Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 41 of 137 << < 3940414243 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 19 Aug 2017 05:24 PM හෙළ ඔසුවෙන් වෙට්ටුවක් දමා හිසරදය මට්ටු කරගමු මේ දිනවල පවතින දේශගුණික තත්වයන් හමුවේ බොහෝ දෙනෙක් පීඩාවට පත්ව සිටිනා රෝගයක් හිසරදය. ඇත්තටම මේ හිසරදය හැදෙන්නේ කොහොමද? * ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා මිනිසාගේ ශරීරයේ ප්‍රධානතම ඉන්ද්රිය වන්නේ මොළයයි. ස්නායු පද්ධතියේ මූලස්ථානය වන්නේද මොළයයි. මොළයෙන් නිකුත් වන මූල ස්නායු කුඩා මොළය ඔස්සේ කශේරුකා පන්තියට ඇතුල් වී එයින් පිටතට නිකුත් වී ශරීරයේ සියලුම අවයව හා ඉන්ද්රියයන් කරා ගොස් ඒවායේ ක්‍රියාකාරීත්වය ඇති කරනවා. එම නිසා ශරීරයේ කුමන ස්ථානයක දොaෂයක් හටගැනීම සිදුවුවත් එය මොළයට බලපෑම් කරනවා. එලෙස මොළයට කරන බලපෑම්වලට උච්චතම අවස්ථාව ලෙස මෙම හිසරදය ලෙස හැඳින්විය හැකියි. * මේ තත්ත්වය ඇති වීමට හේතුන් ලෙස දැක්විය හැක්කේ මොනවාද? * ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - අප කරා පැමිණෙන මෙවැනි රෝගීන්ට එය ඇති වීම සඳහා ප්‍රධාන ලෙසට බලපාන්නේ සෙම කුපිත වීමේ තත්ත්වයයි. හිස ආශ්රිත ප්‍රදේශයේ සෙම බහුල වීමෙන් මේ තත්ත්වය ඇති වීම සිදු වෙනවා. මේ සඳහා ප්‍රධාන හේතුවක් වන්නේ උෂ්ණාධික බවයි. වර්තමානයේ බොහෝ පිරිසකගේ ශරීර අධික උෂ්ණාධික බවකින් දැකිය හැකියි. මේ අධික උෂ්ණාධික බව සිරුරේ බොහෝ ඉන්ද්‍රියයන්ට බලපෑම් කරනවා. එමඟින් එය මොළය කරාද පැමිණෙනවා. මොළය ආශ්‍රිතව ඇති සියුම් ස්නායු මෙම උෂ්ණාධික බව නිසා විනාශ වීමේ වැඩි ඉඩක් පැවතීම නිසා මොළය විසින් සෙම ගෙන්වා ගෙන එම ස්නායු ආරක්ෂා කර ගැනීම සඳහා ස්වයං සිසිලන ක්‍රමවේදයක් අනුගමනය කරනවා. මෙලෙස වැඩිපුර හිස්කබල ප්‍රදේශයේ රැස්වන සෙම නාස් කුහර තුළින් පැමිණෙන බාහිර වාතයත් සමඟ පැමිණෙන ක්ෂුද්‍ර ජීවීන්ගේ බලපෑමෙන් නරක් වීම සිදුවෙනවා. (සෙම කුපිත වීම, පැසවීම) මෙලෙස දූෂණය වූ සෙම නිසා හිසේ බර ගතිය හිසරදය හා වෙනත් මොළය ආශ්රිත ආබාධ හටගැනීම සිදුවනවා. * මීට අමතරව වෙනත් හේතුන්ද මේ හිසරදය තත්ත්වය සඳහා බලපෑම් කරනවාද? * ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - විවිධ රෝගාබාධ නිසාද හිසරදය ඇති විය හැකියි. මළ බද්ධය, ගැස්ට්‍රයිටීස්, ආහාර ජීර්ණ පද්ධතියේ දුර්වලතා, දියවැඩියාව, අර්ශස්, පීනස, රක්තහීනතාව, අධික නිදිමත, නින්ද නොයැම, බඩ පුරවා දැමීම, මුත්‍රා රෝග, වකුගඩු ආශ්රිත දුර්වලතා, කාන්තා රෝග ආදී තවත් බොහෝ රෝගාබාධ තත්ත්වයන්ද මේ සඳහා විවිධ අයුරින් බලපෑම් කළ හැකියි. විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ මෙම හිසදරයේ පීඩාකාරීම අවස්ථාව වන ඉරුවාරදය තත්ත්වය ඇතිවීම තුළින් ඉතා අසාධ්‍ය තත්වයට පත් වී ස්නායු දෛනික වැඩ කොටස් පවා අඩපණ වී ඉතා අසරණ තත්ත්වයට රෝගීන් පත්වීම සිදු වනවා. * හිසරදයෙන් මිදීමට කළ යුතු ප්‍රතිකාරයන් මොනවාද? මෙවැනි රෝගීන්ගේ සෙම ඉවත් කිරීම හා ඒවා වියළීමට ක්‍රියා කිරීමෙන් උෂ්ණාධික බව තව තවත් ඉහළ යා හැකියි. එම නිසා පළමුව අප සිදු කරනු ලබන්නේ සිරුරේ ඇති උෂ්ණාධික බව අඩු කිරීම සඳහා ප්‍රතිකාර කිරීමයි. ඊට අමතරව රෝගියාට යම් වෙනත් රෝගයක් වැළඳී ඇති දැයි සොයා බලා එහි ප්‍රතිකාර ලබාදීම තුළින් ක්‍රම ක්‍රමයෙන් සිරුර යථා තත්ත්වයට පත්වී මොළය ආශ්රිත ප්‍රදේශය සිසිලස වී හිසරදය නැත්තටම නැතිවීම සිදුවෙනවා * හිසරදය නිට්ටාවටම සුව කළ නොහැකිද? බොහෝ අයට ඇති ප්‍රශ්නයක් තමයි ඒක. නමුත් වෛද්‍යවරයා රෝගියා නිසි ලෙස පරීක්ෂා කර හිසරදය ඇතිවීමට හේතු වූ සැබෑ රෝගය හඳුනාගෙන එම රෝග නිදානයට ප්‍රතිකාර කළොත් හිසරදය නිට්ටාවටම සුව කළ හැකියි. නමුත් බොහෝ රෝගීන් වේදනා නාශකවලට යොමු වී තාවකාලික සුවයක් ලබනවා විනා මෙම රෝගය කෙරෙහි නිසි අවධානයක් නොදැක්වීම නිසා බොහෝ දෙනා මෙම රෝගයෙන් නිසි සුව නොලබා පීඩා විඳිනවා. වර්තමානයේ ආයුර්වේද ප්‍රතිකාර විධි ඉතා පහසුවෙන් රෝගීන්ට ලබාගත හැකි ලෙස සැකසූ ඖෂධ ලෙස තිබෙන නිසා බොහෝ රෝගීන්ට මෙම ප්‍රතිකාර ක්‍රමයෙන් තම රෝග සුවකර ගැනීමේ හැකියාව පවතිනවා. එම නිසා බහුල ලෙස රෝගීන් අද වන විට ආයුර්වේද ප්‍රතිකාර තුළින් තම රෝග බාගෙට නොව සම්පූර්ණයෙන්ම සුවකරගෙන නිරෝගී සුව විඳිනවා. * මෙම රෝගීන් ප්‍රධාන ලෙසට වැළකිය යුත්තේ කුමන දේවල්වලින්ද? * ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - කට පරිස්සම් කර ගැනීම අනිවාර්යයි. මත්ද්‍රව්‍ය, දුම්පානය මෙම රෝගීන්ට ඉතා අහිතකරය. තෙල් සහිත ආහාර සහ කෘත්‍රිම ආහාර වර්ගවලින් හැකිතාක් වැළකිය යුතුය. උෂ්ණ අධික ආහාර භාවිතය අඩු කිරීම සවස් කාලයේ ඇල්වතුර නොනෑමද මෙවැනි රෝගීන්ට යහපත් විය හැකියි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 19 Aug 2017 09:12 PM සමහර රෝග වලට කියනවා උෂ්ණ කෑම කන්න එපා කියලා.. සමහර ඒවට කියනවා සීතල කෑම කන්න එපා කියලා.. මස් මාලු කන්න එපාලු කොලස්ටරෝල් හැදෙනවා.. සීනි කන්න එපා කියනවා.. තෙල් කෑම කන්න එපා කියනවා.. ක්ෂණික ආහාර කන්න එපා කියනවා.. පිටි සහිත ආහාර කන්න එපා කියනවා.. එතකොට මොනවද අපි කන්නේ.. 0 chamaramindMost Senior MemberPosts:13471 20 Aug 2017 07:35 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Aug 2017 07:39 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Aug 2017 07:45 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Aug 2017 07:52 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 hasithadSuper Senior MemberPosts:5795 20 Aug 2017 08:01 AM මමත් වත්තේ වැඩකලාට විශේෂයෙන් ව්‍යායාම කියලා දෙයක් නම් කරන්නේ නෑ. ලිපියේ වැදගත් තොරතුරු රාශියක්ම තියෙනවා. ස්තූතියි මල්ලි.... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Aug 2017 06:02 PM මත්පැන්, දුම්වැටි, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම මත්පැන්, මත්ද්‍රව්‍ය සහ දුම්වැටි ශරීරයට අහිතකර බවත් මේවා මගින් ශරීරයට මාරාන්තික රෝග ඇති වන බවත් කුඩා දරුවාගේ පටන් වැඩිහිටියන් දක්වා ඕනෑම වයස් කාණ්ඩයක පුද්ගලයෝ හොඳින් දනිති. එසේ දැන දැනත් දිනපතා මේවා සඳහා අලුතින් පිsරිස යොමුවීමත් දැනට ඊට යොමුවූවන්ගෙන් බොහෝ පිරිසක් ඉන් මිදීමට උත්සාහ නොකිරීමත් දකින්නට ඇත. වෛද්‍යතුමනි, මත්වන ද්‍රව්‍ය ශරීරයට අහිතකර යෑයි පැවසූවත් මේ සඳහා ජනතාව යොමුවන්නේ ඇයි? මත්පැන්, දුම්වැටි, මත්ද්‍රව්‍ය ගැන ආයුර්වේදයේ වසර තුන්දහසකට පමණ පෙර සිට සාකච්ඡා කර තිබෙනවා. මිනිසාගේ ආරම්භයේ සිට මේවා ශරීරයට උත්තේජනය ලබාදෙන ආහාර පාන ලෙස භාවිත කර තිබෙනවා. මින් ශරීරය පිනවීමත් සිදුවන නිසා මෙම මත්වන ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් ඊට ඇබ්බැහි වීමත් සිදුවෙනවා. මත්පැන්, දුම්වැටි, මත්ද්‍රව්‍ය කියන්නේ පුද්ගලයකු ඉතා පහසුවෙන් ඇබ්බැහි විය හැකි ද්‍රව්‍යයන් විදිහට ආයුර්වේදයේ හඳුන්වනවා. මේවායේ ඇති ශරීරයට අහිතකර ද්‍රව්‍ය මගින් පිළිකා ස්නායු දුර්වලතා හෘදයාබාධ සීරෝසීස් වැනි අක්මා රෝග ලිංගික දුබලතා මතකය දුර්වලවීම පෙනහළු ආබාධ ඇතුළු මාරාන්තික රෝග රැසක් ඇති කරනවා. එනිසා මේවායින් ජනතාව මුදා ගැනීමට නම් ඔවුන් ඊට ඇබ්බැහිවීම වළක්වා ගත යුතුයි. ආයුර්වේදයේ මෙවැනි ඇබ්බැහිවීම් වලක්වා ගැනීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර හඳුන්වාදී තිබෙනවා. එම ප්‍රතිකාර මගින් මෙවැනි ඇබ්බැහිවූවන් ඉන් මුදා ගත හැකි බවට මෙම ප්‍රතිකාර ලබාදීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබූවන් පිළිබඳව අපසතු අත්දැකීම් අනුව පැවැසිය හැකියි. වෛද්‍යතුමනි, මෙලෙස මත්වන ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවනට ලබාදෙන ආයුර්වේද ප්‍රතිකාර මොනවාද? මත්වන ද්‍රව්‍ය වන මත්පැන්, දුම්වැටි, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන්ගේ වයස, ඔවුන්ගේ සමාජ පසුබිම, මේ සඳහා ඔවුන් යොමුවී ඇති කාලසීමාව අනුව ප්‍රතිකාර ක්‍රම වෙනස් වෙනවා. එනිසා පොදුවේ ලබාදෙන ප්‍රතිකාරවලට වඩා පුද්ගලයාගෙන් පුද්ගලයා අනුව ඔවුන් හඳුනාගෙන ඔවුනට ගැලපෙන ප්‍රතිකාර ලබාදීමයි ආයුර්වේදයේ සිදු කරන්නේ. ඇතැම් පුද්ගලයන් මෙම මත්ද්‍රව්‍ය නිසා මානසික ගැටලුවලට ලක්ව සිටිනවා. තවත් පිරිසක් මෙම මත්වන ද්‍රව්‍ය භාවිතය නිසා පෙනහළු පිළිකා, අක්මාගත පිළිකා බඩවැල් පිළිකා ආදී මාරාන්තික රෝගවලට ගොදුරු වී සිටිනවා. තවත් පිරිසක් ලිංගික දුර්වලතාවන්ට ස්නායු දුර්වල තාවන්ට පත්ව සිටිනවා. ඉතිං මේ සියලු රෝගීන්ගේ රෝග තත්ත්ව අනුව ඔවුනට ප්‍රතිකාර කළ යුතුයි. ඇතැම් පුද්ගලයන්ට වෛද්‍ය ප්‍රතිකාර ලෙස ඖෂධ සමඟ උපදේශනය ලබාදිය යුතුයි. ඔවුන් මේවාට ඇබ්බැහිවූ කාරණා එහිදී සොයා බැලිය යුතු වෙනවා. සමහරු මත්වන ද්‍රව්‍ය භාවිත කරන්නේ තමා ජීවත්වන සමාජ මට්ටම අනුවයි. එවැනි සමාජයක ජීවත්වන අය ඉතා පහසුවෙන් මේවාට ඇබ්බැහිවනවා. එවැනි අවස්ථාවලදී ඔවුන් එම සමාජ මට්ටමින් ඈත් නොකර ප්‍රතිකාර ලබාදීමෙන් ඵලක් නැහැ. තවත් පිරිසක් මෙම මත්වන ද්‍රව්‍ය පිළිබඳ ඔවුන් තුළ පවතින වැරදි ආකල්පමත ඊට යොමුවි තිබෙනවා. ඉන් පසු ඔවුන් ක්‍රමානුකූලව ඒවාට ඇබ්බැහි වී තිබෙනවා. මෙම ඇබ්බැහිවීම නිසා ඔවුන් ශාරීරිකව රෝගීන් බවට පත්වීම පමණක් නෙවෙයි, ආර්ථික වශයෙන් පිරිහීමට පත්ව සිටිනවා. පවුල් ජීවිතයේ ගැටලු මතුකර ගෙන තිබෙනවා. සමාජය තුළ කොන්වීමට ලක්ව සිටිනවා. එවැනි අවස්ථාවලදී මෙම පුද්ගලයන්ට ඖෂධ ප්‍රතිකාර පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඔවුන් මේවාට යොමුවූ කරුණු හඳුනාගෙන ඉන් මිදීමට අවශ්‍ය උපදේශනය ලබාදිය යුතුයි. ඇතැම් දෙනා සිතනවා දුම්පානය නිසා කායික තෘප්තියක් ලැබෙන බව. නමුත් ඉන් ලැබෙන කායික තෘප්තියක් නැහැ. සිදුවන්නේ කායිකව දුර්වල වීම පමණයි. කායිකව දුර්වල වූ පසු ඔවුන් විදින දුක් වේදනා විඳ දරා ගැනීමට සිදුවන්නේ එම පුද්ගලයන්ට පමණක් නොවෙයි මුළු සමාජයටම සිදුවෙනවා. මෙම තැනැත්තා විවාහකනම් දුදරුවන් සිටිනවානම් පවුලේ අයට මෙම පුද්ගලයාගේ රෝගී තත්ත්වය නිසා පීඩාවට පත්වීමට සිදුවෙනවා. එම පීඩාව මුදල් වලින් ශ්‍රමයෙන් කාලය වැය කිරීමෙන් විඳ දරා ගැනීමට ඔවුනට සිදුවෙනවා. මෙම තැනැත්තා ප්‍රතිකාර ලබාගන්නේ රජයේ රෝහලකින් නම් රජයටත් අනවශ්‍ය මුදලක් වැය කිරීමට සිදුවෙනවා. එනිසා මත්ද්‍රව්‍ය භාවිතකරන්නන් තමාට තම පවුලේ අයට පමණක් නොව මුළු මහත් සමාජයටම රටටම සහ මුළු ලෝකයටම බරක් බව අප වටහාගත යුතුයි. වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0775109862 ඇමැතිය හැකිය. ආයුර්වේද වෛද්‍ය සුජීව විතාන බටලන්ද සෙත්සුව ආයුර්වේද රෝහල සංස්කරණය උපාලි ද සේරම් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Aug 2017 06:08 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Aug 2017 06:11 PM පිරිමි දරුවන්ගේ අසාමාන්‍ය ලෙස පියයුරු වර්ධනයවීම වර්තමානයේ බොහෝ දරුවන් තුළ දක්නට ලැබෙන ගැටලුවක් බවට පත්වී ඇත්තේ අධිපෝෂණයයි. මෙම අධිපෝෂණය නිසා දරුවන් තුළ නොයෙකුත් රෝගාබාධ හට ගැනීමට ඇති අවස්ථාවද ඉහළ මට්ටමක පවතී. දියවැඩියාව, අධි රුධිර පීඩනය මේ අතර ප්‍රධාන තැනක් ගන්නා රෝග බවට පත්ව තිබේ. ඊට අමතරව මෙවැනි දරුවන්ගේ ශරීරයේ පවතින තරබාරුව නිසා ඔවුන්ගේ ශරීරයේ ඉන්ද්‍රීය වර්ධනයේද වෙනස්කම් මතුවන බවට වෛද්‍යවරු හඳුනාගෙන ඇත. විශේෂයෙන් තරබාරු පිරිමි දරුවන්ගේ පියයුරුවල හටගන්නා අසාමාන්‍ය වර්ධනය ඉන් එක් අවස්ථාවකි. වෛද්‍යතුමනි, පිරිමි දරුවන්ගේ ඇතිවන අසාමාන්‍ය පියයුරු වර්ධනයට හේතුව කුමක්ද? පිරිමි දරුවන්ගේ පියයුරු අසාමාන්‍ය ලෙස වර්ධනයට වීමට බලපාන හේතු කිහිපයක් තිබෙනවා. එක් හේතුවක් වන්නේ ශරීරයේ නිපදවනු ලබන පිරිමි හෝමෝනය වන ටෙස්ටොස්ටරෝන් හෝමෝනය නිසි ලෙස නිපදවීම සිදු නොවීමයි. තවත් හේතුවක් නම් පියයුරු වර්ධනයට බලපාන ප්‍රොලැක්ටික් නමැති හෝමෝනය ශරීරය තුළ නිපදවීම ඉහළ යැමය. ඊට අමතරව දරුවන්ගේ තයිරොක්සින් හෝමෝනය නිපදවීම අඩුවී යාමත් මෙයට හේතුවිය හැකිය. මීට අමතරව මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ දරුන්ගේ අධික ස්ථුල භාවයයි. ශරීරය අධික ලෙස මහත්වීම නිසා ඔවුන්ගේ ශරීරයේ මේද පටක තැන්පත්වීම බහුලවීම නිසා ටෙස්ටොස්ටරොන් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය අඩුවෙනවා. ටෙස්ටොස්ටරොන් මේද පටක තුළදී ඊස්ට්‍රජන් බවට පරිවර්තනයකුත් සිදුවෙනවා. මෙම හේතුවට අමතරව තව පිරිසකට උපතින්ම පියයුරු අසාමාන්‍ය වර්ධනයක් පවතිනවා. මෙලෙස පිරිමි දරුවන්ගේ පියයුරු අසාමාන්‍ය ලෙස වර්ධනය වීම ගයිනොකොමැස්ටියා (Gynaecomastia) ලෙසින් හඳුන්වනවා පිරිමි දරුවන්ගේ අසාමාන්‍ය පියයුරු වර්ධනයට හේතුව වෛද්‍ය පරීක්ෂාවක් තුළින් නිවැරදිව හඳුනාගෙන ප්‍රතිකාර කිරීම තුළින් මෙය සම්පූර්ණයෙන් යථා තත්ත්වය පත්කර ගත හැකිය. පිරිමි දරුවකුගේ මෙලෙස අසාමාන්‍ය පියයුරු වර්ධනයක් ඇත්නම් ඒ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්. ඊට හේතුව තමයි දරුවාගේ වර්ධනයත් සමඟ මේ ත්තත්වයන් වර්ධනය වෙනවා. මුල් අවස්ථාවේදීම අදාළ හේතුව හඳුනාගෙන ප්‍රතිකාර ලබාදීමෙන් පහසුවෙන් එය සුවපත්කර ගත හැකියි. වයස අවුරුදු 16 - 18 වැනි වියේදී පමණ මේ සඳහා ප්‍රතිකාරවලට යොමුවනවිට ඇතැම්විට ප්ලාස්ටික් සැත්කම්වලට පවා ලක්කිරීමට සිදුවෙනවා. වෛද්‍යතුමනි, මේ සඳහා ඇති ප්‍රතිකාර මොනවාද? හෝමෝනවල වෙනස්කමක් නම් ඒ සඳහා හෝමෝන ප්‍රතිකාර ලබාදීම කළ හැකියි. අධික තරබාරුව නිසා ඇතිවූ මේද පටක තැන්පත් වීමක් නම් ආහාර පාලනය මගින් මෙය සුවපත් කළ හැකියි. උපතින්ම ඇතිවූ තත්ත්වයක් නම් ප්ලාස්ටික් සැත්කමක් මගින් පියයුරු සාමාන්‍ය තත්ත්වයට පත් කළ හැකියි. මෙම ප්‍රතිකාරවලට යොමුවීමේ ඇති අනෙක් වැදගත්කම තමයි මෙම අධික තරබාරුව සහ අසාමාන්‍ය හෝමෝන ක්‍රියාකාරිත්වය පාලනය නොකළහොත් මෙම දරුවන්ගේ ලිංගේන්ද්‍රය වර්ධනයේ දුර්වලතා ද හටගන්නවා. මොකද අධික තරබාරුවට පත්වන පිරිමි දරුවන්ගේ ටෙස්ටොස්ටරොන් හෝමෝනය නිපදවීම අඩුවී ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවීම වැඩිවීමක් බොහෝවිට දක්නට ලැබෙනවා. එවිට ඔවුන්ගේ ලිංගේන්ද්‍රිය වර්ධනය අඩාලවීම සිදුවිය හැකියි. එසේම හෝමෝන අසාමාන්‍යතාවයක් නැති දරුවන්ගේ වුව අධික තරබාරුව නිසා ඔවුන්ගේ ඉකිලි ප්‍රදේශය අධික ලෙස මේද පටක තැන්පත් වී තිබීම නිසා ලිංගේන්ද්‍රිය ශරීරය දෙසට ගිලී ගොස් ඇති බවක් දක්නට ලැබෙනවා. එවිට ඔවුන්ගේ ශරීරයෙන් පිටතට දක්නට ලැබෙන ලිංගේන්ද්‍රියේ ප්‍රමාණය අඩුයි. මේ සියල්ල නිසි ප්‍රතිකාර මගින් යථා තත්ත්වය පත්කරගත හැකියි. වෛද්‍යතුමනි, මෙය පිරිමි දරුවන්ගේ ලිංගික විපර්යාසයකට බලපා හැකිද? නැහැ. මෙය ලිංගික විපර්යාසයකට ලක්වීමක් නොමෙයි. එය වෙනම රෝග තත්ත්වයක්. බොහෝවිට දෙමාපියන් බියවන්නේ අධික තරබාරුව හෝ හෝමෝන අසමතුලිතතාව නිසා ඊස්ට්‍රජන් හෝමෝනය වැඩිවීමෙන් පිරිමි දරුවාගේ කටහඬ වෙනස්වීම සහ ශරීරය ගැහැනු දරුවකුගේ මෙන් දක්නට ලැබීම රෝම කුප වර්ධනය අඩුවීම නිසයි. එහි හෝමෝන සමතුලිත කිරීම තුළින් නැවත සාමාන්‍ය තත්ත්වයට පත්කළ හැකියි. එනිසා ප්‍රමාද නොවී වයස අවුරුදු 9 - 10 දීම දරුවාගේ මෙම අසාමාන්‍ය වර්ධනයට ප්‍රතිකාර ලාබ ගැනීමෙන් මේ සියලු ගැටලුවලට විසඳුම් ලබාගත හැකියි. එසේ නැත්නම් මෙවැනි දරුවන් සමාජයේදී අන් අයගේ උසුළු විසුළුවලට ලක්වෙනවා. එය එම දරුවන්ට මානසික පීඩනයක් බවටත් පත්වනෙවා. කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද සංස්කරණය උපාලි ද සේරම් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 20 Aug 2017 06:19 PM අනේ මන්දා චාමර මල්ලිත් කියන එවා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 20 Aug 2017 08:19 PM වැදගත් තොරතුරක්. ස්ථුල පිරිමි දරුවන්ගේ පියයුරු වර්ධනය වන්නේ ඇයිදැයි කියන කාරනාවට පිළිතුර මෙතන තියෙනවා. ටෙස්ටොස්ටෙරෝන් කියන්නෙ ලිංගික හෝමෝනයක් නිසා එහි අසමතුලිතතාවය කෙළින්ම බලපානවා පසු කාලීනව ලිංගික ක්‍රියාකාරිත්වයට. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 20 Aug 2017 09:15 PM සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 chamaramindMost Senior MemberPosts:13471 21 Aug 2017 09:38 AM දියවැඩියාවට පිළිමයක් දවසකට ගන්නා කැලරි ප්‍රමාණය අඩු කිරීමෙන් දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගය පාලනය කළ හැකි යැයි මෑතකදී කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. කෙටි කාලයක් තුළ බර අඩු කරගැනීමට දිනකට ගන්නා කැලරි ප්‍රමාණය අඩු කිරීම ඔස්සේ (ක්‍රෑෂ් ඩයට්) මෙසේ දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගය අඩු කරගත හැකි බව එම පර්යේෂණයේදී අනාවරණය වී ඇත. සිරුරේ බර සියයට දහයකින් අඩු කරගැනීම මඟින් දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගී තත්ත්වය සියයට 90කින් අඩු කරගත හැකි බව පර්යේෂකයෝ පෙන්වාදෙති. ලොව වේගයෙන්ම වර්ධනය වන නිදන්ගත රෝගී තත්ත්වය ලෙස සැලකෙන්නේ ද දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගී තත්ත්වයයි. ‘ද ග්ලෝබල් ප්‍රිවීව් ස්ටඩි’ ආයතනය විසින් ලොව ජාතීන් අටක් යොදාගනිමින් මෙම පර්යේෂණය සිදු කර තිබේ. මෙම දියවැඩියා තත්ත්වය සුව කළ නොහැකි බව මීට පෙර විද්‍යාඥ්‍යන් ප්‍රකාශ කර තිබිණි. මෙම පර්යේෂණය සඳහා දියවැඩියා රෝගයෙන් තොර එහෙත් එය ඇතිවීමේ අවදානම සහිත 2300ක පිරිසක් යොදා ගෙන ඔවුන්ට සති අටක කාලයක් පුරා දිනකට කැලරි 800ක් සහිත ආහාර වේලක් ලබා දී ඇත. ඔවුන්ට ලබා දී ඇත්තේ සුප් හා මිල්ක්ෂේක්ස් පමණි. එමෙන්ම ඔවුන් දෛනිකව ව්‍යයාමවල නිරත වී ඇති අතර එය ඔවුන්ට දියවැඩියාව ඇති වීමේ අවදානම වැඩි අගයකින් අඩු කර ඇති ඇතැයි පර්යේෂකයෝ පවසති. මෙම සති අටක කාලය තුළ දී පර්යේෂණයට සම්බන්ධ වූ පිරිසගේ බර කිලෝග්‍රෑම් දහයකින් එසේත් නැතිනම් සිරුරේ බරෙන් සියයට 10.8ක ප්‍රමාණයක් අඩු වී ඇතැයි ද පර්යේෂණයේදී අනාවරණය වී ඇත. මේ ආකාරයෙන් වසර තුනක කාලයක් කටයුතු කළහොත් දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගය ඇති වීමේ අවදානම බොහෝ දුරකට නවතා ගත හැකි බව පර්යේෂකයෝ තවදුරටත් පෙන්වාදෙති. හර්ෂණ තුෂාර සිල්වා ඬේලිමේල් ඇසුරිනි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Aug 2017 06:06 PM සුළඟ වදින විට, මුහුණේ පැත්තක වේදනාවක් මතුවෙනවාද? ත්රිධාරා නාඩි ශූලය (Trigemiral neuralgia) මුහුණට සම්බන්ධ රෝග තත්ත්වයකි. මුහුණට සම්බන්ධ වන සංවේදී ස්නායුව කොටස් තුනකට බෙදේ. (optic, maxilary, mandibulary nerves) මෙම ස්නායුව ධමනි සහ ශිරා මගින් තෙරපුමකට ලක්වීම මත ප්‍රධානකොට මෙම රෝග තත්ත්වය ඇතිවේ. මෙහිදී වන රෝග ලක්ෂණ ලෙසින් හපනකොට වේදනාව, රැවුල කැපීමේදී ඇතිවන සියුම් වේදනාව, දත් මැදීමේදී ඇතිවන වේදනාව, සුළං පාර මුහුණට වදින විට දැනෙන වේදනාව, කතා කරනවිට වේදනාව ලෙසින් වේදනාව දැනීමට පුළුවන. මෙම වේදනාව කරන්ට් එකක් යනවා වැනි වේදනාවක් ලෙසින් හඳුනාගත හැක. (shooting pain) වේදනාව එක තැනකින් පටන් ගෙන මුහුණේ අර්ධයක් පුරා පැතිරී යැමේ හැකියාව ඇත. වේදනාව බොහෝ වෙලාවට බලපාන්නේ මුහුණේ එක් අර්ධයකට පමණි. දෙපසටම බලපාන අය අඩුය. රෝගය ඇතිවීමට ගැහැනු, පිරිමි භේදයක් නැත. මුහුණේ පසෙක වේදනාව ඇතිවීමත් සමඟ එය දත්වල වේදනාවක් දැයි වැරදි අවබෝධය නැතිකර ගැනීමට දන්ත වෛද්‍යවරු වෙතට යන පිරිස පසුව නියම තත්ත්වය හඳුනාගනී. රෝගය හඳුනාගැනීමට හැකි එකම ක්‍රමය වේදනාවයි. මෙම තත්ත්වය වෛද්‍යවරුන් විසින් පහසුවෙන් හඳුනාගනු ලැබේ. එයට හේතුව මුහුණේ හැඟීම් දැනීම් නොමැතිව, වේදනාවෙන් සිටීම තුළ වෛද්‍යවරයා රෝගය හඳුනා ගැනීමයිs. විශේෂයෙන්ම මැදි වයසේදී රෝග තත්ත්වය දක්නට ලැබෙන්නේ මැදි වයසට යැමේදී ස්නායු දුර්වලතා ඇතිවීම නිසාවෙනි. අනිකුත් රෝග අතුරින් මෙම රෝග තත්ත්වය වෙන්කර හඳුනාගත හැකි වන්නේ විදුලිසැර මෙන් වේදනාවෙනි. දත් බුරුසුව මුඛය ඇතුළට ගැනීමේදී පවා වේදනාව ඇතිවන අවස්ථා තිබේ. මෙම රෝග තත්ත්වය නොසලකා හැරීමෙන් ස්නායු පද්ධතිය ආශ්රිත අර්බුද තත්ත්වය සහ ශ්‍වත (ස්නායුවකට අනතුරක් සිදුවීම) ඇතිවීමේ හැකියාව තිබේ. මේ රෝගය සඳහා නිසි ප්‍රතිකාර ගත යුතුය. එසේ නොවීමෙන් රෝගියාට දැනෙන පීඩාව ඉමහත්වීම නිසාවෙන් නොසන්සුන්තාවක් ඇතිවීමට පුළුවන. චීන කටු චිකිත්සාවේ මේ සඳහා ඉතාම හොඳ ප්‍රතිකාර ක්‍රමයක් තිබේ. මෙහිදී දුර්වලතාවයට පත්වූ ස්නායුවේ කොටස් තුන නැවත යථා තත්ත්වයට පත් කරමින් මුහුණේ සංකූලතා මඟ හරවා රෝග තත්ත්වය යථා තත්ත්වයට පත්කරගත හැකිය. සති දෙකක් පමණ නොකඩවා ප්‍රතිකාර මගින් රෝගියාගේ රෝග ලක්ෂණවල අඩුවක් දක්නට ලැබේ. හපලා කෑම කන්න, දත් මදින්න, රැවුල කැපීමට, කතා කරන්නට බාධාවක් ඇති නොවේ. එනම් එම දේවල් බාධාවකින් තොරව කර ගැනීමේ හැකියාව ලැබේ. මාස දෙකක් පමණ නිසි ප්‍රතිකාර ගැනීම තුළ රෝගය සම්පූර්ණයෙන්ම සුවකර ගත හැක. සති දෙකක් යනවිට මුහුණේ මලානික පෙනුම සම්පූර්ණයෙන්ම පහව යන්නේය. මුහුණේ පසෙක ඇතිවන වේදනාකාරී මෙම තත්ත්වය නිසාවෙන් ඉක්මනින් තරහා යන තත්ත්වයක් ඇතිවේ. මානසික පීඩාව නිසාවෙන් තරහාව ඇතිවේ. වෛද්‍ය ප්‍රතිකාර මගින් රෝගය නැවත ඇතිවන තත්ත්වයක් ඇති නොවේ. ඇතිවුවද ඉතාම කලාතුරකින් අවස්ථාවකයි. ඇතැම් විට තද අව්වේ ගොස් පැමිණි පසු එවෙලෙහිම ශීතල ජලය ස්නානය කිරීම මේ රෝගයෙන් පෙළෙන අයට නුසුදුසුය. අධික ශීත සහ අධික උණුසුම් දෙය ගැනීමත් රෝගය පවතින කාලය තුළ සුදුසු නැත. තවද අව්වේ යැම තුළින් රෝගය තිබෙන අයට රුධිර නාල ප්‍රසාරණය වීම නිසාවෙන් මේ සඳහා මූලික වන කොටස් තුනකින් සමන්විත වන සංවේදී ස්නායුව පීඩනයට පත්වීම නිසා වේදනාව උග්‍රවිය හැක. එම නිසා රෝගය පවතින කාලය අතරතුර අව්වේ යැමෙන් වැළකී සිටිය යුතුය. වෛද්‍ය අමිලා කේ.ජයසිංහ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Aug 2017 06:10 PM සිය දිවි නසා ගැනීම මානසික රෝගයක්ද? ශ්‍රී ලංකාවේ කළ සමීක්ෂණයක් අනුව සිය දිවි නසා ගන්නන්ගෙන් වැඩි ප්‍රතිශතයක් එනම් සියයට 60 ක් පමණ මානසික රෝගීන් ලෙසට වාර්තා වන බව පෙනේ. මෙය චර්යාවක් ලෙසින් හඳුන්වන මනෝ රෝග විශේෂඥ වෛද්‍යවරුන් සියදිවි නසා ගන්නා පුද්ගලයන් ප්‍රධාන වර්ග 3 කට වර්ගීකරණය කර තිබේ. එනම් මෙම චර්යාවේ යෙදෙන පළමු කොටසෙහි මූලික අරමුණ තම ජීවිතය නැතිකර ගැනීම, නොවන නමුත් මෙම චර්යාවේ යෙදීම නිසා ඔවුන්ගේ ජීවිතයට හානියක් සිදු විය හැක. ඔවුන්ගේ අරමුණ , බලාපොරොත්තුව ජීවිතය නැති නොකර ගැනීම වුවත් අන්අය හසුරුවා ගැනීමේ අරමුණින් මෙම චර්යාවේ යෙදෙන්නේ මෙම කොට්ඨාසයයි. නමුත් මෙම තත්ත්වය නිසා ඔවුන්ගේ ජීවිතය නැති විය හැකි අවස්ථා තිබේ. මෙම කොට්ඨාසයට සියයට 30 ක් පමණ ඇතුළත් වන බව සමීක්ෂණ දත්ත මගින් අනාවරණය වී තිබේ. තමන්ට ලැබීමට ඇති දෙයක් නොලැබීම නිසා, අපේක්ෂා භංගත්වය, බලාපොරොත්තු සුන් වීම, ඇතිවන විට තීව්ර මානසික කම්පනයෙන් බේරීමට මෙවැනි වූ චර්යා අනුගමනය කිරීමට මොවුහු පෙළඹෙති. මෙම තත්ත්වයේ අතුරු ප්‍රතිඵලයක් ලෙසට මොවුන්ගේ ජීවිත නැතිවීම, අංගවිකල වීම වැනි තත්ත්වයක් ඇතිවීමේ හැකියාව ඇත. සිය දිවි නසා ගන්නා චර්යාවේ යෙදෙන පුද්ගලයන්ගෙන් බහුතරය එනම් සියයට 60 ක පමණ කොටස යම්කිසි වූ මානසික රෝගයක් නිසා තමන්ගේ චිත්තාවේගික තත්ත්වයන්, හැඟීම් පාලනය කර ගැනීමට නොහැකිවීම නිසා මෙම තත්ත්වයෙන් සහනයක් ලබා ගැනීමට පෙළෙඹෙන්නෝ වෙති. මිනිසුන් වැඩිපුරම පීඩා විඳින රෝග දහයක ලැයිස්තුවේ රෝග පහක්ම මානසික රෝග හැටියට හඳුනාගෙන තිබෙන අතර වැඩිපුරම සිය දිවි නසා ගැනීමට අවධානමක් තිබෙන මානසික රෝග හැටියට ජීවන සතුට අහිමි කරවන දැඩි මානසික සහ කායික පීඩාකාරී තත්ත්වයන් ඇතිකරන මානසික අවපීඩනය හෙවත් විශාදය නමැති රෝගය පළමු තැන ගන්නා අතර මානසික රෝග අතරින් දරුණුතම මානසික රෝගය හැටියට හඳුන්වන දේශීය වෙදකමේ තුන්දොස් කිපීමෙන් ඇතිවන්නා වූ සන්නිපාතජ උමතු රෝගය වශයෙන් හැඳින්විය හැකි බටහිර වෛද්‍ය විද්‍යාවේ භින්නොන්මාදය නමැති මානසික රෝගය හඳුන්වන අතර මනෝභාවයේ ඇතිවන උච්චාවචනයන්. සමඟ ඇතිවන්නා වූ අවුරුදු 15 - 35 අතර වයස් කාණ්ඩවලට වැළඳීමේ වැඩි අවධානමක් ඇති භාවික උන්මාදයද, පෞරුෂ අක්‍රමිකතා ඇති පුද්ගලයන්ද, මත්පැන්, මත්කුඩුවලට දැඩි සේ ඇබ්බැහිවූවන්ද මෙම ලැයිස්තුවේ ඉහළ තැනක් ගෙන සිටින බව අනාවරණය වී තිබේ. මෙහි තුන්වැනි කොට්ඨාසය වන තමාට අත්පත් වී තිබෙන තත්ත්වය දැඩි කනස්සල්ලකට ලක්වී එයට දක්වන ප්‍රතිචාරයක් ලෙසට සිය දිවි නසා ගන්නා පුද්ගලයන් දැකිය හැක. උදාහරණයක් ලෙසින් තම වගා කටයුතු සඳහා ණය ලබා ගන්නා ගොවීහු අනපේක්ෂිත ආකාරයෙන් වගාව පාළු වීම නිසා ණය ගෙවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් සිය දිවි නසා ගන්නා ආකාරය මෙහිලා දැක්විය හැක. කෙසේ වෙතත් මෙම කාණ්ඩ තුන අතරම එකිනෙකට සම්බන්ධකම් ඇති බවත් මත්පැන් පානය, අධික මත්කුඩු භාවිතය නිසාවෙන් මානසික රෝග වැළඳෙන බවත්, මෙම මානසික රෝග නිසා එම රෝගවලට ලාක්ෂණි වූ දුක, කනගාටුව, කනස්සල්ල, ජීවන සතුට අඩුවීම, සහ සිය දිවි නසා ගැනීමේ සිතුවිල්ල ඇති වන බවත් යම් පෞරුෂ අක්‍රමිකතා නිසා මානසික රෝග වැළඳෙන බවත්, පෞරුෂ අක්‍රමිකතා නිසා එදිනෙදා ජීවිතයේදී මුහුණදීමට සිදුවන අභියෝග ඉලක්ක හඹා යැමේදී ඇතිවන ආතතිය කළමනාකරණය කර ගැනීමට නොහැකිවීමේ තත්ත්වය නිසාත් එම තත්ත්වයන්ට මුහුණදීමට නොහැකිව ජීවිතය නැතිකර ගන්නා අවස්ථා සඳහන් කළ හැක. මේ නිසාම විභාගය අසමත්වූවන්, ප්‍රේම සම්බන්ධතා බිඳවැටුණු අය, පවුල් ආරවුල්වලට මුහුණදීමට නොහැකි වූ විට, ජීවිත නැතිකර ගන්නා අවස්ථා අප අසා ඇති අතර මේ සඳහා දිය හැකි හොඳම උදාහරණ හැටියට ඒවා සඳහන් කළ හැකිය. මෙහිදී සඳහන් කළ යුතු වැදගත්ම කාරණය වන්නේ සමාජයේ වගකිවයුත්තන් හැටියට අප සැවොම මේ පිළිබඳ දැනුවත්ව සිටිය යුතු බවයි. සිය දිවි නසා ගන්නා පුද්ගලයන්ගේ මෙම අසාමාන්‍ය චර්යාව පිළිබඳ ඔහු හෝ ඇය වටා ළඟින්ම සිටින අය විමසිල්ලෙන් සිටියේ නම් ඔවුන්ගේ චර්යාවන් සිතුම් පැතුම් ආකල්ප පමණක් නොව අඳින පළඳින විදිහ කතා බහ කරන ආකාරය, සාහිත්‍යයට ඇල්මක් දක්වන අයෙක් නම්, ඔවුන් විසින් නිර්මාණය කරන චිත්‍ර, කෘති, කවි ආදිය දෑ වෙත අවධානය යොමු කිරීමෙන් ඔවුන්ගේ අසුබවාදී චින්තනය පිළිබඳ ඔවුන් විසින් ඔවුන්ගේ යටි සිතේ සඟවාගෙන සිටින යම් අදහස් වෙනත් ආකාරයකින් එළියට දැමීම අවබෝධ කරගත හැක. මේ පිළිබඳ මම යෙදුණු අධ්‍යයනයේදී අනාවරණය වූ කරුණු කිහිපයක් මෙහිදී සඳහන් කරමි. සිය දිවි නසාගත් උසස් පෙළ ශිෂ්‍යාවකගේ දෙමාපියන්ගෙන් ලබාගත් තොරතුරුවලට අනුව උසස් පෙළ ප්‍රතිඵල ඒමටත් ප්‍රථම ඇය ජීවිතයෙන් සමුගෙන තිබුණි. ඇය දක්ෂ චිත්‍ර ශිල්පිනියක් බව මව පවසා තිබේ. ඇය විසින් අඳින ලද කිසිම චිත්රයක මිනිස් රූපවලට ඇය ඇස් තබා නොතිබිණි. මව සිය දියණියගෙන් දිනක් මේ පිළිබඳව අසා තිබේ. ඇය පවසා ඇත්තේ මේ ලෝකයේ වන අසාධාරණකම් දැකීමට තමන්ට ලැබුණු දෑස පිළිබඳ කම්පා වන බවත්, අඳින මිනිස් රූප කවදා හෝ ඉපදුණේ නම් ඔවුන්ට ඇස් නොලැබෙන ප්‍රාර්ථනාවෙන් ඇස් චිත්‍රයට නොනැඟූ බවත්ය. තවද ඇය විසින් ලියන ලද කවිවල පවා අසුබවාදී සිතුවිලි ඉස්මතුව තිබුණි. ජීවත්වීමේ ප්‍රයෝජනයක් නැති බව ඉස්මතු කිරීමට ඇයගේ නිර්මාණවලින් ඇය උත්සාහ දරා ඇති බවක් පෙනෙන්නට තිබිණි. අපි මෙතෙක් කතා කළ මානසික රෝග අතර ඇතැම් මානසික රෝගවල රෝග ලක්ෂණ මතුපිටට දැනෙන්න බොහෝ කල් ගතවනු ඇත. නමුත් මෙම තත්ත්වය තුළ රෝගියා කායික සහ මානසික වශයෙන් දැඩි සේ පීඩා විඳින බව දැනගත යුතු කාරණාවය. මෙම තත්ත්වය දුරදිග යැමේ අවසාන ප්‍රතිඵලය ලෙසට ඔවුන් සිය දිවි නසා ගැනීsමට පෙළඹෙනු ඇත. යම්කිසි අයෙකුට මෙවැනි වූ අපහසුතාවක්, ප්‍රශ්නයක් කායික වශයෙන් හෝ මානසික වශයෙන් දැනෙන්නේ නම්. ඒ සඳහා විසඳුම් ලබාගත හැකි සුදුසුම ක්‍රමවේද වෙත ඉතා ඉක්මනින් යොමු විය යුතුය. එවැනි වූ ප්‍රශ්නයකට වෛද්‍ය විද්‍යාත්මක වශයෙන්, ආයුර්වේදයට අනුව, බුදු දහමට අනුව මනෝ විද්‍යාවට අනුව කුමක් හෝ පිළිතුරක් ලබාගතහැකි බව දැනගත යුතු කාරණාවය. ඔබ පීඩා විඳින ගැටලුවට වෛද්‍යවරයකු වෙතම යැමට නොහැකිකම මත. ගැටලුම සමඟ දිවි ගෙවීම ගැටලුව දුරදිග යැමට හේතුවක් බව අමතක නොකළ යුතුය. වෛද්‍යවරයෙකු වෙතම යැම නොව ගමේ පන්සලේ හාමුදුරුවන්, පල්ලියේ පියතුමා, පූජකතුමා, ගුරුවරයෙක් හෝ වැඩිහිටියෙක් වෙත යැමෙන් ප්‍රශ්නයට මූලික මට්ටමේ උපදේශයක් ලබාගත හැක. මෙම ලිපියේ අරමුණ විය යුත්තේ අප උපන්දා සිට මරණය දක්වා ගත කරන ජීවිත කාලය පුරාවට ප්‍රශ්න අභියෝග, මානසික ආතතියෙන් තොර ජීවිතයක් කිසිම අයෙකුට බලාපෙරොත්තු විය නොහැකි බවයි. ඒ සඳහා පිළිතුරු තිබෙන බව ද දැනගත යුතු වෙයි. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ දුක නිපාතයේ රෝග සූත්‍රයේ මේ පිළිබඳව මනාව පැහැදිලි කර තිබේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 21 Aug 2017 06:16 PM අද මෙක බොවෙන රොගයක් වෙලා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Aug 2017 06:17 PM බෙලි දේශීය ඖෂධයකි බෙලිගස මහාවෘක්ෂ ඝනයට ගැනේ. "මහා වෘක්ෂ වර්ගඃ" අතුපතර විශාල ලෙස විහිදී පැතිරෙන අතර අඩි හැට හැත්තෑවක් පමණ උසින් යුක්ත වේ. ගසේ පොත්තද තද ඝනකමින් යුතු වෙති. බෙලි වර්ග දෙකක් වශයෙන් ග්‍රාමීය වැසියන් හඳුන්වනු ලැබේ. රට බෙලි හා සිංහල බෙලි වශයෙන් ව්‍යවහාර කරති. රට බෙලි තල්ගෙඩි තරම් විශාල ස්වරූපයක් දරන අතර සිංහල බෙලි ගෙඩිය ප්‍රමාණයෙන් කුඩා ලෙස දැක ගැනීමට හැකිය. එය නම් ලොකු මැංගුස් ගෙඩි තරම්ය. කුඩා වෙති. මේ දෙවගෙම කටුව ඝනකමින් යුතුය. බෙලි ගෙඩිය ඉදී බිම වැටුණ පසු සහ නිවසක තැන්පත් කර තිබියදී ඉන් නිකුත් වන හමන සුවඳ ඉතාමත් ප්‍රියංකරය. ඉදුණු බෙලි ගෙඩිය නරක් නොවී සති දෙක තුනක් තරම් කාලයක් තබාගත හැකිය. අමු බෙලි ගෙඩි කඩා තම්බා එහි මදය ආහාරයට ගැනීම ග්‍රාමීය සිංහල ජනතාවගේ පෞරාණිකව සිරිතක්ව පැවතියහ. ඉදුණු බෙලි ගෙඩියේ මදය ගෙන එය මිරිකා සීනි හෝ පැණි මුසුකර බෙලි කිරි සාදා බීමද ප්‍රචලිත කරුණක් විය. බෙලි ගසේ මල් පිබිදී එය බිම පතිත වන සමයේ, බෙලිගස යට මිදුල මෙන් පිරිසිදු කර වියන ලද පොල්අතු එලා හෝ ඉටි රෙදි අතුරා ඒ මතට වැටුණු බෙලිමල් එකතු කර සෝදා අව්වෙන් වේලා රැස්කර තේ වෙනුවට බෙලිමල් පැන් පානය කිරීමට හුරු පුරුදුවීම ලංකා ඉතිහාසයේ පැරැණි රජ දරුවන්ගේ සිංහල වංශ කතාවේත්, දේශීය වෛද්‍ය ඉතිහාසයේත් නොවෙනස්ව සටහන්ව පවතී. වෙසෙක්, පොසොන්, ඇසළ වැනි පුන්පුර පසළොස්වක් පෝ දිනවල ශ්‍රී පාදය, කැලණි විහාරය, නුවර දළදා මාළිගය, කතරගම දේවාලය, දෙවුන්දර දේවාලය, සීනිගම දේවාලය, මුල්ගිරිගල රජමහා විහාරය, තිස්සමහාරාම විහාරය, අනුරාධපුර ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය වැනි පෞරාණික වෙහෙර විහාර වැඳ පුදා ගැනීමට යන දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ පවස නිවා, විඩාව සංසිඳුවා ශාරීරික උත්තේජනයක් ලබාදීමට දානපතීන්ගේ බෙලිමල් ඔසුපැන් දන්සල් බහුල ලෙස දැක ගැනීමට පුළුවන. බෙලිගැටද, කුඩා පෙති කපා වියළා තම්බා පානය කිරීමට ගනු ලැබේ. එක පැත්තකින් බෙලි පලතුරකි. අනිත් අතින් දේශීය මහා බලගතු ඖෂධයකි. සංස්කෘත භාෂාවෙන් බිල්වා නමින් හැඳින්වේ. මෙහි ඖෂධීය ගුණයන් එක් එක් ආකාරයට පවතී. ශීත ගුණය, විරේක ගුණය, වාතය නසන ගුණය, මළ වියලවන ගුණය, මිහිරි රසවත් ගුණය ර¹ පවතී. පිත නසන ගුණය අම්ලපිත්තය නසන ගුණය සිරස රෝගසමනය කිරීමේ ප්‍රබල සාධකයක්ව පවතී. "බෙලි කනකොට බඩ යනවා බඩ යනකොට බෙලි කනවා" මෙම කවියෙන් වනිත වන්නේ මහා අරුම පුදුම විශ්මජනක ගුණයක් වස විෂෙන් තොර බෙලි ගෙඩියේ පවතින බවය. බඩේ පවත්නා අජිර්ණ අවස්ථාවක බටහිර වෛද්‍යවරුන්ගේ පිහිට පතා දහස් ගණන් මුදල් සම්භාරයක් වැය කරනවාට වඩා මුදල් වැය නොකොට අපේ රටේ අපේම ලංකා පොළොවේ ස්වභාවිකව හැදෙන වැඩෙන බෙලිගහේ බෙලිමල් ටිකෙන් බෙලි ගෙඩියේ දයෙන් සියලු සර්ව රෝග නිවාරණය කර ගත හැකි බව මා මෙහි සඳහන් කර ලියන්නේ අපේ රටේ අපේම ජනතාවගේ බුද්ධිය පුබුදුවා ලීමටය. යටගිය අතීතයේ අපේ ගම්වල අපේ ආත්තම්මලා අම්මලා ගෙදර හාල් ටික පුහු කරන, කුරක්කන් ටික පුහුකරන (පිරිසිදු කර වෙන්කරන) කුල්ලට අරඉහත කී වර්ග බට පතුරු අතරින් බිමට නොහැලෙන්නට පැසුණු බෙලි ගෙඩි කඩා හැලියේ දමා තම්බා බිඳ කටුව ඉවත් කර බෙලිමද ටික හොඳට අනා කුල්ලේ ඇතුළත පිටත හොඳට ගා කුල්ලේ පිට පැත්තේ මුළු දෙකද ආවරණය වන සේ රෙද්දක්ද එළා කුල්ල ආවරණය කර බෙලි මදයේ උපරිම ප්‍රයෝජන ලබාගත් ආකාරය සිහිපත් කරමි. ඒ එදා පැරැණි ග්‍රාමීය රටාවේ සංස්කෘතික ලක්ෂණයකි. බෙලිගහේ දර ටික හැරෙන්නට ඉන් හටගන්නා සියල්ල මනුෂ්‍ය ශරීරය ව්‍යාධියෙන් මුදා ගැනීමට ඉවහල් වෙයි. රෝගීන්ට ආයුර්වේද චිකිත්සා යෙදීමේදී රෝග සමනය කිරීමට යොදා ගන්නා කෂායට කල්කයට බෙහෙත් ගුලියට බෙලි ගහේ මුල අවශ්‍ය වේ. සුළු පස්මුල් කෂායේදී මුලට මුල්වන්නේ බෙලි මුල්‍ය. බඩේ අජීර්ණ සුවපත් කරන, ආමාශය සැහැල්ලු කරන, මුත්‍රාශය සැහැල්ලු කරන, අම්ලපිත්තය සුව කරන, කෑම අරුචිය දුරු කරන, කෑම රුචිය ඇති කරවන බහුතරයක් කෑමට ප්‍රිය කරන වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් තිබෙන වෙළෙඳ ව්‍යාපාරිකයාට පාඩු නොවන පලතුරකි, ඖෂධයකි, අපේ රටේ අපේම බෙලි...· අපේ බෙලි ගසටවත්, ගසේ මුල්වලටවත්, ගසේ කඳටවත්, ගහේ පොත්තකටවත්, කොළවලටවත් ඉතිවලටවත්, මල්වලටවත්, ගෙඩිවලටවත් කිසිදු කෘෂි රසායනිකයක් තෙල් පොහොරක් මිශ්‍රව නැති බව සත්‍ය කරුණකි. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ පලතුරු සංවර්ධන වැඩසටහනට දිරිදීමක් ලෙස මෙම ලිපි පෙළ පළකරන ලදී. මූලගිරි රජමහ විහාරස්ථානයේ රාජකීය වෛද්‍ය පෙළපතේ, සර්වාංග රෝග පිළිබඳ ආයුර්වේද වෛද්‍ය ඒ. වනිගපුර කිවුල්ආරවත්ත ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 21 Aug 2017 06:30 PM මේක කතාව නම් මමත් අහලා තියෙනවා... "බෙලි කනකොට බඩ යනවා බඩ යනකොට බෙලි කනවා" 0 Ind007kaMost Senior MemberPosts:12931 22 Aug 2017 06:34 PM මරු පලතුර නමුත් හරිම දුර්ලබයි අපට නම් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 You are not authorized to post a reply. Page 41 of 137 << < 3940414243 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner