Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 50 of 137 << < 4849505152 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 22 Sep 2017 05:40 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Sep 2017 06:14 PM දක්ෂම කෙල්ල දැන් අදක්ෂ ඇයි? මව්පියන් දරුවන්ගේ හැඟීම් තේරුම් නොගැනීමත්, ඔවුන්ගේ මනසට පීඩාකාරී ලෙස කටයුතු කිරීමත් නිසා නිතරම ඔවුන් මවුපියන් සමඟ ඝට්ටනය විය හැකියි. අද මම මගේ වෛද්‍ය සායනයට පැමිණි එවැනි දරුවෙකු පිළිබඳව කතාකරනවා. ඇය ගිම්හානි. ගිම්හානිගේ වයස අවුරුදු 18 යි. ඇය නගරයේ ඇති ප්‍රධාන ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබුවා. ඇය අප වෙත යොමුකළේ ඇගේ මව්පියන්. ඔවුන්ට තිබූ ගැටලුව ගිම්හානි ආසාවෙන්, කැමැත්තෙන් කිසිම වැඩක් නොකිරීම. මම ඇය සමඟ කතාකළා. ඇය මේ වගේ කතාවක් පැවසුවා. අපේ ගෙවල් තියෙන්නේ කළුතර. මම අපේ පවුලේ එකම දරුවා. මම මුලින්ම අධ්‍යාපනය හැදෑරුවේ ගමේ ප්‍රාථමික පාසලක. මම ශිෂ්‍යත්වයට පංති ගියා. ඒත් මට නිදහසේ සෙල්ලම් කරන්න කාලය තිබුණා. ශිෂ්‍යත්වයට කියලා මම හුඟක් මහන්සි වෙලා පාඩම් කරලත් නෑ. පාසලේ මම කවදත් හිටියේ දක්ෂ ළමයින්ගේ කණ්ඩායමේ. ඒ නිසා ගුරුවරු කවදත් මට සැලකුවේ දක්ෂ ළමයෙක් විදියට. මම පාඩම් වැඩ කළේ නිරායාසයෙන්. පාසලේ බාහිර වැඩටත් සම්බන්ධ වුණා. ඒ වගේම මම හොඳට ශිෂ්‍යත්වය පාස්වුණා. ඒ නිසා මට කොළඹ ප්‍රධාන බාලිකා විද්‍යාලයකට යන්න පුළුවන් වුණා. අපේ පවුලේ හැමෝම මා ගැන හුඟක් බලාපොරොත්තු තියාගෙන හිටියා. තාත්තාට වැඩියෙන් අම්මා මගේ ජීවිතේට ළංවුණා. මට නිතරම උපදෙස් දුන්නා. මම ඉස්කෝලේ ගියේ අපේ කළුතර ගෙදර ඉඳලමයි. ගෙදර යද්දී හවස් වෙනවා. ගොඩක් මහන්සියි. ඒ නිසා මම මගේ ක්‍රීඩා කටුයුතු වගේ බාහිර වැඩ නතර කළා. මේ බාලිකා විද්‍යාලයට ඇතුළු වුණාට පස්සේ මම ටිකක් බය වුණා. මෙහිදී මට ඉගෙනගන්න ලැබුණේ හුඟාක් දක්ෂ ළමයි එක්ක. දක්ෂ ළමයිගේ කණ්ඩායමේ රැඳී ඉන්නට හුඟක් වෙහෙසිලා වැඩකරන්න වුණා. මට හුඟක් බලාපොරොත්තු තිබුණා. ලොකුම බලාපොරොත්තුව වුණේ අම්මගේ හීන සම්පූර්ණ කරන එක. මම හත වසරට යද්දී විභාගවලටත් බියක් ඇතිවුණා. දැඩි ආයාසයකින් හා කැපවීමකින් විභාගයට සූදානම් වුණා. නිතරම පාඩම් කළා. කිසිම විවේකයක් තිබුණේ නැහැ. කොහොම හරි පන්තියේ දෙවැනි තැන ගන්න මට පුළුවන් වුණා. මේ ඉස්කෝලෙදි මට හමුවූ ගුරුවරු වුණත් එතරම් සමීප නැහැ. ඒ ගුරුවරු දක්ෂ ළමයි ලෙස හැඳින්වූයේ එක විෂයකට පමණක් වැඩිම ලකුණු ගන්න ළමයින්ව. ඒ නිසා දක්ෂ ළමයින් වෙන්න එක් එක් විෂයට වැඩිම ලකුණු ගන්න අපි අතර තරගයක් ඇති වුණා. අපේ ගුරුවරුත් විෂය අතර හිරවෙලා හිටියේ. එයාලගේ හිතේ තිබුණෙත් විෂය මාලාව ඉක්මනින් අවසන් කිරීමේ අභිලාෂය. ගුරුවරුන් අතර ඇතිවන සමහර ප්රශ්නවල බලපෑමක් ඇතිවුණේ ළමයින්ට. සමහර ගුරුවරුන්ගේ ප්‍රශ්නවලින් අපිත් බැට කෑවා. ඒ නිසාම මට ඉගෙන ගන්න තිබුණ ආශාවත් ටිකෙන් ටික අඩුවෙලා ගියා. පාඩම් කළෙත් හරිම අඩුවෙන්. හැම වෙලාවකම දැඩි වෙහෙසක් දැනුණා. ඒත් මම සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වුණා. මම උසස් පෙළ පන්තියට ඇතුළු වුණා. අම්මා මට කිව්වේ සෑම විෂයකටම විශිෂ්ට සම්මාන ලබාගන්න කියලා. ඇයගේ සිහිනය වුණේ මාව පරිගණක ඉංජිනෙරුවරියක් කරන්න. ඇය ඒ පිළිබඳව නිතර නිතර කියවන්න පටන් ගත්තා. මම පාසල් ඇරිලා ටියුෂන් ගියා. ටියුෂන් ඉවරවෙලා කළුතර යනකොට රෑ හත අට වුණා. මට විශාල මහන්සියක් දැනුණා. හිසේ බර ගතියකුත් දැනුනා. රෑ බෝ වී ගෙදර ආවත් මට විවේක ගන්න ලැබුණේ නෑ. අම්මා කෙළවරක් නැතිව පාඩම් කරන ලෙසම කියනවා. මගේ සිතිවිලි පිළිබඳ කතා කරන්න කිසිවෙකුත් මට හිටියේ නැහැ. මට ලොකු හිසේ කැක්කුමක් ඇති වුණා. ටිකෙන් ටික හැමදේම අමතක වන ගතියක්ද ඇති වුණා. මම බොහොම පිළිවෙළකට වැඩකරපු කෙනෙක්. මගේ පිළිවෙළ නැතිවෙලා ගියා. ඇඳුම් වුණත් අපිළිවෙළට අඳින්න පටන් ගත්තා. කාමරය පිස්සන් කොටුව වගේ කියා අම්මා කියවන්න පටන් ගත්තා. මට මොනවා වෙලාදැයි මටම හිතාගන්න බැරිවුණා. පාඩම් කරන්න තියෙන ආශාව අඩුවුණා. කල්පනා ශක්තිය අඩු වුණා. ඒ සමඟම මගේ මතකයත් අඩුවුණා. මට තරහ යන්න පටන් ගත්තා. මුලින්ම පංති යාම එපා වුණා. ටිකෙන් ටික පාසල් යාමත් අඩුවුණා. පාසලෙනුත් බැණුම් අහන්න සිද්ධ වුණා. හරියට වැඩ කරන්න බැරිනම් වෙන පාසලකට යන ලෙස, මට කියා සිටියා. දවසක් විදුහල්පතිනිය ගාවටත් මාව යොමුකළා. ඉස්කෝලෙ තැන තියෙන්නේ හොඳ ළමයින්ට විතරක් බව අය පැවසුවා. පංති කාමරයේ සිටි හොඳ හා දක්ෂ කියන කණ්ඩායමෙන් මම ගිහිලී ගියා. සමහර යාළුවෝ මම සමඟ කතාකරන එක නැවැත්තුවා. මගේ දුක ගැන අහන්න කිසිවකු හිටියේ නැහැ. අම්මත් මට නිතරම බණින්න පටන් ගත්තා. ඇය ගොඩක් තරහින් හිටියේ. මගේ පාසල්යාම නතරවුණා. මාව වෛද්‍යවරයෙකුටත් යොමුකළා. ඔහු පැවසුවේ කිසිම විවේකයක් නැතිව පාඩම් කිරීම හා පංතියාම නිසා ඇති වූ පීඩාකාරී බව නිසා මොළයට හානි සිදුවීමෙන් මා මේ තත්ත්වයට ගොදුරු වී ඇති බවයි. අපි ගිම්හානිට සිදු වූ දෙය විද්‍යාත්මකව විග්රහකර බලමු. ගිම්හානිගේ ගෙදර පරිසරය ගත්තොත් ඇගේ මව්පියෝ ඇගෙන් අනවශ්‍ය ප්‍රමාණයට දේවල් බලාපොරොත්තු වී තිබුණා. ඇය මනසට හෝ ගතට සැහැල්ලු බව ගෙන දෙන කිසිම ව්‍යායාමයක නිරත වී නැහැ. ඇය ගතකර තිබුණේ අවිවේකී ජීවිතයක්, වගේම ඒකාකාරී ජීවිතයක්. අම්මාගේ අසීමිත ප්‍රාර්ථනා, අම්මා යාළුවෙකු සේ ඇයට සමීප නොවීම, ඇය හුදකලා වීම ගිම්හානිගේ ජීවිතයට තදින්ම බලපා තිබුණා. ඒ වගේම දැනට තිබෙන නවීන විද්‍යා දැනුමත් සමඟ ගිම්හානිගේ තත්ත්වය මෙසේ විස්තර කළ හැකියි. දරුවෙකු උපදින අවස්ථාවේ මොළය සම්පූර්ණයෙන්ම වර්ධනය වී තිබෙන්නේ නැහැ. මොළය වර්ධනය වීමේදී සමාජ බලපෑම් ද හේතු වෙනවා. එනම් උපදින අවස්ථාවේ මොළයේ සෛල ප්‍රකෝටි 100 ක් තිබෙනවා. ඒත් ඒවා වර්ධනය වීමේදී 15,000 දාස් ගුණයකින් වැඩිවෙනවා. ඒ වගේම ජානමය බලපෑමට වඩා ජීවත්වන පරිසයේ බලපෑම වැඩි බව හෙළිවී තිබෙනවා. ගැටවර වියේදී මොළයේ ඇතිවන වෙනස්කම් පිළිබඳ සොයාගැණුනේ ඉතාම මෑතකදී. එහි වැදගත්ම සොයාගැනීම වූයේ ලලාට ඛණ්ඩිකාවේ වර්ධනය. එනම්, එය දරුවාගේ පෞරුෂයට අදාළ මොළයේ පරිපථ වර්ධනය වන කොටසයි. එය සිදුවන්නේ ගැටවර වියේදී. එහිදී දරුවාගේ ලලාට ඛණ්ඩිකාවට හානිකර සිදුවීම් සිදුවුවහොත් දරුවාගේ ජීවිතයේ පහත සඳහන් වෙනස්කම් සිදුවිය හැකියි. හැඟීම් පාලනය කරගත නොහැකිකම, ආරම්භ කළ වැඩක් අවසාන නොකිරීම, එදිනෙදා කටයුතු කෙරෙහි මතකය නැතිවීම, පිළිවෙළ හෙවත් සංවිධානාත්මක බව නැතිවී යාම, තීරණ ගැනීම අපහසුවීම, හැඟීම් රහිත වීම, (සහකම්පන/සංවේදනය) අපරාධ සඳහා යොමුවීම. මේ නිසා ගැටවරවිය ඉතාම වැදගත් කාලපරිච්ඡේදයක් බව වැඩිහිටියන් අවධානයට ගතයුතු කරුණක්. කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Sep 2017 06:19 PM සුන්නත් රහස පුරුෂ පක්ෂයේ සමහරු විවාහය කල්දමමින් කල්මරන්නට හේතුවන තත්ත්වයක් තිබෙනවා. අද කතා කරන්න හිතුවේ ඒ ගැන. මේ තමා පෙරසම ලෙස හඳුන්වන පුරුෂ ඇඟේ මුල් කොටස නැතිනම් ශිෂ්ණ මුණ්ඩය කියලා හඳුන්වන කොටස වසාගෙන ඇති සම හේතුවෙන් ඇතිවන ගැටලුව. සමහරුන්ගේ මේ සම පිටුපසට කිරීම අපහසු වෙන අවස්ථා තියනවා. ඒකට හේතුව එහි ඉදිරියේම ඇති සිදුර කුඩා වී තිබීම. සාමාන්‍යයෙන් පුරුෂ ලිංගයේ මුල අප කුඩා කාලයේ දී කාගේත් තියෙන්නේ සමෙන් වැසී ගිය ගමන්ම තමා. නමුත් ක්‍රමයෙන් වයස ගිහින් ළමා කාලයට එන විට මේ කියන පෙරසම අපහසුවකින් තොරව ඉදිරියටත් පසුපසටත් ගෙන යන්නට හැකියි. නමුත් ඉතාමත් කලාතුරකින් කෙනෙකුගේ මේ පෙරසම ඉදිරිපස පිහිටා තියන සිදුර කුඩාව තියෙන්න හැකියි. මේ තත්ත්වය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ පයිමෝසිස් Phimosis තත්ත්වය හැටියටයි. මෙහෙම වුණාම සමහරු විවාහ වෙන්නත් බය වෙනවා. ලිංගික ක්‍රියාවලියේ දී අපහසුතා ඇතිවේවි කියන බිය නිසා. නමුත් මේක බිය විය යුතු ලජ්ජා විය යුතු ඒ වගේම අසාමාන්‍ය දෙයක් නොවේ. මේක පහසුවෙන් විසඳාගත හැකි ප්‍රශ්නයක්. වෛද්‍යවරයකු සමඟ සාකච්ඡා කළ විට විසඳුම සොයාගත හැකියි. ළදරුවන්ගේ පෙරසම කෙළවර ඇති සිදුර කුඩාවීම නිසා එය පසුපසට නොයන අවස්ථාවලදී හටගන්නා කැපීපෙනෙන අපහසුතාවක් හේතුවෙන් මෙය පැහැදිලිව හඳුනාගන්න පුළුවනි. එබඳු කලාතුරකින් සිදුර කුඩා දරුවකු මුත්‍රා කරන විට පෙරසම සහ ශිෂ්ණය අතර මුත්‍රා එකතුවෙලා බැලුන් එකක් වගේ පිම්බෙන්න ගන්නවා. එවිට දරුවා මුත්‍රා කරන විට වේදනාවෙන් අඬන්නත් පුළුවනි. පුංචි කාලේ දරුවා මුහුණදෙන මේ අපහසුතාව දකින විට බොහෝ මවුවරු බිය වෙනවා. නමුත් වෛද්‍යවරයකු හමු වී කුඩා ෆෝසේප් උපකරණයක් භාවිතයෙන් මේ තත්ත්වය සමනය කරගන්න පුළුවනි. කලාතුරකින් සැත්කමකට යන්න වෙනවා. කවුරුත් හොඳටම දන්න විදිහට මේ සැත්කම හඳුන්වන්නේ සුන්නන් කිරීම කියායි. සාමාන්‍යයෙන් වැඩිහිටි අවදියේ, පයිමෝසිස් හෙවත් පෙරසම ඉදිරිපස සිදුර කුඩාවීම නිසා හටගන්නා අපහසුතාවයට හොඳම විසඳුම මේ සුන්නන් කිරීම හෙවත් සර්කම්සිෂන් - Circamcision ශල්‍යකර්මය කරගැනීමයි. මේක ඉතාම සරල පහසු ශල්‍යකර්මයක්. සාමාන්‍යයෙන් පෙරසම ආශ්රිත මේ ගැටලුව ලිංගික ක්‍රියාවලියට බාධාවක් වෙන්නේ නෑ. නමුත් කලාතුරකින් සංකූලතා හටගන්නා අවස්ථා තියනවා. ප්‍රධාන සංකූලතාව පෙරසම පිටුපසට ඇදීමේදී ඇතිවන වේදනාව. එය මානසික වශයෙන් බලපෑමක් බවට පත්වෙලා ලිංගික ක්‍රියාවට බාධාවක් වන්නටත් පුළුවනි. ඉහත තත්ත්වයම වඩා වැඩිවිය හැකි අවස්ථාවකුත් තියෙනවා. ඒක හඳුන්වන්නේ පැරාපයිමෝසිස් Paraphimosis හැටියටයි. මෙතැනදී වෙන්නේ පෙරසම අපහසුවෙන් හරි පසුපසට තල්ලු වී ගොස් එය ශිෂ්ණ මුණ්ඩය කෙළවර තද වලල්ලක් වගේ හිරවෙන එක. එවිට ප්‍රාණවත් වූ ශිෂ්ණය මුණ්ඩය මුල හිරවෙලා රුධිර ගමන අවහිර වෙනවා. මෙහිදී පුරුෂ ලිංගය මැදින් රුධිරය ගලාවිත් එය විශාල වුණොත් ශිරා මගින් නැවත ගලායාම අවහිර වෙනවා. ඒ හේතුවෙන් සිදුවෙන්නේ ශිෂ්ණ මුණ්ඩය තව තවත් ඉදිමිලා පෙරසම ඉදිරියට ගෙන ඒම කොහෙත්ම නොහැකි වීමයි. අන්න එවිට ඔහුට වහාම රෝහලක් වෙත යන්නත් සැත්කමට මුහුණ දෙන්නත් වෙනවා. හොඳම දේ නම් පයිමෝසිස් තත්ත්වය ඇතිවිට එය පැරාපයිමෝසිස් දක්වා වැඩිවනතුරු නොසිට සුන්නත් සැත්කම කරගැනීම. මේ ගැන සෑම වෛද්‍යවරයකුටම අවබෝධයක් තියනවා. ඒ නිසා ඉහත කී ගැටලු ඇතිවිට වෛද්‍යවරයා හමුවීමට ලජ්ජා බිය ඇතිකරගත යුතු නෑ. සාමාන්‍යයෙන් සමහර ආගම්වල මේ සැත්කම හැමෝටම සිදුකරනවා. නමුත් උපන් ගමන් ළදරුවන්ට මේ සැත්කම කළ යුතු නෑ. ටිකක් මේරූ ළමා වියේදී තමා එය කළ යුත්තේ. ඒ වගේම මේ ගැන ඇති වැරුදි මතයක් තමා සුන්නත් කළ විට වැඩි කාලයක් ලිංගික කටයුතුවලට යෙදීමට හැකියි කියන එක. ඒක නම් වැරුදි මතයක්. ශිෂ්ණ මුණ්ඩය ප්‍රවේශය පිරිසුදුව තියාගන්න මේ නිසා හැකි වෙනවා. ඒ නිසා පෙරසම පිටුපසට ස්වභාවිකව යන්නේ නැත්නම් තමා මෙය කළ යුත්තේ. නිකම් කපාගන්න ඕනෑ නැහැනේ. උපදෙස් විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Sep 2017 06:26 PM පෙනහළු පිළිකාව කලින් දැනගන්න පෙනහළු පිළිකාව දැන් සීඝ්රයෙන් පැතිර යමින් පවතින සෞඛ්‍ය අවදානමක් බවට පත්ව තිබේ. දුම්පානය පෙනහළු පිළිකාව සඳහා බරපතළ ලෙස බලපාන ප්‍රධාන සාධකයකි. නමුත් එකම සාධකය එය නොවේ. මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුව ඇති වායු දූෂණය දැන් ගම්බදටත් පැතිර ඇති නිසා එයද පෙනහළු පිළිකා රෝගීන් වැඩිවීමට හේතුපාදක වී තිබේ. හඳුනාගැනීමේ හොඳම පරීක්ෂාව පෙනහළුවල X Ray ඡායාරූප මගින් පිළිකාව හඳුනාගැනීමට හැකිය. සෙම පරීක්ෂාවත්, මේ මගින් අවදානම් තත්ත්වයක් ඇති බව සොයාගතහොත් පෙනහළු ජීව කොටස් පරීක්ෂාවකුත් සිදුකරනු ලැබේ. මේවා කිසිවක් වේදනාත්මක පරීක්ෂාවන් නොවේ. රජයේ සෑම රෝහලකම මේ සඳහා වෙනම සායන පැවැත්වෙයි. CT ස්කෑන් මගින්ද පෙනහළු පිළිකාව හඳුනාගත හැකිය. අමෙරිකානු වෛද්‍ය උපදේශය වී ඇත්තේ වයස 55ත් 80ත් අතර අයට වසරකට වරක් පෙනහළු පරීක්ෂාවක් කරගන්නා ලෙසයි. වැඩියෙන්ම දුම්බොන සහ වසර 15කට පෙර දුම්බීම අත්හැරි වූ අය පවා මේ පරීක්ෂාවට ලක්වීම වඩාත් සුදුසුය. මේ හැර COPD නමින් හඳුන්වන පරීක්ෂාව මගින්ද පෙනහළුවල අසාමාන්‍ය සෞඛ්‍ය තත්ත්ව ගැන කලින්ම හඳුනා ගන්නට හැකිය. • දුම් නොෙබාන අයටත් හැදෙන්නේ ඇයි? රෙඩොන් වායුව දුම් නොබීවත් දුම්බොන තැනක සිටියත් ආශ්වාස කරන දුම නිසා පිළිකාව හටගන්න හැකියි. මේ හැර වායු සමීකරණ යන්ත්‍ර තුළද භාවිතා වන ස්වභාවික පසේද පවතින රෙඩෝන් වායුව දීර්ඝකාලීනව ආශ්වාසයට ලක්වීමද පෙනහළු පිළිකාවන්ට හේතුවිය හැකි බව සොයාගෙන තිබේ. රෙඩොන් වායුව දුම්බීම ළඟට පෙනහළු පිළිකාව සඳහා හේතුවන මූලිකම සාධකයයි. ඇස්බැස්ටෝස් ඇස්බැස්ටෝස් වලින් නිකුත් වන සියුම් කෙඳිති ආශ්වාස වාතය සමඟ පෙනහළු තුළට වැදී එහි අභ්‍යන්තරයට කා වැදීමෙන් පිළිකා සෑදිය හැකියි. ජානමය හේතු පෙනහළු පටක තුළ සෛලයන්හි ඇති DNA වල සිදුවන විකෘතීන් නිසාද පෙනහළු පිළිකා හටගන්නා බව සනාථ වී තිබේ. මේ සඳහා හේතුසාධක බොහෝමයකි. වායු දූෂණය දූවිලි, දුම් සහ රසායන ද්‍රව්‍ය වාතයේ බහුලවීම නිසා ඇතිවන දූෂිත තත්ත්වය පෙනහළු පිළිකාවන්ට තවත් ප්‍රධාන හේතුවකි. ආහාර අප ලබාගන්නා ආහාර නිසා ශරීරයේ ඇතිවන වෙනස්කම් අතරට පෙනහළු පිළිකාවද අයත්ය. නිදසුනක් ලෙස රැධිරයේ සීනි අධිකවීම පෙනහළු පිළිකාවට මං පාදයි. පෙනහළු ක්‍රියාකාරීත්වය පිළිබඳ පරීක්ෂාව පෙනහළුවල ක්‍රියාකාරීත්වය හෙවත් PFT මගින් පෙනහළු සෞඛ්‍ය සම්පන්න ලෙස ක්‍රියාත්මක වෙනවාද යන්න පරීක්ෂාවට ලක්වෙයි. මේ සඳහා භාවිත උපකරණයට වෛද්‍ය උපදෙස් අනුව ආශ්වාස ප්‍රශ්වාස කිරීම මගින් පෙනහළුවල වාතය දැරීමේ ධාරිතාව ඇතුළු කරුණු රැසක් වාර්තාගත වෙයි. ප්‍රතිකාර තිබෙනවාද? මුල් කාලයේ හඳුනාගන්නා පිළිකාව ඖෂධ ප්‍රතිකාර මගින් යථා තත්ත්වයට පත්කළ හැකිය. නොඑසේ නම් විකිරණ සහ රසායන ප්‍රතිකාර මෙන්ම ශල්‍යකර්ම මගින්ද පෙනහළු පිළිකාව මර්දනය කරන්නට හැකිය. සුගත් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 22 Sep 2017 06:49 PM sthuthyi wisthara walata First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 22 Sep 2017 10:05 PM වටිනා තොරතුරු ටිකක්.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 chamaramindMost Senior MemberPosts:13471 23 Sep 2017 04:26 AM තයිරොයිඩ් ග්‍රන්ථියට වැළඳෙන තවත් පිළිකාවක් මෙන්න ප්රශ්නය - පසුගිය සතියේදී Mednllary පිළිකාව ගැන විස්තර කතා කළා. තයිරොයිඩ් ග්‍රන්ථියට වැළඳෙන සෙසු පිළිකා අතර වඩාත් මාරාන්තික පිළිකාව ලෙස Mednllary පිළිකාව හඳුනාගෙන තිබෙන බව ඔබ පෙන්වා දුන්නා. අද අප ඔබෙන් විමසන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියට වැළඳෙන Follicular thyroid පිළිකාව ගැනයි. වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - තයිරොයිඩ් ග්‍රන්ථියට වැළඳෙන පිළිකා අතුරින් 15% ක් ම Follicular පිළිකා. අවුරුදු 50 ට වැඩි කාන්තාවන්ට මෙය වැළඳීමේ ප්‍රවණතාව වැඩියි. ගෙළ ප්‍රදේශයේ හටගන්නා ගෙඩියක් හෝ ඉදිමුමක් විදියට තමයි මෙය මතුවෙන්නේ. තයිරොයිඩ් ග්‍රන්ථියේ හටගන්නා අනෙක් පිළිකාවලට බලපාන ජානමය සාධක, රසායනික විකිරණය, ඖෂධවල බලපෑම ම තමයි මෙයටත් බලපාන්නේ. ප්රශ්නය - Follicular cancer යන්නට සිංහල තේරුමක් තිබෙනව ද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - කූප පිළිකාව කියන නමින් තමයි හඳුන්වන්නේ. ඒත් මේ නම කොතරම් දුරට ප්‍රසිද්ධ ද කියන්නට මා දන්නේ නැහැ. ප්රශ්නය - දේශීය වෙදකම මගින් මෙය සුව කරන්නෙ කොහොමද? බටහිර වෙදකම සහ නවීන විද්‍යාව හරහා මෙය සුව කිරීමේදීත් ප්‍රශ්න හට ගන්නවා. ඔබම කියන පරිදි මෙය මරාන්තික පිළිකාවක්. වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - පිළිකාව කියන්නේ 21 වන ශත වර්ෂයට අයත් ලෙඩක්. එනම් වසර දස දහස් ගණනකට එහා යුගවල ජීවත් වූ මිනිසුන් අතරත් පිළිකා රෝගීන් සිටි බවට සාක්ෂි තිබුණත් පිළිකාව බහුල වශයෙන් පැතිර යන්නට පටන් ගන්නේ 21 වන සියවසේදීයි. ඒත් දේශීය වෙදකම සහ ආයුර්වේදයට පිළිකාව එතරම් ගැටලුවක් නොවන්නේ පිළිකාව හා සමාන ගෙඩි, වණ සහ අර්බුදවලට ප්‍රතිකාර කිරිමේ පළපුරුද්දක් දේශීය වෛද්‍යවරුන්ට තිබුණ නිසයි. පිළිකාවේ මූලික නියම තමයි ශරීරයේ තිබෙන එක සෛලයක් සෙසු සෛල වසාගෙන පැතිර යැම. ඉන්පසු එතැන කවදාවත් සුව නොවන මට්ටමේ වණයක් බවට පත්වීම. මෙවැනි වණ නසන්නට හැකි ශාක සාර ඖෂධ සහ රස බෙහෙත් එදා සිටම දේශීය වෙදකමේ තිබුණා. නූතනයේ විකිරණ මගින් පිළිකා පුළුස්සන්නට, අතීතයේදී සැත්කටු ගිනියම් කරලා ඒ මගින් පිළිකා පුලුස්සා, ඒ තැන්වලට ශාකසාර යෙදීමේ ක්‍රමවේද තිබුණා. අග්නි කර්ම ලෙස හැඳින්වෙන මේ නම අදටත් තිබෙනවා. ලබන සතියේ තව කොටසක් නොමිලේ විස්තර සඳහා 0713464276/ 0759061771 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Sep 2017 04:30 AM දණහිසට වැළඳෙන ආත්රයිටිස් රෝගය ප්රශ්නය - පසුගිය සතිවල අප කතා කළේ ඔස්ටියෝ ආත්රයිටිස් ගැනයි .අද අප කතා කරන්නට අදහස් කරන්නේ Knee arthritis ලෙස හඳුන්වන රෝගය ගැනයි. වෛද්‍ය වසන්ත උදයජීව - ආයුර්වේදයේ මෙය හඳුන්වන්නේ ජාන සන්ධි ශූල කියන නමින්. මේ සඳහා ප්රත්යක්ෂ කසායක් ඔබට කියන්නම්. ඇහැල පොතු, දේවදාර, නෙල්ලි, තිරත්තවාලු, කටුකරෝසන, අමු ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි යන ඖෂධ කලං 1 මංචාඩි 10 බැගින් ගෙන වතුර පත 8 පත 1 ට සිඳුවා පෙරා සීනි, මීපැණි දමා දින 12 ක් වරකට පත භාගය බැගින් පානය කළ යුතුයි. කසාය තම්බන විට මැටි මුට්ටියක් යොදා ගැනීම තමයි ඉතාම යෝග්‍ය වන්නේ. මේ කසායට අයත් ඖෂධවලින් කිහිපයක් වාත රෝග නසනවා. ඉතිරි ඖෂධ මගින් වේදනාව නැති වෙනවා. ප්රශ්නය - Knee arthritis කියන්නේ දණහිසට වැළඳෙන ආත්රයිටිස් රෝගය නේද? වෛද්‍ය වසන්ත උදයජීව - එක් පැත්තකින් ගත්තම මෙය ඔස්ටියෝ ආත්රයිටිස් රෝගය දණහිසට වැළඳීම ලෙස හඳුන්වන්නට පුළුවන්. දණහිස කියන්නේ හිසේ සිට පහළට ඇති මුළු බර දරන තැනයි. සාමාන්‍යයෙන් ශරීරයේ මුළු බරින් 85% කටත් වඩා දරන්නේ දණහිසයි. මේ බර දරන්නට දණහිසට තවදුරටත් බැරි වුණාම එහි කාටිලේජ, පටක යනාදිය හානියට පත් වෙනවා. මෙය දුරදිග ගියාම දණහිස විකෘති වෙනවා. දණහිස් ඉතාම අසාමාන්‍ය ලෙස ඉදිමී ඉදිරියට නෙරනවා. ප්රශ්නය - මෙය රෝගය හටගත් මුල් අවස්ථාවේදීම සිදු වෙනවද? වෛද්‍ය වසන්ත උදයජීව - Knee arthritis හෙවත් ජාන සන්ධි ශුල ආත්රයිටිස් රෝගයෙත් සෙසු ආත්රයිටිස් රෝග හැම එකකම වගේම අවස්ථා දෙකක් තිබෙනවා. මූලික අවස්ථාව සහ ද්විතීයික අවස්ථාව ලෙස ඒවා හැඳින්වෙනවා. මූලික අවස්ථාවේදී සිදුවන්නේ වියපත් භාවයත් සමඟම සන්ධි ගෙවී යැම හෝ දිරා යැම සිදුවීමයි. කෙනකු වියපත් වන විට ඔහුගේ සන්ධිවල තිබෙන කාටිලේජ තුළ ඇති ජල සංයුතිය ඉහළ යනවා. ඊළඟට කාටිලේජ තුළ තිබෙන ප්‍රොaටීන් සංයුතිය අක්‍රමවත් වෙනවා. ඊළඟට ක්‍රමයෙන් කාටිලේජ ගෙවෙනවා. ද්විතීය අවස්ථාවට අයත් ආත්රයිටිස් රෝගය හට ගන්නේ ඉහත සඳහන් තත්ත්වයන්ට පරිබාහිරව ඇතිවන අනතුරකින් හෝ රෝගයකින් දණහිස් තුළ ඇති කාටිලේජ හා පටක හානියට පත්විටෙකයි. මා මෙහි මුලින් සඳහන් කර ඇති කසාය මේ කොයි රෝග තත්ත්වයටත් ගැලපෙනවා. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Sep 2017 04:33 AM ආචාරියා පැළෑටියෙන් පාකින්සන් රෝගයට බෙහෙත් ප්රශ්නය - පසුගිය සති කිහිපය තුළ අප පාකින්සන් රෝගය ගැන විස්තර රැසක් කතා කළා. ආයුර්වේදය මගින් කම්පවාත රෝගය ලෙස හඳුන්වන මෙය වයස අවුරුදු 65 වැඩි ජන ප්‍රජාවගෙන් 1% කට වැළඳෙන ස්නායු රෝගයක් බවත්, නූතන ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ ස්නායු රෝග අතරින් හතරවැන්න බවත් තවදුරටත් මෙහිලා සඳහන් කරන්නේ ප්‍රජාවගේ දැනුම වර්ධනය කිරීම පිණිසයි. මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - මෙය වාත රෝගයක් බව මේ ලිපි පෙළෙහි මුලින්ම සඳහන් කළා. වාත දොaෂය කුපිත වීම නිසා හට ගන්නා රෝගයක් නිසා තමයි, මෙය සුවපත් කරන්නට පුළුවන් වන්නෙත්. මේ රෝගයට ප්‍රතිකාර කිරීමේදී තෙල් ගා සම්බාහනය කිරීම ඇතුළු පංච කර්ම ප්‍රතිකාර යොදා ගන්නවා. ඊළඟට විරේචන ක්‍රියාවලියන් සිදුÊකරනවා. රෝගියා තුළ ආමය දැඩිව නැගී සිටිනවා නම් ශරීරයේ අභ්‍යන්තරය පිරිසිදු කිරීම කළ යුතුයි. මෙහිදී ප්‍රතිකාර වශයෙන් අශ්වගන්ධ සහ අමුක්කරා අඩංගු තෙල් වර්ග යොදාගෙන ප්‍රතිකාර කරන්නට පුළුවන්. එවිට ස්නායු පද්ධතිය සුවපත් වීමට පටන් ගන්නවා. කපිකච්චු ලෙස හැඳින්වෙන බෙහෙත් පැළයක් තිබෙනවා. පාකින්සන් රෝගයට ප්‍රතිකාර කිරීමේදී යොදාගත හැකි විස්කම් පැළයක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. 1978 වසරේදී නිකුත් වූ ඉන්දියානු ස්නායු විද්‍යා සංග්‍රහයේ පළවූ පරිදි පාකින්සන් රෝග ලක්ෂණ සහිත රෝගීන් 23 දෙනෙකුට ඉහත සඳහන් පැළෑටි සාරය අඩංගු ඖෂධ ලබා දී සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තිබෙනවා. කපිකච්චු යොදාගෙන සාදන ඖෂධවල අතුරු ආබාධ ස්වල්ප වශයෙන් තිබුණත් බටහිර ලෝකයෙන් එන බෙහෙත්වලට වඩා ඉතාම හොඳයි. නවීන විද්‍යාවට අයත් බෙහෙත් මගින් සිදු කරන ශාරීරික බලපෑම සහ අතුරු ආබාධ ඉතාම වැඩියි. ප්රශ්නය - කපිකච්චු ඖෂධ පැළය ලංකාවේ තිබෙනවාද? මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - මෙහි සිංහල නම ආචාරියා පැළ යන්නයි. සමහරු මෙයට වඳුරු මෑ කියලත් කියනවා. ප්‍රොaටීන්, කැල්සියම්, පොස්පරස් අයත් සල්ෆර් සහ මැන්ගනීස් යන ද්‍රව්‍ය මෙහි තිබෙනවා. ඊට අමතරව ක්ෂාර වර්ග කිහිපයකුත් මෙහි තිබෙනවා. සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Sep 2017 04:38 AM ඔටිසම් රෝගයේදී දරුවාට ප්‍රතිකාර කරන විට දෙමාපියන්ටත් ප්‍රතිකාර කළ යුතුයි ප්රශ්නය - ළදරුවන්ට වැළඳෙන ඔටිසම් රෝගය ගැන පසුගිය සතියේදී අප මේ ලිපියෙන් හැඳින්වීමක් කළා. ඔටිසම් රෝග ලක්ෂණ ගැන විස්තරාත්මකව කතා කිරීමට අප අද බලාපොරොත්තු වෙනවා. වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - මෙහි රෝග ලක්ෂණ බහුල ලෙස මතුවීමට පටන් ගන්නේ දරුවා ඉපදී මාස 6 ක් ගත වූ පසුයි. සමහර ළදරුවන් වයස මාස 2 සිට මේ රෝග ලක්ෂණ පෙන්වන්නට පටන් ගන්නවා. අවුරුදු 2 - 3 අතර කාලය වන විට දරුවා දෙස බැලූ සැනින් ඔහු/ ඇය ඔටිසම් රෝගියකු ලෙස හඳුනා ගන්නට පුළුවන්. හරියට ප්‍රතිකාර නොකළ විට ඔහු ඔටිසම් රෝගී වැඩිහිටියකු බවට ක්‍රමයෙන් පත් වෙනවා. ඔටිසම් රෝගියා මනසින් හුදෙකලා බව නිතර පෙන්වන කෙනෙක්. තමා අවට සිටින අය ගැන ඔහුට කිසිදු හැඟීමක් නැහැ. තමා අවට සිටින අය සමඟ සන්නිවේදනය කිරීමට මේ රෝගියාට දැනුමක් නැහැ. එසේම තමා අවට සිටින සමාජය තමා වෙත කරන සන්නිවේදනය ගැන තේරුම් ගැනීමටත් රෝගියාට හැකියාවක් නැහැ. ඔවුන් අන් අය දෙස නොබලන අතර ඔවුන් සමඟ සිනාසීමෙන් හෝ කතා කිරීමෙන් වැළකී සිටිනවා. රෝගියාට ඔහුගේ නමින් කතා කළත් ගණන් ගන්නේ නැහැ. කිසියම් දෙයක් ඇඟිල්ල දිගු කර අන් අයට පෙන්වා දීමට ඔවුන්ට හැකියාවක් නැහැ. ඔහු ඉන්නේ දරන්න බැරි තරම් හුදෙකලාවක. ඔටිසම් රෝගී දරුවන්ගෙන් තුනෙන් දෙකකට පමණ හරියාකාරව කතා කරගන්න බැහැ. තමන්ට අවශ්‍ය දෙය කියා ගන්නට ඔවුන්ට හැකියාවක් නැහැ. ඔවුන් කතා කළත් වචන හසුරුවන්නේ ඉතාම ආගන්තුක ලෙසයි. කිසියම් කෙනෙකු ඇඟිල්ල දිගු කර කිසියම් දෙයක් පෙන්නුවාම එම දරුවන් බලන්නේ අදාළ වස්තුව දෙස නොව ඇඟිල්ල දෙසයි. ඔවුන් බොහෝ විට එකම දේ කරනවා. පොත් ගොඩක් අරගෙන ඒවා එක පිට එක තබමින් මුළු කාලයම ගත කරන්නට ඔවුන්ට පුළුවන්. එකම සෙල්ලම් බඩුව අතේ තබාගෙන ඒ දිහා නොබලා/ ඒ දිහා එක එල්ලේම බලාගෙන මුළු දවසම ගත කරනවා. නැත්නම් බිම බලාගෙන ඉන්නවා. මේ දරුවන්ට ආහාරපාන ගැන උනන්දුවක් නැහැ. ඇඳුම් පැළඳුම් මාරු කිරීම ගැන උනන්දුවක් නැහැ. ඔවුන්ට උගැන්වීම ඉතාම අපහසුයි. මේ නිසා මේ දරුවන්ට බෙහෙත් කරන විට දරුවාගේ දෙමාපියන්ටත් උපදේශනය කළ යුතුයි. දරුවා කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක කියා දිය යුතුයි. නොමිලේ විස්තර සඳහා - 0766739977, 011-5708567 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Sep 2017 04:42 AM සමේ රෝග පසුපස තවත් රෝග රැසක් සම ශරීරයේ ඇති ඉතා වැදගත්ම ඉන්ද්‍රියක් සමෙන් කෙරෙන කාර්යභාරය පිළිබඳ හැඳින්වුවොත් ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - ශරීරයේ ඇති විශාලතම ඉන්ද්රිය වන්නේ සමයි. සිරුරේ ඇති අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්ෂා කිරීම, සිරුරේ ඇතැම් ස්ථානවලට හැඩයන් ලබාදීම, සිරුරෙහි උණුසුම නියමිත මට්ටමක තබා ගැනීමට දායක වීම, ශරීරයට එකතුවන විෂ සහ අපද්‍රව්‍ය බහිස්රාවී ක්‍රියාවලිය තුළින් සිරුරෙන් බැහැර කිරීම ඇතුළු වැදගත් කටයුතු රැසක් සම තුළින් සිදුකරනු ලබනවා. මෙතරම්ම ශරීරයට අත්‍යාවශ්‍ය මෙහෙවරක් ඉටුකරන සම රෝගී වන අවස්ථා මොනවාද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා විවිධ හේතූන් මත පැන නැගෙන ගැටලුකාරී තත්ත්වයන් තුළින් සම රෝගී විය හැකියි. බාහිරින් පැමිණෙන ක්ෂුද්‍ර ජීවී ආසාධනවලින්ද සමේ රෝග හටගන්නවා. එම රෝග ස්පර්ශයෙන් ලිංගික ක්‍රියා මගින් හා අපිරිසිදුකම නිසා වැළඳිය හැකියි. මීට අමතරව බෝ නොවන රෝගද සමේ හටගැනීම සිදුවෙනවා. මෙම බෝනොවන රෝග වැළඳීමට ප්‍රධාන හේතුව වන්නේ විවිධ හේතූන් නිසා රක්තය දූෂණය වීමෙනි. රක්තය දූෂණය වීම සමේ රෝග හටගැනීමේ ප්‍රධාන සාධකයක් නම් එම රක්තය දූෂණය වන හේතු සහ ඒ නිසා වැළඳෙන රෝග මොනවාද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා වා, පිත්, සෙම් දොaෂයන් අතුරෙන් පිත් දොaෂය අධික වූ විට එම තැනැත්තන්ගේ ශරීරයේ උෂ්ණාධික බව වැඩිවෙනවා. එවැනි උෂ්ණාධික ශරීරයන් ඇති අයගේ සම පැසවීම බහුල වන අතර වා, සෙම් දොaෂවල දායකත්වයෙන් සම වියළීම, ඉරිතැලීම හෝ කැසීම ආදී රෝග ලක්ෂණ ඇතිවිය හැකියි. බිලිං, ගොරකා, සියඹලා, තත්කාලි, අන්නාසි ආදී විටමින් සී පදාර්ථයන් අඩංගු ආහාර වැඩිපුර ගැනීමෙන් ඇස්කොබිස්, ඇසික්, සිට්රික් ඇසිඩ් බහුල වීමෙන් හා උෂ්ණාධික ආහාර වැඩිපුර ගැනීමෙන්ද රක්ත දොaෂ ඇතිවිය හැකියි. මීට අමතරව අධිකව නිදිවැරීම, දහවල් නිදාගැනීම, කෘත්‍රිම ආහාර පාන වැඩිපුර ගැනීම, මත්පැන් පානය ආදී අහිතකර ක්‍රියාවන් නිසාද රක්ත දොaෂ ඇතිවිය හැකියි. ඊට අමතරව ආහාර ජීර්ණ පද්ධතියේ විවිධ දුර්වලතා නිසාද රක්තය දූෂණය විය හැකියි. දියවැඩියාව රෝගීන් අධිකව බෙහෙත් පෙති ගිලීම තුළින්ද ඔවුන්ගේ සමේ විවිධ අසාත්මිකතා ඇතිවන අවස්ථාද තිබෙනවා. මෙම හේතු නිසා ඇතිවන සමේ රෝග පිළිබඳ හැඳින්වුවොත් විශේෂයෙන්ම සඳහන් කළ හැකි තත්ත්වයක් වන්නේ සමේ පලු දැමීමයි. මේවා සිරුර පුරාම පැතිරී දරුණු පීඩාවන් ඇතිකළ හැකියි. ඊට අමතරව කුඩා බිබිලි හටගැනීමද පෙන්වා දිය හැකියි. මේවා ක්‍රමයෙන් කැසීම දක්වා වර්ධනය වී පසුව තෙත් දියර වැගිරෙන තත්ත්වය දක්වා වර්ධනය වීම සිදුවිය හැකියි. පසුව ඒවා තුවාල දක්වාද වැඩිවිය හැකියි. දෙපාවල දණහිසෙන් පහළ ප්‍රදේශවල සම පුපුරා තෙත දියර ගලන අධික කැසීම ඇති කරන රෝගයන්ද හටගැනීම සිදුවෙනවා. මේවා ඇඟිලිකරු ආශ්‍රිතව හටගැනීම ආරම්භ විය හැකියි. සමේ රෝගවල දරුණුම රෝග ලෙස හැඳින්විය හැක්කේ කුෂ්ඨ රෝගයන් හට ගැනීමයි. මෙම රෝග බොහෝවිට පෙර ආත්මවල සිදුකරන ලද අකුසල කර්මවල විපාක ලෙසද හටගැනීම සිදුවිය හැකියි. මෙවැනි රෝගීන් ප්‍රතිකාරවලට අමතරව ආගමානුකූල ජීවිත කරා යොමුවීමද ඉතා වැදගත් වෙනවා. මෙම රෝගීන්ට මේ හා සමගාමීව වෙනත් රෝග ඇතිවීමේ අවදානමකුත් තිබෙනවාද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා ඔව්. සමේ රෝග වලින් පෙළෙන්නන් බොහෝවිට විවිධ සමේ රෝගයන්ටද ගොදුරුවිය හැකියි. ඇදුම, හතිය ඉන් ප්‍රධානයි. අර්ශස්, ගැස්ට්‍රයිටීස් මළ බද්ධය, ජීර්ණ පද්ධතිය ආශ්රිත රෝගාබාධ, හිස කැක්කුම, ඇස් කන් කැසීම, නින්ද නොයැම ආදී රෝග රැසක්ම මෙම රෝගීන්ට වැළඳීමේ හැකියාව තිබෙනවා. මෙම රෝගීන් සුවපත් කිරීම සඳහා ආයුර්වේදය සතුව ප්‍රතිකාර තිබෙනවාද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා පෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ආයුර්වේදයේ ඕනෑම රෝගයක් සුවකිරීම සඳහා ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. හැබැයි ඒ සඳහා නිවැරදි හැකියාවෙන් යුත් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත රෝගීන් යොමුවීම සිදුවිය යුතුයි. එවිට මෙම රෝගීන් නිවැරදි පරීක්ෂාවකට ලක්කිරීමෙන් පසු ඔවුන්ට වැළඳී ඇති රෝගයන්ට නිවැරදි ලෙස වටහා ගැනීමෙන් පසු ඒ සඳහා අවශ්‍ය නිවැරදි ප්‍රතිකාර ලබාදීමෙන් සමේ රෝගීන් මෙන්ම ඕනෑම රෝගියෙක් සුවපත් කිරීමේ හැකියාව ආයුර්වේදය සතුව පවතිනවා. අප කරා පැමිණෙන රෝගීන් සුවකර අපට මේ ගැන අත්දැකීම් තිබෙන නිසා ආයුර්වේද ප්‍රතිකාර ගැන අපට ඉතා විශ්වාසයෙන් කතා කිරීමේ හැකියාව තිබෙනවා. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Sep 2017 04:46 AM චර්ම රෝග හඳුනා ගනිමුථ වළකා ගනිමු Ö දද්රe මණ්ඩල කුෂ්ට (Ring worm infection) ශරීරයේ තැන් තැන්වල රවුම් හැඩැතිව, පැහැදිලි දාරයකින් වට වූ, මැද බිබිලි සහිත, ස්‍රාව සහිත කුෂ්ටයයි. කැසීම බහුල වන අතර, මෙය එක් අයකුගෙන් තවත් අයකුට අනිවාර්යයෙන් ම බෝවන සමේ රෝග තත්ත්වයකි. ශරීර අභ්‍යන්තරයට ලබා දෙන රුධිරය පිරිසිදු කරන ඖෂධ හා විශේෂිත තෙල් වර්ග ආලේපනය, ඖෂධීය ද්‍රව්‍ය ආලේපනය හා සම පිරිසිදු කරන බාහිර ශෝධන ඖෂධ යෙදීම උසස් ප්‍රතිඵලදායක වේ. එමගින් රෝගය නැවත ඇති නොවන පරිදි සම්පූර්ණයෙන් ම සුවකර ගත හැක. අධික උෂ්ණ, තීක්ෂේමා (කුළුබඩු, විනාකිරි අධිකව යෙදූ ආහාර) ආහාර වර්ග වන මීකිරි, ඌරුමස්, හරක් මස්, බල මාළු, හුරුල්ලන්, කෙලවල්ලන්, අධික ඇඹුල් රස දේ යනාදී ආහාර වලින් වැළකී දිනකට ප්‍රමාණවත් ජලය පානය කිරීමත්, රෝගයෙන් මිදීමට උපකාරී වේ. එමෙන්ම දිනපතා ඖෂධීය ශෝධන ජලය භාවිත කර සම පිරිසිදු කර දිනපතා නෑම ඉතා වැදගත් වේ. එමෙන්ම එදිනෙදා පාවිච්චි කරන ඇඳුම්, ඇඳ ඇතිරිලි, තුවා යනාදිය හොඳින් සෝදා නටන උණු ජලයෙන් මඳක් තම්බා, තද අව්වේ වියළාගෙන එම ඇඳුම් මැද පාවිච්චියට ගැනීම රෝගය සම්පූර්ණයෙන් උපුටා දැමීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග වේ. Ö විචර්චිකා Scabies මෙය සමහර පොත්වල 'කච්ජු' යන නාමයෙන් විස්තර කර ඇත. මෙහිදී විශේෂයෙන් ම අධික කැසීම, කුඩා බිබිලි මතුවීම හට ගන්නා අතර රාත්‍රි කාලයේදී කැසීම අධික වේ. විශේෂයෙන් ම ඇඟිලි කරු ආශ්‍රිතව, දණහිස පිටුපස, වැලමිට ඉදිරිපස, තට්ටම් ප්‍රදේශය හා පියයුරුවලට යටින් වූ ප්‍රදේශවලට මුල් අවස්ථාවේදී රෝගය සීමා වේ. රෝග තත්ත්වය කල් ගත වීමත් සමඟ මුළු ශරීරය පුරාම මෙම ස්‍රාව සහිත බිබිලි පැතිරී අධිකව කැසීම සිදුවේ. කුඩා දරුවන් අතර බහුලව දැකිය හැකි අතර, පිරිසිදුකම අඩුවීම හේතුවෙන් වැඩහිටියන් අතර ද රෝගය ප්‍රචලිතය. විශේෂයෙන් නවාතැන්වල කිහිපදෙනකු එකට අඩු පහසුකම් යටතේ ජීවත්වන විට මෙම ආසාදනය එක් අයකුගෙන් අනෙකුත් අයට ශීඝ්‍රයෙන් පැතිරී යි. දදැ මණ්ඩල (Ring worm) රෝග තත්ත්වයේදී අනුගමනය කළ යුතු වේ. ඖෂධීය ජලයෙන් උදේ - සවස ශරීරය පිරිසිදු කළ යුතුයි. මෙහිදී එම බිබිලි කැඩී යන පරිදි පිරිසිදු කිරීම ඉතා වැදගත් වේ. මෘදු සබන් වර්ගයක් දිනපතා භාවිත කළ යුතුයි. මෙහිදී මෙම රෝගයටම විශේෂිත වූ තෙල් වර්ගයක් බාහිරව ශරීරයේ ආලේප කිරීම සිදුකරන අතර, රුධිරය පිරිසිදු කරන ඖෂධ ශරීර අභ්‍යන්තරයට යෙදීම ඉතා වැදගත් වේ. බාහිරව කරන ආලේපන වලින් පමණක් රෝගය සම්පූර්ණයෙන් සුව කළ නොහැකි බව කිව යුතුයි. මාස 6 ක පමණ කාලයක් තම ඇඳුම්, ඇඳ ඇතිරිලි ආදිය නටන ජලයේ තම්බා තද අව්වේ වේලා මැද භාවිත කළ යුතුය. Ö සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර තුළින් සිම හෙවත් අළුහම් රෝගය සුව කර ගනිමු සිම හෙවත් අළුහම් අද සමාජයේ ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂය තුළම බහුලව දැකිය හැකි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මහා කුෂ්ට ඝනයට අයත් චර්ම රෝග තත්ත්වයකි. මෙයද එක් අයකුගෙන් තවත් අයකුට බෝවේ. මෙම රෝගයේදී කැසිල්ල ඇතිවන අතර කැසීමේදී ඉතා සියුම් ව කුඩු විසිරී යයි. බෙහෙවින් සිරුරේ උඩ කොටසට සීමා වන මෙය කිසි විටෙකත් ශරීරයේ පහළ කොටසෙහි හට නොගනී. ශරීරයේ පිරිසිදුකම ඉතා වැදගත් වේ. බාහිර ආලේපන වලින් පමණක් රෝග සම්පූර්ණයෙන් සුව කළ නොහැක. ශරීර අභ්‍යන්තරයට ලබා දෙන ශෝධන ඖෂධවල ක්‍රියාකාරීත්වය රෝග සුවයට ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරයි. පෙර සඳහන් කළ පරිදි ඖෂධීය ශෝධන ජලය භාවිතා කර ශරීරය දිනකට 2 වරක් පිරිසිදුÊකිරීම සුදුසු ඖෂධීය ආලේපන (තෙල්, ඖෂධ ලේප) යෙදීම මගින් රෝගය සුව කර ගත හැකිය. Ö පාමා (Eczema) විශේෂයෙන් ම මෙම රෝග තත්ත්වය ශරීරයේ අත් හා පාද වල පහළ කොටසට සීමා වේ. කැසීම බහුලය. අධික ලෙසට ස්‍රාව ගලයි. තුවාල සහිතයි. දැවිල්ල හා රත් පැහැය බහුලයි. සමේ කලු රතු වර්ණ විකෘතිතා ඇති කරයි. වාත - පිත හා රක්තය අධිකව දූෂණය වී හට ගන්නා මෙම රෝග තත්ත්වය නිසා රෝගීන් අධිකව පීඩා විඳී. අධික උෂ්ණ, තික්ෂණ (අච්චාරු, විනාකිරි) තෙල් බහුල මස්, මාළු, ලුණු අධික කරවල හා ඇඹුල් ආහාර හා කෘත්‍රිම රස කාරක යෙදූ දේ ආහාරයට ගැනීම නිසා රෝග තත්ත්වය උත්සන්න වේ. මෙම රෝගය බාල, තරුණ, මාලු කා හටත් හට ගත හැකිය. මේ සඳහා පැහැදිලි හා ඉතා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර පද්ධතියක් පවතී. විධිමත් ලෙස පංච කර්ම ප්‍රතිකාර සමඟ කරන ලද ආයුර්වේද ප්‍රතිකාර තුළින් මෙම රෝගය නැවත හට නොගන්නා ලෙසට පූර්ණ සුවය ළඟාකර ගත හැකිය. මෙය එක් අයකුගෙන් තවත් අයකුට බෝ නොවේ. දිනපතා ඖෂධීය ශෝධන ජලය ස්නානය හා නිසි ආහාර ඖෂධ හා විහරණ අනුගමනයෙන් රෝගයෙන් සම්පූර්ණයෙන් මිදීමට හැකිය. විසර්ප - වහා පැතිරී යන සැරව බිබිලි සහිත තුවාල සම, ලේ, මාංස යන මේ කොටස් අතිශයින් දූෂණයට පත්වීමෙන් රෝග තත්ත්වය හට ගනී. ශරීරය පුරා සීග්රව පැතිරී යන සැරව සහිත බිබිලි නිසා ශරීරයේ අධික දැවිල්ල, ක්ලාන්තය, ශාරීරික මානසික පීඩාව හා පැසවීම හා තුවාල හටගැනීම ඇති වේ. මෙහිදී පළමුව ආයුර්වේද චිකිත්සා මූලධර්මවලට අනුකූලව ආම පාචන, අග්නි දීපන, ශෝධන, ශමන කර්පන, චිකිත්සා අනුගමනය කළ යුතුය. පංච කර්ම ප්‍රතිකාර තුළින් සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගත හැකිවේ. ඉක්මනින්ම ප්‍රතිකාර ගත යුතු රෝග තත්ත්වයකි. නොමිලේ විස්තර සඳහා - 0766739977, 011-5288055 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 PoddiVeteran MemberPosts:2100 23 Sep 2017 07:51 PM ස්තුතියි ලිපියට ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 sha733Super Senior MemberPosts:7332 23 Sep 2017 11:43 PM චාමර මල්ලි ගොඩක් වටින ලිපි තමයි අරගෙන එන්නෙ මේවටත් බොහොම ස්තූතියි 0 chamaramindMost Senior MemberPosts:13471 24 Sep 2017 07:53 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Sep 2017 07:56 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Sep 2017 08:00 AM කාමරංකා කන්න එපා වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ බරපතළ සෞඛ්‍ය තර්ජනයකි. කිහිප ආකාරයක වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ වාර්තා වන අතර මෑතක සිට කෙටිකාලීන වකුගඩු ආසාදන වඩාත් වේගයෙන් පැතිරෙන බව දක්නට ලැබේ. එබැවින් එකී රෝගයට හේතුව කුමක්දැයි සමාජයේ දැඩි අවධානයක් යොමුව තිබේ. එම රෝගී තත්ත්වයට කාමරංකා පලතුර එක හේතුවක් බව විශේෂඥ වෛද්‍ය එරංග විජේවික්‍රම පසුගියදා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කිරීමත් සමග රටේම අවධානය කාමරංකා වෙත යොමු විය. මේ එම වෛද්‍යවරයා හා කළ සාකච්ඡාවකින් ලියැවෙන ලිපියකි. අපේ ළමා කාලයේ ගෙවතුවල බොහෝ පලතුරු ගස් තිබුණා මතකය. එහෙත් ඒ බොහෝ පලතුරු අපට සිත් සේ භුක්ති විදීමට දෙමාපියන් ඉඩ දුන්නේ නැත. ඒ විවිධ ලෙඩ දුක්වලට ඒවා මුල්වන බව කියමිනි. එහෙත් එක්තරා ගසක ගෙඩි සිත් සේ කෑමට අපට බාධාවක් නොවීය. කොළ පාටින් දිළිසි දිළිසි දාර බේරි තිබූ ඒ ගෙඩි කටට ගෙන හැපූ සැනින් කට කන ළඟට ගොස් කට කෙළවරින් කෙළ බේරෙන තරමේ ඇඹුලක් දැනුණා මතකය. කාමරංකා ලෙසින් හැඳින්වූ එකී පලතුරු විශේෂය අප එදා කොලුකමට කා දැමුවද අපේ අම්මලා තාත්තලා එය කෑමට ගත්තේ ‘සීනි අමාරුවට’ හොඳ බව කියමිනි. එහෙත් අප මේ කියන්නට යන්නේ කාමරංකා ගැන ඊට වඩා ඉඳුරාම වෙනස් ප්රවෘත්තියකි. කාමරංකා ගැන මෙතුවක් රටේ තිබුණේ එය දියවැඩියාවට හොඳ බෙහෙතක් බවය. එමෙන්ම නිතර කෑමෙන් දත් පිරිසිදු වන බවට විශ්වාසයක්ද විය. එහෙත් මේ සියල්ල යටපත් කරමින් පසුගිය සතියේ කාමරංකා ගැන අලුත් පුවතක් රට පුරා පැතිර යන්නට විය. බට කැලේට ගිනි තිබ්බා සේ රටේ පැතිරුණ එකී පුවතින් කියවුණේ කාමරංකා නිසා වකුගඩු අකර්මණ්‍ය වන බවය. මේ ආන්දෝලනාත්මක ප්‍රකාශය කර තිබුණේ ජාතික රෝහලේ වෘක්ක වේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වන එරංග විජේවික්‍රම විසිනි. අනාදිමත් කාලයක් ලාංකිකයාගේ ජනප්‍රිය පලතුරක් වූ කාමරංකා මෙතරම් බිහිසුණු රෝගී තත්ත්වයකට අත වනන්නේ කෙසේදැයි ඔහු පැහැදිලිි කළේ මෙසේය. “කාමරංකා කියන්නේ ඇඹුල් රසැති පලතුරකි. මෙහි ඔකසිලික් ඇසිඩ් නමැති අම්ල වර්ගය අඩංගු වෙනවා. මෙකී අම්ල වර්ගය ශරීරගත වූ පසු වෘක්කාණු (වකුගඩු තුළ ඇති)නම් නාල විශේෂයට හානි ගෙන එනවා. ඒ කියන්නේ ඒ නාල අවහිර වෙනවා. වකුගඩුවල මෙවැනි නාල විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා මුත්‍රා පෙරීමට දායක වෙනවා. මෙම නාල අවහිර වීම නිසා මුත්‍රා කිරීම අඩාලවී සිරුරෙන් ඉවත්විය යුතු විෂ වර්ග වන යූරියා වැනි දේවල් වකුගඩු තුළ රැඳෙනවා. එය හානි කරයි“ විශේෂඥ වෛද්‍ය එරංග විජේවික්‍රම පවසන පරිදි කාමරංකා පිළිබඳ සැකය ඔහු තුළ ජනිත වනුයේ අහඹු ලෙස කළ තොරතුරු විමසීම් නිසාය. “ජාතික රෝහලට එන වකුගඩු රෝගීන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. එක් කොටසක් අපි දන්න නිදන්ගත වකුගඩු රෝගයෙන් (CKD) පෙළෙන අය. අනිත් අය දියවැඩියාව, විෂබිජ ශරීරගතවීම වැනි යම් නිශ්චිත තත්ත්වයක් නිසා වකුගඩු රෝගී වූ අය. ඒ වගේම තවත් කොටසක් ඉන්නවා ඒ හිටි හැටියේ වකුගඩු රෝගී වූ අයයි. එය විශේෂ තත්ත්වයක්. නිරෝගීව සිටි කෙනකු හිටි හැටියේ වකුගඩු අසාදිතයන්වීම සුවිශේෂ කරුණක්. එවැනි රෝගීන්ගේ රෝගී තත්ත්වය ගැන දැන ගන්න අපි විවිධාකාර ප්‍රශ්න කිරීම් කරනවා. එතැනදී ඔවුන්ගේ ආහාරපාන, ඇවතුම් පැවැතුම්, රැකියාව වැනි දේ ගැන අපි විමසනවා. එවැනි සොයා බැලීම්වලදී රෝගීන් ගණනාවකගෙන්ම කාමරංකා ආහාරයට ගත් බව තහවුරු කරගන්නට පුළුවන් වුණා” රෝගීන්ගේ ප්‍රකාශ මගින් කාමරංකා ගැන ඇතිවූ සැකය තහවුරු කර ගැනීම වෛද්‍ය එරංග ඇතුළු සගයන්ගේ ඊළඟ අවශ්‍යතාව ලෝකයේ විවිධ රටවල පළමු වෛද්‍ය ලේඛන (Medical jarnal) විධිමත්ව අධ්‍යයනය කරන්නටද සිදුවිය. එහිදී බොහෝ ලේඛනවලින් වකුගඩු ආසාදනය සහ කාමරංකාවල සබැඳියාව තහවුරු කරගත හැකි විය. ඒ අනුව දිගු කලක් කළ සොයා බැලීම්වල අවසානයේ කාමරංකා කෙටි කාලීන වකුගඩු ආසාදනවල සබැඳියාව තහවුරු කර ගත හැකි විය. කාමරංකා මගින් කෙටි කාලීන වකුගඩු රෝග ඇති කිරීම එක එක පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. ඇතැම්හු දින ගාණක් හෝ මාස ගාණක් කාමරංකා කෑ පසු කෙටි කාලීන වකුගඩු අකර්මණ්‍යතාවට ලක්ව ඇත. එමෙන්ම තවත් අය එක කාමරංකා ගෙඩියක් කෑ පසු මෙකී රෝගී ලක්ෂණ පෙන්වා ඇත. තවත් අය පානයක් ලෙස එක දිනක් පානය කළ පසු රෝගී ලක්ෂණ පෙන්වා ඇත. ඊට හේතුව වෛද්‍ය එරංග විජේවික්‍රම පහදා දෙනුයේ මෙසේය. “කාමරංකා ප්‍රධාන ආහාර වේලට පසු අතුරුපසක් ලෙස ගැනීම එතරම් ගැටලුවක් නොවෙයි. ඒත් හිස්බඩ කාමරංකා කෑම හෝ බිම සුදුසු නෑ. ඊට හේතුව ආමාශයේ ආහාර නැති වෙලාවලදී කාමරංකාවල ඇති ඔක්සිලික් අම්ලය සෘජුවම ශරීරගත වන වීමයි. ඒ වගේම තමයි කන ප්‍රමාණය, දිනපතා ගෙඩි ගණනාවක් කෑම නැතිනම් ගෙඩිය බැගින් දිගුකාලයක් කෑම රෝගී ලක්ෂණ පෙන්වීමට ගතවන කාලයට බලපානවා. ඒ වගෙම තමයි ඔබේ වකුගඩුවල ඔබ නොදන්නා සුළු හෝ රෝගී තත්ත්වයක් තිබුණෙත් කාමරංකාවල හානිය ඉක්මනින් දැනෙන්න පුළුවන්” අතීතයේ කාමරංකා වැඩිපුර කෑවේ ගම්වල ඇත්තන්ය. එහෙත් අද තත්ත්වය ඊට වඩා වෙනස්ය. නාගරික සුපිරි ජීවිත ගත කරන්නන්ට කෑම මේසයේදී තමුන් අමතක කළ ගම සිහිපත් වීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. ඒ නිසාමදෝ ඔවුහු අඟුණකොළ, තැල් කොළ, පතෝල, වැටකොළු, මියන දලු ආදී ගම්වල කෑම සොයා යති. අනෝදා, වෙරළු, කාමරංකා වැනි හද්දා පිටිසර සුලබ පලතුරු සොයා සොයා යති. අලුත්ම ‘ටේරන්ඩ්’ එක වී ඇත්තේ පලතුරු කෑම නොව බිමය. ඒ නිසා නාගරිකව ජීවත්වන්නෝ ජූස් බාර්වලට ගොඩවී සිත්සේ පලතුරු යුෂ පානය කරති. බොහෝ අය මේවා බොන්නේ උදෑසන ජොගිංවලට ගොස් එද්දී “ඒ වගේ වෙලාවට අපි ඉන්නේ හිස් බඩ. දාඩිය දාලා ඇඟේ ජල ප්‍රමාණය අඩුයි. ඉතින් ලොකු කාමරංකා වීදුරුවක් බිවම අපේ ශරීරයට වෙන හානිය ඉතාම වැඩියි. වකුගඩුවලින් තනිකරම කාමරංකා යුෂ පෙරන්න ගියාම වෘක්කාණු හානියට පත්වීම කඩිනම් වෙනවා” යැයි වෛද්‍ය එරංග විජේවික්‍රම පවසන්නේය. කාමරංකා ආහාරයට ගැනීමෙන් විශේෂයෙන් වැළකිය යුතු අය ලෙස වෛද්‍යවරු හඳුන්වන කණ්ඩායම් කිහිපයක් වේ. ඒ දියවැඩියා රෝගීන්, වකුගඩු බද්ධ කළ හෝ උපතින්ම එක වකුගඩුවක් ඇති රෝගීන් හා කිසියම් ආකාරයක වකුගඩු ආසාදනයකට ලක්වූවන් යන කණ්ඩායම්ය. “එහෙම අය කාමරංකා ආහාරයට ගන්නවා නම් ඉක්මනින්ම රුධිර පරීක්ෂාවක් කර ගැනීම සුදුසුයි“ වෛද්‍ය විජේවික්‍රම අවධාරණය කරන්නේය. දිගු කලක් පුරා අප කෑමට ගත් පලතුරක් ගැන අලුතින් මතුව ඇති අවදානම කුමක්දැයි ඔබට සිතෙන්නට පුළුවන. වෛද්‍ය එරංග ජයවික්‍රම පවසන පරිදි කෙටි කාලීන වකුගඩු අකර්මණ්‍යතාව සෑමවිටම මරණයෙන් කෙළවර නොවේ. “කාමරංකාවල තියෙන ඔක්සිලික් ඇසිඩ් නිසා වෘක්කාණු අවහිර වුණ අය යළිත් එම පලතුර නොකා සිටීමෙන් වගේම ඊට සුදුසු ප්‍රතිකාර ලබා ගැනීමෙන් සුවවන අවස්ථා තිබෙනවා. මොකද මෙම අවහිරතාව මහගැරී ගිය පසු මුත්‍රා පෙරීම සාමාන්‍ය අතට පත්වෙනවා. ඒත් වකුගඩු වැනි සංවේදී ඉන්ද්‍රියකට වන හානිය යළි සියයට සියයක්ම යථා තත්ත්වයට පත්වන්නේ නෑ. එවැනි රෝගියකුට පසුකාලීනව අවදානම ඉතා වැඩියි. ඒ වගේම තමයි විෂබිජ ශරීරගත වීමකට ලක් වුවහොත් තත්ත්වය බරපතළ විය හැකියි. විශේෂයෙන්ම කාමරංකා දියවැඩියාවට ගුණදායක බව පැවැසුනත් එවැනි රෝගීන් මෙම පලතුර ආහාරයට ගැනීම භයානකයි“ වෛද්‍ය එරංග පවසන්නේය. එළවළු සහ සහල් වැනිදේට කෘෂිරසායනික අවිචාරවත්ව යොදන බව දැන දැනත් අපි ඒවා කරන්නෙමු. ඒ වෙනත් විකල්ප නැති බැවිනි. එහෙත් කාමරංකා යනු එලෙස නොතකා බැරි පලතුරක් නොවේ. එබැවින් හැකි සැමවිටම කාමරංකා කෑමෙන් වැළකී සිටීම සුදුසුය. එමෙන්ම කාමරංක කන සියලුදෙනාට වකුගඩු ආසාදන ඇතිවන්නේ නැති බවද වෛද්‍ය එරංග විජේවික්‍රම පවසන්නේය. කාමරංකාවලට අමතරව එම කුලයටම අයිති බිලිංවලද ඔක්සිලික් ඇසිඩ් අඩංගුය. එබැවින් එයද ආහාරයට ගැනීමට පෙර සිතා බැලීම වඩාත් සුදුසුය. ජීවක ජයසිංහ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Sep 2017 04:43 PM මාරාන්තික ලෙඩ රෝගවලින් ඔබව බේරගන්න විටමින් E ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 25 Sep 2017 04:40 AM ආසාවකටවත් කාමරංගා කන්නෙ නැහැ 0 chamaramindMost Senior MemberPosts:13471 26 Sep 2017 01:59 AM පැහැපත් නීරෝගි සමකට පෝෂණීය රහස ලිව්වේ චම්පා වරුසප්පෙරුම මධුර රසයෙන් ප්‍රණීත රස නහර පිනායන ආහාර වේලකටයි අපේ වැඩිම රුචිකත්වය හිමිවන්නේ. නමුත් දිව පිනවන මේ රසයට වඩා ගුණයෙන් පිරිපුන් ආහාර වේලක් අපේ ශරීර පැවැත්මට අත්‍යවශ්‍ය අතර එය බාහිර පෙනුමට ද වැඩි වටිනාකමක් රැගෙන එයි. එබැවින් දේශීය එළවළු, පලතුරු, පලා ආදිය අපේ සම සොඳුරු කරන ආකාරය අපි තවදුරටත් සොයා බලමු. ආහාරයේ වැදගත්කම සාමාන්‍යයෙන් අපි ප්‍රධාන ආහාර වේල් තුනක් ලබා ගන්නෙමු. ඒ අතරට තවත් සැහැල්ලු ආහාර ද ලබාගන්නා අතර මේ සියල්ලෙහි මධුර රසය වැඩි වශයෙන් අන්තර්ගත වේ. එබැවින් මධුර රසය තුළ සැඟ වී ඇති කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන් සහ මේදය අප නිරන්තරයෙන්ම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ශරීරගත කරගන්නෙමු. ඒ හේතුව නිසාම අධික ස්ථුලතාව ඇතුළු තවත් සෞඛ්‍යමය ගැටලු බොහොමයකට මුහුණදීමට අපට සිදුවී තිබේ. එබැවින් අප හොඳින් සිතා බලා උත්සාහයෙන්ම නැවුම් එළවළු, පලතුරු ආහාරයට ගතයුතු අතර ඒ හරහා ශරීරයේ ක්‍රියාකාරී පැවැත්මට අවශ්‍ය විටමින්, ඛනිජලවණ ආදිය ලබා ගතයුතු වේ. විටමින් වර්ග විටමින් A කහ පැහැති එළවළු, පලතුරු බොහොමයක විටමින් ඒ අඩංගු වේ. අපට නිතර ආහාරයට හමුවන වට්ටක්කා, ගස්ලබු, බිත්තර කහමදය තුළ මෙන්ම අද කාලයේ නම් නිතර ඇස නොගැටෙන පලතුරක් වූ ලාවුළු මදය තුළ ද විටමින් ඒ අඩංගුය. සමෙහි වියළි ස්වභාවය මෙන්ම අසාත්මිකතා වළක්වා තෙතමනය සහිත පැහැපත් සමක් හිමිකරදීමට මේ ඒ විටමිනය සමත් වේ. විටමින් B සත්ත්ව පීකුදු, සෝයා කිරි ආදියේ බහුලව දක්නට ලැබෙන විටමින් B උදෑසන හිරුඑළිය හරහා ද අපට ලබාගත හැකියි. සමට සේම අපේ හිසකෙස්වල නිරෝගී වර්ධනය උදෙසා ඉතා වැදගත්වන මේ විටමිනය සමෙහි ආතතිය රැකගෙන (එල්ලා වැටීම) සමට දීප්තියක් ලබාදෙයි. විටමින් E අලිගැටපේර, කොට්ටම්බා මදය, වට්ටක්කා ඇට, මිරිස්, තක්කාලි ආදියෙහි මෙන්ම බොහෝ ධාන්‍ය වර්ගවලත්, එම ධාන්‍ය ඇසුරින් සකස් කළ තෙල් වර්ග ආදියෙත් මෙම විටමින් E අඩංගු වේ. එය සමෙහි වියපත් බව වළක්වා සමෙහි තෙතමනය ආරක්ෂා කරදෙන අතර බාහිර උපද්‍රවවලින් සම රැකදෙයි. විශේෂයෙන්ම සමෙහි දීප්තිය රඳවා, තරුණ බව රැකගන්නට විටමින් E අපූරු මෙහෙයක් ඉටු කරයි. ඉහත සඳහන් කළ A, B, E යන විටමින් තුනම මේද්ර ද්‍රාව්‍ය විටමින ලෙස හැඳින්වේ. අප සකස් කරනා සෑම ආහාර වේලකටම තෙල් ස්වල්පයක්, පොල් කිරි ටිකක් හෝ පොල් මිටක් යොදා සකසා ගැනීම ඉතා වටින්නේ එබැවිනි. මේ බව නොදැන හෝ අතීතයේ ජීවත් වූ අපේ ගෘහණියන් පොල් මිටක් යෙදූ මැල්ලුමක් වැනි දෙයක් තම ආහාර වේලට එකතු කරගැනීමට අමතක නොකළහ. මෙම මේද්ර ද්‍රාව්‍ය විටමින්වලට අමතරව B සහ C යන විටමින් දෙක ද සමට ඉතා වටිනේය. විටමින් B සංකීර්ණය කුරුට්ට සහිත ධාන්‍ය වර්ග (නිවුඩු සහල්, දේශීය සහල් වැනි දෑ) සමඟ යීස්ට් සාරයේ ද විටමින් B සංකීර්ණය අඩංගු වේ. ඊට අමතරව පලා සහ මාළු වර්ගවල ද මෙම විටමිනය දැකිය හැකියි. සිරුරෙහි පැහැය එකම වර්ණයකින් පවත්වා ගන්නටත් සමෙහි ලප, කැළල් සහ විකෘතිතා ආදියෙන් තොරව නීරෝගි සමක් පවත්වාගන්නටත් ඔබට විටමින් B සංකීර්ණය උපකාරී වේවි. විටමින් C ඇඹුල් රසයෙන් යුත් ආහාරවල මෙම විටමින් C දැකිය හැකියි. විශේෂයෙන්ම දේශීය පලතුරු බොහොමයක, එනම් නෙල්ලි, දොඩම්, අඹ, ඇඹරැල්ලා වැනි පලතුරුවල යහමින් මෙම විටමින් C අඩංගුය. ආහාරයක ඇති යකඩ සිරුරට අවශෝෂණය කරගන්නට මෙම විටමින් C උපකාරීවන අතරම එය සමෙහි වර්ණය නිසිලෙස පවත්වාගන්නට ආධාර කරයි. මන්ද විටමින් C ශරීරයට හිඟවීමක දී සමෙහි අඳුරු ලප මතුවන අතර මෙම විටමිනය ලබා ගැනීමෙන් සමෙහි අලුත් සෛල ආරක්ෂා කරමින් ශක්තිමත් නීරෝගි සමක් අපට ලබාදේ. විටමින් B සහ C යනු ජලයේ ද්රාව්යවන විටමින් ලෙස හැඳින්වේ. එබැවින් මෙම විටමින් සිරුරට අවශෝෂණය සඳහා ජලය පානය කිරිම ඉතා වැදගත් වේ. උපදෙස් ආයුර්වේද සහ දේශීය රූපලාවණ්‍ය ක්‍රම පිළිබඳ අධ්‍යාපන පියසේ ආයුර්වේද වෛද්‍ය ආර්. ජී. එස්. සාරංගා ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 50 of 137 << < 4849505152 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner