Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 46 of 137 << < 4445464748 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 08 Sep 2017 05:57 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 08 Sep 2017 07:17 AM ලමයි ඉන්න අපිට ගොඩක් වැදගත් ස්තූතියි මල්ලී 0 hasithadSuper Senior MemberPosts:5795 08 Sep 2017 08:08 AM ලිපිය වටිනවා වුනාට ඉතිරි කොටස කෝ ? 0 chamaramindMost Senior MemberPosts:13471 08 Sep 2017 06:41 PM ප්‍රථම හමුවේ භීතිය අද අඹුසැමියන් අතර ඇතිවන ගැටලුවලට හේතු සොයාගැනීම ගොඩක් දුෂ්කර කටයුත්තක් වෙලා තියෙනවා. වරක් බර්ට්‍රම් රසල් නම් බ්‍රිතාන්‍ය ජාතික දාර්ශනිකයා මෙහෙම කියලා තියෙනවා. මනෝ සමාජයේ ගැටලු අන්තර් පුද්ගල සමාජයේ ඇතිවන ගැටලු විසඳීම අතිශයින්ම සංකීර්ණයි. සමහර විට ගණිතමය ගැටලු විසඳාගැනීම ඊට වඩා ලේසියි. අඹුසැමි ගැටලු වලට බොහෝ විට ලිංගික ගැටලු හේතුවෙනවා. එය බොහෝ දෙනා දන්නා ප්‍රකට කරුණක්. නමුත් ලිංගික කරුණු බොහෝ විට එළිපිට කතා කරන්නේ නැහැ. ඒවා අළුයට සැඟවුන ගින්දර මෙන් මතුවෙනවා. අවසන් වෙන්නේ අඬදබර හෝ දික්කසාදවලින්. අද මම කතාකරන්නේ ලිංගිකමය ගැටලුවක් නිසා අවුලට පත්වූ පවුලක් පිළිබඳව. සුමුදු හා සුනිමල් විවාහවෙලා අවුරුදු අටයි. සුනිමල් බැංකු නිලධාරියෙක් ලෙස කටයුතු කරන අතර සුමුදු ගුරුවරියක් ලෙස රාජකාරි කළා. මේ දෙදෙනාගේ ගැටලුව ප්‍රථමයෙන් අප වෙත ගෙන ආවේ සුනිමල්ගේ මව. ඩොක්ටර් මගේ ගම නුවර. මම විශ්‍රාම ගිය ගුරුවරියක්. මගේ මහත්තයා ග්‍රාමසේවක කෙනෙක්. මම ආවේ මගේ පුතා ගැන කතා කරන්න. පුතාගේ වයස අවුරුදු 30 යි. පුතා බැඳලා අවුරුදු 05ක් වෙනවා. අපි හොයලා දීලා නම් නෙවෙයි. එයාම තමා මේ බිරිඳව හොයාගත්තේ. මම දන්න දවසේ ඉඳන් මේ දෙන්නා රණ්ඩු වෙනවා. දෙන්නට දෙන්නා චෝදනා කරගන්නවා. සතුටින් හිටිය කියලා එක දවසක්වත් මම දැකලා නෑ. මම නිතරම අහනවා උඹලට වෙලා තියෙන්නේ මොකක්ද කියලා. කිසිම දෙයක් අපට කියන්නේ නෑ. බැඳලා අවුරුදු පහක් වුණා. තාම දරුවනුත් නෑ. මේ විදියට කතාකරපු සුනිමල්ගේ මවගේ ඇස්වල කඳුළු පිරිලා තිබුණා. පිටරටවල නම් වයස අවුරුදු දාසයෙන් පස්සේ දරුවෝ නිදහස් කරනවා. ඒත් ආසියානු රටවල දරුවන් මුණුබුරන් පිළිබඳ මව්පියෝ සැලකිලිමත් වෙනවා. ඔවුන් පිළිබඳ අවධානය යොමුකරනවා. සුනිමල්ගේ අම්මත් ඒ වගේ කෙනෙක්. ඇය දරුවාගේ පවුල් ජීවිතය රැකගැනීම සඳහා ඉදිරිපත්වෙලා අපේ සායනයට ඔවුන්ව යොමුකළා. මම මුලින්ම කතාකළේ සුනිමල් සමඟ. ඔහු ඔහුගේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කළේ මෙහෙමයි. අපි විවාහවෙලා අවුරුදු පහක් වෙනවා. අපි දෙන්නා හමුවුණේ පේරාදෙණියෙ සරසවියේදී. ඒ කාලයේ අපි හරිම සතුටින් සිටියා. අනිත් ආදරවන්තයෝ වගේම අපි හොඳට ආදරය කළා. ඇය ආදර පිබිදවීම් ප්‍රතික්ෂේප කළේ නෑ. සරසවියෙන් නික්මුනු අපි වසර දෙකකට පසු විවාහ වුණා. අපි මධුසමය සඳහා නුවරඑළියේ ලස්සන හෝටලයක් තෝරාගෙන තිබුණා. සිප වැළඳගැනීම් ඇරුණුකොට වෙන කිසිවක් අප අතර සිදුවූයේ නැහැ. ඇය මාව ප්‍රතික්ෂේප කළා. මම ඇගෙන් මාව ප්‍රතික්ෂේප කිරීමට හේතු විමසුවා. ඇස්වලට කඳුළු පුරවාගෙන බයෙන් තැතිගෙන සිටි ඇය මට මේ වගේ දෙයක් කිව්වා. මම ඔයාට ආදරෙයි. ඒත් මට වෙන කිසිම දේකට කැමති වෙන්න බැහැ. ඇය පැත්තකට වුණා. මට ඇය ගැන දුකක් මෙන්ම තරහක්ද ආවා. අද වෙනතුරුත් අපි ජීවත්වෙන්නේ දෙපැත්තක. ඔහු ඉවත් වූ පසු අපි සුමුදුගේ දෙසට හැරුණා. ඇය පැවසුවේ මේ වගේ දෙයක්. මම සුනිමල්ට හුඟක් ආදරෙයි. අපි දෙදෙනා අතර වෙන කිසිම ගැටලුවක් නෑ. ඒත් ලිංගිකව එකතුවෙන්න හදනකොට මට ලොකු බයක් දැනෙනවා. ඇය ලැජ්ජාවෙන් පැවසුවා. අපි ඊළඟට ප්‍රශ්න කළේ ඇයට ඇතිවන බය කුමක්දැයි හඳුනා ගැනීමට. මම මුලින්ම ලිංගිකත්වය සම්බන්ධ කරුණු කතා කළේ උසස් පෙළ කරන කාලයේ. කුඩා කාලයේ දී මම හැදුන පරිසරයේ නම් කවදාවත් ඒ වගේ දේවල් කතාකළේ නෑ. අපේ අම්මයි තාත්තයි හරිම සැරයි. පංතියේ ගුරුවරයෙක් නැති වෙලාවට යාළුවොත් එක්ක එකතුවෙලා පිරිමි ළමයි ගැන අපි කතාකරනවා. දවසක් එක යාළුවෙක් පැවසුවා ප්‍රථම එක්වීම හුඟක් වේදනාකාරී ක්‍රියාවලියක් බව. එදා මට ලොකු බයක් දැනුණා. මේකේ සත්‍ය අසත්‍ය දැන ගැනීමට මගේ හිතේ ලොකු කුතුහලයක් තිබුණා. ඒ නිසා කාටත් හොරෙන් මම අපේ සෞඛ්‍ය කරපු ටීචර්ව මුණ ගැහුණා. ටීචර් කිව්ව දේවලින් මම තවත් බයවුණා. සුනිමල් ළඟට එද්දි මට ඒ බය දැනෙනවා. සුමුදු ඇගේ කතාව අවසන් කළා. ඇයත් ගොදුරු වී සිටියේ ඇතැම් කාන්තාවන් මුහුණපාන තවත් එක් දුබලතාවයකට. ඇයට තිබුණේ ලිංගික සංසර්ගය පිළිබඳ බයක්. මේ බය කුඩා කාලයේ යටි සිතට ඇතුළුවෙලා තියෙනවා. ඒ බය නිසාම යෝනි මාර්ගය පහළ කොටසේ මාංශපේශි දැඩි සංකුංචනයකට ලක්වෙනවා. ඉන් ඇයට වේදනාවක් ඇතිවෙනවා. මෙය ආදරය පිළිබඳව ගැටලුවක් නෙවෙයි. සිතේ ඇතිවන බිය නිසා සංසර්ගය ප්‍රතික්ෂේප කිරීමක් පමණයි. මේ තත්ත්වයට මනෝ විද්‍යාවේදී වජිනිස්මස් (Vaginismus) කියලා කියනවා. මීට හේතු රාශියක් විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. එක හේතුවක් තමයි ලිංගික කරුණු වැරදි ලෙස වටහා ගැනීම. ඒ වගේම කුඩා කල ලිංගික අපයෝජනයට ලක්වන දරුවන්ටත් මෙවැනි භීතීන් ඇතිවෙන්න පුළුවන්. සමහර අය දරු ප්‍රසූතියට බයවෙනවා. හේතුව පළවෙනි දරු ප්‍රසූතිය වේදනාකාරී වීම. ඒ බය ඇගේ මනසට ඇතුළු වුණාම ඇය ආයෙමත් දරුවෙක් හදන්න බය වෙනවා. ඒ නිසා සංසර්ගය ප්‍රතික්ෂේප කරනවා. මේ සියලු දේ සිදුවෙන්නේ භීතිය යටි සිතට ඇතුළුවීම හා ඒ සිතිවිලිවල බලපෑම නිසා යෝනි මාර්ගය අසල මාංශපේෂි සංකුංචනය වී වේදනාවක් ඇති කිරීම නිසා. මේ වගේ ගැටලු ඇති කාන්තාවන් බොහෝ පිරිසක් අපේ සායනවලට එනවා. සමහර කාන්තාවන්ගේ මෙවැනි ගැටලු නිසා ඔවුන් ශාන්තිකර්මවලටද යොමු වෙනවා. ඒ වගේ මෝහනය කරන තැන්වලටත් යනවා. මෙවැනි මානසික භීතීන් ඇති වූ කාන්තාවන්ට මිත්‍යා පිටුපස ගිහින් නම් ඵලදායි දෙයක් ලබාගත නොහැකි වෙනවා. ඉන් සිදුවන්නේ මුදල් දී රැවටීම පමණයි. විද්‍යාත්මක ප්රතිකාරවලින් මෙවැනි භීතීන් සුවකර ගන්න පුළුවන්. ඒ වගේම මෙවැනි භීතීන්ට ලක්වුන කාන්තාවෝ පවුල් ගැටලු නිසා මානසික පීඩනයටත් ගොදුරු වෙනවා. ඉහත කතා කළ සුමුදුත් මානසික පීඩනයට ගොදුරු වෙලා හිටියා. දෙදෙනාටම තරහයාම, නින්ද නොයාම, කලකිරීම වැනි මානසික ව්‍යාධීන් ඇතිවී තිබුණා. වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ කරපු අපි මෙයාලව උපදේශනයටත් යොමුකළා. එහිදී මිත්‍යා විශ්වාස සහ ඇගේ සිතේ පැවති භීතිය අයින් කිරීම උපදේශනයේ පළමු කාර්යය වුණා. ඒ සඳහා අපි සිතිවිලි ප්‍රතිකාරය භාවිතා කළා. ඊළඟට ශරීරය සැහැල්ලු වීමේ ව්‍යායාම කියලා දුන්නා. ඉන් මනසත් ශරීරයත් දෙකම සැහැල්ලු කළා. මීළඟට යෝනි මාර්ගය අවට තදින් වේදනා දෙන මාංශපේශි සැහැල්ලු කරන ව්‍යායාම පුරුදු කළා. (Kegal Exercise) ඒ වගේම ලිංගික උද්දීපනය හා ආකර්ෂණය ඇති ව්‍යායාම කියා දුන්නා (Senate Aocus)’ මෙවැනි උපදේශන ක්‍රමවලින් සුමුදුගේ සිතේ ඇති බිය නැතිවුණා. සුනිමල් සහ සුමුදු දැන් සතුටින් සිටිනවා. ප්රියැපිසම් ලෙඩෙත් එපාකරපු වැඩක් පසුගිය කාලයේ අපේ දේශපාලකතුමෙක් ගැන අපුරු කතාවක් එළියට ආවා. ඕපාදූපයක් හැටියට පළවුණු මෙයින් කියැවුණේ එතුමාට සිය ප්‍රාණවත් භාවය නැති නොවීම නිසා මුහුණපෑමට සිදුවූ ඇබැද්දියක් ගැනයි. ප්‍රාණවත් වූ ලිංගය යලි යථා තත්ත්වයට පත්නොවී තිබීමේ මේ තත්ත්වය හටගන්නේ විවිධ හේතු රැසක්ම නිසායි. වයග්‍රා පදමට වැඩියෙන් ගැනීම මෙයට බලපානා එක් හේතුවක් පමණයි. පුරුෂ අවයවය දිගටම ප්‍රාණවත්ව තිබීම නිසා හටගන්නා මේ අසාමාන්‍ය තත්ත්වය හඳුන්වන්නේ ප්රියැපිසම් Priapism කියලයි. බොහෝ විට මෙහිදි ප්‍රාණවත් වීම සිදුවන්නේ කිසිම ලිංගික උත්තේජනයකින් තොරවයි. පුරුෂ ලිංගය ප්‍රාණවත් වන්නේ එහි පටක තුළට රුධිරය ගලාවිත් තදවීම නිසයි. ලිංගික උත්තේජනය මේ සඳහා මුල්වෙයි. එම ලිංගික උත්තේජනය නැතිව ගිය පසු හෝ සුරතාන්තයට පත් වූ පසුව රුධිරය නැවත ශිරා මගින් හෘදය දෙසට ගලා යාම සිදුවෙයි. යම් හෙයකින් ප්‍රධාන ශිරාවක් තුළ රුධිර කැටයක් ඇති වී හිර වුණොත් ඒ හේතුවෙන් රුධිරය ගලායාම ඇණ හිටියි. ඒ නිසා සිදුවන්නේ දිගටම ශිෂ්ණය ප්‍රාණවත්ව තිබීමයි. මෙය වේදනාකාරි තත්ත්වයකි. වහාම වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ගත යුතුයි. එසේ නොකළහොත් ශිෂ්ණයේ පටකවලට අනතුරු සිදුව ඉරීයාම තුවාල වීම සිදුවෙයි. ප්රියැපිසම් සඳහා හේතු කිහිපයක්ම වෛද්‍ය විද්‍යාත්මකව සොයාගෙන තිබේ. රුධිරගත රෝගවන ලියුකේමියාව මෙන්ම දැකැති හැඩැති රතු රුධිර සෛල හෙවත් සිකල්සෙල් නිසා ඇතිවන රුධිර රෝග බොහෝවිට මෙයට හේතුවකි. තවත් බලපෑමක් වන්නේ ලිංගාශ්‍රිතව ඇතිවන ආසාදන තත්ත්වයන්ය. ලිංගික අප්‍රාණිකත්වය සඳහා ලබාදෙන පැපවරන් නමැති නික්ෂේපණය නිසාත් මෙය ඇතිවෙයි. අනෙක් කාරණය තමා වයාග්‍රා. ව්යාග්රා හෙවත් සල්ඩෙනෆිල් සිට්රේට් වැඩිපුර මාත්‍රාවක් ගැනීම නිසාත් ඉතාමත් කලාතුරකින් මේ තත්ත්වය ඇතිවේ. ප්රියැපිසම් තත්ත්වය ඇති වූ විට බොහෝවිට රෝහල්ගත වීමට සිදුවෙයි. එහිදී නිර්වින්දනය ලබාදී සුළු සැත්කමක් මගින් ශිරාවල අවහිරවී ඇති රුධිරය ඉවත් කිරීම සිදුවෙයි. මේ තත්ත්වය ඇතිවිට වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Sep 2017 06:50 PM කවුරුත් නොදන්න ඇසේ පිළිකා මේ වනවිට වසරකට වරක් පහළොස් දහසකට (15,000) වැඩි සංඛ්‍යාවක් පිළිකා රෝගීන් ලංකාව තුළ අලුතෙන් වාර්තා වෙයි. මුඛ, පෙනහළු, පියයුරු, ඩිම්බ කෝෂ, ගර්භාෂ, මහාන්ත්‍ර, ඇතුළු පිළිකා වර්ග ගැන නිතර කතා කරන බව ඇත්තකි. ඒත් කවුරුත් නොදන්නා කාරණාවක් වන්නේ අපේ ඉතාම වැදගත් ඉන්ද්‍රියක් වන ඇස් ආශ්‍රිතවත් පිළිකා හටගන්නා බවයි. ඇස් ආශ්‍රිතව හටගන්නා පිළිකා බොහෝමයක් ද්විතියික පිළිකා හැටියට පෙන්වා දිය හැකියි. ඒ කියන්නේ, ශරීරයේ වෙනත් තැනක හටගත් පිළිකාවක් පැතිරයාම නිසා හටගන්නා පිළිකාය. නමුත් ඇස තුළම හටගන්නා පිළිකාද රාශියකි. දේශය පාඨක ඔබ මේ කියන ඇස් ආශ්රිත පිළිකා ගැන දැනුවත් කරන්නට අපි සිතුවේ එහෙයිනි. ඇසේ පිළිකා හටගන්නේ කොහොමද? ඇසේ නොයෙකුත් පටක ආශ්‍රිතව ඇති සෛල වෙනස්වීමකට හෝ විකෘතිභාවයකට පත්ව අනෙක් සෛලවලට වඩා ඉක්මනින් වර්ධනය වෙයි නම් එතැන අසාමාන්‍ය සෛල වර්ධනයක් හෙවත් ටියුමර් තත්ත්වයක් හටගත හැකියි. ඇසේ හටගන්නා මේ අසාමාන්‍ය වර්ධන හඳුන්වන්නේ ප්‍රාථමික අක්ෂි පිළිකාවක් එසේත් නැත්නම් අක්ෂි අභ්‍යන්තර පිළිකාවක් හැටියටයි. ශරීරයේ වෙනත් තැනක හටගත් පිළිකාවක් වසා පද්ධතිය ඔස්සේ පැතිර ගොස් ඇසට ආ විට එය ද්විතියික අක්ෂි පිළිකාවක් හැටියටත් හඳුන්වන්න හැකියි. රෝග ලක්ෂණ ඇසේ පිළිකාවල රෝග ලක්ෂණ අනෙක් ඇස් රෝගවලින් වෙන්කර හඳුනාගැනීම ටිකක් අසීරුයි. බොහෝවිට දක්නට ලැබෙන ප්‍රධානම රෝග ලක්ෂණයක් හැටියට ඇසේ පෙනීමේ වෙනස්කම් දක්වන්නට හැකියි. තිත් හෝ පණු ආකාර විනිවිදන සුළු දිලිසෙන ඡායා පාවී යන ආකාරය පෙනෙන්නට ගැනීම තමයි මෙහි මූලිකම ලක්ෂණය. සමහරවිට ඇසේ තැනක කුඩා කළු ලපයක් හටගෙන එහි හැඩය සහ ප්‍රමාණය වෙනස් වන ආකාරය දකින්නත් පුළුවනි. අක්ෂි වෛද්‍යවරයකුට පමණයි මේ කියන පිළිකා තත්ත්ව නිසි ලෙස හඳුනාගන්නට හැකි. මේ නිසා ඇසේ සාමාන්‍ය නිරෝගී පෙනීම මඳකින් හෝ වෙනස් වන්නේ නම් ඇස මත ලප, කැලැල්, දක්නට ඇත්නම් වහාම වෛද්‍යවරයකු වෙත යා යුතුයි. ඇසේ අභ්‍යන්තර පටකයේ අසාමාන්‍ය වර්ධනය හෙවත් Uveal Melanoma අක්ෂි පිළිකාවල බහුලව දක්නට ලැබෙන්නේ මේ තත්ත්වයයි. ඇසේ පටක කොටස් තුනක ඇතිවන සෛලවල අසාමාන්‍ය අධි වර්ධන මේ විදිහට හඳුන්වනවා. ඉන් එක් කොටසක් නම් කළු ඉංගිරියාවයි. අනෙක් කොටස වන්නේ ඇසේ තරලමය ද්‍රව්‍ය පාලනය කර ඇහැ තෙත්ව තබාගන්නා පක්ෂම දරන කොටසයි. ඊළඟ කොටස වන්නේ ඇසේ රුධිරය සැපයුම පාලනය කරන රුධිරග්‍රාහී (Choroid) පටක ස්ථරයයි. රුධිරග්‍රාහී ස්ථරයේ තමා බහුලව මේ පිළිකාව වාර්තා වෙන්නේ. දෘෂ්ඨිවිතාන පිළිකාව හෙවත් Retinoblastoma මෙය බහුලව වාර්තාවන්නේ කුඩා දරුවන් තුළයි. බොහෝමයක් වෙලාවට අවුරුදු පහට අඩු දරුවන් අතරයි දක්නට ලැබෙන්නේ. අම්මාගේ බඩේ ඉන්දැද්දිම තමා මේ තත්ත්වය හටගන්නේ. ඇසේ රූප පතිත වන සහ හඳුනාගන්නා අභ්‍යන්තර පටකය වන දෘෂ්ටි විතානය මත ඇති දෘෂ්ඨික සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වීම මගිනුයි මෙය හටගන්නේ. මෙය හඳුනාගන්න ලැබෙන්නේ එක් ඇසක කළු ඉංගිරියාව අනෙක් ඇසෙන් වෙනස්ව පෙනෙන්නට ගන්නා විටයි. බොහෝ වෙලාවට මේ ගැන වෙන්කර හඳුනාගන්න ලැබෙන්නේ ඡායාරූපයක් ලබාගත් අවස්ථාවකදීයි. අක්ෂි අභ්‍යන්තර වසා ගැටිති ඉදිමුම අපේ ශරීරය පුරාම ප්‍රතිශක්තිය රැකගන්නට උදව්කරන වසා පද්ධතිය පැතිර තියෙනවා. එයට අයත් වසා ගැටිතිත් පවතිනවා. සාමාන්‍ය ව්‍යවහාරයේ කුද්දැටි කියන්නේ මේ ගැටිතිවලට. ඉතාමත් කලාතුරකින් ඇස ආශ්‍රිතව ඇති මේ ගැටිතිත් ඉදිමීමට ලක්වෙනවා. මේවා කලින් හඳුනාගැනීම ඉතා අසීරුයි. පුද්ගලයන් අනුව රෝග ලක්ෂණත් වෙනස්. ඒ තත්ත්වයන්ද පිළිකා දක්වා වර්ධනය විය හැකියි. සංයුග්මක පටල පිළිකාව හෙවත් Conjunctival Melanoma ඔබේ ඇසේ ගෝලයේ පිටතම කොටස සහ ඇස් පිහාටුවල අභ්‍යන්තරම කොටස අතර පිහිටා ඇති දාරය හඳුන්වන්නේ සංයුග්මක පටලය හැටියටයි. මේ පටලයේ ඉතාමත් කලාතුරකින් හටගන්නා පිළිකාමය තත්ත්වයක් හටගත හැකියි. කළු පැහැති තිතක්, කුරුලෑවක් වගේ මෙය මුල් අවදියේ දකින්නට පුළුවනි. ප්‍රතිකාර නොකළොත් ඇසේ මෙන්ම ශරීරයේ අනෙකුත් කොටස් කරාත් වසා පද්ධතිය ඔස්සේ පැතිරෙන්නට හැකියි. කඳුළු ග්‍රන්ථි ආශ්රිත පිළිකා හෙවත් Lacrimal Gland Cancer ඉතාමත් දුර්ලභව හටගන්නා පිළිකා තත්ත්වයක් ලෙස හඳුන්වන්න පුළුවනි. ඇහැට කඳුළු ලබාදෙන කඳුළු ග්‍රන්ථි ආශ්‍රිතවයි මෙය හටගන්නේ. සෑම ඇසකම නාසය පැත්තට වන්නට ඉහළ පහළ දෙකෙළවර මේ ග්‍රන්ථි පිහිටා තිබෙනවා. හුඟක් වෙලාවට වයස 30 ගණන්වල ඉන්න අයගෙයි මේ පිළිකාව හටගන්නේ. ඇහි පිහාටු මත පිළිකා චර්මීය පිළිකාවක් හැටියට ආරම්භ වන මෙය ඇස් පිහාටුවේ පිටත හටගන්නට පුළුවනි. බහුලව දක්නට ලැබෙන්නේ පහළ පිහාටුව මතයි. හුඟාක් පැහැපත් හමක් ඇති අයට මේ තත්ත්වය බහුලයි. හිරැඑළිය නිසා බහුලව ඇතිවිය හැකි පිළිකාමය තත්ත්වයකුයි මෙය. ද්විතියික ඇස් පිළිකා ශරීරයේ වෙනත් අවයවයක හටගන්නා පිළිකාවක් පැතිර යාමෙන් ඇස් කරා එන්නටත් හැකියි. එවිට එය හඳුන්වන්නේ ද්විතියික අක්ෂි පිළිකාවක් හැටියටයි. බොහෝ වෙලාවට කාන්තාවන්ගේ පියයුරු පිළිකාවේ, පිරිමින්ගේ පෙනහළු පිළිකාත් තමා මේ සඳහා හේතුවන්නේ. ඒ හැර සමේ, වකුගඩුවේ, මහාන්ත්‍රයේ, තයිරොයිඩයේ වගේ හටගන්නා පිළිකාත් ඇස් කරා පැතිර එන්නට පුළුවනි. හඳුනාගැනීම් සහ ප්‍රතිකාර ඇස් පරීක්ෂාවට ලක්වීමෙන් තමා පිළිකා තත්ත්වයක් මුලින්ම හඳුනාගන්නට හැකිවන්නේ. අක්ෂි පිළිකාවක් ගැන සැක හිතුණු විට වෛද්‍යවරයා විසින් ස්කෑන් පරීක්ෂාවක් අතිධ්පති පරීක්ෂාවක් හෝ MRR පරීක්ෂණයක්, වැනි දෙයක් නියම කරාවි. වඩාත් සැකහැර ගැනීමට ජෛව පටක හෙවත් Biopsy පරීක්ෂාවක් සිදු කරන්නටත් පුළුවනි. ඇසේ පිළිකා සුවකරගන්නට බොහෝවිට ශල්‍යකර්ම තමා භාවිතා වන්නේ. අර්බුදකාරී කොටස කපා ඉවත් කිරීම සිදුකෙරෙනවා. පසුව විකිරණ ප්‍රතිකාර මගින් ඉතිරිව ඇති පිළිකා සෛල ඉවත් කරන්නටත් පුළුවනි. ඇස මතුපිට චර්මය ආශ්රිත පිළිකා සඳහා ලේසර් ප්‍රතිකාර ක්‍රමත් භාවිතා වෙනවා. සුගත් පී. කුලතුංගආරච්චි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Sep 2017 07:09 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 09 Sep 2017 02:03 AM ස්තූතියි මලේ ගොඩාක් සිතූතියි එකක් නෑර මේ ටික ඔක්කොම සේව් කර ගත්තා වටිනා කම බොහෝයි 0 chamaramindMost Senior MemberPosts:13471 09 Sep 2017 03:45 AM සොරයිසිස් සුව කරන්න පංචකර්ම ප්‍රතිකාරයක් ප්රශ්නය - සොරයිසිස් රෝගය ජානමය උරුමය හෝ රුධිරය මත පදනම් වූ ප්‍රශ්නයක් නිසා සුව කිරීමට බැරි බව නවීන විද්‍යාවට අනුව කටයුතු කරන ඇතැම් බටහිර වෛද්‍යවරුන් කියනවා. එවැනි තත්ත්වයක් තුළ ආයුර්වේදය මගින් මේ රෝගය සුව කළ හැකි බව ඔබ හිතනව ද? වෛද්‍ය ශ්‍රී ලක්මාල් සුගතදාස - වසර දහස් ගණනක් පැරැණි ආයුර්වේදයේ පදනම මොකද්ද කියන එක මෙහිදී සොයා බලමු. පුරාණ සෘෂිවරු හඳුන්වන අන්දමට ආයුර්වේදය කියන්නේ සෞඛ්‍ය සම්පන්න සිරුරක්, සෞඛ්‍ය සම්පන්න මනසක්, පිරිසිදු ආත්මයක් ඇති කිරීමට උපකාරී වන දෙයක්. කරුණු වශයෙන් ගත්තත් පෝෂ්‍යදායක ආහාර, යෝග ව්‍යායාම වැනි ව්‍යායාම, භාවනා, ශරීරයේ විෂ නැසීම, (වායුව) ඒ පදනමේ අත්තිවාරම බව දැක්විය හැකියි. වාත පිත්ත කප යන ත්‍රිදොaෂ ශරීරය ක්‍රියාත්මක කරන බලවේග බව ඒ අනුව කියෑවෙනවා. මේ ත්‍රිදොaෂ අසමතුලිත නම් ඔබ රෝගී වෙනවා. ආයුර්වේදය මගින් නිතරම උත්සාහ කරන්නේ ත්රිදෝෂවල සමතුලිත භාවය තබා ගැනීමටයි. එසේ සමතුලිත කළාම සොරයිසිස් වැනි රෝග සුව කළ හැකියි. සොරයිසිස් රෝගය සඳහාම කරන පංචකර්ම ක්‍රම පවා අතීතයේදී තිබුණ. මා මේ කියන්නේ වසර දහස් ගණනකට ඉස්සර කළ ප්‍රතිකාර විධියක්. ඒ අනුව මුලින්ම ඖෂධ මිශ්‍ර කළ එළඟිතෙල් රෝගියාට ආහාරයට දුන්නා. ඊළඟට බඩ විරේක සහ ලය විරේක කළා. තුන්වනුව ඖෂධීය මෝරු හිසට වත් කළා. සතරවනුව ඖෂධ සමග මිශ්‍ර කළ තුනී මැටි මුළු මහත් ශරීරයේම ගෑවා. අවසන් වශයෙන් ඖෂධ යොදාගෙන වස්ති කළා. මේ ඖෂධවල මාත්‍රාව නියම වුණේ රෝගියාගේ සහ ඔහු තුළ හට ගන්නා රෝගයේ මට්ටම අනුවයි. අද මා ඔබට දෙනවා සොරයිසිස් රෝගය සුව කිරීම සඳහා අත්දුටු කසායක්, ශෝධන දියරයක් සහ ආලේපනයක් සාදා ගන්නා අන්දම. 1. කසාය - අස්වැන්න, පොල්පලා, නෙරෙංචි, කටුවැල්බටු, එළබටු ගෙන මැටි මුට්ටියකට දමා වතුර කෝප්ප 8 ක් පුරවා 1 කෝප්පයට සිඳ අනුපාන වශයෙන් සහිඳ ලුණු සහ මී පැණි යොදා දිනකට කෝප්ප භාගය බැගින් උදේ සවස පානය කළ යුතුයි. මේ ප්‍රතිකාරය දින 15 ක් නොකඩවා කළ යුතුයි. ශෝධන දියරය, පාවට්ටා, ඇත්තෝර, අත්තික්කා පොතු නුගපොතු, බෝ පොතු, මාවේවැල්, කොහොඹ පොතු, ගංසූරිය පොතු, සහ කොළ, නිදිකුම්බා පස් පංගුව සමව ගෙන තම්බා පොතු කබර හටගත් තැන උදේ සවස සේදිය යුතුයි. මෙය මාස 3 ක් එක දිගට කිරීම වැදගත්. ආලේපය - අනිත්ත ගසේ පස්පංගුව සහ පාවට්ටා පස් පංගුව සමව ගෙන අඹරා දින 7 ක් උදේ සවස කබර ඇති ස්ථානවල ආලේප කළ යුතුයි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Sep 2017 03:48 AM සුද යැමේ රෝගය සුවකිරීමට ආයුර්වේදය සතුව ප්‍රතිකාර තිබෙනවා * කාන්තාවන්ට මෙතෙක් වැළඳෙන ශ්වේත ප්‍රදරය හෙවත් සුද යැමේ රෝගය ඇතිවීමට ප්‍රධාන හේතු ලෙස දැක්විය හැක්කේ මොනවාද? * ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - මෙම රෝගය වැළඳීමේ ප්‍රධානතම හේතුවක් ලෙස දැක්විය හැක්කේ සිරුරේ ඇතිවන අධික උෂ්ණාධික බවයි. විශේෂයෙන්ම උෂ්ණාධික ආහාර ගැනීම තුළින් සිරුරේ උෂ්ණාධික බව ඉහළ යැමෙන් මෙම සුද යැමේ රෝගී තත්ත්වය ඇතිවීමට හේතුවක් විය හැකියි. විශේෂයෙන්ම කාන්තාවන් විසින් සිදුකරන නොයෙක් වැරදි ක්‍රියාකාරකම් හා වැරදි සෞඛ්‍ය පුරුදු මෙම රෝගය ඇතිවීමට ප්‍රධාන ලෙසම බලපෑම් කරනු ලබනවා. මෙන්න මේ නිසා මෙම රෝගය වැළඳෙන රෝගයකට වඩා වැළඳ ගන්නා රෝගයක් යෑයි කීවොත් නිවැරැදියි. තමාගේ සනීපාරක්ෂාව නිවැරැදි ලෙස පවත්වා නොගැනීම, හොඳ සෞඛ්‍ය පුරුදු නොමැතිවීම, කෘමි ආසාදන (පණු රෝග) ලිංගික චර්යාවන්, වැඩිපුර සිටගෙන සිටීම හෝ වැඩිපුර හිඳගෙන සිටීමද, බර ඉසිලීම, පොදු වැසිකිළි හෝ අපිරිසිදු වැසිකිළි භාවිතය, බහු පුරුෂ සේවනය කියාද මෙම සුද යැමේ රෝගය ඇති වීමේ හේතු ලෙස දැක්විය හැකියි. * මෙම රෝගය සමගම වෙනත් රෝගයන්ද ඇතිවිය හැකිද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - ඇත්තටම මේ සුද යැමේ රෝගය සමඟ ඒ පසුපසට එන තවත් රෝග රැසක්ද තිබෙනවා. ඒ අතරින් ආහාර අරුචිය, මළ බද්ධය, විටින් විට අක්‍රමවත් ලෙස මළ පිටවීම සිදුවිය හැකියි. මීට අමතර ශරීරය ක්ෂය වීම, කැසීම් ඇතිවීම, පලු දැමීම හා විවිධ සමේ රෝග ඇතිවීම, පීනස තත්ත්වය වර්ධනය වීම, අර්ශස් රෝගය ඇතිවීම, හිස කැක්කුම, ශරීරයේ අප්‍රාණිකත්වය, අධික කේන්ති යැමද ඇතිවිය හැකියි. * මෙම රෝගය වැළඳුණු කාන්තාවන්ට ඇතිවන අපහසුතා ගැන සඳහන් කළොත්. * ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා මෙම රෝගය වැළඳුණු කාන්තාවන්ට විවිධාකාර ගැටලු තත්ත්වයන්ට මුහුණදීමට සිදුවෙනවා. විශේෂයෙන්ම යෝනි මාර්ගය අවට නිතර කැසීමේ තත්ත්වයක් ඇතිවීම, ඉකිලි ආශ්රිත ප්‍රදේශය දක්වාම එය පැතිරීම, නිතර නිතර මුත්‍රා ආසාදනවලට ගොදුරු වීම බහුලවම දැකිය හැකි අපහසුතාවනුයි. ඊට අමතරව පිරිස් අතර ගැවසීමේදී පොදු මගී ප්‍රවාහන සේවාවලදී, කාර්යාලයේදී, මෙවැනි රෝගී කාන්තාවන් දැඩි අපහසුතාවලට ලක්විය හැකියි. * මෙම රෝගී තත්ත්වය වැළඳුනු කාන්තාවන්ගේ රෝග ලක්ෂණ මොනවාද? * ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - සෑම කාන්තාවකටම සරු කාලයේදී ඩිම්බ පිටකිරීම සිදුකරන අතර එවැනි අවස්ථාවල පිටකරන ස්රාවයේ ගන්ධයක් හෝ වර්ණයක් නොමැත. නමුත් මෙම රෝගී තත්ත්වය වැළඳුණු විට ඇතැම් විට කිරි පැහැයටද තරමක උකු ස්‍රාවයක් ලෙසද පිටකිරීම සිදුකරනවා. තවද සුදු පැහැති ලෙස යෝනි මාර්ගය අවට පැතිරී පැවතීමද සිදුවිය හැකියි. මීට අමතරව රතු පැහැයට හා ලා රතු පැහැයටද, කහ මෙන්ම තද කහ පැහැයෙන්ද මෙම ස්රාවයන් පිටවිය හැකියි. එවිට එම කාන්තාවන්ට මෙම රෝගී තත්ත්වය වැළඳී ඇති බව තීරණය කළ හැකියි. * ශ්වේත ප්‍රදර රෝගය සුවකිරීම සඳහා ආයුර්වේදය සතුව ප්‍රතිකාර තිබෙනවාද? * ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - ශ්වේත ප්‍රදරය රෝගය සඳහා පමණක් නොව ඕනෑම රෝගයක් සඳහා ආයුර්වේදය සතුව ඖෂධ තිබෙනවා. විශේෂයෙන්ම කිව යුතුයි ආයුර්වේද ප්‍රතිකාර තිබෙන්නේ රෝග සුවපත් කිරීම සඳහා නොව එම රෝග නිට්ටාවටම සුව කිරීම සඳහායි. ඒ අනුව ශ්වේත ප්‍රදරය රෝගයටද ආයුර්වේදය සතුව ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. ඒ සඳහා රෝගීන් නිසි දැනුමක් සහිත වෛද්‍යවරයා තෝරා ගැනීම කළ යුතු වෙනවා. මෙම රෝගයට ප්‍රතිකාර කිරීමේදී ඒ හා සම්බන්ධ අනිකුත් රෝගාබාධයන්ද වැළඳී ඇත්දැයි නිවැරැදි පරීක්ෂාවකින් පසු රෝගීන්ට නිවැරැදි ප්‍රතිකාර ලබාදීමෙන් මෙය සුවකිරීමේ හැකියාව ආයුර්වේදයට තිබෙනවා. * විශේෂයෙන්ම කාර්යබහුල කාන්තාවන්ට ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීමේදී ඒවා සොයා ගැනීමේ අපහසුව තිබෙනවා නේද? * ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - වර්තමානයේ ආයුර්වේද ඖෂධ වෙනදා මෙන් සොයා යැම අවශ්‍ය නොවේ. මන්ද දැන් සියලුම ඖෂධ සකස් කළ ඒවා ලෙස තිබෙන නිසා ඕනෑම කාර්යබහුල අයෙකුට මෙම ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුව දැන් තිබෙනවා. එම නිසා ඕනෑම රෝගියකුට දැන් කිසිදු අපහසුවකින් තොරව ආයුර්වේද ප්‍රතිකාර කරා යොමු වීමෙන් රෝග සුවකර ගැනීමේ හැකියාව පවතිනවා. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Sep 2017 03:52 AM කන කෑම ඇඟට නොඅල්ලන ඇනොරෙක්සියා රෝගය ප්රශ්නය - අනුභව කරන ආහාර ඇඟට නොඇල්ලීම නිසා හට ගන්නා කෘෂ භාවය ගැන පසුගිය සතියේදී අප ඔබ සමඟ කතා කළා. ඒ අතර තවත් යමක් පැහැදිලි කර දිය යුතුයි. ඇඟ කෙට්ටු කරන රෝගයකුත් තිබෙනවා නේද? වෛද්‍ය අයේෂා කළුආරච්චි - Anorexia කියල ඉංග්‍රීසියෙන් හඳුන්වන රෝගයක් තිබෙනවා. මෙයට අක්ෂුධාව යන ආයුර්වේද නම යොදනවා. මෙහිදී සිදුවන්නේ අදාළ පුද්ගලයා සිය කැමැත්තෙන්ම ආහාර ගැනීමෙන් වැළකී සිටීමයි. මෙය මානසික ප්‍රශ්නයක් ලෙස සැලකෙන අතර, නූතන යුගයේ තිබෙන භයානකම මානසික රෝගයක් බවයි කියෑවෙන්නේ. ප්රශ්නය මෙය හට ගන්නේ කොහොමද? වෛද්‍ය අයේෂා කළුආරච්චි - සමහරු ශරීරයේ හැඩය පවත්වා ගෙන යැම සඳහා අඩුවෙන් කෑම ගෙන වැඩියෙන් ව්‍යායාම කරන්නට පුරුදු වෙනවා. මෙහෙම කල් ගතවේගෙන යන විට එය පුරුද්දක් බවට පත්වෙනවා. ඊළඟට මේ තත්ත්වය මනසට කි¹ බහිනවා. තවත් කල් ගත වෙද්දී තමන්ගේ ශරීරය කොතරම් කෘෂ වුණත් ආහාර අඩු කිරීම සහ දැඩි ලෙස ව්‍යායාම කිරීම එසේම පවත්වාගෙන යැමට ඔවුන් උත්සුක වෙනවා. අනොරෙක්සියා රෝගය හුඟක් තද වුණාම කන්න බැරිව යනවා. කාපු ගමන් මළ පහ වෙනවා. බඩ බුරුලට යනවා. ප්රශ්නය - මෙය වැළඳීමට බලපාන වෙනත් හේතු මොනවද? වෛද්‍ය අයේෂා කළුආරච්චි - අධික විඩාව, ආතතිය යන කාරණා නිසා හටගන්නා හෝමෝන වෙනස්කම් නිසා මෙය හට ගන්නට පුළුවන්. විභාගවලට පාඩම් කිරීමේදී හටගන්නා පීඩනය, පාසලේදී හෝ කාර්යාලය තුළ දී අන් අයගේ උසුළු විසුළුවලට ලක්වීම නිසා හටගන්නා මානසික නොපහන්භාවය යන කරුණුත් එයට බලපානවා. නොමිලේ විස්තර සඳහා - 0766739977, 011-5708567 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Sep 2017 03:54 AM කුරුලෑව ගැන ඔබ නොදත් කතාවක් ප්රශ්නය - වාතය සහ පිත මූලික කරගත් කුරුලෑ ගැන අප පසුගිය සතියේ කතා කළා. අද අප ඔබෙන් විමසන්නේ කප මූලික කරගත් කුරුලෑ තත්ත්වය ගැනයි. වෛද්‍ය චූලා විඡේරත්න - ශරීරයේ තෛලමය සංයුතිය ඉහළ යැම සහ කප දොaෂය කෝප වීම අතර සම්බන්ධයක් තිබෙනවා. ඒ නිසා කප දොaෂය සමතුලිත මට්ටමක තබා ගැනීම කළ යුතුයි. ප්රශ්නය - ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? වෛද්‍ය චූලා විඡේරත්න- මුලින්ම කළ යුත්තේ සැහැල්ලු ආහාර ගැනීමයි. ඒ අතර කිරි ආහාර ගැනීම හැකි තරම් අඩු කළ යුතුයි. ආහාර ගන්නා අතර උණුසුම් ඉඟුරු තේ පානය කළ හැකි නම් එය ආහාර ජීර්ණ ක්‍රියාවලිය උත්තේජනය කරන්නක් විය හැකියි. හැබැයි එම ඉඟුරු තේ කිරි මිශ්‍ර නොකළ පානයක් විය යුතුයි. නිතරම බෝංචි ආහාරයට ගන්න. එමගින් අතිරේක කප වියෑළී යැම සිදුවනවා. ඇපල්, පෙයාර්ස්, දෙළුම්, ඇප්රිකොට් යන පළතුරු වර්ග ඉතාම සුදුසුයි. ඒ අතර කෙසෙල්, අලිගැටපේර, අන්නාසි, දොඩම්, පැණි කොමඩු, රට ඉඳි වැනි අධි පෝෂණීය පලතුරු වර්ගවලින් වැළකී සිටිය යුතුයි. පොල් ආහාර යට ගැනීම හැකි තරම් අඩු කරන්න. එළවළු වර්ග වැඩි වැඩියෙන් ආහාරයට ගැනීම වැදගත් වන අතර, බතල සහ තක්කාලි වැනි පැණිරස ගුණයෙන් යුතු කෑම අත්හල යුතුයි. ගම්මිරිස්, මිරිස්, අබ , ඉඟුරු යනාදිය ඔබේ ආහාරයට එක් කර ගන්න. තෙල් හැකි තරම් අඩුවෙන් ආහාරයට ගන්න. බාර්ලි, ඉරිඟු වැනි ධාන්‍ය වර්ග කප දොaෂය සහිත රෝගියාට ගුණදායක වන අතර බත් කෑම හැකි තරම් අඩු කළ යුතුයි. ඔබේ ආහාරයට කෘත්‍රිම වර්ණක, කෘත්‍රිම රස කාරක වැනි දේ මිශ්‍ර වී තිබේ නම් එම ආහාර පරිභෝජනයට නොගත යුතුයි. රසායනික ද්‍රව්‍ය නොයෙදූ ආහාරවලට යොමු වීමෙන් වැදගත් ප්‍රයෝජන ලබාගත හැකියි. හැකි තරම් වතුර බොන්න. ඒ සමඟම විඩාපත් වූ විට එක දිගට වැඩ නොකර මහන්සිය පහව යන තුරු පැත්තකට වී සිටීම ඉතා වැදගත්. මස් ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය හැකි නම් ඉතාම හොඳයි. ඒ වගේම බිත්තර සහ මාළු වලින් වැළකී සම්පූර්ණයෙන්ම නිර්මාංශ විය හැකි නම් හොඳයි. නොමිලේ විස්තර සඳහා - 0766739977, 011-5288055 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Sep 2017 04:03 AM මොකද්ද මේ පාකින්සන් රෝගය? ප්රශ්නය - අද ඔබ සමඟ අප කතා කරන්නට අදහස් කරන්නේ Parkinson නමැති රෝගය ගැනයි. මෙයට වසර 30 කට පෙර පාකින්සන් නමින් රෝගයක් ගැන මේ රටේ ජනයා දැන ගෙන හිටියේ නැහැ. එහෙත් අද වන විට මේ රෝගය ගැන නිතර කියෑවෙනවා. මොහොමඩ් අලි නමැති බොක්සිං ශූරයාට මේ රෝගය හැදුනා. රොනල්ඩ් රේගන් නමැති ඇමරිකන් ජනාධිපතිවරයාට මෙය වැළඳුනා. දැන් ඒ දෙදෙනාම මිය ගිහින්. මොකද්ද මේ පාකින්සන් රෝගය? වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - මෙය වසර දහස් ගණනක් පැරැණි රෝගයක්. ආයුර්වේදය තුළ මේ රෝගය සහ එයට ප්‍රතිකාර එදා සිටම තිබුණා. මේ රෝගයට කියන ආයුර්වේද නම කම්පවාන. මෙහිදී සිදු වන්නේ රෝගියාගේ අත් පා වෙව්ලන්නට පටන් ගැනීමයි. මෙය අනිච්ඡානුගතව, එනම් ඉබේම හට ගන්නා වෙව්ලීමක්. ඒ නිසා රෝගියාට දෛනික කටයුතු කරගෙන යන්නට බැරි වෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාව තුළ මෙයට බෙහෙත් තිබෙනවාද කියලා මා දන්නේ නැහැ. එහෙත් ආයුර්වේද ප්‍රතිකාර මගින් ඉතා සාර්ථකව මෙය සුව කරන්න පුළුවන්. ප්රශ්නය - මේ පිළිබඳ බටහිර විද්‍යාත්මක නිර්වචනය කුමක්ද? වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - මධ්‍ය ස්නායු පද්ධතියේ හටගන්නා රෝගී තත්ත්වයන් නිසා පෞද්ගලික ක්රියාත්මකභාවය කඩාකප්පල් වන බව තමයි බටහිර විද්‍යාව මගින් කියන්නේ. (මෙය ඉතා දීර්ඝ උත්තරයක කෙටි අදහසකි) මෙහි රෝග ලක්ෂණ ඉතා සෙමින්, ඉතා ක්‍රමානුකූලව දිගු කාල පරාසයක් තිස්සේ මතු වෙන්නට පටන් ගන්නවා. සර්වාංගය වෙව්ලීම, ශරීරයේ දැඩි බව හෙවත් අත් පා එහා මෙහා කරන විට ඇතිවන දුෂ්කරතාව ඇවිද ගන්න බැරි වීම තමයි ප්රමුඛ රෝග ලක්ෂණ. එයට සමානුපාතිකව සිතුවිලිවල වෙනස්කම් ඇති වෙනවා. නිතර අමතක වෙනවා. මෙය වර්ධනය වී Dementia නමැති රෝග තත්ත්වය හටගන්නවා. මේ දැන් කළ දේ ඊළඟ මොහොතේදී අමතක වීමෙන් රෝගියා ලොකු අමාරුවක වැටෙනවා. ඊළඟට ආතතිය සහ අසහනය හට ගන්නවා. සංවේදීතාව කඩාකප්පල් වෙනවා. නින්ද නැතිවීම මානසික ප්‍රශ්න හට ගන්නවා. ප්රශ්නය - මේ රෝගයට හේතුව කුමක්ද? වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව නම් එයට හේතුවක් නැහැ. සමහර පර්යේෂකයන් විශ්වාස කරන්නේ ජානමය විකෘති සහ පාරිසරික හේතු නිසා මෙය හටගන්නා බවයි. පවුලක එක් අයකුට මේ රෝගය තිබෙනවා නම් අනෙකාටත් එය හැදෙන්නට පුළුවන්. ඒ රෝගය බෝවන නිසා නොව ජානමය උරුමය නිසා විය හැකියි. සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Sep 2017 04:07 AM ආත්රයිටිස් රෝගීනට සාරණ හරිම ගුණයි ප්රශ්නය - ඔස්ටියෝ ආත්රයිටිස් රෝගය ගැන නැවත වරක් සිහිපත් කර දීමේ ලිපියක් අප පසුගිය සතියේ ලිව්වා. වෛද්‍ය වසන්ත උදයජීව - මෙහිදී වැදගත් කරුණක් මතක් කර දිය යුතුයි, පාඨකයාගේ දැන ගැනීම පිණිස. ඔස්ටියෝ ආත්රයිටිස් නරක්කර ගත්තොත් උකුල් ඇටය සහ දණහිස් පොල්කටුව සැත්කමක් මගින් බද්ධ කිරීමට සිදු වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් වසර 2015 දී ඇමරිකානුවන් හයලක්ෂයකට අලුතෙන් උකුල් ඇට බද්ධ කරන්නට සිදුවුණා මේ රෝගය නිසා. ඒ වගේම ඇමරිකානුවන් දහහතරලක්ෂයකට අලුතින් දණහිස් පොල්කටු බද්aධ කිරීමට සිදුවුණා. මා ඇමරිකාව උදාහරණයට ගත්තේ ඒ රටේ සෞඛ්‍ය ක්ෂේත්රය තුළ හැම දෙයක් ගැන ම සංඛ්‍යාලේඛන තිබෙන නිසයි. ලංකාවේ එවැනි තත්ත්වයක් නැති නිසා උදාහරණයට ගන්න බැහැ. ප්රශ්නය- මේ රෝගය සම්බන්ධයෙන් ආයුර්වේද ප්‍රවේශය කුමක්ද? වෛද්‍ය වසන්ත උදයජීව - ආයුර්වේදය කියන්නේ නැහැ කිසිද ුරෝගයක් සුව කරන්න බැහැ කියලා. ඕනෑම රෝගයක් එක්තරා අවස්ථාවකදී සුව කරන්නට ආයුර්වේදයට පුළුවන්. ඒ නිසයි ආයුර්වේදයේදී කියන්නේ ඕනෑම රෝගයක් ආරම්භයේදී වෛද්‍යවරයා හමුවෙන්න කියලා. ඒ වගේම ආයුර්වේදයේ කියෑවෙනවා ඕනෑම ලෙඩකට ශාකසාර ඖෂධ තිබෙන බව. මෙයට වසර දහස් ගණනකට පෙර ජීවත් වූ දක්ෂ ආයුර්වේද වෛද්‍යවරයකු වූ රාවණ රජතුමා හඳුනාගෙන තිබෙනවා ශාක වර්ග 5999 ක් ලෙඩ රෝග 5999 කට බෙහෙත් වශයෙන් යොදා ගත හැකි බව. ශාකසාර ඖෂධ වගේම භාවනා ක්‍රම සහ යෝග අභ්‍යාසත් ආයුර්වේද ප්‍රතිකාරයට එකතු වනවා. ඔස්ටියෝ ආත්රයිටිස් රෝගය ගත්තොත් එයට ඉතාම හොඳ ප්‍රතිකාරයක් වශයෙන් ක්රියාකරන්නට සාරණවලට පුළුවන්. ආත්රයිටිස් ප්‍රදාහය ඇති කරන ප්රමුඛ එන්සයිමය වන 5-lipoxygenase පරදවන්නට සාරණවලට පුළුවන්. ඒ වගේම කහවලට පුළුවන් Lipoxygenase, cyclo oxygenase, phospholipase 2 යන එන්සයිම පරදවන්න. අශ්වගන්ධ හෙවත් අමුක්කරාවලට පුළුවන් ආත්රයිටිස් ප්‍රදාහය ඇති කරන අංශු විනාශ කරන්නට. ඉඟුරු, අරළු, බුලු, නෙල්ලි යන ඖෂධ තුළත්a ඉහත සඳහන් ගුණය තිබෙනවා. ආත්රයිටිස් ඖෂධවලට හාතවාරිය ඇතුළත් කළාම ශරීරයට සිසිල් ගුණය ලැබෙනවා. භාවනාව මගින් පුළුවන් ආත්රයිටිස් වේදනාවට එරෙහිව හිත යොදවලා එය දමනය කරන්නට. ඒ වගේම රෝගය නිසා හටගන්නා ආතතිය නැති කරන්නටත් භාවනාවට පුළුවන්. ප්රශ්නය - හැම සතියේම ඔබ අපට කසායක් දෙනවා. ඒ මගින් ආත්රයිටිස් වේදනාව නැතිකර දීම තමයි අරමුණ. හැබැයි රෝගය නිට්ටාවට සුව කර ගන්න නම් ඖෂධ පන්තියක් පාවිච්චි කළ යුතුයි. ඔබ අපට මෙවර දෙන කසාය කුමක්ද? වෛද්‍ය වසන්ත උදයජීව - අරළු, කලාඳුරු අල, පාවට්ටා මුල්, කිරිබදු අල, හාතවාරිය අල, රසකිඳ, බැවිල මුල් කලං 2 බැගින් ගෙන වතුර කෝප්ප 8 කට දමා, එය කෝප්ප 1 ට සිඳ පෙරා අනුපාන වශයෙන් සීනි හෝ මී පැණි දමා උදේ සවස කෝප්ප භාගය බැගින් දින 12 ක් පානය කළ යුතුයි. එනම් කසාය හැලි 12 යි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Sep 2017 04:13 AM තයිරොයිඩයට හැදෙන වෙන පිළිකා මොනවද? ප්රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමඟ සාකච්ඡා කළේ පැපිලරි කාසිනෝමා නමැති තයිරොයිඩ් පිළිකා තත්ත්වය ගැනයි. තයිරොයිඩ් ග්‍රන්ථියේ හට ගන්නා පිළිකා වර්ග අතුරින් වැඩියෙන්ම සුවපත් කළ හැක්කේ පැපිලරි කාසිනෝමාව බව ඔබ අපට පැහැදිලි කළා. තයිරොයිඩ් ග්‍රන්ථියට වැළඳෙන සෙසු පිළිකා වර්ග ගැන නැවත මතක් කර දිය හැකිද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - Anaplastic thyroid cancer, Medullary thyroid, follicular thyroid යනුවෙන් තව වර්ග 3 ක් තිබෙනවා. මෙයින් පළමු වන වර්ගය වන Anaplastic පිළිකාව ඉතාම සංකීර්ණයි. එහි ව්යqහයේ තිබෙන අවුල් සහගත ස්වරූපය නිසා රෝග නිශ්චය ඉතාම දුෂ්කරයි. ඒ වගේම එයට බෙහෙත් අහන්නේ නැති ගතියක් තිබෙනවා. මෙහි ආක්‍රමණශීලී ස්වභාවය ඉතාම වැඩියි. ඒ අනුව පිළිකාව තිබෙන ප්‍රදේශයේ අවට ඇති සෛල ඉතා ඉක්මනින් විනාශ කරමින් පැතිර යන්නට එයට පුළුවන්. මේ සියලු කරුණු සලකා බලන විට එය සුව කිරීමේ සම්භාවිතාව ඉතාම අඩුයි. එනම් 7% - 14% වගේ ප්‍රමාණයක්. කොහොම වුණත් මෙය හට ගන්නා මුල් අවධියේදී හඳුනාගත් විට සුව කරන්න පහසුයි. ප්රශ්නය - නවීන වෛද්‍ය විද්‍යාව තුළදී මෙය සුව කරන්න යොදා ගන්න ප්‍රතිකාර මොනවද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - විකිරණ ප්‍රතිකාර සහ රසායනික ප්‍රතිකාර යන දෙක මේ සඳහා යොදා ගන්නවා. ප්රශ්නය - මෙය හට ගැනීමට හේතු මොනවද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - විකිරණයට නිරාවරණය වූ හෝ විකිරණ ප්‍රතිකාරවලට නිරාවරණය වූ අයට (හිසට හෝ ගෙලට) ඇනාප්ලාස්ටික් පිළිකාව හැදෙනවා. එවැනි නිරාවරණයන් හෝ ප්රතිකාරවලින් වසර 5 සිට 20 දක්වා කාලය තුළදී මේ පිළිකාව හට ගන්නට පුළුවන්. ප්රශ්නය - මෙහි රෝග ලක්ෂණ මොනවද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - අනෙක් තයිරොයිඩ් පිළිකාවලට පොදු රෝග ලක්ෂණ, එනම් ගෙල ඉදිරිපස ගෙඩියක් හට ගැනීම, ස්වරභංගය හෙවත් හරි හැටි කතා කර ගන්නට බැරි වීම, ගෙල ප්‍රදේශයේ ග්රන්ථීන් ඉදිමීම, ආහාර ගිලීමට අපහසු වීම, හුස්ම ගැනීමට අපහසු වීම, උගුර සහ ගෙල ප්‍රදේශවල වේදනාවක් හට ගැනීම, සෙම්ප්‍රතිශ්‍යාවට සම්බන්ධ නැති වේලුම් කැස්සක් නිතර හට ගැනීම වැනි දේවලට රෝගියා මුහුණ දෙනවා. ප්රශ්නය - මේ රෝගයට ප්‍රතිකාර කරන විට ඔබ නූතන වෛද්‍ය විද්‍යාවේ එන විද්‍යාගාර වාර්තා හෝ චිකිත්සක වාර්තා සැලකිල්ලට ගන්නවද? වෛද්‍ය වික්‍රමාරච්චි - ඔව්. නවීන විද්‍යාව හරි දියුණුයි. ඒ මගින් රෝග හඳුනාගැනීමටත්, එම රෝගය පවතින අවස්ථාව (Stage) හඳුනා ගැනීමටත් එමගින් පුළුවන්. ඒ නිසා එවැනි වාර්තා කියවා බැලීමටත්, රුධිර පරීක්ෂණ වාර්තා කියවීමටත් දේශීය වෛද්‍යවරයා මෙන්ම ආයුර්වේද වෛද්‍යවරයාත් දැන ගත යුතුමයි. තමන්ට ආවේණික වෛද්‍ය ක්‍රමය පහසුවෙන් පරිහරණය කරන්නට එය ලොකු උදව්වක් විය හැකියි. විය යුත්තේත් එයම තමයි. නොමිලේ විස්තර සඳහා 0713464276/ 0759061771 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 09 Sep 2017 10:52 PM ඇනොරෙක්සියා රෝගයනං දෙයියනේ කියල නැහැ බත් ඇටයක් කෑවත් හොදට ඇගට අල්ලනවා 0 chamaramindMost Senior MemberPosts:13471 10 Sep 2017 08:23 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 Sep 2017 08:30 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 Sep 2017 08:58 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 hasithadSuper Senior MemberPosts:5795 10 Sep 2017 09:04 AM ලේ බැංකුව සම්බන්ද ලිපිය ඔන්න අපේ හාමිනේටත් පෙන්නුවා. එයාලගේ රාජකාරියත් ලේ එක්ක හින්දා. 0 chamaramindMost Senior MemberPosts:13471 10 Sep 2017 06:05 PM අම්ල පිත්ත රෝගය පාලනය කරගන්නා අයුරු අපට කුසගිනි දැනෙන්නේ ආමාශයේ අම්ල ශ්‍රාවී සෛල මගින් හයිෙඩ්‍රාක්ලෝරික් අම්ලය (HCL) ශ්‍රාවය වන විටදීය. එවිට අප ආහාර ලබාගත යුතු බව මොළය මගින් දැනුම් දෙන්නේ කුසගිනි ඇති කරමිනි. එම අවස්ථාවේදී අප ආහාර නොගත්ත ද ආමාශය තුළ දිගින් දිගටම අම්ල ශ්‍රාවය වේ. මෙසේ ආහාර නොමැති හිස් ආමාශය තුළට දිගින් දිගට අම්ල ශ්‍රාවය වීම මගින් ආමාශයේ ඇතුළත ශ්ලේෂ්මල පටලය තුවාල වේ. අම්ල පිත්ත රෝගය හෙවත් ගැස්ට්‍රයිටිස් (Gastritis) රෝගයට ගොදුරු වන පිරිස් දිනෙන් දින වැඩිවීමක් දක්නට ලැබේ. ළමා, තරුණ, මහලු කියා වයස් භේදයකින් තොරව මෙම රෝගයට ගොදුරුවීමට බලපා ඇති හේතුව කුමක්දැයි කියා අපි විමසා බලමු. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව අම්ල පිත්ත ලෙසත් අනෙකුත් වෛද්‍ය ක්‍රමවලට අනුව ගැස්ට්‍රයිටිස් ලෙසත් හඳුන්වන මෙය ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිතව හටගන්නා රෝගයකි. ආමාශය, ගලනාලය, ග්‍රහණිය ආදී ඉන්ද්රියයන් මෙම රෝගය නිසා පීඩාවට පත්වේ. එසේ පීඩාවට පත්වන්නේ ආහාර ජීර්ණයට අදාළ හයිෙඩ්රාක්ලොරික් (HCL) අම්ලය ශ්‍රාවයේ ඇතිවන වෙනස්කම් හේතුවෙනි. එවිට ආමාශයේ ඇතුළත බිත්තිවලට (Mucous Membrane) හානි සිදුවීමෙන් ආසාදන හටගනී. මෙය අම්ල පිත්ත රෝගයේ එක් අවස්ථාවක් ලෙස සරලව හැඳින්විය හැකිය. අප ගන්නා ආහාර ගලනාලයෙන් ආමාශයට ඇතුළුවන තැන කපාටයක් පවතී. එමගින් ආමාශය තුළ තිබෙන ආහාර ගලනාලයට පැමිණීම වළක්වාලනු ලබයි. මෙම කපාටය ක්‍රියාකාරිත්වයේ ඇතිවන යම් යම් අසාමාන්‍යතා නිසා ආමාශය තුළ තිබෙන අම්ලය ගලනාලයට අසාමාන්‍ය ලෙස ගලායැමක් ද සිදුවේ. මෙහිදී ගලනාලයේ ඇතුළත බිත්තිවලට හානි සිදුවීමෙන් ගලනාලය ආසාදනය වීම, උගුර දැවිල්ල, ඔක්කාරය, වමනය ආදිය ඇති වේ. මෙලෙස අසාමාන්‍ය ලෙස අම්ල ශ්‍රාවය නිසා ග්‍රහණියේ ඇතුළත බිත්ති හානිවීම හා ආසාදනයට ලක්වීම ද සිදු වේ. මෙය ද අම්ල පිත්ත රෝගයේ එක් අවස්ථාවකි. අම්ල පිත්ත රෝගය ඇතිවීමට බලපාන හේතු අම්ල පිත්ත රෝගය ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම බලපානුයේ නියමිත වේලාවට ආහාර නොගැනීමය. මෙය දීර්ඝකාලීනව පැවතීමෙන් ඉහත සඳහන් කළ ආසාදන හටගනී. අපට කුසගිනි දැනෙන්නේ ආමාශයේ අම්ල ශ්‍රාවී සෛල මගින් හයිෙඩ්‍රාක්ලෝරික් අම්ලය (HCL) ශ්‍රාවය වන විටදීය. එවිට අප ආහාර ලබාගත යුතු බව මොළය මගින් දැනුම් දෙන්නේ කුසගිනි ඇති කරමිනි. එම අවස්ථාවේදී අප ආහාර නොගත්ත ද ආමාශය තුළ දිගින් දිගටම අම්ල ශ්‍රාවය වේ. මෙසේ ආහාර නොමැති හිස් ආමාශය තුළට දිගින් දිගට අම්ල ශ්‍රාවය වීම මගින් ආමාශයේ ඇතුළත ශ්ලේෂ්මල පටලය තුවාල වේ. නියමිත වේලාවට ආහාර නොගැනීමට අමතරව ස්ටෙරොයිඩ් වැනි ඖෂධ වර්ග දිගු කාලයක් ගැනීම (ශ්වසන රෝග සඳහා ගනු ලබන ඖෂධ) නිසා ද අම්ල ශ්‍රාවය උත්තේජනය වීමෙන් අම්ල පිත්තය හටගැනීමට බලපායි. ඊට අමතරව නිතර තෙල් මිරිස් අධික ආහාර ගැනීම නිසා ද අම්ල ශ්‍රාවී සෛල උත්තේජනයට ලක්වේ. බැක්ටීරියා ආසාදනය (Helicobacter pylori) මානසික ආතතිය, මද්‍යසාර භාවිතය නිසා ද අම්ල පිත්තය ඇතිවීමට බලපාන තවත් හේතු ලෙස දැක්විය හැකිය. අම්ල පිත්තය දැනුම් දෙන රෝග ලක්ෂණ අම්ල පිත්තය ඇති පුද්ගලයන්ට බහුලව මතුවනුයේ ආහාර ගැනීමෙන් පසු බඩ පුරවා දැමීම, කටට තිත්ත හෝ ඇඹුල් රස දැනීම, උදරයේ ඉහළින් හෝ වම්පස මැදට වන්නට වේදනාව හටගැනීම, බඩ පුරවා දැමීම, වමනය, ඔක්කාරය, ආහාර දිරවීමේ අපහසුතා, මළබද්ධය ආදියයි. මෙවැනි අවස්ථාවලදී නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවී රෝගය තවදුරටත් වර්ධනය වුවහොත් ආමාශ බිත්තියේ සියුම් ලේ ගැලීම් හටගැනීම, තුවාල හටගැනීම (Gastric ulcer) දක්වා රෝගය උත්සන්න වේ. අවසානයේදී ශරීරයට අවශ්‍ය පෝෂක කොටස් ආහාර මගින් උරාගැනීමට නොහැකි මට්ටමට පත්වීම හා රුධිර වහනය වීම නිසා රක්ත හීනතාවට (Anemia) පත්විය හැකිය. අම්ල පිත්තය සුවකර ගැනීම යම් පුද්ගලයකු අම්ල පිත්ත රෝගයට ගොදුරුවීමේ පසුබිමක පසුවේ නම් එවැනි පුද්ගලයන් වහාම ඉන් මිදීමට අවශ්‍ය පියවර ගත යුතුය. නිසි වේලාවට ආහාරපාන ගැනීම අධික තෙල් මිරිස් සහිත ආහාර ගැනීම සීමා කිරීම, මද්‍යසාර භාවිතය වැළැක්වීම, මානසික ආතතිය පාලනය කරගැනීමට පියවර ගත යුතුය. අම්ල පිත්ත රෝගය ඇතිවීමේදී මතුවන මුල්ම රෝග ලක්ෂණ හඳුනාගත් වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත්ය. අම්ල පිත්ත රෝගය ආයුර්වේද ඖෂධ ප්‍රතිකාර මගින් සාර්ථකව පාලනය කරගත හැකිය. වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0774941118 මගින් වෛද්‍යතුමිය ඇමැතිය හැකිය. ආයුර්වේද වෛද්‍ය කුමුදුනී ද සිල්වා සෙත්සුව ආයුර්වේද රෝහල, බටලන්ද සංස්කරණය උපාලි ද සේරම් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 46 of 137 << < 4445464748 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner