Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 49 of 137 << < 4748495051 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 17 Sep 2017 03:38 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 hasithadSuper Senior MemberPosts:5795 17 Sep 2017 08:12 AM කොලස්ටරෝල් සම්බන්දව පල වූ ලිපිය මට ප්‍රයෝජනවත්. මොඅද ඔඅය ප්‍රශ්නෙ මට තියෙන හින්දා. 0 chamaramindMost Senior MemberPosts:13471 17 Sep 2017 06:06 PM වේදනා නාශක ඖෂධ භාවිතය උණක්, හිසරදයක්, ඇඟේ පතේ අමාරුවක් ඇතිවූ විගස අපි වේදනා නාශක ඖෂධ භාවිත කරන්නෙමු. එනිසා වේදනා නාශක ඖෂධ භාවිතය වර්තමානයේ ඉතා සුලභවී ඇත. නමුත් හිතුමතේ වේදනා නාශක ඖෂධ භාවිතය හොඳ නැත. එබැවින් නිවැරදි අයුරින් වේදනා නාශක ඖෂධ භාවිතය පිළිබඳව අප තුළ දැනුවත් බවක් තිබිය යුතුය. වෛද්‍යතුමනි, වේදනා නාශක ඖෂධ භාවිතයේදී අප අනුගමනය කළයුතු නිවැරදි පිළිවෙත කුමක්ද? කිසිම ඖෂධයක් වෛද්‍ය උපදෙස් වලින් තොරව ගන්න හොඳ නැහැ. වේදනා නාශක ඖෂධ සඳහාත් පිළිපැදිය යුත්තේ එම පිළිවෙතමයි. නමුත් අප බොහෝදෙනා සමහර වේදනා නාශක ඖෂධ වෛද්‍ය උපදෙස් වලින් තොරව ලබාගන්නවා. විශේෂයෙන්ම පැරසිටමෝල් වැනි අඩු මාත්‍රාවකින් යුත් වේදනා නාශක ඖෂධ හිසරදයකදී ඇඟපත වේදනාවකදී ලබාගන්නවා. මෙය නිතර අනුගමනය කිරීම හොඳ නැහැ. පැරසිටමෝල් මාත්‍රාව වැඩිපුර ශරීරගතවීමෙන් අක්මාවට හානි සිදුවෙනවා. ඇස්ප්‍රීන් වැනි වේදනා නාශක ඖෂධ මගින් රුධිරය කැටිගැසීම අඩුකරනවා. එවැනි වේදනා නාශක ඖෂධ වෛද්‍ය උපදෙස් වලින් තොරව ගැනීම හොඳ නැහැ. ශරීරයේ අභ්‍යන්තර රුධි වහනය වීම සිදුවෙනවානම් මෙවැනි ඖෂධ ගැනීමෙන් එම රුධිර වහනය වීම තවත් වැඩිවෙනවා. සන්ධි රෝග ආශ්‍රිතව ලබාදෙන ඇතැම් වේදනා නාශක ඖෂධ මගින් ගැස්ට්‍රයිටීස් රෝගය මතුවෙනවා. එවැනි ඖෂධ ගැනීමේදී නිසි වෛද්‍ය උපදෙස් මත ගැස්ට්‍රයිටීස් මතුවීම පාලනය සඳහාද ඖෂධ ගත යුතුයි. ඇතැම් පුද්ගලයන් වේදනා නාශක ඖෂධ ගත්විට විවිධ අසාත්මිකතා වලට ලක්වෙනවා. එවැනි අය වේදනා නාශක ඖෂධ ගැනීමට පෙර නිසි වෛද්‍ය උපදෙස් ලබාගැනීම කළ යුතුය. එසේම වේදනා නාශක අප හිතු මතේ ගැනීමෙන් සිදුවන්නේ ශරීරයේ මතුව ඇති රෝගයක් නිසි ප්‍රතිකාර වලින් තොරව යටපත් කිරීමයි. උදාහරණයක් ලෙස හිසරදය මතුව ඇත්තේ මොළය ආශ්රිත රෝග තත්ත්වයක් නිසා නම් ඇස්වල දුර්වලතාවයක් නිසා නම් නිසි වෛද්‍ය උපදෙස් වලින් තොරව වේදනා නාශක ඖෂධ ගැනීමෙන් එම රෝග වලට නිසි ප්‍රතිකාර නොලැබීම නිසා ඒවා උත්සන්න වෙනවා. උණ, හිසරදය කියන්නේ කිසියම් රෝගයක රෝග ලක්ෂණ පමණයි. එනිසා රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම වෙනුවට රෝගයට ප්‍රතිකාර ලබාගැනීමයි කළ යුත්තේ. වෛද්‍ය ජනක වීරතුංග ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Sep 2017 06:10 PM මැදිවියේ මතුවන ලිංගික දුබලතාවලට ආයුර්වේද ප්‍රතිකාර ඇත ප්රශ්නය - වෛද්‍යතුමනි 48 හැවිරිදි අයකු වන මම වසර පහක පමණ කාලයක සිට දියවැඩියා රෝගය සඳහා ඖෂධ භාවිත කරමි. දැන් වසරක පමණ කාලයක සිට මා තුළ ලිංගික අප්‍රාණිකත්වයක් ඇති බව අවබෝධ වී ඇත. මෙවැනි ගැටලු සඳහා ආයුර්වේදයේ සාර්ථක ප්‍රතිකාර ඇති බව මට මිතුරන් කිහිප දෙනෙක් පැවසූහ. එබැවින් මාගේ ගැටලුවලට විසඳුමක් ලබාගැනීමට ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමුවීමට මා තීරණය කර ඇත. වෛද්‍යතුමනි මාගේ රෝග තත්ත්වය සුවකර ගැනීමට ඇති ආයුර්වේද ප්‍රතිකාර මොනවාද? එස්. කේ. සිල්වා - කඩුවෙල පිළිතුර - සාමාන්‍යයෙන් වයස අවුරුදු 40 ඉක්ම යන විට ඕනෑම අයකුට ශරීර ශක්තිය සහ ලිංගික ශක්තිය තරමක් අඩුවෙමින් යා හැකිය. නමුත් දියවැඩියාව වැනි සර්වාංගයටම බලපාන රෝග තත්ත්වයක් පැවතුන හොත් ශරීරයේ විවිධ ඉන්ද්රියයන් අඩපණ වීම දුර්වල වීම වැනි තත්ත්වයන් ද ලිංගික ශක්තිය වේගයෙන් පිරිහී යන අවස්ථාවන් ද දක්නට ලැබේ. ඔබට මතුවී ඇති තත්ත්වය එවැන්නක් විය හැකිය. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළින් මෙම තත්ත්වයන් සඳහා සාර්ථක පිළියම් ඇත. එනම් ආයුර්වේදයේ රසායන තන්ත්රය සහ වාජීකරණ තන්ත්රය යනුවෙන් ප්‍රධාන කොටස් දෙකක් නිර්මාණය කර ඇත්තේ මෙම තත්ත්වයන් මගහරවා මිනිසුන්ගේ සුවපත්භාවය රැක ගැනීමටත් ඉහළ ලිංගික ශක්තියක් රඳවා ගැනීම තුළින් නිරෝගී ප්‍රජාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනය. වර්තමානයේ අප කරා එන රෝගීන්ගෙන් වැඩි පිරිසකට මෙවැනි තත්ත්වයන් උද්ගත වී ඇති නිසා නවීන තාක්ෂණානුකූලව පහසුවෙන් භාවිතා කළ හැකි රසායන සහ වාජීකරන ඖෂධ භාවිතා කළ හොත් මෙම තත්ත්වයන් පූර්ණ වශයෙන් මගහරවා ගෙන සුවපත්ව දිවි ගෙවිය හැකිය. ප්රශ්නය - මම පෞද්ගලික බැංකුවක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත වෙමි. වයස අවුරුදු 34 ක් වන මම ලබන වසරේ විවාහ වීමට සූදානම් වෙමි. වෛද්‍යතුමනි, දැනට වසර කිහිපයක සිට මාගේ ඔසප් චක්‍රය අක්රමවත්ය. මාගේ ශරීරය ද ටිකක් තරබාරුය. විවාහයෙන් පසු ඉක්මනින් දරුවන් ද බලාපොරොත්තු වෙමි. එබැවින් මාගේ ඔසප් චක්‍රය ක්‍රමවත් කර ගැනීම සඳහා ආයුර්වේද ප්‍රතිකාර වෙත යොමු වුවහොත් ඉක්මනින් එය යථා තත්ත්වයට පත්කර ගත හැකිද? එම්. ප්‍රසාංගිකා - බත්තරමුල්ල පිළිතුර - ඔබට පවතින ඔසප් චක්‍රයේ අක්රමිකතාවයන් සහ තරබාරු බව වැනි තත්ත්වයන්ට හේතුව කලක පටන් ඔබ පවත්වාගෙන යන ජීවන රටාවේ ස්වභාවය අනුව විය හැකිය. කෙසේ නමුත් ඔසප් දොaෂයන් පූර්ණ වශයෙන් සුවපත්භාවයකට පත් කළ හැකි සහ තරබාරු බවින් මිදීම සඳහා අවශ්‍ය නිසි පිළියම් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ඇති බව කිව යුතුය. මේ සඳහා අවශ්‍ය ඖෂධ සහ උපදේශනයන් සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් ලබාගත හොත් ඔසප් දොaෂයන් මගහරවා ගෙන විවාහ වී ඉක්මනින්ම දරු සම්පත් ලබාගැනීමේ අවස්ථාව උදාකර ගත හැකිය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0713009088 හෝ 0713007000 ඇමතිය හැකිය. සංස්කරණය උපාලි ද සේරම් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Sep 2017 06:15 PM දැරියන් නිතර ලෙඩවීමට බලපාන හේතු නිතර දරුවන් ලෙඩවන බව පවසමින් එන බොහෝ දෙමාපියන්ගෙන් දරුවන්ගේ එදිනෙදා දින චර්යාව සහ දරුවන්ට ලබාදෙන ආහාර පාන ගැන විමසූ විට ඔවුන් බොහෝ දෙන පිළිතුරු දෙන්නේ අනේ ඩොක්ටර් එහෙම විශේෂයක් නැහැ තියෙන දෙයක් කන්න දෙනවා. එහෙමත් නැත්නම් එයාලා කන්න ආසා දෙයක් හදල දෙනවා කියාය. දරුවන් නිතර නිතර ලෙඩ වෙන බවත් ඔවුන්ගේ වර්ධනයේ යම් යම් අඩුපාඩු තිබෙන බවත් බොහෝ දෙමව්පියෝ පවසති. මෙලෙස දරුවන් නිතර ලෙඩවන්නටත් වර්ධනය බාලවන්නටත් බලා ඇති හේතු මොනවාද කියා අපි අවධානය යොමු කරමු. වෛද්‍යතුමනි නාඩි විද්‍යාවට අනුව දරුවන්ගේ වර්ධනය පිළිබඳව අවධානය යොමුකරන්නේ කෙසේද? මෙළොව උපදින සියලුම සත්ත්වයින් පිළිබඳව මහා සෘෂි නාඩි වෛද්‍යවරුන් උපතේ සිට මියයන මොහොත දක්වා අවධීන් තුනකට බෙදා වෙන්කොට තිබෙනව. ළමාවිය, තුරුණුවිය සහ මැදිවිය ලෙසින් එම අවධි තුන නම්කර තිබෙනවා. එසේම එම අවධීන් තුන ස්ත්‍රී සහ පුරුෂ ලෙසින්ද වෙන්කොට තිබෙනවා. මෙම වෙන් කිරීමට අනුව මුලින්ම ළමාවියේ දැරියන්ගේ වර්ධනය පිළිබඳව පැහැදිලි කරන්නම්. ගැහැනු දරුවකු මෙළොවට බිහිවූ දා සිට වැඩිවියට පත්වන වයස අවුරුදු 15 - 16 දක්වා වූ කාලය ළමාවිය ලෙස හඳුන්වනවා. ගැහැනු දරුවකුගේ දාරක නාඩිය, වර්ධන නාඩිය, පෝෂණ නාඩිය, ක්‍රියකාරී නාඩිය, හෝමෝන වර්ධක නාඩිය සහ කාම නාඩිය යන නාඩි වයස අවුරුදු 03 දී සිට ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන්නට පටන්ගන්නවා. මෙම නාඩි වර්ධනයවීමේ උච්චතම කාලය වන්නේ වයස අවුරුදු 10 - 16 ත් අතර කාලයයි. එනිසා සෑම දෙමාපියකුම ප්‍රාර්ථනා කරන තම දියණියගේ නිරෝගී වර්ධනය, පැහැපත් බව සඳහා නිසි පෝෂ්‍ය ආහාර පාන ගැනීම එදිනෙදා ජීවන චර්යාවන් නිවැරදිව පවත්වාගෙන යැම සිදුකළ යුතුයි. විශේෂයෙන්ම ගැහැනු දරුවකුගේ ශරීරයේ හෝමෝන වර්ග කිහිපයක් ක්‍රියාකාරී වෙනව. ඒවා නිසි ලෙස ක්‍රියාකාරීව පවත්වාගෙන යැමට පියවර ගත යුතුයි. එවිට ගැහැනු දරුවකුට උරුම සිරුරේ බාහිර ලක්ෂණ වර්ධනය සිරුර ඇතුළත ඉන්ද්‍රියන්ගේ වර්ධනය නිසි ලෙසින් පවත්වාගත හැකියි. එහිදී ඔවුන්ගේ ප්‍රජනන පද්ධතිය හොඳින් ක්‍රියාත්මක කරගත හැකියි. වෛද්‍යතුමනි ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද? ඒ සඳහා උදෑසන අවදිවූ විට පිරිසිදු ඇල්වතුර කෝප්ප දෙකක් පමණ පානය කිරීම, උදෑසන ආහාරයට පෙර පිරිසිදු එළකිරි වීදුරුවක් හෝ කොළ කැඳ වීදුරුවක් පානය කළ හැකියි. ගැහැනු දරුවන්ගේ දවසේ ආහාර වේලට ධාන්‍ය වර්ග, එළවළු, පලාවර්ග යහමින් එකතු කිරීමට දෙමාපියන් අවධානය යොමු කළ යුතුයි. එය ගැහැනු දරුවන්ගේ ලිංගික ඉන්ද්‍රියන්ගේ වර්ධනයට සහ ඒවායේ නිවැරදි ක්‍රියාකාරිත්වයට බලපානවා. දිනපතා උදේ සවස දත් මැදීම, දහවල් 1.00ට පෙර පිරිසිදු ඇල් ජලය ස්නානය කිරීම, දෑත් දෙපා නියපොතු පිරිසිදු කර ගැනීම සඳහා ගැහැනු දරුවන් හුරු කළ යුතුයි. නිතර දරුවන් ලෙඩවන බව පවසමින් එන බොහෝ දෙමාපියන්ගෙන් දරුවන්ගේ එදිනෙදා දින චර්යාව සහ දරුවන්ට ලබාදෙන ආහාර පාන ගැන විමසූ විට ඔවුන් බොහෝ දෙන පිළිතුරු දෙන්නේ අනේ ඩොක්ටර් එහෙම විශේෂයක් නැහැ තියෙන දෙයක් කන්න දෙනවා. එහෙමත් නැත්නම් එයාලා කන්න ආසා දෙයක් හදල දෙනවා කියාය. බොහෝ දෙමාපියන් ගැහැනු දරුවන්ගේ ශරීර පවිත්‍රතාවය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැත. මෙය ඉතාමත් වැරදියි. විශේෂයෙන්ම ගැහැනු දරුවකුගේ සිරුරේ පවිත්‍රතාවය ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. පැය 08 කට වරක්වත් මුහුණ කට සෝදා පිරිසිදු ඇඳුම් පැළඳුම් ඇඳීමට හුරු පුරුදු කළ යුතුයි. සතියකට දෙවරක්වත් දවසේ ආහාර වේලකට ගොරකා, සියඹලා, සූදුරු, මහදුරු දමා සාදාගත් හොද්දක් එක් කිරීම මගින් ගැහැනු දරුවන්ගේ ආහාර මාර්ගය පිරිසිදු කළ හැකියි. එය ඔවුන්ගේ වර්ධනයටත් ලෙඩ රෝග ආදියට මුහුණදීම සඳහා ශරීර ශක්තිය ඇති කිරීමටත් හේතු වෙනවා. මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට දුරකථන අංක 0776500677 ඇමැතිය හැකිය. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 17 Sep 2017 11:45 PM මේ දේවල් ගැහැණු ලමයෙකුගේ තිබිය යුතු දේවල් නමුත් කවුරැ උනත් පිරිසිදුව ඉන්නවානං ලෙඩ රෝග අඩුයි 0 chamaramindMost Senior MemberPosts:13471 18 Sep 2017 05:06 PM පලතුරු ගුණ පරිසරයෙන් ඈත් වී ගියත් බොහෝ ගුණ ඇති ගඩාගෙඩි වීර මෙම පලතුර ලංකාවේ දුර්ලභ ඝණයේලා සැලකෙන මිහිරි පලතුරකි. අවුරුද්දකට එකම වාරයක් පමණක් ඵලහට ගනියි. එම ගෙඩි ඉදුණු පසු රත්පැහැයෙන් යුතුය. ලොකු කෝපිගෙඩි තරම් ප්‍රමාණ වත්වේ. කෑමට කවුරුත් ප්‍රිය කරති. මෙම වීර ගස්ද දැක ගැනීමට හැකි වනුයේ කතරගම සෙල්ලකතරගම සිතුල්පව්ව යන ප්‍රදේශවලිනි. මෙහි ආයුර්වේද ඖෂධ ගුණය වනුයේ පිළිකා නාශක ගුණයයි. හෘද රෝග මර්ධනය කිරීමේ ගුණය රදාපවතියි. වේරෑන ගෙඩි වේරෑනගෙඩි ඉදුණු පසු ළමුන් කෑමට ප්‍රියකරන පැණි රස ඇඹුල් රස දෙකම මුසු පලතුරකි. මෙම පලතුරු දැක ගත හැකි වනුයේ ඇළ දොළ ගංඟා වැව් ආශ්‍රිතව, ඉතා සරුවට වේවැල් වගාව තිබෙනු දැක ගත හැකිව තිබෙන ස්ථානවලය. වේරෑන ගෙඩිවල පවතින ආයුර්වේද ඖෂධීය ගුණය වන්නේ, මානසික රෝග, චර්මරෝග ග්ර්භනී රෝග සුවපත් කිරීමේදී බෙහෙත් වර්ග සකස් කිරීම සඳහා සංයෝග කරගනු ලැබීමයි. ඒ බව ආයුර්වේද ඉතිහාසයේ පුරාතණ යුගවල සඳහන්ව පවතී. එහෙත් මෑත යුගයේ වේවැල් මන්ඬි වැව් ඇළ දොළ ගංඟා ආශ්‍රීත ප්‍රදේශ බැකෝ යන්ත්‍ර මගින් පිරිසිදු කිරීමේදී විනාශ කර දමති. වේවැල් කර්මාන්තයේ නියෑලෙන තවත් පිරිස් ඔවුන්ගේ පාරම්පරික උරුම රැකියාව කිරීම සඳහා වේවැල් මන්ඬිපිටින් කපා විනාශ කරති. එම වේවැල්වලින් කුළු වට්ටි කූඩා පුටු මේස ආදිය සකස් කරති. කැකිරි මෙයද ලංකාවේ පලතුරු විශේෂයකි. මෙය විශාල ලෙස වගාකරනු ලබනුයේත් සරුවට වැවෙනුයේත් යල්කන්නයේදී කුඹුරු ඉඩම්වලය. මිහිරි ගුණය නිසා ඇතැම් අය සීනි කැකිරි කියා හඳුන්වනු ලැබේ. වෙළෙඳපොලේ බහුලව දැක ගැනීමට පුළුවන. දක්ෂිණ ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය මැදමුලන අත්තනයාල, ගොණාදෙණි, මීගස්ආර, රම්භාවිහාරය, අඟුණුකොළපැලැස්ස වාඩිගල, රන්න යන ප්රදේහවල ගොවීහු අති බහුල ලෙස කැකිරි වගා කර එහි ඵල නෙලා ට්රැක්ටර්වලින් ලොරිවලින් වීරකැටිය පොදු වෙළෙඳ පොළට ගෙනවිත් විකුණා මුදල් ලබා ගනිති. ඉදුණු ගෙඩි කහපැහැයෙන් යුතුවන අතර දිගටි හැඩය සහ රවුම් හැඩත් පවතී. ඇතැම් ගෙඩි හොඳට ඉදුණු පසු පොත්ත පිපිරී එහි දාර ඇති වෙති. සුවඳවත් වෙති. ඉදුණු පසු එහි පිටිගතියද ඇති වේ. ඉදෙන්නට පෙර දී වෑංජන සඳහා ද යොදා ගනිති. ඉදුණු පසු ලෙලි හැර කැබලි ලෙස කෑමට ගනිති. කැකිරි ගෙඩියේ ලෙල්ල ඉවත් කර යුෂ ගෙන බීම සඳහා ද යොදා ගනිති. ආයුර්වේද ගුණාත්මක භාවය වනුයේ ශරීරයේ ලේවල පවත්නා ඌෂ්ණත්වය නැති කරලීම අක්මාව ශක්තිමත් කිරීම වකුගඩු රෝග නිවාරණය කිරීම ශරීරයක ගෙඩි සහ පිළිකා රෝග මර්ධනය කිරීමේ ප්රථිශක්තිකරණය තිබීමය. ඒවා විශේෂිත ගුණ වනු ඇත. සෙම්ප්‍රතික්ෂා රෝග අවස්ථාවේ භාවිතය සුදුසු නැත. කැකිරි වැලක ගෙඩි විශාල ප්‍රමාණයක් හටගනී. කැකිරි වැලේ මල කහපාටින් යුක්තය. වගා කර මාස තුනක් පමණ කාලයක් ගතවන විට ඵලදරා වැල වියළී මැරි යයි. සිටවා මාස එකහමාර තරම් කාලය ගත වන විට ඵලදරණු, ලැබේ. පිපිඤ්ඤා කොළය තරමක් විශාල ලෙස සරුවට වැඩී පවතිනු දැකිය හැකිය. කැකිරි ගෙඩි මොනරුන්ගෙන් ප්රවේසම්කර ගත යුතු වෙති. උන් හොටයෙන් ඇන ආහාරයට ගනිති. පලු පලු ඉතා මිහිරි රසයෙන් යුතු ලංකාවේ පලතුරකි. මෙම දේශීය පලතුර දැක ගැනීමට හැකි වනුයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් මොනරාගල දිස්ත්‍රික්කයේ කතරගමත් සිතුල්පව්ව යන ප්‍රදේශිකයන් ය. පලු ගස් අඩි අසූවක් සීයක් තරම් උසට වැඩෙන අතු පතර විහිදී ගිය විශාල වෘක්ෂයකි. ගස වට අඩි හත අටක් තරම්වෙති. ඵල හටගන්නේ අවුරුද්දකට එක්වතාවක් පමණි. හැඩහුරුකමින් කෝපි ගෙඩිතරම් හා නෙළුම් බට්ට ඇතුලේ පවතින නෙළුම් ඇට තරම් බවට සඳහන් කළහොත් එය නිවැරදිය. මෙම ගෙඩි ඉදුණු පසු කහ පැහැ ගැන්වේ. සුවඳවත් වෙයිs. ඉදුණු පලුගෙඩි හැමදෙනාම කෑමට ප්‍රිය කරති. වෙළෙඳ පොලේ ඉල්ලුමක් තිබුණද එය දුර්ලභ ඝණයේ ආයුර්වේදීය ඖෂධීය ගුණයෙන් යුතු පලතුරකි. අස්ථි ශක්තිමත් කිරීමේ ගුණය ඇත. පලුගසේ පොතු භග්න සන්ධානය සඳහා උපයෝගී කරගනී. එය ආයුර්වේද වෛද්‍ය ක්රමයේ හන්දි වෙදකම සඳහාය. පලුගෙඩි නෙලා ගැනීම උදෙසා පලු ගස්මත නැගී එහි අතුකපා ගෙන පලුගෙඩි කඩාගනු ලැබේ. පලුගෙඩි අනුභවයෙන් කටහඩ මිහිරි කරයි. ස්වාස රෝග නිවාරණය කරයි. කොහු කිරිල්ල ගම්බද ප්‍රදේශවල කැලෑවල ඉබේ හටගනිති. කොළ දිගටිය පඳුරුවශයෙන් වැඩෙති. ඇතැම් කිරිල්ලගස් අඬි අටක් දහක් උසට වැඩෙති. ගසේ කොළ දිගටිය අතු අගිස්සේ ගෙඩිවලු සෑදේ. ළමුන් මෙය කඩා කෑමට ප්‍රියකරති. එමෙන්ම ළමුන් උණ බටවලින් තුවක්කු සාදා උණ බටයේ කිරිල්ල ගෙඩිය සිරකර ශබ්ද නගා විද උණ වෙඩිල්ලෙන් යම් සතුටක් ලබති. කිරිල්ලගෙඩි කටට දමා කා සාරය උරා බි හපකළ කොහු ටික කටින් විසි කරනු ලැබේ. එනිසා කොහු කිරිල්ල වශයෙන් හඳුන්වනු ලැබේ. මෙහි ඇඹුල් රසයක් කහට රසයක් ගැබ්ව පවතී. කොහු කිරිල්ලවල පවත්නා ඖෂධීය ගුණය වන්නේ. ශරීර ශක්තිය ලබාදීම වෙහෙස පීඩාව සංසිදවීම සෙම් රෝග මර්ධනය කිරීමේ ගුණය සහ භග්ග සංධානය කිරීමේ ගුණයය. පුරාණ හන්දි වේදනාවේ කොහු කිරිල්ල ගහේ පොතු හා මුල් තෛල සෑදීම සඳහාත් පොත්තමැල්ලුම් සඳහාත් උපයෝගී කරගනු ලැබීය. අට්ටික්කා සංස්කෘත භාෂාවෙන් උදුම්බරා නමින් හැඳින්වේ අට්ටික්කා අපේ රටේ අපේම පලතුරකි. අපේ දේශයේ අපේම දේශීය ඖෂධයකි. ගස් විශාල ලෙස වැඩෙති. අතුපතර විහිදී වැඩෙති. මල් හට නොගන්නා පළතුරකි. ගසේ දිනපතා ගෙඩි හටගනී. එය ගෙඩි පොකුරු වශයෙනි. ගෙඩි රවුම්ය කොළපාට මිදි පොකුරු වශයෙන් යයි සඳහන් කරතොත් එය නිවැරදිය. ගෙඩි ඉදුණු පසු රතුපාටින් යුතුවේ. අට්ටික්කා ගෙඩි වෑංජන පිණිසද, මැල්ලුම් ලෙසින්ද භාවිතයට යොදා ගනු ලබන්නේ ඈත අතීතයේ සිටම ග්‍රාමීය ජනයාය. මෙම හෙළ ඔසුව පිළිබඳව එහි ගුණ සුවඳ එහි රසය ඖෂධීය ගුණය සිංහල ඌරුවට හැදුණු වැඩුණු කොණ්ඩය බඳපු අමුඩ ලේන්සුවෙන් නිරුවත වසාගත් ගැමි මිනිසාට විශේෂඥ ඥානයක් තිබූ බවට අවිවාදයෙන් යුතුව පිළිගත යුතුමය. අට්ටික්කා ගහේ පොතු එහි පට්ටා සහ සියුම්ම ඉරන ලද ලෑලි භග්ග චිකිත්ස්සාවේදී ඉපැරණි හන්දි වෙදනාවේ නියලුන ඥාන සම්බාරයෙන් යුතු වෙද උතුමාණෝ දැන සිටියෝය. අඹරැල්ලා පිළිකා රෝග මර්දනයට ගුණ ඇඹරැල්ලා ලංකාවේ සෑම ප්‍රදේශයකම ඉතා සරුවට වැඩෙන අඩි තිහ හතළිහක් පමණ උසට වැඩෙන ගසකි "වසරකට වාර දෙකක් පමණ ඵලහට ගනු ලැබේ. ශ්‍රී ලංකාවාසීන් මෙය පලතුරක් ලෙස භාවිතයට යොදා ගනු ලබන්නේ එම ගෙඩි ඉඳුණු පසුය. එසේම ශරීරයට හිතකර ප්‍රිය උපදවන ලෙස එළවළුවක් ලෙසටත් සකස් කර පරිභෝජනයට ගනු ලබන බව ගම් නියම් ගම්වල නගරවල නිවෙස්වල කෑම මේසයේත් ගමේ පොල්අතු කඩේ සිට මහ නගරවල සුවිසල් අවන්හල්වල කෑම මේසයේත් දානමය අවස්ථාවල දානශාලාවේත් මංගල සාදයේ මගුල් මඩුවේ මගුල් මේසයේත් අවමංගල ගෙදර කෑම මේසයේත් දැකිය හැකි සුලබ දසුනකි. ඇඹරැල්ලා ගෙඩි රවුම්ව පොකුරු ලෙස වලු වශයෙන් හටගෙන තිබෙනු දක්නට ඇත. වරෙක ඇඹුල්රසැති මිහිරි පලතුරති. තවත් විටක මිහිරි රසැති වෑංජනයකි. තවත් විටක මානවයාගේ සිරුරට වැළඳෙන අතිභයානක පිළිකා රෝග මර්දනය කිරීමේ මහා ගුණ දෙන මහා බල සම්පන්න හෙළ ඔසුවකි. වෙළෙඳ පොළේ මිල අඩුය. වටිනාකමින් වැඩිය. වෙළෙඳ පොළේ අති බහුලව විකිණීමට ඇත. සෙමවල ඝණත්වය ලිහිල් කිරීමටත්, ලේවල රුධිර කැටි ගැසීම නතර කරවීමටත් කොලෙස්ටරෝල් මර්දනය කිරීමටත් ශරීර ගත ගෙඩි සහ පිළිකා නාශක මර්දන ඖෂධ ගුණයක් ගැබ්ව පවතී. රෝග සමනය සහ රෝග බෝවීමේ ප්රවනතාවය සඳහා මෙවන් ඔසු වර්ග භාවිතය හැර රෝග බෝවී ව්‍යාප්ත වූ පසු කෝටි ගණන් මුදල් කන්දරාවක් වැය කර ප්‍රතිඵල නොලබා බෙහෙත් යෙදීමෙන් ඵලක් නොමැත. ගිය නුවණ ඇතුන්ලවාවත් ඇද්දවිය නොහැකිය. යන ප්‍රස්ථාව පිරුළ සිහිගන්වමි. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ පළතුරු සංවර්ධන වැඩසටහනට දිරිදීමත් ලෙස මම ලිපි පෙළ ලියා පළකරන ලදී. සංස්කරණය වසන්තා ශ්‍රියාකාන්ති ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 Sep 2017 05:13 PM මානසික සෞඛ්‍යය ගැන අවබෝධයෙන් සිටීම වැදගත් ඇයි මානසික සෞඛ්‍යය සහ මානසික රෝග අතර සම්බන්ධතාවය පිළිබඳ බොහෝ කරුණු පසුගිය සති දෙක පුරාවට සාකච්ඡා කළෙමු. හොඳින් පාසල් වැඩ කරගෙන සිටි ළමයෙක් හිටි හැටියේ පාසල් වැඩට මැලිකමක් දැක්වීම දරුවාගේ වරදක් නිසා නොව දරුවාගේ මානසික සෞඛ්‍යයේ යම්කිසි වූ තැනෙක ඇතිවුණු කඩාවැටීමක්, අසමබරතාවයක් නිසා හටගත් තත්ත්වයක් විය හැකි බවට වූ කාරණාව පිළිබඳ අපි එහිදී සාකච්ඡා කළෙමු. අද අපි සමාජීය ජීවිතය ගතකරන විට, නැතිනම් විවාහ ජීවිතය ගතකරන විට එහි සමබරතාව රැක ගැනීම සඳහා ප්‍රබල සාධකයක් හැටියට මානසික සෞඛ්‍යය බලපාන අයුරු සාකච්ඡා කරමු. විවාහය අසාර්ථක වීම පිටුපස තිබෙන්නේ විවාහය තුළ පැනනඟින්නා වූ, අවිශ්වාසය තේරුම් නොගැනීම වැනි ගැටලුය. දික්කසාදය පිටුපස තිබෙන්නේ සමාජමය, සංස්කෘතිකමය, නෛතික ගැටලු පමණක් නොවන බව පැහැදිලිය. මෙහිදී සැලකිය යුතු වැදගත්ම කාරණාව නම් දෙදෙනාගේ මානසික සෞඛ්‍යය ඇඟයීමට ලක්කිරීමයි. 2013 වර්ෂයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය කළ සමීක්ෂණයකට අනුව හෙළි වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ විවාහක කාන්තාවන්ගෙන් සියයට 60 ක් පමණ ජීවත්වන්නේ අසතුටෙන් බවයි. මේ සඳහා සමාජමය, සංස්කෘතික, ආර්ථික හේතූන් ඉදිරිපත් කර තිබූ අතර මේ සඳහා මානසික සෞඛ්‍යයේ තිබෙන බලපෑම පිළිබඳව අවධාරණයෙන් සාකච්ඡා කිරීම මෙවැනි තත්ත්වයන් අවමකර ගැනීම සඳහාත් ප්‍රජාව දැනුවත් කිරීම සඳහාත් ඉතා වැදගත් වේ. අපි මේ කතා කළේ මානසික සෞඛ්‍යය පිළිබඳ සහ මානසික සෞඛ්‍යය පිරිහීම නිසා ජීවිතයේ ඔබ මෙතෙක් කල් නොදැන සිටි අතුරුඵල සහ අතුරු ආබාධ පිළිබඳවයි. මෙම නොදැනීම නිසාම, අනාවබෝධය නිසාම ප්‍රශ්න වෙනත් ආකාරයකට එළියට එන බවට දැන් ඔබට වැටහීමක් ඇත. මෙම ගැටලු හරියාකාරව තේරුම් ගත්තේ නම් ඒවාට ඉතා කෙටියෙන් සරලව පිළිතුරු සොයාගත හැකි වනු ඇත. එවිට මානසික සෞඛ්‍ය සහ මානසික රෝග අතර තිබෙන සම්බන්ධය කුමක්ද, මානසික සෞඛ්‍යය පිරිහීමේදී මානසික රෝග පෙන්නුම් නොකරන බවට වූ කාරණාව පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙනු ඇත. එම අවස්ථා අපට මානසික රෝග මූල අවස්ථාව ලෙසට හඳුන්වාදීමේ හැකියාව ඇත. අප සති කිහිපයක් පුරාවට කතා කළ යම් යම් බාහිර හේතු නිසා ඇතිවන මනසේ කැළැඹීම අපට නැවත යථා තත්ත්වයට පත්කිරීමට හැකි නම් එය වැඩිදුර වර්ධනය නොවී මානසික රෝග දක්වා යැමට පෙර නතර කරගත හැකි වනු ඇත. නැතිනම් පාලනය කරගත හැකි වනු ඇත. නමුත් ඒ පිළිබඳ අවබෝධයක් නොතිබීම නිසා (රෝගියාට සහ රෝගියාගේ භාරකරුවන්ට) මෙම තත්ත්වයන් ඔඩු දිවීමට පුළුවන. මානසික රෝග දක්වා වර්ධනය වීමට පුළුවන. එය මනෝ ව්‍යාධික මානසික රෝග දක්වා වර්ධනය වීමට පුළුවන. මෙය හරියට දතක ඇතිවන දත් කැක්කුමක් වැනිය. දත් කැක්කුම ඇතිවන මුල් අවස්ථාවේ එයට පිළියමක් යෙදුවේ නම් දත බේරා ගත හැකිය. එසේ නොවී දත් කැක්කුම නොසලකා හැරියේ නම් තත්ත්වය උග්‍ර වී දත ගලවා දමන්නට සිදුවනු ඇත. මානසික රෝග පිළිබඳ මානසික සෞඛ්‍යය පිළිබඳ මේවා වැළඳීමේ හේතු කාරක පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමට අප උත්සාහ කරන්නේ මෙන්න මේ හේතුව නිසාවෙන් බව දැන් ඔබට වැටහීමක් ඇත. මෙම තත්ත්වයන් එනම් මානසික සෞඛ්‍යයේ යම්කිසි තැනෙක ඇති වුණු කඩාවැටීමක් නැතිනම් අසමබරතාවයක් වළක්වා ගැනීම හෝ මඟහරවා ගැනීම කළ හැක්කේ වෛද්‍යවරුන්ටම පමණක් නොව සමාජයේ සිටින සෑම කෙනෙක්ටම මෙහි වගකීමක් තිබෙන බව තේරුම් ගත යුතුය. උදාහරණයක් ලෙසට මෙහෙම සිතන්න ඩෙංගු රෝගය පිළිබඳ, එය වළක්වා ගත හැකි ආකාරය පිළිබඳ ඩෙංගු මදුරුවා බෝවන පසුබිම පිළිබඳ ඔබට යම්කිසි වූ අවබෝධයක්, දැනුමක් අධ්‍යාපනයක් තිබේ නම් ඩෙංගු මර්දනය සඳහා ඔබට යම්කිසි වූ ආකාරයක සක්‍රිය දායකත්වයක් සමාජයට ලබාදීමට පුළුවන. එමෙන්ම මානසික රෝග පිළිබඳ ඒවා වර්ධනය වීමට බලපාන පාරිසරික පසුබිම පිළිබඳ ප්‍රජාව දැනුවත් කළ යුත්තේත්, දැනුවත් විය යුත්තේත් ඉහත කාරණාව නිසාමය. එලෙස දැනුවත් වීම තුළ වර්තමානයේ බහුල මානසික රෝග දහයෙන් පහක්ම වැළඳීමට හේතුව, මෙම රෝග පිළිබඳ සමාජයට තිබෙන අඩු දැනුම සහ අනාවබෝධයට දැනුමක් ලැබෙනු ඇත. එසේ නොවීම නිසාවෙන් ශ්‍රී ලාංකික ජනගහනයෙන් සියයට 15 ක් මානසික රෝගීන් බවට පත්වී ඇති බවක් පෙනෙන්නට ඇත. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 19 Sep 2017 05:18 AM මානසික සෞඛ්‍යය වෙලාවකට කොහේ යනවද දන්නෙ නැහැ කියෙන් වැඩ කටයුතුත් එක්ක නමුත් ඒ ගැන සැලකිලිමත් වෙන්න වෙනව 0 hasithadSuper Senior MemberPosts:5795 19 Sep 2017 06:06 AM ගඩා ගෙඩි වලින් කැකිරි, වේරෑන ගෙඩි නම් මම අහපු නැති පලතුරක්....මේවා වගේම හිබුටු, වල් අන්නාසිත් දැන් දකින්නවත් නෑ. 0 chamaramindMost Senior MemberPosts:13471 20 Sep 2017 05:40 PM "තුන්වේලටම බත් කෑම අහිතකරලු" හඳුනා නොගත් වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන්ගේ නිවෙස්වල තිබූ ආහාරවල ලෙඩ් හෙවත් ඊයම් අඩංගු බව හෙළිවීම නිසා තුන්වේලම එකම ආහාර පරිභෝජන රටාවකට හුරුවීම (තුන්වේල බත්කෑම) සුදුසු නැත.එහෙත් වැඩිපුර මස් මාළු පරිභෝජනය සුදුසුය. (පීකුදුවල මෙම විෂ ද්‍රව්‍ය තැන්පත් වන බැවින් ඒවා ආහාරයට ගැනීම සුදුසු නැත) වකුගඩු රෝගීන්ගේ නිවෙස්වලින් ලබාගත් ආහාර සාම්පල් 277 ක් බැර ලෝහ සඳහා පසුගියදා පරීක්ෂා කරනු ලැබීය. එම ආහාරවල ආසනික් නොමැති බව තහවුරු කර ඇති නමුදු, සහල් සාම්පල්වල සැලකිය යුතු මට්ටමක කැඩ්මියම් පවතී. සහල් සහ එළවළු වර්ගවල ඊයම් සැලකිය යුතු මට්ටමක පවතී. එම ආහාර අනුභව කරන නිවැසියන්ගේ (ළමයින් ඇතුළු) ලේවල ඊයම් මට්ටම පරීක්ෂා කරන ලද අතර 60% කගේ පමණ ලේවල ඊයම් අඩංගු බව අනාවරණය විය. ලේවල ඊයම් අඩංගු වීම සෞඛ්‍යයට බලපෑම් ඇති කරයි. ආහාර පරිභෝජන රටාව සැලකිල්ලට ගත් විsට ඊයම්වලින් සැලකිය යුතු සෞඛ්‍ය බලපෑමක් සිදුවන බව පෙනෙන්නට තිබේ. මෙයට ප්‍රතිකර්මයක් වශයෙන් කෘෂි රසායනික භාවිතය අවම ගොවිතැන් ක්‍රම / කාබනික ගොවිතැන / සුදුසු කෘෂි භෝග ප්‍රභේද තෝරා ගැනීම ආදිය යෝජනා කරනු ලැබේ. * විශේෂඥ වෛද්‍ය ටී.බී. ආනන්ද ජයලාල් ප්‍රධාන සමීක්ෂක ආහාරවල වස විෂ විශ්ලේෂණය කිරීමේ ව්‍යාපෘතිය සෞඛ්‍ය අමාත්‍යාංශය සංස්කරණය : ඒමන්ති මාරඹේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Sep 2017 05:44 PM සුව දිවියකට තෙල් අඩු කරමු ජීවිතේම නැඟල යන්න හැමදාම එළවළු කන්න- එළවළු සහ පලා වර්ග ආහාරයට ගැනීම හෘදයාබාධ, දියවැඩියාව සහ පිළිකා වැළඳීමේ අවදානම අඩු කරයි. තෙල් / මේදය ප්‍රධාන වර්ග 3 කි. 1. අසංතෘප්ත තෙල් / මේද අම්ල 2. ඒක අසංතෘප්ත තෙලA / මේද අම්ල 3. බහු අසංතෘප්ත තෙල් / මේද අම්ල සංතෘප්ත තෙල් - උදා(- සත්ත්ව තෙල්, සත්ත්ව මාංශ, පොල්තෙල්, පාම් තෙල් (Palm Oil)) කිරි හා කිරි නිෂ්පාදන. ඒක අසංතෘප්ත තෙල් - උදා(- කජු, රටකජු, කොට්ටං, තල, තෙල් සහිත ඇට වර්ග, එළවළු තෙල් (කැනෝලා, ඔලිව්, සූරියකාන්ත, තලතෙල්), අලිගැටපේර. හෘදයට හිතකර HDL කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ දමයි. එමගින් හෘද රෝග වැළඳීමේ ප්‍රවණතාව අඩු කරයි. බහු අසංතෘප්ත තෙල් (- උදා (- මේදය සහිත මසුන් (උදා(- බලයා, හුරුල්ලා, සාලයා, කුම්බලාවා, බෝල්ලා, සැමන්) සෝයා තෙල්, තල තෙල්, බඩඉරිඟු තෙල්, සූරියකාන්ත තෙල්. රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරයි. එමගින් හෘද රෝග වැළඳීමේ ප්‍රවණතාවය අඩු කරයි. අහිතකර තෙල් වැඩියෙන් අඩංගු ආහාර වර්ග මොනවාද? මාගරින්, බටර්, චීස්, බැඳුම් ආහාර, පේස්ට්‍රීස්, බිස්කට්, කේක්, බර්ගර්, පිට්සා, සොසේජස්, ගැඹුරු තෙලේ බැදපු අල පෙති (French fries / Chips) හම සහිත කුකුල් මස්, ඌරු මස්. සංතෘප්ත මේදය / තෙල් * සිරුරට අවශ්‍ය මුළු ශක්තියෙන් 10% කටත් වඩා අඩු ප්‍රමාණයක් මෙමගින් සැපයීම සෑහේ. * වැඩිපුර ගැනීම මගින් හෘදයට අහිතකර කොලෙස්ටරෝල් (LDL) ප්‍රමාණය ඉහළ යයි. * අහිතකර කොලෙස්ටරෝල් රුධිරය ගෙන යන නාළ අවහිර කරන නිසා හෘදයාබාධ හා අංශභාගය වැනි රෝග තත්ත්ව ඇතිවීමේ අවදානම වැඩි කරයි. කොලෙස්ටරෝල් මෙය සත්ත්ව ආහාර (මස්, සොසේජස්, බේකන්, බිත්තර, සම්පූර්ණ යොදය සහිත කිරි, බටර්, චීස් සහ සත්ත්ව අක්මා) වල පමණක් දක්නට ලැබෙන මේද සංඝටකයකි. කොලෙස්ටරෝල් වර්ග කීපයකි. HDL කොලෙස්ටරෝල් LDL කොලෙස්ටරෝල් VLDL කොලෙස්ටරෝල් කොලෙස්ටරෝල් සෛල පටලවල අත්‍යවශ්‍ය සංඝටකයක් වන අතර හෝමෝන හා පිත් අම්ලය නිපදවීමට වැදගත් වෙයි. මිනිසා විසින් ශරීරයේ ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයට ගැළපෙන පරිදි අවශ්‍ය ප්‍රමාණයට කොලෙස්ටරෝල් නිපදවයි. ආහාර මගින් ශරීරයට එකතුවන අමතර කොලෙස්ටරෝල් ප්‍රමාණය රුධිර වාහිනීවල තැන්පත් වීම නිසා රුධිර වාහිනී අවහිරතා රෝග ඇතිවිය හැක. ට්‍රාන්ස් අම්ල * ට්‍රාන්ස් අම්ල යනු ඉතා අහිතකර තෙල් වර්ගයක්. * අසංතෘප්ත මේද අම්ල අධික උෂ්ණත්වයකට රත් කිරීමේදී අතුරුඵලයක් ලෙස ට්‍රාන්ස් අම්ල නිපදවයි. (උදා(- ගැඹුරු තෙලේ බැදීම, පේස්ට්්ර වැනි බේකරි නිෂ්පාදන) * අවශ්‍ය ප්‍රමාණයට වඩා ට්‍රාන්ස් අම්ල ශරීරයට ලැබුණු විට පිළිකා හා හෘදයාබාධ වැළඳීමේ අවදානමක් ඇත. * අසංතෘප්ත තෙල් එක්වරක් භාවිතා කළ පසු ඉවත් කරන්න. * ගැඹුරු තෙලේ බදිනවා නම් පොල්තෙල් ම භාවිත කරන්න. * සෝයා තෙල් වැනි අසංතෘප්ත තෙල් වර්ග තෙම්පරාදු කිරීමට යොදා ගන්න. අහිතකර තෙල් ආහාරයට ගැනීම අවම කරගන්නේ කෙසේද? * ආහාර වේල තුළ තෙල් යෙදූ ආහාර එක් ආහාරයකට සීමා කරන්න. * ක්ෂණික ආහාර වෙනුවට කඩල, අල වර්ග, සව්කැඳ, කොළ කැඳ, එළවළු සුප්. * පොල් කිරෙන් පිසූ ආහාර තෙම්පරාදු නොකරන්න. * තෙම්පරාදු කරනවා නම් පොල් කිරෙන් උයන්න එපා. * තෙම්පරාදු කරන විට තෙල් හැකිතාක් අඩුවෙන් භාවිත කරන්න. * නොඇලෙන බඳුන්වල ආහාර තෙම්පරාදු කිරීමෙන් තෙල් භාවිතය සීමා කළ හැකිය. * ගැඹුරු තෙලෙහි බදින විට පොල්තෙල් භාවිතා කරන්න. * සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය සංස්කරණය : ඒමන්ති මාරඹේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Sep 2017 05:50 PM පියයුරු පිළිකා වලක්වා ගනිමු ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලව වාර්තා වන පිළිකාව වනුයේ පියයුරු පිළිකාවයි. 2010 වසරේ පිළිකා රෝග ආවේක්ෂණ දත්ත වලට අනුව පියයුරු පිළිකාව කාන්තාවන් අතර වාර්තා වූ සියලු පිළිකා වලින් 27% ක ප්‍රමාණයක් ගනී. දළ වශයෙන් වසරකට අලුතෙන් පියයුරු පිළිකා රෝගීන් 2500 ක පමණ ප්‍රමාණයක් හඳුනා ගන්නා අතර පසුගිය වසර 25 ක කාලය තුළ අලුතෙන් හඳුනා ගත් පියයුරු පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වැඩිවීමක් පෙන්නුම් කෙරේ. (පිළිකා රෝග ආවේක්ෂණ දත්ත 2010). පියයුරු පිළිකාව කලින් හඳුනාගෙන මූලික අවස්ථාවේදී ප්‍රතිකාර කිරීමෙන් පිළිකාව නැවත මතු නොවී වසර පහක ආයු කාලය සම්පූර්ණ කළ හැකි රෝගීන් සංඛ්‍යාව වෙනත් පිළිකා සමඟ සංසන්දනය කිරීමේදී ඉතා ඉහළ අගයක් ගනීs. එමෙන්ම පියයුරු පිළිකාව මුල් අවස්ථාවේ හ\qනාගෙන ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් සම්පූර්ණ පියයුරම ඉවත් නොකර වඩාත් සරල වූ ශල්‍යකර්ම ක්‍රම මගින් පිළිකාව පමණක් ඉවත් කොට වඩාත් ගුණාත්මක ජීවිතයක් ත කිරීමට හැකියාවක් ද ලැබේ. සංවර්ධිත රටවල් බොහෝ සංඛ්‍යාවක පවා පියයුරු පිළිකාව කාන්තාවන් අතර වාර්තා වන ප්‍රධානම පිළිකාව බවට පත්ව ඇත. පියයුරු පිළිකාව වළක්වා ගැනීමට ඇති හැකියාව ඉතා අවම බැවින් ඔවුන් නිශ්චිත වැඩසටහන්වලට අමතරව නොයෙකුත් විශේෂිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින් පියයුරු පිළිකාව කලින් හඳුනා ගැනීම සඳහා කටයුතු කරනු ලැබේ. එවැනි එක් ක්‍රියාකාරකමක් ලෙස සෑම වසරකම ඔක්තෝබර් මාසය "ලෝක පියයුරු පිළිකා පිළිබඳව දැනුම්වත් කිරීමේ මාසය" ලෙස නම් කරමින් එම මාසය පුරා ජනතාව දැනුම්වත් කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම වැඩසටහන්වල අරමුණු වන්නේ පියයුරු පිළිකාව කලින් හඳුනා ගැනීම පිළිබඳව මෙන්ම ප්‍රතිකාර සේවා පිළිබඳවත්, පිළිකාවෙන් සුවය ලැබූවන් සමාජගත කිරීම හා පිළිකාව සමඟ දිවි ගෙවන රෝගීන් සඳහා ඇති නොයෙකුත් සේවාවන් පිළිබඳවත් ජනතාව දැනුම්වත් කිරීමයි. මෙමගින් ජනතාව තුළ පිළිකාව පිළිබඳව ඇති බිය අවම කර පිළිකාවක් කලින් හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීම සඳහා ඔවුන්ගේ මනස සකස් කිරීම ප්‍රධාන අරමුණ වේ. පියයුරු පිළිබඳ දැනුම්වත් භාවය, ස්වයං පියයුරු පරීක්ෂාව හා සායනික පියයුරු පරීක්ෂාව පිළිබඳව කාන්තාවන් දැනුම්වත් වී සිටීම තුළින් පියයුරු පිළිකාව කලින් හඳුනා ගැනීම දිරිමත් කරනු ලැබේ. මෙලෙස දැනුවත් කිරීම් නිරතුරුව සිදු කළ ද තවමත් කාන්තාවන් නොමිලයේ ලබා දෙන සේවාවන්වත් ලබා ගැනීම සඳහා ඉදිරිපත් වීම සතුටුදායක තත්ත්වයක නොපවතී. මේ හේතුවෙන් පියයුරු පිළිකා රෝගීන් සැලකිය යුතු සංඛ්‍යාවක් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන විටත් රෝගය කල් ගත වී වෙනත් ස්ථාන කරාද පැතිරී තිබීම දැකිය හැකිය. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Sep 2017 06:09 PM පිළිකා රෝගීන්ට උදව් වෙමු පිළිකාව ඕනෑම කෙනෙකුට වැළඳිය හැකි රෝගයකි. දැනුවත් වී කලින් හඳුනා ගැනීමෙන් පිළිකා සුව කිරීමේ හැකියාව වැඩි වේ. පිළිකාව බෝ නොවන රෝගයකි. පිළිකා රෝගියකුට සත්කාර කිරීමට බිය නොවන්න. අවශ්‍ය ප්‍රතිකාර නොපමාව ලබා ගැනීම සඳහා පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කර, වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ප්‍රතිකාර ක්‍රම නිසි පරිදි නොකඩවා ලබාදීමට කටයුතු කරන්න. වේදනාව හා අනෙකුත් ශාරීරික හා මානසික අපහසුතාවන් සමනය කර ගැනීමට වෛද්‍ය උපදෙස් අනුව රෝගියාට සහය වන්න. පිළිකාවක් වැළඳී ඇති බව දැනගත් විට අධික මානසික කම්පනයක්, බියක් සහ අනාගතය ගැන දෙගිඩියාවක් ඇතිවීම ස්වාභාවිකව සිදුවිය හැකිය. එහෙත් රෝගය ජය ගැනීම සඳහා ඔබගේ සහ රෝගය වැළඳුන අයගේ මානසික ස්ථාවරභාවය සහ ධනාත්මක සිතිවිලි ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙම තත්ත්වයට මුහුණදීමට ඔබට සහ රෝගියාට සහය වීම සඳහා සෞඛ්‍ය සේවාවට අමතරව උපදේශන සේවා ඇතුළු තවත් සේවා සපයන සංවිධාන බොහෝ ඇත. ප්‍රතිකාර ගන්නා අතර පිළිකා රෝගීන්ගේ සුව සහනය සඳහා..... * පෙර පරිදිම ඔවුන් සමග සතුටු සාමීචියේ යෙදෙන්න. * සෑමවිටම රෝගියාගේ කැමැත්තට මුල්තැනක් ලබාදෙන්න. * හැකි සෑම විටම පවුලේ කටයුතුවලට ඔවුන්ව සම්බන්ධ කරගෙන ජීවිතය සාමාන්‍ය අයුරින් ගත කිරීමට උපකාර වන්න. * ඔවුන් ජීවත් වන පරිසරය සුවපහසු, පිරිසිදු හා ප්‍රියජනක ස්ථානයක් බවට පත් කරන්න. * ඔවුන් කැමැති විනෝදාංශවල යෙදීමට හා මියුරු සංගීතය, කලාත්මක නිර්මාණ රසවිඳීමට ඉඩ ලබා දෙන්න. * කාලීන තොරතුරු දැන ගැනීමට ඉඩ සලසා දෙන්න (පුවත්පත්, ගුවන් විදුලිය, රූපවාහිනිය මගින්) * ඔවුන්ගේ කැමැත්ත පරිදි ආගමික කටයුතුවලට යොමු කරන්න. (භාවනා වැඩසටහන්, යාච්ඤා මෙහෙයයන්) * සහන සත්කාරක ආයතන හා ආධාර ලබාගත හැකි තැන් පිළිබඳව දැනුවත් වී අවශ්‍ය සහය ලබාගන්න. * පෝෂණ අවශ්‍යතා ගැන සැලකිලිමත්ව රෝගියාට ප්‍රියජනක ලෙස ආහාර ලබා දෙන්න. * ඔවුන්ට හැකි පමණ වේදනාව සහ අනිකුත් ශාරීරික හා මානසික අපහසුතාවන් සමනය කර ගැනීමට වෛද්‍ය, හෙද කාර්ය මණ්ඩලවල සහය නොපමාව ලබා දෙන්න. * මෙවැනි රෝග තත්ත්වයන්වලට සාර්ථකව මුහුණදී සුවය ලබාගත් උපකාරක කණ්ඩායම් සමග අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව සලසා දෙන්න. ප්‍රතිකාර ලබාගන්නා අවස්ථාවේදී ඇතිවන ශාරීරික, මානසික අපහසුතා පිළිබඳව රෝගියාට ප්‍රතිකාර කරන වෛද්‍ය, හෙද කාර්ය මණ්ඩල සමග සාකච්ඡා කොට රෝගියාට අවශ්‍යය සහය ලබා දෙන්න. ප්‍රතිකාර ගැනීමේදී ඇතිවන ගැටලු සඳහා විසඳුම් ශාරීරික ගැටලු සමනය කර ගැනීම වේදනාව අවම කර ගැනීම * වෛද්‍ය උපදෙස් අනුව නියමිත ඖෂධ මාත්‍රාව නිසි පරිදි දෙන්න. * සුවපහසු ඉරියව්වක සිටීමට සලස්වන්න * මනස හා සිරුර සැහැල්ලු කිරීමේ ව්‍යායාම සඳහා යොමු කරන්න. * තැවීම/ සම්බාහනය, වෛද්‍ය උපදෙස් අනුව සිදු කරන්න. * වේදනාව තවදුරටත් පවතී නම් නැවත නැවත වෛද්‍ය උපදෙස් ලබාදෙන්න. නිසි පෝෂණය ලබාදීම හා ඔක්කාරය/ වමනය/ ආහාර අරුචිය වළක්වා ගැනීම * දුර්ගන්ධයෙන් තොර, හොඳින් වාතාශ්‍රය ලැබෙන ප්‍රියමනාප පරිසරයක් සකස් කර දෙන්න. * දිනපතා මුඛය පිරිසිදු කරන්න. * රෝගියාට කැමැති ආහාර පාන වරකට ස්වල්පය බැගින් ලබා දෙන්න. * රසය, පෙනුම සහ සකසන ආකාරය වෙනස් කිරීමෙන් ආහාරවල විවිධත්වයක් ඇති කරන්න. * ආහාර අරුචිය, ඔක්කාරය. වමනය තවදුරටත් පවතී නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න. ආසාදන වලක්වා ගැනීම (පිළිකා ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව අඩු බැවින් ආසාදන ඇතිවීමේ හැකියාව වැඩිය.) * වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීමට සැලකිලිමත්ව කටයුතු කරන්න. * රෝගියාගේ මෙන්ම රෝගියා රැක බලා ගන්නා තැනැත්තා ද තමාගේ පිරිසිදුකම පවත්වාගෙන යන්න. * රෝගියාගේ කටයුතු කිරීමට පෙර හා පසු දැත් සෝදන්න * ආසාදන සහිත අනිකුත් පුද්ගලයන්ගෙන් දුරස්ව තබන්න. * පෝෂ්‍යදායී ආහාරපාන ලබාදෙන්න. * අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කරන්න. තුවාල පිsරිසිදුව තබා ගැනීම * මේ සඳහා ජීවානුහරිත වෙළුම් පටි (ගෝස්, බැන්ඩේඡ්) සහ පිරිසිදු උපකරණ භාවිත කරන්න. * වෛද්‍ය උපදෙස්වලට අනුව තුවාලය සුව වන තුරු නිවැරැදි ප්‍රතිකාර ලබාදෙන්න. මානසික සුවය හා ගැටලු සමනය කිරීම * ඇහුම්කන් දෙන්න. * හැඟීම්, බලාපොරොත්තු, සිතිවිලි පිළිබඳව සුහදව කතා බහ කරන්න. * අසන ප්‍රශ්නවලට නිවැරැදි පිළිතුරු ලබා දෙන්න. සෑමවිටම රෝගියාට කිසියම් සහනයක් ඇති sබව හැඟෙන ලෙස විශ්වාසය ගොඩනගන්න. * ආගමික කටයුතුවල නිරත වීමට සහාය දෙන්න. * අවශ්‍ය විට වෛද්‍ය සහ උපදේශන සේවා ලබාදීමට කටයුතු කරන්න. පවුල තුළ ඇතිවිය හැකි ගැටලු අවම කිරීම * රෝගියාට සාත්තු සපයන්නා විඩාවට පත් නොවන ලෙසින් සහයෝගයෙන් කටයුතු කරන්න. දරුවන්ගේ රැකවරණය තිර කිරීම * පාසලේ ගුරුවරුන්ට මෙම තත්ත්වය පිළිබඳ දැනුම් දී සහය ලබාගන්න. අඹු සැමි සබඳතා රැක ගැනීම ඉතා වැදගත් වේ. * ගැටලු ඇත්නම් සුහදව සාකච්ඡා කොට අවශ්‍ය නම් උපදෙස් සඳහා යොමු කරන්න. * ජාතික පිළිකා මර්දන වැඩසටහන ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 20 Sep 2017 06:22 PM pilkaawak kiyala dagatta passe current alluwama ikamanatama marenawa neda? oka nodana hitiyoth godak kal jeewath wenawa First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 21 Sep 2017 01:34 AM පිළිකා රෝහල ආසන්නයේ වසර 3ක් පමණ ජීවත් වුණ මට මේ පිළිබඳව හොඳ අත්දැකීම් තියෙනවා. මට තියෙන කණගාටුව ඒ වගේ රෝගයකින් අසරණ වුන රෝගීන් සහ ඔවුන්ගේ පවුල් වලින් ගසා කන හැටි..පරිත්‍යාග කරන බෙහෙත් හොර පාරින් පාමසි වලට විකුණන හැටි සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 21 Sep 2017 01:42 AM මගේ මාමා කෙනෙක් සහ මගේ පාසැල් මිතුරෙක් වුණ හොරණ රජමහා විහාරයේ හිටපු නායක හාමුදුරුවන් ඒ දිනවල පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවා. මම දිනපතාම ඔවුන් බැලීම සඳහා රෝහල ට ගියා. එහිදී මම ලබපු අත්දැකීම් ඉතා බහුලයි. සමහර අවස්ථාවලදී ඔවුනට කීමෝ තෙරපි ප්‍රතිකාර සඳහා රැගෙන යන්න ට්‍රොලිය රැගෙන යන්න සේවකයෙක් හොයා ගන්න බැහැ. මම ගොඩක් වෙලාවට ඔවුන්ව රැගෙන ගිහින් තියෙනවා. ඒත් රසායනාගාර නිලධාරීන් මට බැනලත් තියෙනවා. ඔවුන් පවසන්නේ ට්‍රොලිය තල්ලු කරගේන එන අව්ස්ථාවකදී රෝගියාට මොණාව හරි වුණොත් කවුද වග කියන්නේ කියලා. නමුත් රෝගියාව රැගෙන යන්න වාට්ටුවේ සේවකයෝ නැහැ. ඔය වගේ අත්දැකීම මට හොඳට ලැබුණා. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 indika76Most Senior MemberPosts:10449 21 Sep 2017 06:54 AM පිළිකා රෝගීන් බොහෝ දෙනෙක් ගෙවන්නේ ජීවිතයේ අවසාන කාලය. ගොඩක් දෙනෙක් දන්නවා ඔවුන් මිය යන බව.. ඔවුන්ට උපකාර කිරීම ඉතා උතුම් ක්‍රියාවක්.. 0 chamaramindMost Senior MemberPosts:13471 22 Sep 2017 05:19 AM ඒඞ්ස් නසන්න පිළියමක් මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය (ඒඞ්ස්) සියයට 99 කින් වැනසිය හැකි ප්‍රතිදේහයක් සාර්ථකව නිර්මාණය කිරීමට වෛද්‍ය පර්යේෂකයන් සමත් වී ඇතැයි ‘ජාත්‍යන්තර ඒඞ්ස් සංසදය’ නිවේදනය කළේය. පර්යේෂණ මට්ටමේ පවතින මෙම නව ප්‍රතිදේහය වදුරන්, චිම්පන්සීන් වැනි මිනිසාට සමාන ප්‍රිමේටාවන් යොදා ගනිමින් අත්හදා බැලූ බවත්, එම අත්හදා බැලීම් සාර්ථක වුණු බවත් ‘ජාත්‍යන්තර ඒඞ්ස් සංසදය’ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි. අත්හදා බැලීම් සම්බන්ධයෙන් පර්යේෂණ ප්‍රතිඵල ‘ජාත්‍යන්තර ඒඞ්ස් සංසදය’ ප්‍රසිද්ධියට පත් කර ඇත. මෙය ඒඞ්ස් රෝගීන්ට නව බලාපොරොත්තුවක් වනු ඇතැයි ද එම සංසදය වැඩි දුරටත් කියා සිටී. මෙම නව ප්‍රතිදේහය මගින් සිදු කරන්නේ එච්.අයි.වී. වයිරසයේ මර්මස්ථාන හඳුනා ගනිමින් පහර දී ඒවා අඩපණ කිරීම යැයි ද පැවැසෙයි. ඒ අනුව වයිරසය සියයට 99 කින් අඩපණ කර දැමීමට හැකිවන බව වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති. මෙම නව ප්‍රතිදේහය නිර්මාණය කර ඇත්තේ ලෝ ප්‍රකට ඖෂධ සමාගමක් වන ‘සැනොෆී’ සහ ඇමෙරිකා ජාතික ඖෂධ ආයතනය එක් වෙමිණි. මෙම නව ප්‍රතිදේහය ලබන 2018 වසරේ සිට මනුෂ්‍යයන් යොදා ගනිමින් අත්හදා බැලීම් කිරීමට නියමිතය. ඒඞ්ස් රෝගයට හේතු සාධකය වන්නේ ‘එච්.අයි.වී’ වයිරසයයි. මෙම වයිරසයෙන් සිදු කරන්නේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ කර දැමීමය. (රොයිටර්) ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 hasithadSuper Senior MemberPosts:5795 22 Sep 2017 09:07 AM මොනවා හොයාගත්තත් ඒඩ්ස් , පිලිකාවත් අවසන් වෙන්නේ මරනයෙන් තමයි. අවසාන මොහොත වෙනකන්ම විදවන්න වෙන්න ලෙඩ. 0 You are not authorized to post a reply. Page 49 of 137 << < 4748495051 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner