Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 45 of 137 << < 4344454647 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 03 Sep 2017 05:17 PM තරුණ වියෙහි කලකිරීමට බලපාන නාඩි ක්‍රියාකාරිත්වය අපගේ ජීවිතයේ අවධි තුනක් ඇත. ළමා විය තරුණ විය සහ මැදි විය. මෙම අවධි තුනෙන් ඉතාමත් සංකීර්ණ අවධිය වනුයේ තරුණ වියයි. ජීවිතයේ වගකීම් රැසක් කරපින්නාගෙන දිවි ගෙවන්නට මෙම අවධියේදී සිදුවේ. එහිදී බොහෝ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන බව වර්තමානයේ මෙම අවධියෙහි ජීවත් වන්නෝ පවසති. එබැවින් අපි තරුණ වියෙහි සාර්ථකව දිවි ගෙවිය යුතු අයුරු පිළිබඳව විමසා බලමු. වෛද්‍යතුමනි, සෘෂි නාඩි වෛද්‍ය විද්‍යාවට අනුව තරුණ වියෙහි දිවි ගෙවන ආකාරය හඳුන්වා ඇත්තේ කෙසේද? නාඩි වෛද්‍ය විද්‍යාවට අනුව තරුණ විය හඳුන්වා ඇත්තේ වයස අවුරුදු 26 ත් අවුරුදු 55 ත් අතර කාලයයි. මෙම කාලය තුළ පුද්ගලයකුගේ ජීවිතයේ නොයෙක් වෙනස්‌කම් හැලහැප්පීම් සිදුවිය හැකියි. විවාහවීම, දරුවන් ලැබීම රැකියාවල නිරතවීම ආදී ජීවිතයේ තීරණාත්මක අවස්‌ථාවනට මුහුණ දීමට ද සිදුවෙනවා. ඒ අතර තවත් පිරිසකට මේ කිසිම දෙයකට මුහුණ දීමට අවස්‌ථාව උදා වන්නේ නැහැ. මේ සියල්ලම සිදුවන්නේ අප මෙළොවට බිහිවූදා සිට හමුවන කාල පරාසයනට අදාළව අප සතුව පවතින පෙර කුසල් අකුසල් යෑයි සෘෂි නාඩි වෛද්‍යවරු සඳහන් කර තිබෙනවා. 'සකල සත්ත්ව මනුස්‌සා තෘථ සෘෂි නාඩි පාපතර භාගා උම්මත්තක භාගා කුසල් අකුසල් භාගා මරණං' ලෙසින් නාඩි වෛද්‍යවරු සඳහන් කර ඇත්තේ අපගේ පෙර කුසල් අකුසල්හි බලපෑමය. සමහරු කියනවා මගේ පවුල් ජීවිතය කිසිම සතුටක් නැහැ. ගෙදර මහා අපායක් වගේ කියලා. දරුවන්ට දෙමාපියන් පේන්න බැහැ. දෙමාපියන්ට දරුවන් පේන්න බැහැ. නයි මුගටි වගේ දබර කර ගන්නවා. ඇතැම් තාත්තලා ගෙදරට එන්නේ මත් පැන්, මත් ද්‍රව්‍ය වලින් සිහිය විකල් කරගෙන. ඔවුනට තම දරුවන් බිරිඳ කියා ආදරයක් කරුණාවක් සෙනෙහසක් හදවතේ මතුවන්නේ නැහැ. මෙවැනි සමහර තාත්තලා කාමයෙන් සිහි විකල් බවට පත්ව සිටිනවා. එවැනි පුද්ගලයනට තම දරුවන් කියා වෙනසක් නැහැ. තමා තුළ පවතින විකෘති ආශාවන් ඉටුකර ගන්න උත්සාහ කරනවා. මෙවැනි පුද්ගලයන්ගේ නාඩි පරීක්‍ෂා කිරීමේදී මදන උන්මත්තක, කාම, නාඩි ඉතා දරුණු ලෙස විකෘති තත්ත්වයට පත්ව තිබෙන බව හඳුනා ගත හැකියි. මෙලෙස නාඩි විකෘති තත්ත්වයට පත්වූ පුද්ගලයන්ගේ එදිනෙදා ජීවිතය පිළිබඳව විමසා බැලූ විට ඔවුන් නිතරම කටයුතු කරන්නේ ඉතා අපිළිවෙළට බව පෙනී යනවා. ඇඳුම් පැලඳුම් පවා අපිරිසිදුයි. සනීපාරක්‍ෂාව ගැන එතරම් උනන්දුවක් නැහැ. මෙවැනි පවුල්හි වැඩිම පීඩාවට පත්වන්නේ කාන්තාවන්ය. විශේෂයෙන්ම විවාහක දරුවන් සිටින පවුලක් නම් බිරිඳ මෙවැනි තත්ත්වයන් හමුවේ දැඩි ලෙස මානසික පීඩාවට පත්වෙනවා. ඔවුන්ගේ මෙම මානසික පීඩාව නිසා නිතරම ඔවුන්ගේ මුවින් පිටවන්නේ සැර පරුෂ වචනය. කලකිරුණු බව දැඩිව පැවතීමෙන් දිවි හානිකර ගැනීමට පවා උත්සාහ ගන්නවා. නිතරම කල්පනා කරන නිසා ඔවුන්ගේ පෙනුමෙහි ප්‍රසන්න බවක් නැහැ. මැලවුණු මුහුණක් වැහැරුණු සිරුරක් මතුවෙනවා. මෙවැනි පවුල්හි දරුවන් ද ඉතා පහසුවෙන් වැරදි ක්‍රියාවනට යොමුවිය හැකියි සොරකම වංචාව, අනාචාරයේ හැසිරීම මත්පැන් මත් ද්‍රව්‍ය ආදියට ඉතා ඉක්‌මනින් යොමු වෙනවා. වෛද්‍යතුමනි, මෙවැනි තත්ත්වයන්ගෙන් තරුණ වියේ පුද්ගලයන් මුදා ගන්නේ කෙසේද? පළමුව මෙවැනි පුද්ගලයන්ගේ පවතින විකෘති වූ නාඩි යළි ප්‍රකෘති තත්ත්වයට පත් කළ යුතුයි. එහිදී ඔවුනට නාඩි තෙරපුම් ප්‍රතිකාරය ලබාදිය යුතුයි. දෙවනුව ඔවුනගේ පෙර අකුසලවල බලපෑම පාලනය කළ යුතුයි. ඒ සඳහා ආගම දහමට අනුව කටයුතු කිරීමට යොමු කළ යුතුයි. තෙවනුව ඔවුනට තම ජීවිතවල වටිනාකම, පවුල් ජීවිතයක ඇති අගය අවබෝධ කර දිය යුතුයි. මවකගේ කුසින් නිරෝගී දරුවකු ලෙස අතපය ඇස් කන් නාස ඇතිව උපත ලැබීමට අප බොහෝ පිං රැස්‌කර තිබිය යුතුයි. එම පිං මහිමයෙන් උපත ලබා ඇතිදැඩි වන දරුවන් උස් මහත් වී තිරිසන් ගති පෙන්වන්නේ ඔවුන් තුළ සැඟව ඇති අකුසලයන් නිසාය. එම අකුසලයන් නැතිකරගෙන කුසල් රැස්‌කර ගැනීම එතරම් අපහසු නැත. ඒ සඳහා අවශ්‍ය වන්නේ ඉවසීම, කැපවීම, සිත තුළ කරුණාව, මෛත්‍රිය ඇතිකර ගැනීම පමණයි. දෙමාපියන් වැඩිහිටියන් දරුවනට කුඩා කල සිට හොරකම, වංචාව, බොරුව හුරු පුරුදු නොකළ යුතුයි. සත්‍ය පැවසීමට, අවංක වීමට, අන් අය සමග සුහදව කටයුතු කිරීමට, ප්‍රිය වචන කතා බහ කිරීමට උනන්දු කරවිය යුතුයි. එවිට එම දරුවන් තරුණ වියට පත්වූ විට වැරදි ක්‍රියාවනට යොමු වන්නේ නැහැ. ජීවිතය කලකිරීමකින් යුක්‌තව ගත කරන්නේ නැහැ. එසේ වූ විට ඔවුන් අන් අයට ප්‍රසන්න බවින් යුක්‌ත වෙනවා. ඔබට මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට දුරකථන අංක 0776500677 ඇමැතිය හැකිය. සංස්‌කරණය උපාලි ද සේරම් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 03 Sep 2017 06:35 PM ස්තුත්යි ලිපියට First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 04 Sep 2017 07:14 PM දිවුල් රෝග මර්දනයට හිතකර වේ ලංකා භූමිතලයේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ වියළි කාලගුණය පවත්නා විතාරන්දෙණිය රන්න, නෙටොල්පිටිය, වාඩිගල, තංගල්ල, බෙලිඅත්ත, වීරකැටිය යන ප්‍රදේශවල විශාල ලෙස අතුපතර විහිදී අඩි සීයක් එකසිය පනහක් තරම් උසට වැඩෙන ගසකි. මෙම ජූල් ගසේ හටගන්නා ජූල් ගෙඩි ඉදී බිමට පතිත වන්නට ආරම්භ වනුයේ ජුනි, ජූලි, අගෝස්‌තු, සැප්තැම්බර්, ඔක්‌තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් යන මාසවලදීය. දිවුල් ශාකයෙන් ලැබෙන එම දිවුල් වර්ග දෙකක් වශයෙන් අපට දැකීමට සහ පරිභෝජනයට ගැනීමට සිදු වෙති. එක් වර්ගයක් ඇට සහිතය. අනෙක් දිවුල් වර්ගය ඇට රහිතය. ඇට නැති දිවුල් වර්ගය අපේ දනන් හඳුන්වනුයේ මස් දිවුල් නමිනි. වන්නි ප්‍රදේශයේද මෙම දිවුල් සරුවට වැඩෙනු ලැබේ. ලංකාවේ මෙන්ම අප රටට පැමිණෙන විදේශිකයන් ද දිවුල් කෑමට සහ බීමට ඉමහත් කැමැත්තක් ආශාවක් දක්‌වති. පෝෂණ ගුණයෙන් වැඩි වස විසෙන් තොර දේශීය මිහිරි පලතුරකි. සුවඳ විහිඳෙන පලතුරකි දිවුල්. එසේම ගසෙන් ඉදී බිමට වැටුන දිවුල් මාසයක් පමණ කාලයක් නිවසක තබා ගැනීමට පුළුවනි. දිවුල් කිරි අනුභවයට ගනු ලබන අය දෙආකාරයකට දිවුල් කිරි සාදා ගනු ලැබේ. වතුර සහ ලුණු සීනි මිශ්‍රකර සාදා ගනිති. තවත් සමහරු දිවුල් මද සමඟ පොල්කිරි සීනි හෝ පැණි, ලුණු මිශ්‍ර කර සාදා ගෙන බීමට ගනිති. රුහුණ ගිරුවාපත්තුවේ බොහෝ දෙනා දිවුල් කිරි අනුභව කරන්නේ රුහුණේ ප්‍රධාන ආහාරයක් වන කුරක්‌කන් පිට්‌ටු සමඟය. ඉතාම රසවත් ය. එය ඉපැරැණි ගැමියාගේ ආහාර වට්‌ටෝරුවේ එක් සුවිශේෂී අවස්‌ථාවකි. පලතුරු අතරින් දිවුල් අපේ ප්‍රධාන ගනයේ ලා සැලකෙන පලතුරක් බවට නිර්දේශ කිරීම නිවැරදි වනු ඇත. දිවුල් වාරයේ දිවුල් ඇති අයට හොඳ ආර්ථික වාසියක් ද අත්වනු ලැබේ. කැලයේ වෙසෙන වන අලින්ද මෙම දිවුල් කෑමට ප්‍රියතාවක් දක්‌වනවා ඇත. එය පැහැදිලි වනුයේ අලියා පහරන ලද ගොඩේ දිවුල් කූඩයක් දෙකක් පමණ එක තැන දැක ගැනීමට හැකි වීමයි. එහෙත් අලියා ගිල දැමූ දිවුල් ගෙඩි බොල් වී පවතී. එහි ඇතුලේ මදය නොමැත දිවුල් කටුව පමණක් පවතිනු ලැබේ. දිවුල් පලතුරෙහි රෝග මර්දනය කිරීමේ ගුණය ද ගැබ්වී පවතී. දිවුල් කිරි අනුභවයෙන් කුසගින්න ඇති කිරීම, කෑම රුචිය වැඩි කිරීම, ශරීරගත බෙලහීන වූ ස්‌නායු ප්‍රකෘතිමත් කර ශරීරයට ශක්‌තිය ලබාදීම, මුත්‍රා පිරිසිදු කිරිම සහ එළවළු සහ යම් පලතුරකින් හෝ සත්ත්වයකුගෙන් ශරීරයට වස විසක් ඇතුළු වුයේ නම් එය ද මර්දනයට විෂ නැසීමේ ගුණාත්මක භාවයක් ර¹ පවතී. පිස්‌සු බලු විසට දිවුල් කොළ කැඳ දීම සිදුකර තිබේ. එසේම සුනඛයකු බල්ලකු සපා කෑ පසු විස ඉවත් කිරීමට කෑ මුඛයේ දිවුල් කොළ මුරුංගා කොළ අත්කහ (අමුකහ) ලුණු සමඟ කොටා මලවා තබා ඇති අවස්‌ථා බොහෝ සුලබය. දිවුල් විස නසන පලතුරක් වශයෙන් හුවා දැක්‌වීම යෝග්‍ය වේ. කපිෙFථා මනමථො ග්‍රාහී දධිFථඃ සුරභිචඡදඃ සුගJධිකො දනතශඨ ශවිරජාතී කපිප්‍රියඃ සංස්‌කෘත භාෂාවේදී මෙය ව්‍යවහාරයට ගැනෙනුයේ ගිවුළු වශයෙනි. එය ක්‍රමයෙන් සිංහල භාෂාවට දිවුල් නමින් අර්ථවත් කර ඇති අතර ගැමි ජනතාව අතර ගිරුවාපත්තුවේ රුහුණ ප්‍රදේශයේ ප්‍රචලිත වූයේ ජූල් නමිනි. ජූල් ගහ ජූල් ගෙඩි ආදී වශයෙන් භාවිතයට නැගුනි. අරුත් දුනි. ආමාශගත රෝග, ග්‍රහනිගත රෝග, මරණ මංචකයට ප්‍රවේශ කරවනු ලබන නොනැවැත්තිය හැකි ආම අතීසාරය, රක්‌ත අතීසාරය වැනි රෝගයනට භේෂජ යෙදීමේදී පවා දිවුල් මදයක් දිවුල් වෘක්‍ෂයක් උපස්‌ථම්භක වූ බව ඉපැරැණි ආයුර්වේද වෛද්‍යවරයාණන්ගේ බුද්ධියේ පුස්‌තකාලය ලෙසට පැවතියේය. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ පලතුරු සංවර්ධන වැඩසටහනට දිරි දීමක් ලෙස මෙම ලිපි පෙළ පළ කෙරේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 04 Sep 2017 07:19 PM ඇළ දොළ ගංගාවල ස්‌නානය කිරීම ඖෂධ ඔරුවක ස්‌නානය කරනවා වගෙයි ත්‍රිශූත විග්Æණය (වේදය) යටතේ දේශීය පාරම්පරික වෙදකම තුළින් ලෙඩ රෝග සුවකිරීම නොහොත් ඇතිවීමට පෙර කල්තියා හඳුනාගෙන රෝග ඇතිවීම වැළැක්‌වීමට ප්‍රතිකාර කිරීමට අතීතයේ සිට අද දක්‌වාම ප්‍රසිද්ධියක් උසුලන බව පෙනේ. මෙය නිල ශාස්‌ත්‍රය සමග එන ඉතාම පැරණි දේශීය වෛද්‍ය ක්‍රමයකි. සත්ත්ව, ශාක, ඛනිජ යටතේ ස්‌වභාවික ක්‍රමය සහ දේවඥ ක්‍රමය ලෙසින් මෙම වෙදකම කොටස්aa යටතට ගැනේ. සත්ත්ව කොටස්, ශාකමය කොටස් සහ ඛනිජමය කොටස් උපයෝගි කරගෙන රෝග සුවයට, රෝග ඇතිවීම වැළැක්‌වීමට කෙරෙන ප්‍රතිකාර ක්‍රමය යටතේ එය ඉතාම සාර්ථක ක්‍රමයක් බව පෙනේ. ස්‌වභාවික ක්‍රමය යටතේ හිරු එළිය එහි ප්‍රධානම සාධකය වේ. හිරු එළියෙන් ලෙඩ සුවකර ගත හැකි බවට වූ කාරණාව යටතේ හිරු එළිය නොමැතිව වැඩෙන පඳුරක් මලානිකව සුදුමැලි වී වර්ධනය වීම තුළින් කරුණු අවබෝධ කර ගැනීමේ හැකියාව තිබේ. සැබැවින්ම හිරු එළිය නීරෝගි දිවිපෙවතකට මනා වූ සාධකයකි. ජලය රෝග සුවයට පිටිවහලකි. එහෙත් ජලය යනු නළ ජලය නොවේ. නළ ජලය භාවිතයෙන් නිසි පරිදි සිරුරේ තාපය, උෂ්ණය නිවී යන්නේ නැත. ජලය යනු ස්‌වභාවික ළිං, ගංගා, ඇළ දොළ , වැව් මගින් ලබා ගන්නා ජලය විය යුතුයි. ස්‌නානය සඳහා ගංගා, ඇළ, දොළ භාවිත කළ ආදි මුතුන් මිත්තෝ ඉතාම නිරෝගී ජීවිතයකට හිමිකම් ලබා ගැනීමේදී ස්‌නානය එහි මූලික කරුණක් වී තිබූ බව පෙනෙන්නට තිබේ. වැවක, ගංගාවක, ඇළක, දොළක ස්‌නානය කරනවා යනු බෙහෙත් ඔරුවක නානවා හා සමාන දෙයකි. මෙහි පතුලේ නොයෙක් කොළ වර්ග වැටී තිබේ. කොළ පමණක් නොව මල් වර්ග ජලයට වැටී තිබෙනවා සේම මුල් වර්ග ජලයට සම්බන්ධ වේ. සතුන්ගේ කොටස් බොහෝ තැනක ජලයට සම්බන්ධ වන අතර ඛනිජ වර්ග නිතැතින්ම පතුල හරහා ජලයට සම්බන්ධය. එසේ නම් සත්ත්ව, ශාක සහ ඛනිජ යන කොටස් එක්‌වූ ජලය නිරෝගී සුව ලබාදීමට මග විවර කරදෙයි. මෙහිදී ස්‌ටීම් බාත්වලින් සිරුරට සලසා ගැනීමට දරන උත්සාහය ඵලක් නොවන්නේ ගංගා, ඇළ, දොළෙහි ගලන ජලයේ වූ ගුණාත්මකභාවය ස්‌ටීම් බාත්වල නොමැති නිසාවෙනි. අද වන විට කනගාටුවට කරුණක් වී ඇත්තේ මිනිසා විසින්ම ස්‌වභාවික ජලය අපවිත්‍ර කිරීමට දායක වී සිටීමයි. ජලය පානයත් නිරෝගී දිවියට අත්‍යවශ්‍ය දෙයකි. විනාඩි 15 වතාවක්‌වත් අමතක නොකර ජලය මිලිලීටර් 50 - 60 පමණ පානය කරනවා නම් සැබැවින්ම නිරෝගීභාවයට හොඳ බව පෙනේ. එහෙත් අද කාර්යබහුල ජීවන රටාව මිනිසාට ජලය පානයට මං අවහිර කර ඇති සෙයකි. අද බොහෝ දෙනෙක් ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් පානය නොකිරීම රෝග ඇතිවීමට හේතු වී ඇති බව පෙනේ. රෝග සුවයට සත්ත්ව, ශාක, ඛනිජමය කොටස් වාගේම ස්‌වභාව ධර්මය හේතු වන බවට වූ කාරණා පිළිබඳ යම් හැඳින්වීමක් කළෙමු. දැන් අප රෝග සුවයට හේතුවන දේවඥ ක්‍රමය පිළිබඳ බලමු. මෙය මානසික රෝග තත්ත්වයට අයත් වේ. උදාහරණ ලෙසට අපේ හිත්වල තැන්පත් වී තිබෙන ප්‍රේත, භූත, බන්ධන ආදී වූ දෙය මෙයට ඇතුළත්ය. පාළු මාවතක, කනත්තක් ළඟින් ගමන් කිරීමේදී සිතට කම්පනයක් ඇති වන අවස්‌ථා තිබේ. එය මනසට දැඩි ලෙස කා වදින විට ප්‍රේත ආත්මයක් ඇතුළු වූ බවට මනස දුර්වල වන අය සිටිති. එවන් වූ අයගේ මනස එතැන් සිට ඒ හා සමානව ක්‍රියා කරන්නේ භීතියෙන් ඇලළෙමිනි. එවැනි අවස්‌ථාවල මනසට ආරූන් කරගෙන සිටින සිතුවිලි දේවඥ කර්මය තුළින් ප්‍රතිකාර කර මනසේ ඒකාග්‍රතාවය ඇති කරගත ක්‍රමයක් මෙම වේදය තුළ තිබේ. එවැනි අය පෙරේත දෘෂ්ටියක් නැහැ කිව්වාට පිළිගන්නට සූදානම් වන්නේ නැත. මෙය ශරීරයේ අන්තර්ගත ක්‍රියාදාමයක් තුළ සිදුවන දෙයක් බව පිළිගැනීමට ඔවුන්ගේ කැමැත්තක් නැත. උදාහරණයක් ලෙසට මෙහෙම සිතන්න. වේදිකාවක සතුන් ටිකක් දමා යටින් ගින්දර දමනවා. සතුන් සිටින්නේ යකඩ තැටියක් මතයි. තැටිය රත් වෙනවා. පැත්තක ඉඳලා බෙරේකින් ශබ්ද කරනවා. රත්වන විට සතුන් උඩ පනිනවා. වේදිකාවේ යටින් රත් නොකර බෙරය වාදනය කරන විටත් සතුන් උඩ පනිනවා. මේ අනුව බලන කල මෙය හිතා මතා නොව මතක් වන විට "මානසික උන්මාදය", මනසින් සිරුරට එන බවක් පෙනෙනවා හරියට ඉහත උදාහරණය වගේ. හිස් මුදුනේ වක්‍ර හතක ක්‍රියාවක් තිබෙනවා. හිස් මුදුනට තෙල් සාත්තුව දේශීය වෙදකමට ආවේණික දෙයක්. තෙල් සාත්තුව ගැන බලමු හිස් මුදුනට දමන තෙල්, වාමය, දක්‌ෂිණ හරහා යටිපතුල් දක්‌වා තර්පණවේදී සෛල තුළින් තෙල්වල ක්‍රියාකාරීත්වය ඇති කරනවා. ත්‍රිශුත විග්Æණ වේදය අනුව රෝග සුවයට විශේෂිත වූ තෙල් වර්ග හඳුන්වා දී තිබෙනවා. දහස් ගණනක් පැරණි ඖෂධ වට්‌ටෝරු හරහා ත්‍රිශූත්‍ර විග්Æණ වේදයටම ආවේණික වූ තෛල සාත්තුවෙන් නුවණ (ඇස්‌වල සුද ඇතිවීම වැළැක්‌වීම) පොළවග, තිඹිරිපටවල (ඇස්‌වල දැලක් බැදීම වැළකීම) උල්වාරට, (වා, පිත. සෙම අක්‍රමවත් වීම) ඇසකඹ, හලිමඟ, ගොතබව, තිවරහේජය, බලශක්‌තිය (සිරුර දුර්වල වීම) ආරෝචනය (ගැස්‌ට්‍රයිටීස් වැනි තත්ත්වයන්) ඈලියාව වැනි රෝග සුවවන බවට අත්දැකීමෙන් මෙන්ම ප්‍රතිකාරයෙන් එහි සත්‍යතාවය ඔප්පු වී තිබෙනවා. ඖෂධ වර්ග 60 ක් පමණ භාවිත කර වසර ගණනාවක අතීතයකට උරුමකම් කියන ත්‍රිශූත්‍ර විග්Æණ වේදය අනුව සකස් කරන තෙල් සාත්තුවේ මහිමය අදටත් ඔප්පු කර පෙන්නුම් කරදී තිබෙන්නේ තෙල් සාත්තුව අතීතයේ සිට අද දක්‌වාම පැවතෙන දේශීය ප්‍රතිකාර ක්‍රමයක් බව පෙන්වා දෙමින්. තෙල් සාත්තුව රෝග සුවයට ප්‍රත්‍යක්‌ෂ ඖෂධයක් ලෙසින්. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 04 Sep 2017 07:22 PM මානසික රෝගයක් නොවූ පමණින් මානසික සෞඛ්‍ය හොඳ යයි කිව හැකිද? මානසික සෞඛ්‍ය සහ මානසික රෝග අතර ඇති සම්බන්ධතාවය යන මාතෘකාව දැකීමේදී පාඨක ඔබ මෙම ලිපිය කියෑවීමේ ඇති තේරුම කුමක්‌දැයි ප්‍රශ්නයක් මතුකර ගැනීමට පුළුවන. එයට හේතුව අපට මානසික රෝගයක් නොමැති බව හැඟෙන නිසාවෙනි. සැබැවින්ම එය එසේ වන්නේය. ඔබට මානසික රෝගයක් නොතිබෙන්නට පුළුවන. නමුත් ඒ නිසාම ඔබේ මානසික සෞඛ්‍ය හොඳ මට්‌ටමක තිබෙනවා යෑයි ඔබට සෑහීමකට පත්වෙන්නට පුළුවන්ද? සතුටු වෙන්නට පුළුවන්ද? මේ සමාජයේ ජීවත් වන ඕනෑම කෙනෙකුට තමාට මානසික රෝගයක් නොතිබීම පිළිබඳ ඔහුට හෝ ඇයට සතුටු වෙන්නට පුළුවන. එය සත්‍යයක් වූවද මානසික රෝගයක් නොතිබුණු පමණින් ඔබේ මානසික සෞඛ්‍ය සමතුලිත තත්ත්වයක පවතිනවා යෑයි හෝ සමබර තත්ත්වයක පවතිනවා යෑයි අපි කිසිම කෙනෙකුට කිව නොහැකිය. එසේ නම් මානසික සෞඛ්‍ය යනු කුමක්‌ද? මානසික රෝග කියන්නේ මොනවාද? මානසික සෞඛ්‍ය සහ මානසික රෝග අතර සම්බන්ධතාවය කුමක්‌ද යන්න පිළිබඳව දැනගැනීම ඉතාම වැදගත්ය. මානසික සෞඛ්‍ය යනු මේ ලෝකයේ ජීවත් වන ඕනෑම පුද්ගලයකු උපතේ සිට මරණය දක්‌වා තමා ජීවත් වන කාලය තුළ තම ජීවිතයට ළඟාකර ගැනීම සඳහා ජය ගැනීම සඳහා, තමා බලාපොරොත්තු වන ඕනෑම ඉලක්‌කයක් ජය ගැනීමට තමාව මෙහෙයවන අති ප්‍රබල සාධකයයි. උදාහරණයක් ලෙසට අධ්‍යාපනයෙන් ඉදිරියට යැමට බලාපොරොත්තු වන අයෙක්‌ට එය සාර්ථක කර ගැනීම රදා පවතින්නේ එම පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය සමබරතාවය මතය. සමතුලිතතාවය මතය. එමෙන්ම යමෙකු ආර්ථික වශයෙන් අත්පත්කර ගැනීමට බලාපොරොත්තු වන දියුණුව, විවාහය, සාර්ථකත්වය, සමාජීය වශයෙන් අත්පත් කර ගන්නා දියුණුව ආගමික වශයෙන් අත්පත්කර ගන්නා දියුණුව ර¹ පවතින්නේ එම පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය නැමැති සාධකය මතය. බුදුදහමට අනුව ලෝකෝත්තර ජීවිතයේ අවසාන ඵලය වන නිර්වාණය යනුවෙන් අදහස් කරන්නේ මානසික පාරිශුද්ධ භාවයේ උත්තරීතම අවස්‌ථාවය. කෙසේ වෙතත් ඉහත සඳහන් කළ පරිදි අප ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා මෙම මානසික සෞඛ්‍ය ඉහළ මට්‌ටමක පවත්වාගෙන යැමේ වැදගත්ම මානසික මෙන්ම කායික රෝග වලින් බේරීම සඳහාත් තම පෞරුෂය හොඳ මට්‌ටමින් පවත්වාගෙන යාම සඳහාත් වැදගත් වන්නේය. එසේ නම් මේ මානසික සෞඛ්‍ය යනු කුමක්‌ද? මෙය ප්‍රධාන කරුණු හතරක් යටතේ විස්‌තර කළ හැක. එනම් 1. පුද්ගලයාගේ යහපත් පැවැත්ම 2. තමන්ගේ දක්‍ෂතාවයන්, කුසලතාවයන්, හැකියාවන් පිළිබඳ තමාට තිබෙන අවබෝධය 3. තම ජීවිතයේ, එදිනෙදා ජීවිතයේ තමාට මුහුණදීමට සිදුවන අභියෝග ඉලක්‌කවලට මුහුණදීමේ හැකියාව 4. ඵලදායි පුද්ගලයකු හැටියට සමාජයානුගත වීම මෙහිදී යහපත් පැවැත්ම යනුවෙන් හඳුන්වන්නේ සමාජයේ ජීවත්වීමේදී අනුනට කරදරයක් නොමැතිව, තමන්ට කරදරයක් බරක් නොමැතිව ජීවත් වීමය. මෙහිදී අප ප්‍රායෝගික දුක්‌විඳින දෙයක් නම් මානසික සෞඛ්‍ය ස්‌ථාවර මට්‌ටමක නොමැති විට මනස කැළැඹිලි සහගත තත්ත්වයට පත්වීමයි. එවිට සාමාන්‍ය කෙනෙක් ලෙසට, ජීවිතයේ එදිනෙදා වැඩකටයුතු කරගෙන යැමට අපහසු වනු ඇත. එය තමාට කරදරයක් වනවා සේම අන් අයටද කරදරයක් වීමට පුළුවන. ඉහත අයුරින් සරලව විග්‍රහ කිරීමේදී මානසික සෞඛ්‍ය සහ යහපත් පැවැත්ම අතර තිබෙන සම්බන්ධතාවය ගොඩනැගෙන බව පෙන්වා දීමට පුළුවන. අප දෙවනුව කතා කරන කාරණාව ලෙසට තමාගේ දක්‍ෂතාවයත්, කුසලතාවයත් හැකියාවත් හඳුනාගැනීම තේරුම් ගැනීම සහ මානසික සෞඛ්‍ය අතර තිබෙන සම්බන්ධතාවය කුමක්‌ද යන්නයි. මෙහිදී සමාජයේ සුලබව අසන්නට ලැබෙන කතාවක් අනුව, දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග යන කතාව පෙන්වාදීමට පුළුවන. හොඳ මානසික සෞඛ්‍ය තිබෙන කෙනෙකුට හැකියාවක් තිබෙනවා. තමන්ට කරන්න පුළුවන් දේවල් මොනවාද? තමන්ට කරන්න බැරිදේවල් මොනවාද කියලා හරිහැටි හඳුනාගෙන තෝරාබේරාගෙන තමන්ගේ ජීවිතයට හරිදේ එකතුකර ගන්න. අද වනවිට ප්‍රායෝගිකව මානසික රෝග සායනවලට අත්විඳින දෙයක් ලෙසට තමන්ට කරන්න බැරි දේ කරන්නට ගොස් ඔලුව නරක්‌කර ගෙන එන පිරිස බහුල බව හඳුනාගෙන ඇත. එමෙන්ම මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් නම් තමන්ට කරන්න හැකිදේ නොකර සිටීමත්, තමාගේ හැකියාවන් දක්‍ෂතාවන් හරි හැටි හඳුනානොගැනීමට තිබෙන නොහැකියාව නිසා තමා ගන්නා වැරදි තීරණයන්ය. තමාගේ මානසික සෞඛ්‍ය හොඳ මට්‌ටමින් තිබෙනවා නම් තම පෞරුෂය තුළ ආවේණිකවූ හැකියාවන්ගේ පරාසය පිළිබඳ නියම අවබෝධයක් තමාට ලබාගෙන එය තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය සඳහා ඵලදායිතාවක් ලබාගැනීම සඳහා යොදා ගත හැක. එමෙන්ම තුන්වැනි කාරණාව යටතේ කතා කළ එදිනෙදා ජීවිතයේදී තමාට මුණගැසීමට සිදුවන ගැටලු. අභියෝග වලට මුහුණදීමේ තීරණාත්මක සාධකය හැකියාව එම පෞරුෂය තුළින් පිළිබිඹුවන්නේ එම පුද්ගලයාගේ මානසික සෞඛ්‍යයේ තිබෙන ස්‌ථාවරභාවය මතය. අද අප දන්නා කරුණක් නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට පැමිණෙන බොහෝමයක් මානසික රෝගවලට හේතුව ලෙසට ඔවුන් සඳහන් කරන්නේ තමා බලාපොරොත්තු වූ දෙයක් තමාට නොලැබීම නිසා හෝ ලැබීමට ප්‍රමාද වීම නිසා හෝ ඇතිවන්නාවූ ඉච්ඡා භංගත්වය, අපේක්‍ෂා භංගත්වය නිසා තමන්ට මානසික රෝග වැළඳුණු බවයි. මෙහි තිබෙන යථාර්ථය නම් එය එසේ නොවන බවයි. ඔහු හෝ ඇයගේ එම තත්ත්වය උත්සන්න වීමට බලපෑවේ බලාපොරොත්තු සුන්වීම නොව එම බලාපොරොත්තු සුන්වීම නිසා ඔහුට හෝ ඇයට එම තත්ත්වය හරිහැටි කළමනාකරණය කර ගැනීමේ ස්‌වභාවික යාන්ත්‍රණය එසේත් නැතිනම් මානසික ප්‍රතිශක්‌තිකරණය එම පෞරුෂය තුළ නියමාකාරයෙන් ස්‌ථාපිත වී නොතිබීම නිසා පැන නැගුණු තත්ත්වයකි. ඉහත තත්ත්වය එසේ නම් තම බලාපොරොත්තු අපේක්‍ෂාවන් අහිමිවන සියල්ලටම මෙම තත්ත්වය අත්පත්විය යුතුය. නමුත් යථාර්ථය අප දන්නා සත්‍යය නම් එය එසේ නොවන බවයි. කෙනෙකුට අපේක්‍ෂා භංගත්වය ඔස්‌සේ තම ජීවිතය ඉදිරියට ගෙන යැමට හැකියාවක් ලැබීමත්, තවත් කෙනෙකුට එම තත්ත්වය යටතේම මානසික අසමබරතාවයක් ඇතිවීමටත් හේතුවන පදනම මෙයයි. එනම් මෙම මානසික ප්‍රතිශක්‌තිකරණය දියුණුවී නොතිබීම නිසා එය මානසික සෞඛ්‍ය අස්‌ථාවරභාවයක් ඇති කිරීමට හේතුවනු ඇත. එසේ නම් තම ජීවිතයේදී තමාට මුහුණදීමට සිදුවන මෙම අභියෝග ජයගෙන ජීවිතය සාර්ථකව ඉදිරියට ගෙන යැම සඳහා තමාගේ මානසික සෞඛ්‍ය ස්‌ථාවර තත්ත්වයකින් පවත්වාගෙන යා යුතු බව දැන් ඔබට වැටහෙනවා ඇත. මේ පිළිබඳ තවත් කොටසක් ලබන සතියේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 05 Sep 2017 02:28 AM ඉතාමත් වැදගත් ලිපියක්.. අප තුලත් විවිධ මට්ටමේ මානසික රෝගි තත්ත්වයන් තියෙනවා... 0 isurusamSuper Senior MemberPosts:7342 05 Sep 2017 03:05 AM ඉතාමත් වැදගත් ලිපි ටිකක් ..... 0 samanthaMost Senior MemberPosts:13190 05 Sep 2017 10:28 PM බලාගෙන ගියාම හැම කෙනෙක්ම මානසික ලෙඩෙක්.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 06 Sep 2017 03:47 AM මග තොටේ යනකොට මානසික ලෙඩ හැදෙනවා 0 chamaramindMost Senior MemberPosts:13471 06 Sep 2017 07:42 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 RosiSuper Senior MemberPosts:5335 06 Sep 2017 05:12 PM ස්තුති මල්ලි...හොද ලිපි පෙළක් . 0 chamaramindMost Senior MemberPosts:13471 06 Sep 2017 06:48 PM අවුරුදු 50ක් වයසැති පිරිමින් 1/10කගේ හෘදය වස්‌තුවෙහි වයස වසර 10ක් පැරැණියි වයස අවුරුදු පනස් ගණන්වල පසුවන පිරිමින්ගෙන් දහයෙන් එකකගේ හෘදය වස්‌තුවෙහි වයස ඔවුන්ගේ හෘදය වස්‌තුවෙහි නියම වයසට වඩා වසර 10 ක් පරණ බවත් ඒ නිසාම ඔවුනට දරුණු ඝනයේ හෘදයාබාධයන් හා ආඝාතය (ස්‌ට්‍රොaක්&zwnj වැළඳීමේ දැඩි අවදානමක් පවතින බව එංගලන්තයේ මහජන සෞඛ්‍ය" ආයතනය විසින් සිදුකරන ලද අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ. මෙම අධ්‍යයනයේදී පිරිමින් මිලියන 1.2 ක් දෙනා අධ්‍යයනයට ලක්‌කර ඇති අතර එම පිරිමින්ගෙන් 33,000 ක්‌ගේම වයස අවුරුදු 50 ක් වන බව පර්යේෂකයෝ පවසති. මෙසේ සිය හෘදය වස්‌තුවෙහි නියමිත වයස වසර 10 ක් පරණ වීම මත 7400 ක් පමණ දෙනා මෙම මාසය තුළදී හෘද රෝගවලින් හෝ ආඝාතයෙන් මිය යා හැකි බවට එංගලන්තයේ මහජන සෞඛ්‍ය ආයතනය ප්‍රකාශ කරයි. ලොව පුරා පිරිමින් අතර මරණ සිදුවීමට හේතු කාරක වන ප්‍රධානතම රෝගය හෘද රෝග වන අතර එය කාන්තාවන් අතර මරණ සිදුවීමට හේතු වන දෙවැනි ප්‍රධානතම රෝගය ලෙස සැලකේ. මෙම හෘද රෝගවලින් මියයන බොහෝ දෙනාගේ ජීවිත බේරාගත හැකි බව අනාවරණය වී ඇති අතර එසේ මියයන පිරිසෙන් 1/4 ක් වයස අවුරුදු 75 ට අඩු වයස්‌වල පසුවන බව අනාවරණය වී තිබේ. තම හෘදය වස්‌තුව නිරෝගීව පවත්වාගෙන යැම සඳහා දුම්පානය අත්හැරරීම ක්‍රියාශීලී වීම, තම ශරීර බර කළමනාකරණය කිරීම, තන්තු අධික ආහාර අනුභව කිරීම, සංතෘප්ත මේදය ආහාරයට ගැනීම සීමා කිරීම, දිනකට පළතුරු හා එළවලු වේල් පහ බැගින් ආහාරයට ගැනීම, ලුණු භාවිතය අවම කිරීම, මාළු අනුභව කිරීම, මත්පැන් අත්හැරීම යන ක්‍රියාමාර්ගයන් අනුගමනය කළ යුතු බව වෛද්‍ය මතයයි. සංස්‌කරණය : ඒමන්ති මාරඹේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 06 Sep 2017 06:51 PM විටමින් වර්ග 2ක් අධික මාත්‍රාවන්ගෙන් ලබා ගන්නා පිරිමින් අතර පෙණහළු පිළිකා අවදානමක් විටමින් බී - 6 හා බී - 12 අධික මාත්‍රාවන්ගෙන් ලබා ගන්නා පිරිමින් පෙනහළු පිළිකාවන්ට ගොදුරු වීමේ ඉහළ අවධානමක් පවතින බව ඇමරිකා එක්‌සත් ජනපදයේ වෛද්‍යවිද්‍යාව පිළිබඳ ඔහියෝ රාජ්‍ය විශ්වවිද්‍යාල විදුහලෙහි පර්යේෂකයින් කණ්‌ඩායමක් විසින් සිදුකරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ. මෙම අධ්‍යයනයට අනුව ඉහත කී විටමින් බී වර්ග ආහාර හරහා හෝ විටමින් පෙති/ කරල් වශයෙන් ලබා නොගෙන කරල් ආදේශකයන් (සප්ලමන්ට්&zwnj වශයෙන් ලබා ගැනීමෙන් පිරිමින් අතර පෙනහළු පිළිකාවට ගොදුරු වීමේ අවදානම සියයට 30 ත් 40 ත් අතර ප්‍රතිශතයකින් වැඩි බව මෙම අධ්‍යයනයේදී හෙළි වී තිබේ. මෙම අධ්‍යයනය මෙහෙය වූ වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන කියඩෝර් බ්‍රාස්‌කිsට අනුව දුම් පානයට ඇබ්බැහි වූවන් විටමින් බී - 6 හා බී 12 ආදේශකයන් වශයෙන් අධික මාත්‍රාවන්ගෙන් ලබා ගැනීම මත ඔවුන් දැඩි වශයෙන් පෙනහළු පිළිකාවන්ට ගොදුරු වේ. සංස්‌කරණය : ඒමන්ති මාරඹේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 06 Sep 2017 07:00 PM සිකා වෛරසය වැඩිහිටියන්ගේ මොළයේ පිළිකා සෛල විනාශ කරන බව හෙළි වේ සිකා වෛරසය ඩෙංගු මදුරුවන් හරහා පැතිර යන අතර සිකා වෛරස් ආසාධනයට ගොදුරු වූ ගැබිනි මවකට උපත ලබන දරුවන්ගේ මොළය කුඩා වන බවත් එයට හේතුව මෙම වෛරසය මොළයට හානි කිරීම බවත් හෙළි වීම නිසා සිකා වෛරසය මෙතෙක් සැලකුණේ මිනිස් ජීවිතවලට තර්ජනයක් වන වෛරසයක් ලෙසිනි. අලුත උපත ලබන දරුවන්ගේ මොළයට හානි සිදු කරනු ලබන වෛරසයක් වන "සිකා" වෛරසය වැඩිහිටියන්ගේ මොළයේ පිළිකාවන්ට සාර්ථක ලෙස ප්‍රතිකාර කිරීම සඳහා යොදාගත හැකි බව ඇමරිකානු විද්‍යාඥයින් විසින් සිදුකරන ලද පර්යේෂණයකදී අනාවරණය වී තිබේ. මෙම පර්යේෂණයට අනුව සිකා වෛරසය වැඩිහිටියන්ගේ මොළය ආශ්‍රිතව හටගන්නා වෙනත් බෙහෙත් වර්ගවලින් ප්‍රතිකාර කිරීමට අපහසු පිළිකා සෛල මරා දැමීමට සමත්ය. මීයන් යොදාගෙන සිදුකරනු ලැබූ පර්යේෂණයකදී මීයන්ගේ මොළයෙහි පවතින හානි කිරීමට අසීරු සෛල කුඩා කර අනිකුත් හොඳ සෛලවලට හානි නොකිරීමට සිකා එන්නත සමත් බව හෙළිවී තිබේ. "ජ(ර්)නල් ඔෆ් එක්‌ස්‌පෙරිමන්ටල් මෙඩිසින්" සඟරාවෙහි පළකර ඇති නවතම පර්යේෂණ වාර්තාවකට අනුව සිකා වෛරසය වැඩිහිටියන්ගේ ජීවිතවලට තර්ජනයක් වන පිළිකා සෛලවලට, එම සෛල ඉවත් කිරීමට සිදුකරනු ලබන සැත්කම සිදුකරන වේලාවෙම එන්නත් කිරීමෙන් අදාළ හානිකර සෛල ඉවත් කිරීමට හැකිවේ. මෙහිදී රසායනාගාර පරීක්‍ෂණවලදී මිනිස් සෛලවලට සිකා වෛරස ප්‍රතිකාරය සාර්ථක අන්දමින් යොදාගත හැකි බව තහවුරු වී තිබේ. සැත්කමකින්, විකිරණ ප්‍රතිකාරයෙන්, කීමෝ තෙරපි ප්‍රතිකාරයෙන් පමණක් සාර්ථකව මැඩ පැවැත්විය නොහැකි "ග්ලියෝබ්ලස්‌ටෝමාස්" නමැති වැඩිහිsටියන් අතර ප්‍රචලිත පිළිකා වර්ගය පැතිරීම මැඩපැවැත්වීමේදී සුවිශේෂී වූ කාර්යභාරයක් සිකා වෛරසය ඉටුකරන බව හෙළිවී තිබේ. සිකා වෛරසය ඩෙංගු මදුරුවන් හරහා පැතිර යන අතර සිකා වෛරස් ආසාධනයට ගොදුරු වූ ගැබිනි මවකට උපත ලබන දරුවන්ගේ මොළය කුඩා වන බවත් එයට හේතුව මෙම වෛරසය මොළයට හානි කිරීම බවත් හෙළි වීම නිසා සිකා වෛරසය මෙතෙක් සැලකුණේ මිනිස් ජීවිතවලට තර්ජනයක් වන වෛරසයක් ලෙසිනි. එහෙත් අනිකුත් ප්‍රතිකාරවලට ඔරොත්තු දෙන පිළිකා සෛල පවා සිකා වෛරසය හරහා විනාශ කළ හැකි බව හෙළි වීම හේතුවෙන් මේ වන විට සිකා වෛරසය මිනිසාගේ යහපතටද යොදා ගත හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. සිකා වෛරසය වැඩිහිටියන්ගේ මොළය ආශ්‍රිතව හටගන්නා පිළිකා සෛල විනාශ කිරීමට යොදා ගත හැකි බව අනාවරණය කරගත් ඇමරිකානු විද්‍යාඥයින් කණ්‌ඩායමේ සාමාජිකයකු වන වෛද්‍ය මයිකල් ඩයමන්ඩ්ට අනුව සිකා වෛරසය වැඩිහිටියන්ගේ මොළයේ පිළිකා සෛල විනාශ කිරීම සම්බන්ධව මිනිසාට අත්හදා බැලීම ඉදිරි මාස 18 ක කාලය තුළදී ඇරඹීමට නියමිතය. පිළිකාවන් මැඩපැවැත්වීම සඳමා වෛරස් යොදා ගැනීම නවතම දෙයක් නොවන අතර සිකා වැනි භයානක වෛරසයක් එවැනි කාර්යයක් සඳහා යොදා ගැනීම නවතම අත්දැකීමක් වන බව වෛද්‍ය ඩයමන්ඩ් කියයි. මේ වන විට කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක්‌ද පිළිකාවන්ට ප්‍රතිකාර කිරීම සඳහා සිකා වෛරසය යොදා ගැනීම සම්බන්ධව අත්හදා බැලීම් සිදුකිරීම අරඹා තිබේ. එක්‌සත් රාජධානියේ පිළිකා පර්යේෂණය පිළිබඳ වෛද්‍ය කැතරින් පික්‌වර්ත්ට අනුව නවීකරණය කරන ලද සිකා වෛරසයට සාර්ථක ලෙස මොළය ආශ්‍රිතව හටගන්නා පිළිකා සෛලවලට පහරදීමට හැකි වී තිබේ. සංස්‌කරණය : ඒමන්ති මාරඹේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 maduranga001Most Senior MemberPosts:14118 06 Sep 2017 11:34 PM සිකා වෛරසය වැඩිහිටියන්ට මෙලෙස උදව් වීම ගැන නම් සතුටු වෙන්න පුළුවන්. මම හිතන්නේ මේ ආකාරයට පිළිකා සෛල මැඩලීමට උපකාරී උනත් වෙනත් අතුරු අබාධ ගැන තවත් පරීක්ෂණ කරලා තහවුරු කර ගන්න වේවි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 07 Sep 2017 03:01 AM මාර කතාවක්නෙ මෙක First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 hasithadSuper Senior MemberPosts:5795 07 Sep 2017 08:24 AM මේ වගේ දෙයක් සොයාගැනීමත් අද කොච්චර වටිනවද.....වදයක් වුන දෙයක් වැඩක් ඇති දෙයකට ගන්න පුලුවන්. 0 RosiSuper Senior MemberPosts:5335 07 Sep 2017 06:38 PM හ්ම්ම්ම්ම්ම් විසෙන් විස නසනවා වගේනේ මේකත් . 0 chamaramindMost Senior MemberPosts:13471 08 Sep 2017 05:36 AM පොඩ්ඩන්ට ප්‍රතිජීවක දෙන්නේ බලාගෙන කුඩා දරුවන්ට ප්‍රතිජීවික ඖෂධ ලබාදීම ඔවුන්ට දියවැඩියාව ඇතිවීමේ අවදානම වැඩි කරන බව ඇමෙරිකානු පර්යේෂකයෝ පිරිසක් පෙන්වා දෙති. දරුවන්ට කුඩා වියේදීම වැළඳීමට හැකි පළමු වර්ගයේ දියවැඩියා රෝගය ඇතිවීමේ අවදානම ප්‍රතිජීවක ඖෂධ ලබාදීමෙන් තවදුරටත් වැඩිවිය හැකි බව එම පර්යේෂකයෝ පිරිස ප්‍රකාශ කරති. මීයන් යොදාගනිමින් නිව්යෝක් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් මෙම අධ්‍යයනය සිදු කර ඇති අතර ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදු කිරීමට නියමිත යැයි ද ඔවුහු ප්‍රකාශ කරති. කුඩා කාලයේදී ප්‍රතිජීවක ඖෂධ දීමෙන් පළමු වර්ගයේ දියවැඩියා රෝගය ඇතිවීම දෙගුණයකින් වැඩි බව අනාවරණය කරගැනීමට මෙම පර්යේෂකයෝ පිරිස සමත්ව සිටිති. එයිනුත් වැඩි අවදානමක් ඇත්තේ පිරිමි දරුවන්ට යැයි ද පර්යේෂකයෝ පවසති. එමෙන්ම දියවැඩියාව ජානවලින්ම පැවැත එන පවුල්වල දරුවන් ඊට ගොදුරුවීමේ අවදානම තවත් වැඩි බව ද මෙම පර්යේෂකයෝ පෙන්වා දෙති. තරුණ දරුවන් අතර දියවැඩියාව ඇතිවීමේ ප්‍රවණතාව ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇති බව පෙන්වාදෙන පර්යේෂකයෝ පසුගිය වසර විස්සක කාලයේදී තරුණ දරුවන් පස් දෙනකුගෙන් එක් අයකු පළමු වර්ගයේ දියවැඩියා රෝගයට ගොදුරු වූවකු බව ද පෙන්වා දෙති. හර්ෂණ තුෂාර සිල්වා ඬේලිමේල් ඇසුරිනි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Sep 2017 05:52 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 45 of 137 << < 4344454647 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner