You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 42 of 137 << < 4041424344 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Aug 2017 07:33 PM

"ටැල්ක්‌ බේබි පවුඩර් දිගු කාලයක්‌ භාවිත කළ
කාන්තාවකට පිළිකාවක්‌ වැළෙදේ


දශක ගණනාවක්‌ තිස්‌සේ ජොන්සන් නැමැති සමාගමක්‌ නිපදවන බේබි පවුඩර් භාවිත කිරීම හේතුවෙන් ඩිම්බ කෝෂ පිළිකාවකට ලක්‌වූ ඇමෙරිකා එක්‌සත් ජනපදයේ කැලිෆොනියා ප්‍රාන්තයේ වාසය කරන කාන්තාවකට ඇමෙරිකානු ඩොලර් මිලියන 70 ක වන්දි මුදලක්‌ හා ඇමෙරිකානු ඩොලර් මිලියන 347 ක දඬුවම් වන්දි මුදලක්‌ ගෙවන ලෙසට ඇමෙරිකානු අධිකරණයක ජූරි මණ්‌ඩලය අදාළ සමාගමට නියෝග කර ඇතැයි සී. එන්. එන්. පුවත් සේවය වාර්තා කරයි.

මෙම නඩුවේ පැමිණිකාරිය වන 63 හැවිරිදි ඊවා එචෙවෙරියාට අනුව ඇය වයස අවුරුදු 11 සිට මෙම බේබි පවුඩර් භාවිත කර ඇති අතර දිගු කාලයක්‌ එම බේබි පවුඩර් භාවිත කළ තවත් කාන්තාවකට ඩිම්බ කෝෂ පිළිකාවක්‌ වැළඳුණු බවට වාර්තා වීමෙන් පසු 2016 වසරේදී ඇය එම පවුඩර් භාවිතය නතර කර තිබේ.

ඇමෙරිකා එක්‌සත් ජනපදයේ රජයේ හා ෆෙඩරල් අධිකරණවල අදාළ බේබි පවුඩර් විශේෂය සම්බන්ධ නඩු දහස්‌ ගණනාවක්‌ මේ වන විට විභාග වෙමින් පවතින අතර නිව් ජර්සි ප්‍රාන්තයේ එක්‌ නඩුවක්‌ ප්‍රතික්‌ෂේප වී ඇත.

බොහෝ ටැල්ක්‌ පවුඩර් විශේෂවල ඇසුරුම්වල එම පවුඩර් ලිංගික ප්‍රදේශවල නිරතුරුව ආලේප කිරීමෙන් පිළිකා සෑදීමට ඉඩ ඇති බවට අනතුරු ඇඟවීමේ නිවේදනයක්‌ අලවා ඇතත් ඉහත කී බේබි පවුඩර් විශේෂයෙහි එවැනි අනතුරු ඇඟවීමක්‌ නොතිබීම බලවත් අඩුපාඩුවක්‌ බව එචෙවේරියා පවසන්නීය.

කෙසේ වුව ද ජාත්‍යන්තර වශයෙන් මේ පිළිබඳව සිදුකර ඇති පර්යේෂණවලදී මිශ්‍ර ප්‍රතිඵල පෙන්වා ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ පිළිකා පර්යේෂණ පිළිබඳ අන්තර්ජාතික ආයතනය සිදුකළ පර්යේෂණයකට අනුව ලිංගික ප්‍රදේශවල ටැල්ක්‌ පවුඩර් විශේෂ ආලේප කිරීම හරහා මනුෂ්‍යයන්ට පිළිකා සෑදීමේ අවදානමක්‌ පවතින බව අනාවරණය කරගෙන තිබේ. එහෙත් ඇමෙරිකානු පිළිකා සංගමය පවසනුයේ එසේ ටැල්ක්‌ පවුඩර් ආලේප කිරීමෙන් පිළිකා අවදානමක්‌ හටගත්තේ ද යන්න පැහැදිලි නොමැති බවයි.

මේ අතර පිළිකා චෝදනාවට ලක්‌ව ඇති බේබි පවුඩර් විශේෂය නිපදවන සමාගම නිවේදනයක්‌ නිකුත් කරමින් පවසා ඇත්තේ ඔවුන් කැලිෆොනියානු ජූරියක්‌ විසින් දුන් පිළිකාවක්‌ වැළඳුණු කාන්තාවට වන්දි ගෙවීමේ නඩුවේ තීන්දුවට එරෙහිව අභියාචනයක්‌ ඉදිරිපත් කරන බවයි.


සංස්‌කරණය - ඒමන්ති මාරඹේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Aug 2017 07:37 PM

ශ්‍රී ලංකාවේ වසරකට කුස තුළ දරුවන් 1730 ක්‌ මියයාම
අඩු කිරීමේ අභියෝගයට පරාජන්ම සංගමයේ දායකත්වය

ගර්භණී සමයේ හෝ ප්‍රසූතියෙන් පසු කාලයේ දරුවකු මියයැම බොහෝ විට වළක්‌වාගත හැකි ෙ€දනීය අත්දැකීමකි. එවැනි තත්ත්වයක්‌ මවට පමණක්‌ නොව ජීවත් වන අනෙකුත් දරුවනට සමස්‌ත පවුලට හා සමාජයට අහිතකර බලපෑම් එල්ල කරයි.

ශ්‍රී ලංකාව කලාපයේ අඩුම මාතෘ මරණ සහ ළදරු මරණ අනුපාත වාර්තා කරයි. පෙර ප්‍රසව, ප්‍රසූත සහ පසු ප්‍රසව සත්කාරක සේවා සැපයීම අතින් ද ශ්‍රී ලංකාව පෙරමුණේ සිටියි. ගර්භණී වී සති 12 ක්‌ තුළ සේවා සඳහා ලියාපදිංචිය 82% කි. 99% ක්‌ ගැබිණි මවුවරු පූර්ව ප්‍රසව සායනවල වෛද්‍ය සුපරීක්‌ෂණය ලබයි. රෝහලක්‌ තුළ දරු ප්‍රසූතිය 99.9% කි. නිවසේදීම පසු ප්‍රසව සංරක්‌ෂණය ලබාදීම 92% කි.

2015 වසරේ සජීවී දරු උපත් 334000 ක්‌ වාර්තා වූ අතර ගර්භයට සති 28 ගත වූ පසු මෙළොවට බිහි නොවී කුස තුළම දරුවන් 1728 ක්‌ මියගියහ. තවත් දරුවන් 1555 ක්‌ ඉපදී පළමු සතියේදීම මියගිය බව වාර්තා වේ. නොමේරූ දරුවන්, අඩු බර, ප්‍රසූත සංකූලතා සහ උපත් ආබාධ මෙම මරණ වලට ප්‍රධානතම හේතු ලෙස හඳුනාගෙන ඇත.

සංස්‌කරණය - ඒමන්ති මාරඹේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Aug 2017 07:43 PM

"චීන කටු චිකිත්සාව දැන් සුරතල් සතුන්ටත්

බටහිර රටවල බොහෝ සුරතල් සතුන් ඇති දැඩි කරන්නන් සිය සතුන්ගේ වේදනාත්මක රෝගාබාධ සුවපත් කිරීම සඳහා චීන කටු චිකිත්සාව යොදා ගන්නා පශු වෛද්‍ය සයන වෙත යාම වැඩි වී තිබේ. සුරතල් සතුන්ගෙන් සියයට 80 ක්‌ම චීන කටු චිකිත්සාව හරහා රෝගාබාධ සුවපත් වීමේ ප්‍රවණතාවක්‌ පෙන්නුම් කර ඇති අතර චීන කටු චිකිත්සාව යොදා ගත් විට ඇතැම් සතුන් ප්‍රතිකාරය අවසානයේ නින්දෙහි පසු වන බව පශු වෛද්‍යවරු පවසති.

මිනිසුන්ගේ රෝගාබාධයන් සුවපත් කිරීම සඳහා යොදා ගන්නා ප්‍රකට වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක්‌ වන චීන කටු චිකිත්සාව හෙවත් ඇකියුපන්ක්‌වර්" ක්‍රමය නිවසේ ඇති දැඩි කරන සුරතල් සතුන් වන පුසන් හා බල්ලන්ගේ රෝගාබාධ සඳහාද සාර්ථක ලෙස යොදා ගත හැකි බව මේ වන විට අනාවරණය වී තිබේ.

මේ වන විට බොහෝ රටවල සුරතල් සතුන් ඇති කරනු ලබන්නන් අතර සුරතල් සතුන්ගේ ආත්‍රයිටිස්‌, ගැස්‌ටි්‍රක්‌ ආබාධ වැනි රෝග මෙම චීන කටු චිකිත්සාව යොදා ගෙන සුවපත් කිරීම ජනප්‍රිය වෙමින් පවතින බව වාර්තා වී තිබේ.

දශක ගණනාවකට පෙර සිටම සුරතල් සතුන්ගේ වේදනාත්මක රෝගාබාධ මෙම චීන කටු චිකිත්සාව හරහා සුවපත් කළ හැකි බව දැන සිටියද බොහෝ පශු වෛද්‍යවරුන් එම චිකිත්සාව යොදා ගෙන නොමැත.

එහෙත් දැන් බටහිර රටවල බොහෝ සුරතල් සතුන් ඇති දැඩි කරන්නන් සිය සතුන්ගේ වේදනාත්මක රෝගාබාධ සුවපත් කිරීම සඳහා චීන කටු චිකිත්සාව යොදා ගන්නා පශු වෛද්‍ය සයන වෙත යාම වැඩි වී තිබේ. සුරතල් සතුන්ගෙන් සියයට 80 ක්‌ම චීන කටු චිකිත්සාව හරහා රෝගාබාධ සුවපත් වීමේ ප්‍රවණතාවක්‌ පෙන්නුම් කර ඇති අතර චීන කටු චිකිත්සාව යොදා ගත් විට ඇතැම් සතුන් ප්‍රතිකාරය අවසානයේ නින්දෙහි පසු වන බව පශු වෛද්‍යවරු පවසති.

වේදනාවක්‌ ගෙන නොදෙන චීන කටු චිකිත්සාව ප්‍රතිකාර සඳහා යොදා ගැනීම සතුන්ට වේදනා රහිත අත්දැකීමක්‌ වීම නිසා එය ඵලදායි බව එම වෛද්‍යවරු කියා සිටිති.

මේ වන විට ජාත්‍යන්තර පශු වෛද්‍ය චීන කටු චිකිත්සා සංගමයක්‌ද පිහිටුවා ඇති අතර 1900 දෙනකුගේ සාමාජිකත්වයෙන් යුතු මෙම සංගමය රටවල් 21 ක සිටින සිය සාමාජික වෛද්‍යවරුන්ගේ සමුළුවක්‌ මෙම සතියේදී ඕස්‌ටේ්‍රලියාවේ කේන්ස්‌ නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

සංස්‌කරණය - ඒමන්ති මාරඹේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Aug 2017 07:46 PM

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/23/files/assets/common/page-substrates/page0006.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Aug 2017 07:50 PM

තේ කෝපිවලට වඩා
ශරීරයට ගුණදායක වේ


කෝපි මිනිසාට යෝග්‍ය පානයක්‌ බව තහවුරු වුව ද දිගු කලක්‌ ජීවත්වීමට හේතු කාරක වන පානය ලෙස පර්යේෂකයින් හඳුනාගෙන ඇත්තේ තේ ය. ඔස්‌ටේ්‍රලියාවේ පළවන ද ජර්නල් ඔප් ක්‌ලිනිකල් නියුටි්‍රෂන් සඟරාවෙහි සඳහන් වාර්තාවකට අනුව දිනකට තේ කෝප්ප දෙකක්‌ පානය කරනු ලබන වයස අවුරුදු 70 හා 80 ගණන්වල පසුවන කාන්තාවන් වැඩි කලක්‌ ජීවත් වීමට සමත්ය.

"අධි රුධිර පීඩනය (හයි බ්ල්ඩ් ප්‍රෙෂර්) හා කොලෙස්‌ටරොල් යන රෝගවල රෝග ලක්‍ෂණ ඇතැමුන්ට පෙන්නුම් නොකිරීම නිසා රුධිර පීඩන පරික්‍ෂාව මසකට වරක්‌ හා කොලෙස්‌ටරෝල් පරික්‍ෂාව වසරකට දෙවරක්‌වත් සිදු කර ගන්න."

කෝපි වැඩි වශයෙන් පානය කරන්නන්ට ඕනෑම රෝගයක්‌ වැළඳුණු පසු මුල් අවස්‌ථාවේදී මියයැමේ අවදානම අඩු බව ලන්ඩනයේ ඉම්පිරියල් විදුහලේ වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන වෛද්‍ය මාක්‌ ගුන්තර් විසින් වසර 16 ක්‌ මුළුල්ලේ පවත්වන ලද අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

එම අධ්‍යයනයේදී ලක්‌ෂ 50 කට අධික පුද්ගලයන් සංඛ්‍යාවක්‌ පරීක්‌ෂාවට ලක්‌කර තිබේ.

මෙය කෝපි මිනිසාට භාවිත කිරීමට යෝග්‍ය වන පානයක්‌ බව තහවුරු වූ ප්‍රථම අවස්‌ථාව නොවේ. මෙයට පෙර 'නිව් එන්ග්ලන්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින්' සඟරාවෙහි පළ කරන ලද වාර්තාවකට අනුව දිනකට කෝපි කෝප්ප හයක්‌ හෝ එයට වැඩි ගණනක්‌ පානය කරන පිරිමින් කුමන රෝගයක්‌ නිසා හෝ මියයැමේ හැකියාව සියයට 10 කින් අඩුය. එමෙන්ම දිනකට කෝපි කෝප්ප හයක්‌ හෝ එයට වැඩි ගණනක්‌ පානය කරන කාන්තාවක්‌ එසේ රෝගවලට වැළඳී මියයැමේ අවදානම සියයට 15 කින් අඩු බව එම වාර්තාවෙහි දැක්‌වේ.

කෝපි මිනිසාට යෝග්‍ය පානයක්‌ බව තහවුරු වුව ද දිගු කලක්‌ ජීවත්වීමට හේතු කාරක වන පානය ලෙස පර්යේෂකයින් හඳුනාගෙන ඇත්තේ තේ ය. ඔස්‌ටේ්‍රලියාවේ පළවන 'ද ජර්නල් ඔප් ක්‌ලිනිකල් නියුටි්‍රෂන්' සඟරාවෙහි සඳහන් වාර්තාවකට අනුව දිනකට තේ කෝප්ප දෙකක්‌ පානය කරනු ලබන වයස අවුරුදු 70 හා 80 ගණන්වල පසුවන කාන්තාවන් වැඩි කලක්‌ ජීවත් වීමට සමත්ය.

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ තේ වලට මිනිස්‌ සිරුරෙහි ජාන ව්‍යqහය වෙනස්‌ කරලීමේ හැකියාවක්‌ තිබීමයි.

බටහිර වෛද්‍ය පර්යේෂකයෙකු වන බොබ් ආර්නට්‌ ට අනුව කෝපි මෙන්ම තේවල ප්‍රතිඔක්‌සිකාරකයක්‌ වන හෙලිපෙනෝල්ස්‌ අන්තර්ගතව පවතින අතර එය සෛල වලට හානි සිදුවීම වළක්‌වාලයි. කෝපිවල තේ වලට වඩා වැඩි වශයෙන් හෙලිපෙනෝල්ස්‌ අඩංගු වන අතර ඒ හරහා හෘද රෝග හා ආඝාත ඇතිවීමට හේතු වන හේතු කාරකයන් මර්දනය වන බව අනාවරණය වී තිබේ. බටහිර පර්යේෂණ වලට අනුව තේ හෘද රෝග වලට, ශරීරයෙහි බර අඩු කිරීමට, කොලෙස්‌ටරෝල් අඩු කරලීමට, අස්‌ථි ශක්‌තිමත් කිරීමට, අවධානය වර්ධනය කිරීමට යෝග්‍ය වේ.

සංස්‌කරණය - ඒමන්ති මාරඹේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Aug 2017 08:03 PM

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/23/files/assets/common/page-substrates/page0018.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/23/files/assets/common/page-substrates/page0019.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/23/files/assets/common/page-substrates/page0034.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/23/files/assets/common/page-substrates/page0038.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Aug 2017 06:42 PM

ලේ පිටවෙන්නේ භයානක ලෙඩකටද?

ලිංගේන්ද්‍රිය ආශ්‍රිත ගැටලු ගැන සාකච්ඡා කරන්නට අපේ බොහෝ දෙනා ලජ්ජාවක් දක්වන බව රහසක් නෙමෙයි. මේ අන්දමට සාකච්ඡා කිරීමට දක්වන බිය ලජ්ජාව නිසාම බොහෝමයක් සරලව විසඳාගත හැකි කරුණු සංකීර්ණ බවට පත් කරගෙන හිතින්ද දුක්වෙනවා පමණක් නොවේ, ව්‍යාජ බේත් ඖෂධ සොයාගොස් වැඩේ තවත් වණ කරගන්නා අවස්ථාද බහුලව දක්නට ලැබෙයි. මේ ලිපිපෙළේ අරමුණ ඒ කියන බොරු ලජ්ජාව ඉවත්කර මිත්‍යාවන්ට ගොදුරුවීමේ අනතුරුදායක තත්ත්වයෙන් ඔබ වළක්වා ගැනීමයි. පිරිමින් මුහුණ දිය හැකි හැබැයි කතා කරන්නට ලජ්ජා වන ඒ වගේම වරදවා වටහාගෙන බොරු බයකට පත්වන තවත් රෝග තත්ත්වයක් ගැනයි මේ.

ධාතු සමඟ ලේ පිටවීම

සමහරවිට ඉතා කලාතුරකින් අවස්ථවාක පුරුෂ ජන්මානු තරලය සමඟ රුධිරය පිටවිය හැකියි. එවිට එය දිස්වන්නේ රෝස පැහැයකින් යුතුවයි. මේ වගේ තත්ත්වයක් පවතින විට පිරිමි බොහෝවිට භීතියට පත්වෙන බව දකින්නට හැකියි. හුඟක් වෙලාවට හිතන්නේ තමන්ට සමාජ රෝගයක් වැළඳී ඇති බවයි. නැතිනම් පිළිකාවක් හැදී ඇති බවයි. මේ අන්දමට ධාතු සමග රුධිරය පිටවෙන්නට හේතුවන කාරණා කිහිපයක්ම තිබෙනවා. එයින් ඉතා සරලම හේතුව සුරාතාන්තයේදී ධාතු පිටවීමත් සමඟ එම වේගයට මුත්‍ර මාර්ගයේ පිහිටි සියුම් රුධිර නාල පුපුරා රුධිරය ස්වල්පයක් එකතුවීමයි. මේ තත්ත්වය බොහෝවිට ඉබේම සුවවන්නකි. නමුත් එය දිගටම දක්නට ලැබෙනවා නම් කළයුත්තේ පවුලේ වෛද්‍යවරයා හමුව උපදෙස් පැතීමයි.

පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත ගැටලු නිසාද මේ වගේ රුධිර පිටවීමක් දකින්නට හැකියි. පුරස්ථි ග්‍රන්ථිය ඉදිමී එහි රුධිරය ශිරා තුළ තදවීම නිසා ශුක්‍රාණු සමඟ රුධිරය පිටවිය හැකියි. මේ සඳහා  ඖෂධ ප්‍රතිකාර පවතින අතර සැත්කම් මගින්ද පිළියම් යෙදිය හැකියි. ඒ වගේම පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා නිසාත් රුධිරය පිටවන්නට හැකියි. මෙහිදී සැත්කම් හෝමෝන ප්‍රතිකාර, විකිරණ ප්‍රතිකාර හෝ රසායණික ප්‍රතිකාර ලබාගන්නට හැකියි.

පුරස්ථි ග්‍රන්ථියේ, මුත්‍රා නාලයේ නැතිනම් ශුක්‍ර ආශයිකා ආශ්‍රිතව හටගන්නා ආසාදන තත්ත්ව නිසාත් යම් අවස්ථාවන්හිදී රැධිරය පිටවීමට හැකියි. මේ සඳහා වෛද්‍ය උපදෙස් ගැනීම කළයුතු අතර ප්‍රතිජීවක ඖෂධ මගින් ඔය කියන රෝගී තත්ත්වය වහාම සුවකරගත හැකියි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Aug 2017 06:45 PM

යකා ආරූඪ වූ ගුරුවරියක්

පතිනි කියන්නේ විවාහක දෙදරු මවක්. ඒ වගේම ඇය ගුරුවරියක්. ඇයගේ වයස අවුරුදු 47 යි. ඇය අප සොයා ආවේ පාසල් උපදේශකවරියක් මගින්. පතිනි ඇගේ ගැටලූව ඉදිරිපත් කළේ මේ ආකාරයට.

මට නිතර නිතර හිසේ කැක්කුමක් තියෙනවා. මම එය මැඩපවත්වා ගන්නේ පෙනඩෝල් පෙති පානය කර හෝ නළලේ බාම් වර්ගයක් ආලේප කරගෙන. ඒත් මේ හිසේ කැක්කුම නිට්ටාවට හොඳ වුණේ නෑ. දිගු කාලයක සිට නිතර නිතර හැදෙනවා. හවසට මේ තත්ත්වය වැඩිවෙනවා. වෛද්‍යවරු කීප දෙනකුගෙන් ප‍්‍රතිකාර ලබාගත්තා. ඒත් හොඳ සුවයක් ලැබුණේ නෑ. මට තරහ යනවා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පොඩි පුතාට අවුරුදු 07 යි. දුවගේ වයස අවුරුදු 12 යි. පුංචි දේටත් මම එයාලට කෑ ගහනවා. මම දන්නවා මම වැරදි කියලා. මාස 5ක සිට මම මේ කේන්තිය පාලනය කරගන්න උත්සාහ දරනවා. හැමදාම හවස පහ වෙද්දී මගේ සැමියා ගෙදරට එනවා. ඒත් දවසක් රාත‍්‍රි හත විතර වුණා. මම කිසිවක් අහන්නේ නැතිව ඔහුත් සමඟ ගොඩක් වෙලා රණ්ඩු වුණා. සමහර වෙලාවට මට අඬන්න හිතෙනවා. මම අඬනවෙලාවලූත් තියෙනවා. දරුවෝ ඇවිත් අම්මා අඬන්න හේතුව මොකක්ද කියලා මගෙන් අහනවා. මමවත් දන්නේ නෑ මා අඬන්නේ ඇයි කියලා. ඉස්සර මම ගෙදර ගොඩක් ලස්සනට තියාගන්නවා. දැන් මට එකක්වත් කරන්න හිතදෙන්නේ නෑ. සැමියාටත්, දරැවන්ටත් මාව එපා වෙලා කියලා මට හිතෙනවා. ලිංගික ආශාවකුත් මට නැහැ. ජීවිතේ හැමදේම එපාවෙලා.

මට කවුරුවත් නෑ කියලා නිතරම හිතෙනවා. මාස දෙකක පමණ කාලයක සිට පාන්දර දෙකට විතර ඇහැරෙනවා. ඒ ඇහැරුනාම නින්ද යන්නේ නෑ. ඇඟට පණනැති ගතියක් දැනෙනවා. වැඩකරන්න කිසිම ආශාවක් හෝ ධෛර්යයක් දැනෙන්නේ නැහැ. ඉස්සර ආශාවෙන් බැලූ ටෙලිනාට්‍ය බලන්න කිසිම ප‍්‍රියතාවක් නැහැ. වෙලාවකට හිතෙනවා මට ඉක්මනට මැරෙනවා නම් කොච්චර හොඳඳ කියලා.

පතිනි ඇගේ ගැටලු ඉදිරිපත් කළේ ඒ ආකාරයට. ඊළඟට අප කතා කරන්නේ පතිනිගේ පුතාට. පුතා කිව්වේ මේ වගේ දෙයක්. අම්මයි තාත්තායි අතර කිසිම සමගියක් නැහැ. අම්මාට නිතරම කේන්ති යන නිසා තාත්තා හදන්නේ අම්මාව මඟඇරලා ඉන්න. ගෙදර පරිසරය හරිම පාළුයි. නැත්නම් රණුඩවලින් පිරිලා. වෙලාවකට අම්මා දකිනකොට අපි කාමරේට දුවනවා. පුංචි පුතා අම්මා පිළිබඳව ඔහු දන්නා දේ ඒ ආකාරයට පැවසූ අතර පතිනිගේ සැමියා කිව්වේ මේ වගේ දෙයක්.

අවුරුදු දෙක තුනක කාලයක සිට පිතිනිට තරහා යනවා. මම රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්. පතිනි ගුරුවරියක්. ඇය පන්තිකාමරයේ සිටින දරුවන්ට පවා නිතර දඬුවම්කරන බව දැනගන්න ලැබුණා. ගෙදරදිත් මාත් සමඟ කුමකට හෝ පැටලී ගැටලුවක් ඇතිකර ගැනීමටයි උත්සාහ කරන්නේ. ඇය මගේ හෝ දරුවන්ගේ වැරැද්දක් හොයාගෙන නිතරම කියවනවා. කිසිම දෙයක හොඳක් දකින්නේ නැහැ. ඒ නිසා මම ගෙදර එන්නේ හවස්වෙලා. අප අතර ලිංගික සම්බන්ධකම් පැවැත්වෙන්නේ නෑ. ඇයට ඒ පිළිබඳ ආශාවකුත් නැහැ. මෙහෙම ගියොත් මට ළමයි හදාගන්නත් බැරිවෙනවා. ගිනිජාලාවක ජීවත්වෙන්න සිදුවෙන්නේ.

මේ සිදුවීම දෙස බලනකොට පතිනි ගොදුරු වී ඇත්තේ මානසික අවපීඩනය හෙවත් විශාදිය නැමැති මානසික රෝගී තත්ත්වයට බව පැහැදිලිය. අපි ඇයට ඖෂධ ප‍්‍රතිකාර කළා. ඇත්තටම අය සුවපත් වුණා. ඒත් අද බහුලව දක්නට ඇති විශාදය නැමැති මේ මානසික රෝගය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගත යුතු වෙනවා. අද බොහෝ දෙනා මානසික ආතතියෙන් කටයුතු කර විවිධ ගැටලු ඇතිකරගත්තත් ඔවුන් මානසික අවපීඩනයට ගොදුරු වී ඇති බව දන්නේ නැහැ. අද මෙම රෝගය සමනය කිරීම සඳහා ඖෂධ ප‍්‍රතිකාර සොයාගෙන තිබෙනවා. උපදේශනයත් වැදගත්වෙනවා. මේ ආකාරයට දුක්විඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ.

ඇත්තටම මානසික අවපීඩනය කියන්නේ සිතේ සියළුම මානසික ක‍්‍රියාකාරිත්වයන් පහත වැටීමයි. බොහෝ අය කියන්නේ මානසික අවපීඩනයට ප‍්‍රධානතම හේතුව හිතේ ඇතිවන දුක බව. දුක කියන්නේ මානසික අවපීඩනයේ එක් කොටසක් පමණයි. මානසික අවපීඩනය තුළින් සිතේ සියළුම මානසික ක‍්‍රියා අඩපණ කරනවා. ඒ නිසා මේ තත්ත්වයට යමෙකු පත්වන්නේ කෙසේද යන ගැටලුවට පිළිතුරු හොයන්න  ඕනෑ. ඒකට පළමු හේතුව තමයි යම්කාලයක සිට සිතට දරාගත නොහැකි ආතතියක් තිබීම. ඒ කියන්නේ යම්කිසි ගැටලුවක් විසඳාගත නොහැකිව සිත පීඩාවට පත්ව නිතරම ඒ පිළිබඳ සිතමින් කල්ගත කළොත් ඉන් මානසික අවපීඩනය නම් රෝගය හට ගත හැකියි.

දෙවැනි අවස්ථාව ලෙස ජානවලින් මේ රෝගය සම්ප්‍රේෂණය වන බව පෙන්වා දෙන්න පුළුවන්. මානසික අවපීඩනයේදී අපගේ සිතේ සතුට ගෙන දෙන මානසික කාරකයන් වෙනස් වීමක් ස්නායු පද්ධතියේ සිදුවන බව විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා. මේ රෝගී තත්ත්වය ඕනෑම කෙනකුට වැළඳිය හැකියි. විශේෂයෙන්ම ළමයින්, ගැටවර අවධියේ පසුවන්නන්, දරු ප‍්‍රසූතියෙන් පසු පළමු කාලසීමාව ගත කරන මව්වරුන්, ආර්තවහරණයට පත් කාන්තාවන්, වයස අවුරුදු 65ට වැඩි මහළු වූවන් යන පිරිස් වැඩි අවධානමක් ඇති අය.

ආතතිය, ජාන, හෝමෝනවල වෙනස්වීම් මේ පිරිස් මානසික අවපීඩනයට ලක්වීමිට හේතුකාරක විය හැකියි. මේ පිරිස් මානසික අවපීඩනයට ලක් වූ පසු සොයා ගත හැකි විශේෂ ලක්ෂණ තියෙනවා. විශේෂයෙන්ම දරුවන් නම් නිතර හැඬීම, අධික ලෙස කෙන්තියාම, හිසේ කැක්කුම, කිසිවෙක් තමාට ආදරය නැති ලෙස සිතීම, ගුරුවරුන් සහ ළමුන් අතර නිතර ප‍්‍රශ්න ඇතිකර ගැනීම වගේ ලක්ෂණ පෙන්නුම් කරනවා. ගැටවර වියේ පසුවන දරුවෝ මෙවැනි තත්ත්වයකදී ඉගෙනීම අතපසු කරනවා. අධික ලෙස තරහ ගන්නවා, සමාජ විරෝධී ක‍්‍රියාවල නිරත වෙනවා, මත්ද්‍රව්‍යවලට යොමුවෙනවා. සියදිවි නසාගැනීමට පෙළඹීම වැනි දේ කළ හැකියි. දරු ප‍්‍රසූතියේදී මෙවැනි තත්ත්වයකට පත්වූ මවක නම් ඇගේ පළමුමාස හයේ මේ රෝගයේ ලක්ෂණ දැකගත හැකියි. නිතර තරහයාම, හේතුවක් නැතිව ඇඬීම, දරුවාට ඇල්මක් නොදැක්වීම, දරුවාට කිරි නොදීම, සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පමණට වඩා කල්පනා කිරීම, ලිංගික ආශාව නැතිවීම වගේ ලක්ෂණ පෙන්වා දෙන්න පුළුවන්. මීළඟට ආර්තවහරණය හෙවත් ඔසප් වීම නැවැතීමට ආසන්න කාලය හෝ නැවතීම මත එවැනි කාන්තාවෝ මානසික අවපීඩනයට ලක්වන්නේ කෙසේද කියා හඳුනා ගත යුතුයි.

ඔවුන්ගේ කල්පනාව අඩුවීම, නිතර ඇඬීම, ගෙදර දොරේ වැඩකටයුතු අතපසු කරගැනීම, නිතර ප‍්‍රශ්න ඇතිකර ගැනීම, සැමියාව සැක කිරීම, ලිංගික ආශාව අඩුවීම මෙවැන්නියන්ගේ ලක්ෂණ වෙනවා. මෙවැනි රෝගීන් සඳහා වෛද්‍ය ප‍්‍රතිකාර තිබෙනවා. දැනට සොයාගෙන තිබෙන නවීන ඖෂධීය ප‍්‍රතිකාරවලින් මානසික අවපීඩනය සාර්ථක ලෙස දුරුකරගන්න පුළුවන්. ඒ වගේම උපදේශනයත් ඉතාම වැදගත් වෙනවා. එය අපි සිතිවිලි ප‍්‍රතිකාරය ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ අපට ගැටලුවක් වූ දේ පිළිබඳව අප සිතන විදිය වෙනස් කළ යුතු වෙනවා. උදාහරණයකට කිසාගෝතමී කතාව ගෙනහැර දක්වන්න පුළුවන්. බුදුරජාණනන් වහන්සේ කිසාගෝතමියට පුතා මළබව අවබෝධ කිරීම සඳහා නොමළ ගෙයකින් අබ හොයාගෙන එන්න කිව්වේ ඇගේ සිතන ආකාරය වෙනස් කළ යුතු නිසා. ඒ වගේම මානසික අවපීඩනයට දෙන බෙහෙත්වලට කිසිවකු ඇබ්බැහි වෙන්නේ නැහැ. ඒ වගේම මෙම රෝගය මෝහනයෙන්වත්, භාවනා ක‍්‍රම මගින්වත් සුවපත් කරන්න බැහැ. භාවනාව මගින් මානසික අවපීඩනය වැඩිවිය හැකියි.

ළඟදී එක් කාන්තාවක් මානසික අවපීඩනයට ප‍්‍රතිකාර සඳහා හොර වෛද්‍යවරයෙක් ළඟ මෝහනයට යොමුවෙලා. ඒකේ අන්තිම ප‍්‍රතිඵලය වෙලා තිබුණේ ඇයට ජීවිතය එපාවී සියදිවි හානිකර ගැනීමට පෙළඹීම. ඇයව ගෙදර අය බේරාගෙන අපිට යොමුකර තිබුණා. ඒ නිසා මම විශේෂයෙන්ම කියනවා මෝහනය මානසික අවපීඩනයට ප‍්‍රතිකාරයක් නොවන බව. ඒ වගේම මත්පැන් වගේ ද්වලින් මීට සුවයක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ මුළු ජීවිතයම අවුල් වී රැකියාව, පවුලේ ගැටලු ඇතිකරගන්නා තත්ත්වයක් ඇතිවන අතර අවසානයේ සියදිවි නසාගැනීම වැනි අවාසනාවන්ත අවස්ථාවකටද පත්විය හැකියි. අද ලෝකයේ සියදිවි නසාගැනීම්වලින් හතරවැනි ස්ථානයට පත්වෙලා තියෙන්නේ ලංකාව. මේ සියදිවි නසාගන්නා පිරිසගෙන් සියයට 60ක්ම මානසික අවපීඩනයට ගොදුරු වූ අය. ඒ නිසාමෙවැනි පුද්ගලයන්ට ඖෂධ ප‍්‍රතිකාර ලබා දෙනවා සේම නිවසේ පරිසරයේදී ඔවුන්ට ආදරය කිරීම, උදව්වීම හා එවැනි රෝගීන්ට උදව් කරන අයගේ ඉවසීම හා තේරැම් ගැනීම වැදගත් වෙනවා.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Aug 2017 06:49 PM

ලොකු ලොක්කන් බ්ම වට්ටන පාර්කින්සන්

ඇඩොල්ෆ් හිට්ලර්, මොහොමඩ් අලි, සැල්වදෝර් ඩාලි වගේ ලොකු ලොක්කන්ටත් හැදුණු පාර්කින්සන් රෝගය වෛද්‍ය ජේම්ස් පාර්කින්සන් විසින් හඳුනාගන්නේ 1817දීය. ශ්‍රී ලංකාවේ ලක්ෂයකට 187ක් පමණ පර්කිසන් රෝගය වාර්තාවන බවටයි වෛද්‍යමතය. දැන් මේ පිළිබඳ දැනුවත් භාවය හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර සොයා එන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති නිසා රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් තිබෙනවා.

ඇඟපත වෙව්ලීම, චලනයන්ගේ වේගය අඩුවීම, මාංශපේෂීන්ගේ තද බව සමස්ත ක්‍රියාශිලිත්වය අවම වීම මෙහිදී දක්නට පුළුවන්. කොටින්ම මේ අයට අනෙක් කෙනෙකුගේ උපකාරයක් නොමැතිව ඔවුන්ගේ එදිනෙදා කටයුතු කරගන්නට බෑ. නැවතත් ළදරු වියට ගියා වගේම තමා. ඉතින් ඔබටත් පාර්කින්සන් රෝගය වැළදීමේ අවදානම තිබෙනවද? නැතිනම් ඔබ දැනටමත් පාර්කින්සන් ගොදුරක් බවට පත්වෙමින් සිටිනවාද යන්න දැනගන්නට ඔබත් කැමති ඇති. බලන්න මේ පහත කියැවෙන අමුතු ලක්ෂණ ඔබටත් පහළ වෙලාද කියලා. මෙයින් එකක් හරි දක්නට ලැබෙනවා කියන්නේ ඔබ ඉන්නේ අවදානමට ලක්වෙලා කියන එකයි. මේවගේ ලක්ෂණ දෙක තුනක් ඇතිනම් වහාම ඔබ වෛද්‍යවරයකු හමුවී උපදෙස් පැතිය යුතුමයි.

වෙව්ලීම හෝ ගැස්ම

ඔබේ ඇඟිල්ලක්, විශේෂයෙන්ම මහපට ඇගිල්ල, අත, කම්මුල හෝ තොල හදිසියේ වෙව්ලීමට ගැස්සීමකට ලක්වෙනවද? ගාත්‍රාවල ඇතිවන වෙව්ලීම, ගැස්සීම, පාර්කින්සන් වල මූලික ලක්ෂණයක්.

හැබැයි සමහර ඖෂධ වර්ග ගත් විට, අනතුරකට, තුවාලයකට ලක්වූ විට එහෙමත් නැතිනම් තද ව්‍යායාමයකට පසුව ශරීරයේ ගැස්ම ඇතිවීම සොබාවිකයි. 

අත්අකුරු වෙනස් වීම

ඔබේ සුපුරුදු අත්අකුරු රටාව හදිසියේ වෙනස් වීමකට භාජනය වෙලාද. අත් අකුරු කුඩා වී වචන එකට ගොඩගැසී ඇති තත්ත්වයකට පත්වෙලාද. එහෙනම් එය පාර්කින්සන් ගැන තදබල අනතුරු ඇඟවීමක්. 

සාමාන්‍ය තත්ත්වයකදී ඇත්තටම ඔබ වයසට යන විට අත්අකුරු වෙනස්වීම ස්වභාවිකයි. අත් දල දඬු වීම ඇඟිලිවල තද බව හරි ඇස් පෙනීමේ දුර්වලතා මෙයට බලපෑ හැකියි. නමුත් මේ තත්ත්වය මතුවෙන්නේ හිටි අඩියේම නොවේ. කාලාන්තරයක් යන විට ක්‍රම ක්‍රමයෙනුයි. නමුත් පාර්කින්සන් වලදී මෙය ගහෙන් ගෙඩි එන්නාක් මෙන් හිටි අඩියේ සිදුවන වෙනසක්.

ගඳ සුවඳ නොදැනීම

සමහර ආහාර වර්ගවල සුවඳ දැනෙන් නෑ කියලා වැටහෙනවද? කෙසෙල් වැනි පලතුරක අච්චාරුවක් වගේ ආහාරයක ගඳ සුවඳ නොදැනේද? එසේනම් ඔබ වෛද්‍යවරයකු කරායාම සුදුසුයි.

සාමාන්‍ය තත්ත්වයේදී උණ, සෙම්ප්‍රතික්ශ්‍යාව, නාසයේ සෙම හිරවීම වගේ අවස්ථාවලදීත් ගඳ සුවඳ දැනෙන්නේ නැහැනේ. නමුත් ඒවා තාවකාලිකයි.

නින්ද අවුල්ද?

ඔබේ නින්ද අවුල්සහගතද? නින්දෙන් දඟලනවාද? අතපය ගසා දමනවද? තව කෙනෙකුට ඔබ සමඟ ඇදේ නිදාගන්න නොහැකි තරම් අතපය විසිකරනවද. නැතිනම් බොහෝවිට නිදාගන්නේ ඇඳේ වුණාට උදේ නැගිටින විට බිමද. මේ කියන්නේ පාර්කින්සන් අවදානම ගැන තමා.

සාමාන්‍යයෙන් නින්ද නැතිව ඇදේ පෙරැළි පෙරැළි ඉන්න එක අමුත්තක් නොවේ. නමුත් නිතරම තමන් නොදැනුවත්වම අතපය එහෙ මෙහෙ විසිවෙන එක දමාගසන එක ගැනයි මේ කියන්නේ.

ඇවිදීම අත් පා චලනය අසීරුද?

අතපය ශරීරය තද දළ දඬු ස්වභාවයක් ඔබට දැනෙවද? නමුත් සමහර විට ඔබ ඇවිදින විට චලනය ආරම්භ කරන විට ඒ ගතිය නැතිව යනවා ඇති. ඉතින්, එසේ නොවෙනවා කියන්නේ පාර්කින්සන් අවදානම ඇතිවිය හැකි බවයි. ඔබ ඇවිදිනවිට අත්දෙක චලනය නොවී තිබෙන බව පෙනෙනවද? උරහිසේ සහ ඉඟටියේ තද බව හෝ වේදනාවක් දැනෙනවද? මේ කියන්නේ පාර්කින්සන් ගැනයි. සමහරු තමන්ගේ කකුල් පොළවට ඇලවිලා වගේ දැනෙනවා කියලත් කියනවා.

සාමාන්‍යයෙන් අතරයිටිස් වගේ රෝග වලදිත්, උරහිස අත්පා, ඉඟපස ප්‍රදේශයන්හි ඇතිවන අනතුරු නිසා මේ අන්දමේ රෝග ලක්ෂණ දක්නට පුළුවන්. නමුත් ඒවා තාවකාලිකයි.

මළ බද්දය දිගටම

දිගින් දිගටම මළ බද්ධය තත්ත්වය පාර්කින්සන් ගැන අනතුරු ඇඟවීමක් විය හැකියි. 

සාමාන්‍යයෙන් අවශ්‍ය තරම් ජලය සහ කෙඳිති ද්‍රව්‍ය ආහාරයට එක්කර ගන්නේ නැති වීටත් මළ බද්ධය ඇතිවෙනවා. සමහර ඖෂධ වලිනුත් මේ තත්ත්වය ඇතිවෙනවා. නමුත් ඒවාගේ සාධාරණ හේතුවක් නැතිව එන මළ බද්ධය ගැනයි මේ කියන්නේ.

කටහඬ අවුල්ද?

මම හොඳට කතා කරද්දිත් මේ අයට ඇහෙන්නේ නෑනේ කියලා හිතෙන වෙලාවල් ඇති. ඔබ සාමාන්‍ය විදියට කතාකළත් ඔබේ හඬ සිහින් දුර්වල හඬක් ලෙස පිටවෙනවා නම් එයත් පාර්කින්සන් ගැන සොයාබලන්න දෙන අනතුරු සංඥාවක්.

සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ ආසාදන වෛරස ආසාදන නිසාත් හඬ දුර්වල වෙනවා. නමුත් ඒවා තාවකාලිකයි.

වෙස් මුහුණක් ඇන්දා වගේද?

කිසිම ගැටලුවක් තරහක් නැතිවත් බුම්බාගත් තරහගිය තද ඇදීගිය මුහුණුවරක් නිතරම ඔබෙන් දිස් වෙනවාද. හරියට වෙස්මුහුණක් ඇන්දා වගේ මුහුණේ මාංශ පේශීන් ඉහිල්ව ලිහිල් ගතියකින් තොරව හැමවිටම දක්නට ලැබෙනවාද?
ඒ වගේම ඔබේ ඇස්වල කිසිම ප්‍රාණවත් ගතියක් හැඟීමක් නැති බවක් දිස්වෙනවාද? ඇසිපිය ගහන වේගය අඩුද එහෙනම් පාර්කින්සන් ගැන පරීක්‍ෂාව හොඳයි.

සමහර බෙහෙත් වර්ගවලටත් ඔයවගේ හැඟීම් දැනීම් නැති වෙස්මුහුණු තත්ත්වය ඇතිවුණත් එය බේත් නැවැත්වූ පසු සාමාන්‍ය බවට පත්වෙනවා.

කැරෙකෙන ගතිය සහ ක්ලාන්තය

හිඳගෙන හිටියත් නැගිටින හැම විටම කැරකිල්ල වගේ විසිවෙන ගතියක් දැනෙනවාද? එය අඩු රුධිර පීඩනය ගැන අනතුරු හැඟවීමක්. එකවර හිටගන්නා විට ඉඳහිට ඇතිවෙන අසම බර බව සාමාන්‍යයක්. නමුත් දිගටම ගියොත් එය අනතුරු ඇගවීමක්.

කුදු ගැහීම

පුරුදු පරිදි කෙලින් සිටගන්න අසීරුද කුදු ගැහිලා ඉදිරියට වාංගුවෙලා වගේ වෙරක් අරගෙන හිටගන්නවානම් එය දිගටම තියනවානම් පාර්කින්සන් ගැන වෛද්‍යවරයා එක්ක කතා කරන ඒක හොඳයි.

ඇස්වල ආබාධ හන්දි කැක්කුම් තුවාල හෝ සමහර රෝග තත්ත්ව නිසාත් මෙබඳු තත්ත්වයක් ඇතිවුවත් ඒවා තාවකාලිකයි. නමුත් දිගින් දිගට මේ තත්ත්වය ඇත්නම් ඒ ගැන සැලකිලිමත් විය යුතුය.

♦ සුගත් පී කුලතුංගආරච්චි

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Aug 2017 07:03 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/21247.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/21248.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/21249.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/21250.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/21251.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/21252.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/21245.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/21246.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
25 Aug 2017 07:04 PM
ammo බයෙ බැහැ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
26 Aug 2017 08:56 AM
සේව් කරගන්න වටින ලිපි පෙලක්ම තියෙනවා මල්ලි.
මෙහෙම හරි මේවා බලන්න දාන එකත් ගොඩක් වටිනවා.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Aug 2017 07:26 PM

කෘත්‍රිම රස කාරක
තහනම් කළ යුත්තේ ඇයි?


මානව විද්‍යාවට අනුව (Anthropology) නූතන හෝමෝ සේපියන් සේපියන්ස්‌ මහ පොළොව මත බිහි වී දැනට වසර ලක්‍ෂයක පමණ කාලයක්‌ ගත වී ඇති අතර, ඉන් වසර 90,000 ක්‌ම ගත කොට ඇත්තේ ශිලා යුගයේය. මෙම ශිලා යුගයේ නොහොත් පැලියොලිතික යුගයේ දඩයක්‌කාරයන් සහ ආහාර ද්‍රව්‍ය රැස්‌ කරන්නන් ලෙස අප ගත කළ යුගයේ විකාශනය වූ, වර්ධනය වූ ජානවල ලක්‍ෂණ තවමත් අප සතුව පවතින බවත්, අපගේ මුතුන්මිත්තන්ගේ පරිසරයට විශේෂයෙන් ඔවුන්ගේ ආහාරවලට දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පරිණාමය වූ අනුවර්තනය වූ අපගේ ජාන ඒ හැටි වෙනසකට ලක්‌ වී නොමැති බවත් නූතන මානව විද්‍යාඥයන් අවධාරණය කරයි. ඒ යුගයේ අනුභව කළ ආහාරවලට සමාන ආහාර අද දවසේ ද අපගේ ශරීර ඉල්ලා සිටී. නූතන මිනිසාගේ ජාන සකස්‌ වූ මුල් යුගයේදී ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් වර්තමාන අපගේ පෝෂණ අවශ්‍යතාවන්ගෙන් යම් දුරකට වෙනස්‌ වූවක්‌ වෙයි. උදාහරණයක්‌ ලෙස අධික කායික ශ්‍රමයක්‌ වැගිර වූ ඔවුන්ගේ ශක්‌ති අවශ්‍යතාව නූතන මිනිසාට වඩා දෙතුන් ගුණයකින් වැඩිය. ආදි මානවයන්ගේ ක්‌ෂණික ශක්‌ති අවශ්‍යතාවයන් සැපිරුවේ පලතුරු සහ මීපැණි වැනි ස්‌වභාවික පැණි වර්ගයන්ගෙනි. පලතුරු පැණි රසැති වන අතර අපගේ මොළය පැණි රස තවමත් වැඩි වැඩියෙන් ඉල්ලා සිටී. එහෙත් අවාසනාවකට අද අපගෙ පැණි රසට ලොල් දිවවල් පිනවන්නේ පලතුරු වල ඇති ස්‌වභාවික සීනිවලින් නොව කෘත්‍රිම සීනි වලිනි. ඒ කෘත්‍රිම සීනි තෙල් සහ පිටි සහිත ආහාර පමණට වඩා ගැනීම අපව විනාශය කරා ගෙන යයි.


අද දවසේ උපදින සෑම දරුවකුම මූලික රස පහක්‌ සඳහා මොළයේ රස සඳහා සංවේදි ප්‍රතිග්‍රාහක සහිතව උපදී. පැණි රස, ලුණු රස, තිත්ත, ඇඹුල් හා උමාමි යන රසයන් ඒ රසයන් වෙයි. මේ රසයන් සඳහා අපගේ මොළය සංවේදි වී ඇත්තේ හේතු සහිතවය. අප්‍රිකානු බිමේ පරිණාමය වූ ආදි මිනිසුන් අද අප මෙන් ප්‍රොaටීන බහුල ආහාර හඳුනාගෙන සිටියේ නැත. ප්‍රොaටීන අවශ්‍යතාවය සඳහා ඔවුන් දැන සිටි ප්‍රමුඛම ආහාරය සත්ත්ව මාංශය විය. අපේ ආදි ඥාතීන් දඩයක්‌කාරයන් බවට පත් කරන්නට හේතු වූ මූලිකම පෝෂණ විද්‍යාත්මක කාරණය වූයේ මෙයයි. අපේ ආදි ඥාතීන් කොයිතරම් මාංශ ලෝලීන් වීද යත් මහ පොළොව මත සිටි සියලු මැමත් ලා ආහාරයට ගන්නා ලදී. මාංශ සහිත ආහාරවල ලාක්‌ෂණික රසය වන්නේ උමාමි රසයයි. හිම යුගයේ පිනි මුවන් සිටියේ මධ්‍යධරණී සහ මධ්‍යම යුරෝපයේය. තුන්ද්‍රd තෘණවලට ලොල් වූ පිනි මුවන් ගේ මාංශයද අපේ පැරැන්නන්ගේ රසවත් ආහාරයක්‌ විය. හිම යුගය අවසන් වී ක්‍රමයෙන් හිමෙන් වැසී තිබුණු තුන්ද්‍රd බිම් මහා වෘක්‌ෂයන්ගේ අණසකට යටත් වන්නට පටන් ගැනිණ. මහ කැලයට නොව තුන්ද්‍රd තෘණ බිම්වලට හැඩ ගැසී සිටි පිනි මුවන් ක්‍රමයෙන් තුන්ද්‍රdව සමඟ උතුරට සංක්‍රමණය විය. මහ කැලයේ ජීවිතයට හුරු වන්නට සහ පිනි මුව මාංශය හැර වෙනත් ආහාරයකට හැඩ ගැසෙන්න අකමැති වූ අපේ පැරැන්නන්ගෙන් කොටසක්‌ද පිනි මුවන් සමඟ උතුරු අර්ධ ගෝලයට සංක්‍රමණය විය. ග්‍රින්ලන්තයේ දී අපට දැන් හමු වන්නේ එසේ පිනි මුවන්ගේ මාංශය නොහොත් උමාමි රසයට ලොල් වූ ඒ ආදි වාසීන්ගේ වර්තමාන පරම්පරාවන් වේ.

උමාමි රසය නූතන විද්‍යාත්මකව අප හඳුනාගන්නේ ග්ලුටමික්‌ අම්ලය ලෙස ය. ග්ලුටමික්‌ ඇසිඩ් යනු මිනිසාට අත්‍යවශ්‍ය ඇමැයිනෝ අම්ලයක්‌ වෙයි. එම්.එස්‌.ජී. (MSG) යනු කෘත්‍රිමව නිෂ්පාදනය කරනු ලබන ග්ලුටමික්‌ ඇසිඩ්වල සෝඩියම් ලවනය වේ. එය Monosodium glutamate ලෙස රසායනිකව හැඳින්වේ. MSG ලොවට හඳුන්වා දුන්නේ ජපානයේ අජිනමොටෝ (“Ajinomoto&rdquo සමාගමයි. MSG සහ MSG කාණ්‌ඩයේ රසායනික ද්‍රව්‍යවලින් ආහාරයේ රසය උද්දීපනය කරයි. මාංශ ප්‍රොaටීනවලට අප තුළ සැඟව තිබෙන කෑදරකම ඉස්‌මතු කරවයි.

1977 න් පසු ලංකාව ආක්‍රමණය කළ MSG අද දවස වන විට එක්‌ පුද්ගලයකු විසින් වර්ෂයක්‌ තුළ දී ග්‍රෑම් 110 ක්‌ පමණ ගිල දමයි. මේ අනුව වර්ෂයක දී මෙරටට ආනයනය කරනු ලබන MSG ප්‍රමාණය මෙටි්‍රක්‌ ටොන් 2,200 ක්‌ පමණ වෙයි. මෙය මුදලින් ගත්තොත් වසරක දී රුපියල් තුන් කෝටි හැට හතර ලක්‌ෂයක්‌ පමණ වෙයි. ඇමරිකාව, චීනය, ජපානය ප්‍රමුඛ ලොව ධනවත් රටවල්වල බහුජාතික සමාගම් විසින් අද දවස වන විට එම්.එස්‌.ජී. මෙටි්‍රක්‌ ටොන් මිලියනයක්‌ පමණ නිෂ්පාදනය කරයි. ඉතා විශාල වශයෙන් වැඩි වෙමින් තිබෙන වෙළෙඳපොළ ඉල්ලුම අඛණ්‌ඩව පවත්වාගෙන යැම උදෙසා මෙකී සමාගම් ඕනෑම දෙයක්‌ කිරීමට සැදී පැහැදී සිටී. ඒ නිසා එම්.එස්‌.ජී. කාණ්‌ඩයේ කෘත්‍රිම ආහාර රස කාරක මුළුමණින්ම තහනම් කරන්නට මේ සමාගම් ඉඩ දෙන්නේ නැත.

එම්.එස්‌.ජී. වල සෞඛ්‍ය බලපෑම,


ඇමරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය විසින් එම්.එස්‌.ජී. හානිකර බවට පොදුවේ හඳුනා ගෙන නොමැත" (Generally recognized as safe) යන කාණ්‌ඩයට ඇතුළත් කර ඇත්තේ 1995 වසරේ සිටය. ඒ සඳහා පාදක කර ගත් විද්‍යාත්මක ක්‍රමවේදය ප්‍රශ්නකාරී බව ඇතැම් විද්‍යාඥයන් ප්‍රකාශ කරයි. මෙහි හානිකර භාවය පිළිබඳ කෙරුණු පර්යේෂණ බොහෝ ප්‍රමාණයක්‌ ඇත. එමෙන්ම විශේෂඥයන් විසින් ලියා ඇති පොත් සංඛ්‍යාවද බොහෝය. කෙසේ වෙතත් ලොව ආහාර කර්මාන්තයේදී භාවිත කෙරෙන කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයන් (ආහාර ආකලන) අතරින් සෞඛ්‍ය හානිය පිළිබඳ වැඩිම ආන්දෝලනයට පත්ව ඇති රසායනික ද්‍රව්‍යයක්‌ වන්නේ ද එම්.එස්‌.ජී. ය. මෙමගින් සිදු වන සෞඛ්‍ය බලපෑම් රාශියක්‌ පිළිබඳ කථා කෙරෙන අතර පහත දැක්‌වෙන්නේ ඉන් කිහිපයකි.

ෆ එම්.එස්‌.ජී (MSG) සහිත ආහාරය නිතර අනුභව කරන්නෙකුට අධික පිපාසයක්‌ දැනීම. ඔලුවේ කැක්‌කුම, ඔක්‌කාරයට ඒම, හෘද ස්‌පන්ධනය වැඩි වීම, පපුවේ කැක්‌කුම, හුස්‌ම ගැනීමේ අපහසුව, බෙල්ලේ සහ අත පයවල හිරි ගතියක්‌ ඇති වීම, නිදිමත ගතිය, මලබද්ධය, ආමාශයේ දැවිල්ල වැනි රෝග ලක්‌ෂණ ඇති විය හැකිය. මෙය "චයිනීස්‌ රෙස්‌ටොරන්ට්‌ සින්ෙඩ්‍රාම්" නමින් හඳුන්වයි. මෙම රෝග තත්ත්වයන් ඇතැමුන්ට බරපතළ විය හැකි බැවින් තමන් ගනු ලබන ආහාර පානාදිය සම්බන්ධව දැඩි සේ අවධානය යොමු කළ යුතු බව විශේෂඥයන් අවධාරණය කරයි. * අධික පරිභෝජනය නිසාවෙන් ශරීරයේ මේදය තැන්පත් වීම ඉහළ නන්වන බව සතුන් ආශ්‍රිතව කර ඇති පර්යේෂණවලින් සනාථ වී ඇත. ස්‌වභාවික තත්ත්වයන් තුළ මීයන් තරබාරු නැත. පර්යේෂණ සඳහා රසායනාගරවල තරබාරු මීයන් ඇති කර ගැනීමට මීයන්ට කෘත්‍රීමව එම්.එස්‌.ජී. එන්නත් කරයි

වත්මන් ඇමරිකානු ජනතාවගේ තරබාරුව සඳහා ප්‍රමුඛතම හේතුවක්‌ වී ඇත්තේ එම්.එස්‌.ජී. අඩංගු ෆාස්‌ට්‌ ෆුඩ් බව වෛද්‍ය රොබින් සිකා Robin sika විසින් ලියා ඇති The slow poisoning America නැමති කෘතියෙන් පෙන්වා දී ඇත


කෘත්‍රිම රසකාරක පිට ආහාරයට ගත් මීයෙකු සහ රස කාරක ආහාරයට නොගත් මීයෙකු පරීක්ෂණ අවස්‌ථාවකින් පසු

ෆ පිළිකාව දියවැඩියාව, හදවත් රෝග ආදී බොහෝ බෝ නොවන රෝගවලට හේතු විය හැකිය. මොළයේ යහපත් ක්‍රියාකාරීත්වයට බරපතල ලෙස බලපායි. මෙය ස්‌නායු විෂකාරකයක්‌ ලෙස හැඳින්වෙයි. (Neurotoxin) මඳ සරුභාවයට, වඳභාවයට සහ ලිංගික බෙලහීනතාවයට ද හේතු විය හැකිය. ස්‌නායු සෛල විශේෂඥ වෛද්‍යවරයකු වන වෛද්‍ය රසල් බ්ලේලොක්‌ Dr Russell Blaylock විසින් රචනා කර ඇති Excitotoxins : the Taste that kills යන කෘතියේ එම්.එස්‌.ජී. වල මෙම විෂභාවය පිළිබඳව විද්‍යාත්මකව සහ සවිස්‌තරාත්මකව පැහැදිලි කර ඇත.

* එම්.එස්‌.ජී. ගර්භනී මවුවරුන්ට සහ ළමයින්ට අතිශයින්ම හානිකර විය හැකි බව සොයා ගෙන තිබෙනවා. මෙම රසායනිකය මවගේ වැදෑමහ ඔස්‌සේ කළලයේ මොළය දක්‌වාම ගමන් කරන බවත් මොළයේ සෛලවලට සැලකිය යුතු හානියක්‌ සිදු කරන බවත් සොයා ගෙන තිබෙනවා. මෙම තත්ත්වය බිහි වන ළදරුවන් ළමයින් වූ පසු ඔවුන්ට ස්‌නායු ආබාධ සහ මතකය දුර්වල වන්නට හේතු වන බව පර්යේෂණ වලින් සොයා ගෙන තිබෙනවා .

* එම්.එස්‌.ජී. ප්‍රබල ඇබ්බැහිකාරකයන් වන අතර, මේවා අඩංගු ආහාර අනුභව කරනු ලබන මිනිසුන්ට ස්‌වභාවික ආහාරවල රස සුවඳ නොදැනී යනු ඇත. එම්.එස්‌.ජී. වලට ඇබ්බැහි වූ දරුවන්ට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සපිරි ගුණවත් ස්‌වභාවික ආහාර ඇලජික්‌ වනු ඇත. ලංකාවේ කුඩා දරුවන්ට කෑම කැවීම යම යුද්ධයක්‌ව ඇත්තේ ඔවුන්ට ලබා දෙන ක්‍ෂණික කෘත්‍රිම කඩචෝරුවල තිබෙන මෙම එම්.එස්‌.ජී. ය. මක්‌ නිසාද යත් අපගේ මොළයේ රස ග්‍රාහක ප්‍රදේශයන් ආදි යුගයේ පටන් එම්.එස්‌.ජී. වලට මැනවින් පදම් වී තිබෙන බැවිනි.

* ඇමරිකානු කෘත්‍රිම ක්‍ෂණික ආහාර සංස්‌කෘතිය සහ වෙළෙඳාම මුළුමනින්ම පාහේ MSG සහ එම කාණ්‌ඩයේ කෘත්‍රිම රස ප්‍රවර්ධක මත පදනම්ව පවතී. සුපිරි ආපනශාලාවල සහ මෙරට ඇති සියලුම හෝටල් ආපනශාලා තුළ අලෙවි කෙරෙන ආහාරවල කටට කෙළ උනන රහස වන්නේ මෙම රස කාරකයයි. මික්‌ෂර්ස්‌, බයිට්‌ පැකට්‌ එකෙන්, සුප් කැටයෙන් පටන් ගත්තාම, සෝයා මිට්‌, හැම්, බේකන්, සොසේජස්‌, මීට්‌ බෝල් මෙන්ම වඩේ, පැටිස්‌, සමෝසා, මාලු පාන් වැනි ආහාර ඇතුළු වෙළෙඳපොළේ සැරිසරන බොහොමයක්‌ සකස්‌කළ ආහාර වර්ග වල MSG තිබෙන්නට පිළිවන. MSGල ආහාර තුළ පාරිභෝගිකයා නොමඟ යවන ආකාරයෙන් සඟවා තිබෙනු ද නිරීක්‌ෂණය කළ හැකිය. උදාහරණ - "ස්‌වාභාවික රසකාරක", "අනුමත රස කාරක", "රස යාමනයන්", වැඩි දියුණු කළ ආහාරමය පිෂ්ඨය, "අරුම පුදුම උම්මලකඩ කුඩු, චිලි පේස්‌ට්‌, ස්‌වාභාවික චිකන් රසය", "දැල්ලන්, මාළු රසය", "ආහාර පදම්කාරක", මේවායේ ද බොහෝ විට තිබෙන්නේ එම්.එස්‌.ජී. ය.

* E අංකය, 620 සිට 637 දක්‌වා සඳහන්ව තිබෙනුයේ ග්ලුටමේට්‌ (MSG) කාණ්‌ඩයේ ආහාර රස කාරකයන් ය.

* කෘත්‍රිමව MSG ලබා ගත හැකි මාත්‍රාව පිළිබඳ විවිධ මතවාද තිබෙනවා. කොහොම උනත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වන්නේ ළදරු ආහාර සඳහා MSG භාවිත නොකළ යුතු බවයි, ස්‌වාධීන පර්යේෂණ වාර්තා පෙන්වා දෙන්නේ, එක්‌ ආහාර වේලක MSG ග්‍රෑම් දශම 5 කට වඩා (0.5 ට) තිබීම හානි කර බවයි. (Federation of American Societies for Experimental Biology) එහෙත් අවාසනාවකට ලංකාවේ හෝටල් වල පිළියෙල කරනු ලබන එක්‌ කොත්තුවක, ප්‍රයිඩ් රයිස්‌ එකක MSG ග්‍රෑම් 6 ක්‌ පමණ තිබෙන බව සැලකිය යුතුය.

විකල්ප ප්‍රෝටීන ප්‍රභවයන් දැන නොසිටි අතීත මිනිසාගේ පැවැත්ම සඳහා මාංශ ප්‍රොaටීන සහ උමාමි රසය වැදගත් වුවද නූතන මිනිසාගේ පැවැත්ම සඳහා උමාමි රසය මෙන්ම මාංශ ප්‍රොaටිනවලද ඓතිහාසික වැදගත්කමේ ප්‍රමුඛතාවය අහෝසි වී ඇත. ඇමරිකානුවන්ට දියුණු ස්‌වභාවික ආහාර සංස්‌කෘතියක්‌ ඇත්තේ නැත. එමෙන්ම ඔවුන්ට අපට මෙන් ස්‌වභාවික රසකාරක ඇත්තේද නැත. ශ්‍රී ලංකාව අතීතයේ ප්‍රසිද්ධියට පත්ව තිබුණේ ද මේ ස්‌වභාවික රසකාරක නිසාය. ඔවුන්ගේ ආහාර වෙළෙඳාම ජනප්‍රිය කරවන්නට නම් අතීත ආදී ගෝත්‍රික යුගයේදී වැඩි වර්ධනය වුණු අපගේ කෑදරකම තව තවත් ටියුන් කළ යුතුය. එබැවින් ආර්ථීක වශයෙන් මෙන්ම සෞඛ්‍යමය වශයෙන්ද හානි සිදු වන මෙම කෘත්‍රිම රස ප්‍රවර්ධක යාමනය හා නියාමනය කිරීමේ වැදගත්කම අපි අවධාරණය කරමු.

Ö ගැමුණු සාලිය පෙරේරා
පුහුණු උපදේශක - වස විස නැති ආහාර
ජාතික ආහාර වැඩසටහන
උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Aug 2017 07:29 PM

විශේෂ ලිපි පෙළ
ඇඟ කෙට්‌ටුද, මෙන්න බෙහෙත්

ප්‍රශ්නය - පසුගිය සතියේ පළවූ මේ ලිපියේ මුල් කොටසින් ඔබ පෙන්වා දුන්නා ආහාර නිසා රෝගී පරපුරක්‌ බිහිවන අයුරු. එසේම කෙනකුගේ පැවැත්මට බලපාන ප්‍රමුඛ සාධක ලෙස ආයුර්වේදයේ දක්‌වා තිබෙන ආහාර, නින්ද, ලිංගික කටයුතු යනාදිය පමණ ඉක්‌මවා කිරීමට ඇබ්බැහි වුණාම පුද්ගලයකුගේ ශාරීරික සහ මානසික සමතුලිතභාවය වියෑකී යන බව ඔබ සමඟ අප කළ සාකච්ඡාවේදී සඳහන් වුණා. අද මා ඔබෙන් අසන්නේ වැදගත් ප්‍රශ්නයක්‌. මේක බොහෝ මවුවරුන්ට මෙන්ම නව යොවුන් අයටත් තිබෙන ප්‍රශ්නයක්‌. ඒ තමයි සමහර අම්මලා හැම විටම පැමිණිලි කරනවා කොතරම් කන්න දුන්නත් තමන්ගේ දරුවා කෙට්‌ටු බව. ඒ අතර සමහර නව යෞවන යෞවනියන් කියනවා කොතරම් ආහාර ගත්තත් ශරීරය කෙට්‌ටු බව. සමහර තරුණියන් හිතනවා ශ්වේත ප්‍රදරය හෙවත් සුද යැම නිසා තමන් කෙට්‌ටු වනවා කියලා. ඒ අතර තරුණ පිරිමි ළමුන් හිතනවා ස්‌වප්න මෝචනය වගේ දේවල් නිසා ඇඟ කෙට්‌ටු වන බව. ඇත්තටම මෙයට හේතුව මොකද්ද?

වෛද්‍ය අයේෂා කළුආරච්චි - ශ්වේත ප්‍රදරය සහ ස්‌වප්න මෝචනය කියන සාධක දෙක ප්‍රමාණය ඉක්‌මවා දරුණු ලෙස සිදු වෙන්නට පටන් ගත්තාමත් ශරීරය කෙට්‌ටු වෙනවා. මෙහිදී කෙට්‌ටු වීම දෙආකාරයෙකින් සිදු වෙනවා.

පළමුව රෝග තත්ත්වය නිසා කෙට්‌ටු වෙනවා. දෙවනුව රෝග තත්ත්වය නිසා ඇතිවන මානසික ආතතිය නිසා සිදු වෙනවා. ඒ කියන්නේ සමහර තරුණියන් "අනේ මට සුද යනවා" කියා ලතවෙමින් ඒ ගැන කල්පනා කරනවා. එවිට හටගන්නා මානසික ආතතිය නිසා ආහාර අවශෝෂණය හරියාකාරව සිදු වෙන්නේ නැහැ. පිරිමි ළමයින්ගේ තත්ත්වයත් එයමයි. එහෙත් වැදගත් ම සාධකය වන්නේ ආහාර රටාවේ වරදයි. ඒ අතර සමහරු ඉන්නවා, හොඳට බඩගිනි එනවා. කොයි වෙලාවේ ආහාර දුන්නත් කන්න පුළුවන්. හැබැයි ආහාර දිරවලා ඇඟට අවශෝෂනය කරන්න ශක්‌තිය නැහැ. ආයුර්වේදයේ එනවා ශක්‌තීන් දෙකක්‌. එකක්‌ -වරණ ශක්‌තිය, අනෙක අභ්‍යාවරණ ශක්‌තිය. -වරණ ශක්‌තිය කියන්නේ ජීරණය කර ගැනීමේ ශක්‌තිය. සමහරුනට මේ ශක්‌තිය නැහැ. හැබැයි ආහාර ගැනීමේ ශක්‌තිය හෙවත් අභ්‍යාවරණ ශක්‌තිය තිබෙනවා.

මේ ගැන හරියටම දැන ගනිමු ලබන සතියේ.

නොමිලේ විස්‌තර සඳහා
- 0766739977, 011-5708567

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Aug 2017 07:32 PM

තයිරොයිඩ් පිළිකාවේ සැබෑ ස්‌වභාවය මෙන්න

ප්‍රශ්නය - තයිරොයිඩ් පිළිකාව මාරාන්තිකද යන කාරණය ද ඇතුළුව ඒ ආශ්‍රිත තොරතුරු රාශියක්‌ ගැන පසුගිය සතියේදී අප ඔබ සමඟ සාකච්ඡා කළා. අප සාකච්ඡාව අවසන් කළේ වායු ගෙඩියක්‌ තුළ හෝ ආශ්‍රිතව හට ගන්නා පිළිකාවක රෝග ලක්‍ෂණ ගැනයි.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මෙහිදී සාකච්ඡා කළ යුතු වැදගත් කාරණයක්‌ තිබෙනවා. ඒ තමයි තයිරොයිඩ් පිළිකාවක්‌ ශරීරයට බලපාන්නේ කොයි විදියට ද කියන එක. ආහාර ජීර්ණය, හෘද ස්‌පන්දන වේගය, හෘදයේ උෂ්ණත්වය පවත්වා ගෙන යැම යන කාරණාවලට බලපාන හෝමෝන වර්ග නිෂ්පාදනය කරන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය මගිනි. තයිරොයිඩ් පිළිකාවක්‌ හට ගත්තාම තයිරොයිඩ් ග්‍රන්ථිය තුළ අසාමාන්‍ය සෛල වර්ධනයක්‌ හට ගන්නවා. එවිට ගෙල ප්‍රදේශයේ සහ තයිරොයිඩ් ග්‍රන්ථිය මත අර්බුද හට ගන්නවා. ඒ සමගම හෝමෝන නිෂ්පාදන ක්‍රියාවලිය වෙනස්‌ වෙනවා.

ප්‍රශ්නය - තයිරොයිඩ් පිළිකාව සුවපත් කළ හැකිද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - වැඩි හරියක්‌ සුව කළ හැකියි. සෙසු ඒවා කළමනාකරණය කරගෙන ජීවත් විය හැකියි. සිද්ධාධි සුව තෛලය නමැති ඖෂධීය තෙල් වර්ගය පිළිකාව පවතින ප්‍රදේශවල ආලේප කිරීම සහ සුදුසු කසාය වර්ග පානයෙන් සුවය මෙන්ම කළමනාකරණය යන ඉලක්‌ක දෙකට ළඟා විය හැකිය. නිසි පරිදි ප්‍රතිකාර කළොත් තයිරොයිඩ් පිළිකාවලින් 97% ක්‌ ම සුවපත් කර ගන්නට පුළුවන්. දේශීය වේවා, ආයුර්වේද වේවා, බටහිර වේවා, අවශ්‍ය වන්නේ නිසි ප්‍රතිකාරයයි.

ප්‍රශ්නය - තයිරොයිඩ් පිළිකාවක්‌ ශරීරයේ වෙනත් තැන්වලට ගමන් කිරීමට කොතරම් කලක්‌ ගත වෙනවද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - තයිරොයිඩ් පිළිකාවක්‌ ශරීරයේ වෙනත් තැන්, විශේෂයෙන් ම පපුව හා ආශ්‍රිත ප්‍රදේශවලට ගමන් කරන්නේ වසා ගැටිති හරහා බව ඔබ දන්නවා. තයිරොයිඩ් පිළිකාව පැතිරෙන සෙසු කොටස්‌ ලෙස පෙණහලු, අක්‌මාව සහ අස්‌ථිත් හඳුනාගෙන තිබෙන බවත් ඔබ දන්නවා. එම පිළිකාව පැතිර යැමට නිශ්චිත කාලයක්‌ කියන්න බැහැ. සමහර විට දින 60 ක පමණ කාලයක්‌ තුළත් එය පැතිර යැම සිදුවිය හැකියි.

ප්‍රශ්නය - හතරවන අවස්‌ථාවේ තයිරොයිඩ් පිළිකා (Stage 4) යනුවෙන් වර්ගයක්‌ තිබෙන බව අප අසා තිබෙනවා.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මෙයට කියන්නේ Anaplastic තයිරොයිඩ් පිළිකාව කියලයි. මෙය ඉතා ඉක්‌මනට විශාල වන අතර වෛද්‍යවරුන් විසින් හඳුනාගන්නා අවස්‌ථාව වන විට හුඟක්‌ම විශාල වී මෙය හඳුනාගන්නා මුල් අවස්‌ථාවේදී ම බොහෝ විට වසා ග්‍රන්ථිවලට පැතිර ගොස්‌ අවසානයි.

ප්‍රශ්නය - බටහිර විද්‍යාත්මක ක්‍රමවලට අනුව, විකිරණ ප්‍රතිකාර සිදු කිරීමෙන් පසුත් මේ පිළිකා නැවත වැළඳීමේ හැකියාව තිබෙනවා.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඔව්. Papillary Carcinoma Thyroid පිළිකාව ලෙස හැඳින්වෙන පිළිකා වර්ගය වැළඳී තිබුණා නම් විකිරණ ප්‍රතිකාරවලින් පසුවත් නැවත හටගන්නවා.

ප්‍රශ්නය - Papillary Carcinoma පිළිකාවක්‌ හට ගන්නේ කොහොමද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - සිරුරේ ඇතිවන ජානමය විෂමතා හේතුවෙන් තමයි මෙය හටගන්නේ. සමහර විට විකිරණවලට නිරාවරණය වීමෙනුත් සෛල විකෘතිතා හට ගෙන මෙවැනි පිළිකා ඇති වීමට පුළුවන්.

නොමිලේ විස්‌තර සඳහා
0713464276/ 0759061771
අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Aug 2017 07:36 PM

සමේ රෝග හටගන්නා හැටි සහ ඒවා සුව කරගන්නා ක්‍රම

ò ශරීරයේ ඇති වැදගත්ම ඉන්ද්‍රියක්‌ වන සමෙන් සිරුරට සිදුකරන කාර්යභාරය කුමක්‌ද?

ò ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා

ශරීරයේ ඇති විශාලතම ඉන්ද්‍රිය වන්නේ සමයි. සිරුරේ ඇති අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ආරක්‍ෂා කිරීම සිරුරේ ඇතැම් ස්‌ථානවලට හැඩයක්‌ ලබාදීම, සිරුරේ උණුසුම නියමිත මට්‌ටමක තබා ගැනීම, ශරීරයට එකතු වන විෂ සහ අපද්‍රව්‍ය බහිස්‍රාවීය ක්‍රියාවලිය තුළින් සිරුරෙන් බැහැර කිරීම ඇතුළු වැදගත් කටයුතු රැසක්‌ සම තුළින් සිදුකරනු ලබනවා.

ò සම රෝගී වන අයුරු පිළිබඳ හැඳින්වීමක්‌ කළොත්·

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා

විවිධ හේතූන් මත පැන නැගෙන ගැටලුකාරී තත්ත්වයන් තුළින් සම රෝගී විය හැකියි. බාහිරින් පැමිණෙන ක්‍ෂුද්‍රජීවී ආසාදනවලින්ද සම රෝගී විය හැකියි. ස්‌පර්ශයෙන්, ලිංගික ක්‍රියාවලින් සහ අපිරිසිදුකම තුළින් එම රෝග ඇතිවිය හැකියි.

මීට අමතරව බෝනොවන රෝගද සමේ හටගත හැකියි. මෙම බෝ නොවන රෝග ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ රක්‌තය දූෂණය වීමයි.

ò රක්‌ත දූෂණය සමේ රෝග වලට ප්‍රධානතම හේතුවක්‌ නම් රක්‌තය දූෂණය වන හේතු සහ ඒ නිසා හටගන්නා සමේ රෝග මොනවාද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා

වා, පිත්, සෙම් දොaෂයන් අතුරෙන් පිත් දොaෂය අධික වූ විට එම තැනැත්තාගේ ශරීරයේ සෙම් දොaෂවල දායකත්වයෙන් සම වියළීම, ඉරිතැලීම හෝ කැසීම ආදී රෝග ලක්‍ෂණ ඇතිවිය හැකියි.

බිලිං, ගොරකා, සියඹලා, තක්‌කාලි, අන්නාසි ආදී විටමින් සී පදාර්ථයන් අඩංගු ආහාර වැඩියෙන් ගැනීමෙන් ඇස්‌කොටිස්‌ ඇසිඩ්, සිට්‌රික්‌ ඇසිඩ් බහුල වීමෙන් හා උෂ්ණාධික ආහාර වැඩිපුර ගැනීමෙන්ද රක්‌ත දොaෂ ඇතිවිය හැකියි. මීට අමතරව අධිකව නිදි වැරීම, දහවල් නිදා ගැනීම, කෘත්‍රිම ආහාර පාන වැඩිපුර ගැනීම, මත්පැන් පානය ආදි අහිතකර ක්‍රියාවන් නිසාද රක්‌ත දොaෂ ඇතිවිය හැකියි. ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන විවිධ දුර්වලතා නිසාද රක්‌තය දූෂණය විය හැකියි. දියවැඩියා රෝගීන් අධිකව පෙති භාවිත කිරීම නිසාද ඔවුන්ට සමේ රෝග ඇතිවිය හැකියි.

මෙම හේතු නිසා ඇතිවිය හැකි සමේ රෝග මොනවාද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා

විශේෂයෙන්ම සඳහන් කළ යුතු තත්ත්වයක්‌ වන්නේ සමේ පලු දැමීමේ අවස්‌ථාවයි. මෙම පලු දැමීම සිරුර පුරාම පැතිරී දරුණු පීඩාවන් ඇතිකළ හැකියි. ඊට අමතරව කුඩා බිබිලි හට ගැනීමද සිදුවිය හැකියි. මේවා ක්‍රමයෙන් කැසීමේ තත්ත්වයක්‌ දක්‌වා වර්ධනය වී පසුව තෙත් දියර වැගිරීම දක්‌වා වර්ධනය විය හැකියි. පසුව ඒවා තුවාල බවට පත්වීමද විය හැකියි. දෙපාවල දණහිසෙන් පහළ ප්‍රදේශවල සම පුපුරා දියර ගලන තත්ත්වයට පත්ව අධිකව කැසීමේ තත්ත්ව ඇතිවීමද සිදුවිය හැකි අතර බොහෝ විට මේවා ඇඟිලිකරු ආශ්‍රිතව හට ගැනීම සිදුවෙනවා.

සමේ රෝගවල දරුණුම තත්ත්වය වන්නේ කුෂ්ඨ රෝග අවස්‌ථාවයි. මෙම රෝග බොහෝවිට පෙර ආත්මවල සිදුකළ අකුසල කර්මවල ප්‍රතිඵල ලෙසද හැඳින්විය හැකියි. මෙවැනි රෝගීන් ප්‍රතිකාරවලට අමතරව ආගමික පසුබිම කරා යොමුවීමද ඉතා වැදගත් වෙනවා.

සමේ රෝග සුවකිරීම සඳහා ආයුර්වේදය සතුව ප්‍රතිකාර ක්‍රම තිබෙනවාද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා

දිගු ඉතිහාසයකට උරුමකම් කියන ආයුර්වේදය සතුව ඕනෑම රෝගයක්‌ සුවකිරීමට හැකි ප්‍රතිකාර ක්‍රමවේද තිබෙනවා. හැබැයි ඒ සඳහා ආයුර්වේද වෛද්‍යවරයා වෛද්‍ය ක්‍රම පිළිබඳ නිසි දැනුමක්‌ ඇති කෙනෙක්‌ විය යුතුමයි. නිවැරදිව ආයුර්වේදය ප්‍රගුණ කර ඇති වෛද්‍යවරයකුට ඕනෑම රෝගියෙක්‌ එම රෝගයෙන් නිට්‌ටාවටම සුවකිරීමේ හැකියාව පවතිනවා. විවිධ රෝග සඳහා හා ඒවා සුව කිරීමට විවිධ ඖෂධ වර්ග ආයුර්වේදයේ තිබෙනවා. ඒ අනුව සමේ රෝග සඳහා ද ආයුර්වේද ප්‍රතිකාර නිසි ලෙස ලබාගත්තොත් ඉතා කෙටි කාලයකදීම මෙම කරදරකාරී රෝග තත්ත්වය නිට්‌ටාවටම සුවකර ගැනීමේ හැකියාව රෝගීන්ට තිබෙනවා.

විවිධ රෝග වැළඳුණු රෝගීන් අප සුවකර තිබෙනවා. ඒ අනුව ආයුර්වේද ඖෂධ වලින් රෝග නිරෝග කිරීමේ ඇති විශ්මිත හැකියාවන් පිළිබඳ අත්දැකීමද ඕනෑ තරම් අප සතුයි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Aug 2017 07:39 PM

කුරුලෑවල ක්‍රීම් ගාලා විතරක්‌ වැඩක්‌ නැහැ

ප්‍රශ්නය - කුරුලෑ හට ගැනීමට හේතුව පිත් දොaෂය කුපිත වීම බවට තිබෙන ආයුර්වේද ඉගැන්වීම පසුගිය සතියේදී ඔබ අපට විස්‌තර කළා. නව යොවුන් විය, ආහාර රටාව, චර්යා රටාව නිසාත් පිත කුපිත විය හැකි ආකාරය ඔබ අපට පෙන්වා දුන්නා.

වෛද්‍ය චූලා විඡේරත්න - හැබැයි ආයුර්වේදය මගින් ඉතා ඉක්‌මනින් කුරුලෑ සුව කිරීමට හැකි බවත්, මෙහිදී සඳහන් කරන්න ඕනෑ. නිසි පෝෂණය මුහුණට ලබා දෙන ආහාර, පිත් දොaෂය මෙල්ල කරන කසාය, සම පැහැපත් කර කුරුලෑ ඉවත් කරන ආලේප ආයුර්වේදයේ තිබෙන බව මතක තබා ගත යුතුයි.

ප්‍රශ්නය - සමේ වර්ණය පිළිබඳ ඔබේ අර්ථකථනය කුමක්‌ද?

වෛද්‍ය චූලා විඡේරත්න - හැම කෙනෙක්‌ම සුන්දරයි. හැම කෙනෙක්‌ තුළම කුමක්‌ හෝ සුන්දරත්වයක්‌ තිබෙනවා. කැතයි, විරූපියි කියා කෙනෙක්‌ මේ ලෝකයේ නැහැ. කලු, සුදු, තලෙලු වැනි විවිධ වර්ණවල සම තිබෙන අය ඉන්නවා. මේ පාට කුමක්‌ වුවත් සහ පැහැපත් නම් ඒ තැනැත්තිය හෝ තැනැත්තා තවදුරටත් සුන්දර වෙනවා. සම පැහැපත් වන්නේ එම සම නිරෝගී වනවා නම් විතරයි.

ප්‍රශ්නය - නිරෝගී සමක්‌ කියන්නේ කොයි විදියේ සමක්‌ද?

වෛද්‍ය චූලා විජේරත්න - අධික වියළි භාවයක්‌ වගේම අධික තෙතමනයකුත් නැති සමක්‌ නිතරම නිරෝගී සමක්‌ ලෙස සලකන්නට පුළුවන්. එය රැළි නොවැටුන සමක්‌ විය යුතුයි. ඒ කියන්නේ අකාලයේ රැළි වැටීමි ඇති නොවිය යුතුයි. එසේම සම ශක්‌තිමත් විය යුතුයි. මෙයට අප කියනා දෘඪතාව කියලා.

ප්‍රශ්නය - දැන් අපි නැවතත් පසුගිය සතියේ පළ වූ මේ ලිපියේ මුල් කොටසේ පළමුවන ප්‍රශ්නය වෙත යොමු වෙමු. මොනවද කුරුලෑ කියන්නේ.

වෛද්‍ය චූලා විඡේරත්න - ආයුර්වේදයේ තිබෙනවා කුෂ්ට රෝග කියලා කාණ්‌ඩයක්‌. කුෂ්ඨ රෝග අතර විවිධ රෝග තිබෙනවා. උදාහරණයක්‌ වශයෙන් කිsටිබ රෝග හැඳින්විය හැකියි. බිබිලි සහිත තුවාල තවත් එකක්‌. කුරුලෑත් මේ වගේම සම මත හට ගන්නා රෝග තත්ත්වයක්‌ බව අප පසුගිය සතියේ ඔබට පැහැදිලි කළා. කුරුලෑ හට ගැනීමට පිත් දොaෂය වගේම ආහාර රටාවත් ප්‍රමුඛ වන බව පෙන්වා දුන්නා.

අද අප මස්‌ මාලු, මස්‌ මාලුවලින් සකස්‌ කළ ආහාර, ඒ කියන්නේ Processed food පන්තියට වැටෙන කෘත්‍රිම වර්ණය යෙදූ ආහාර සහ බීම වර්ග, කෘත්‍රිම රස කාරක යෙදූ ආහාර හා බීම වර්ග වැඩියෙන් පරිහරණය කරනවා. මේවායේ තිබෙනවා ඉතාම ඉහළ මට්‌ටමේ තෙල් සහිත සංයෝග. මේවා ශරීරයට ඉතාම අහිතකරයි. සමහර පැණිරස වර්ග අධිකව ආහාරයට ගත් විටත් කුරුලෑ හට ගන්නවා. නිදි වැරීමත් කුරුලෑ හටගැනීමට හේතුවක්‌.

ප්‍රශ්නය - නව යොවුන් වියේදී මුලදී කුරුලෑ එකක්‌ දෙකක්‌ එනවා. පසුව එය වසංගතයක්‌ වගේ මුහුණ පුරා පැතිර ගිහින් දිගු කලක්‌ සැරව ගලමින්, කසමින් තිබෙනවා. මෙවැනි තත්ත්වයකදී කළ යුත්තේ කුමක්‌ද?

වෛද්‍ය චූලා විඡේරත්න - බාහිර ප්‍රතිකාරවලින් විතරක්‌ කුරුලෑවක්‌ පාලනය කරන්න බැහැ. හුඟ දෙනෙක්‌ කුරුලෑවක්‌ මතු වුණාම ක්‍රීම් වර්ගයක්‌ බාහිරව ආලේප කරනවා. එය නිවැරැදි නැහැ.

එහෙනම් නිවැරැදි ක්‍රමය මොකක්‌ද - ලබන සතියේ කියවමු.

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Aug 2017 07:41 PM

අංශභාගයෙන් පසු මුහුණේ පැත්තක්‌ පණ නැති වුණොත්

ප්‍රශ්නය - අද අප ඔබ සමඟ සාකච්ඡා කිරීමට අදහස්‌ කරන්නේ Facial Paralyasis නමැති රෝග තත්ත්වය ගැනයි.

මහාචාර්ය සුජාතා එදිරිවීර - පක්‍ෂාගාතය හෙවත් අංශභාගය සමඟම ඇතිවිය හැකි රෝග තත්ත්වයක්‌ හැටියට විස්‌තර කෙරෙන මේ රෝගයේ ආයුර්වේද නම තමයි අර්දිතය. වාත දොaෂය දූෂණය වීමෙන් හටගන්නා මේ රෝග තත්ත්වය ආයුර්වේද ප්‍රතිකාර මගින් සුවපත් කරන්න පුළුවන්. ඒ විතරක්‌ නොව එසේ සුව කළ අය ගැන අත්දැකීම් විශාල වශයෙන් අප සතුව තිබෙනවා. අප සාමාන්‍යයෙන් දන්නා පරිදි මේ රෝගය වැළඳුන විට මුහුණේ පැත්තක්‌ පණ නැති වන අතර, ඒ පැත්තේ පිහිටි ඇස්‌පිය පවා ඇරගන්නට බැරි ව පහතට වැටෙනවා. ඒ පැත්තේ මුඛ ප්‍රදේශය ඉබේටම විවෘත වෙලා කෙළ ගලා යනවා. මේ තත්ත්වය සුවපත් කරන්නට ආයුර්වේදය යොදා ගත හැකි වුවත් එය පැය 24 කින් කරන්න බැහැ. ඒ සඳහා මාස කිහිපයක්‌ ඖෂධ ගත යුතුයි.

ප්‍රශ්නය - Facial Paralyasis ලෙස හැඳින්වෙන රෝග තත්ත්වය ගැන නවීන විද්‍යාත්මක අර්ථකථනය කුමක්‌ද?

මහාචාර්ය සුජාතා එදිරිවීර - නවීන විද්‍යාව හෙවත් බටහිර වෛද්‍ය විද්‍යාව තුළ මෙය හඳුන්වන්නේ Facial nerve Paralysis කියන නමින්. අපේ මුහුණ ආශ්‍රිතව Facial Nerve නමින් ස්‌නායුවක්‌ පවතිනවා.මෙයට සිංහලෙන් කියන්නේ වක්‌ත්‍ර ස්‌නායුව කියලයි. මෙය තමයි හත්වැනි කපාල ස්‌නායුව. මුහුණේ මාංශ පේශිවල චලනය පාලනය කරන්නේ මේ ස්‌නායුවයි. ඒ වගේම මුඛ කුහරයේ සහ දිවේ රස සංවේදනය පිළිබඳ පාලනයෙන් සෑහෙන කොටසකට වග කියන්නෙත් මේ ස්‌නායුවයි. මේ ස්‌නායුව අඩපණ වුණාම තමයි Facial Paralyasis තත්ත්වය හටගන්නේ. (මෙය සරල අර්ථකථනයක්‌ විතරයි. මෙහි නියම විද්‍යාත්මක අර්ථකථනය මීට වඩා ගැඹුරුයි.)

ප්‍රශ්නය - මෙහි රෝග ලක්‍ෂණ මොනවාද?

මහාචාර්ය සුජාතා එදිරිවීර - මුහුණේ මාංශ පේශීන් හසුරුවා ගැනීමට බැරි නිසා ඇතිවන අප්‍රාණික බව තමයි මූලික රෝග ලක්‍ෂණය. ඒ සමගම ආහාර වල රසය නොදැනී යැම, සුශ්‍ර්‍රවණතාව, කඳුළු ගැලීමේ වෙනස්‌කම් සහ සෙම ස්‍රාවය වීමේ වෙනස්‌කම් ප්‍රධාන රෝග ලක්‍ෂණ ලෙස දැකිය හැකියි.

මෙහි රෝග ලක්‍ෂණ පැය කිහිපයක්‌ තිස්‌සේ වර්ධනය වන නිසා ඒ ගැන දැනුවත්ව සිටියොත් කල් තබාම වෛද්‍යවරයකු වෙත යොමු වීමේ අවස්‌ථාව රෝගීන්ට ලැබෙනවා. මේ සියල්ලටම අමතරව තවත් රෝග ලක්‍ෂණයක්‌ හට ගන්නවා. ඒ තමයි කන දිගේ මුහුණ දෙසට පැතිර යන අධික වේදනාවක්‌ හට ගැනීම.

ලබන සතියේ මෙය හට ගැනීමට හේතු

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Aug 2017 07:48 PM

රූමටොයිඩ් ආත්‍රයිටිස්‌ රෝගයට බිය වියයුතු නැහැ

ප්‍රශ්නය - රූමැටොයිඩ් ආත්‍රයිටිස්‌ රෝගය ගැන නැවත මතක්‌ කරදීමක්‌a කරන්නට අප අද අදහස්‌ කරනවා.

වෛද්‍ය වසන්ත උදයජීව - ආමවාතය ලෙස ආයුර්වේදයේ හඳුන්වන මේ රෝගය, රෝගියා බෙලහීන කරන නිදන්ගත රෝගයක්‌. හැබැයි එසේ කියා මෙයට බිය විය යුතු නැහැ. ඒ වගේම බය නැහැ කියලා රෝගය අත්හැර දැමිය යුතුත් නැහැ. මෙය ශරීරයේ තියෙන සියලු ආකාරයේ පටකවලට බලපාන නමුත් ප්‍රධාන වශයෙන් බලපෑමක්‌ ඇති කරන්නේ සන්ධිවල තිබෙන ලසිකා පටලය නමැති කොටසටයි. මෙය සාමාන්‍යයෙන් හඳුනාගෙන තිsබෙන්නේ Autoimmune හෙවත් තමන් තුළ ඇති ප්‍රතිශක්‌තිකරණය තමන්ටම එරෙහිව නැගී සිටීම නිසා හට ගන්නා රෝගයක්‌ ලෙසයි. ආයුර්වේදයට අනුව ආත්‍රයිටිස්‌ රෝග තත්ත්වය කාණ්‌ඩ තුනකට වර්ග කෙරෙනවා. ආමවාත, සන්ධි වාත, සහ වාතරක්‌ත තමයි මේ වර්ග තුන. මේ තුන් වර්ගයටම පොදු වචනය තමයි 'වාත' කියන එක. ඉහත තුන් වර්ගයෙන් රූමටොයිඩ් ආත්‍රයිටිස්‌ රෝගයට සමාන වන්නේ ආමවාත කියන තත්ත්වයයි. සන්ධි වාත කියන තත්ත්වය බස්‌ටියෝආත්‍රයිටිස්‌ රෝගයට සමාන වනවා. වාතරක්‌ත කියන තත්ත්වය Gouty ආත්‍රයිටිස්‌ රෝගයට සමානයි.

ප්‍රශ්නය - ආමවාත හෙවත් රූමැටික ආත්‍රයිටිස්‌ රෝගය සුව කළ හැකිද?

වෛද්‍ය වසන්ත උදයජීව - ආයුර්වේද අර්ථකථනයට අනුව ආමවාතය කියන්නේ සුවපත් කිරීම දුෂ්කර රෝගයක්‌. මෙය නිදන්ගත වන අතර රෝගය හට ගන්නා ප්‍රදේශය විකෘති කරනවා. මෙහි රෝග ලක්‍ෂණ තමයි එක්‌ සන්ධියක්‌ හෝ සන්ධි කිහිපයක්‌ ඉදිමීම. ඒ වගේම වේදනා දීම.

ශරීරයේ අග්නිය පහළ යැමත් ආමය හෙවත් විෂ ගතිය ඉහළ නැගීමත් නිසා මෙය සිදුවන බවයි කියන්නේ.

ප්‍රශ්නය - මේ රෝගය සුවකර ගැනීමට සුදුසු කසායක්‌ පසුගිය සතියේදී ඔබ මේ ලිපියෙන් පැහැදිලි කළා. ඔබ එබන්දක්‌ අදත් අපට කියනවාද?

වෛද්‍ය වසන්ත උදයජීව - බෙහෙත් එඬරු මුල්, අරත්තන අල, බැබිලමුල්, සාරණ මුල්, නික මුල්, එලබටු, කටුවැල්බටු, පත්පාඩගම් යනාදිය කලං 1 මංචාඩි 10 බැගින් ගෙන වතුර පත 8 කට දමා 1 පතකට සිඳ සීනි/ මීපැණි දමා උදේ හවස කෝප්ප භාගය බැගින් දින 12 ක්‌ පානය කළ යුතුයි. මේ මගින් ශරීරයේ වේදනාව නැති වන අතර එදිනෙදා වැඩ කටයුතු කර ගැනීමේ හැකියාව ලැබෙනවා.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Aug 2017 08:17 AM

http://www.navaliya.com/2017/08/28/New%20folder/4.jpg

http://www.navaliya.com/2017/08/28/New%20folder/34.jpg

http://www.navaliya.com/2017/08/28/New%20folder/36.jpg

http://www.navaliya.com/2017/08/28/New%20folder/12.jpg

http://www.navaliya.com/2017/08/28/New%20folder/40.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 42 of 137 << < 4041424344 > >>