You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 36 of 137 << < 3435363738 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Jul 2017 06:48 PM
කායික මානසික සහනයට සිත ඉහළට ඔසවා
ගනිමින් මනස සන්සුන් කර ගන්නේ කොහොමද?



ඇතැම් ලෙඩ රෝග සඳහා කෙතරම් ප්‍රතිකාර කළද සුවයක්‌ නොදැනෙන බවට මැසිවිලි නඟන පිරිසක්‌ අප සමාජයේ සිටිති. ඔවුන්ගේ රෝග විනිශ්චය වාර්තා පරීක්‌ෂා කර බැලීමේදී ඒවායේ කිසිදු දොෂයක්‌ නොවන බවට සටහන් වුවද රෝගයක්‌ පවතින බවට වූ මැසිවිල්ල දිගටම පවතී. එවැනි වූ අත්දැකීම් ඔබටත් තිබෙනවා වීමට බැරි කමක්‌ නැත.

මා මෙහි සටහන් කරන්නේ එවැනි සුවිශේෂී කතාවකි. සමගි මාවත, දැල්තර, පිළියන්දල පදිංචි චිත්ත රූප වෛද්‍ය ක්‍රමයේ නිර්මාතෘ ඉනෝකා අබේසුන්දර මහත්මිය ඇය ලැබූ අත්දැකීම් හරහා පවසන සැබෑම වූ කතාවයි.

වෛද්‍යවරුන්ට හසු නොවන මාගේ රෝගයක්‌ තිබුණා. පරීක්‌ෂණ වාර්තා හැම එකක්‌ම සාමාන්‍ය වීමේදී රෝගයක්‌ නොමැති බවට සටහන් වුණා. එහෙත් මගේ අපහසුතාවය මත ඉන්පසු තොවිල් ශාන්තිකර්ම වැනි දෙයට යොමු වුණා. ඒ එකකින්වත් සුව වුණේ නැහැ.

අන්තිමේදී මම භාවනා කරන්න පටන් ගත්තා. භාවනා කරමින් විශ්වයේ පිහිට පැතුවා. එතැනදී ලැබුණු ශක්‌තිය තම යි මගේ මනස දියුණු කළේ. ඒ හරහා රෝග සොයා ගැනීමට සිත සමාධිගත කරන්න මම පුරුදු වුණා.

මම මේ ශක්‌තිය ලබා ගත්තේ අවුරුදු 7 ක්‌ පුරාවට භාවනා කරලා. ඒ ශක්‌තිය හරහා මගේ රෝගයට සුවය ලැබුණා. මම සාමාන්‍ය ජනතාවටත් ඒ ශක්‌තියෙන් සුවයක්‌ ලබා දෙන්නට යොමු වුණා.

දිගටම භාවනාවේ නිරත වීමේදී විශ්ව නාඩියක්‌ සොයා ගැනීමසට මට හැකි වුණා. ඒ හරහා මනස සුවපත් කිරීමේ හැකියාව තුළ මානසික සහනයෙන් ජීවිතය දැකීමට හැකියාව ලැබෙනවා.

තමා, තමා විසින්ම දැකීම බුද්ධ දේශනාවේ සඳහන් කර තිබෙනවා. සැබැවින්ම එය කෙතරම් නම් වටිනා කියමනක්‌ද කියන එක තේරුම් ගැනීම තුළ ජීවිතය පහසු කරවනවා. මනස සන්සුන් කරනවා. කායික සහනය ඇති කර ගැනිමේ හැකියාව තිබෙනවා.

හැමෝම බොහෝ වෙලාවට විශ්වාස කරන්නේ පේන දෙය පමණයි. එහෙත් නොපෙනුනාට නොපෙනෙන බලයක්‌ තිබෙනවා. නොපෙනෙන නිසා එවැනි දෙයක්‌ නැහැයි කියන්න බැහැ. එම නොපෙනෙන බලය ළඟා කර ගැනීමට තමයි මම වෙහෙස ගත්තේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි ජීවත් වීම තුළ එම බලය ළඟා කර ගැනීම පහසුයි. බුද්ධ දේශනාව අනුව යමින් මවුපියන්ට අවනත වෙමින්, ගුරුවර වැඩිහිටියන්ට ගරු කරමින් ජීවත් වීමට පුරුදු පුහුණු වීමේදී ජීවිතය පහසු කරවනවා. කායික මෙන්ම නිරෝගී සුවය ළඟා කරගත හැකි වෙනවා.

අප්‍රියයන් සමඟ එක්‌වීම දුකක්‌ ලෙසට බුද්ධ දේශනාවේ සඳහන් කර තිබෙනවා. අප්‍රිය ඇසුර බොහෝ තැනකදී අපෙන් ඈත් වන බවක්‌ පෙනෙන්නට තිබෙනවා. එහෙත් කේන්ද්‍රයක්‌ ගෙන බැලීමේදී පාපතර ග්‍රහයෝ අප්‍රියයන් ලෙස සැලකීමේදී ලෙඩ දුක, කරදර, බාදක මතු වෙනවා. එවැනි විටෙකදී ඇතැම් වත් පිළිවෙත් ප්‍රයෝජනයක්‌ නොමැති වන අවස්‌ථා තිබෙනවා. ඔබ දන්නවාද පාපතර ග්‍රහයන් පැත්තකට කිරීමට චිත්ත බලයෙන් පෙර පින් ඉස්‌මතු කර ගැනීමේ හැකියාව තිබෙනවා කියන කාරණාව.

මා මේ සියලු දෙය සඳහා පරීක්‌ෂණ, නිරීක්‌ෂණ කරමින් නිගමන ලබාගෙන තිබෙනවා. සැබැවින්ම පාප ග්‍රහයන්ගෙන් ඈත් වී ජීවත් වීම තුළ ලෙඩ රෝග කරදර බාධක මඟ හරවා ගැනීමේ හැකියාව තිබෙනවා.

නරක ග්‍රහයන් ලැබූ විට කායික, මානසික පීඩනයට ලක්‌වෙමින් මිනිසුන් බලා සිටින්නේ නරක ග්‍රහයන්ගේ කාලය ගෙවී ගොස්‌ හොඳ ග්‍රහයන් පැමිණෙන තුරුයි. එවැනි කාලපරිච්ඡේදවල මිනිසුන් ලෙඩ රෝග, මානසික පීඩාවලින් පීඩා විඳිය යුතු නැහැ. ඒ සඳහා චිත්ත ශක්‌තියේ බලය යොදා ගත හැකිව තිබෙනවා.

අවශ්‍ය වන්නේ ඒ සඳහා චිත්ත ශක්‌තිය ලබා ගන්නට සිත ඒ සඳහා පුහුණු කිරීමක්‌ පමණයි. එහි ප්‍රධාන කාරණා බුදු දහම සමඟ බද්ධ වී තිබෙනවා.

ඇතැම් අයගේ කර්ම ඵල විපාක වැඩියි. එයට හේතුව විශ්වයේ ඇස්‌ටර් තලයේදී කර්ම ගනුදෙනුව වැඩි වීමයි. එවැනි අයට බිය (ෆෝබියා) ඇති වෙනවා. විවාහයට බියයි. දරුවන් ලබන්න බියයි. අධ්‍යාපනයට බියයි. සමාජයට බියයි. රැකියාවක්‌ සොයා ගන්න බියයි. මුළුගැන්වෙමින් ජීවත් වීමට උත්සාහ කරනවා.

මෙවැනි තත්ත්ව සමාජයේ බොහෝ විට දක්‌නට ලැබෙනවා. මේ සඳහා හොඳම ප්‍රතිකර්මය තමා, තමාව දැකීමයි.

සිරුරේ බාහිරින් අඩුපාඩු කණ්‌නාඩියක්‌ ඉදිරිපිටට ගිය විට පේනවා. එවිට අඩුපාඩු සකස්‌ කර ගන්න පුළුවන්. එහෙත් මනසේ අඩුපාඩු එහෙම පෙනෙන ක්‍රමයක්‌ සාමාන්‍ය පුද්ගලයන් සතු නැහැ. මනස සකස්‌ කර ගන්න සිත ඉහළට, ඉහළට, ඉහළට පුරුදු කරන්න ඕනේ ඒ නිසා.

මනස සන්සුන් කර මනසට සහනයක්‌ ලබා ගැනීමට පහත වාක්‍ය තුළ හැකියාව තිබෙනවා.

සිත - ඉහළට, ඉහළට, ඉහළට
සිත - ඉහළට, ඉහළට, ඉහළට
සිත - ඉහළට, ඉහළට, ඉහළට

ඉහත වචන කාණ්‌ඩය කියෑවීමේදී වචන 13 ක වෙන්න බැහැ. හරියටම වචන 12 කියවිය යුතුයි. ඒ කියන්නේ මනා සිහියෙන් කියවිය යුතුයි කියන එකයි.

වචන 13 ක්‌ වුණොත් සෘන පැත්තට යනවා. එවිට පව ඉදිරියට එනවා. තවත් කරදර, රෝග පීඩාදිය වැඩි වෙනවා. මනස අවල් වෙනවා.

මම මෙය සියලු දේ අත්හදා බැලීමෙන් ජීවිතයට ළඟා කර ගත් දේවල්. ඔබටත් මේ සඳහා පර්යේෂණ කර බැලීමේ හැකියාව තිබෙනවා.

මනසට සහනයක්‌ ලැබෙනවා කියන්නේ දෙලොවම සතුටක්‌ ලබනවා කියන එකයි. මෙලොව නිරෝගී බව උදා වෙනවා. උදේ අවදි වන විටම සිත ඉහළට දමා ගනිමින් නැඟිටින්න. එවිට දවසම ප්‍රබෝධවත් වෙනවා. සිත කඩා දමාගෙන අවදි වෙන්න එපා. එවිට ජීවිතයට, කායික සහනය, මානසික සහනය ඈත් වෙනවා.

http://www.divaina.com/2017/08/01/doc3.jpg
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
31 Jul 2017 07:06 PM
හ්ම්ම්ම්ම් හරි තමයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
31 Jul 2017 07:37 PM
අද ගොඩක් රෝග වලට හේතුව මානසික සුවය නැතිකම. අවිවේකි බව. ආතතිය වගේ කාරණා. මෙවැනි භාවනා ක්‍රම ඒ අතින් හරි වටිනවා. ස්තූතියි ලිපියට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Aug 2017 07:11 AM
භාවනාව ........ඔය කොයි ප්‍රශ්නෙටත් උත්තරය.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Aug 2017 05:45 PM

හදිසි අනතුරකදී ලබාදිය යුතු ප්‍රථමාධාර

නොසිතූ මොහොතක සිදුවන අනතුරක්‌ හදිසි අනතුරක්‌ ලෙස අපි පවසන්නෙමු. මෙම අනතුරු මාරාන්තික, බරපතල සහ සාමාන්‍ය අනතුරු ලෙස කොටස්‌ තුනකට වර්ග කළ හැකිය. මෙම කුමන අනතුරකින් වුව සිදුවන ශාරීරික හානිවලට වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුය.

වෛද්‍යතුමනි, හදිසි අනතුරකදී ඊට මුහුණ දුන් පුද්ගලයා රෝහලක්‌ කරා ගෙන යනතුරු අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය කුමක්‌ද?

අනතුරට ලක්‌ වූ පුද්ගලයා නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහලකට රැගෙන යන තුරු ප්‍රථමාධාර ලබාදීම කළ යුතුයි. එම ප්‍රථමාධාර ලබාදීම කළ යුත්තේ සිදුව ඇති තුවාල අනුවය. මෙය ඉතා වැදගත් කරුණකි. වර්තමානයේ බොහෝ දෙනා අනතුරකින් පසු අසාධ්‍ය තත්ත්වයට පත්වන්නේ රෝහලකට ගෙන යනතුරු ලබාදෙන වැරදි ප්‍රථමාධාර ක්‍රම හේතුවෙනි.

* අස්‌ථියක්‌ බිඳී ඇතිවිට

සිදු වූ හදිසි අනතුර නිසා අත පය කැඩී ඇත්නම් එහිදී අප අවබෝධ කරගත යුත්තේ එම තැනැත්තාගේ අස්‌ථි බිඳී ඇතිබවය.

එ නිසා එම කැඩුණු අත පය දිගහැරීමට හෝ නැවීමට කටයුතු නොකර එම පවතින තත්ත්වයෙන්ම රෝහල වෙත රැගෙන යා යුතුය.

එහිදී එම බිදුණු අතපය නොසොල්වා රැගෙන යැම සඳහා ලී පතුරු කැබැල්ලක්‌ එම ස්‌ථානයේ තබා බැඳීම කළ හැකිය.

* තුවාල සිදු වී ඇතිවිට

අනතුර නිසා ශරීරයේ මාංශ පේශී කැපීමකට ලක්‌ව තුවාල සිදුව ඇත්නම් වහාම එම ස්‌ථානය මත අයිස්‌ පිරවු බෑගයක්‌ තබා ලේ වහනය වීම වැලැක්‌විය යුතුය.

ඉන්පසු තුවාල වී ඇති ස්‌ථානය පිරිසිදු වෙලුම් පටියකින් ඔතා වැසීම කළ යුතුය.

වෙලුම් පටියක්‌ නොමැති නම් පිරිසිදු රෙදි කැබැල්ලක්‌ හෝ තුවායක්‌ ඒ සඳහා යොදාගත හැකියි.

* බාහිර දෙයක්‌ ශරීරයේ ඇනී ඇතිවිට

වර්තමානයේ බොහෝ විට අප දකින අනතුරුවලදී ශරීරය ඇතුළට ලී පතුරක්‌, යකඩ කූරක්‌, පිහියක්‌ වැනි දෙයක්‌ ඇනී තිබේ. මෙවැනි අවස්‌ථාවකදී එම ඇනී ඇති දේවල් ගලවා ඉවත් කිරීමට උත්සාහ නොකළ යුතුය. එය ඉවත් කළ යුත්තේ වෛද්‍යවරයකුගේ පරීක්‍ෂාව යටතේය.

* ආහාර පාන ලබාදීම

අනතුරට ලක්‌ වූ පුද්ගලයා කෙරෙහි අප තුළ ඇති වන අනුකම්පාව නිසා ඇතැම් දෙනා ජලය හෝ බීමට වෙනත් සිසිල් පානයක්‌ ලබාදේ. එය කිසිසේත්ම නොකළ යුතුය. ඉන් සිදුවන්නේ අනතුරට ලක්‌ වු පුද්ගලයාට හදිසි සැත්කමක්‌ ආදිය කළ යුතුනම් එය සිදු කිරීම ප්‍රමාද වීමය.

උපදෙස්‌ -
ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ
විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Aug 2017 05:48 PM

නිවසේ ඇති කරන බල්ලන් ගැන දැනගත යුතු කරුණු

අපගේ නිවෙස්‌හි ඇති කරන සතුන් අතර බල්ලාට ඇත්තේ ප්‍රමුඛ ස්‌ථානයකි. සුරතලයටත්, නිවසේ ආරක්‍ෂාවටත් ලෙසින් අප බල්ලන් ඇති කරන්නෙමු. බල්ලාට කථා බහකළ නොහැකි වූවත් එම සතාටත් බොහෝ හැඟීම් දැනීම් පවතී. එබැවින් නිවසේ ඇතිකරන බල්ලා ගැන අප යම් අවබෝධයක්‌ ලබාගැනීම වැදගත්ය.

වෛද්‍යතුමියනි, නිවසක ඇතිකිරීම සඳහා බලු පැටවකු රැගෙන ඒමේදී අවධානය යොමුකළ යුතු කරුණු මොනවාද?

මුලින්ම අප අවධානය යොමුකළ යුත්තේ බලු පැටවා අප නිවසට රැගෙන එන්නේ කුමන අවශ්‍යතාවයක්‌ සඳහා දැයි කියාය.

බොහෝ දෙනා බලු පැටවකු ඉතා කුඩා ප්‍රමාණයෙන් දුටුවිට එම පැටවා ගැන ආශාවක්‌ ඇතිකරගන්නවා. එම ආශාව නිසා සුරතලයට ඇති කරන්න කියා රැගෙන එනවා. හැබැයි එම සතා ලොකුවෙන කොට මුලින් පැවතී හුරුබුහුටි බව අඩුවී යන විට සුරතලයට වඩා එම සතාගෙන් බලාපොරොත්තුවන්නේ නිවසේ ආරක්‍ෂාවයි. එවිට එම සතාට මුලින් තිබූ ආදරයත් අඩුවෙනවා.

තවත් පිරිසක්‌ තමාගේ පෞද්ගලික ජීවිතයේ පවතින පාලුව තනිකම නැතිකර ගැනීම සඳහා සුරතලයට බල්ලන් ඇතිකරනවා. එම සතා මියයන තුරුම ආදරයෙන් සුරතල් සතකු ලෙස හදා ගන්නවා.

නිවසේ ආරක්‍ෂාව මූලික කරගෙනම බල්ලන් ඇතිකිරීම සඳහාත් තව පිරිසක්‌ යොමුවෙනවා.

එනිසා අප බල්ලකු නිවසට රැගෙන ඒමට පෙර අපගේ අවශ්‍යතාවය කුමක්‌දැයි කියා නිවැරදි අවබෝධයක්‌ ඇතිකරගත යුතුයි.

එහෙම නොවුණහොත් සිදුවන්නේ එම සතා නිවස තුළදී හිංසා පීඩාවට ලක්‌වීමයි. එවිට එම සතුන් දැඩි ලෙස මානසික පීඩනයට පත්වෙනවා.

මෙම මානසික පීඩනය නිසා ඔවුන් කිසිවකුට කීකරු නැතිවෙනවා. තමුන්ගේ ඇඟට අත තබන ඕනෑම අයකු සපාකන්න යොමුවෙනවා. තැන තැන මල මුත්‍රා කරමින් තමා තුළ ඇති විරෝධය පානවා.

* සුරතලයට ඇති කරන බල්ලන්

සුරතලයට ඇති කරන බල්ලන් වර්ග රැසක්‌ සිටිනවා. මෙම බොහෝ සතුන් කිලෝ ග්‍රෑම් 10-15 ට වඩා බර අඩුයි. ශරීර ප්‍රමාණයෙන්ද කුඩාය. මේ අතර ශරීරය විශාල වර්ගද සිටිනවා.

සුරතලයට ඇති කරන බල්ලන් වර්ග අතර පොමනේරියන්, ඩෑෂ් හවුන්ඩ් බොහෝදෙනා අතර ජනප්‍රියයි.

* සුරතලයට සහ නිවසේ ආරක්‍ෂාව සඳහා

ඇති කරන බල්ලන්

අප බොහෝදෙනා නිවසේ බල්ලන් ඇතිකිරීමේ ප්‍රධාන අරමුණ කරගෙන සිටින්නේ සුරතලයත් නිවසේ ආරක්‍ෂාවත් දෙකම ලබාගැනීමයි.

ඒ සඳහාද විවිධ වර්ග රැසක බල්ලන් සිටිනවා. එම වර්ග අතරින් රොට්‌ වයිලර්, ඩ්‍රබර්මාන්, බොක්‌සර්, ජර්මන් ෂෙපඩ් වර්ගයේ බල්ලන් අප රටේ බොහෝදෙනා ඇතිකරනවා.

* ආරක්‍ෂාව සඳහා ඇතිකරන බල්ලන්

නිවසේ ආරක්‍ෂාව සඳහා ඇතිකරන බල්ලන් ද වර්ග රැසක්‌ සිටිනවා. ඒ අතර රොට්‌ වයිලර් වර්ගයේ බල්ලන් නිවසේ එක්‌ අයකුට පමණක්‌ කීකරු බවක්‌ දක්‌වනවා. තම ස්‌වාමියාට පමණක්‌ කීකරු බල්ලන් ලෙස ඔවුන් හඳුන්වනවා.

වෛද්‍යතුමියනි, අප රටේ බොහෝ ජනප්‍රිය වර්ගයක්‌ ලෙස සලකන්නේ වල් බල්ලන්ය. මෙම වර්ගයේ බල්ලන් නිවසේ ඇතිකිරීම සුදුසුද?

ඇත්තටම වල් බල්ලන් කියන්නේ අපේ රටේ පරිසරයට අනුවර්තනය වූ වර්ගයකි. මෙම සතුන් පරයා වර්ගයට අයත් බල්ලන් (Pariah Dog) ලෙස හඳුන්වනවා.

මෙම වර්ගයේ බල්ලන් අප එදිනෙදා ගන්නා ආහාර වර්ග ගැනීමට හුරුවී සිටිනවා. සාමාන්‍යයෙන් බල්ලන් මාංශ වර්ග අනුභවයට වැඩි කැමැත්තක්‌ සහිතයි. නමුත් පරයා කියන වර්ගයට අයත් බල්ලන් බත්, පාන් ආදිය ආහාරයට ගැනීමට හුරුවී සිටිනවා. ඔවුන් ලෙඩ රෝග වලට ඔරොත්තුදීමේ හැකියාවෙනුත් ඉහළයි.

වෛද්‍යතුමියනි, අපට වඩාත් සුදුසු වර්ගය ලෙස සැලකිය හැක්‌කේ කුමන වර්ගයේ බල්ලන්ද?

එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌ වෙනවා. පළමුව අප බල්ලකු නිවසට රැගෙන ඒමේදී තීරණය කළ යුත්තේ එම සතා තමාට නඩත්තු කළහැකිදැයි කියාය.

පරයා වර්ගය හැර අනෙක්‌ සෑම වර්ගයකම බල්ලන්ට දියයුතු ආහාර වර්ග තිබෙනවා. එම ආහාර අපට දිනපතාම ලබාදිය හැකිද කියා සිතා බැලිය යුතුයි.

බල්ලාටත් නිදහස අවශ්‍යයි. කූඩුවක පැය 24 පුරා සිරකර හෝ දම්වැලකින් බැඳ තබන්න හොඳ නැහැ. දුවන්න, ඇවිදින්න අවශ්‍යයි. එවිට තමයි එම සතාගේ ශරීරය හොඳින් ක්‍රියාකරන්නෙ. ඉතිං ඒ සඳහා ඉඩකඩ තිබෙනවාද කියා අවධානය යොමුකළ යුතුයි.

ඒවගේම තමයි බලු පැටවකු අප නිවසට රැගෙන එනවිට එම පැටවාගේ වයස සති 06 ක්‌වත් ඉක්‌මවා තිබිය යුතුයි. එවැනි වයසක සතකු ඝණ ආහාර ගනු ලබනවා. අලුත් පරිසරයට හුරුකරගත හැකියි.

කුමන වර්ගයේ බලු පැටවකු නිවසට රැගෙන එනු ලැබූවත් එම සතාට මුලින්ම ලබාදිය යුතු ප්‍රධාන එන්නත් වර්ග තුනක්‌ තිබෙනවා. ජලභීතිකා, පාවෝ සහ ඩිස්‌ටෙම්පර් යන එන්නත් තුන ලබාදිය යුතුයි. මෙම එන්නත මුල්අවස්‌ථාවේදී දෙවරක්‌ ලබාදෙනවා. එසේ වූ විට තමයි එම සතාට ඉන් ප්‍රතිශක්‌තිය ලැබෙන්නෙ. ඉන් පසු වාර්ෂිකව හෝ පශු වෛද්‍යවරයාගේ උපදෙස්‌ මත ලබාදිය යුතුයි.

වෛද්‍යතුමියනි, බල්ලකුගේ වයස හඳුනාගන්නේ කෙසේද?

මෙය ඉතාමත් වැදගත් කටයුත්තකි. බල්ලකුගේ ආයු කාලය සාමාන්‍යයෙන් වසර 10 ක්‌ 15 ක්‌ වෙනවා. ඒ අතර එම බල්ලා අයත් වර්ගය අනුවත් එය තීරණය වෙනවා.

එනිසා මෙම සතුන් ඉතා ඉක්‌මනින් වර්ධනය වෙනවා. එය මනුෂ්‍යයකුගේ වයස හා සමාන කිරීමට පහත වගුව උපකාරී කරගත හැකියි.



ඉහත වගුව අනුව අපට බල්ලාගේ වයස අනුව එම සතාගේ ක්‍රියාකාරකම් හඳුනාගත හැකියි. වයස අවුරුද්දක බල්ලකු යනු වයස අවුරුදු 15 ක පමණ තරුණ දරුවකු හා සමානයි. එවිට එම සතාගේ ක්‍රියාකාරකම් සහ අවශ්‍යතා හඳුනාගත හැකියි.

* කිරිබත්ගොඩ සත්ත්ව
සායනයෙහි පශු වෛද්‍ය
චින්තා පොන්වීර

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Aug 2017 06:14 PM
අපිට නම් බල්ලො ඇති කරන්න ඉඩක් නැහැ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
01 Aug 2017 09:17 PM
ජර්මණියේ නම් බල්ලෙක් නැති ගෙදරක් හොයා ගන්න බැරි තරම්.. ඒ වගේම තමයි උන්ගේ හික්මීම . අපේ මිනිස්සුන්ට වඩා විනයක් උන්ට තියෙනවා. අපේ රටේ නම් තව බල්ලෙක් දැක්කම උන්දෙන්නා එකිනෙකාට බුරා ගන්නවානේ.. මෙහෙ එහෙම නැහැ. උන් උන්ගේ පාඩුවේ ඉන්නවා. සමහර විට අයිති කරු වෙළඳ සැලට, පල්ලියට ගොස් එන තුරු ඌ උගේ පාඩුවේ කිසි සද්දයක් නැතිව ඉන්නවා. කහ ඉරකදී වුණත් ඉතාමත් විනයානු කූලව තමයි පාර මාරු වෙන්නේ.. මේ සඳහා ඔවුන්ට පුහුණු මධ්‍යස්ථාන තියෙනවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
01 Aug 2017 09:20 PM




මේ මේදිනවල බල්ලන් නාවන්න සහ උන්ට විනෝද වෙන්න රැගෙන එන ස්ථානයක්. මෙතැන බල්ලන් 200-300 ක් විතර ඉන්නවා.. නමුත් උන්ගේ ක්‍රීඩා මිසක් කාගැනීමක් නම් දක්නට ලැබුණේ නැහැ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Aug 2017 09:39 PM
Posted By samantha on 01 Aug 2017 09:17 PM
ජර්මණියේ නම් බල්ලෙක් නැති ගෙදරක් හොයා ගන්න බැරි තරම්.. ඒ වගේම තමයි උන්ගේ හික්මීම . අපේ මිනිස්සුන්ට වඩා විනයක් උන්ට තියෙනවා. අපේ රටේ නම් තව බල්ලෙක් දැක්කම උන්දෙන්නා එකිනෙකාට බුරා ගන්නවානේ.. මෙහෙ එහෙම නැහැ. උන් උන්ගේ පාඩුවේ ඉන්නවා. සමහර විට අයිති කරු වෙළඳ සැලට, පල්ලියට ගොස් එන තුරු ඌ උගේ පාඩුවේ කිසි සද්දයක් නැතිව ඉන්නවා. කහ ඉරකදී වුණත් ඉතාමත් විනයානු කූලව තමයි පාර මාරු වෙන්නේ.. මේ සඳහා ඔවුන්ට පුහුණු මධ්‍යස්ථාන තියෙනවා.


… …ලන්කාවෙත් 225ක් ඉන්නවා ඔකට දාල හදලා ගන්න බැරිද ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
02 Aug 2017 02:20 AM
හොඳ ලිපියක්....බොහෝ දවල් දැනගත්තා.
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
02 Aug 2017 08:53 AM
බල්ලෝ ගැන ලිපිය කියවද්දී මතක් වුනේ අපේ බල්ලට බොහොම අසනීපයි, බෙහෙත් කරන්න ස්පිරිතාලේ නතර කරලා මාසයකට ලගයි තාම නැහැ සුවයක් .............. මට දුකේ බැහැ
ආදරයේ උල්පත අම්මා ......................
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Aug 2017 06:37 PM

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/02/files/assets/common/page-substrates/page0006.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Aug 2017 06:46 PM

"මධ්‍යධරණී ආහාරවේල ඩිමෙන්ෂියා
රෝග අවදානම අඩුකරලයි"


එළවළු, පලතුරු හා පලා වර්ගවලින් සපිරි මධ්‍යධරණී ආහාර වේල පරිභෝජනය කිරීමෙන් ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වීමේ අවදානම අඩු කරලන බව නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

පසුගියදා ලන්ඩනයේ පැවති ජාත්‍යන්තර ඇල්සයිමර් සංගමයේ සමුළුවට ඉදිරිපත් කර තිබූ නවතම පර්යේෂණ වාර්තාවකට අනුව නිරෝගී වැඩිහිටියන් මධ්‍යධරණී ආහාර වේල පරිභෝජනය කිරීමෙන් ඩිමෙන්ෂියා රෝගයට ගොදුරුවීමේ අවදානම 1/3 කින් පමණ අඩුකරලන බව අනාවරණය වී තිබේ.

මධ්‍යධරණී ආහාර වේල දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග හා පිළිකාවන් වැළඳීමේ අවදානම අඩු කරලන බව මෙයට පෙර පර්යේෂණවලදී අනාවරණය කරගෙන තිබිණි. මෙම ආහාර වේලට එළවළු, පලතුරු, ධාන්‍ය ඇට වර්ග, බෝංචි වර්ග, ඔලිව් තෙල් ආදිය අයත් වන අතර සීනි, පිටි, තෙල් අයත් නොවේ. බටර් එම ආහාර වේලට එක්‌ කරගන්නේ කලාතුරකින් වීමද විශේෂත්වයකි.

අඩි උසැති සපත්තු පැළඳීමෙන්
කාන්තාවන්ට සෞඛ්‍ය ගැටලු රැසක්‌


අඩි උස සපත්තු පැළඳීමෙන් පාදවල වේදනාව, තුවාල හා පාදවල මහපටඇඟිලිවල සන්ධිවල ඉදිමුමක්‌ හටගැනීමේ හැකියාව වැඩි බව ස්‌කොට්‌ලන්ත පර්යේෂකයින් පිරිසක්‌ විසින් සිදු කරන ලද අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

මෙම තත්ත්වය මත සමාගම් විසින් සිය කාන්තා කාර්ය මණ්‌ඩල සාමාජිකාවන්ට අඩි උසැති සපත්තු පැළඳ සේවයට වාර්තා කරන ලෙස බල කිරීම නැවැත්විය යුතු බව එම පර්යේෂකයෝ කියා සිටිති.

ස්‌කොට්‌ලන්ත රජය විසින් එසේ කාන්තා කාර්ය මණ්‌ඩල සාමාජිකාවන්ට අඩි උසැති සපත්තු පළඳින ලෙස පැවසීම තහනම් කිරීමට අදාළ නීති ගෙන එන ලෙස ඉදිරිපත්වූ ඉල්ලීමක්‌ ඉකුත් අප්‍රේල් මාසයේ දී ප්‍රතික්‌ෂේප කර ඇති අතර එම නීති ගෙන ඒම අඩි උසැති සපත්තු පැළඳීමෙන් සෞඛ්‍ය ප්‍රශ්න ඇතිවීමේ අවදානම වැඩිවීම නිසා අත්‍යවශ්‍ය බව පර්යේෂකයෝ සඳහන් කර සිටිති.

ස්‌කොට්‌ලන්තයේ ඇබර්ඩින් සරසවියෙහි පර්යේෂකයින්ට අනුව අඩි උසැති සපත්තු පැළඳීම හා ඒ හරහා ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු පිළිබඳව තවදුරටත් පරීක්‍ෂණ පැවැත්වීම සිදුකළ යුතුව ඇත.

අඩි උසැති සපත්තු පැළඳීමෙන් කාන්තාවන්ට ඔස්‌ටියෝ ආතරයිටිස්‌ රෝග තත්ත්වයද හට ගත හැකි බව අනාවරණය වී ඇතත් එය තහවුරු කිරීමට දැනට පවතින සාධක ප්‍රමාණවත් නොවන බව ඔවුහු කියා සිටිති.

දැනටමත් එක්‌සත් රාජධානියේ රජය කාන්තා කාර්ය මණ්‌ඩල සාමාජිකාවන්ට අඩි උසැති සපත්තු පැළඳීමට බල කිරීමෙන් වළකින ලෙස සමාගම් හිමිකරුවන්ට නියම කිරීමට හා ඒ සම්බන්ධව ඔවුන් දැනුවත් කිරීමට අදාළ උපදෙස්‌a සකස්‌ කිරීමට ප්‍රතිඥ දී තිබේ. කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ සංශෝධනය කරන ලද ව්‍යවස්‌ථාවකින් සමාගම් හිමිකරුවන්ට දැනටමත් කාන්තා කාර්ය මණ්‌ඩල සාමාජිකාවන්ට අඩි උසැති සපත්තු පළඳින ලෙස පැවැසීම දැඩිසේ සීමා කර තිබේ. මෙම අඩි උසැති සපත්තු පැළඳීමෙන් සිදුවන සෞඛ්‍ය ගැටලු පිළිබඳව අධ්‍යයනය මෙහෙයවූ වෛද්‍ය මැක්‌ස්‌ බානිෂ්ට අනුව අඩි උසැති සපත්තු පැළඳීමෙන් කාන්තාවන්ගේ සෞඛ්‍යයට පැහැදිලි තර්ජනයක්‌ එල්ල වන බවට සාක්‍ෂි විශාල ප්‍රමාණයකින් සනාථ වී ඇත.

මෙම සොයා ගැනීම් හරහා නීති සම්පාදකයින්ට කාන්තාවන්ට සේවා ස්‌ථාන හා සමාජ සේවා ස්‌ථානවලට යාමේදී අඩි උසැති සපත්තු පළඳින ලෙස බලකිරීම නවතාලන නීති සකස්‌ කිරීමට මඟපාදනු ඇතැයි ඇබර්ඩින් සරසවියේ කථිකාචාර්ය වෛද්‍ය හෙදර් මෝගන් පවසන්නීය.

 

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Aug 2017 06:59 PM

ඕටිසම් නිසා ගොළු වූ හඬ කථා කරයි

කතා කරන්නට නොහැකිකම එවැන්නෙකුට දැනෙන්නේ හරියට තමන්ගේ මොළය උගුල්ලා දමන්නාක්‌ මෙනි. ඕටිසම්/ඇප්‍රැක්‌සියා මගේ කටහඬ පැහැරගෙන ඇත. කතා කිරිමට නොහැකිකමද, මෝඩ භාවයද එක සමාන යෑයි සිතන ලෝකයේ මගේ මිනිස්‌කමේ ඉතිරි සියල්ලද පැහැර ගත්තේය. එසේම එය හරියට මගේ මොළය උගුළුවා දැමුවා සේය. එය කොතරම් වේදනාකාරීද යත් මට යටිගිරියෙන් කෑගැසීමට සිතේ. මගේ සකල වේදනාවම යටිගිරියෙන් කෑගසන හඬට එක්‌ කොට එම කීරි ගාගෙන යන හඬ මගේ සිරුර, මගේ ආත්මය. එගේ මුළු ලොවම වසාගෙන ගලා යන්නට ඉඩ හරින්නට මට අවශ්‍යය. එය මුළු ලොවම දශලක්‍ෂ ගානක්‌ කැබලි කැබලිවලට කඩ කරන වේදනාකාරී හඬක්‌ වනු ඇති අත්හදා බැලීමක්‌ වශයෙන් මම ඔබට යෝජනාවක්‌ කරමි. එක දිනක්‌ පමණක්‌ ඔබ මුව අගුළු ලාගෙන තබා ගන්න. අනෙක්‌ අය නොයෙක්‌ දේ ඔබ ගැන කතා කරාවි. එහෙත් ඔබේ මුව වසාගෙනම හිඳ බලන්න. ඔවුන් අප වැන්නන් රැකබලා ගැනීමට ආබාධිතයන් යවන ආයතනයකට යෑවිය යුතු යෑයි කියනු ලැබේ. නෑ...... නෑ......... එහෙම කරන්න එපා......... යි ඔබට යටි ගිරියෙන් හඬා වැටෙන්නට අවශ්‍යය. එහෙත් ඔබේ මුවෙන් වඳන් පිට නොවේ. මගේ සාපය මා මුළු දිවියෙහිම වදන් උච්චාරණය කිරීමට නොහැකි අයෙකු කර ඇත.

වාචික භාවය ගැන පමණක්‌ සිතන සමාජ ක්‍රමයක්‌ මට අධ්‍යාපනය ලබාදිම අත්හිටුවා ඇත. එහෙත් මගේ වාසනාවකට මගේ මව ඒ ධෛර්යමත් කාන්තාව මා එයින් ගලවා ගත්තාය. ලොව පුරාම පීරා ගොස්‌ ඇය මගේ හඬද ඔබේ හඬ තරම්ම හඬකින් පිට කිරීමට හැකි ක්‍රමයක්‌ සොයා ගත්තා ය. තවමත් මා බුද්ධිමතෙක්‌ යෑයි පිළිනොගන්නා අය ඇත. එහෙත් දැන් මා පමණක්‌ නොව අප වැනි බොහෝ දෙනෙක්‌ සිටිති. වදන් උච්චාරණය කළ නොහැකි අප වැනි අය එෆ් සී නමැති ක්‍රමයකින් සන්නිවේදනය හදාරා ඇත. අපගේ හැකියාවන් නොතකා නොසිටින්න යෑයි ඒ හැමදෙනා උස්‌ හඬින් ඔබට අවධාරණය කරති. මගේ හැකියාවන් පිළි නොගත්තොත් මගේ සිතටත් කයටත් සරිලන කාර්ය සාධනයක්‌ කරා මට යා නොහැකිවනු ඇත. එහෙත් මටත් යමක්‌ කළ හැකි බව පිළිගනු මැනවි. මට පරිගණකයක්‌ දෙන්න දැනට මා හට උපකාර කරන්නෙකු දෙන්න. එවිට මට ලියන්නට හැකියි. කුමක්‌ද මා ලියන්නේ මම පටන් ගන්නම්. දේශ දේශාන්තර කතා වලින් ඔව්....... දේශ දේශාන්තර සංචාරකයෙකුගේ කතාවලින්. මේ දේශාටන කතා වනාන්තර මැදින්, නුදුටු නුපුරුදු සාගර මැදින් යන ගමනක්‌ නොවේ. "ලොවකින් ලොවකට" සැරිසරමින් සුවශේෂ ගමනක යෙදෙන සංචාරයෙකු පිළිබඳවය. එය ඕටිසම් නැමැති විකාර ලෝකය හා ඔබ වෙසෙන වෙහෙසින් ඔද්දල් වූ සාමාන්‍ය ලෝකය අතර කෙරෙන සංචාරයකි. එකී ලොව තුළට වැදී අලුත් සෙවීමක නිරත වීමට මම කැමැත්තෙමි. ඔබ මාගේ ශබ්ද උසුරුවීමට ඇති නොහැකියාව නිසා බුද්ධිභාවය නැතිවී යෑයි සිතුව හොත් අප සියල්ලන්ම ප්‍රපාතයට වැටේ. එහිදී වන්නේ අප හැමෝටම පරිහානියකි. අප ගැන නිවැරදි අවබෝධයක්‌ නොමැති වීමත් එවක දැනුමෙන් තාක්‍ෂණයෙන් අප වැනි අයට උපකාරයක්‌ නොලැබීමත් නිසා අප වැනි ඕටිසම් පුද්ගලයන් අතීතයේ සිරකරුවන් වී සිටියෙමු. කොයිතරම් හුදකලා වී නොසළකා හැර සිටින්නට ඇත් ද කොයි තරම් ජීවිත නැතිවන්නට ඇත් ද දැන්වත් ඇහුම්කන් දෙන්න. එසේ නොකළොත් වැරදි අවබෝධය හා අගතිය අප අතරින් බොහෝ දෙනෙක්‌ අර නිහඬ ප්‍රපාතය තුළම ගුලිවී සිටිනු ඇති.

දෙවියන් මගේ සිරුර මෙහෙය වන්නේ නම් කතා කිරීම පහසු වනු ඇත. මගේ නොදැමුණු සිරුර පානය කිරීම අසීරුය. අනිත් අය ගේ සිරුරු මෙන් සිටීමට මගේ සිරුර යම් මාර්ගයක්‌ සොයා ගන්නේ නම් කැමැත්තෙමි. පන්තියේ නිසොල්මන්ව වාඩිවී සිටීමට උත්සාහ කරමි. එහෙත් මගේ පාද ඊට ඉඩ නොදෙයි. ඒවා උඩ පැන කවුළුව ළඟට යයි. සමහරවිට කාමරයෙන් පිටතට ද යයි. අනික්‌ ශිෂ්‍යයන් සමග අදහස්‌ හුවමාරු කර ගැනීමට උත්සාහ කරමි. එහෙත් මා කතා කිරිමට උත්සාහ කරන හැමවිටම මගේ ඒ උත්සාහය නිරර්ථක වෙයි. මගේ අඟ පසඟ දැඟලීමට පටන් ගනියි. මගේ අත මගේ මුව ඉදිරියේ උඩයයි බැඳෙයි. ඇඹරෙයි එවිට මම කෙඳිරි ගාමි. මගේ සිරුර මේ විකාරය නවත්වා කතා කිරීමට මගේ මුවට ඉඩ දෙතැයි අපේක්‍ෂා කරමි. එහෙත් මම කෑගසමි. බෙරිහන් දෙමි. සියල්ල විනාශ කර ගනිමි.

මා වැසි සමය අපේක්‍ෂාවෙන් සිටින සිඳී ගිය දිය ඇල්ලක්‌ වැන්න. වචනවලින් ඕටිසම් විනාශ කර මගේ මුවෙන් වවන ගලා යන තෙක්‌ බලා සිටිමි. වසර ගණනක්‌ වවන පාවිච්චි නොකර සිටීමෙන් ගල් වු කටක්‌ ඇති මම අනික්‌ අය කතා කරන පහසුව දෙස විස්‌මයෙන් බලා සිටිමි.

කතා කරන්නන් සිය මුව විවර කළ විට වචන ගලා යෑයි. මම මගේ මුව විවර කොට කෑගසමි. මගේ පාලනයෙන් තොරව වූ සිරුරට දැනෙන්නේ කතා කරන්නන්ට හැඟීමක්‌ පහලවූ සැනින් වචන මුවෙන් ගලා යන බවයි. එලෙස ඔබගේ ශබ්ද නිසිලෙස මෘදුව, හැඩ ගැසී වචනවලට හැරෙයි. එහෙත් මගේ ශබ්ද පිටවෙන්නේ රළුව, අපිළිවෙළට අනවබෝධ බෙරිහන්දීමක්‌ ලෙසයි. යථාර්ථය නම් මා ශබ්ද පිට කරන්නේ සතකු පරිද්දෙනි. එය ඉතා අප්‍රසන්න හැඟීමකි.

මා පිටකරන ශබ්ද කෙතරම් අස්‌වාභාවික ද යන්න මා දන්නා හෙයින් කතා කිරීමට මා තුළ ඇති ආශාව සිඳී යයි. ජීවිතයෙන් ඈත්ව උකටලී ලෙස අසා සිටීම අමාරු කාරියකි. තරහෙන් පිපිරෙන මම කෑගැසීමෙන් පමණක්‌ මගේ පැවැත්ම ලොවට කියමි. කතා කිරීමට උත්සාහ කිරිමේදී මගේ මුව සමඟ පොරබදන්නට වීම මා උමතු කරවයි. බොහෝ අය එසේ පොර නො බඳන බව මම දනිමි.

කතා කරන්නන්ගේ දිව අග ගඟක හිරවු කඳන් රාශියක්‌ මෙන් වචන නොතෙරපෙන බව දනිමි. එය එසේ විය යුතුය. මා ගලන දිය පාර හරහා වේල්ලක්‌ බඳින ලද ගඟක්‌ වැන්න. මගේ සිතෙහි වචන නම් වූ කඳන් රාශියක්‌ තෙරපෙයි. ඒවා වේල්ල ළඟට විත් වේල්ල පුපුරා යන තෙක්‌ බලා සිටියි. වේල්ලෙන් මිදෙන වචන ඇලවේලි හරහා කඳන් අහසට විසි කරමින් අන්තිමේදී කතා කරමින් ගලා යනු ඇත. බොහෝ කලක්‌ තිස්‌සේ මට කළ හැකි වූයේ මා කියන්නට කැමති දේ ගැන සිතීම පමණි. කතා කිරීමට අවශ්‍ය වචන ටයිප් කිරීමට මගේ දැත හසුරුවා ගැනීමට මට දැන් පුළුවන. මගේ සිතේ හිරවී තිබුණු වචන මම දැන් පිළිවෙලට ගොනු කරමි. එය ඔබට කෙසේ පහදා දෙන්නද, ඔව්, එය මම ම කර ගතිමි.

කාංසාවෙන් බැඳුණු සිතැති මම ගොළු වෙමි. මා ගොළුව සිටි අවුරුදු ගණනාව තුළ මට කළ හැකි වූයේ මට කිවීමට උවමනා දේ ගැන සිතීම පමණකි. අවුරුදු ගණනාවක්‌ එලෙස සිතීම නිසා සමහර විට මගේ වචන තියුණු වනතෙක්‌ මැදෙන්නට ඇත. උපකාරක සන්නිවේදන ක්‍රමය භාවිතා කරන අප වචන බොහෝමයක්‌ කතා කිරීමට කැමතිය. නමුත් එම ආශාව මැඩ ගන්නට සිදුවන්නේ සහකරුවාට ඇති කාලය අනුවය. අපට කියන්නට උවමනා දේ වචන තුන හතරකට සීමා කිරිමට සිදුවේ. මා කියන්නේ අපි වැනි අසරණයින්ට අපේ ඇරඹෙන අත් පාලනයටත් අපේ අනවශ්‍ය අංග චලනය නිසොල්මන් කිරීමටත් අපේ මුරණ්‌ඩු සිරුර සමග තර්ක කිරීමටත් සහකාරයෙකු අවශ්‍ය බවය.

මට දැන් කිවීමට අවශ්‍ය වචන ටයිප් කිරීමට හැකිය. අවුරුදු ගණනක්‌ තිස්‌සේ මගේ මනසේ හිරකර තිබු වචන එළියට ගෙන මදිමි. පිස දමමි.

මගේ නොඉවසිලිමත් සිත අනෙකෙකුගේ බාධාවක්‌ නැති නම් වචන හෝ වාක්‍ය අවසන් නොකර වේගයෙන් දුවනු ඇත. මගේ සිත එසේය. එහි වචන ප්‍රපාතයෙන් පහළට ඇද හැලෙන නයගරා දිය ඇල්ල මෙන් දොaරේ ගලා යයි.

කතා කිරීමේ නිදහස මට නැත. එහෙත්, මගේ සිත වචනවලින් පිරී තිබේ. බොහෝ අකුරු ඇති දීර්ඝ වචන මම ප්‍රිය කරමි. ඒවා කතා කිරීම ටයිප් කිරීම තරම්ම යම් දිනෙකදී පහසුවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. ඒ දිනය උදාවන තෙක්‌ බලා සිටිමි.

* ඕටිසම් රෝගයෙන් පෙළෙණ චන්දිම රාජපතිරණ විසින් රචිත "ලොවකින් ලොවකට ඕටිසම් සමඟ මා යන ගමන" කෘතියෙන් උපුටා ගැණිනි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Aug 2017 07:52 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/19952.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/19953.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/19954.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/19955.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/19956.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/19957.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/19958.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/19959.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Aug 2017 08:04 PM

මදුරු කොයිල් වැරදි භාවිතය ඇදුමට මුලයි

ඩෙංගු වසංගතය ඇතුළු මදුරුවන් හේතුකොටගෙන රෝග බහුලවීම නිසා අද මදුරු කොයිල් භාවිතයත් ඉහළ ගිහින්. නමුත් මේ මදුරු කොයිල් හේතුවෙන් ඇදුම මුල්කරගෙන ශ්වසන රෝග තත්ත්වයන්ද නොසිතූ විරූ මට්ටමට ඉහළ යන බවයි වාර්තා වෙන්නේ. ඩෙංගු ඇතුළු මදුරූ රෝගවලින් බේරෙන්න ගිහින් පෙනහළු ඇතුළු ශ්වසන පද්ධතිය අක්‍රිය කර ගැනීම ඉඟුරූ දී මිරිස් ගත්තා වගේ වැඩක්. මදුරූ කොයිල් දුම ඇතුළු අහිතකර පාරිසරික තත්ත්ව නිසා ඉහළ යන ඇදුම ගැන අද කතා කරමු.

මොකක්ද මේ ඇදුම?

නාසයේ සිට පෙනහළු කරා වාතය ගෙනයන මාර්ගය කුඩා නාලිකා රැසකින් තැනී පවතී. මේවා ශ්වසන නාලිකා ලෙස හඳුන්වයි. මේ නාලිකාවල ඇතුළත බිත්තිය ඉදිමීමට ලක්වී නාලය පටු වී ඒ තුළ සෙම එකතු වීම නිසා වාතය ගමන් කිරීමට අවහිරතා මතුවෙයි. පෙනහළු තුළට ඇතුළුවන වාතය නැවත පිට කිරීමට මෙහිදී ප‍්‍රධාන වශයෙන්ම බාධා පැමිණේ. මේ නිසා වාතය පිට කිරීමට අමතරව වෙහෙසක් දැරීමට සිදුවෙයි. ඇදුම ලෙස හඳුන්වන්නේ මෙයයි.

මේ රෝග ලක්ෂණ ඔබටත් තියෙනවාද?

• විටින් විට ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතාව

• පපුවේ රාං රූං ශබ්දය

• පපුවේ තද ගතිය

• කැස්ස

• ඉහත කුමන හෝ රෝග ලක්ෂණයක් නිසා රාත‍්‍රියේ නින්දෙන් අවදිවීම.

කුඩා දරුවෙක් ක‍්‍රීඩාවල යෙදෙද්දී කැස්ස ඇතිවේ නම් ඔහුට හෝ ඇයට ඇදුම රෝගය තිබිය හැකියි.

ඇදුමට බලපාන සාධක

ඇදුම උත්සන්න වීමට පාරිසරික හේතු රැසක්ම බලපායි. මේ එයින් කිහිපයකි.

• ලොම් සහිත හෝ පිහාටු සහිත සතුන් නිවස තුළ හෝ ඒ ආශ‍්‍රිතව ඇති කිරීම. ඔවුන්ගේ පිහාටු ලොම් ආදිය ශ්වසන මාර්ග ගතවීමෙන් රෝගය උත්සන්න විය හැකියි.

• දුම්පානය සහ සිගරට් දුමට ගොදුරු වීම ප‍්‍රධාන සාධකයකි.

• මදුරු කොයිල් දුම තවත් ප‍්‍රධානම සාධකයකි.

• පරිසරය දූවිලි සහ දුම් සහිත වීම.

• විෂ දූවිලි තට්ටු බැඳුණු විදුලිපංකා සහ වායුසමීකරණ යන්ත්‍ර

• දූවිලි පිරුණු කාමර, අපිරිසුදු ඇඳන්, කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි, බිම් පලස්, තිර රෙදි තුළ ඇසට නොපෙනෙන සතුන් විශාල සංඛ්‍යාවක් සිටිති. ඔවුන්ගේ අපද්‍රව්‍ය ඇදුමට මුලකි.

• කැරපොත්තන් වැනි කෘමීන්ගේ මළද්‍රව්‍ය සහ මියගිය කොටස්.

• මල් පරාග රේණු ආදිය රෝගය උත්සන්න කරයි.

• පිදුරු සෙවිලි නිවාස, පිදුරු මෙට්ට, පිදුරු ගොඩවල් ආදියේ පවතින දිලීරවල බීජානු ප‍්‍රධාන හේතුවකි.

• සමහර ඖෂධ වර්ග

ඇදුම ගැන පුදුම කතා

ඇදුම බෝ නොවන රෝගයකි. ඒ නිසා රෝගියකු ස්පර්ශයෙන් මෙය බෝවන්නේ නැත. මෙය නිදන්ගත රෝගයකි.  ඕනෑම වයසකදී වැළඳිය හැකිය. පාරිසරික හේතු මෙන්ම පාරම්පරිකවද මෙය හටගනියි. එකම පවුලේ අයට පීනස, දද, කුෂ්ඨ ඇතැම් ඖෂධ සහ ආහාර විෂවීම වගේම ඇදුම රෝගයද පැවතිය හැකිය. නිට්ටාවට සුව කළ නොහැකි වුවත් ඇදුම පාලනය කළ හැකියි. රෝගය සමඟ හොඳින් ජීවත්වීමටත් ක‍්‍රියාශීලී දිවියක් ගත කිරීමටත් හැකියි.

ප‍්‍රතිකාර තියෙනවාද?

රටපුරා සෑම රෝහලකම ඇති ශ්වසන සායනයට ගොසින් රෝගය හඳුනාගන ප‍්‍රතිකාර ගත හැකියි. ලංකාවේ ශ්වසන රෝග විශේෂඥයන් 35ක් පමණ සිටිති. රෝගයට ඇති බයත් ඇදුම රෝගියකු යැයි කියන්නට ඇති ලැජ්ජාවත් නිසා ඉදිරිපත් නොවී සිටීම මරු කැඳවන්නකි.

ඇදුම ගැන ලොකුම මිථ්‍යා

ඉන්හේලර් හැමෝටම අවශ්‍ය වන්නේ නැත.

බොහෝ අය හිතන්නේ හැමෝටම ඉන්හේලර් දෙන බවයි. නමුත් එය එසේ නොවේ. මේ රෝගය ලජ්ජාවට කරුණක් නොවේ. ඉන්හේලර් භාවිතයද ලජ්ජාවට කරුණක් නොවේ. රෝගය ඇති අය අතර හොඳ ලෝක ප‍්‍රසිද්ධ ක‍්‍රීඩකයෝද වෙති. ඇදුම නිසා දරුවන් ක‍්‍රීඩාවලින් ඈත් කිරීම වරදකි. ඔවුන්ට ඇදුමත් සමග ජීවත්වීමට ඉගැන්විය යුතුයි.

• සිගරට් 175ක විෂ එක මදුරු කොයිල් එකක

• ඇදුම හදන ලොකුම හේතුවත් මදුරු කොයිල්

• හුඟක්ම අමාරුවේ වැටෙන්නේ බොරු ලජ්ජාව නිසා

• දකුණු ආසියාවේ ඇදුම අධිකම රටවල් අතර ලංකාවත් පෙරමුණේ

• ලංකාවේ ඇදුම රෝගීන් වසරකට ලක්ෂ 2කටත් වැඩියි

• දුම්පානයත් ප‍්‍රධානම හේතුවක් 

• වායු දූෂණය සමග ඇදුම රෝගීනුත් ඉහළට

උපදෙස්: 
කළුබෝවිල ශික්ෂණ රෝහලේ ශ්වසන රෝග විශේෂඥ 
වෛද්‍ය ඒෂාන්ත පෙරේරා
සමීක්ෂණ වාර්තා: 
කොළඹ මධ්‍යම උරස් සායනයේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය 
කීර්ති ගුණසේකර

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Aug 2017 08:08 PM

මේ කැක්කුමට මොකද කරන්නේ?

පිරිමින් හට මුහුණ දෙන්නට සිදුවන නොයෙකුත් අනතුරු සහ ආබාධ නිසා වෘෂණ කෝෂ ආශ්‍රිතව වේදනා හට ගත හැකියි. එයින් හයිඩ්‍රෝසිල් හෙවත් අණ්ඩවාතය සහ හර්නියාව ප්‍රධානයි. නමුත් මේ තත්ත්වයන් දෙක හැරෙන්න වෙනත් හේතුන් නිසාද වෘෂණ වේදනා ඇති විය හැකියි.

එයින් ප්‍රධාන එකක් වන්නේ වෙරිකෝස් හෙවත් වෘෂණකෝෂය ආශ්‍රිතව ඇති ශිරා ප්‍රසාරණය වීමයි. නහර ගැටගැසීම කියලා හඳුන්වන තත්ත්වයම තමා මේ. මේ සඳහා නිතර ආධාරක යට ඇඳුමක් ඇඳීම තමා හොඳ. තත්ත්වය දරුණු නම් වෛද්‍යවරයකු හමුවී පසුව සැත්කමකට යන්නට පුළුවනි.

තවත් සැත්කම් කළ යුතු අවස්ථාවක් හැටියට යම් හේතුවක් නිසා වෘෂණ ඇඹරීමට ලක් වීමෙන් එකවර හට ගන්නා වේදනාව දැක්විය හැකියි. මේ සඳහාත් වෛද්‍ය උපදෙස් ලබා වහාම සැත්කමක් කළ යුතුයි.

මුත්‍රා මාර්ගයේ ගල් හට ගත් විට අධික වේදනාවක් යටි බඩේ සිට වෘෂණ දක්වා ගමන් ගන්නවා. මුත්‍රා ගල් සඳහා ඖෂධ වර්ග පවතිනවා. නමුත් මෙහිදීත් ඖෂධ වලින් ඉවත් කරන්න දියකරන්න බැරි තත්ත්වයක් නම් සැත්කමට යොමුවිය යුතුයි.

යම් හෙයකින් වෘෂණයට තද පහරක් වැදීම හෝ තුවාල වීම නිසා ඇතිවන වේදනාවට පැරසිටමෝල් මගින් සහනයක් ලැබෙනවා. තදවනසේ යට ඇඳුමක් ඇඳීම සහනයක් ගෙන දෙනවා. වෛද්‍යවරයකු හමුවීම කළ යුතුමයි.

වෘෂණය සහ අපිමූචකය හෙවත් ශුක්‍රානු තැන්පත්ව ඇති කොටසේ ආසාදනයක් නිසාත් වේදනා ඇතිවිය හැකියි. පවුලේ වෛද්‍යවරයා හමුව ප්‍රතිජීවක සහිත ඖෂධ භාවිතාව මගින් සහනයක් ලැබේවී.

කම්මුල්ගාය වෛරස් ආසාදනය වීම නිසාත් වෘෂණ වේදනාව ඇතිවන අවස්ථා තිබෙනවා. මේ අවස්ථාවේදී වහා වෛද්‍යවරයා වෙත යොමු වී ස්ටෙරොයිඩ් කාණ්ඩයේ ඖෂධ ලබාගත යුතුයි. එමගින් අනාගතයේ වඳ භාවයට පත්වීම වැළැකී යා හැකියි.

ලිංගික ප්‍රාණවත් භාවය ඇතිව දිගු වේලාවක් සිටින විටත් වෘෂණවල වේදනාවක් හට ගන්නා අවස්ථා තියෙනවා. නමුත් එය ප්‍රාණවත් බව නැතිව යාමත් සමඟ ඉවත්ව යන සාමාන්‍ය තත්ත්වයක් නිසා බියවිය යුතු නෑ.

♦ සුගත්
උපදෙස් - විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Aug 2017 08:12 PM

පවුල් අවුල් කරන හිතේ ලෙඩේ

“නිරෝෂාගේ වයස අවුරුදු 35 යි. ඇය ගුරුවරියක්. දරුවන් දෙදෙනෙක් ඉන්නවා. නිරෝෂාගේ ස්වාමියා බැංකු නිලධාරියෙක්. දෙදෙනා විවාහ වූයේ අවුරුදු 3 ක ‍ප්‍රේම සම්බන්ධතාවකින් පසුවයි. විවාහ වී දැනට වසර 10 ක්. නිරෝෂාගේ ස්වාමියා වන බන්දුල ඔහුගේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කෙරුවේ මෙහෙම.

“මට දැන් ජීවිතෙත් එපාවෙලා. රස්සාව කරගන්නවත් හිතේ නිස්කලංක බවක් නෑ. මගේ බිරිය නිරෝෂා දවසට 25 පාරකට වඩා මම වැඩ කරන ස්ථානයට Call කරලා මම ඉන්නවාද කියලා පරීක්ෂා කරනවා. පුදුම සැකයක් දැන් ඇයට ඇතිවෙලා තියෙන්නේ. දවසක් අපූරු සිද්ධියක් වුණා. එදා මම Office එකේ හිටියේ. රැස්වීමක් තියෙන නිසා මගේ ෆෝන් එක පැය භාගයකට විසන්ධි කළා. ඇය ත‍්‍රීවීල් එකක් අරගෙන ආවේශයෙන් වගේ Office එකට ඇවිත් මගේ කාර්යාලයේ සිටින තවත් කාන්තාවක් මට ජෝඩු කරමින් මට බැණ වැදුණා. ඇත්තටම මගේ කිසිම සම්බන්ධතාවක් ඔය කියන තරුණිය සමඟ නෑ. මට හරිම ලැජ්ජයි.”

දවස් 3ක් Office එකට ගියෙත් නෑ. මම ගෙදර ආවාම මගේ දුරකතනය මුල සිට අග වන තෙක් පරීක්ෂා කරනවා. ඉස්සර මට Office එකට අඳින ඇඳුම් ලස්සනට අයන් කරලා දෙනවා. දැන් එහෙම කරන්නේ නෑ. ඇයට මම හොඳට අඳින එකත් සැකයක්. මේ සැකයේ බරපතළකම කෙතරම්ද කියතොත් ඇය සමහර විට මගේ යට ඇඳුම් පවා පරීක්ෂා කරනවා. ඒවායේ ගඳ සුවඳ බලනවා. මෙහෙම පරීක්ෂා කරනවා දවසක් මගේ අතටම අහුවුණා. මම ඇහැව්වා මොනවද ඔය බලන්නේ කියලා. ඇය හෙමින් එතැනින් ලිස්සලා ගියා.

දැන් මට තනියම කොහෙවත් යන්න බෑ. කොණ්ඩෙ කපාගන්න සැලෝන් එකට ගියත් එතැනට වෙලා කොණ්ඩෙ කපලා ඉවර වෙනකම්ම ඉන්නවා. මගේ Phone එකට එන හැම තොරතුරක්ම ඇය පරීක්ෂා කරනවා. සමහර දවස්වලට මගේ ගෙදර තියෙන Office කාමරයේ ලිපිගොනු ඇදලා දාලා. ඒවා සියුම් ලෙස පරීක්ෂා කළ බවක් පෙනී යනවා. ඇයට තරහ ගියාම හරිම අසාමාන්‍යකමක් පේන්න තියෙනවා. මේ ළඟදීත් මෙවැනි ලොකු රණ්ඩුවක් වුණා.

මම වැඩ ඉවර කරලා එන ගමන් ටයි එකක් ගන්න Shop එකකට ගියා. ඇය නැතිව මේ ගමන ගියා කියලා තමයි මේ රණ්ඩුව ඇති වුණේ. “උඹ අර ගෑනි එක්ක නේද ගියේ කියපන්” කියලා වියරුවෙන් වගේ ඇහුවා. මේ රණ්ඩුව දැකපු මගේ දරුවෝ දෙන්නා හොඳටම බයවෙලා කාමරේ දොර වහගෙන හිටියේ. මේ තත්ත්වේ මෙහෙම පැවැතුණොත් ළමයි දෙන්නාගේ අනාගතේ අවුල් වන බව මට හොඳටම විශ්වාසයි.

මගේ ලොකු දුවට අවුරුදු 8යි. දැන් ඇය නිතරම හිසේ කැක්කුමක් ගැන කියනවා. ගියවර වාර විභාගේ ලකුණුත් 50ට වඩා අඩුයි. මම දවසක් දුවගෙන් ඇහැව්වා “මොනවද ඔයා හැමවෙලේම කල්පනා කරන්නේ” කියලා. “මට අම්මයි තාත්තයි දෙන්නම නැති වෙයිද කියලා බයයි” කියලා ඇය අඬ අඬා කිව්වා.

දැන් මේ කතාවේ නිරෝෂාගේ වගඋත්තරය අහන්න මම යොමුවුණා. ඇයගේ මුහුණේ ඉරියව් ක්ෂණයෙන් වෙනස් වෙලා. සැකය සහ භීතිය ඉරියව්වලින් හොඳට පෙනුණා. ඇය කෝපයෙන් සහ වියරුවෙන් කතා කරන්න පටන් ගත්තා.
“බන්දුල මාව රැවැට්ටුවා. Office එකේ ඉන්න නාඩගම් කෙල්ලෙක් එක්ක මෙයා යාළු වෙලා. Office එකේ වැඩ කරන කීප දෙනෙකුට Call කරලා මම විස්තර හොයා ගත්තා. ඔවුන් කිව්වේ ඒ කෙල්ලගේ චරිතෙ නම් හොඳ නෑ කියලා.” 

එයාලා කිව්වද ඒ කාන්තාව ඔබේ සැමියා එක්ක අනිසි සම්බන්ධයක් තියෙනවා කියලා?”

“නැහැ එහෙම නම් කිව්වෙ නැහැ මට තාම මතකයි, දැන් අවුරුදු එකකට විතර ඉස්සර මම බන්දුල සමඟ Office එකේ පාටි එකකට ගියා. මේ කාන්තාවත් ඒ පාටි එකේ හිටියා. ඇය හොරෙන් හොරෙන් බන්දුල දිහා බලනවා මම දැක්කා. අනිත් එක දැන් ඉස්සර වගේ නෙවෙයි. බන්දුල දැන් ලස්සනට අඳිනවා. මේ ළඟදි හොඳ පර්ෆියුම් එකක් අරගෙන තිබුණා. මොකටද පර්ෆියුම් ගන්නේ දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා. මගේ අතට අහුවුණොත් මම මෙයාව ඉතුරු කරන්නේ නෑ. නින්දෙන් හරි බෙල්ල මිරිකනවා.”

මෙහෙම කියාගෙන යනකොට නිරෝෂාගේ මුහුණ කෝපාවිෂ්ට වුණු බව දක්නට ලැබුණා. නිරෝෂා ගොදුරු වී ඇත්තේ සැකය නමැති මායාකාරී රෝගයටයි. මේ ප‍්‍රබල මානසික රෝගයේදී මොළයේ නොයෙකුත් රසායණික වෙනස්කම් සිදුවන බව විද්‍යාඥයෝ පවසනවා.

සැකය, සත්‍ය සිද්ධීන් නිසා පුද්ගලයකු තුළ ඇති විය හැකියි. නමුත් මායාකාරී සිතිවිලි නිසා ඇති වන සැකය දරුණු මානසික රෝගයක් විදියටයි සැලකෙන්නේ. මායාකාරී සිතිවිලි මනෝ වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ ඩිලුෂන් (Delusion) හැටියටයි. මෙයට නිසි ලෙස ප‍්‍රතිකාර ගැනීම අතිශය වැදගත්. මෙය දැඩි ඊර්ෂ්‍යාව පදනම් කරගෙන ඇතිවන රෝගයක්. මෙවැනි පුද්ගලයකුගේ මොළය තුළ නොයෙකුත් රසායනික විපර්යාසයන්ද ඇති වන බව විශේෂඥයන් සොයාගෙන තිබෙනවා. මනෝ වෛද්‍යවරයකු වෙත යොමු නොවන මෙවැනි රෝගීන්ගේ ජීවිත ගෘහ ප‍්‍රචණ්ඩත්වය, පවුල් අවුල් වීම, දික්කසාදය, ප‍්‍රචණ්ඩත්වය හා මිනීමැරුම්වලින් ද කෙළවර විය හැකිය.

මෙවැනි රෝගියකු හමු වූ විට ඔබ කළ යුතු දේ,

• පහරදීම හෝ තාඩන පීඩනවලට ලක් කිරීමෙන් වැළකීම. එසේ වුවහොත් මෙම රෝගී තත්ත්වය තවදුරටත් උත්සන්න විය හැකිය.

• යන්ත‍්‍ර මන්ත‍්‍ර යාගහෝම පසුපස නොයෑම.

• රෝගියා කොන් කිරීමෙන් වැළකීම.

• සැකය තවදුරටත් වැඩි වන ලෙස පරිසරය සකස් නොකිරීම. (ඔබගේ දුරකතනය නිතර පරීක්ෂා කරනවා නම් එයට විරුද්ධව පාස්වර්ඩ් එකක් මඟින් දුරකතනය ලොක් කිරීම වැනි දේ නොකරන්න.)

• සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමු කිරීම.

• වෛද්‍යවරයා ලබාදෙන ඖෂධ නිසි ලෙසට ලබාදීම.

• රෝගියා ඖෂධ ලබාගන්නේද යන්න පිළිබඳ ඔබේ සැලකිල්ල යොමු කළ යුතුයි. නැතහොත් රෝගී තත්ත්වය තවත් උත්සන්න විය හැකිය.

• සැකය සත්‍ය සිද්ධියක් මෙන්ම ප‍්‍රබල මානසික රෝගයක් ලෙසද මතු විය හැකියි. මෙය රෝගියාගේ වරදක් නොවේ. රසායනික වෙනසක් නිසා මොළයේ ඇතිවන අසනීපයක්. විද්‍යාත්මක ලෙස මේ ප‍්‍රශ්නය දෙස බැලීමෙන් රෝගය මෙන්ම ඔබගේ සිතිවිලිද වෙනස් කරගත හැකියි.

කිරිබත්ගොඩ මූලික රෝහලේ
මනෝ වෛද්‍ය විශේෂඥ
නයනානන්ද කුමාරනායක

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Aug 2017 09:51 AM

අධික ලෙස මස්‌ කෑවොත් මුත්‍රා ගල් ඇතිවීම අනිවාර්යයි

මෞත්‍රලිංගික පද්ධතිය ආශ්‍රිතව මෙවැනි ගල් ඇතිවීමට බලපාන හේතු මොනවාද?

අධික වශයෙන් මාංශ ආහාරයට ගැනීම මීට බලපාන ප්‍රධාන හේතුවක්‌ වශයෙන් හඳුන්වාදිය හැකි අතර හරක්‌ මස්‌ එහිදී ප්‍රධාන තැනක්‌ ගනු ලැබේ. තවද උෂ්ණාධික ආහාර අධිකව ගැනීම, අධිකව දහදිය පිටවන ක්‍රියාකාරකම්වල නිරතවීම සමඟම ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම මීට බලපාන හේතූන් ලෙස කතාබහ කළ හැකිය. තවද මුත්‍රා සහ ශුක්‍ර වේග ධාරණයත් මීට බලපාන තවත් හේතුවකි.

මුත්‍රා ගල් ඇතිවූ විට දී රෝගියා මුහුණදෙන අපහසුතා මොනවාද?

මුත්‍රා ගල් ඇති වූ විට මුත්‍රා කිරීම ඉතාම අපහසු විය හැකිය. එවිට තුනටියෙන් පටන්ගෙන කලවා සහ ඉකිළි ප්‍රදේශය දක්‌වා ගමන් කරන වේදනාවක්‌ හටගත හැකිය. විශේෂයෙන්ම මෙම ගල් ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක්‌ ඇත්තේ පිරිමි පාර්ශ්වයේ අයටයි. තවද ඔවුන්ගේ අණ්‌ඩ කෝෂ එල්ලා වැටීම මෙන්ම තුනටිය ප්‍රදේශයේ එක්‌ පැත්තකට වන්නට ද තද කැක්‌කුම් ද ඇතිවේ. ඒ වගේම බඩ දැවිල්ල, උගුරට එන ස්‌වභාවය, කළවාවල සිට පාදයේ පහළ ප්‍රදේශය දක්‌වා හිරිවැටෙන ස්‌වභාවයක්‌ ද බොහෝ විට දැකගත හැකි වේ. මෙවැනි ලක්‍ෂණ මෞත්‍රලිංගික පද්ධතියෙන් පිටතට විහිදෙන වේදනාවල් වශයෙන් ද හඳුන්වා දිය හැකිය.

මීට අමතරව මුත්‍රා පිටකිරීම් ආශ්‍රිතව ද රෝග ලක්‍ෂණ පිළිබඳ පැහැදිළි කළ හැකියි. එහිදී තද කහ පැහැයෙන් මුත්‍රා පිටවීම හෝ මුත්‍රා සමඟ රුධිරය පිටවීම දැකගත හැකිවේ. මෙවැනි රෝගීන්ට කෑම ගැනීමේ අපහසුතාව, ශරීරය වෙව්ලන ස්‌වභාවයක්‌ ද දැකගත හැකිවේ.

තවද ශුක්‍ර නාළ අවහිර වීමෙන් විවිධ පීඩාවන් ඇතිකරනු ලැබේ. මෙහිදී ශුක්‍රාණු ගණ වීම නිසා ඇති වන ස්‌ඵටික ශුක්‍ර නාළවල සිරවී ශුක්‍රාණු පිට කිරීමේ අපහසුතා ඇතිවීමෙන් මෞත්‍ර ලිංගික පද්ධතිය පීඩාවට පත්කරයි. තවත් රෝගීන්ගේ මුත්‍රා මාර්ගය හරහා ගල් පිටවන අවස්‌ථා ද දැකගත හැකිවේ.

මුත්‍රා මාර්ගය හරහා පිටවන ගල්වල තියුණු ස්‌වභාවය නිසා මුත්‍රා මාර්ගය තුවාල වීම නිසා ඇතැම් අයට මුත්‍රා සමඟ රුධිරය පිටවිය හැකිය. ඊට අමතරව මුත්‍රා මාර්ගය ඉදිමීම මෙන්ම ලිංගය ආශිතවද වේදනාවක්‌ ද ඇති විය හැකිය. ඇතැම් පිරිසකට මුත්‍රා කිරීමෙන් අනතුරුව රුධිර බිඳිති කිහිපයක්‌ ද පිටවිය හැකිය. මුත්‍රා කිරීමේ අවශ්‍යතාවක්‌ ඇති වුවත් මුත්‍රා පිට නොවීම මෙන්ම ස්‌වල්ප වශයෙන් පිටවීම ද ගල් ඇතිවීම ද බොහෝ දුරට දැකගත හැකි වේ.

පිත්තාශයේ ගල් ඇතිවීම පිළිබඳ පැහැදිළි කළොත්

මෙහිදී උදරයේ දකුණු පැත්තේ ඇතිවන වේදනාවන් පිටකොන්ද ප්‍රදේශය දක්‌වා විහිදී යනු ලැබේ. එවැනි රෝගීන්ට තුනටිය ආශ්‍රිත කැක්‌කුම් ඇති නොවේ. බොහෝ දුරට මෙම රෝගී තත්ත්වය කාන්තාවන්ට සුලබව දැකගත හැකිවේ. ඇතැම් විට පිත්තාශය තුළ හටගන්නා මෙම පිත්ගල් පිත්තනාළය ඔස්‌සේ පහළ බඩවැල දක්‌වා ගමන් කරනු ලැබේ. ඇතැම් විට එසේ පැමිණෙන ගල් අවහිර වුණොත් රෝගියාට විවිධාකාර පීඩාකාරී තත්ත්ව සඳහා මුහුණ දීමට සිදුවේ. ශරීරය සීත කිරීම, වමනය, වෙව්ලීම, පිත උගුරට පැමිණීම, එවැනි පීඩාකාරී තත්ත්වයන්ය.

තවත් පිරිසකට පිත්තාශයේ හටගන්නා ඇතැම් ආසාදන නිසා සෙංගමාල තත්ත්ව ඇතිවී ශරීරය කහපාට වීම වැනි රෝග ලක්‍ෂණ ඇතිවිය හැකිය.

එතකොට වෛද්‍යතුමනි පිත්තාශයේ ගල් ඇතිවීමට හේතු?

ආහාර ජීර්ණයේ දී ඇතිවන විෂමතාවන් හා වැරදි ආහාර ක්‍රම පිත්තාශයේ ගල් ඇතිවීමට හේතුවේ. විශේෂයෙන් විරුද්ධ ආහාර ගැනීමෙන් මේ තත්ත්වය උග්‍ර අතට පත්වේ. තවද වැරදි ආහාර ගැනීමෙන් ඇතිවන රසායනික සංයෝගයන්ගේ ප්‍රතිඵලයක්‌ ලෙසින් හටගන්නා ඔක්‌සලේට්‌ පදාර්ථ ද මීට හේතු වේ. උදාහරණ ලෙස තක්‌කාලි සමඟ හාල්මැස්‌සන් ආහාරයට ගැනීම නිසා ඔක්‌සලේට්‌ පදාර්ථ ඇතිවේ.

මෙවැනි රෝග සඳහා පවතින පිළියම් ලෙස ඔබතුමන් දක්‌වන අදහස?

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව නැවත එම ගල් ඇතිවීමට බලපාන තවත් හේතුවක්‌ වන්නේ ආහාර ජීර්නයේ ඇතිවන යම් යම් දුර්වලතාවන්ය. ආහාර ජීර්ණයේ විෂමතාවන් බැහැර කර ඉතා හොඳින් ආහාර ජීර්ණය පහසුවන පරිදි ජීර්ණ පද්ධතිය සැකසීම ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය යටතේ සිදුවේ. එවැනි වෛද්‍ය ක්‍රමයක්‌ භාවිත කිරීමෙන් නැවත මුත්‍රා ගල් ඇතිවීම මෙන්ම අතුරු ආබාධ ඇතිවීමද සිදුනොවේ. වකුගඩු මගින් ඉතා හොඳින් මුත්‍රා පෙරීමේ කටයුතු මෙන්ම පිත්තාශයේ පවතින සියලු අසාත්මික තා ද දුරු වී යනු ලැබේ.

මුත්‍රාශ්මරි, පිත්තාශ්මරි රෝගයන්ට සමගාමීව පවතින අනෙකුත් රෝග තත්ත්වයන් සහ ඒවාට ඔබතුමන් ඉදිරිපත් කරන නව ප්‍රතිකාර ගැන සඳහන් කළොත්?

මෙවැනි රෝග ඇතිවන බොහෝ අවස්‌ථාවලදී එම රෝගවලට සමගාමීව ඇතිවන විවිධ වූ වෙනත් කායික රෝග ද හටගනී. ඇදුම, පීනස, අර්ශස්‌, බඩ පුරවා දැමීම, මළ බද්ධය, බඩගින්න ඇති වීම හෝ අධික බඩගින්න ආශ්‍රිත ජීර්ණ පද්ධතියේ දොaෂ (ගැස්‌ට්‍රයිටීස්‌ මේ අතුරින් ප්‍රධාන තැනක්‌ ගනී.) හිසේ කැක්‌කුම, නින්ද නොයැම, අධික නිදිමත, අධික ලෙස කේන්තියැම, ඇස්‌ කන් කැසීම, උගුරේ සෙම පැටලීම, සෙම්ගෙඩි, නිතර සෙම ඇවිස්‌සීම, අත්පා ඇඟපත දැවිල්ල, අත් කකුල් ඇඟිලි හිරිවැටීම් ආදී බොහෝ රෝග ලක්‍ෂණ අවස්‌ථානුකූලව ඒ ඒ පුද්ගලයන්ට ආවේණික ලෙස ප්‍රමුඛ වේ. මේ අතර බොහෝ අය දියවැඩියා රෝගයෙන් ද පෙළේ.

විමර්ශනශීලීව ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක රීතීන්ට අනුව රෝග සුවපත් කිරීමේ නියෑළෙන්නන්ට එක පිට එක රෝග තත්ත්වයක්‌ හෝ ලක්‍ෂණයක්‌ පිළිබඳ පමණක්‌ සලකා බැලීමකින් තොරව ඉහත සියලු ලක්‍ෂණයන් හෝ රෝග තත්ත්වයන් පිළිබඳව පුළුල්ව සොයා බලා සැලසුම්සහගතව ප්‍රතිකාර කිරීමෙන් එවන් වූ සියලු රෝග නිට්‌ටාවටම සුවකරගත හැකිය.

වත්මන් සමාජය බුද්ධිමත් විමර්ශනශීලී සියල්ලන්ම පාහේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳ තිරසාර විශ්වාසයක්‌ ගොඩනඟගෙන තිබුණ ද මෙම වෛද්‍ය කර්මයන්හි දී අමුද්‍රව්‍ය සොයා කපා කොටා සකස්‌ කරගෙන කෂාය තැම්බීම සහ වෙනත් ඖෂධ පිළියෙල කරගැනීම නිසියාකාරයෙන් සිදුකර ගැනීමට අපහසු වීම නිසා මෙම විශිෂ්ට වූ වෛද්‍ය ක්‍රමයට අවතීර්ණ නොවේ.

නමුත් ඉපැරැණි ප්‍රෙෘඪ ඉතිහාසයකට උරුමකම් කියන අපගේ හෙළ වෙදකමෙහි සශ්‍රීක මූලාශ්‍රයන්ගෙන් පෝෂණය වූ රන්පත වෙද පරපුරෙහි විස්‌මිත වෙදකම් නිර්මාණශීලීව යාවත්කාලීන කර ඇත්තේ රෝග නිට්‌ඨාවටම සුවපත් කර ගැනීමට නව මගක්‌ විවර කරමිනි.

ඕනෑම කාර්යබහුල අවස්‌ථාවන්හිදී රැකියාවක්‌ කරන අතරතුර පහසුවෙන් භාවිතයට ගත හැකි ලෙස නියමිත ප්‍රමිතීන්ට අනුකූලව උත්කෘෂ්ඨ වූ ඖෂධීය ගුණයෙන් යුතු බෝතල් ලෙස පිළියෙල කළ කෂාය වර්ග, ගුලි වර්ග, කල්ක, චූර්ණ නිෂ්පාදනය කර ඇත්තේ විවිධ පීඩාවන්ගෙන් පෙළෙන සුවහසකගේ රෝග පහසුවෙන් නිට්‌ටාවටම සුවපත් කිරීම උදෙසාය.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 36 of 137 << < 3435363738 > >>