍රීසි ආචාරිණී ටී.එම්. ජේ නදීකා තෙන්නකෝන්) අපේ අය නම් ලංකාවේ ඉදලවත් ඉගෙන ගන්නේ නැ ..එත් පිට රට වලින් ඇවිත් අපේ දේ හරි ඉහලින් ඉගෙනගන්නවා . 0 sha733Super Senior MemberPosts:7332 30 Jul 2017 12:27 AM මල්ලි උඹ නම් පුදුම පොරක් ඉස්පිරිතාලෙකට ගොඩ උනා වගේ 0 chamaramindMost Senior MemberPosts:13471 30 Jul 2017 05:26 PM බොඳවූ දරුඵල සිහින සැබෑ කරන නළ දරු තාක්ෂණය... සංස්කරණය උපාලි ද සේරම් ලෝකයේ අති නවීන වෛද්‍ය පහසුකම් සහ වෛද්‍ය සේවාවන් මේ වන විට අප රට තුළද ක්‍රියාත්මක වේ. ඊට ආසන්නතම උදාහරණය ලෙස පසුගියදා පේරාදෙණිය රෝහලේ සිදුකළ හදවත් බද්ධ කිරීමේ සැත්කම හැඳින්විය හැකිය. එලෙසම නළදරු තාක්ෂණයද ශ්‍රී ලංකාව තුළ සාර්ථක අයුරින් ක්‍රියාත්මක වන බව දකින්නට ඇත. එම නවීන පහසුකම් සහිත නළ දරු තාක්ෂණය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අයුරු අපි විමසා බලමු. වෛද්‍යතුමියනි, ශ්‍රී ලංකාව තුළ නළ දරු තාක්ෂණය ක්‍රියාත්මක වන්නේ කෙසේද? සාමාන්‍යයෙන් අප නළ දරු තාක්ෂණය කියා පවසන්නේ කාන්තාවකගේ ඩිම්බයක් සහ පිරිමියකුගේ ශුක්‍රාණුවක් පිටතට ගෙන එය විද්‍යාගාරයක් තුළ සංසේචනය කර කලලයක් සාදා කාන්තාවකගේ ගර්භාෂයේ තැන්පත් කිරීමයි. මෙය අපි IVF (In Vitro Fertilization) තාක්ෂණය ලෙස පවසනවා. මෙම IVF තාක්ෂණය කාන්තාවන් සඳහා භාවිත කරන්නේ ඇයගේ පැලෝපීය නාළවල අවහිරතාවක් ඇතිවිට එන්ෙඩ්‍රාමෙටි්‍රයෝසිස් රෝගයෙන් පීඩා විඳින විට, පොලිසිස්ටික් (PCOD) රෝගය මතුවී ඇති විට ආදී අවස්ථාවලදීය. මෙවැනි රෝග නිසා ඇයගේ ඩිම්බ කෝෂයෙන් පැලෝපීය නාළ වෙත ඩිම්බයක් මුදා හැරීමට බාධා මතුවේ. එහිදී ඇයට දරු සම්පතක් ලබා ගැනීම සඳහා ඇති පහසුම ක්‍රමය IVF ප්‍රතිකාරය සඳහා යොමුවීමයි. පිරිමි පුද්ගලයකුට මෙම තාක්ෂණය භාවිත කරනු ලබන්නේ ඔහුගේ ශුක්‍රාණුවල දුර්වලතාවක් ඇතිවිටදීය. එවිට ස්වාභාවික අයුරින් ඔහුගේ ශුක්‍රාණුවක් ඩිම්බයක් සමඟ සංසේචනය වීම සඳහා ගමන් කරන්නේ නැහැ. මෙම තාක්ෂණය මගින් සිදු කරන්නේ කාන්තාවකගේ ඩිම්බයක් හොඳින් වර්ධනය වීමට අවශ්‍ය පහසුකම් සපයා එම ඩිම්බයක් පිටතට ගෙන පිරිමියාගේ ශුක්‍රාණුවක් සමඟ විද්‍යාගාරයක් තුළ සංසේචනය කිරීමයි. මෙය රෝහල්ගතව සිට ලබාගත යුතු ප්‍රතිකාර ක්‍රමයක් නෙවෙයි. තමාගේ එදිනෙදා ජීවිතයේ කටයුතු සිදු කරන ගමන් මෙම ප්‍රතිකාර ක්‍රමය සඳහා යොමුවී ගැබ් ගැනීමක් සිදු කරගත හැකියි. වෛද්‍යතුමියනි, මෙම ප්‍රතිකාරය ලබා ගැනීම සඳහා ලංකාවේ ඇති පහසුකම් කෙසේද? ලෝකයේ ඇති IVF සම්බන්ධ ඉහළම තාක්ෂණික පහසුකම් ශ්‍රී ලංකාවේත් දැන් තිබෙනවා. එනිසා මෙම ප්‍රතිකාර ලබා ගැනීමට විදේශ ගතවීමට අවශ්‍යතාවක් නැහැ. මෙම තාක්ෂණික ප්‍රතිකාර සිදු කිරීම සම්බන්ධව විශේෂඥ දැනුමක් සහිත වෛද්‍යවරුද ලංකාවේ සිටිනවා. ඩිම්බයක් වෙත සක්‍රීයව ගමන් කළ නොහැකි දුර්වල ශුක්‍රාණු ඩිම්බ වෙත එන්නත් කිරීමේ (ICSI) අධි තාක්ෂණයත් අප රටේ තිබෙනවා. අනෙක් වැදගත්ම කරුණ තමයි මෙම ප්‍රතිකාරය සඳහා යොමු වීමේදී අදාළ කාන්තාවත්, පිරිමියාත් හොඳ මානසික මට්ටමකින් සිටිය යුතුයි. විදේශ ගතවූ විට එම රටේ සංස්කෘතිය, ආහාරපාන, පරිසරය, ආගන්තුක නිසා ඊට හුරු වීමට නොහැකිව මානසික පීඩාවන්ට පත් වෙනවා. විදේශයකදී IVF ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් එය අසාර්ථක වූ බොහෝ දෙනකුට ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ නුහුරු පරිසරයක ජීවත් වීමේදී ඇතිවූ මානසික පීඩාව නිසා ඇතිවූ හෝමෝන අසමතුලිත තාවයයි. වෛද්‍යතුමියනි, මෙවැනි ප්‍රතිකාරයක් සඳහා යොමුවිය යුත්තේ කුමන වයස් සීමාවේදීද? මා ඉහතින් සඳහන් කළ දුර්වලතා ඇති අය කුමන වයසක සිටියත් ඔවුනට ස්වාභාවික සංසේචනයක් සිදු වන්නේ නැහැ. එනිසා ඔවුනට තමාගේ ගැබ් ගැනීමක් මගින් දරු සම්පතක් අවශ්‍ය නම් මෙම ප්‍රතිකාර ක්‍රමයට යොමුවන්න සිදු වෙනවා. සාමාන්‍යයෙන් වයස අවුරුදු 35 ට පෙර මෙවැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමු වීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. එය නිරෝගී කාන්තාවකට වුව පොදු දෙයකි. වයස අවුරුදු 40 පමණ වන විට කාන්තාවකගේ ඩිම්බවල සරු බව දුර්වල වන්නට පටන් ගන්නවා. එවිට ඇයගේ ඩිම්බ කෝෂයෙන් නිපදවන ඩිම්බ මේරීමේ ගැටලු දරු කලලයක් වර්ධනය වීමේ හැකියාව දුර්වලවීම ආදිය සිදු වෙනවා. වෛද්‍යතුමියනි, මෙවැනි ප්‍රතිකාරයකට යොමුවීමේදී වෙනත් කාන්තාවකගේ ඩිම්බ හෝ වෙනත් පිරිමියෙකුගේ ශුක්‍රාණු ලබාගෙන කලලයක් සකස් කිරීම වැනි වංචාවන් සිදුවිය හැකියි නේද? අන්න ඒ නිසා තමයි මෙවැනි ප්‍රතිකාරයකට යොමු වීමේදී විශ්වසනීය පිළිගත් වෛද්‍ය ආයතනයකින් ප්‍රතිකාර ලබාගත යුතු වන්නෙ. නළදරු තාක්ෂණය සඳහා ලොව පිළිගත් සාරධර්ම අනුව කටයුතු කරන ආයතනයකින් ප්‍රතිකාර ලබා ගැනීමේදී වංචා සහගත ක්‍රියාවන් සිදු වන්නේ නැහැ. වෛද්‍යතුමියනි මෙවැනි ප්‍රතිකාර ක්‍රමයක් සඳහා විශාල මුදලක් වැය කළ යුතුද? එය තීරණය වන්නේ අදාළ පුද්ගලයන්ට පවතින දුර්වලතා අනුවයි. එසේම මැදි වයසට පත්ව මෙම ප්‍රතිකාර සඳහා යොමුවන විටත් ඔවුනට මතුව ඇති දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග පාලනය කිරීම කළ යුතු වෙනවා. ඇතැම් දෙනා මේ ප්‍රතිකාර සියල්ලටම වැයවන මුදල අනුව මෙම ප්‍රතිකාරය සඳහා විශාල මුදලක් වැය වෙනවා කියා සිතනවා. මෙම ප්‍රතිකාර පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා දුරකථන අංක 011-4897897 ඇමතිය හැකිය. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 30 Jul 2017 05:28 PM කොන්දේ ආබාධවලට ක්ෂණික සුවදෙන ප්‍රතිකාර... රාත්‍රියේ නිදාගෙන උදැසන අවදි වූ විට කොන්දේ වේදනාවක් බෙල්ලේ වේදනාවක් හටගත් අත්දැකීම් අප බොහෝ දෙනකුට පවතී. මෙවැනි අවස්ථාවකදී අප පවසන්නේ වැරදි ඉරියව්වක සිටීම නිසා මෙම තත්ත්වය මතුවූ බවය. වෛද්‍යතුමනි, වැරදි ඉරියව්වක සිටීමෙන් සිරුරේ ඇතිවන වෙනස්කම් මොනවාද? අපි ඇවිදින විට, වාඩිවී සිටින විට, දිවීම, පැනීම, නිදාගැනීම, බරක් ඉසිලීම ඇතුළු සාමාන්‍ය ජීවිතයේදී සිදුකරන ක්‍රියාකාරකම් වලදී ඒ සඳහා උපකාරීවන්නේ ශරීරය අභ්‍යන්තරයේ ඇති පටල, පටක, පේශී සහ අස්ථි යන ඉන්ද්‍රීය කොටස්ය. අප නිවැරදි ඉරියව්වලට අනුව කටයුතු නොකරන විට මෙම ඉන්ද්රිය කොටස්වල වෙනස්කම් සිදුවෙනවා. උදාහරණ දක්වතොත් අපි පඩිපෙළක් බසින ආකාරය ගනිමු. පඩියක් අතර පාද තබන සාමාන්‍ය ඉරියව්ව වෙනස් කරමින් පඩියක් හැර පඩියක් අතර පාද තබමින් ගමන් කළොත් උකුල, දණහිස, මැණික් කටුව හෝ ඇඟිලිවල ක්‍රියාකාරිත්වයේ වෙනසක් සිදුවිය හැකියි. එවිට එම ඉන්ද්‍රීය කොටස් පිහිටි ස්ථානවල තද වේදනාවක් ඉදිමුමක්, නිල් පාට වීමක් හෝ තැලීමක් වැනි වෙනසක් ඇතිවෙනවා. මෙවැනි අවස්ථාවනට බහුලවම ලක්වන්නේ කොඳුඇට පෙළ, උරහිස සහ උකුල වැනි ස්ථානය. මීට අමතරව ශරීරයේ ඇති ඕනෑම හන්දියක විකෘතිතාවක් ඇතිවීමටද ඕනෑතරම් ඉඩ තිබෙනවා. ඉන් වැළකී සිටීමට නම් අප එදිනෙදා ජීවිතයේදී කටයුතු කරන විට නිවැරදි ඉරියව් අනුගමනය කළ යුතුයි. එවැනි වැරදි ඉරියව්වල හිඳ කටයුතු කිරීම නිසා බහුලවම හානියට ලක්වන ඉන්ද්‍රියයක් වනුයේ කොඳුඇට පෙළය. කොඳුඇට පෙළ ක්‍රියාකරන අස්ථි 26 ක් පවතින නිසා එහි කුමන හෝ අස්ථියක් අතර වෙනස්කමක් ඇතිවුවහොත් කොන්දේ වේදනාව මතුවෙනවා. කොඳුඇට පෙළෙහි සෑම අස්ථි දෙකක් අතරම තරුණ අස්ථියක් හෙවත් ජෙලි ස්ථරයක් පිහිටා තිබෙනවා. ඉන් සිදුවන්නේ අස්ථි දෙකක් අතර ගැටීම නවතාලීමත් අස්ථි ක්රියාකිරීමේදී ඇතිවන කම්පනය දරාගැනීමත් කොඳුඇට පෙළ හොඳින් නැමීම දිග හැරීම පහසු කරවීමත්ය. අපගේ කනෙහි බාහිර කණ සෑදී ඇත්තේද මෙවැනි තරුණ අස්ථියකිනි. නාසයේ අග කොටස සෑදී ඇත්තේද එවැනි තරුණ අස්ථියකිනි. වෛද්‍යතුමනි මෙලෙස සිරුරේ වෙනස්කමක් ඇතිවුවහොත් ආයුර්වේදයේදී ලබාදෙන ප්‍රතිකාර මොනවාද? ආයුර්වේදයේ ඇත්තේ තෙල් ගෑමේ (තෛල අභ්‍යංග) උණු වතුරින් තැවීම, පොට්ටනිවලින් තැවීම (පිණ්ඩස්වේදය), හුමාලයෙන් තැවීම (වාෂ්ප ස්වේදය) වැනි ප්රතිකර්මත් පත්තු බැඳීම, මැල්ලුම් බැඳීම ආදී ප්රතිකර්මත්ය. අපගේ පාරම්පරික ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම අනුව මෙවැනි අවස්ථාවන් සඳහා කරනු ලබන විශේෂ ප්‍රතිකාර ක්‍රමයකුත් තිබෙනවා. එය සිදුකරනු ලබන්නේ ඖෂධීය තෙල් වර්ග තුනක් මගිනි. වෛද්‍යතුමනි මෙම ප්‍රතිකාරය ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද? අප මෙම ප්‍රතිකාරය බහුලවම යොදාගන්නේ කොන්දේ ආබාධ සහ කොඳු ඇට පෙළෙහි විකෘතිතා ඇතිවූ රෝගීන් සඳහායි. උපතින්ම හෝ පසු කාලීනව කොඳුඇට පෙළෙහි විකෘතිතා ඇතිවූ රෝගීන්ට අප සිදුකර ඇති ප්‍රතිකාර මගින් සම්පූර්ණ සුවයක් ලැබී තිබෙනවා. මෙහිදී සිදුකරන්නේ ඖෂධීය තෙල්වර්ග තුන බුලත් කොළ මගින් අදාළ ස්ථානයේ ආලේප කිරීමයි. ඉන්පසු බුලත් කොළ 07 කින් එම ස්ථානය වසා පසුව තුවායකින්ද වසා විනාඩි 05 ක් පමණ තබනවා. මෙලෙස විනාඩි 05 ක් පමණ යනවිට ඖෂධීය තෙල් වල සිසිල් බව ක්‍රම ක්‍රමයෙන් පහව ගොස් උණුසුම් වන්නට පටන් ගන්නවා. මෙම උෂ්ණත්වය සාමාන්‍ය පුද්ගලයකුට දරාගත හැකියි. විනාඩි 05 කින් පසු වෛද්‍යවරයා විසින් තම මහපට ඇඟිලිවලින් කොඳුඇට පෙළ පිරිමදිමින් අදාළ විකෘතිතාවයන් සුවපත් කරනවා. මෙම ප්‍රතිකාරයේදී යම් පුද්ගලයකුගේ සිරුරේ පිත හෝ සෙම කෝප වී තිබුණේ නම් එයද යම් කිසි මට්ටමකට සුවපත් වෙනවා. අපගේ මෙම ප්‍රතිකාරය මගින් රෝගියාට ක්ෂණිකව සුවය ලැබෙනවා. එනිසා ප්‍රතිකාර වලින් වරුවකට පමණ පසු එම පුද්ගලයාට තමාගේ සාමාන්‍ය රාජකාරී කටයුතුවල යෙදිය හැකියි. නමුත් දින හතරක් පමණ යනතුරු දිවීම, පැනීම, දුර ගමන්යාම, යතුරු පැදි ධාවනය, ත්‍රිරෝද රථ වැනි ගැස්සෙන වාහනවල ගමන් කිරීම නොකළ යුතුයි. මෙම ප්‍රතිකාර පිළිබඳව ඔබට වැඩිදුර විස්තර ලබාගැනීමට අවශ්‍ය නම් දුරකථන අංක 011-2431530 ඇමැතිය හැකිය. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 30 Jul 2017 06:12 PM කොන්දෙ අමාරුව ආවොත් නම් හොදි ඔනෙ නැහැ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 sha733Super Senior MemberPosts:7332 31 Jul 2017 03:47 AM හරියට නින්දක්වත් නැහැනේ කොන්දෙ අමාරැව ආව කියන්නේ 0 chamaramindMost Senior MemberPosts:13471 31 Jul 2017 06:39 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Jul 2017 06:43 PM විදේශයකදී ශ්‍රී ලාංකික යුවතියකට කළුකුමාරයාගේ බැල්ම කළුකුමාරයා ඇයගෙන් ඉවත් වූයේ කෙසේද? කළු කුමාරයා අතීත සමාජයෙන් අද දක්වාම පැමිණ තිබේ. එනම් කළු කුමාරයා අදටත් කතාබහට ලක්වන පුද්ගලයෙකි. නගරයේ නොවුවත් කළු කුමාරයා ගමට හුරු පුරුදු අයෙකි. නව යෞවනයේ, තරුණ ගැහුණු ළමයින්ට මෙන්ම විවාහ වී දික්කසාද වූ හෝ ස්වාමියා මියගිය කාන්තාවන්ට කළු කුමාරයාගේ බැල්ම හෙළන බවට වූ කතාව එදා මෙන්ම අදටත් නොවෙනස්ව පවතී. සමාජය කෙතරම් දියුණු වුවත් ඒ කතාව නොවෙනස්ව පැවතීම සැබැවින්ම විටෙක පුදම සහගත බව පෙනේ. කළු කුමාරයා ශ්‍රී ලංකාවට ආවේණික ලෙසින් සැලකුවද මේ කතාවේ සටහන් වන්නේ ශ්‍රී ලාංකික යුවතියකට ජපානයේදී කළු කුමාරයාගෙන් පීඩා සිදුවූ අවස්ථාවකි. ඇය අපි නමින් මධුරි යෑයි කියමු. මධුරි ජපානයේ උසස් අධ්‍යාපනය හදාරයි. මධුරි ශ්‍රී ලංකාවට පැමිණ තිබුණේ ඇය පීඩාවට පත්වී සිටින කළු කුමාරයාගෙන් ගැලවී ගැනීම සඳහා ශාන්තිකර්ම කර ගැනීමටයි. මේ මධුරිගේ කතාවයි. රාත්‍රි නින්දෙන් පැමිණ කවුරුන් හෝ ඇයගේ සිරුර ස්පර්ශ කරන බවක් ඇය පවසයි. රූමත් යුවතියක් වූ ඇයට දිගින් දිගටම සිදුවන මෙම ක්‍රියාව වදයක් වීමට පටන්ගෙන තිබේ. පසුකාලීනව මෙම ක්‍රියාව ඇයට වදයක් වූවා පමණක් නොව නිදි නොලැබීමට හේතුවක් වීමේදී අධ්‍යාපන කටයුතු පවා බිඳ වැටී තිබේ. කෑම අරුවිය. සිරුර කෘෂ වීම තුළින්, ඇයගේ සිරුර වැහැරෙන තත්ත්වය හමුවේ බාහිර සමාජය ඇයගෙන් ප්‍රශ්න කරන්නට වූයේ ඩි ප්‍රශ්නයක්ද කියන කාරණාවය. ශ්‍රී ලංකාවට පැමිණි ඇය ඇයගේ වැඩිමහල් සොහොයුරියගේ පෙරැත්තය මත වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවී තිබේ. සොයුරිය බල කිරීම මත වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවී තිබුණේ ශාන්තිකර්ම තොවිල් ආදියට යොමුවීම තුළ ඇයට කළු කුමාර දොaෂය වැළඳී ඇති බවට ඇය අවට සිටින පිරිස අවබෝධකර ගෙන සිටි නිසාවෙන් ඒ කතාව පිළිබඳ ඇය තුළ ඇති අකමැත්ත නිසාවෙනි. වෛද්‍ය ප්‍රතිකාර හමුවේත් කළු කුමාර දොaෂය ඉස්මතු වේ යෑයි බියවූ හෙයිනි. මානසික වෛද්‍ය ප්‍රතිකාර යටතේ ඇය මෝහනයට පත් කිරීමේදී සොයා ගත හැකිවී තිබෙන්නේ මීට වසර පහකට පමණ පෙර ඇයගේ ප්‍රේම සම්බන්ධතාවය බිඳ වැටීම නිසාවෙන් කණස්සල්ලෙන් ජිවිතය ගත කළ බවකි. මේ නිසා ඇයගේ අනාගත බලාපොරොත්තු සියල්ල කඩා වැටී අපේක්ෂා භංගත්වයට පත්වී ජීවත් වී තිබේ. ඇය නිරන්තරයෙන් අහිමි වූ පෙම්වතා ගැන සිතමින් කාලය ගත කරන්නට පුරුදු වීමේදී මනසේ එක අන්තයක් පෙම්වතා ප්‍රතික්ෂේප කිරීමටත්, තවත් අන්තයක් පෙම්වතා සිටියා නම් හොඳයි යන අදහසත් සනිටුහන් වූයේ නිරායාසයෙනි. මේ අන්ත දෙකෙහි ගැටුමේ ප්‍රතිපලයක් ලෙසට ඇයට නිරන්තරයෙන් අතීත මතක සටහන් මතයට ගලා එන්නට වී තිබේ. විටෙක ඇය මහ හයියෙන් පෙම්වතාගේ නම කියා කෑ ගසන්නට වී තිබෙයි. තවත් දිනෙක රාත්‍රියේ භයානක සිහින පෙනේ. බොහෝ රාත්රිවල කවුදොa පැමිණ ශරීරය ස්පර්ශ කරන්නාක් මෙන් දැනීම නිසා බියවී අවදි වන තත්ත්වයක් ඇතිව තිබේ. මධුරිගේ දැන් වයස අවුරුදු 33 කි. ඇය මෝහන නිද්‍රවට පත් කිරීමෙන් පසුව ඇයගේ යටි සිතේ තැන්පත්ව තිබූ අමිහිරි අත්දැකීම් ඉවත් වූ බව ඇය පවසයි. ඉන්පසු ඇයට මානසික කම්පනය නිසා ඇති වුණු අනිකුත් රෝග සඳහා ප්‍රතිකාර පටන්ගෙන තිබේ. තවත් තොවිලයක් කිරීම සඳහා කටයුතු සූදානම්කර තිබියදී නිවැරදි ප්‍රතිකාර සඳහා යොමු වීමේදී ලැබූ සුවය මත තොවිලයට වැය කිරීමට වෙන්කළ ලක්ෂයක මුදලක් ඇය බුදුමැදුරක් සෑදීම වෙනුවෙන් වෙන්කර ඇත්තේ සැබෑමවූ මානසික සතුටකිනි. ඇය සුවය ලබා නැවතත් විදේශ ගතවී ඇත්තේ අධ්‍යාපන කටයුතු කර ගැනීමටයි. එහෙම නම් කළු කුමාරයා කියන්නේ කවුද? කළු කුමාරයා කියා කෙනෙක් ඉන්නවාද? කළු කුමාරයා වැහෙන්නේ කාටද? ලබන සතියේ බලාපොරොත්තු වන්න ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Jul 2017 06:45 PM කොලෙස්ටරෝල්වලට සියඹලා හරි ගුණයි සෞභාග්‍යයෙන් පිරිපුන් අපේ ශ්‍රී ලංකා ද්වීපයේ පෙරදිග මුතු ඇටයේ සුන්දරත්වය නිර්මාණය කිරීමට බෙහෙවින්ම උපස්ථම්බක වූයේ සමනොල කන්ද (ගිරිකුළු පව්ව) ශ්‍රීපාද කන්දය. එම පර්වතය මුල්කරගෙන එම උස් කඳු මුදුනට සහ ලංකාවේ පිහිටි අනෙකුත් උස් කඳු වැටිද මුල්කරගෙන ස්වාභාවිකව එම කඳු මුදුන්වලට ලැබෙන ස්වාභාවික වැස්ස. ගිරිමුදුන් සිප වැළඳගෙන ජල දහරාව ගංඟාවන් නිර්මාණය කර මේ මහා පින්බිමේ සරුසාරවත් කෙත්වතු නිර්මාණය කරමින් ජනී ජනයාගේ ජන ජීවිත මල්ඵල ගැන්වීමට ඉවහල්වන මේ මිහිකතේ සියත් ආයු වළඳවා වසවිසෙන් තොර මිහිරි රසයෙන් යුතු රෝග මර්දනය කරන පලතුරු ඵලදායී කර ලබාදීමට මූලික වූයේ ගංඟාවන් බව අවිවාදයෙන් තොරව මා මෙහි සහතික කර ලියමි. ගංඟාවන් මැවුනේ නැති නම් සරුසාරවත් කෙත්වතු ඇතිවන්නේද නැත. සතා සිවුපාවා ඇති නොවනු ඇත. ජාතියේ, දේශයේ පණ වැනි ඔසු ඇති වන්නේද නැත. පලතුරු ඇති වන්නේද නැත. අද අපි හැම අයකුම දන්නා "සියඹලා" හඳුනා ගනිමු. අපේ රටේ බොහෝම ප්‍රදේශවල වැවෙන වැඩෙන විශාලව පැතිරී යන ගස් විශේෂයකි. අධික ශීත දේශගුණයෙන් යුතු බදුල්ල, වැලිමඩ, නුවරඑළිය සිංහරාජයේත් මෙම (ශාකය) ගස් දක්නට ලැබීම අසීරු කරුණකි. සෑම වසරකම අගෝස්තු සහ සැප්තැම්බර් යන මාස දෙක කාලයේදී අස්වැන්න නෙලා ගත හැකි වේ. සියඹලා වෘක්ෂය බහුලව දක්නට ලැබෙන්නේ හම්බන්තොට දිස්ත්රික්කයේය. තංගල්ල - රන්න - නෙටොල්පිටිය - හුංගම - බෙලිඅත්ත - වීරකැටිය - මිද්දෙණිය - දෙබොක්කාව - කලාව - විතාරන්දෙණිය යන ප්රදේශවලය. එම ප්‍රදේශ හැරුණ විට දක්නට ලැබෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ විතරමය. අති විශාල ලෙස වැවෙන සියඹලා ගසේ කරල් පැසී ඉදී බිමට වැටේ. මේවා එකතු කර කරල්වල පොතු ගලවා ගෙන සුරක්ෂිතව වෙළෙඳපොළ දක්වා ප්‍රවේශ වේ. සියඹලා මදයේ නියම උපරිම ප්‍රතිඵලය භුක්ති විඳින්නේ උතුරේ දෙමළ ජනතාවය. මෙය පලතුරක් මෙන් කුළුබඩු ගණයටද ගැනේ. කිරි හොද්දට - මිරිස් හොද්දට - මස් හොද්දට අනිවාර්යෙන්ම යෙදිය යුතු යොදනු ලබන ඖෂධීය වටිනාකමින් සහ මිහිරි ගුණයෙන් යුක්ත වූ දේශයට ආවේණික වූ රෝගී අය නිරෝගී කරන පලතුරක් වශයෙන් සියඹලා හඳුන්වාලිය හැකිය. සියඹලා පලතුරක් ලෙස ගැනෙනුයේ භාගයට ඉදුණු පසු සහ හොඳටම ඉදුණු අවස්ථාවේදීය. මිහිරි රසයෙන් අනුන වේ. මුල් අවස්ථාවේ නොඉදුණු කරල් ඇඹුල් රසයෙන් යුක්තය. සියඹලා පලතුරක්a ලෙසින් අනුභව කිරීමට ළමුන් රුචියක් දක්වනු ලැබේ. භාගයට ඉඳුණු සියඹලා කරල් පොතු ගලවා ඉවත් කර වතුර සහ සීනි එකතු කර මිරිකා පෙරා බිම ඉතා යහපත්. එහි ගුණාත්මක භාවයේ සංකේතය වන්නේ උදරයේ පිපුම - බඩේ වාතය හිරවී කපන්නාක් මෙන් වේදනාව, මුත්‍රා දැවිල්ල වැනි රෝග සුවකරයි. මළ බුරුල් කර මළපහ කිරීමට අවස්ථාව සලසයි. බඩේ ඇති වන අජීර්ණය සුවපත් කර කෑම රුචිය ඇති කරයි. කෙලෙස්ටරෝල් ගැන බිය වී විශාල ලෙස මුදල් වැය කිරීම අනුවන ක්‍රියාවකි. වසවිසෙන් තොර ස්වාභාවික සියඹලා කරල්, සියඹලා මදවලින් වර්තමානයේ වෙළෙඳපොළේ සියඹලා බීමද නිෂ්පාදනය වී දකින්න ඇත. සියඹලා ජූස් බඳුනක් පානය කිරීමෙන් මේදයෙන් පීඩනයට පත් වූ අවහිර වූ රුධිර නාල පිරිසිදු කිරීම, තෙල් ඉවත් කිරීමට මහගුණ ගුණ දෙන සාධකයකි. සියඹලා මදය යොදා ගනිමින් වර්තමානයේ වෙළෙඳපොලේ සියඹලා ටොෆීද දකින්නට ඇත. සෙම පවතින අවස්ථාවට ඉතා යෝග්‍යය. ලංකාවේ දුරාතීතයේ වැසියන් සෑම කිරි එළවලුවකටම සියඹලා මදයක් දෙකක්a යොදා ගත් බව සඳහන් කළහොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත. ආමාශය සහ බඩවැල් පිරිසිදු කර (බඩට) උදරයට සැහැල්ලු බවක් ලබාදෙයි. එමෙන්ම ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට සියඹලා කරල් මද සහ එහි පොත්ත සියඹලා ඇට, මදය, සියඹලා කොළ, සියඹලා ගහේ පොත්ත අත්‍යවශ්‍ය වේ. රෝගීන්ට ප්‍රතිකාර යෙදීමේදීද දක්ෂ කෘතහස්ත ප්‍රවීණ වෛද්‍යවරයා අවස්ථානුකූලව වෛද්‍ය ඥනය මෙහෙයවා ඖෂධ සංයෝජනය යොදවා රෝගී වූ තැනත්තා නිරෝගී භාවයට පාත්‍ර කරන්නේය. තදට පායන නියං සමයේ සියඹලා ගසක් යටට ගොස් නියං උවදුරින් දාහපීඩවට බඳුන් වූයේ නම් එම දැවිල්ල සංසිඳවා හිසට සිසිලක් කයට සිසිලත් ලබාගත හැකිය. අයාලේ ලන (යන) කිරි ගවයන්ද රංචු පිටින් සියඹලා ගස් යට ලැඟුම් ගෙන සිටිනු දැකීමට ලැබෙන අවස්ථා සුලබය. ශෝථ රෝගයේදී ප්‍රතිකාර යෙදීමේ ලෞහභෂ්ම කිරීමටද සියඹලා නැතිව බැරි දෙයකි. එහෙත් ඒ සා විශාල වටිනාකමින් යුතු මේ සියඹලා වෘක්ෂය දිවයිනේ ඇතැම් දර ව්‍යාපාරිකයන් විසින් කපා කොටා දරවලටද ගන්නා බව නොරහසකි. අපේ දේශයේ අපේ පලතුරු අපේ සංස්කෘතික උරුමයයි, එය රැකගැනීම අපේ පරම යුතුකමයි· "සියඹලා" යන නම සිංහල භාෂාවේ ව්‍යවහාරයට ගැනේ. සංස්කෘත භාෂාවෙන් සඳහන් වනුයේ සිනිඹලා නමින් "සීනි" මිහිරි රසය දැනවීමත් ඹලා යන අරුත ඔප්නැංවීමේදී "ඇඹුල" යන අරුත ගැබ් වී තිබීමය. සීනි, ඇඹුල - සීනිඹල සියඹලා වශයෙන් වත්මන් ව්‍යවහාරය එක්වූ වගයි. ලංකාවේ මහා වෘක්ෂ අතරින් සියඹලා ගසද මහා වෘක්ෂ ගණයට ගැනේ. මාකුJදශව රශාලශව මනමථො මධුකප්රියවඃ වෘක්ෂාමලසති නත්රීඩී විඤවා විෂඝෙනා රකත පූරකඃ සංස්කෘතික වචනය (සිනිඹලා) අද ව්‍යවහාර බස සිංහල වචනය සියඹලා ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 35 of 137 << < 3334353637 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner