Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 38 of 137 << < 3637383940 > >> Author Messages sha733Super Senior MemberPosts:7332 09 Aug 2017 03:37 AM මම නම් 9ක් කාල තියෙනවා 0 chamaramindMost Senior MemberPosts:13471 11 Aug 2017 06:21 PM මාසෙන් මාසෙට ලෙඩේ කචල් නම් මෙන්න බෙහෙත් විවාහ වුණු දෙදෙනකුගේ ඊළඟ හීනය තමන්ටම කියා තමන්ගේ ලෙයින් දරුවකු බිහි වනු දැකීමයි. මව් පදවිය තරම්, පිය පදවිය තරම් උතුම් පදවියක් මේ ලෝකේ තවත් නැති තරම්ය. එවන් වූ මව් පදවියක් දරන්නට එවන් වූ පිය පදවියක් දරන්නට තරම් වාසනාවන්ත නොවුණු අයද අප සමාජයේ එමටය. බටහිර වෛද්‍ය විද්‍යාව දියුණු වීමත් සමඟ ඒ කරා ගොස් දරු පැටවකුගේ සිහිනය යථාර්ථයක් කරගන්නට ගොස් නිශ්ඵල වෑයමක තවත් ප්‍රතිඵලයක් වූ අවස්ථාද එමටය. ඒ අතරින් නොපෙනෙන බල වේගයන් හා මිත්‍යා මතවල එල්බගෙන විවිධ යාගහෝම හා බලිතොවිල්වලින් දරු සිහිනය දකින්නටද ඇතැම්හු උත්සහා ගනිති. මෙවන් වූ යුගයක දරුවකුගේ සිහිනය සෑබෑවක් කරන්නට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළින් කළ හැක්කේ කුමක්ද? මේ පිළිබඳව ආයුර්වේද වෛද්‍ය ආචාර්ය දයානි සිරිවර්ධන වෛද්‍යතුමියගෙන් විමසීමක් කළෙමු. සෑම කාන්තාවකගේම ප්‍රධාන අරමුණ වන්නේ මව් පදවියයි. බොහෝ කාන්තාවන් මව් පදවිය වෙනුවෙන් සූදානම් වන්නේ විවාහ වූවාට පසු වුවත් මව් පදවිය සඳහා ගැහැනු දරුවකු වැඩිවියට පැමිණීමත් සමඟ බොහෝ කල්පනාකාරී විය යුතුය. වැඩිවියට පැමිණි දරුවකු කල්පනා වියයුතු කරුණු • ගැහැනු දරුවකු වැඩිවියට පත්වීම සමඟ මාසික ඔසප්වීම් පිළිබඳව කල්පනාකාරී විය යුතුය. • ගැහැනු දරුවකු බිහිවූ දා සිට ඇය පිළිබඳව විමසිලිවත්ව සිටීම සෑම මවකගේම යුතුකමකි. ගැහැනු දරුවකුගේ ඉන්ද්රිය පද්ධතිය නිරෝගීව රැකබලා ගැනීම ඉතා වැදගත් වේ. ගැහැනු දරුවා මවක් වන බව කුඩා කාලෙදිම දැනගත යුතුයි • ගැහැනු දරුවකුගේ ප්‍රජනන ඉන්ද්රිය පද්ධතිය සකස් වී ඇත්තේ අභ්‍යන්තරයට නෙරාය. යෝනි මාර්ගය, ගර්භාෂය, පැලෝපීය නාල, ඩිම්බ කෝෂ ආදිය ශරීරය අභ්‍යන්තර කොටසට අයත් වේ. ඒ හරහා විස බීජ ශරීරය අභ්‍යන්තරයට ඇතුළු වීම ඇතැම් විට සදාකාලිකව දරුවකු නොලැබීමට හේතුවිය හැක. • නමුත් පුරුෂයෙකුගේ ලිංගික ඉන්ද්රිය පද්ධතිය බාහිරව නෙරා ඇත. එයින් රෝගී විසබීජ අභ්‍යන්තරයට ඇතුළුවීමට ඇති ඉඩකඩ බොහෝ අඩුය. • බොහෝ මව්පියෝ පිරිමි දරුවන්ට වැඩි පෝෂ්‍යදායි ආහාර ද ගැහැනු දරුවකුට සාමාන්‍ය පෝෂ්‍යදායි ආහාර ලබාදීමට පෙළඹෙති. නමුත් පිරිමි දරුවකුට වඩා ගැහැනු දරුවකුට වැඩි පෝෂ්‍යදායි ආහාර ළමා කාලයේදීම දීම ඉතා වැදගත් වේ. එයින් කුඩා කාලදීම ගැහැනු දරුවාගේ පෝෂ්‍ය තත්ත්වය ඉහළ යයි. • උසට සරිලන නිසි බරක් හා වර්ධනයක් නොමැතිකමද කාන්තාවක් ස්වභාවික දරු සම්පතකට උරුමකම් කීමට බාධාවක් වේ. • පිරිමියා ගෘහ මූලික සමාජයක් වුවද ශ්‍රියා කාන්තාව ලෙසින් හඳුන්වන්නේ කාන්තාව බැවින් පවුල් ආරවුල්වලින් තොර සාමකාමී නිදහස් ගෘහ ජීවිතයක් ගතකිරීමට කාන්තාව දක්ෂ විය යුතුය. • නිරෝගී ආර්ථව චක්‍රයක් පැවැතීම ඉතා වැදගත් වේ. නිරෝගී ආර්ථව චක්‍රයක් ඇති කාන්තාවන් සරු කාලය ලෙස දින 12 සිට දින 20 දක්වා කාලයේදී දිනක් හැර දිනක් සංසර්ගයේ යෙදීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගත හැක. • ඒ සඳහා ඇයගේ පූර්ව සැකසීමද ඉතා වැදගත් වේ. විශේෂයෙන් පිරිසුදුකම, යහපත් සිතිවිලි ඇතිව සංසර්ගයේ යෙදීම, දරුවකු පිළිබඳව හිතේ ඇති ආදරය, කැමැත්ත ඇතිව සංසර්ගයේ යෙදීමෙන් දිනක සාර්ථක ප්‍රතිඵල උරුම කරගත හැක. නමුත් සිතේ කනස්සළු ගතිය, ඊර්ෂ්‍යාව, කුහකත්වය වැනි අයහපත් සිතිවිලි නිසා බොහෝ දුරට දරුවකු පිළිබඳ සුන්දර හීන සැබෑ නොවන්නට ඉඩ ඇත. • දරු සම්පත අහිමිවන්නට ඇතිවන තවත් ප්‍රධාන හේතුවක් නම් ඔසප් චක්‍රයේ පවතින දුර්වලතාය. ඇතැම් කාන්තාවන්ගේ ඔසප් වීම් අක්රමවත්ය. දින විසි අටකට වරක් ඇතිවන මේ ක්‍රියාවලිය ඇතැම් කාන්තාවන්ට මාස තුනකට පසුව ඇතිවේ. ඔසප් වීම්වලදී ඇතිවන තත්ත්වයක් සඳහා බොහෝ කාන්තාවෝ ප්‍රතිකාර නොගනිති. මේ අතර ඇතැම් කාන්තාවන්ට මාසකට දෙවරක් ඔසප්වීම් ඇති වන අවස්ථා ද තිබේ. • විශේෂයෙන් ඔසප්වීමේදී පිටවන රුධිරය නැවත ශරීරයට ලබාගැනීමට කාන්තාව පෝෂ්‍යදායී ආහාර ලබාගත යුතුය. ඔසප් වීමේදී ඇතැම් කාන්තාවන්ට අධික වේදනාව ඇතිවේ. නමුත් කිසිසේත්ම නිරෝගී ඔසප්වීමේදී අධික වේදනාව ඇති නොවේ. එමෙන්ම ඔසප් වීමේදී කැටි සහිත රුධිරය පිටවීම, රුධිරය එකදිගට අධිකව පිටවීමටද සාමාන්‍යය. • විශේෂයෙන් කාන්තාවගේ පියයුරු අවට ප්‍රජනන පද්ධතිය අවට නිරෝගිකම මෙන්ම ඒ පිළිබඳව විමසිලිවත්ව සිටීම ඉතා වැදගත් වේ. යම් හෝ වේදනාවක් හෝ යම් වෙනස්වීමක් ඒ අවට ඇතිවුණිනම් හිතුමතේ වේදනා නාශක හෝ ප්‍රතිකාර නොගෙන සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යාම ඉතා වැදගත් වේ. එවැනි වේදනා නාශක ගැනීමෙන් වේදනාව යටපත් වුවද රෝගී තත්ත්වය තවත් ඉස්මතු වීමට බොහෝ ඉඩකඩ පවතී. මේ නිසා මෙවැනි රෝගයක් ඔබේ නොසැලකිලිමත් වීම මත පැතිරීයාමෙන් අවසානයේදී ඔබ වඳභාවයට පත්වීමට බොහෝ ඉඩකඩ තිබේ. එමෙන්ම පියයුරු පිළිකා වැනි රෝගී තත්ත්වයක් ඇතිවීමද සිදුවේ. • දරු සම්පත ලබාගැනීමට බොහෝ දුරට වයසද බලපායි. කාන්තාවන් බොහෝමයක් තම අනිකුත් අවශ්‍යතා සපුරාගෙන අවසානයේදී දරුවකු ලබාගැනීමට උත්සහා ගනී. ඉගෙනීම, ගෙවල් දොරවල් සෑදීම, උපාධිය ලබාගැනීම වැනි අවශ්‍යතාවයන් නිසා දරු සම්පත කල්දැමීම වයස යාමත් සමඟ නොලැබී යාමට හේතු වියහැක. විශේෂයෙන් කාන්තාවන් වයස අවුරුදු හතළිහට පළමුව දරුවකු බිහිකිරීම ඉතා වැදගත්ය. • දරුවකු බිහිකිරීම කල්දැමීම සඳහා බොහෝ කාන්තාවෝ කෘත්‍රීම හෝමෝන සහිත ඖෂධ වර්ග භාවිතා කරති. මෙමගින් අපගේ ශරීරයේ ස්වාභාවිකව නිෂ්පාදනය කෙරෙන ස්වාභාවික හෝමෝන මැඩ පැවැත්වේ. එමගින් ඇයට ගර්භාෂයේ අර්බුද, ඩිම්බකෝෂවල අර්බුද වැනි විවිධ රෝගී තත්ත්වයන් ඇතිවිය හැක. • කාන්තාවන් සැමට නිවැරදි හෝමෝන තත්ත්වයක් තිබීමද අවශ්‍යය. එවැනි නිවැරදි හෝමෝන තත්ත්වයන් සඳහා නිවැරදි ඔසප්වීමද ඉතා අවශ්‍ය වේ. කිසිදු වේදනාවකින් තොර දින 3ත් 5ත් අතර පවතින ඇඳුමක ගෑවුණුද පහසුවෙන් හේදී යන කහට පැල්ලමක් සේ නොරුදෙන මදටි ඇටයක පැහැයක හුරු රුධිරය පිටවීම නිරෝගී ඔසප් වීමක ලක්ෂණ වේ. ස්වාභාවික ඔසප් වීම ඉබේම දින 3 – 4කින් නැවතී යති. ඇතැම් කාන්තාවන්ට ඔසප් වීම දින 8 – 10ක් අතර කාලයක් පවතී. මෙවැනි අයගේ ඔසප් චක්‍රය නිවැරදි නිරෝගී නොවේ. • ගැහැනු දරුවකු බොහෝ විට අවුරුදු 12 - 13ත් අතර කාලයේදී වැඩිවියට පත්වේ. එතැන් සිට මසකට වරක් ඇය ඔසප් වීම්වලට මුහුණ දෙති. මේ ඔසප් වීම අවසානයේදී ගර්භාෂය නැවත දරුවකු මාසයකට වරක් බලාපොරොත්තු වේ. වැඩිවියට පත්වූ දා සිට මාස කීයක්නම් මේ බලාපොරොත්තුව ගර්භාෂයට ඇතිද...? මේ නිසා පසුකාලයේදී දරුවකු නොලැබීම තුළින් ගර්භාෂයේ විවිධ වෙනස්කම්වලට භාජනය වේ. මේ නිසා විවාහ වීම හා දරුවකු ලැබාගැනීම වැනි අපේක්ෂා නිසි කාලයේදී ඉටුකරගත යුතුය. • මීට අමතරව දරුවකු නොලැබී යාමට හේතුවන තවත් ප්‍රධාන කරුණකි මානසික අවුල් බව. බොහෝ කාන්තාවෝ යුග දිවියේ ඇතිවන විවිධාකාර තත්ත්වයන් නිසා මානසිකව පීඩා විඳිති. ආර්ථික ප්‍රශ්න, මානසික ප්‍රශ්න නිසා ජීවිතය අවුල් කර ගනිති. මෙවැනි විවිධාකාර හේතුනිසා ඇතිවන මානසික පීඩනය ඇතැම් විට ගර්භාෂය හා ඩිම්බකෝෂ ආශ්රිත පිළිකාමය තත්ත්වයන් වලින් කෙළවර විය හැකිය. ඒවා දරුවකු නොමැතිවීමට ප්රබලව බලපායි. • බෙල්ලේ අඳුරු ගතිය, නිකට යට රෝම ඇතිවීම, බෙල්ල මහත්වීම, ශරීරය පුරෝදැමීම සහ උදරය තෙල් තැන්පත් වීම වැනි රෝග තත්ත්වයන් ඇති කාන්තාවන් දරු සම්පත අපේක්ෂා කරයිනම් ඉක්මණින්ම වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය ප්‍රතිකාර හා උපදෙස් ලබාගත යුතුය. • එමෙන්ම ඇදුම කාලයක් තිස්සේ පවතින කැස්ස මලබද්ධය වැනි වෙනත් රෝගයන් සඳහා ගනු ලබන ඖෂධ හේතුවෙන් ද කාලයක් යාමෙන් ශරීරයේ හෝමෝන තත්ත්වය වෙනස් වීම සිදුවේ. එහි අවසාන ප්‍රතිඵල වන්නේ බීජ මෝරන්නේ නැතිකමයි. වර්තමානයේදී නොමේරු බීජ සහිත කාන්තාවෝ බහුල වශයෙන් සිටිති. •ලෝකේ සෑම කාන්තාවන් පස්දෙනෙකුගෙන් එක් අයකු නොමේරූ බීජ සහිත කාන්තාවන් බව වෛද්‍ය සමීක්ෂණවලින් වර්තමානයේදී සොයාගෙන ඇත. මෙයට ප්‍රධාන හේතුව මානසික පීඩනය හා ගනු ලබන ආහාරයි. • කාන්තාවකගේ සෑම මසකම ශරීරයේ රුධිරය පිටවීමක් සිදුවේ. මේ නිසා පෝෂ්‍යදායී ආහාර ගැනීම ඉතා වැදගත් වේ. කැල්සියම් හා යකඩ අඩංගු ප්‍රෝටීන ආහාර වැඩිපුර ගැනීම, පිෂ්ඨය කාබෝහයිඩ්රේට් අඩංගු ආහාර අඩු කිරීම, උදෑසන ආහාර ලෙස ධාන්‍ය වර්ග ආහාරයට එකතු කරගැනීම තමන්ගේ ආහාර තම අතින්ම පිරිසිදුව සාදාගෙන ආහාරයට ගැනීමට පුරුදු වීම, කඩ කෑම, ක්ෂණික ආහාර ගැනීම හැකි තරම් අඩු කිරීම අවශ්‍යය. පිටතින් ලබාගන්නා ආහාරවල කෘත්‍රීම රසකාරක හේතුවෙන් ස්වාභාවික හෝමෝනවලට හානිවීමට බොහෝ ඉඩකඩ ඇත. • කාන්තාවන්ට ඉතා ගුණදායක කැඳ වර්ගයකි හාතවාරිය. මීට අමතරව බැබිල, රසකිඳ, එළබටු ආදී දේ එකතුකොට සාදාගත් කැඳ වර්ග මෙන්ම ගොටුකොළ විශේෂයෙන් කාන්තාවන්ට ඉතා ගුණදායක කැඳ වර්ගයකි. අඩුම තරමේ සතියකට වරක්වත් මෙවැනි කැඳ වර්ගයක් පානය කරන්න. කැඳ වර්ගයට අමතරව මෙවැනි පළා වර්ග දහවල් කෑම වේලට එකතු කරගැනීමටද පුළුවනි. එමෙන්ම දොඩම් නාරං දෙහි වැනි යුෂ පානයද ඉතා ගුණදායක වේ. එයින් ආහාරවල තිබෙන සංඝටක උරාගැනීමට ද උදවු වේ. අලිගැට පේර ඉතා ගුණදායකය. • හැකි ඉක්මණින් යෝග ව්‍යායාම් හෝ සරල ව්‍යායාමයෙහි නිරතවන්න. අලසකම අඩු කරගන්න. ඇවිදීම ඉතා යෝග්‍ය වේ. එයින් ශරීරය නිරෝගී වනවා සේම මානසික සතුටටද හේතුවේ. මනසට මානසික සමනයක්ද එයින් උදාවේ. • කාන්තාවන් වූ ඔබ උදෑසනම අවදිවීම නිරෝගීකමට ඉතා හොඳ ඔසුවකි. ආයුර්වේදයේ සඳහන් වන පරිදි මනුෂයෙකු අවදි විය යුත්තේ බ්‍රහ්ම මූර්තයෙනි. එනම් උදෑසන හතරාමාරටය. එවිට දවස සැහැල්ලුවෙන් සතුටින් ගෙවීමට හැකියාව ලැබේ. කාලය ඉතිරි වේ. නිරෝගී වේ. පවුලක දියුණුව රඳාපවතින්නේ කාන්තාව මත බව සිහි තබාගැනීම අවශ්‍යය. (දරුවකු බලාපොරොත්තු වන කාන්තාවන් කළයුතු පරීක්ෂණ පිළිබඳව ලබන සතියේ.) ♦ දිශානි ජයමාලි කරුණාරත්න ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 11 Aug 2017 06:47 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 11 Aug 2017 10:53 PM ගොඩාක් වටින ලිපිපෙලක් මල්ලී මගේ වැඩි අවදානයක් ගියේ දත් පිලිබද ලිපියට ස්තූතියි 0 chamaramindMost Senior MemberPosts:13471 12 Aug 2017 04:23 AM හාතාවාරිය කසායෙන් පොතු කබර සුව කරන හැටි ප්රශ්නය - ඉකුත් සතිවල අප පොතුකබර රෝගය ගැන මේ තීරය ඔස්සේ ඔබ සමඟ සාකච්ඡා කළා. අද ඔබ අපට ලබාදෙන ඖෂධ වට්ටෝරුව කුමක්ද? වෛද්‍ය ශ්‍රී ලක්මාල් සුගතදාස - අද ඔබට කසාය වට්ටෝරුවක් වගේම පොතු කබර කැළැල් ශෝධනය කරන ඖෂධීය වට්ටෝරුවක් ලබා දීමටත් මා සූදානම්. කසාය වට්ටෝරුව හාතාවාරිය, සුදුහඳුන්, අරළු, බුලු, නෙල්ලි, මුද්දරප්පලම්, වැල් මදට, මානෙල් අල, වෙනිවැල්ගැට, ඇත්දෙමට, ඉරමුසු, බිංකොහොඹ ඉහත සඳහන් ඖෂධ කලං එක බැගින් ගෙන වතුර පත 8 කට දමා 1 පතට සිඳ පත භාගය (කෝප්ප භාගය) බැගින් උදේ සවස දින 14 ක් පානය කළ යුතුයි. කසාය තම්බන විට මැටි මුට්ටියක් යොදා ගත යුතු අතර මඳ ගින්නේ තැම්බීම අත්‍යවශ්‍යයි. මේ සඳහා දර පාවිච්චි කළොත් ඉතා හොඳයි. හැබැයි අද දර ලිප් නැති නිසා ගෑස් ලිපක තබා කසාය පිළියෙල කළත් වරදක් නැහැ. හැබැයි මැටි මුට්ටියක් නම් අත්‍යවශ්‍යයි. ශෝධන දියරය පාවට්ටා පස් පංගුව සහ ඇත්තෝර පස් පංගුව තම්බා දිනකට දෙවරක් පොතු කබර පැල්ලම් සේදිය යුතුයි. ප්රශ්නය - මේ ඖෂධ මගින් රෝගය සුව වීමේ අදහස කුමක්ද? වෛද්‍ය ශ්‍රී ලක්මාල් සුගතදාස - සොරයිසිස් රෝගයට මූලික වන්නේ රුධිරයේ සංකූලතාව. එම සංකූලතාව හට ගන්නට පාදක වන හේතු කිහිපයක් තිබෙනවා. ලොකුවට බලපාන හේතුව තමයි ජාන උරුමය. සොරයිසිස් රෝගීන් තුනෙන් එකක්ම ජාන උරුමය නිසා රෝගී වූ අය. කොහොම වුණත් ශරීරයේ ගමන් කරන රුධිරය යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් නම් සොරයිසිස් රෝගය සුව කරන්න පුළුවන්. මේක තමයි අප කරන ප්‍රතිකාරවල සෛද්ධාන්තික පදනම. ඉහත සඳහන් කසාය වට්ටෝරුවේ තිබෙන ඖෂධවලින් සිදුවන්නේ ලේ පිරිසිදු කිරීමයි. ලේවල තිබෙන විෂ සහිත බව නැති කිරීමයි. උදාහරණයක් ලෙස හාතාවාරිය ගනිමු. ඇස්පරාගස් පන්තියට අයත් හාතාවාරිය ශාකය හිමාලය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඔස්ටේ්රලියාව යන රටවල් මුල් බිම කරගත් ශාකයක්. හාතවාරිය ශාකය හඳුන්වන්නේ සියලු ඖෂධීය ශාක අතර අග රැජනක් ලෙසයි. හේතුව එමගින් ලෙඩ රෝග රැසකට ප්‍රතිකාර කරන්න පුළුවන්. වෙනකක් තබා කාන්තාවන්ගේ මඳසරු භාවයටත් හාතාවාරියවලින් ඖෂධ හදනවා. ඒ අතර හෝමෝන තුලනාත්මකව තබා ගැනීම සඳහාත් මෙමගින් ප්‍රතිකාර කරනවා. කිරිදෙන මවුවරුන්ගේ කිරි නිපදවීම වැඩි කිරීම, මුත්‍රා බොක්කේ ආසාදන, ශ්වසන පද්ධතියේ තෙත් ගතිය රඳවා ගැනීම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගැනීම, ශරීරයේ රුධිරයේ තිබෙන විෂ ගතිය නැසීමට මෙය ඉවහල් වෙනවා. අප පොතුකබර වලට නියම කළ ඉහත සඳහන් කසායේ මුලටම ඉන්නේ හාතාවාරියා. ඉහත සඳහන් කසාය සහ ශෝධන දියරය දින 14 ක් පාවිච්චි කළ පසු මා ඊළඟ කසාය නිර්දේශ කරනවා. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Aug 2017 04:27 AM ඉසිවර පින්බිමක අනුහස් පිරි හාස්කම් - 14 පිළිකාවක් සතියකින් සුව වූ හැටි වාහල්කඩ ඉසිවර අරණේ තවත් අසිරිමත් ආශ්චර්යයක් මේ වන විට රෝගීන් දෙදහසකට ආසන්න පිරිසක් වාහල්කඩ ඉසිවර අරණේදී නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති. ඒ සියලුම රෝගීන්ට තුන්වේලටම දානය, විදුලි සහ පිරිසිදු පානීය ජලය ලබා දෙනු ඇත. එම සේවාවන් සැපයීමට දිනකට විශාල මුදලක් වැය වේ. සීග්‍රයෙන් රෝගීන්ගේ වැඩි වීමත් සමඟ එම සේවා පහසුකම් ලබාදීමේදී ගැටලු මතුවෙමින් තිබේ. එමෙන්ම රෝගීන් ගැන සොයාබැලීමට, වගකීම් දැරීමට යම් ක්‍රමවේදයක් තිබිය යුතුය. එහෙයින් මේ ස්ථනයේ පැවැත්ම උදෙසා 'ඉසිවර අරණ ජාත්‍යන්තර සුව සේවා පදනම' නමින් සංවිධානයක් පිහිටුවාගෙන තිබේ. මෙරට මෙන්ම දඹදිව වැඩ වාසය කරන නායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වය එම පදනමට ලැබෙනු ඇත. වාහල්කඩ ඉසිවර අරණේදී පිළිපැදිය යුතු කරුණු කිහිපයක් තිබේ. ඒවා මෙසේය. රෝගීන් භාරගනු ලබන්නේ බදාදා සහ සෙනසුරාදා දිනයන්හි පමණි. එමෙන්ම ස්වාමීන් වහන්සේ පරීක්ෂා කරනු ලබන්නේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සූදානම් වී පැමිණි රෝගීන් පමණි. එසේ පැමිණෙන රෝගීන් අනිවාර්යයෙන් බුලත් කොළ නවයක් රැගෙන ආ යුතුය. උපන් දිනය සහ ලග්නය දැන සිටිය යුතුය. ප්‍රතිකාර ලබාගැනීමට අවම වශයෙන් දින 21 ක් හෝ ඊට වැඩි කාලයක් පින්බිමේ නේවාසිකව රැඳී සිටීමට හැකි විය යුතුය. එසේ නතර වීමට නොහැකි අය ප්‍රතිකාර ඇසීමෙන් වැළකී සිටීම තවත් රෝගියකුට කරන උපකාරයකි. එක් වතාවකට බෙහෙත් ඇසීමට අවස්ථාව ඇත්තේ පවුලක එක් පුද්ගලයකුට පමණි. එමෙන්ම රෝගීන්ගේ සුවදුක් බැලීමට පැමිණීමේදී නිකරුණේ බෙහෙත් ඇසීමෙන් වැළකිය යුතුය. බෙහෙත් ඇසිමේදී පැහැදිළි වචනයෙන් පිළිතුරු ලබාදීම අනිවාර්යයි. පින්බිම තුළදී කායික හා වාචික සංවරය රැකගෙන විනීතව හැසිරිම මනුෂ්‍ය ගුණාංගයක් බව ද මතක තබාගැනීම වඩාත් යහපත්ය. එමෙන්ම මේ පින්බිම ගැන අපට ලබාදිය හැකි තොරතුරු සීමිතය. විහාරස්ථානයේ හෝ ප්‍රතිකාර කරනු ලබන මංගලාරාමාධිපතින් වහන්සේ ද දුරකථන පාවිච්චි කිරීමෙන් වැළකී සිටින බැවින් අපට ලබාදිය හැක්කේ වාහල්කඩ මංගලාරාමයට පැමිණෙන ගමන් මාර්ගයේ විස්තර පමණි. එහෙයින් අපි ඔබගේ පහසුව සඳහා වාහල්කඩ මංගලාරාමයට යන ගමන් මාර්ගය මෙසේ සටහන් කර තබමු. අනුරාධපුරය, මැදවච්චිය, පදවි ශ්‍රීපුර හරහා කැබිතිගොල්ලෑව, වාහල්කඩට. පැමිණෙන රෝගීන්ට සරණක් ලෙස කැබිතිගොල්ලෑවේ සිට පැමිණෙන වාහල්කඩ බස් රථ මංගලාරාමය ඉදිරිපිට නතර කරනු ලැබේ. රජරට නියඟය අහවර කරමින් වාහල්කඩට විටින්, විට තද වැසි ඇදහැළෙමින් තිබේ. සුවසෙත බලාපොරොත්තුවෙන් වාහල්කඩ ඉසිවර අරණේ කූඩාරම්ගතව රැඳී සිටින රෝගීහු පවතින කාලගුණික තත්ත්වයත් සමඟ දැඩි ලෙස පීඩාවට පත් වෙමින් සිටිති. කඳු බෑවුමක පිහිටි පූජා භූමිය පුරා ඇති කූඩාරම් මහ වැස්සට දියබත් වන බව නොරහසකි. එහෙත් එම කූඩාරම් තුළ ප්‍රතිකාර ලබන රෝගීහු ලෙඩ සුවපත් කරගැනීමේ අධිෂ්ඨානය පෙරදැරි කරගෙන පින්බිමේ දිගටම රැඳෙති. මේ එවැනි අධිෂ්ඨානයෙන් පසු වන මවක් අපට කියන කතාවය. ඇය නන්දා පෙතියාගොඩය. පස් දරු මවකි. සාමාන්‍යයෙන් කාන්තාවන් මාසිකව සිදුවන අසනීප තත්ත්වය පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කිරීමට මැලි වේ. එහෙත් ඔසප්වීමේ අසාමාන්‍ය තත්ත්වයත් සමඟ ඇයට වැළඳී ඇති මාරාන්තික රෝගී තත්ත්වය ගැන මේ මව අප ඉදිරියේ පැකිළීමකින් තොරව පැවසුවාය. "සාමාන්‍යයෙන් කාන්තාවකගේ ඔසප් චක්‍රය අවුරුදු 50 විතර වෙනකොට නතර වෙනවා. මගේ නතර වුණේ අවුරුදු 60 දී. ආයෙමත් අවුරුදු 8 කින් හැදෙන්න පටන්ගත්තා. අසාමාන්‍ය තත්ත්වයක් නිසා ප්‍රතිකාර ගන්න මම වෛද්‍යවරයකු හමු වුණා. වෛද්‍යවරයා පරීක්ෂා කරලා 'ගර්භාෂය හෝදලා, කෑල්ලක් කපලා පරීක්ෂණයක් කරන්න ඕනා' කියලා කිව්වා. 'පරීක්ෂණ වාර්තාව එන්න මාසයක් විතර යනවා... එතකම් රෝහලක නතර වෙලා ප්‍රතිකාර ගන්න කියලත් වෛද්‍ය උපදෙස් ලැබුණා. මාසෙකට පස්සෙ වෛද්‍ය වාර්තාව ආවා. පරීක්ෂණයෙන් තහවුරු වුණේ ගර්භාෂයේ පිළිකාවක් කියලා. වෛද්‍යවරු කිව්වේ ගර්භාෂය ඉවත් කරන්න ඕනා කියලා. අවසානයේ ඔපරේෂන් එකක් කරලා ගර්භාෂය, පැලෝපීය නාල, ඩිම්බ කෝෂ වසාග්‍රන්ථි ඇතුළු ප්‍රජනක පද්ධතියම ඉවත් කළා..." ඔපරේෂන් එක කළාට පස්සෙ කරදරයක් නැතිව ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා හිතුවා. ඒත් වෛද්‍යවරු කිව්වේ නැවත පිළිකා සෛල වර්ධනය වෙන්න පුළුවන් කැමැති නම් මහරගම පිළිකා රෝහලට ගිහින් කරන්ට් එක අල්ලගන්න කියලා. වෛද්‍ය උපදෙස් පිට මහරගම පිළිකා රෝහලට ගිහින් විසිහතර වතාවක් කරන්ට් එක අල්ලගත්තා. බෙහෙත් හතරක් විද්දා. වොකි තෙරපි දෙකක් කළා. අවුරුදු එකහමාරක් විතර නිරෝගීව හිටියා. ආයෙමත් ගුදමාර්ගයෙන් ලේ වහනය වෙන්න පටන් ගත්තා. ඒ එක්කම අසාමාන්‍ය විදිහට කකුල් දෙක ඉදිමෙන්න ගත්තා. සායනයට ගිය වේලාවේදී වෛද්‍යවරුන්ට ඒ බව කිව්වා. 'කරන්ට් ඇල්ලුවම ඒ වගේ තත්ත්වයන් මතු වෙනවා. ඒවට ස්ථිර විසඳුමක් නෑ...' කියලා වෛද්‍යවරු කිව්වා. ටික දවසක් යනකොට හිමොග්ලොබින් මට්ටම හතළිස්දාහට, ප්ලේටට් 5 ට ත් අඩු මට්ටමකට පහළ බැස්සා. කෑම කන්න බැරිව ගියා. නැඟිටලා ඉන්න පණ නැති වුණා. අන්තිමේ ලේ දුන්නා. දරුවො පස් දෙනෙක් වැදුවා. ඒත් මේ තරම් දුකක් විඳලා නෑ. ජීවිතේ එපා වුණා..." වචන සිර විය. හැඬුම වේගවත් විය. ඇයගේ දෙපා පිරිමදිමින් සිටි කාන්තාවගේ හඬ උස් විය. ඇය නන්දා අම්මාගේ දියණිය රසිකා අමරසිංහය. "අම්මා අවුරුදු පහක් එකම විදිහට දුක්වින්දා. අපිට කරන්න පුළුවන් හැම දේම කළා. ඒත් වැඩක් වුණේ නෑ. මගේ අයියා විශේෂ කාර්ය බළකා පුහුණු පාසලක කර්නල්වරයෙක් විදිහට කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ කඳවුරක රාජකාරි කරනවා. අයියා තමයි මේ පන්සල ගැන කියලා අම්මාව එක්කගෙන ආවේ. බුලත් නවයක් යහනේ තියලා ස්වාමීන් වහන්සේ ඉදිරිපිට සිමෙන්ති පොළොවේ ඈඳි ගත්තා. මොහොතක් යනකොට ස්වාමීන් වහන්සේ මගේ අම්මාගේ ඇඟේ තියෙන සියලුම රෝග ස්කෑන් කළා වගේ විස්තර කළා. අපි පුදුම වෙලා අහගෙන හිටියා. ඒ එක්කම පන්සලේ නතර වෙලා ප්‍රතිකාර ගන්න කියලත් ස්වාමීන් වහන්සේ උපදෙස් දුන්නා. ඒ අවස්ථාවේ පුදුම සැනසීමක් හිතට දැනුණේ. මෙතැනට එන හැම කෙනෙක්ටම වෙදකම් කරන්න භාරගන්නේ නෑ. විශේෂයෙන්ම කරන්ට් අල්ලලා බෙහෙත් විදලා ඔඩු දුවපු පිළිකා ලෙඩ්ඩු නතර කරගන්නවා බොහෝම අඩුයි. මේ හැමදේම වෙලාත් අම්මාව නතර කරගත්තා. බෙහෙත් තුණ්ඩුවක් දුන්නා. බොන්න තෙල් වර්ග දෙකක්. තව තෙල් වර්ගයක් ගාන්න දුන්නා..." "ලේ වහනය වන නිසා නිතරම අම්මට ලේ දෙන්න වුණා. හිමොග්ලොබින් අඩු නිසා පීකුදු කන්න කියලා වෛද්‍යවරු කියලා තිබුණා. මේ පින්බිමේ ප්‍රතිකාර ගන්න හැම කෙනෙක්ම නිර්මාංශවීම මූලික ප්‍රතිපත්තියක්. පීකුදු වැනි විශේෂ මාංශ ආහාරයක් නොලැබුණොත් අම්මගේ හිමොග්ලොබින් තවත් අඩු වෙනවා. පන්සලේ ප්‍රතිපත්තිවලට අනුව පීකුදු කන්නේ කොහොමද කියලා අපි දෙලොවක් අතර අතරමං වුණා. මේ පින්බිමේදී අම්මාගේ ජීවිතය නැති වුණත් කමක් නෑ කියලා කතිකාකරගෙන සියලුම මස් මාංශවලින් වැළකී බෙහෙත් කළා. ස්වාමීන්වහන්සේගේ උපදෙස් එලෙසින්ම පිළිපැද්දා. බෙහෙත් කරගෙන යනකොට හිටි ගමන් අම්මට උණක් හැදුණා. ඒ දවස් වෙනකොට ස්වාමීන් වහන්සේ විශේෂ පිළිකා සෛල නාසක තෙලක් හිඳිමින් හිටියේ. තෙල හිඳලා ඉවර වෙනකම් උණ සනීප කරගෙන එන්න කියලා ස්වාමීන් වහන්සේ අම්මව ගෙදර එව්වා. හැමදාම ළඟින් හිටිය මට අම්මාගේ ලොකු වෙනසක් දැනුණා. මට හිතුණා අම්මාගේ ලේ එකක් පරීක්ෂා කරලා බලන්න. කුරුණෑගල පරීක්ෂණාගාරයකින් ලේ පරීක්ෂාවක් කළා. හරිම පුදුමයි. පන්සලට ඇවිත් සතියයි ගත වුණේ. ලැබුණු ලේ වාර්තාවට අනුව 95000 තිබුණු ප්ලේටට් ප්‍රමාණය 10,10000 දක්වා වැඩි වෙලා තිබුණා. 5.5 ක තිබුණ හිමොග්ලොබින් ප්‍රමාණය 7.2 කට ඉහළ ගොස් තිබුණා. මේක පුදුම ආශ්චර්යයක්. ඒ වෙනකොට අම්මගේ උණ ගතියත් හොඳටම සුව වෙලා තිබුණා. නැවත මම අම්මා එක්ක පන්සලට ඇවිත් නතර වුණා. සතියක් විතර වෙදකම් කරලා අනුරාධපුර පෞද්ගලික රෝහලකින් නැවත ලේ පරීක්ෂාවක් කරගත්තා. එම පරීක්ෂණයට අනුව ප්ලේටට් 10,20000 ක් හිමොග්ලොබින් 7.60 දක්වා ඉහළ ගොස් තිබුණා. අවුරුදු පහක් තිස්සේ ලේ වහනය වූ මගේ අම්මාගේ ඒ ලෙඩෙත් මුළුමනින්ම නතර වෙලා තිබුණා. දැන් අම්මා හොඳට කනවා, බොනවා. පන්සල් වත්තේ ඇවිදිනවා. ඇඟ රිදෙනවා කියලා කියන්නෙත් නෑ. මෙතැන දෙන බෙහෙත්වලටත් වඩා නොපෙනෙන ශක්තියකින් තමයි ලෙඩ සුව වෙන්නේ. මෙතැන පුදුම තැනක්. මැරෙන්න යන මිනිස්සුන්ට ජීවිත දානය දෙන පත්තිනි මෑණියන්ට බුදුබව අත් වෙන්න ඕනා. නායක හාමුදුරුවන් නිවන් දකින්න ඕනා. තෑගි බෝග, මිල මුදල් ගන්නේ නැති උන්වහන්සේට පින් දෙනවා හැරෙන්න වෙන කළ හැකි දෙයක් නෑ..." රසිකා දොහොත් මුදුන් තබා චෛත්‍ය වහන්සේ දෙසට වැඳ නමස්කාර කළාය. රසිකාට මෙන්ම නන්දා අම්මාට ද සමු දී අපි ඔවුන්ගේ කූඩාරම අසලිsන් ඈත් වීමු. මේ වන විට ලෝකය පුරා ප්‍රසිද්ධව තිබෙන වාහල්කඩ ඉසිවර අරණේ සත්ක්‍රියාවට මල් වැසි මෙන්ම ගල් වැහි ද අඩුවක් නැත. ගිහි පැවිදි දෙපාර්ශවයම ප්‍රසිද්ධියේ වාහල්කඩ ඉසිවර අරණ විවේචනය කරන අවස්ථා තිබේ. බුදුරජාණන් වහන්සේටත් ගල් පෙරළපු දේවදත්තලා සිටිය ලෝකයක වාහල්කඩ ඉසිවර අරණට අවලාද, මඩගැසීම් නොමැති වූවොත් පුදුමයකි. හොඳ දේ අගැයීමට මැලි, මිනිසුන්ගේ දියුණුව බලා සතුටු විය නොහැකි ඊර්ෂියා, කුහක අපතයන් ඕනෑම සමාජයක සිටිති. ඒ ඔවුන්ගේ ජන්ම ගතියකි. එහෙයින් අපට ජන්ම ගති වෙනස් කළ නොහැක. මඩ, අවලාද වැස්සක් වැස්සුවද වාහල්කඩ ඉසිවර අරණට එය මල් වැස්සකි. ඒ එම පින්බිමේ අවැඩක් නොව යහපත් දේ සිදු වන බව ඇස්පනාපිට පෙනෙන නිසාය. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Aug 2017 04:33 AM දරුඵල නැත්නම් මේ ලිපිය කියවන්න එන්ඩොමෙට්‍රියෝසිස් මුල් ලිපිවල අපි කථා කළා දරුඵල නොමැති වීමට බලපාන කාන්තාවකගේ රෝගී තත්ත්ව මොනවද කියල එයින් පසුගිය සතියේ අපි කතා කළේ දරුඵල නොමැති වීමට ගර්භාෂගත ගෙඩි බලපාන විදියයි. අද අපි මේ සඳහා අන්තෝමාතෘක පටක ප්‍රදාහය හෙවත් Endometriosis බලපාන ආකාරය සොයාබලමු. මොකක්ද මේ Endometriosis වෛද්‍ය ඉන්දික නුවන් - ගර්භාෂ පටක ගර්භාෂයෙන් පිටත තැන්පත් වී ඔසප් චක්‍රය වෙනස් වීමත් සමඟ එම හෝර්මෝනවලට සංවේදීව අන්තර් ගර්භාෂ පටක හැසිරෙන ආකාරයටම පිටත පටකත් හැසිරීම මෙහිදී සිදු වෙයි. මෙය ඉතාම වේදනාකාරී තත්ත්වයක් ඇති කරයි. බොහෝ ගැහැනු දරුවන් ඔසප් වීමත් සමඟම ඉතා වේදනාවෙන් සිටින බව අම්මාවරුන් මෙන්ම ගැහැනු දරුවන් වන ඔබ දන්නවා ඇති. මෙම පටක විවිධ ස්ථානවල තැන්පත් වන අතර එහිදී ඇතිවන රෝගී ලක්ෂණ ද වෙනස් විය හැක. ළමා වයසේදී වේදනාකාරී ආර්ථවය, විවාහ වීමෙන් පසුව දරුඵල නොමැති වීම, එසේම විවාහ වීමෙන් පසුවත් වේදනාව පැවතීම. මොනවද මෙම රෝගයේ ලක්ෂණ? වෛද්‍ය ඉන්දික නුවන් - 01. ඔසප්වීමේදී ශ්‍රොaණි ප්‍රදේශයේ ඇතිවන ඉතා තද වේදනාව Dysmenorrhea 02. ඔසප්වීමකදී අධිකව රුධිරය පිටවීම Heavy Bleeding 03. ඔසප් චක්‍රය අතර කාලයේදී රුධිරය පිටවීම 04. ලිංගික එක්වීම් වලදී වේදනාව ඇතිවීම ඒ නිසාම ඒ සඳහා අකැමැත්තක් දැක්වීම 05. ඔසප් දිනවලදී මළ බද්ධය ඇතිවීම හෝ බුරුල්වී පිටවීම හා අලස බව 06. දරුඵල නොමැති වීම මේ සඳහා බලපාන හේතු 01. හෝර්මෝන අසමතුලිතතා 02. ඔසප් දිනවලදී උදරය තද කර බොහෝ කාලයක් සිටීමේදී ඔසප් රුධිරය ගර්භාෂය දෙසට ගමන් කිරීම 03. ඇඹුල් හා විදාහී දේවල් අධිකව ගැනීම 04. විවිධ කෘත්‍රිම ආහාර හා බීම වර්ග අධිකව ගැනීම නිසා රුධිරයේ ඇතිවන විෂභාවය 05. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතා ඇතිවීම පසුගිය සතිවල අපි පළ කළ ලිපි කියවීමෙන් පසු රෝගීන්ට පැනනැඟුණු ගැටලු හා ඒවාට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි රෝගී තොරතුරුවලින් පෙනෙන්නේ තවමත් ඔබට සුදුසුම ප්‍රතිකාර සඳහා නියම වෛද්‍යවරු සොයාගෙන නැති බවයි. ශල්‍යකර්ම හා වෙනත් ක්‍රම භාවිතයට පෙර ආයුර්වේද ප්‍රතිකාර සදහා සුදුසුකම්ලත් වෛද්‍යවරු පමණක් හමුවන්න. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Aug 2017 04:36 AM හෘද රෝග විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම කතා කරයි-03 හදවත් බද්ධය ජීවිතය කර ගත් තනිකඩයා සැත්කම අති සාර්ථකයි 1967 වර්ෂයේ දෙසැම්බර් 03 වැනිදා දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නගරයේ පිහිටි රෝහලකදී වෛද්‍ය විද්‍යාව උඩුයටිකුරු කළ සිදුවීමක් සිදුවිය. දකුණු අප්‍රිකානු ජාතික විශේෂඥ වෛද්‍ය ක්‍රිස්ටියන් බර්නාඩ් සිදු කළ හදවත් බද්ධ කිරීමේ විශ්මිත ශල්‍යකර්මය සමස්ත වෛද්‍ය ක්ෂේත්රය එතෙක් මෙතෙක් ලැබූ සුවිශේෂීම ජයග්‍රහණය බවට පත් කළේය. වෛද්‍ය ක්ෂේත්රයේ නිම් වළලු පුළුල් කිරීමට සමත් වූ හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය දියුණු වෙමින් පවතින තුන්වැනි ලෝකයේ රටවල සිදු කිරීම සිහිනයක් විය. එහෙත් ඒ අභියෝගය ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් ජයගත්තේ මුළු රටේම පමණක් නොව ලෝකයේම අවධානය යොමුකර ගනිමින් ය. ශ්‍රී ලාංකීය වෛද්‍යවරුන් මේ ජයග්‍රහණය ලබා ගන්නේ පළමුවැනි හදවත් සැත්කම සිදුකර හරියටම පනස් වසරක් ගෙවී ගිය පසුවය. ඉතාම සීමිත පහසුකම් යටතේ සිදු කළ මේ අභියෝගාත්මක ශල්‍යකර්මය මේ වනවිට අතිශය සාර්ථක එකක් බවට පත් වී හමාරය. මේ විශ්මිත ශල්‍යකර්මය සිදු කිරීමේ පුරෝගාමියා ලෙස කටයුතු කළේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතාය. වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා තුළ තිබූ කැපවීම අධිෂ්ඨානය නිසාම වසර දෙකක් වැනි කාල සීමාවක් තුළදී ශ්‍රී ලාංකේය වෛද්‍ය ක්ෂේත්රය ලැබූ සුවිශේෂීම ජයග්‍රහණය ලබා ගන්නට හැකි වූ බව නොරහසකි. විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා එංගලන්තයේ නිව් කාසල් හි පිහිටි ෆ්‍රSමන් රෝහලට සම්බන්ධ වී හදවත් බද්ධ කිරීම පිළිබඳව වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ දැනුම ලබාගත්තේය. 2014 වර්ෂයේ ශ්‍රී ලංකාවට පැමිණි වෛද්‍ය අනිල් අබේවික්‍රම හදවත් බද්ධ කිරීමේ ශල්‍ය කර්මය තම මවුරටේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම සකස් කළේය. හදවත් සැත්කම කිරීම සඳහා අවශ්‍ය කරන සියලු සහාය ලබා ගැනීමට ෆ්‍රSමන් රෝහලේ වෛද්‍යවරුන් කැමැති කරවා ගන්නට අනිල් අබේවික්‍රම මහතාට හැකිවිය. සැත්කම ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමකගේ සහාය ලබා ගැනීමට ද වෛද්‍ය අනිල් අබේවික්‍රමට හැකි වුණේය. අවම පහසුකම් යටතේ ශ්‍රී ලංකාවේ පළමුවන හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකළ අයුරු මෙවර ලිපියෙන් දිගහැරෙයි. ------------- මේ ඔපරේෂන් එක ඉතාම සංකීර්ණ එකක්. පුංචිම පුංචි වැරැද්දක් හරි වුණොත් ලෙඩාගේ ජීවිතේ නැති වෙනවා. ඒ නිසා ඉතිං කල්පනාවෙන් මේ ඔපරේෂන් එක කරන්න ඕනෙ. පැය තුනක් ඇතුළත හාර්ට් එක ගලවල, රෝගියාට බද්ධ කරලා බ්ලඩ් සප්ලයි එකත් දෙන්න ඕනෙ. අපිට මේ ඔපරේෂන් එකේ ටාගර්ට් එක තිබුණේ පැය දෙකකින් මේ ඔපරේෂන් එක ඉවර කරන්න ඕනෙ කියලා. අපි ඒ වැඩේ කළා. පැය 1.55 ක් යනකොට අපිට ඔපරේෂන් එක ඉවර කරගන්න ලැබුණා. ඇත්තටම මෙතනදී අපි දැම්මෙ හොඳ හාර්ට් එකක් නොවෙයි. ඒත් ඒ නරක හාර්ට් එකත් අන්තිමේදී හොඳට වැඩ කරන්න පටන් ගත්තා. ඒක අපේ වගේම ලෙඩාගෙත් වාසනාව. ඒ වගේම හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයට සම්බන්ධ වෙච්ච හැම වෛද්‍යවරයෙක් ම පුදුමාකාර උනන්දුවකින් කටයුතු කළා. මොකද ඒ වෙනකොට මේ කිසිම වෛද්‍යවරයෙක් හදවත බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. මම අවුරුදු 2 1/2 ක් තිස්සේ එංගලන්තයේ ෆ්‍රSමන් රෝහලේ හදවත් බද්ධ කිරීමේ වෛද්‍ය කණ්ඩායමට සම්බන්ධ වෙලා වැඩ කරපු නිසා මට ඒ ගැන හොඳ දැනුමක් තිබුණා. ඒ දැනුම මම මගේ සහෝදර වෛද්‍යවරුන්ට ලබා දුන්නා. හදවත් සැක්කම කියන්නේ එක පුද්ගලයකුගේ හාර්ට් එකක් ගලවලා තවත් කෙනෙකුට සවි කරනව වගේ බොහොම සරල එකක් නෙවෙයි. මේකට ලොකු තාක්ෂණයක් තියෙන්න ඕනෙ. ඒක එක තැනකින් මෙහෙයවන්න ඕනෙ. ඒ කියන්නේ තනි පුද්ගලයෙක් මේ සම්පූර්ණ ඔපරේෂන් එකම පාලනය කරන්න ඕනෙ. ඒ කාර්ය මම බොහොම සාර්ථකව සිද්ධ කළා. හාර්ට් එක බද්ධ කරන ඔපරේෂන් එකට අපේ වෛද්‍යවරුන්ට පෙර පුහුණුවක් තිබුණෙ නැහැ. මේ අතර මට තොරතුරක් ආවා මහියංගනය රෝහලේ මොළය මියගිය පුද්ගලයෙක් ඉන්නවා එයාගේ ඥතීන් කියනවා වකුගඩු පරිත්‍යාග කරන්න කැමතියි කියලා. මම එදාම මගේ සහෝදර වෛද්‍යවරයකු වූ කේ. ඥානකාන්තන් මහත්තයත් එක්ක මහියංගනයට ගියා. ඇත්තටම මට අවශ්‍ය වෙලා තිබුණ හාර්ට් එක බද්ධ කරන ආකාරය, එය ශරීරයට තියලා මහන ආකාරය ගැන වෛද්‍යවරුන්ට පෙර පුහුණුවක් දෙන්න. මේ රෝගියාගේ පවුලේ ඥාතීන් එක්ක මම කතාකරලා එයාගෙ හාර්ට් එක ගලවලා නැවත එයාටම බද්ධ කරන්න අවසර ඉල්ලා ගත්තා. මම ඒ වැඩේ කළේ මහනුවරදී කරන්න ඉන්න ශල්‍යකර්මයට පෙර හුරුවක් ලබා දෙන්න. කේ. ඥානකාන්තන් මහත්තයා ඒ හදවත බද්ධ කිරීම බොහොම සාර්ථකව කළා. මහනුවර රෝහලේ ශල්‍යකර්මයට පෙර මේ වගේ පුහුණුවක් ලබාගැනීමට හැකිවීමත් අපට හොඳ අවස්ථාවක් වුණා. ඒ අනුව 2017 ජුලි 07 වැනිදා ශ්‍රී ලංකා වෛද්‍ය ඉතිහාසයේ විශේෂිතම ශල්‍යකර්මය වූ හදවත් බද්ධ කිරීම අති සාර්ථකව කරන්න අපට අවස්ථාව ලැබුණා. මේක ඇත්තෙන්ම අපේ සාමූහික ජයග්‍රහණයක්. මොකද සෑම වෛද්‍යවරයෙක් ම තමුන්ගෙ සියලු වැඩ රාජකාරි පසෙක දාලා මේ වැඩේට සම්බන්ධ වුණේ ස්වෙච්ඡාවෙන් . එය අගය කළ යුතුයි. මේ වගේ උනන්දුවක් කැපවීමක් තියෙන වෛද්‍ය කණ්ඩායමක් හිටියෙ නැත්නම් අපට මේ භාරධූර කාර්යය කරන්න ලැබෙන්නෙ නැහැ. හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයෙන් පසු හදවත ලබාගත් රෝගියාගේ යම් යම් චර්යාත්මක වෙනස්කම් ඇති වෙන්න පුළුවන්ද? එහෙම කිසිදෙයක් වෙන්නෙ නැහැ. අපි පුෂ්පකුමාරි මහත්මියට බද්ධ කළේ තරුණයකුගෙ හදවතක්. ඒත් එයාගෙ කිසිම වෙනස්කමක් දකින්න නැහැ. ඒක මිත්‍යා මතයක් පමණයි. මේ ශල්‍යකර්මය සඳහා රජයෙන් මොනවගේ සහායක් ද ලැබුණේ. මේ ඔපරේෂන් එකට අපිට වැය වුණේ සාමාන්‍ය බයිපාස් සැත්කමක් සඳහා වැය වූ මුදල වගේ දෙගුණයක මුදලක්. ඔපරේෂන් එකට අවශ්‍ය වෛද්‍ය උපකරණ වලින් වැඩි ප්‍රමාණයක් අපි අපේ රටේ රෝහල්වලින් ලබා ගත්තා. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අපට අවසර දුන්නා. ඒ වගේම මහනුවර රෝහලේ අධ්යක්ෂ සමන් රත්නායක මහතා මේ ශල්‍යකර්මය සාර්ථක කර ගන්න විශාල සහායක් දුන්නා. වෛද්‍ය උපකරණ මෙන්ම විවිධ ඖෂධ වර්ග පවා ගෙන්වල ඒ සියල්ල අපට ලබා දුන්නා. ඔපරේෂන් එකෙන් පස්සෙ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මහනුවර රෝහලට ඇවිත් අපි මුණගැහිලා අපිට ස්තුති කළා. මම ඒ වෙලාවේ ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටියා හෘදය බද්ධ කිරීමේ ඒකකයක් ඉදිකරන්න අපට උදව් කරන්න කියලා. ඇමැතිතුමා බොහොම කැමැත්තෙන් ඒක භාර ගත්තා. මහනුවර රෝහලේ ම වෙනම ස්ථානයක හෘදය බද්ධ කිරීමේ ඒකකයක් ඉදිකරන්න ඇමැතිතුමා පොරොන්දු වුණා. රජයට ඉදිරියේදී හෙලිකොප්ටර් යානා 10 ක් හම්බ වෙනවා කිව්වා. ඒකෙන් එකක් අපට දෙන්නත් ඇමැතිතුමා පොරොන්දු වුණා. හදවත් බද්ධ කිරීමට භාජන වෙච්ච කාන්තාවගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය ගැන බොහෝ දෙනෙක් විමසනවා. ඇත්තටම ඒ කාන්තාව මේ වෙනකොට ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයක ඉන්නවා. සති දෙක තුනක් ජීවත් වෙන්න හිටිය මේ කාන්තාවට මේ වෙනකොට තව අවුරුදු විසිපහක් තිහක් ජීවත් වෙන්න වාසනාවන්ත වෙලා සිටිනවා. ඇත්තටම ඒක මට වගේම මේ ශල්‍යකර්මයට සම්බන්ධ වෙච්ච සෑම වෛද්‍යවරයකුටම, අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයකුටම ලොකු සතුටක්. මේ කාන්තාව මේ වෙනකොට තමුන්ගෙ වැඩපල කරගෙන බොහොම ක්‍රියාශීලීව ඉන්නවා. එයාගෙ ජීවිතේ ගැන අපට දැන් 100% ක් වග කියන්න පුළුවන්. හැබැයි මේ කාන්තාවට ජීවිත කාලය පුරාවටම ඖෂධ ගන්න සිද්ධ වෙනවා. මේ වගේ ඒකක හන්දියක් හන්දියක් ගානේ හදන්න අමාරුයි. ඒ වෙනුවෙන් ලොකු පිරිවැයක් දරන්න වෙනවා. ඒ නිසා අපට ලංකාවේ එක ස්ථානයක හෝ මේ වගේ ඒකකයක් ඉදිකර ගැනීමට ඉඩකඩ ලැබුණොත් අපට පුළුවන් දුප්පත් අහිංසක රෝගීන් සිය දහස් ගණනකට මේ හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය කරන්න. ඇත්තටම මගේ එකම බලාපොරොත්තුවත් ඒක තමයි. පසුගිය ජුලි 07 වැනිදා කරපු ඓතිහාසික හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයෙන් පසු ඒ රෝගී කාන්තාව මේ වන විට මොනවගේ තත්ත්වයකද පසුවෙන්නේ. පුෂ්පකුමාරි කියන ඒ අම්මා මේ වෙනකොට ඉතාම නිරෝගීව ඉන්නවා. හදවත් සැත්කම කරන්න ඉස්සර එයාට අඩි දහයක්වත් ඇවිද යන්න බැහැ. ඒත් දැන් එයා එයාගෙ වැඩ කටයුතු කරගෙන බොහොම කඩිසරව ඉන්නවා. මේ ඔපරේෂන් එකෙන් පස්සෙ අපි මාස තුනක් විතර කාලයක් එයාව අපේ ළඟ තියාගෙන විවිධ පරීක්ෂණවලට භාජන කරනවා. මොකද අපි එයාට බද්ධ කරපු හාර්ට් එක එයාගෙ ශරීරය ප්‍රතික්ෂේප කරනවද කියලා දිගින් දිගටම පරීක්ෂා කරන්න ඕනෙ. ඒ වගේම මේ ලෙඩාට ජීවිත කාලය පුරාම ඖෂධ ලබා ගන්න ඕනෙ. පුෂ්ප කුමාරිට ඕන කරන හැම බෙහෙතක්ම මම මගේ මුදලින් ගෙනැල්ලා දෙනවා. මේ ඔපරේෂන් එකෙන් පස්සේ එයාට තව අවුරුදු 20 - 30 කිසිම ප්‍රශ්නයක් නැතිව ජීවත් වෙන්න පුළුවන්. කවද හරි දවසක ආයෙත් එයාට හදවතේ ආබාධයක් ඇති වුණොත් තවත් හදවතක් එයාට බද්ධ කරන්නත් පුළුවන්. මේ වගේ හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් කිරීමේදී ලොකු අවදානමක් ගත යුතුයි. හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය ගැන 100% ක් බලාපොරොත්තු තියන්න පුළුවන්ද? හැමෝම අහනවා මගෙන් ඇයි මේ වගේ රිස්ක් එකක් තියෙන ඔපරේෂන් එකකට ගියේ කියලා. අපිට බද්ධ කරන්න තියෙන හාර්ට් එක බැලුවාම කියන්න පුළුවන් මේක සාර්ථකව කෙරෙනවද කියලා. ඒ හැකියාව ඇත්තෙන්ම ලැබෙන්නෙ පළපුරුද්දෙන්. මම අවුරුදු තුනක් තිස්සේ හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්ම කරලා ලබාගත්ත දැනුම නිසා මට කියන්න හැකියාව තියෙනවා මේ ශල්‍යකර්මය සාර්ථකව කරන්න පුළුවන්ද කියලා. ඒ ෆ්‍රSරමන් රෝහලේ එක පාරක් මම හදවතක් බද්ධ කළා. අපි කවුරුත් නොහිතපු විදිහට මේ හාර්ට් එක එක පාරටම වැඩ කරන්නෙ නැතිව ගියා. හාර්ට් එක ගල් ගෙඩියක් වගේ අන්තිමේදී අපි කළේ ලෙඩාට ආයෙත් මැෂින් එකකට සම්බන්ධ කරලා එංගලන්තෙ වෙනත් පළාතකින් තව හාර්ට් එකක් ගෙන්නගෙන ඒක අර ලෙඩාට බද්ධ කළා. ඒ නිසා මේක ලොකු රිස්ක් එකක් තියන වැඩක්. ඒත් අපි හැම දෙයම නිවැරැදිව ක්‍රමානුකූලව සිද්ධ කළොත් ශල්‍යකර්මය සාර්ථක වෙනවා. මේ ඔපරේෂන් එකේදි මට සිද්ධ වුණා හැම වෛද්යවරයකුගෙම කාර්යයෙ ඉඳලා සුළු සේවකයා දක්වා වෙන දේවල් බලන්න ඒ අයට උපදෙස් දුන්නා. මොකද මේ කවුරුත් මීට ඉස්සර හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය කරල තිබුණෙ නැහැ. ඒ නිසා ඒ අයට ඒ දැනුම තිබුණෙ නැහැ. හදවත් බද්ධ කිරීම සම්බන්ධයෙන් ඔබේ අනාගත කාර්යභාරය කුමක්ද? ඇත්තටම මගේ එකම බලාපොරොත්තුව හදවත් බද්ධ කිරීමේ එක ඒකකයක් ශ්‍රී ලංකාවේ පිහිටුවන්න. ශ්‍රී ලංකාව පුංචි රටක් නිසා මේ වගේ ඒකක දෙක තුනක් අපට අවශ්‍ය නැහැ. හදවත් බද්ධ කිරීම වගේම පෙනහළු බද්ධ කිරීම සම්බන්ධයෙන් ශල්‍යකර්මත් අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ඉදිරියේදී කරගෙන යනවා හදවත් රෝගයෙන් පෙළෙන අයගේ ලැයිස්තුවක් හදන්න. ඒ නිසා මම ඉල්ලා සිටිනවා හදවත් රෝගයෙන් පෙළෙන අය ඉන්නවනම් මහනුවර රෝහලේ හැම අඟහරුවාදාම තියෙන වෛද්‍ය සායනයකට එන්න. ඇවිල්ලා එතන ලියාපදිංචි වෙන්න කියලා. එතකොට අපට පුළුවන් රෝගියාව සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට භාජන කරලා එයාව අපේ ලැයිස්තුවට ඇතුළත් කරගන්න. මොළය මියගිය රෝගියෙක් ආවම එයාගෙ හාර්ට් එක ගැළපෙන සුදුසුම කෙනා මේ ලැයිස්තුවෙන් තෝරලා එයාට ඒ හාර්ට් එක බද්ධ කරන්න අපට පුළුවන්. වලස්මුල්ල පැත්තෙ අවුරුදු 14 ක පිරිමි දරුවෙකුට ඉතාම ඉක්මනින් හාර්ට් එකක් බද්ධ කරන්න ඕනෙ. ඒ දරුවා හොඳට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම අලුත්ගම පැත්තෙ අවුරුදු 18 ක ගැහැනු ළමයෙක් ඉන්නවා. මේ දෙන්නගෙම හාර්ට් එක 10% ක් තමයි වැඩ කරන්නේ. පුළුවන් තරම් ඉක්මනට මේ දෙන්නට හදවත් බද්ධ කිරීමේ සැත්කම් කරන්න ඕනෙ. අපි මේ දවස්වල මේ දරුවො දෙන්නට හදවත් ලබාගන්න කාර්යයට අතගහල ඉන්නෙ. පෞද්ගලික රෝහල් හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මවලට සම්බන්ධ වෙලා නැද්ද? මේ වෙනකොට මහනුවර රෝහලේ පමණයි මේ හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්ම කරන්නේ. හදවත් රෝගයෙන් පෙළෙන ඕනෑම කෙනෙක් පුළුවන්තරම් ඉක්මනට මහනුවර රෝහලට එන්න. අපි මේ හැම දෙයක්ම කරන්නෙ ශතපහක මුදලක් අය නොකර. මුදල් ගසා කන්න උත්සහ කරන අයට අහුවෙන්න එපා. අපේ වෛද්‍ය කණ්ඩායම සූදානම් වෙලා ඉන්නෙ හදවත් බද්ධ කිරීම නොමිලයේම කරන්න. පෞද්ගලික අංශයේ ඇතැම් අය උත්සාහ කරනව හදවත් බද්ධ කිරීමේ තාක්ෂණය මංකොල්ල කන්න. මේ හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සාර්ථක කර ගන්න, ඒ වගේම ඉදිරියේදී අප කරන්න බලාගෙන ඉන්න ශල්‍යකර්මවලට පූර්ණ සහාය ලබා දෙන වෛද්‍ය කණ්ඩායමට ඇත්තෙන්ම සමස්ත ජාතියේම ප්‍රණාමය හිමි වෙන්න ඕනෙ. මොකද මේ ශල්‍යකර්මය සාර්ථකව කිරීමේ ගෞරවය ඒ හැම වෛද්‍යවරයකුටම හිමි වෙනවා. මහනුවර මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සමන් රත්නායක, අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය ශිව සුබ්‍රමනියම්, විශේෂඥ වෛද්‍යවරුන් වන කාංචන සිංගප්පුලි, වරුණ කරුණාරත්න. , අක්ෂි ජයවික්‍රම, ප්‍රියන්ත දිසානායක, අරුණි ජයසේකර, ජගත් පෙරේරා, මුදිත ලංසක්කාර, කේ. ඥානකාන්තන්, සුනේත්‍රා ඉරුගල්බණ්ඩාර, වසන්ත කපුකොටුව, රොෂාන් පරණමාන්න, දිමුතු වීරසූරිය, ධර්මා සමරකෝන්, රෝහිත මුතුගල, ශිරුණි චන්ද්‍රසිරි, ලෙස්ලි සිරිවර්ධන, රවී වීරකෝන්, අනෝමා විතානගේ, ඇතුළු මේ ශල්‍යකර්මය සඳහා දායක වූ සියලුම වෛද්‍යවරුන් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම මේ ශල්‍යකර්මයට සම්බන්ධ වූ මහනුවර රෝහලේ සියලු හෙදියන්ට මෙන්ම අනෙකුත් කාර්ය මණ්ඩලයට ද ඒ ගෞරවය හිමිවිය යුතුයි. ඔබේ පෞද්ගලික ජීවිතය ගැන යමක් පැවසුවොත් මම උපන්නේ ගාල්ල මොරවක ප්‍රදේශයේ ගමක. අධ්‍යාපනය ලැබුවේ ගාල්ල මහින්ද විද්‍යාලයෙන්. මම අවිවාහකයි. ඇත්තටම මම මගේ මුළු ජීවිතේම කැප කරලා ඉන්නේ මේ හදවත් රෝගීන් වෙනුවෙන්. විවාහ වෙලා දරු මල්ලො හදාගෙන පවුල් ජීවිතයක් ගත කළා නම් මට හදවත් රෝගීන් වෙනුවෙන් මේ වගෙ කැප කිරීමක් කරන්න බැරි වෙනවා. ඒ නිසාමයි මම තාමත් විවාහයක් ගැන හිතන්නෙ නැත්තෙ. මගේ දවස ගෙවෙන්නෙ මහනුවර රෝහලේ ශල්‍යාගාරය තුළයි. අහිංසක මනුස්සයකුගේ ජීවිතයක් බේරගන්නව තරම් සතුටක් තවත් මට නැහැ. හේමන්ත රන්දුණු ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Aug 2017 04:40 AM ප්‍රතිශක්තිකරණය 'ටියුන්' කර ගැනීම අඩු නින්දක් ලබන අයගේ ප්‍රතිශක්තිකරණය දුර්වලය තරබාරුව ප්‍රතිශක්තිකරණය අඩාල කරයි බැක්ටීරියා ජනාවාස විනාශ කරගනිමු. අප ජීවත් වන්නේ අතිශය ජනාකීර්ණ වටපිටාවකය. එම වටපිටාව අපට නොපෙනෙන ක්ෂුද්රජීවී බලවේගවලින් වටවී ඇත. එම සියලු ක්ෂුද්‍රජීවීන්ගේ ප්‍රහාර හමුවේ අප මෙතෙක් නොනැසී ජීවත්වන්නේ අප තුළ සුවිශේෂී සමාජ නීතිමය ගුණාංග නිසාය. එම සටන් ගුණය ලබා දෙන්නේ අප කිසිවකු නොව අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියයි. අප අද නිවසේ, සාප්පු සංකීර්ණයේ හෝ වැඩපළේදී මෙන්ම ගමන් ගන්නා රථවාහන තුළින් සියදහස් ගණනක් රෝග බෝවීමේ හැකියාවක් පවතියි. නමුත් වාසනාවට මෙන් අප සිතා සිතන තරම් මෙන්ම ලොව පුරා විසිරී පැතිරී පවතින විෂබීජ සංඛ්‍යාව තරමට අපට රෝගවලට ගොදුරුවීමට සිදුවන්නේ නැත. මේ සියල්ල පිටුපස සිටින්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය (immune system) නම් සුවිශේෂී බල හමුදාවයි. ඇතැම් අවස්ථාවලදී ප්‍රතිශක්තිකරණ පද්ධතිය සතුරු ප්‍රහාර හමුවේ අඩාල වෙයි. මෙය auto immune disorders ලෙස හැඳින්වෙයි. multiple sclerosis Type 2 diabetics , inflammatory bowel disease මෙයට නිදසුන්ය. මේ නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය අප විසින් ඉතා සුරක්ෂිත ලෙස පවත්වාගෙන යායුතුය. මේ සඳහා සාධක කිහිපයක් උදව් වෙයි. ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණය නිසි පරිදි පවත්වාගෙන යැමට ඉවහල් වන කරුණු කිහිපයකි. (1) ගුණාත්මකභාවයෙන් ඉහළ ආහාර ලබා ගැනීම. (food) (2) හිතකර බැක්ටීරියාවන් වර්ධනයට ඉඩ සැළසීම. (bacteria) (3) පිරිසිදු වාතාශ්‍රය ලබා ගැනීම. (air) (4) ප්රණවත් කාලයක් නින්ද ලබා ගැනීම. (sleep) (5) හොඳින් ඉර එළියට නිරාවරණය (sunshine) (6) ශාරීරික යෝග්‍යතාව (fit) (7) මවුකිරිවල ජීව ගුණය (bereft milk) (8) වයස (age) අප ගන්නා ආහාර ද්‍රව්‍ය රෝග ආසාදනවලට එරෙහිව සටන් කිරීමට අපට ප්‍රධාන ශක්තියක් වෙයි. අද අප දකින බොහෝ වෙළෙඳ දැන්වීම්වල සඳහන් වන්නේද එම ආහාර ප්‍රභව මඟින් ප්‍රතිසංස්කරණය වැඩි වර්ධනය වන බවයි. එහෙත් වෙළෙඳ දැන්වීම්වල පෙන්නුම් කරන තරම් ප්‍රතිසංස්කරණයට එම ආහාරවලින් බලපෑමක් වේදැයි විමසා බැලිය යුතුය. ආහාරවල පවතින මූලද්‍රව්‍ය අතර ඉතා ප්‍රබල කාර්යයක් ඉටු කරන්නේ සින්ක් මූලද්‍රව්‍යයි. (Zn) විශේෂයෙන්ම ජෛව වෛරස් වර්ග ශරීරය තුළ ජනනය වීම වළක්වාලීමට සින්ක්වලට සුවිශේෂී හැකියාවක් පවතියි. මීට පෙර සිතා සිටියේ විටමින් C එම කාර්යය ඉටුකරන බවයි. මේ නිසා විටමින් C පෙති බහුල ලෙස ලබා නොගත යුතු බව විද්‍යාඥ මතය වන අතර මේ නිසා ගුණාත්මකභාවයේ ඉහළ එළවළු සහ පළතුරු අනුභවය මේ රෝග රැසක් මගහරවා ගැනීමට හේතුවෙයි. අධික තරබාරුව ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණ අඩාල කරයි. එහෙත් විටින් විට බර අඩු කර ගැනීම සහ බර වැඩි වීම හිතුවක්කාර ලෙස සහ පාලනයක් නොමැතිව සිදුවීම ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණ අඩාල කරන අතර පිළිකා රෝගවලට අතවනයි. මිනිසාගේ ආහාර මාර්ග පද්ධතිය විවිධාකාර බැක්ටීරියාවන්ගෙන් පිරී පවතියි. අප ගන්නා ආහාර පහසුවෙන් අවශෝෂණය සිදුවන්නේ මේ නිසාය. මේ නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සාර්ථකත්වයට මේ ක්‍රියාවන් උපකාරී වෙයි. ආහාර මාර්ග පද්ධතියේ ජීවත්වන බැක්ටීරියා ජනාවාස (gut flora) අපගේ ශරීරයට අහිතකර ක්ෂුද්රජීවීන් සමග ගැටී එම විෂබීජ විනාශ කිරීමට ක්‍රියා කරයි. මෙයට අමතරව මෙම බැක්ටීරියාවන් ප්‍රතිදේහ ජනක ද්‍රව්‍යයද ස්රාවය කරයි. මේ නිසා ආහාර මාර්ග පද්ධතියේ මෙම බැක්ටීරියාවන් විනාශ වීම විවිධ රෝග ආසාදනවලට මග පාදයි. මේ නිසා අප දිර්ඝ ලෙසත් ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන විට මෙම හිතකර ආහාර මාර්ග පද්ධතිය ආශ්රිත බැක්ටීරියාවන්ටද විනාශ වී යැම බරපතල ප්රශ්නයකි. ආහාර මාර්ගයේ වන බැක්ටීරියාවන් වර්ග සංඛ්‍යාව වැඩිකරන විශේෂ ආහාර වර්ග (Probiotic) ලබාදීම වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් වන්නේ මේ නිසාය. යෝගට් වැනි ආහාර ලබාගැනීම ගැන බොහෝ දෙනෙකු අවධානය යොමු කරන්නේ මේ තත්ත්වය යටතේදීය. විශේෂයෙන් පාචනය වැනි අවස්ථාවලදී මේ අන්දමට යෝගට් ලබාදීම සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇත. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි වර්ධනය සඳහා නින්ද ද ඉතා වැදගත් හේතු සාධකය වෙයි. අඩුවෙන් නින්ද ලබාගන්නා පුද්ගලයා වහ වහා රෝග විෂබීජවලට ගොදුරු වෙති. විශේෂයෙන් දිනකට පැය 07 කට වඩා අඩු ප්‍රමාණයක් නිදාගන්නා පුද්ගලයන් අනෙක් පුද්ගලයන්ට වඩා විෂබීජවලට ගොදුරුවන බව විද්‍යාඥ මතයයි. මෙම නින්දට නිදහසේ විවේකීව සහ නිදහස්ම ස්ථානය ගත කළ යුතුය. පුද්ගලයකු දිගින් දිගටම දැඩි මානසික ආතතියකින් පෙළීම ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල කිරීමට හේතුවෙති. මානසික ආතතියෙන් පෙළෙන විට පුද්ගලයන්ගේ තුවාල සුවවීමට ගතවන කාලයද වැඩිවී යයි. මානසික ආතතියෙන් පෙළෙන විට කෝටිසෝල්, නොඇඩ්්රනලින් වැනි හෝමෝන ස්රාවය වෙයි. මෙම හෝමෝන වර්ග ප්‍රතිශක්තිකරණයට අදාළ සෛල වර්ගවල ප්‍රතිග්‍රාහක සමග බැඳීම නිසා ඒවාට නියමිත පරිදි ක්‍රියාත්මක වීමට නොහැකි වෙයි. තනිකම පාළුව ප්‍රතිශක්තීකරණ යාන්ත්‍රණය බිඳ දමයි. බොහෝ විට කාන්තාවනට තම ගැටලු සාකච්ඡා කර ගැනීමට යෙහෙළියන් අධිකව සිටින නිසා පුරුෂ අයට වඩා ඔවුන් ප්‍රතිශක්තියක් දරති. ප්‍රතිසංස්කරණ පද්ධතියේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය අනෙක් සාධකය නම් හිරු එළියයි. විටමින් D ඌණතාවය මේ අන්දමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්රිත රෝග රැසකට අතවනයි. විටමින් D හෝමෝනය හිරු එළිය හමුවේ ක්‍රියාත්මක වන සහ නිපදවන හෝමෝනයකි. ලොව පුරා හිරු එළියට නිරාවරණය නොවන රටවල ජනතාව වැඩිවශයෙන් ප්‍රතිශක්ති ගැටලුවලට මුහුණ දෙන්නේ මේ නිසාය. සමේ වර්ණක කෙරෙහි බලපාන මෙලටොනීන් හෝමෝනය නිපදවන්නේද සූර්යාලෝකයේ බලපෑම හමුවෙයි. මෙම හෝමෝනයද සමේ ප්‍රතිශක්ති සෛල උත්තේජනයට ක්‍රියාකරයි. සූර්යාලෝකයට නිරාවරණය වීමත් සමඟ පිළිකාවලට ගොදුරුවීම ඉහළ යැම නිසා බොහෝ දෙනෙකු සූර්යාලෝකයෙන් ඉවත්වීම නිසා රිකට්සියාවට ගොදුරු වීම ඉහළ ගොස් ඇත. සූර්යාලෝකයට නිරාවරණය වීම නිසා සමේ පිළිකාවලට ගොදුරුව මියයන සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක්, සූර්යාලෝකයට නිරාවරණය නොවීම නිසා පියයුරු, පුරස්ථි ග්‍රන්ථි සහ ආහාර මාර්ගය ආශ්රිත රෝගවලින් මියයන බව විද්‍යාඥ මතයයි. මෙම අගය සමේ පිළිකාවලට ගොදුරු වන ප්‍රමාණය මෙන් හතර ගුණයක අගයකි. සම සතියකට දින දෙකක තුනක ප්‍රමාණයක්, ඔබගේ දෑස්, ඇඟිලි සහ මුහුණ සූර්යාලෝකයට නිරාවරණය වැදගත්ය. අප දිනපතා සිදුකරන ව්‍යායාමද අපගේ ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමට ඉවහල් වෙයි. විශේෂයෙන්ම වඩාත් ක්‍රියාශීලී පිරිමින් බොහෝ වෛරස්වලට එරෙහිව සාර්ථකව ක්‍රියාකරන බව සනාථ වී ඇත. මෙහිදී සිදුවන්නේ අපගේ හෘදය වඩාත් හොඳින් ක්‍රියාත්මක වන විට රුධිර නාළවල හිරවී පවතින ප්‍රතිශක්ති සෛල ශරීරය පුරා විසිරී යයි. කෙසේ වුවත් අධික ලෙස ව්‍යායාම්වල නිරත වීමද සුදුසු නැත. ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණ වඩාත් සාර්ථක ලෙස ක්‍රියාත්මක කරවන උපායක් වන්නේ මවගෙන් දරුවනට සම්ප්‍රේෂණය වන ප්‍රතිදේහයි. මවගේ වැදෑමහ හරහා ගමන් ගන්නා ප්‍රතිදේහ දරුවාට උරුම වන්නේ කළල අවධියේදීමය. මේ තත්ත්වයට දරු උපතින් පසුව මවගේ මවුකිරි හරහා දරුවාට ලබාගත හැකිය. මවුකිරි තුළ ප්‍රතිදේහ අතිවිශාල ප්‍රමාණයක් පවතියි. සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාව තුළ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්රිත රෝග අවස්ථා අවම කිරීමට ඉවහල් වන්නේ මෙම මවුකිරිය. දරුවාට ලබාදෙන ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩ සටහනද මෙම යාන්ත්‍රණ තවදුරටත් වැඩි වර්ධනයට හේතුවෙයි. කුඩා දරුවන් ජීවත්වන පරිසර සීමාව ඉක්මවා පිරිසිදු වීමද දරුවා කෙරෙහි ප්‍රතිශක්ති ප්‍රතික්‍රියා ඇතිවීම වළක්වාලයි. අප වයස්ගතවීම සමග ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණ අඩාලවී යයි. වැඩිහිටි පුද්ගලයන් පිළිකා හා වෙනත් රෝගවලට පහසුවෙන් ඉලක්ක වෙති. ප්‍රතිශක්තිකරණ පද්ධති සෛල වයස්ගත වීමද මෙයට හේතුවෙයි. වෛද්‍ය ජී.ජී. චමල් සංජීව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ හම්බන්තොට ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Aug 2017 04:45 AM පාදයේ ඇඟිල්ල හිරිවැටීම පිළිකා ලක්ෂණයක් බව සොයා ගත්ත හැටි ප්රශ්නය - පාදයේ මහපට ඇඟිල්ලට පසුව තිබෙන ඇඟිල්ල කාලයෙන් කාලයට හිරි වැටෙනවා නම්, එහි අධික වේදනාවක් හටගෙන පාදය දිගේ උඩට පැතිර ගොස් නැති වෙනවා නම් එය අනාගත පිළිකා රෝගයක පූර්ව ලක්ෂණයක් විය හැකි බව ඔබ පසුගිය සාකච්ඡාවක සඳහන් කළා. එසේ වෙන්නේ ඇයි? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - අපේ පාරම්පරික මතයට සහ දැනුමට අනුව පිළිකාවක් හටගන්නේ ශරීරයේ වාත පිති, කප යන වේග තුන කිපීම නිසයි. මෙසේ තියෙන අතර මේ ප්‍රවේග තුනෙන් එකක් වැඩිපුර තියෙනවා. කෙනෙකුගේ ජීර්ණශක්තිය (ආහාර දිරවීමේ හැකියාවේ) හෙවත් ආහාර ජීර්ණයට බලපාන එන්සයිම ප්‍රමාණය පහත වැටුණාම ශරීරය තුළ විෂ එකතු වීමට පටන් ගන්නවා. එසේ එකතුවන තැන පිළිකාවක් හට ගැනීමට අවශ්‍ය වාතාවරණය බිහිවනවා. පිළිකාවක තිබෙන්නේ සැබෑ ශක්තියක් හෙවත් අහිතකර ශක්තියක්. එයට අප කියනවා Negative Life energy කියලා. මේ අහිතකර ශක්තිය සමාන වන්නේ ශරීරයේ තැන්පත්ව තිබෙන එහෙමත් නැත්නම් ශරීරය වාසස්ථානය කරගත් ක්ෂුද්‍ර ජීව ශක්තියකටයි. පාදයේ දෙවන ඇඟිල්ල දිගේ වේදනාවක් ඇති කරමින් ඉහළට ගමන් කරන්නේ ඒ අහිතකර ශක්තිය අවධිවන අවස්ථාවේදී ස්නායු පද්ධතියට කරන බලපෑමයි. ප්රශ්නය - නවීන විද්‍යාව අනුවත් මෙය සත්‍යයක් විය හැකිද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - නවීන විද්‍යාව මගින් මෙය කොහොම අර්ථකථනය කරනවද කියල කියන්න බැහැ. මෙය පාරම්පරික අත්දැකීමක්. දේශීය වෛද්‍ය විද්‍යාව කියන්නේ ආයුර්වේදය වගේම පර්යේෂණ මත නොව පර්යේෂණාත්මක අත්දැකීමක්. වෙද පරම්පරා දහයක් ඒ ගැන හොයා බලල තිබෙනවා. ප්රශ්නය - එතකොට ඒ සඳහා ඖෂධ පිළියෙළ කිරීමේ පදනම කුමක්ද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - දේශීය වෛද්‍ය ක්රමයේ පීතෘවරයා තමයි ලංකාවේ රාවණ රජතුමා. ඔහු සඳහන් කරලා තිබෙනවා ලෙඩ රෝග 5999 කට බෙහෙත් වශයෙන් ගත හැකි ගහ කොළ 5999 ක් මේ මහ පොළොව මත හැදෙනවා කියලා. ඔහු එහෙම කියන්නේ ඔහුට පෙර පරම්පරාව අවුරුදු දහස් ගණනක් තිස්සේ ඒ ගහකොළවලිsන් හදන ඖෂධ රෝගීන්ට දීලා පර්යේෂණාත්මක අත්දැකීම් මත පදනම් වූ විද්‍යාවක්. ඒ අත්දැකීම් එන්නේ පරම්පරාවෙන් පරම්පරාවට. මෙයට අවුරුදු දහස් ගණනකට පෙර ජීවත් වූ අපේ පැරැන්නකුගේ පාදයේ ඇඟිල්ලක් ක්ෂණිකව හිරිවැටෙනවා කියලා හිතන්න. ක්ෂණිකව වේදනාවක් ඇවිත් නැතිව යනවා කියලා හිතන්න. ඒ අතර ඔහුට පිළිකාවකුත් හැදෙනවා. ඔහු මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවද කියන සැකය සහිතව ඒ බව වෛද්‍යවරයාට කියනවා. ඊළඟට තමන් වෙත එන පිළිකා රෝගීන්ගෙන් වෛද්‍යවරයා අහනවා පාදයේ ඇඟිල්ලක් හිරිවැටෙන ලක්ෂණයක් තිබුණද කියලා. ඔව් කියන අය ගැන සැලකිල්ලට අරන් බෙහෙත් දෙනවා. ඒක තමයි අත්දැකීම කියන්නේ. ඊළඟට වෛද්‍යවරයා තම ශිෂ්‍යයන්ට මේ අත්දැකීම විස්තර කරනවා. එය තමයි පරම්පරාවෙන් පරම්පරාවට දැනුම යන ක්‍රමය. මෙහෙම පරම්පරා අතින් අතට යන දැනුම පරම්පරා දහයක් විතර යන විට නිර්ණායකයක් හෝ සම්මතයක් බවට පත් වෙනවා. ඒ වන විට එයට අත්දැකීම් ලබලා තිබෙනවා. පිළිකාවට ඖෂධ පිළියෙල කරන විට ගන්නේ ඒ පාරම්පරික පර්යේෂණාත්මක අත්දැකීම් පිළිබඳ දැනුමයි. උදාහරණයක් හැටියට පිළිකාවට අත්දුටු ගුණ දෙන මහා හරි තෛලය මම හදන්නෙත් ඒ විදියටයි. ලබන සතියේ කොහොමද මේ හරි තෛලය හදන්නේ.... නොමිලේ විස්තර සඳහා 0713464276/ 0759061771 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Aug 2017 04:48 AM ශරීරයේ ඉන්ද්රියයන් සිහි ගන්වන එළවළු පලතුරු ගොටුකොළයේ හැඩය මොළයේ රැළි වැටුනු ස්වභාවයට සමානය. වකුගඩුවේ, හදවතේ හැඩය සිහිගන්වන එළවලු, පළතුරු බොහෝය. ස්වරූපයෙන් පමණක් නොවන මේවා ගුණයෙන්ද අනූනය. ස්වභාවදහම ඇතැම් විට හරි අපූරු නිර්මාණ බිහි කරන බව අප කවුරුත් දන්නා කාරණාවකි. එය අහම්බයකින් වුව ඇතැම් එළවළු පලතුරු වර්ගවලට අපගේ ශරීර ඉන්ද්රියයන්ගේ ස්වරූපය ලබා දී තිබෙන බව පෙනී යයි. ස්වභාවදහම ඇඟිල්ලෙන් ඇන ඇන අපේ ඇඟේ වැදි වැදී අපට කියා දෙන්නේ මේවා සුලභව ආහාරයට ගන්නා ලෙසයි. පැරැන්නන් අද තරම් නූතන විද්‍යා තාක්ෂණික දැණුමකින් සන්නද්ධව නොසිටියත් ස්වභාව දහමට සංවේදි විය. මේ සංවේදීභාවය බොහෝ අනතුරු මග හැර යන්නට ඔවුන්ට ඉවහල් විය. එවැනි අපගේ ඉන්ද්රියයන් සිහි ගන්වන ආහාර ද්‍රව්‍යය කිහිපයක් මෙසේ ය. අලි ගැටපේර පැසුණු අලිගැටපේර ගෙඩියක බාහිර ස්වරූපය කාන්තාවකගේ ඩිම්බ කෝෂයක හැඩය ගනී. එමෙන්ම අලි ගැටපේර ගෙඩියක් දික් අතට කැපුවාම පෙනෙන්නේ හරියට ගර්බනී මවකගේ උදර සහ උකුල ප්‍රදේශය මෙනි. අලිගැටපේර ගෙඩියේ ඇටය ගර්භාෂයේ වැඩෙන දරුවා මෙනි. අලිගැටපේර වනාහි ගැබිණි මවකට සහ කළලයේ වර්ධනයට අවැසි අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථවලින් මෙන්ම ඖෂධීය ගුණ රාශියකට හේතු වන ශාක රසායනිකයන්ගෙන් අනූන ය. එමෙන්ම මෙහි අත්‍යවශ්‍ය ඔමේගා තුන මේද අම්ල ද සුලභ ය. ඔමේගා මේද අම්ල වැඩියෙන්ම අන්තර්ගත වන පලතුර වන්නේ ද අලිගැටපේර වෙයි. මෙම මේද අම්ල නිසියාකරයෙන් ගැබිණි මවකට නොලැබුණොත් විශේෂයෙන් කළලයේ මොළය වර්ධනයට අහිතකර ලෙස බලපානු ලබයි. ගැබිනි මවක් අත්‍යවශ්‍ය ඔමේගා තුන මේද අම්ල යහමින් නොගත්තොත් ඇගේ ගර්භාෂයේ වැඩෙන කළලය තම අවශ්‍යතාවයට සරිලන මේද අම්ල මවගේ සිරුරෙන් ලබා ගනී. විශේෂයෙන් මවගේ මොළය තුළ තිබෙන මේද අම්ල දරුවා ලබා ගනී. එවිට මවට දරු ප්‍රසූතියෙන් පසුව ඇති වන මොළය ආශ්රිත සංකූලතා සදහා මෙය හේතුවක් වන්නට පිළිවන. මෙවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගන්නටනම් ගර්භනී මවක් ශරීරයට අහිතකර නොවන අලි ගැටපේර වැනි ඔමේගා තුන මේද අම්ල සුලභ ආහාර අනුභව කිරීම බෙහෙවින්ම වටින්නේ ය. අලිගැටපේර වනාහි සිරුරට අහිතකර නොවන අන්දමට ශක්තිය ලබා ගන්නට ද හිතකර ආහාරයක් වෙයි. අලිගැට පේර ග්‍රෑම් සියයකින් ශක්තිය කිලෝ කැලරි 160 ක් ලබා ගන්නට පිළිවන. එමෙන්ම මෙහි බොහෝ පලතුරු වල බහුලව හමු නොවන ප්‍රොaටීන් ද තිබේ. මෙය ආහාරමය තන්තු බහුල ආහාරයක් වන බැවින් ආහාර ජීර්ණ පද්ධතියේ නීරෝගී භාවයට මෙන්ම මළ බද්ධයෙන් වැළකී සිටින්නට ද හොඳ පළතුරකි. අලි ගැට පේර වනාහි මේ ලොව තිබෙන පලතුරු අතරින් විටමින් ඊ. කේ. ඒ. සී. සහ බී. විටමින්වලින් ඉතාමත් පොහොසත් පලතුරකි. එමෙන්ම සින්ක්, පොටෑසියම්, මැංගනීස් සහ යකඩ යන ගර්භනී සහ කිරි දෙන මවකට අත්‍යවශ්‍ය ඛණිජ ලවන වර්ග රාශියකින් ද පොහොසත් පලතුරක් වෙයි. බීටා සිටොස්ටිරෝල් (Beta-sitosterol) නැමති දුලභ ශාක රසායනිකය මෙහි සුලභව හමුවීම ද අලිගැටපේර සතු තවත් ඉතාමත් වැදගත් ගුණාංගයක් වෙයි. මෙය සිරුරේ අහිතකර කොලස්ටරෝල් මට්ටම පහත දමන බවත්, හිතකර කොලස්ටරෝල් මට්ටම ඉහල දමන බවත් සොයා ගෙන තිබෙනවා. මෙයට අමතරව බීටා සිටොස්ටිරෝල් ආහාර ජීර්ණ ක්‍රියාවලිය වැඩි දියුණු කරන්නටත්, ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නන්වන්නටත්, මහාන්ත්‍ර පිළිකා සමනය කරන්නටත්, හන්දිපත් අමාරුව සහ ගර්භාෂ සංකූලතා සමනය කරන්නටත්, ඉන්µaලුවෙන්සා සහ වෛරස් රෝග, ඇදුම, ආතරයිටිස්, ශ්වසන ආබාධ, ආර්ථවහරණ සංකූලතා සමනය කරන්නටත් ඉවහල් වන බව සොයා ගෙන තිබෙනවා. මේ ආදි වශයෙන් අලි ගැට පේර වනාහි විශේෂයෙන් ගර්භණී සහ කිරි දෙන සෑම මවක් මෙන්ම බාල මහලු හැම දෙනෙකුම නිතර සේවනය කළ යුතු අනර්ඝ පලතුරක් බව තහවුරු වෙයි. ගොටුකොළ - අපගේ හිස් කබල විවෘත කර බැලුවහොත් එය රැළි වැටුණු ස්වරූපයක් පෙන්නුම් කරයි. මෙය හරියට ගොටු කොළ පත්‍රයක මතු පිට පෙනුම සිහි ගන්වයි. ගොටු කොළ පිළිබදව දැනට සිදුකර තිබෙන පර්යේෂණ බොහොමයකටම අනුව මෙම ශාකය ස්නායූ පද්ධතිය සහ මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා අවැසි ටි්රටර්පීන්ස් සැපොනින් (Triterpenes saponin compounds) සංඝටක වලින් පොහොසත් ය. මෙයට අමතරව ටි්රටර්පීන්ස් සැපොනින් සංගටක රුධිර සංසරණ පද්ධතිය දියුණූ කරන්නටත් සමේ සහ කෙස් වල නීරෝගීභාවය වැඩිදියුණූ කරන්නටත් ඉවහල් වෙයි. මොළයට මෙන්ම සිරුරේ නිසි ක්‍රියාකාරිත්වයට අවැසි වන විටමින් සහ ඛනිජ ලවන රාශියක් ද ගොටුකොළ තුළ අන්තර්ගත වෙයි. එමෙන්ම ගොටු කොළ ශරීර ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණූ කිරීමේ ගුණ සහ පිළිකා නිවාරණ කිරීමේ ගුණ ද ඇති බව සොයා ගෙන තිබෙනවා. මුකුණුවැන්න- මුකුණුවැන්න පත්‍රයක හැඩය අනෙක් ශාක පත්‍ර වලට වඩා වෙනස් ආකාරයක් පෙන්නුම් කරයි. මුකුණුවැන්න පත්‍රයක් අපේ ඇස උඩින් තැබුවහොත් එය හරියට ඇසක ස්වරූපය පෙන්නුම් කරයි. මුකුණුවැන්න ඇසේ පෙනීම වැඩි දියුණු කරන්නට හේතු වන බීටා කැරොටින් (විටමින් ඒ ) ඇතුළු පෝෂ්‍ය පදාර්ථ රාශියකින්ම අනූන ආහාරයකි. තක්කාලි- තක්කාලි ගෙඩියක් දික් අතට පලා නිරීක්ෂණය කළහොත් එය කර්ණිකා දෙකකින් සහ කෝෂිකා දෙකකින් සැදුම්ලත් අපගේ හදවතේ අභ්‍යන්තරය සිහි ගන්වයි. තක්කාලි වනාහි හදවතේ නීරෝගිකම සහ හදවත් රෝග වලින් වළකින්නට ඉවහල් වන ලයිකොපීන් (Lycopene) නමැති ශාක රසායනිකයෙන් අනූන ආහාරයක් වෙයි. මෙහිලා අවධාරණය කළ යුතු තවත් වැදගත් කාරණාවක් වන්නේ කාබනිකව වගා කරන වැඩිදියුණු නොකළ සම්ප්‍රදායික තක්කාලි ප්රභේදවල ලයිකොපීන් සියයට අසූවකින් වැඩියෙන් අන්තර්ගත වන බවය. කැරට්- කැරට් අලයක් හරස් අතට කපා නිරීක්ෂණය කළහොත් එය අපගේ ඇසේ කුණීතයේ හැඩය සිහි ගන්වනු ඇත. කැරට්වල විටමින් ඒ සුලභව තිබෙන බව අප කවුරුත් දන්නා කාරණාවකි. සාමාන්‍යයෙන් කැරට් ග්‍රෑම් සියයකින් අපගේ දෛනික විටමින් ඒ අවශ්‍යතාවයෙන් සියයට 113 ක් පමණ ලැබේ. විටමින් ඒ වනාහි ඇස්වල පෙනීම සහ විශේෂයෙන් වියපත් වීමේදී ඇසට සිදු වන හානි වැළැක්වීම සදහා අත්‍යවශ්‍ය වන විටමිනයක් වෙයි. ලීම ඇට- මෑ. ලීම. බෝංචි වැනි පියලි ඇට වර්ග වල මතු පිට පෙනුම මිනිස් වකුගඩුවක හැඩය සිහි ගන්වයි. මෑ, ලීම සහ බෝංචි ඇට වල අන්තර්ගත වන පෝෂක සංඝටක වකුගඩු වල නිරෝගිභාවය සඳහා බෙහෙවින්ම ප්‍රයෝජනවත් වන අතර, රතු, නිල්, දම් වැනි වර්ණයන්ගෙන් සැදුම් ලත් මෙම ඇට වර්ග. එම වර්ණ වලට හේතු වන ප්රොඇන්තොසයනින් වැනි ශාකරසායනිකයන්ගෙන් පොහොසත් ආහාර වෙයි. මේවායේ තිබෙන ශාඛ රසායනිකයන් වකුගඩු රෝග, හදවත් රෝග සහ පිළිකා රෝග වලින් ආරක්ෂා වන්නට ද කෙනෙකුට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙයි. අනෙක් අතට පියලි ඇට වර්ග ෆොලික් අම්ලයෙන්ද පොහොසත් ආහාරක් වෙයි. ෆොලික් අම්ලයේ ක්‍රියාකාරිත්වය පිළිබද ඇමරිකානු කොලරාඩෝ සරසවියේ සිදු කර ඇති නවතම පර්යේෂණයකින් හෙළි වී තිබෙන තොරතුරු අප මවිත කරවයි. රුධිරයේ අන්තර්ගත ආසනික් නමැති අධික විෂ සහිත බැරලෝහය සියයට 40 න් මූත්‍ර මගින් ඉවත් කර වන්නට ෆොලික් ඇසිඩ් වලට පිළිවන් බව සනාථ වී තිබීම එයට හේතුවයි. ඒ අනුව මෑ, ලීම වැනි ආහාර සුලභව ගැනීම වකුගඩුවල නිරෝගි පැවැත්මට වෙසෙසින්ම ඉවහල් වන බව පෙනී යයි. ජම්බෝල - මහ නාරන් නොහොත් මහ සිදරම් යන නම්වලින් ද හැඳින්වෙන ජම්බෝල පලතුර වනාහි මේ දිනවල සුලභව දකින්නට තිබෙන පලතුරකි. මෙහි බාහිර ස්වරූපය ස්ත්‍රියකගේ පියයුරක හැඩය පෙන්නුම් කරයි. ජම්බෝල පොත්තේ. මදයේ සහ මදයත් පොත්තත් අතර තිබෙන ස්පොන්ජිමය ආවරණය තුළ පියයුරු පිළිකා රෝග මර්දනය කරන්නට සමත් ක්වසටින් Quercetin සහ හෙස්පෙරිඩින් Hesperidin වැනි දුර්ලභ µaලැවනොයිඩ වර්ග රාශියක්ම නිස්සාරණය කර ගන්නට විද්‍යාඥයින් සමත් ව තිබෙනවා. මෙයට අමතරව ජම්බෝල ග්‍රෑම් සියයකින් විටමින් සී දෛනික අවශ්‍යතාවයෙන් සියයට 73 ක් පමණ ලබා ගන්නට පිළිවන විටමින් සී වනාහි පිළිකා පරදන ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති විටමීනයක් ද වෙයි. මෙම පලතුර පොටෑසියම් අධික සහ සෝඩියම් නොමැති පලතුරක් වන බැවින් හදවත් රෝගීන්ට සහ අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන්ට ද දිව ඔසුවක් වෙයි. එනමුත් පොටෑසියම් අධික ආහාර වකුගඩු ආබාධ වලින් පෙළෙන රෝගීන්ට අහිතකර වන බව මතක තබා ගැනීම වැදගත් වෙයි. බටහිර ඖෂධවල විෂ හරණ ක්‍රියාවලියට බාධා කරන රසායනික සංගටක ද ජම්බෝල වල සුලු වශයෙන් තිබෙන නිසා ඉංග්‍රීසි බෙහෙත් බොන රෝගීන්ට ද ජම්බෝල හිතකර වන්නේ නැත. කෙසේ වෙතත් සාමාන්‍ය නිරෝගි ළමා මහලු හැමෝටම විශේෂයෙන් ස්ත්රීන්ට ගුණදායක පලතුරක් ලෙස ජම්බෝල සැලකිය හැකිය. ජපන් ජාතික මහාචාර්යවරයෙකු දිනක් බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසැලකට පැමිණියේය. සිමෙන්ති පඩි පෙළ දිගේ ගමන් කරමින් සිටි ඔහු සිමෙන්ති බදාමය අස්සෙන් අසීරුවට එහෙත් සරුවට වැවී තිබුණු ගොටුකොළ පදුරක් දෙස මහත් විශ්මයෙන් යුතුව බලා සිටුණු පෙනිණ. -අපේ රටේ මේ වටිනා දිව ඔසුව වගා කර ගන්න අපි පුදුම දුකක් වි`දිනවා. උඹලගේ රටේ විසි කරත් හැදෙන මේ ඖෂධය පාගා ගෙන යනවා. උඹලට කවදානම් මොළය පෑදෙයි ද...." ජපන් මහාචාර්යවරයා එසේ කීය. ඉදුණු ජම්බෝල ගෙඩි වලින් පිරුණු ජම්බෝල ගසක් එක්තරා නිවසක් අසල තිබෙනු රාජකාරි ගමණක් යමින් සිටි මා හට දිනක් දකින්නට පිළිවන් විය. එම නිවසේ සාමාජිකයින්ට මා ජම්බෝලවල ගුණය පිළිබද කියා දුනිමි. ඊට වසරකට පමණ පසු එම නිවස අසලින් නැවත වතාවක් ගමන් කරමින් සිටි මා හට අර ජම්බෝල ගස කපා දමා තිබෙනු නිරීක්ෂණය විය. අවාසනාවක මහත. එම නිවසට අල්ලපු නිවසේ සිටි ස්ත්‍රියක් පියයුරු පිළිකා රෝගයෙන් පෙළෙන බව දැන ගන්නට හැකි විය. අනේ අර ජම්බෝල ගස කපා නොදා ජම්බෝල ආහාරයට ගත්තානම් අර කාන්තාවට සමහර විට පියයුරු පිළිකා රෝගය නොවැළදී තිබෙන්නට පිළිවන් බව එවෙලේ මට සිතිණ. ස්වභාව දහමට නොව රූපවාහිනියේ වෙළෙද දැන්වීම්වලට සංවේදී අපි බොහෝ දෙනෙකු ස්වභාවදහමේ පණිවුඩ කියවා ගන්නට අපොහොසත් වෙමු. ඒ නිසා ලංකාවේ මිනිසුන් බොහෝ දෙනෙකු මිය යන්නේ දේවල් නොමැතිකම නිසා නොව දේවල් පිළිබද නොදන්නාකම නිසාවෙන් බව අවධාරණය කරනු කැමැත්තෙමු. ගැමුණු සාලිය පෙරේරා උපදේශක, වස විස නැති ආහාර ජාතික වැඩසටහන, උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Aug 2017 04:50 AM කොඳුඇටපෙළ ඇදවන අය මේ කසාය බීලා බලන්න ප්රශ්නය - කොඳු ඇට පෙළ ඇදවීමේ ආත්‍රයිටීස් තත්ත්වය ගැන අප පසුගිය සතියේදී සාකච්ඡා කළා. එවැනි රෝග තත්ත්වයක් යටතේදී ගත යුතු ආහාර සහ අනුගමනය කළ යුතු ජීවන රටාව කුමක්ද? වෛද්‍ය වසන්ත උදයජීව - ඉතාම ලෙහෙසියෙන් ජීරණය වන තෙල් සහිත ආහාර ගැනීම තමයි වඩාත් සුදුසු. ගිතෙල්, පිරිසිදු බටර්, එළවළු සුප්, කොට්ටන් යනාදිය ඉතාම යෝග්‍යයි. බත්, පාන්පිටි, මුං ඇට වැනි ආහාර ඉවත් කළ යුතුයි. කායික සහ මානසික විඩාව වළක්වා ගත යුතු අතර මද රස්නය සහිත තල තෙල් වලින් සිරුර සම්බාහනය කර ගැනීමට හැකිනම් බෙහෙවින් වටිනවා. ඒ අතර මා තවත් අත්බෙහෙත් දෙකක් කියන්නම්. සුදුලූනු බික් දෙකක් අඹරා කිරි වීදුරුවකට දමන්න. එය මද ගින්නේ හතරෙන් එකකට හින්දවන්න. ඉන්පසු එම මිශ්‍රණය පෙරා එක් කොටසක් උදය වරුවෙත්, අනෙක් කොටස සවස් වරුවෙත් පානය කරන්න. මේ ආකාරයෙන් සතියකට දින 3 ක් හෝ හතරක් දිගටම කරන්න. දෙවන අත් බෙහෙත මෙයයි. අබ තෙල් හෝ තල තෙල් තේ හැන්දක් ගෙන එය තාච්චියකට දමා උණුසුම් වන විට අඹරාගත් සුදුලූනු බික් තුන හතරක් සහ සූදුරු තේ හැන්දක් දමා දුඹුරු පැහැ වන තුරු බැදගන්න. ඉන්පසු එය ලිපෙන් බා මද රස්නය තිබියදී කොඳුඇටපෙළ දිගේ තවරා හොඳින් තවන්න. ඉන් පසු මද රස්නය සහිත ලුණු පොට්ටනියකින් ප්‍රදේශය තවා ගන්න. ප්රශ්නය - පසුගිය සතියේදී ඔබ සඳහන් කළ විදියට මෙය හට ගන්නේ කොඳු ඇට පෙළ මත දැඩි පීඩනයක් යෙදවීම නිසයි. ඊට අමතර ආයුර්වේද අර්ථකථනයක් තිබෙනවද? වෛද්‍ය වසන්ත උදයජීව - ශරීරය තුළ කුපිත වන වාත දොaෂ මගින් පටක ක්ෂය කරනවා. එසේම සන්ධිවල ඉහළ කොටසක් අස්ථාවර කරනවා. වාතය කුපිත වන්නේ ඉතා වියළි, ඉතා සීතල, ඉතා සැහැල්ලු සහ ඉතා බර ආහාර නිසයි. මෙවැනි ආහාර ගත් විට ශරීරය තුළ වායු වර්ග හටගන්නවා. වැඩි කාල පරතරයක් තුළ ඉතා කුඩා ප්රමාණවලිsන් ආහාර ගැනීම, ඇඹුල් සහ තිත්ත ආහාර ගැනීම, නිදි වැරීම, දුම් පානය, මත්පැන් පානය, ඕනෑවට වඩා ඇඟ මහන්සි කරන වැඩ කටයුතුවල නිරත වීම, ප්‍රමාණය ඉක්මවා ලිංගික ක්‍රියාකාරකම්වල නිරතවීම, සහ මානසික ආතතිය නිසාත් වාත දොaෂ හට ගන්නවා. ඒ නිසා මෙවැනි තත්ත්වයන්ගෙන් වැළකී සිටීම තමයි වඩාත් සුදුසු වන්නේ. ප්රශ්නය - කොඳු ඇට පෙළ ඇදවීමේ රෝගයට කසායක් දිය හැකිද? වෛද්‍ය වසන්ත උදයජීව - පාවට්ටාමුල්, තොටිල පොතු, දේවදාර, පත්පාඩගම්, එලබටු මුල්, කටුකරෝසන, වියළි ඉඟුරු. කොත්තමල්ලි, සුවඳ කොට්ටම්, අරළු යනාදිය කලං 1 මංචාඩි 4 බැගින් ගෙන වතුර පත 8 එකට සිඳුවා පෙරා තිප්පිලි කුඩු ඇඟිලි දෙකකට හසුවන ප්‍රමාණයෙන් දෙකක් මුසු කර පත භාගය බැගින් උදේ සහ සවසට දින 12 ක් එක දිගට පානය කළ යුතුයි. තිප්පිලි කුඩු සාදා ගන්නේ කබලේ බැද කුඩුකර ගැනීමෙනුයි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Aug 2017 04:53 AM අර්ශස් ඇතිවන හැටි සහ සුවකරන හැටි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව සතුරෙක් පස්සෙන් පන්න පන්නා බලපෑම් එල්ල කරන රෝගයක් ලෙස හඳුන්වන රෝගී තත්ත්වයකි, අර්ශස්, බොහෝ දෙනා මෙම රෝගී තත්ත්වය වැළඳුණු විට ලඡ්ජාව නිසා ප්‍රතිකාර ක්‍රමවලට යොමු නොවුණත් මෙය ඉතා ඉක්මණින්ම ප්‍රතිකාර ලබාගත යුතු රෝගයක් ලෙසද අනිවාර්යයෙන්ම පැවසිය යුතුම රෝගී තත්ත්වයකි. අර්ශස් රෝගය එය ඇතිවීමට බලපාන හේතු සහ රෝගය ඇතිවීමෙන් රෝගියාට සිදුවන අපහසුතා සහ රෝගය සුවකර ගන්නේ කෙසේද යන කරුණු පිළිබඳව අප ප්‍රවීණ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා හමුවී තොරතුරු විමසුවෙමු. එහිදී එතුමා අප සමඟ පැවසූ අදහස් මෙලෙස ඔබට ඉදිරිපත් කරන්නේ මෙම රෝගයෙන් පීඩා විඳින ඔබටත් එයින් මිදීමට මෙය මහඟු අවස්ථාවක් විය හැකි බැවිනි. * ඇත්තටම මොකක්ද මේ අර්ශස් රෝගය කියන්නේ. කොහොමද මෙය වැළඳෙන්නේ. වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් පීඩා විඳින රෝගයක් තමයි අර්ශස් කියන්නේ. නමුත් බොහෝ දෙනා මෙම රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්නේ එය ඉතා උග්‍ර තත්ත්වයට වර්ධනය වූ පසුවයි. නමුත් මෙම රෝගය වැළඳී ඇති බවට තමන්ට දැනුණු පළමු මොහොතේම ඒ සඳහා කුමන හෝ වෛද්‍යවරයකු කරා යොමු වී ප්‍රතිකාර ලබා ගන්නා ලෙස මා පළමුවෙන්න පවසනවා. මන්ද මේ රෝගය ඉවසා දරාගෙන සිටීමට ඉතා අපහසු රෝගයක්. මේ නිසාම මෙය වැළඳුණු බොහෝ දෙනා ක්ෂණිකව කෝප ගන්නා පුද්ගලයන් බවට පත්ව සිටිනවා. විශේෂයෙන්ම මෙම රෝගය වැළඳීම සඳහා ජානමය ලක්ෂණද බලපෑමක් සිදුකරනවා. මවට හෝ පියාට මෙම රෝග ලක්ෂණ පවතී නම් ඔවුන්ට බිහිවන දරුවාගේ කලල අවස්ථාවේදීම මෙම රෝග ලක්ෂණ දරුවාට ඇතිවීමට හැකියාවක් තිබෙනවා. මීට අමතරව වර්තමානයේ පවතින අධික කාර්යබහුල ජීවන තත්ත්වය නිසා බොහෝ විට මෙම රෝග වැළඳ ගන්නා තත්ත්වයක් ද පවතිනවා. මෙම අයහපත් ජීවන රටාව නිසා (විශේෂයෙන්ම විවිධ ආහාර මේ සඳහා ප්‍රධානතම සාධකයි.) කුඩා දරුවන් මුල සිටම මේ තත්ත්වයට ගොදුරුවීම සිදුවෙනවා. පෙර පාසල් යන වයසේ සිට සලකා බැලූ විට ඉතා උදැසනම මවුපියන් විසින් ඔවුන් අවදි කරගන්නා අතර දැඩි කලබලකාරී තත්ත්වයක් හමුවේ ඔවුන් පෙර පාසලට හෝ දිවාසුරැකුම් මධ්‍යස්ථානයට යෑවීමට සූදානම් කරයි. එවිට දරුවාට කටයුතු කිරීමට සිදුවන්නේ තමාගේ ශරීරයේ ක්‍රියාකාරිත්වයට වඩා දෙමාපියන්ගේ විධානයන් අනුවය. විශේෂයෙන්ම දරුවාට වැසිකිළි යැම සඳහා අවශ්‍ය නොවන වෙලාවක ඔහුට ඒ සඳහා සූදානම් වීමට සිදුවේ. ඉතින් දරුවා දැඩි ආයාසයක් යොදා මෙම කාර්යය කිරීමට පෙළඹෙන්නේය. දෙවැන්න පාසලේදී හෝ වෙනත් යන තැනකදී වැසිකිළි යැමට අවශ්‍ය වුවහොත් එසේ නොකරන ලෙස දරුවන්ට උපදෙස් දීම සිදුකරයි. එවිට දරුවා නිවසින් පිටත සිටින අවස්ථාවලදී මළපහ කිරීමට අවශ්‍ය වුවහොත් එය දරාගෙන ඉවසාගෙන සිටීමට පුරුදු වන්නේය. මෙලෙස අමාරුවෙන් ඉවසා සිටියත් ටික කලක් යත්ම දරුවන් මෙය පුරුද්දක් බවට පත්කර ගන්නේය. නියමිත වේලාවට මළපහ නොකිරීම සහ අනවශ්‍ය වෙලාවට බලයෙන් මළපහ පිටකිරීම යන මේ කාරණා දෙකම මෙම රෝගය වැළඳීමට බලපාන ප්‍රධානතම හේතුවකි. විශේෂයෙන්ම කුඩා දරුවන් නොව තරුණ, වැඩිහිටි අයද අද මේ ක්රමයන්ට හුරුපුරුදු වී ඇති නිසා ඔවුන්ද මේ තත්ත්වයට ගොදුරුව ඇත. තවත් කාරණා කිහිපයක් තමයි නිසි පරිදි ජලය පානය නොකිරීම, වැරදි ආහාර පුරුදු, පිටි සහිත ආහාර වර්ග වැඩිපුර භාවිත කිරීම, ක්ෂණික ආහාරවලට වැඩිපුර යොමුවීම, අධික අම්ල සහිත ආහාර වැඩිපුර ගැනීම (බිලිං, ගොරකා, සියඹලා, ඇඹරැල්ලා වැනි දැ) උෂ්ණ අධික ආහාර ගැනීමද (ඉස්සෝ, දැල්ලෝ, බලමාළු වැනි දැ) අර්ශස් වැළඳීමට බලපානු ලැබේ. ඉහත සඳහන් හේතූන්වලට අමතරව ගැස්ට්‍රයිටීස් වැළඳී ඇති විට සිදුවන ආහාර ජීර්ණයේ යම් යම් අක්‍රමිකතාද මෙම රෝගය වැළඳීමට හේතුවිය හැකියි. විශේෂයෙන්ම ඉහත සඳහන් විවිධ වැරදි පුරුදු නිසා ශරීරයේ ආහාර ජීර්ණ පද්ධතියේ මුල් කොටසේ සිදුවන යම් යම් අඩුපාඩු නිසා එහි අවසන් කෙළවර වන ගුද මාර්ගයේ ඇතිවන අවහිරතා අර්ශස් රෝගය ලෙස හඳුන්වයි. * වෛද්‍යතුමනි මෙම රෝගය වැළඳී ඇති පුද්ගලයකුගේ රෝග ලක්ෂණ මොනවාද? විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන් රෝග ලක්ෂණ කිහිපයක්ම තිබෙනවා. ඒ අතරින් මෙම රෝගීන්ට පළමුව ගුද මාර්ගයේ ඇතිවන වේදනාකාරී බව, අධික දැවිලි තත්ත්වයන්, ඒ වගේම ඉතා සුළු සුළු දේවලදීත් ඇතිවන අධික කේන්තිය, ඇවිදීමේදී ඇතිවන අපහසුතා, නින්දට යැමේදී ඇතිවන අපහසුතා විශේෂයෙන්ම මෙම රෝගීන්ට මුනින් අතට හැර වෙනත් ඉරියව්වකින් නිදා ගැනීමේදී අධික වේදනා ඇතිවීම, නිසි ලෙස මළ පිටනොවීම, මළ මාර්ගයේ ගෙඩි හට ගැනීම, රුධිරය පිටවීම වැනි රෝග ලක්ෂණ හඳුන්වා දිය හැකි අතර මෙම රෝග ලක්ෂණ අනුවම මෙම රෝග වැළඳුණු රෝගියකුට ඇතිවන අපහසුතාව කෙතරම්ද කියා සිතා ගැනීමට හැකියාව පවතිනවා. * වෛද්‍යතුමනි, මෙම රෝගීන්ට මේ රෝග සමඟ ඇතිවන වෙනත් රෝග තිබෙනවාද? අර්ශස් රෝගීන්ට එම රෝගයට අමතරව ඒ හා සමඟම වැළඳිය හැකි රෝගාබාධ ලෙස තදබල හිස කැක්කුම, ගැස්ට්‍රයිටීස් රෝග තත්ත්වය, වාත රක්ත තත්ත්වය, ඇදුම, දියවැඩියාව වැනි රෝගාබාධ ප්‍රධානයි. වෛද්‍යතුමනි, මේ රෝගය සුවකර ගැනීම සඳහා ආයුර්වේදය සතුව ප්‍රතිකාර ක්‍රම පවතිනවාද? ඔව්. පැහැදිළිවම අර්ශස් රෝගීන් මෙම දුකින් මුදා ගැනීම සඳහා ආයුර්වේදය සතුව ප්‍රතිකාර ක්‍රම පවතිනවා. නමුත් එම ප්‍රතිකාර ක්‍රම කළ යුත්තේ රෝගියා පිළිබඳ පරීක්ෂණයකින් පසුවයි. මන්ද අර්ශස් සමඟම තවත් ඉහත සඳහන් කළ රෝගාබාධද රෝගීන්ට පැවතිය හැකි නිසා එක් එක් රෝගියකුට එක් එක් ප්‍රතිකාර ක්‍රම ලබාදීම සිදුකළ යුතුයි. පළමුවෙන්ම රෝගියාට උදේ කාලයේ නියමිත පරිදි මළපහ පිටකිරීමට අවශ්‍ය ඖෂධ වර්ග ලබාදිය යුතුයි. ඉන් පසු ආහාර ජීර්ණ පද්ධතියේ ඇති එන්සයිම සමබර කිරීමට ප්‍රතිකාර ලබාදිය යුතුයි. මෙලෙස රෝගියා නිවැරැදි ලෙස පරීක්ෂා කරමින් ප්‍රතිකාර කිරීම තුළින් මෙම රෝගය සුව කිරීමට ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවලින් හැකියාව පවතී. විශේෂයෙන්ම අර්ශස් රෝගය වැළඳී එය ඉතා උච්ච වී ශල්‍යකර්මවලට භාජනය කළ යුතු රෝගීන් පවා ආයුර්වේද ප්රතිකාරවලින් නිසි සුවය ලබා නිරෝගී වන අතර ආයුර්වේද ප්‍රතිකාර තුළින් ශරීරයේ අර්ශස් ඇතිවීම මූලික ලක්ෂණවලටද ප්‍රතිකාර ලැබෙන නිසා එම රෝගය නැවත ඇති නොවන ලෙසට සුව කිරීමට ආයුර්වේදයට හැකියාව තිබෙන අතර ඕනෑම කාර්යබහුල පුද්ගලයකු වුව පහසුවෙන් ප්‍රතිකාර ලබා ගත හැකි ලෙස ඖෂධ සකසා ඇති නිසා ඕනෑම කෙනෙකුට දැන් අපහසුවකින් තොරව ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාවද පවතින්නේය. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Aug 2017 04:56 AM ඩිම්බාශ්රිත වර්ධනය නැති කිරීමට ගුණ දෙන බෙහෙතක් වැල්මී ප්රශ්නය - ඩිම්බකෝෂ ආශ්‍රිතව හට ගන්නා පිළිකාමය නොවන වර්ධනයක් ගැනත් Ovarian Cyst තත්ත්වයක් ගැනත් පසුගිය සතියේ අප කතා කළා. ඩිම්බය තුළ හට ගන්නා මෙවැනි තත්ත්වයන් පිළිකාවක තත්ත්වයකින් වෙනස් වන හැටි හඳුනා ගැනීම සඳහා රුධිර පරීක්ෂණ කළ යුතු බවත් ඔබ පෙන්වා දුන්නා. වෛද්‍ය කෞමදී කරුණාගොඩ - CA 125 කියලා රුධිර පරීක්ෂණයක් තිබෙනවා. මේ මගින් නොවැරදීම බලාගන්න පුළුවන් ඩිම්බය ආශ්රිත වර්ධනය පිළිකාවක් ද නැද්ද කියන කාරණය. ප්රශ්නය - පිළිකාමය නොවන වර්ධන හට ගන්නේ කවර වයස් සීමාවේදී ද? වෛද්‍ය කෞමදී කරුණාගොඩ - දරුවන් හදන, ඒ කියන්නේ දරු ගැබක් පිහිටන වයසේ කාන්තාවන්a අතර තමයි මෙය වඩාත් ප්‍රචලිත. අවුරුදු 20 - 30 - 40 - 50 වැනි වයස්වල ඉන්න කාන්තාවකට මෙය ඇතිවිය හැකියි. අවුරුදු පනහට වැඩි අය තුළ පිළිකාමය තත්ත්වයක් ඇති වීමේ ප්‍රවණතාවක් තිබෙනවා. ප්රශ්නය - මෙවැනි වර්ධනයන් සම්බන්ධයෙන් ආයුර්වේද ප්‍රවේශය කුමක්ද? වෛද්‍ය කෞමදී කරුණාගොඩ - ආයුර්වේදය අවුරුදු 5000 කට වැඩි ඉතිහාසයක් තිබෙන විද්‍යාවක්. ඒ නිසා ඈත අතීතයේ සිටම මෙවැනි රෝගවලට ප්‍රතිකාර තිබිලා තියෙනවා. සාමාන්‍යයෙන් නූතන ඉන්දියාවේ, ආයුර්වේදයට වඩාත් ප්‍රකට කේරළ ප්‍රාන්තය ආයුර්වේද වෛද්‍ය ගුරුකුල මගින් මේ සඳහා ප්‍රතිකාර කරන්නේ මේ විදියටයි. මුලින්ම ඔවුන් කරන්නේ වේදනාව කළමනාකරණය කිරීම. ඒ සඳහා යටිබඩ ප්‍රදේශයේ පිරිසිදු එඬරු තෙල් ආලේප කරනවා. දිනකට දෙවරක් බැගින් දින 3 ක් මේ ආලේපය සිදු කරනවා. ඊළඟට යටි බඩ තවනවා. මෙසේ උදේ සවස තැවිල්ල සිදු කරගෙන යන විට යටි බඩේ වේදනාව නැතිව යනවා. ප්‍රතිකාරය යන අතරතුර රෝගියාගේ ආහාර පාලනය සිදුවන බව කිව යුතුයි. රෝගියාට මුංඇට කැඳ එක වේලක් දෙනවා. ඉතිරි වේල් දෙක දෙන්නේ ඉතාම සැහැල්ලු ආහාර. මන්ද යත් බර ආහාර දුන්නාම දිරවීම ඉතා දුෂ්කරයි. එවිට යටිබඩේ වේදනාව මතු වෙනවා. කොහොම වුණත් මේ හැම දෙයක්ම කරන්නේ සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයකුගේ අනුදැනුම යටතේ බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මෙවැනි රෝගවලට ප්‍රතිකාර කරන විට ආයුර්වේදයේ වැඩි වශයෙන් ම කරන්නේ කාන්තා ශරීරය තුළ තිබෙන ඊස්ට්‍රජන් සහ ටෙස්ටොස්ටෙරන් කියන හෝමෝන දෙවර්ගය පාලනය කිරීමයි. දුර්ලභ පැළෑටියක් වන කළුනික ගහේ ගෙඩි වලින් කරන ප්‍රතිකාරය ඉතා ප්‍රබලයි. කාන්තා හෝමෝන පාලනයේදී මේ ශාකය විශාල මෙහෙවරක් කරනවා. ඒ වගේම මී පැණිත් ඉතාම ප්‍රයෝජනවත්. හෝමෝන නිපදවන ඇඩි්රනල් ග්‍රන්ථයේ ක්‍රියාකාරීත්වයට ලොකු බලපෑමක් කරන්න වැල්මීවලට පුළුවන්. වැල්මීවලින් හදන එක් බෙහෙතකට හැකියාව තිබෙනවා ඩිම්බාශ්රිත වර්ධනයන් ස්වභාවිකව දිය කර හරින්න. හාතාවාරිය කුලයට අයත් ඇස්පරගස් ශාකයෙන් හදන ඖෂධයකට හැකියාව තිබෙනවා කාන්තා ප්‍රජනන පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන්න. කෝමාරිකා ශාකයෙන් හදන ඖෂධයකින් ප්‍රජනන පද්ධතිය අභ්‍යන්තරව පිරිසිදු කිරීමට හැකියි. මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කාරණයක් තිබෙනවා. නවීන විද්‍යාත්මක ඖෂධ වලින් වගේ ක්ෂණික සහනයන් ආයුර්වේද ඖෂධවලින් එන්නේ නැහැ. හැබැයි ඒවායින් ලැබෙන ගුණය ස්ථිරසාර ගුණයක්. හුඟක් වෙලාවට සමහර ශාකසාරමය ඖෂධ ශරීරයට හඳුන්වා දීමට පටන් ගැනීමෙන් පසු මුල් ප්‍රතිඵලය දෙන්නේ තුන් මාසයකට පසුයි. ඒත් ඒ ප්‍රතිඵලය එනම් එයින් ලැබෙන ගුණය අවුරුදු ගණනාවක් අල්ලා සිටිනවා. විශේෂයෙන් හෝමෝන සමබර කිරීම සඳහා දෙන ශාකසාර ඖෂධ තමයි මේ ආකාරයට ක්‍රියාත්මක වන්නේ. මාස 6 ක් එක ලෙස නිසි විදියට ශරීරයට ආහාර විහරණ කරලා ආයුර්වේද ඖෂධ ගත්තොත් හොඳ ප්‍රතිඵල ස්ථිරයි. නොමිලේ විස්තර සඳහා - 0766739977, 011-5288055 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Aug 2017 04:59 AM පංචකර්ම වලින් අංශභාගය සුව කරන්නේ කොහොමද? පංචකර්ම, කේරලීය පංචකර්ම මෙය අද නිතර අසන්නට ලැබෙන දෙයක් මුලින්ම ඒ ගැන කෙටි හැඳින්වීමක් කළ හැකිද? ආයුර්වේදයේ පංචකර්ම චිකිත්සාව බොහෝ රෝගවලට ඉතා උසස් ප්‍රතිඵල දෙන්නා වූ ප්‍රධානතම චිකිත්සා ක්‍රම අතරින් එකකි. මෙය රෝග සුව කිරීමටත්, ස්වස්ථාවය ආරක්ෂා කිරීම සඳහාත් භාවිත වන ප්‍රතිකාර ක්රමයකි. මෙම චිකිත්සාවේ සුවිශේෂ ලක්ෂණය වන්නේ රෝග නිදාන එනම් රෝග හේතුව සම්පූර්ණයෙන්ම ශරීරයෙන්ම උපුටා දැමීමයි. ආයුර්වේදයට අනුව පංචකර්ම ලෙස හැඳින්වෙන්නේ වමන කර්ම (Emesis), විරේචන කර්ම (Purgation) වස්ති කර්ම (Enema therapy) නස්‍ය කර්ම (Errhine therapy) සහ රක්තමොක්ෂණ යයි (Blood Letting) මේවා ප්‍රධාන කර්මයි. මෙම ප්‍රධාන කර්ම කිරීමට පෙර රෝගියා සකස් කිරීම සඳහා පූර්වකම කළ යුතුය. එනම් ශරීරයට අභ්‍යන්තර හෝ බාහිරව ස්නේහ වර්ග (Unctuous Substances) යෙදීම සහ විවිධ ක්‍රම උපයෝගි කර ගනිමින් ස්වේද (Fomentation) යෙදීම සිදුකළ යුතුය. ප්‍රධාන කර්මවලින් පසු එයට අනුකූලව පශ්චාත් කර්ම සිදුකළ යුතුය. තවද නියමිත ආහාර විහරණ පිළිපැදිය යුතුය. තවද කේරලීය පංචකර්ම නමින් හැඳින්වෙන ප්‍රතිකාර ක්රමයක්ද පවතිනවා. එයට ශිරෝධාරා (හිසට තෙල් වැක් කිරීම) පිචිඡිල් (තෙල් නෑවීම) ඥවර කිඡි (ඖෂධීමය කිරිබත් පෙට්ටනිවලින් තැවීම) අන්නාලේප (ඖෂධීමය කිරිබත් ඇඟේ ගෑම) සහ ශිරෝලේප (ඖෂධ හිසේ ආලේප කිරීම) අයත්ය. මීට අමතරව ක්ෂුද්‍ර කර්ම නමින් හැඳින්වෙන ප්‍රතිකාර ක්‍රමද භාවිත වේ. මෙම ක්‍රමවලින් බොහෝ ආබාධවලට ඉක්මන් වූත් හොඳින් දැනෙන සුවතාවක් සහනයක් ලබාගත හැකියි. වෛද්‍ය ප්‍රතිකාර විශේෂයෙන්ම පඤaචකර්ම ප්‍රතිකාර ලබාගන්නා විට පළපුරුදු හොඳ දැනුමක් ඇති දක්ෂ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීම ඉතා වැදගත්. මන්ද පඤaචකර්ම ප්‍රතිකාර යෙදීමේදී අඩු ලුහුඬු හා වරදීම් ඇති වුවහොත් බොහෝ අතුරු ආබාධ ඇතිවිය හැකි නිසයි. අතපය වෙවිලීමට (Parkinsonism) ආයුර්වේද ප්‍රතිකාර තිබේද? ඔව්.. අතපය හා ශරීරය වෙව්ලීමට නිතර දකින හේතුවක් වන්නේ කම්පවාතයයි. මැදි වයස පසු කළ අය අතර මෙය බොහෝ විට දක්නට ලැබෙනවා. මෙම වෙව්ලීම නිසා එදිනෙදා කටයුතුවලට බාධා ඇතිවෙනවා. විවිධ ක්‍රම මගින් හිසට තෙල් යෙදීමෙන්, නස්‍ය කර්ම සහ සුදුසු ඖෂධ යෙදීම මගින් රෝගියාට සෑහෙන සහනයක් ලබාදිය හැකියි. මෙම ප්‍රතිකාර ක්‍රමය දීර්ඝකාලීන ක්‍රමයක් බව මෙහි සඳහන් කළ යුතුයි. සමහර රෝගීන් ඇවිදින විට විසිවෙන්නට, වැටෙන්නට යනවා මෙන් දැනෙන බව කියනවා. මෙයට ප්‍රතිකාර තිබේද? ආයුර්වේදයට අනුව මෙය වාත රෝගයක්. එසේම ස්නායු රෝගයක් නවීන වෛද්‍ය විද්‍යාවේ සඳහන් (Cerebellar degeneration) වෙරි වූ පුද්ගලයෙකු ඇවිදිනවා මෙන් දැනීම, විසිවන ගතිය, එක පැත්තකට වැටෙන්නට යන ගතිය දක්නට පුළුවන්. මෙබඳු රෝගීන් විශේෂිත පඤaකර්ම ප්‍රතිකාර, ශිරෝධාරා ශිරෝවස්ති වැනි ක්‍රම මගින් හිසට තෙල් යෙදීම හා විශේෂිත ඖෂධ භාවිතයට සැලැස්වීමෙන් විශාල ගුණයක් ලබාගන්න පුළුවන්. බොහෝ අය අතපයවල හිරිය දැනෙන බව පවසනවා. මේ ගැන ඔබට යමක් කියන්න පුළුවන්ද? අවයවවල හිරිය බොහෝ රෝග අවස්ථාවලදී ඇතිවේ. එන් එක හේතුවක් වන්නේ වාත රෝගයයි. (Neuritis) එම රෝග අවස්ථාවේදී විවිධ පංඤaචකර්ම, කේරලීය පඤaචකර්ම, ශරීරයේ තෙල් නෑවීම (සර්වාංගධාරා) වස්ති යෙදීම සහ වෙනත් ඖෂධ මගින් මහඟු ප්‍රතිඵල ලබාගත හැක. මාංශපේශීන්ගේ වැහැරීමට (Myopathy, Muscle Wasting) ආයුර්වේදයෙන් ප්‍රතිකාර කළ හැකිද? විවිධ ආබාධ තත්ත්වයන් මත මාංශපේශීන්ගේ වැහැරීම ඇතිවෙනවා. මෙය මාංශශෝෂ ඇතිවෙනවා. මෙම රෝග අවස්ථාවලදී මාංශපේශි වැහැරීම, පේශීන්ගේ දුර්වලතාව සහ ක්‍රියාකාරීත්වය අඩුබව ඇතිවෙනවා. විවිධ පඤaචකර්ම (ආයුර්වේද, කේරලීය හා දේශීය) කෂාය, චූර්ණ වර්ග ආදිය යොදා කෙරෙන ප්‍රතිකාර තුළින් රෝග තවදුරටත් වර්ධනය වීම පාලනය කර මාංශපේශීන්ගේ ශක්තිය සහ ක්‍රියාකාරීත්වය වැඩිකළ හැකියි. පක්වාශය ගත වාත (Irritable bowel Syndrome) යනුවෙන් හඳුන්වන්නේ කුමන තත්ත්වයක්ද, ඒ සඳහා ඇති ආයුර්වේද ප්‍රතිකාර මොනවාද? එහිදී බඩ පුරවා දැමීම සහ ගත් ආහාරය දිරවන විට බඩ පිපීම ඇතිවේ. විටෙක මලබද්ධයත් තවත් විටක ද්රවත්වයෙන් මල පිටවීමත්, සමහර විට හිසරදයක් දක්නට ලැබෙනවා. මෙය සාමාන්‍යයෙන් බහුලව දක්නට ලැබෙන නමුත් වැඩි සැලකිල්ලක් යොමු නොකරන අපහසුතාවක් පමණක් ලෙසට සලකන රෝග අවස්ථාවක්. විවිධ ක්‍රමවලට උදර ප්‍රදේශයේ තෙල් ගැල්වීම, ශිරෝධාරා, කෂාය, වස්තිකර්ම වැනි ප්‍රතිකාර යෙදීම තුළින් මෙයට සුවය ලබාදිය හැකියි. තවත් බොහෝ වාත රෝග අවස්ථාවන් වලදීද ආයුර්වේද හා දේශීය ප්‍රතිකාර මගින් සුවයක් සහ විශාල සහනයක් අනිවාර්යයෙන්ම ලබාගත හැකියි. 1. පක්ෂාසාතය (Hemiplegia) මෙය වාත රෝගයකි. ශරීරයේ වම් හෝ දකුණු අංශයේ ක්‍රියාකාරීත්වය අඩපණ වීම මෙහිදී දක්නට ලැබේ. අධික රුධිර පීඩනය නිසා ඇතිවන මොළයේ අභ්‍යන්තර රුධිර වහනය හෝ රුධිර කැටි හිරවීම මෙයට හේතු විය හැක. විශේෂිත ආයුර්වේද ප්‍රතිකාර සහ කේරලීය පඤaචකර්ම ප්‍රතිකාර මඟින් විශාල සුවයක් ලැබිය හැක. විශේෂිත ආයුර්වේද ප්‍රතිකාර සහ කේරලීය පඤaචකර්ම ප්‍රතිකාර මගින් විශාල සුවයක් ලැබිය හැක. 02. අර්දිතය (Facial Paralysis) මුහුණේ මාංශපේෂීන් ක්‍රියා හානියට ලක්වීමයි. පක්ෂාසාතය හා සමඟම වුවද ඇතිවිය හැකියි. විශේෂිත අභ්‍යන්තර ප්‍රතිකාර හා කවලග්රහ ආදී ක්ෂුද්රකර්ම මගින් සාර්ථකව සුවකළ හැක. මෙය වාත දොaෂය දූෂණයවීමෙන් ඇතිවේ. 03. කම්පවාත (Parkinsonism) අනිච්ඡානුගතව ඇතිවන අතපය වෙව්ලීම මෙහිදී දක්නට ලැබෙනවා. එම නිසා එදිනෙදා කටයුතු කරගැනීම ඉතා අපහසු වේ. දීර්ඝකාලීන ආයුර්වේද ප්රතිකාරවලින් විශ්ෂ්ඨ ප්‍රතිඵල ලබාගත හැකි රෝගයකි. 04. හිරිය (Parasthesia) විවිධ හේතූන් නිසා හිරිය ඇති විය හැක. වාත කෝප්ප, ස්නායු ආබාධ, දියවැඩියාව බොහෝ විට හේතුවිය හැක. පඤaචකර්ම ප්‍රතිකාර, සර්වාංග ධාරා ආදිය හිරිය සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රමවේ. 05. මාංශකෝෂ (Myopathy, Muscle Wasting) ශරීරයේ මාංශ පේශි වැහැරීමට ලක්වීම මේ නමින් හඳුන්වයි. මෙහිදී වාත දොaෂය ශමනය කරන, ස්නායු මෙන්ම මාංශ ධාතුව පෝෂණය කරන චිකිත්සා ක්‍රම යොදාගෙන ඉතා සාර්ථකව ප්‍රතිකාර කළ හැක. සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 12 Aug 2017 07:23 AM මල්ලි උඹ (ආදරේට හොදේ උඹ කියන්නේ) හෝටලේ වහල චැනල් සෙන්ටර් එකක්වත් දැම්මද 0 chamaramindMost Senior MemberPosts:13471 13 Aug 2017 03:11 AM කනට මොකෙක් හරි රිංගුවොත් යම් ලෙසකින් ඔබගේ කනට සතෙක් ඇතුළු වුවහොත් හෝ කනට යම් දෙයක් අහම්බෙන් ඇතුල් වුවහොත් එහිදී ඇතිවන වේදනාව අපහසුතාව කෙතරම් ද යන්න අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. එබැවින් මෙ වැනි අවස්ථාවකදී මූලිකව කළයුත්තේ කුමක්ද යන්න අප දැන සිටිය යුතුමය. මෙහිදී විශේෂයෙන් කුඩා දරුවෙකු මෙවැනි තත්ත්වකට කුඩා දරුවකු මුහුණ පෑ විට වඩාත් සැලකිලිමත් විය යුතුය. කෙසේ වෙතත් ලොකු කුඩා කවර අයෙකු වේවා හදිසියේ මෙවැනි අවදානමකට මුහුණ දුන්නොත් කළ යුතු මූලික ප්‍රතිකර්ම මොනවාද යන්න මෙහිදී සාකච්ඡා කෙරේ. 01. අනතුරට මුහුණදුන් තැනැත්තාගේ කන උඩු අතට හරවා ජලය හෝ පොල්තෙල් කිසිදු බියකින් තොරව වක්කරන්න. එහිදී කනට අනතුරක් හානියක් වේ යැයි බියක් ඇතිකර නොගන්න. වැදගත් වන්නේ සතා ඉවතට ගැනීමයි. 02. මෙසේ මිනිත්තු කිහිපයක් ජලය රැදෙන අතට බෙල්ල හරවාගෙන සිටින අතර කනට ඇතුළු වූ සතා ඉවතට පැමිණියේ දැයි පරීක්ෂා කර බලන්න. 03. සතා ඉවතට පැමිණියේ නැත්නම් අඬු හෝ වෙනත් උපකරණ භාවිතා කොට සතාව ඉවත් කිරීමට නොයන්න. 04. එහිදී යොදා ගන්නා උපකරණ නිසා හෝ සතාගේ අඬු නිසා කන අභ්‍යන්තරයේ පවතින සියුම් ස්නායුවලට හානි සිදුවිය හැකි බැවිනි. 05. කිනිතුල්ලන් වැනි සතුන් කනට ඇතුළු වුවහොත් කනට වතුර හෝ පොල්තෙල් නොදමන්න. අඬු භාවිතා කොට එම සතා ඉවත් නොකරන්න. 06. ඇතුළු වූ සත්ත්වයා කනෙන් පිටතට නොපැමිණෙන්නේ නම් හෝ කනට වෙනත් කුමන හෝ දෙයක් ඇතුල් ඇත්නම් හැකි ඉක්මනින් කළ යුතු වන්නේ උගුර, කන, නාසය සම්බන්ධ වෛද්‍යවරයකු වෙත ගොස් එම සතාව හෝ කනට ඇතුල් වූ දේ ඉවත් කර ගැනීමයි. පුෂ්පා රම්‍යානි සොයිසා කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී සටහන - ඩයනා උදයංගනී ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Aug 2017 03:46 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Aug 2017 03:52 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 RosiSuper Senior MemberPosts:5335 13 Aug 2017 06:01 AM හොද කරුණු කාරණා ගොඩක් ..අපේ වෙද පොත නේ මල්ලි 0 You are not authorized to post a reply. Page 38 of 137 << < 3637383940 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner