Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 37 of 137 << < 3536373839 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 05 Aug 2017 09:53 AM Ovarian Cyst හැදුනොත් මොකද කරන්නේ? ප්‍රශ්නය - ඩිම්බකෝෂ ආශ්‍රිත රෝග නිසා කාන්තාවන් මහත් සේ පීඩාවට පත්වන බව අප දන්නවා. මෙහිදී Ovarian Cyst හෙවත් ඩිම්බාධාර කෝෂ්ඨය නමැති තත්ත්වය ගැන කතා කිරීම වැදගත් බව අප හිතුවා වෛද්‍ය කෞමදි කරුණාගොඩ - ඩිම්බ කෝෂ ආශ්‍රිත ග්‍රන්ථි තත්ත්වයක් වන මෙය සමාජය තුළ ඉතා බහුල ලෙස පැතිරෙනවා. ගොඩක් කාන්තාවන්ට මුලින්ම මේ බව හඳුනා ගන්න ලැබෙන්නේ ඔසප් වීමේදී හටගන්නා වේදනාව වැඩිවීම, ඔසප් රුධිර වහනයේ වර්ධනයක් දැක ගැනීමට ලැබීම, ඔසප් වීමෙන් පසුත් සුළු වශයෙන් රුධිර වහනය ඇතිවීම, ඔසප් ප්‍රමාදය වැනි ලක්‍ෂණවලින්. ඒ එක්‌කම යටි බඩ දෙපැත්තේ වේදනාවක් එනවා. එක්‌කෝ ඒ තැන් අල්ලද්දී වේදනාව එනවා. එහෙමත් නැත්නම් නිකම්ම ඒ තැන්වලින් වේදනාවක් එනවා. මේ ලක්‍ෂණ සහිත කාන්තාවන් ස්‌කෑන් පරීක්‍ෂණයකට ලක් කළාම ඩිම්බ කෝෂ ආශ්‍රිත වර්ධනය හෙළිකර ගන්න පුළුවන්. මේ වර්ධන හෙවත් ග්‍රන්ථි තද නැහැ. මෙය ස්‌වභාවයෙන්ම රවුම්. ඒ ග්‍රන්ථි සමහරක තරලයක් පිරී තිබෙනවා. තව සමහරක රුධිරය පිරිලා තිබෙනවා. බොහොම කලාතුරකින් සමහර ඒවා තුළ මනුෂ්‍ය කොටස් එනම් කුඩා දත් කැබලි හෝ කෙස් වැනි ඒවා තිබෙනවා. ප්‍රශ්නය - කෙස් දත් වැනි දේවල් ඒ තුළට යන්නේ කොහොමද? වෛද්‍ය කෞමදි කරුණාගොඩ - මේක වර්ණදේහ පිළිබඳ ඉතාම ස්‌වභාවික තත්ත්වයක්. ඩිම්බයකින් තවත් කලලයක් හට ගන්නේ ඩිම්බයේ තිබෙනවා මනුෂ්‍ය අවයව බවට පත්වන වර්ණදේහ. අංග සම්පූර්ණ මනුෂ්‍යයෙක් හට ගන්නේ මේ වර්ණදේහ පිරිමි වර්ණදේහ සමඟ එකතු වුණාමයි. එසේ නොවන විට කලලයේ තිබෙන වර්ණදේහ දත්, කෙස් සම වැනි තත්ත්වයන්වලට පරිවර්තනය වන විරල අවස්‌ථා තිබෙනවා. අතීතයේදී මධ්‍යකාලීන යුගයේදී ස්‌කෑන් පරීක්‍ෂණ තිබුණා නම් ස්‌ථිර වශයෙන් ම හිතන්නේ අමනුෂ්‍ය දොaෂයක් කියලයි. මේවා ඉතාම අහිංසක වර්ධනයක්. මේවා පිළිකාමය තත්ත්වයන් දක්‌වා වර්ධනය වන අවස්‌ථාවන් ඉතාම අඩුයි. ප්‍රශ්නය - මේවා පිළිකාමය වර්ධනයන් ද නැද්ද කියන එක හරියටම දැන ගන්නෙ කොහොමද? වෛද්‍ය කෞමදි කරුණාගොඩ - රුධිර පරීක්‍ෂණයක් මගින් ඉතාම පහසුවෙන් එය කරගත හැකියි. ඩිම්බකෝෂ ආශ්‍රිතව හට ගන්නා ගෙඩිවලින් 75% ක් විතරම ඉතාම අහිංසකයි. 25% ක් විතර පිළිකා තත්ත්වයක් දක්‌වා වර්ධනය විය හැකියි. ඒවා තිබෙන තැන දැන ගැනීමත් ස්‌කෑන් පරීක්‍ෂණයක් මගින් කළ හැකියි. නවීන විද්‍යාවට අනුව සැත්කම් මගින් එවැනි හානිකර වර්ධනයක් වගේම හානිකර නොවන වර්ධනයනුත් ඉවත් කරනවා. එක්‌කෝ ඒ වර්ධනය පිරිසිදු කර, අනවශ්‍ය තරල ඉවත් කළ හැකියි. හැබැයි ඉතිං සාත්තුවක් කළාම සංකූලතා හට ගැනීම ස්‌ථිරයි. ප්‍රශ්නය - මොනවද මේ සංකූලතා වෛද්‍ය කෞමදි කරුණාගොඩ - ඩිම්බකෝෂයට හානි සිදුවීම තමයි ප්‍රධානතම සංකූලතාව. එවැනි හානියක් වුණොත් ඉදිරි කාලයේදී එම ඩිම්බ කෝෂයෙන් ඩිම්බ පිටවීමේදී ගැටලු මතුවෙනවා. ඊළඟ සංකූලතාව තමයි වර්ධනය හෝ ගෙඩිය අයින් කළාම නැවත නැවත ගෙඩි හටගැනීම. ලබන සතියේ ආයුර්වේදයෙන් මෙය සුව කරන හැටි නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Aug 2017 09:56 AM දරුඵල නැත්නම් මේ ලිපිය කියවන්න ගිය සතියේ අපි කතා කළේ ඩිම්බකෝෂ වල ඇතිවන ගෙඩි (PCOS) පිළිබඳවයි අපි අද කතා කරමු ගර්භාෂගත ගෙඩි පිළිබඳව මොනවද මේ Uterine Fibroid හෙවත් ගර්භාෂයේ ඇතිවන ගෙඩි? කාන්තාවකගේ ගර්භාෂය යනු ඉතාමත් වැදගත් ශාරීරික අවයවක්. දරු පිළිසිඳ ගැනීම මෙන්ම එම ගැබ වර්ධනය වී දරුවකු බිහිවීම දක්‌වා වන සියලු කාරණාවන් සිදුවන්නේ මෙම ගර්භාෂය තුළයි. මීට අමතරව මාසිකව වන ඔසප්වීම සඳහා ද මූලික වන්නේ මෙම ගර්භාෂයයි. ඒ අනුව ගර්භාෂය ගැහැණියකට කෙතරම් වැදගත්කමක් දක්‌වන්නේ දැයි ඔබට පැහැදිලි අදහසක් ඇති. උතුම් මවු පදවිය ලැබීමට මෙන්ම ආර්ථවහරණය (Menopause) වන තෙක්‌ම හා ඉන් පසුවත් කාන්තා ඔබ ගර්භාෂය පිළිබඳව සැළකිලිමත් විය යුත්තේ ඇයි දැයි මෙම ලිපිය කියෑවීමෙන් ඔබට අවබෝධයක් ලබාගත හැකි වෙයි. වයස අවුරුදු 50 පසුවූ කාන්තාවන්ගෙන් 70% - 80% ක් පමණ දෙනෙකුට සුළු වශයෙන් හෝ විවිධ ප්‍රමාණයේ ගර්භාෂ ගෙඩි ඇතිවිය හැකි නමුත් ඒවා විශාල බලපෑමක් ඇති නොකරයි. ශාරීරික හෝමෝන වෙනස්‌වීමත් සමඟ ඒවා හැකිලී යයි. කෙසේ වෙතත් ගර්භාෂයේ ඇතිවන විවිධ වෙනස්‌කම් දරුඵල නොමැතිවීමට හේතු වන බව අප පසුගිය සතිය තුළ කතා කළා ඔබට මතක ඇති. ගර්භාෂයේ ඇතිවන මාංශමය ගෙඩි ගර්භාෂ ගෙඩි ලෙස හඳුන්වයි. මෙය ආයුර්වේදානුකූලව අර්බුද ලෙස ද දේශීය චිකිත්සාවේ ගෙඩි ලෙස ද විස්‌තර කර ඇත, කෙසේ වෙතත් මේවා පිළිකා නොවන සෛල වර්ධන ලෙස හැඳින්විය හැකියි. දරුවකු පිළිසිඳ ගැනීමකට මෙය බාධාවක්‌ද? ඉහත රූපයේ ඇති ගර්භාෂ ගෙඩි වර්ග හතරින් මූලික වශයෙන් වර්ග දෙකක් දරුඵල නැතිවීමට බලපෑමක් ඇති කරයි. මෙවැනි අවස්‌ථා වලදී ඩිම්බ සංසේචනයක් සිදුවුවද එය කලලයක් ලෙස ගර්භාෂය තුළ වර්ධනය වීමට ගර්භාෂය ඉඩ ලබා නොදෙයි. මෙවැනි රෝගී අවස්‌ථාවලදී පිළිසිඳ ගැනීම් සිදුවන්නේ කලාතුරකිනි. බොහෝ රෝගීන් අපට හමුවන්නේ දරුඵල නොමැතිව ප්‍රතිකාර ගැනීමට පැමිණෙන විටයි. මෙවැනි රෝග ලක්‍ෂණ තිබුණ ද ඒ සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් ගණන අතළොස්‌සකි. ඒවා මුල් කාලයේ මෙම රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් ඉතා පහසුවෙන් හා ඉක්‌මනින් රෝගය සුවකර ගත හැකියි. මෙවැනි රෝග ඇතිවීමට බලපාන හේතු? 01. වැරදි ආහාර රටාව එනම් නිතර නිතර ක්‍ෂණික ආහාර ගැනීම 02. ව්‍යායාම අඩුකම 03. ක්‍ෂණික ආහාර වර්ග හා නිතර ගැනීම 04. විවිධ කෘතීම රසකාරක යෙදූ ආහාර 05. විවිධ පැණි බීම වර්ග 06. කෘතීම ඖෂධ වර්ග (හෝර්මෝන හා විටමින් වර්ග අධිකව ගැනීම) 07. රූපලාවන්‍ය සඳහා ගන්නා විවිධ ඖෂධ වර්ග 08. මානසික අසහනකාරී බව දිගටම තීබීම 09. පානීය ජල ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම 10. ජානමය හේතු මේ සඳහා බලපායි එවැනි හේතු නිසා ඇති වන හෝර්මෝන අසමතුලිතතාවය හා ලේ විෂවීම ආදී විවිධ හේතු කාරණා නිසා මෙවැනි විකෘතිකාරී ගෙඩි ඇති වෙයි. මේ සඳහා ඇති ආයුර්වේද ප්‍රතිකාර මොනවා දැයි සොයා බලමු. ඉහත ලක්‍ෂණ හඳුනා ගත් විට තරුණ වියේදී හෝ විවාහ වී ඇතිවිට හෝ ඉතා ඉක්‌මනින් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයකු වෙත යොමු වී ප්‍රතිකාර කීරීමෙන් මෙම රෝගයන් ඉතා පහසුවෙන් සුව කරගත හැකි වෙනවා. ශල්‍ය කර්ම කිරීම අවශ්‍ය වන්නේ නෑ. ශරීරය අභ්‍යන්තරයේ මෙන්ම බාහිරවද ඇති වන මෙවැනි ගෙඩි සඳහා ආයුර්වේදයේ ඉතාම සාර්ථක හා ප්‍රත්‍යක්‍ෂ ඖෂධ ඕනෑ තරම් දක්‌වා ඇත. මේ පිළිබඳව නොදන්නා බොහෝ රෝගීන් ශල්‍යකර්ම සිදුකර ඉතා අවාසනාවන්ත අවස්‌ථාවන්ට මුහුණ දෙනවා අපට ඕනෑ තරම් හමුව තිබෙනවා. නොමිලේ විස්‌තර උපදෙස් 0114278589, 077 6224293 ලබන සතියේ තවත් කොටසක් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Aug 2017 09:58 AM මොකක්‌ද මේ අංශභාගයඃ සුව කරන්නේ කොහොමද ? අපට නිතර ඇසෙන වාත රෝග ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද? ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මුළු ශරීරයම පාලනය කරනු ලබන්නේ ත්‍රිදොaෂය එනම් වාත, පිත්ත සහ කප මගිනි. මෙම තුන් දොස අතුරිනුත් ප්‍රධානම වන්නේ වාත දොaෂයයි. ස්‌නායුගත ක්‍රියාවන් පාලනය කිරීම සිදුවන්නේ වාත දොaෂය මගින්. දැනීම, වේදනාව, අවයව හා මාංශ පේශීන්ගේ ක්‍රියාවලිය, ජීර්ණ පද්ධතියේ ක්‍රියාවලිය, ශ්වසන පද්ධතිය, රුධිර සංසරණය වැනි ශරිරයේ ඉතා වැදගත් ක්‍රියාකාරීත්වන් පාලනය වන්නේ වාතය මගිනි. වාත දොaෂ කෝප වූ විට එහි සමබරතාවය නැති වී ගොස් වාත රෝග ඇති කරයි. වාතය කෝප වීමෙන් වාත රෝග 80 ක් ඇතිවන බව ආයුර්වේදයේ දක්‌වා තිබෙනවා. මෙයින් බහුලව දක්‌නට ලැබෙන රෝග සමහරක් නම් අංශභාගය, කට ඇදවීම, කථාකිරීමේ අපහසුතාවය, වෙව්ලීම, මාංශපේශීන්ගේ වැහැරීම,ප පාදවල හිරිය ආදියයි. අංශභාගය යනු කුමක්‌ද? ආයුර්වේදයේ පක්‍ෂාඝාතය නමින් හැඳින්වෙන රෝගය සාමාන්‍ය ව්‍යවහාරයේ අංශභාගය (Hemiplegia) යනුවෙන් කියවෙනවා. මෙම රෝග අවස්‌ථාවේදී ශරීරයේ දකුණු හෝ වම් පැත්ත අත පය ක්‍රියාකරවීමේ අපහසුව, කතා කිරීමේ අපහසුතාව, මළ මුත්‍ර පාලනය කිරීමේ නොහැකියාව ආදිය ඇතිවිය හැකියි. සමහර අවස්‌ථාවලදී එක් අතක් හෝ පාදයක් අප්‍රාණික වෙනවා. එය ඒකාංගඝාත (Monoplegia&zwnj යයි. තවත් අවස්‌ථාවලදී දෙඅතක් දෙපයත් යන හතරම ක්‍රියාකරවීමේ අපහසුතාවය ඇතිවෙනවා. එය සර්වාංගඝාත යයි. (Quadriplegia&zwnj මෙහිදී ආයුර්වේදයේ සඳහන් පඤචකර්ම ක්‍රම, විවිධ තෙල් ගෑම සහ විවිධ තැවීම් ක්‍රම, තෙල් නෑවීම් (ශිරෝධාරා පිච්ඡිල්) ආදී විශේෂිත ප්‍රතිකාර පද්ධතියක් මගින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. අංශභාග රෝගීන් බොහෝ විට අධික රුධිර පීඩනයෙන් ද පෙළෙනවා. අධික රුධිර පීඩනයට ආයුර්වේද ප්‍රතිකාර තියෙනවද? අධික රුධිර පීඩනය (Hypertension) අංශභාග රෝගය ඇතිවීම කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනවා. විවිධ ක්‍ෂාය වර්ග, තැම්බුම් වර්ග, චූර්ණ වර්ග, ගුලි වර්ග, හිසට තෙල් සහ පත්තු දැමීම ආදී ආයුර්වේද ප්‍රතිකාර කඔම මගින් අධික රුධිර පීඩනය සාර්ථකව පාලනය කළ හැකියි. අධරාංගඝාතය (Paraplegia) යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්‌ද? මෙයත් වාත රෝගයක්. එසේම ස්‌නායුගත රෝගයක්. මෙහිදී රෝගියාට තුනටියෙන් පහළ ප්‍රදේශයේ එනම් කකුල් දෙකේ පණ නැතිවීමත්, ක්‍රියා කිරීමේ අපහසුතාවයක් ඇති වෙනවා. මේ සඳහා පඤඳ්චකර්ම විශේෂයෙන් කේරලීය පඤඳ්චකර්ම කිරිබත් පොට්‌ටනිවලින් තැවීම ආදිය මගින් සෑහෙන ප්‍රතිඵල ලබා ගත හැක. අර්දිත නමින් හැඳින්වෙන රෝගයක් පවතිනවාද? ඔව්. මෙයත් වාත රෝගයක්. එසේම ස්‌නායුගත රෝගයක් නමින්ද හැඳින්වෙනවා. මෙහි ප්‍රධාන ලක්‍ෂණය වන්නේ කට පැත්තකට ඇදී යැමයි. මෙය සිනහවෙන විට හොඳින් දක්‌නට ලැබෙනවා. රෝගියාට කතා කිරීමේ අපහසුව, කෙල වැගිරීම, ආහාර කටේ රැඳීම හා ගිලීමේ අපහසුව ආදී ලක්‍ෂණ ඇති විය හැකියි. සමහර පක්‍ෂඝාත රෝගීන්ටද අර්දිතය ඇති වියහැකියි. අර්දිතයට විශේෂ වූ පඤඳ්චකර්ම, තැවීම් ඇතුළු ප්‍රතිකාර පද්ධතියක් මගින් විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත හැකියි. සමහර රෝගීන්ට කතා කිරීමේ අපහසුතාවය (Dysphasia/Dysarthria) ඇති වෙනවා. මෙයට ප්‍රතිකාර කළ හැකිද? ආයුර්වේදයේ රෝගීන්ට කථා කිරීමේ නොහැකියාව ඇති වන රෝග කිsපයක් විස්‌තර වනවා. හද්ගද හෙවත් ගොත ගැසීම (Stammering) එන්මින හෙවත් නාසයෙන් කතා කිරීම (Nasal Speech) සහ මුඛත්ව හෙවත් ගොළුබව (Dumbness) මෙයට අයත්. අංශභාග රෝගීන්ගෙන් සෑහෙන සංඛ්‍යාවකට කථා කිරීමේ විකෘතිතා එනම් ගොත ගැනීම, නිසි පරිදි වචන උච්චාරණය කළ නොහැකි වීම, කතාවේ අපැහැදිලි බව, තැනට සුදුසු වචනය ප්‍රකාශ කිරීමේ නොහැකියාව ඇතිවෙනවා. අතළොස්‌සකට සම්පූර්ණයෙන්ම කථා කිරීමට නොහැකි වී යනවා. ශිරෝධය, පිචුධාරණ සහ පඤඳ්චකර්ම ආදී ප්‍රතිකාර මගින් කථාවේ හැකියාව වර්ධනය කර ගන්න පුළුවන්. විශේෂනේ ක්‍ෂුද්‍ර කර්ම මගින් මෙයට විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Aug 2017 10:01 AM කොඳු ඇටය ඇද කරන ආත්‍රයිටිස් රෝගයට ප්‍රතිකාර මොනවාද? ප්‍රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමඟ සාකච්ඡා කළේ දණහිසට වැළඳෙන ආත්‍රයිටිස් රෝගය ගැනයි. එවැනි රෝග තත්ත්වයක් තුළදී ඇතිවන වේදනාව නැති කරගැනීම සඳහා ඔබ අපට කසායක් නිර්දේශ කළා. අද අප ඔබ සමඟ කතා කිරීමට බලාපොරොත්තු වන්නේ කොඳුඇට පෙළ ඇද වීමේ ආත්‍රයිටිස් තත්ත්වය පිළිබඳවයි. වෛද්‍ය වසන්ත උදයජීව - කල්තබා හඳුනා නොගැනීමත්, හඳුනා ගත් පසු ප්‍රතිකාර නොකර අත්හැර දැමීමත් කොඳුඇට පෙළ ඇදවීමේ රෝගය නිහඬ පීඩකයකු ලෙස සමාජය පුරා පැතිර යමින් පවතිනවා. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මෙය ඔස්‌ටියෝ ආත්‍රයිටිස් තත්ත්වයක්. හැබැයි මෙයට ආයුර්වේද ප්‍රතිකාර තිබෙනවා. කොඳුඅට පෙළේ කොඳු ඇට කැබලි අතර හටගන්නා විකෘතිතා නිසා මෙය හට ගන්නා බව මූලික වශයෙන් කිව හැකියි. මෙය වයස්‌ගත වනවිට හට ගන්නවා. විශේෂයෙන් ම වයස 60 පැන්නාමයි මෙය ඇති වෙන්නේ. හුඟක් වෙලාවට මෙහි රෝග ලක්‍ෂණ පෙන්වන්නේ බෙහෙවින් ප්‍රමාද වූ පසුවයි. එවිට තත්ත්වය දුරදිග ගොස් හමාරයි. ප්‍රශ්නය - මෙය හට ගන්නේ කොහොමද? වෛද්‍ය වසන්ත උදයජීව - බටහිර ලෝකයේ පර්යේෂකයන්කියන අන්දමට මෙය හට ගන්නේ කොඳුඅට පෙළ මතට යෙදෙන අප්‍රමාණ පීඩනය නිසයි. විවිධ ක්‍රීඩාවල අසීමාන්තික කාලයක නියුතු වීම, වැරදි ඉරියව්වලට දීර්ඝ කාලයක් හිඳගෙන සිටීම වැනි දේවල් නිසා කොඳු ඇට පෙළ ඇද වීමට පටන් ගන්නට පුළුවන්. ප්‍රශ්නය - මෙය සැත්කම් මගින් සුව කරන්න බැරිද? වෛද්‍ය වසන්ත උදයජීව - මේ සඳහා සැත්කම් කරන අවස්‌ථා බටහිර වෛද්‍ය විද්‍යාව තුළ තිබෙනවා. එහෙත් එසේ නොකරන සුවපත් කර ගන්නට පුළුවන් නම් තමයි වඩාත් හොඳ. මොකද කොඳුඇට පෙළ කියන්නේ ඉතාම සංවේදී තැනක්. සුෂුම්නාව නමැති ඉතාම වැදගත් ඉන්ද්‍රිය යන්නේ කොඳු ඇට පෙළ මැදින්. මොළය විසින් ලබා දෙනු ලබන සියලුම සංඥා ශරීරය පුරා රැගෙන යන්නේ සුෂුම්නාව මගිනුයි. සැත්කමක් කරන්න ගිහින් යම් විදියකින් සුෂුම්නාවට හානියක් සිද්ධ වුණොත් ඒ පුද්ගලයාගේ අත් පා සියල්ල පණ නැතිව යනවා. මේ අවදානමෙන් මිඳීමට නම් කළ යුතු එකම දේ තමයි සැත්කමකින් මෙහා පැත්තේ කළ හැකි ස්‌ථිරසාර ප්‍රතිකාරයකට යොමු වීමයි. ප්‍රශ්නය - මෙහි රෝග ලක්‍ෂණ මොනවාද? වෛද්‍ය වසන්ත උදයජීව - මේ රෝගයේ රෝග ලක්‍ෂණ ගණනාවක් තිබෙනවා. එනම්. 1. ගෙළ ප්‍රදේශයේ තද බවක් ඇති වීම. 2. උරහිස් චලනය කරන්නට අපහසු බවක් හට ගැනීම. බාහු චලනය කිරීම ද දුෂ්කර වීම. 3. ගෙළ චලනය කරන විට වේදනාවක් හට ගැනීම. 4. මාංශපේෂිවල තද ගතියක් හට ගැනීම. 5. ඇවිදීමට දුෂ්කර වීම. අත් පා වෙත ස්‌නායු මගින් කරන විධානයන් සම්බන්ධීකරණය. ප්‍රශ්නය - කොඳුඇට පෙළ ඇදවීමේ රෝගය සඳහා ප්‍රතිකාර වශයෙන් යොදා ගත හැකි අත් බෙහෙත් මොනවාද? වෛද්‍ය වසන්ත උදයජීව - රාත්‍රි නින්දට යැමට ප්‍රථම පිරිසිදු එඬරු තෙල් තේ හැන්දක් පානය කරන්න. මෙය දෙසතියක් පුරා කළ විට ශරීරයේ ආමය හෙවත් විෂ ගතිය පහව යනවා. 2. සෑම දිනකම උදයේ අමු සුදුලූනු බික් 2 ක් අනුභව කරන්න. ඉන්පසු වතුර වීදුරුවක් බොන්න. මීට අමතරව සුදුලූනු බික් 3 ක් තලා එළවළු තෙල්වල බැඳගෙන නිවුනු පසු ඒවා යොදාගෙන කොන්ද සම්භාහනය කරන්න. සම්බාහනය කාලය විනාඩි 10 යි. දිනකට දෙවකර මාසයක කාලයක් කළ යුතුයි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Aug 2017 10:11 AM මහා හරි තෛලයෙන් අත් පා පණගන්වන ක්‍රමවේදය මෙන්න ප්‍රශ්නය - මේ ලිපියේ මීට පෙර කොටස අවසන් වූයේ රූමැටික ආත්‍රයිටිස් රෝගය සුවපත් කිරීමට බැහැ කියන බටහිර විද්‍යාත්මක මතයෙන්. බටහිර වෛද්‍ය දර්ශනයට අනුව මේ රෝගය කළමනාකරණය කිරීමට මිස සුවපත් කිරීමට බැහැ... වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මා පසුගිය සතියේත් කියූ පරිදි මේ රෝගය සුවපත් කරන්න පුළුවන්. හැබැයි එසේ කළ යුත්තේ රෝගය කළමනාකරණය කරන ගමන්. ඕනෑනම් රෝගය සුවපත් කරන්නේ නැතුව කළමනාකරණය කරගෙන ඉන්නත් පුළුවන්. එහෙත් එවැනි පිස්‌සුවක් රෝගීන්ට නැහැ. සනීප කරගන්න පුළුවන් ලෙඩ එසේ නොකර කළමනාකරණය කරගෙන ඉන්න රෝගීන් ගැන මා අහලම නැහැ. ප්‍රශ්නය - මෙහිදී ජීවත් විය යුතු ක්‍රමය කුමක්‌ද? ආත්‍රයිටිස් රෝගීන් ව්‍යායාම් කිරීම සුදුසු නැති බවට මතයක් තිබෙනවා..... වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඒක බොරු කතාවක්. සීමාසහිත ව්‍යායාම් කළ යුතුයි. හැබැයි බර උසුලන්න යන ලෝක ශූරයා කරන මට්‌ටමේ ව්‍යායාම නොකළ යුතුයි. එතකොට වෙන්නේ සන්ධි කුඩු පට්‌ටම්වෙලා යන එකයි. ශරීරයේ ක්‍රියාකාරීත්වය පවත්වා ගෙන යැම සඳහා මස්‌පිඬු වර්ධනය කරගත යුතුයි. ක්‍රමවත් මස්‌පිඬු වර්ධනයට ව්‍යායාම අවශ්‍යයි. විශේෂයෙන් ම වැඩ කරන විට අධික මහන්සියක් දැනෙන රූමැටික ආත්‍රයිටිස් රෝගීන්ට මෘදු ලෙස කරන ව්‍යායාම අවශයයි. එවිට වේදනාව සමනය වෙනවා. මෙයට උදාහරණයක් දෙන්නම්. ආත්‍රයිටිස් රෝගියෙක් උදේට නිදි ඇඳෙන් නැගිටින්නේ ඉතාම අමාරුවෙන්. රෝගියාට දෙපා බිම තියලා නැඟිට ගන්නවත් බැහැ. එහෙත් ටික වෙලාවක් ඇවිදින විට වේදනාව පහවෙලා රෝගියා ප්‍රකෘති තත්ත්වයට එනවා. ඒ තමයි ශාරීරික ක්‍රියාකාරීත්වයෙන් වේදනාව අඩු කරන විදිය. ප්‍රශ්නය - ඔබ නිතරම කියනවා මහා හරි තෛලය මගින් රූමැටික ආත්‍රයිටිස් රෝගය සුව කළ හැකියි කියලා? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - එය සිදුවෙන්නේ මෙහෙමයි. දැන් සිරුරේ ක්‍රියාත්මක ප්‍රධාන බලවේග අතර වාත, පිත, කප යන තුන් කොටසට ප්‍රධාන තැනක් ලැබෙනවා. මේවා කෝප වූ විට අසනීප හැදෙනවා. මහාහරි තෛලය හදන්න ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් එකතු කරලා. වාත පිත කප යන ත්‍රිදොaෂයටම ඉතා හොඳින් ක්‍රියාත්මකවන ඖෂධ මේ තෙල් වර්ගය තුළ තිබෙනවා. රූමැටික ආත්‍රයිටිස් වැළඳෙන කෙනෙකුට ඊට සමගාමීව තවත් රෝග හට ගන්නට පුළුවන්. රූමැටික ආත්‍රයිටිස් රෝගය ඒ රෝග පරදවා ඉහළින් සිටින නිසා, ඒ රෝගයට කරන ප්‍රතිකාර අනෙක් රෝගවලට අදාළ වන්නේ නැහැ. එවිට ඒ අනෙක් රෝග නිදහසේ වර්ධනය වෙනවා. එවිට රෝගියාගේ රූමැටික ආත්‍රයිටිස් තත්ත්වය තවත් දරුණු වෙනවා. උදාහරණයක් හැටියට ගනිමු සෙම් අමාරුව හටගත් රූමැටික ආත්‍රයිටිස් රෝගියෙක්. රූමැටික ආත්‍රයිටිස් රෝගයට ප්‍රතිකාර කරන විට සෙමට ප්‍රතිකාර නොලැබෙන නිසා සෙම අමාරුව ඉස්‌මතු වෙනවා. සමහර විට පිත්තාශය නරක් වේගෙන එනවා නම් ඒ වෙලාවේ ප්‍රධාන රෝගය රූමැටික ආත්‍රයිටිස් රෝගය නම් පිත්තාශයේ රෝගය ප්‍රතිකාර නොකර අත් හැරෙනවා. මහා හරි තෛලය තුළ තිබෙනවා වාත පිත්ත කප යන රෝග තුනටම බලපාන ඖෂධ. ඒ ත්‍රිදොaෂය මගින් හටගන්නා සියලු රෝග එක විට දමනය කරන්න, සුවපත් කරන්න මහා හරි තෛලයට පුලුවන්. මෙය ඉතාම සංකීර්ණ තෙලක්. හැබැයි එහි ක්‍රියාවලිය ඉහත සඳහන් ආකාරයෙන් හරිම සරළව දර්ශනය කරන්නට පුළුවන්. මහා හරි තෛලය මගින් ප්‍රතිකාර ලබපු කිසිම කෙනකුට වැරදිලා නැති බව තමයි මා අවසාන වශයෙන් කියන්නේ. පසුගිය සතියේදී මේ තීරයේ පළවූ පිළිකා රෝග ප්‍රතිකාර පිළිබඳ ලිපියේ ඊළඟ කොටස් ලබන සතියේ සිට බලාපොරොත්තු වන්න. පිළිකා රෝගය ක්‍රමානුකූල ලෙස සුවපත් කිරීම සඳහා දේශීය පාරම්පරික ඖෂධ පරිහරණය කරන ආකාරය ගැන එමගින් සාකච්ඡා කෙරේ. නොමිලේ විස්‌තර සඳහා 0713464276/ 0759061771 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 maduranga001Most Senior MemberPosts:14118 05 Aug 2017 11:17 PM මටත් වැදගත් වන තොරතුරු ටිකක්. දවසේ වැඩි කාලයක් වාදී වෙලා ඉන්න නිසා මේ කොඳු අටපෙලෙහි අභාධ වලට මම නිතර ලක් වෙනවා. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 chamaramindMost Senior MemberPosts:13471 06 Aug 2017 10:10 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 06 Aug 2017 10:14 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 06 Aug 2017 06:58 PM පොතු කබර, සුදු කබර රෝගීන්ට බඩ විරේක අගුණයි.... පොතුකබර (Psoriasis) සහ සුදු කබර (Vitiligo) රෝගයන් සම මත මතුවන රෝග ලෙස හඳුන්වයි. මෙම රෝග ඇති වූ විට බොහෝ දෙනා පීඩාවට පත්වන්නේ රෝගයෙන් සිරුරට ඇතිවන අපහසුතාවයට වඩා අන් අය තමා කෙරෙහි දක්‌වන ප්‍රතිචාරය හමුවේ මතුවන මානසික පීඩාව නිසාය. මෙම රෝග මතුවීම නිසා හටගන්නා විරූපීතාවයන් ඊට ප්‍රධාන ලෙසම බලපා ඇත. වෛද්‍යතුමියනි, පොතුකබර සහ සුදුකබර රෝග ඇතිවීමට බලපාන හේතු මොනවාද? ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මෙම රෝග ලේ කෝපවීම නිසා මතුවන රෝග ලෙස හඳුන්වනවා. එසේ ලේ (රක්‌තය) කෝපවීමට බලපාන හේතු ලෙස වාත, පිත සහ සෙම යන ත්‍රිදෝෂ මූලික වෙනවා. එදිනෙදා අප ගනු ලබන ආහාර මගින් වාත පිත සහ සෙම කෝපවීම සිදුවෙනවා. උදාහරණයක් ලෙස නිතර නිතර සැර ආහාර වර්ග ගැනීමට හුරු වී සිටින අය පොතුකබර සහ සුදු කබර රෝගවලට ගොදුරුවීමේ සම්භාවිතාව වැඩියි. නිතර මත්පැන් පානය කරන අයට මෙම රෝග මතුවීම බහුලව දක්‌නට ලැබෙනවා. පවුලේ කිසියම් කෙනෙක්‌ට දද, කුෂ්ඨ, යටිපතුල් පැලීම වැනි රෝග තියෙනව නම් ඔවුනගේ අන් සාමාජිකයන් වඩාත් සැලකිලිමත් විය යුතුයි. එම පවුල්හි සාමාජිකයන්ගේ ත්‍රිදොෂ කෝපව පවතින විට පොතු කබර සුදුකබර වැනි රෝග හටගන්නවා. ඇතැම් දෙනා වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණි විට පවසන්නේ පවුලේ කිසිම කෙනකුට මේ වගේ රෝගයක් තිබුණේ නැහැ කියාය. නමුත් ඔවුන්ගේ පවුල්හි තොරතුරු විමසා බැලූ විට අපට අවබෝධ වෙනවා පවුලේ සාමාජිකයන්ට කුෂ්ඨ රෝග, යටිපතුල් පැලීම, අලුහම්, ඉක්‌මනින් කොණ්‌ඩය සුදුවීම වැනි රෝග මතුව තිබෙන බව. මෙවැනි පවුල්හි අය වැඩිපුර බලමාළු, ඉස්‌සෝ, දැල්ලෝ, අච්චාරු වර්ග, මඤ්ෙÆක්‌කා ආහාරයට ගන්නා විට ඔවුන්ගේ ශරීරයේ වාතය, පිත සහ සෙම කෝප වී ටික කලකින් පොතු කබර, සුදු කබර වැනි රෝග මතුවීමට පටන් ගන්නවා. වර්තමානයේ පාසල් යන දරුවන් අතරත් මෙම රෝගය දක්‌නට ලැබෙනවා. ඒ සඳහා වැඩිපුරම බලපා තියෙන්නේ ඔවුන් ආහාරයට ගනු ලබන වසවිස සහිත ආහාර පාන වර්ග. රසකාරක යෙදූ ආහාර වැඩිපුර ගැනීම නිසා මෙම රෝග මතුවීමට බලපෑමක් ඇති බව අපගේ රෝග ප්‍රතිකාර අත්දැකීම් අනුව හඳුනාගෙන තිබෙනවා. වෛද්‍යතුමියනි, පොතු කබර රෝගය මතු වූ විට ඇතිවන පීඩාවන් මොනවාද? පොතුකබර රෝගීන්ගේ ශරීරය පුරා මෙම රෝගය පැතිර යන්න පුළුවන්. වැලමිට, දණහිස, බෙල්ල, පපුව, පිට ප්‍රදේශය සහ මුළු ශරීරය පුරා වුව මෙය පැතිර යා හැකියි. මෙහිදී සම මතුපිට සෛල ඉතා ඉක්‌මනින් දිරාගොස් පොතු ලෙස ගැලවී යැමට පටන් ගන්නවා. කැසීම හටගන්නවා. ගඳ ගැසීම ඇතිවෙනවා. ශරීරය පුරා දැවිල්ලක් හටගන්නවා. වෛද්‍යතුමියනි, මෙවැනි රෝගීනට ඇති ප්‍රතිකාර මොනවාද? ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරවලට අනුව සම මත ගැල්වීමට තෙල් වර්ග ලබාදෙනවා. බීමට ඖෂධ වර්ග ලබා දෙනවා. එම ප්‍රතිකාර නිවැරැදිව මාස හයක් පමණ සිදුකරන විට රෝගය සම්පූර්ණයෙන් සුව කරගත හැකියි. අපගේ වෛද්‍ය පරපුරේ ප්‍රතිකාර අනුව රෝගීන්ට කසාය වර්ග ලබාදෙන්නේ නැහැ. බඩ විරේක ලබාදෙන්නේ නැහැ. විශේෂයෙන්ම බඩ විරේක ලබාදීමත් මතුව ඇති රෝග උත්සන්න වෙනවා. මෙවැනි රෝගියකුගේ ශරීරයේ තුන් දොස් කිපී ඇති විට බඩ විරේක ලබාදීමෙන් තවත් එම දොස් කෝපවී රෝගියාගේ ශරීර සෞඛ්‍ය දුර්වල වෙනවා. මේ වගේ රෝග තිබෙන අය කොළ වර්ග, එළවළු පලතුරු ආදිය ආහාරයට වැඩිපුර එක්‌කරගත යුතුයි. කෘත්‍රිම රසකාරක යෙදූ පාන වර්ග වෙනුවට පිරිසිදු ජලය පානය, බෙලිමල්, රණවරා, කොළකැඳ වර්ග ආදිය පානයට යොමුවීමෙන් මතුව ඇති රෝගය නිසා ඇතිවන අපහසුතා අඩුකර ගැනීමටත් ඉක්‌මන් සුවය ලබාගැනීමටත් උපකාර වෙනවා. එසේම වෛද්‍යවරයකු ලෙස අප කෙතරම් ඖෂධ වර්ග ලබාදුන්නත් ඒවා නිසි ලෙස භාවිත කරන්නේ නැත්නම් රෝගය සුව වන්නේ නැහැ. ඇතැම් දෙනා මාසයක් පමණ ඖෂධ භාවිත කර දැන් මට සුවය ලැබී ඇතැයි කියා තීරණය කර ඖෂධ පානය කරනවා. ඊට පසු තව මාස කිහිපයකින් රෝගය යළි මතුවූවා කියා පවසමින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙනවා. මෙවැනි රෝග සඳහා එකදිගට මාස හයක්‌වත් ඖෂධ පානය තුළින් නිවැරදි ප්‍රතිකාර ලබාගත යුතුයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0770181010 අමතා ලබාගත හැකිය. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 06 Aug 2017 07:02 PM දියවැඩියා රෝගීන් ඇඹුල් රස ආහාර වැඩිපුර ගැනීම හොඳ නැහැ... ප්‍රශ්නය(- වෛද්‍යතුමනි මම හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් මේ වනවිට පෞද්ගලික ආයතනයක සේවයේ නිරතව සිටිමි. දැන් වසර කිහිපයක පටන් මම අර්ශස් රෝගයෙන් පෙළෙමි. අර්ශස් රෝගය හේතුවෙන් මතුවන වේදනාව නිසා ඇතැම් අවස්‌ථාවලදී මාහට නිසි ලෙස රාජකාරී කටයුතු කරගෙන යැමට නොහැකිය. හමුදා සේවයේ යෙදී සිටියදී යුදබිමේ රාජකාරී වල වැඩි කාලයක් නිරතවූ නිසා නිසි වේලාවට ආහාරපාන ගැනීමටද නොහැකි විය. එම තත්ත්වයද මගේ අර්ශස් රෝගය සඳහා බලපා තිබෙනවාද? අපගේ පවුලේ වෙන කිසිකෙනකුට අර්ශස් රෝගය වැළඳී නැත. දේශීය වෙදකම තුළ අර්ශස් රෝගයට ප්‍රතිකාර ඇතැයි කියා මා තුළ දැඩි විශ්වාසයක් පවතී. එනිසා මාගේ රෝගය සුවකර ගැනීම සඳහා පහසුවෙන් භාවිත කළ හැකි ආයුර්වේද ඖෂධ වර්ග තිබේද? එම්. බී. ආර්. ගාමිණී - හෙට්‌ටිපොල පිළිතුර - අර්ශස් රෝගය නිට්‌ඨාවටම සුවකිරීම සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ඉතා සාර්ථක ප්‍රතිකාර ඇති බව මුලින්ම කිව යුතුය. ඔබ හමුදා සේවයේ යෙදී සිටි කාලය තුළ කලට වේලාවට ආහාර ගැනීමට නොහැකිවීම නිසා ආහාර ජීර්ණ පද්ධතියේ දුර්වලතාවක් මතුවන්නට ඇති බව ද කිව හැකිය. දැන් පවතින අර්ශස් තත්ත්වයට එම හේතූන් සෘජුව බලපාන්නට ඇත. දැන් ඔබ කළ යුත්තේ වෛද්‍ය උපදෙස් මත නිසි වේලාවට සුදුසු ආහාර ගැනීමත් රෝගයට අදාළව ප්‍රතිකාර ගැනීමත්ය. වර්තමානයේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී නවීන තාක්‌ෂණික දැනුම භාවිතයෙන් පහසුවෙන් භාවිත කළ හැකි ඖෂධ නිපදවා ඇත. එනිසා ඔබ කුමන පරිසර තත්ත්වයක හෝ රාජකාරියක නිරතව සිටියත් මෙම ඖෂධ භාවිතයෙන් පහසුවෙන් ඔබේ රෝග තත්ත්වය සුවකරගත හැකිය. ප්‍රශ්නය(- වෛද්‍යතුමනි මම වයස අවුරුදු 48 ක් වන දැනට වසර පහක පමණ සිට දියවැඩියා රෝගයට ගොදුරුව සිටින අයෙක්‌මි. වෛද්‍ය උපදෙස් අනුව මම දැන් සීනි භාවිතය ඉතා අඩුකර ඇත. ඇතැම් දිනවල සීනි සහිත ආහාර භාවිත කරන්නේම නැත. ඒ වෙනුවට මම ඇඹුල් සහිත පලතුරු වර්ග සහ ආහාර භාවිත කරමි. නමුත් මාගේ දියවැඩියා රෝගී තත්ත්වය පාලනය වී ඇති බවක් දක්‌නට නැත. වෛද්‍යතුමනි මේ සඳහා ගතයුතු ප්‍රතිකාර මොනවාදැයි කියා උපදෙසක් බලාපොරොත්තුවෙමි. ශාන්ති පෙරේරා - වත්තල පිළිතුර - දියවැඩියාව ඇතිවීමට හේතුව සීනි භාවිතයම නොවේ. ආයුර්වේද වෛද්‍යවරුන් හැටියට අප හඳුනාගත් දියවැඩියාව ඇතිවන හේතු අතර අධික මානසික පීඩනය, අධික නිදි වැරීම, නිතර ශෝකවීම, ආහාර ජීර්ණයේ දුර්වලතා, මද්‍යසාර භාවිතය, උෂ්ණාධික ආහාර අධික ලෙස භාවිතය, ආම්ලික ප්‍රභවයන්ගෙන් යුත් ආහාර අධික ලෙස භාවිතය යනාදී වූ හේතු රාශියක් ඇත. ඒ අනුව බලනවිට ඇඹුල් රසැති පලතුරු වැඩිපුර භාවිත කිරීම දියවැඩියාවට හිතකර යෑයි වර්තමානයේ සමාජගතවීම මිථ්‍යාවකි. ඇඹුල් වර්ග වැඩිපුර ආහාරයට ගැනීම නිසා කිසි විටෙකත් රුධිරයේ ඇති ග්ලූකොස් මට්‌ටම පහළ බැසීමක් සිදු නොවන අතර ඉන් ඇතිවන හානිය නම් රුධිරයට එම ආම්ලික ප්‍රභවයන්ගේ ආම්ලික ගුණය එකතුවී අග්න්‍යාශය වැනි වැඩි කාර්යභාරයක් සිදුකරන සංවේදී ඉන්ද්‍රියයන් තව තවත් දුර්වලවීමයි. ඔබට අත්විඳින්නට ලැබී ඇත්තේද එම තත්ත්වයයි. එබැවින් ඉහතින් මා සඳහන් කළ දියවැඩියාව ඇතිවන හේතූන්ගෙන් වැළකී නිවැරදි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට යොමුවී ප්‍රතිකාර ලබාගතහොත් ඔබට දැන් පවතින රෝග තත්ත්වයට ඉතා සාර්ථකව පිළියම් ලබාගත හැකිය. මෙම රෝග පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා දුරකථන අංක 0713009089 හෝ ක්‍ෂණික ඇමැතුම් මත 0713007000 යන අංක භාවිත කළ හැකිය. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Aug 2017 06:45 PM කළු කුමාරයා කියන තරම් කළු නැහැ... * කළු කුමාර බැල්ම, පෙම්වතෙක් නැති විට පමණක් ඇයි කළු කුමාරයා ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප කවුරුත් දන්නා, හොඳට හුරු පුරුදු පුද්ගල නාමයකි. සැබැවින්ම අපේ සංස්‌කෘතිය හා බද්ධ වූ අයෙකි. ශ්‍රී ලාංකීය පුරාතන ගැමි සමාජය තුළ අදට වඩා එදා ඉතාම ජනප්‍රිය වූ කළු කුමාරයා කිසිවෙක් කිසි විටෙක පියවි ඇසින් නොදුටුවාට භෞතික ශරීරය පිළිබඳ, අංග ලක්‍ෂණ පිළිබඳ එකිනෙක වෙන වෙනම කතා කළ හැකි අරුම පුදුම සිත් ඇදගන්නා කඩවසම් පුරුෂයෙක් බව පෙනේ. කාන්තාවන් සහ කුඩා ගැහැණු ළමුන් විෂයෙහි බලපවත්නා වූ යක්‍ෂයෙක් ලෙස හැසිරෙන කළු කුමාරයා ආදී කාලීන වැදි ජන ඇදහිල්ලක් වූ "බිළිඳු යකා" ගේ විකාශනයක් යෑයිද මතයක් තිබේ. වැදි ජනතාව අතර ප්‍රචලිත කුකුළා පොළ කිරි අම්මාගේ පුත්‍රයකු වූ බිළිඳු යකා, කළු දැකඩ කුමාරයා හෙවත් ඉලන්දාරි යකා විය හැකි බවත්, තැනකදී පෙන්වාදී තිබේ. කළු කුමාරයාට කාල වර්ණ සිරුරක් ඇති බවට පුරාණ ග්‍රන්ථවල සඳහන් වෙයි. එමෙන්ම ඔහු දිවියෙක් වාහනය කර ගත් යක්‍ෂයෙක් හැටියටත් තවත් තැනෙකදී දෙවියෙක් හැටියටත් මත රාශියක් තිබේ. කළු කුමාරයාට සතියේ දින හතට පෞරුෂ හතක, ආවේෂ බද්ධකර ගත හැකි බව සඳහන් වේ. එනම් හඳුන් කුමාර, අනදුන් කුමාර, මල් කුමාර, ගිරි කුමාර, දළ කුමාර, සොහොන් කුමාර සහ වාත කුමාරයි. එමෙන්ම අතීත ජනප්‍රවාදයේ කළු කුමාරයා මදන යකා හැටියටත් හඳුන්වා තිබේ. තවද භූත විද්‍යාවට අනුව කාන්තාවන්ගේ සියලුම මානසික සහ කායික ගැටලුවලට මුල් වන රෝග මූලය හැටියට කළු කුමාර දොaෂය බලපාන බවක් සඳහන් වේ. රෝග සුව කිරීමේදී කළු කුමාරයා යකෙක් හැටියටත්, දෙවියෙක් හැටියටත් ආමන්ත්‍රණය කරන අවස්‌ථා තිබේ. කළු කුමාර සංකල්පය කාන්තාවන්ගේ පෞරුෂය තුළ පැළ පැදියම් වීම හෝ විවිධ ආකාරයෙන් එම පෞරෂ තුළ වැඩි දියුණු වීම ජන වහරේදී හඳුන්වන්නේ ලිංගිකත්වය පිළිබඳ ගතානුගතික අදහස් සමූහයක් බද්දකර ගනිමිනි. අතීත මානව සමාජය තුළ විශේෂයෙන්ම කාන්තාවන්ගේ මනස තුළ සැඟවුණු මානසික ආතතිය, අසහනය යටපත්කර ගත් ලිංගික ආශාව, කායික, මානසික සහ සමාජයීය ගැටලු බාහිරට නිරාවරණය කිරීමට, ප්‍රකාශ කිරීමට යොදා ගන්නා මාධ්‍යයක් හැටියට කළු කුමාර සංකල්පය සඳහන් කිරීමේ හැකියාව තිබේ. මෙය ඔවුන්ගේ මනස තුළ එක්‌තරා ආකාරයක ආරක්‍ෂණ යාන්ත්‍රණයක් වශයෙන් ක්‍රියාත්මක වන අතර එය නොතිබුණා නම් ඔවුන් ශාරීරික, මානසික සහ සමාජයීය වශයෙන් බලවත් අපහසුතාවයකට පත්වීමේ ඉඩක් පැවතිය හැකිබවක් පෙනෙන්නට තිබේ. කළු කුමාරයා පුරුෂාධිපත්‍යය සමග ගොඩනැඟුණු පුවතක් බවට සටහන්වන අවස්‌ථාවන් පරීක්‍ෂණ අතරත සටහන් වී ඇති සෙයකි. මෙම පුරුෂාධිපත්‍ය න්‍යාය නිසාවෙන් ඇතැම් විට තරුණ කාලයේ පියාට යටත්ව සිටීමටත්, විවාහයෙන් පසු ස්‌වාමිපුරුෂයාට යටත් වීමටත්, පිරිමි දරුවන් ඇති මව්වරුන් වැඩිමහල් පිරිමි දරුවන්ට යටත්ව සිටීමටත් සමාජය තුළ ගොඩනැඟුණු බලපෑම් තුළ වූ කතාවක් මෙහි ගැබ්ව ඇති බවක් පෙනෙන්නට තිබෙන සැටියකි. පුරුෂාධිපත්‍ය වැඩි වශයෙන් ප්‍රචලිත සමාජයක කාන්තාවන්ගේ ආතතකාරි ප්‍රතික්‍රියාවන් සහ නූතන මනෝ වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන විශාදය නමැති මානසික රෝගය වැඩි වශයෙන් පෙන්නුම් කරන සමාජයක, සමාජ විද්‍යාඥයන් එය එලෙසින් සනාථකර තිබේ. ජීවිත කාලය තුළ පිරිමි 10 දෙනෙකුගෙන් එක් අයකුට විශාදය වැළඳීමේ ඉඩකඩ තිබෙන අතර කාන්තාවන් 10 දෙනකුගෙන් 4 දෙනකුට විශාදය වැළඳීමේ ඉඩකඩ තිබෙන බව සොයාගෙන ඇති කරුණකි. පිරිමින්ට සාපේක්‍ෂාව කාන්තාවන් තුළ ආතතිය දරා ගැනීමේ ඌණතාවයක් දැකිය හැකි නිසාවෙන් කාන්තාවන් චින්තාවේගික වශයෙන් තමන් මුහුණපා සිටින තත්ත්වය බැහැරට පෙන්වීමේ වැඩි ගැඹුරුවක් පෙන්වමින් ඔවුන් වෛද්‍යවරුන් කරා යොමු වීම නිසාම විශාදය වාර්තා වීම ඉහළ අගයක් ගන්නා බව පෙනේ. මෙම තත්ත්වය පිරිමි පෞරුෂය තුළින් ප්‍රක්‌ෂේපණය වන මෝහිණී සංකල්පයට වඩා කාන්තා පෞරුෂය තුළින් ප්‍රක්‌ෂේපණය වන කළු කුමාර සංකල්පය වඩා ඉස්‌මතුවීමක්. අතීතයේ සිට දක්‌නට ලැබෙන තත්ත්වයකි. විවාහය පමාවෙන කතුන් වෙත, වැන්දඹු කාන්තාවන් වෙත, පෙම්වතකු නොමැතිව ලතැවෙන තරුණියන්ට කළු කුමාරයාගෙන් කරදර වන බවට වූ කතාව අද දක්‌වාම නොවෙනස්‌ව පැවතීම සැබැවින්ම විටෙක පුදුම සහගත බවක් පෙනේ. ඉහත සඳහන් කළ ආකාරයට කළු කුමාර ග්‍රහණයට වැඩිපුර ලක්‌වන්නේ ගැමි ළඳුන් බවට වූ කතා බහේදී එය එලෙසින්ම වන බව පෙනෙන්නේ ගැමි ළඳුන් වැඩිපුර කළු කුමාර ග්‍රහණයට හසුවන බවට වූ කතා බහක් ඇති නිසාවෙනි. මනෝ විශ්ලේෂණවාදයේ පියා ලෙසින් හඳුන්වන සිග්මන් ෙµ්‍රdයිඩ් පවසන අන්දමට මිනිස් සිත කොටස් 3 න් සමන්විතය. විඥණය (උඩුසිත) පෙර විඥණය සහ අවිඥණය (යටි සිත) එම කොටස් තුනයි. උදාහරණයක් ලෙසට මෙය නිවෙස කසළ එකතුකරන බඳුනට සමාන කළ හැක. උඩු සිතින් අයින් වන සෑම දෙයක්‌ම ගබඩා වන්නේ යටි සිත කියන කොටසේයි. මිහිරි අත්දැකීම් මෙන්ම අමිහිරි අත්දැකීම් මෙහි තැන්පත් වෙයි. අපේ උඩුසිත සිතන්නේ අපට දැන් ඔක්‌කොම අමතක වෙලා යනුවෙන් වුවත් එහෙත් එය අළුයට තැන්පත් වුණු ගිනි පුපුරු වගේ විය හැකි අවස්‌ථා තිබේ. එලෙස කොයි වේලාවක හෝ සිතුවිලි ක්‍රියාත්මක වීමේ හැකියාව තිබේ. ඇතැම් විට අපි අඩුවෙන්ම බලාපොරොත්තු වන වේලාවක මෙය ඉස්‌මතු වේ. මනෝ විශ්ලේෂණවාදය මෙලොවට බිහි වීමට සහශ්‍ර ගණනාවක පෙර සිට පැවැත එන්නා වූ මෙවැනි සංකල්ප අතිශය විද්‍යාත්මක බව පෙනේ. අපේ සංස්‌කෘතියට ආවේණික වූ අපේ මුතුන් මිත්තන් විසින් ගොඩනැඟුවා වූ මෙවැනි වූ සංකල්පවලට දුර්මත කියා හෝ විද්‍යාත්මක නොවේ යෑයි කියා හෝ දොස් පැවරිය නොහැකි බව පෙනේ. වැන්දඹු කතුන් මෙන්ම විවාහය පමාවීම තුළ පෙම්වතකු නොමැතිව ලතැවෙන තරුණියන්ගේ මනසේ ඇති වන ව්‍යාධිකූල තත්ත්වයන් හමුවේ කළුකුමාරයා වෙතින් පවසන්නට උත්සාහ කරන්නේ ඔවුන් තුළ ඇති අසහනකාරී නැතිනම් පීඩාකාරී තත්ත්වය වීමේදී වැඩිහිටියන්ගේ අවධානය ඔවුන් වෙත යොමුකර ගනිමින් ප්‍රශ්නය විසඳා ගැනීමට හේතුවූ මඟක් ලෙසට කළු කුමාරයා පෙන්වා දීමේ හැකියාව තිබේ. එනම් පවුලේ මවුපිය වැඩිහිටියන්ට ඔවුන්ගේ අවශ්‍යතාවය පිළිබඳ මතක්‌කර දීමේ මඟක් ලෙසට මෙය හේතුවූ අවස්‌ථා සමාජයේ අනන්තවත් තිබේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Aug 2017 06:49 PM මැදිවයස පසු කරන අය අතර බහුල කායික හේතුවක් නැති පීඩාකාරී වේදනාව... මානසික අසමතුලිතතාවයෙන් ඇතිවන කායික සංකූලතා මානසික අසමතුලිතතාවය නිසාවෙන් ඇතිවන කායික සංකූලතා (psychosomatic) එන්න එන්නම වැඩිවන බවක් දක්‌නට ලැබේ. මෙම තත්ත්වය පොදුවේ ගැහැනු, පිරිමි දෙපිරිසටම ඇතිවන අතර වයස් භේදයක් ද නොවේ. එහෙත් අද වන විට මැදි වයස පසුකරන අය අතර යම් බහුල බවක් දක්‌නට ලැබේ. විශේෂයෙන්ම අතිශය කාර්ය බහුල, කාල කළමනාකරණයෙන් තොරව, කරන කාර්ය මහා බරක්, වදයක් කරගත් අයට මෙම සංකූලතා ඇති වන්නේය. එසේ වීමේදී අතේ, පයේ, උරහිස, ඇලපත, පිටකොන්ද, අස්‌ථි ආශ්‍රිත ප්‍රදේශවල වේදනාවක් ඇතිවීම දක්‌නට ලැබෙන සංකූලතාවය. වරෙක මෙම වේදනාව උත්සන්න වේ. තමන් වරෙක සමනය වන බවක් දැනේ. ප්‍රතිකාරයක් නැතිව සුවවන බවක් වරෙක දැනේ. වේදනාව නිසාවෙන් නින්ද යන්නේ නැති බවට ඔවුහු මැසිවිලි නඟති. එහෙත් මෙහිදී සිදුවන්නේ වේදනාව නිසාවෙන් නින්ද නොයැමක් නොව නින්ද නොයැම නිසාවෙන් වේදනාව ඇතිවීමයි. නව යෞවනයේ දරුවන්ට, තරුණ අයට රැකියාව, අධ්‍යාපනය නිවෙසේ වැඩ කරදරයක් ලෙසට දැනීමේදී වේදනාව ඇතිවන අවස්‌ථා තිබේ. මෙහි ප්‍රධාන වරද නිසි කාල කළමනාකරණයක් නොවීම බව පැහැදිලිව වටහා ගත හැකි කාරණාවයි. මැදිවිය පසුකරන වයසේ පසුවන කාන්තාවන් දෙස බැලීමේදී සැමියා සහ දරුවන්ගේ අවධානයක් තමා වෙත නොමැති බව දැනීමේදී මෙවැනි වේදනා තත්ත්ව ඇතිවිය හැකිය. විවාහ ජීවිතයේ අමිහිරි සිදුවීම් මත සැමියාගේ අවධානය නැති විටෙක වේදනාව ඇතිවන බව පෙනේ. පිsරිමි අය දෙස බැලීමේදී විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයේ දිගටම නිරත වන අතර රැකියාවක් කිරීම තුළ මෙම කාර්ය දෙකෙහි සමබරතාවය වටහා ගැනීමට අපහසු අයට වේදනාව ඇති වීමට පුළුවන. මෙවැනි වේදනා ඇතිවීමට හේතුව මානසික අසමතුලිතතාවය නිසාවෙන් දැයි දැනගැනීමට යම් නිර්නය සඳහා විවිධ වෛද්‍ය වාර්තා බැලීම තුළ ඒවා සාමාන්‍ය තත්ත්වයේ පැවතීමත් වේදනාව දිගටම පැවතීම තුළ රෝග තත්ත්වය තීරණය කරගත හැක. ඉන්පසු හේතු සොයා බැලීමේදී ප්‍රධාන හේතුව ලෙසට කාල කළමනාකරණය නොකිරීම හඳුනාගත හැක. රැකියාවක නියුතු නම් රැකියාවේ කටයුතු නිසි පරිදි නිම කර එම ප්‍රශ්න නිවසට නොගෙන යන තරමට මානසික සමතුලිතතාවය පවත්වා ගෙන යැම පහසුය. එසේ නොවී රැකියාවේ ප්‍රශ්න නිවෙසටත්, නිවෙසේ ප්‍රශ්න රැකියා ස්‌ථානයටත් ගෙන යැම තුළ ඇතිවන මානසික අසමතුලිතතාවය හොඳ දෙයක් නොවේ. රැකියාව, අධ්‍යාපනය, ගෘහ ජීවිතය යන කටයුතු එකට කිරීමේදී සමබරව කාල කළමනාකරණයෙන් මෙම කටයුතු කිරීමට වගබලා ගත යුතුය. මෙවැනි අවස්‌ථාවල පවුලේ සහයෝගය අත්‍යවශය වන්නේ එම පුද්ගලයාගේ මානසික සමබරතාව පවත්වා ගැනීමට සහයෝගයක් ලබාදීමටයි. ඇතැම් වැඩිහිටියෝ නිදි නොලබමින් තමා තනිවී ඇතැයි යන කාරණාව හමුවේ පසුතැවිලි වීම මෙම වේදනාවට හේතුවන අවස්‌ථා ඇත. අද බොහෝ පවුල්වල දරුවන් උසස් අධ්‍යාපනයට විදේශගත වී සිටී. නැතිනම් විවාහයෙන් පසු පදිංචිය විදේශ රටවල වීමේදී මව්පියන් හුදකලා වන අයුරක් තිබේ. සමාජය දෙස බැලීමේදී මෙවැනි බොහෝ මවුපියෝ මෙම හේතුවක් රහිත වේදනාවෙන් පීඩා විඳින්නේ මානසික අසමතුලිතතාවය නිසාවෙනි. මෙවැනි අය විශේෂයෙන්ම සුදුසු විනෝදාංශයක යෙදීම යෝග්‍යය. මල් වැවීම, මනස සැහැල්ලු කරන සංගීතයට සවන්දීම, ගීත ගායනය, ආගමික ස්‌ථානවලට යොමුවීම, ස්‌වභාව සෞන්දර්ය නැරඹීමට පුරුදු වීම වැනි දෙය වඩාත් යෝග්‍යය. තවද නිතර පිරිසිදු ඇල්දිය පානය කළ යුතු අතර සමබර ආහාරයක් අවශ්‍යය. කායික වශයෙන් සමබරතාවය පවත්වා ගැනීම තුළින් මනස නිරවුල්කර ගැනීමට එය උදවු වන තත්ත්වයක් තිබේ. කාර්යාලයක හෝ ඉගෙන ගන්නා ස්‌ථානවල අන් අයගේ දේ සොයමින් අනවශ්‍ය ආතතියක් ඇති කර නොගනිමින් සිටීම මානසික අසමතුලිතතාවයක් ඇති නොවීමට හේතුවක් වනු ඇත. එනම් අන් අය සමඟ තමා සන්සන්දනය සුදුසු දෙයක් නොවන බව සිහිතබා ගත යුතුය. සන්සන්දනය රෝගවලට හේතුවක් විය හැකි බව අමතක නොකළ යුතුය. රාත්‍රී නින්දට පෙර ආගමික වතාවත් ඉටු කිරීම, මගින් මනස සැහැල්ලු වීමේදී පසු දින නව ජවයකින් පිබිදීමේ හැකියාව ලැබේ. එමෙන්ම උසස් අධ්‍යාපනය ලබන අය මධ්‍යම රාත්‍රිය පසු වී නින්දට යැම සිරුරට අහිත කර විය හැකි අවස්‌ථා තිබේ. අවම වශයෙන් පැය 6 ක් වත් හොඳ නින්දක් අවශ්‍ය වන්නේ මනස සමතුලිතතාවයෙන් තබා ගැනීම වෙනුවෙනි. මෙහිදී නින්ද ගැන කතා කිරීමේදී කඩින් කඩ නින්ද නොව එක දිගට පැය හයක නින්ද අවශ්‍ය බව අමතක නොකළ යුතුය. පවුලේ අසාමාන්‍ය ලෙස ගැටලු පවතී නම් ගැටලුවලට හේතු සොයා විසඳාගැනීමට සාකච්ඡා කිරීමෙන් අසමගිතා ඉවත් කර ගැනීම මත මනස සැහැල්ලු වන බව අමුතුවෙන් කිවයුතු නොවේ. එය එලෙසින් වන නිසාවෙන් ඒ අනුව කටයුතු කිරීමට පසුබට නොවිය යුතුය. මෙම වේදනාව එකම තැනෙක නොව තැනින් තැනට යන බවක් මෙම තත්ත්වයට පත්වූවෝ පවසති. මානසික වේදනාවෙන් කායික වේදනාව ඉස්‌මතු වන මෙම අවස්‌ථාව සඳහා මානසික පසුබිම නිවැරදි කර ගැනීම තුළ සහනය ලැබෙනු ඇත. මෙවැනි අය වෛද්‍යවරු මුණ ගැසීමේදී දැන ගැනීමට ඇති කරුණු අතර ඔවුන්ට කතා බහ කරන්නට කෙනෙක් නොමැති බවට වන මැසිවිල්ල දැන ගැනීමට ඇති කාරණාවයි. මෙවැනි රෝගීන් වෛද්‍යවරයා සමඟ දිගට කතා කිරීමේදීම රෝගය සුවවන තත්ත්වයන් තිබේ. චීනකටු වෛද්‍ය ක්‍රමය තුළ නිවැරදිව රෝගය විනිශ්චය කර සුදුසු ප්‍රතිකාර සඳහා යොමු කරනු ලැබේ. ඒ අතරම උපදේශනයට යොමු කෙරේ. වේදනාව නැති කිරීමට සාර්ථක ප්‍රතිකාර ක්‍රම තිබේ. නිල උත්තේජනයෙන් රෝගයට ප්‍රතිකාරය ලබාදීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත. මනස අසමතුලිත වීමට හේතුවන සිතුවිලි වලින් හැකි තරම් ඈත් වී සිටීමත්, මනස සමතුලිතතාවයේ පවත්වා ගැනීමට සුදුසු ආකාරයෙන් කටයුතු කිරීමටත් චීන කටු ප්‍රතිකාරයෙන් පසු උපදෙස් ලබාදේ. මැදිවිය පසුකරමින්, හුදකලා ජීවිතයක මානසික පීඩාව තුළ මනස අසමතුලිත වීමෙන් ඔබත් යම් හේතුවක් රහිත කායික වේදනාවකින් පීඩා විඳිනවාද? නැතිනම් කුමන වයසක හෝ පසුවන ඔබ මානසික අසමතුලිතතාවයෙන්ද? සිරුරේ හේතුවක් නැති වේදනාවක්‌ද? එසේ නම් රෝග සුවයට නොමිලේ චීනකටු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ඔබටත් හැකියාව තිබේ. වැල්ලවත්ත, බෞද්ධ මධ්‍යස්‌ථාන පාරේ පිහිටි මහාචාර්ය ඇන්ටන් ජයසූරිය අනුස්‌මරණ රෝහල තුළදී ඔබට එම අවස්‌ථාව ලබා ගැනීමේ හැකියාව තිබේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Aug 2017 06:53 PM රෝග නිවාරණයට බෙහෙවින් ඉවහල් වන කෙසෙල්... කෙසෙල්, රඹ, කදලිය යනුවෙන් හඳුන්වයි. ලංකාවේ වැඩියෙන්ම පරිභෝජනය කරනු ලබන පලතුරකි. කෙසෙල් එසේම රෝග නිවාරණයටද බෙහෙවින් ඉවහල්වේ. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වගාකළ හැකිය. පොළවේ තෙතමනය අවශ්‍ය වේ. කෙසෙල්වලින් ශාරීරික ශක්‌තිය සහ ශරරීරයේ වර්ණවත්භාවය ලබාදෙයි. උත්සව අවස්‌ථාවලදී දානමය පිංකම්වලදී දෙවිවරුනට භාරහාර කරනු ලබන අවස්‌ථාවේදී පූජා වට්‌ටියේද ඉතා පැහැදිලි දසුනක් වේ. ශරීරයට විටමින් ද ලබාදේ. එමෙන්ම එක් එක් කෙසෙල් වර්ගවල ගුණාත්මකභාවයේ ව්‍යහුය වෙනස් ආකාරයට වෙනස්‌ව පවතී. ශාරීරික උෂ්ණත්වය අඩුකිරීමද ආහාර දිරවීම පහසු කිරීමටද අම්ලපිත්තය නැතිකිරීමටද ඇතැම් වර්ගයකින් ශරීරයේ අධික සීනි නැතිකිරීමටද තවත් කෙසෙල් වර්ගයකින් ඇස්‌පෙනීම ඇතිකිරීමටද තවත් අවස්‌ථාවක තවත් වර්ගයකින් මළ වියලවීමටද මහෝපකාරී වේ. ආයුර්වේදයට ආයුෂ වැඩිකරන විද්‍යාවට සැසදෙන ද්‍රව්‍ය ගුණ විÆනයට ඇතුලත් වේ. ලංකාවේ බහුලව කෙසෙල් වගාව සිදුවනුයේ ඇඹිලිපිටිය සූරියවැව, කුංකම, බරවකූඹුක, අඟුණකොලපැලැස්‌ස, ජඳුර, පදලංගල හත්පෝරුව, කිරිඉබ්බන්ආර යන ප්‍රදේශවලය. එම ප්‍රදේශවල කුඹුරුබිම්වල මෙම කෙසෙල් වගාව සරුවට වගා කරනු දක්‌නට ලැබේ. එසේම එම කෙසෙල් වගාවෙන් හොඳ ආදායම් මාර්ගයකටද අවතීර්ණ වී ඇත. අපේ රටේ අපේම දේශීය පලතුරක්‌වූ කෙසෙල් වර්ග රාශියක් ඇත. මා මෙහි එකින් එක සඳහන් කර ලියමි. 1. සුවඳැල් - අම්ලපිත්ත රෝගය නසන ඖෂධීය ගුණය ඇත. 2. ආනමාළු - අම්ලපිත්ත රෝගය මර්දනය කිරීමේ ඖෂධීය ගුණය පවතී. 3. ඇම්බුන් - රක්‌තවාතය සහ අම්ල පිත්ත රෝගය සුවකිරීමට හැකි ඖෂධයකි. 4. කෝලිකුට්‌ටු (පුවාළු) - අතීසාර රෝග අවස්‌ථාවේ යෙදිය හැකිය. 5. රත් කෙසෙල් - ශාරීරික දාහය නසන ඖෂධීය ගුණය රදා පවතී. 6. නේත්‍රපලම් - අම්ලපිත්ත රෝගය සුවකරන වකුගඩු ආශ්‍රිත රෝග සුවකිරීමේ සාධකයකි. ඇස්‌පෙනීම ඇතිකිරීමේ මහඟු දායාදයකි. 7. හොරන මාළු (ඇඹුල් කෙසෙල්) ඇඹුල් හොරන - මළබුරුල් කිරීමේ හැකියාව සහ ඉක්‌මනින් ආහාර දිරවීම පහසුකරවීමේ ගුණය රදාපවතී. 8. රට හොරණ - ඉතා මිහිරි රසයෙන් යුතුය. 9. රත් ආනමාළු 10. බිම් කෙසෙල් (නැව් කෙසෙල්) 11. පුවාලු (යාපනේ පුවාලු) 12. මොර්තවාලු 13. හැටඇවරි 14. ගජ දන්ත (වදන කෙසෙල්) 15. අළු කෙසෙල් (වෑංජන සඳහා) ඖෂධීය ගුණය වනුයේ මළ වියලීමේ ප්‍රවනතාවය 16. දියමෝදන් (මෝදන්) වෑංජන සඳහාත් පලතුරු සඳහාත් ගැනේ. 17 ඇටිකෙසෙල් පලතුරකි. පැසෙයි නිබඳ සුවඳැල් කෙත් වතු අවට ඇසෙයි ළමා වසු පැටියන් හඬ දුර ට දිළෙයි වෙහෙර එහි සුරවිමනක් ලෙස ට රසෙයි අමා රසමය ඒ පියස දු ට ඉපැරණි කවියකු ගැමි පරිසරය දැකපු අයුරු සිහිපත් කර කියයි. සුවඳැල් වෙළෙඳපොළේ පුවාළුවලටත් වඩා ඉල්ලුමක් ඇති මිහිරි රසයෙන් යුතු රෝගීනට ඉතාමත් ගුණදෙන රසවත් පලතුරකි. වෙන කෙසෙල් වර්ග මෙන් සුවඳැල් බෝවීමේ ප්‍රවනතාවය අඩුය. ඊට හේතුව සුවදැල් කෙසෙල් ගහේ මොරෙයියන් හට ගැනීම අඩුවීමය. ලංකාවේ සෑම ප්‍රදේශයකම වැවිය හැකිය. කෙසෙල් කැනද ඇවරි තුන හතරකට වඩා නොමැතිය. කෙසෙල් කැනක් පිදී පැසීමට එතරම් කාලයක් ගතනොවේ. ආනමාළු අම්ලපිත්තය රෝගයට සහ රක්‌තවාත රෝගීන්ට මෙම ආනමාළු ඉතා ගුණදායක පලතුරකි. ඇදුම, හතිය වැළඳුන රෝගීන්ට අනුභව කිරීම අපත්‍යකරය. රාත්‍රි කාලයේ මෙම කෙසෙල් කෑම අනුචිතය. ශීත ගුණයෙන් යුතු පොළවේ දියසීරාව තෙතමනය ඇති මාතර දිස්‌ත්‍රික්‌කයේත් රත්නපුර දිස්‌ත්‍රික්‌කයේත් ආනමාළු ගස් උසට මහතට සරුවට වැවේ. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේද වැව් ආශ්‍රිතව පැරණි පැඟිරි බොයිටර් වලින් ඉවත් කරන ලද පැඟිරි අළුගොඩවල් මත සිටවන ලද එම ආනමාළු කෙසෙල් පඳුරු ඉතා සරුවට වැඩී තිබෙනු දැකගත හැකිය. හොඳින් සරුවට වැඩුණු කෙසෙල් කැනක ඇවරි දහයක් පහළොහක් දැකගත හැකිය. එක කෙසෙල් කැනක් තනිව කෙනෙකුට කැපීමට හෝ එසවීමට අපහසු කාරියකි. හොඳට ඉඳුණු ආනමාළු සුවඳවත් වන අතර කැනෙන් ඇවරිවල ගැලවී වැටෙනු නොවැළැක්‌විය හැකිය. වෙළෙඳ පොළේ ව්‍යාපාරිකයාට මිලදී ගැනීමේ පාඩුලැබිය හැකිවන අවස්‌ථා බොහෝය. ගෙඩි සිsහින්ව අඟල් අටනවය තරමට දික්‌ව හැදෙන අතර එක තැනක ගෙඩි දෙතුන් සීයක් පමණ දක්‌නට ලැබේ. (ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ පලතුරු සංවර්ධන වැඩසටහනට දිරිදීමක් ලෙස මෙම ලිපි පෙළ පලකෙරේ) තවත් වර්ගවල කෙසෙල් ගුණ ලබන සතියට ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 smt90Veteran MemberPosts:1736 07 Aug 2017 08:21 PM කෙසෙල් ගැන වැදගත් විස්තර ටිකක් 0 Ind007kaMost Senior MemberPosts:12931 07 Aug 2017 08:35 PM මෙ කෙසෙක් වර්ග 17න් කීයෙන් කීයද අපි කාලා තියෙන්නෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 07 Aug 2017 08:42 PM අහල නැති කෙසෙල් වර්ග කිහිපයක්ම් තිබුණා. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 gaminiVeteran MemberPosts:4475 07 Aug 2017 08:58 PM වර්ග 17 අපි මේ වෙනකොටත් අසා නැති කෙසෙල් වර්ග ගැන දන ගන්න ලැබුනා මෙය කියවා, ස්තුති ඔබට ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 08 Aug 2017 02:39 AM ආනමාලු කියල දාල තියෙන ෆොටෝ එක ඇම්බන්ද කොහෙද මමත් අහල නැති දැකල නැති කෙසෙල් වර්ග කිහිපයක් තියෙනවා 0 hasithadSuper Senior MemberPosts:5795 08 Aug 2017 08:17 AM මම නම් දන්නේ කෙසෙල් වර්ග 8යි.කාලා තියෙන්නේ 5යි. 17ක් ගැන ඇහැව්වෙත් අදයි. 0 RosiSuper Senior MemberPosts:5335 08 Aug 2017 09:11 AM කීපයක ගුණ අගුණ දැන් වුන්නට වැඩි දෙයක් දැන ගත්තේ ලිපියෙන් . මෙහෙ වර්ග හොයා ගන්න ආමාරුයි ,ගෙන ඒවත් හරි ඉක්මනට ඉදෙනවා. 0 You are not authorized to post a reply. Page 37 of 137 << < 3536373839 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner