You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 39 of 137 << < 3738394041 > >>
Author Messages

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Aug 2017 08:37 AM
ස්තූතියි මල්ලි ඒ දැනුවත් කිරීම් වලට.හිස් හොරි සම්බන්ද ලිපිය ගොඩක් අයට වැඩක් වෙයි.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Aug 2017 05:40 PM

දරුවන්ගේ දඩබ්බරකම්වලට බලපාන හේතු

පාසල් වියේ පසුවන දරුවන් සිටින දෙමාපියන්ගෙන් දරුවන් ගැන විමසූ විට බොහෝ දෙමාපියන් පවසන්නේ අපේ කාලේ වගේ නෙමෙයි, දැන් දරුවන් හරි හිතුවක්‌කාරයි' කියාය. ඇතැම් දෙමාපියෝ තම දරුවන්ගේ හැසිරීම් රටාව පිළිබඳව බියට පත්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා ද රැගෙන යති. වර්තමානයේ මේ තරම් දරුවන්ගේ හැසිරීම් රටාව වෙනස්‌ වී ඇත්තේ කුමන හේතු නිසා දැයි කියා නාඩි වෛද්‍ය විද්‍යාවට අනුව විමසා බලමු.

වෛද්‍යතුමනි, දෙමාපියන් වැඩිහිටියන් පවසන ආකාරයට වර්තමානයේ දරුවන්ගේ හැසිරීම් රටාව වෙනස්‌ වීමට බලපා ඇති කරුණු මොනවාද?

දැන් වසර දහයක පමණ කාලයක ඉඳන් වයස අවුරුදු 05 ත් 21 අතර වියේ පසුවන දරුවන්ගේ අසාමාන්‍ය හැසිරීම් රටාවන් ගැන පවසමින් බොහෝ දෙමාපියන් එම දරුවන් ද රැගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අප වෙත පැමිණෙනවා.

මේ බොහෝ දෙමාපියන් කියන්නේ දරුවන් අකීකරුයි, කියන දෙය අහන්නේ නැහැ, වැඩිහිටියන්ට ගරුසරුවක්‌ නැහැ. අසභ්‍ය වචන භාවිතා කරනවා යෑයි කියාය.

දරුවන් කියන්නේ තවම ශාරීරිකව, මානසිකව පරිපූර්ණ තත්ත්වයට පත් නොවූ කොට්‌ඨාසයකි. ඒ නිසා ඔවුන් යමක්‌ අවබෝධ කරගන්නා ආකාරය, හැසිරෙන ආකාරය තුළ යම් අඩුපාඩු තිබෙනවා.

ඔවුන් නිතරම වැඩිහිටියන් අනුකරණය කරන්න උත්සාහ ගන්නවා. දෙමාපියන්, ගුරුවරුන් කරන කියන දේවල් කෙරෙහි වැඩි අවධානයකින් පසුවෙනවා.

උදාහරණයක්‌ දක්‌වතොත් නිවසේ අම්මා සහ තාත්තා අතර නිතර රණ්‌ඩුසරුවල් සිදුවෙනවා නම් දරුවනුත් නිතරම අන් අය සමග රණ්‌ඩුසරුවල් කරගන්න පෙළඹෙනවා. පංතියේදී යහළුවන් සමග දබරවලට පැටලෙනවා. මොකද මේ තුළ නිතරම පවතින්නේ නොසන්සුන් බව. නිවසේ ජීවත්වන පරිසරය තුළ සාමකාමී බවත් නැති විට දරුවාගේ මනස පීඩාවට පත්වෙනවා. එවිට ඔවුන්ගේ ක්‍රෝධ, වෛර නාඩි ක්‍රියාකාරීත්වය ඉහළ යනවා. මේ නිසා නිතරම ඔවුන් කටයුතු කරන්නේ අවුල් වූ මනසකින් යුක්‌තවයි.

ළමා මනසට යම් කිසි දෙයක්‌ ඉතා තදින් ඇතුළු වූ විට එය මුළු ජීවිත කාලයටම බලපානවා. විශේෂයෙන්ම තම දෙමාපියන්ගෙන් පාසලේ ගුරුවරුන්ගෙන් ඇතිවන බලපෑම් මෙහිදී ප්‍රධාන තැනක්‌ ගන්නවා.

දරුවන්ගේ එම මානසික තත්ත්වය දිගු කාලයක්‌ පැවැතීමෙන් සිදුවන්නේ ඔවුන් යක්‌ෂ, කුම්භාණ්‌ඩ, මල ප්‍රේත, චෞරි, චරන යන තත්ත්වයනට පත්වීමයි.

ඒ කියන්නේ දරුණු අපරාධ කරන්න පෙළඹෙන කිසිවකුට උදවු උපකාර නොකරන, මත්ද්‍රව්‍ය ආදියට ගොදුරු වූ, සොරකම් කරන, අරමුණක්‌ නැතිව කටයුතු කරන තත්ත්වයනට ලක්‌වෙනවා.

වෛද්‍යතුමනි, මෙම තත්ත්වයේ දරුවන් මුදාගන්නේ කෙසේද?

ඒ සඳහා මුලිsන්ම කරන්න ඇත්තේ වැඩිහිටියන් ලෙස අප දරුවන්ට ආදර්ශවත් වීමයි. වැඩිහිටියන් වැරදිකරමින් දරුවන් යහමඟට ගන්න බැහැ.

වැරදි වැඩ කියන්නේ මත්පැන් පානය, අනාචාරයේ හැසිරීම, ආදිය පමණක්‌ නෙමෙයි. ඇතැම් දෙමාපියන් දරුවන්ට තම ළමාවිය ගත කරන්න දෙන්නේ නැහැ. අහල පහ කිසිවකු ඇසුරු කරන්න අවසර දෙන්නේ නැහැ. යහළු මිතුරන් සමඟ ක්‍රීඩාකරන්න, කථා බහ කරන්න අවස්‌ථාව ලබා දෙන්නේ නැහැ. පොතට පතට සීමා කරනවා.

මින් සිදුවන්නේ ළමයාට සමාජ ඇසුරක්‌ නැති නිසා හුදකලා වීමයි. එම හුදකලා බවින් මිදෙන්න ඔවුන් ඇතැම් විට මත්ද්‍රව්‍ය වල පිහිට ලබා ගන්නවා. අන්තර්ජාලයට ඇබ්බැහි වෙනවා.

මේ ළඟකදී මවක්‌ එක්‌ තරුණ දියණියක්‌ මාවෙත රැගෙන ආවා. ඇය ඉතා දැඩිව රූපවාහිනියට ඇබ්බැහි වෙලා. එයාගේ ලෝකයේ ඉන්නේ ටෙලිනාට්‍ය වල චරිත විතරයි කියා පැවසුවා. මේ ළමයා අම්මා තාත්තාටවත් සලකන්නේ නැහැ කියා මව පැවසුවා.

දරුවා ගැන සොයා බැලූ විට හඳුනාගන්නට ලැබුණේ අම්මා සහ තාත්තා රැකියාවට යන විට මෙම දරුවාට නිවස තුළ තබා දොරවල් වසා දමා යන බවකි. දෙමාපියන් නිවසට එනතුරු මේ දරුවා කරන්නේ රූපවාහිනිය නරඹමින් දවසේ කාලය ගත කිරීමයි.

දරුවා එසේ නිවසේ සිරකර යන්නේ සමාජයෙන් ඇයට කරදරයක්‌ හිරිහැරයක්‌ වේ යෑයි යන බිය නිසාලු.

වර්තමාන සමාජයේ අසන්නට දකින්නට ලැබෙන දේවල් අනුව එය එක්‌ අතකින් සාධාරණයි. නමුත් ඕනෑවට වඩා සැක කිරීම, බිය වීම හොඳ දෙයක්‌ නෙමෙයි.

දරුවාට සමාජයේ ජීවත්වන හැටි අවබෝධයක්‌ දිය යුතුයි. ඔවුන්ගේ හැකියාවන් හඳුනාගෙන ඒ ඔස්‌සේ ඉදිරියට යැමට අවස්‌ථාව සලසා දිය යුතුයි. කිසියම් ශාරීරික හෝ මානසික රෝගාබාධයක්‌ ඇත්නම් ඊට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදී සාමාන්‍ය සමාජය සමඟ ගැටීමට අවස්‌ථාව සලසා දිය යුතුයි.

දරුවන්ට ආහාරපාන ලබාදෙන විටත් ඒකාකාරී ආහාර පානම ලබා නොදී විවිධාකාරයක්‌ ඇති කළ යුතුයි. ඉඳහිට නවීන පන්නයේ ආහාර වර්ගයක්‌ ලබාදීම කළ යුතුයි. එසේ නොවුණහොත් දරුවා ඒ ගැන අසහනයෙන් පෙළෙනවා.

ඇතැම් දෙමාපියන් විනෝදගමන් යනවා කියා දරුවන් සමඟ යන්නේ ආගමික සිද්ධස්‌ථාන වෙත පමණයි. මෙය වැරදියි. දරුවන් ආගමික ස්‌ථානවලට රැගෙන යනවා සේම දරුවාට නිදහසේ ගත කිරීමට විනෝද විය හැකි ස්‌ථාන වෙතත් රැගෙන යා යුතුයි.

දඩබ්බරයි, මුරණ්‌ඩුයි, අකීකරුයි කියා පවසන බොහෝ දරුවන් ඉතා පහසුවෙන් එම තත්ත්වයෙන් මුදාගත හැකියි. ඒ සඳහා පළමුව කළ යුත්තේ දෙමාපියන් තමාගේ ලෝකවලින් මඳකට ඉවත් වී දරුවන්ගේ ලෝකය වෙතට ඇතුළු වීමයි. එවිට දෙමාපියන්ටත් එම ලෝකයේ සුන්දරත්වය විඳින්න හැකියාව උදාවෙනවා.

වැඩිදුර තොරතුරු ලබාගැනීමට දුරකථන අංක 077-6500677 ඇමැතිය හැකිය.

මොරටුව අඟුලාන දුම්රියපළ පාර ලියන්වෙල සෘෂි
නාඩි වෛද්‍ය මධ්‍යස්‌ථානයේ මහාචාර්ය වෛද්‍ය
ජිනසිරි ලියන්වෙල

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Aug 2017 05:45 PM

සම මත පැතිර යන අලුහම්

සම මත ඇතිවන අලුහම් අපට එතරම් නුහුරු නුපුරුදු දෙයක්‌ නොවේ. ඇතැම් දෙනා මෙය රෝගයක්‌ ලෙස සැලකුවද අතීතයේදී කාන්තාවෝ අලුහම් යනු සමට අලංකාරයක්‌ ගෙන දෙන්නක්‌ ලෙස සැලකූහ. එනිසා ඔවුන් එය පෙතිගෝමර ලෙස පැවැසූහ.

වෛද්‍යතුමනි, සම මත අලුහම් ඇතිවීමට බලපාන හේතු මොනවාද?

අලුහම් කියන්නේ දිලීර ආසාදනයකි. පිටිරෝස්‌ ෙµdaරම් (චසඑහරදිදෙරමප) නමැති දිලීර කාණ්‌ඩය මගින් අලුහම් හටගනී. මෙම දිලීරය සමට හිතකර ක්‌ෂුද්‍රජීවීන් ගණයට (ඤපැබිaක) අයත් වර්ගයකි. එනිසා ඇතැම් අයට මෙම දිලීSරය නිසා අලුහම් ඇතිවුවත් තවත් පිරිසකට එසේ ඇති නොවේ.

මෙම දිලීරය සම මත ආසාදනය වීමට බලපාන හේතු ලෙස සම මතුපිට ඇති මේද ස්‌ථරයේ ඇතිවන වෙනස්‌කම්, සම මත නිතර දහදිය එකතුවීම සමේ තෙත් බව ආදිය දැක්‌විය හැකියි.

වෛද්‍යතුමනි, මෙම අලුහම් වෙනත් සමේ රෝගවලින් වෙන්කර හඳුනාගන්නේ කෙසේද?

අලුහම් සම මත හට ගන්නාවිට එය රවුම් ලෙස දක්‌නට ලැබෙනවා. ඇතැම් විට මෙය රෝම කූපයක්‌ වටා පැතිර තිබෙනවා.

මෙලෙස හට ගන්නා අනිසි රවුම් එකතුවී සුදු පැහැති ලපයක්‌ ලෙස පැතිර යනවා.

ඇතැම්විට මෙම අලුහම් සමේ පැහැයට වඩා තද පැහැයක්‌ ගන්නවා. තවත් අලුහම්, දුඹුරු, කළු ආදී පැහැයන්ගෙන් පැතිරෙනවා.

මෙම අලුහම්, බොහෝවිට දක්‌නට ලැබෙන්නේ කිහිල්ල, බෙල්ල, පපුව, පිට ප්‍රදේශය ආශ්‍රිතවයි. නමුත් සමේ ඕනෑම ස්‌ථානයක අලුහම් පැතිර යා හැකියි. තරබාරු අයට අලුහම් ඇතිවීම ඇති ඉඩකඩ අන් අයට වඩා වැඩියි.

අලුහම් මගින් අධික ලෙස කැසීමක්‌ හටගන්නේ නැහැ. දහදිය දැමූවිට කැසීමක්‌ හට ගන්නව.

ඇතැම් අයගේ අලුහම් සම මත ඉලිප්පී පවතිනවා. වියළි සමක්‌ සහිත අයගේ සම මත අලුහම් මතුවූ විට පොතු සහිත ස්‌වභාවයක්‌ දක්‌නට ලැබෙනවා.

ස්‌නානය කළ පසු සහ දහදිය දැමූවිට අලුහම් සම මතුපිට ඉලිප්පී පවතිනවා.

මෙය ඕනෑම වයස්‌ මට්‌ටමක පුද්ගලයකුට මතුවිය හැකියි. ඉතා කුඩා දරුවන්ගේ අලුහම් ඇතිවීම බොහෝවිට දක්‌නට ලැබෙන්නේ ඇස ප්‍රදේශය ආශ්‍රිතවය. ඊට හේතුවන්නේ ඔවුන්ගේ ඇසින් නිතර කඳුළු ගැලීමය.

වෛද්‍යතුමනි අලුහම් සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?

අලුහම් යනු දිලීර ආසාදනයක්‌ නිසා ප්‍රතිකාර ලෙස ප්‍රති දිලීර ඖෂධ ලබා දෙනවා. ඇතැම් දෙනා අලුහම් සඳහා ප්‍රතිකාර ලබා ගන්නේ නැහැ. නමුත් මෙය දිලීර ආසාදනයක්‌ නිසා ශරීරය පුරා පැතිර යනවා නම් වෛද්‍ය උපදෙස්‌ මත ප්‍රතිකාර ලබාගත යුතුයි.

සම මත කුඩා ප්‍රදේශයක අලුහම් පැතිර ඇත්නම් ඒවා මතුපිට ගල්වන ඖෂධ මගින් මතුව ඇති අලුහම් සුවපත්කර ගත හැකියි. එම ආලේප උදේ හවස බැගින් මාසයක්‌ පමණ ආලේප කළ යුතුයි.

එහිදී අලුහම් ඇතිවීමට බලපෑ දිලීරය ඉක්‌මනින් ඉවත්වුවත් ඉන් හටගත් සමේ ලප මැකී යැමට මාසයක්‌ දෙකක්‌ පමණ ගතවේ.

අලුහම් සමෙහි වැඩි ප්‍රදේශයක පැතිර ඇත්නම් දියරමය ඖෂධ ආලේපයද ලබාදෙනවා. එම ආලේප ස්‌නානය පැය භාගයකට පමණ පෙර ආලේප කළ යුතුයි.

අලුහම් සිරුර පුරා පැතිර ගොස්‌ ඇත්නම් එය පුද්ගලයාගේ එදිනෙදා ජීවිතයට බාධාවක්‌ වන අයුරින් පවතීනම් මුඛ මාර්ගයෙන් ගනු ලබන ඖෂධ වර්ග ලබාදී එම පැතිර යැම වළක්‌වා මතුව ඇති අලුහම් සුවපත් කළ හැකියි.

අලුහම් ඇතිකරන දිලීර වර්ගය සමෙන් ඉවත්කරන ඖෂධීය සබන් වර්ගද වෙළෙඳ පොළේ තිබෙනවා. ඒවා වෛද්‍ය උපදෙස්‌ මත ඇඟ ගැල්වීම කළ යුතුයි.

අලුහම් දිලීර ආසාදනයක්‌ නිසා එය වරක්‌ සුව වුවද යළිත් මතුවිය හැකියි. එනිසා සම මත දහදිය රැඳීම වළක්‌වා ගැනීම, සම පිරිසිදුව තබා ගැනීම ආදී සනීපාරක්‌ෂක කටයුතු නිසි ලෙස අනුගමනය කිරීම වැදගත්ය.

අලුහම් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට බෝවීමේ හැකියාව තිබෙනවා.

අලුහම් සම මත පැතිර යැම පුද්ගලයන්ගේ සමෙහි පිහිටීම සහ දිලීර වර්ගය අනුව සිදුවනවා.


කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය
චානක අකරවිට

සංස්‌කරණයඋපාලි ද සේරම්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Aug 2017 06:21 PM
අලුහම් වලට නම් දැන් ඔනෙ තරම් බෙහෙත් වර්ග තියෙනවා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Aug 2017 05:09 AM
අලුහම් වලට ඉන්දික අයිය කිවුව වගේ ක්‍රීම් වර්ග තියෙනවා ඔන තරම්
පාමසියකට ගිහින් උනත් ඉල්ල ගන්න පුලුවන්
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Aug 2017 06:38 PM

http://www.divaina.com/2017/08/15/weda1.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Aug 2017 06:49 PM

භග්නය හෙවත් අස්‌ථියක්‌ බිඳීම

භග්නයක්‌ යනු ඇටයක්‌ කැඩීම හෝ බිඳීමයි. අස්‌ථියක්‌ බිඳීම වැටීමකින් හෝ පහරක්‌ වැදීමකින් සිදුවිය හැක. භග්නයකදී අස්‌ථියේ සම්පූර්ණත්වයේ පලුද්දක්‌ ඇතිවේ. භග්නය ක්‍රම තුනකින් සිදුවිය හැක.

1. කෙළින්ම පීඩනයක්‌ නිසා (Direct Injury)

2. අනියම් පීඩනයක්‌ නිසා (Indirect Injury)

3. පේෂි දැඩිලෙස සංකෝචනය වීම.

අස්‌ථියකට වැරෙන් පහරක්‌ වැදීමෙන් එහි භග්නයක්‌ ඇතිවිය හැකිය. මෙහිදී ඇටය කැඩෙන්නේ ඇටයට පහර වැදෙන ස්‌ථානයේදීමය.

උදා(- රිය අනතුරු, පොලු පහරක්‌ වැදීම, වෙඩි වැදීම ආදියේදී සිදුවන භග්න.

පීඩනය ලබන ස්‌ථානයට ඈතින් පිහිටා ඇති ඇටයක භග්නයක්‌ සිදුවීම අනියම් පීඩනයක්‌ නිසා සිදුවන භග්නයයි.

උදා(- වැටී අත බිම වැදීමෙන් ඇතිවන පීඩනය නිසා උරහිසට පහලින් (ප්‍රගණ්‌ඩය) භග්න වීම.

පේෂි දැඩිලෙස සංකෝචනය වීම සිදුවන්නේ වැටීමක්‌ වැළැක්‌වීමේදී හෝ විශාල බරක්‌ එසවීමේදීය.

භග්න ප්‍රධාන කොටස්‌ දෙකකට බෙදිය හැකිය.

* සරල හෝ සංවෘත භග්න

මෙම භග්න වල ඇටයේ කැඩුණු ස්‌ථානය කරා යන බාහිර තුවාලයක්‌ නොමැත. මෙහිදී සම තුවාල වී නැත. ඇට කැබලි හෝ ඒ අවට ලේ කැටය හා පිටත අතර සම්බන්ධයක්‌ නැති නිසාත් ඒ ස්‌ථානයට බාහිරින් බැක්‌ටීරියා කුණු රොඩු ඇතුලුවිය නොහැකි නිසාත් ආසාදනය ඇති නොවී ඉක්‌මනට සුවවේ.

* සංයුක්‌ත හෝ විවෘත භග්න

මෙම භග්නවල ඇටයේ කැඩුණු ස්‌ථානය කරා යන බාහිර තුවාලයක්‌ ඇත. හම තුවාල වී තිබේ. එවිට භග්නය සිදුවූ ස්‌ථානයට පිටින් රොඩු, පස්‌, රෙදි කැබලි, දූවිලි ආදී ආගන්තුක දේහ, බැක්‌ටීරියාවන් ඇතුල්වී ආසාදනයක්‌ ඇතිවේ. මෙම භග්නය සුවවීමට ප්‍රමාද වේ.

* භග්නවල ලක්‍ෂණ

වේදනාව, ඉදිමීම, තැල්ම, බිබිලි, විරූප වීම, අස්‌වාභාවික චලනය, කර කර ගෑම, ක්‍රියාවිරහිත වීම, ස්‌ථානීය මෘදු බව ආදිය භග්නය වූ ස්‌ථානයේ ඇතිවන අතර නාඩි වේගවත් වීම, රෝගියා යම් කම්පන තත්ත්වයකට පත්වීම (ප්‍රහාරය) ආදී පොදු ලක්‍ෂණද දැකිය හැක.

භග්නයක්‌ සිදුවූ විට දක්‍ෂ පළපුරුදු කැඩුම් බිඳුම් වෛද්‍යවරු රෝගියා පරීක්‍ෂා කර නිශ්චය ලෙස භග්නය හඳුනාගන්නා අතර ං කිරණ චිත්‍රයන්ගෙන් ඒ බව වඩා තහවුරු කර ගැනීමටද හැක.

* භග්න සුවවීම ප්‍රමාද කරන හේතූන්

භග්නය සිදුවූ ස්‌ථාන වලට රුධිරය සැපයීම යම් ක්‍රමයකින් අවහිර වී තිබීම.

භග්නය සිදුවූ ස්‌ථානයට ආසාදනයක්‌ සිදුවුවහොත් භග්නය සුවවීම ප්‍රමාද කරයි.

භග්නයේ ඇට කැබලි අතරට පේෂි හෝ ඛණ්‌ඩරාවන් හරස්‌ වීම.

* නිශ්චලව නොතැබීම.

ශාරීරික දුර්වලතාවය (සෞඛ්‍ය තත්ත්වය දුර්වලවීම, මහළු බව, පෝෂ්‍යදායක ආහාර නොගැනීම.)

* භග්නය සුවවීමේ ලකුණු

වේදනාව සහමුලින්ම නැතිවීම

භග්න වූ තැන ඇල්ලූවිට මෘදු නොවීම.

අස්‌වාභාවික චලනය නැතිවීම.

භග්න වූ තැන තදින් සෙල වූ විට හෝ තට්‌ටු කළ විට වේදනාව හෝ චලනය නැතිවීම.

ං - කිරණ චිත්‍ර මගින්ද වඩා තහවුරු කරගත හැක. මේ අයුරින් විස්‌තර වන භග්නයක්‌ සිදුවූ විගස වහාම පළපුරුදු වෛද්‍යවරයකු වෙත යා යුතු වන අතර නිසි ප්‍රතිකාර නොකිරීමෙන් පූර්ණ අකර්මන්‍යතාවයකට පත්වීමට ඉඩ ඇත.

භග්න ප්‍රතිකාර පිළිබඳ තොරතුරු ඉදිරි ලිපියකින් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන අතර භග්නයක්‌ සිදුවූ විට ඔබ ක්‍රියාත්මක විය යුතු ආකාරයද ඉන් පැහැදිලි කෙරේ.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Aug 2017 11:28 PM
මේ ටිකේම වැදගත් වූ ලිපි රාශියක් ගෙන ආව
බෙහෙවින්ම ස්තූතියි මල්ලි
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Aug 2017 03:04 AM

තරුණ පෙනුම රැකදෙන බෝංචි

අපේ ආහාරවේලට යුරෝපයෙන් එකතුවුණු තවත් රසවත් එළවළුවක් තමයි දරුවනේ බෝංචි කියන්නේ. විවිධාකාර නම්වලින් හඳුන්වන බෝංචි ලෝකෙ පුරාම වර්ග එකසිය පනහක් පමණ තියෙනවා. අපේ රටේදි නම් ඔය දරුවන්ට දකින්න ලැබෙන්නේ කොළ පාට බෝංචියි කහ පාටට හුරු බටර් බෝංචියි විතරයි. සෝයා බෝංචි, අවර ආදියත් රනිල කුලයේ බෝංචිවලට සමාන එළවළු වර්ගයි.

 

 

ඒත් ඉතිං අද ඔය දරුවන්ට කියලා දෙන්න යන්නේ පෝෂණය පිරුණු ග්‍රීන් බීන්ස්, ෆ්‍රෙන්ච් බීන්ස් ආදී නම්වලින් හඳුන්වන කොළ පාට බෝංචිවල කතාවයි.

පෝෂණය

කැලරි අඩු, ශක්තිය පිරුණු බෝංචි පිෂ්ටය, ප්‍රෝටීන්, කෙඳි හෙවත් තන්තු, මේදය ආදියෙන් අනූනයි. විටමින්වලින් සපිරි බෝංචිවල විටමින් ඒ, විටමින් බීවලට අයත් තයමින් බී1, රයිබොෆ්ලෙවින් බී2, නියැසින් බී3, පැන්ටොතෙනිස් ඇසිඩ්, ෆෝලේට් වගේම විටමින් සී හා කේ ත් අඩංගුයි. මිනරල් හෙවත් ඛනිජලවණ ගැන කිව්වොත් කැල්සියම්, යකඩ, මැග්නීසියම්, මැංගනීස්, පොස්පරස්, පොටෑසියම්, සින්ක් ආදියෙන් සපිරියි.

ඔන්න එහෙම නම් දැන් ඔය දරුවො දන්නවා බෝංචිවල පිරී ඇති පෝෂණය. එහෙම නම් බාල, තරුණ, මහලු කොයි කවුරුත් බෝංචි ආහාරයට ගත්තොත් හොඳා. බෝංචිවල තවත් විශේෂිතම

ලක්ෂණයක් තියෙනවා දරුවනේ. ඒ තමයි රෝගී, නිරෝගී කොයි කාටත් වෙනසක් නැතිවම බෝංචි ආහාරයට ගත හැකි වීමයි. බෝංචි ඇටවලත් ප්‍රෝටීන් හා පිෂ්ටය බහුලයි. මේතරම් ගුණදෙන බෝංචි මස්, මාංස නොකන කවුරුත් කෑමට ගතයුතුම එළවළුවක් තමයි.

ළපටි බෝංචි අමුවෙන් සලාදවලට එකතුකර ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම ස්ටීම්කර ඒ කියන්නේ දරුවනේ හුමාලයෙන් තම්බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෑංජනේට උයන්නත් පුළුවන්. මැල්ලුමටත් ගන්නවා.

තෝරාගන්නේ කොහොමද?

වෙළෙඳපොළට ගියාම නරක් නොවුණු මෝරපු නැති කරල්වලින් තෝරලා ගන්න. මෝරපු කරල්වල කොසුගතිය වැඩියි. ඒවා කෑමට අපහසුයි. ඒ හින්දා හොඳට මෝරලා තියෙන කරල්වල ඇට ආහාරයට ගන්න පුළුවන්. බෝංචි කරල දෙපසින් යන්තම් කඩලා කෙඳි ඇරලයි උයන්න පිහන්න ගන්නේ. වෙළෙඳපොළෙන් ගේන බෝංචි කවරයක ඔතා ශීතකරණයේ සතියක් පමණ තබා ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

දියවැඩියාවට සහ අස්ථිවලට ගුණයි

බෝංචිවල අඩංගු කෙඳි හා පිෂ්ටය නිසා රුධිරයේ සීනි මට්ටම නියමිත පරිදි පවත්වාගෙන යනවා. ඒ නිසා දරුවනේ බෝංචි කියන්නේ දියවැඩියා රෝගීන්ට ගුණදායි එළවළුවක්.

අස්ථිවල නිරෝගිබවට ද බෝංචි හොඳයි. එයට හේතුව වෙන්නේ බෝංචිවල කැල්සියම් අඩංගුවීමයි. අස්ථි ශක්තිමත් වුණාම ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් වැළකෙන්නත් පුළුවන්. බෝංචිවල තියෙන විටමින් ඒ, කේ වගේම සිලිකන් මගින් ද අස්ථි නිරෝගී කරනවා. සිලිකන් මගින් අස්ථි ප්‍රතිජනනය කරනවා. මේ පෝෂ්‍ය පදාර්ථ හිඟ වුණොත් අස්ථි ක්ෂයවී දුර්වල වී යනවා.

ඒ වගේම තමයි දරුවනේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියටත් බෝංචි විශාල මෙහෙයක් ඉටුකරනවා. ඒකට හේතුව වෙන්නේ බෝංචිවල අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණය. ඒ වගේම සිරුරේ ඇති විස ඉවත්කරනවා. සිරුරේ ඇති පටකවලට හානිකරන රෝග කාරක සිරුරෙන් ඉවත් කරනවා.

ඇස්වලට හොඳයි

ඇස් රෝග සඳහාත් බෝංචි ගුණදෙනවා. බෝංචිවල බීටා කැරොටීන් අඩංගුවීම ඒකට හේතුවයි. ඇසේ ඇති කහ ලපය නිරෝගී කරන නිසා හොඳ පෙනීමක් ලබාදෙනවා.

හෘද වාහිනී ප්‍රකෘතිමත් කිරීමේ ගුණයත් බෝංචිවල අඩංගුයි. ධමනිවල ලේ කැටි ඇතිවීමත් වළක්වනවා. ඒ නිසා හෘද රෝගත් වළකනවා.

මලබද්ධය වළකනවා

බෝංචිවල කෙඳි හෙවත් තන්තුත් බහුලයිනේ. ඒ නිසා හොඳින් මල පිටකරනවා. මලබද්ධය වළකනවා. ඒ නිසා මලබද්ධය ඇති කවුරුත් නිතර නිතර බෝංචි ආහාරයට ගන්නවා නම් එයින් වැළකෙන්න පුළුවන් දරුවනේ.මෙහි ඇති තවත් විශේෂත්වයක් වෙන්නේ බඩවැල්වල පිළිකා ඇතිවීමේ අවදානමත් බෝංචි ආහාරයට ගැනීමෙන් වළක්වාගත හැකිවීමයි. ඒකට හේතුව වන්නේත් බෝංචිවල අඩංගු අධික කෙඳි බහුලබවයි. ඒ විතරක් නෙමේ වෙනත් ආන්ත්‍රික රෝගත් වළකනවා.

ගර්භණී මවුවරු ආහාරයට එක්කර ගත යුතුම එළවළුවක් ලෙසත් බෝංචි හඳුනාගන්න පුළුවන්. බෝංචි ආහාරයට එකතුකර ගත්තොත් අලුතින් උපදින දරුවන්ගේ ස්නායු පද්ධතිය ශක්තිමත් වෙනවා. ඒවගේම ළදරු සිරුර වෙනත් ආසාදනවලින් ආරක්ෂා කරනවා

සම ලස්සන කරනවා

දිදුලන, දීප්තිමත් සමක් හිමිකර ගැනීමටත් බෝංචි ගුණයි. සම රැලිවැටීම වළකන අතරම ඉක්මනින් වයසට යාමත් වළක්වන්න බෝංචිවලට පුළුවන්. වැඩිහිටි අයගේ මාංසපේශී දුර්වලතාවලටත් බෝංචි ගුණයි. සිරුරේ ඇති සෛල ආරක්ෂා කරනවා.

මේ විදිහට සුපිරි පෝෂණයක් ගෙන දෙන බෝංචි ආහාර ලෙසින් එකතුකරගන්න පුළුවන් මොන ක්‍රමවලට ද කියලත් බලමුකෝ

පානයක්

බෝංචි යුෂ ලෙස සකසා පානය කරන්න පුළුවන්. මෙය දියවැඩියා රෝගීන්ට වගේම අනෙක් අයටත් ගුණයි. ඒ සඳහා බෝංචි ග්‍රෑම් 200 ක්, නිවිති කොළ ග්‍රෑම් 200 ක්, පිපිඤ්ඤා ගෙඩි 2 ක් හා ලෙමන් ගෙඩියක් අවශ්‍ය වෙනවා. මේ සියලු ද්‍රව්‍ය හොඳින් සෝදාගන්න. ලෙමන් ගෙඩිය පොතු ඉවත්කර ගන්න. ඊට පස්සෙ සියලුම ද්‍රව්‍ය කැබලිවලට කපා ජූසරයකට හෝ බ්ලෙන්ඩරයකට දමා බ්ලෙන්ඩ්කර පානය කරන්න. ලෙමන් ගෙඩිය වෙනම යුෂ මිරිකා එකතු කරනන්නත් පුළුවන්.

මැල්ලුමටත් රසයි

ඒ සඳහා බෝංචි ග්‍රෑම් 200 ක්, රතු ලූනු ගෙඩි 2 - 3 ක් අමුමිරිස් කරල් 2 - 3 ක්, කරපිංචා, අබ, පොල්තෙල්, රස අනුව ලුණු, ගාගත් පොල්, කහ කුඩු සහ මිරිස් කුඩු ස්වල්පයක් අවශ්‍ය කරනවා.

බඳුනක් ළිප තබා තෙල් ස්වල්පයක් දමා රත්වෙන කොට අබ, ලියාගත් ලූනු, අමුමිරිස්, කරපිංචා දමා තරමක් බැදගන්න. එයට සිහින්ව ලියාගත් බෝංචි, ගාගත් පොල් දමා කලවම් කරන්න. මිරිස් කුඩු, කහ කුඩු හා රස අනුව ලුණු එකතුකර තරමක් මැලවෙන කොට ළිපෙන් ඉවත්කර කෑමට ගන්න.

රසවත් වෑංජනයක්

බෝංචි ග්‍රෑම් 450 ක්, ලොකු ලූනුගෙඩි 1/2 ක්, සිහින්ව ලියාගත් සුදුලූනු මේස හැඳි 2 ක්, තළාගත් ඉඟුරු මේස හැඳි 1 ක්, සිහින්ව ලියාගත් අමුමිරිස් කරල් 2 - 3 ක්, බටර් මේස හැඳි 1 ක්, ඔලිව් තෙල් මේස හැඳි 1 ක්, සෝයා සෝස් මේස හැඳි 2 ක්, තලතෙල් තේ හැඳි 1/2 ක් (කැමැති නම්) රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු, සැරසීමට තල ඇට ඕනෙ කරනවා. බෝංචි හොඳට සෝදලා නූල් ඇරලා අඟලක් පමණ දිග කෝටස්වලට කඩාගන්න. වතුර බඳුනක් ළිය තබා හොඳින් උතුරන විට කපාගත් බෝංචි දමා විනාඩි 2 - 3 ක් තබා වතුර බේරාගන්න. උණු ජලයෙන් බේරාගත් බෝංචි ඇල් ජලයට දමා පසුව එම වතුරත් බේරා ඉවත්කර ගන්න. තාච්චියක් හෝ එවැනි බඳුනක් ළිප තබා එයට බටර් සහ ඔලිව් තෙල් දමන්න. තෙල් රත්වෙන විට ලියාගත් ලොකු ලූනු සුදුලුනු, අමුමිරිස්, ඉඟුරු දමා විනාඩි 2 - 3 ක් බැදගන්න. එයට දිය බේරාගත් බෝංචි දමා තවත් විනාඩි 2 - 3 ක් හැඳිගාමින් පිසගන්න. එයට සෝයා සෝස් සහ තලතෙල් එකතුකර තවත් විනාඩියක් පමණ පිස ළිප නිවන්න. එයට රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු එකතු කරන්න. ළිපෙන් පිටතට ගෙන තල ඇට එකතුකර පිළිගන්වන්න.

බෝංචි සලාදය සඳහා

ළපටි බෝංචි ග්‍රෑම් 200 ක්, ලොකු ලූනු ගෙඩියක්, කුඩා තක්කාලි ගෙඩි 2 - 3 ක්, ගම්මිරිස්, ලුණු, ඔලිම් තෙල් ස්වල්පයක්, බෙල්පෙපර් 1/2 ක් හෝ අමුමිරිස් කරල් 1 - 2 ක් අවශ්‍ය වෙනවා.

බෝංචි කෙඳි හැර සෝදාගන්න. එය දෙකට කපා නටන උණුවතුර බඳුනක් මත හිල් සහිත බඳුනක් තබා විනාඩි 2 - 3 ක් ස්ටීම් කරගන්න. ස්ටීම් කරගත් බෝංචි ඇල් දිය බඳුනකට දමා පිටතට ගෙන හොඳින් දිය බේරාගන්න. එයට ලූනු, අමුමිරිස්, තක්කාලි සිහින්ව ලියා එකතුකරන්න. රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු හා ඔලිව් තෙල් එකතුකර කලවම්කර කෑමට ගන්න. අවශ්‍ය නම් දෙහි ස්වල්පයක් ද එකතුකරගත හැකියි.

දැන් ඔය දරුවෝ කටට රසට බෝංචි හදන්නත් දන්නවානේ. මීට අමතරව සුප් විදිහට වගේම තවත් ගොඩක් ක්‍රමවලට සකසා බෝංචි රස විඳින්න පුළුවන් දරුවනේ.

 SOURCE -tharuni

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Aug 2017 03:37 AM
ගනන්ම එලවලුව තමා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
15 Aug 2017 05:48 AM
දැන් එළවලු වැඩිය තම්බන්න ත් බැ ,එක්මනට දිය වෙනවා ,,බාගෙට උයලා ගන්න තරමට හොදයි
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Aug 2017 06:06 AM
කොච්චර ගුන වුනත් මම නම් කන්නෙම නැති එලවලුවක් තමයි බෝංචි.
ඕනෙම නෑ.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
15 Aug 2017 09:25 PM
මම නම් ආස බටර් බෝංචි වලට.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
15 Aug 2017 10:31 PM
බෝංචි මාත් කැමති කෑමක්
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
15 Aug 2017 11:54 PM
වැඩිපුර බෝංචි කන්නට ඕන .......... දැන් සොහොන් ලකුණු පේනා කාලේ නිසා
ආදරයේ උල්පත අම්මා ......................
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Aug 2017 05:40 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/20630.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Aug 2017 05:46 PM

තරබාරු නොවන පුද්ගලයින්
මේද ප්‍රමාණය මත අධි තරබාරු විය හැකිය


පුද්ගලයෙකුගේ ශරීරයේ නියමිත බර ඇත්දැයි මැන බැලින බී එම් අයි (BMI) හෙවත් ශරීර ස්‌කන්ධ දර්ශකය සෞඛ්‍යයට අහිතකර මේද ප්‍රමාණයන් ශරීරගතව පවතින පුද්ගලයන් 50% ක්‌ සැම විටම මඟහරින බව "ෆ්‍රන්ටියර්ස්‌ ඉන් පබ්ලික්‌ හෙල්ත්" සඟරාවෙහි පළ කර ඇති නවතම අධ්‍යයන වාර්තාවක දැක්‌වේ.

මේ අනුව පුද්ගලයෙකුගේ උස හා ශරීර බර මත මැන බලන ශරීර ස්‌කන්ධ දර්ශන අගයට අනුව යමෙකු තරබාරු බව නොසැළකුණද එවැනි අයෙකු අධි තරබාරු වීමේ හැකියාව ශරීරගතව පවතින මේද ප්‍රමාණය අනුව වැඩි බව එම අධ්‍යයන වාර්තාවෙහි දැක්‌වේ.

මෙම අධ්‍යයනය මෙහෙයවූ පර්යේක්‍ෂකයින්ට අනුව ලොව ප්‍රමුඛපෙළේ කාර්මික රටවල් 30 ක සිටින අධි තරබාරු පුද්ගලයින්ගේ සංඛ්‍යාව ලොව පුරා සිටින තරබාරු හා අධි බරැති පුද්ගලයින්ගේ සංඛ්‍යාවට වඩා වැඩිය. ඔවුනට අනුව ඇමරිකා එක්‌සත් ජනපදය, නවසිලන්තය, ග්‍රීසිය හා අයිස්‌ලන්තය යන රටවල වාසයට කරන ළමුන්ගෙන් සියයට 50 ක්‌ද පිරිමින්ගෙන් සියයට 90 ක්‌ද අධි තරබාරු තත්ත්වයෙහි පසුවේ. කාන්තාවන්ගෙන් සියයට 80 ක්‌ද අධි තරබාරු තත්ත්වයෙහි පසු වන බව ඔවුහු කියා සිටිති.

ශරීර ස්‌කන්ධ දර්ශක අගය 23 සිට 29.9 දක්‌වා අගයක්‌ ගන්නේ නම් එය අධි බර තත්ත්වයක්‌ සේ සළකන අතර එම දර්ශක අගය 30 හෝ ඊට වැඩි නම් එය තරබාරු තත්ත්වයක්‌ ලෙස සැලකේ

මෙහිදී උදරයෙහි තැන්පත්ව ඇති මේදය අතිභයානක සේ සැළකෙන අතර උදරයෙහි තැන්පත් වන මේදය ශරීරය තුළට වර්ධනය වී සිරුරෙහි අතාවශ්‍ය අවයව වටා ඒකරාශී වන බව හෙළි වී තිබේ.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Aug 2017 05:56 PM

නිරෝගී හදවතකට ආමන්ඩ්ස්‌

"ආමන්ඩ්ස්‌ නමැති ධාන්‍ය විශේෂය ආහාරයට ගැනීමෙන් රුධිරගත කොලෙස්‌ටරෝල් මට්‌ටම අඩුකර හෘදය වස්‌තුව නිරෝගීව පවත්වාගෙන යැමට උපකාරී වන බව ඇමරිකා එක්‌සත් ජනපදයේ පර්යේෂකයින් පිරිසක්‌ විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

ආමන්ඩ්ස්‌ ආහාරයට ගැනීමෙන් හෘද රෝගවලට ප්‍රධාන වශයෙන් හේතුකාරක වන රුධිරයෙහි ධමනිවල අඩංගු සෑම ආකාරයකම කොලෙස්‌ටරෝල් ඉවත් කරලන එච්.ඩී.එල්. හෙවත් හොඳ කොලෙස්‌ටරෝල් (ගුඩ් කොලෙස්‌ටරෝල්) මට්‌ටම වර්ධනය වන බව මෙම අධ්‍යයනයේදී හෙළිවී තිබේ.

ඇමරිකා එක්‌සත් ජනපදයේ පෙන්සාටේ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිsරිසක්‌ විසින් සිදු කර ඇති අධ්‍යයනයකදී අනාවරණය වී ඇත්තේ ආමන්ඩ්ස්‌ දිනපතා අනුභව කරන අයෙකුගේ රුධිරගත හොඳ කොලෙස්‌ටරෝල් මට්‌ටම වර්ධනය වී එමඟින් හෘදය වස්‌තුවට ආරක්‍ෂාව සපයන බවයි.

මෙම අධ්‍යයනයේ වාර්තාව "ජ(ර්)නල් ඔµa නියුටි්‍රෂන්" සඟරාවෙහි පළ කර ඇති අතර එම වාර්තාවට අනුව එල්ඩීඑල් හෙවත් නරක කොලෙස්‌ටරෝල් (බෑඩ් කොලෙස්‌ටරෝල්) රුධිරගතව පවතින කාන්තාවන් හා පිරිමින් 48 දෙනෙකුට සති හයක කාලයක්‌ එකිනෙකට වෙනස්‌ ආහාර වේල් දෙකක්‌ ආහාරයට ගැනීමට සලස්‌වා තිබේ. ඉන් එක්‌ ආහාර වේලකදී දිනකට ආමන්ඩ්ස්‌ ග්‍රෑම් 43 ක්‌ ආහාරයට ගැනීමට සලස්‌වා ඇති අතර අනෙක්‌ ආහාර වේලට බනානා මµsන් (කේක්‌ විශේෂයකි) එකක්‌ බැගින් දිනකට ආහාරයට ගැනීමට සලස්‌වා ඇත.

සති හයක කාලය අවසානයේදී ආමන්ඩ්ස්‌ සහිත ආහාරවේල ලබාගත් විට අධ්‍යයනයට ලක්‌ කළ පුද්ගලයින්ගේ රුධිරගත එච්ඩීඑල් හෙවත් හොඳ කොලෙස්‌ටරෝල් මට්‌ටම සියයට 19 කින් වර්ධනය වී තිබෙනු දක්‌නට ලැබී ඇත.

මෙම හොඳ කොලෙස්‌ටරෝල් වර්ධනය වී සෛල හා පටකවල අඩංගු සිරුරට අහිතකර නරක කොලෙස්‌ටරෝල් සම්පූර්ණයෙන් ඉවත් කරන බව හෙළි වී තිබේ.

ආමන්ඩ්ස්‌වලට හෘද රෝග අවදානම සම්පූර්ණයෙන් තුරන් කළ නොහැකි වුවද එය හෘදය වස්‌තුවට ආරක්‍ෂාව සපයන නිරෝගී ආහාරයක්‌ ලෙස ගැනිය හැකි බව පෝෂණය පිළිබඳව මහාචාර්ය පෙනී ක්‍රිස්‌ එතර්මන් පවසයි. ආමන්ඩ්ස්‌ සිරුරට අවශ්‍ය හිතකර මේදයන්, විටමින් ඊ හා µයිබර් හෙවත් තන්තු යහමින් සපයන බව පෙන්වා දෙන මහාචාර්ය එතර්මන් ජනතාව ආමන්ඩ්ස්‌ තම ආහාරයට දෛනිකව එක්‌කර ගන්නේ නම් එය හෘදය වස්‌තුවට හිතකර වනවා පමණක්‌ නොව වෙනත් සෞඛ්‍යමය වාසිද අත්වන බව පවසා ඇත.

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Aug 2017 06:01 PM

රෝග පරීක්‍ෂණ වාර්තා යහපත් වුවද
ස්‌ථුලභාවයෙන් පෙළෙන්නන්
හෘද රෝග අවදානමක


තම ශරීරයේ බර නියමිත බරට වඩා වැඩි මට්‌ටමක පවතින හා ස්‌ථුලභාවයෙන් පෙළෙන පුද්ගලයින් වෛද්‍ය පරීක්‍ෂණ අනුව නිරෝගී බව තහවුරු කළද හෘද රෝග වැළඳීමේ දැඩි අවදානමකින් ඔවුන් පෙළෙන බව "යුරෝපා හාට්‌ ජ(ර්)නල්" සඟරාවෙහි පළකර ඇති නවතම අධ්‍යයන වාර්තාවක දැක්‌වේ.

පර්යේෂකයින් මෙහිදී එක්‌සත් රාජධානිය ඇතුළු යුරෝපා රටවල් 10 ක වාසය කරන පන්ලක්‍ෂයක්‌ දෙනාගේ සෞඛ්‍ය වාර්තා අධ්‍යයනයට ලක්‌කර ඇති අතර ස්‌ථුලභාවය සහිත පුද්ගලයින්ට සාමාන්‍ය රුධිර පීඩන මට්‌ටමක්‌, සාමාන්‍ය කොලෙස්‌ටරෝල් මට්‌ටමක්‌ හා රුධිරගත සීනි මට්‌ටමක්‌ පැවැතීමෙන් ඔවුන්ගේ හෘදය වස්‌තුවද නිරෝගී බවට එයින් සහතිකයක්‌ නොලැබෙන බව එම අධ්‍යයනයේදී පෙන්වාදී තිබේ.

මෙහිදී අධ්‍යයනයට ලක්‌කර ඇති ස්‌ථුලභාවයෙන් පෙළෙන පුද්ගලයින් 7637 දෙනෙකුට වසර 12 ක කාලයකට පසු හෘද රෝග වැළඳී ඇතැයි පර්යේෂකයෝ අවධාරණය කර සිටිති. මෙහිදී සෑම රෝග පරීක්‍ෂණයකින්ම නිරෝගී වුවද ශරීරයේ අධික බර නිසා මොවුන් හෘද රෝග වැළඳීමේ අවදානමට ගොදුරුව ඇති බව එම පර්යේෂණ වාර්තාවෙහි දැක්‌වේ.

මෙම අධ්‍යයනයේදී නිරෝගී රුධිර පීඩන මට්‌ටමක්‌, කොලෙස්‌ටරෝල් මට්‌ටමක්‌ හා රුධිරගත සීනි මට්‌ටමක්‌ පවතින අධි බරැති හෝ ස්‌ථුලභාවයෙන් පෙළෙන පුද්ගලයෙකුට හෘද රෝග වැළඳීමේ අවදානම එවැනිම නිරෝගී, රෝගී පරීක්‍ෂණ වාර්තා පවතින නිරෝගී බරකින් යුත් අයෙකුට හෘද රෝග වැළඳීමේ අවදානමට වඩා සියයට 28 කින් වැඩි බව හෙළිවී තිබේ.

මෙම අධ්‍යයනය සිදු කළ කේම්බ්‍රිඡ් සරසවියෙහි හා ලන්ඩනයේ ඉම්පීරියල් විදුහලෙහි පර්යේෂකයින්ට අනුව ශරීරයෙහි අවශ්‍ය ප්‍රමාණයට වඩා මේදය තැන්පත් කර තබා ගැනීම අනාගතයේ සෞඛ්‍ය ප්‍රශ්නවලට අතවැනීමක්‌ බව ඔප්පු කර පෙන්වීමකි.

අධ්‍යයනය සිදු කළ ලන්ඩනයේ ඉම්පීරියල් විදුහලෙහි වෛද්‍ය ලොආනා සොලකිට අනුව නිරෝගී ස්‌ථුලභාවය යනුවෙන් වූ සංකල්පයක්‌ මෙම අධ්‍යයනයෙහි ප්‍රතිඵල අනුව තවදුරටත් නොපැවැතිය යුතුය.

පර්යේෂකයින්ට අනුව අධික ශරීර බරට අමතරව කාලයත් සමගම අධි රුධිර පීඩනය හා අධික රුධිරගත සීනි ප්‍රමාණයක්‌ ඇතිවීම යන සාධක ද ස්‌ථුලභාවයෙන් පෙළෙන පුද්ගලයින් හෘද රෝග අවදානමට ඇද දැමීමට හේතු වේ.

නිරෝගී ශරීර බරක්‌ පවත්වා ගැනීම නිරෝගී හෘදය වස්‌තුවක්‌ පවත්වාගෙන යැමට මහෝපකාරී වන බව මෙම අධ්‍යයනය මෙහෙයවූ බ්‍රිතාන්‍ය හෘද පදනමෙහි මහාචාර්ය මෙටින් අව්කිරන් පැවසීය.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Aug 2017 06:06 PM

යෞවන ගැටළු හඳුනා ගනිමු

නව යෞවනයන්ගේ චිත්තාවේගීය හා සමාජීය වෙනස්‌කම්

* ශරීර පෙනුම ගැන නිතර සිතයි.

* තමාටම වෙන්වූ අනන්‍යතාවයක්‌ ගොඩනගාගැනීම.

* සිහින මැවීම.

* ඉක්‌මණින් මානසික සහ චිත්තවේග තත්ත්වය වෙනස්‌ වීම.

* තමාගැන සිහියෙන් සිටීම.

* ලිංගික ආකර්ෂනය.

* කුතුහලයෙන් යුතුයි.

* ශක්‌ති සම්පන්න සහ කලබල සහිතයි.

* කරුණු ගැන සිතා තීරණ ගනී.

* කරුණු තමාම සොයයි ඇගයීම් කරයි.

* නව සබඳතා ඇතිකර ගනී.

* යහළුවන්ට වඩාත් සමීප වේ.

නව යෞවනයන්ගේ සෞඛ්‍ය පිළිබඳ ගැටලු

* ප්‍රජනක සහ ලිංගික සෞඛ්‍ය පිළිබඳ ගැටලු

HIV/AIDS තරුණයන් අතර පැතිරීමේ අවදානම

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග

නව යොවුන් වියේ ගැබ් ගැනීම්

අනාරක්‌ෂිත ගබ්සා

හදිසි අනතුරු

* මානසික ගැටලු

* දුම්බීම, මත්පැන්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම

*සියදිවි හානිකර ගැනීම

* නිදන් ගත රෝග

උදා - හෘදයාබාධ, ඇදුම, ක්‌ෂය රෝගය, වකුගඩු ආබාධ

* සෞඛ්‍යමත් නොවන ජීවන රටා

* බෝ නොවන රෝගවලට වැඩි ප්‍රවණතාවයක්‌ දැක්‌වීම

* හිංසනය හා අපයෝජනය

* පෝෂණය සම්බන්ධ ගැටලු

* රක්‌තහීනතාවය 22% Anaemia

* ස්‌ථුලතාවය 10%

* කෘෂ භාවය 21% - 30%

යොවුන් සෞඛ්‍ය සේවා

* පාසල් වෛද්‍ය පරීක්‌ෂණය

* සෞඛ්‍යමත් පාසල් පරිසරය

* සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීම

* ජීවන නිපුණතා ප්‍රගුණ කිරීම

* උපදේශන සේවාව

* පර්යේෂණ සිදුකිරීම

* යොවුන් මිතුරු සෞඛ්‍ය සේවාවන්

වැඩි විස්‌තර සඳහා- සුවබර ක්‍රියාශීලි යෞවනයකට මං පෙත් විවිර කරන 'යොවුන් පියස්‌ වෙබ් අඩවියට පිවිසෙන්න. https://www.yowunpiyasa.lk

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශය

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 39 of 137 << < 3738394041 > >>