You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 43 of 137 << < 4142434445 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Aug 2017 05:49 PM

බල්ලකු හෝ පූසකු සපා
කෑ විට ගත යුතු ප්‍රතිකාර

බල්ලන් පූසන් අපට සමීප සතුන් දෙදෙනකු නිසා නිවෙස්‌හි සුරතලයටද ඇති කරති.

මෙම සතුන්ට ඇති ආදරය නිසාම අපි ඔවුන් ස්‌පර්ශ කිරීමටද යොමු වන්නෙමු.

නමුත් ඇතැම් අවස්‌ථාවලදී අප මෙම සතුනට ආදරය කරුණාව දැක්‌වීමට යැමේදී අපව සපා කෑමට උත්සාහ කරති.

නිවසේ ඇති කරන සුරතල් සතකු සපා කෑම නිසා ශරීරයේ තුවාල ඇති වූ විට අපට එකවරම සිහියට නැගෙන්නේ ජලභීතිකා රෝගයයි. එබැවින් සුරතල් සතකුගෙන් අනතුරක්‌ නොවන ආකාරයට ඔවුනට ආදරය කරුණාව දක්‌වන්නේ කෙසේ දැයි කියා විමසා බලමු.

වෛද්‍යතුමියනි, නිවසේ ඇති කරන බල්ලකු හෝ පූසකු වැනි සුරතල් සතකු අප සපා කෑමට වැඩි ඉඩක්‌ සහිත අවස්‌ථා මොනවාද?

සතුන්ටත් මිනිසුන්ට මෙන් මානසික ආතතිය ඇති වෙනවා. එවැනි මානසික ආතතියකින් සිටින අවස්‌ථාවක අප එම සතා සුරතල් කිරීමට යැමේදී කෝපයට පත්ව අප සපා කෑමට හෝ සීරීමට ලක්‌ කළ හැකියි.

සතකු මානසික ආතතියෙන් සිටින විට එම සතා තුළ නොසන්සුන් බවක්‌ දක්‌නට ලැබෙනවා. බිම පහුරු ගානවා, කෑගසනවා, ගොරවනවා. සතකු මානසික ආතතියෙන් සිටින අවස්‌ථාවක්‌ තමයි තමාගේ දඩයමක්‌ වැරදී ගිය මොහොත. එවැනි අවස්‌ථාවක අප එම සතා සුරතල් කරන්න ගියොත් අපව සපා කෑම හෝ පහරදී සීරීමට ලක්‌ කරන්න පුළුවනි.

එසේම සතෙක්‌ ආහාර ගන්නා වෙලාවට අප එම සතාගේ ආහාර ගැනීමට බාධා කළොත් එවැනි අවස්‌ථාවකදීත් කෝපයට පත්ව සපා කෑම හෝ පහරදී තුවාල කිරීමට උත්සාහ කරනවා.

තමාට සමීප නැති සතෙක්‌ එකවරම සුරතල් කිරීමට යැමේදීත් එම සතා සපා කෑමට පිළිවන. මෙවැනි අවස්‌ථා බොහෝ විට වාර්තා වන්නේ යහළු හිතමිත්‍රාදීයකුගේ නිවසකට ගිය විට එහි සිටින සුරතල් සතුන් දැක තම නිවසේ සිටින සුරතල් සතුන් හා සමානව සිතා ස්‌පර්ශ කිරීමට යැමේදීය.

එනිසා අප සුරතල් සතකුට වුව ආදරය කරුණාව දැක්‌වීම කළ යුත්තේ එම සතුන් පිළිබඳව නිසි අවබෝධයකින් යුක්‌තවය.

සුරතල් සතකු සපා කෑවිට කළ යුතු ප්‍රතිකාර මොනවාද?

තමාගේ නිවසේ ඇති කරන හොඳින් දන්නා හඳුනන සුරතල් සතා වුව සපා කෑවොත් වහාම එම සපා කෑ ස්‌ථානය සබන් ගා ගලා යන ජලයෙන් විනාඩියකට වඩා වැඩි කාලයක්‌ සෝදා පිරිසිදු කළ යුතුයි.

ඉන්පසු රුධිරය ගලා යැම නතර කර තුවාලය සිදු වූ ස්‌ථානය වෙලුම් පටියකින් බැඳ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යා යුතුය.

එසේ යන විට සපා කෑ සතාට ලබාදී ඇති එන්නත් පිළිබඳ වාර්තා ද රැගෙන යැම අමතක නොකළ යුතුය. එවිට එම සතාට ජලභීතිකා ආදී එන්නත් ලබාදී ඇති ආකාරය පිළිබඳව වෛද්‍යවරයාට නිසි අවබෝධයක්‌ ලබාගත හැකියි.

බල්ලෙක්‌ හෝ පූසෙක්‌ සපා කෑම හෝ සීරීම නිසා ඇති වන තුවාල මගින් ශරීරයට ඇතුළු විය හැක්‌කේ ජලභීතිකා ඇති කරන වෛරසය පමණක්‌ නොව පිටගැස්‌ම ආදිය ඇති කරන බැක්‌ටීරියා, වර්ගද ශරීර ගත විය හැකියි.

එනිසා රෝගියා පිට ගැස්‌ම වලක්‌වා ගැනීම සඳහා එන්නත් ලබාගෙන ඇත්නම් එම වාර්තාද රැගෙන යැම වැදගත්ය. පිට ගැස්‌ම එන්නතක්‌ මගින් වසර පහක කාලයක්‌ සඳහා ශරීරයට ප්‍රතිශක්‌තිය ලැබෙනවා.

එවැනි එන්නතක්‌ ලබාගෙන ඇති කාලවකවානු වෛද්‍යවරයාට පැවසීමෙන් අනවශ්‍ය ලෙස එවැනි එන්නත් වර්ග ශරීර ගත කර ගැනීම වලක්‌වා ගත හැකියි.

දියවැඩියාව, හෘද රෝග, ප්‍රතිශක්‌තීකරණ ඌනතා රෝග අක්‌මා ආසාදන ආදී රෝග ඇති පුද්ගලයින් බල්ලකු පූසකු සපා කෑ විට එම සතා නිවසේ ඇති කරන වුවත් වෙනත් නිවසක ඇති කරන වුවත් වහාම වෛද්‍ය උපදෙස්‌ මත ප්‍රතිකාර සඳහා යොමු වීම කළ යුතුයි.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේදී එම සතා අපව සපා කෑමට හේතු වූ අවස්‌ථාව වෛද්‍යවරයාට පැහැදිලි කිරීම වැදගත්ය. සතා කෝප වී සිටින විටෙක අප එම සතා සුරතල් කිරීමට යැමෙන්ද ආහාර ගන්නා විට එම සතාගේ ආහාර පාන ඉවත් කිරීමට හෝ ස්‌පර්ශ කිරීමට යැමේදී ද එසේත් නැත්නම් නාඳුනන සතකුගේ සපා කෑමට ලක්‌වීමක්‌ද ආදී ලෙසින් සැබෑ තොරතුරු පැවසීම වෛද්‍ය ප්‍රතිකාර සඳහා පහසුවේ.

සිදුව ඇති තුවාල කුඩා වුවත් විශාල වුවත් වහාම සබන් ගා ගලායන ජලයෙන් විනාඩියකට වැඩි කාලයක්‌ තුවාල වූ ස්‌ථානය පිරිසිදු කර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් ජල භීතිකා වැනි රෝග ඇති කරන විෂබීජ ශරීර ගතවීමට ඇති ඉඩ කඩ අවම කරගත හැකියි.

කිරිබත්ගොඩ සත්ත්ව සායනයේ
පශු වෛද්‍ය චින්තා පොන්වීර

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Aug 2017 05:55 PM

මුත්‍රා සහ පිත්තාශ ගල් සුවකරන
ආයුර්වේද ප්‍රතිකාර


මුත්‍රා මාර්ගය ආශ්‍රිතව ඇතිවන ගල් සහ පිත්තාශය ආශ්‍රිතව ඇතිවන ගල් වර්තමානයේ බහුලව දක්‌නට ලැබේ. මෙවැනි රෝග හමුවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව ඇති ප්‍රතිකාර මොනවාද කියා විමසා බලමු.

වෛද්‍යතුමනි මුත්‍රා පද්ධතිය සහ පිත්තාශය ආශ්‍රිතව ගල් හට ගැනීමට බලපාන හේතුව කුමක්‌ද?

ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව මෙම ගල් ඇතිවීම හඳුන්වන්නේ ආශ්වරී ලෙසිනි.

මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ගල් මුත්‍රා ආශ්වරී ලෙසත්, පිත්තාශය ආශ්‍රිතව ඇතිවන ගල් පිත්ත ආශ්වරි ලෙසත් හඳුන්වනවා. මීට අමතරව ශුක්‍රාණු ඝනවීම නිසාත්, ශුක්‍ර ආශ්වරී ලෙස ගල් මතුවෙනවා.

මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ගල්

මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව ගල් ඇතිවීමට බලපාන හේතු අතර අධිකව මස්‌ මාංශ ආහාරයට ගැනීම ප්‍රධාන හේතුවක්‌ වී තිබෙනවා. මෙහිදී හරක්‌ මස්‌ ආහාරයට ගැනීම විශේෂ හේතුවක්‌ බවට පත්ව තිබෙනවා.

තවද උෂ්ණාධික ආහාර අධිකව ගැනීම, දිනකට අවශ්‍ය ප්‍රමාණවත් ජලය ප්‍රමාණය පානය නොකිරීම මුත්‍රා පිටකිරීමට අවශ්‍ය වූ විට එය සිදු නොකර සිරකරගෙන සිටීම (මුත්‍රා ධාරණය) වැනි හේතූන් මේ සඳහා බලපානවා.

ශුක්‍රාණු, නිසි ලෙස පිට නොවීමේ ගැටලු මතුවූ විට ශුක්‍රාණු ඝනවීමක්‌ සිදුවිය හැකියි.

පිත්තාශය ආශ්‍රිතව ඇතිවන ගල්

ආහාර ජීර්ණයේදී ඇතිවන විෂමතාවන් සහ වැරදි ආහාර ක්‍රම පිත්තාශයේ ගල් ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපානවා. වැරදි ආහාර ගැනීමෙන් ඇතිවන රසායනික සංයෝගයන්ගේ ප්‍රතිඵලයක්‌ ලෙසින් හටගන්නා ඔක්‌සලේටි පදාර්ථද මීට හේතුවේ. උදාහරණයක්‌ ලෙස තක්‌කාලි සමඟ හාල් මැස්‌සන් ආහාරයට ගැනීම නිසා ඔක්‌සලේටි පදාර්ථය ඇතිවේ.

පිත්තාශ ගල් ඇතිවීම බහුලව දක්‌නට ලැබෙන්නේ කාන්තාවන් අතරය.

මුත්‍රා ගල් ඇතිවූ විට රෝගියා මුහුණ දෙන අපහසුතා

මුත්‍රා ගල් ඇතිවූ විට මුත්‍රා කිරීම ඉතාම අපහසු විය හැකියි. තුනටියෙන් පටන් ගෙන කලවා සහ ඉකිළි ප්‍රදේශ දක්‌වා ගමන් කරන වේදනාවක්‌ හටගත හැකියි. විශේෂයෙන්ම මුත්‍රාගල් ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක්‌ ඇත්තේ පිරිමි පාර්ශ්වයටයි.

පිරිමි අයට මුත්‍රාගල් ඇතිවූ විට අණ්‌ඩ කෝෂ එල්ලා වැටීම, තුනටිය ප්‍රදේශයේ එක්‌ පැත්තකට වන්නට තදබල කැක්‌කුමක්‌ ඇතිවීමද සිදුවේ.

මෙවැනි අපහසුතාවලට අමතරව බඩ දැවිල්ල, උගුරට එන ස්‌වභාවය, කලවාවල සිට පාදයේ පහළ ප්‍රදේශය දක්‌වා හිරිවැටෙන ස්‌වභාවයක්‌ ඇතිවීම බොහෝවිට දැකිය හැකියි.

මෙවැනි ලක්‌ෂණ මෞත්‍රලිංගික පද්ධතියෙන් පිටතට විහිදෙන වේදනාවන් ලෙස හඳුන්වා දිය හැකියි.

පිටවන මුත්‍රා වල පැහැය තද කහ පැහැතිය.

මුත්‍ර සමඟ රුධිරය පිටවීමද දැකිය හැකිය.

මෙවැනි රෝග ලක්‌ෂණ මතුවන රෝගීන්ට කෑම ගැනීමේ අපහසුතාවය, ශරීරය වෙව්ලන ස්‌වභාවයක්‌ ඇතිවීම දැකගත හැකිය.

ශුක්‍ර නාළ අවහිරවීම නිසා විවිධ පීඩාවන් ඇතිවේ. මෙහිදී ශුක්‍රාණු ඝනවීම නිසා ඇතිවන ස්‌ඵටික ශුක්‍ර නාළවල සිරවී ශුක්‍රාණු පිටකිරීමේ අපහසුතා ඇතිවී මෞත්‍ර ලිංගික පද්ධතිය පීඩාවට පත්කරයි. ඇතැම් රෝගීන්ගේ මෙම ස්‌ථටික මුත්‍රා මාර්ගය ඔස්‌සේ පිටවන අවස්‌ථා දැකිය හැකියි.

මුත්‍රා මාර්ගය ඔස්‌සේ මෙවැනි ස්‌ඵටික සහ මුත්‍රාගල් පිටවීමේදී පිටවන ගල්වල සහ ස්‌ඵටිකවල තියුණු ස්‌වභාවය මත මුත්‍රා මාර්ගය සීරීමකට ලක්‌විය හැකියි. මෙවැනි අවස්‌ථාවලදී මුත්‍රා සමඟ රුධිර පිටවේ. ඊට අමතරව ලිංගය ආශ්‍රිතව දැඩි වේදනාවක්‌ හට ගැනීම මුත්‍රා මාර්ගය ඉදිමීම වැනි ලක්‌ෂණද මතුවේ.

ඇතැම් අයට මුත්‍රා කිරීමෙන් අනතුරුව රුධිර බිංදු කිහිපයක්‌ පිටවේ. මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය මතුවුවත් මුත්‍රා පිටනොවීම හෝ ස්‌වල්ප ලෙස මුත්‍රා පිටවීමද බොහෝ දුරට දැක ගත හැකිය.

පිත්තාශයේ ගල් ඇතිවූ විට රෝගියා මුහුණ දෙන අපහසුතා

පිත්තාශයේ ගල් ඇතිවූ විට උදරයේ දකුණු පැත්තේ ඇතිවන වේදනාවන් පිටකොන්ද ප්‍රදේශය දක්‌වා විහිදී යයි. මෙවැනි රෝගීන්ට තුනටිය ආශ්‍රිතව කැක්‌කුම් ඇති නොවේ.

ඇතැම් විට පිත්තාශය තුළ ඇතිවන මෙම ගල් පිත්ත නාළය ඔස්‌සේ පහළ බඩවැල දක්‌වා ගමන් කරයි. එසේ පැමිණෙන ගල් නිසා පිත්ත නාළය අවහිරවුවහොත් ශරීරය සීතලවීම, වමනය, වෙව්ලීම, පිත උගුරට පැමිණීම වැනි අපහසුතා මතුවේ.

මුත්‍රා පද්ධතියේ සහ පිත්තාශයේ ගල් සඳහා ඇති ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මොනවාද?

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව මෙවැනි ගල් ඇතිවීමට බලපාන්නේ ආහාර ජීර්ණයේ ඇතිවන විෂමතාවයන් සහ වැරදි ආහාර ක්‍රම බැවින් ඒවාට නිසි පිළියම් යෙදීමෙන් නැවත මෙම ගල් ඇති නොවන අයුරින් නිට්‌ඨාවටම සුව කළ හැකිය.

අතුරු ආබාධ ඇතිවීම සිදු නොවේ. වකුගඩු මගින් ඉතා හොඳින් මුත්‍රා පෙරීම කටයුතු මෙන්ම පිත්තාශයේ පවතින සියලු අසාත්මිකතාද දුරුවී යයි.

මේ සඳහා රන්පත වෙද පරපුරෙහි සුවිශේෂී ප්‍රතිකාර වට්‌ටෝරුවලට අනුව සකස්‌ කළ ඖෂධ නිසි මාත්‍රාව අනුව ලබාගැනීමේ පහසුකම් සලසා තිබෙනවා. එනිසා රෝගීන්ට ආයුර්වේද බෙහෙත් අලෙවිසල් ගානේ ගොස්‌ රස්‌තියාදු වීමටද අවශ්‍ය නැහැ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් දුරකථන අංක 0713009088 හෝ 0713007000 වෙත අමතන්න.


සංස්‌කරණය උපාලි ද සේරම්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Aug 2017 06:22 PM
ස්තුත්යි මල්ලි ලිපියට
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Aug 2017 05:21 PM

සිරුරට ගුණ දෙන පලතුරු

සර්වාංග රෝග සඳහා ගුණ මිදි

මිහිරි රසයෙන් යුතු මිදි ඖෂධීය ගුණයෙන් යුතු වටිනා පලතුරකි. මිදිවර්ග තුනක්‌ වශයෙන් දැක ගැනීමට හැකිවේ. ඉන් එක්‌ වර්ගයක්‌ යාපනයේ හා දකුණේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ වැවෙන ගෙඩි රවුම් ලා කොලපාට වර්ගයයි. මහඉලුක්‌පල්ලමේ වැවෙන මිදි රතු හා දම්පාටට හුරු රවුම් ගෙඩි විශේෂයකි. වෙළෙඳ පොළේ මිදිවලට හිමිවනුයේ ඉහළ මිලකි. වියළි කලාපයට ආවේණික වූ වගාවක්‌ ලෙසට හඳුන්වාලිය හැකිය. ඉතිහාසයේ සඳහන් වන ආකාරයට නම් ආයුර්වේද ඉතිහාසය හා සසඳා බැලීමේදී මෙම රස ගුණ පිරි මිදි සර්වාංග රෝග මර්දනය කිරීම සඳහා බෙහෙත් වර්ග අරිෂ්ඨ ආශව කෂාය පිළියෙල කිරීමේදී යොදාගනු ලබන බව නොරහසකි. එම නිසා මිදි පලතුර අතීතයේ සිටම ලංකා පොළවේ වගා කර තිබෙන්නෙට පුළුවන. වර්තමානයේ අතිවිශාල ලෙස විදේශ රටවලින් මිදි මෙරටට ආනයනය කළද ලංකාවේ වර්තමානයේ වවන මිදි වෙළෙඳපොළට එකතුවනු ලැබේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට නැඹුරුව බැලීමේදී ද්‍රව්‍ය ගුණ විමසුමට අනුව තද සෙම පවතින ශ්වාසකාශ රෝගීන්ට සහ හෘද රෝගීන්ට ඉතා ගුණ දෙන එම රෝග සමනය කරන ඔසුවක්‌ බවට මිදි යුෂ ඉවහල් වේ. සංස්‌කෘත භාෂාවෙන් ද්‍රdක්‍ෂා නමින් මිදි හඳුන්වනු ලැබේ.

මුද්‍රිතඵල - ගෝසථනී - මධුයෝනි - සාදුපල - ද්‍රdක්‍ෂා - මිදි - මුද්‍රිතයසකී යනුවෙන් සංස්‌කෘත භාෂාවෙන් ව්‍යවහාර වෙති.

ආයුර්වේද ඉතිහාසයට අනුව ඈත අතීතයේ සිටම ලංකා භූමියේ මිදි පලතුර වගාකර ඇති බවට සාධක තිබේ.

රඹුටන්

මිහිරි පැණි රසයෙන් යුතු හැම දෙනාම කෑමට රුචි උපදවන පලතුරක්‌ ලෙස රඹුටන් හඳුන්වාලිය හැකිය. දේශීය පලතුරු අතරට ගැනෙන රඹුටන් වසරකට එක්‌වරක්‌ පමණක්‌ ඵලහටගනු ලැබේ. රඹුටන් අස්‌වනු නෙළාගැනීමට හැකිවනුයේ ජුලි මාසයේදී සහ අගෝස්‌තු මාසයේදී යන මාස දෙක තුළය. මෙය වවුලන්ගෙන් සහ ලේනුන්ගෙන් ප්‍රවේශම් කර ගැනීමට සිදුවේ. වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක්‌ තිබේ. අපේ රටේ රඹුටන් සඳහා සුවිශේෂී වූ නමක්‌ හිමිවී පවතිනුයේ මල්වාන ප්‍රදේශයටය. මල්වානේ පැණි රඹුටන් යන වචන මාලාව වෙළෙඳුන්ගේ කටින් නික්‌මවනු රඹුටන් සමයේ නගර වලින් ඇසිය හැකිය. මස්‌ රඹුටන් හා ඇට රඹුටන් වශයෙන් දේශීය රඹුටන් දෙවර්ගයක්‌ ලෙස පවතී. අපේ රටට ආවේණික වූ රඹුටන් ගෙඩිය කුඩාය. එමෙන්ම ප්‍රණීත රසයෙන් ඉහළය. ඒ අතරට ඇඹුල් රසයෙන් යුතුව ඇට රඹුටන් දැකිය හැකිය. මෙම වර්ග දෙකම කුඩාය. කොළඹ ගම්පහ කළුතර , මාතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල යන දිස්‌ත්‍රික්‌කවල රඹුටන් වගාව දැකගත හැකිය.

වර්තමානයේ අපේ රටට ආවේණික වූ දේශීය රඹුටන්වලට වඩා ඇත්තේ පිටරටින් ගෙන්වා මෙහි බෝ කරන ලද බද්ධකළ රඹුටන් වර්ගයි. ඒවා සියල්ලම මස්‌ රඹුටන්ය. පැණි රසින්ද යුතුවේ. බද්ධකළ රඹුටන් වර්ග වල ගස්‌ පඳුරු ලෙස වැඩේ. අතීතයේ සිට අපේ රටේ අපේම ආවේණික ගස්‌ විශාලව වැඩෙති. අඩි 30 - 40 තරම් උසට වැඩෙති. මෙහි පවතින ගුණය ඌෂ්ණ ගුණයයි.

හෘදයාබාධ අයට විශේෂ ගුණදෙන වැල්දොඩම්

පැෂන් µDට්‌, වැල්දොඩම් ලංකා භූමියේ සෑම ප්‍රදේශයකම වැවෙන වැල්දොඩම් වැල ඉතා සරුවට වැඩෙන අතර අවුරුද්ද මුළුල්ලේම ඵල හට ගනී. මෙහි වර්ග දෙකක්‌ ඇත. එක්‌ වර්ගයක්‌ පොඩි රවුම් කහපාට වර්ගයයි. අනෙක්‌ වර්ගය ලොකුගෙඩි හට ගන්නා රක්‌ත වර්ණයෙන් යුතු වර්ගයයි. එහෙත් මෙහි වෙනසක්‌ නොමැත. ගුණයෙන් එක හා සමානය. එක වැලක ගෙඩි විශාල ප්‍රමාණයක්‌ හටගන්නේ රතුපාට පැෂන් µDට්‌ වර්ගයේය. කහපාට වර්ගයේ ඵලදාව අඩුය.

වැල්දොඩම් බීමක්‌ වශයෙන් කා අතරත් ඉතා ජනප්‍රියය. පලතුරු බීම වෙළෙඳසල්වල මෙම බීම බඳුනක්‌ රුපියල් සියයකට පමණ අලෙවි වේ. මෙම වැල්දොඩම්වල ගුණාත්මක භාවය වන්නේ හෘදයාබාධ වලට විශේෂ ගුණදෙන ඔසුවකි. වෙළෙඳ පොළේද විශේෂිත මිලක්‌ පවතී. වැල්දොඩම්වල ඉල්ලුමද ඉතා ඉහළය.

මෙම වැලේ කොළද මැල්ලුම් ලෙස පිළියෙල කර අනුභවයට ගනිති. මෙම වගාව බහුලව දැකගත හැකිවනුයේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේය. අතීතයේ මෙම වැල්දොඩම් වැල කැලේ ඉබේ හටගෙන ගස්‌වල එතී ගස්‌වසා ගන්නා වැල් විශේෂයකි. ගෙඩි ඉදුණු පසු කුරුල්ලන්ගේද ආහාරයක්‌ බවට පත්වේ.

බිලිං (රට නෙල්ලි)

ඌෂ්ණ ගතියත් ඇඹුල් ගතියත් වැඩි ගෙඩි ශරීරයට එතරම් හිතකර නොවේ. ගම්බද බිම්බිරි වශයෙන්ද මෙය භාවිතයේ පවතී. ඇතැමුන් මෙයට ප්‍රිය කරති. තවත් සමහරු අප්‍රිය කරති. ගමේ ගැමිගෙදර හැලියේ තැම්බෙන කොස්‌ ටික අනුභව කිරීම උදෙසා හදන පොල්මැල්ලුමට මෙම බිලිං ගෙඩි කීපයක්‌ මුසුකරනු ලැබේ. වෙළෙඳපොළේද මෙය සාමාන්‍ය වශයෙන් විකිණෙනු ලැබේ.

මෙම ගසේ මුලසිට අග දක්‌වා ගසේ කඳ වසාගෙන ගෙඩි පොකුරු ලෙස හටගෙන තිබෙනු දැකිය හැකිය. මෙය බිලිං නෙල්ලි, රට නෙල්ලි වශයෙන් හඳුන්වනු ලැබේ. මෙම බිලිං ගසේ කොළ අතීත ගැමියන් කෙසෙල් කැන් ඉදවීම සඳහා භාවිතයට ගනු ලැබීය. ගෝනිය ඇතුළට රිංගවූ කෙසෙල් කැන වැසෙන්නට බිලිං කොල අතු පුරවා ගෝනියේ කට වසා බැඳ තැබීමෙන් පසු දින හතරක්‌ ගියපසු ලස්‌සනට කෙසෙල් කැන ඉදී තිබෙනු දැකීමට හැකිවන්නේය. මෙම බිලිං නෙල්ලි, රට නෙල්ලි ලංකාවේ පලතුරු නාමාවලියට ඇතුළත් නොවනු ඇත. විදේශීය ශාකයක්‌ බව පැහැදිලිය.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Aug 2017 05:28 PM

මදසරු භාවයෙන් පෙළේ නම්
ශුක්‍රාණු වඩවන ආහාර හඳුනාගන්න
අලුකෙසෙල්වල ශුක්‍රාණු නාශක ගුණ තිබේ

පුරුෂ මදසරු භාවය ගැන කතා බහ කිරීමේදී මේ සඳහා ප්‍රධානකොට හේතු වී තිබෙන්නේ හෝර්මෝනවල අසමතුලිතතාවය බව පෙනේ. විශේෂයෙන්ම, පිටියුටරි ග්‍රන්ථිවලින් ශ්‍රාවය වන හෝර්මෝන, ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වයට සහ ශුක්‍රාණුවල ගුණාත්මකභාවයට හේතුවන අතර එම හෝර්මෝන ටෙස්‌ටස්‌ටෙරෝන් (Testestorone) ප්‍රොජෙස්‌ටරෝන් (Projesteron) සහ ඇන්ඩ්‍රජන් (Androgen) වැනි හෝර්මෝනය.

ශුක්‍රාණුවල ගුණාත්මකභාවය ඇතිකරවන ප්‍රොaටියේ- (proteaze) හයලුරොනිඩේ- (Hyaluronidaze) හෝර්මෝනවල ගුණාත්මකභාවය අඩුවීම නිසා පුරුෂ මදසරුභාවය ඇතිවීමේ හැකියාව තිබේ.

ශුක්‍රාණුවක හිස, ගෙල, කඳ සහ වලිගය ලෙසින් කොටස්‌වීමේදී හිස ප්‍රදේශයේ ප්‍රොaටියේස්‌ හෝර්මෝනය තිබේ. ඩිම්බයේ පටලය සිදුරුකර සංසේචනය වීම වෙනුවෙන් ප්‍රොaටියේස්‌ හෝර්මෝනය නිසි පරිදි ක්‍රියාත්මක නොවී නම් ගැටලුවක්‌ ඇතිවේ.

එනම් හෝර්මෝනය නිසි පරිදි ක්‍රියාත්මක වීම තුළ ඩිම්බ පටලය සිදුරු කිරීමේ හැකියාව ලැබේ.

හයලුරොනිඩේස්‌ හෝර්මෝනයෙන් කරන්නේ ශුක්‍රාණුවක පිහිනීමට ශක්‌තිය ලබා දීමයි. එනම් ශුකාණුවක්‌ ක්‍රියාකාරීවීමට මෙම හෝර්මෝන දෙකම වැදගත් වන බව පෙනේ. ශුක්‍රාණුවක්‌ ඩිම්බයක්‌ සමඟ සංසේචනය වීමට නම් නියමිත ක්‍රියාකාරිත්වය තිබිය යුතු අතර එසේ නොවී නම් සංසේචනයක්‌ සිදුවීමට හැකියාවක්‌ නොවේ.

එමෙන්ම ඇතැම් පුද්ගලයන්ගේ ශුක්‍ර තරලයේ තිබිය යුතු ශුක්‍රාණු අඩුවීම නිසාත් සංසේචනයට අවස්‌ථාවක්‌ ඇති නොවේ. මේ අනුව බලන කළ අන්තරාසර්ග පද්ධතිය එනම් හෝර්මෝන නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා එය මදසරු භාවයට ප්‍රබල හේතුවක්‌ බව පෙන්වා දීමේ හැකියාව තිබේ.

මෙයට අමතරව චර්යාවන්ද මදසරු භාවයට ප්‍රබල හේතූන් වන අවස්‌ථා ඇති අතර නූතන සමාජය හමුවේ ඒ සඳහා බලපාන අහිතකර චර්යාවන් වැඩි බවක්‌ දක්‌නට ලැබේ.

ශුකාණු ගබඩාකර තිබෙන්නේ වෘෂණ කෝෂවල බාහිර පරිසරයට නිරාවරණය වන ලෙසට උෂ්ණත්වය අඩු අගයක පවත්වා ගනිමිනි. උෂ්ණත්වය අඩු අඟයක පවත්වා ගැනීමට වෘෂණ කෝෂ සිරුරින් පිටතට නිරාවරණය වීමට හේතුව උෂ්ණත්වයට ශුකාණු හානි වීමෙන් වළක්‌වා ගැනීමට ස්‌වභාව ධර්මයෙන්ම වූ පිහිටීමක්‌ය. එහෙත් වර්තමානයේ එවන් වූ කාරණාවට යම් අවධානයක්‌ යොමු නොකරමින් අධික උෂ්ණත්වයක්‌ රඳවා ගන්නා ඇඳුම්වලට පුරුදු වී ඇති සැටියක්‌ දක්‌නට ඇත. ඩෙනිම් කලිසම් වැනි ඇඳුම් ඇඳීමෙන් ඇතිවන අධික උෂ්ණත්වය මත ශුක්‍රාණුවල ගුණාත්මක භාවය සහ ප්‍රමාණය අඩුවීම වළක්‌වා ගැනීමට නව යෞවනයේ සිට ඇඳුම් පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

නිවැරදි ආහාර රටාවද මේ සඳහා ප්‍රබල පිටිවහලක්‌ ලබාදෙනු ඇත. සමබල ආහාර වේල, නිසි ව්‍යායාමය, පිරිසිදු ජලය අවශ්‍ය පමණ පානය කිරීම, අලුත් එළවළු පලතුරු මඟින් ශුක්‍රාණුවල ගුණාත්මකභාවය සහ ප්‍රමාණය වැඩිවනු ඇත.

ශුක්‍රාණු වඩවන ආහාර ලෙසට පුරාණ ආයුර්වේදයේ සඳහන් ආහාර වර්ග කිහිපයක්‌ තිබේ. එනම් වැල්පෙනෙල, සුරියකාන්ත ඇට, වඳුරු මෑ ඇට, උඳු, කොල්ලු, නේත්‍රපලම්, කෙසෙල් ගෙඩි, දුරියම්, පලාකොළ වර්ග වැනි දේ ආහාරයට එකතුකර ගැනීමත් ප්‍රොaටීන සහිත ආහාර වන දඹල, සෝයා බෝංචි, කවුපි, මුං වැනි ධාන්‍ය වර්ගත් ඉතා යෝග්‍යය.

අලුකෙසෙල් දරුවකු බලාපොරොත්තු වන පිරිමි අයට නුසුදුසු බව කියන්නේ අලු කෙසෙල්වල ශුක්‍රාණු නාශක ගුණයක්‌ තිබෙන නිසාවෙනි.

පුරාණ ආයුර්වේද ග්‍රන්ථයක ඇති මෙම අපූරු කවිය බලන්න.

වැල්පෙනෙල ශාකා

ගිතෙලින් මලවා කා

අඹු නොතකන එකා

සියක්‌ අඹුවන් පතයි නිසැ කා

අතීතයේ ගැමි ගෙවල්වල පලා කොටුවේ වැල් පෙනෙල වැල් සිටුවා තැබූ බවටත්, පුතු විවාහ වී නිවසට කැඳවාගෙන එන ලේලියට නැන්දම්මා විසින් කලවම් මැල්ලුමට වැල්පෙනෙල කොළ මිටක්‌ දෙකක්‌ එක්‌කිරීමට උපදෙස්‌ ලබාදුන් අයුරුත් අතීත කතා තුළ සඳහන්ව තිබේ.

මදසරු භාවයෙන් පෙළේ නම් ශුක්‍රාණුවල ප්‍රමාණාත්මක සහ ගුණාත්මක වර්ධනයක්‌ ඇතිකර ගැනීමට ඒ සඳහා හේතුව සොයා බැලිය යුතුය. පරීක්‍ෂණ මඟින් ඒ සඳහා හේතුව සොයා ගත හැක.

හෝර්මෝන අසමතුලිතතාවයක්‌ නම් අසමතුලිතතාවය පවතින හෝමෝනය හඳුනාගෙන චීන කටු චිකිත්සාවෙන් නිවැරදි ප්‍රතිඵල ලබාගත හැක. චීන කටු චිකිත්සාවෙන් නිල උත්තේජනය මඟින් හෝර්මෝන සමතුලිතතාවයට පත්වේ. ඒ අතරතුර ශුකාණුවල ගුණාත්මකතාවය අඩුවන ආහාර. උෂ්ණ ඇඳුමින් වැළකීම වැනි දෙයට අවධානය යොමු කළ යුතුය.

චීන කටු චිකිත්සාව තුළ මදසරුභාවයට ප්‍රතිකාර ලබා ගැනීමේදී මාස 3 ක ප්‍රතිකාරයෙන් පසු හෝර්මෝන පරික්‌ෂාකර බලා පැහැදිලිව වෙනස වටහාගත හැක. සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්‌ ලෙසට චීනකටු ප්‍රතිකාර ක්‍රමය පෙන්වා දීමේ හැකියාව තිබේ.

විවාහක යුවළකට දරුවන් නොමැති විට එහි සම්පූර්ණ වරද කාන්තාව වෙත යොමුවන අතර ඒ තුළින් කාන්තාවන් බොහෝ මානසික පීඩාවන්ට පත්වන අයුරක්‌ අදටත් තැනෙක සමාජය හමුවේ දක්‌නට ලැබේ. එහෙත් ඒ සඳහා පිරිමියාගේ ඇති අඩුපාඩු පිළිබඳ සමාජය දැනුවත් වී සිටිය යුතු වන්නේ කාන්තාව පිට සියලු වරද නොපැටවීමටය.

දරුවන් නොමැති විටෙක දෙදෙනාම පරික්‌ෂාකර බලාගැනීමෙන් පසු අවශ්‍ය පුද්ගලයා ප්‍රතිකාරයට යොමුවිය යුතුය.

ඩෙනිම් කලිසම, කලිසම් සාක්‌කුවේ ජංගම දුරකතන දමාගෙන සිටීම ශුක්‍රාණුවල සක්‍රියතාවය අඩුකරන බව තේරුම් ගෙන කටයුතු කළ යුතු වන්නේ ශුක්‍රාණු තිබුණාට ගුණාත්මකභාවය නොමැති නම් සංසේචනයක්‌ සිදු නොවන නිසාවෙනි.

දරුවකු බලාපොරොත්තුව සිටින විවාහක යුවලකට ඒ සඳහා පිරිමියාගේ යම් අඩුපාඩුවක්‌ වේ නම් චීන කටු චිකිත්සාව යටතේ සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තිබේ. වැල්ලවත්ත, ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථාන පාරේ පිහිටි මහාචාර්ය ඇන්ටන් ජයසුරිය අනුස්‌මරණ රෝහලේදී චීන කටු චිකිත්සාව නොමිලයේ ලබා ගැනීමේ හැකියාව ඇත.

කාන්තා මදසරුභාවය පිළිබඳ ලබන සතියේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Aug 2017 05:33 PM

මිගේ්‍රන්

අද සමාජයේ බොහෝදෙනා පීඩා විඳින රෝගයක්‌ වන මිගේ්‍රන් එසේත් නැතිනම් ඉරුවාරදය යනු මහත් පීඩාකාරී ලෙස වරින් වර හිසේ ඇතිවන වේදනාවකි. ඉතා දිගු කාලයක සිට මෙම රෝගීන් හිසේ වේදනාවෙන් පෙලෙන ආකාරයක්‌ දැක ගැනීමට හැකිය. එමෙන්ම රෝගය ඇතිවන වාරගණන පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌ විය හැකිය. සාමාන්‍යයෙන් හිසේ එක්‌ පැත්තක වේදනාව ඇතිවීම සිදුවේ. මෙය පැය 2 සිට පැය 72 දක්‌වා කාලයක පැවතිය හැකිය. එමෙන්ම යම් රෝගීන් තුළ නිලංකාරය නමැති අවස්‌ථාව දැකගත හැකිවේ. මෙහිදී මූලිකවම ඇස්‌ පෙනීමේ අපහසුතා ඇතිවේ. එම අවස්‌ථාවේදී මීළඟට මිගේ්‍රන් ඇතිවන බව රෝගියාට දැන ගත හැක.

මිගේ්‍රන් ඇතිවීමට හේතු

මිගේ්‍රන් ඇතිවීමට නිශ්චිත හේතුවක්‌ දැනට සොයාගෙන නොමැත. නමුත් පාරිසරික සහ ජානමය හේතු මත මෙය ඇතිවන බවට විශ්වාස කරනු ලැබේ. එමෙන්ම මෙය ඇතිවීමට රුධිර වාහිනී සහ ස්‌නායු බලපාන බවට පරීක්‌ෂණ මගින් සොයාගෙන ඇත.

රෝග ලක්‌ෂණ

හිසරදය

මෙය බොහෝවිට හිසෙහි එක්‌ පැත්තක පමණක්‌ ඇතිවේ. පැය 2 සිට පැය 72 අතර කාලයක්‌ තුළ පවතී. වේදනාවේ ප්‍රමාණය, පවතින කාලය රෝගියාගෙන් රෝගියාට වෙනස්‌ වේ.

අධිසංවේදීතාව

මෙහිදී ආලෝකය දරාගැනීමට ඉතා අපහසු වේ. යම් කිසි ආලෝකයක්‌ දෙස එක එල්ලේ බැලීම වේදනාව අධික වීමට හේතු විය හැකිය. එමෙන්ම පෙනීමේ දුර්වලතා එනම් ඇස ඉදිරිපිට කලු ලප ඇති වීම, ආලෝක ලප ඇතිවීම, එක්‌වරම අඳුරුවී යාම වැනි ලක්‌ෂණ දැක ගත හැකිය.

වමනය හා ඔක්‌කාරය

මෙහිදී හිසරදය සමඟ ඇතිවන ඔක්‌කාරය, කෑම අරුචිය, වමනය යාම දැකගත හැකි වේ.

කරකැවිල්ල

යම් කාර්යයක නියෑලීමේ අපහසුතාව සමග කරකැවිල්ල ඇතිවීමට බොහෝ විට දැකගත හැකිය. එමෙන්ම ශාරීරික දුර්වලතා, හිස ඔසවා සිටීමට අපහසු බව ලක්‌ෂණ වේ.

ප්‍රතිකාර

බොහෝ වෛද්‍යවරුන්ගේ මතය වනුයේ මිගේ්‍රන් යනු සුව කළ නොහැකි රෝගයක්‌ බවය. නමුත් නිවැරැදි ප්‍රතිකාර ක්‍රමයක්‌ මත යොමු වීමෙන් මෙම රෝගය නිට්‌ටාවටම සුව කර ගත හැකිය.

හෝමියෝපති නමැති ප්‍රතිකාර ක්‍රමය මගින් මිගේ්‍රන් ස්‌ථිරවම සුව කර ගැනීමට හැකියාව ඇත. මෙහිදී නිවැරැදිව, වෛද්‍ය උපදෙස්‌ මත ප්‍රතිකාර ගැනීමෙන් රෝගය ඉක්‌මනින්ම හා ස්‌ථිරවම සුව කර ගැනීමේ හැකියාව පවතී.

හෝමියෝපති ප්‍රතිකාර අතුරු ආබාධ වලින් තොර ප්‍රතිකාර ක්‍රමයක්‌ වන බැවින් ඉතා විශ්වාසදායී ප්‍රතිකාර ක්‍රමයක්‌ ලෙස හඳුන්වා දිය හැකිය. එමෙන්ම ඕනෑම වයස්‌ සීමාවක අයකුට මෙය භාවිත කළ හැකිවේ.

හෝමියෝපති ඖෂධ මගින් රෝග මූලයට ප්‍රතිකාර කර රෝගය මුලුමනින්ම ශරීරයෙන් ඉවත් කරනු ලබන බැවින් රෝගය නැවත ඇතිවීමේ හැකියාව අවම වේ.

එමනිසා මිගේ්‍රන් හෙවත් ඉරුවාරදය නිට්‌ඨාවටම සුව කර ගැනීමට නම් හෝමියෝපති ප්‍රතිකාරවලට ඉක්‌මනින්ම යොමු වීම ඉතාමත් සුදුසුය.

වෛද්‍ය අෂාන් තිලංක
හෝමියෝපති උපාධිධාරී වෛද්‍ය සංගමය

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
28 Aug 2017 06:45 PM
අපො කතා කරන්න එපා මිග්ග්‍රෙන් ගැන නම් ..ඔලුව පලන්න හිතෙනවා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
30 Aug 2017 09:03 AM
එපාම කරපු ලෙඩක්.....පොඩි ඔලුවේ රදයක් ආවත් එපා වෙන එකේ ඉරුවාරදය ලෙසියෙන් අඩු වෙන ලෙඩක් නෙමෙයි.
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
30 Aug 2017 10:22 AM
මිගේ්‍රන් ඇසුවෙත් අදයි............. දෙයියන්න්ගේ පිහිටන් මම නම් ගොඩක් නිරෝගී
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
31 Aug 2017 04:18 AM
මේවායේ සුළු අවස්ථාවන් අති විදලා තියෙනවා...
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
31 Aug 2017 02:02 PM
දැන් හැමෝටම වගේ මිග්‍රෙන් ,,අහන අහන කෙනාට තියෙන තරම්
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Aug 2017 06:36 PM

වෛද්‍ය උපකරණවල ප්‍රමිතියක්‌ තිබිය යුතුය

* රුධිරයේ සීනි මට්‌ටම ඉක්‌මනින් පරීක්‌ෂා කිරීමට යොදාගන්නා ටකමජදපැඑeර වල උපකරණයෙන් උපකරණයට වෙනස්‌ අගයන් ලැබී ඇත. එම දෝෂ නිසා ද වැරදි රෝග විනිශ්චයකට භාජනය වීමේ ඉඩකඩ බොහෝය.

වෛද්‍ය උපකරණ ක්‍රමාංකණය (Calibration) යනු නියමිත පිළිගත් ප්‍රමිතියකට අනුව සාදන ලද වෙනත් උපකරණයක්‌ සමඟ සැසඳීමෙන් වෛද්‍ය උපකරණවල ක්‍රියාකාරිත්වය නිසි පරිදි ඇත්දැයි පරීක්‌ෂා කර බැලීමයි.

රෝහල්වල රෝගී සත්කාර සේවා ඉතා ඉහළ මට්‌ටමක පවතී. එමෙන්ම දැඩි සත්කාර ඒකකවල සිදුකරන සේවාව ද අති මහත්ය. මෙම සේවාවන්හි ගුණාත්මක භාවය නිසාම බේරුණු මිනිස්‌ ජීවිත ගණන කෙතරම්ද?

රෝග විනිශ්චය කිරීම පිළිබඳ අප රටේ වෛද්‍යවරු ඇති දක්‌ෂයෝය. ඒ බව අන්තර්ජාතික වශයෙන් ද පිළිගෙන ඇත. පසුගිය යුද සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල සේවය කළ වෛද්‍යවරුන්ට සිදුවූයේ අවම පහසුකම් යටතේ සේවය කිරීමටය. එයද අවම උපකරණ භාවිතයෙනි. බොහෝ රෝග විනිශ්චය කෙරුනේ ද ප්‍රතිකාර කෙරුණේ ද ඔවුනගේ ඒ සුවිශේෂ හැකියාවෙනි. ඒ සඳහා ඔවුනට ප්‍රණාමය පුද කිරීමට ද මෙය අවස්‌ථාවක්‌ කරගනිමි.

මෙවන් සෞඛ්‍ය සේවාවක්‌ නොමැති රටක තත්ත්වය කෙබඳු වේදැයි සිතා ගැනීමටවත් බැරිය. මෙසේ ජීවිත ගණනාවක්‌ රැකදෙමින් අමිල සේවාවක්‌ සිදුකරනවා මෙන්ම එම සේවාවේ ගුණාත්මක භාවය රැකගැනීමට ද නොයෙකුත් කටයුතු සම්පාදනය වෙමින් පවතින මෙවන් යුගයක වෛද්‍ය උපකරණවල ගුණාත්මක භාවය පිළිබඳව ද අවධානය යොමුවීම ඉතා වැදගත්ය.

දැනට කර්මාන්ත ක්‌ෂේත්‍රයේ උපකරණවල නිරවද්‍යතාව පරීක්‌ෂා කරනු ලැබේ. එය අවුරුදු 25 ක පමණ කාලයක්‌ තිස්‌සේ සිදුවන්නකි. නමුත් රෝහල්වල භාවිත කරන වෛද්‍ය උපකරණවල ගුණාත්මක භාවය පරීක්‌ෂා කිරීම පිළිබඳ අවධානය යොමුවී ඇත්තේ අවුරුදු 5 ක පමණ කාලයක සිටය.

රෝහල්වල භාවිත කරන වෛද්‍ය උපකරණ වලින් සමහරක්‌ පහත දැක්‌වේ.

Blood Pressure Apparatus, ECG Machines, EEG Machines, Ventilators, Defibrilators, Analyzers, Ventilators, Spirometer, Weighing scales, Syringes, Glucometer,scanners...

වෛද්‍යවරුන් විසින් රෝග විනිශ්චය තහවුරු කර ගැනීමට සහ ප්‍රතිකාර කිරීම සඳහා යොදාගන්නා මෙවන් වෛද්‍ය උපකරණවල නිරවද්‍යතාව පිරික්‌සීම සඳහා නවීන පහසුකම් වලින් සමන්විත විද්‍යාගාර ඇමෙරිකාව, නෙදර්ලන්තය, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දියාව, වැනි රටවල පිහිටුවා ඇත. මෙම විද්‍යාගාරවල අන්තර්ජාතික ලෙස පිළිගන්නා ප්‍රමිතීන්ට අනුව විද්‍යානුකූලව සකස්‌කරන උපකරණ භාවිත කොට වෛද්‍ය උපකරණවල නිරවද්‍යතාව පරීක්‌ෂා කරනු ලැබේ.

එය රෝග විනිශ්චයට සහ ප්‍රතිකර්මයට ද එමෙන්ම රෝග වළක්‌වා ගැනීම සඳහා ද ඉතා වැදගත් වේ. නියම ගුණාත්මක භාවයකින් යුතු වූ රෝගී සත්කාර සේවාවක්‌ ලබාදීමට මින් හැකිවෙනු ඇත.

උදාහරණ කිහිපයක්‌ පහත අයුරින් පෙන්වා දිය හැකිය.

* රෝහල්වල සිදුකරන සමහර පරීක්‌ෂණවල ප්‍රතිඵල රෝහලින් රෝහලට වෙනස්‌ වන අවස්‌ථා අප දැක ඇත. නමුත් එය එසේ සිදුවිය නොහැකි බව වෛද්‍යවරුන්ගේ සුවිශේෂ දැනුමෙන් විනිශ්චය කර නැවතත් එම පරීක්‌ෂණය වෙනත් රෝහලකින් කරවා ගැනීමට උපදෙස්‌ දෙන අවස්‌ථා ද ඇත. එය සිදුවීමට හේතු වී ඇත්තේ ද මෙය විය හැක.

* පිළිගත් ක්‍රමවේදයන්ට අනුව රුධිරයේ තිබිය යුතු කැල්සියම් ප්‍රමාණය විය යුත්තේ 8.9 - 10.1 mg/dl කි. නමුත් පරීක්‌ෂා කරනු ලබන උපකරණයේ ±1.0 mg /dl ක දෝෂයක්‌ තිබුණහොත් සාමාන්‍ය අගය 9.5 mg /dl වුවහොත්, එය 8.5 mg/dl ලෙස හෝ 10.5 mg /dlලෙස වෙනස්‌ විය හැකිය. එසේ වුවහොත් කැල්සියම් ඌණතාවක්‌ ලෙස හෝ අධි කැල්සියම් තත්ත්වයක්‌ ලෙස සලකා ප්‍රතිකාර කළ හැකිය. මෙය භයානක තත්ත්වයකි.

Ö රුධිර පීඩන මානයේ (Blood Pressure Apparatus) යම් යම් දෝෂ නිසා ද ප්‍රතිකර්ම වැරදීමට ඇති හැකියාව බොහෝය.

Ö රුධිරයේ සීනි මට්‌ටම ඉක්‌මනින් පරීක්‌ෂා කිරීමට යොදාගන්නා glucometer වල උපකරණයෙන් උපකරණට වෙනස්‌ අගයන් ලැබී ඇත. එම දෝෂ නිසා ද වැරදි රෝග විනිශ්චයකට භාජනය වීමේ ඉඩකඩ බොහෝය.

Ö එසේම ළදරුවන්ට ඖෂධ දීමේදී ඒවා මැනීම සඳහා ගන්නා මිනුම් බඳුන්වල නිවැරදිතාව ද පරීක්‌ෂා කිරීම ඉතා වැදගත්ය.

Ö හෘදයාබාධ රෝගීන් හට සිදුකරන ECG පරීක්‌ෂාව සඳහා යොදා ගන්නා ECG යන්ත්‍රවල දෝෂ නිර්ණය කිරීම ද ඉතා වැදගත්ය.

මෙලෙස උදාහරණ කිහිපයක්‌ පමණක්‌ පෙන්වා දී ඇතත් සියලුම වෛද්‍ය උපකරණවල නිවැරදිතාව පරීක්‌ෂාකර බැලීම ඉතා වැදගත් බව කිව යුතුය.

සර්වාංග රෝග පිළිබඳ වෛද්‍ය රම්‍යා
එල්. ප්‍රේමරත්න
සෞඛ්‍ය අමාත්‍යාංශය
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Aug 2017 06:44 PM

නිරෝගීව ඉන්න ඇපල් කන්න


දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් මරණයට පත්වීමේ අවදානම සියයට 35කින් අඩුවන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

සෑම දිනකදීම ග්‍රෑම් සියයක් බරැති ඇපල් ගෙඩියක් (කුඩා ඇපල් ගෙඩියක්) ආහාරයට ගන්නා කාන්තාවන්ගේ ආයූ අපේක්ෂාව එසේ ඇපල් ගෙඩියක් ආහාරයට නොගන්නා කාන්තාවන්ට වඩා වැඩි බව එම අධ්‍යයනයේ නිරත වූ පර්යේෂකයෝ පවසති.

වසර 15ක් මුළුල්ලේ වයස 70ත් 85ත් අතර විශ්‍රාමික පිරිසක් අධ්‍යයනයට  කරමින්  ‘වෙස්ටන් ඕස්ටේ්‍රලියා’ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් මෙම පර්යේෂණය නිරත වූහ.

එම කණ්ඩායම විශ්‍රාමිකයන් 1,456ක් අධ්‍යයනය කර ඇති අතර ඔවුන්ගේ මර්ත්‍යතාවට ඇපල් ආහාරයට ගැනීම බලපෑ ඇති ආකාරය ඉතා වැඩි බව අනාවරණය කරගැනීමට පර්යේෂකයන් සමත්ව තිබේ. එහිදි අධ්‍යයනයට සම්බන්ධ කරගන්නා ලද පිරිසගෙන් ආහාර සම්බන්ධයෙන් ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරමින් තොරතුරු ලබාගැනීමට පර්යේෂකයන් කටයුතු කර තිබුණි. 

දෛනිකව වෙනත් පළතුරු වර්ග ආහාරයට ගැනීම ද විවිධ සෞඛ්‍ය ප්‍රතිලාභ ගෙන දෙන බව මෙහිදි අනාවරණය වූයේ යැයි පර්යේෂකයෝ පෙන්වාදෙති.

ඇපල් යනු කෙඳි විශාල ප්‍රමාණයක් සහ සමේ ඇති ‘ෆ්ලේවනොයිඞ්’ අඩංගු පළතුරක් යැයි ද පර්යේෂකයෝ පෙන්වා දෙති.
‘ෆ්ලේවනොයිඞ්ස්’ යනු පළතුරු හා එළවළුවල අඩංගු වන ශාක සංයෝගයකි.  ‘ෆ්ලේවනොයිඞ්ස්’ සංයෝගය ඇපල්, බෙරි පළතුරු, පෙයාර්ස්, ස්ට්‍රෝබෙරී හා රාබුවල වැඩි වශයෙන් අඩංගු වෙයි. 

සෛල විනාශ වීම වළක්වන ප්‍රතිඔක්සිකාරක ද ඇපල්වල අඩංගුවන බව පර්යේෂකයෝ පවසති.  

හර්ෂණ තුෂාර සිල්වා
ඬේලිමේල් ඇසුරිනි

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Aug 2017 07:01 PM

"නැවත නැවත හෘදයාබාධ වැළඳීම අඩු කරළන
නව බෙහෙතක්‌ සොයා ගැනේ"


හෘදයාබාධයක්‌ වැළඳීම වළක්‌වනා බවට අනාවරණය වී ඇති "කැනකිනුමැබ්" බෙහෙත් වර්ගය හෘදය වස්‌තුවෙහි ධමනිවලට හානි කරනු ලබන රුධිරගත ද්‍රව්‍යයන් අවහිර කිරීමට සමත් ප්‍රතිදේහයක්‌ ලෙස පර්යේෂකයෝ හඳුන්වා දෙති. මෙම බෙහෙත පෙණහලු පිළිකාවලට ගොදුරු වන රෝගීන් මිය යැමේ අවදානම හරි අඩකින් අඩු කරලීමටත් ආත්රයිටීස්‌ හා ආත්රයිටීස්‌ වර්ගයේ රෝග තත්ත්වයක්‌ වන "ගවුට්‌" රෝගය වළක්‌වාලීමටත් සමත් බවද අනාවරණය වී තිබේ.

හෘදයාබාධයන්ට ගොදුරු වීමේ දැඩි අවදානමක්‌ පවතින රෝගීන්ට නැවත නැවතත් දරුණු හෘදයාබාධයන් හා ආඝාත තත්ත්වයන් (ස්‌ට්‍රොක්&zwnj ඇති වීමේ අවදානම සියයට 24 කින් කපා හැරීමට "කැනකිනුමැබ්" නමැති බෙහෙතට හැකියාව ඇති බව රටවල් 39 ක හෘදයාබාධ වැළඳීමේ අවදානම ඇති රෝගීන් 10,000 ක්‌ හා වෛද්‍යවරු 1000 ක්‌ උපයෝගී කර ගෙන සිදු කරන ලද දැවැන්ත අධ්‍යයනයකදී හෙළිදරව් වී තිබේ.

මෙම දැවැන්ත අධ්‍යයනයෙහි වාර්තාව ස්‌පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ ඉකුත් ඉරිදා පැවැති "යුරෝපා හෘද රෝග සංගමයේ" රැස්‌වීමකදී ඉදිරිපත් කෙරුණු අතර එම වාර්තාව "නිව් එන්ග්ලන්ඩ් ජ(ර්)නල් ඔෆ් මෙඩිසින්" සඟරාවෙහි පළ කර තිබේ.

වසර හතරක කාලයක්‌ පුරා සිදු කරන ලද මෙම අධ්‍යයනයට අනුව මෙතෙක්‌ කල් හෘදයාබාධ වැළඳීම වැළැක්‌වීමට යොදා ගනු ලැබුයේ කොලෙස්‌ටරෝල් මට්‌ටම අඩු කරලීමට සමත් "ස්‌ටැටින්ස්‌" බෙහෙත් වර්ගය හා රුධිරය ආශ්‍රිත රෝග තත්ත්වයන්ට භාවිත වන බෙහෙත් වර්ගයන්ය.

හෘදයාබාධයක්‌ වැළඳීම වළක්‌වනා බවට අනාවරණය වී ඇති "කැනකිනුමැබ්" බෙහෙත් වර්ගය හෘදය වස්‌තුවෙහි ධමනිවලට හානි කරනු ලබන රුධිරගත ද්‍රව්‍යයන් අවහිර කිරීමට සමත් ප්‍රතිදේහයක්‌ ලෙස පර්යේෂකයෝ හඳුන්වා දෙති. මෙම බෙහෙත පෙණහලු පිළිකාවලට ගොදුරු වන රෝගීන් මිය යැමේ අවදානම හරි අඩකින් අඩු කරලීමටත් ආත්රයිටීස්‌ හා ආත්රයිටීස්‌ වර්ගයේ රෝග තත්ත්වයක්‌ වන "ගවුට්‌" රෝගය වළක්‌වාලීමටත් සමත් බවද අනාවරණය වී තිබේ.

සෑම මාස තුනකට වරක්‌ම මෙම බෙහෙත එන්නත් කිරීමෙන් හෘදයාබාධ වැළඳීමේ අවදානම ඇති රෝගීන්ගේ එම අවදානම අඩු කරන බව පර්යේෂකයෝ සඳහන් කර සිටිති.

මෙම නව සොයා ගැනීම පිළිබඳව අධ්‍යයන වාර්තාව ඉදිරිපත් කළ හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය පෝල් රිඩ්කර්ට අනුව මෙය "නොවාර්ට්‌ස්‌" සමාගම විසින් නිපදවනු ලබන අතර එම සමාගම දැනටමත් මෙම බෙහෙත් වර්ගය හෘද රෝග සඳහා භාවිත කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය බලපත්‍රයක්‌ ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමට කටයුතු යොදා තිබේ.

හෘදයාබාධයක්‌ වැළඳෙන සෑම අයෙකුටම කොලෙස්‌ටරෝල් නොමැති වීම නිසා මෙතෙක්‌ හෘදයාබාධ අවදානම අඩු කරලීමට යොදා ගැණුනු කොලෙස්‌ටරෝල් මට්‌ටම අඩු කරලීමේ බෙහෙත් හෘදයාබාධ අවදානම ඇති සෑම අයෙකුටම යෝග්‍ය නොවන බව අනාවරණය වී ඇත.

හෘදයාබාධයක්‌ වැළඳෙන අයගෙන් හරි අඩකට කොලෙස්‌ටරෝල් නොමැති බව අනාවරණය වී ඇති අතර ඔවුන් පළමු හෘදයාබාධය වැළඳී වසර පහක්‌ ගත වීමෙන් පසු දෙවැනි හෘදයාබාධයටද ගොදුරු වන බව හෙළි වී තිබේ.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Aug 2017 07:05 PM

"දරුවන් ප්‍රසූත කළ මවුවරුන්ගේ
විශාද රෝග ලක්‍ෂණ
මඟහැරවීමට ව්‍යායාමය සුදුසුයි


ව්‍යායාම කිරීම හරහා දරු ප්‍රසූතියෙන් පසු මවුවරුන්ට ඇති වන විශාදය (ඩිප්‍රෙෂන්) රෝගයේ රෝග ලක්‍ෂණ මග හරවාගත හැකි බව එක්‌සත් රාජධානියේ බර්මින්ග්හැම් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක්‌ විසින් සිදු කරන ලද අලුත්ම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

"ඇරොබික්‌" නමැති කායික ව්‍යායාමය හරහා මෑතකදී දරුවන් ප්‍රසූත කළ මවුවරුන් තුළ හටගන්නා විශාදය රෝගයේ රෝග ලක්‍ෂණ කළමනාකරණය කළ හැකි බව පර්යේෂකයෝ සඳහන් කර සිටිති.

මෙහිදී පර්යේෂකයින් විසින් කාන්තාවන් 1734 දෙනෙකු යොදා ගෙන සිදු කරන ලද අධ්‍යයනයන් 13 ක්‌ මෙම අධ්‍යයනය සඳහා යොදා ගෙන තිබේ.

"බ්‍රිටිෂ් ජ(ර්)නල් ඔෆ් ජෙනරල් ප්‍රැක්‌ටිස්‌" නමැති සඟරාවෙහි පළ වී ඇති මෙම අධ්‍යයනයෙහි වාර්තාවට අනුව දරු ප්‍රසූතිය සිදු කළ මවුවරුන් තනිවම හෝ කණ්‌ඩායම් වශයෙන් ව්‍යායාමයෙහි නිරත වීමෙන් මෙම විශාද රෝග ලක්‍ෂණ මනාව පාලනය කර ගත හැකිය.

එක්‌සත් රාජධානියෙහි සායනික නිර්දේශයන්ට අනුව මානසික චිකිත්සාව හා විශාද රෝගය සඳහා බෙහෙත් ලබා දීම දරු ප්‍රසුතියෙන් පසු මවුවරුන්ට ඇති වන විශාදය පාලනය කිරීම සඳහා දැනට භාවිත වන ප්‍රතිකාර වන අතර ව්‍යායාමය හරහා එම රෝග ලක්‍ෂණ පාලනය කිරීම නිදහසේ අඩු වියදමකින් සිදු කළ හැකි වීම මෙහි ඇති වැදගත්කම බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

මේ අතර "බ්‍රිටිෂ් ජ(ර්)නල් ඔෆ් ජෙනරල් ප්‍රැක්‌ටිස්‌" සඟරාවෙහි සඳහන් වෙනත් අධ්‍යයනයකට අනුව එක්‌සත් රාජධානියෙහි සිදු කරන ලද අධ්‍යයනයන් 24 කට අනුව ඇතැම් පසු ප්‍රසව විශාද රෝග ලක්‍ෂණවලින් පෙළෙන කාන්තාවන් සමාජයෙන් කෙනෙහිලිකම් විඳීමට සිදු වේ යෑයි බියෙන් සිය රෝග ලක්‍ෂණ සඳහා උපකාර නොපතන බව හෙළි වී තිබේ.

මෙසේ විශාද රෝග ලක්‍ෂණවලින් පෙළෙන මවුවරුන් හොඳ මවුවරුන් විය යුතු බවට අන් අයගෙන් එල්ල වන බලපෑම් මත සිය මානසික සෞඛ්‍ය දුර්වල තත්ත්වයක පැවැතියද ඔවුන් ආධාර පැතීමට මැලි වන බව අනාවරණය වී ඇත. තමන් මවුවරුන් වශයෙන් අසාර්ථක වේ යෑයි ඇති වන බිය මත එම මවුවරුන් නිහඬ වන බව පර්යේෂකයෝ පවසති.

එක්‌සත් රාජධානියේ වෛද්‍ය ජූඩ් ෂේක්‌ස්‌පියර් පවසනුයේ ඕනෑම රෝගියෙකුගේ කායික හා මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා කායික ක්‍රියාකාරකම් වැදගත් වීම නිසා බර්මින්ග්හැම් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් විසින් මවුවරුන්ගේ පසු ප්‍රසව විශාද රෝග ලක්‍ෂණයන් මගහැරවීම සඳහා ව්‍යායාමය වැදගත් වන බව සොයා ගැනීම පිළිබඳව තමන් පුදුම නොවන බවයි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Aug 2017 07:23 PM

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/30/files/assets/common/page-substrates/page0024.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/30/files/assets/common/page-substrates/page0018.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/30/files/assets/common/page-substrates/page0029.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/30/files/assets/common/page-substrates/page0033.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/30/files/assets/common/page-substrates/page0034.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/08/30/files/assets/common/page-substrates/page0035.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
31 Aug 2017 07:55 PM
වැදගත් ලිපි කිහිපයක්ම තියෙනවා..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Sep 2017 04:08 AM
ලිපි පෙල ගොඩක් වැදගත්
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Sep 2017 06:00 PM

කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් භීතිකාවෙන් මිදෙන මග

අධිරුධිර පීඩනය (ප්‍රෙෂර්) යනු වර්තමානයේ බොහෝ අය භීතිකාවට පත් කරන තත්වයකි. එයත් සමගම අපට අසන්නට ලැබෙන්නේ කොලෙස්ටරෝල් වැඩිවීම පිළිබඳවයි. කොලෙස්ටරෝල් වැඩි වන විට අධීරුධිර පීඩන තත්වයන් ඇති විය හැකි බැව් කව්රුත් දනියි. එමෙන්ම අධිරුධිර පීඩන තත්වය ඇතිවීමට බලපානුයේ කොලෙස්ටරෝල් වැඩිවීම පමණක් නොවේ. ඊට වෙනත් හේතුද ඇත. ඒවා පිළිබඳ සාකච්ඡුා කිරීම පසුවට තබා අධිරුධිර පීඩනය හා කොලෙස්ටරෝල් වැඩිවීම අතර සම්බන්ධය පිළිබඳව තව දුරටත් කරුණු සලකා බැලීම වටී.

කොලෙස්ටරෝල් වැඩිවීම නිසා රුධිර පීඩනය වැඩි වන්නේ කෙසේද?

හෘදයේ පිටතට රුධිරය ගමන් කරන රුධිර නාල (ධමනි) වල අභ්‍යන්තර බිත්තියේ කොලෙස්ටරෝල් තැන්පත් වේ. මේ නිසා එම රුධිර නාල වල අභ්‍යන්තර කුහරය සිහින් වේ. එවිට එම සිහින් වූ නාලයන් හරහා රුධිරය පෙරට වඩා වැඩි පීඩනයකින් ගලා යයි. මෙම ක‍්‍රියාවලිය ශරීරයේ වැඩි රුධිර නාල ප‍්‍රමාණයක සිදුවීමෙන් ඇතිවන මුලූ පීඩනය කෙලිින්ම බලපාන්නේ රුධිරය පොම්ප කිරීමේ කාර්යයේ නිරත වන හෘදයටයි. මෙලෙස කොලෙස්ටරෝල් වැඩි වූ අයෙකුගේ රුධිර පීඩනය කිහිප විටක් පරීක්‍ෂා කළ විට එය රසදිය මිලිමීටර් 130/85 ට වඩා වැඩි නම් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

කොලෙස්ටරෝල් වැඩිවීමෙන් ඇති භයානකම තත්වය ඉන් හෘදයට ඉතකා අහිතකර ලෙස බලපෑම් ඇති කිරීමයි. හෘද පේෂි වලට රුධිරය සපයන කිරීටක ධමනි වල අභ්‍යන්තර බිත්තියෙහි මෙලෙස කොලෙස්ටරෝල් තැන්පත් වේ. කාලයක් තිස්සේ හාදය තුල ඇති රුධිර නාල බිත්ති වල කොලෙස්ටරෝල් නම් මේදය තැන්පත් වී ඇතරෝමා නැමැති තෙල් කැටිද හට ගත හැකිය. ඒවා මගින් රුධිර නාල අවහිර වී ඉන් ඔබ්බට රුධිරය ගලා නොයයි.

ඒ හේතුවෙන් එම රුධිර නාල වලින් රුධිරය සැපයුනු හෘදයේ කොටස් වල ෙසෙල මිය යා හැකිය. එහි ප‍්‍රතිඵලය වන්නේ ඒ මොහොතේ පපුවේ තද වේදනාවක් ඇති වීමත් එම වේදනාව උරහිසට, අත් වලට හෝ බෙල්ල දෙසට විහිදී යාමත්ය. මෙම ක‍්‍රියාවලියේ දරුණුතම අවස්ථාවේදී හෘදයේ ක‍්‍රියාකාරිත්වය ඇණ හිට මරණයෙන් කෙලවර වන අවස්ථාද දක්නට ලැබේ.

මෙවැනි අවාසනාවන්ත ඉරණමකට ගොදුරු නොවීමට තනි තනිව හිතා තමන්ගේ සෞඛ්‍ය පිළිබඳ තම තමන් සැලිකිලිමත් විය යුතුය. ඒ සඳහා වඩාත්ම සුදුසුම ක‍්‍රියා දාමය වුනයේ වයස අවුරුදු 35-40 ඉක්ම යන විට ආහාර පාලනය, ව්‍යායාම කිරීම සහ එමගින් අධික තරබාරුවද වළක්වා ගැනීමත්, නිරතුරුවම තම රුධිර පීඩනය පිළිබඳ අවධානයෙන් සිටීමත්ය. කොලෙස්ටරෝල් මට්ටම අනවශ්‍ය පරිදි ඉහල යාම කෙරෙහිද සුවිශේෂී අවධානයක් යොමු කළ යුතුය. මේ සියළු දෑ පිළිබඳ දැනුවත් වනවා මෙන්ම මෙම තත්වයෙන් මිදීමට නම් ඔබ යොමු විය යුතු සුදුසුම ප‍්‍රතිකාර ක‍්‍රම පිළිබඳව දත යුතුය. ඒ ගැන සොයා බැලීමේදී ඔබට සතුටු විය හැකි කාරණාවක් තිබේ.

එනම් රුධිර පීඩනය වැඩි වීමට හේතු වන කාරණාවන් සොයා බලා එම හේතූන් මුලිනුපුටා දැමීමේ සුවිශේෂී ක‍්‍රම වේදයක් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ තිබෙන නිසාවෙනි. වත්මනෙහි පවතින්නේ යම් කෙනෙකුගේ රුධිර පීඩනය වැඩිවූ විට ප්‍රෙෂර් පෙත්තක් බී එය අඩුකර ගැනීමේ ක‍්‍රමයකි. එම ක‍්‍රමය අනුව බොහෝ විට ප්‍රෙෂර් පෙති ජීවිත කාලය පුරාවටම ගත යුතු වේ. නමුත් දිගින් දිගටම ප්‍රෙෂර් පෙති ගැනීමෙන් අතුරු ආබාධ ඇති වන බවද දැන්නම් කවුරුත් පිළිගනියි. එබැවින් ප්‍රෙෂර් පෙති බී රුධිර පීඩනය පාලනය කිරීමට දිගින් දිගටම යොමු වීම සැබෑ ජයග‍්‍රහණයක් නොවේ.

නමුත් ආයුර්වේ වෛද්‍ය විද්‍යාව මීට හාත්පසින්ම වෙනස් වේ. එහිදී සිදුවන්නේ රුධිර පීඩනය පමනට වඩා අඩු හෝ වැඩි නම් ඊට හේතු සොයා බැලීමයි. රුධිර පීඩනය වැඩි වූයේ කොලෙස්ටරෝල් නිසා නම් කොලෙස්ටරෝල් වැඩි වූයේ කුමන හේතුවක් නිසා දැයි මෙහිදී සලකා බලයි.
බිත්තර කහමද, රක්ත වර්ණ මස් වර්ග සහ අධික ලෙස සත්ව තෙල් අඩංගු ආහාර ආදිය බහුලව පාරිබෝජනය කර සිරුර වෙහෙසා වැඩපල වල නොයෙදී සිටීම ඊට එක් හේතුවක් විය හැකිය. නමුත් ඇතැම් නිර් මාශිකයින්ටද කොලෙස්ටරෝල් වැඩි වීමේ ප‍්‍රශ්නය පැන නැගී ඇත. එයට හේතුව කුමක්ද?

ආයුර්වේද මතානුකූලව මෙය විස්තර කරනවානම් මේ සියල්ලටම හේතුව ආහාර ජීර්ණයේ ඇති දෝෂ සහිත බවකි. අප ගන්නා සත්ව හෝ ශාකමය වූ ඕනෑම ආහාාර වර්ගයක විවිධ ප‍්‍රතිශත වලින් මේද කොටස් තිබේ. කොලෙස්ටරෝල් නිපදවන්නේ මෙම මේද කොටස් ජීර්ණයේදී ඇතිවන රසායනික පරිවර්තනයන් ගණනාවකිනි. කොලෙස්ටරෝල් යනු එක්තරා මට්ටමකින් රුධිරයේ තිබිය යුතු රසායනික පදාර්ථයන්ය. ඒවා හිතකර සහ අහිතකර ලෙසද පවතින ප‍්‍රමාණයන් අනුව ක‍්‍රියා කරයි. කෙසේ නමුත් සිරුරට අහිතකර අන්දමින් කොලෙස්ටරෝල් ඉහල යාමට හේතුව වන්නේ ශරීරයට සැපයෙන මේද කොටස් ජීර්ණයේදී අක‍්‍රමවත් හෝ අවිධිමත් ලෙස රසායනික පරිවර්තනයන්ට ලක්වීමේ ප‍්‍රතිඵලයක් ලෙසය. එනම් එය සරලව කිවහොත් මුලින් කී පරිදි ජීර්ණයේ දෝෂ සහිත බවකි.

මෙම මේද කොටස් නිවැරදි ලෙස ජීර්ණය වූයේ නම් ශක්තිය ලෙස දේහ ක‍්‍රියාකාරිත්වයට වැඩ දායක වන අතර ඉතිරි ඒවා මල කොටස් ලෙස සිරුරෙන් බැහැර විය යුතුය. ශරිරයට අහිතකර ලෙස බලපාන මෙම ඇතැම් කොලෙස්ටරෝල් වර්ග ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල හඳුන්වන්නේ පිත්තස්නේහ ලෙසය. සැබැවින්ම මේවා නිවැරදි ආකාරයට දිරවූ මේද කොටස් නොවේ. එනම් බාගෙට දිරවූ ආහාර රසයකි. ඒවා ආම රසය (අමු ආහාර රසය) නම් වේ.

මෙම අහිතකර කොලෙස්ටරෝල් තත්වය හමුවේ ශරීරයට ඇතිවන උපද්‍රව ලෙස රුධිර පීඩනය වැඩිවීම, අනවශ්‍ය ලෙස තරබාරු වීම, සුලූ වැඩක් කල විට හෝ කෙටි දුරක් පයින් ගිය විට අධික මහන්සියක් දැනීම, අලස බව, නිදිමත වැඩිවීම හෝ නින්ද නොයාම, ඇඟපත රුදාව අදී ලක්‍ෂණ පහල වේ.
මෙවැනි අවස්ථාවලදී අප අනුගමනය කරන නිවැරදි ආයුර්වේද ප‍්‍රතිකර්ම පහත පරිදිය.
ආම පාචක නම් වූ ඖෂධ යෙදීමෙන් රුධිර නාල හෝ ශරීරයේ ඕනෑම තැනක ඇති අහිතකර කොලෙස්ටරෝල් නැවත ජීර්ණය වීම හෙවත් දියවීම ආරම්භ වේ.
මෘදු විරේචන ඖෂධ මගින් ඒවායේ ඇතිි අහිතකර පදාර්ථ මල, මුත‍්‍ර හා දහදිය මාර්ග වලින් නිරන්තරයෙන්ම පිට කර හරිනු ලැබේ.
ඒ අතරම යොදන ජීරක එන්සයිම සමබර කරවන ඖෂධ මගින් ශරීරයට අලූතින් ලැබෙන මේද කොටස් නිවැරදි ආකාරයට ජීර්ණය වී ශක්තිය ලෙස ශරීරයට ලබා දෙයි.
මෙම ක‍්‍රියාදාමය මගින් කෙටි කලකින්ම රෝගීන්ට ඉතා සුවදායක තත්වයක් උදාවේ. මීට අමතරව මේ මගින් තවත් බොහෝ ක‍්‍රියාවන්ද සිදුවේ.

එනම් රෝගියෙකු රුධිර පීඩනය හෝ කොලෙස්ටරෝල් වැඩියි කියා පැමිණියද ඔවුන් ප‍්‍රතිකාර කිරීමට පෙර මේවාට අමතරව පවතින අනෙක් රෝග තත්වයන් පිළිබබඳවද පූර්ව විමසීමක් පුර්ණ අකාරයෙන් සිදු කිරීමයි. එවිටරෝගීන් පවසන බොහෝ දෑ ඇත. ඇතමුන්ට ඉහත තත්වයන්ට අමතරව දියවැඩියාව, ගැස්ට‍්‍රයිටීස්, අර්ශස්, පීනස, තුනටියේ අමාරුකම්, හිසේ කැක්කුම, ඇඟපත රුදාව, අත්පා හිරි වැටීම්, අධික ලෙස කේන්ති යාම, මළබද්ධය, වාතරක්තය හා විවිධ සමේ රෝග වැනි තත්වයන්ද අඩු වැඩි වශයෙන් ඇත.

එවිට නිවැරදිව ආයුර්වේද ප‍්‍රතිකාර ක‍්‍රමය භාවිතා කරමින් එවිට එක තත්වයක් ගැන පමණක් සැලකීමකින් තොරව සියලූ තත්වයන් පිළිබඳ සකලා බලා ඒ ඒ පුද්ගලයින්ට ආවේණික වූ ඖෂධ රටාවන්ට යොමු කරීම මගින් එම තත්වයන් නිට්ටාවටම සුවකළ හැකිය.

එහෙත් වර්තමාන කාර්යබහුල ජීවන රටාව අනුව ආායුර්වේද ඖෂධ භාවිතා කිරීමට බොහෝ දෙනෙකු යොමු නොවන්නේ ඖෂධ වර්ග සෙවීම, තම්බා පිළියෙල කිරීම වැනි කාර්යයන් දුෂ්කර වන බැවිනි. නමුත් විශිෂ්ට ලෙස වෙද පරපුරක උරුමය ලද පෑලියගොඩ රන්පත වෙද මැදුරට පිවිසෙන ඔබට සැපයෙන ඖෂධ ගොනුවට කෂාය වර්ග තිබේ නම් ඒවා තම්බා පිළියෙල කළ බෝතල් ලෙසත් අනෙකුත් ඖෂධ පහසුවෙන් ඕනෑම කාර්යබහුල තත්වයකදී වුවද භාවිතා කල හැකි ලෙසත් ලබා දෙන්නේ ඔබේ පහසුව පිණිසමය.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Sep 2017 06:05 PM

නිදන්ගත වකුගඩු රෝගයෙන් බේරෙන්නේ මෙහෙමයි

ලංකාවේ නිදන්ගත වකුගඩු රෝගීන් වසරකට දහසකට අධික සංඛ්‍යාවක් වාර්තාවන බව සෞඛ්‍ය ඇමැති කියයි. ඒ අනුව දැන් වකුගඩු රෝගයද වය්‍යසන තත්ත්වයට පත්ව ඇතැයි කීම වරදක් නොවේ. වකුගඩු රෝගී නොවී යහපත්ව පවත්වාගැනීමත් රෝග ලක්ෂණ පහළවන මුල්ම අවස්ථාවේ පරික්ෂාවකට ලක්ව අවැසි ප්‍රතිකාර ගැනීමත් මඟින් ඔබට සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ගත කරන්නට හැකියාව උදාවේ. අපට වකුගඩු කොතරම් වැදගත්ද, වකුගඩු රෝගවලට හේතු සහ එවායින් වකුගඩු ආරක්ෂාකරගන්න හැටි ගැනයි මේ.

වකුගඩුවල ප්‍රයෝජන

• ශරීරයේ ඇති අපද්‍රව්‍ය පෙරා මුත්‍රා ලෙස බවත් කර වස විසෙන් සිරුර බේරාගන්නේය.

• රුධිර - පීඩනය නිසිමට්ටමක පවත්වා ගනියි.

• රුධිරයේ සංයුතිය පාලනය කරයි.

• අස්ථිවල සෞඛ්‍ය සම්පන්න බව ආරක්ෂා කරයි.

වකුගඩු අකරණයට හේතුව කුමක්ද?

• වසවිස සහිත කෘෂි රසායන ද්‍රව්‍ය මුසුවූ ජලය සහ ආහාර පරිභෝජනය මූළික හේතුව බව ලෝක සෞඛ්‍ය සංවිධානයද පිළිගෙන තිබේ. 

• දියවැඩියාව, අධි රුධිර පීඩනය සඳහා නිසි ප්‍රතිකාර ගෙන පාලනය නොකිරීම.

• මධ්‍යසාර සහ දුම්වැටි භාවිතය.

• දිනපතා බීමට ගන්නා ජලය ප්‍රමාණය අඩුවීම.

• සර්පයන් දෂ්ඨ කිරීම හෝ වසවිස පානය

• මී උණ රෝගය

• වේදනා නාශක ඖෂධ අසාමාන්‍ය ලෙස අධිකව භාවිතය. 

• වෛද්‍ය උපදේශයකින් තොරව ඖෂධ ගැනීම හා විශේෂයෙන්ම අරිෂ්ඨ වර්ග ආදිය හිතුමතේ භාවිතය.
වැළකීමට මඟ

• පිරිසිදු ජලය බීමට සහ ආහාර පිසීමට භාවිතය. අඩුතරමේ වැඩිහිටියකු වතුර ලීටර 3ක්වත් අවම වශයෙන් පිරිසුදු ජලය ලබාගත යුතුය.

• ආහාර පුරුදු වෙනස් කරන්න. වකුගඩු විනාශ කරන ලුණු, තෙල්, සිනී භාවිතය අඩු කරමු.

• දුම්වැටි සහ මධ්‍යසාර අත්හරින්න.

• වේදනා නාශක හෝ වෙනත් ඕනෑම ඖෂධයක් වෛද්‍ය උපදෙස් මත පමණක්ම ගත යුතුයි.

• ආහාර පිසීමට හැකි හැමවිටම මැටි බඳුන් භාවිතය

• දියවැඩියාව යන රුධිර පීඩනය නිසිලෙස ප්‍රතිකාරයෙන් පාලනය කරගැනීම

• සර්ප දෂ්ඨයකදී හෝ වසවිස පානය කළ විටකදී වහාම රෝහලක් වෙත ගෙනයාම. 

• කෘෂි රසායන භාවිතය අත් හරිමු. 

ඒ සඳහා මුලින්ම කෘෂි රසායන භාවිතය අඩුකර ගත යුතුය. ඒ අතර කෘෂි රසායන භාවිතයේදී පහත කරුණු ගැන සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්ය.

1. කෘෂි රසායන භාවිතය ක්‍රමයෙන් අඩු කරන්න.

2. ඒවා සකස් කිරීමේදී සහ ඉසිමේදී මුව වැසීම, දෙපා දෑත් ආවරණ සහිතව ආරක්ෂිත ඇඳුම්වලින් අනිවාර්යයෙන්ම සැරුසෙන්න.

3. සුළඟේ දිශාවට රසායනය ඉසින්න. තමන් වෙත එන සුළඟට එරෙහිව ඉහින්න එපා.

4. කෘෂි රසායන ඉසීමේ උපකරණ එම ඇල දොළ ගංඟා හා වක්කඩ වලින් සේදීමෙන් එම ජල මූලාශ්‍ර ද දූෂණය වෙයි. ඒ නිසා එයින් වළකින්න.

5. ඉවතලන කෘෂි රසායන බෝතල් ඇතුළු ඇසුරුම් වළලා දමන්න.

6. කෘෂි රසායන ඉසිමෙන් පසු ඔබ ඉතා හොඳින් පිරිසුදු වෙන්න.

සුගත් පී. කුලතුංගආරච්චි

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 43 of 137 << < 4142434445 > >>