You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 48 of 137 << < 4647484950 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Sep 2017 03:09 AM

බටර් අහිතකර නෑ


බටර් ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යයට අහිතකර නැතැයි පර්යේෂකයෝ පෙන්වාදෙති. බටර් ආහාරවලට එකතු කරගැනීමෙන් හදවත් රෝග ඇතිවීමේ අවදානම ඉහළ නැංවීමක් සිදු නොවන ඔවුහු පවසති.

දිනකට බටර් තේ හැන්දක ප්‍රමාණයක් ආහාරයට ගැනීම මර්තත්‍යාව කෙරෙහි සිදු කරන්නේ ඉතා සුළු බලපෑමක් බවත් ආඝාතය හෝ හදවත් රෝග සම්බන්ධයෙන් සැලකිය යුතු සබඳතාවක් දක්නට නැතැයි ද පර්යේෂකයෝ පෙන්වා දෙති. එපමණක් නොව ඉතා සුළු ප්‍රමාණයකින් දියාවැඩියාව ඇති වීමේ අවදානම පහත හෙළීමට බටර් ආහාරය ගැනීම උපකාරී වන බව ද මෙහිදි අනාවරණය වී තිබේ.

බොස්ටන් හි ටුෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් කරන ලද පර්යේෂණයකින් මෙම කරුණු අනාවරණය වී තිබේ. පර්යේෂකයන් පිරිස 2005 වසරේ සිට රටවල් 15කට අධික සංඛ්‍යාවක කරන ලද අධ්‍යයන නමයක ප්‍රතිඵල අධ්‍යයනය කරමින් අවසාන ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර ඇත. 

වයස අවුරුදු 44ත් 71ත් අතර පසුවන වැඩිහිටියන් 640,000කට යොදාගනිමින් කරන ලද පර්යේෂණ මාලාවක ප්‍රතිඵල මෙලෙස අනාවරණය කර තිබේ.

බටර් ආහාරයට ගැනීමෙන් දෙවැනි වර්ගයේ දියාවැඩියා රෝගය ඇතිවීමේ අවදානම සියයට 4කින් අඩු කරන බව ද මේ පර්යේෂණයෙන් අනාවරණය වී ඇත. කෙසේ වෙතත් මෙම කරුණු සනාථ කිරීම සඳහා තවදුරටත් පර්යේෂණ සිදු කළ යුතු බව ද පර්යේෂකයෝ පවසති.

හර්ෂණ තුෂාර සිල්වා
ඬේලිමේල් ඇසුරිනි

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
14 Sep 2017 04:15 AM
බටර් කෑම අහිතකර නෑ.
ඒත් මාජරින් කෑම අහිතකරයි.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Sep 2017 05:10 AM
මාගරීන් වලට ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ බටර් වලට වඩා ගණන් අඩු නිසානේ
ෆාම් ඔයිල් එලවලුතෙල් වෙනුවට කන්නෙත් ඔය වෙනස නිසානේ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Sep 2017 08:55 AM
ෂා මල්ලිගේ කතාව හරි. අද ගොඩක් අය ගුන අගුන කෙසේ වෙතත් මිල තමයි බලන්නේ මුලින්.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 Sep 2017 10:57 PM
බටර් මොකො අහිතරකර ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Sep 2017 02:43 AM

ඉන්ජෙක්ෂන් ගහපු කාලෙ ඉවරයි


එන්නත් කටු යොදා ගෙන ඖෂධ ශරීරගත කිරීම තවදුරටත් අවශ්‍ය නොවන නව නිපැයුමක් දැන් හඳුන්වා දී තියෙනවා. ඔබට තියෙන්නේ වෛද්‍යවරයා නියම කරන පැලැස්තරය සමෙහි අලවා ගැනීමයි. මේ නව ක්‍රමය ඇමරිකාවේ මැසචුසෙට්ස් විශ්ව විද්‍යාලයේ නව සොයා ගැනීමක්. ඒ පිළිබඳව එහි පර්යේෂකයන් කියන්නේ මේ නව ක්‍රමයෙන් ක්ෂුද්‍ර ඉඳිකටු තුඩු සහිත ‘පච්චයක්’ වැනි පැලැස්තරයක් යොදා ගෙන වඩාත් ආරක්ෂිතව, වේදනා රහිතව අනාගතයේ දී එන්නත් ලබා දිය හැකි බවයි.

ඔවුන් කියන විදියට ඒඞ්ස් වැනි රෝග තත්වයන් ඇති කරන එච්අයිවී ආසාදනවලදී සාමාන්‍යයෙන් එන්නත් දීමේ ක්‍රමයෙන් සිදු වන අවදානමට මුහුණ නොදී මේ නව ක්‍රමයෙන් ඩීඑන්ඒ එන්නත පහසුවෙන් ලබා දිය හැකි බවයි. ‘මයික්‍රොනීඞ්ල් පච්ච’ යනුවෙන් හැඳින්වෙන මේ නව ක්‍රමයේ පැලැස්තරය තනා ඇත්තේ බහුඅවයවික ස්තර ගණනාවක් ඇති ඩීඑන්ඒ එන්නතක් ඇතුළත් කරලයි.

මේ බහුඅවයවික පටල, ‘මයික්‍රොනීඞ්ල්’ (ඉසියුම් ඉඳිකටු තුඩු) භාවිත කරමින් සමට මිලිමීටර් බාගයක් යටින් තැන්පත් කළ හැකියි. අපිචර්මයේ පිහිටි ප්‍රතිශක්ති සෛලවලට ඩීඑන්ඒ ලබා දෙන්නට ඒ ගැඹුර ප්‍රමාණවත්. අපට වේදනාව දැනෙන සමෙහි ස්නායු තුඩු තියෙන්නේ ඊට වඩා පහළින් නිසා මේ ‘මයික්‍රොනීඞ්ල්’ පච්චයේ ඇති ඉතා සියුම් ඉඳිකටු තුඩු ඒවායෙහි ගෑවෙන්නේ නෑ. ඒ නිසා වේදනාව දැනෙන්නේ නැහැ.

සම යට දී මේ බහුඅවයවික පටල එහි ඇති ජලය මිශ්‍ර වීම නිසා අනුක්‍රමයෙන් දිය වී දින හෝ සති ගණනාවක් තිස්සේ එහි අන්තර්ගත කර ඇති එන්නත සිරුර තුළට මුදා හැරෙනවා. බහුඅවයවික පටලය බිඳුණු පසු ඒ බහුඅවයවික කොටස් ඩීඑන්ඒ රැහැන් සමග දැවටී ඒවා ආරක්ෂා කර ගනිමින් ඒවාට සෛල තුළට රිංගා ගැනීමට උදවු කරනවා. මේ ඉසියුම් ඉඳිකටු තුඩු සහිත පැලැස්තරය සම මත ඇල වූ සැණෙන් එහි ඇති ඖෂධය ශරීර ගත වෙන්න පටන් ගන්නවා. ඒක ‘පච්චයක්’ වැනි දෙයක් ඇති කරනව වගෙයි.

මේ ඉසියුම් ඉඳිකටු තුඩු සැලසුම් කරන්න පුළුවන් සමෙහි ඉහළම ස්තර පමණක් විනිවිද යන විදියට. එතකොට ස්නායු අන්ත හා රුධිර නාළවලට ඒවා ළං වෙන්නේ නැහැ. කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ, අධස්චර්මීය (පිට හමට යටින් වූ) කොටසට එන්නත් කිරීමට ගන්නා ඉන්ජෙක්ෂන් කටුවලින් වගේ. “මේවා භාවිත කරන විට සිරින්ජ අවශ්‍ය වන්නේත් නැහැ.” යැයි මහාචාර්ය ඩැරල් අර්වින් කියනවා. ඔහු මැසචුසෙට්ස් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ජෛව විද්‍යා ඉංජිනේරු හා වාස්තවික විද්‍යා ඉංජිනේරු අංශයේ මහාචාර්යවරයෙක්. “ඔබට කරන්න තියෙන්නේ මිනිත්තු කීපයක් මේ පැලැස්තරය අලවා තබා එය ඉවත් කිරීම පමණයි. එවිට ඖෂධ කොටස සහිත බහුඅවයවික පටලය සමට කා වැදී පවතිනවා.” ඔහු කියනවා. පර්යේෂකයන් කියන විදියට මේ ‘මයික්‍රොනීඞ්ල් පච්ච’ දැනට භාවිත කෙරෙන්නේ නව පරම්පරාවක ඩීඑන්ඒ එන්නත් සිරුරු ගත කිරීමට පමණයි.

වර්තමානයේ භාවිත වන එන්නත් සිරුර තුළ ප්‍රතිශක්තිය වර්ධනය වීමට උදවු වෙන්නේ ආක්‍රමණශීලී වෙතැයි සැලකෙන රෝග කාරකවලට ප්‍රතිශක්ති පද්ධතියට නිරාවරණය කිරීමෙනුයි. විද්‍යාඥයන්  දැන් සංවර්ධනය කර ගෙන යනවා ඩීඑන්ඒ එන්නතක් ස්පර්ශයෙන් බෝවෙන රෝගවලට. ඒ අනුව ඒවා එන්නත් කළ අයගේ සිරුරු තුළ ආක්‍රමණශීලී රෝග සඳහා අනතුරු හැඟවිය හැකි අණු නිපදවෙනවා. ඒවා හඳුනා ගෙන වඩා ඉක්මනින් ඒවාට එරෙහිව ක්‍රියාත්මක වීමට සිරුරේ ප්‍රතිශක්ති පද්ධතියට හැකි වෙනවා. මෙය සම්ප්‍රදායික එන්නත්වලට වඩා ඉතාමත් කාර්යක්ෂමයි.  කෙසේවෙතත්, පර්යේෂකයන්ට අධික ලෙස වෙහෙසෙන්නට සිදු වුණා, වඩාත් සාර්ථකව මේ එන්නත් සිරුරු ගත කළ හැකි ක්‍රමවේදය සොයා ගන්න. ඒ සඳහා දැන් ඔවුන් විදුලි දහරක් භාවිත කරනවා.

විද්‍යාඥයන් මේ පැලැස්තර රීසස් වඳුරන්ට යොදා පරීක්ෂා කර බැලුවා, මේ ඩීඑන්ඒ එන්නත දුන් පසු කොයිතරම් ප්‍රෝටීන් ප්‍රමාණයක් ඒ සතුන් තුළ නිපදවෙනවාද කියා. ඒ වඳුරන්ගේ සිරුරු තුළ කලින් සාමාන්‍ය අධස්චර්මීය ඉඳිකටු යොදා ගෙන දෙන එන්නතට වඩා 140 ගුණයකින් ප්‍රෝටීන් නිපදවෙන බව හෙළි වුණා. “මේ ඉසියුම් ඉඳිකටු තුඩු සහිත පැලැස්තරය හරියට බළල් දිවක් වගේ තමයි, අතට දැනෙන්නේ.” යැයි එහි එක් පර්යේෂකයකු වූ පීටර් ඩිමුත් කියනවා. ඔහුත් මැසචුසෙට්ස් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ජෛව විද්‍යා ඉංජිනේරු හා වාස්තවික විද්‍යා ඉංජිනේරු අංශයේ විද්‍යාඥයෙක්. “අපට මේ ක්‍රමයෙන් එන්නත දෙන ආකාරය කෙළින් ම පාලනය කරන්න පුළුවන්. එන්නත ශරීර ගත කරන කාලය හා ප්‍රතිශක්තිය වර්ධනය කර තබා ගත යුතු කාලය නිශ්චිතව පවත්වා ගෙන යන්න පුළුවන්, පැරණි ක්‍රමයට වඩා සාර්ථකව.” යනුවෙන් පීටර් ඩිමුත් වැඩිදුරටත් කියනවා.

ඬේලිමේල් ඇසුරිනි

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Sep 2017 04:07 AM

ලෙඩ දුක් රැසකට ගුණ දෙන “චව් චව්”

ශාක ඵලවලින් මිනිස් සිරුරට ලැබෙන ‍පෝෂණය මිල කළ නොහැකිය. ඒවායේ අඩංගු විවිධ රසායනිකයන් ලෙඩ රෝග රැසක් මැඩලීම සඳහා උපකාරී වෙයි. 

ගමේ ‍පොළොස් ගෙඩිය, පැ‍පොල් ගෙඩිය, කෙසෙල්මුවය, කැකිරි ගෙඩිය, අලු කෙසෙල්, තුඹ කරවිල, පලා කොළ මිටිය ආදි ආහාර වර්ග කීපයක් පමණක් ඉතිරි කරමින් මේ ජානගත ආහාර හා කෘත්‍රිම වස වසංගතය රට පුරා පැතිර ගොස් ඇති අවධියක තවත් මහඟු ඔසු ගුණ පිරි ආහාරයක් පිළිබඳව තොරතුරු මෙවර විමසා බලමු. මේ වැඩි මිලක් වැය නොකර ලබා ගත හැකි ‘චව් චව්’ පිළිබඳවයි. 
 
“චව් චව්” ආහාරයට ගත හැකි ක්‍රම
* මැල්ලුම
* ඇඹුල 
* කිරට
* මිරිසට
* කොස් ඇට සමග
* පරිප්පු සමග
 
හොඳම ගුණදායක එළවළුවක් 
 
සංතෘප්ත මේදය නැති 94%ක්ම ජලය අඩංගු “චව් චව්” ග්රෑම් 100ක අඩංගු ශක්තිය කිලෝ කැලරි 16කි. ‍පෝෂණවේදීන්ට 
අනුව “සිරුරේ බර වැඩිවීම පාලනයටත් කොලෙස්ටරෝල් අඩු කිරීමටත් හොඳම එළවළුවකි චව් චව්” රුධිර පීඩනය යහපත් මට්ටමක පවත්වා ගැනීමටත් හදවත සුවපත්ව තබා ගැනීමටත් ‍පොටෑසියම් බහුල ආහාර පානවලින් මනා සහයක් ලැබේ. “චව් චව්” ග්‍රෑම්  100ක ‍පොටෑසියම් මිලිග්‍රෑම් 155ක් අඩංගු වන බැවින් රුධිර පීඩනය සමනය කර හදවත සුරැකීමට ඉන් ලබාගත හැකි ඔසු ගුණය අසීමිතය. ඉන්දුනීසියානු සාම්ප්‍රදායික වෙදකමට අනුව දෙහි යුෂ මිශ්‍ර කළ “චව් චව්” යුෂ අඬු කෝප්ප දෙකක් බැගින් දිනපතා උදේ සවස දෙසතියක් බොන්නට දීමෙන් රුධිර පීඩනය මනාව පාලනය වේ. තන්තුවලින් පරිපූර්ණ ආහාරයක් වන “චව් චව්” ගෙඩියක ආහාරමය තන්තු ග්‍රෑම් 3, 4ක් පමණ අන්තර්ගතවේ. මෙම ප්‍රමාණය මිනිස් සිරුරකට දිනකට අවශ්‍ය තන්තු ප්‍රමාණය මෙන් 14%කි. මේ අනුව ආහාර ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයටත්, බඩවැල්වල හටගන්නා 
පිළිකා අවදානමෙන් මිදිමටත්, මළ බද්ධය හා අර්ශස් රෝග මැඩ පැවැත්වීමටත් “චව් චව්” තරම් අගනා ආහාරයක් නොමැති බව ආසියානු රටවල පාරම්පරික වෙදැදුරන්ගේ මතයයි. 
 
අස්ථිවල නිරෝගී බවටත් කදිමයි
 
“චව් චව්” ආහාරයට ගැනීමෙන් අස්ථිවල නිරෝගී බවද සුරැකේ. ඊට බලපාන්නේ “චව් චව්”වල කැල්සියම්, මැග්නීසියම් හා විටමින් බහුලව අන්තර්ගත වීමයි. මේ නිසාම දේශීය කැඩුම් බිඳුම් වෙදැදුරන් අස්ථි බිඳීම්වලදී “අස්ථි මෙලෙක් කර මනා ලෙස පෑහීමට “චව් චව් ඇට” ඖෂධ සඳහා යොදාගනී. 
 
විටමින් වර්ග බහුලයි 
“චව් චව්”වල තයමින් (විටමින් E1), රයිබෝප්ලෙවින් (විටමින් E2), නියැසින් (විටමින් E3), පැන්ටොතෙනික් අම්ලය (විටමින් E5), පිරිටොක්සින් (විටමින් E6) ආදී බි කාණ්ඩයේ විටමින් ‍පෝෂණ බහුලව අඩංගුය. ඊට අමතරව විටමින් C, විටමින් E හා විටමින් K වලින් “චව් චව්” ‍පොහොසත්ය.
 
“චව් චව්” කොළ තම්බා පානය කිරීමෙන් ලැබෙන ගුණ “චව් චව් හා පත්‍රවලින් සාදන කසාය හෝ පානය චව් චව් වැ‍ලේ කොළ තම්බා “තේ” වෙනුවට පානය කළ හැක. ඒ තුළින් සිරුරට ලැබෙන මහඟු ගුණ මෙසේය. 
* අධික රුධිර පීඩනය පාලනය වීම.
* වකුගඩු ගල් දියවීම.
* අධික රුධිර පීඩනයට හා හෘදයාබාධවලට කොලෙස්ටරෝල්, ට්‍රයිග්ලිසරයිඩ්, රුධිර නාලවල කැල්සියම් බැඳීමෙන් සිදුවන රුධිර නාල ඝන වීමේ රෝග තත්ත්වය මනාව පාලනයවේ.
 
ගැබිනි මව්වරුන්ටත් ඉතා ගුණදායකයි
 
“චව් චව්” ග්‍රෑම් 100කින් ගැබිනි මවකගේ ෙදෙනික ෆෝ‍ලේට් අවශ්‍යතාවෙන් 25%ක් ලැබෙයි. මේ අනුව ගැබිනි මව්වරුන්ට වෙළෙඳපළේ ඇති ෆෝ‍ලේට් අඩංගු අමතර රසායන ද්‍රව්‍යයන්ගෙන්ද සරු කොට ඇති ප්‍රියමනාප ඇසුරුම්වලින් එන කෘත්‍රිම ඖෂධ වර්ග වෙනුවට “චව් චව්” සතියකට තුන් හතර වතාවක් ආහාරයට ගැනීම මොනතරම් යහපත්ද ?
 
පිළිකා අවදානම වළක්වන්නටත් වයසට යාම පාලනය කරන්නටත් කදිමයි 
 
“චව් චව්” ආහාරයට ගැනීමෙන් හා එහි පත්‍ර තේ මෙන් තම්බා බිමෙන් “පිළිකා මැඩලන ශක්තියත්, වයසට යාම පාලනය කරන ශක්තියත්” ලැබේ. ඊට බලපාන ශාක රසායනිකයක් වන Asapigenin luteolin වැනි ෆ්ලෙවර්නොයිඩ් හා ‍පොලි ෆිනේලික ප්‍රතිඔක්සිකාරකයන් “චව් චව්” වල යහමින් අඩංගුය. 
 
“චව් චව්” ආහාරයට ගැනීමෙන් වැළකිය යුතු අය 
 
හන්දිගත රූමැටික (Rheumatoid Arthritis) රෝගීන්ට “චව් චව්” ‍පොටෑසියම් අධික  ආහාරයක් බැවින් ආහාරයට ගැනීම සුදුසු නොවේ. 
 
රඹුක්කන කීර්ති එස්. කුමාර
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Sep 2017 04:11 AM
chaw chaw ..ela ela
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Sep 2017 06:19 PM

පෙන්වා සතුටුවීම

ඔහු ගාමින්ද, රාජ්‍ය පරිපාලන නිලධාරියෙක්. ඔහු මා හමුවීමට පැමිණෙන්නේ සිය මවත් සමඟ. මේ ඔහුගේ කතාවයි.

මම මගෙ පවුලේ එකම දරැවා. මගේ තාත්තා විදුහල්පතිවරයෙක්. ගොඩක් සැරයි. මගෙ අම්මා නම් හරිම අහිංසකයි. පුංචි කාලේ මම ඉගෙනගන්න ගොඩක් දක්ෂයි. ඒ නිසාම මම හොඳින් විභාග පාස්වුණා. උපාධියකුත් ගත්තා. දැන් මම විවාහකයි. මට අවුරුදු එකහමාරක පුංචි පුතෙකුත් ඉන්නවා. ඒත් මට මගේ ජීවිතේ හදාගන්න බැරිවුණ එක දුර්වලකමක් තියනවා. මට ඒක හදාගන්න ඕනෑ.

ගාමින්ද එසේ කියමින් මොහොතකට නිහඬ වුණා. ඔහුගේ ගැටලුව ඉදිරිපත් කළේ ගාමින්දගේ අම්මා. ඇය පැවසුවේ මෙවැනි දෙයක්.

ගාමින්ද විවාහකයි. එයා පරිපාලන නිලධාරියෙක්. ඒ මොන තැනක හිටියත් මෙයාගේ ලොකු අඩුපාඩුවක් තියනවා. හේතුව මෙයා සතුටුවෙන්න පුරුදුවෙලා ඉන්නේ එයාගේ ලිංගේන්ද්‍රිය නාඳුනන ගැහැණු අයට පෙන්නලා. එයා හැමදාම හොඳට ඇඳගෙන ටයි එකත් දාගෙන වැඩට යනවා කියලා ගෙදරින් යනවා. ඒත් සමහර දවස්වල එයා ඒ ඇඳුම් මාරැකරලා නිකන් ටී ෂර්ට් එකකුයි සරමකුයි ඇඳගෙන බාලිකා විද්‍යාලයක් ළඟට හරි පාළු පාරක් ළඟට හරි ගිහින් වාඩිවෙලා ඉන්නවා. කවුරු හරි ගෑනු කෙනෙක් දැක්කාම එයා එයාගේ ලිංගේන්ද්‍රිය පෙන්නලා එතනින් යන්න යනවා. දැන් දෙසැරයක්ම පොලිසියට අහුවුණා. මෙයාට හොඳටම ගහලා තිබුණා. ඒත් මෙයාගේ යාළුවෙක් තමයි කිව්වේ මේක මානසික ලෙඩක් වෛද්‍යවරයෙකුට පෙන්නන්න කියලා.

ගාමින්දගේ මවගේ කතාවට ඇහුන්කන්දුන් මම යළිත් ගාමින්ද දෙසට යොමුවුණා. ගාමින්දගේ ජීවිතයේ යටගියාවක් සොයා බැලුවා. ගාමින්ද ඒ පිළිබඳව පවසා තිබුණේ මෙවැනි දෙයක්.

මගේ තාත්තා ගොඩක් සැරයි. හරිම නීතිගරැකයි. මම කොපමණ හොඳට අධ්‍යාපන කටයුතු කරගෙන ගියත් පොඩ්ඩ බැරි වෙද්දි බනිනවා. පුංචි වැරැද්දටත් මට ගහනවා. මට මතකයි මම සෑහෙන්න ලොකු වෙනකල් ඔහු මට දඬුවම් කළා. මාව කාමරයකට දාලා නිරුවත් කරලා වේවැලකින් පහර දුන්නා. ඒ හැම වෙලාවකම මට ලොකු වේදනාවක් දැනුනා. ඒ වගේම ලිංගික උත්තේජනයකුත් ලැබුවා. ඒ නිසා තාත්තා මට දඬුවම් කරන හැම වෙලාවකම මම වේදනාව ඉවසාගත්තේ ඉන් ලැබුණ ලිංගික උත්තේජනය නිසා.

දැන් මට අවුරුදු 28යි. මං මගේ බිරිඳත් එක්ක සතුටුවෙනවට වැඩිය ලොකු ආශ්වාදයක් මගේ ලිංගේන්ද්‍රිය තවත් නාඳුනන කාන්තාවකට පෙන්වීමෙන් ලබනවා. එය මං කරන්න පටන් ගත්තේ අවුරුදු 18 දී. මම සතුටුවෙන්නේ තවත් කෙනෙකුගේ මනසට පීඩාවක් දීලා. මම දන්නවා ඒක වැරදි දෙයක් කියලා. මට ඒකෙන් මිදෙන්න ඕන.

මේ වගේ තත්ත්ව තියෙන පුද්ගලයෙකු අසාමාන්‍ය ලිංගික චර්යා සහිත පුද්ගලයෙක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. මෙය මනෝවෛද්‍ය විද්‍යාවට අනුව අසනීපයක් ලෙසයි සලකන්නේ. මෙවැනි අසනීප රාශියක් තියෙනවා. උදාහරණයක් විදියට පීඩොපිලියා (Pedophilia) දරුවන්ට ලිංගික අතවර කිරීමට ඇති කැමැත්ත, ප‍්‍රදර්ශනකාමය (Exhibitionism) ලිංගික අවයව ප‍්‍රදර්ශනය කිරීමට ඇති ආශාව, දර්ශාස්වාදය (Voyeurism) හොරෙන් බැලීමට ඇති ආශාව, පරපීඩාකාමය (Sadism) වේදනාවක් දීලා ලිංගික ආශ්වාදයක් ලැබීමට ඇති ආශාව වැනි රෝග පෙන්වා දෙන්න පුළුවන්. මේ රෝග සහිත පුද්ගලයන්ගෙන් ඔවුන්ටම හෝ වෙනත් අයට පීඩාකාරී තත්ත්වයන් උදාවිය හැකියි. සමහර අවස්ථාවලදී උසාවියක නඩු පවරලා දඬුවම් කළ හැකි අවස්ථා තියෙනවා.
අද කතාකරන්නේ ප‍්‍රදර්ශනකාමය කියන මානසික රෝගය පිළිබඳවයි. මෙවැනි අය ප‍්‍රසිද්ධ ස්ථානයකට ගිහිල්ලා ලිංගික අවයව ප‍්‍රදර්ශනය කරලා සතුටුවීමට ක‍්‍රියාකරනවා. ඒ සඳහා බස්හෝල්ට් එකක්, නැතිනම් පාසලක්, චිත‍්‍රපටිශාලාවක් වැනි ස්ථාන තෝරා ගන්නවා. මේ රෝගයට ගොදුරුවීමේ ප‍්‍රවණතාව වැඩියෙන් තියෙන්නේ පිරිමි පාර්ශ්වයට. මේ තත්ත්වය ෆැන්ටසි එකක් නැතිනම් සිහින ලෝකයක් ලෙසයි මේ රෝගීන් දකින්නේ. ඔවුන් ඉන් ලොකු තෘප්තියක් ලබනවා. මෙවැනි ඇය ලිංගික අතවර කිරීම්වලට යන්නේ නැහැ. මෙවැනි තත්ත්ව ඇතිවීමට හේතු රාශියක් තියෙනවා. දරුවකු පුංචි කාලයේ ලිංගික අපයෝජනයට ලක්වීම එක් හේතුවක් වෙනවා. ඒ වගේම අසාමාන්‍ය ලිංගික උත්තේජක වලට දරුවා ලක්කිරීම තවත් හේතුවක්. මා හමුවීමට පැමිණි මේ පුද්ගලයාත් පුංචි කාලයේ තාත්තා පහරදෙනවිට ලබන ශාරීරික වේදනාවට අමතරව අපූරු ලිංගික උත්තේජනයකුත් ලබලා තියෙනවා. මේ වගේ සිදුවීම් වගේම දරැවකු අනවශ්‍ය ලෙස අතපතගෑම්වලින් ද මෙය සිදුවිය හැකියි. ඒ වගේම දරුවන්ට නුසුදුසු චිත‍්‍රපටි පෙන්වීමත් ඉන් ඔවුන් අසාමාන්‍ය ලිංගික උත්තේජනයක් ලැබීමත් මීට හේතු විය හැකියි. 

මෙවැනි හේතු දෙස බලනවිට පුංචි කාලේ සිටම දරුවෙකුට නිවැරදි ආරක්ෂාව, ආදරය ලබාදීම ඉතාමත් වැදගත් බව පෙන්වාදෙන්න පුළුවන්. ඒ වගේම මෙවැනි රෝගීන් සඳහා ප‍්‍රතිකාර කිරීමේදී නිවැරදි ක‍්‍රම භාවිත කළ යුතුයි. හේතුව ඔවුන් මානසික ආතතියකින් පෙළීම. ඒ සඳහා ඖෂධ ප‍්‍රතිකාර කළ යුතුයි. ඒ වගේම මනෝ චිකිත්සක ප‍්‍රතිකාර ක‍්‍රමයක් අනුගමනය කළ යුතුයි. ඒ සඳහා ඔහුගේ මනස විවෘත කළ යුතුයි. එනම් මෙවැනි දේ නිසා සිදුවිය හැකි වාසි මොනවාද, අවාසි මොනවාද කියා විවෘතව සාකච්ඡා කළ යුතුයි. එනම් එවැනි දේ නිසා ඔහුට පවුලෙන් ලැබෙන පිළිගැනීම, ඔහුගේ රුකියා ස්ථානයෙන් ලැබෙන පිළිගැනීම, සමාජය ඔහු හඳුන්වන ආකාරය ආදිය පිළිබඳ දැනුවත් කළ යුතුයි. (බුද්ධිමය අවදි කිරීම - Inside Oriented Therapy) මීට අමතරව පවුලේ අය දැනුවත් කිරීමත් වැදගත්. හේතුව පවුලේ අය මෙවැන්නන් කොන්කර අපහාස කළහොත් තවදුරටත් මේ තත්ත්වය වැඩි විය හැකියි. ඒ නිසා ඔවුන්ටත් මෙවැනි පුද්ගලයන් සමඟ කොහොමද ඉන්නේ කියලා අවබෝධ කරවීමට මනෝ උපදේශනය කි‍්‍රයාත්මක කළ යුතුයි. මේ සියලු දේ වගේම වෛද්‍යවරයා සමඟ කාලයක් සම්බන්ධතා පවත්වාගෙන යාම හා නිවැරදිව උපදේශනයට යොමු කිරීම තුළින් මෙවැන්නන් එවැනි දේ වලින් මුදා ගත හැකියි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Sep 2017 06:23 PM

කෙල්ලෙක් වගේ පියයුරු විශාල වෙලාද?

පුන් පියයුරු එහෙමත් නැතිනම් පිරුණු පියයුරු කාන්තාවන්ගේ ද්විතියික ලිංගික ලක්ෂණයක්. නමුත් පිරිමින්ගේ එහෙම නැහැනේ. ඒත් කලාතුරකින් සමහර පිරිමින්ගේ පියයුරු විශාල වෙනවා. කාන්තාවකගේ වගේම විශාල වන අවස්ථා දකින්නත් පුළුවනි. ඉතින් මේක මහා වදයක්නේ. මේ නිසා බොහෝදෙනා මනසින් කඩා වැටෙනවා. සමාජයට එන්න ලජ්ජයි. ප්‍රසිද්ධියේ කමිසය ගලවන්නේවත් නෑ. මෙහෙම වෙන්නේ ඇයි?

පිරිමි අයගේ පියයුරු මේ වගේ කලාතුරකින් විශාල වීමට ලක්වීම හඳුන්වන්නේ Gynecomastia ගයිනෙකොමැස්ටියා හැටියටයි. ඒ සඳහා බලපාන කරුණු කාරණා කිහිපයක්ම හඳුනාගත හැකියි.

එය උපතේදීම හටගන්නා තත්ත්වයක් වන්නට පුළුවනි. තවත් අයගේ යොවුන් වයසේදී හටගන්නා හෝමෝන වෙනස්කම් නිසා සිදුවන්න පුළුවනි. ස්ත්‍රී හෝර්මෝනය වැඩියෙන් ශ්‍රාවයවීම මෙයට හේතුව වෙන අවස්ථා තියෙනවා. සමහර ඖෂධවර්ග භාවිතා කරනවිටත් මේ තත්ත්වය ඇතිවෙනවා. ඒ වගේම වඩාත් වැදගත්ම කාරණාව තමා මත්පැන්. දිගුකලක් අධිකව මත්පැන් ගන්නා විට ශරීරයේ හෝර්මෝන සමතුලිත බව කඩා වැටෙනවා. වෘෂණ කෝෂ හරියට වැඩ නොකර යනවා. ටෙස්ටොස්ටෙරොන් කියන හෝමෝනය නිපදවීම අඩුවෙනවා. මේ නිසා කාන්තා ලක්ෂණ ඉහළ යනවා. එහි ප්‍රධානම ලක්ෂණය තමා පියයුරු විශාල වීම.

පියයුරු විශාල වීම ඖෂධයක් නිසා සිදුවන්නේ නම් ඒ ඖෂධය නවත්වා දැමූ පසු සාමාන්‍ය තත්ත්වයට කුඩා වෙන්න ගන්නවා. මත්පැන් පානය කරන අයට ඇති හොඳම බෙහෙත පානය නතර කර දැමීමයි. යොවුන් වියේදී පියයුරු සාමාන්‍යයෙන් සුළු වශයෙන් විශාල වුවත් ඒක ටික කලකින්ම නැතිවෙලා යනවා. එතැන්දී මේ ස්වභාවික තත්ත්වය ගැන පහදලා දීලා හිත හැදීමයි කළයුතු.

පියයුරු විශාලවීම දිගුකලක් පවතින විට ඒ සඳහා ඇත්තේ එකම විසඳුමයි. ඒ තමා ප්ලාස්ටික් ශල්‍යකර්මය. මුලින්ම පවුලේ වෛද්‍යවරයා වෙත යොමුවී පරීක්ෂා කර ගත යුතුයි. ඊළඟට ඔහුගේ උපදෙස් අනුව සුදුසුකම් ලත් ශල්‍ය වෛද්‍යවරයකු හමුවිය යුතුයි. දැන් රජයේ රෝහල් හැමකෙකම වාගේ ප්ලාස්ටික් ශල්‍යකර්ම සිදුකරන නිසා මේ ගැන තැවි තැවී සිටින්න ඕනෑ නැහැ.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Sep 2017 06:27 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/22528.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/22529.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/22530.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/22531.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/22532.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/22533.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/22534.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/22535.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Sep 2017 06:33 PM

පපුව රිදෙන්නේ හදවත් රෝගයකටමද?

හදවත සහ රුධිර නාල ආශ්‍රිත රෝගාබාධ විශේෂයෙන්ම හෘදයාබාධ නැතිනම් හාට් ඇටෑක් ලෙස හඳුන්වන තත්ත්වය ගැන කතාකරනකොට පපුවේ කැක්කුම තමා ප්‍රධාන රෝග ලක්ෂණය. නමුත් පපුවේ එන හැම කැක්කුමක්ම හෘදයාබාධයක ලක්ෂණයක්ද? වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ එය එසේ නොවන බවයි. හෘදයට කිසිම සම්බන්ධයක් නැති හේතුන් සහ රෝගාබාධ නිසා පපුවේ කැක්කුම හටගන්නත් පුළුවනි. අද අපි කතා කරන්න යන්නේ හෘදයාබාධයකදී එන පපුවේ කැක්කුම සහ හදවතට කිසිම සම්බන්ධයක් නැති රෝගාබාධ නිසා ඇතිවන පපුවේ කැක්කුම් ගැනයි.

මාංශ පේශීන්ගේ කැක්කුම
වැඩිපුර ව්‍යායාමවල නිරත වූ විට එහෙමත් නැත්නම් අධික බරක් ඔසොවාගන ගියවිට ඔබේ පපු කුහරය ආශ්‍රිත මාංශ පේශිවලට දැඩි පීඩනයක් ඇතිවිය හැකියි. ඒවා ඇදීමට ලක්විය හැකියි. මෙහෙම වුණාම එන වේදානවත් දරන්න අමාරුයි. තදින් හුස්ම ගන්නා විටත්, අදාළ ප්‍රදේශය ඇඟිලිවලින් තද කරන විටත් වේදනාව අධික වෙන්න පුළුවනි. වේදනාව මගහැරෙන තුරු ව්‍යායාම නොගෙන සිටීම වැදගත්. උණුසුම් පොට්ටනියකින් තැවීම වගේම, අයිස් තැබීමත් වේදනානාශක ආලේපනයක් ගෑමත් සුදුසුයි.
         
වෛරස් හේතුකොට ඇතිවන ස්නායු වේදනාව හෙවත් - ෂින්ගල්ස්
ඔබේ පපුවේ හෝ පිටේ වේදනාත්මක පළු බිබිලි සහිතව පපුවේ වේදනාවක් එනවා නම් බොහෝවිට ඔබට ෂින්ගල්ස් (Shingles) නමැති රෝගය වැළඳී තිබෙන්නට පුළුවනි. කක්කල් කැස්ස ඇතිකිරීමට හේතුවන වෛසරය මගින් පපුවේ මාංශ පේශි ආශ්‍රිත ස්නායු ගැංගේලියම් ඉදිමීමට ලක්වීම නිසා මේ වේදනාව හටගත හැකියි. ෂින්ගල්ස් නිකම්ම හොඳවන අවස්ථා තිබුණත් මේ වගේ වෙලාවට වෛද්‍ය උපදෙස් ගැනීම තමා වඩාත් වැදගත්.
                  
හර්නියා
ඔබේ පෙනහළුවලට පහළින් ඇති පුංචි ඉඩකඩ තුළදී මුඛයේ සිට ආහාර රුගෙන එන ගලනාලයත්, ආමාශයත් එක්වෙන තැනක් තිබෙනවා. අධික ලෙස කහින විට අධික බරක් ඔසොවන විට, නැත්නම් මළ පහ කිරීමට අධිකව දරන උත්සාහය නිසා අමාශයේ කොටසක් මේ ඉඩකඩ වෙත තෙරපී එන්න පුළුවනි. මෙය Hiatal Hernia හැටියටයි හඳුන්වන්නේ. පපුවේ වේදනාව මෙහි රෝග ලක්ෂණයක්. ඊළඟට රාමතෙල් පිටවීම, ඉදිමුම වගේම උගුරේ තිත්ත රස දැනීමත් දක්නට පුළුවන්. මේ සඳහාත් වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුයි.
        
පිත්තාශ ගල්
ඔබේ පිත්තාශය තුළ ඇති ආහාර දිරවීමට උපකාරීවන පිත ඝනවීම නිසා කැටිති ඇතිවිය හැකියි. මේවා සාමාන්‍ය වැලිකැට ප්‍රමාණයේ ඉඳලා ගොල්ෆ් බෝලයක ප්‍රමාණය දක්වා වෙනස් වෙන්න පුළුවනි. පිත්ත ප්‍රනාල සහ පිත්තාශය අතර මේවා සිරවීම නිසා ඉතා ක්ෂණික තද කැක්කුමක් බඩේ පපුවේ වගේම පිටපැත්තේත් දකුණු උරහිස ආශ්‍රිතවත් හටගන්න පුළුවන්. මේක බොහෝමයක් වෙලාවට හටගන්නේ හොඳට කටබඩ පුරා කාලා රෑට නිදාගන්න දවසටයි. මේ සඳහා වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.
        
සිපිලිස්
ලිංගිකාශ්‍රිතව බෝවන උපදංශ නැමැති මේ රෝගය නිසාත් පපුවේ කැක්කුම හටගන්නා අවස්ථාවක් තියෙනවා. ඒ මේ රෝගය පෙනහළු ආක්‍රමණය කළ විටයි. පෙනහළු පටල ආශ්‍රිතව තරලය පිරීමට ලක්කරන්න මෙය හේතුවෙනවා. එවිට ඉතා තියුණු පපුවේ වේදනාවක් සමග සෙම් සහිත කැස්ස හටගන්න පුළුවනි. මේ සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබාගත යුත්තේ වෛද්‍ය උපදෙස් මතයි. 
        
පුප්පුසීය අවරෝධනය: Pulmonary Embolism 
ඔබේ ශරීරයේ යම් තැනක ලේ කැටියක් හටගෙන, එය පෙනහළු කරා ගමන් කර සිරවූ විට පෙනහළුවලට අවශ්‍ය තරම් රුධිරය ලැබෙන්නේ නෑ. තදින් හුස්ම ගන්නා විට කහින විට, කෑම ගිලිනවිට එහෙමත් නැත්නම් ඉදිරියට නැවෙන විට පපුවේ වේදනාවක් මේ නිසා හටගන්න පුළුවනි. මහන්සි වෙලා වැඩක යෙදෙන විට මේ කැක්කුම ඉහළ යන අතර වැඩ නැවැත්තුවත් අඩුවෙන පාටක් නැති බව පෙනීයන්න පුළුවනි. මේ වගේ අවස්ථාවක වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි. ලේ කැටි දියකර හරින්න දැන් ඖෂධ තියෙනවා.
        
ප්ලූරා ප්‍රදාහය: Pleurisy 
තද හුස්මක් ගන්නා විට, කහින විට හෝ කිවිසන විට පපුවේ වේදනාවක් එනවා නම් එයින් අනතුරැ ඇඟැවෙන්නේ ඔබේ පෙනහළු ආවරණය කර ඇති පටල ඉදිමී ඇති බව වෙන්නට පුළුවනි. ප්ලූරිසියාව නැත්නම් පෙනහළු පටල ප්‍රදාහය කියන මේ තත්ත්වය වෛරස් හෝ බැක්ටීරියා ආසාදනයක් නිසාත් ඇතිවිය හැකියි. මේ සඳහාත් ඖෂධ ලබාගත යුත්තේ වෛද්‍ය උපදෙස් මතයි.
     
ප්ලීහා අවරෝධය: Blocked Spleen
ඔබේ වම් උරහිස් කූඩුවට පහළින් පිහිටා ඇති මේ අවයවය රෝගාබාධවලින් ඔබව රුකගන්නා අවයවයක්. යම් අවස්ථාවක ලේ කැටියක් මගින් මෙය වෙත ලැබෙන රැධිරය අවහිර විය හැකියි. නැතිනම් ආසාදනයක්, රෝගාබාධයක් නිසාත් මේ තත්ත්වය ඇතිවිය හැකියි. එවිට මෙහි පඨකවලට රැධිරය නෙලැබීම නිසා මිය යා හැකියි. ප්ලීහාව බිඳවැටීම කියලා හඳුන්වන මේ තත්ත්වයේදී සමහරැන්ට කිසිම රෝග ලක්ෂණයක් පහල නොවුණත් තවත් පිරිසකට ඒ අයගේ වම් පැත්තේ පපුවේ වේදනාවක් හටගන්නට පුළුවනි.
         

ඇන්ජයිනා හෙවත් පපුවේ වේදනාව

හෘදයවස්තුවට නිසි ලෙස රුධිරය නොලැබෙන විට පපුව මිරිකනවාක් වැනි පීඩනයක් සහිත තත්ත්වයක් දැනිය හැකියි. මෙය හඳුන්වන්නේ Angina තත්ත්වය හැටියටයි. සමහරැන්ට උරහිස්, අත, බෙල්ල, පපුව සහ පිටපැත්තේ මේ වේදනාව දැනෙන්නට පුළුවනි. අධිකව ආහාර ගැනීම, මානසික පීඩනය අධික විඩාව වාගේ දේවල් නිසා මෙය ඉහළ යන්නු පුළුවනි. සමහරවිට මේ වේදනාව වෙනත් හෘද රෝගාබාධයක පූර්ව රෝග ලක්ෂණයක් වන්නට පුළුවනි. ඔබේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නම්, දියවැඩියාවට ගොදුරු වෙලා නම්, ව්‍යායාම ගැනීම අඩු නම්, පෝෂ්‍යදායී ආහාර නොගන්නේ නම් මේ තත්ත්වය ඉහළ යා හැකියි. මේ හැර Asthma හෙවත් ඇදුම නිසාත් උරහිස් කූඩුව ආශ්‍රිත ආතරයිටීස් නිසාත් එහෙමත් නැත්නම් ආසාදනයක්, තුවාල වීමක් නිසා හටගන්නා Costochondritis නමැති තත්ත්වය නිසාත් පපුවේ වේදනා ඇති විය හැකියි.
 
 
සුගත් පී. කුලතුංගආරච්චි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Sep 2017 06:36 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/22545.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/22546.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Sep 2017 02:33 AM
මේවා ගොඩාක් වටිනවා මල්ලි
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Sep 2017 04:39 AM

තයිරොයිඩයට හැදෙන තවත් පිළිකාවක්‌ මෙන්න

ප්‍රශ්නය - පසුගිය සතියේ අප සාකච්ඡා කළේ තයිරොයිඩයට වැළඳෙන වෙනත් පිළිකා ගැනයි. ඒ යටතේ අප Anaplastic thyroid පිළිකාව ගැන කතා කළා. ඊට පෙර සතියේ අප විස්‌තර කළේ පැපිලරි කාසිනෝමා තත්ත්වය ගැනයි.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - අද අප කතා කරන්නේ Medullary තයිරොයිඩ් පිළිකාව ගැනයි. ඉපැරැණි දේශීය වෙදකම තුළ මේ කොයි පිළිකා වර්ගයටත් බෙහෙත් තිබෙනවා. කල් තබා පිළිකා තත්ත්වය හඳුනා ගැනීමට හැකිනම් මේ කොයි පිළිකාවත් සුව කළ හැකියි. පිළිකාවට දිව ඔසුවත් වැනි වූ සිද්ධාධි සුව තෛලය, දේශීය කසාය යනාදියෙන් පිළිකාව සුවපත් වූ අවස්‌ථා ඕනෑ තරම් තිබෙනවා.

ප්‍රශ්නය - Medullary thyroid පිළිකාව හැදෙන බව කෙනකු හඳුනා ගන්නේ කොහොමද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - උගුර දෙපස සහ ඉදිරි පස ඉදිමීම, කඩහඬ රළු වීම, පිළිකාව නිසා ශ්වාසනාලය තෙරැපෙන්නට පටන්ගැනීම හේතුවෙන් හුස්‌ම ගැනීමේ දුෂ්කරතා හට ගැනීම. කැස්‌ස ඇතිවීම, වේලුම් කැස්‌ස සමඟ රුධිරය පිටවීම, නිතර නිතර බඩ බුරල් වීම තමයි ප්‍රධානතම රෝග ලක්‍ෂණ හැටියට ගන්නට හැකි වන්නේ. මේ රෝග ලක්‍ෂණ ඉතා තදින් තිබෙන්නටත් පුළුවන්. හැබැයි අවසන් ඵලයේදී පිළිකාව ඉතා දරුණු විදියට නැඟ ඒම වළක්‌වන්නට බැහැ. නිසි ලෙස ප්‍රතිකාර නොලබන හැම පිළිකාවකම අවසානය මරණය බව අප මතක තබා ගත යුතුයි.

ප්‍රශ්නය - Medullary thyroid පිළිකාව මාරාන්තිකද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - කලින් දීපු උත්තරයම තමයි ඔබේ ප්‍රශ්නයට වලංගු වන්නේ. තයිරොයිඩ් ග්‍රන්ථියට වැළඳෙන පිළිකා අතුරින් සුව කිරීමට වඩාත් පහසු වන්නේ පැපිලරි කාසිනෝමාවයි. සියලු පිළිකා වර්ග ගත්තාමත් සුව කිරීමට ඉතාම පහසු පිළිකාව ලෙස හඳුනාගෙන ඇත්තේ පැපිලරි කාසිනෝමාවයි. එහෙත් Medullary කාසිනෝමාව එසේ පහසුවෙන් සුව කරන්නට බැහැ. හරියාකාර ප්‍රතිකාර නොකළොත් මේ මගින් මරණය හට ගන්නවා. මේ පිළිකාව ගැන සඳහන් කළ යුතු තවත් වැදගත් දෙයක්‌ තිබෙනවා. එනම් එය තයිරොයිඩ් ග්‍රන්ථියට වැළඳෙන අනෙක්‌ හැම පිළිකාවකටම වඩා පැතිරීමේ වේගය වැඩි පිළිකාවක්‌. Medullary කාසිනෝමාව ඇතුළු තයිරොයිඩ් පිළිකා සඳහා ඖෂධ වශයෙන් යොදාගත හැකි දේශීය බෙහෙත් පැළෑටි වර්ග ඕනෑතරම් අපේ වෙල් එළියේත් ගෙවත්තෙත් වැවෙනවා. එහෙත් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ උපදෙස්‌ නැතිව, තයිරොයිඩ් පිළිකාව වැනි දෙයකට එවැනි අත් බෙහෙත් සුදුසු නැහැ.

නොමිලේ විස්‌තර සඳහා
0713464276/ 0759061771
අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

 


ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Sep 2017 04:42 AM
ළමයින් 81කට ඒඩ්ස්‌
ඊළඟ බිල්ලට පෙර...



රෝගයක්‌ වැළඳෙනවාට අප කිසිවකු කැමැති නැත. නමුත් රෝග වැළඳෙන්නේ අපේ කැමැත්ත හෝ අකැමැත්තට නොවේ.

නතුකරගත් ප්‍රතිශක්‌ති ඌනතා ලක්‌ෂණ යන දිග නමකින් හඳුන්වන ඒඩ්ස්‌ ද එවැනිම රෝගයකි. ඒඩ්ස්‌ භයානක රෝගයක්‌ ලෙස බොහෝ දෙනෙක්‌ හඳුන්වන්නේ එයට නිශ්චිත ප්‍ර්‍රතිකාරයක්‌ තවමත් සෙයාගෙන නැති නිසාය.

2017 වර්ෂයේ දෙවැනි කාර්තුව වන විට HIV AIDS ආසාදිතයන් 2088 හඳුනාගෙන ඇති බවත් මින් 81 ක්‌ දරුවන් බවත් ගාල්ල මහමෝදර රෝහලේ ලිංගාශ්‍රිත රෝග ඒකකයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය දර්ශනී විජයවික්‍රම මහත්මිය සඳහන් කර ඇත. එමෙන්ම හඳුනා නොගත් රෝගීන් 3900 ක්‌ පමණ ඇති අතර ඉන් 100 ක්‌ පමණ ළමයින් සිටින බවද ඇය එහිදී සඳහන් කළාය.

HIV යනු මානව ප්‍රතිශක්‌ති ඌනතා වෛරසයයි. AIDS යනු නතුකරගත් ප්‍රතිශක්‌ති ඌනතා ලක්‍ෂණයයි. රටක්‌ ආරක්‍ෂා කිරීමට හමුදාවක්‌ ඇත්තාක්‌ මෙන් අපේ ශරීරය ආරක්‍ෂා කිරීමට ප්‍රතිශක්‌තිකරණ පද්ධතියක්‌ ඇත. රටට සතුරන් ආ විට හමුදාව එම සතුරන් විනාශකර දමන්නාක්‌ මෙන් ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය ශරීරයට ඇතුළු වන රෝග සමග සටන්කර ඔබව රෝගවලින් බේරා ගනියි. නමුත් HIV AIDS පහර දෙන්නේ මෙකී ප්‍රතිශක්‌තීකරණ පද්ධතියටයි. රටක්‌ ආරක්‍ෂා කිරීමට හමුදාවක්‌ නැති වූ විට ඒ රටට ඕනෑම මට්‌ටමේ සතුරකුට පහරදිය හැකි මෙන් HIV AIDS නිසා ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය විනාශ වූ ශරීරයකට ඕනෑම රෝගයක්‌ වැළඳිය හැකිය. එඩ්ස්‌ රෝගියකුට ප්‍රතිකාර නොකළහොත් හෙම්බිරිස්‌සාවකින් වුව මරණයට පත්විය හැකියි.

HIV AIDS බෝවිය හැකි ප්‍රධාන ක්‍රම 3 ක්‌ ඇත. පළමු ක්‍රමය අනාරක්‍ෂිත ලිංගික සබඳතා පැවතීමයි. ලිංගික සබඳතා පැවැත්වීම නොව අනාරක්‍ෂිතව ලිංගික සබඳතා පැවැත්වීමයි. දෙවැනි ක්‍රමය HIV ආසාදිත රුධිරය නිරෝගී අයෙක්‌ගේ ශරීරයට හුවමාරු වීමයි. අනෙක රෝගී මවකගෙන් දරුවාට වැළඳීමයි.

HIV AIDS බෝවන ප්‍රධාන ක්‍රමය අනාරක්‍ෂිතව ලිංගික සබඳතා පැවැත්වීමයි. දරු පිළිසිඳ ගැනීමක්‌ අපේක්‍ෂාවෙන් තොරව පවත්වන ඕනෑම ලිංගික සබඳතාවක්‌ කොණ්‌ඩම් භාවිතයෙන් පැවැත්වීම ආරක්‍ෂිතය. සනීපාරක්‍ෂක තුවා පැකට්‌ටුවක්‌ ප්‍රසිද්ධියේ ගෙන යා නොහැකි රටේ කාන්තාවක්‌ කොණ්‌ඩම් මිලදී ගැනීමට යැමට මඳක්‌ පැකිළීම අරුමයක්‌ නොවේ. නමුත් ගැටලුව වී ඇත්තේ ලිංගික හැසිරීමකදී අනුගමනය කළ යුතු ආරක්‌ෂිත ක්‍රම ගැන සමාජය දැනුවත් නොවීමය. අපේ රටේ ඇති මෙලෝ රහක්‌ නැති අධ්‍යාපන ක්‍රමය ලිංගික දැනුම ගැන අවධානය යොමු නොකිරීම මීට ප්‍රධාන හේතුවයි. ලිංගික අධ්‍යාපනය නිසිලෙස සමාජගත කළහොත් HIV AIDS පැතිර යැම අපට අවම කළ හැකිය.

HIV AIDS ආසාදිත රුධිරය නිරෝගී පුද්ගලයකුගේ ශරීරයට ඇතුල් වීමෙන් HIV බෝවිය හැකිය. මේ ආකාරයට රුධිරය හුවමාරු වීමෙන් වැඩියෙන් HIV AIDS ශරීරගත වෙන්නේ එන්නත් කටු ආධාරයෙන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් අතරය. රුධිර පාරවිලයනයෙන් ද HIV ශරීරගත විය හැකිමුත් ඒ අවදානම සාපේක්‌ෂව අව මය. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය භාවිත කරන අය සියලුම මත්ද්‍රව්‍ය ශරීරගත වූ බවට තහවුරු කර ගැනීම රුධිරය ස්‌වල්පයක්‌ එන්නත් කටුවට ගනියි. මේ ආකාරයෙන් එකම එන්නත් කටුව බොහෝ දෙනෙක්‌ භාවිත කිරීම හේතුවෙන් HIV AIDS සමාජය පුරා පැතිරෙයි.

HIV වෛරසය පැතිර යන අනෙක්‌ ක්‍රමය මවගෙන් දරුවාට පැතිර යැමයි. ගර්භාශයේදී වැදැමහ හරහා ඉතා අවම ලෙස මවුකිරි වලින් ප්‍රධාන වශයෙන් උපතේදීද HIV මවගෙන් දරුවාට ආසාදනය වෙයි. සිසේරියන් සැත්කමක්‌ හරහා HIV AIDS ආසාදිත මවගෙන් දරුවා ආසාදනය වීම වළක්‌වා ගත හැකිය. විශේෂයෙන් අද පවතින පවුල් සෞඛ්‍ය සේවිකාවන් විසින් කරන අනගි සේවාව අනිවාර්යෙන්ම අගය කළ යුතුමය. ඔවුන්ගේ ඒ ක්‍රියාකාරීත්වය නිසා සැලකිය යුතු මට්‌ටමකට මවගෙන් දරුවාට HIV ආසාදනය වීමේ ෙ€දවාචකය අවම වී ඇත.

HIV AIDS ශරීරගත වන්නේ ඉහත කී හේතු මත වුවද සමහරු සිතන්නේ ළඟින් ගියත් HIV හැදෙන බවය. එකම ඇඳුම පාවිච්චි කළාට, සිපගත්තාට, එක පිඟාන, කෝප්ප භාවිත කළාට එකම පිහිනුම් තටාකයේ පිහිනුවාට, එකම වැසිකිළියේ භාවිත කළාට, එකම නිදන ඇඳ භාවිත කළාට HIV AIDS බෝ වෙන්නේ නැත.

අද සමාජයේ HIV AIDS ගැන ඉතාමත් භයානක ලෙස දුර්මත පැතිරී ඇත. සිනමා ශාලා වැනි ජනතාව අසුන් ගන්නා ස්‌ථානවල HIV AIDS රෝගීන් සිය ලේ තැවරූ ඉඳිකටු, ආයකටු, ඇල්පෙනෙති අටවා ඇති බවට එක්‌ මතයකි. පොදු වැසිකිළිවල ජල බඳුන්වලට HIV රෝගීන් සිය රුධිරය මිශ්‍ර කර ඇති බවට තවත් එක්‌ මතයකි. මේ සියල්ලම අමූලික අසත්‍යය. එවැනි දේ පිළිබඳ කිසිම පොලිසියකට පැමිණිලි ලැබී නැත. එපමණක්‌ නොව ඉහත කී කිසිදු ආකාරයකින් HIV ශරීරගත වෙන්නේ නැත. HIV වෛරසය පවතින්නේ ජීවී සෛලවලය. එය ශරීරයෙන් එළියට පැමිණි විට ස්‌වල්ප වේලාවකින් විනාශව යයි. විශේෂයෙන්ම ජලයේ දිය වූ විට එය ඉක්‌මණින් විනාශ වෙයි. ඒඩ්ස්‌ වැළඳුණු පුද්ගලයෙක්‌ කන්‍යාවන් හත් දෙනෙක්‌ සමඟ ලිංගිකව හැසුරුණු විට HIV AIDS සනීප වෙනවා යෑයි මතයක්‌ ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල පැතිරී ඇත. ශ්‍රී ලංකාවේ නම් එතරම්ම මෝඩයෝ නැතත් ඒඩ්ස්‌ ගැන අපේ රටේද පැතිර ඇති දුර්මත බොහෝය.


HIV AIDS රෝගියෙක්‌ගේ රහස්‍යතාවය ඉතා ඉහළින් ආරක්‍ෂා වන නිසා HIVවලට ප්‍රතිකාර ගැනීමට නොයැම නොකළ යුතු ගොන්කමකි. එවැනි අවාසනාවන්ත සිද්ධි කිහිපයක්‌ වාර්තා වී ඇති නමුත් අද තත්ත්වය ඉතා වෙනස්‌ය. මේ ආකාරයෙන් තොරතුරු පතුරා හැරූ රෝහල් සේවකයකුට දඬුවම් පමුණුවීමට සෞඛ්‍ය බලධාරීන් ගත් තීරණය අගය කළ යුතුමය. HIVපමණක්‌ නොව වෙනත් ඕනෑම රෝගයක්‌ ගැන රහස්‍යභාවය ආරක්‌ෂා කිරීමට රෝහල ඔබට බැඳී ඇත. එය නීතියකි. එපමණක්‌ නොව මේ සම්බන්ධයෙන් ඔබට යම් අගතියක්‌ සිදුවුවහොත් රෝහලේ ආයතන භාර ප්‍රධානියාට, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයාට, ජාතික ඒඩ්ස්‌ මර්දන ඒකකයට ආදී ඕනෑම තැනකට පැමිණිලි කළ හැකිය. ඒ නිසා ඔබට HIV ඇතුළු ඕනෑම සමාජ රෝගයක්‌ වැළඳී ඇතැයි සැකයක්‌ ඇතිනම් අදම පරීක්‍ෂාවට යොමුවීම බුද්ධිමත් ක්‍රියාවකි. දිවයින පුරා පිහිටි රෝහල්වල ලිංගාශ්‍රිත රෝග සායනවලින් මෙම පරීක්‍ෂණ කරවාගත හැකි අතර ඒ ප්‍රතිකාර සියල්ල ඔබේ රහස්‍යභාවය ආරක්‌ෂා වන පරිදි නොමිලේම සැපයේ. HIV ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවක්‌ ඇති කණ්‌ඩායම් තුනක්‌ ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකිය. ඒ ලිංගික ශ්‍රමිකයන්, පිරිමි සමලිංගිකයන්, මත්ද්‍රව ශරීරයට එන්නත් කරගන්නන් ලෙසය.

ශරීරයට මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නන් ඉහළ සමාජයේ ද පහළ සමාජයේද දැකිය හැකිය. නමුත් ඉහළ සමාජයේ පිරිස්‌ අතර ඒඩ්ස්‌ පැතිරයැමේ අවදානම පහළ මට්‌ටමක පවතින්නේ ඔවුන් ඒ පිළිබඳව දැනුවත් නිසාවෙනි. එකම එන්නත් කටුව බොහෝ දෙනා කිසිදු ජීවානුහරණයක්‌ නැතිව භාවිත කිරීමත් HIV ඇතුළු වෙනත් බොහෝ සමාජ රෝග ගත වෙයි. NIGHT CLUB වල BEACH PARTY වල මත්ද්‍රව්‍ය එන්නත් සුලබ වූවාට සුලබව එකන්නත් කටු ලැබෙන්නේ නැත. මුඩුක්‌කුවාසී තරුණයන්ට එවැනි දේ නැත. HIV පැතිර යැම ගැන නොදැනුවත්කම නිසා ඔවුන් ඒ පිළිබඳ උනන්දු වන්නේද නැත. ඒඩ්ස්‌ මර්දන ව්‍යාපාරයේ යෙදෙන පිරිස්‌ හටද ඔවුන් වෙත ළඟාවීමේ ප්‍රායෝගික ගැටලුවක්‌ පවතියි. එන්නත් කටු මගින් මත්ද්‍රව්‍ය ශරීරගත කර ගන්නා පාතාල කල්ලි සාමාජිකයින්ද ඒඩ්ස්‌ පතුරුවන්නන් බවට පත්ව සිටිති. විශේෂයෙන්ම ඔවුන් අතින් සිදුවන ස්‌ත්‍රී පුරුෂ ළමා දූෂණ නිසා සමාජය තව තවත් අනාරක්‌ෂිත වේ.

මෙරට සමාජයේ සමලිංගික සේවනය අද වනවිට ගම් දනව් කරාද පැතිර ගොස්‌ ඇත. කාන්තා සමලිංගික සේවනය සාපේක්‌ෂව අවම නමුත් පුරුෂ සමලිංගික සේවනය පාසල් ළමුන් අතර පැතිර ගොස්‌ ඇත. අවුරුදු දාහතර වැනි වියේ නව යොවුන් දරුවන් ලිංගිකත්වය පිළිබඳ සිටින්නේ කුතුහලයකිනි. ඒ නිසා ඔවුන් සමලිංගික චර්යාවන්ට යොමුවීමේ වැඩි ඉඩක්‌ ඇත. මෙහි ඇති ගැටලුව නම් මේ තුළින් සමාජ රෝග පැතිර යන බැවිනි. මෙම සමලිංගිකයන් සමහරුන් තරුණ වියට එළඹෙනවිට සමලිංගික ක්‍රියාවලින් ඈත් වී තරුණියක හා විවාහ වේ. තවත් පිරිසක්‌ සමලිංගිකයින් ලෙසම ජීවත් වෙයි. අනෙක්‌ පිරිස කාන්තා පුරුෂ දෙපාර්ශ්වය සමඟ සබඳතා පවත්වති. මේ පිරිස්‌ තුනෙන් වැඩි ඒඩ්ස්‌ වැළඳීමේ ප්‍රවණතාවක්‌ ඇත්තේ තෙවන පිරිසටය. එමෙන්ම ඔවුන් රෝගය ඒඩ්ස්‌ සමාජයේ පැතිරයැමේ වේගයද වැඩිකරයි. සමලිංගික සේවනය පමණක්‌ ප්‍රියකරන පුරුෂයන් සමලිංගික ක්‍රියාකාරකම් එක්‌ විශ්වාසවන්ත සහකරුවන්ට පමණක්‌ සීමා කරන්නේ නම් ඔවුන්ට එම රෝගය වැළඳීමට ඇති හැකියාවේ ප්‍රතිශතය සාපේක්‌ෂව අවම නමුත් ඔවුන් බොහෝ කණ්‌ඩායම් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන පිරිස සිටින්නේ වැඩි අවදානම් කලාපයේය.

ලංකාවේ ඇති නොදියුණු පහත් මානසිකත්වය නිසා සමලිංගික පිරිස්‌ හට ලැබෙන කෙනෙහිලිකම් නිසා ඔවුන්ට රෝගය පිළිබඳ දැනුවත් කිරීම, රුධිර පරීක්‍ෂණ කිරීම ආදිය පිළිබඳ ප්‍රායෝගික ගැටලු මතුවේ. සුපිරි පැලැන්තියේ ඉහළ මධ්‍යම පංතියේ සිටින පිරිස අතර සමලිංගිකයන් සිටිනමුqත් දැනුවත්භාවය නිසා එකී පිරිස්‌ අතර පැතිර යැමේ අවදානම සාපේක්‌ෂව අවමය. තවත් පහළ මධ්‍යම පංතියේ මුඩුක්‌කු වාසී හා වීදි වාසී පිරිස අතර මේ පිළිබඳ දැනුම නැත. එහෙයින් මේ පිරිස්‌වලට HIV වැළඳීමෙන් ඔවුන් හරහා සමාජය පුරා පැතිර යැමක්‌ සිදුවෙයි.

ලිංගික ශ්‍රමිකයන් ලංකාව පුරා HIV ව්‍යාප්තවීමට ප්‍රධාන හේතුවකි. ඒ අතුරින් වීදි ලිංගික ශ්‍රමිකාවන්, වීදි වාසී ලිංගික ශ්‍රමිකාවන්, පහළ මධ්‍යම පංතියේ ලිංගික ශ්‍රමිකාවන්, විදේශගතව ලිංගික ශ්‍රමිකාවන්, විදේශීය ලිංගික ශ්‍රමිකාවන් මෙන්ම සංචාරක කර්මාන්තය ආශ්‍රිත ලිංගික ශ්‍රමිකයන් සිටින්නේ දැඩි අවදානම් කලාපයේය.

සමස්‌තයක්‌ ලෙස කාන්තා ලිංගික ශ්‍රමිකාවන්ගෙන් වැඩි පිරිසක්‌ උපත් පාලන කොපු භාවිත කරයි. එනමුත් ලැබී ඇති දත්තවලට අනුව පුරුෂ ලිංගික ශ්‍රමිකයන්ගෙන් කොන්ඩම් භාවිතා කරන පිරිස අවමය. ඒ අනුව පිරිමි ලිංගික ශ්‍රමිකයන් කාන්තා ලිංගික ශ්‍රමිකයන්ට වඩා HIV ශරීරගතවීමේ අවදානමක සිටියි. එමෙන්ම පිරිමි ලිංගික ශ්‍රමිකයන් බොහෝ දෙනා රහසිගතව අන්තර්ජාලය, දුරකථන ආදිය භාවිත කරමින් සිය වෘත්තිය කරගෙන යන නිසා ඔවුන්ව දැනුවත් කිරීම, ඔවුන් ප්‍රතිකාර සේවා උපදේශන සේවා වෙත යොමු කිරීම ඉතා අපහසු තත්ත්වයක පවතියි.

ඉහතින් සඳහන් කළ කණ්‌ඩායම් තුනම සමාජ ගැරහිල්ලට කොන්කිරීමට ලක්‌වන පිරිස්‌ය. විශේෂයෙන්ම සමලිංගික පිරිස්‌වලට අපේ සමාජය සලකන්නේ ඉතාමත් නොදියුණු, පහත් අමානුෂික ගෝත්‍රක මනසක සිටය. මේ හේතුවෙන් මෙකී පිරිස සමාජ රෝගවලට වඩා සමාජයට බියය. ඒ නිසා ඔවුන් මෙම රෝගවලට ගොදුරුවීමේ වැඩි ඉඩකඩක්‌ පවතියි. මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් ගැනද කියන්නට ඇත්තේ එයමය. ඔවුන්ද සමාජ නොසැලකිල්ලට පාත්‍රවෙයි. මත්ද්‍රව්‍යවල ඇබ්බැහිවූවන් එයින් ලෝකයට වීරයෙක්‌ ලෙස පෙනෙන්නට උත්සාහ කළද ඔවුන් හදවතින් හඬා වැටෙයි. ඔවුන් ඉන් මිදුණද ඔවුන්ට යළි සමාජ පිළිගැනීම නොලැබෙයි. ඔවුන්ට මත්ද්‍රව්‍යවලින් අත්මිදීමට අවශ්‍ය වුවද සමාජයෙන් ඊට ඉඩක්‌ නොලැබෙයි. ඔවුන් මේ නිසා සමාජයෙන් ඈත්වී සිටීමට දරන උත්සාහයේ ෙ€දනීය විපාකය වන්නේ ඔවුන් HIV ඇතුළු වෙනත් සමාජ රෝගවලට ගොදුරුවීමය. ඒඩ්ස්‌ වැළඳුණු පසු ඔවුන් තමාට ඒඩ්ස්‌ වැළඳුණු බව නෙදැන සමාජය පුරා ඒඩ්ස්‌ පැතිර යැමට හේතු වෙයි. ලිංගික ශ්‍රමිකයන් , ලිංගික ශ්‍රමිකාවන්ගේ සමාජ තත්ත්වය ගැන කියන්නට ඇත්තේ එයමය. ලිංගික ශ්‍රමිකයන් සිටීමේ සමාජ අවශ්‍යතාවක්‌, වීදි ලිංගික ශ්‍රමිකාවන්ගේ ක්‍රියාකාරිත්වය අවම වීම ලිංගික අපරාධ වැඩිවීමට කොතරම් හේතුවක්‌ වූවාදැයි සෙවීමත් භාර සමාජ විද්‍යාඥයින්ටය. මෙකී ලිංගික ශ්‍රමිකයන්, ශ්‍රමිකාවන් සමාජ රෝග සායනයකට ගෙන්වා ගැනීම අතිශ්‍ය දුෂ්කර කටයුත්තකි. ඒ නමුත් සැලකිය යුතු මට්‌ටමකි. ලිංගික ශ්‍රමිකාවන් ඒඩ්ස්‌ ගැන දැනුවත්ය.

රටින් ඒඩ්ස්‌ මර්දනය කළයුතු යෑයි උදේ හවා ගිරිය පුප්පාගෙන මොරදෙන පුහු සදාචාරවාදීන්ට නොතේරෙන එම සත්‍ය නම් ඒඩ්ස්‌ මර්දනය කිරීමට ප්‍රධාන වශයෙන් ලිංගික දැනුම රටේ සෑම දෙනාටම ලබාදිය යුතු බවය. එමෙන්ම දැනටමත් HIV ශරීරගතවූ පිරිසට ප්‍රතිකාර කළයුතු බවය. එසේ ප්‍රතිකාර කිරීමට නම් උක්‌ත කී පිරිසට විශේෂයෙන්ම සමාජ පිළිගැනීමක්‌ ගෞරවයක්‌ ලබාදිය යුතුය. ගෞරවය යනුවෙන් මෙයින් අදහස්‌ කළේ දොහොත් මුදුන් තබා වැඳීම නොවේ. පාවාඩ දමා පිළිගැනීම නොවේ. මනුෂ්‍යයෙක්‌, මනුෂ්‍යයෙක්‌ ලෙස ඉපදීම නිසා ස්‌ත්‍රී පුරුෂ කුලමල ආදී කිසිදු කරුණක්‌ නිසා නැති කළ නොයුතු මානව ගෞරවය හා පිළිගැනීම ලබාදීමයි. HIV සමාජය පුරා පැතිර යැමට ප්‍රධානම හේතුව අනාරක්‌ෂිත ලිංගික සබඳතාය. ආරක්‌ෂිත ලිංගික සබඳතාවක්‌ යනු කුමක්‌දැයි මෙහිදී හොඳින්ම තේරුම්ගත යුතුය. දරුවෙකුගේ පිළිසිඳ ගැනීම අපේක්‌ෂාවෙන් තොරව පවත්වන සෑම ලිංගික සබඳතාවක්‌ කොන්ඩම් භාවිතයෙන් පවත්වනවා නම් එම සබඳතා බොහෝ දුරට ආරක්‌ෂිතය. මේ හේතුවෙන් අනවශ්‍ය ගැබ් ගැනීම වැළකෙනවා පමණක්‌ නොව සමාජ රෝග වැළඳීමේ හැකියාවද නැතිවේ. ෙ€දවාචකය වන්නේ මේ රටේ මෙකී ලිංගික දැනුම නොමැතිකමයි.

ලිංගික දැනුම පාසල් ළමුන්ට ලබාදීම අපේ රටේ අධ්‍යපාන බලධාරීන්ට වහකදුරු වී ඇත. මේ රටේ HIV ඇතුළු අනෙක්‌ සමාජ රෝගත් අනෙක්‌ ලිංගික දැනුම අඩුවීමෙන් ඇතිවී ඇති නහුතයක්‌ වූ ගැටලුවලට වගකීම සෘජුවම භාරගත යුත්තේ ඔවුන්ය. ඒ HIV AIDS මර්දන යුද්ධයෙන් අපි ජාතියක්‌ ලෙස ජය ගන්නා දවස වන්නේ රුධිරගත සීනි පරීක්‍ෂා කරන අන්දමින් රුධිර පීඩනය මනින අන්දමින් ඒඩ්ස්‌ පරීක්‍ෂණ කිරීමටද පෙළෙඹෙනදාටය. මානව වර්ගයා සිය ඉතිහාසය පුරා ෙ€දනීය භයානක රෝග ගණනාවක්‌ම පසුකර ඇත. ලාදුරු, මැලේරියාව, පෝලියෝ වැනි ෙ€දවාචකවලට මුහුණ දුන්නෙමු. ඉන්කාවරු වැනි ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාර විනාශ කළ වසූරියට එරෙහිව මිනිස්‌ වර්ගයාට කළ සටනෙන් අද අප ජයග්‍රහණය කර ඇත. වසූරිය ලොවෙන් තුරන් කර ඇති අතර එකී වෛරස්‌ ඇත්තේ විද්‍යාගාරවල මුද්‍රd තබාය. HIV AIDS සුව කරන්නට නුදුරේම අපට ඖෂධ ලැබෙනු ඇත. එතෙක්‌ අපට කළ හැක්‌කේ HIV පැතිර යැම වැළකීමය. එය අපට කළ හැකිය. එය අප කළ යුතුය.

මධුශානි කොඩිතුවක්‌කු
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Sep 2017 04:46 AM

ජීවය අහම්බයක්‌ ද වාසනාවක්‌ ද ?


පරිණාමයේ මෙන්ම විශ්වයේද පැවැත්ම කෙරෙහි විශේෂ බලපෑමක්‌ සහ වෙනස්‌කම සිදුකරනු ලද්දේ ජීවය (Life) ඇති වීමයි. ජීවය පෘථිවියට පමණක්‌ සීමාවූවක්‌ද නැතහොත් එය වෙනත් ඈත විශ්ව වලත් පවතින්නේ ද යන ගැටලුව දැනට සියවස්‌ ගණනාවක සිට විද්‍යාඥයින් අතර පවතින මතවාදයකි.

වෙනත් විශ්වවල ජීවය පවතින්නේ නම් මෙම විශ්වවල ජීවත් වන ජීවීන් ගැන විස්‌තර ලබා ගැනීමට හැකිවිය යුතුය. ඔවුන් කෝ කොහිද? මේ විද්‍යාඥයන්ගේ පැනයයි. බොහෝ දෙනා සිතා සිටින්නේ මේ පැනයට ළඟදීම විසඳුමක්‌ ලැබෙන බවයි.

විශ්වය යනු විශාල ස්‌ථානයකි. මෙවන් විශ්වයක මේ අන්දමට මිනිසා වැනි බුද්ධිමත් ජීවියෙකු සිටීම ද මේ තත්ත්වය අත්පත් කර ගැනීම ද විශාල වාසනාවකි. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ විශ්වයේ ඈත තවත් බුද්ධිමත් ජීවීන් (Intelligent aliens) ජීවත් වන බවයි. ඔවුන් සම්බන්ධව සමහර තොරතුරු නොමැති වීම පවතින ප්‍රධානතම ගැටලුව වී ඇත.

අතීතයේදී බිහිවූ මෙවැනි ජීවීන් වහා ඇති වී නැතිවී නැති බව විද්‍යාඥ මතයයි. මෙම ජීවීන් ඉතිරි වී ජනපද බිහිවීමටත් පෙර විනාශ වී ගොස්‌ ඇත. එසේ නැතහොත් පරිසර තත්ත්වය සුබදායී වූ අවස්‌ථාවක ඉතිරි වූ පිරිස ජීවත් වන්නට ඇත. කෙසේ වුවත් මේ සියල්ල මතවාදයන් පමණි.

ජීවය පැන නැඟුණේ පෘථිවිය මත පමණි. ජීවයේ පැවැත්ම සඳහා ප්‍රධාන වශයෙන්ම අත්‍යවශ්‍ය සාධකයක්‌ වන්නේ ශක්‌තිය (Energy) යි. මේ නිසා විශ්වය පුරා සරල ජීවීන් විසිරී සිටින්නට ඇත. එහෙත් මෙම සියලුම ජීවීන් සංකීර්ණ ජීවීන් පරිණාමය නොවීය. සතුන් බිහිවූයේ මේ අනුවය. විශ්වයේ ජීවය ඇති වීමත් පෘථිවිය මත පළමු සංකීර්ණ සතුන් බිහිවීමත් අතර කාල පරතරයන් පවතින අතර මෙයට හේතුව සොයාගැනීම කළ යුතුව ඇත.

ජීවීන් අතිවිශාල ශක්‌ති ප්‍රමාණයක්‌ තම පැවැත්ම සඳහා උපයෝගී කරගනියි. අප ගන්නා ආහාරවලින් උත්පාදනය වන්නේ ATP නම් ඉන්ධන ප්‍රභවයකි. සියලු ජීවී සෛල බලගැන්වෙන්නේ මෙම ATP වලිනි. මෙම ශක්‌ති ප්‍රභවය දිගින් දිගටම ප්‍රතිචක්‍රීකරණය වෙයි. මෙම ඉන්ධන නිපදවීමේ දී එන්සයිම ජෛව විද්‍යාත්මක අයන වර්ග ආදිය ද සාධක වන අතර ශක්‌තිය ලෙස ජූල් (Jule) ඒකකයෙන් නිපදවීම සිදුවෙයි.

ජීවී සෛල බිහිවූ අයන සෛලවල හැඩැති ශක්‌ති ප්‍රභේදය ද වර්තමානයේ පවතින එන්සයිම තරම්ම සාර්ථක හා කාර්යක්‌ෂම නොවීය. ආරම්භක සෛලවලට වඩා වැඩි ශක්‌ති ප්‍රමාණයක්‌ අවශ්‍ය විය. ඒ මෙම සෛල ඉන් පසුව ගුණනය වීම අවශ්‍ය නිසාය. විශේෂයෙන් අද සෛලයකට අවශ්‍ය ප්‍රමාණයට වඩා මිලියන සංඛ්‍යාත ශක්‌ති ප්‍රමාණයන් ආදී ජීවී සෛලවලට අවශ්‍ය වන්නට ඇත. විශ්වය සම්බන්ධයෙන් ද මේ ස්‌වභාවය සත්‍ය විය.

ආරම්භක සෛලවලට මේ තරම් අති විශාල ශක්‌ති ප්‍රමාණයන් අවශ්‍ය වන නිසා එය ආරම්භක ජීවය ඇති වීම කෙරෙහි ද බලපාන්නට ඇත. පෘථිවිය ආරම්භයේ දී මෙහි පැවති ආරම්භක ශක්‌ති ප්‍රභේදය කුමක්‌ ද යන්න විමසා බැලිය යුතුය. අකුණු ගැසීම හෝ වනි තරංග හරහා ආරම්භයේ දී ශක්‌තිය ලබා ගැනීම සිදුවන්නට ඇතැයි සැලකුණ ද එය මෙසේ නොවන බව ඇතැම් විද්‍යාඥ මතයයි.ශක්‌තිය බහුල ජීවය ඇති වීමට පෙර ගැටුම පෘථිවිය මත ශක්‌තිය නිර්මාණය වන්නට ඇත.

වර්තමානය වන විට පෘථිවියේ ජීවත් වන ජීවීන්ට අවශ්‍ය වන බොහෝ ශක්‌තිය ලබාගන්නා ප්‍රභවය වන්නේ සූර්යයා ය. ප්‍රභාසංස්‌ලේෂණය සංකීර්ණ ක්‍රියාවලියක්‌ වන ආරම්භක ජීවී සෛල තුළ මෙම සාන්ද්‍රණය ක්‍රියාත්මක වූවා දැයි නිසියාකාරව ප්‍රකාශ කළ නොහැකිය. එසේ නව පළමු සෛලයට ජීවය සැලසුණේ කුමන අන්දමටද? යන පැනය ඉස්‌මතු වී ඇත.

මෙහිදී විද්‍යාඥයින් පවසන්නේ පළමු සෛලවලට අවශ්‍ය ශක්‌ති හයිඩ්‍රජන් සහ කාබන්ඩයොක්‌සයිඩ් වායුන් වලින් එන ඒවායේ ප්‍රතික්‍රියාවලින් ලබාගන්නට ඇත. මෙම්‍ H2 සහ C2 ප්‍රතික්‍රියාවල ප්‍රතිඵලය ලෙස කාබනික අණුද නිර්මාණය වෙයි. මේ සමඟ ශක්‌තිය ද නිර්මාණය වෙයි. මේ අන්දමට ශක්‌තිය නිපදවන විට එම ශක්‌තිය දිගින් දිගටම නිපදවන විට එම ශක්‌ති මල්ල අවසානයේදී (buckets of energy) දිගු අණු දාම බිහිකරන අතර මෙම අණු නිපදවන ප්‍රතික්‍රියා අවසානයේ දී ජීවී සෛල නිපදවීමට මග පෙන්වයි. ජීවය (blocks
of life) නිපදවෙයි.

මෙහි දෙවන උපකල්පනය ජීවීන් තුළින්ම ශක්‌තිය උත්පාදනය වූ බවයි. මේ මතවාදය 1961 වසරේ දී ඉදිරිපත් වූ අතර මෙය මතබේදයට ලක්‌විය. 1961 වසරේ දී මෙම මතය ඉදිරිපත් කළ බ්‍රිතාන්‍ය ජෛව විද්‍යාඥ පීටර් මිචෙල් පැවසුවේ සෛල රසායනික ප්‍රතික්‍රියාවලින් නොව විද්යුතය නිකුත් වීම ක්‍රියාත්මක වන බවයි. සෛල තුළ ප්‍රොaටෝන සාන්ද්‍රණයේ වෙනස්‌ වීම මේ සඳහා බලපානු ලැබේ. ප්‍රොaටෝන ධන ආරෝපිත වන බැවින් සෛල පටලයට පටක සහ ඇතුළත වන ආරෝපණ වෙනස්‌වීම මිලි වෝල්ට්‌ 150 කි. මෙය නොසැලකිය හැකි තරම් කුඩා ප්‍රමාණයක්‌ වුවද මිලිමීටරයෙන් මිලියන 05 ක පංගුවක්‌ තරම් කුඩා සෛල පටලයක්‌ හරහා මෙය ගමන් කිරීම එයට සාපේක්‍ෂව ඉතා විශාල ශක්‌තිය නිමවයි.

එකම මීටරයකට මිලියන 30 පමණ විද්යුතයක්‌ ජනනය කරයි. එය අකුණු සරයකට සමානය. "පක්‍ෂමධරයන් (Flagella) තම කක්‍ෂිකාවන් චලනය කරන්නේ මෙවන් ශක්‌තීන් යොදා ගෙනය. මෙය මෙසේ පැවසුව ද ඉතා සංකීර්ණ ක්‍රියාදාමයන් වෙයි. ATP නිෂ්පාදනයට එන්සයිම වර්ග ඉහත ආකාරයේ ප්‍රොටෝන ශක්‌ති උපක්‍රමයේ ක්‍රියාත්මක වෙයි.

ආරම්භක යුගයේ පැවැති මෙවැනි ප්‍රාථමික සෛලවලට වඩා වැඩි ශක්‌ති ප්‍රමාණයක්‌ අවශ්‍ය විය. මෙය පරිණාමික ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. සාගරය ආශ්‍රිතව නිර්මාණය වූ භාෂ්මික (හුණුගල් මය) කුහර ආශ්‍රිතව (alkaline termal vents) මුල්ම ජීවීයා ගොඩනැඟෙන්නට ඇතැයි සැකකරයි. මුහුදු වතුර පෘථිවි ගැඹුරේ ප්‍රදේශයේදී යකඩ මැග්නීසියම් හා ඛනිජ ලවණ සමඟ ප්‍රතික්‍රියා කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස මෙම ඇල්කයින සඳහා නිර්මාණය වේය.

විවිධ ඛනිජ ලවණ (mineral oliveline) සහ ජලය එකතුව මෙම නිර්මාණය වන පාෂාණ ආශ්‍රිතව තවදුරටත් විදාරණය වීම් ඇති කරයි. මේ නිසා මෙම පැලුම් ආශ්‍රිතව අල්කයින ප්‍රොටෝන අඩු හයිඩ්‍රජන් වායු වලින් පිරි ද්‍රව්‍ය බිහිවෙයි. මෙහිදී මේවා සාගර මතුපිටට පැමිණෙයි. ඒවායේ වූ ඛනිජ ලවණ ඉවතට ගමන් කරන අතර, මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස මීටර 60 පමණ උස න්‍යෂ්ටික කඳු නිර්මාණය වෙයි. මේවා ආශ්‍රිතව ජීවයක්‌ නිර්මාණය අවශ්‍ය පරිසරය නිර්මාණය වෙයි. මේ සියල්ල සිදුවූයේ මීට වසර මිලියන 04 ට පෙරදීය.

ආරම්භක යුගයේදී පෘථිවිය මත වර්තමානයට වඩා වැඩිපුර වායුව පැවතුණි. මේ නිසා සාගර අදට වඩා ආම්ලික වූ අතර ඒ නිසාම වැඩි ප්‍රොaටෝන ප්‍රමාණයක්‌ විය. මෙම සාගරය ආශ්‍රිතව නිර්මාණය වූ හුණුගල් අවකාශ ආශ්‍රිතව ඒවායේ බිත්ති (අයන බිත්ති) වල විවිධ රසායන ප්‍රතික්‍රියා සිදු විය. විවිධ යකඩ,නිකල්, ටොලුබ්ඩ් නම් මේ අතර ප්‍රධාන විය. CO2 වායුව කාබනික අණු බවට පරිවර්තනය කර ගැනීමට වර්තමාන සෛල අදට වඩා භාවිත කරන්නේ මෙම අණු වර්ගයයි.

මේ අන්දමට සාගරය ආශ්‍රිතව සිදුවන ප්‍රොaටෝන හුවමාරු සාන්ද්‍රණයේ ප්‍රතිඵල ලෙස කාබනික අණු නිර්මාණය වන්නේ ද විමසා බැලිය යුතුය. මේ සම්බන්ධව ස්‌ථිර මතවාදයන් තවමත් ප්‍රකාශ කළ නොහැකි බව විද්‍යා මතයයි.

සාගර මත ආරම්භයේදී CO2 සහ වායු අතර ප්‍රතික්‍රියාවන් නොවුණු නමුත් පසුකාලීනව මෙම බාධක බිඳවැටීම ජීවී සෛලවල දැනට පවතින ඇමයිනෝ අම්ල, ලිපිඩ සහ සීනි සහ න්‍යෂ්ටික අම්ල සෑදීමට මඟ සාදන ලදී. මෙහිදී ශක්‌තිය නිදහස්‌ විය. මේ අනුව ජීවය ඇතිවිට ශක්‌ති සාධකයකින් සිදුවීය. පෘථිවිය තනි ඒකකයක්‌ ලෙස සැලකූ විට යෝධ බැටරියක්‌ වැනිය. එහි වාසය කරන සෛල තනි තනි ශක්‌ති ඒකක වෙයි. මේ අනුව සාගරයේ න්‍යෂ්ටික පර්වත, ආම්ලික සාගර ජලය සහ CO2 වායුව එකතු වීම හා ප්‍රතික්‍රියා කිරීමේ ප්‍රතිඵලය ජීවයට මුල පිරීමයි.

විශ්වයේ බහුල වශයෙන්ම පවතිනුයේ ජලය සහ Olivine ඔලිවයින් යනු කොළ දුඹුරු පැහැ පාෂාණ විශේෂයකි. බොහෝ ග්‍රහලෝකවල වායු ගෝලය CO2 වලින් ඉතාමත් පෝෂිතය. මේ සියල්ල එකතුව ප්‍රතික්‍රියා කරන අතර, මෙය Serpentinisotion ලෙස හැඳින්වෙයි. තෙත් පාෂාණ කඳු සහිත ග්‍රහ ලෝකයක මේ ප්‍රතික්‍රියා සිදුවිය හැකිය. මේ අනුව ඉහත සාධක නියමිත ප්‍රමාණවලින් පවතින ඕනෑම ස්‌ථානයක්‌ ජීවය හටගත යුතු බව විද්‍යාඥ මතයයි.

මේ අන්දමට ඉතා සරල ජීවයක්‌ නිර්මාණය වී එය ඉන් පසුව සංකීර්ණ තත්ත්වයට පත්වන්නට ඇත. මෙය එසේ වුවද සරල ලෙස ජීවය මෙසේ නිර්මාණය වී නොමැත. එයට හේතුව සරල ජීවියා ඇති වූ පසුව සංකීර්ණ ජීවීයා බිහිවීමට පෘථිවියට උපත ලැබීමට ගතවූ කාලයේ අඩකට ආසන්න අතිවිශාල කාල සීමාවක්‌ ගත වී ඇත. මෙය කෙතරම් දීර්ඝ කාලයක්‌ පුරා සිදුවේද යත් එහි සරල ජීවියකුගෙන් සංකීර්ණ ජීවියකු බිහිවීමටත් වසර මිලියන 04 කට වරක්‌ සිදු වී ඇත. එයද ඉතා අහම්බයෙන් සිදු වූවකි.

එක්‌ සරල සෛලයන්ට සංකීර්ණ සෛලයක්‌ බවට පත් වීමට වසර මිලියන සංඛ්‍යාවක්‌ ගත වන්නේ නම් ඒ අතර මැද සෛල බොහෝ විට වඳ වී යැමට හෝ තවමත් වඳවී යමින් හෝ පවතින ඇත. මේ සියල්ල අතහැර දමා බැක්‌ටීරියාවන් බිහිවූ අතර මේ අතර විශාල සුන්‍යෂ්ටිකයන් ද බිහිවන්නට වූහ. සාමාන්‍ය සුන්‍යෂ්ටික සෛලයක්‌ බැක්‌ටීරියා සෛලයන්ට වඩා 15000 ගුණයක්‌ පමණ විශාලය.

දැනට පෘථිවිය මත පවතින සියලුම සංකීර්ණ ජීවීන් එකට දිලීර සතුන්, ශාක ආදී සියල්ල සුන්‍යෂ්ටිකයන්ය. මේ සියලු දෙනාගේම පරිණාමය පොදු ප්qරවයකුගෙන් සිදුවී ඇත. මේ නිසා එම ප්qරවයා නොසිටියා නම් ඩයිනෝසරයින් වානරයින් මෙන්ම වෙනස්‌ ශාක සහ සතුන්ද නොමැතිය.

සෛල විශාල ලෙස සංකීර්ණ වීමට ඒවායේ දී භාවිත වන ශක්‌ති ප්‍රමාණයන්ද බලපායි. සුන්‍යෂ්ටික සෛල මෙහිදී වැඩි වශයෙන් ශක්‌තිය නිපදවීම සෛල අභ්‍යන්තරය ද විශාල වීමට වැඩි ශක්‌ති ප්‍රමාණයක්‌ යොදා ගනියි. දැන් ඒ වෙනුවට මයිටොකොන්ඩි්‍රයා නම් ව්‍යqහයක්‌ ඇති විය.

බැක්‌ටීරියාවන් තුළ මයිටොකොන්ඩි්‍රයා ඇති වීම පරිණාමික වශයෙන් ඉතා වැදගත් වූ අතර පසුව සෛල එකිනෙක සම්බන්ධ වී සංකීර්ණ සෛල බිහිවීම ජීවීන්ට පැවතීම තවදුරටත් තහවුරු කරන්නට විය.

පරිණාමයේදී සරල ජීවියකුගේa සිට සංකීර්ණ ජීවියකු බිහිවීම ආශ්වර්යක්‌ නොවෙයි. ස්‌වාභාවික වර්ණයෙන්ද නතර වන්නක්‌ නොවෙයි. එය තවදුරටත් සිදුවෙයි. තවමත් බැක්‌ටීරියාවන් වසර මිලියන ගණනාවක්‌ මුළුල්ලේ සිටින නමුත් ඔවුන් තවමත් සරල ජීවී කොට්‌ඨාශයකි. ඔවුන්ට පරිණාමය වී සංකීර්ණ ජීවියකු වීමට තවමත් හැකිවී නොමැත. මේ නිසා ජීවය ඇති වීම සහ පරිණාමය තවදුරටත් අභිරහස්‌ රැසක්‌ සඟවාගත් ස්‌ථානයකි.

මේ අන්දමට පෘථිවියට සමාන අනෙක්‌ ග්‍රහලෝකවල ජීවය ඇතිවන්නට ඇත. එහෙත් ඒවායේ තවමත් ඇත්තේ අපගේ තාක්‌ෂණයට හසු නොවන ඉතා කුඩා සෛලීය ජීවීන් වන්නට ඇත. මක්‌නිසාද යත් පෘථිවිය මතද සංකීර්ණ ජීවියකු බිහිවූයේ වසර මිලියන 04 කට වරක්‌ බැවිනි. එසේ නැතහොත් මෙම ග්‍රහලෝක වල සිටි ජීවීන් කුමන හෝ ස්‌වාභාවික ජනනයකින් අපට පෙර විනාශ වී යන්නට ඇත.

ඩලීව් ලයින් (දුබුරු පැහැති පාශාණ)

වෛද්‍ය ජී.ජී. චමල් සංජීව
පශ්චාත් වෛද්‍ය විද්‍යා උපාධි අධයHන ආයතනය, කොළඹ.

සැත්කමට ඕනෑකියූ ලක්‍ෂ 40ත් ඉතුරුයි
රෝහිත රාජපක්‍ෂ දැන් සුවෙන්


ආයුර්වේදය යනු රෝග නිරෝග කිරීමේ මහා ප්‍රතිකාර විධි රාශියකින් සමන්විත රෝග නිට්‌ටාවටම සුව කිරීමේ වෛද්‍ය ක්‍රමයකි. ආයුර්වේදය යන නම ඇසූ සැණින්ම බොහෝ දෙනකුට මතකයට නැඟෙන්නේ බුද්ධදාස රජ සමයයි. ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම පිළිබඳ කෙළපැමිණි දැනුමකින් සපිරි පුද්ගලයකු ලෙසත් එතුමා සතු එම දැනුම තුළින් මෙරට ජනතාව පමණක්‌ නොව සතා සිවුපාවුන් පවා සුවය ලැබූ ආකාරයත් මෙරට ජනී ජනයෝ හොඳින්ම දන්නාහ. මෙරට ආයුර්වේදයේ ස්‌වර්ණමය යුගය ලෙස අදටත් බොහෝ දෙනා පවසන්නේ බුද්ධදාස රජ සමය බවය. බුද්ධදාස රජු හා සමාන එතුමා කළ විශිෂ්ට ප්‍රතිකර්ම ක්‍රම යළි මතකයට නංවන අපේ විශිෂ්ඨ ආයුර්වේද වෛද්‍ය පරම්පරාවන් තවමත් මෙරට තුළ සිටිති. විස්‌මිත වෙදකම් තුළින් මිනිසුන් මවිත කරන අග්‍රගණ්‍ය වෛද්‍යාචාරීන් නිසා මෑත යුගයේ යළිත් ආයුර්වේදයේ දැවැන්ත පිබිදීමක්‌ රට වටෙන්ම ලියලමින් පවතී.

පාරම්පරික හා පොත්පත්වල දැනුමෙන් සන්නද්ධ මෙම වෛද්‍යවරුන් ආයුර්වේද ශාස්‌ත්‍රය අනාගතයට උරුම කරලීම සඳහා කරනු ලබන්නේ ඉතා විශිෂ්ට වූ මෙහෙවරකි. බටහිර වෛද්‍ය ක්‍රමයේ පිහිට පතා අවසන එහි ප්‍රතිකාර නොමැතිව රෝහල්වලින් නිවෙස්‌ කරා යොමු කරන ඉතා අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් මෙම ඉසිවරු බඳු වෙද මහත්වරු කරා යොමු කිරීමෙන් පසු නිසි ආයුර්වේද ප්‍රතිකාර ලැබීමෙන් පසු සුවය ලබන්නේ නිවැසියන් ඥති මිත්‍රාදීන් පමණක්‌ නොව තම ජීවිතයේ අවසන් හුස්‌ම පොද පමණක්‌ දරාගෙන සිටි එම රෝගීන් පවා විස්‌මයට පත් කරලමිනි. මෙවැනි දක්‍ෂ, බුද්ධිමත් හා ආයුර්වේද වෙදකම පිළිබඳ පූර්ණ දැනුමෙන් සපිරි ඉසිවරු අතරින් මෙරට මෙන්ම පිටරටවල ද පතළ නමකි, මහඇලගමුවේ ලංකානන්ද වෙදහාමුදුරුවෝ. කුස්‌වල වෙද හාමුදුරුවෝ නමින් ප්‍රසිද්ධියට පත් මෙම වෙද හිමියන්ගෙන් ප්‍රතිකාර ලබා යළි ජීවිතය ලද පිරිස අති බහුතරයකි. රටේ කුමන හෝ පළාතකට ගියත් එහි උන්වහන්සේගෙන් ප්‍රතිකාර ලබා තම රෝග සුව කරගත් කිහිපදෙනෙක්‌ම හමුවෙති. ඒතරමටම කුස්‌වල වෙද හිමියන්ගේ ප්‍රතිකාරවල මහිමය රට තුළ ප්‍රචලිතව ඇත. විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක්‌ වන්නේ මෙම නිරෝගී සුව විඳින පුද්ගලයන් ඉතා දරුණු මාරාන්තික රෝගාබාධයන්ට ලක්‌ව උන්වහන්සේගේ ප්‍රතිකාර හමුවේ සුවය ලැබූවන් වීමය. මොළයේ රෝගාබාධ, ස්‌නායු රෝගාබාධ, දියවැඩියාව, ඇස්‌ රෝග, හදවත් රෝග, පිළිකා රෝග, ගෙඩි, දද, වණ, කුෂ්ට, ආදී ලෙස සිරුරේ හට ගන්නා ඕනෑම රෝගයකට උන්වහන්සේ සතුව ප්‍රතිකාර ඇත. ප්‍රතිකර්ම ඇත. එම සියලු සර්වාංග රෝග සුව කිරීමේ හැකියාව ඇත.

කුස්‌වල වෙද හිමියන්ගෙන් ප්‍රතිකාර ලබා උන්වහන්සේගේ විශ්මිත වෙදකම් මහිමයෙන් රෝග සුව කර ගත් අය සොයා රටවට යන අපගේ ගමනේ මෙවර නවාතැන් පොළ වූයේ මිණිපුරය නොහොත් රත්නපුරයට යාබද කුරුවිට නම් සුන්දර ප්‍රදේශයේ කඳන්ගොඩ ගල්ලෙන් විහාර මාවතේ රෝහිත රාජපක්‍ෂ මහතාගේ නිවසය.

නගරයේ කර්කෂ පරිසරයෙන් මිදී තවමත් ග්‍රාමීය පරිසරය නමැති සළුපිළිවලින් සැරසී සිටින කුරුවිට ප්‍රදේශයට අප රැගත් රිය ආසන්න වෙත්ම ගතට නෙතට මෙන්ම හිතටද දැනුණේ මහත් සැනසිලිදායක සුවයකි. බැලූ බැලූ අත අහස උසට නැඟුනු තුරුලතාවෝ කඳු මුදුන්වල සිට ලතාවකට මෙන් එහෙ මෙහෙ පැද්දුනේ අප යන මග දෙපසට සිහින් සුපිරිසිදු සුළං ධාරා එක්‌කරන්නට මෙනි. පරිසරයේ සුන්දරත්වය සිත් සේ විඳගනිමින් රෝහිත රාජපක්‍ෂ මහතාගේ ප්‍රිය බිරිඳ ශ්‍යාමා මහත්මිය ලබාදුන් පෙරමග සලකුණු ඔස්‌සේ අප ඔවුන්ගේ නිවසේ ආලින්දයට ගොඩ වන විට හිරු ද තම දෛනික රාජකාරියෙන් බොහෝ වැඩ කොටසක්‌ නිමවා අවරට හැරෙමින් තිබුණි.

මඳ වේලාවක්‌ ආ ගිය තොරතුරු කතා බහ අනතුරුව ශ්‍යාමා මහත්මිය ලබාදුන් උණුම උණු කිරි කෝප්පයකින් සප්පායම් වූ අප පැමිණි කාරණය ඇරඹුවේ රෝහිත රාජපක්‍ෂ හා ප්‍රිය බිරිඳ අප අසළ අසුන් ගනිද්දීය.

මීට වසර ගණනාවකට පෙර රෝහිතට තම බිරිඳ මුණගැසී තිබුණේ ඔහුගේ ව්‍යාපාරික කටයුතු අතරතුරදීය. පසුව දෙන්නා දෙමහල්ලෝ එක වහළක්‌ යටට එක්‌ වුවත් තුන් වැන්නෙක්‌ ඔවුන්ගේ කැදැල්ලට එක්‌කර ගැනීමට ඔවුන්ට වරම් නොලැබිණි. රෝහිත මැණික්‌ ව්‍යාපාරයට සම්බන්ධව තම රැකියාව කළ අතර ශ්‍යාමා මහත්මිය රාජ්‍යදැව සංස්‌ථාවේ නිලධාරිනියක්‌ ලෙස සේවය කළාය. සතුට, ප්‍රීතිය දොaතින් දරාගෙන ඉතා සැනසිලිදායක ලෙස මේ යුවළගේ ජීවිතය ගලාගෙන යද්දී 2015 ජුලි 29 දින නිවසේ සතුට සැනසිල්ලට මඳ විරාමයක්‌ තැබුවේ ඔවුන් දෙදෙනා සිහිනෙන් වත් නොසිතූ ලෙසටය.

"එදා මට අද වගේ මතකයි. මහත්තයා පාරේ වැටී සිටින බවට ලැබුණු ආරංචියත් සමග මා වහ වහා ඔහු සොයා දිව ගියා. රෝගී තත්ත්වයේ සිටි ඔහුව අප රෝහල් ගත කළා. බිම ඇද වැටීමෙන් ඔහුගේ හිසේ වම්පැත්ත තැලී ගොස්‌ තිබුණා. රෝහල් ගත කරනු ලැබූ ඔහුට පියවි සිහිය තිබුණේ නැහැ." ශ්‍යාමා මහත්මිය අප හා පැවසුවේ තමන් එදා මුහුණ දුන් ඒ අමිහිරි සිද්ධියේ ආරම්භය පිළිබඳවය. සිදුවීම් පෙළ පෙළින් පෙළ ඇය අප හා තවදුරටත් පැවැසුවේ මෙසේය.

මහත්තයා රෝහල් ගත කළ පසු ඔහුව පරීක්‌ෂා කර බැලූ වෛද්‍යවරු විශේෂඥ පරීක්‌ෂණ කිහිපයකටද ඔහුව යොමු කළ අතර එහිදී ඔවුන්ගේ නිගමනය වුණේ හිසේ ලේ කැටි 13 ක්‌ හටගෙන ඇති බවත් ඒවා ඉවත් කිරීම කළ යුතු බවයි. මේ වන විටත් මහත්තයාට හරියට සිහියක්‌ තිබුණේ නැහැ.

ඒ අනුව රත්නපුර රෝaහලේ සිට මහත්තයාව කොළඹ ජාතික රෝහලේ ස්‌නායු අංශයට මාරු කර යෑව්වා. සති දෙකක පමණ කාලයක්‌ කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලැබුවා. ජාතික රෝහලේදී හිසේ තිබුණු ලේ කැටි 13 ඉවත් කළා. ඊට පසු නැවතත් රත්නපුර රෝහලට මාරුකර එව්වා. කිසිම දිනක රෝහල් ගතව ප්‍රතිකාර ලබා නොතිබූ නිසාත් මෙවැනි දරුණු ඛේදවාචකයට අප ලක්‌ව නොතිබූ නිසාත් මේ කාලය තුළ මා දැඩි කැළඹීමකට පත්ව සිටියේ, නෑදෑ හිතවතුන්ද ඔවුන්ට හැකි ලෙස අපට පිහිට වුණා.

රත්නපුර රෝහලට මාරුකර එවීමෙන් පසු දින කිහිපයකින් මහත්තයාව ගෙදර එව්වා. නමුත් ඔහු පූර්ණ සුවය ලබා නොතිබුණු බව පෙනෙන්නට තිබුණා. වෙනදා තිබූ ක්‍රියාශීලිභාවය සම්පූර්ණයෙන්ම පහව ගොස්‌ තිබුණා. තනිව වැඩක්‌පළක්‌ කර ගැනීමට නොහැකි තත්ත්වයක සිටියේ. ඒ වගේම ඔහුගේ මතකය අඩුවුණා. තව කෙනෙකුව අඳුරන්නේ නැති ස්‌වභාවයක්‌ තිබුණා. ඔහුගේ නම, ගම තොරතුරුද පවා අමතකව තිබුණේ.

පසුව මහත්තයාව රත්නපුර රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයට යොමුකර මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තා. යම් යම් වෙනස්‌වීම් ඇති වුවත් ඔහුගේ තත්ත්වයේ එතරම් සාර්ථක බවක්‌ ගුණයක්‌ දක්‌නට ලැබුණේ නැහැ.

මෙලෙස වසර එකහමාරක්‌ පමණ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තා. මේ කාලයේ ඔහු වැඩි ලෙසම සිටියේ නිදිමත ගතියෙන් ශරීරයේ ක්‍රියාශීලිත්වයක්‌ තිබුණේම නැහැ. ඉතා කාර්යබහුල

රැකියාවක නිරතව හොඳ ක්‍රියාශීලීත්වයකින් සිටි ඔහු මෙලෙස බලාගත් අත බලාගෙන කිසි කල්පනාවක්‌ නොමැතිව සිටින අයුරු දකින විට ඇත්තටම මට දරාගන්න බැරි වේදනාවක්‌ දැනෙනවා. නමුත් කෙසේ හෝ මහත්තයාව සුවකර ගන්නවායි දැඩි අධිෂ්ඨානය මගේ හිතෙන් පලා ගියේ නැහැ. එන ඕනෑම අවස්‌ථාවකට මුහුණ දී ඔහු වෙනුවෙන් කළ හැකි සියලුම දේ කෙසේ හෝ කරනවා කියන හැඟීSමේ මම දැඩිව සිටියා.

මෙලෙස නිවසට වී ප්‍රතිකාර ලබමින් සිටින විටදී මහත්තයාට දිනක්‌ ෆිට්‌ එක හැදුනා. එහිදී අප වහාම ඔහුව නැවතත් රෝහල් ගත කළා. එහිදී වෛද්‍යවරුන් පවසා සිටියේ මොළයේ වතුර පිරී ඇති බවත් සැත්කමක්‌ මගින් එය ඉවත් කළ යුතු බවයි. මෙම සැත්කම සඳහා ලක්‌ෂ 40 ක්‌ පමණ මුදලක්‌ වැය කිරීමට සිදුවනු ඇතැයිද මෙවැනි සැත්කම්වලට භාජන වූ අයගෙන් දැන ගැනීමට ලැබුණා.

මේ වන විට එතරම් මුදලක්‌ද මා සතුව තිබුණේ නැහැ. නමුත් එම සැත්කමට ඔහුව යොමු කිරීමට මට දැඩි බියක්‌ද දැණුනා. කළයුතු දෙයක්‌ නොමැතිව දස අතේ කල්පනා කරමින් සිටින විට තමයි මට මගේ කාර්යාලයේ හිතවතකුගෙන් කුස්‌වල වෙදහාමුදුරුවෝ ගැන දැන ගැනීමට ලැබුණේ. මගේ නැන්දා කෙනෙක්‌ ගෙන් හාමුදුරුවෝ පිළිබඳ තවත් තොරතුරු දැන ගන්න ලැබුණා.

උන්වහන්සේ ළඟට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන්නේ ඉතා අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් බවත් ඔවුන් ටික දිනකින්ම වෙද හාමුදුරුවන්ගේ ප්‍රතිකාරවලින් සුවය ලබන බවත් දැන ගැනීමට ලැබීමෙන් පසු මට එය මහත් අස්‌වැසිල්ලක්‌ වුණා. මම වහාම මහත්තයාවත් රැගෙන උන්වහන්සේව හමුවීමට නුවර ගියා. එහිදී මහත්තයාව පරීක්‌ෂා කර බැලූ වෙද හාමුදුරුවෝ උන්වහන්සේ ලබාදෙන ඖෂධ නිසි අයුරින් ලබා දුන්නොත් මහත්තයාව සුවකළ හැකි බව පැවසුවා. ඇත්තටම මහත්තයා අසනීප වූ දා සිට ගෙවුණු වසර දෙකක්‌ පමණ කාලය තුළ මට අසන්නට ලැබුණු ප්‍රීතිමත්ව වදන් පෙළ එය වූවා.

ඒ අනුව වෙදහාමුදුරුවෝ ප්‍රතිකාර ඇරඹුවා. 2017 පෙබරවාරි මාසයේ තමයි අප වෙද හාමුදුරුවන්ගෙන් පළමුව ප්‍රතිකාර ඇරඹුවේ. ඒ අනුව මාසය දෙක තුන ප්‍රතිකාර කරන විට ක්‍රමයෙන් මහත්තයාගේ රෝගී තත්ත්වය වෙනස්‌ වන අයුරක්‌ දිස්‌වූවා. ඇවිදීමට අපහසුව සිටි ඔහු ඇවිදින්න පටන් ගත්තා. නිදිමත ගතිය පහව ගොස්‌ පෙර තිබූ ප්‍රබෝධමත් ගතිය සිරුරට එක්‌වෙන බව පෙණුනා. තමන්ගේ නම පවා අමතකව සිටි ඔහුට යළිත් මතකය පැමිණෙමින් තිබුණා.මේ වෙනස දකින කොට මටත් දැඩි සතුටක්‌ ඇතිවුණා. ඇත්තටම ඒ ගෙවී ගිය සුන්දරත්වය යළි අපේ ගෙපැලට ගොඩ වදින අයුරක්‌ දිස්‌වුණා. මෙලෙස මාස කිහිපයක්‌ යන විට පෙර සිටි තත්ත්වයට සියයට 95 ක්‌ පමණ සුව වුණා. ඇත්තටම දැන් නම් සිතට දැනෙන්නේ කියා නිම කළ නොහැකි සතුටක්‌. දැන් ඔහු පූර්ණ සුවදායක තත්ත්වයට පත්ව සිටිනවා. දැන් ඉතිං මහත්තයලාට ඔහු සමග කතා කරන කොට ඔය කියපු කිසි රෝගි තත්ත්වයක්‌ පෙනෙන්නේ නැහැ නේද? යෑයි ඇය අපගෙන් විමසුවේ සුන්දර සිනහවකින් මුව සරසා ගනිමිනි.

ඇත්තටම ශ්‍යාමා මහත්මිය පැවසූ අයුරු කිසි රෝගී තත්ත්වයක්‌ දැන් නම් ඔහුගෙන් පෙනෙන්නට නොමැත. ඔහු කඩිසරව ඔබ මොබ යයි. අතීත සිදුවීම් හොඳ හැටි මතකයෙන් කතා කරයි. සිරුරද සාමාන්‍ය පුෂ්ඨ§මත් බවකින් යුක්‌තව ඇත. ඇත්තටම ශ්‍යාමා මහත්මිය කියූ අසනීප තත්ත්වයේ සිටි අයෙක්‌ බව දැන් ඔහු දකින කිසිවකුට කීමට නොහැක.

රෝගී තත්ත්වයට පෙර සිටි තත්ත්වයට ඔහු නැවත පත්ව සිටියත් එදා කරපු එක්‌ දෙයක්‌ තවම ඔහු කරන්නේ නැතැ. ඒ රැකියාව වූ මැණික්‌ ව්‍යාපාර කටයුතුවලට ඔහු තවම අත ගසා නැත. ශ්‍යාමා මහත්මිය උදැසනම රැකියාවට යැම සඳහා මහ පාරට ගොස්‌ ඇරලවා ඇය නැවත සවස නිවසට පැමිණෙන විට මඟට ගොස්‌ ඇය කැඳවා ගෙන ඒම අද ඔහුගේ ප්‍රධානම දෛනික රාජකාරිය වී ඇත. පාරේ සිට ඔහුගේ නිවසට ඇති පඩිපෙළේ පඩි 52 ක්‌ ඇත. දවසට 10-12 වතාවක්‌ මෙම පඩිපෙළ තරණය කිරීම ඔහු කිසිදු අපහසුතාවකින් තොරව සිදුකරන අතර අපට ද එම පඩිපෙළ තරණය කිරීමේදී මඟදී දෙපාරක්‌ ගිමන් හරින්නට සිදු විය.

අපගේ කතාබහ අවසන්ව ඇත. රෝහිත යුවළගේ හුරතලය නොඅඩුව ලබමින් සිටින සැලී නම් බලු පැටවා අප කතාව ඇරඹු මොහොතේ සිට අවසන් වන තුරු සාවධානව සිට ඇතැම් වෙලාවට හිස වැනුවේ ශ්‍යාමා මහත්මියගේ කතාවට සාක්‌ෂි සපයන්නට මෙනි.

"ඇත්තටම වෙද හාමුදරුවෝ නොසිටියා නම් මහත්තයාට මොනවා වෙයිද කියා සිතා ගන්නවත් බැහැ. උන්වහන්සේගේ ආයුර්වේද වෙදකමේ බලමහිමයෙන් මේ කරන සේවය අති විශිෂ්ඨයි. ඇත්තටම අප වගේම රටේ බොහෝ පිරිසකට උන්වහන්සේ නැවත නිරෝගී සුවය මෙන්ම සතුටද ලබා දී තිබෙනවා. උන්වහන්සේ මේ කරන පින්ම ඇති මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න." අවසන් වශයෙන් ශ්‍යාමා මහත්මිය අප සමඟ පැවැසුවාය.

අවට පරිසරය අන්ධකාරයේ හිමි හිමීට ගිලෙමින් ඇත. 61 වියේ සිටින රෝහිත රාජපක්‌ෂ සහ ශ්‍යාමා යුවළට සතුට පිරි දිවියකට සුබ පතා අමාරුවෙන් නැගි පඩි 52 බැස රියට ගොඩවූ අතර තවත් පැය දෙකක්‌ ගෙවුණු පසු ගහකොළ පිරුණු සුන්දර පරිසරයෙන් මිදී නැවතත් කොන්ක්‍රීට්‌ වනාත්තරයට පැමිණ තිබුණි.

ඇත්තටම වෙද හාමුදරුවෝ නොසිටියා නම් රෝහිතට මොනවා වෙයිද කියා සිතා ගන්නවත් බැහැ. උන්වහන්සේගේ ආයුර්වේද වෙදකමේ බලමහිමයෙන් මේ කරන සේවය අති විශිෂ්ඨයි. ඇත්තටම අප වගේම රටේ බොහෝ පිරිසකට උන්වහන්සේ නැවත නිරෝගී සුවය මෙන්ම සතුටද ලබා දී තිබෙනවා. උන්වහන්සේ මේ කරන පින්ම ඇති මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න.

සුව වූ රාජපක්‍ෂ මහතාගේ නිවසෙහි
දුරකතන අංකය 045 22 61056

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Sep 2017 04:50 AM

පාකින්සන් රෝගීන් සඳහා වැදගත් උපදෙස්‌ කිහිපයක්‌

ප්‍රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමඟ පාකින්සන් රෝගය ගැන කතා කළා. කම්පවාත නමැති සංස්‌කෘත නමින් හැඳින්වෙන එම රෝගය වසර දහස්‌ ගණනක්‌ පැරැණි බව එම සාකච්ඡාවේදී හෙළි වුණා. පාකින්සන් රෝගයේ රෝග ලක්‍ෂණ ගැන කෙටියෙන් සඳහන් වුණා. එසේම මේ රෝaගයට අදාළ බටහිර විද්‍යාත්මක නිර්වචනය ගැනත් අප කතා කළා. පාකින්සන් රෝගය 'ඩිමෙන්ෂියාව' නමැති මතක නැතිවීමේ රෝගය දක්‌වා යන හැටිත් මෙහිදී සාකච්ඡාවට ලක්‌වුණා.

මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - අද මේ රෝගය ගැන තවත් ගැඹුරින් සාකච්ඡා කරමු. බටහිර විද්‍යාවේ හෙවත් නව්‍ය විද්‍යාවේ නිර්වචනයට අනුව dopamine සහ acetylholine යනුවෙන් රසායනික ද්‍රව්‍ය දෙකක්‌ තිබෙනවා. මොළයේ සිට ශරීරය පුරා සංඥා ගෙන යන්නේ මෙකී රසායනික ද්‍රව්‍යවල මැදිහත් වීමෙන්. මේ රසායනික ද්‍රව්‍ය අසමතුලිත වුණාම මොලයට බැරි වෙනවා ශරීරයේ ඉන්ද්‍රියන් ලවා තමන්ට අවශ්‍ය පරිදි වැඩ කරවා ගන්නට. එවිට ඇවිදින්නට බැරි වෙනවා. ශරීරයේ අත් පා සෙළවීමට බැරි දැඩි තත්ත්වයක්‌ හට ගන්නවා. ඇවිදින විට ශරීරය අසමතුලිත වී එහාට මෙහාට වැනෙනවා. ඒ වගේම රෝගියා බිම ඇද වැටෙනවා.

බටහිර වෛද්‍ය ගුරු කුලවල අර්ථකථනයට අනුව පාකින්සන් රෝගය හටගන්නා හේතු රෝගීන් වැඩි දෙනකු තුළින් හොයා ගන්න බැහැ. එහෙත් සමහර රෝගීන් දිගු කාලීනව ඖෂධ ගැනීම නිසාත් පාරිසරික වස විසවලට නිරාවරණය වීම නිසාත් මේ රෝග තත්ත්වයට මුහුණපාන බව හෙළිදරව් වී තිබෙනවා.

Phenothiazine (මානසික රෝගවලට ප්‍රතිකාර වශයෙන් දෙන ඖෂධයක්‌. - මෙය කෘමිනාශක රසායනික සෑදීමටත් යොදා ගන්නවා. butyrophenones (මානසික රෝගවලට දෙන ඖෂධයක්&zwnj metoclopramide (උදරාබාධ, ඔක්‌කාරය, වමනය පාලනය කිරීමට යොදා ගන්නා ඖෂධයකි.) reserpine (අධික රුධිර පීඩනය පාලනය කිරීමට දෙන ඖෂධයකි. ක්‍ෂාරීය සංයුතියකින් යුක්‌තය.) Tetrabenazine (මානසික රෝගයකට ගන්නා ඖෂධ්‍යකි) යන ඖෂධ දිගු කාලීනව පාවිච්චි කළ විටත් පාකින්සන් රෝගය ඇතිවන බව හොයාගෙන තිබෙනවා.

ඒ අතර සමහර මත්ද්‍රව්‍ය දිගින් දිගටම පාවිච්චි කිරීම සහ ඒවාට ඇබ්බැහි වීම තුළිනුත් මොළය මධ්‍යයේ ඇති නියුරෝන විනාශ වී පාකින්සන් රෝගය හට ගන්නවා.

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

 

ළමයින්ට හැදෙන ඔටිසම් සුව කරන්නේ කොහොමද?

ප්‍රශ්නය - Autism ඔටිසම් යනුවෙන් හඳුන්වන රෝගය ගැන මේ කාලයේදී නිතර අසන්නට ලැබෙනවා. කුඩා දරුවන්ට වැළඳෙන බව කියන මේ රෝගය කුමක්‌ද?

වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - මෙය අලුත් රෝගයක්‌. අවුරුදු 20 කට වැඩි ඉතිහාසයක්‌ මේ රෝගයට නැහැ. ඒ නිසා ඉපැරැණි ආයුර්වේද ග්‍රන්ථවල මේ රෝගය ගැන සඳහනක්‌ නැහැ. හැබැයි පැරැණි ආයුර්වේද පොත්වල තිබෙනවා 'ඡඩත්වම්' කියලා රෝග තත්ත්වයක්‌. මෙය කුඩා දරුවන්ට වැළඳෙන ස්‌නායු රෝගයක්‌. ඔටිසම්වල සමහර ලක්‍ෂණ එහි තිබෙනවා. එහෙත් පූර්ණ ලක්‍ෂණ නැහැ. ඒ නිසා තමයි අප තීරණය කරන්නේ ඔටිසම් අලුත් ලෙඩක්‌ කියලා. ලෝකයේ තියෙන ලෙඩ රෝග වලින් 99.999% ක්‌ ම ආයුර්වේදය මගින් විග්‍රහ කරනවා. ආයුර්වේද වෙද පොත්වල ඒ ගැන තියෙනවා. පාකින්සන් රෝගය අලුත් ඉංග්‍රීසි නමකින් සමාජයට ආවත් එය වසර දහස්‌ ගණනක්‌ පැරැණි රෝගයක්‌. මෙහිදී මතක තබා ගත යුතු වැදගත්ම දෙයක්‌ තමයි ආයුර්වේදයෙන් මේ රෝගය සුවපත් කළ හැකි බව. එසේ සුවපත් වූ දරුවන් ගැන සිද්ධි අධ්‍යයන සිය ගණනක්‌ අප සතුව තිබෙනවා.

ප්‍රශ්නය - ඔටිසම් රෝගයේ ස්‌වභාවය ගැන විස්‌තර කරන්න.

වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - මේ පිළිබඳ විද්‍යාත්මක විග්‍රහය මෙහෙමයි. මෙය Neurodevelopmental disorder රෝගයක්‌. එනම් ස්‌නායු පද්ධතියේ වර්ධනය වන අක්‍රමිකතා නිසා හට ගන්නා රෝගයක්‌. මේ නිසා දරුවකු තුළ තිබෙන වාචික සහ වාචික නොවන සන්නිවේදන හැකියාව බිඳ වැටෙනවා. වාචික සන්නිවේදනය කියන්නේ කතා බහ, වාචික නොවන සන්නිවේදනය කියන්නේ බැල්මෙන් දෙන උත්තර, සිනාවෙන් දෙන අනුමැතිය, චලනයෙන් දෙන පණිවුඩය වගේ දේවල්. මේ රෝගය හැදුනු දරුවන්ගේ මේ ක්‍රියාකරකම් නවතිනව. දෛනික හැසිරීම සීමා වෙනවා. මේ රෝගයේ මුල් ලක්‍ෂණ හට ගන්නේ දරුවකුගේ ජීවිතයේ පළමු අවුරුදු දෙක තුළ. රෝග ලක්‍ෂණ පහළ කිරීම මාස හයේ සිට සිදු වෙනවා. මේ නිසා රෝග නිශ්චය කිරීම සිට ප්‍රතිකාර ලබා දීම දක්‌වා කටයුතු හැකි ඉක්‌මනින් පටන් ගන්න ඕනෑ. රෝග ලක්‍ෂණ හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම කල් ගත වූ තරමට රෝගය සුව කිරීම දුෂ්කර වෙනවා.

ලබන සතියේ තව කොටසක්‌

නොමිලේ විස්‌තර සඳහා
- 0766739977, 011-5708567


මළ බද්ධය සුවකර ගැනීමට නිවැරදිව ප්‍රතිකාර ආයුර්වේදය සතුයි

මළ බද්ධය ඇතිවීම සඳහා බලපාන හේතු මොනවාද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක

මළ බද්ධය ඇතිවීම සඳහා හේතු කිහිපයක්‌ම බලපෑ හැකියි. ඒ අතරිනුත් වර්තමානයේ දක්‌නට ලැබෙන ගැස්‌ට්‍රයිටීස්‌ සහ ජීර්ණ පද්ධතිය ආශ්‍රිත විවිධ දුර්වලතාද මේ සඳහා බලපෑම් ඇති කරනවා. ළමා අවධියේ පටන් සිරුරේ හට ගන්නා ඇතැම් ක්‍රියාකාරකම්ද මළ බද්ධය ඇතිවීමට හේතුවිය හැකියි. කුඩා කාලයේ දරුවන්ට විවිධ බලපෑම් කරමින් සිරුරට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ආහාර දරුවන්ට ලබාදීම තුළින් ජීර්ණ පද්ධතියේ විවිධ අක්‍රමිකතා ඇතිවිය හැකි අතර පසුකාලීනව එම තත්ත්වයන් මළ බද්ධය ඇතිවීමට හේතු කාරක විය හැකියි.

Ö මළබද්ධය ඇතිවීම සඳහා බලපාන ආහාර පිළිබඳ සඳහන් කළොත්.

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා-

වර්තමානයේ බොහෝ පිරිසක්‌ තම දෛනික කාර්ය බහුලත්වය නිසා බොහෝවිට කෙටි කෑම කෘත්‍රිම කෑම වර්ගවලට යොමුවීමක්‌ දක්‌නට ලැබෙනවා. විශේෂයෙන් එදා අපේ ආහාර වේලේ තිබූ කෙඳි සහිත ආහාර එනම් අල වර්ග, එළවළු, පලා වර්ග බොහෝවිට අද වන විට අපේ ආහාර වේලෙන් හැලී ගොස්‌ තිබෙනවා. ඒ වෙනුවට අද පිටි කෑම හා තෙල් කෑම එක්‌වී තිබෙනවා. මෙන්න මේ පිටි කෑම සහ තෙල් කෑම මළ බද්ධය ඇතිවීම සඳහා වැඩි බලපෑමක්‌ ඇති කරනු ලබනවා. ඒ වගේ කෝපි සහ චොක්‌ලට්‌ වැඩිපුර ආහාරයට ගැනීමත් මළ බද්ධයට අත වැනීමක්‌ වෙනවා.

Ö මළ බද්ධය වැළඳුණු අයෙකුට ඇතිවන රෝගලක්‍ෂණ මොනවාද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා-

විශේෂයෙන්ම මළ පිටවීමේ අක්‍රමවත් බවක්‌ ඇතිවීම සිදුවෙනවා. ඇතැම් අයට දින 3, 4, 5, 6 කට වරක්‌ මළ පිටවීමේද සිදුවිය හැකියි.

මීට අමතරව බඩපුරවා දැමීම, හිස කැක්‌කුම, නොරිස්‌සුම් ගතිය, මුඛයෙන් දුගඳක්‌ පිටවීම, මුහුණ අව පැහැවීම, සම දුර්වර්ණවීම, තුනටිය හන්දිපත් වේදනාව ඇතිවීම ආදී ලක්‍ෂණයන් පෙන්විය හැකියි. මෙම රෝග ලක්‍ෂණයන් පිළිබඳ නිසි සැලකිල්ලක්‌ නොදැක්‌වුවහොත් එම තත්ත්වයන් ක්‍රමයෙන් වැඩිවී මහා රෝග තත්ත්වයක්‌ දක්‌වා වර්ධනය විය හැකියි. ඒ අනුව අර්ශස්‌, අර්ශස්‌ භගන්දරා රෝග තත්ත්ව කරාද මෙය ව්‍යාප්ත විය හැකියි.

Ö මළබද්ධය සුව කිරීම සඳහා ආයුර්වේද සතුව ප්‍රතිකාර ක්‍රම තිබෙනවාද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා-

අනිවාර්යයෙන්ම ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමුවන ඕනෑම රෝගියකුට නිවැරදි ලෙස ප්‍රතිකාර ලබා ගත්තොත් තමන්ගේ රෝග නිට්‌ටාවටම සුවකර ගැනීමේ හැකියාව පවතිනවා.

මළබද්ධය සඳහාද ආයුර්වේදය සතුව විශේෂ ප්‍රතිකාර තිබෙනවා. විශේෂයෙන්ම මෙවැනි රෝගීන්ට අප පළමුව විරේචන ප්‍රතිකාර අරඹන අතර ඒ අනුව ක්‍රමානුකූලව මළ පිට කිරීම ඇතිවෙනවා. මෙම විරේචන ඖෂධ රාත්‍රි ආහාරයෙන් පසු ලබාදෙන අතර ඒ අනුව උදැසනම නියමිත පරිදි මළ පිට කිරීමේ සාමාන්‍ය තත්ත්වය ඇතිවෙනවා.

මෙම මළ පිට කිරීමේ සාමාන්‍ය තත්ත්වයට පත්වූ පසු රෝගියාව තවත් යම් යම් රෝගාබාධ ඇතිව තිබෙනවා නම් ජීර්ණ පද්ධතියේ යම් යම් ආබාධ තත්ත්වයන් තිබේ නම් ඒවාද සුව වීම සඳහා ඖෂධ ලබාදීම සිදුවෙනවා.

මෙලෙස නිවැරදි ලෙස ප්‍රතිකාර ලබා ගත්තොත් ඉතා ඉක්‌මනින් මේ මහා කරදරකාරී රෝගයෙන් මිඳීමට හැකියාව පවතිනවා.

Ö ආයුර්වේද ඖෂධ සොයා ගැනීමේ සහ සකසා ගැනීමේ අපහසුතාවක්‌ තිබෙනවා නේද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා-

එදා ආයුර්වේද වෛද්‍යවරු ප්‍රතිකාර නියම කිරීම පමණක්‌ කළත් රෝගීන්ට වර්තමානයේ මෙම ඖෂධ වර්ග නිවැරදි තෝරා බේරා සොයා ගැනීමේ සහ නිවැරදි ලෙස සකසා ගැනීමේ අපහසුව නිසා දැන් එම ඖෂධ සැකසූ ඖෂධ ලෙස රෝගීන්ට ලබා දෙනවා. කුඩු වර්ග, ගුලි වර්ග, පෙති වර්ග, දියර වර්ග ලෙස අද මේ ඖෂධ සකස්‌කර දෙන නිසා රෝගීන්ට ඒවා පහසුවෙන් ලබා ගැනීමේ අවස්‌ථාවද දැන් උදාවී තිබෙනවා.

චර්ම රෝග හඳුනා ගනිමු: වළකා ගනිමු

රූපය අවලස්‌සන කරන සමේ රෝග නිසා පුද්ගලයකු කායිකව මෙන්ම මානසිකව ද දුර්වල වේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව චර්ම රෝග දහඅටක්‌ පිළිබඳව සඳහන් වේ. මේ අතුරින් අද සමාජය තුළ වඩාත් සුලබව දැකිය හැකි චර්ම රෝග පිළිබඳව හඳුනාගනිමු.

1. කුරුලෑ

2. කිටිභ (psoriasis - පොතු කබර)

3. ශ්විත්‍ර (Vitiliog - සුදු කබර)

4. දද්‍රe මණ්‌ඩල (Ring worm)

5. විචර්චිකා (scabies)

6. සිම (අළුහම්)

7. විසර්ප

7. පාමා (Eczema)

8. විස්‌ඵෝට (Bullac)

9. ඉන්නන්

10 සමෙහි ඝනව හටගන්නා කලු පැහැති ගැටිති.

Ö කුරුලෑ - මේ පිළිබඳව තවදුරටත් කතා කළහොත් යෞවන වියේ පසුවන අයට හටගන්නා පීඩාකාරී රෝග තත්ත්වයක්‌ ලෙසට මෙය හැඳින්විය හැකිය. මෙහිදී මුහුණේ පිරිසිදු බව ඉතාම වැදගත් වන අතර, ශරීර අභ්‍යන්තරයට ලබාදෙන ඖෂධ ප්‍රතිකාර මෙන්ම බාහිර ඖෂධ ආලේපන රෝග සුවය සඳහා මහත් පිටිවහලක්‌ වේ. විවිධ කෘත්‍රිම ආලේපන මේ සඳහා තාවකාලික විසඳුම් ලබා දුන්නද සම්පූර්ණයෙන් රෝග තත්ත්වයෙන් මිදී කැළැල් රහිත පැහැපත් මුහුණක්‌ සඳහා නිසි ආයුර්වේද ඖෂධ ප්‍රතිකාර, ආහාර සහ විහරණ සඳහා යොමුවීම වැදගත් වේ. දේශීය නැවුම් එළවළු, පලතුරු, අමු එළවළු සලාද, පලා වර්ග හැකිතාක්‌ ආහාරයට ගෙන කෘත්‍රිම ආහාර වලින් වැළකීම රෝග සුවයට මනා පිsටිවහලකි.

ලබන සතියේ තව කොටසක්‌

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

 

 

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Sep 2017 04:53 AM

ආත්‍රයිටිස්‌ රෝගයට තුවරලා පැළයෙන් ගුණය

ප්‍රශ්නය - පසුගිය සතියේදී අප සාකච්ඡා කළේ ඔස්‌ටියෝ ආත්‍රයිටිස්‌ රෝගය ගැනයි. මේ රෝගයට ප්‍රතිකාර කිරීමේදී සාරණ කොතරම් වැදගත් ද කියන කාරණයත් අප සඳහන් කළා.

වෛද්‍ය වසන්ත උදයජීව - සාරණ විතරක්‌ නෙවෙයි තවත් එළවළු වර්ග රැසක්‌ම තිබෙනවා. ආත්‍රයිටිස්‌ රෝගයට ඉතාම ගුණදායක, සමහර පැළ වර්ගවල විෂ නාශක බලය විටමින් C හෝ විටමින් E වල බලය මෙන් 1000 ගුණය ඉක්‌මවනවා. මේ ඖෂධීය පැළෑටිවල ගුණයෙන් පුළුවන් ශාරීරික සමතුලිතතාව මෙන් මානසික සමතුලිතතාවක්‌ පවත්වාගෙන යැමට. උදාහරණයක්‌ වශයෙන් ගනිමු ලුණුවිල කියන පැළෑටිය. මෙය මොළයේ මතක සෛල වර්ධනයට මහත් සේ ප්‍රයෝජනවත් වන බව බටහිර විද්‍යාඥයන් පවා පිළි අරගෙන තිබෙනවා. ආයුර්වේද පිළිගැනීමක්‌ තමයි කිසියම් පුද්ගලයකුගේ ශරීරයේ අභ්‍යන්තර පිරිසිදු කිරීම්වලින් පස්‌සේ, ඒ කියන්නේ ළය විරේක, බඩ විරේක වලින් පස්‌සේ බෙහෙත් පැළවල ගුණය සිය ගුණයකින් වැඩිවෙලා ශරීරයට දැනෙන බව.

ප්‍රශ්නය - ඔස්‌ටියෝ ආත්‍රයිටිස්‌ රෝගයට ගුණ දෙන වෙනත් ඖෂධීය පැළ වර්ග මොනවාද?

වෛද්‍ය වසන්ත උදයජීව - කෝමාරිකා ඉතාම ගුණදායකයි. ගම් පළාත්වල තිබෙනවා තුවරලා කියලා ශාකයක්‌. Boswellia Serrata යනුවෙන් මෙය උද්භිත විද්‍යාත්මකව හඳුන්වනවා. මේ පැළයේ තිබෙන කිරි වර්ගය හෝ සාරය මගින් පුළුවන් ශරීරයේ විවිධ තැන්වල හටගන්නා ප්‍රදාහ තත්ත්වය නැති කරන්නට. මේ ශාකයට පුළුවන් ශරීරය තුළ දෙආකාරයකින් ක්‍රියා කරන්න. ඒ කියන්නේ උෂ්ණ ගුණය ඇති කරන්න වගේම ශීත ගුණය ඇති කරන්නත් මෙයට පුළුවන්. හැබැයි ඊට පෙර ශාකය හඳුනා ගන්නවා ශරීරයේ සැබෑ ස්‌වභාවය. ඒ අනුව උෂ්ණ ගුණය අවශ්‍ය තැනට උෂ්ණ ගුණයත් ශීත ගුණය අවශ්‍ය තැනට එම ගුණයත් දෙන්නට එම ශාකයට පුළුවන්. රුධිර සංසරණය ක්‍රමවත් කරන්නටත් මෙයට හැකියි.

ප්‍රශ්නය - අද ඔබ අපට දෙන කසාය කුමක්‌ද?

වෛද්‍ය වසන්ත උදයජීව - අරත්ත අල, බැබිල මුල්, බෙලි මුල්, සුදුලූනු, එළබටු මුල්, කටුවැල්බටු මුල් කලං 2 බැගින් ගෙන වතුර කෝප්ප 8 කට දමා එක කෝප්පයකට සිඳුවා පෙරා සීනි/ මීපැණි දමා උදේ සවස දින 6 ක්‌ පානය කළ යුතුයි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Sep 2017 03:30 AM

http://www.navaliya.com/2017/09/18/New%20folder/32.jpg

http://www.navaliya.com/2017/09/18/New%20folder/46.jpg

http://www.navaliya.com/2017/09/18/New%20folder/13.jpg

http://www.navaliya.com/2017/09/18/New%20folder/4.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 48 of 137 << < 4647484950 > >>