Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 47 of 137 << < 4546474849 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 10 Sep 2017 06:23 PM ලිංගික හෝමෝන ඌණතා මතුවීම වර්තමානයේ අප ඉතා බහුලව කතා කරන මාතෘකාවක් බවට මඳසරුභාවය පත්ව ඇත. මේ පිළිබඳව කතාබහ කරන්න හේතු වන්නේ විවාහයෙන් පසු දරුවන් බලාපොරොත්තුව සිටින විට එය වසරකින් දෙකකින් ප්‍රමාද වන විටදීය. එවැනි අවස්ථාවකදී කාන්තාවගේ ඩිම්බ නිපදවීම පිළිබඳවත් පිරිමියාගේ ශුක්‍රාණු නිපදවීම පිළිබඳවත් වෛද්‍ය පරීක්ෂාවට යොමු වේ. එහිදී ලැබෙන ප්‍රතිඵලය අනුව මඳසරු බව තිබෙනවාද නැතිද කියා හඳුනාගත හැකිය. වෛද්‍යතුමනි, මඳසරු බව කියන්නේ කුමක්ද? මඳසරු බව පිළිබඳව සරලව පැහැදිලි කළොත් යුවළකට දරුවන් ලැබීම ප්‍රමාද වීමය එය කාන්තාවකගේ ඩිම්බ නිපදවීම හෝ පුරුෂයකුගේ ශුක්‍රාණු නිපදවීමේ ගැටලු නිසා හෝ ඩිම්බ හා ශුක්‍රාණු සංසේචනය ඇතිවීමට බාධා වීම නිසා දරුඵල ලැබීම ප්‍රමාදවීමය. වෛද්‍යතුමනි, ඩිම්බ සහ ශුක්‍රාණු නිපදවීම දුර්වල වීමට බලපාන හේතු මොනවාද? ඩිම්බ සහ ශුක්‍රාණු නිපදවීම දුර්වලවීමට ලිංගික හෝමෝනවල ඌණතා හෝ වෙනත් හෝමෝන වර්ග විශේෂයෙන් තයිරොයිඩ් රොලැක්ටින් වැනි හෝර්මෝනවල අසාමාන්‍යතාවයක් හෝ ඩිම්බකෝෂ හෝ වෘක්ෂණ හි උපතින්ම හෝ පසුව ඇතිවන වෙනත් රෝගාබාධ හේතු විය හැකිය. (Hypogonadism) කාන්තාවකගේ ලිංගික ලක්ෂණ ඇතිවීමට ඊස්ට්‍රජන් හෝමෝනය අවශ්‍යයි. එම හෝමෝනය නිපදවනු ලබන්නේ ඩිම්බ කෝෂය තුළයි. පිරිමියකුගේ පුරුෂ ළක්ෂණ සඳහා ටෙස්ටොස් ටෙරොන් හෝමෝනය උපකාරි වෙනවා. එම හෝමෝනය වෘෂණ කෝෂ තුළ නිපදවෙනවා. මෙම හෝමෝන දෙක නිපදවීම පාලනය වන්නේ පිටියුටරි ග්‍රන්ථිය මගිනි. ඉන් නිපදවෙන LH සහ FSH යන හෝමෝන ඒ සඳහා දායක වෙනවා. ටෙස්ටොස්ටෙරොන් හෝමෝනය උත්තේජනය සහ ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවීම පාලනය සඳහා LH හෝමෝනය බලපානවා. ශුක්‍රාණු නිපදවීම සහ ඩිම්බ නිපදවීම උත්තේජනය සඳහා FSH හෝමෝනය බලපානවා. කාන්තාවකගේ ඩිම්බ කෝෂයෙන් ඊස්ට්‍රජන් හෝමෝනය ශ්‍රාවය කරන සෛලවල හෝ පිරිමියකුගේ වෘෂණ කෝෂයෙන් ටෙස්ටොස්ටෙරොන් හෝමෝනය ශ්‍රාවය කරන සෛලවල දුර්වලතාවක් ඇත්නම් එය ප්‍රාථමික ලිංගික හෝමෝන දුර්වලතාවක් (Primary Hypogonadism) ලෙස හඳුන්වනවා. පිටියුටරි ග්රන්ථියෙන් නිපදවන LH සහ FSH හෝමෝන නිපදවීමේ පවතින ඌණතාවයක් ඇති විට එය ද්විතීයික ලිංගික හෝමෝන දුර්වලතාවක් (Secondary Hypogonadism) ලෙස හඳුන්වනවා. වෛද්‍යතුමනි, මෙම හෝමෝන ඌණතා ඇතිවීමට බලපාන හේතු මොනවාද? ප්‍රාථමික ඌණතා උපතින්ම ඇතිවිය හැකියි. ඊට අමතරව කාන්තාවන්ගේ බඩවැල්හි ඇති වූ පිළිකා සඳහා සිදුකළ සැත්කම් නිසාත් පිරිමින්ගේ වෘෂණ කෝෂ අනතුරකට ලක්වී හානි සිදු වූ විටත් ඩිම්බ කෝෂයේ සහ වෘෂණ කෝෂයේ සෛල හානියට ලක්කිරීම හෝ අඩපණ කිරීම බලපාන ප්‍රතිදේහ ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය තුළින් නිපදවීම (Autoimmune) සිදුවන විටත් පිළිකා සඳහා භාවිත කරන ඇතැම් ඖෂධ මගින් ඩිම්බ කෝෂයේ සහ වෘෂණ කෝෂයේ සෛල හානියට ලක්වීම නිසාත් ප්‍රාථමික ඌණතා ඇතිවෙනවා. කම්මුල්ගාය රෝගය උත්සන්න වී එය වෘෂණ කෝෂවලට බලපෑ විටදී වෘෂණ කෝෂයේ සෛල හානියට ලක්වීම නිසාත් ප්‍රාථමික ලිංගික ඌණතා මතුවෙනවා. ද්විතීයික ඌණතා ඇතිවීම සඳහා බලපාන්නේ පිssටියුටරි ග්‍රන්ථියේ ඇතිවන දුර්වලතාවන්ය. එහිදී පිටියුටරි ග්‍රන්ථියේ උපතින්ම ඇතිවන දුර්වලතාවයන් (Kallmann Syndrome) වැනි LH සහ FSH හෝමෝන නිපදවීමේ ඌණතාවක්, පිටියුටරි ග්‍රන්ථියේ ගැටිත්තක් ඇතිවීම, විකිරණ ප්‍රතිකාර සහ පිටියුටරි ග්‍රන්ථියට හානි සිදුවීම, පිටියුටරි ග්‍රන්ථියේ සිදුකළ සැත්කමක් නිසා හෝ ක්ෂය රෝග විෂබීජ හෝ එච්. අයි. වී. වෛරස ආසාදන නිසා පිටියුටරි ග්‍රන්ථියේ ඌණතා හටගත හැකියි. වෛද්‍යතුමනි, ලිංගික හෝමෝන ඌණතාවයක් ඇති විට මතුවන රෝග ලක්ෂණ මොනවාද? ලිංගික හෝමෝන ඌණතාවයකදී (Hypogonadism) පිරිමි දරුවන් තුළ දැකිය හැකි ලක්ෂණ වනුයේ ඔවුනගේ ලිංගේන්ද්‍රිය නිසි ලෙස වර්ධනය නොවීම, නව යොවුන් වියේදී නිසි ලෙස රැවුල වැවීම සිදු නොවීම, කටහඬ ගොරෝසු වීම සිදු නොවීම, පියයුරු විශාල වීම වැනි ලක්ෂණ මතුවීමය. තරුණ වියේදී මෙම හෝමෝන ඌණතාවය ඇති වූ විට ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීම, මාංශපේශි දුර්වලවීම, පමණට වඩා සම යටින් තෙල් පටක තැන්පත් වීම, සිරුරේ රෝම අඩුවීමට පටන්ගැනීම, ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරුවීම ආදිය දැකිය හැකියි. කාන්තාවන්ගේ ලිංගික හෝමෝන ඌණතාවයට පත්වූ විට ඔවුන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, යෝනි මාර්ගයේ වියළි ස්වභාවයක් මතුවීම, පියයුරු කුඩා වීම, ඔස්ටියෝපොරොසිස් රෝගයට ලක්වීම ආදිය දැකිය හැකියි. වෛද්‍යතුමනි, මෙවැනි රෝගයකට ලක්වූවනට ප්‍රතිකාර ලබාදී මතුව ඇති ගැටලු සුව කළ හැකිද? එය තීරණය කළ හැකි වන්නේ මතුව ඇති රෝග තත්ත්වය අනුවයි. ඇතැම් දුර්වලතාවන් හෝමෝන ලබාදීම මගින්, සැත්කම්වලට ලක්කිරීමෙන් හෝ ඖෂධ ලබාදීම ආදී ප්‍රතිකාර මගින් යථා තත්ත්වයට පත්කළ හැකියි. ප්‍රාථමික ඌණතා ඇති අයට තමන්ගේම ඩිම්බ හෝ ශුක්‍රාණු මගින් දරුඵල ලබාගැනීම අපහසුය. ඔවුන්ට ශුක්‍රාණු සහ ඩිම්බ දායකයන්ගේ සහාය ලබාගෙන නළ දරු උපතක් මගින් දරු සම්පතක් හිමිකරගත හැකියි. ද්විතීයික හෝමෝන ඌණතා ඇති අයට LH සහ FSH හොමෝන ලබාදීම මගින් ඔවුන්ගේ ඩිම්බ නිපදවීම සහ ශුක්‍රාණු නිපදවීම යථා තත්ත්වයට පත්කිරීම මගින් දරුඵල ලබාගැනීමට හැකියාව උදාකරගත හැකියි. කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද සංස්කරණය උපාලි ද සේරම් ඡායාරූපය සමන් අබේසිරිවර්ධන ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 10 Sep 2017 07:55 PM අද ගොඩක් අය වද බාවයට පත් වෙලා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 ImalkaVeteran MemberPosts:4533 11 Sep 2017 12:11 AM වද භාවයට පත්වීමට හේතුව අධිකව වද වීම වෙන්න ඇති හිටං....ඒ නිසා ගෙදර වැඩ කටයුතු සාවදානව සමාදානව කර ගත්තොත් වද විඳින්නේ නැතුව වැඩ කටයුතු කරගන්න ඇහැකි හිටං. 0 chamaramindMost Senior MemberPosts:13471 11 Sep 2017 02:19 AM ගිතෙල් කෑමෙන් වාසි ගොඩයි ලිව්වේ යශෝදා ඉන්දීවරී ගිතෙල් යනු ඉන්දියානු ආහාර වේලක දී නොවරදින ද්‍රව්‍යයකි. ආහාරවල රසවත් භාවය වැඩි කරන හෙයින් ඉන්දියානුවන් සෑම ආහාරයකටම මේ ලෙස ගිතෙල් එක්කර ගනු ලබනවා. මෙලෙස එක්කර ගැනීමෙන් සැලසෙන තවත් සුවිශේෂී වාසියක් වන්නේ හිසකෙස් හා සමට ඉන් සැලසෙන සෙතය. වියළි සමක් ඇති අයගේ සමේ ඇති වන සියලුම ආකාරයේ ගැටලුවලට ගිතෙල් ප්‍රතිකර්ම සපයයි. ගිතෙල් සතුව සම දීප්තිමත් කිරීමේ හැකියාවක් පවතී. ඉන්දියානු කාන්තාවන් සතු දිදුලන සමට එක් හේතුවක් වන්නේ මෙසේ ගිතෙල් ආහාරයට එක්කර ගැනීමයි. තොල් වියළීම වැනි තත්ත්වයන්ට ද ගිතෙල් ප්‍රතිකාරයකි. රූපලාවණ්‍යමය වාසි හැරුණුකොට ගිතෙල් මඟින් සෞඛ්‍යයට හිතකර වාසි ද සැලසේ. එය අහිතකර කොලස්ටරෝල් මට්ටම අඩු කරන අතර, හෘදය ආශ්රිත රෝග ඇති වීම ද වළක්වාලයි. ගිතෙල්වල ප්‍රතිඔක්සිකාරක අඩංගු වන බැවින් සමේ කාන්තිමත් භාවයට දායක වනවා මෙන්ම චර්ම සෛල වර්ධනය ද වැඩි කරවයි. මේවායේ කැරොටිනොයිඩ, මඪබචථඪදඵ ඒ හා ඡ් අන්තර්ගත වේ. ගිතෙල් මඟින් අපට ලැබෙන රූපලාවණ්‍ය වාසි මොනවාදැයි බලමු. වියළි සමේ තෙතමනය ඇති කරයි. ගිතෙල්වල මේද අම්ල අන්තර්ගත වේ. මෙම මේද අම්ල මඟින් වියළි සමේ තෙතමනය ඇති කරවයි. ගිතෙල් ස්වල්පයක් ගෙන යම් තරමකට රත් කර මුහුණේ ආලේප කරන්න. මඳ වේලාවක් හොඳීන් මසාජ් කර සෝදා හරින්න. මෙය වියළි සමට හොඳ ප්‍රතිකාරයකි. සම සිනිඳු කිරීම සම සිනිඳු කිරීමට ගිතෙල් සතුව සුවිශේෂී හැකියාවක් පවතී. ජලය හා ගිතෙල් සමාන ප්‍රමාණවලින් ගෙන හොඳීන් බ්ලෙන්ඩර් කරගන්න. මේ මිශ්‍රණය මුහුණේ ආලේප කර ටික වේලාවකින් සෝදා හරින්න. සම දීප්තිමත් කිරීම ගිතෙල් මඟින් සම පිරිසුදු කරමින් සමේ තෙතමනය ආරක්ෂා කර දේ. මෙමඟින් වියළි සම ස්වාභාවිකවම දීප්තිමත් කර දේ. එළකිරි හා ගිතෙල් සමාන ප්‍රමාණවලින් ගෙන මුහුණේ ආලේප කර, ටික වේලාවකින් සෝදා හරින්න. සම වියපත් වීම වැළැක්වීම ගිතෙල් යනු වියපත් වීම වැළැක්වීමට හොඳම විසඳුමකි. ගිතෙල්වලින් සම මසාජ් කිරීම තරුණ සමක් නැවත ලබා ගැනීමට හොඳම ක්රමයකි. ගිතෙල් සමේ සෙසලවල ගැඹුරටම කා වැදී චර්ම සෛල තරුණ හා නීරෝගී කිරීමට දායක වේ. ඇස් වටා කළු වීම වළක්වයි නින්දට යාමට පෙර ඇස් යට ගිතෙල් ආලේප කිරීම ඇස් යට කළු වීමට හොඳම ප්‍රතිකර්මයකි. එමෙන්ම වෙහෙසකාරී ඇස්වලට සුවයක් ලබා දේ. හිසකෙස් අග පැළීමට ප්‍රතිකර්මයකි වියළි හිසකෙස්වල ඇති ප්‍රධානතම ගැටලුවක් වන්නේ අග පැළීමයි. මේ ගැටලුට ද ගිතෙල් මඟින් විසඳුම් ලබා ගත හැකියි. ගිතෙල් සුළු ප්‍රමාණයක් රත් කර හිසකෙස් අගිස්සේ ආලේප කරන්න. පැයක් පමණ එසේ තිබෙන්නට හැර පසුව ෂැම්පු යොදා සෝදා හරින්න. කන්ඩිෂනර් එකක් ලෙස ක්‍රියා කරයි ගිතෙල් හා පොල් තෙල් සමාන ප්‍රමාණවලින් ගෙන හිසකෙස් හොඳීන් මසාජ් කරන්න. ටික වේලාවකින් සෝදා හරින්න. අන්තර්ජාලය ඇසුරිනි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 11 Sep 2017 03:57 AM අපි ඉතින් මෙවා පාවිච්චියක් නැහැණ්E ... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 sha733Super Senior MemberPosts:7332 11 Sep 2017 04:31 AM ඒ වාසි ටිකනං ගොඩක් හොදයි 0 RosiSuper Senior MemberPosts:5335 11 Sep 2017 05:55 AM ගිතෙල් කෑමට ගත්තට මෙච්චර අමතර ගුණ දැන වුන්නේ නැනේ ,,,ස්තුති ලිපියට . 0 chamaramindMost Senior MemberPosts:13471 11 Sep 2017 05:48 PM හිටි හැටියේ දරුවාට අධ්‍යාපනය එපා වෙලාද? ඔබ හිතන්නේ එය දරුවාගේ වරදක් කියලාද? එය එසේ නොවෙයි මානසික සෞඛ්‍ය සහ මානසික රෝග අතර සම්බන්ධතාව පිළිබඳ මූලික කරුණු බොහොමයක් පසුගිය සතියේදී විස්තර කළෙමු. ඒ පිළිබඳ තවදුරටත් විමසා බලමු. ජීවිතයේදී තමාට මුහුණදීමට සිදුවන අභියෝග ජයගෙන ජීවිතය සාර්ථකව ඉදිරියට ගෙන යැම සඳහා තමන්ගේ මානසික සෞඛ්‍ය ස්ථාවර තත්ත්වයකින් පවත්වාගෙන යා යුතු බවට දැන් ඔබට වැටහීමක් ඇත. එමෙන්ම හොඳ මානසිකත්වයක් හිමි කෙනෙක් නිරන්තරයෙන් ඵලදායී පුද්ගලයකු ලෙස සමාජය නියෝජනය කරන්නෙක් වනු ඇත. උදාහරණයක් ලෙසට හොඳ මානසික සෞඛ්‍යයක් හිමිකර ගත් ශිෂ්‍යයෙක් ඉතාම දක්ෂ ලෙස තමන්ගේ අධ්‍යාපනය තුළින් උසස් අධ්‍යාපනය සාර්ථකව, තමන්ට කරදරයක් නොමැතිව, අන් අයටත් කරදරයක් නොමැතිව ඉදිරියට කරගෙන යයි. මෙහිදී මතු කළ යුතු වැදගත් කාරණාවක් තිබේ. එනම් වර්තමානයේ ඇතැම් දෙමාපියන් තම දරුවාගේ අධ්‍යාපනයේ හිටි හැටියේ ඇතිවන කඩා වැටීම් ගැන බොහෝම කනස්සල්aලෙන් පසුවන අවස්ථා පිළිබඳවයි. "අනේ මගේ දරුවා සාමාන්‍ය පෙළ දක්වා හොඳට වැඩ කළා. උසස් පෙළ මුල අවුරුද්දත් බොහොම හොඳට වැඩ කරගෙන ආවා. අපි බලාපොරොත්තු වුණේ පළමු සැරේම විශ්වවිද්‍යාලයට තේරේවි කියලයි. ඒත් හිටි හැටියේ මේ ළමයාගේ අධ්‍යාපනයේ කඩා වැටීමක් ඇති වුණා. දැන් ඉස්සර වාගේ පාඩම් කරන්නේ නැහැ. පොතක් අතට ගත්විට ඔළුව කැක්කුමයි කියනවා. මතක හිටින්නේ නැහැ කියනවා. ඉස්සර වාගේ කිසිම උනන්දුවක් නැහැ. හොඳට හිටිය ළමයට මොකද මේ වුණේ. කවුරුහරි කොඩිවිනයක්වත් කරලාද, අපලවලට කියලා යන්තරේකුත් දැම්මා. ඒත් වෙනසක් නැහැ." මේ අපට බොහෝ වේලාවට මවුපියන්ගෙන් තම දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අසන්නට ලැබෙන දෙයක්. දරුවන් අධ්‍යාපනයට පසුබට වීමේදී නැගෙන මැසිවිල්ලක්. සැබැවින්ම ඔබත් මෙවැනි වූ සිදුවීම් අනන්තවත් අහලා ඇති. නැතිනම් ඔබටත් මෙවැනි වූ අත්දැකීම් ඇති. සැබැවින්ම මෙය දරුවාගේ වරදක් නොවෙයි. මෙය වෙනයම් අත්භූත දෙයකුත් නොවෙයි. මෙය මානසික රෝගයක් නොවන්නත් පුළුවන්. නමුත් මානසික සෞඛ්‍යයේ යම්කිසි වූ තැනෙක ඇති වුණු කඩාවැටීමක්, අසමබරතාවක් නිසා හටගත් තත්ත්වයක් වෙන්න පුළුවන්. මෙහි තිබෙන වැදගත්ම දෙය මෙවැනි තත්ත්වයන් තේරුම් නොගැනීම නිසා මවුපියන් දරුවන්ට අනවශ්‍ය බලපෑම් ඇති කිරීමට පටන් ගැනීම තුළින් මෙම පීඩනය තවත් උග්‍ර විය හැකි බවයි. ඇතැම් මවුපියන් තරවටු කිරීම තුළින් තද නීති රීති පැනවීමේදී දරුවන්ට අධ්‍යාපනය තව තවත් එපා වීම තුළ අවසානයේ භයානක ප්‍රතිඵල මතුවිය හැකියි. කරුණු කාරණා එලෙසින් වන නිසාම මේ පිළිබඳ දැනුමක් ඇති වෛද්‍යවරයකු වෙත දරුවා යොමුකර අවශ්‍ය උපදේශනය සහ ප්‍රතිකාර මත මෙම තත්ත්වය යථා තත්ත්වයට පත්කර ගත හැකියි. මෑතකදී සබරගමුව පළාතේ කළ පරීක්ෂණයකට අනුව වාර්තා වන්නේ පාසල් ළමුන් තුළ තිබෙන ආතතිය. ජනිතකර වීමේ ප්‍රධාන හේතු කාරණය විභාග භීතිකාව බවයි. කෙසේ වෙතත් මෙම තත්ත්වය හරිහැටි කළමනාකරණය කර ගැනීමේ ක්‍රමවේදයන් පුද්ගලයාගෙන් පුද්ගලයාට, එම පෞරුෂයන්ට අනුබද්ධ වුණු ලාක්ෂණික ගුණාංග හැටියට අපි මේ ලෝකයට බිහිවන බව තේරුම් ගත යුතුයි. අපි මෙහිදී කතා බහ කළේ මානසික සෞඛ්‍ය අධ්‍යාපනයට බලපාන ආකාරයයි. මානසික සෞඛ්‍ය ජීවිතයට බලපාන අයුරු තවදුරටත් ඉදිරියේදී විමසා බලමු. නීලම්මහර (මානසික රෝග විශේෂඥ) ආයුර්වේද වෛද්‍ය සමන් එස්. හෙට්ටිගේ සංස්කරණය වසන්තා ශ්‍රියාකාන්ති ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 11 Sep 2017 05:51 PM ශල්‍යකර්මවලින් තොරව කොඳුඇටපෙළ ආශ්රිත රෝග සුවකරන ඔස්ටියෝපති හා හීලින්පති ප්‍රතිකාර ක්‍රම සමාජය තුළ බහුලවම දැකගත හැකි රෝගාබාධ අතරින් කොඳු ඇටපෙළ ආශ්‍රිතව ඇතිවන බොහෝ රෝග සහ ස්නායු රෝග විශේෂ වේ. එම රෝග සඳහා ශල්‍යකර්මයක් හෝ කිසිදු ඖෂධයක් නොමැතිව ප්‍රතිකාර කිරීම සිදුකරන වෛද්‍යවරයෙකු ලෙස මහාචාර්ය සාගර කරුණාතිලක හඳුන්වාදිය හැකිය. එතුමා විසින්ම සිදුකරන ඔස්ටියෝපති (Osteopathy) සහ හීලින්පති (Healingpathi) නමැති ප්‍රතිකාර ක්‍රමවේදයක් මගින් මෙලෙස ප්‍රතිකාර කෙරෙනුයේ මාලඹේ, අතුරුගිරියේ පිහිටි ඔස්ටියෝ ක්ලිනික් වෛද්‍ය මධ්‍යස්ථානය වෙතිනි. රෝග රැසක් සුව කළ හැකි හීලින්පති ප්‍රතිකාර නිර්මාතෘ ද වන මෙතුමා විසින් සිදුකරන සුවිශාල මෙහෙය පිළිබඳව සඳහන් කිරීමත්, මෙම වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පිළිබඳව ඔබ දැනුවත් කිරීමත් මෙම ලිපියේ අරමුණයි. ඔස්ටියෝපති සහ හීලින්පති වෛද්‍ය ප්‍රතිකාර ක්රමයේ ඇති විශේෂත්වය කුමක්ද? මෙය එංගලන්තයේ ඇන්ඩෲ නමින් හඳුන්වන ශල්‍ය වෛද්‍යවරයා විසින් එක්දහස් අටසිය ගණන්වල සොයාගත් මේ වන විට ලොව පුරා ජනප්‍රිය සහ සාර්ථකත්වයට පත්ව ඇති වෛද්‍ය ක්‍රමයක්. මෙහි ඇති විශේෂත්වය තමයි මෙය සම්පූර්ණයෙන්ම ශල්‍යකර්මවලින් සහ ඖෂධවලින් තොරවීම. මෙහිදී අභ්‍යන්තර ශල්‍යකර්මවලට පිළියම් ලෙස බාහිර ප්‍රතිකාර සිදුකිරීමයි සිදුවන්නේ. විශේෂයෙන් මෙය ඉතා කෙටි කාලීනව සුවය ලැබිය හැකි ක්‍රමයක් වන අතරම රෝගියෙක්ට ශාරීරිකව, මානසිකව, ආධ්‍යාත්මිකව, ආර්ථිකව මෙන්ම ආධ්‍යාත්මික යන පස් ආකාර සුවයක් ලබාදෙන ප්‍රතිකාර ක්‍රමයක්. ඒ වගේම කිසිදු වේදනාවක් හෝ වේදනා නාශකයකින් තොරව මෙමගින් ප්‍රතිකාර ලබාගත හැකියි. මෙම ප්‍රතිකාර ක්‍රම මගින් සුව කළ හැකි රෝග මොනවාද? මෙහිදී කොඳුඇටපෙළ ආශ්‍රිතව ඇතිවන බොහෝ රෝගාබාධ සහ ස්නායු රෝග සඳහා ප්‍රතිකාර කිරීම සිදු කරනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ වර්තමානයේ ප්‍රධානවම පාසල් අධ්‍යාපනය ලබන දරුවන් ඇතුළු බොහෝ දෙනෙකුට විශාල ගැටලුවක්ව පවතින පැති කුදය රෝගයට මෙමගින් ප්‍රතිකාර ලබා දෙනවා. එම රෝග වැළඳුණු රෝගීන් ඉතාමත් කෙටි කලකින් වඩාත් සුව අතට පත්කරන අතරම කොන්දේ වේදනාවට ශල්‍යකර්මයක් නිර්දේශ කළ රෝගීන්ටත් සාර්ථක ප්‍රතිඵල අත්කර දීම මෙහිදී සිදු කරනවා. ඒ වගේම බෙල්ලේ වේදනාව, උරහිස් වේදනාව, ඉරුවාරදය, අංශභාගය, ශරීරයේ හිරිවැටීම් ආදී රෝග රැසකට මෙහිදී ප්‍රතිකාර කරනු ලබනවා. ඔස්ටියෝපති සහ හීලින්පති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවල පවතින විද්‍යාත්මක පසුබිම පැහැදිලි කළොත්? කොඳුඇටපෙළ ආශ්රිත රෝගාබාධ ඇතිවීමට මූලික හේතුව වන්නේ කොන්දේ ඇති කශේරුකා වෙනස්වීමයි. එම වේදනාව ඇති ස්ථානයේ තිබෙන ස්නායු තෙරපීමට ලක්වීමෙන් මෙම රෝගය හටගන්නවා. මෙලෙස ඇතිවන ස්නායුවල තෙරපීම අභ්‍යන්තර ග්රන්ථිවලට ද බලපාන්න පුළුවන්. හදවත, පෙනහලු, අක්මාව, මොළය, වකුගඩු ආදී ඉන්ද්රියයන් මේ නිසා අඩපණ විය හැකිය. ඒ හරහා අංශභාගය වැනි දීර්ඝ කාලීන රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාවක් ද පවතිනවා. මෙම ස්නායු තදවීම නිසා වෛද්‍ය විද්‍යාවේ සඳහන් පරිදි කශේරුකාවේ C පද්ධතිය, T පද්ධතිය රෝගී වෙනවා. අපගේ ප්‍රතිකර්ම මගින් සිදු කරනුයේ එම පද්ධතිය නිවැරදි කිරීමයි. මුලින් තද වී තිබෙන මාංශ පේශීන් බුරුල් කර පසුව වෙනස්වීමට භාජන වූ කොඳුඇටපේළිය නිවැරදි කිරීම සිදු කරනවා. ඔස්ටියෝ ක්ලිනික් ආයතනය පිළිබඳව සඳහන් කළොත්? මෙම ආයතනය තුළින් මේ වනවිටත් රෝගීන් පන්දහසකට අධික ප්‍රමාණයක් සම්පූර්ණවම සුවකර තිබෙනවා. මෙම ආයතනය සමඟ බටහිර විශේෂඥ වෛද්‍යවරුන් බොහෝ පිරිසක් සම්බන්ධයි. මෙහිදී සියලුම ප්‍රතිකාර කිරීම් මා අතින්ම පමණක් සිදුකරන අතරම ප්‍රතිකාර කිරීම සිදුකරන අතරතුරදී රෝගීන්ට නිවැරදි ආහාර රටා, නිවැරදි ඉරියව් වැනි ක්‍රමවේදයන් ද සමගින් විශාල ආධ්‍යාත්මික සුවයක් ලබාදීමට ද කටයුතු කරනවා. මෙමගින් ප්‍රතිකාර ලබාගත හැකි දිනයන් මොනවාද? අපගේ ප්‍රධාන ඔස්ටියෝ ක්ලිනික් ශාඛාව 531/1, අතුරුගිරිය පාර, මාලඹේ ලිපිනයේ පිහිටා ඇති අතර එහි බදාදා සිට ඉරිදා දක්වා උදේ 8.00 සිට සවස 5.00 දක්වා එමගින් ප්‍රතිකාර ලබාගත හැකියි. මෙහි ප්‍රතිකාර පිළිබඳව වැඩිදුර විස්තර 0112054444, 0112054433 යන දුරකථන අංකවලින් ලබාගන්න. රත්නපුර පිහිටි ඔස්ටියෝපති ක්ලිනික් නො. 750/3, කොළඹ පාර, හිදැල්ලන, රත්නපුර යන ලිපිනයේ පිහිටා ඇති අතර එහිදී බ්‍රහස්පතින්දා දින සවස්වරුවේ පමණක් ප්‍රතිකාර ලබාගත හැකියි. මෙහි ප්‍රතිකාර පිළිබඳව 045-5736336 දුරකථන අංකයෙන් විමසා බැලිය හැකිය. තවදුරටත් විස්තර අවශ්‍ය නම් අපගේ වෙබ් අඩවිය වන www.osteodr.com සහ විද්‍යුත් තැපැල් ලිපිනය info@osteodr.com වෙතින් ලබාගන්න. මෙම ආයතනයෙන් ඉටු කෙරෙන සුවිශේෂී කටයුතු කුමක්ද? විශේෂයෙන් මෙහිදී පූජ්‍ය පක්ෂයට, ආබාධිත රණවිරුවන්ට, වෛද්‍යවරුන්ට, මාධ්‍යවේදීන්ට, කලාකරුවන්ට නොමිලයේ ප්‍රතිකාර ලබා දෙනවා. ඒ වගේම යම් රෝගියෙක්ට ආර්ථික අපහසුතා ඇත්නම් ඒ පිළිබඳවත් අවධානය යොමු කරනවා. අපගේ නවතම සේවාව වන ඔබගේ වියපත් දෙමාපියන් හෝ ඥාතීන් සුරැකීමේ "වැඩිහිටි සරණ" සේවය පිළිබඳවත් මතක් කළ යුතුමයි. නිර්මාණී කොළඹගේ සංස්කරණය වසන්තා ශ්‍රියාකාන්ති ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 11 Sep 2017 05:56 PM රෝග මර්දනයට ගුණ අඹ "මහා වෘක්ෂ වග_ඃ" ආමුඃ පිණ්ඩිඵලඃ මඤ්ජරී කානනාධිපඃ වඝනත දූත ශ්වු තෝති සෞරභඃ සහකාරකඃ අඹ ගස මහා වෘක්ෂ ගණයේලා සැලකේ. විශාල ලෙස අතු ඉති පැතිරී අඩි හත අටක් තරමට කඳ මහත් වී අඩි හැට හැත්තෑව තරමට උසට වැඩී දැකීමට ඇත මේ මිහිතලයේ ජීවත් වන සකල ශ්‍රී ලංකාවාසීන්ට ඉතා ප්‍රියජනක වූ විශේෂිත වූ පලතුරකි, මියුරු රසයෙන් යුක්ත වූ අඹ. හෙළ බසින් අඹ නමින් හැඳින්වුවත් අපේ ඉපැරැණි සංස්කෘත භාෂාවේ සඳහන් වනුයේ ඉහත සඳහන් ශ්ලෝකයේ පරිදි ආමඃ පිණ්ඩිඵලඃ මඤ්ජරී කානනාධිපඃ වශයෙනි. ලංකාවේ වැවෙන වැඩෙන අඹ වර්ග කීපයකි, ගිරා අඹ, පෙට්ටි අඹ, මී අඹ, කොහු අඹ, යාපනේ අඹ වශයෙනි. මෙම අඹ වර්ග පැරැණි ග්‍රාමීය වගාවකි. ග්‍රාමීය ගොවියාගේ ආර්ථිකය පෝෂණය කරන්නකි. උෂ්ණ ගුණය මිහිරි ගුණය ඇඹුල් රස ගුණය විරේචන ගුණය ගැබ්ව පවතී. එය ආයුර්වේදය දෙසට රෝග සුවතාවයට ඉවහල් වන ආකාරයයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී (මනුෂ්‍යයාට) මානව වර්ගයාට නොයෙකුත් විවිධාකාර රෝග බෝවීම වැළඳීම ආයුර්වේද ඉතිහාසය දෙස විමර්ශනාත්මකව බැලුවොත් Rතු විපර්යාසය මුල් වී පැවතී ඇත. වසන්ත Rතුව ගී‍්‍රෂ්ම Rතුව ආදී වශයෙන් ප්‍රභේද වෙති. අඹ පලදරා අස්වනු ලබාගත හැකි වන්නේ සෑම වසරකම දෙසැම්බර් මාසයේත් අප්‍රේල් මස සහ මැයි මාසයේදීත් වශයෙනි. මා මෙහි සඳහන් කළ ඉහත සඳහන් අඹ වර්ග පහට අමතරව තවත් අඹ වර්ග රාශියක් තිබේ. ගැමියන් අතර එය භාවිතයට නැඟෙන්නේ වගා අඹ, ආණ්ඩුවේ අඹ, කෘෂිකර්ම අඹ, බට් අඹ යනුවෙනි. කෘෂි විද්‍යාවේ තාක්ෂණයෙන් නිර්මාණය කෙරුණු අඹ වශයෙන් කර්තකොලොම්බන්, වෙල්ල කොලොම්බන්, විලාඩ් වශයෙන් ජනතාව අතරත් කොළඹ වෙළෙඳපොළේත් මේ වන විට ජනප්‍රිය වී ඇත. එම අඹ වර්ග තුන ඉතා සරුවට වගා කර හොඳ අස්වැන්නක් ලබාගනු ලබන්නේ ඇඹිලිපිටියේත් මිද්දෙණිය තෝරකොළයාය යන ප්‍රදේශ වලය. සරුවට වැඩුණු අඹ ගෙඩි දහස් ගණනින් ලක්ෂ ගණනින් ලොරි මගින් මිනුවන්ගොඩ, ගම්පහ වැනි පලතුරු නිෂ්පාදනාගාර වෙත ප්‍රවාහනය වෙති. කොළඹ වෙළෙඳපොළට ප්‍රවාහනය වෙති. ගම් මට්ටමින් බිම් මට්ටමින් ගිරා අඹ, පෙට්ටි අඹ, කොහු අඹ, මී අඹ, යාපනේ අඹ, පැළවීම වැඩීම සිදුවනුයේ සිටුවාම වගා කරලාම නොවේ. ඉදුණු අඹ ගෙඩි අඹ ගසක වසා එය කඩාගෙන ඩැහැගෙන හෝ මියුරු අඹ පැණිය උරා බී බිම හෙළන ඇටය පැළවී ඉබේම හැදී වැඩී පල හටගැනීමය. මෙම අඹ ගස් සිංහරාජ අඩවියේත් සමනොල කන්ද අඩවියේත් දක්නට ලැබෙනුයේ අල්ප වශයෙනි. ලංකාවේ අන් සෑම ප්‍රදේශයකම දැකගැන්මට හැකිය. වර්තමානයේ අඹ වලින් නිෂ්පාදනය කරන ලද බීම වර්ග ටොµs අයිස්ක්‍රීම් දැකගැනීමට ඇත. ගමේ පන්සලේ බුද්ධ පූජා වට්ටියේත් දානය වළ\ අවසන ගරුතර මහා සංඝරත්නයට පූජා කරනු ලබන පලතුරු වට්ටියේත්, විෂ්ණු කතරගම සුමන සමන් යන දෙවිවරුනට පූජාව තබන පූජා වට්ටියේත් කාහටත් නෙත ගැටෙන පලතුරකි. ඉඳුණු අඹ "පලතුර" ලංකාවේ අවන්හල්වල භෝජනාගාරවල මංගල අවස්ථාවේ මංගල කෑම මේසයේත් ගමේ පිරිත් පිංකම් ගෙදර බණ ගෙදර සහ අවමඟුල් ගෙදර යන ස්ථානවල ඒ වෙත පැමිණෙන ආරාධිත සහ අනාරාධිත අමුත්තන්ට පිරිනැමෙන භෝජන සංග්‍රහයේ මේසයේ අඹ වලින් සැකසූ වෑංජනය වරදින්නේම නැත. එතරම්ම අඹ පලතුරින් සැකසූ වෑංජනය ජනප්‍රිය වී පවතී. අඹ පලතුරින් ගසෙන් පොත්තෙන් කොළෙන් ගෙඩියෙන් අඹ ගෙඩියේ යුෂෙන් ඇටේ මදයෙන් රෝග මර්දන ප්‍රතික්‍රියාවට යොදා ගන්නා බව මෑත යුගයේ දනන් නොදැනුවත් වුවත් ඈත යුගයේ ගැමි දනෝ සහ දේශයේ ජීවකයාණන් වන විශේෂිත වූ උත්තුංග බුද්ධිමත්භාවයෙන් පිරිපුන් ආයුර්වේද වෛද්‍යවරයාණෝ දැනසිටියෝය. "ගිය පණවත් රැකගන්නට ඉඟුරු යුෂින් දෙනු ලබන්ට යන පණටිත රැකගන්නට අඹ යුෂයෙන් දෙනු බලන්ට" අඹ ගහේ මුලේ පොත්ත ගහේ කඳේ පොත්ත හන්දි වෙදකමේදී භාවිතයට යොදා ගනු ලබන්නේ පත්තු මැල්ලුම් සඳහාය. අඹ යුෂ යොදා ගනු ලබනුයේ ශ්වසන රෝගයේ අවසන මාරාන්තික අවස්ථාවට එළඹි අවස්ථාවේදී ඒ සඳහා යොදන දේශීය ඖෂධ සංයෝගයනට රෝගියාගේ නාඩි වැටෙන අයුරු තේරුම් ගැනීමෙන් පසුවය. සේලයින් සමඟ ප්‍රතිජීවක බටහිර ඉන්ජෙක්ෂන් බෙහෙත් පවා යොදා එයින් ද ප්‍රතිඵලයක් ලබාගත නොහැකිව හුස්ම ටික හිරවී යා නොදී මියුරු අඹ යුෂ ටික උපයෝගී කර ඖෂධ වර්ග යොදා එලොව යා නොදී මෙලොවට ගැනීමට තරම් නැණ නුවණ මෙහෙයවා අභීතව වෙදකම කර ජීවිතයත් ගලවා ගැනීමට තරම් බලයක් ශක්තියක් අපේ රටේ අපේ පොළොවේ හැදී වැඩුණු අඹ ගෙඩියේ යුෂ ටිකක් විශ්මය උපදන දෙයක් බවට ප්‍රවේශ වූ වගයි. අඹ ඇට මදය කසායට කල්කයට ආසවයට අරිෂ්ඨයට යොදාගනු ලැබේ. අඩි සීයක් දෙසීයක් උසට වැඩී අඩි හත අටක් වටවූ කඳ සහිත මේරූ අඹ ගස් කපා ඉරවා ලෑලි සාදා එම ලෑලිවලින් ලොරි රථවල තට්ටුව සකස් කිරීමටත් ගෙවල්වල සොල්දොරහි තට්ටුව සෑදීමටත් ගෙවල්වල දොරවල් සෑදීමටත් යොදා ගනිති. නිවසක් ඉදිරියේ අඹ ගසක් තිබීම පැරැණි ග්‍රාමීය වැසියාට සුබම සුබ දසුනක් විණි. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ පලතුරු සංවර්ධන වැඩසටහනට දිරි දීමක් ලෙස මෙම ලිපි පෙළ පළ කෙරේ. මූලගිරි රජමහ විහාරස්ථානයේ රාජකීය වෛද්‍ය පෙළපතේ, සර්වාංග රෝග පිළිබඳ ආයුර්වේද වෛද්‍ය ඒ. වනිගපුර කිවුල්ආරවත්ත සංස්කරණය වසන්තා ශ්‍රියාකාන්ති ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 11 Sep 2017 06:07 PM බෙහෙත් නොගහපු අබ කොහොමද හොයන්නෙ ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 DushanVeteran MemberPosts:2536 12 Sep 2017 04:59 AM ගොඩක් වටිනා විස්තරයක් 0 hasithadSuper Senior MemberPosts:5795 12 Sep 2017 10:12 AM අඹ සල්ලිවලට අරගෙන කන අයට නං මේ ඉයන විදියේ ගුන කෙසේ වෙතත් නැති ලෙඩ එන්න පුලුවන්. මොකද ඒවට ගහන කාබයිඩ් වල පවර් එකට. 0 chamaramindMost Senior MemberPosts:13471 12 Sep 2017 06:02 PM කනවනම් ඉතිං ගහෙන් කඩලා කන්නම ඕන...ඇගට ගුණයිනේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 kingDVeteran MemberPosts:3309 12 Sep 2017 09:29 PM Posted By Ind007ka on 11 Sep 2017 06:07 PM බෙහෙත් නොගහපු අබ කොහොමද හොයන්නෙ ? අනේ මන්ද බන්.. හොයන්න බෑ අමාරුයි.. මම නම් ඉතින් අඹ ගස් දෙක තුනක් හදාගෙන තියෙනව..ඒවායින් අතින් කඩල කනව Business, you know, may bring money, But friendship hardly ever does. 0 chamaramindMost Senior MemberPosts:13471 13 Sep 2017 07:00 PM එකම ස්ථානයේ දිගු වේලාවක් රාජකාරී කිරීමේදි මිය යැමේ අවදානමක්'' එකම ස්ථානයේ සිට සිදු කරන ලිවීම වැනි රාජකාරී කටයුතු සිදුකරන අතරතුරදී සෑම පැය භාගයකට වරක්ම සිරුර එහා මෙහා චලනය කිරීමෙන් සිරුරට ඇති විය හැකි හානිකර බලපෑම් අවම කරවන බව ඇමරිකාවේ කොලොම්බියා විශ්වවිද්‍යාලයීය වෛද්‍ය මධ්‍යස්ථානයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදුකරන ලද අධ්‍යයනයකදී හෙළි වී තිබේ. මෙම අධ්‍යයනයේදී යමෙකු දවසේ වැඩි කාලයක් සිරුර එහා මෙහා චලනය නොකර අක්‍රියව තබා ගන්නේ නම් එවැනි අයකු මිය යැමේ අවදානමද ඉහළ මට්ටමක පවතින බව හෙළි වී තිබේ. ''සෑම අයකුම දවස පුරා රාජකාරී කටයුතු අධ්‍යාපන කටයුතු එකම ස්ථානයක හිඳගෙන සිදුකරයි නම්, නිවසේදී එකම ස්ථානයක වැඩි වේලාවක් හිඳගෙන අක්‍රියව සිටී නම්, එම පුරුද්ද අතහැර දමා සෑම පැය භාගයකට වරක්ම සිරුර එහා මෙහා චලනය කිරීමට පෙළඹිය යුතු බව මෙම අධ්‍යයනය මෙහෙය වූ කීත් ඩයස් පවසයි. ව්‍යායාමවල නිරත වන අයකු වුවද වරින් වර විවේකය ලබා ගත යුතු අතර දවස පුරා එහා මෙහා ඇවිදීම සිදුකළ යුතු බවත්, එකම ස්ථානයේ හිඳගෙන සිදුකරනු ලබනා ව්‍යායාම පවා ශරීර සෞඛ්‍යයට හානිකර විය හැකි බව මෙහිදී අනාවරණය වී තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් වයස අවුරුදු 45 ක් හා එයට වැඩි වයස්වල පුද්ගලයන් 8000 ක් පමණ දෙනා 2009 සිට 2013 දක්වා කාලය තුළ මෙසේ වැරදි ශරීර ඉරියව් හේතුවෙන් මියගොස් ඇතැයි අනාවරණය වී තිබේ. දිනකට පැය 13.2 ක් අක්‍රියව සිටින අයකු පැය 11.5 ක් අක්‍රියව සිටින අයකුට වඩා මිය යැමේ අවදානම 2.6 වාරයකින් වැඩි බව අනාවරණය වී තිබේ. එකම ස්ථානයක දිගු වේලාවක් හිඳගෙන සිටීමෙන් තරබාරු බව වැඩි වන බවද හෙළි වී තිබේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Sep 2017 07:04 PM ''පිළිකාවක් තත්ත්පර 10 කින් නිවැරදිව හඳුනාගත හැකි උපාංගයක් ''මාස්ස්පෙක් පෙන්'' නමැති අතින් ක්‍රියාත්මක කළ හැකි උපාංගයක් හරහා පිළිකා පටකයක් තත්ත්පර 10 ක් වැනි සුළු කාලයකින් වඩා නිවැරදිව හඳුනාගත හැකි බව ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් අනාවරණය කර තිබේ. මෙම උපාංගය හේතුවෙන් සැත්කමක් හරහා පිළිකා පටකයක් වේගවත්ව හා පහසුවෙන් ඉවත් කිරීමේ හැකියාව ලැබෙන බව එම විද්‍යාඥයෝ කියා සිටිති. ඔවුනට අනුව මෙම උපාංගය තාක්ෂණික වශයෙන් සියයට 96 ක් පමණ නිවැරදිය. ''පිළිකාවක් නිවැරදිව හඳුනාගත හැකි මෙම මාස්ස්පෙක් පෙන් උපාංගය සම්බන්ධව ''සයන්ස් ට්රාන්සිෂනල් මෙඩිසින්'' සඟරාවෙහි පළකර ඇති වාර්තාවකට අනුව මෙම උපාංගය පිළිකාවක් ඇති බවට සැක කෙරෙන ස්ථානයක් ස්පර්ශ කර කුඩා වතුර බිංදුවක් එම ස්ථානය මත පතිත කරවන අතර එහිදී සජීවී සෛලවල පවතින රසායන ද්‍රව්‍යයන් එම වතුර බිංදුව වෙත පැමිණේ. එසේ ඇඳී එන සෛල රසායන ද්‍රව්‍යයන් උපාංගය තුළට විශ්ලේෂණය සඳහා ඇද ගැනේ. මෙම පෙන් උපාංගය අනතුරුව ස්පෙක්ට්රොaමීටරයක් බවට පරිවර්තනය වන අතර සෑම තත්පරයකට වරක් සෛලවල අන්තර්ගත වන රසායන ද්‍රව්‍ය 1000 සමඟ දහස් ගණනක් මැන බලන බව පර්යේෂකයෝ සඳහන් කර සිටිති. එම උපාංගයෙහි රසායනික සලකුණක් තැබීමෙන් වෛද්‍යවරයා පරීක්ෂා කරනුයේ නිරෝගිS පටකයක් ද නැතහොත් පිළිකා සෛලයක් ද යන්න වෛද්‍යවරයාට අවබෝධ කර ගත හැකිවේ. මෙම උපාංගයෙන් පරීක්ෂා කිරීමෙන් කිසිදු පිළිකා පටකයක් මඟහැරෙන්නේ නැතිව සොයා ගත හැකි වීම විශේෂත්වයයි. මෙහිදී පිළිකා පටකයක් ඉවත් කිරීමේදී ඉවත් වන පිළිකා පටකවලට අමතරව තවත් පිළිකා පටක ඉතිරි වී ඇතිනම් එය තවත් පිළිකාවක් ලෙස වර්ධනය විය හැකි අතර ඒ හරහා මොළය ඇතුළු ඉන්ද්‍රියයන්ට හානි පැමිණ විය හැකිය. මෙම පෙන් උපාංගය පිළිබඳව අදහස් දක්වන ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ සහායක මහාචාර්ය ලිවියා එබර්ලින්ට අනුව මෙම පෙන් උපාංගයට ඉතා සාර්ථක ලෙස පිළිකාවක් හඳුනාගෙන එය සායන මට්ටම කරා යොමු කරවීමේ හැකියාව පවතී. මෙම උපාංගය හුරුබුහුටි, සරල ශල්‍ය වෛද්‍යවරයකුගේ අත කෙටි වෙලාවක් රඳවා ගත හැකි ප්‍රතිඵල දායක එකක්'' බව ඇය පවසන්නීය. මෙම උපාංගය පිළිබඳව කරන ලද අධ්‍යයනයේදී සාම්පල 253 ක් පරික්ෂා කර ඇති අතර තවත් අධ්‍යයනයන් සිදු කිරීමෙන් පසු එම උපාංගය ලබන වසරේදී වෛද්‍යවරුන් අතට පත්වීමට නියමිතය. මේ වන විට මිලි මීටර් 0.6 සිට මිලි මීටර් 1.5 දක්වා වූ ප්‍රමාණයකින් පටකයක ඇති සැකකටයුතු ස්ථානයක් විශ්ලේෂණය කිරීමේ හැකියාව මෙම උපාංගය සතුව පවතින බව හෙළි වී තිබේ. මෙම උපාංගය පිළිබඳ අධ්‍යයනයට සහභාගි වූ පර්යේෂකයකු වන වෛද්‍ය ඡේම්ස් සුලිබර්ත්ට අනුව මෙම උපාංගය හරහා පිළිකාව නිර්ණය කිරීමෙන් අනතුරුව රෝගියාට කඩිනම්, ඵලදායී ආරක්ෂිත සැත්කමක් කර දීමට හැකියාව ලැබෙනු ඇත. උපාංගය හරහා පිළිකා පටක ඉවත් කිරීමේ සැත්කම නිවැරදිව කිරීමට හැකි වන බවද ඔහු කියයි. මේ අතර ලන්ඩනයේ ඉම්පිරියල් විදුහලේ පර්යේෂකයන් පිරිසක් විසින් පිළිකා පටකයක් කැපීමේදී එය සැබැවින්ම පිළිකා පටකයක් දැයි ඉව දැන ගත හැකි විශේෂිත පිහියක් නිපදවා ඇති අතර හාවඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් මොළයේ පිළිකාවක් කොපමණ ප්‍රමාණයකින් ඉවත් කර හැකිදැයි විශ්ලේෂණය කළ හැකි ලේසර් තාක්ෂණයක් හඳුන්වා දී තිබේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Sep 2017 07:09 PM බොහෝ විෂබීජ නාශකයන්ගෙන් දරුණු පෙණහලු ආසාදනයන් වැළඳීමේ අවදානමක් බ්ලීචිං කුඩු ඇතුළු අනෙකුත් පොදු විෂබීජ නාශකයන් යොදා ගෙන නිවාස පිරිසිදු කිරීම හරහා දරුණු පෙණහලු ආසාදනයන්ට පුද්ගලයන් ලක් වීමේ අවදානම වැඩි බව වසර 30 ක් මුළුල්ලේ හාවඩ් විශ්වවිද්‍යාලය හා සෞඛ්‍ය හා වෛද්‍ය පර්යේෂණ පිළිබඳ ප්‍රංශ ජාතික ආයතනය විසින් ඒකාබද්ධව සිදුකරන ලද අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ. මෙවැනි විෂබීජ නාශක ද්‍රව්‍යයන් යොදා ගනිමින් සතියකට වරක් නිවාස ශුද්ධ පවිත්‍ර කරන අයකුට දරුණු පෙණහලු ආසාදනයක් වැළඳීමේ අවදානම සියයට 32 කින් වැඩි බව එම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ හෙද හෙදියන් 55,000 කට අධික සංඛ්‍යාවක් යොදා ගෙන සිදු කරන ලද මෙම අධ්‍යයනයේදී පොදු විෂබීජ නාශකයන් ආසාදනයන් පාලනය කිරීම සඳහා යොදා ගැනීමේදී ''ක්‍රොනික් ඔබ්ස්ට්රක්ටිව් පුල්මොනරි ඩිසීස්'' (කෝප්ඩ්) නමැති රෝගය වැළඳීමේ අවදානම වැඩිබව අනාවරණය වී තිබේ. ''(කෝප්ඩ්) රෝගයට එක්සත් රාජධානියේ පමණක් මිලියන 1.2 ක් පමණ දෙනා ගොදුරු වන බව අනාවරණය වී ඇති අතර එම රෝගය ''එම්පිසිමා'' හා ක්‍රොනික් බ්රොන්කයිටිස් යන රෝගවල සංකලනයක් සේ සැලැකේ, එහිදී වාතය ආශ්වාස හා ප්‍රශ්වාස කිරීම අසීරු වනුයේ පෙණහලුවල ආශ්වාස ප්‍රශ්වාස කිරීමට උපකාර වන අංශයන් සිහින් වීම හේතුවෙනි. කෝප්ඩ් රෝගය යුරෝපයේ පුද්ගලයන් මිය යන තුන්වැනි ප්‍රධානතම රෝග තත්ත්වය ලෙස හැඳින්වේ. මෙම විෂබීජ නාශකයන් ඇදුම වැනි රෝග තත්ත්වයන් වැළඳීමේ අවදානම වැඩි කරන බව මෙයට පෙරදී අධ්‍යයනවලදී අනාවරණය කරගෙන තිබිණි. ''බිලීsචිං කුඩු හා ස්ප්‍රේ වර්ග නිවාසවල් පිරිසිදු කිරීම සඳහා යොදා ගැනීමේදී ඇදුම වැනි රෝග වැළඳිය හැකි බව අනාවරණය වී ඇතත් ඒ පිළිබඳව තවත් අධ්‍යයනයන් සිදුකළ යුතුව ඇතැයි පර්යේෂකයෝ පෙන්වා දෙති. අධ්‍යයනය සිදුකළ කාලය තුළදී හෙද හෙදියන් 663 විෂබීජ නාශකයන් හේතුවෙන් හට ගන්නා ''කෝප්ඩ්'' රෝග තත්ත්වය වැළඳී තිබූ බව අනාවරණය වී තිබේ. මෙම තත්ත්වය මත රෝහල් හා නිවාසවල විෂබීජ නාශකයන් ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා යොදා ගැනීමේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශන උපදෙස් මාලාවක් පැවැතීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇතැයි පර්යේෂකයෝ සඳහන් කර සිටිති. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Sep 2017 11:00 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 14 Sep 2017 02:37 AM දවසින් දවස හොද හොද දේ අලුත්ම දේ ගේනවා වගේ අදත් ගෙනල්ල ස්තූතියි මල්ලි ඔයා මේ ගේන ලිපි ගොඩක් වැදගත් 0 You are not authorized to post a reply. Page 47 of 137 << < 4546474849 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner