You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 40 of 137 << < 3839404142 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Aug 2017 08:40 PM
හප්පා යව්වන ගැටලු
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
16 Aug 2017 09:10 PM
මට තියෙන ගැටළුව නම් තවම අපි යෞවනයෝද කියන එකයි..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Aug 2017 02:13 AM

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/16/files/assets/common/page-substrates/page0004.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/16/files/assets/common/page-substrates/page0010.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/16/files/assets/common/page-substrates/page0025.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/16/files/assets/common/page-substrates/page0026.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/16/files/assets/common/page-substrates/page0027.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/16/files/assets/common/page-substrates/page0034.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Aug 2017 02:48 AM
චාමර මල්ලිත් හොයන් එන එවා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
18 Aug 2017 09:28 AM
කැස්ස හැදුනු විට තමයි අමාරුව දැනෙන්නේ..
එක දිගට කහින කොට බඩවැල් රිදෙනවා...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Aug 2017 05:05 PM

ලිංගික ශක්තිය වඩවන ඉංග්‍රීසි බෙහෙත් තිබේද?

‘බටහිර වෙදකමේ වාජීකරණ ඖෂධ සහ ප්‍රතිකාර නැත්තේ මන්දැයි’ පසුගිය දිනෙක මගේ හිතවතෙක් අසා සිටියේය. එහිදී ඔහු කීයේ  සාර්ථක යුග දිවියක් සඳහා ඉවහල්වන අඹු - සැමි සබඳතා සඳහා මනා පිටිවහලක් දෙන වාජීකරණ විෂයට පැරණි ආයුර්වේදයේ ප්‍රධාන තැනක් ලැබී ඇති බවය. ඒ අතින් බටහිර වෛද්‍ය විද්‍යාව ඒ සම්බන්ධයෙන් උනන්දුවක් පළ නොකරනුයේ මන්දැයි ඔහු මගෙන් විමසා සිටියේය.

සාර්ථක යුගදිවියක් සඳහා ඉවහල්වන මනා ලිංගික සබඳතාවයක් සඳහා යොදා ගන්නා බව පැවසෙන ‘කාමෝද්දීපක (Aphrodisiac)’පිළිබඳව ලොව පුරා ජනතාව තුළ මහක් කුතුහලයක් සහ උනන්දුවක් පවතී. විශේෂයෙන් පුරුෂ ශක්තිය වර්ධනය වීම සම්බන්ධ ආහාර, ඖෂධ සහ වෙනත් චිකිත්සක ක්‍රම බොහොමයක් ලොව පුරා පවතින බව නොරහසකි. අපගේ දේශීය වෙදකමේද එවැනි දේ ඇති බව පෙනේ.

මෙහිදී පුරුෂයන් සම්බන්ධයෙන් බලපවත්නා ‘ලිංගික බෙලහීනතා (Sexual Dysfunction)’ සේ සැලකෙන ප්‍රධානතම තත්ත්වයන් දෙකකි. එනම් ලිංගික අප්‍රාණිකත්වය සහ ‍ක්ෂණික මෝචනය යන තත්ත්වයයි. මෙම තත්ත්වයන් කායික, මානසික සහ ඒ දෙයාකාරයේම හේතුමත පැනනැගිය හැකි බව මෙතෙක් සිදුකරන ලද සමීක්ෂණයන්ගෙන් තහවුරු වී තිබේ.

කල්ගත වූ දියවැඩියාව ඇතුළු අන්තරාසර්ග පද්ධතියට බලපාන රෝග තත්ත්වයන් නිසා මෙම ඉන්ද්‍රිය අප්‍රාණිකත්වය කායික වශයෙන් හට ගත හැකි අතර ඇතැම් ඖෂධයන්හි අතුරුඵල ආදී වෙනත් හේතූන් මත ද කායිකව මෙම තත්ත්වය බලපෑ හැක.

පිරිමින් තුළ පවතිනා ක්ෂණික මෝචනය නම් තත්ත්වයද පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ අවස්ථානෝචිත ලෙස වෙනස් විය හැකි අතර එය රෝගයක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ICD 10 සංග්‍රහයේ S 52.4අංකය යටතේ ලැයිස්තු ගත කොට ඇත.

ලිංගික ශක්තිය ඇතිවනුයේ මොළයේ ඇති වන අනුරාගී හැඟීම් මත පදනම් වන කායික මානසික ක්‍රියාකාරීත්වය අරමුණු කර ගනිමිනි. එය මොළයේ හෝමෝන ක්‍රියාකාරීත්වය මත පදනම් වන්නකි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට අඩුවැඩි වශයෙන් බලපාන තත්ත්වයකි.

එහෙත් ලිංගිකත්වයට බලපාන ද්විතීක සාධකය වන කායික මානසික උත්ඡේදන සඳහා බටහිර ඖෂධ මගින් යම් බලපෑමක් සිදු කළ හැකි බව මේ වන විට අනාවරණය වී තිබේ. ඒ ඇතැම් ඖෂධ හුදෙක් කාමෝද්දීපනය අරමුණුකොට නිශ්පාදනය වූ ඒවා නොවේ. වෙනත් රෝගාබාධ සඳහා නිශ්පාදනය වන ලදුව එහි අතුරු ඵලයක් වශයෙන් අන්තරාසර්ග පද්ධතිය උත්තේජනයට ලක් කෙරෙන ඒවාය. නිදසුනක් ලෙස ‘පුප්පුසීය රුධිර පීඩනය(Pulmonary Hypertension)’ සඳහා දෙනු ලබන ඇතැම් ඖෂධයක අතුරුපලයක් ලෙස පුරුෂ ඉන්ද්‍රිය ප්‍රාණවත්වීම කෙරෙහි යම් බලපෑමක් සිදුවන බව සොයා ගෙන තිබේ. ඉන්පසු එය ලොව පුරා එවන් තත්ත්වයෙන් පෙළෙන්නවුන් සඳහා ඖෂධයක් ලෙස නියමකරන ලදී. එහෙත් එම ඖෂධ හුදෙක් වෛද්‍ය නියමයන්ට අනුවම ගත යුතුය. නැතහොත් ප්‍රථිපල අති බිහිසුණු විය හැක.

එමෙන්ම ඇතැම් ආතති විරෝධී ‍ඖෂධ (Antidepressants)නීරෝගී පුද්ගලයන්ට ලබාදීමේදී අනුරාගී පිබිදීම් වල ඇතිවන පසුගාමී බව මුල්කොට ක්ෂණික මෝචනයට අනියම් ප්‍රතිකාරයක් ලෙස එය ද යොදා ගන්නා අවස්ථා තිබේ. ඒ හැරුණු කොට ශරීරයේ විවිධ ප්‍රදේශ සඳහා ගල්වන නිර්වින්දක ඖෂධ (Anesthetic) ඇතැම් වේදනා නාශක ආදිය යොදා ගැනීමෙන් ඇතිවන ස්නායු සංවේදීතාව අවම වීම මෙම ක්ෂණික මෝචන තත්ත්වයට පිළියම් වශයෙන් සමහරු යොදති. ඒ එමගින් ලිංගික කාරියේ දී ඇතිවන සතුට සඳහා පදනම් වන ඉන්ද්‍රීය සංවේදීතාව අඩුවන නිසාය.

ඒ කෙසේ හෝ ඉහත සඳහන් කළ පරිදි කායික, මානසික සහ දෙයාකාරයේම පුරුෂ ලිංගික බෙලහීනතා දුරළීම සම්බන්ධයෙන් විද්‍යාත්මක වශයෙන් සායනිකව තහවුරු කළ ප්‍රතිකාර බටහිර වෛද්‍ය විද්‍යාව සතුව ඇති අතර බොහෝ දුරට විකල්ප වෛද්‍ය ක්‍රම තුළ ඇත්තේ එසේ ලිංගික ශක්තිය වැඩෙන බවට ජන විඥානයේ තහවුරු වූ ආහාර සහ ඖෂධ වර්ග පමණි.

එහෙත් මා ඉහත සඳහන් කළ අන්දමට ලිංගික ශක්තිය බොහෝදුරට මානසිකත්වය මත පදනම් වන බැවින් එම ආහාර සහ ඖෂධ වලින් තමන් තුළ ලිංගික ශක්තිය වැඩිවෙතැයි ඇතිවන හැඟීම් මත පදනම් වන ‘තුෂ්ටක බලපෑම (Placebo effect)’ නිසාද ඉන් සාධනීය ප්‍රතිපල ලැබෙන අවස්ථා තිබීමට පුලුවන.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ බටහිර වෛද්‍ය විද්‍යාව සතුව නොමැති ‘වාජීකරණ ඖෂධ’ ඇති බවට ජන විශ්වාසයක් ඇති වී ඇත්තේ ඒ නිසාය.

හෘදරෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වෛද්‍ය පීඨය,
ශ්‍රීමත්ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය,
රත්මලාන.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Aug 2017 05:32 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/20764.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Aug 2017 05:38 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/20808.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/20809.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/20810.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/20811.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/20812.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/20813.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/20806.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/20807.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Aug 2017 06:28 PM

සමාජ රෝගයක් කියා බය හිතෙන අමුතු ලෙඩක්

පුරුෂයන්ගේ ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව හටගන්නා රෝග අතරින් වෘෂණ ආශ්‍රිත රෝග ගැන අපි පහුගිය සති කිහිපයක් කතා කළා. දැන් අපි හොයා බලන්නේ ශිෂ්නය ආශ්‍රිතව හටගන්නා රෝග කිහිපයක් ගැනයි. අද කතා කරන්න යන ලෙඩේ හැදුනාම හුඟාක් අයගේ ගෙවල්වලත් අවුල් ඇතිවෙනවා. මොකද දෙන්නාට දෙන්නා සැක කරන්න ගන්නවා. ස්වාමියා හිතනවා තමන්ගේ බිරිය වෙන කෙනෙක් එක්ක ඉඳලා ජරා ලෙඩක් හදාන දැන් තමන්ටත් ඒක හැදිලා කියලා. භාර්යාව හිතනවා තමන්ගේ මනුස්සයා වෙන කොහේවත් යන කෙනෙක් එක්ක ලැගලා ඇවිත් කියලා. මෙහෙම සැක කරලා දෙන්න දෙමාල්ලෝ අවුල් වෙනවා. නමුත් ලෙඩේට හේතුව වෙනම එකක්.

අද කතා කරන රෝගය ශිෂ්ණයේ ඉදිරි කෙළවර හිස, නැතිනම් ශිෂ්ණ මුණ්ඩය වණවීමයි. එය හඳුන්වන්නේ බැලනයිටිස් (Balanitis) කියලයි. මේ අවස්ථාවේදී පෙරසම තියෙන අයගේ ඒ ස්ථානයත් ඉරිතලලා සුදු පැහැවෙලා තියෙන්න පුළුවනි. මේ විදියට ශිෂ්ණ මුණ්ඩය සහ පෙරසම ආසාදනය වීමේ තත්ත්වය ප්‍රමුඛව ඇතිවන්නේ දියවැඩියා රෝග ලක්ෂණයක් හැටියටයි.

දියවැඩියාවේදී මුත්‍රා සමග සීනි පිටවන බව ප්‍රසිද්ධයිනේ. මේ විදියට සීනි සහිත මුත්‍රා පෙරසම තුළ එකතුවීම නිසා එතැන විෂබීජවලට ලෙහෙසියෙන්ම වර්ධනය විය හැකියි. එවිට ශිෂ්ණ මුණ්ඩය වනවීමත් පෙරසම ආසාදනයට ලක්වීමත් සිදුවෙනවා. ඔන්න ඔය වෙලාවට බොහෝ දෙනා හිතන්නේ තමන්ට සමාජ රෝගයක් වැළඳිලා කියලයි. ගෙදර ප්‍රශ්න හටගන්නේ එතකොටයි. මේ ආසාදනයට බොහෝ වෙලාවට හේතුව වන්නේ මොනීලියස් නැත්නම් කැන්ඩීඩා කියන දිලීරය මගින් සිදුකරන ආසාදනයයි. ඒක බහුල දියවැඩියා රෝගීන්ගේ. මේ නිසා මෙබඳු රෝග ලක්ෂණයක් ඇතිවීමට කළ යුත්තේ වෛද්‍යවරයා හමුවෙලා දියවැඩියාව සඳහා රුධිර පරීක්ෂණයක් කරගන්නා එකයි.

දියවැඩියා තත්ත්වය හැරෙන්න තවත් හේතු කිහිපයක් නිසාත් ඔය ආකාරයට වණවීම් සිදුවෙන්න පුළුවනි.

ප්‍රධානම එක තමයි අපිරිසුදුකම. පෞද්ගලික පිරිසුදුකම ගැන නොසැලකිලිමත් අයගෙත් විෂබීජ තැන්පත්වීම නිසා මේ විදියට වණවීම් සිදුවෙනවා. නානවිට පෙරසම ඇදලා ශිෂ්ණ මුණ්ඩය පිරිසුදු කළ යුතු බව අමතක නොකළ යුතු දෙයක්. මුත්‍රා කළ පසුවත් එසේ පිරිසුදු කිරීම වරදක් නැහැනේ.

තවත් කාරණයක් තමා ලිංගික සංසර්ගයේදී භාවිතා කරන කොණ්ඩම. මේවායේ අන්තර්ගත ශුක්‍ර නාශක රසායන ද්‍රව්‍ය නිසා ආසාදන ඇතිවිය හැකියි.

වැඩි පිරිසුදුකමත් ලෙඩක්. නිතර නිතර දවසට කිහිප වතාවක් සබන් යොදා මේ ප්‍රදේශය පිරිසුදු කරන විට සබන්වලට ඇති අසාත්මිකතාව හේතුවෙන් වණවීම් හටගන්න පුළුවනි.

සමහරුන්ගේ පෙරසම පිටුපසට යන්නේ නෑ. මේ නිසා පෙරසම සහ ශිෂ්ණ මුණ්ඩය අතර ප්‍රදේශයේ ස්ටැග්මා ලෙස හඳුන්වන ශ්‍රාවයක් එකතුවෙනවා. මේ ශ්‍රාවයන් මිදී ඒවාට විෂබීජ එකතුවීමෙන් වණවීම් හටගන්න පුළුවනි. සමහරවිට මේ ශ්‍රාවය එකතුවෙලා කැටිති හැටියට ගොනුවෙලා පිටතින් බලනවිට ගෙඩි වගේ ගැටිති වගේ පේන්න ගන්න අවස්ථාත් තියෙනවා.

මේවගේ රෝග ලක්ෂණ ඇති වෙලාවට බොරුවට ලජ්ජා වෙලා හැංගිලා වැඩක් නෑ. මේවා ස්වභාවික තත්ත්ව. ඒ නිසා තමන්ගේ පවුලේ වෛද්‍යවරයා නැතිනම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවුණාම ඔවුන් ඒ සඳහා ප්‍රතිජීවක හෝ දිලීර නාශක ඖෂධ මගින් ප්‍රතිකාර කරාවි. අසාත්මිකතාවක් නම් එයින් වැලකීමට උපදෙස් දේවි. පෙරසම පිටුපසට නොයෑමේ තත්ත්වය ඇතිවිට බොහෝවිට චර්ම ඡේදන (Circumcision) සැත්කම සිදුකරගැනීමට සිදුවේවි. සැකයට ඉඩ නොදී පවුල් අවුල් කර නොගෙන නිසි වෛද්‍ය ප්‍රතිකාර සොයායාමෙන් මේ රෝග බොහෝමයකින් වැලකීමට හැකි බව නැවතත් සිහි තබාගත යුතුයි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Aug 2017 06:31 PM

ආතතිය ආවොත් ඔක්කොම අවුල්

කිසිම කෙනෙකුට ආතතියකින් තොරව ජීවත් වීමට නොහැකියි. ජීවිතය උණුසුම්ව පවත්වාගෙන යාමට මානසික ආතතිය වැදගත් සාධකයක්. ඒත් මානසික ආතතිය ප‍්‍රමාණය ඉක්මවා මනසට පීඩා ඇති කරන අවස්ථා එමටයි. මෙසේ කල්පවතින දැඩි ආතතිය ඔබේ ජීවිතය අවුල් කරන ආකාරය විශ්ලේෂණය කළොත් ස්වාමියා සහ බිරිඳ අතර සම්බන්ධතා බිඳ වැටීම, ආදරණීය බව අඩුවීම, නිතර තරහ යාම, මනසට සහ ඇඟට දැනෙන අසාමාන්‍ය විඩාව, නින්ද වැඩියෙන් යාම හෝ අඩුවෙන් නින්ද යාම, ලිංගික ආශාව අඩුවීම, දරුවන් සමඟ නිතර රණ්ඩු දබර වීම, යනාදි නොයෙකුත් සාධක දකින්න පුළුවන්.

සමහරු දැඩි ආතතියෙන් මිදීමට ගිජුලෙස ආහාර ගැනීම හෝ ආහාර නොගෙන සිටීම, එහෙමත් නැතිනම් මත්පැනට සිගරට්වලට ගොදුරු වීම, පැණිරස කෑමට ඇති දැඩි ආශාව වගේ දේවලට නැඹුරු වෙනවා. ඒ නිසා අධි රුධිර පීඩනය, විශාදය වැනි රෝගවලට මෙන්ම හොයා නොගත් රෝගවලටත් ගොදුරු විය හැකියි.

මා හමුවෙන්න ආ දුලීකාත් එවැනිම මානසික අවපීඩනයට ලක් වූ කාන්තාවක්. ඇය දුමින්දත් සමඟ විවාහවෙලා අවුරුදු දහයකුත් පසුවෙලා. ඔවුන්ට අවුරුදු හතරක පුතෙකුත් සිටිනවා. ඒත් වසර ගණනාවක සිට ඔවුන් රණ්ඩු දබර වෙනවා. දුලීකාට දුමින්දව එපාවෙලා. දුමින්දට දුලීකාවත් එපාවෙලා. දුලීකාට දුමින්ද දැක්කමත් තරහා යනවා. උපාධිධාරිණියක් වන දුලීකා ගුරුවරියක්. දුමින්දත් ආයතන කළමනාකරුවෙක්. උගත් වුණත් මේ අයගේ රණ්ඩු දබර ඉවර නැහැ. ඒ පිළිබඳව දුමින්දගේ පියා කිව්වේ මේ වගේ කතාවක්.

මේ දෙදෙනා අතර තියෙන ගැටලුව අපට නම් තේරෙන්නේ නැහැ. රණ්ඩු ඉවරයකුත් නැහැ. ළඟදී මම දෙන්නගෙම කේන්දර අරගෙන ගිහිල්ලා බැලුවා. කේන්දරේට අනුව නම් දුමින්දට මේ කාලේ අපලයි. ඒ අපලය ගෙවෙන්න තව අවුරුදු 05ක් වත් යනවලු. ඒ අවුරුදු පහ ඉවරවෙනකොට මේ දෙන්නා එකටවත් ඉඳීවිද දන්නේ නැහැ.

මම ඊළඟට දුලීකා දිහාවට හැරුණා. ඇය කිව්වේ මේ වගේ කතාවක්.

මම පුංචි කාලෙ හරිම සතුටින් හිටියා. ඒත් දැන් ජීවිතේ හරිම පාළුයි. මගේ අම්මයි තාත්තායි රණ්ඩු වෙනවා දැකලා තියෙන්නේ හරිම අඩුවෙන්. එයාලා ගොඩක් සමගියෙන් හිටියා. ඒත් මමයි දුමින්දයි විවාහ වෙලා සතුටින් හිටියේ පළවැනි අවුරුදු හතර විතරයි. අනෙක් අවුරුදු කීපයම ගතකළේ රණ්ඩු දබර නිසා අලුත් වෙන කඳුළුත් එක්ක. මේ විදියට අසතුටින් ජීවත්වීමට හේතුව හිතාගන්න බෑ. මට නිතර තරහා යනවා. හිතේ කිසිම විවේකයක් නැහැ. තරහෙනුත් දුකෙනුත් කාලය ගතවෙනවා. මට නින්ද යන්නෙත් නැහැ. නිදි පෙත්තක් බීලයි නින්දට යන්නේ.

දුලීකාගේ කතාව අහගෙන සිටිය මම දුමින්ද දෙසටත් හැරුණා. දුමින්ද කිවේ මේ වගේ දෙයක්.

මම ආයතන කළමනාකාරවරයෙක්. මට මුලින්ම ලැබුණේ ලිපිකරු පත්වීමක්. එතන ඉඳලා ගොඩක් මහන්සියෙන් කැපවෙලා තමයි මේ තැනට ආවේ. අපි දෙන්නා අතර බොහෝ ගැටලු මතුවුණේ ඔෆිස් එකේ ඇති රාජකාරිවල අසීමිත බවත් එක්ක. ඇය මට හය වෙනකොට ගෙදර එන්න කියනවා. ඒත් ගොඩක් දවස්වල මගේ වැඩටික ඉවරවෙද්දි රෑ 10 වෙනවා. ඇය මට ට්‍රිප් යන්න කතා කරනවා. ඒත් මට ඒ දේවල්වලට යන්න වෙලාවක් නැහැ. සමහර දවස්වල මම ඔෆිස් එකේ වැඩ ගෙදර අරන් එනවා. නැත්නම් මට ඒ වැඩ කරගන්න අමාරුයි. ඒත් මම එහෙම කරන එක ගැන ඇය හරිම තරහයි. ඒ තරහ ඇය මගේ පුංචි පුතාගෙනුත් පිටකරනවා. මේ අපලය කවදා ඉවර වෙයිද මන්දා.

ඔහුගේ කතාව අහගෙන හිටපු මව ඔහුට හුඟක් තරහ යනවද කියා විමසුවා. එවිට ඔහු කිව්වේ මේ වගේ දෙයක්.

ඔව්. මට හුඟක් තරහ යනවා. ඒ දුලීකා එක්ක විතරක් නෙවෙයි. ඔෆීස් එකේ හරියට පිළිවෙළට වැඩ නොකරන සියලු දෙනාටම පරුෂ වචනයෙන් බැණ වදිනවා. හවස් වෙනකොට මට ඔළුව බර ගතියක් තියෙනවා. ඇඟට තෙහෙට්ටුයි. මේ දිනවල මා ගිජුකමින් කෑම කනවා. මගේ බරත් වැඩිවෙලා. හිසේ කැක්කුමකුත් තියන නිසා මම වෛද්‍යවරයෙක් මුණගැසුණා. ඔහු පැවසුවා මගේ රුධිර පීඩනය වැඩි බව. යම් තැනක යම් දෙයක් වැරදිලා කියලා තෙරෙනවා. ඒත් ඒක හදාගන්න ආකාරය හිතාගන්න බැහැ. අපි දෙන්නම ජීවත්වෙන්නෙ අසතුටෙන්. දැන් කසාද ජීවිතෙත් අවසන් වෙන්නයි යන්නේ. මට ප‍්‍රමෝෂන් නම් හම්බවෙයි. ඒත් මට දැන් හිතෙනවා මේකද ජීවිතේ කියලා.

මෙන්න ආතතිය!

ජීවිතය නිසිලෙස කළමනාකරණය කර ගැනීමෙන් මේ ආතතිය අඩුකරගන්න පුළුවන්. ඉන්පසු සතුට ලැබිය හැකියි. මේ වගේ වෙලාවට දවසකට විනාඩි දහයක් හෝ පහළොවක් වෙන්කරගෙන නිශ්ශබ්ද ස්ථානයකට ගොස් මනසට දැනෙන දේවල් කල්පනා කිරීම සුදුසුයි. ඉන් ඔබට ඔබ ඉන්න තැන පිළිබඳව අවබෝධ කරගත හැකියි. එනම් ආතතියේදී ඇතිවන හිසේ බර ගතිය, තරහයාම, නින්ද නොයාම, ලිංගික ආශාව අඩුවීම, නුරුස්සන ගති යනාදිය පිළිබඳ ඔබට අවබෝධ කරගත හැකියි.

ලෝකයේ පිළිගත් සංවිධානයක් වූ ඇමරිකානු හෘදයාබාධිතයන්ගේ සංගමය කියනවා ආතතිය නිසා මිනිසුන් අධි රුධිර පීඩනය, දියවැඩියාව වගේ දේවලට ගොදුරු වන බව. ඒ වගේම ඒවා පාලනය කළ හැකි බවත් ඔවුන් කියනවා. ඒ සඳහා ව්‍යායාම්වල යෙදීම සුදුසු බව පෙන්වා දෙනවා. ඉන් සිරුරේ සැහැල්ලු බව මෙන්ම අනවශ්‍ය විඩාවන් දුරු කරගැනීමත් සිදු වෙනවා. නිරෝගී බවත් ඇතිවෙනවා. මෙහිදී මේ ප‍්‍රතිඵල ලබාගැනීමට නම් සතියකට දවසක් ව්‍යායාම කර වැඩක් නැහැ. ව්‍යායාමයක් දිනපතා හෝ දවසක් ඇර දවසක් කළ යුතුයි. ඊළඟ කරුණ ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ කණ්ඩායමක ජීවත් වීමයි. අද බොහෝ දෙනෙක් ඉන්නේ හුදකලා වෙලා. ඔවුන් වෙන් වෙන් වශයෙන් කුටුම්බයක් ඇතුළේ හිරවෙනවා. මෙය බොහෝ දියුණු රටවල දක්නට ලැබුණු දෙයක්. මෙහි අවසන් ප‍්‍රතිඵලය එපාවීම. ඒත් පරණ සමාජය දෙස බැලූ විට එහි තිබුණු සමගිය අගය කළ යුතුයි. ඕනෑම අවස්ථාවක කණ්ඩායමක් එකට එකතු වෙනවා. දුක සැප බෙදාගන්නේ සාමුහිකව. මේ සාමුහික බව නිසා මිනිස් සිතේ ඇතිවන අසහනය පීඩාව අඩුවෙනවා. මිනිසුන්ට ජීවිතය දැනෙන්නේ ඒ නිසයි.

මේ දේ වගේම ජීවිතේට විනෝදයක් අවශ්‍යයි. ඒ කියන්නේ මානසික සතුට වෙනුවෙන් විනෝද ගමනක් යන්න, යාළුවෝ හම්බවෙන්න යන්න, පවුලක් විදියට එළියට ගිහින් විනෝද වෙන්න කාලය වෙන්කර ගත යුතුයි. ඒ මගින් හිතේ ඇතිවන දැඩි පීඩනය අඩුවෙනවා. රාජකාරියම ජීවිතය කර ගැනීම නොකළ යුතු දෙයක්. ස්වාමියා, බිරිඳ දරුවන් අතර බැඳීම් වැඩි වෙනවා. වගේම හිතේ ලොකු සැහැල්ලුවකුත් මේ මගින් ඇතිවෙනවා. මීළඟට ඔබගේ හැසිරීම් රටාව පිළිබඳවත් හිතන්න ඕනෑ. විශේෂයෙන්ම ආතතියෙන් පෙළෙන බොහෝ දෙනෙක් හානිකර හැසිරීම් රටාවට නැඹුරුවෙනවා. එහි ප‍්‍රතිඵල තමයි ඇල්කොහොල්, සිගරට් වගේ දේවලට යොමුවීම. මේ මත්ද්‍රව්‍යවලින් යම්කිසි අවදිවීමක් ඔබට දකින්නට පුළුවන්. ඒත් මේ මත්ද්‍රව්‍ය දිගුකාලීනව ගැනීම නිසා විශාල වශයෙන් සෞඛ්‍යට හානිකර දේ වෙනවා.

නින්දත් මේ රෝගයේදී සැලකිය යුතු කාරණයක්. ඇතැම් අය හිතේ බර නැතිවෙලා යන්න කියලා රූපවාහිනිය නරඹන්න පුරුදු වෙනවා. නාට්‍යයක්, චිත‍්‍රපටියක්, සංගීත වැඩසටහනක් නැරඹුවාට කමක් නැහැ. ඒත් පැය ගණනාවක් නින්ද පාලනය කරමින් රූපවාහිනිය නැරඹීම නුසුදුසු දෙයක්. හේතුව එවැනි දේ මගින් ශරීරය උත්තේජනය නොවීම. ඒ වෙනුවට ක‍්‍රීඩාවලට යොමුවීම සුදුසුයි. ඒ වගේම පුද්ගලයෙක් පැය 6ක් හෝ 8ක නින්දක් නිරෝගී දිවියක් සඳහා ලැබිය යුතු වෙනවා.

මේ සියලු දේ වගේම සිනහවත් වැදගත් සාධකයක්. සිනහවීම මත ආතතිය අඩුවෙනවා. ඒ වගේම සිරුරේ බර අනුව දිනකට අවශ්‍ය ජලය ලබා ගැනීමත් ආතතිය අවම කිරීමට හේතුවක් වෙනවා. තවත් ආතතිය අඩු කිරීමට බලපාන වැදගත්ම දෙයක් තිබෙනවා. ඒ තමයි පිළිගැනීම. වෙනස් කිරීමට නොහැකි දේ පිළිගන්න පුරුදුවෙන්න ඕනෑ. අපේ ජීවිතවලට සම්බන්ධ සමහර දේ වෙනස්කළ නොහැකියි. ඒ දේවල් වෙනස් කිරීමට කාලය නාස්ති කිරීම නිශ්ප‍්‍රයෝජනයි. 

උපදෙස්: 
කිරිබත්ගොඩ මූලික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය 
නයනානන්ද කුමාරනායක

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Aug 2017 06:38 PM

කැක්කුම් බෙහෙත සෙල්ලමක් නොවේ!

විෂ වුණොත් ප්‍රතිඵල භයානකයි

ශ්‍රී ලංකාව තුළ දිනකට වැඩි වශයෙන්ම අ‍ලෙවි වන බටහිර ඖෂධය පැරසිටමෝල් වර්ගය වෛද්‍ය උපදෙස් වලින් තොරව ඕනෑම ආකාරයක උණ රෝගී තත්ත්වයක්, හිසේ කැක්කුමක් හෝ වේදනාවක් ඇති වූ විට වැඩිහිටියන් මෙන්ම ළමයින්ද තම පළමු අවධානය යොමු කරන්නේ පැරසිටමෝල් වර්ගයේ ඖෂධය වෙතය. එය ඒ තරමටම ගෘහස්ථ භාවිතයේ ජනප‍්‍රිය වී ඇත.

ඇස්ප‍්‍රීන් මෙන් කුඩා ළමුන්ට පැරසිටමොල් වර්ග අහිතකර නොවීමත්, ආහාර මාර්ගයේ අතුරු ආබාධ (ගැස්ට‍්‍රයිටිස්) ඇති නොවීමත්, රුධිර වහනය සම්බන්ධ ආබාධයන්ට ලක්වූවන්ට ඇස්ප‍්‍රීන් භාවිතය අවදානම් සහගත වීමත් නිසා පැරසිටමෝල් වඩා ජනප‍්‍රිය වී ඇත. එසේම ඇස්ප‍්‍රීන් මගින් විවිධ ආසාදන තත්ත්ව ඇති කරන නමුත් එවැනි තත්ත්වයක් පැරසිටමෝල් තුළ දැකිය හැකි නොවේ. නමුත් පැරසිටමෝල්ද හිතුමතේ ගතයුතු ඖෂධයක් නොවේ. වෛද්‍ය උපදෙස් මත පමණ දැන ගත යුතු ඖෂධයකි. 

පැරසිටමෝල් වර්ග විෂවීම ඇතිවන ආකාරය ගැන අවධානය යොමු කිරීමට මෙය අපගේ සිරැර තුළ පරිවෘත්තියට ලක්වන අයුරු විමසා බැලීම වැදගත්ය.

පැරසිටමෝල් මුලින්ම ආහාර මාර්ගය මගින් ඉතා හොඳින් අවශෝෂණය කරගනී. ඉන් අනතුරුව අක්මාව තුළදී එය ග්ලූකියුරොනයිඩ් Glucuronide සහ සලෆේට කාණ්ඩ බවට පත්වේ. ඉන් අනතුරුව එය අක්මාව තුළ වන ග්ලූටතයෝන් Glutathione සමඟ සම්බන්ධ වී ශරීරයෙන් ඉවත් වීමේ යාන්ත‍්‍රණය සිදුවේ.

එහෙත් අක්මාව තුළ පවතින ග්ලූටතයෝන් මට්ටමට වඩා වැඩියෙන් පැරසිටමෝල් පරිවෘත්තියෙන් ඉහත සඳහන් රසායන කාණ්ඩ අක්මාව තුළ නිපදවූ විට ඒවා සමහර එන්සයිම සමග ක‍්‍රියාකර විෂ සහිත සංයෝග නිපදවා අක්මාවේ සෛල විනාශ කිරීමට ක‍්‍රියා කරයි. මේ අනුව එකවර ලබා ගන්නා පැරසිටමෝල් ප‍්‍රමාණය සිරුර තුළදී පරිවෘත්තියට ගැලපෙන මාත‍්‍රාවක් තුළ තිබීම ඉතා වැදගත්ය.

විශේෂයෙන් එකවර පැරසිටමෝල් පෙති 20 ක් ලබා ගැනීම විශාල ලෙස අක්මාවේ සෛල වලට හානිගෙන දීමට හේතු වන තත්ත්වයකි.

කුඩා ළමුන් නිරන්තරයෙන් පැරසිටමෝල් විෂ වීම් වලට ලක්වන බව රෝහල් වාර්තා මගින් දැකිය හැකිය. මෙයට හේතුව කුමක්දැයි අපි අවධානය යොමු කරමු.

කුඩා දරුවෙකුට උණක් හෝ සෙම්ප‍්‍රතිශ්‍යාවක් වැළඳුණු විට මවුවරුන් වහාම දරුවා ළඟම සිටින වෛද්‍යවරයා වෙත ගෙන යාම සුලබ සිද්ධියකි. එසේ ගෙන ගිය විට ඔහු දරුවාට පැරසිටමෝල් ලබාදෙන අතර එය ලබා දෙන්නේද වෙළඳ නාමයෙනි. ඉන් අනතුරුව එම දිනය තුළම ළමයාගේ උණ තත්ත්වය අඩු නොවන්නේ නම් වහාම දරුවා රැගෙන වෙනත් වෛද්‍යවරයෙකු වෙත යාම අපේ මවුවරුන්ගේ සාමාන්‍ය සිරිතය. එවිට එම වෛද්‍යවරයා ද නැවත පැරසිටමෝල් ලබා දෙන අතර සමහර විට ඔහු වෙනත් වෙළඳ නාමයකින් එය ලබා දෙයි. 

යම් ලෙසකින් තවදුරටත් උණ තත්ත්වය අඩු නොවන විට දරුවා රෝහල්ගත කිරීම හෝ වෙනත් විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත එදින තුළම දරුවා රැගෙන යන අතර එහිදීද ඔවුන්ද බොහෝ විට පැරසිටමෝල් ලබා දෙයි. මෙහිදී ඇතැම් විට තවත් වෙළඳ නාමයක් පෙරට පැමිණිය හැකිය.

මේ ක‍්‍රියාදාමයේ අවසාන ප‍්‍රතිඵලය දරුවාගේ ශරීර බර සහ වයසට නොගැලපෙන මට්ටමකින් කෙටි කාල සීමාවක් තුළ පැරසිටමෝල් ඖෂධය වැඩි ප්‍රමාණයක් ශරීරගත වී තිබීමය. 

මෙම තත්ත්වය වළක්වා ගත හැකි වන්නේ මවුවරුන් තම දරුවාට ඊට පෙර අවස්ථාවේ පැරසිටමෝල් ලබා දුන් බව සිහියේ තබාගෙන ඒ බව වෛද්‍යවරයාට පැවසීමෙන්ය. එසේම වෛද්‍යවරුන් ද පැරසිටමෝල් ඖෂධය නියම කරන විට මේ ගැන මවුවරුන් දැනුවත් කිරීම ඉතා වැදගත්ය. 

එසේම පැරසිටමෝල් විෂවීම දරුවන් තුළ දක්නට ලැබීමට තවත් හේතුවක් වන්නේ එය සිරප් ලෙස පැවතීමය. ඇතැම් මවුවරුන් තම නොදැනුවත්කම නිසා දරුවාගේ උණ අඩුවන තුරු සීමාවකින් තොරව විටින් විට එය පෙවීමේදී තේ හැඳි හෝ මේස හැඳි ප‍්‍රමාණය පටලවා ගැනීම ද සිදුවේ.

පැරසිටමෝල් විෂ වීමට ලක්වූ විට අක්මාවේ සෛල විනාශ වී යන අතර ඊට අමතරව වකුගඩුවල පටකවලටද හානි සිදුවේ. එහෙත් පැරසිටමෝල් විෂ වීමේ රෝග ලක්ෂණ මතුවීමට පැය 24 - 28 ක් අතර කාලයක් ගතවේ. එහිදී ඇඟ කහපාට වීම, උදරයේ වේදනාව හ අක්මාව පවතින ශරීරයේ දකුණු පස උදරයේ තද වේදනාවක් ඇතිවීම දැකිය හැකිය. ඇතැම් විට දින 02 - 07 ත් අතර කාලයක් මේ සඳහා ගතවීමට ද පුළුවන.

පැරසිටමෝල් විෂවීමක් පිළිබඳව දැනගත් වහාම අදාළ පුද්ගලයා රෝහල්ගත කිරීම වැදගත්ය. මෙහිදී විශේෂ ගල් අඟුරු ප‍්‍රතිකාර ක‍්‍රමය activated charcoalමගින් පැරසිටමෝල් ශරීරයට අවශෝෂණය කර ගැනීම අඩු කරනු ලැබේ. අක්මාව තුළ නිපදවන විෂ සහිත සංයෝග ඉවත් කළ හැකි N-acetylcysteine – NAC ලබාදීම මේ සඳහා සාර්ථක පිළියමක් ලෙස දැනට සිදු කෙරේ. මීට අමතරව අක්මාවට සහ වකුගඩුවලට හානි සිදු වී තිබේ නම් ඒවාට අදාළ විශේෂ ප‍්‍රතිකාර කළ යුතුය.

මේ අනුව සලකා බැලූ කල පැරසිටමෝල් ගෘහස්ථව කොතරම් ජනප‍්‍රිය ඖෂධයක් වුවද එය කෝකටත් තෛලයක් ලෙස හිතුමනාපෙට ලබා ගැනීම අනතුරුදායක බව සිහියේ තබාගත යුතුය. විශේෂයෙන් කුඩා දරුවන්ට පැරසිටමෝල් ලබාදීම සම්බන්ධව මවුවරුන් විශේෂ අවධානයක් යොමු කිරීම අත්‍යාවශ්‍ය වේ. 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
18 Aug 2017 09:53 PM
එදිනෙදා ජීවිතයට වැදගත් වෙන ලිපි රාශියක් තියෙනවා. බොහොමත්ම ස්තූතියි මල්ලී.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
19 Aug 2017 04:10 AM
චාමර මල්ලි කරගෙන යන මේ ත්‍රෙඩ් එක හුගක් වටිනවා ... ගොඩක් ස්තූතියි මල්ලි මේ වැදගත් ලිපි අපි වෙනුවෙන් පොස්ට් කරනවට...
Business, you know, may bring money, But friendship hardly ever does.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Aug 2017 08:46 AM
කොයි දේත් ඕනවට වඩා හොද නැ ,,බෙහෙත් වුනත් ගන්න ඕනෑ ඒ ඒ මාත්‍රාවට ...ස්තුති මල්ලි මේ ලිපියටත්
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Aug 2017 04:07 PM

ජාන විකෘතිතා වළක්වන විටමින් බී

විටමින් B3 ලබාගැනීම මගින් දරු ගැබ් ගබ්සාවීම සහ ජාන විකෘති සහිත දරුවන් බිහිවීම වලක්වා ගත හැකි බව මීයන් යොදාගෙන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වික්ටර් චැන් ආයතනයේ (Victor Chang Institute)  කරන ලද පර්යේෂණයකින් හෙළි වී තිබේ.

මෙම පර්යේෂණයේදී අදාළ සෞඛ්‍ය තත්වයන්ට හේතුව මෙන්ම එයට විසඳුම ද අනාවරණය වූ බැවින් එය ද්විත්ව ජයග්‍රහණයක් බව ද ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වික්ටර් චැන් ආයතනයේ පර්යේෂකයෝ පවසති.

ලොව පුරා වසරකට දරුවන් මිලියන 7.9 ක් විවිධ ජාන විකෘති සහිතව උපත ලබන බැවින් සිය පර්යේෂණයේ ප්‍රතිඵල ඉතා ඵලදායී වනු ඇති බවට ද ඔවුහු විශ්වාසය පළ කරති.

හෘදය රෝග, වකුගඩු රෝග වැනි රෝග සහිතව දරුවන් උපත ලැබූ හෝ දරු ගැබ් ගණනාවක් ගබ්සා වූ මවුවරුන් ගේ පවුල් හතරක ඩීඑන්ඒ (DNA) සාම්පල පර්යේෂකයන් විසින් සිය පර්යේෂණය සඳහා යොදා ගනු ලැබ තිබේ. ඔවුන්ගේ ජාන දෙකක විකෘතියක් පවතින බව එහිදී හෙළි වී තිබේ

පර්යේෂණයේ ප්‍රධානී සැලී ඩන්වුඩී මහාචාර්යවරිය (Prof Sally Dunwoodie) එම ජාන විකෘතිය මීයන්ට ආදේශ කළ අවස්ථාවේ හෙළි වී තිබෙන්නේ ඔවුන්ට විටමින් බී3 ලබාදුනහොත් එම විකෘතිය සුව කළ හැකි බවය.

"රෝගයකට හේතුව සහ එයට විසඳුම දෙකම එකම පර්යේෂණයකදී සොයාගැනීම ඉතාමත් දුර්ලභ දෙයක්," මහාචාර්යවරිය කියා සිටියාය. "අනික විසඳුම හරිම සරලයි. ඒක විටමින් වර්ගයක්."

කෙසේ නමුත් විටමින් B3 ලබාගන්නා මෙන් ගර්භනී මාතාවන්ට නිර්දේශ කිරීමට තරම් තවමත් කාලය එළඹ නැති බව බර්මින්ග්හැම් විශ්ව විද්‍යාලයේ මාතෘ සෞඛ්‍යය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කේටි මොරිස් (Dr Katie Morris) මේ අතර පෙන්වා දෙයි.

මෙම පර්යේෂණය සඳහා යොදා ගන්නා ලද විටමින් බී3 ප්‍රමාණය, ගර්භනී මවකට දිනකට ලබා දෙන විටමින් බී3 ප්‍රමාණය මෙන් දස ගුණයක් බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Aug 2017 05:05 PM

හිතුවක්‌කාර වී තරබාරුව වැළඳ ගැනීම

මීට දශක තුනකට පෙර යුගය සිහිපත් කළ හොත් ලොව පුරා විද්‍යාඥයන්ගේ හා විශේෂයෙන් පෝෂණවේදීන්ගේ අවධානය ප්‍රධාන වශයෙන්ම යොමු වී තිබුණේ කුඩා ළමයින් පෙළෙන උග්‍ර මන්දපෝෂණ තත්ත්වයන් සම්බන්ධයෙනි. එසේම ලොව පුරා පැතිරී තිබූ දුගී දුප්පත්කම නිසා මිලියන සංඛ්‍යාත දිළිඳු ජනතාවට ආහාර සැපයීම සම්බන්ධයෙනි. මීට අමතරව තුන්වැනි ලෝකයේ රාජ්‍යයන් පුරා ව්‍යාප්ත ආසාදන රෝග මැඬලීම තවත් අරමුණක්‌ විය.

එහෙත් මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධනයේ අරමුණු වෙනත් මාවතක්‌ වෙතට යොමු වී ඇත. ඔවුන් හඳුනාගෙන සිටින නව ලෝක ව්‍යාප්ත වසංගතයක්‌ (Obesity) වන්නේ තරබාරුකම (Obesity) හා බෝනොවන රෝග (Non Communicable Diseases) ව්‍යාප්තියයි. මෙසේ නව අභියෝගයක්‌ එල්ල වී ඇත්තේ මන්දපෝෂණය, ක්‍ෂය රෝගය, මැලේරියාව හා ඒඩ්ස්‌ අවදානම එසේම පවතිද්දීය.

ආර්ථික වශයෙන් දිළිඳු සම්පත් හීනතාවකින් පෙළෙන ශ්‍රී ලංකාව, ඉන්දියාව, නයිජීරියාව ඇතුළු සියලු දියුණු වෙමින් පවතින රටවලට මේ නව සෞඛ්‍ය අර්බුදය මහත් ගැටලු රැසක්‌ උදා කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හඟවා සිටින්නේ තරබාරුව සහ දියවැඩියාව මේ රටවලට මහත්ම හිසරදයක්‌ වන බවයි. ඔවුන්ගේ වාර්තා පෙන්වා දෙන අන්දමට ඉදිරි දශක දෙකක කාල පරිච්ඡේදය තුළ දියවැඩියාවට ගොදුරු වන සංඛ්‍යාව මිලියන සිය ගණනකින් ඉහළ යනු ඇත.

තරබාරුකම පළමුව ඇමෙරිකා එක්‌සත් ජනපදය තුළින් ආරම්භ වී යුරෝපය ඇතුළු ලොව දියුණු රටවල පැතිර ගොස්‌ මේ වන විට දියුණු වෙමින් පවතින රටවල නාගරික ප්‍රදේශවල ව්‍යාප්තව ඇත. ගුණාත්මක භාවයෙන් පහළ කෘෂිකාර්මික උපක්‍රම මෙන්ම බටහිර බහුජාතික සමාගම් මගින් දියුණු වෙමින් පවතින රටවලට කන්ටේනර් පිටින් ආනයනය කරන මිලෙන් අඩු මේදය බහුල පිෂ්ටය ද පිරිපුන් ක්‍ෂණික ආහාර හා කෘත්‍රිම ආහාර මෙසේ තරබාරුකම ඉහළ නැංවීමට දායක වී තිබේ. අගනගර වලට පමණක්‌ සීමා නොවී මේ ආහාර ගම් නගර සිසාරා කිසිදු ලෝභ කමක්‌ නැතිව බෙදාහැරීමත්, රූපවාහිනිය ඔස්‌සේ ආකර්ෂණීය වෙළෙඳ දැන්වීම් ප්‍රචාරයත් පනින රිලවුන්ට ඉනිමං බඳින ලෙසින් සෞඛ්‍ය ගැටලුව තවත් තීව්‍ර කර ඇත.

තුන්වැනි ලෝකයේ රටවල පැතිර යන තරබාරුකම සම්බන්ධව තවමත් නිසි අවධානයක්‌ සෞඛ්‍ය ක්‍ෂේත්‍රවල යොමු වී නැති අතර මේ තත්ත්වය ශ්‍රී ලංකාව වැනි රටවල වඩා ඉස්‌මතු වෙයි. තරබාරුකම දැවෙන ආර්ථික හා සෞඛ්‍ය ප්‍රශ්නයක්‌ වීමට පෙර මැඬලීමට රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශ වහා පියවර ගත යුතු යුගයකි මේ.

තරබාරුකම දියුණු වෙමින් පවතින රටවල මහා පරිමාණ වසංගතයක්‌ වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 1997 වසරේ දී ඔවුන්ගේ විශේෂ සැසියකින් පෙන්වා දෙන ලදි. තෙවැනි ලොව රටවල නාගරික, මධ්‍යම වයසේ වැඩිහිටියන් පළමු වරට මෙයට ගොදුරු වන අතර ඉන් අනතුරුව අර්ධ නාගරික හා ග්‍රාමීය වැඩිහිටි හා තරුණ පරපුර තරබාරුකමට පත් වෙති. මේ තත්ත්වයට තිත තැබීමට මහජනයා වඩ වඩා දැනුවත් වීම අත්‍යවශ්‍ය වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තා පෙන්වා දෙන අන්දමට තරබාරුකම මනින දේහ ස්‌කන්ධ දර්ශකය (BMI) ඉහළම කලාපය පැසිපික්‌ දූපත් සමූහයට අයත්ය. නයිරුහි (Nauru) අධික තරබාරුකම (BMI > 30 kg/m2) දරන ජන සංඛ්‍යාව 79 % ක්‌ පමණ වෙයි. දකුණු ආසියා කලාපයේ මෙය සාපේක්‍ෂව පහළ අගයකි. ඉන්දියාව තුළ අධික බර (BMI > 25 kg/m2) දරන ජන සංඛ්‍යාව 4 % වන අතර අධික තරබාරුකම දරන්නේ 0.5 % ක ප්‍රමාණයකි.

තරබාරුකම සම්බන්ධව සිදු කෙරී ඇති අධ්‍යයන වලින් මේ සම්බන්ධව බලපාන ප්‍රධාන පාරිසරික සමාජ ආර්ථික කරුණු රැසක්‌ අනාවරණය කරගෙන ඇත. මිනිසුන්ගේ ආහාර වේලේ වෙනස්‌කම් මෙන්ම කායික ක්‍රියාකාරිත්වයේ හා ජීවන රටාවේ උඩු යටිකුරු වීම් මේ අතර ප්‍රධාන වෙයි.

තරබාරුකම කෙරෙහි හේතු වන ආහාර රටාවේ වෙනස්‌කම්

* ලොව පුරා බෙදාහරින බොහෝ ආහාර අධික පිෂ්ටයෙන් හා සීනි සාරයෙන් යුක්‌ත වීම.

* ආසියාව, මැද පෙරදිග හා අප්‍රිකානු රටවල ජනතාව අතර අධික ලෙස තෙල් (ආහාර) පරිභෝජනය ඉහළ යැම.

* තෙවන ලෝකයේ රටවල ආහාර වේල තුළ ශක්‌ති ඝනත්වය ඉහළ යැම.

* දියුණුවන රටවල ජනතාවගේ ආහාර වේල තුළ අඩංගු සත්ත්වමය ආහාර සංඝටක ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ යැම.

තරබාරුකම කෙරෙහි බලපාන ජීවන රටාවේ වෙනස්‌කම්

* ශරීරය වෙහෙසා සිදු කරන කෘෂිකර්මය ඇතුළු වගා කටයුතු වලින් ඉවත් වූ ජනතාව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා සපයන රැකියාවලට කොටු වීම.

මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස දවසේ වැඩිම කාලයක්‌ එකතැන හිඳ රාජකාරී කටයුතු කිරීමට සිදුවන අතර මේ කාලය තුළ ශරීරයේ ව්‍යායාම කටයුතු සිදු නොවෙයි. ලිපිකරුවන්ගේ පටන් වෛද්‍යවරුන් , ඉංජිනේරුවන් , පරිපාලකයන් දක්‌වා මෙය පොදු වෙයි.

* කාර්යාල කටයුතුවලින් අනතුරුව බස්‌ රථයකට ගොඩ වී හෝ තමන් ගේ පෞද්ගලික වාහනයෙන් (යතුරු පැදි /මෝටර් රථ) යළි නිවසට යන අතර එහිදී ද කය වෙහෙස වීමක්‌ සිදු නොවෙයි.

* පුද්ගලයින්ගේ එදිනෙදා ජීවිතයේ විවේක කාලය බොහෝ විට රූපවාහිනිය නරඹමින්, ඇඳට හෝ පුටුව උඩට වී පොතපත කියවමින්, තරුණයෙකු නම් පරිගණකය ඉදිරිපිට හෝ වීඩියෝ ක්‍රීඩාවකට සීමා වෙයි.

* නිවස තුළද සිදු කිරීමට පවතින්නේ සීමා සහිත වැඩ කොටසකි. සියල්ල යන්ත්‍ර සූත්‍ර වලට භාර දී ඇත. රෙදි සේදීම, කෑම පිසීම, නෑම හෝ ඇවීදීම, පොල් මිරිකීම මේ සියල්ලටම කය වෙහෙසීමක්‌ නැත.

* නිවසේ කෑම පිසීමට වැය වන්නේ ද ඉතා අඩු කාලයකි. බොහෝ විට සුපිරි වෙළඳ සැලෙන් හෝ කෘත්‍රිමව සකස්‌ කළ ආහාර විනාඩි කිහිපයක්‌ තුළ පිස ආහාරයට ගැනීම සිදු වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර පෙන්වා දෙන්නේ වැඩිහිටියන් අධික ලෙස තරබාරු වීමත්, කුඩා ළමයින් මන්දපෝෂණයෙන් පෙළීමත් තෙවැනි ලොව රටවලට විශාල උභතෝකෝටික ගැටලුවක්‌ නිර්මාණය කර ඇති බවයි. නිරන්තර රෝගාබාධයන්ට ලක්‌ වීමත් නිසි සැලකිල්ලට යොමු නොවීමත් නිසා ළමයින් මන්දපෝෂණයට ගොදුරු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ළමා වියේ මන්දපෝෂණයෙන් පෙළීම පසුකාලීනව අධික තරබාරු බවට හේතු වන බව විවිධ විද්‍යාත්මක පර්යේෂණ මගින් හෙළි වී ඇතත් එය මෙතෙක්‌ නිශ්චිත වශයෙන් ම තහවුරු කර නොමැත. අධික ලෙස තරබාරු මා පියන් විසින් මන්දපෝෂණයෙන් පෙළෙන කෙසඟ දරුවන් රෝහල් වෙතට කැඳවාගෙන එනු ලබන බව දකින්නට ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට බෝ නොවන, ආසාදන නොවන (NCD) රෝග අතරින් වළක්‌වාගත හැකිම රෝගය තරබාරුකමය. තෙවැනි ලොව රටවල මරණවලින් සියයට හැටක්‌ ම මේ (NCD) නිසා සිදු වෙයි. මේ අතරට ආසාදන රෝග හා මන්දපෝෂණය ද පැමිණි විට මෙම රටවල් අන්ත අසරණ තත්ත්වයට පත් වෙයි. පැතිර යන ඒඩ්ස්‌ රෝගය, ඖෂධ වලට දක්‌වන ප්‍රතිරෝධය නිසා යළි හිස ඔසවන ක්‍ෂය රෝගය (TB) හා මැලේරියාව අමතක කළ නොහැකිය. හෘද රෝග, ආඝාතය (Stroke) හා දියවැඩියාව වැනි රෝග වලට එරෙහිව සටන් වැදිමට චීනය වැනි රටකට ඉදිරි දශකයේ දී ඩොලර් මිලියන 556 ක මුදලක්‌ වැය වන බව ගණන් බලා ඇත.

දුම් පානය හා තරබාරුකම වහා පිටුදැකීමට ක්‍රියා නොකළ හොත් 2015 වන විට ලොව පුරා මිලියන 36 ක්‌ ඉන් මියයන බව ලැන්සෙට්‌ සඟරාව පසුගිය දා පෙන්වා දී තිබුණි.

ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වා දෙන අන්දමට අඩු ආදායම් ලබන පහළ සමාජ ආර්ථික රටාවක ජීවත් වන ජනතාව තුළ තරබාරුකම පැතිර යැම ඉහළ වෙයි. මෙයට හේතුව ලෙස මෙම ජනතාව මිලෙන් අඩු, වැඩි පිෂ්ට හා සීනි අඩංගු ආහාර වලට යොමු වීම පෙන්වා දී ඇත. ඔවුහු බඩගින්න නිවා දැමීමට කටට රසවත් සීනි හා තෙල් කෑම ගැනීමට පුරුදු වෙති. තරබාරුකම කෙරෙහි පාරිසරික සාධකවල ද දැඩි බලපෑමක්‌ පවතින අතර ශ්‍රී ලංකාව වැනි රටවල ද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන සුපර්මාර්කට්‌, රෙස්‌ටුරන්ට්‌, ක්‍ෂණික ආහාර වෙළෙඳසල්, ගෙදර අරන් ගොස්‌ (Take away) කෑමට ආහාර දෙන ස්‌ථාන ආදිය මේ අතර ප්‍රධාන වෙයි. කෙසේ වෙතත් International Journal of Epidemiology සඟරාව පෙන්වා දෙන පරිදි ඇතැම් සුපිරි වෙළෙඳසැල්වලින් ආහාර ලබා ගන්නවුන් අතර තරබාරුකම අඩුය. මෙම වෙළෙඳ සල්වල පවතින ආහාර අධික මිලෙන් යුතු වන අතර බොහෝ විට මේදය අඩු තන්තු අධික (Low fat high fibre) ආහාර වලින් සමන්විත වෙයි. එහෙත් මෙම ආහාර ලබාගත හැක්‌කේ සමාජයේ එක්‌ පංතියක ජනතාවට පමණි.

දිළිඳු ජනතාවට බොහෝ විට සාමාන්‍ය කඩයකට යැමට සිදු වන අතර ඒවායේ පවතින්නේ තත්ත්වයෙන් බාල තන්තු රහිත මේදය අධික පරණ ආහාර ද්‍රව්‍ය වෙයි.

ගෙදර යන අතරේ රැගෙන යන සකස්‌ කළ ආහාර සැලකූ විට මේවායේ සාමාන්‍ය ආහාර වේලකට වඩා අධික ශක්‌ති ඝනත්වයක්‌ වෙයි. එසේම මෙම ආහාරවල බලාපොරොත්තු වන මට්‌ටමේ පෝෂණ පදාර්ථ ද අඩංගු නොවෙයි. මේ අනුව මේ ක්‍ෂණික හෝ සකස්‌ කළ ආහාර අනුභව කරන්නන් ගේ බර ඉතා කෙටි කාලයකින් ඉහළ යයි. බොහෝ විට අපේ රටේ ද පහළ හා මධ්‍යම පංතියේ රජයේ රැකියාවල නියුක්‌ත වූවන් නැවත රාත්‍රියේ නිවසට ගොස්‌ කෑම පිසීමේ අපහසුව නිසා මෙවැනි සකස්‌ කළ ආහාර රැගෙන යාම දැන් ඉතා සුලබ අතර මෙය ළඟ ළඟම එන විශාල සෞඛ්‍ය අනතුරක පෙරනිමිත්තකි.

බටහිර රටවල ජනතාව බොහෝ විට උත්සාහ දරනුයේ ශරීරයේ ස්‌වරූපය සිහින් ලෙස පවත්වා ගැනීමටය. එහෙත් ශ්‍රී ලංකාව වැනි රටවල පවතින මතය වන්නේ කාලා බීලා රජෙක්‌ වගේ ඉන්න ඕනෑ යන්නයි. අපි ශරීරය කෙට්‌ටු වනවාට කැමැති නැත. එය දිළිඳුකමේ ලකුණක්‌ ලෙස සළකනු ලැබේ. වෛද්‍යවරුන් හමුවට එන බොහෝ මා පියන් පවසන්නේ කොච්චර කෑවත් දරුවා මහත් වෙන්නේ නෑ යනුවෙනි. මේ හීනමානයෙන් අප ගොඩ ආ යුතුය.

ශරීරයේ දේහ ස්‌කන්ධ දර්ශකය (BMI)  (20-25Kg/m2) සාමාන්‍ය අගයේ පවත්වා ගන්නා විට හෘද රෝගවලට ගොදුරු වීමේ අවදානම කැපී පෙනෙන ලෙස පහත වැටී ඇත. එසේ ම ශරීර ස්‌කන්ධය වැඩි වීම ගර්භාෂික පිළිකා සෑදීමේ ඉඩකඩ ඉහළ නංවන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත.

අප රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ තවමත් තරබාරුකම වළක්‌වා ගැනීමට ප්‍රමාණවත් අවධානයක්‌ යොමු වී නැති අතර මේ තත්ත්වය දරාගත නොහැකි සෞඛ්‍ය හා ආර්ථික හානියක්‌ ඉදිරි දශකයේ දී උදා කරනු ඇත.

තරබාරුකම තරුණ මරණ වලට ප්‍රධාන වගඋත්තරකරුවෙක්‌

ලොව පුරා දැනට සිදු කර ඇති පර්යේෂණවලින් අනාවරණය වී ඇති පරිදි තරබාරුකමට ගොදුරු වන තරුණ පිරිස්‌ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස්‌ ඇත. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස හෘදයාබාධයන්ට ලක්‌ වන තරුණ පිරිස ද වැඩි වී ඇත.

මෙහි වැදගත්ම අනාවරණය වන්නේ දුම්පානය නොකිරීම වැනි අවදානම් සාධකවලින් වැළකී සිටිය ද, තරබාරුකමට ලක්‌ වීම සමඟ හෘදයාබාධවලට නතු වීමට අවස්‌ථාව තරුණ පිරිස අතර වැඩි බව හෙළි වීමයි. දකුණු කොරියාව තුළ සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළිs වී ඇති පරිදි හෘදයාබාධ, අධි රුධිර පීඩනය, ආඝාතය වැනි රෝග වලින් මිය යන සංඛ්‍යාව BMI අගය ඉහළ යැම සමඟ වැඩි වී ඇත. 1992 වසරේ සිට වසර නවයක කාල සීමාවක්‌ පුරා 2068340 සහභාගී කරගෙන මේ අධ්‍යයනය දියත් කර ඇති අතර මෙහිදී හෙළි වී ඇති අනෙක්‌ කරුණ වන්නේ ආඝාතය ආදියට ගොදුරු වීම වියපත් වීම සමඟ අඩු වන බවයි. මේ අනුව තරබාරුකමට ගොදුරු වීම වහ වහා පාලනය කර නොගත හොත් රටේ තරුණ ජවය නිකරුණේ රෝගී වන බව මේ පර්යේෂකයෝ පෙන්වා දෙති.

තරබාරු බවේ අතුරු ප්‍රතිඵල

* පහත රෝග වලට ගොදුරු වීමේ අවධානම ඉතා ඉහළ වෙයි. (high risk)

1.දියවැඩියාව

2.අධිරුධිර පීඩනය

3.අධිකොලෙස්‌ටරෝල් මට්‌ටම

4.ශ්වසන අපහසුතා

5.නින්දේදී ඇති වන ශ්වසන අවහිරතා

6.පිත්තාශය ආශ්‍රිත රෝග

* පහත රෝග වලට ගොදුරු වීමට මධ්‍යම මට්‌ටමේ අවදානමක්‌ පවතී. (Moderately
risk)

1.හෘදයාබාධ හෝ හෘද අකර්මණ්‍යතා

2.හන්දි අමාරුව

3.මුත්‍රා සමඟ යූරික්‌ අම්ලය පිට වීම.

4.ගර්භණී සමයේ සංකූලතා, අධි රුධිර පීඩනය

* පහත රෝග වලට ගොදුරු වීමට සාමාන්‍ය අවදානමක්‌ (Risk) පවතියි.

1. බොහෝ පිළිකා රෝග

2. සරුභාවයට බාධා වීම

3. කොන්දේ ආබාධ

4. ශල්‍යකර්මවලදී නිර්වින්දන අපහසුව

5. කලලයේ ඇති වන විකෘතිතා

ඔබේ ශරීරයේ බර 10% කින් අඩු කර ගැනීමෙන් සැලසෙන විශේෂ වාසි

1.මෙමගින් අධි රුධිර පීඩනය අඩු කරගත හැකිය.

2.දියවැඩියා රෝගීන්ගේ රුධිරගත සීනි මට්‌ටම 50% කින් අඩු කරගත හැකිය.

3.දියවැඩියාව නොමැති නමුත් ඒ සඳහා ඉහළ අවදානමක්‌ පවතින රෝගීන් ගේ එම අගය අඩු වෙයි. ඉන්සියුලින් සඳහා වන සංවේදීතාව ඉහළ යයි. දියවැඩියාවට ගොදුරු වීම 40-60% ප්‍රමාණයකින් අඩු වෙයි.

4.ශරීරයේ මුළු කොලෙස්‌ටරෝල් ප්‍රමාණය 10% කින් අඩු වෙයි. ශරීරයට හිතකර අධි ඝනත්ව කොලෙස්‌ටරෝල් (HDL) ප්‍රමාණය 8% කින් ඉහළ යයි.

5.මරණ වලට ගොදුරු වීම (ඕනෑම රෝගයකින්) 30 % කින් අඩු වෙයි. දියවැඩියාව නිසා වන මරණ සංඛ්‍යාව 30 % කින් අඩු වෙයි. තරබාරු බව නිසා වන මරණ සංඛ්‍යාව 40 % කින් අඩු වෙයි.

මේ අනුව තරබාරුකම කල් තියා හඳුනාගෙන ඊට එරෙහි වීමට ජීවන රටාව හැඩගස්‌වා ගැනීම ඉතා වැදගත් බව නොකිවමනාය.

ආහාර වේල වෙනස්‌ කර ගන්නේ කෙසේද ?

1.ආහාර වේලේ ප්‍රමාණය අඩු කිරීම.

2.සංතෘප්ත මේද අනුභවය අඩු කිරීම.

3.අසංතෘප්ත මේද අඩංගු ආහාර අවශ්‍ය නම් එක්‌ කර ගැනීම.

4.එළවළු හා පළතුරු ආහාර වේලට එකතු කර ගැනීම වැඩි කිරීම.

5.තන්තු අධික ආහාර එකතු කර ගැනීම.

6.සීනි අඩංගු ආහාර භාවිතය අඩු කිරීම.

තරබාරුකම පාලනයේ ප්‍රධාන අරමුණු තුනක්‌ හඳුන්වා දී ඇත.

1.අඩු කාලයක්‌ තුළ බර අඩු කර ගැනීම.

2.අඩු කර ගත් බර දිගටම පවත්වා ගැනීම.

3.වෙනත් අවදානම් සාධක වලින් ඈත් වීම.

තරබාරුකම අඩු කරගත හැකි උපායන්

1.ජීවන රටාව, හැසිරීම, වෙනස්‌ කිරීම.(Behavioural Changes)

2.ආහාර රටාව වෙනස්‌ කිරීම .(Diets)

3.ශාරීරික ව්‍යායාම (Physical activity)

හැසිරීම වෙනස්‌ කිරීමේදී තමාටම දින පොතක්‌ වැනි යමක්‌ පවත්වාගෙන තමා ලබාගන්නා ආහාර ආදිය සටහන් කරගෙන ඒ අනුව ක්‍රියා කළ හැකිය. තමාගේ හැසිරීම්, ව්‍යායාම ආදිය සටහන් කරගත හැකිය. ආහාර ලබා ගන්නා ආකාරය ද වෙනස්‌ කරගත හැකිය. නිදසුනක්‌ ලෙස අප රූපවාහිනිය නරඹමින් හෝ පුවත්පතක්‌ බලමින් ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතුය.

තරබාරුකමින් යුත් පුද්ගලයින් හමු වී ඔවුන් සමඟ සාකච්ඡා කරමින් නියමිත බර ප්‍රමාණයක්‌ අඩු කර ගැනීමට ඉලක්‌කයක්‌ (ඨද්ක) ලබා දිය හැකිය.

රෝගීන්ට නිරන්තරව පෝෂණවේදී පණිවුඩ ලබා දිය යුතුය. ඔවුනට හොඳ ගුණාත්මක ආහාර සම්බන්ධව දැනුමක්‌ ලබා දිය හැකිය. දැනට දියවැඩියාව රෝගය පාලනයට විශේෂ සායන පැවැත්වෙන ලෙස තරබාරු බව සම්බන්ධව සෞඛ්‍ය අධ්‍යාපන සායන ඉතා වැදගත් වනු ඇත.

ශාරීරික ව්‍යායාමවලට යොමු කිරීම

මෙහි දී වැඩි වශයෙන් ව්‍යායාම කිරීම හෝ ජිම් (Gym) එකකට යැමට උනන්දු කිරීමට වඩා ක්‍රියාශීලී ව සිටීම වැඩි කිරීම, අලස බව නැති කිරීම වැදගත් වෙයි. මේ අනුව අප එදිනෙදා ජීවිතයේ දී ක්‍රියාශීලී ලෙස වැඩ කරන්නේ නම් විශේෂයෙන් ව්‍යායාම අවශ්‍ය නොවෙයි. රූපවාහිනී බැලීම අඩු කිරීම, ඇවිදීම, උද්‍යාන වැවීම, පා පැදි පැදීම, ක්‍රීඩාවල යෙදීම ද මීට එකතු කරගත හැකි ය.

දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ-හම්බන්තොට
වෛද්‍ය ජී. ජී. චමල් සංජීව

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Aug 2017 05:09 PM

මිනිසුන් ලෙඩුන් කරන අපේ කෑම කලාව

ප්‍රශ්නය - අද තිබෙන්නේ ලෙඩ රෝග බහුල සමාජයක්‌. මොකද්ද මේකට හේතුව?

වෛද්‍ය අයේෂා කළුආරච්චි - පුද්ගලයාගේ කාර්ය බහුලත්වයත් එක්‌ක පෝෂ්‍යදායක ආහාරවේලක්‌ පිරිසිදුවටත් නිසි ප්‍රමිතියටත් අනුව සාදා ගැනීමට බැරි තතත්වයක්‌ අද සමාජයේ උද්ගතව තිබෙනවා. මේ රටේ සමහර නාගරික පවුල් සතියේ වැඩ කරන දින පහේම ආහාර ගන්නේ හෝටල්වලින්. උදේට Short Eats දවල්ට ප්‍රයිඩ් රයිස්‌. රෑට කොත්තු. මේ හැම දෙයක්‌ම කල්ගිය මස්‌ මාංශ වර්ග. හරීරයට අහිතකර රස කාරක, විෂ සහිත වර්ණ කාරක යනාදියෙන් පිරිලා. ඒ අනුව මෙයට පරම්පරා දෙකකට පෙර සිටි අය අවුරුදු 80 දී රෝගී වුණා නම්, අද ඉන්න පරම්පරාව අවුරුදු 40 දී රෝගී වෙනවා. ඇතැම් කුඩා දරුවන් ඉන්නවා දියවැඩියාව, කොලෙස්‌ටරෝල් බහුලකම සහිත. හෘද රෝග වැනි දේවලින් පීඩා විඳින සමහර කුඩා ළමයින්ට අධික රුධිර පීඩනය තිබෙනවා. මෙයට ප්‍රධාන හේතුව තමයි ආහාර රටාවේ වෙනස්‌කම. නූතන සමාජයේ සමහරු ආහාර ගන්නේ වැඩ කරන ගමන්. එක්‌කෝ ඔවුන් පරිගණකයේ ඉන්න අතර දිවා ආහාරය වශයෙන් චයිනිස්‌ රෝල් 2 ක්‌ සමඟ පැටි 1 ක්‌ කනවා. ඊට පස්‌සේ කෘත්‍රිම රසකාරක සහිත පළතුරු යුෂ බොනවා. සමහරු උදේට කන්නේ රිය එළවන ගමන්. තවත් කෙනෙක්‌ රූපවාහිනිය බලන ගමන් කෑම කනවා. එතකොට කන්නේ කෑම නොව ටීවී එකේ යන වැඩසටහන. අපි ජීවත් වෙන්නේ කන්න නොවන බව ඇත්ත. ඒත් ජීවිතය ර¹ පවතින්නේ ආහාර මත නිසා ආහාරයට ප්‍රධාන තැනක්‌ නොව වැදගත් තැනක්‌ දිය යුතුයි.

ප්‍රශ්නය - ඔබ කියන ආහාර රටාව සංවර්ධනයේ පියවරක්‌ නොවේද? මීට අවුරුදු 100 කට ඉස්‌සර හිටපු අය කෑවේ විටමින්, ඛනිජ ලබන ගැන සැලකිල්ලක්‌ ඇතිව නොවෙයි. ඔවුන් එදා පලා අනුභව කළේ හරිත පලා වර්ග ශරිරයට ගුනදායකනිසා බව දැනගෙන නොව ස්‌වභාවධර්මයේ තිබෙන ජෛව ක්‍රියාවලිය, ආහාර වේලට පලා අවශ්‍ය බවට අවිඥානකව දීපු අන නිසයි.

වෛද්‍ය අයේෂා කළුආරච්චි - ඔබ කියන කාරණය හරි. හැබැයි අපේ ආහාර රටාව නවීකරණය වුණා වැඩියි. මස්‌, මාලු, එළවලු, හරිත බෝග, ශරීරයට අවශ්‍ය බව පසු කාලයේදී වෛද්‍යවරුන් කියලා දුන්නා. ඊට පස්‌සේ බිහිවෙනවා පෝෂණවේදය. එමගින් ශරීරයට ගුණදායි ආහාර එකින් එක කියලා දෙනවා. හැබැයි මිනිසුන්ගේ දිව නවතින්නේ ගුණය ළඟ නොව රස ළඟයි. නිවුඩ්ඩ සහිත රතු කැකුළු බත් ළඟ නොව කිසිදු ගුණයක්‌ නැති කීරි සම්බා ළඟයි. එළවලු, ධාන්‍ය වර්ගත්, පලාවක්‌, මස්‌, මාළු කැබැල්ලක්‌ සහිත පරිපූර්න බත් වේලක්‌ ළඟ නොව ප්‍රයිඩ් රයිස්‌ පිඟානක්‌ ළඟයි. පිරිසිදු පලතුරු කැබැල්ලක්‌ ළඟ නොව සීනි සහ රසවත් සිරප් දමල කලතපු ෆෘට්‌ සැලඩ් ළඟයි. තැඹිලි වතුර වීදුරුවක්‌ ළඟ නොව අයිස්‌ක්‍රීම් මිශ්‍ර කරපු රස කාරක සහ වර්ණ කාරක මිශ්‍ර කරපු ෆෘට්‌ ජූස්‌ එකක්‌ ළඟයි. ආහාර පිළිබඳ අර්බුදය පටන් ගන්නේ මෙතැනින්.

ලබන සතියේ ආහාර නිසා රෝගීන් බිහිවන හැටි

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Aug 2017 05:12 PM

වායු ගෙඩියක්‌ පිළිකාවක්‌ වුණොත් මොකද කරන්නේ

ප්‍රශ්නය - පිළිකා රෝගය පිළිබඳව පසුගිය සතියේදී මේ තීරය ඔස්‌සේ සාකච්ඡා කෙරුණ කරුණු වලින් පසු පාඨකයන් කිහිපදෙනෙක්‌ අපෙන් ඉල්ලා සිටියා තයිරොයිඩ් ග්‍රන්ථියේ හටගන්නා පිළිකාමය වර්ධනයන් ගැන පැහැදිලි කරන ලෙස.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - තයිරොයිඩ් ග්‍රන්ථියේ හට ගන්නා පිළිකාමය තත්ත්වයන් ගැන සාකච්ඡා කිරීමේදී මුලින්ම අවධානය යොමු කළයුතු කාරණා කිහිපයක්‌ තිබෙනවා. ඒවා එකින් එක විස්‌තර කරන්නම්.

1. තයිරොයිඩ් පිළිකා මාරාන්තිකද?

තයිරොයිඩ් පිළිකා වර්ධනය වන්නේ ඉතා සෙමින්. එය රෝගියාට වැළඳෙන්නේ ඉතාම රහසින්.

කොයි පිළිකාවක තත්ත්වයත් ඒකයි. වැළඳී ඇති බව හරි හැටි දැනගන්නා විට පිළිකාව දුරදිග ගිහින් ඉවරයි. Papillary Carcinoma හෙවත් පීටිකා පිළිකා ලෙස හැඳින්වන තයිරොයිඩ් පිළිකා වර්ගය තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නොනැවතී වසා ගැටිති ඔස්‌සේ ගෙල ප්‍රදේශයට පැතිර යනවා. Follicular Carcinoma නමැති තයිරොයිඩ් පිළිකා වර්ග එහෙම පැතිර යන්නේ නැතිව තයිරොයිඩ් ග්‍රන්ථියට පමණක්‌ සීමා වෙනවා. මේ දෙකටම නිසි පරිදි ප්‍රතිකාර කර රෝගියා බේරා ගත හැකියි. ඕනෑම රෝගයක්‌ නොසලකා හැරියොත් එය මරණය දක්‌වා වර්ධනය වෙනවා. සිද්ධාදිසුව තෛලය වැනි තෙල් වර්ග, කසාය වර්ග යනාදිය මගින් දේශීය වෛද්‍ය විද්‍යාවට පුළුවන් මේ පිළිකා සුව කරන්න. බෙල්ලේ වේදනාවට සුවය දෙන්නේ මහා හරි තෛලය.

2. තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා වර්ග දෙකක්‌ තිබෙන බව ඉහත සඳහන් පිළිතුරේ සඳහන් වෙනවා. මේ දෙකෙන් වඩා භයානක කොයි පිළිකා වර්ගයද?

Follicular Carcinoma පිළිකාව පළමුවන වර්ගයට වඩා භයානකයි.

3. වායු ගෙඩියක්‌ පිළිකාවක්‌ බවට පත්විය හැකිද?

වායු ගෙඩියක්‌ කියන්නේ අහිංසක අර්බුදයක (Tumor) ප්‍රතිඵලයක්‌. එහෙත් ඒ අහිංසක අර්බුදය සමහර විට මාරාන්තික විය හැකියි. තයිරොයිඩ් අර්බුදය බොහෝ විට හට ගන්නේ ගැටිති වශයෙන්. ඒත් සමහර තයිරොයිඩ් පිළිකා හැදුනාම තයිරොයිඩ් ග්‍රන්ථිය ඉතා විශාල වශයෙන් ඉදිමෙනවා.

4. වායු ගෙඩියක්‌ හට ගන්නේ කොහොමද?

ප්‍රධානම හේතුව තමයි අයඩින් ඌනතාව. ලුණු මගින් අවශ්‍ය තරම් අයඩින් ශරීරගත නොවීමෙන් වායු ගෙඩි හට ගන්නවා. මේ නිසයි මනුෂ්‍යයන් පරිභෝජනය කරන ලුණුවලට අයඩින් මිශ්‍ර කළ යුතු බව නීතියෙන්ම නියම කර තිබෙන්නේ. ඒ අතර තයිරොයිඩ් ග්‍රන්ථිය පමණ ඉක්‌මවා අයඩින් නිෂ්පාදනය කරන විටත් වායු ගෙඩි හට ගන්නවා.

ප්‍රශ්නය - වායු ගෙඩියක්‌ තුළ හෝ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රයේ හැදෙන පිළිකාවක රෝග ලක්‍ෂණ මොනවාද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඉතා ඉක්‌මනින් වර්ධනය වන ගෙඩියක්‌ වැනි දෙයක්‌ ගෙලෙහි හට ගැනීම, ගෙල ඉදිමීම, ගෙල ඉදිරිපසින් පටන් ගෙන කන් දෙක දක්‌වා පැතිර යන වේදනාවක්‌ හට ගැනීම, උගුර බැරැන්ඩි වීම සහ එම තත්ත්වය දිගටම පැවැතීම, ආහාර ගිලීමට අපහසු වීම, හුස්‌ම ගැනීමට බැරිවීම, සෙම්ප්‍රතිෂ්‍යා තත්ත්වයක්‌ නැතිව නොනවතින කැස්‌සක්‌ හට ගැනීම තමයි ප්‍රධාන රෝග ලක්‍ෂණ.

නොමිලේ විස්‌තර සඳහා
0713464276/ 0759061771
අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Aug 2017 05:16 PM

අංශභාගය වාත රෝගයක්‌
එය සුව කළ හැක්‌කේ ඒ නිසයි


ප්‍රශ්නය - පසුගිය සතියේ දී අප කතා කළේ අංශභාග රෝගය පංචකර්ම ප්‍රතිකාර මගින් සුව කළ හැකි ආකාරයයි. එම ලිපියේ ඔබ සඳහන් කරනවා පක්‍ෂාගාතය (Hemiplegia) ගැන. මේ ගැන පැහැදිලි කිරීමක්‌ කරන්න.

මහාචාර්ය සුජාතා එදිරිවීර - අංශභාගය කියන සිංහල නමට යොදන සංස්‌කෘත නම තමයි පක්‍ෂාඝාතය කියන්නේ. මෙය වාත රෝගයක්‌ වන බවත් ශරීරයේ එක්‌ අර්ධයක්‌ අඩපණ වීම මේ මගින් සිදුවන බවත් අප පසුගිය සතියේ කිව්වා.

ප්‍රශ්නය - මේ රෝගය පිළිබඳ බටහිර වෛද්‍ය විද්‍යාත්මක අර්ථකථනය කුමක්‌ද?

මහාචාර්ය සුජාතා එදිරිවීර - සාමාන්‍ය ව්‍යවහාර ඉංග්‍රීසියේදී paralysis යනුවෙන් තත්ත්වයට තමයි Hemiplegia යනුවෙන් හඳුන්වන්නේ. මෙහි ආරම්භක තත්ත්වය හඳුන්වන්නේ Hemiparesis යනුවෙන්. Hemiplegia කියන්නේ මෙහි දරුණුම අවස්‌ථාවයි.

ප්‍රශ්නය - මෙහි රෝග ලක්‍ෂණ මොනවද?

මහාචාර්ය සුජාතා එදිරිවීර - ප්‍රධානතම ප්‍රශ්නය තමයි ශරීරය එක්‌ අර්ධයක්‌ පණ නැති වීගෙන එන විට සමබරතාව නැතිවීම. මේ නිසා දෛනික කටයුතු කරගන්න බැරි වෙනවා. මොළයේ පහළ කොටසේ හටගන්නා Hemiparesis තත්ත්වයක්‌ තුළින් ataxia නමැති තත්ත්වයක්‌ හටගන්නා බවත් එමගින් ශරීරයේ පණ නැති වූ අර්ධයේ සියලු ක්‍රියාකාරකම් අත්හිටින බවත් නව්‍ය විද්‍යාවේ සඳහන් වෙනවා.

ප්‍රශ්නය - මෙය හටගන්නේ කොහොමද?

මහාචාර්ය සුජාතා එදිරිවීර - ඉංග්‍රීසියෙන් Stroke හෙවත් ආඝාතය ලෙස හඳුන්වන, ආයුර්වේදයේ වාත දොaෂය කුපිත වීමෙන් හටගන්නා ලෙස හඳුනාගෙන තිබෙන අංශභාගයට ප්‍රමුඛ හේතුව තමයි මොළය ආශ්‍රිත නහරයක ලේ කැටියක්‌ හිරවීම නිසා රුධිර සැපයුම අඩාල වී මොළයේ සෛල හානියට පත්වීම.

ප්‍රශ්නය - මේ තරම් උග්‍ර රෝග තත්ත්වයක්‌ පංච කර්ම ප්‍රතිකාර මගින් සුව කරන්නෙ කොහොමද?

මහාචාර්ය සුජාතා එදිරිවීර - මෙහිදී පංචකර්මය ගැන හඳුන්වාදීමක්‌ කළ යුතුයි.

ශරීරයේ විෂ කායිකව මෙන්ම මානසිකව ද බැහැර කරවීමේ හොඳම සහ පැරැණිම ක්‍රමයක්‌ ලෙස පංච කර්මය හඳුන්වනවා. ඉන්දියාවේ යෝගිවරුන් සහ ආයුර්වේද වෛද්‍යවරුන් ඇසුරෙහි වර්ධනය වූ මේ ප්‍රතිකාර ක්‍රමය මගින් අවසාන පලයේදී ශරීරයේ ප්‍රතිශක්‌තිකරණය සවිමත් වී ශරීරයේ සියලු වේග සමතුලිතතාවකට පත්වෙනවා. පංචකර්ම කියන සංස්‌කෘත වචනයේ තේරුම වන්නේ ක්‍රියා පහක්‌ හෙවත් ප්‍රතිකාර පහ යන්නයි. ලෙඩ රෝග සහ මන්ද පෝෂණය නිසා හටගන්නා විෂ සහිත ද්‍රව්‍ය ශරීරයෙන් තුරන් කිරීම තමයි පංචකර්ම ප්‍රතිකාර මගින් සිදුවන්නේ. මෙබඳු අපද්‍රව්‍ය තුරන් කිරීම සඳහා සාමාන්‍ය නිරෝගී ශරීරයකට එයටම ආවේණික වූ ක්‍රමවේදයක්‌ තිබෙනවා. එහෙත් සමහර අවස්‌ථාවලදී මේ ක්‍රමවේදය බිඳ වැටෙනවා. එය ප්‍රතිසංවිධානය කිරීම තමයි පංචකර්ම ප්‍රතිකාර මගින් මූලික වශයෙන් සිදුවන්නේ.

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Aug 2017 05:19 PM

කුරුලෑ නැති කරගන්නේ කොහොමද?
සම ගැන ලියවෙන විශේෂ ලිපි පෙළ

ප්‍රශ්නය - අද අප ඔබ සමඟ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කුරුලෑ සම්බන්ධයෙන් . සෑම කාන්තාවක්‌මත්, සෑම පිරිමියකුමත් ජීවිතයේ කවර හෝ අවස්‌ථාවකදී කුරුලෑ ප්‍රශ්නයට මුහුණ දී තිබෙනවා. තරුණ කාලයේදී තරුණ මුහුණට තරුණ පෙනුමට මෙය ඉමහත් බාධාවක්‌ වනවා. මොනවද මේ කුරුලෑ කියන්නේ.

වෛද්‍ය මාලා විඡේරත්න - කුරුලෑ ගැනකතා කරන විට මුලින්ම කතා කරන්නට වෙන්නේ සම ගැනයි. සම කියන්නේ ශරීරය සතු විශාලතම ඉන්ද්‍රිය බව ඔබ දන්නවා. සම තමයි ශරීරයට තිබෙන බාහිර ආවරණය ඒ වගේම ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රිය ආරක්‍ෂාව සපයන්නෙත් සමමයි. ශරීරයේ උණුසුම සම මගින් පාලනය වෙනවා. උෂ්ණය, සීතල, පීඩනය, වේදනාව වැනි සංවේදනාවන් මොළයට දක්‌වන්නේ සම මගින් රූපාලංකරණය සඳහා වැදගත් වන ප්‍රධානතම ඉන්ද්‍රිය තමයි සම. පංච කල්‍යාණියෙන් එකක්‌ හැටියට සම හෙවත් ඡවි කල්යානය හැඳින්වෙන බව ඔබ දන්නවා. ඒ වගේම තවත් වැදගත් ම දෙයක්‌ තමයි සමට පුළුවන් ශරීරයේ හටගන්නා විවිධ රෝග පිටතට දන්වන්නට. ඒ කියන්නේ Indicator යක්‌ ලෙස ක්‍රියා කරන්නට.

ප්‍රශ්නය - ඒ ගැන වැඩිදුර පැහැදිලි කරන්න.

වෛද්‍ය චූලා විඡේරත්න - අප් ගම්මු කාමලාව හෙවත් කහ උණ කියන රෝග තත්aත්වය. මේ රෝග තත්ත්වයේදී සම කහපාට වෙනවා. පාණ්‌ඩු තත්ත්වයක්‌ එහෙමත් නැත්නම් රක්‌ත හීනතා තත්ත්වයකින් කෙනෙක්‌ පෙළෙන විට ඔහුගේ සම සුදුමැලි වෙනවා. විවිධ කුෂ්ට රෝග ඇති වුණාම එකී ආසාදිත චර්ම ප්‍රදේශයේ වර්ණය වෙනස්‌ වෙනවා. සම ඝන වෙනවා. සම එසේ ඝන වීමට පටන් ගන්නේ කසන තැන ආරක්‍ෂා කර දීමටයි.

ආයුර්වේදයේ තිබෙනවා කුෂ්ට රෝග කියලා කොටසක්‌. ඒ යටතේ එනවා කිටිබ රෝග කියලා කොටසක්‌. එනම් පොතු කබර රෝගය - සුදු කබර රෝගය වැනි ඒවා. එතකොට තිබෙනවා වට පණු රෝගය. ස්‌කේබීස්‌ යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන දද තත්ත්වයක්‌ තිබෙනවා. වහා පැතිර යන සැරව බිබිලි සහිත තුවාල තිබෙනවා. මේ වගේ සම මත හට ගන්නා රෝග තත්ත්වයන් තමයි කුරුලෑ කියන්නේ. මෙයඅවුරුදු 16 ත් 30 ත් අතර වයසේ පසුවන අයගේ සම මත හට ගන්නවා. ආයුර්වේද විග්‍රහයට අනුව කුරුලෑ හට ගන්නේ පිත් දෝෂය නිසයි. වාත, පිත කප යන ත්‍රිදොaෂ ශරීරයේ තිබෙන බව ඔබ දන්නවා. මෙයින් පිත මුල් කරගෙන කුරුලෑ හට ගන්නවා.

ප්‍රශ්නය - පිත් දොaෂය කුපිත වන්නේ ආහාර මගින්ද. එහෙම නැත්නම් වෙනත් හේතුවක්‌ නිසාද?

වෛද්‍ය චූලා විඡේරත්න - කුරුලෑ හට ගන්නේ පිත ප්‍රමුඛ වන අවස්‌ථාවේදී කියලයි ආයුර්වේදය කියන්නේ. සාමාන්‍යයෙන් මනුෂ්‍යයකුගේ පිත ප්‍රමුඛ වන්නේ නව යොවුන් වියේදී. ඉතාම නිරෝගී යෞවනයකුගේ වුවත් යොවුන් වියේදී පිත වැඩියි.

ප්‍රශ්නය - පිත් දෝෂය කුපිත කිරීමට මූලික වන දේවල් මොනවාද?

වෛද්‍ය චූලා විඡේරත්න - ඉහතින් කියා ඇති නව යොවුන් විය, ඊළඟට ආහාර රටාව. ඒ වගේම අපේ චර්යා රටාව නිසාත් පිත කුපිත වෙනවා. අද තියෙන්නේ කුරුට්‌ට ඉවත් කර සුදු පැහැ ගන්වන ලද තිරිඟ පිටිවලින් හදපු පාන් බනිස්‌ සංස්‌කෘතියක්‌.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 40 of 137 << < 3839404142 > >>