You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 51 of 137 << < 4950515253 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Sep 2017 02:06 AM

දත් මදින විට හෝ සීතල වතුර ගෑවුණ විට
දත් හිරිවැටීම

දත් මදින විට හෝ සීතල වතුර ටිකක්‌ කටට ගත් විට දත් හිරිවැටෙනවා යෑයි ඇතැම් දෙනා පවසති. මෙලෙස දත් හිරිවැටෙන්නට බලපාන හේතුව කුමක්‌ දැයි කියා විමසා බලමු.

නීරෝගී දතක්‌

නිරෝගී දතක්‌ යනු ජීවමය කොටසකි. එය තුළ ශරීරයේ අනෙකුත් ජීවමය පටකවල මෙන්ම රුධිර සංසරණ පද්ධතිය සහ ස්‌නායු පද්ධතිය හා සම්බන්ධ ශාඛා ජාලයක්‌ ඇත.

දතක මූලික කාර්යය වන්නේ ආහාර කැබලි කර, මිශ්‍ර කිරීමට සහ ජීර්ණය සඳහා උපකාරී කිරීමය. එනිසා දතක්‌ උණුසුමට, සීතලට ඝර්ෂණයට සහ පීඩනයට ඔරොත්තු දීමේ හැකියාවකින් යුක්‌ත වීම අත්‍යවශ්‍යයි.

එනමලය

අපගේ දත්වල මතුපිටට පෙනෙන්නට තිබෙන කොටස (දන්ත මස්‌තිෂ්කය) බාහිරින් ආවරණය වී තිබෙන්නේ ශරීරයේ ඇති ශක්‌තිමත්ම පටකයෙනි. එය එනමලය ලෙස හඳුන්වනවා. මෙය රුධිර සැපයුමක්‌ හෝ ස්‌නායු සැපයුමක්‌ නොමැති අජීවී පටකයකි.

එබැවින් එනමලය හොඳින් ආවරණය වී ඇති දත්වලට එදිනෙදා ජීවිතයේදී වැදෙන, ගැටෙන, ස්‌පර්ශ වන කිසිම දෙයකින් අපහසුවක්‌ දැනෙන්නේ නැහැ.

දන්තිනය

එනමලයට යටින් දතක ජීවී කොටස ආවරණය කරන තවත් ශක්‌තිමත් පටකයක්‌ ඇත. එය දන්තිනයයි. දන්තිනය ද රුධිරය සහ ස්‌නායු සම්බන්ධ නොවන අජීවී පටකයකි.

ස්‌නායු සැපයුමක්‌ නොමැති වුවත් දතක ජීවී කොටස සමඟ ස්‌පර්ශ වන මෙම දන්තින පටකයේ ඇතුල් සීමාවට සම්බන්ධ වී ඇති ස්‌නායු වෙතට උණුසුම හා සිසිලස වැනි සංවේදීතාවයන් පිළිබඳව දැනුම් දීමට සමත් ස්‌නායු කෙළවර මෙම පටකය තුළ ඇත.



දත් හිරිවැටෙන අයුරු

දත් දිරායැම නිසා හෝ දත් ගෙවී යැම නිසා දතක එනමලයට හානි සිදුවී දන්තිනය මතුවී ඇති විට එවැනි තැනක සීතල යමක්‌ ස්‌පර්ශ වූ විට වේදනාවක්‌ ඇතිවේ. එනමලයට හානි සිදුව ඇති ප්‍රමාණය අනුව ඇතිවන වේදනාව අඩු වැඩි වේ. ඒ අනුව උහුලන්න බැරි ආකාරයේ හිරිවැටීමක්‌ මතුවේ.

මෙවැනි අවස්‌ථාවකදී වහාම දන්ත වෛද්‍යවරයෙක්‌ හමුවී ප්‍රතිකාර ලබාගැනීම වැදගත්ය.

වෛද්‍යවරයා විසින් දතේ හානියට ලක්‌වී ඇති ස්‌ථානය හඳුනාගෙන දත් පුරවන ද්‍රව්‍යයක ආධාරයෙන් පිටතට මතුවී ඇති දන්තිනය ආවරණය කරනු ලබයි.

දත් හිරිවැටීමට බලපාන

දන්තින පටකය මතුවන අවස්‌ථා

දත් දිරායැම, වැඩි බලයක්‌ යොදා දත් බුරුසුවෙන් දත් මැදීම, දත් කුඩු සිහින් වැලි හෝ ප්‍රමිතියකින් තොර දත් බෙහෙත් වලින් දත් මැදීම, පුරුද්දක්‌ ලෙස පැණි බීම හා කෝලා බීම පානය, ආමාශයික යුෂ මුඛයට නිතර පැමිණීම වැනි කරුණු ද දන්තින පටකය මතුවීමට බලපායි.

සංස්‌කරණය
උපාලි ද සේරම්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Sep 2017 02:13 AM

මතක ශක්‌තිය වැඩිකරන කජු...


උදාවන හැම වසරකම භාග්‍යයෙන් පිරි බක්‌ මාසයේත් වෙසක්‌ මාසයේත් කජු වාරය උදාවෙති. එම දෙමස තුළ ලංකාවේ කජු ඵල හටගෙන එහි අස්‌වනු ලැබිය හැකි වෙති. කජු පුහුලන් මෙන්ම කජු මද ද ඉතා මිහිරි රසය ගෙන දෙන පලතුරකි.

එක්‌ වර්ගයක්‌ කහපාටින් යුතු වන අතර අනෙක්‌ වර්ගය රතුපාටින් යුක්‌තය. කජු පුහුලන් කඩා එහි ඇටය ගලවා අයින්කර පුහුලන් පිහියෙන් දිග අතට තීරුවලට කපා ලුණුවතුරින් තෙමා අනුභව කරනු ලැබේ. එහි ඇට ගලවා වියළා කල්තබාගෙන එම ඇට කබලෙන් බැද හෝ පුළුස්‌සා හෝ ඇට තලා මදය ඉවත් කර කජු මද හකුරු සමග කෑමට යොදා ගනු ලැබේ. අමු කජු නාඹර කඩා පිහියෙන් හරි මැදින් පලා දෙපළුකර කජුමදය ගෙන කජුමද වෑංජන සාදා අනුභවයට ගනු ලැබේ. කජුවලින් බැදුම් සම්බල්ද සකස්‌ කර ආහාරයට ගනු ලබති. අප්‍රියෙල් මස අවුරුදුදා අවුරුදු කෑම මේසයට තබන හත්මාළුවට කජුමද මූලිකවම ගැනේ. සබරගමුව පළාතේ කජුමද මූලික වූ හත් මාළුව රත්නපුරයට නම් අනිවාර්ය වූ සංස්‌කෘතික උරුමයකි. අවුරුද්දටම එක්‌ වාරයක්‌ පමණක්‌ හටගනු ලබන හෙයින් ඉතා මිහිරි කජු පලතුර හැමදෙනාම කෑමට ප්‍රිය කරති. හොඳට ඉදුනු කජු පුහුලන් බිම වැටුණොත් තැලෙන බැවින් ප්‍රවේශම් සහිතව කඩා ගත යුතුය. බාගයට ඉදුණු පුහුලන් ආහාරයට ගත් අයට උගුරේ සාමාන්‍ය කසන ගතියක්‌ද ඇතිවේ.

මංගල උත්සව වලදී මංගල භෝජන ශාලාවේ මංගල කෑම මේසයේ ඈත යුගයේත් මෑත යුගයේත් අනිවාර්යයෙන්ම දැකීමට සහ ආහාර අනුභවයේදී රසවිඳීමට කජු වෑංජනය වරදින්නේ නැත. වර්තමානයේ වෙළෙඳපොළේ කජුටොපිද දැක ගැනීමට ඇත. දොදොල් සෑදීමේදී කජුමද යොදා ගනිති. එම නිසා කජු මද යොදාගත් දොදොල් මිහිරි රස දනවති. කජු පුහුලන් යුෂයෙන් ශාරීරික ශක්‌තීන් ලබාදෙති. ශරීරයේ සෝබමාන ගති ලක්‌ෂණ පහළ වෙති. එහි පැණි රස ගුණයත් සෞම්‍ය ගුණයත් ඌෂ්ණ වීර්ය සහ සම ශීතෝෂ්ණ ගුණයත් ර¹ පවතී. වෙළෙඳපොළේ වර්තමානයේ කජු මද ග්‍රෑම් පන්සීය, කිලෝව වශයෙන් ගැනීමට සකස්‌ කර තිබෙනු දක්‌නට ලැබේ.

පුහුලන් පැණි උරණ කජුගස්‌ රොද අස්‌සේ
කෑ මොර හඬ නඟයි වවුලන් රෑ තිස්‌සේ
එළිවෙන පැයේ හුල්එළිවල එලි ඔස්‌සේ
අහුලයි කොල්ලො කජු ඇට ලඩ ගම් පියසේ


කජු ගස්‌වල පල හට ගන්නා සමයේ මුළු රෑ මුළුල්ලේම වවුලන් කජු පුහුලන්වල පැණි උරා බීලා හපකරන ලද පුහුලේ ලඩය කජු ඇටය සමග බිම හෙළන්නේය. එසේ බිමට වැටුණු ලඩය සහිත කජු ඇට ගමේ කොලු කුරුට්‌ටන් හුලු එළි සාදාගෙන එළිවන යාමයේ කජු ගස්‌ යටට ගොස්‌ කජු ලඩ ගලවා දමා කජු ඇට එකතු කරන්නේය. අහුලා ගන්නේය. පසුව එකතු කරගත් කජු ඇට වියළා ගෙන කිලෝ ගණනට වෙළෙඳුන්ට අලෙවිකර මුදල් ලබා ගන්නේය. මෙම කජු ගස්‌ ශීතල දේශගුණය පවත්නා ප්‍රදේශවලත් තද වියළි ගතිය පවත්නා ප්‍රදේශවලත් වැවෙන්නේ නැත. සම ශීතෝෂ්ණ දේශගුණය පවතින ප්‍රදේශවල වැවෙනු ඇත. දකුණු පලාතේ බෙලිඅත්ත, වීරකැටිය, වලස්‌මුල්ල, හක්‌මණ, වලස්‌ගල, විතාරන්දෙණිය, මුල්කිරිගල, කිරම යන ප්‍රදේශවල බහුල ලෙස වැඩෙති. එම ප්‍රදේශවලින් කජු සමයේ කජු ඇට ලොරි ගණන් කොළඹ වෙළෙඳ පොළට ප්‍රවාහනය කරති.

කජු නාඹර ඇට කජු පුහුලන් සහිත ඇට වවුලන්ගෙන් ගිරවුන්ගෙන් ලේනුන්ගෙන්, රිලවුන්ගෙන් ප්‍රවේශම්කර ගැනීම ඉතා අසීරු කාර්යයකි. කජු ගස්‌ වලට හඬ නඟන ටක සවිකර සතුන් එලවීමට ගම්වැසියෝ යුහුසුළු වෙති.

ආයුර්වේදයට නැඹුරුව බැලීමේදී කජුවලින් නිවාරණයට ඉවහල් වන ගුණාත්මකභාවය,

ශාරීරික ධාතු පෝෂණය වැඩි කිරීම, ශරීර ශක්‌තිය ශරීර වර්ණය ගෙනදීම, ධාරණ ශක්‌තිය වැඩි වීම, මතක ශක්‌තිය වැඩිකිරීම කජුවල ගුණාත්මකභාවය ලෙස සඳහන් කළ යුතු වේ.

ස්‌ත්‍රී පුරුෂ දෙපéයේම හෝමෝනවල ක්‍රියා කාරිත්වය වැඩිවීමට උපකාරී වේ.

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ පලතුරු සංවර්ධන වැඩසටහනට දිරිදීමක්‌ ලෙස මෙම ලිsපිපෙළ ලියා පළ කරන ලදී.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Sep 2017 02:20 AM

ඇල්සයිමර් සහ පාකින්සාව
සුවයට ප්‍රතිකාර තිබේ...


* ඇල්සයිමර් රෝගයට වඩා පාකින්සාව
  භයානක තත්ත්වයකි



පාකින්සන් රෝගය ඇතිවන්නේ මොළයේ සෛල දුර්වල වීමෙනි. මොළය අධික ලෙස වෙහෙසවන අයට වැළඳෙන තත්ත්වයක්‌ ලෙසින් පෙන්වා දීමේ හැකියාව තිබේ. මනසට පුංචි හෝ විවේකයක්‌ නොලබා අධික පීඩාවකින් යුතුව කාර්යාල කාර්යයන්හි නිරත වීම, අධික දුම් පානය, අධික මත්පැන් පානය නිරත අයට රෝගය ඇතිවීමේ හැකියාව ඉහළය.

පාකින්සන් රෝගය ඇතිවීමට පෙර හඳුනාගත හැකි රෝග ලéණ කිහිපයක්‌ තිබේ. එනම් අතේ ඇඟිලි හිරිවැටීම, පාදයේ හෝ ඇඟිල්ලක හිරි ගතිය, එක්‌ පාදයක හෝ එක්‌ අතක මුලින්ම වෙවුලන ගතිය ඇතිවීම පෙන්වා දීමට පුළුවන. රෝගය මුලින් හඳුනාගත නොහැකි වීම මත උග්‍ර වීමේදී බෙල්ල හෙල්ලෙන්නට පටන් ගන්නවා ඇත. එය ඉබේ සෙලවීම ක්‍රමයෙන් පාද දෙකටම විහිදී යැමට පුළුවන.

මෙම තත්ත්වය වයස අවු 35-40 වැනි වයස කාණ්‌ඩවලින් පසු ඇතිවීමේ හැකියාව ඇත. කාන්තා පුරුෂ ලෙසින් රෝගයට භේදයක්‌ නැත. එහෙත් පිරිමින් අතර වැඩිපුර දක්‌නට ලැබෙන්නේ පිරිමින් අධික ලෙස මත්පැන් පානය සහ දුම්පානයට අබ්බැහිවීම නිසාවෙනි.

මුළු සිරුරම ගැහෙනවා වැනි වූ මෙම රෝගී තත්ත්වයට ඖෂධ නොමැති බවට සමාජය පුරා කථාබහක්‌ පැතිරී ගියද එහි සත්‍යතාවක්‌ නොමැති බව පෙනෙන්නේ දේශීය ආයුර්වේදයේ සාර්ථක ප්‍රත§කාර ක්‍රම තිබෙන නිසාවෙන්ය.

ඉතාම අතීතයට දිවෙන පැරණි ත්‍රිශූත්‍ර වි"a"dණ වේදයට අයත් පොත්පත්වල ප්‍රබල ස්‌නායු රෝගයට අයත් වන රෝග වෙනුවෙන් ඖෂධ සටහන්කර තිබීමේදී පෙනෙන්නට තිබෙන්නේ පාකින්සන් රෝගයට අතීතයේ සිට ප්‍රතිකාර කර ඇති බවත්ය.

ඇල්සයිමර් රෝගය බොහෝ වේලාවට ඇති වන්නේ වයස්‌ගතවීමත් සමගය. මනසේ ඇතිවන අඩු ලුහුඬුතා නිසාවෙන් රෝගය ඇති වන්නේය.

මනසේ සෛල අප්‍රාණිකවීම මත අමතක වීම වැනි තත්ත්වයක්‌ ඇතිවීමේදී ඇල්සයිමර් රෝග තත්ත්වය සඳහාද ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රම පිළිබඳ පුරාණ දේශීය ආයුර්වේද පොත පතෙහි සඳහන්ව ඇත.

ඖෂධ, පානයට මෙන්ම ආලේප කිරීමට ලෙසින් වෙන්වී තිබේ. මාංශ පේශි ලිහිල් කිරීමට මෙයින් ලබාදෙන තෙල් සාත්තුව වඩා වැදගත් වන්නේ සිරුරට ඖෂධ ඉක්‌මනින් උරා ගැනීම නිසාවෙනි.

පාකින්සන් රෝගය මෙන්ම ඇල්සයිමර් රෝගය නිසාවෙන් පීඩා විඳින පිරිසක්‌ සිටින බව පෙනෙන්නේ එවැනි වූ රෝගීන් සමාජය තුළ දක්‌නට ඇති නිසාවෙනි.

එවැනි වූ රෝගියෙක්‌ නිවෙසක සිටීම තුළ නිවැසියන්ට ඒ හරහා වන බලපෑම සුළුපටු නොවේ. මෙවැනි කාරණා හමුවේ පාකින්සන් රෝගය මෙන්ම ඇල්සයිමර් රෝගය වෙනුවෙන් සාර්ථක ප්‍රතිකාරයක්‌ තිබීම සැබවින්ම සතුටට කරුණකි. දේශීය වෙදකමේ බලය නැවත නැවතත් සමාජය හමුවේ පෙන්විය හැකි හොඳම අවස්‌ථාවකි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Sep 2017 02:27 AM

තරුණ පරම්පරාව කොඳු ඇට පෙළ ආශ්‍රිත
රෝගවලට ගොදුරු වීම වැඩිවෙලා...

නොසිතා කරන වැරදි රෝගයට හේතු වී තිබෙයි


පල්ලේවෙල වෙද පරම්පරාව, රජ සමය දක්‌වා අතීතයට දිවෙන වෙද පරම්පරාවකි. පල්ලේවෙල ආර්. ඩී. රන්හාමි වෙද මහතා පල්ලේවෙල වෙද පරම්පරාවේ නමක්‌ දිනාගෙන සිටි වෙදමහතෙකි. ගෙඩි, වණ, පිළිකා, කැඩුම්, බිඳුම්, සර්ප විෂ වැනි දෙයට දක්‍ෂතා දක්‌වන පල්ලේවෙල වෙද පරම්පරාවේ හතර වැනි පරම්පරාව නියෝජනය කරන්නේ ඩී. ඩී. එස්‌. ප්‍රේමසිරි මහතාය. ප්‍රේමසිරි මහතා ආර්. ඩී. රන්හාමි මහතාගේ මුණුබුරෙකු වන අතර පල්ලේවෙල වෙද පරම්පරාවේ අදවන විට දක්‍ෂතා දක්‌වන දක්‍ෂ වෛද්‍යවරයෙක්‌ ලෙසට නමක්‌ දිනාගෙන සිටී.

පරම්පරාවෙන් ලැබුණු දැනුමට අමතරව ආයුර්වේද ශාස්‌ත්‍රීය විභාගය සමත් කර සිටින ඩී. ඩී. එස්‌. ප්‍රේමසිරි මහතා සර්වාංග වෙදකමට දක්‍ෂතා දක්‌වන්නේය. සර්වාංග රෝග අතුරින් ආතරයිටීස්‌, වාත රෝග වෙනුවෙන් පල්ලේවෙල වෙද පරම්පරාවටම ආවේණික වු ඖෂධ වර්ග පිළිබඳ පුරාණ පොත්පත්වලට සටහන්ව ඇති ඖෂධ වර්ග භාවිත කිරීම තුළ ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බව ඔහු අත්දැකීමෙන් පෙන්වා දෙන්නේය.

කොළඹ ගුණසිංහපුර බෝධිරුක්‌ඛාරාමයේ විහාරයට අමතරව ප්‍රදේශකිහිපයක ඔහු වෙදකම් කිරීමේ නිරතව සිටින්නේය.

කාර්ය බහුල ජීවන රටාව හමුවේ කෂාය වර්ග පානයට මිනිසුන් දක්‌වන අකැමැත්ත හමුවේ සකස්‌ කළ ඖෂධ මගින් ප්‍රතිකාර සඳහා යොමු වී සිටින ප්‍රේමසිරි මහතා රෝග සුවය වෙනුවෙන් තෙල් වර්ග යොදා ගැනීමේ වැදගත්කම පිළිබඳ කරුණු පහදා දෙන්නේය.

ආයුර්වේදයට අනුව ශරීරය, මනස සහ ආත්මය සම්බන්ධ කර මිනිසාට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය ක්‍රමය සැකසී තිබේ.

පඨවි (ගණ) ආපෝ (ද්‍රව) තේජෝ (ශක්‌තිය) වායෝ (වායු ස්‌වභාවය) සහ අවකාශ (අල්ලන ප්‍රමාණය) අනුව විශ්වයේ සෑම දෙය සැකසී තිබේ.

සිරුර නිර්මාණයේදී වාත, පිත සහ කප යන ත්‍රිදෝෂවල වෙනස්‌ කම් මත ලෙඩ හැදෙන බවට පෙන්වා දෙනු ලැබේ. ත්‍රිදෝෂවල වෙනස්‌ කම් ඇතිවීමට ඉහත කාරණා බලපාන අතර එම කාරණා නොවෙනස්‌ව පවත්වා ගැනීම තුළ නිරෝගී ජීවිතයක්‌ ගත කිරීමේ හැකියාව ලැබේ.

මිනිස්‌ සිරුර ගෙන බැලීමේදී ත්‍රිදෝෂයන්ගෙන් මූලික කාරණාව වන වාත යනු වේදනාවයි. ස්‌නායු සම්බන්ධ ආවේගයන්, චලනයන් මේ යටතට ගැනේ.

දෙවැන්න පිත - දිරවීම හා සම්බන්ධ හෝර්මෝන වැනි දෙය, පරිවෘත්තීය ක්‍රියා දැවිල්ල වැනි දෙය මෙයට අයත් වේ. උදරයේ ආහාර දිරවීම හා සම්බන්ධ ක්‍රියාවලිය, එන්සයිම ක්‍රියාවලිය මෙයට අයත්ය.

කප තුන්වැන්නයි - ශරීයේ දියර ස්‌වභාවය, සෙම්ප්‍රතිශ්‍යාව කබ, කඳුළු කෙළ වැනි දේ මේ යටතට ගැනේ.

රෝගී නොවි නිරෝගීව ඉන්නට ත්‍රිදෝෂ නිවැරදිව තබා ගන්නට නම්,

ආහාර, විහරණ වැනි වත් පිළිවෙත් දිනපතා චර්යාවන් වැනි දේ නියමාකාරයෙන් පවත්වා ගැනීමට වෙහෙස ගත යුතුය.

නවීන සමාජයේ තරගකාරී ජීවිතය, ක්‍ෂණික ආහාර, රසායනික පදාර්ථ, තෙල්, රස කාරක, සීනි, ලුණු අධික ආහාර මෙන්ම කෘත්‍රිම ආහාර පාන සඳහා යොමු වී සිටීමේදී නිරෝගී ජීවිත රෝගී වීමට වැරදි ආහාර රටාව ප්‍රධාන කාරණාවක්‌ වී තිබේ.

වැඩිපුර තෙල් ආහාර මෙන්ම රතුපාට මස්‌ වර්ග වැඩිපුර ආහාරයට ගැනීම නිරෝගී දිවි පෙවෙතකට සුදුසු නැත. මධ්‍යසාර පානය, දුම්පානය නිරෝගී ජීවිත රෝගී කරන්නේය.

අද වන විට රැකියාවද නිරෝගී ජීවිත රෝගීන් බවට පත්කර තිබෙන බවක්‌ පෙනේ. එයට හේතු වී තිබෙන්නේ වැරදි ඉරියව් පවත්වා ගැනීමයි. ඔරොත්තු නොදෙන ලෙස බර එසවීම, දහවල නිදා ගැනීම, නිදි වැරීම, වැරදි ව්‍යායාමවල යෙදීම, කොඳුඇට පෙළ හා සම්බන්ධ රෝගවලට හේතු වී ඇති බව පෙනෙන්නේ තරුණ පරම්පරාව වැඩිපුර කොඳුඇට පෙළ ආශ්‍රිත රෝග පීඩාදියෙන් පීඩා විඳීම නිසාවෙනි.

කොඳුඇට පෙළෙහි කොඳුඇට දෙකක්‌ අතර ජෙල් වැනි කොටසක්‌ තිබේ. වැරදි ඉරියව් මත, වැරදි ක්‍රියා කලාපයන් මත මෙම ජෙල් කොටස කොඳුඇට පෙළින් ඉවතට පැනීමේදී එය කොඳුඇට පෙළ හරහා යන ස්‌නායුවලට බලපානු ලැබේ. එවිට ස්‌නායු තෙරපීමට පටන් ගනී. ඉන්පසු වේදනාවක්‌ ඇතිවේ.

තරුණ අය අතර මෙම කොන්දේ වේදනාවට හේතුව වැරදි ඉරියව් සහ වැරදි ක්‍රියා පිළිවෙත් බව දන්නේ අත්දැකීමෙනි. ස්‌නායු තෙරපුම මත ඇතිවන වේදනාව මඟහරවා ගැනීමට ඖෂධ ප්‍රතිකාර තිබේ. නැවත එම තත්ත්වය ඇති නොවීමට අවශ්‍ය උපදෙස්‌ ලබාදීමේදී ඒ අනුව කටයුතු කළ යුතු වන්නේ මේ සඳහා වැරදි ඉරියව්වල බලපෑම ඒ තරමටම බලපාන නිසාවෙනි.

රෝගී වූ කොඳු ඇට පෙළ තෙල් ආලේපයෙන් තැවීමෙන් පසු ඒ සඳහා උචිත ව්‍යායාම ක්‍රම තිබේ. ව්‍යායාම මගින් කොඳු ඇට දෙකක්‌ අතර පිටතට පැමිණි ජෙල් වැනි කොටස නැවත යථා තත්ත්වයට පත්වන අතර ස්‌නායු තෙරපුම නැති වී යන්නේය.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Sep 2017 02:38 AM

වකුගඩු රෝග හඳුනා ගැනීම

වකුගඩු පටකවලට දිගින් දිගටම හානි සිදුවීම සමඟ වකුගඩුවල කාර්යක්‌ෂමතාව ක්‍රමයෙන් අඩුවේ. විෂ ද්‍රව්‍ය පෙරා ඉවත් කිරීමේ හැකියාව දුබල වේ. මේ නිසා නයිට්‍රජනීය අපද්‍රව්‍ය රුධිරයේ එකතුවන්නට පටන් ගනී. සාමාන්‍යයෙන් රුධිරයේ යූරියා ප්‍රමාණය ඩෙසිලීටරයට 7-20 අතර ප්‍රමාණයේ පවතී. එම අගය 45 මට්‌ටම ඉක්‌ම වූ පසු බාහිර ක්‍රමවේදයකින් රුධිරය පිරිසිදු කිරීම අවශ්‍ය වේ.

වකුගඩු රෝගය සෑදී ඇති බව බොහෝ දෙනා දැනගන්නේ අහම්බෙනි. මාස කීපයක සිට දැනෙන මහන්සිය, තෙහෙට්‌ටුව, නින්ද නොයැම වැනි අපහසුතාවන් පිළිබඳව ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයකු හමුවූ විට එවැනි අය රුධිර පරික්‌ෂාවට මුලදීම යොමුකරයි. මෙම රුධිර පරීක්‌ෂාවෙන් වකුගඩු රෝග ලක්‌ෂණ මතුවී තිබේදැයි හඳුනා ගැනීමට පුළුවන. මේ අතර කකුල් ඉදිමීම නිසා එම රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගැනීමට පැමිණි විට එම රෝගීන්ගේ රුධිරය පරීක්‌ෂා කිරීමෙන්ද වකුගඩු රෝග ලක්‌ෂණ හඳුනාගත හැකිය. කකුල් ඉදිමීම වකුගඩු රෝගයේ එක්‌ බාහිර ලක්‌ෂණයකි. මුත්‍ර පරීක්‌ෂා කිරීමෙන්ද වකුගඩු රෝගයේ ලක්‌ෂණ හඳුනාගත හැකිය.

වකුගඩු රෝගය හඳුනාගැනීම

රුධිරයේ ඉහළ ක්‍රියෑටිනින් මට්‌ටමක්‌ ඇති බව තහවුරු වුවහොත් ඒ සමඟම මුත්‍රාවල ඇල්බියුමින් හා ක්‍රියෑටිනින් අනුපාතය මැන බැලීමේ පරීක්‌ෂාවක්‌ සිදුකරයි. ඒ සඳහා උදැසන පිටකරන මුත්‍ර පරීක්‌ෂාවට යොමුකළ යුතුය. ඊළඟට රෝගියාගෙන් විස්‌තර දැනගැනීමෙන් ද, රෝග පරීක්‌ෂාවෙන් ද, රුධිර පරීක්‌ෂාවෙන් ද කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු රෝගියාට ඇත්තේ කෘෂිකාර්මික වකුගඩු රෝගයක්‌ ද යනුවෙන් තේරුම් බේරුම් කරගත හැකිය. රෝගියා තරුණ වයසේ අයකු නම් එම පවුලේ ඥතියකුට වකුගඩු රෝගය තිබේ නම් තවදුරටත් රෝගියා පිළිබඳ නිවැරදි නිගමනයක්‌ ගැනීම සඳහා බයොප්සි පරීක්‌ෂණයකට එනම් තුනී ඉඳිකටුවක්‌ වැනි උපකරණයක්‌ සම තුළින් ඇතුළට යවා වකුගඩුවේ ඉතා කුඩා කොටසක්‌ ලබාගෙන එය අන්වීක්‌ෂීය පරීක්‌ෂාවකට භාජනය කිරීමෙන් වකුගඩුවේ තත්ත්වය පිළිබඳ නිවැරදි අවබෝධයක්‌ ලබාගත හැකිය. විශේෂයෙන් මේ පරීක්‌ෂණය මඟින් වකුගඩුවේ වෘක්‌කාණුවල කවර කොටසකට හානියක්‌ වී තිබේදැයි හඳුනාගත හැකිය.

ප්‍රතිකාර

දිගුකාලීන වකුගඩු රෝගයකදී බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සිදු කෙරෙනුයේ ''බෝලය එන එන හැටිය පහරදීමක්‌'' ලෙස හඳුන්වා දීමට පුළුවන. රුධිර පීඩනය වැඩිවන විට එයට ප්‍රතිකාර කරයි. කොලොස්‌ටරෝල් වැඩිවන විට ඊට ප්‍රතිකාර කරයි. විටමින් ඩී අඩුවන විට විටමින් ලබාදෙයි. යූරික්‌ අම්ලය වැඩිවන විට ඒ සඳහා ඖෂධ ලබාදෙයි. යකඩ හෝ හිමොග්ලොබින් අඩුවන විට ඒ සඳහා ඖෂධ ලබා දෙයි. නමුත් වකුගඩු කුට්‌ටම දිනෙන් දින රෝගී වේ. යටකී සියලු ආබාධ මනාව කළමනාකරණය කිරීමෙන් වකුගඩු රෝගයේ උග්‍රවීම පමාකරනු ලබයි.

වකුගඩු පටකවලට දිගින් දිගටම හානි සිදුවීම සමඟ වකුගඩුවල කාර්යක්‌ෂමතාව ක්‍රමයෙන් අඩුවේ. විෂ ද්‍රව්‍ය පෙරා ඉවත් කිරීමේ හැකියාව දුබල වේ. මේ නිසා නයිට්‍රජනීය අපද්‍රව්‍ය රුධිරයේ එකතුවන්නට පටන් ගනී. සාමාන්‍යයෙන් රුධිරයේ යූරියා ප්‍රමාණය ඩෙසිලීටරයට 7-20 අතර ප්‍රමාණයේ පවතී. එම අගය 45 මට්‌ටම ඉක්‌ම වූ පසු බාහිර ක්‍රමවේදයකින් රුධිරය පිරිසිදු කිරීම අවශ්‍ය වේ.

කෘෂිකර්මික වකුගඩු රෝගීන් ගැන සළකා බලන විට රුධිරයේ මෙම මට්‌ටමට යූරියා වැඩිවන විට එවැනි රෝගීන්ගේ වෘක්‌කාණුවලින් පෙරීමේ ශීඝ්‍රතාවය මිනිත්තුවට මිලිලීටර් පහේ මට්‌ටමත් වඩා අඩුවේ. මෙවැනි අවස්‌ථාවල ඇතැමුන්ගේ පෙනහලු ඉදිමීමට ද ඉඩ තිබේ. රුධිරයේ පොටෑසියම් අයන ප්‍රමාණය අසාමාන්‍ය ලෙස ඉහළ යයි. එවැනි අවස්‌ථාවක කළයුතු ප්‍රතිකර්මය වන්නේ රුධිර කාන්දුකරණය කිරීමයි.

රුධිර කාන්දුකරණයේදී සිදුවන්නේ යන්ත්‍රයක්‌ මගින් රුධිරය පිරිසිදු කිරීමයි. මෙය පහසුවෙන් කළහැකි දෙයක්‌ නොවේ. රුධිරය පිරිසිදු කිරීමට නම් ශරීරයේ රුධිරය යන්ත්‍රයට ගත යුතුය. මෙහිදී අතේ ශල්‍යකර්මයක්‌ සිදුකිරීමෙන් එකතු කරන ධමනි, සිරා මූට්‌ටුවකින් ශරීරයේ අපිරිසිදු රුධිරය යන්ත්‍රයටත්, යන්ත්‍රයෙන් පිරිසිදු කරනු ලබන රුධිරය නැවත ශරීරයටත් රුධි හුවමාරුව සිදුකරයි. මේ සඳහා පැය 4 සිට පැය 8 ක්‌ දක්‌වා කාලයක්‌ ගතවේ. රෝගියාගේ රෝගයේ ස්‌වභාවය අනුව මේ ක්‍රියාව සතියකට වරක්‌ දෙවරක්‌ හෝ තුන්වරක්‌ සිදුකරනු ලැබේ. සැබවින්ම ''රුධිර කාන්දුකරණය' යනු ප්‍රතිකාරයක්‌ නොවේ. මරණයට කැපවී සිටින රෝගියකුගේ මරණය පමාකිරීම මෙයින් සිදුකෙරේ.

රුධිර කාන්දුකරණයට සමාන තවත් රුධිරය පිරිසිදු කරන ක්‍රමයක්‌ ඇත. ''පරිතාණ කාන්දුකරණය'' නමින් මෙය හඳුන්වයි. මෙහිදී සිදුකෙරෙනුයේ උදර කුහරයට ඇතුළු කරන කැතීටරයක්‌ මාර්ගයෙන් ද්‍රdවණයක්‌ හඳුන්වා දී රුධිරයේ ඇති අපද්‍රව්‍ය උරාගැනීමෙන් පසු එය පිටතට ගෙන ඉවත් කිරීමයි. මේ ක්‍රමය කීපවරක්‌ සිදුකිරීමෙන් රුධිරය පිරිසිදු වේ. රුධිර කාන්දුකරණයට සාපේක්‌ෂව පරිතාණ කාන්දුකරණය මිල අඩු ක්‍රමවේදයක්‌ වුවද එහි කාර්යක්‌ෂමතාව අඩුය. බැක්‌ටීරියා ආසාදන ඇතිවීමේ සම්භාවිතාව ඉහළය.

දිගුකාලීනව පවතින වකුගඩු අකරණීය රෝගයට බටහිර වෙදකමේ ඇති නිශ්චිත ප්‍රතිකාරය වකුගඩු බද්ධයයි. රෝගී වූ වකුගඩු ශරීරයේ එසේම තිබියදී කාර්යක්‌ෂමතාවක්‌ ඇති වකුගඩුවක්‌ බද්ධ කිරීම මෙහිදී සිදුවේ. වකුගඩුවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයෙන් 30% ක්‌ තිබුණත් ජීවත් වීමට ගැටලුවක්‌ නැත. මේ නිසා වකුගඩු දෙකෙන් එකක්‌ දන් දුන් පුද්ගලයාට හානියක්‌ සිදුවන්නේ නැත.

බද්ධ කිරීම සඳහා දෙවැදැරුම් ක්‍රමයකට වකුගඩු ලබා ගනී. ඥතීන් හෝ ඥතීන් නොවන කෙනෙකුගෙන් වකුගඩුවක්‌ ඉල්ලා ගැනීම එක්‌ ක්‍රමයකි. පුද්ගලයකු මියගිය සැණින් වකුගඩු පටක මියයැමට පෙර වකුගඩු ලබාගෙන අදාළ රෝගියාට බද්ධ කිරීමය. හදිසි අනතුරකින් මරණයට පත්වූවත් හෘදය තවමත් ක්‍රියාකරන පුද්ගලයකුගේ වකුගඩු ලබා ගැනීමට මෙහිදී ප්‍රමුඛතාව ලැබේ. මේ කුමන ආකාරයකට වකුගඩුව ලබා ගත්තත් වකුගඩු දෙන්නාගේත් ලබන්නාගේත් රුධිර ගණ සහ HLA නමින් හඳුන්වන රුධිර ගැළපීම අනිවාර්ය අවශ්‍යතාවකි. වකුගඩු බද්ධයේදී මතුවන එක්‌ ප්‍රධාන ගැටලුවක්‌ වන්නේ බද්ධ කළ වකුගඩුව ග්‍රාහකයාගේ ශරීර ක්‍රියාකාරීත්වයෙන් ප්‍රතික්‌ෂේප කිරීමයි. එය පාලනය කිරීමට ග්‍රාහකයාගේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය දමනය කිරීමට අදාළ ඖෂධ ලබාදෙයි. එවිට ශරීරයේ ප්‍රතිශක්‌තිකරණය අඩුවන නිසා ආසාදන ඇති වීමේ සම්භාවිතාව ඉහළ යයි.

සංස්‌කරණය
උපාලි ද සේරම්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
26 Sep 2017 08:28 AM
වකුගඩු අමාරුව ගැන නං කියලා වැඩක් නෑ. ඒ වේදනාව තරම.
දැනට අවුරුදු 3ට විතර කලින් මගෙත් වකුගඩු වල ප්‍රශ්නයක් හින්දා කාලයක් බේත් ගන්න වුනාකුරුනෑගල මහ රෝහලින්.
දැන් නම් එහෙම ගැටලුවක් නෑ.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Sep 2017 07:45 PM

https://i.imgsafe.org/b0/b0fab9c8d1.jpeg

https://i.imgsafe.org/b0/b0fab83457.jpeg

https://i.imgsafe.org/b0/b0fb53bb39.jpeg

https://i.imgsafe.org/b0/b0fb59489c.jpeg

https://i.imgsafe.org/b0/b0fbf53de4.jpeg

https://i.imgsafe.org/b0/b0fc0291f4.jpeg

https://i.imgsafe.org/b0/b0fc900f35.jpeg

https://i.imgsafe.org/b0/b0fca420a9.jpeg

https://i.imgsafe.org/b0/b0fd029eed.jpeg

https://i.imgsafe.org/b0/b0fd31303f.jpeg

https://i.imgsafe.org/b0/b0fd8920ad.jpeg

https://i.imgsafe.org/b0/b0fdca339a.jpeg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Sep 2017 05:47 PM

ඉහළක සිට වැටුණු අයෙකුට ප්‍රථමාධාර දීම


අනතුරකට හෝ අසනීප තත්වයකට පසු ලක්වූ අයෙකුගේ පළමු පැය හදුන්වන්නෙ රන් පැය (GOLDEN HOUR) ලෙසිනි.

එයින් පළමු විනාඩි 10 අප හදුන්වන්නෙ පලැටිනම් විනාඩි 10 (PLATINUM 10 MINUTES) ලෙස හඳුන්වනු ලැබේ‍.

එබැවින් මෙම කාලයේදී අනතුරට ලක්වූ අයට ලබාදෙන ප්‍රථමාධාර ඉතා වැදගත්ය‍.

ඉහළක සිට පහතට ඇද වැටුණු අයෙකුට නිසි ලෙස ප්‍රථමාධාර ලබාදී රෝහලකට ගෙන නොගියහොත් ඔහු ජීවිත කාලයටම ආබාධිතයෙකු වීමට ද ඉඩ තිබේ. එබැවින් එවැනි අවස්ථාවක මෙසේ කටයුතු කිරීම වැදගත් වේ.

උසකින් වැටුන අයෙකු එසවීමේදී හිස, ගෙළ සහ කද එක ඒකකයක් සේ තබා ඔසවන්න. චලනයන් අවම කරන්න. රෝගියා රැගෙන යාහැකි සුදුසු වාහනයක ආරක්ෂිතව තබා රෝහලක් වෙත ගෙන යන්න. මෙමගින් අනතුරෙහි බරපතල තත්වය අවම කළ හැකිය.

ඔබ ක්‍රියාත්මක වන මුල් විනාඩි 10 මෙලෙස ඔවුන්ගේ මුලු ජීවිතයටම බලපානු ඇත.

කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා‍

සටහන - ඩයනා  උදයංගනී

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Sep 2017 05:58 PM

යහපත් ජීවන රටාවකින්
සුවදායි දිවියක්‌


ඔබ දන්නවාද?

දිනකට සිදුවන සෑම මරණ දහයකටම හයක්‌ හෝ හතක්‌ සිදුවන්නේ බෝ නොවන රෝග හේතුවෙනි.

ප්‍රධාන බෝ නොවන රෝග මොනවාද?

* හෘදයාබාධ

* ආඝාතය (අංශභාගය)

* අධික රුධිර පීඩනය

* දියවැඩියාව

* පිළිකා

* නිදන්ගත ශ්වසන රෝග

බෝනොවන රෝග

* එක්‌ අයකුගෙන් තවත් අයකුට බෝ නොවේ

* අවදානම් චර්යා හේතුවෙන් පසු කාලීනව වැළඳිය හැකිය.

* දීර්ඝකාලීන සංකූලතා ඇති කිරීමට හේතුවේ

බෝ නොවන රෝග සෑදීමට තුඩු දෙන්නා වූ අවදානම් චර්යා

* හිතකර නොවන ආහාර

* ක්‍රියාශීලී නොවීම

-*දුම්බීම හා මද්‍යසාර පානය

අධික භාවිතයට නුසුදුසු ආහාර

* පිටි සහිත ආහාර (උදා( පාන් පිටිවලින් සැකසූ ක්‍ෂණික ආහාර)

* තෙල් අධික ආහාර (උදා( සම ඉවත් නොකළ මස්‌, තෙලෙන් බදින ලද ආහාර වර්ග)

භාවිතය සඳහා අසංතෘප්ත මේද (එළවළු තෙල්), සංතෘප්ත මේදයට (පොල්තෙල්, බටර්) වඩා ශරීරයට හිතකර වූවද කෑම වර්ග බැදීම සඳහා එක්‌ වරක්‌ භාවිතා කළ අසංතෘප්ත මේදය නැවත භාවිතා කිරීම ඉතාමත්ම නුසුදුසුය. එමගින් ශරීරයට ඉතා අහිතකර ට්‍රාන්ස්‌ මේද අම්ල ඇති වේ.

ක්‍රියාශීලී ජීවන රටාවකින් සුවදායි දිවියක්‌.

පහසුවෙන් යෙදිය හැකි ක්‍රියාකාරකම්

නිවසේදී(

* රෙදි සේදීම

* ගෙවතු වැඩවල යෙදීම

* ගෙවල් දොරවල් ශුද්ධ පවිත්‍ර කිරීම

* පිටි කෙටීම

* දරුවන් සමඟ ක්‍රීඩා කිරීම

කාර්යාලයේදී(

* සෝපානය වෙනුවට පඩිපෙළ භාවිතය

* කෙටි දුරවල් පයින් ගමන් කිරීම උදා( ගෙදරට බස්‌ නැවතුම්පළවල් දෙකකට කළින් බසයෙන් බැස වේගයෙන් පයින් ගමන් කිරීම

විවේක කාලයේදී:

සතියකට දින 5 ක්‌ වත් නිරෝගී වැඩිහිටියකු දිනකට විනාඩි 30 ක පමණ කාලයක්‌ බැගින් ව්‍යායාමවල යෙදිය යුතුය.

උදා: වේගයෙන් ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම

දුම්පානයෙන් වැළකීම සුවදායී ජීවිතයක්‌ ළඟා කරවයි.

දුම්බීම නිසා:

* හෘදයාබාධ

* පිළිකා

* අප්‍රසන්න පෙනුමක්‌ ඇතිවීම

* ලිංගික බෙලහීනතාවය

* පාද අහිමිවීම වැනි තත්ත්වයන්ට ඔබ ගොදුරු වේ.

අධික මද්‍යසාර පානය බෝ නොවන රෝග රැසකට හේතු කාරක වේ.

මද්‍යසාර පානය නිසා(-

* ඔබව අප්‍රසන්න මිනිසකු බවට පත් කරයි.

* ආර්ථික අපහසුතා ඇති කරවයි

* පවුල් ජීවිතයේ ආරවුල් සහ අඬදබර ඇති වීමට හේතුකාරක වේ.

බෝනොවන රෝග වළකමු

සංස්‌කරණය : ඒමන්ති මාරඹේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Sep 2017 06:04 PM

ආඝාතය (අංශභාගය) වළක්‌වමු

ආඝාතය යනු කුමක්‌ද?

මොළයට රුධිරය සපයන රුධිර වාහිනියක්‌ අවහිර වීම හෝ පුපුරා යැම සිදු වේ.

එවිට මොළයේ අදාළ කොටස අක්‍රිය වේ.

එලෙස අක්‍රිය වූ කොටසින් පාලනය වන ශාරීරික ක්‍රියාකාරකම් අඩාල වේ. මෙය ආඝාතය (BRAIN ATTACK) ලෙස හඳුන්වයි.

ආඝාතය (BRAIN ATTACK)

සෑම පුද්ගලයින් 6 දෙනෙකුගෙන් එක්‌ අයකුට ජීවිතයේ යම් දිනක ආඝාතය ඇති වීමේ හැකියාව ඇත.

අඝාතය (STROKE) වලක්‌වා ගන්නේ කෙසේද?

අවදානම් චර්යාවලින් මිදෙමු.

* දුම්කොළ සහ දුම් වැටි භාවිතය නවතමු.

* ලුණු ආහාරයට ගැනීම අවම කරමු.

(වැඩිහිටියකුට දිනකට අවශ්‍ය ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5 කි. එනම් කපාපු තේ හැඳි එකකි)

* මේදය භාවිතය අඩු කරමු.

* මද්‍යසාර භාවිතය නවතමු.

හිතකර චර්යාවල යෙදෙමු.

* අලුත් පලතුරු සහ එළවළු ආහාරයට ගනිමු.

* නිතිපතා සුදුසු ව්‍යායාම වල යෙදෙමු.

අවදානම් සාධක පාලනය කරමු.

*අධික රුධිර පීඩනය

* දියවැඩියාව

* අධික රුධිරගත කොලෙස්‌ටරෝල්

* හෘද රෝග

ඔබට ආඝාතය හඳුනාගැනීමට හැකිවීම මගින් ඔබගේ හෝ ළඟම ඥාතියාගේ ජීවිතය බේරා ගැනීමට අවස්‌ථාව සැලසේ.

* බෝනොවන රෝග ඒකකය, සෞඛ්‍ය අමාත්‍යංශය

සංස්‌කරණය : ඒමන්ති මාරඹේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Sep 2017 06:08 PM

ලොව ජනගහනයෙන්
75% කට නින්ද යාමේ ප්‍රශ්න


ලොව පුරා ජනගහනයෙන් සියයට 75 කට පමණ නින්ද ආශ්‍රිතව කුමන හෝ ගැටලුවක්‌ පවතින බව බටහිර විද්‍යාඥයකු වන වෛද්‍ය ඇන්ඩා බහාරව් අනාවරණය කර තිබේ.

වෛද්‍යවරුන් පුද්ගලයකුට රාත්‍රී කාලයේ පැය හතහමාරක නින්දක්‌ නිර්දේශ කළද අලුතින් නිපදවා ඇති "ස්‌ලිප් රේට්‌" මෘදුකාංගයට අනුව කිසිදු නින්දක්‌ නොමැති බවට ජනගහනයෙන් සියයට 75 ක්‌ම පැමිණිලි කර ඇති අතර දවස පුරා නිදිමත දැනීම පිළිබඳව සියයට 73 ක්‌ද, නින්දෙන් අවදිවීම පිළිබඳව සියයට 71 ක්‌ ද නිදා ගැනීම අපහසුවීම පිළිබඳව සියයට 50 ක්‌ද, නින්දේදී ගෙරවීම පිළිබඳව සියයට 48 ක්‌ද, රාත්‍රී කාලයේ අතරමග හෝ උදෑසන නියමිත වේලාවට කලින් අවදි වීම පිළිබඳව සියයට 36.5 ක්‌ද පැමිණිලි කර තිබේ.

මෙම නින්ද ආශ්‍රිත ගැටලු හේතුවෙන් වැඩිහිටි පුද්ගලයකුගේ ජීවිත කාලය තුළ දින 468 ක නින්දක්‌ අහිමි වන බව ඇස්‌තමේන්තු කර තිබේ.

ඇමරිකා එක්‌සත් ජනපදයේ හාවඩ් විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව නින්ද අඩුවීම මගින් හෘද රෝග, අධි රුධිර පීඩනය, ස්‌ථුලභාවය දිවයෑඩියාව, හා ජීවිත කාලය අඩුවීම වැනි තත්ත්වයන් ඇති කරලීමට හේතු වේ.

නින්ද අඩු වීම, පුද්ගලයකුගේ අවදානය අඩු වීම, ඵලදායිතාවය අඩුවීම, ඉරියව් වෙනස්‌ වීම, පවුලේ හා කාර්යාලයේ පුද්ගලයින් සමඟ අන්තර් ක්‍රියාකාරීත්වයක යෙදීමට අසීරු වීම වැනි තත්ත්වයන්ද උදා කරන බව හෙළි වී තිබේ.

ස්‌ලීප් රේට්‌ සංවිධානය සැප්තැම්බර් 05 වැනිදා සිට ඔක්‌තෝබර් 03 වැනිදා දක්‌වා "ග්ලෝබල් ස්‌ලීප් µsක්‌ස්‌" නමැති ව්‍යාපෘතියක්‌ දියත් කර ඇති අතර ලොව පුරා ජනතාවට සෞඛ්‍ය සම්පන්න, ආතතිය අඩු ඵලදායි ජීවිතයකට මග පාදන අයුරින් සිය නින්ද වර්ධනය කර ගැනීමට උපකාරී වීම එයින් අපේක්‍ෂා කෙරේ.

සංස්‌කරණය : ඒමන්ති මාරඹේ

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 Sep 2017 09:54 AM
දැන් දැන් වැඩිහිටි අයට නින්ද නොයනවා වැඩි කියලා මටත් හිතෙනවා ,අපේ අම්මල ගෙන් නිතරම අහන්න ලැබෙන දෙයක් මේක මට .
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Sep 2017 05:37 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/23420.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/23421.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/23422.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/23423.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/23424.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/23425.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/23418.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/23419.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
01 Oct 2017 12:26 AM
ලිපි ගොඩායි... හෙමිහිට කියවන්න ඕන..
ජීවිතයට ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනව වගේ...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Oct 2017 06:58 AM

http://www.navaliya.com/2017/10/02/New%20folder/16.jpg

http://www.navaliya.com/2017/10/02/New%20folder/40.jpg

http://www.navaliya.com/2017/10/02/New%20folder/4.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Oct 2017 07:08 AM

http://www.navaliya.com/2017/10/02/New%20folder/48.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Oct 2017 08:37 AM
හරිම පරෙස්සමින් කල යුතු දෙයක්.
වැඩේ වැරදුනොත් ජිවිත හානි වුනත් වෙන්න පුලුවන්.පොඩි අයට බෙහෙත් පොවන එක යුද්ධයක්ම තමා.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Oct 2017 06:33 PM

වියළි සමක්‌ ඇතිවීමට බලපාන හේතු

අපගේ ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය ලෙසින් පවතින සම පිළිබඳව කාන්තා පිරිමි භේදයකින් තොරව කොයි කවුරුත් වැඩි සැලකිල්ලක්‌ දැක්‌වීමට පුරුදුව සිටිති. එනිසා සමේ යම් වෙනසක්‌ ඇති වුවද අපි ඒ ගැන සැලකිලිමත් වන්නෙමු.

සමේ පැහැපත් බව තුළින් පුද්ගලයාගේ බාහිර අලංකාරය ඔපවත් වේ. සම වියළි හෝ රළු බවකින් යුක්‌ත නම් එවැනි පුද්ගලයන්ට සමාජයේදී අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීම මඳක්‌ අසීරු වේ. එනිසා සමේ ඇතිවන වියළි බව පිළිබඳව අපි විමසා බලමු.

වෛද්‍යතුමනි, සමේ වියළි බව ඇතිවීමට බලපාන කරුණු මොනවාද?

සෑම පුද්ගලයකුගේම සම සතුපිට මේද ස්‌ථරයක්‌ ඇත. මෙම මේද ස්‌ථරය පවත්වාගෙන යැම සඳහා ස්‌වේත ශ්‍රාවී ග්‍රන්ථිවලින් ශ්‍රාවය වන ශ්‍රාවයන් දායක වෙනවා.

සමෙහි සෛල නිතර නිතර අලුත් වෙමින් බාහිර ස්‌ථරයට නිකුත් වන නිසා නිතරම සමේ සෛල බෙදීමට ලක්‌වෙනවා.

මෙම සෛල බෙදීම සඳහා කොලෙස්‌ටරෝල් වැනි සංඝටක ද උපකාරී වෙනවා.

සෛල අතර ඇති ලිපිඩ (මේදය) විභේදනයට ලක්‌වීමෙන් ඇතිවන සංඝටක සම මතුපිට ඇති මේද ස්‌ථරය නිරෝගීව පවත්වාගෙන යැම සඳහා දායක වෙනවා.

මෙම ක්‍රියාවලිය දුර්වල වූ විට සමෙහි වියළි ස්‌වභාවයක්‌ ඇතිවෙනවා.

සෛල නිතර අලුත් වීමේ ක්‍රියාවලියට බාධා ඇති වූ විට සමෙහි වියළි බවට අමතරව කොරළ බව ඇති වෙනවා.

සමෙහි ඇතිවන කොරළ බව උපතින්ම සහ පසුකාලීනව හටගන්නා ආබාධ ලෙස වර්ග දෙකක්‌ තිබෙනවා.

උපතින්ම ඇතිවන සමේ වියළි බව

ජානමය හේතු නිසා උපතින්ම යම් පුද්ගලයකුගේ සමෙහි වියළි බවක්‌ මතුවිය හැකියි. මෙවැනි පුද්ගලයන්ගේ සම මත කොරළ ද මතුවීSමට ඇති ඉඩකඩ සුලභය.

මෙවැනි ජානමය හේතු මත සමේ වියළි බව ඇති වූ විට ඔවුන්ගේ සමේ ප්‍රදාහයක්‌ ද ඇතිවිය හැකිය.

පසුකාලීනව ඇතිවන සමේ වියළි බව

තයිරොයිඩ් හෝමෝන ඌනතාවය, වකුගඩු දුර්වල වීම ඇතැම් පිළිකා රෝග සහ සමහර ඖෂධ නිසා සමේ වියළි බවක්‌ ඇතිවිය හැකිය.

මීට අමතරව සම අධික ලෙස පිරිසිදු කිරීම, පිරිසිදු කාරක වර්ග බහුලව භාවිත කරමින් සම පිරිසිදු කිරීමට යැම වැනි හේතු නිසා ද සම වියළි බවට පත්වේ.

වෛද්‍යතුමනි, මෙලෙස සම වියළි බව ඇති වූ විට එය සුවපත් කර ගැනීමට ප්‍රතිකාර තිබෙනවාද?

සම වියළි බවට ලක්‌වීමට බලපා ඇති හේතුව හඳුනාගෙන ඒ සඳහා ප්‍රතිකාර කළ යුතුයි.

සමේ පැහැපත් බව රැකගැනීම සඳහා අපට අනුගමනය කළ හැකි ක්‍රියාවන් රැසක්‌ ඇත.

සම අනවශ්‍ය ලෙස පිරිසිදු කිරීමට උත්සාහ නොකළ යුතුයි.

දිනකට දෙවරක්‌ සම සබන් ගා පිරිසිදු කිරීම ප්‍රමාණවත්ය.

සම රළු ද්‍රව්‍යවලින් අතුල්ලා පිරිසිදු කිරීම නොකළ යුතුයි.

අධික උණුසුම් ජලය භාවිත කර සම පිරිසිදු කිරීම නොකළ යුතුය.

සම වියළි බව ඇති අය විනාඩි 15-20 වඩා ජලයේ රැඳී සිටීම නොකළ යුතුය.

සම වියළි බව ඇති අය ස්‌නානයෙන් පසු තෙත් සහිත බව ඇති කරන ඖෂධයක්‌ ආලේප කිරීම සුදුසුය.

දිනපතා සමබල ආහාර වේලක්‌ ගැනීමට පියවර ගත යුතුය.

ජානමය ගැටලු නිසා ඇතිවන සමේ වියළි බව සම්පූර්ණයෙන් සුව කළ නොහැකිය. නමුත් මතුව ඇති අපහසුතා අවම කළ හැකිය.

වියළි සමක්‌ සහිත පුද්ගලයන්ට ඉතා ඉක්‌මනින් සම මත බැක්‌ටීරියා ආසාදන ඇතිවීමට පිළිවන. එනිසා ඔවුන් රසායන ද්‍රව්‍ය ආදිය භාවිත කරන විට අත්වැසුම් භාවිතයට යොමුවිය යුතුය.

කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
ජානක අකරවිට

සංස්‌කරණය
උපාලි ද සේරම්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Oct 2017 06:36 PM

වයස 16 ත් 40 ත් අතර යුවතියකගේ
කායික මානසික වර්ධනය

ගැහැනු දරුවකුගේ ජීවිතයේ වඩා වැදගත්ම අවධිය උදාවන්නේ වයස අවුරුදු 16 ත් 40ත් බව ඝෘෂි නාඩි වෛද්‍ය විද්‍යාවේ සඳහන්ව ඇත. ඊට හේතුව වී ඇත්තේ කාන්තාවකට තම ජීවිතයේදී ලැබිය හැකි උතුම් සම්පත වන මව් පදවිය ලබා ගැනීමේ අවස්‌ථාව උදාවන්නේ මෙම වයස්‌ සීමාවේදී බැවිනි.

වයස අවුරුදු 16 පමණ වනවිට ගැහැනු දරුවකු වැඩිවියට පත්ව ස්‌ත්‍රි හෝමෝන ක්‍රියාකාරිත්වයද උපරිම මට්‌ටමට පැමිණ තිබේ. මේනිසා මෙම වයසේදී ඇය තුළ විරුද්ධ ලිංගිකයන් හෙවත් පිරිමි දරුවන් කෙරෙහි ආකර්ශනයක්‌ ඇතිවේ. තම හැඟීම් සතපවා ගැනීමට සිත් පහළ වේ. එබැවින් ගැහැනු දරුවන් සිටින දෙමාපියන් මෙම වයසේ තම දරුවන් කෙරෙහි වැඩි අවධානයක්‌ යොමු කර යුතුය.

වෛද්‍යතුමනි ගැහැනු දරුවකුට දරු සම්පතක්‌ සඳහා සුදුසු වයස කුමක්‌ද?

මහා ඝෘෂි නාඩි වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඒ සඳහා සුදුසුම වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයස යෑයි කියාය. මෙම වසය තමයි ගැහැනු දරුවකුගේ නිරෝගීම වයස්‌ සීමාව ලෙස සලකන්නේ. මෙම වයස්‌ සීමාවේදී ලැබෙන දරුවන් නිරෝගී බුද්ධිමත් යෑයි කියා මහා ඝෘෂිනාඩි වෛද්‍යවරුන් පවසනවා. එසේම ගැහැනු දරුවකුගේ වයස 16 ත් 20ත් අතර කාල පරිච්ඡේදය සුවිශේෂි බවත් මහා ඝෘෂි නාඩි වෛද්‍යවරු සඳහන් කර තිබෙනවා. මෙම වයසේ දී ඔවුන්ගේ ශරීරයේ වෙනස්‌කම් රාශියක්‌ සිදුවෙනවා. සමේ පැහැය උපරිම මට්‌ටමකට පත්වෙනවා. කිහිලි ඉකිලි වල රෝම කුප වර්ධනය වීම සිදුවෙනවා. මෙය ඔවුනට අලුත් අත්දැකීමකි. එනිසා ඇතැම් ගැහැනු දරුවන් මෙම වෙනස්‌ කම් හමුවේ බියට පත්වෙනවා. ඒ අතර තවත් පිරිසක්‌ තම රූපය අවලස්‌සන වීමට පටන්ගෙන ඇතැයි සිතා රූපලාවන්‍ය කටයුතු සඳහා යොමුවෙනවා. සම පැහැපත් කරගැනීමට විවිධ ආලේප වර්ග ගල්වනවා. රෝම කූප ඉවත් කරනවා.

ගැහැනු දරුවකුගේ ස්‌වභාවික රූප සෝබාව වැඩි දියුණු කර ගැනීමට උනන්දුවීම තමයි වඩා නිවැරදි ක්‍රමය වන්නේ පෝෂ්‍යදායි ආහාර පාන ගැනීම සහ ස්‌වභාවික පරිසරය සමඟ ජීවත්වීම තුළින් එය ඉටුකර ගත හැකියි.

උදැසන සහ දහවල් ආහාර සඳහා වැඩිපුර ධාන්‍ය වර්ග එක්‌කර ගැනීම වඩාත් ගුණදායකයි. කවුපි, කඩල, මුංඇට, කොල්ලු වැනි ධාන්‍ය වර්ග ඒ සඳහා භාවිත කළ හැකියි.

කලවම් මැල්ලුමක්‌ සතියකට තුන්වරක්‌වත් දිවා ආහාර වේලට එක්‌ කරගත යුතුයි.

උදෑසන අවදිවූ විගස පිරිසිදු ඇල්වතුර වීදුරුවක්‌ පානය කිරීමට හුරුවිය යුතුයි.

දිනපතා අඩුම තරමින් පැය භාගයක්‌ වත් ගහකොළ ඇළ දොළ අතරින් හඹාගෙන එන සුළං පහස සහ හිරු එළිය විඳගත යුතුයි. එම සුළගේ ඇති පිරිසිදු වාතය ශරීරයට උරාගැනීමෙන් පෙනහළු ක්‍රියාකාරීත්වය හොඳින් සිදුවෙනවා. ලේ ගමනා ගමනය නිවැරදි වෙනවා. සම පැහැපත් වෙනවා.

වෛද්‍යතුමනි වයස අවුරුදු 16 ත් 40 ත් අතර වයසේ ගැහැනු දරුවන්ගේ මානසික වර්ධනය දියුණු කර ගන්නේ කෙසේද?

මෙය ගැහැනු දරුවකුට ඉතාමත්ම වැදගත් දෙයකි. වර්තමානයේ අපට නිතර අසන්නට ලැබෙන සිද්ධීන් වනුයේ ගැහැනු දරුවන් නොයෙකුත් අපචාරවලට යොමුවීමය. මීට හේතුවී ඇත්තේ ඔවුන්ගේ මානසික වියවුල් බවයි. ඒ සඳහා බලපාන්නේ ඔවුන්ගේ අමන නාඩිය සහ කුලප්පු නාඩිය විකෘති වීමයි. මෙය ප්‍රකෘත්ති කර ගැනීමට ඇති හොඳම ප්‍රතිකාරය වනුයේ තමා අදහන ආගමට නැඹුරු වීමය. දවසේ පැය භාගයක්‌වත් මනස සන්සුන් කරගෙන භාවනාවේ යෙදිය හැකි මට්‌ටමක්‌ ඇතිකර ගත යුතුයි. මේ සඳහා වැඩිහිටියන්ද ගැහුනු දරුවන්ට උදවු උපකාර කළ යුතුයි. ඉවසීම ප්‍රගුණ කළ යුතුය. වැඩිහිටියනට ගරු කිරීම යහපත් සිරිත් විරිත් අනුව ජීවිතය ගත කිරීමට දරුවන් හැඩගස්‌විය යුතුයි.

එහිදී දෙමාපියනුතA ආදර්ශමත්වීම වැදගත්ය.

ගැහැනු දරුවකුට නිසි වයසේදී හැඟීම් මතුවීම යනු ඇයගේ නිරෝගී බවේ එක්‌ ලක්‌ෂණයකි. නමුත් හැඟීම්වලට වහල්වීම යනු මනස පාලනය කර ගැනීමට නොහැකි බවය. එය රෝගී තත්ත්වයකි. එනිසා නිරෝගී බව යනු ශාරීරික මෙන්ම මානසිකවද යහපත්ව පැවැතීම බව ගැහැනු දරුවන් අවබෝධකර ගත යුතුය.

අඟුලාන දුම්රියපළ පාර ලියන්වෙල ඝෘෂිනාඩි වෛද්‍ය මධ්‍යස්‌ථානයේ
මහාචාර්ය වෛද්‍ය ජිනසිරි ලියන්වෙල

ඡායාරූපය සමන් අබේසිරිවර්ධන

සංස්‌කරණය
උපාලි ද සේරම්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
01 Oct 2017 06:42 PM
හොඳ වෛද්‍ය උපදෙස් ටිකක් මල්ලි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
You are not authorized to post a reply.
Page 51 of 137 << < 4950515253 > >>