Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 44 of 137 << < 4243444546 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 01 Sep 2017 06:09 PM දිනකට 500ක් බිලිගන්නා සැඟවුණු වසංගත දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ හෘදයාබාධ නිසා ශ්‍රී ලංකාව තුළ දිනකට 500 ආසන්න පමණ රෝගීන් ප්‍රමාණයක් මියයයන බව මේ වන විට හෙළිවී ඇත. මෙම ප්රකාශනයට අනුව ඉහත සඳහන් රෝගවලින් වසරකට 130000කට ආසන්න ප්‍රමාණයක් මියයති. මෙතෙක් කලක් අප වැඩි අවධානයට ලක් කළේත්, වැඩි වශයෙන් කතාබහ කළේත් අප බියට පත් වූයේත් බෝවන වසංගත රෝග සම්බන්ධවය. එහෙත් සියල්ල උඩු යටිකුරු වී ඇත. දියවැඩියාව, අධිරැධිර පීඩනය සහ හෘදයාබාධ වැනි බොනොවන රෝග වසංගතයන් මෙන් අප අතර පැතිර යමින් පවතියි. සොයා බලන්න, මේ ලිපිය කියවන ඹබ හෝ ඔබේ පවුලේ කවර හෝ සාමාජිකයෙකු අනිවාර්යයෙන්ම ඉහත රෝගවලින් පෙළෙනවා ඇති. සංවර්ධිත රටවල මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලද සෞඛ්‍ය අංශ දැන් වැඩි පිරිවැයක් දරන්නේද ශ්‍රම දායකත්වයක් ලබා දෙන්නේද මෙම බෝ නොවන රෝග වෙනුවෙන්ය. එය එතරමටම වසංගතයක් වි ඇත. නිදන්ගත රෝගයක හෙවත් බෝ නොවන රෝගයක ප්‍රධාන ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැක. එහිදී ඇති වන රෝග ලක්ෂණ සදාකාලික විය හැක. රෝගය අවසානයේදී දිගු කල් පවතින අතුරැ ආබාධ ඇති වෙයි. තවද නිදන්ගත රෝගවලදී ශරීර අභ්‍යයන්තර වෙනස් වීම් නැවත වෙනස් කළ නොහැකි ලෙස විපර්යාස වලට භාජනය වෙයි. මෙහිදී ජනිත වන රෝග ලක්ෂණ සමඟ රෝගියාට දිගු කලක් පොර බැදීමට වන හෙයින් ඒ සඳහා ඔහු හුරු කිරීමටත් පුනරුත්ථාපනයටත් උනන්දු විය යුතුය. මෙවැනි රෝගීන්ට වරක් දෙවරක් ප්‍රතිකාර කොට අතහැර දැමීම කළ නොහැකි නිසා දිගූ කලක් සායනවලට ගෙන්වා ගැනීමට පෙළඹවීමක් සිදු කළ යුතුය. එහෙත් අපේ රටේ මෙවැනි නිදන්ගත රෝග වලින් පෙළෙන බොහෝ දෙනෙකු රෝගයට ප්‍රතිකාර ගැනීම අතරමඟදි නතර කර දමයි. ආර්ථික සහ සමාජීය හේතු බොහොමයක් මෙසේ දිගු කලක් රෝගවලට ප්‍රතිකාර ලබා නොගැනීමට මග පාදන අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස බරපතල අතුරු ආබාධවලට මුහූණ දී දුක් විඳ මියයාමට සිදු වෙයි. අප අවට සිඝ්‍රයෙන් පැතිර යන බෝ නොවන රෝග මොනවාදැයි මීළඟට මදක් විමසා බලමු. මේ අතරින් හෘදය ආශ්රිත රෝග වලට ප්‍රමුඛස්ථානය හිමි වෙයි. මීට අමතරව වකුගඩු රෝග, ස්නායු ආශ්රිත රෝග, සන්ධි ආබාධ, දිගු කල් පවතින ශ්වසන රෝග (ඇඳුම වැනි), හදිසි අනතුරු වලින් අත්වන සදාකාලික ආබාධ, වියපත් වීම ආශ්රිත රෝග මේ අතර පෙරමුණේ සිටියි. මිට අමතරව අන්ධභාවය, පිළිකා රෝග, දියවැඩියාව, තරබාරැ බව හා වෙනත් පරිවෘත්තීය රෝග පෙරමුණට පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණවලින් පෙරමුණේ සිටින්නේ හෘදයාබාධයන්ය. දෙවන ස්ථානය පිළිකා රෝග වලටත් තෙවන තැන පෙනහළු ආශ්රිත රැධිර සංසරණ ගැටලුවලටත් හිමි වී ඇත. මොළය ආශ්රිත රැධිර සංසරණ ගැටලු (අංශභාගය) පත්ව ඇත්තේ සිව්වන ස්ථානයටය. ඉන් අනතුරැව පිළිෙවලින් ශ්වසන රෝග, සත්ත්වයින් හා බැක්ටීරියා මගින් බෝවන රෝග, හඳුනා නොගත් රෝග, මුත්‍රා පද්ධතිය ආශ්රිත රෝග හා හදිසි අනතුරු නිසා වන මරණවලට ප්‍රමුඛතාව ලැබෙයි. අපේ රටේ රෝහල් ගතවීම් වැඩිම සංඛ්‍යාවකට හේතූව හදිසි අනතුරැ වන අතර දෙවන ස්ථානය ශ්වසන පද්ධතිය ආශ්රිත වලට හිමි වෙයි. හඳුනා නොගත් රෝග, වෛරස රෝග, ආහාර මාර්ග පද්ධතිය ආශ්රිත රෝග සහ ගර්භනී භාවය ආශ්රිත රෝග තත්ත්ව අනෙක් හේතු සාධකයෝය. වර්තමානය වන විට නිදන් ගත රෝග ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු සාධක හයක් පමණ හඳුනාගෙන ඇත. අඩු වයසින් රෝගී වීමටත් මරණය පත් වීමටත් මෙම කරැණු බලපාන බව පෙනී යයි. 1. සිගරට් සහ විවිධ වර්ගයේ දුම් පානය. 2. මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය. 3. රෝග වළක්වා ගැනීම කෙරෙහි උනන්දුවක් නොදැක්වීම. (නිදසුනක් වශයෙන් අධි රුධිර පීඩනය පාලනය, පිළිකා කල්තියා හඳුනා ගැනීම, දියවැඩියාව පාලනයට උනන්දු වීම ආදිය නොකර සිටීම දැක්විය හැක). 4. ජීවන චර්යාව අහිතකර ලෙස වෙනස් කර ගැනීම. (ආහාර රටාව, කායික ව්‍යායාම ආදිය උනන්දුවක් නොදැක්වීම). 5. අහිතකර පාරිසරික සාධක ගොඩනැගීම. (පරිසර දූෂණය, විනාශකාරී යූද අවි භාවිතය ආදිය තවත් නිදසුනකි). 6. මානසික පීඩනය ඉහළ යාම. මෙම ප්‍රධාන අවදානම් සාධකයෝය. බෝනොවන රෝග වළක්වා ගැනීම කෙරෙහි අහිතකර ලෙස බලපාන කරුණුද කිහිපයක් පවතියි. මින් එක් සාධකයක් වන්නේ රෝග පිළිබඳව අප කෙරෙහි පවතින අඩු දැනුමයි. විශේෂයෙන් රෝග ඇති වීමට බලපාන හේතු සාධක සම්බන්ධව සමහර විට නිසි දැනුමක් අපට නොවන අවස්ථාද ඇත. ඇතැම් රෝග ඇති වීමට එක් සාධකයක් නොව සාධක කිහිපයක්ම බලපාන අවස්ථාද ඇත. පාරිසරික මෙන්ම චර්යාමය හේතූ මේ අතර ප්‍රධානය. නිදන්ගත රෝග වලින් බොහොමයක් පූර්ව හඳුනාගැනීම් හරහා (screening test) අවබෝධ කර ගත හැක. වෛද්‍ය ජී.ජී. චමල් සංජීව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ හම්බන්තොට ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 01 Sep 2017 06:16 PM තෙලේ බලේ ආයුර්වේදයේ දී තෙලට ඇත්තේ සුවිශේෂී තැනකි. සෑම තෙලකටම ප්‍රමිතියක් තිබිය යුතුයි. ඒ සඳහා කරුණු තුනක් තිබිය යුතුවේ. එනම් එම තෙලෙහි ගුණාත්මක භාවයන් තිබිය යුතුය. එය ශරීරයේ ගැල්වීමෙන් රෝගය සුවපත් වීමේ හැකියාවක් තිබිය යුතුයි. අවසාන කරුණ වනුයේ එය ගැල්වීමෙන් රෝගියාට අතුරු ආබාධ ඇති නොවිය යුතුයි. ආයුර්වේදයේ ද තෙල නිෂ්පාදනය කරද්දී ඉතා පිරිසුදුව එය නිෂ්පාදනය කළ යුතු බව සඳහන් වේ. විශේෂයෙන් කෙළ, සොටු, දුවිලි, දාඩිය ආදී මේදේවල් මිශ්‍ර නොවන ලෙස තෙල නිෂ්පාදනය කළයුතුවේ. එමෙන්ම තෙල නිෂ්පාදනය කරද්දී ගින්දර පිළිබඳව සැලකිලිමත් විය යුතුය. තෙල ළිපේ තියෙද්දී හිඳීගෙන යද්දී එය ළිපෙන් ඉවතට ගත යුතුවේ. තෙලක් පාවිච්චි කරන්නේ කොහොමද? තෙලක් පාවිච්චි කරන ක්‍රම කීපයකි. 1. නෂ්ණ කිරීම - නාසය මඟින් තෙල ශරීරයට ඇතුල් කිරීම නෂ්ණ කිරීම වේ. 2. වස්ති කිරීම - ගුද මාර්ගයෙන් තෙල ශරීරය තුළට ඇතුළු කිරීම මේ නමින් හැඳින්වේ. 3. අභ්‍යංග කිරීම - තෙල ශරීරයේ ගැල්වීම අභ්‍යංග ක්‍රමය නමින් හැඳින්වේ. 4. පාන කිරීම - ඇතැම් රෝග සඳහා තෙල් පානය කිරීමට සැලැස්සීම පාන ක්‍රමය ලෙසින් හැඳින්වේ. • නාරායන තෛලය නාරායන යනු විෂ්ණු දෙවියන්ට කියන නමකි. මෙය ඉතා ප්‍රසිද්ධ තෛලයක් වූ අතර එහි වැඩිපුරම ඇත්තේ අමුක්කරාය. එමෙන්ම එළබටු, මුරුංග පොතු, බැබිල, කටුවැල්බටු, සුදු හඳුන්, බැබිල, කොට්ටං, සුදු හඳුන් වැනි දේ කල්කයක් ලෙස දමාය. එමෙන්ම මෙම නාරායන තෛලයට තල තෙලද එයට සමාන ප්‍රමාණයෙන්ම හාතවාරිය අල යුෂද එළකිරිද එක්කිරීම කරයි. මෙම නාරායන තෛලය අංශභාග රෝගීන්ට, පක්ෂ රෝගවලට ඉතා ගුණදායක වේ. එමෙන්ම කොන්ද අමාරුවට, බෙල්ලේ අමාරුවට, අතපය වේදනාවට රුධිර ආශ්රිත රෝගවලට ද ඉතා ගුණදායක වේ. • පිණ්ඩ තෛලය පිණ්ඩ තෛලයහි අඩංගු වන්නේ ඉරමුසු, වැල්මදටිය, මී ඉටි වර්ගයයි. මෙම කල්කයට තල තෙල් එකතු කරයි. මෙය උකු ඝනකමින් වැඩි තෙලකි. ලේ පිරිසුදු කිරීම, හිස්සොරි සඳහාත්, සමේ ඇතිවන ලෙඩ රෝග සඳහා ද ඉතා ගුණදායක තෙලක් ලෙසින් පිණ්ඩ තෙල හැඳින්විය හැක. • නීල්‍යාදී තෛලය හිසකෙස් සඳහා යෙදිය හැකි ඉතා ගුණදායක තෙලක් ලෙසින් නීල්‍යාදී තෛලය හැඳින්විය හැක. මෙය සීතල ගුණ ඇති තෙලකි. නීල්‍යාදී තෛලය සෑදීමේදී නිල අවරිය, කුඹුක් මල්, වැටකේ, නෙළුම් දඩු, කළු තල, යහළු වැනි දේ යොදා ගැනිනි. උදුගොව්වන් කෑම වැළක්වීමට හිසට යොදන නීල්‍යාදී තෛලයෙහි ඇති සීතල පිළිබඳව සැලකිලිමත් වෙන්න. • සිද්ධාර්ථ තෛලය හාතවාරිය සිද්ධාර්ථ තෙලෙහි ඇති ප්‍රධානම ද්‍රව්‍ය වන අතර බෙලි, මිදි, තල, බැබිල මුල්, එළබටු, පොල්පලා, කටුවැල් බටු, එරං මුල් ද කල්කය සඳහා යොදා ගැනේ. කසාය ලෙසින් තලතෙල් සහ එළකිරි යෙදේ. සිද්ධාර්ථ තෙල නෂ්ණ කිරීම, පාන කිරීම, අභ්‍යංග කිරීම ආදියෙන් ද රෝගියාට ලබාගත හැක. නමුත් සිද්ධාර්ථ තෙල දණහිස්වලින් පහළ කොටසේ ආලේප නොකරයි. සිද්ධාර්ථ තෙල් ස්වල්පයක් රත්කර පපුවේ අලේප කිරීමෙන් හෘද රෝගීන්ට ඉතා ගුණදායක වන අතර හිසේ කැක්කුම්වලටද සිද්ධාර්ථ තෙල ඉතා ගුණදායක තෙලකි. • ඉරිමේදාදිය තෛලය දත් රෝග සඳහා ඉතා ගුණදායක තෙලක් ලෙසින් ඉරිමේදාදිය තෙල හැඳින්විය හැක. ශූරන්ද පොත්ත, කරාබු නැටි, වැල්මී, කලාඳුරු, කැප්පෙට්ටියා වැනි දේ මේ සඳහා යොදා ගැනේ. කසාය සඳහා තල තෙල් යොදා ගැනේ. දත් අවපැහැ ගැන්වීම, දත්මුල් දියවීම, දත් රිදීම, වැනි බොහෝ දත් රෝග සඳහා ඉරිමේදාදිය තෛලය ඉතා ගුණදායක වේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 01 Sep 2017 06:22 PM හණමිටියක් උඩ තැබූ ගබ්සාව ගබ්සාව, මේ දිනවල සමාජයේ වැඩිම කතාබහකට ලක්වූ මාතෘකාවකි. එය ලොව සෑම රටකම පාහේ පවතින සමාජ ගැටලුවක් ලෙස පෙන්වාදීමෙහි වරදක් නැත. මන්ද ගබ්සාව නීතිගත වුවත් නැතත් එය ලොව පුරා පුළුල් වශයෙන් දැකිය හැකි තත්ත්වයක් වන හෙයිනි. ගබ්සාව පිළිබඳ මෙරට කතාබහ අලුත් වූයේ ගබ්සා නීතිය ලිහිල් කිරීම සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවීමත් සමඟ ය. එනම් ලිංගික අතවරයක් නිසා සිදුවන ගැබ් ගැනීමකදී හෝ උපදින්නට සිටින දරුවා බරපතළ ආබාධ තත්ත්වයක් ඇතුව උපදින බව තහවුරු වීමකදී ගබ්සා කිරීමට නීතිමය ඉඩහසර ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ඒ පිළිගත් වෛද්‍යරු දෙදෙනකුගේ නිර්දේශය යටතේ රජයේ රෝහලකදී පමණක් යනුවෙන් යැයි යම් සංවරණ තත්ත්වයක් ද සමඟිනි. එහෙත් එම තීරණය හමුවේ මේ වනවිට ශ්‍රී ලාංකික සමාජය තුළ සැලකිය යුතු ආන්දෝලනයක් හටගෙන ඇත. ශ්‍රී ලංකාව තුළ ගබ්සාව යනු නීති විරෝධී ක්‍රියාවකි. යම් හෙයකින් දරු උපතක් අතරතුර දරු ගැබ නිසා මවගේ ජීවිතය අනතුරට ලක්වන්නේ නම් පමණක් ගබ්සාවට අවසර දී තිබුණද ප්‍රතිපත්තියක් ලෙස ගබ්සාවට මෙරට නීතියෙන් අවසරයක් නැත. එවන් පසුබිමක වුව ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව ගබ්සා කිරීම් හයසියයකට වැඩි ප්‍රමාණයක් සිදුවන බව පර් යේෂණවලදී තහවුරු වී තිබේ. මේ අතර දැඩි සාම්ප්‍රදායික සමාජ පරිසරයක් පවතින අසල්වැසි ඉන්දියාවේ පවා ගබ්සා නීතිය ඇත්තේ අපට වඩා ලිහිල් තැනක ය. එනම් දරු ගැබට සති 20ක් ඉකුත් වීමට පෙර එරටදී ගබ්සාවක් සිදුකළ හැක. බංග්ලාදේශයේ දරු ගැබට සති 10ක් ඉකුත් වීමට පෙර ගබ්සාවක් සිදුකරවා ගැනීමට නීතියෙන් බාධාවක් නැත. නමුත් අපේ රට තුළ ගබ්සාවක් කළ හැක්කේ මවගේ ජීවිතය එයින් අවදානමට ලක්වේ නම් පමණි. මෙහිදී සැලකිලිමත් විය යුතු කාරණයක් වන්නේ එසේ කියවෙන්නේ වසර එකසිය තිස් හතරක් පැරැණි නීතියක් වන 1883 දණ්ඩ නීති සංග්‍රහයේ 303 වන අනු වගන්තිය යටතේ වීමය. ගබ්සා නීතිය ලිහිල් කිරීම ගැන නිර්දය විවේචනයක් එල්ල වන්නේ අගරදගුරුහිමිපාණන් ප්රමුඛ කතෝලික සභාවෙනි. කැබිනට් තීරණය පිළිබඳ සිය අප්‍රසාදය පළකරමින් ශ්‍රී ලංකා කතෝලික සභාව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ දැක්වෙයි. කතෝලික සභාව විශ්වාස කරන්නේ, කළලය පිළිසිඳගත් මොහොතේදීම මිනිස් ජීවිතය ඇරඹෙන බවත්, එය ශුද්ධවත් වන අතර කිසිවකුට ජීවිතය කෙලසීමට පිළිසිඳගත් මොහොතේදී පවා අයිතියක් නොමැති බවත් ය. මේ අතර පසුගියදා තේවත්ත බැසිලිකාවේ පැවැති දේව මෙහෙයක් අතරතුරදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ප්‍රකාශ කර සිටියේ සෑම මිනිස් ජීවිතයක්ම දේව කැමැත්ත අනුව සිදුවන්නක් වන බවත් දෙවියන් වහන්සේගේ ඇතැම් සැලසුම් මිනිස් අපට තේරුම් ගැනීමට අපහසු වන බවත් ය. උන්වහන්සේ එහිදී මෙසේ පවසා සිටියහ. ගබ්සා නීතිය ලිහිල් කරන්න, ඉස්සෙල්ලා හිටපු රජයත් උත්සාහ කෙරැවා. මේ ළඟදි ඉඳලා ඇහෙනවා මේ දැන් ඉන්න රජයත් ගබ්සා නීතිය ලිහිල් කරන්න හදනවා කියලා. ඊයෙ පෙරේදාත් පුවත්පත්වල තිබුණා ඒක. ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයට විරුද්ධව ප්‍රකාශ පවා ඉදිරිපත් වෙනවා. කතෝලික අපිට ජීවිතය වැදගත්. ජීවිතය උතුම්. ඒ නිසා දරුවෙක් අංග විකලව ඉපදුණා කියලා, බලාපොරොත්තු වුණු ප්‍රමාණයට වඩා දරුවො ලැබුණා කියලා ඒ දරුවා නැති කරදැමීම වරදක්! කතෝලික සභාව එවැනි මතයක් ප්‍රකාශ කරන්නේ බයිබලයේ දස පනත අනුව යමිනි. එනම් දරු ගැබක් වුවද මිනිස් ජීවිතයක් ලෙස සැලකිය හැකි නිසා ගබ්සාව යනු මිනිස් ජීවිතයක් උදුරා ගැනීම බව කතෝලික සභාවේ ස්ථාවරය වී තිබේ. එම අර්ථයෙන් ගත් කළ කතෝලික සභාවේ අදහසෙහි කිසිදු වැරුද්දක් නැත. නමුත් කතෝලික පල්ලියේ ප්‍රධානියා වන ශුද්ධෝත්තම පාප් වහන්සේ ඉකුත් වසරේදී වතිකානුව තුළ ගබ්සාව සම්බන්ධයෙන් යම් ලිහිල් ප්රතිපත්තියකට ගමන්කොට තිබීම ද අමතක කළ නොහැක. එනම් ගබ්සා සිදුකළ කාන්තාවන්ට සමාව ලබාදෙන ලෙස සියලු කතෝලික පූජකයන්ගෙන් උන්වහන්සේ ඉල්ලීමක් කර සිටියහ. ගබ්සාව දෙයාකාරය. එනම් ස්වභාවික ගබ්සාව සහ සාපරාධී ගබ්සාව යනුවෙන් කොටස් දෙකකි. මින් ස්වභාවික ගබ්සාව ලෙස හැඳින්වෙන්නේ දරු ගැබ නිසා මවගේ ජීවිතයට යම් හානියක් සිදුවේය යන පදනමින් නිත්‍යනුකූල වෛද්‍යවරු විසින් සිදුකරන ගබ්සාවකි. එමෙන්ම එහි තවත් පැත්තක් තිබේ. මවගේ ශරීරය තුළ හටගන්නා යම් රෝගී තත්ත්වයක් නිසා හෝ දරු ගැබේ ශක්තිමත් භාවය නොමැතිවීම ආදී ස්වභාවික හේතුවක් මත දරු ගැබක් කුස තුළදී ඉබේටම විනාශ වී යාම ද ස්වභාවික ගබ්සා තත්ත්වයක් ලෙස හඳුනා ගැනේ. සාපරාධී ගබ්සාව ලෙස සලකනු ලබන්නේ හිතාමතාම දරු ගැබ විනාශ කිරීමේ පරමාර්ථයෙන්ම සිදුකරන ගබ්සාවකි. එය සාපරාධී ලෙස හඳුන්වන්නේ ද එනිසා ම ය. නීති විරෝධී ගබ්සා කිරීම් ලෙස හඳුන්වන්නේත් එම තත්ත්වය ය. එහෙත් වර්තමාන සමාජ වටපිටාව විසින් නීතිවිරෝධී ගබ්සාවන්ට යොමුවීම සඳහා කාන්තාවන්ට බල කෙරෙමින් තිබේ. ස්ත්‍රී දූෂණ හේතුවෙන් සිදුවන ගැබ්ගැනීම් සඳහා පිළියමක් ලෙස ගබ්සාව ජනප්‍රිය වී තිබෙන්නේ සෑහෙන කලක පටන් ය. ලිංගිකත්වය යන විෂයේදී කාන්තාව බොහෝවිට තැලෙන පොඩිවන මෙරට සමාජ පරිසරයේදී නීති විරෝධී ගබ්සාව දිනෙන් දින වර්ධනය වන්නේ එනිසා ය. ගබ්සාව නීතිගත කළ යුතු නැතැයි පුරුෂ පක්ෂයේ ඇතැමුන් පවසන්නේ එවැනි අනවශ්‍ය දරු පිළිසිඳ ගැනීමක් වුවහොත් එම බර දැනෙන්නේ ස්ත්‍රියට පමණක් නිසා විය හැක. ස්ත්‍රිය පමණක් බඩදරු වීම නිසා මේ ඊනියා සුචරිතවාදීහු ගබ්සාවට විරෝධය පළකරති. නමුත් මේ කාරණය අප සැලකිය යුත්තේ වඩා විවෘත සංවේදී මනසකිනි. ස්ත්‍රී දූෂණයකට බඳුන් වූ කාන්තාවකට අපේ සමාජය තුළ උරුම වන්නේ යුක්තිය නොව සමාජ හුදෙකලාකරණය බව කීමට පැකිළිය යුතු නැත. අධිකරණය ඉදිරියේ පිරිමියා වරදකරු වුවද සමාජ අධිකරණය හමුවේ දඬුවමට බඳුන් වන්නේ පීඩාවට පත් කාන්තාවම ය. අවසානයේ දරු ගැබක් නිසා එකී පීඩාව තම ජීවිත කාලය පුරාවම ලැබුණු දඬුවමක් සේ සලකා ජීවත් වීමට ඇයට සිදුවීම ඇගේ අවාසනාවක් සේ සලකා ඉවත බැලීමට නොහැකිය. මන්ද ඈට එසේ සිදුවන්නේ අප ජීවත්වන අපුල සහගත සමාජ වටපිටාව නිසාවෙන් වීමය. මෙනිසා ගබ්සා නීතිය ගැන ඝෝෂා කිරීමට පෙර කාන්තාවන්ට අදාළව ගබ්සා නීතියේ ඇති සංවේදී පැතිකඩ විවර කරගත යුතුය. ගබ්සාව නීතිගත කළ යුතුද යන්න ගැන සමාජයේ විසංවාද පවතින විට ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ සාකච්ඡා කළ යුතුය. නමුත් අපේ රටේ විවෘත හා සාධාරණ ප්‍රවේශයක් තුළ නොකෙරෙන්නේත් ඒ සංවාදයමය. අපේ සමහරුන්ට අනුව ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතාකිරීම පවා සදාචාරයට පටහැනි ය. එහෙත් අද තරුණ පරම්පරාව ලාංකික සමාජය ඒ විවෘත භාවය දෙසට කැඳවාගෙන යමින් තිබේ. මෙහිදී තරුණ පරම්පරාව ලෙස හඳුන්වන්නේ වයස අවුරුදු විස්සේ තිහේ පසුවන සියලුදෙනා නොව නූතන ලෝකය හා බද්ධ වෙමින් අන්තර්ජාලය ඔස්සේ ලෝකය පුරා සිදුවන දෑ පිළිබඳ විමසිලිමත් පරම්පරාවයි. ඔවුන් ගබ්සාව ගැන කතාකරන්නේ තම ආගමික වාර්ගික විශ්වාසයන් පසෙක ලා විවෘත මනසකිනි. එය සුභවාදී ලක්ෂණයක් බව නොකියා බැරිය. කෙසේ වෙතත් ගබ්සාව නීතිගත කිරීමට පෙර හෝ අඩුම තරමේ එවැන්නකට සමගාමීව කළ යුතු කාර්යයන් රැසක් තිබේ. ගබ්සාවක් කිරීමට කාන්තාවන් යොමුවන සමාජ හේතු සාධක අවම කිරීම ඒ අතර ප්‍රධාන තැනක් ගනී. ස්ත්‍රී දූෂණ අවම කිරීම සඳහා අපේ රට තුළ ලිංගික නිදහස මීට වඩා පුළුල් කළ යුතුව ඇතැයි යන්න එක් අදහසකි. ඉන් අදහස් කරන්නේ, මහපාරේ එකිනෙකා සිප වැළඳ ගැනීම නොවුණත් නිදන කාමරයේ අඩ අඳුරට පමණක් අපේ රටේ ලිංගිකත්වය සීමා කළ යුතු නැති බවය. ලිංගිකත්වය හා බැඳුණු කාරණා තවදුරටත් ගූඪ ධර්මතා ලෙස දොර මුල්ලේ නොතියා විවෘතව ඒ ගැන කතාබහ කළ යුතුය. එමෙන්ම උපත් පාලන ක්‍රමවේද සහ පවුල් සැලසුම් ක්‍රමවේද පිළිබඳ නිසි දැනුමක් ජනතාවට ලබාදීම තවත් පියවරකි. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල තවමත් පවුල් සැලසුම් ක්‍රමවේද ප්රශස්ත මට්ටමින් ක්‍රියාත්මක වන්නේ නැති බව තමන්ගේ පවුල් ආර්ථිකයට දැරිය නොහැකි තරමින් දරුවන් හදනා ගැමි පවුල් දෙස බැලූ විට පෙනී යයි. ග්‍රාමීය ආර්ථිකයේ දුබලතාවට ද එය එක් හේතුවකි. අනෙක් අතට නීති විරෝධී ගබ්සාව නිසා කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන සෞඛ්‍ය ගැටලු ද සලකා බැලීම වටී. නීතිවිරෝධී ගබ්සා කිරීම් වෙනුවෙන් බොහෝවිට පෙනී සිටින්නේ හොර වෙද්දු ය. කම්බි කූරු ගර්භාෂයට රිංගවීම වැනි අතිශය අනතුරුදායක හා ප්‍රතික්ෂේපිත ක්‍රමවේද භාවිතාව හේතුවෙන් අදාළ කාන්තාවට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවිය හැක. විශේෂයෙන්ම ගර්භාෂයේ තුවාල, ප්‍රජනන පද්ධතියට සිදුවන හානි මෙන්ම නීතිවිරෝධී ගබ්සාව නිසා ඇතිවන මානසික පීඩාව ආදිය එම කාන්තාවන්ගේ අනාගතයට ඍජුව බලපෑම් එල්ල කරන බව තහවුරු වී තිබේ. එනිසා අප කළ යුත්තේ සමාජ සංවේදී බව මත පිහිටා ගබ්සාවට යම් ලිහිල් බවක් ලබාදෙන අතරේදීම ගබ්සාවට තුඩු දෙන සමාජ හේතු එකිනෙක සමාජයෙන් පලවා හැරීම ය. එවන් දියුණු සමාජයක් තුළදී ගබ්සාව තවදුරටත් සමාජ මාතෘකාවක් ද නොවනු ඇත. රජිත ජාගොඩ ආරච්චි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 01 Sep 2017 06:23 PM අම්මො කියවනකොටත් බයයි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 01 Sep 2017 06:26 PM පැපොල අපලද? හරියට තිත් මුවෙක් වාගෙයි... සමහරුන්ගේ මුණූ දැක්කාම නම් එහෙම සිතෙනවාත් ඇත. ඒ තරමටම මූණ පුරා කළු පාට ලප කැළල් දකින්නට ලැබේවි. බොහෝ දුරට වේවා පැපොල රෝගයේ අවසාන ප්රතිඵලයයි. මේ දිනවල රට පුරාත් පැපොල ව්‍යාප්ත වෙමින් පවතී. සමහරු මෙය දෙවියන්ගේ ලෙඩක් ලෙසද හැඳුන්වති. සැබැවින්ම පැපොල දෙවියන් විසින් බෝ කරන රෝගයක් නොවුණත් ඈත අතීතයේ සිට පැපොල රෝගියකු වෙනුවෙන් දෙවියන් උදෙසා පඬුරු ගැට ගසා බාර වීම සිදුවූ අතර ගැමියන් විසින් පවත්වාගෙන ආ එම චාරිත්‍රය අද ද සමාජය තුළ පවතී. ආයුර්වේදයේ පැපොල රෝගය බෝවන රෝග ඝනයට අදාළ වන අතර ආයුර්වේදය වසර හාරපන්දහකට පෙර සිටම බෝවන රෝග සම්බන්ධයෙන් දැනුවත් වී සිට ඇත. මෙය ආයුර්වේදයේ සඳහන් වන ශ්ලෝකයෙන් ද මනාව ඔප්පු වේ. මෙය සංක්‍රාමික රෝගයක් ලෙස ආයුර්වේදයේ සඳහන් වේ. කුෂ්ඨං ස්වරංච ශෝෂ්ව නේත්රාභිපැපත්ද ඒවච ඖපසර්ගික රෝගශ්ච සංක්රාමන්ති නරාන් නරඃ මෙය නොපෙනෙන අත්භූත බලවේගයක්වලින් බෝවන බව ඇතැම් ගැමියන්ගේ මතය වී තිබුණත් අවසානයේදී පැපොල රෝගය වෛරසයකින් ඇතිවන රෝගයක් ලෙසින් සොයාගෙන ඇත. පැපොල රෝගයේ රෝග ලක්ෂණ • පැපොල රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ ශරීරය පුරා දිය බිබිලක් වන් බිබිලි හටගනී. එම දිය බිබිලිවල යම් ශ්රාවයක් ඇත. • අධික ලෙස ඇඟපත වේදනාව • උණ • හිසරදය • පළමුව දවස් දෙක තුනක උණ ඇතිවී මේ බිබිලි ශරීරය පුරා තැනින් තැන පැතිරෙයි. • රෝගියාගෙන් රෝගියාට ඇති ශරීර ශක්තිය අනුව ශරීරය පුරා ඇතිවීමේ ප්‍රවණතාවය වෙනස් වේ. • ඇතැම් රෝගීන්ට මුඛය අභ්‍යන්තරයේදී ද මෙම පැපොල බිබිලි ඇතිවන බැවින් එවිට කෑම ගැනීමේ අපහසුතා, අප්‍රිය ගතිය ඇතිවීම සිදුවේ. පැපොල රෝගියකු පරිස්සම් විය යුතු අන්දම • පැපොල රෝගියකු මුල් දින කීපය තුළ සිරුර ජලයෙන් සිසිල් කිරීම නොකළ යුතුය. එවිට බිබිලි කැඩී යාමට ඇති අවස්ථා වැඩිවන අතර නිව්මෝනියා වැනි රෝග තත්ත්වයට පත්වීමටද බොහෝ දුරට ඉඩ ඇත. • මේ සඳහා කොත්තමල්ලි පත්පාඩගම් ආදී ආයුර්වේදයේ ඖෂධ පාන බීම ඉතා වැදගත් වේ. • ශරීරය පිරිසිදුව පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. • පැපොල රෝගියකු ඇඟ සිසිල් කිරීම ඉතා වැදගත් වේ. අමු කහ කොහොඹ කොළවලින්ද රෝගියාට සිසිලස ලබාගත හැකිය. • එමෙන්ම කොහොඹ කොළ සහ අමු කහ විෂ බීජ නාශකයකි. ඒ නිසා රෝගියා තුළ තිබෙන විෂ බීජවලින් බෝවීම වළක්වාලීමට මෙය උපයෝගී වේ. • රෝගියා සිටින අහළ පහළ ඒ අවට කහ දියර ඉසීමද ඉතා වැදගත් වේ. • කුඩා දරුවකු ඉපදුණු අලුත පෙරුම්කායම් කැබැල්ලක් දරුවාගේ අතේ ගැටගසයි. එයින් දරුවාට විෂබීජ ආසාදනය වැළකේ. පැපොල රෝගියකු ඉන්නා නිවසක අනිකුත් සාමාජිකයන් ද පෙරුම්කායම් කැබැල්ලක් පැළදීම කළ හැක. එයින් විෂබීජ බෝවීම බොහෝ දුරට වළකාලයි. • පැපොල සැදීමේදී ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ දිය බිබිලිය. මේ දිය බිබිලි පුපුරා කාලයක් යද්දී එහි කැළලක් ඇතිවේ. මේ කැළල සුවකර ගැනීමට අමුකහ සහ කොහොඹ දලු අඹරා කැළල මත ආලේප කරන්න. කැළල් මකා දැමීමට හොඳ අත් බෙහෙතකි. • අද වෙද්දී මෙම රෝගය මර්දනයට ඖෂධ සොයාගෙන ඇත. පෙති, එන්නත් ක්‍රම මඟින් පැපොල රෝගය වළක්වාගැනීමට හැකි වුවත් පැපොල රෝගය වැළඳුණු රෝගියකු එම දිය බුබුළු හට නොගැනීමට එන්නත් හෝ පෙති ගැනීම එතරම් ගුණදායක නොවේ. • පැපොල රෝගය වැළඳුණු රෝගියකු දින හතකින් පසුව නෑමට හැකි වුවත් රෝගියාට සෙම් ගතිය උණ ගතිය ඇත්නම් දින 14 කින් නෑමට වගබලාගත යුතුය. එවැනි රෝගියකු ඉතා ඉක්මණින් දිය නෑමෙන් නිව්මෝනියා වැනි රෝග තත්ත්වයන්ට ද මුහුණ පෑමට සිදුවිය හැකිය. පැපොල රෝගියකුගෙන් වෙනත් කෙනකුට බෝවන ක්‍රම පැපොල රෝගියකුගෙන් වෙනත් කෙනෙකුට බෝවන ක්‍රම කිහිපයක් ආයුර්වේදයේදී ශ්ලෝකයක් සඳහන් වේ. ප්රසංගාන් ගාත්‍ර සංක්පර්ශාන් නිඃශ්වාසාන් සහ භෝජනාත් සහශෛයාගනාත් චෛව වන්දා මල් පාත්රලේපානාත් • රෝගියාගේ කෙනකුට බෝවීමට බොහෝ ඉඩකඩ ඇත. • පැපොල රෝගියකු හා සංසර්ගයෙන් රෝගය බෝවිය හැක. • එකට එක අතපය ඇතිල්ලීම මගින්ද රෝගය බෝවේ. • ශ්වසනය මඟින්ද රෝගය බෝවේ. • එකට හිඳ කෑම ගැනීමෙන්ද රෝගය බෝවේ. • එක ආසනවල හිඳ සිටීම, නිදාගැනීම මගින්ද රෝගය තවත් කෙනෙකුට බෝවිය හැක. • රෝගියකු ඇඳි ඇඳුම්ඇඳීම මඟින් ද මෙම රෝගය බෝවිය හැක. • රෝගියෙකු පරිහරණයකරන ආලේපිත අලේපනයෙන් ද මෙම තවත් කෙනකුට බෝවිය හැක. රෝගියාට දිය යුතු ආහාරපාන • රෝගියාට සිසිල් රෙදි ලබාදීම ඉතා වැදගත් වේ. විශේෂයෙන් යෝගට්, ජෙලි වැනි ආහාර නිතරම දෙන්න. පුළුවන්තරම් බාර්ලි, සව්, ලුණු කැඳ පානය කරන්න දෙන්න. තැඹිලිද රෝගියාට ඉතා ගුණදායක පානයකී. රෝගියාගේ මුඛය තුළ ද බිබිලි තත්ත්වයන් ඇතිවන බැවින් සැර ආහාර පාන ලබාදීමෙන් වළකින්න. විශේෂයෙන් මිරිස්, සෝස් යෙදූ ආහාර, ඉස්සෝ, දැල්ලෝ, අන්නාසි, බලමාළු වැනි උෂ්ණාධික ආහාර ගැනීමෙන් වළකින්න. මස් මාළු වැනි දේවලට වඩා ගුණදායක ආහාර පාන රෝගියාට ලබාදීමට වගබලා ගන්න. අංශ පැපොල යනු කුමද්ද? • පැපොල රෝගය වැළඳුණු රෝගියෙකුට වසර ගණනාවකට පසුව නැවත පැපොල රෝගයක් වැළඳේ. ආයුර්වේදයේදී මෙය අංශ පැපොල ලෙසින් හැඳින්වේ. පැපොල විෂබීජ වැළඳුණු රෝගියකුගේ ශරීරය අභ්‍යන්තර ස්නායුව තුළ එම විෂබීජය තැම්පත් වී තිබී රෝගියාගේ ඇඟ දුර්වල වූ විට මෙය එකවරම පිට දමයි. දිය බිබිලක් වැනි දේ ශරීරයේ එක් පැත්තකට පමණක් සීමා වේ. ස්නායුවක් දිගේ පිටදමන මෙම පැපොල විශේෂ අංශ පැපොල ලෙසින් ආයුර්වේදයේ දී සඳහන් වේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 01 Sep 2017 06:36 PM ප්‍රේමවන්තයාගේ අපූරු තෑග්ග මට තාමත් මතකයි මේ වත්සලා කියන තරුණිය. ඇය ගැටවර වියේ සිටි යුවතියක්. ඇය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණයේ තනියම. ඇය හිස පීරලා සිටියේ නැහැ. මුහුණත් විඩාබරයි. බැලූ බැල්මටම ඇය මනස අවුල් වූ යුවතියක් ලෙස පෙනී ගියා. ඇය මා ඉදිරියේ වාඩිවෙලා ඇගේ අතේ තිබුණ ලිපිය මට දුන්නා. එය මීගමුව රෝහලේ ලිංගික රෝග සම්බන්ධ වෛද්‍යතුමා මට යොමු කළ ලිපියක්. ඒ ලිපියේ මෙසේ සඳහන් වෙලා තිබුණා. මේ ලිපිය රැගෙන එන වත්සලාට අවුරුදු 18 යි. ඇය අවිවාහකයි. ඇය වෛද්‍ය වාට්ටුවේ සතියක් ප්‍රතිකාර ලැබුවා. ඇය වෛද්‍ය ප්‍රතිකාර ලැබුවේ වස වර්ගයක් පානය කර ජීවිතය නැති කරගන්න උත්සාහ කළ පසුවයි. ඇය අපට යොමු කළේ ඇයගේ ලිංගික ප්‍රදේශයේ යම් බිබිලි වර්ගයක් දක්නට ලැබුණ නිසයි. අපි ඇය පරීක්ෂා කළා. ඇය හර්පීස් කියන ලිංගික රෝගයට ගොදුරු වෙලා තිබුණා. හර්පීස් රෝගය නිට්ටාවට සුව කරන්න බැහැ. මේ හේතුව නිසා ඇති වූ කම්පනයට ඇය ජීවිතය නැති කර ගන්න උත්සහ කරනවා. ඇය දැඩි මානසික පීඩයනයකින් පෙළෙන බව පෙනෙනවා. ඔබතුමාගේ අවධානය යොමු කරන්න. මේ ලිපිය මා හොඳින් කියෙව්වා. පසුව මා ඇගේ ඇස් දෙක දිහා බැලුවා. ඒ ඇස් දෙකේ කඳුළු පිරිලා තිබුණා. ඇය දුකින් බලාගෙන මගෙන් මෙහෙම ඇහුවා. ඩොක්ටර් මගේ මේ රෝගය සුව කරන්න බැරිද? මම හරිම පව්කාරයි. මට ජීවිතය එපාවෙලා තියෙන්නේ. ඇයි මට මැරෙන්න නොදුන්නේ. මම ගෙදර ගියත් කොහොමත් මැරෙනවා. මම ඇගේ කතාව කියන්න කියලා කිව්වා. මෙන්න ඒ කතාව. මේක සිදුවුණේ මම උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන කාලයේ. මම නිවාඩු දවස්වල බාහිර පංතියකට යනවා. පන්ති ඉවරවෙලා එද්දි හවස් වෙනවා. එදත් පන්ති ඉවරවෙලා අපේ ගමට යන බස් එක එනකම් බස් හෝල්ට් එකේ හිටියා. මා ඉන්නකොට මට එහායින් රත්රන් පොරවා ගත්තු ලස්සන තරුණයෙක් මා දිහා බල බලා ඉන්නවා දැක්කා. ඒත් මම ඔහුව නොදැක්කා වගේ අහක බලාගෙන හිටියා. මම යන බස් එක ආවා. මම ඉක්මනට බස් එකට නැගලා වාඩිවුණා. අර තරැණයත් බස් එකට නැගලා මගේ ළඟින්ම වාඩිවුණා. ඔහු මා දිහා නිතරම බලනවා. ඔහු ලස්සනයි. ඔහු මට කතා කළා. මම ලස්සනයි කිව්වා. ඔහුගේ විස්තරත් කියන්න පටන් ගත්තා. ඔහු ඉතාලියේ ඉන්න බවත්, ඔහුට ගොඩක් මුදල් ඇති බවත් පැවසුවා. ඒ වගේම මගෙන් යාළුවෙන්නත් ඇහුවා. මට ගොඩක් බය හිතුණා. අදම මුණ ගැහුණ ඔහු ඇයි අදම මගෙන් යාළුවෙන්න ඇහුවේ කියලා හිතද්දි පුදුම හිතුණා. අම්මත් නැති පාළුවේ තනිකමේ ජීවිතය ගෙවන මට ඒ හමුවීම පුංචි සතුටකුත් ගෙනාවා. ඒත් ඒ සතුට මම සඟවා ගත්තා ඔහුට කිසිවක්ම කිව්වේ නෑ. අවාසනාවකට මේ පුද්ගලයා දෙවැනි දවසෙත් බස් හෝල්ට් එකේ හිටියා. ඔහු මට කතා කළා. මොනවා හරි බොන්න යන්න යෝජනා කළා. යෝජනාව මට ප්‍රතික්ෂේප කරන්න බැරිවුණා. මම ඔහුත් සමඟ ගියා. ඔහු මාව හෝටලයකට එක්කන් ගියා. මම අහිංසකයි, අසරණයි කියලා ඔහුට දැනෙන්න ඇති. ඔහු මාව කාමරයකට එක්කන් ගියා. මට මගේ ගෞරවය නැති වුණා. මම ගැහැණියක් වුණා. ඒ විදිහට ඔහු මාව කීප වතාවක්ම හොටෙල්වලට එක්කන් ගියා. මාස දෙකක් විතර ඒ විදිහට ගෙවිලා ගියා. ඒත් මුලින් මාව විවාහ කර ගන්නවා කියූ ඔහු විවාහය ගැන කතා කරන්න අකමැති වුණා. හිටි හැටියේම ඔහු අතුරැදහන් වුණා. ඔහුව හොයා ගන්න බැරිවුණා. ඔහුගේ දුරකථනය විසන්ධි වෙලා. ඔහුට කතා කරන්න අනේක වාරයක් උත්සාහ ගත්තා ඇත්තටම මේ මොකද වුණේ කියලා මට හිතා ගන්න බැරිවුණා. ඔය ඉන්න අතරේ මට උණ හැදුනා. හිසේ කැක්කුම ආවා. යෝනි ප්‍රදේශයේ බිබිලි වගයක් හැදිලා. ලොකු වේදනාවක් දැනුණා. මේවා පැහැවලා සැරව ආවා. ඒත් එක්ක ලේත් ආවා. මම හොඳටම බය වුණා. කාට කියන්නද? මං ගොඩක් අසරණ වුණා. ඒ නිසා කාටවත්ම නොකියා වෛද්‍යවරයකු හමුවුණා. තාත්තාට බොරැ කියලා සල්ලි ඉල්ලා ගත්තා. වෛද්‍යවරයා කිව්වේ මෙය ලොකු අසනීපයක් බව. ඒ වගේම මෙය සුව කළ නොහැකි බවත් කිව්වා. මට ලිංගික රෝග සම්බන්ධ වෛද්‍යවරයෙක් මුණ ගැසීමට උපදෙස් දුන්නා. මම එකපාරටම වෛද්‍යවරයෙක් මුණ ගැහීමට ගියේ නෑ. මං ගොඩක් කල්පනා කළා. මට මෙහෙම වෙන්න හේතුව කුමක්ද? ඇයි මම දවසක් දෙකක් දැකපු තරුණයෙකුට රැවටුණේ. ඇයි මම ඔහුව ප්‍රතික්ෂේප නොකළේ. මගේ හිත මගෙන්ම ප්‍රශ්න ඇහුවා. මට අම්මත් එක්කත් තාත්තා එක්කත් තරහක් ඇති වුණා. මගේ ප්‍රශ්න කියන්න මට ආදරේ කරන්න කවුරුවත් හිටියේ නෑ. තාත්තා හිටියේ වැඩ කරලා සල්ලි හම්බ කරන ලෝකයක. අම්මා අවුරුදු හයක වගේ කාලයක සිටම අප ළඟ හිටියේ නැහැ. මගේ අසරණකම නිසාම මං මීට ගොදුරු වුණා කියලා මට හිතුණා. මේ දේවල් හිතලම මට ජීවිතේ එපා වුණා. නින්ද ගියේ නෑ. කෑම කන්න බැරිවුණා. ඇඟට පණ නැති වුණා. කිසිම වැඩක් කරන්න ආශාවක් නැතිවුණා. වෙනදා හොඳට පාඩම් කරපු මට පාඩම් කරන්න බැරිවුණා. මට මැරුණොත් හොඳයි කියලා හිතුනා. ඒ නිසා දවසක් මා මැරෙන්න තීරණය කරලා වස බිව්වා. ඊටපස්සේ තමයි රෝහලට ගෙන ආවේ. වෛද්‍යවරු ගොඩක් මහන්සිවෙලා මාව සනීප කළා. එහිදී ඔවුන් දැනගත්තා මට හර්පීස් කියන රෝගය වැළඳී ඇති බව. මගේ හිතේ පීඩනය තවත් වැඩිවුණා. මේ රෝගය කවදාවත් සුවපත් කළ නොහැකි බවත්, එය යටපත් කර පමණක් තබාගත හැකි බවත් දැනගත්තා. ඒ වගේම කවදාක හරි දරැවෙක් ලැබෙන විට ඒ දරුවටත් රෝගය යා හැකි බව දැන ගත්තා. මං තවත් අසරණ වුණා. මට ආයෙමත් මැරෙන්න හිතුණා. එය දැනගෙන තමයි වෛද්‍යවරැ මාව මෙතනට යොමු කළේ. ඇගේ කතාව අසා සිටි අපි ඇයව හොඳින් පරීක්ෂා කළා. ඇය දැඩි මානසික අවපීඩන තත්ත්වයට පත්වෙලා හිටියා. මානසික අවපීඩනයේ ලක්ෂණය තමයි ජීවිතය නැති කර ගැනීමට සිතිවිලි ඇතිකර ගැනීම ඒ කියන්නේ එවැනි අය විශාදිය කියන තත්ත්වයට ගොදුරු වෙනවා. විශාදිය හැදෙන අයකුගේ මොළයේ රසායනික වෙනසක් සිදුවෙනවා. මේ අයට මානසික ප්‍රතිකාර කර ජීවිතය නැති කර ගැනීමේ අවශ්‍යතාව ඉවත් කළ යුතුයි. ඊට පසුව ජීවත්වීමේ ආශාව ඇති කළ යුතුයි. දෙවනි අවස්ථාවේදී ඔළුව නිරාකරණය කර ගැනීමේ හැකියාව වර්ධනය කර දිය යුතුයි. එහිදී මනස විවෘත කර ගැටලුව අවබෝධ කර ගැනීමටත් එවැනි රෝගයක් සමඟ ජීවිතය දෙස ධනාත්මකව බලන්නේ කෙසේද යන්නත් පැහැදිලි කර දිය යුතුයි. මෙහිදී අප මැයට හර්පීස් රෝගය ප්‍රතිකාර මගින් පාලනය කරන්නේ කෙසේද? හොඳ විවාහ ජීවිතයක් ගතකිරීම හා දරුවාට ආරක්ෂාකාරී ලෙස උපතක් ලබාදීම පිළිබඳ දැනුම්වත් කිරීම් කළා. මෙවැනි රෝග තියෙන අයෙක් අනිවාර්යයෙන්ම සිසේරියන් සැත්කමකට යා යුතු වෙනවා. හේතුව යෝනි මාර්ගයේ ඇති මේ විෂබීජ දරැවාට හානියක් විය හැකි නිසා. මේ කරැණු පිළිබඳ අප ඇයට අවබෝධයක් ලබා දුන්නා. ජීවත්වීමේ වටිනාකම, ජීවිතයේ ඉදිරියට යා හැකි බව, ඇගේ හැකියාවත් අප පෙන්වා දුන්නා. ඇය වෙනස්වෙලා ආයෙත් උසස් පෙළ කළා. ඇය දැන් උසස් රැකියාවක් කරනවා. ඇයට මේ සියලු දේ දත් පෙම්වතෙකුත් ඉන්නවා. ජීවිතය දෙස ධනාත්මකව බැලීමට ඇයට අප කියලා දුන්නා. උපදේශනයේදී සිදු වන්නේ එයයි. මෙවැනි අයට අප ප්‍රතිකාර කරනවා වගේම වැඩිහිටි අයට සිතීමටත් දෙයක් තියනවා. අද තියෙන්නේ විෂය මූලික වෙච්ච ඒකාකාරී අධ්‍යාපන රටාවක්. ඒකෙන් දරුවන්ගේ ප්‍රශ්න දරා ගැනීමේ හැකියාව අඩුවෙලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා දරුවන්ට පුංචි කාලයේ සිටම ගැටලු විසඳාගෙන ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට පුරුදු කළ යුතු බව. එය ඉතාමත්ම වැදගත්. කොච්චර ඉගෙන ගත්තත් ජීවිතේ සාර්ථක කර ගන්න බෑ ජීවන කුසලතා ජීවිතයට ඇතුළත් කර ගත්තේ නැත්නම්. මේ කුසලතා වර්ධනය වෙන්න මව්පියෝ දරුවෝ ළඟ ඉන්න ඕන. සල්ලිවලින් ගන්න බැරි ගොඩක් දේ ආදරය, අගය කිරීම මඟින් දරැවන්ට දෙන්න පුළුවන්. මේ පිළිබඳව මනෝ විද්‍යාඥයෝ පරීක්ෂා කරලා තියෙනවා. දරැවා පුංචි කාලයේදී හැඟීම් බෙදා ගැනීම, ප්‍රශ්න සාකච්ඡා කිරීම, ඔහුගේ අදහස් ප්රකාශනයට ඉඩ ප්රස්ථා ලබාදීම, ඔවුන් අගය කිරීම හා ආරක්ෂාව ලබාදීම මඟින් ඔවුන්ට හොඳ පෞරැෂයක් ගොඩනැගෙනවා. ඒ මඟින් ඔවුන්ගේ ජීවිත ලස්සන වෙනවා යන්න ඔවුන් සොයාගත් පැහැදිලි සත්‍යයක්. කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 01 Sep 2017 07:30 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 02 Sep 2017 06:33 AM ඉහත සඳහන් යුවතියගේ කතාව ඇහුවම දැඩි දුකක් දැනුනා.. 0 chamaramindMost Senior MemberPosts:13471 02 Sep 2017 06:22 PM ජීර්ණ ක්‍රියාවලිය නිවැරැදි නම් කොලෙස්ටරෝල් ගැන බිය විය යුතු නැහැ කොලෙස්ටරෝල් අද බොහෝ දෙනෙකුට ඇති ප්‍රධානම රෝගී තත්ත්වයකි. ඇත්තටම කොහොමද ශරීරයේ කොලොස්ටරෝල් නිපදවීම සිදුවන්නේ. ආයුර්වේද වෛද්‍ය රත්පත රුවන් රත්නායක මහතා - ආයුර්වේදය අනුව පැහැදිලි කිරීමේදී සිරුරේ කොලෙස්ටරෝල් ඇති වීම ඇතුළු බොහෝ රෝගාබාධ සඳහා බලපානු ලබන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ ඇති වන නොයෙකුත් දෝෂ සහිත භාවයන්ය. බිත්තර කහ මදා රක්ත වර්ණ මස් වර්ග, අධික ලෙස සත්ත්ව තෙල් අඩංගු ආහාර ක්ෂණික කෑම වර්ග ආදිය බහුලව ආහාරයට ගෙන සිරුර වෙහෙසා වැඩ පළවල නොයෙදීම, ව්‍යායාම නොකිරීම යන හේතුන් නිසා ද සිරුරේ කොලොස්ටරෝල් හට ගැනීම සිදු විය හැක. නමුත් නිර්මාංශ පුද්ගලයින්ටද කොලොස්ටරෝල් ඇති වීම සිදු වන අතර ඒ සඳහා ආහාර ජීර්ණයේ දුර්වලතා බලපෑම් කරනු ඇත. මේ තත්ත්වය පිළිබඳ තවදුරටත් පැහැදිලි කළොත් ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - අප ගන්නා සත්ත්ව හෝ ශාකමය ආහාරවල විවිධ ප්‍රතිශතවලින් මේද කොටස් අන්තර්ගතය. කොලෙස්ටරෝල් නිපදවෙන්නේ මෙම මේද කොටස් ජීර්ණයේදී ඇති වන රසායනික පරිවර්තනයන් ගණනාවකිනි. කොලෙස්ටරෝල් යනු එක්තරා මට්ටමකින් සිරුරේ තිබිය යුතු පදාර්ථයක්ය. ඒවා පවතින ප්‍රමාණයත් අනුව හිතකර හෝ අහිත කර ලෙස ක්‍රියා කිරීම සිදු වෙයි. සිරුරේ ඇති මේද කොටස් ජීර්ණ ක්‍රියාවලියේදී අක්රමික ලෙස හෝ අවිධිමත් ලෙස රසායනික ක්‍රියාවන්ට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙස සිරුරේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යැම සිදුවේ. ඔබ පැවසුවා කොලෙස්ටරෝල් යම් පමණකින් සිරුරේ තිබිය යුතු බව. මේවායින් සිරුරට ලැබෙන ප්‍රතිඵල මොනවාද? ආහාර ලබා ගැනීමේදී සිරුරට එක්වන මේද කොටස් නිසි අයුරින් ජීර්ණ වූයේ නම් එවිට නිපදවෙන කොලෙස්ටරෝල් ශක්තිය ලෙස දේහ ක්‍රියාකාරිත්වයට වැඩදායක වීම සිදුවේ. එහි ඉතිරි කොටස් සිරුරෙන් මළ පහ සමඟ පිටවේ. සිරුරට අහිතකර මෙම ඇතැම් කොලෙස්ටරෝල් වර්ග ආයුර්වේදයේ හඳුන්වන්නේ පිත්තස්නේහ ලෙසය. මේවා නිවැරදි ලෙස දිරවූ මේද කොටස් නොවේ. ඒවා ආම රසය (අමු ආහාර රසය) නම් වේ. මෙලෙස අහිතකර කොලෙස්ටරෝල් නිසා සිරුරට සිදුවන බලපෑම් තුන සඳහන් කළොත්. ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - මෙම අහිතකර කොලෙස්ටරෝල් නිසා ඇති වන ප්‍රධානතම ආබාධය ලෙස හැඳින්විය හැක්කේ අධිරුධිර පීඩන තත්ත්වයයි. හෘදයෙන් පිටතට රුධිරය ගමන් කරන රුධිර නාල (ධමනි) තුළ අභ්‍යන්තර බිත්තියේ කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් එම නාලවල අභ්‍යන්තර කුහර සිහින් වීම සිදුවේ. එවිට රුධිර ගමනය සඳහා වැඩි පීඩනයක් දැරීමට සිදු වීමෙන් හෘදයේ ක්‍රියාකාරීත්වය වැඩිවීම තුළින් බොහෝ දරුණු ආබාධ ඇති විය හැක. ඊට අමතරව මෙම කොලෙස්ටරෝල් නිසා අනවශ්‍ය ලෙස තරබාරු වීම, අධික මහන්සිය, අලස බව, නින්ද නොයැම, ඇඟපත රුදාව ආදී ලක්ෂණයන්ද හට ගැනීම සිදු වේ. කොලෙස්ටරෝල් පාලනය සඳහා ආයුර්වේදයට අනුව ඇති ප්‍රතිකාර ක්‍රමවේද මොනවාද? මෙවැනි රෝගීන් සඳහා අප පළමුවම ආම පාබක නම් ඖෂධ ලබාදීම සිදු කර එමගින් රුධිර නාල සහ සිරුරේ වෙනත් තැන්වල ඇති අහිතකර කොලෙස්ටරෝල් නැවත ජීර්ණය වීම සිදුකරයි. පසුව මෘදු විරේචන ඖෂධ ලබාදීම තුළින් සිරුරට අහිතකර පදාර්ථ මළ, මුත්‍රා හා දහදිය මාර්ගවලින් සිරුරෙන් පිටකිරීම සිදු කරනු ලැබේ. ඒත් සමඟම ජීර්ණ ඔක්සයිඩ් සමබර කරවන ඖෂධ සිරුරට ලබාදීම තුළින් ශරීරයට අලුතින් එක්වන සේද කොටස් නිවැරදි ලෙස ජීර්ණය වීම සිදු වී ශක්තිය ලෙස සිරුරට එක්වීම සිදුවෙයි. ඒ අනුව මෙලෙස ඖෂධ ලබාදීම තුළින් කෙටි කලකින්ම මෙම කොලෙස්ටරෝල් නමැති භයානක රෝගී තත්ත්වයෙන් නිට්ටාවට සුවය ලැබීමේ හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම මෙම ප්‍රතිකාර ලබාදීමේදී වෛද්‍යවරයා සතු දක්ෂතාවද අනිවාර්යයෙන්ම බලපෑම් කරනු ලබනවා. එහිදී රෝගියා නිසි ලෙස පරීක්ෂා කර බලා ඔහු හෝ ඇය සතුව වෙනත් රෝගාබාධ ඇත්නම් ඒවාද නිසි ලෙස සොයා බලා ප්‍රතිකාර කළ යුතු වෙනවා. මෙලෙස නිවැරදි වෛද්‍යවරයෙකුගෙන් නිවැරැදි ප්‍රතිකාර ගැනීම සිදු කළොත් රෝග සුවය අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Sep 2017 06:24 PM ඇඟ මහත් කරගන්නේ කොහොමද? ප්රශ්නය - ශ්වේත ප්‍රදරය සහ ස්වප්න මෝචනය ප්‍රමාණය ඉක්මවා සිදුවන විට ශරීරය කෘෂවන බව පසුගිය සතියේදී ඔබ පෙන්වා දුන්නා. -වරණ ශක්තිය සහ අභ්යාවරණ ශක්තිය යනුවෙන් දෙවර්ගයක් ඇති බවත් -වරණ ශක්තිය යනු ජීරණ ශක්තිය වන අතර අභ්යාවරණ ශක්තිය යනු ආහාර ගැනීමේ හැකියාව බවත් ඔබ පැහැදිලි කළා. අභ්යාවරණ ශක්තිය කොතරම් තිබුණත් -වරණ ශක්තිය නැතිනම් ශරීරය කෘෂ වෙනවා. වෛද්‍ය අයේෂා කළුආරච්චි - මෙය තවදුරටත් විස්තර කරන්න පුළුවන්. කෙනෙකු අනුභව කරන ආහාර ඇඟට අල්ලනවාද නැද්ද කියන එක තීරණය කරන්න සාධකයක් හැටියට ඔහු හෝ ඇය පහ කරන මළ යොදා ගන්න පුළුවන්. පැසුණු මළ සහ නොපැසුණු මළ යනුවෙන් මළ වර්ග දෙකක් තිබෙනවා. හොඳට ආහාර ජීර්ණය වුණාම මළ ජලය මත පා වෙනවා. ජීර්ණය නොවුණාම මළ ජලය යටට කි¹ බහිනවා. සිරුර මහත් වෙන්නේ හොඳට ආහාර ජීර්ණය වනවා නම් විතරයි. ප්රශ්නය - මෙවැන්නක් සිදුවන්නේ ඇයි? වෛද්‍ය අයේෂා කළුආරච්චි - විවිධ හේතු තිබෙනවා. පණු රෝග තිබෙන්න පුළුවන්. ආහාර නොදිරවාම මළ වශයෙන් පිටවන ඉරිමබල් බවල් සින්ඩ්‍රම් වැනි රෝගයක් තිබෙන්නට පුළුවන්. ප්රශ්නය - ආහාර නිසි පරිදි ජීර්ණය වීමට කළ යුතු දේ මොනවාද? වෛද්‍ය අයේෂා කළුආරච්චි - ඇල් වතුර වෙනුවට උණු වතුර බොන්න, තේ වෙනුවට රණවරා, බෙලිමල්, ඉරමුසු වැනි දේ පානය කරන්න. නැවුම් ආහාර ගන්න. ෆ්‍රS-වල තබා කල්ගිය ආහාර ගැනීමෙන් වළකින්න. ආහාර ගිලීමට පෙර හොඳට හපන්න. සංකීර්ණ ආහාර වේලක්, එනම් බැදපු මස් මාළු, තෙල් දැමූ ආහාර යනාදියෙන් වැළකී සරල ආහාර ගන්න. අමු සහ සිසිල් කළ ආහාර වෙනුවට පිසින ලද ආහාර ගන්න. සාමකාමී, ලිහිල් පරිසරයක සිට ආහාර ගන්න. මානසික ආතතිය තිබෙන විට ආහාර ගන්නවා. නම් හැකි තරම් හිත සංසුන් කරගන්න. ආහාර වේල් අතරට පළතුරු කන්න. ආහාර විනයක් තබා ගන්න. එනම් අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගන්න එපා. කෑම ගැනීමෙන් පසු විනාඩි කිහිපයක් ලිහිල් ඉරියවුවකින් එක තැනක ගත කරන්න. නොමිලේ විස්තර සඳහා - 0766739977, 011-5708567 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Sep 2017 06:27 PM කුරුලෑ නසන ආහාර වට්ටෝරුව ප්රශ්නය - පසුගිය සතියේදී ඔබ සඳහන් කළා බාහිර ප්රතිකාරවලින් විතරක් කුරුලෑවක් සුව කරන්න බැරි බව. ක්‍රීම් ආලේපයෙන් කුරුලෑ සුව කළ හැකිද? වෛද්‍ය චූලා විඡේරත්න - ක්‍රීම් ගානවා නම් එයට සමගාමීව ප්‍රතිජීවක ඖෂධ මාලාවක් ගත යුතු බව තමයි බටහිර වෛද්‍ය විද්‍යාව මගින් කියෑවෙන්නේ. හරියාකාරව ප්‍රතිජීවක ඖෂධ නොගත්තොත් ශරීරයේ පරිවෘත්තීය ශක්තියට හානි වෙනවා. ඒ නිසා එවැනි ප්‍රතිකාරයක් කිරීමේදී සුදුසුකම්ලත් බටහිර වෛද්‍යවරයකුගේ උපදෙස් හා මඟ පෙන්වීම අත්‍යවශ්‍යයි. ඡරුsජරසචඑසදබ පවා සුදුසු වෛද්‍යවරයකුගෙන් ලබා ගත යුතුයි. ප්රශ්නය - ආයුර්වේදය මේ ප්රශ්නය දකින්නේ කොහොමද? වෛද්‍ය චූලා විඡේරත්න - ඉන්දියානු ආයුර්වේදයේ ඇතැම් ගුරුකුලවලට අනුව වාත පිත්ත කප යන තුන් වර්ගයටම අයත් පිළිකා තිබෙනවා. වාතයේ පිටස්තර ස්වරූපය තමයි වියළි භාවය. වාතයේ අසමතුලිතතාව නිසා ආහාර ජීර්ණය බිඳ වැටෙන අතර, ශරීරයේ විෂ තත්ත්වය උග්‍ර වනවා. මේ බව අඅඅගාදහදමහදට්ගජදප නමැති ආයුර්වේද වෙබ් අඩවියේ ඉතා පැහැදිලිව සඳහන් වන බව කිව යුතුයි. වාතය සමතුලිත කර ගැනීම සඳහා පහත සඳහන් ආහාර ද්‍රව්‍ය පරිහරණය කිරීම වැදගත්. 1. ඔබගේ ආහාරයට එළඟිතෙල් එකතු කර ගන්න. එමගින් ඔබේ හම පැහැපත් වෙනවා. 2. අඩු මේද සහිත කිරි ආහාර ඔබේ ආහාර වේලට එකතු කර ගන්න. 3. ධාන්‍ය අනුභව කරනවා නම් එය බත් සහ තිරිඟුවලට සීමා කරන්න. කෙසෙල්, අලිගැටපේර , අඹ යනාදිය ආහාරයට ගන්න. 4. කරඳමුංගු, උළුහාල්, ඉඟුරු, කුරුඳු යන කුළුබඩු ආහාරයට දමන්න. පිත් කුරුලෑ - කුරුළෑව හට ගන්නා තැන සම තද රත් පැහැයට හැරෙනවා නම් සහ ශරීරයේ උෂ්ණ ගුණය දැඩි නම් එය පිත් කුරුලෑවට අවශ්‍ය පසුබිමයි. මේ කාරණයේදී පිත සමතුලිත කර ගැනීමට පහත පියවර ගත යුතුයි. 1. සිරුරේ අග්නිය පහත හෙළීම සඳහා තෙල් අඩු ආහාර ගත යුතුයි. 2. පැසුණු ආහාර ගැනීමෙන් වැළකිය යුතුයි. 3. සීනි පරිහරණය ඉවත් කර මීපැණි ආහාරයට ගත යුතුයි. 4. ඔලිව් තෙල් සහ පොල් තෙල් පරිහරණය කළ යුතුයි. 5. තිරිඟු සහල්, බාර්ලි වැනි ධාන්‍ය පරිහරණය කළ යුතුයි. 6. මිදි, කොමඩු වැනි පළතුරු ආහාරයට ගත යුතුයි. 7. පිපිඤ්ඤා, අර්තාපල්, බතල, පළා යනාදිය ආහාරයට ගත යුතුයි. තක්කාලි, සැර මිරිස්, කැරට්, බීට්රූට්, වම්බටු, ලූනු, සුදුලූනු, රාබු, නිවිති යනාදිය ආහාරයට නොගත යුතුයි. 8. කොත්තමල්ලි, කරඳමුංගු, කුළුබඩු වශයෙන් ගත යුතුයි. (ලබන සතියේ කප පදනම් කර ගත් කුරුලෑ ගැන කියවමු.) නොමිලේ විස්තර සඳහා - 0766739977, 011-5288055 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Sep 2017 06:29 PM ඔස්ටියෝ ආත්රයිටිස් භයානකද? ප්රශ්නය - පසුගිය සතියේදී අප රූමැටික ආත්රයිටිස් රෝගය ගැන මතක් කර දුන්නා. අද අප නැවත මතක් කර දෙන්නට අදහස් කරන්නේ ඔස්ටියෝ ආත්රයිටිස් රෝගය ගැනයි. කුමක් ද මේ ඔස්ටියෝ ආත්රයිටිස්. වෛද්‍ය වසන්ත උදයජීව - මෙය සන්ධි රෝගයක්. සන්ධියේ කාටිලේජයේ සහ එයට යාබද අස්ථිවල හටගන්නා රෝගයක්. මෙහි ප්රමුඛ රෝග ලක්ෂණ ලෙස පෙන්නුම් කරන්නේ සන්ධි වේදනාව. ඊළඟට වැඩපල කරගන්න බැරි වීම, රෝගය පවතින තැනට ආසන්නයේ මාංශ පේශීන්වල දාහයක් හට ගන්නවා. අතපය දිග හරින්නට බැරි වීම, එනම් සන්ධිවල තද ගතියක් හට ගැනීමත් මේ රෝගයේ ලක්ෂණයක්. මෙය අත්වලට, කොඳුඇට පෙළට, ශරීරයේ බර සම්පූර්ණයෙන් ම දරාගෙන සිටින සන්ධිවලට, උකුල් ඇටවලට, මේ රෝගය ඉතා තදින් බලපානවා. ප්රශ්නය - ඔස්ටියෝ ආත්රයිටිස් රෝගය හට ගන්නේ ඇයි. වෛද්‍ය වසන්ත උදයජීව - නවීන විද්‍යාව, මා දන්නා තරමින් මේ ප්‍රශ්නයට නිසි උත්තරයක් දෙන්නෙ නැහැ. එහෙත් පර්යේෂකයන්ගේ මතයට අනුව ශරීරයේ හට ගන්නා ප්රදාහමය තත්ත්වයන් මෙයට බලපානවා. ඒ එක්කම ශරීරයේ සන්ධි මතට විශාල බරක් පතිත කරන ජෛවතාක්ෂණික අසමතුලිතතාවන් හටගත් විට මෙවැනි දැ සිදුවනවා. ප්රශ්නය - ඔස්ටියෝ ආත්රයිටිස් රෝගයට සහනය දෙන කසායක් අපට දීමට ඔබට හැකිද? වෛද්‍ය වසන්ත උදයජීව - පාවට්ටා මුල්, වැල් කහඹිලියා මුල්, වැල්මී, සිරිතේක්කු, කලාඳුරු අල, කොත්තමල්ලි, තොටිල පොතු, එනසාල්, නිකමුල්, දේවදාර කලං 1 මංචාඩි 4 බැගින් පත 8 එකට සිඳ සීනි, මීපැණි දමා උදේ සවස පත භාගය බැගින් දින 6 ක් පානය කළ යුතුයි. මෙය ඔස්ටියෝ ආත්රයිටිස් වේදනාව ඉතා ඉක්මනින් සමනය කරනවා. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Sep 2017 06:34 PM බයවෙන්න එපා තයිරොයිඩ් පිළිකාව සුව කළ හැකියි ප්රශ්නය - පසුගිය සතියේදී මේ සංවාදයේ අවසන් ප්රශ්නය ලෙස අප සාකච්ඡාවට ගත්තේ Papillary Carcinoma හෙවත් පීටිකා පිළිකා තත්ත්වයයි. එවැනි තත්ත්වයක් තයිරොයිඩ් ග්‍රන්ථියට වැළඳුනොත් කළ යුතු දේ ගැන කතා කිරීමටත් පීටිකා පිළිකාව කියන්නේ කුමක් ද කියන එක හඳුනා ගැනීමටත් අද බලාපොරොත්තු වෙනවා. වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - තයිරොයිඩ් පිළිකා අතුරින් වඩාත්ම සුලභ පිළිකා තත්ත්වය ලෙස පැපිලරි කාසිනෝමාව හඳුන්වන්නට පුළුවන්. සාමාන්‍යයක් වශයෙන් ගත්තාම තයිරොයිඩ් පිළිකා අතුරින් 75 - 85 අතර ප්‍රමාණයක් ඉහත වර්ගයට අයිතියි. මෙය වැඩිපුර හට ගන්නේ කාන්තාවන් තුළ. ප්රශ්නය - මෙය හට ගැනීමට ඉවහල් වන හේතුව කුමක්ද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - විකිරණයන්ට නිරාවරණය වීම තමයි මෙයට බලපාන ප්‍රධාන හේතුව. ඊට අමතර තවත් හේතු කිහිපයක් තිබෙනවා. ප්රශ්නය - මෙය සුවපත් කරන්න පුළුවන්ද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඉතා ප්‍රවේසම් සහගත ලෙස සුපරික්ෂාකාරීව ප්‍රතිකාර කළොත් සුව කරන්න පුළුවන්. මුලින්ම කළ යුත්තේ තයිරොයිඩ් ග්‍රන්ථියට වැළඳිලා තිබෙන පිළිකාව කුමක්ද කියලා හඳුනා ගැනීමයි. එවිට තෝරා ගැනීමට පුළුවන් එයට කළ යුතු දේශීය ප්‍රතිකාරය කුමක්ද කියලා. සමහර විට ඒ ප්‍රතිකාරය කසායෙන් සහ තෙල් සාත්තුව හරහා රස බෙහෙත්වලට යනවාද, එහෙමත් නැත්නම් කෙළින්ම රස බෙහෙත් වලින් ප්‍රතිකාර පටන් ගන්නවද කියන එක පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ එවිටයි. මොකද සමහර පිළිකා තිබෙනවා, කසායකින් සහ තෙල් සාත්තුවකින් විතරක් සුව කරන්න පුළුවන් මූලික අවධියට අයත් පිළිකා. දේශීය ඖෂධ ක්‍රමයට අයත් සමහර තෙල් වර්ග තිබෙනවා පිළිකාව මත ආලේප කළ විට පිළිකා සෛල විනාශයට පත්වන. නිත්‍ය සුව තෛලය වැනි තෙලක් ගත්තාම එය කෙළින්ම වදින්නේ පිළිකා සෛලයට. එය සාමාන්‍ය බෙහෙත් තෙල් වලට වඩා තුනී තෙල් වර්ගයක්. එහි කිදා බැසීමේ හැකියාව ඉතාම වේගවත්. ප්රශ්නය - පැපිලරි කාසිනෝමා පිළිකාවේ ලක්ෂණ මොනවද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - 1. මෙය හට ගන්නේ වයස 30 - 50 අතර අයට. 2. මෙය වැඩිපුරම වැළඳෙන්නේ කාන්තාවන්ට. 3. තයිරොයිඩ් පිළිකා ගැටිත්තක් සෙ. මී. 1.5 ක පමණ විශාලයි. 4. පැපිලරි කාසිනෝමා පිළිකාව හැදෙන 85% ක් ම එම තත්ත්වයට ලක් වන්නේ විකිරණය නිසයි. 5. මේ පිළිකා රෝගීන් අතුරින් 50% කගේම පිළිකාව වසා ග්රන්ථීන් ඔස්සේ ගෙල දෙසට පැතිර යනවා. 6. අස්ථිවලට සහ පෙනහලුවලට පැතිර යැමට ඇති ඉඩකඩ ඉතා වැඩියි. 7. මේ පිළිකාව සුවපත් වීමේ අවකාශය ඉතා ඉහළයි. ප්රශ්නය - දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව මේ වර්ගයේ පිළිකාවක් සුව කරන්නට කොතරම් කල් ගත වෙනවද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - අවම වශයෙන් මාස 6 - 9 ක් අතර කාලයක් ගත වෙනවා. නොමිලේ විස්තර සඳහා 0713464276/ 0759061771 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Sep 2017 06:39 PM මුහුණේ පැත්තක් පණ නැති වුණොත් ප්රශ්නය - අංශභාගය නමැති රෝග තත්ත්වය පිළිබඳ ආයුර්වේද මතය පිළිබඳව මෙම ලිපි පෙළෙහි මුල් කොටසේදී අප ඔබ සමඟ සාකච්ඡා කළා. එහිදී පක්ෂාඝාතය ගැන කතා කළා. ඊළඟට අපට අවශ්‍ය වුණා Facial Paralysis හෙවත් අර්දිතය නමැති රෝග තත්ත්වයට අදාළ නවීන විද්‍යාත්මක අර්ථකථනය. පසුගිය ලිපියෙන් ඔබ ඒ ගැන අපට විස්තර කළා. අද අප ඔබ සමඟ සාකච්ඡා කරන්නේ එහි ඉතිරි කොටසයි. නවීන විද්‍යාවට අනුව අර්දිතය හෙවත් Facial Paralysis රෝග තත්ත්වය හට ගන්නේ ඇයි? මහාචාර්ය සුජාතා එදිරිවීර - ආයුර්වේදයේ වගේම නවීන විද්‍යාව තුළත් මෙය අතිශයින් ම පුළුල් විෂයක්. නවීන වෛද්‍ය විද්‍යාවට අනුව අර්දිතය හට ගැනීමට ප්‍රධානතම හේතුව තමයි Bells Palsy කියන තත්ත්වය අර්දිතයේදී සිදුවන්නේ මුහුණේ මාංශ පේශීන් පාලනය කරන වක්ත්‍ර ස්නායුව හෙවත් Facial Nerveනමැති ස්නායුව පණ නැති වීම බව පසුගිය සතියේදී අප ඔබට පැහැදිලි කළා. මෙය හට ගන්නේ කොහොමද කියන ප්‍රශ්නයට බටහිර වෛද්‍ය විද්‍යාවේ උත්තරයක් නැහැ. ඔවුන් කියන්නේ නොදන්නා හේතුවක් නිසා මෙය හට ගන්නා බවයි. මෙතැන තිබෙන බලවත්ම අර්බුදය තමයි නොදන්නා හේතුවකින් රෝගයක් හට ගන්නවා නම් ඒ රෝගය වළක්වා ගැනීමට අවශ්‍ය හේතුව නිෂේධනය කිරීමේ වැඩපිළිවෙළ නිෂ්ක්‍රීය වන බව. දුකට හේතුව සොයා ගන්නේ නැතිව දුක නැති කිරීමේ මාර්ගය සොයා ගන්න බැහැ. එහෙත් ආයුර්වේදයේදී පැහැදිලිව කියනවා අංශභාගයට හේතුව වාත දොaෂය කුපිත වීම කියලා. බටහිර වෛද්‍ය අර්ථකථනයට අනුව Bells palsy කියන තත්ත්වය දින කිහිපයක් තිස්සේ ක්‍රමයෙන් වර්ධනය වෙනවා. සමහර විට herpes simplex කියන වෛරස් රෝගය හේතු විය හැකි බවට මතයකුත් තිබෙනවා. අර්දිතය වැළඳුණාම මාස ගණනක්ම පවතිනවා. තරුණයකුගේ රෝග තත්ත්වය මාස 6 ක් වැනි කාලයකදී සුවපත් කළ හැකියි. ශාරීරික ව්‍යාධි නිසාත් අර්දිත තත්ත්වයක් හටගැනීමට පුළුවන් බව බටහිර විද්‍යාවේ සඳහන් වෙනවා. මෙහිදී වැඩිම බලපෑමක් ඇති වන්නේ හදිසි අනතුරු වැනි දේවලින්. සමහර විට හදිසි අනතුරකින් මුහුණේ වක්ත්‍ර ස්නායුව තුවාල වුණොත් Facial Paralisys තත්ත්වයක් හට ගන්නවා. කවුරු හරි මුහුණට පිහියෙන් ඇන්නොත් වක්ත්‍ර ස්නායුව කැපී අර්දිත තත්ත්වයක් මතුවනවා. අපේ කපාලයේ තිබෙනවා ශංකඛ අස්ථිය කියලා ඇටයක්. බටහිර වෛද්‍ය විද්‍යාව මෙය හඳුන්වන්නේ Temporal Bone කියලයි. මෙයට හානි වුණාමත් වක්ත ස්නායුවට හානි වෙනවා. එතකොට Facial Paralysis තත්ත්වයක් ඇති වෙනවා. මේ අතර මැද කනේ හටගන්නා ආසාදනයක් තිබෙනවා Otitis media කියලා. මෙයට කියන ආයුර්වේද නම තමයි මධ්‍ය ශ්‍රොaතදාහය. මේ ආසාදනය හට ගත්තාම එය වක්ත්‍ර ස්නායුවට පැතිර ගිහින් එහි ප්‍රදාහයක් ඇති කරනවා. මේ තත්ත්වය නිසාත් වක්ත්‍ර ස්නායුව ආසාදනය වී අර්දිත තත්ත්වයක් හට ගන්නා බව කිව යුතුයි. සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 DanuLiyanageVeteran MemberPosts:3457 02 Sep 2017 10:53 PM wadagath wisthara nam godak thiyenawa sthuthi මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 ishan22New MemberPosts:65 03 Sep 2017 12:52 AM ගොඩක් වටිනවා මචං 0 kingDVeteran MemberPosts:3309 03 Sep 2017 04:48 AM මල්ලි මමත් කියෙව්වා ..ස්තූතියි පෝස්ට් කලාට Business, you know, may bring money, But friendship hardly ever does. 0 chamaramindMost Senior MemberPosts:13471 03 Sep 2017 08:42 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Sep 2017 08:44 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Sep 2017 05:10 PM හන්දිපත් රුදාව හෙවත් ආත්‍රයිටීස් සුවකරන ආයුර්වේද ප්‍රතිකාර මැදිවියට පත්වන විට බොහෝ දෙනා ඉතා පහසුවෙන් ගොදුරුවන රෝගයක් බවට ආත්‍රයිටීස් (Arthritis) රෝගය පත්ව තිබෙනවා. සිරුරේ හන්දි ඇතුළත ඇතිවන මෙම රෝගයට බොහෝදෙනා පවසන්නේ හන්දිපත් රුදාව ලෙසය. වෛද්‍යතුමියනි ආත්‍රයිටීස් එසේත් නැත්නම් හන්දිපත් රුදාව ඇතිවීමට බලපාන හේතු ලෙස ආයුර්වේදයේ දක්වා ඇත්තේ කෙසේද? මෙම රෝගය ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ අප ගන්නා ආහාර කොටස්වල ඇති විෂ සහිත බවයි. අප ගන්නා ආහාර රුධිරය බවට පත්වෙනවා. ආහාරවල රස කොටස් රක්තය බවට පත්වන බවයි ආයුර්වේදයේ සඳහන් කර තිබෙන්නේ. ඉතිං මේ රස කොටස් විෂ සහිත වූ විට ඉන් නිපදවෙන රක්තයත් විෂ සහිත බවට පත්වෙනවා. එම විෂ සහිත රක්තය හන්දිවල සිරවීමෙන් ලේ වාතය ඇති වෙනවා. එවිට දණහිස ඇතුළු විශාල සන්ධි ඉදිමුමට ලක්වෙනවා. මෙම ඉදිමුම ආත්‍රයිටීස් හෙවත් හන්දිපත් වේදනාව ලෙස හඳුන්වනවා. වෛද්‍යතුමියනි, ඇතැම් දෙනා පවසනවා තමාගේ හන්දි ගෙවී ඇතැයි කියා එසේ වන්නේ කෙසේද? දීර්ඝ කාලයක් තිස්සේ මෙලෙස රක්තය විෂවී ශරීරය තුළ පැවතීම නිසා හන්දිවල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නැහැ. එවිට හන්දි අතර තියෙන මාංශ සහ ජෙලි (කාටිලේජ) කොටස් ඉතා ඉක්මනින් විනාශවීමට පත් වෙනවා. එසේවූ විට හන්දි සාමාන්‍ය ලෙස නැවීමට, දිග හැරීමට නොහැකි වෙනවා. අධික වේදනාවක් හටගන්නවා. පඩි නගින්න බැහැ. පයින් ඇවිදගෙන යන්න බැහැ. දණහිස හන්දි වලින් අධික වේදනාවක් ඇති වෙනවා. ඒ අතර දණහිස හන්දි නැවීම දිග හැරීම කරන විට 'ටකස්' යන ශබ්දයකුත් ඇති වෙනවා. මෙය ඉතා ඉක්මනින් ඇතිවීමට ශරීරයේ බරත් බලපානවා. එනිසා අධික තරබාරුවෙන් පෙළෙන අයගේ හන්දි ගෙවීම ඉතා ඉක්මනින් සිදුවෙනවා. විශේෂයෙන්ම කාන්තාවන් අතර මෙය ඉතා වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. මෙවැනි හන්දි රෝග දිගු කාලයක් පැවතීමෙන් හන්දිවල විකෘතිතා ඇතිවෙනවා. හන්දි ඇදවීමට ලක් වෙනවා. දෙපාවල ඇඟිලි පැත්තකට ඇදීයාමක් දක්නට ලැබෙන්නේ හන්දි රෝග සඳහා නිසි ප්‍රතිකාර නොගෙන සිටීම නිසා රෝගය උත්සන්නවූ විටදීය. හන්දිපත් වේදනාව සඳහා ආයුර්වේදයේ ඇති ප්‍රතිකාර මොනවාද? ආයුර්වේදයේ හන්දිපත් වේදනාව සඳහා බෙහෙත් වර්ග රැසක් තිබෙනවා. තෙල් වර්ග ආලේපය පත්තු බැඳීම. බෙහෙත් වර්ග පානයට දීම ඇතුළු රෝගයෙන් රෝගයට සහ මතුව ඇති රෝගී තත්ත්වය අනුව ප්‍රතිකාර තිබෙනවා. මෙවැනි රෝග වලදී වඩා වැදගත් වන්නේ හන්දිපත් වේදනාව ඉතා උත්සන්න වීමට පෙර ප්‍රතිකාර සඳහා යොමුවීමයි. එසේම ලබාදෙන බෙහෙත් වර්ග නිසිපරිදි පාවිච්චි කළ යුතුයි. අප සකස් කරන ඖෂධ වට්ටෝරුවලට අනුව නිවැරදිව ප්‍රතිකාර ලබාගැනීමෙන් මතුව ඇති හන්දිපත් රෝග මාස හයක් වැනි කාලයකින් සුවපත් කළ හැකියි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0770181010 අමතා ලබාගත හැකිය. වෛද්‍යාචාරිනී ඩී. හේවගේ හේවගේ ආයුර්වේද බෙහෙත් ශාලාව, පාදුක්ක. සංස්කරණය උපාලි ද සේරම් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 44 of 137 << < 4243444546 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner