Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 52 of 137 << < 5051525354 > >> Author Messages Ind007kaMost Senior MemberPosts:12931 01 Oct 2017 08:14 PM හරියටම හරි මල්ලි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 hasithadSuper Senior MemberPosts:5795 02 Oct 2017 07:48 AM ලිපි සෑහෙන තොගයක්ම තියෙනවා මල්ලි.පසුවට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙන සෙට් එකම සේව් කරගත්තා. 0 chamaramindMost Senior MemberPosts:13471 02 Oct 2017 05:55 PM සැත්කම් එපා හෙළ ඔසුවෙන් අස්ථි ආබාධ සුවකළ හැකියි ආයුර්වේදයට නෑකම් කියන, පාරම්පරික දේශීය වෙදකම අපට උරුම වී ඇත්තේ පුරාණයේ විසූ සෘෂීන් ගෙනි. එතුමෝ චිත්ත බලය යොදා භාවනානුයෝගීව එම ඖෂධයන්ගේ ප්‍රතිශක්තිය නිර්මාණය කළ අතර මේ ක්‍රමවේදය රාවණා රජ සමය දක්වා ඈතට දිව යන්නේය. පුස්කොළ පොත් ඇසුරෙන් ග්රන්ථකරණය වූ මෙම වෛද්‍ය ක්‍රමය පරම්පරාගතව සමාජයේ පැවතියත්, චිකිත්සා ක්රමයන් ඒ ඒ පරම්පරාවන්ට විවිධ ක්රමයන්ගෙන් උරුම වී ඇත. එමෙන්ම සර්වාංග වෙදකම පාරම්පරික වෛද්‍ය ක්රමයන් හා ක්‍රමවේදයන් මූලධර්ම අනුව එකක් වුවත් විවිධත්වයෙන් වෙනස් වන අයුරින් චිකිත්සාවන්ට එක් වනුයේ ආවේණිකව පරම්පරාගතවයි. කැඩුම් බිඳුම් වෙදකමේදී අස්ථි රෝගය කුමක් වූවත්, එනම් කැඩීම්, බිඳීම්, පිපිරීම්, තැලීම් සහ අස්ථි දිරායැම් (ඔස්ටියෝපොරෝසීස්&zwnj යන රෝගාබාධ දේශීය ප්‍රතිකාර තුළින් සුවකිරීම දක්ෂ වෛද්‍යවරයකුට එතරම් අපහසුවක් නැත. මෙහිදී රෝගියාගේ වයස, රෝගයේ ස්වභාවය හා ඖෂධ සංයෝගය වෙදදුරු විසින් වටහාගෙන කරන ප්‍රතිකාරය අති සාර්ථකත්වයක් ගන්නා බව අමුතුවෙන් පැහැදිලි කළ යුත්තක් නොවේ. අස්ථි රෝග පිළිබඳව විමසුම් ඇස යොමු කරද්දී අපට වැඩිපුරම දක්නට ලැබෙන්නේ කොන්දේ ආබාධවලට, හන්දිපත් රෝගාබාධ, සහ අස්ථි දිරායැම් (ඔස්ටියෝපොරෝසීස්&zwnj ලක් වු රෝගීන්ය. මොවුන්ගෙන් වැඩි පිරිසක් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබා අන්තිමේදී සුවයක් නොලැබුණු තැන ශල්‍ය කර්මයන්ට පවා නියම වූවෝ වෙති. එහෙත් මෙහිදී ඇතැම් අයෙක් ප්‍රකාශ කළේ එම ශල්‍යකර්ම වැරැදී ගියහොත් සදාකාලික අබ්බගාතයකු වීමටද ඉඩ ඇති බවකි. එසේ නම් මෙවැනි සැකමුසු ප්‍රතිකාරයකට යොමු වී තම සදාකාලික දුක් ගොඩකට ඇද වැටී අපාදුක් විඳීමේ අවදානමකට වඩා දේශීය ප්‍රතිකාරයකින් ලබන සුවය කෙතරම් වටින්නේද? අද අප ඔබට හඳුන්වා දෙන්නේ කොන්දේ ආබාධවලට ලක් වූ රෝගීන්, හන්දිපත් රෝගාබාධයන්ට සහ අස්ථි දිරායැම්වලට ලක් වූවන් සුවපත් කිරීමට මහත් ප්‍රසිද්ධියක් උසුලන වැලිගම බොරාල පාරේ මදනායක වෙදදුරුවරයායි. ඔබ රෝගාබාධයන්ට පිහිට වන්නේ කෙසේද? මේ සිංහල වෙදකම පිළිබඳව කතා කරන කොට ආසියාවේ තිබෙන පැරැණිම වෙදකමක් කියලා කිව්වොත් ඒකෙ වරදක් නැහැ. පරම්පරාවෙන් පරම්පරාවට අවිච්äන්නව පැවත එන මේ වෙදකමේදී ඒ ඒ පරම්පරාවලට ආවේණික වුණු ප්‍රතිකාර විධි තියෙනවා. දැන් මම කරන්නේ අපේ පරම්පරාවට උරුම වුණු වෙදකමක්. ගොඩාක් රෝගවලට බලපාන්නෙ කොඳු ඇට පෙළේ ආබාධ වගේම ඒ ආශ්‍රිතව ඇති නිල අවහිර වීම සහ අස්ථි දිරායැම්. ඔස්ටියෝපොරෝසීස් හෙවත් අස්ථි දිරායැම රෝග තත්ත්වය පිළිබඳ කෙටි හැඳින්වීමක් කළහොත්? කාටිලේජ විනාශ වීමෙන්, කැල්සියම් අඩුවීම නිසා, මෙම රෝග තත්ත්වය ඇති වෙනවා. සමහර ඖෂධ මගින් අස්ථි දිරායා හැකියි. කුමන වයස්වල අයටද මෙම රෝගී තත්ත්වය ඇතිවන්නේ? ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව අවුරුදු 50 ට වැඩි සියලුම දෙනා මෙම රෝගයට ගොදුරු විය හැකියි. ඒ වගේම අඩු වයස අයටත් මෙම රෝග වැළඳීමේ ප්රවනතාවක් තිබෙනවා. මෙම රෝගයෙන් ශරීරයේ කුමන අස්ථිවලටද බලපෑමක් ඇති වන්නේ? බොහෝ විට කොඳුඇට පෙළේ සහ අතපයවල සන්ධිවල, සහ ශරීරයේ සියලුම අස්ථිවල රෝගය හට ගැනීමට හැකියාව තිබෙනවා. රෝග ලක්ෂණ ගැන සඳහන් කළහොත්? තද වේදනාවක් ඇති වීම, අස්ථි ඉදිමුම, අස්ථි අතර ශබ්දය, දණහිස් අස්ථියේ බකල් වීමක්, කොන්දේ අස්ථිය විශාල වීමක්. තද වේදනාව, කුදු වීමක් සිදුවෙනවා. නැඟිටීමේදී උස්පහත් වීමේදී අස්ථිවල තද බල වේදනාවක් ඇති වෙනවා. දේශීය වෛද්‍ය ක්‍රමයට රෝගය හඳුනාගත හැකිද? ප්‍රතිකාර තිබේද? එම රෝගය ඇති ස්ථානය ස්පර්ශ කිරීමෙන් රෝගය හඳුනාගත හැකියි. ඒ වාගේම අපි මුලින්ම හඳුනාගන්නෙ රෝගියා හොඳට පරීක්ෂා කරලා. සමහර අයගෙ කියන තරම් රෝග දරුණු නැහැ. අපේ අත්දැකීම් තුළින් රෝගියා කියන දේත් කියන්න හදන දේත් හොඳටම තේරුම් අරගෙන තමයි ප්‍රතිකාර කරන්නෙ. දේශීය වෙදකමේ ප්‍රතිකාර තුළින් අස්ථි දිරායැම වළක්වා ගත හැකියි. කාටිලේජ වර්ධනය කර ගැනීමේ ප්‍රතිකාර ක්‍රම දේශීය වෛද්‍ය ක්‍රමය තුළ තිබෙනවා. තවත් විශේෂ දෙයක් කිව යුතුමයි. ඇතැම් රෝගීන්ට තියන ආබාධ එමටයි. ඒ ආබාධ එක දවසකින් සුවකර ගෙන යන්න එන අයත් ඉන්නවා. එහෙම රෝග එක දවසකින් සුව කරන්න තරම් පුළුවන්කමක් නැහැ. ඇතැම් විටෙක සතියක් දෙකක් එක තැනක ඉඳල ප්‍රතිකාර ගත්තොත් අපි පැහැදිලිවම ඒ රෝගියා සුවපත් කරලා යවනවාමයි. මේ තත්ත්වය අපි කියන්නේ කිසියම් වගකීමකින්. බටහිර වෛද්‍ය විද්‍යාවේදී කියන ඇට දිරායැම, එහෙමත් නැත්නම් බද්ධ කිරීම අප ගණන් ගන්නේ නැහැ. එහෙම කියන ආබාධවලට ඉතා සාර්ථක වෙදකමක් අපි ළඟÊතියෙනවා. මේ ප්‍රතිකාර ක්‍රමය යමෙකුට පැහැදිලි කරන්න අමාරුයි. ඒ තරමට ගැඹුරුයි. ඒත් අපට ඉගෙනීමෙන් හා පළපුරුද්දෙන් හොඳ අවබෝධයක් තියෙනවා. අස්ථිවල, සන්ධිවල වගේම උකුල් අස්ථිවල කාටිලේජ වර්ධනය නොවීමෙන් ශබ්ද ඇතිවීම්, වේදනාව, ඇවිදීමේ අපහසුව නිතරම දකින්න පුළුවනි. මේ වගේ අවස්ථාවලදී අපි කාටිලේජ වර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රතිකාර කරල මෙම රෝග සුව කරවලා දෙනවා. අපි පැහැදිලිව යමක් කියනවා නම් කැඩුණ අස්ථියට වුණත් එය සවිවීමට කාටිලේජවල වර්ධනයක් අවශ්‍යයි. මේ වගේ අවස්ථාවක රෝගියාගේ වයස සැලකිල්ලට ගත යුතුයි. රෝගවලදී සම්බාහනය කිරීමක් හා නිල තෙරපුමක් අවශ්‍යයි. ඒ කරන්නේ අපි පැරැණි ඖෂධ ඇඟපුරා ගැල්වීමෙන් පස්සෙ. මේ ප්‍රතිකාරය කොන්දේ ආබාධවලට අමතරව අනෙකුත් රෝගයන් සමනයටත් ඉවහල් වෙනවා. ඉහත සඳහන් කළ කොඳු ඇට පෙළ සම්බන්ධව පවත්නා රෝග මොනවාද? එම රෝග ඇතිවන්නේ කවර ආකාරයෙන්ද? ඒවා සුව කළ හැකිද? ළමයකු දිවීමෙන් උසකින් පැනීමෙන් වැටීමකින් කොඳු ඇට පෙළ ආශ්‍රිතව රෝග සෑදෙනවා. වැඩිහිටි අයකු නම් බර ඉසිලීමෙන් පහත් වී එක දිගට වැඩෙයෙහි යෙදීමෙන් කය වෙහෙසා වැඩ කිරීමෙන්" පහරක් වැදීමෙන්, උඩකින් වැටීමෙන් සූෂුම්නාවට හානිවීම් ඇතිවේ. සමහර විට මේ ආශ්රිත රෝග සුළු වශයෙන් පැමිණ කල්ගත වන විට රෝගය උත්සන්න වී වාඩි වී සිටීමට නොහැකි තත්ත්වයක් ඇතිවේ. තවත් සමහර අයට ත්රිකාෂ්ථිය පෙදෙස හෙවත් තුනටිය ප්‍රදේශය ඇද වේ. පැත්තට යැමේ තත්ත්වයක් ඇති වේ. මුල් අවස්ථාවේ නිවැරදි ප්‍රතිකාරයන් නොලද හොත් තුනටිය පැත්තට යැමේ තත්ත්වයන් ඇති වේ. ඞ කිරණ පරීක්ෂාවේදී තවත් අයගේ අස්ථි දෙකක පරතරය වැඩි බවක් පෙනේ. තවත් සමහර අයගේ අස්ථි දිරා යැම දක්වා වර්ධනය වේ. මෙවැනි අවස්ථාවන් ඇති වූ විට බටහිර වෛද්‍ය ක්‍රමයට ශල්‍යකර්ම කිරීම සිදු කරයි. එහෙත් ඔවුන්ට බර ඉසිලීම පහත්වීම් කිරීමට හැකි වන්නේ නැහැ. අප වෙත පැමිණෙන සමහර රෝගීන් ශල්‍යකර්මයන්ට භාජන වූ අය. ඔවුන්ට කල්යත්ම කකුල් දෙක දක්වා වේදනාව ඇති වෙනවා. මේ කුමන අවස්ථාවක රෝග තත්ත්වයක් තිබුණත් ආයුර්වේද ක්‍රමයට හා දේශීය වෛද්‍ය ක්‍රමයට ඉතා සුළු කලකින් සුව කිරීමට පුළුවන්. මදනායක වෙදැදුරුගේ තවත් දක්ෂතාවක් වන්නේ කොඳුඇට පෙළ ඇදවීම, පැති කුදය සහ කුදුවීම සඳහා ප්‍රතිකාර කිරීමටද මහත් ප්‍රසිද්ධියක් ඉසිලීමයි. මේ පිළිබඳව මදනායක වෛද්‍යාචාර්යතුමා ගෙන් තොරතුරු විමසුවෙමි. කොඳුඇට හෙවත් පෘෂ්ඨවංශස්ථි රෝග හටගන්නේ වැටීමෙන්, බර ඉසිලීමෙන් වගේ දේවලින් සමහර විට මේ තත්ත්වය මුල් අවස්ථාවේදී පොඩි වේදනාවක් හට ගන්නවා. කල්යනකොට මේ වේදනාව වැඩි වෙනවා. මේ තත්ත්වයේදී සිටගෙන සිටීම වගේ පහත් වීමත් අපහසු වෙනවා. මෙතැනදී තියෙන තත්ත්වයක් තමයි මේ වේදනාව දෙපා දක්වා පැතිරී යැම. මේකට අපේ අය වේදනා නාශක පෙති අරගෙන තාවකාලික සුවයක් ලැබුවට රෝගය එතැනමයි. ඊට පස්සෙ වෙන්නේ ක්‍රමයෙන් රෝගය වර්ධනය වෙලා කල්යනකොට කොඳුඇට පෙළ පහළ කෙළවර ශ්‍රොaණි ඵලකය සම්බන්ධ ස්ථානයෙන් හා ශ්‍රොaණි ඵලකය පැත්තට යැමක් සිදු වෙනවා. මෙතැන්දී ඒ වගේ අය පැත්තට ඇලවෙලා තමයි ගමන් කරන්නේ. මේ වගේ අවස්ථාවලදී අපේ පැරැණි වෛද්‍ය ක්‍රම භාවිතා කරල රෝග තත්ත්වය සුව කළත් බටහිර වෛද්‍ය විද්‍යාව කියන්නේ ශල්‍ය කර්මයක් කළ යුතුයි කියලා. මම දන්නේ නැහැ. ඒක කොච්චර දුරට සාර්ථකද අසාර්ථකද කියලා. කොහොම වුණත් අපේ පැරැණි වෙදකමට නම් මේක සියයට සියයක්ම සාර්ථකයි. විසඳල දීමේ ප්‍රතිකාර තියෙනවා. ඒ වගේම කියන්න ඕන සමහර කොන්දේ ආබාධ සහ අස්ථි රෝගවලට පිටරට රැගෙන ගොස් විශාල මුදලක් වැයකොට සැත්කම් කළ යුතු යෑයි වෛද්‍යවරු නිර්දේශ කළ විශාල රෝගීන් සංඛ්‍යාවක් මම හෙළ ඔසුවෙන් සුව කරල තියෙනවා. අස්ථි ආබාධ හා කොන්දේ අමාරුවකින් ඔබත් පෙළෙන්නේ නම් දු. ක. 0412251321/0775565458 අංකයට කතාකර වැඩිදුරටත් උපදෙස් ලබා ගන්න. නිසංසලා සදමලි සංස්කරණය වසන්තා ශ්‍රියාකාන්ති ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Oct 2017 06:08 PM අංශභාග රෝග සුවයට පුරාණ හෙළ වෙදකමේ ඝාර්ථක ප්‍රතිකාර ක්‍රම තිබේ අවයව විශාල ප්‍රමාණයක් එකතු වී සිරුර නිර්මාණය වී තිබුණ ද සිරුර එකක්, පද්ධතියක් වශයෙන් ගත යුතු අවස්ථා තිබේ. සිරුරට හටගන්නා කුඩා රෝගයක් සිරුරම වසා ගනිමින් මහා රෝගයක් බවට පත්වන්නේ අපේම වරදිනි. නැතිනම් නොසැලකිලිමත්කම නිසා වෙනි. උදාහරණයක් වශයෙන් මෙහෙම සිතන්න. අපේ සිරුරට නිතර චලනයක් අවශ්‍යය. බඩ පිරෙන්නට ආහාර ගන්නවා හා සමානව සිරුරට නිසි ආකාරයේ වාතයක් ලබා ගත යුතුය. සිරුරේ පද්ධතීන් නිසි ලෙස චලනය වෙමින් ක්‍රියාකාරී වන්නේ ඒ අනුවය. සිරුර තුළ මෙම චලනයන් නිසියාකාරව සිදු නොවීම නිසා භයානක රෝග හටගැනීමේ හැකියාව ඇත. ඒ සඳහා හොඳම නිදසුන ලෙස අංශභාග රෝගය පෙන්වා දීමේ හැකියාව ඇත. කාර්ය බහුල යෑයි කියා ගනිමින්, කාර්ය බහුල ජීවිතයක නිරත වීම තුළ සිරුරට නිසි ව්‍යායාමයක් අද නැත. හිසට තෙල් සාත්තුවක් කරන පිරිස අද ඉතා අල්පය. හිසට දමන තෙල් මගින් මුළු සිරුරටම ලබාදෙන සුවය පිළිබඳ අද මිනිසුන්ට දැනීමක් නැත. දැනීමක් තිබුණ ද ඒ අනුව ක්‍රියා කිරීමට යොමුවීමක් නොවන බවක් පෙනෙන්නට ඇත. මොළය යනු යහසාර චක්රයයි. හිසේ චක්‍ර 7 ක් ක්‍රියාත්මකය. හිස් මුදුනට දමන තෙල මුළු සිරුරටම ගමන් කරන්නේ එහි ක්‍රියාකාරිත්වය අනුවයි. අංශභාගය, පොතු කබර, කුෂ්ට රෝග වැනි රෝගයන් ඇති නොවීමට නිසි ලෙස හිස තෙල් සාත්තුව හේතු වන බව පුරාණ හෙළ වෙද පොත්වල සටහන්ව තිබේ. අංශභාගය පිළිබඳ සලකා බැලීමේදී අධික මත්පැන් පානය, දුම් පානය, ආහාර රටාවේ වැරදි එනම් අධික තෙල්, මිරිස් සහිත ආහාර අනුභවයට ගැනීම වැනි තත්ත්වයන් යටතේ ව්‍යායාම නොමැති වීම තුළ රෝගය ඇති වීමේ ප්‍රවණතාවක් ඇත. අතීතයේදී අංශභාගය පිළිබඳ කතා බහ කිරීමේදී රෝගියෙක් පිළිබඳ අසන්නට ලැබුණේ වයස අවුරුදු 60 - 70 වැනි වයස් කාණ්ඩවලදී වුවත් අද වන විට එය වයස අවුරුදු 35 පසුවන වයසේදී ඇතිවන තත්ත්වයන් ලෙසින් දක්නට ඇත. කාර්ය බහුල යෑයි කියා ගන්නා ජීවිත තුළ තම ශරීරය ගැන නොසිතා මුදල් මතම කටයුතු කිරීමෙන් විවේකය අඩු වීම තුළ අධික රුධිර පීඩනය මෙන්ම අධික ආතතියකට (මානසික පීඩනයකට) මුහුණ දීම තුළ අවුරුදු 35 වැනි අඩු වයසකදී අංශභාගය ඇතිවීමට ප්‍රධාන වී ඇති කාරණා බවට සමාජය හමුවේ හඳුනාගත හැකිව තිබේ. මොළය වාම පාදය සහ දක්ෂිණ පාදය ලෙස අංශ දෙකකට බෙදීමේදී අංශභාගය මොළයේ වාමයට පැමිණියේ නම් සිරුරේ දකුණු අංශය පණ නැතිව යන අතර දක්ෂිණයට පැමිණියේ නම් පණ නැතිව යන්නේ සිරුරේ වම් අංශයයි. එලෙස අංශභාගය සිරුරේ කුමන හෝ පැත්තකට බලපාන අතර දෙපයටම බලපාන්නේ නැත. අංශභාගය මූලික අවස්ථාවේදී හඳුනාගත හැකි ක්‍රම කිහිපයක් තිබේ. එනම් අතක හෝ පාදයක හිරිවැටීමක් මතුවී සැණෙකින් නැතිව යා හැකිය. එම හිරිවැටීම සැරින් සැරේ මතුවීමට පුළුවන. තවත් විටෙක ඔළුවේ පැත්තක් රිදෙන අයුරක් ඇතිවන අතර එය හිරිවැටීමක් ලෙසට ද ඇතිවන අවස්ථා ඇත. මේ කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව හිටි හැටියේම රෝගය ඇතිවන අවස්ථාද ඇත. රුධිර පීඩනය ඇති නම් එය නිසි ලෙස පාලනය කර නොගැනීම තුළ එක්වරම නහරයක් පුපුරා රෝගී තත්ත්වයට පත්වන අය විරල නැත. එම නිසා අධික රුධිර පීඩනය ඇති නම් අධික රුධිර පීඩනය පාලනය කර ගැනීම වෙනුවෙන් වෙහෙස ගැනීමේ වගකීම හිතට ගත යුතුය. අද ව්‍යායාමය ලෙසින් බොහෝ අය තෝරා ගන්නේ මඳ දුරක් ඇවිදීමයි. ඇවිදින එක ව්‍යායාමයක් නොවන බව පෙනෙන්නේ හොඳට දහඩිය දමන තුරු, සිරුරේ වායුව වේගවත් වන තුරු නොඇවිදින නිසාවෙනි. ව්‍යායාමයේදී හොඳින් දහඩිය දමන තුරු වායුව වේගවත් වන තුරු ව්‍යායාමයේ යෙදිය යුතු වන්නේ වැඩිපුර කැලරි දහනය වීම වෙනුවෙනි. එනම් මේදය තැන්පත් වීම පාලනය වන්නේ එවැනි වූ ව්‍යායාම මගිනි. මෙවැනි වූ රෝග තත්ත්වයන් බහුල වීමට දේශීය ඖෂධීය ගුණයෙන් යුතු ආහාර පානයෙන් පලතුරු වර්ගවලින් ඈත්වීම හේතුවක් වන බව පැහැදිලිව පෙනෙන්නට ඇත. බාගෙට පැසුණු කටු ආත්තා වෑංජනය ආහාරයට එක්කර ගත හැකි නම් මෙවැනි වූ බොහෝ රෝගවලින් වැළකීමේ හැකියාව ඇත. කටු ආත්තා වෑංජනය මෙන්ම කටු ආත්තා කොළ තම්බා බීමද හැකි නම් පොතු තම්බා බීමද යෝග්‍යය. මෙය අක්මාවට හිතෛෂීය. කටු ආත්තා හැඩයද අක්මාවක හැඩය මෙන්ය. ස්වභාව ධර්මයෙන්ම කටු අනෝදාවලට අක්මාවේ හැඩය ලබාදී තිබෙන්නේ එය අක්මාවට ගුණදායක නිසා වීමට පුළුවන. මෙවැනි වූ දේ පිළිබඳ සලකා බැලීමේදී ගොටුකොළය මොළයේ හැඩය ගනී. මොළයට ගුණය. අඹ ගෙඩිය හෘදයේ හැඩැතිය. හෘදයට ගුණය. දොඩම්, බික් වකුගඩු ආකාරයේය. වකුගඩුවලට ගුණය. ස්වභාව දහමින් පෙන්වා දී ඇති මෙවැනි වූ දේ ප්‍රතික්ෂේප කිරීම තුළ මිනිසා ලබාගෙන ඇති නරක බොහෝ බව පෙනෙන්නට ඇත. ස්වාභාවික ඖෂධීය ගුණ ඇති පලතුරු වර්ග ශ්‍රී ලංකාව තුළ බොහෝ තිබියදී ඒවායින් ඈත් වී ඇති පිරිසත් හොඳින්ම දක්නට ඇත. ගස්ලබු වෑංජනයට වකුගඩු, අක්මා, පෙනහලු ශක්තිමත් කරන අතර හම පැහැපත් කිරීමට උපකාරී වේ. ගස්ලබු වෑංජනය අතීත කෑම මේසයේ දක්නට ලැබුණත් අද එය ආහාරයට නොගන්නා තරම්ය. එහෙත් ගුණ දන්නෝ එය ආහාරයට එක්කර ගන්නා අවස්ථා ඇත. ඉතාම පැරණි හෙළ වෙද පොත්වල සටහන් වූ ඖෂධයක්, බතට මැල්ලුමක් ලෙසට යොදා ගන්නා ආකාරය බලමු. තැඹිලි නොමේරූ ගෙඩියක ලාකඩ ටිකක් සූරාගෙන පිහියකින් සිහින් තීරු කපා ගන්න. (කැරට් ආකාරයට) තිබ්බොටු ටිකක් තම්බා ගන්න. මුරුංගා කොළ මිටක් පසෙකින් තබා ගන්න. දැන් පොල් ටිකක්, උළුහාල්, සෝදා ගත් හාල් මිටක්, කොත්තමල්ලි, කරපිංචා, සූදුරු, මහදුරු, සුදුලූනු, කබලේ බැඳ අඹරා අවශ්‍ය පමණ ලුණු එකතු කර පොල් මැල්ලුම සාදා ගන්න. රතුලූනු ටිකක් ඉතාම සිහින්ව කපා දමන්න. උම්බලකඩ කුඩු ටිකක් කැමැති නම් එක්කර ගන්න. වළඳක් ලිප තබා තම්බා ගත් තිබ්බොටු දමා රත්වන විට පොල් මැල්ලුම එකතුකර, ඉන්පසු මුරුංගා කොළ ටික සහ තැඹිලි ලාකඩ තීරු දමා කලවම් කර ළිපෙන් ඉවතට ගන්න. හැකි වේලාවට ආහාරයට එක්කර ගැනීමට උත්සාහ කර බලන්න. පුරාණ ආයුර්වේද පොත් පත්වල අංශභාග රෝගය පිළිබඳ හොඳ හැටි සටහන්ව ඇති අතර ඒ වෙනුවෙන් වූ ප්රත්යක්ෂ ප්‍රතිකාර ක්‍රම සටහන්ව ඇත. තෙල් සාත්තුවට එහිදී මූලික තැනක් දී ඇත්තේ එහි ප්‍රතිඵල පෙන්වා දෙන ගමන්ය. අංශභාග රෝගයේ භයානකකම වඩාත් හොඳින් හඳුනාගත හැකි වන්නේ එවැනි වූ රෝගියෙක් නිවසේ සිටින විටය. එනිසාවෙන් රෝගයෙන් ගැලවී සිටීමට හැකිතාක් නිවැරැදි පිළිවෙත් අනුගමනය කිරීමට උත්සාහ කර බලන්න. කඩුවෙල, හේමාගම නීල මනෝකාය පාරම්පරික දේශීය වෛද්‍ය නුවන් සූරියආරච්චි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Oct 2017 07:42 PM අපේ පුඅරාන වෙදකම අපට අගය නැතො First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 02 Oct 2017 07:49 PM අපේ දේ අපිට වටින්නේ නෑ .......... 0 sha733Super Senior MemberPosts:7332 02 Oct 2017 11:48 PM හැම ලෙඩකටම පවා හෙල වෙදකමේ බෙහෙත් තියෙනවා නමුත් ඒ බෙහෙත් නියමිත විදියට කරන්න දන්න වෙදදුරැවන් නොමැති කමක් තමයි තියෙන්නේ 0 hasithadSuper Senior MemberPosts:5795 03 Oct 2017 08:35 AM ඔව්..... ඒ වගේම දැන් මේ සිංහල වෙදකම් ගොඩක් අය කරන්න නැඹුරුවක් ඇත්තෙම නෑ. ඒක හරිම ඛේදනීය තත්වයක්. අපේ දේ අපට වටින්නේ නෑ. 0 chamaramindMost Senior MemberPosts:13471 03 Oct 2017 06:34 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Oct 2017 06:38 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Oct 2017 06:46 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 03 Oct 2017 07:11 PM අපිව මෙච්චර බය කරන්න එපා මල්ලී... 0 Ind007kaMost Senior MemberPosts:12931 03 Oct 2017 07:39 PM අම්මො ඉතා බයානක ලෙඩක් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 03 Oct 2017 09:28 PM දැක්කනෙ. ජානගත රෝගී තත්ත්වය ගෙන යන්නෙ ගැහැණු වාහකයන් මගින්. නමුත් වැළඳෙන්නේ පිරිමින්ට විතරයි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 03 Oct 2017 09:37 PM මේ රෝග පිළිබඳව දැක්කම බයත් හිතෙනවා. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 hasithadSuper Senior MemberPosts:5795 04 Oct 2017 06:25 AM වටිනාම දැනුවත් කිරීම් තියෙන ලිපි පෙලක්. ඌරු මස් වල තෙල වැඩියි කිව්වට කුකුලු මස් තමයි මස් වලින් තෙල් වැඩිම. ඊට අමතරව ඉස්සෝ. මාර සීන් එකක් ඒක. 0 maduranga001Most Senior MemberPosts:14118 04 Oct 2017 08:01 AM අපිත් කුකුල් මස් ඉස්සෝ එහෙම අහු උනහම කනවා තමයි. හැබැයි ඒවායේ තියෙන අයහපත ගැන දන්නවා නම් ජීවිතේට කටේ තියන්නෙ නැහැ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 chamaramindMost Senior MemberPosts:13471 04 Oct 2017 06:18 PM දියවැඩියාව වළක්වමු දියවැඩියාව යනු රුධිරයේ ග්ලුකෝස් මට්ටම හෙවත් සීනි මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යැමයි. රුධිරයේ සීනි මට්ටම නිසි ලෙස පාලනය නොකළහොත් එය තවදුරටත් මොළය, හෘදය වස්තුව, ඇස්, වකුගඩු, පාද හා ශරීරයේ වෙනත් අවයව වල සංකූලතා ඇති කරමින් ඔබට සාමාන්‍ය ජිවිතයක් ගත කිරීමේ අවස්ථාව මග හරවයි. එබැවින් රුධිර පරීක්ෂාවකින් ඔබට දියවැඩියාව වැළඳී ඇති බව දැනගත් වහාම ඔබගේ ආහාර රටාව සුදුසු පරිදි වෙනස් කර ගන්න. ශාරීරික ක්‍රියාශිලි බව වැඩිකර ගන්න. වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගන්න. ඔබ දියවැඩියාවෙන් පෙලෙන්නේදැයි හඳුනා ගන්නේ කෙසේද? නිතරම දැනෙන මහන්සිය ගතිය නිතරම දැනෙන පිපාසය නිතරම මූත්‍රා කිරීමට අවශ්‍ය වීම (දිවා රාත්‍රි දෙකෙහිම) පෙනීම බොඳවීම නිතරම කුසගිනි දැනීම ඉතා කෙටි කාලයකදී බර අඩුවීම ලිංගික දුබලතා ඇතිවීම අත් සහ පාදවල හිරි වැටීම. දියවැඩියාව නිට්ටාවට සුව කළ නොහැක. එහෙත් මනාව පාලනය තුළින් නිරෝaගී දිවියක් ගත කළ හැකිය. දියවැඩියාව පාලනය සඳහා නියමිත ප්‍රමාණයෙන් නියමිත වේලාවට ඖෂධ ලබා ගැනීම සුදුසු ආහාර ගැනීම ක්රියාශිලී වීම යන අංශ 3 හිම දායකත්වය අවශ්‍ය වේ. දියවැඩියා රෝගීන්ට බහුලව ගත හැකි ආහාර මුකුණුවැන්න, කංකුන්, ගොටුකොළ වැනි පලා වර්ග ගෝවා ලීක්ස් වැනි කොළ වර්ග වැටකොළු, පතෝල, මුරුංගා, වම්බටු, කොහිල, කෙසෙල්මුව, කරවිල, තක්කාලි වැනි පිෂ්ඨය අඩු එළවළු වර්ග මුං ඇට, කඩල, කව්පි, සෝයා, පරිප්පු වැනි වියලි ආහාර මේද රහිත කිරි හා කිරි නිෂ්පාදන බිත්තර සුදුමදය මධ්‍යස්ථව ගත හැකි ආහාර මෙම කාණ්ඩයට අයත් ආහාර නිර්දේශිත ප්‍රමාණය ඉක්මවා නොගැනීම වැදගත්ය. බත්, පාන්, සහල්, ඉරිඟු, කුරක්කන් පිටිවලින් සෑදු ඉඳිආප්ප, පිට්ටු වැනි පිෂ්ටමය ආහාර කොස් දෙල්, අර්තාපල් අළු කෙසෙල් කැරට් වැනි පිෂ්ඨය බහුල එළවළු වර්ග. මෙම කාණ්ඩයට අයත් ආහාරවල තන්තු ප්‍රමාණය අධික වීම රුධිරයේ සීනි ප්‍රමාණය ක්‍රමානුකුලව පාලනයට වැදගත් වේ. එම නිසා නිවුඩ්ඩ සහිත තම්බන ලද සහල්, ආටා පිටි, හාල් පිටි වලින් තැනූ ආප්ප, ඉඳිආප්ප වැනි ආහාර තෝරා ගැනීම සුqදුසුය. පලතුරු අනුභවය සෑම ආහාර වේලකටම වුව තරමක ඉඳුනු පලතුරු එක් කර ගත හැකි අතර එක් වේලකදී එක් පලතුරක් පහත දැක්වෙන ආකාරයට ගත හැකිය. කුඩා කෙසෙල් ගෙඩි 1 ක් කුඩා ඇපල් හෝ දොඩම් ගෙඩි 1 ක් පලතුරු යුෂ කෝප්ප 1/2 ක් කුඩා පේර ගෙඩි 1 ක් ගස් ලබු ගෙඩියකින් 1/4 නෙල්ලි ගෙඩි 1 ක් මාංශ අනුභවය ඔබ දියවැඩියාවෙන් පෙලේ නම් මස්, මාළු අනුභවය නැවැත්වීම අවශ්‍ය නැත. එහෙත් මේදය අධික රතු පැහැ මස් (හරක්a මස් එළු මස්, ඌරු මස්&zwnj, සතුන්ගේ තෙල් සහිත කොටස් ආහාරයට ගැනීම නොකළ යුතුය. මාළු ආහාරයට ගැනීම සුqqදුසු අතර බිත්තර ආහාරයට ගැනීමේදී සතියකට බිත්තර 3 කට වඩා නොගැනීම වඩා සුදුසුය. නොගත යුතු ආහාර පැණි, සීනි, හකුරු සහ උක් සීනි එකතු කරන ලද ආහාර හෝ බීම වර්ග පුඩිං වටලප්පන්, අයිස්ක්‍රීම් වැනි අතුරුපස වර්ග රට ඉඳි චොකලට් , වියලි මිදි තෙල් අධික ටින් කළ ආහාර නොගත යුතු අතර අධික ලුනු අඩංගු ආහාර වන බේකන්, සොසේජස්, අච්චාරු වැනි ආහාර වලින්ද වැළකිය යුතුය. මස් වර්ග වලට අමතරව කොලෙස්ටරෝල් අධික ආහාර වන බිත්තර කහ මදය, බටර්, චීස් පීකදු වැනි ආහාර වලින් වැළකිය යුතුය. ව්‍යාංජන පිළියෙල කිරීමේදී මේදය හා මිටි කිරි අවම වශයෙන් පාවිච්චි කළ යුතුය. ශාරීරික ව්‍යායාම ශරීරය මදක් වෙහෙසීම රුධිරගත සීනි පාලනයට ඉවහල්වන අතර දියවැඩියාව වැළඳුනු ඔබ එය දැනගත් වහාම වෛද්‍ය උපදෙස් යටතේ මේ සඳහා යොමුවිය යුතුය. තම රුචිය පරිදි වේගයෙන් ඇවිදීම, දිවීම, පිහිනීම, බයිසිකල් පැදීම වැනි ව්‍යායාම තෝරා ගත හැකිය. වැඩිහිටියන් සතියකට අවම වශයෙන් දින 5 ක් වත් දිනකට මිනිත්තු 30 ක කාලයක් ද ළමුන් දිනපතා, දිනකට පැයක පමණ කාලයක් ද ප්‍රමාණවත් ශාරීරික ව්‍යායාම්වල යෙදීම යෝග්‍යවේ. ව්‍යායාම මගින් රුධීරගත සීනි පාලනය ක්‍රමවත් වන අතර ශරීර බර වැඩිවීම පාලනය කර ශරීරයට සුවදායක බවක් ලබාදෙයි. පාලනය නොකළ දියවැඩියාවෙන් ඇතිවිය හැකි සංකූලතා හෘදයාබාධ ඇස් පෙනීමේ දුර්වලතා හා අන්ධභාවය වකුගඩු අක්‍රියවීම අංශභාග රෝග තත්ත්වය අත් පා වල ස්නායු හා රුධිරවාහිනි දුර්වල වීම අත්පා වල තුවාල ඇතිවීම හා ඒවා සුව නොවීම නිසා අත් පා කපා ඉවත් කිරීමට සිදු වීම ලිංගික දුර්වලතා අක්මාවේ ක්‍රියාකාරීත්වය දුර්වල වීම මෙවැනි සංකූලතා වළක්වා ගන්නේ කෙසේද? නිරාහාර රුධිර සීනි පරීක්ෂාව ( FBS) මසකට වරක්වක් සිදු කරගැනීම Hba 1c පරීකAෂාව මාස 3-6 අතර කාලයකදී සිදු කර ගැනීම Urine Microalbumin පරීක්ෂාව වසරකට වරක්වත් සිදුකර ගැනීම හැකිනම් ඇස් පරීක්ෂාව වසරකට වරක්වත් සිදුකර ගැනීම රුධිර පීඩනය සෑම සායන අවස්ථාවකදීම පරීක්ෂාකර ගැනීම. බෝනොවන රෝග ඒකකය රැ සෞඛ්‍ය අමාත්‍යාංශය ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 04 Oct 2017 06:22 PM 'ඇඟට දැනෙන ව්‍යායාම කරමු' ඔබත් ව්‍යායාම කරන්න සූදානම්ද? ඔබේ ඉලක්කය හඳුනාගන්න. ඔබේ ජීවන ක්‍රමයට ගැලපෙන ව්‍යායාම පළමුව තෝරා ගන්න. ව්‍යායාම සඳහා ඔබගේ ශාරීරික යෝග්‍යතාවය හඳුනාගන්න ව්‍යායාම ඇරඹීමට පෙර ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම කිරීමටත් (ඉන්පසු ව්‍යායාම ඇරඹීමටත්) අවසානයේ ඇඟ සැහැල්ලු කරන ව්‍යායාම කිරීමටත් අමතක නොකරන්න ව්‍යායාම කරන අතරතුර හා ව්‍යායාම වලින් පසුව ජලය පානය කිරීම වැදගත් වේ. නිසි ව්‍යායාම මගින් ලැබෙන වාසි අස්ථි සහ පේශි ශක්තිමත් කරයි. සන්ධිවල නම්‍යතාව වැඩි කරයි. ශරීරයේ නියමිත බර පවත්වා ගැනීමට හැකි වේ. හැඩැති රුවක් ලබාගත හැකිවේ. මානසික ආතතිය අඩු කරයි අධ්‍යාපන කටයුතුවල ප්‍රබෝධමත්ව නියෑලීමේ හැකියාව ලැබේ. හෘදයේ සහ පෙනහළුවල ක්‍රියාකාරිත්වය හොඳින් පවත්වා ගැනීමට උපකාරි වේ. තරබාරුවීම නිසා ඇතිවන බෝ නොවන රෝග වැළඳීමේ අවදානම අඩු කරයි උදා- හෘද රෝග, පිළිකා, දියවැඩියාව, අධික රුධිර පීඩනය, ආඝාතය (අංශභාගය) එදිනෙදා ජීවිතයට ව්‍යායාම එක් කරගන්නේ කෙසේද? විනෝදාංශයක් ලෙස ව්‍යායාම කිරීම එදිනෙදා ගේ දොර වැඩ කිරීම එදිනෙදා කාර්යයන් සඳහා හැකි සෑම විටම පයින් ගමන් කිරීම හෝ බයිසිකලයක් භාවිත කිරීම බසයෙන් බැසීමට ඇති ස්ථානයට බස් නැවතුම් 2කට හෝ 3 කට පෙර බසයෙන් බැස ඇවිදගෙන යැම විදුලි සෝපාන වෙනුවට පඩිපෙළ භාවිත කිරීම අපට කළ හැකි ව්‍යායාම විනෝදාංශයක් ලෙස බයිකල් පැදීම, දිවීම, පිහිනීම වේගයෙන් ඇවිදීම විවිධ ක්‍රීඩාවල යෙදීම උදා - එල්ලේ ක්‍රිකට් නර්ථනය, කඳු නැගීම ගේ දොර වැඩ උදා- ගෙදර අතුගෑම මොප් කිරීම,දැත භාවිතයෙන් රෙදි සේදීම,ගෙවතු වගාව යෝග ව්‍යායාම ස්වායු ව්‍යායාම බර එසවීමේ ව්‍යායාම සංස්කරණය - ඒමන්ති මාරඹේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 04 Oct 2017 06:28 PM "විනාඩි විස්සෙන් පුද්ගලයෙකුට හෘදයාබාදයක් වැළදී ඇත්දැයි දැනගත හැකි පරීක්ෂණයක් දැනට සුලබව භාවිත වන ඊසීජී පරීක්ෂණය හරහා ප්‍රධාන පෙළේ හෘදයාබාදයක් හඳුනාගත හැකි වුවද එම පරීක්ෂණයට ජීවිතයට තර්ජනයක් විය හැකි පොදු හා කුඩා හෘදයාබාදයන් හඳුනා ගැනීමේ හැකියාව නොපවතී. පහසුවෙන් සිදු කළ හැකි රුධිර පරීක්ෂණයක් හරහා පුද්ගලයෙකුට හෘදයාබාදයක් වැළඳ ඇත්දැයි නිශ්චිතවම විනාඩි 20 ක කාලයක් තුළදී අනාවරණය කර ගතහැකි බව එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර කිංග්ස් විද්‍යාලයේ පර්යේෂකයෝ පවසති. පපුවේ වේදනාව හට ගන්නා රොගීන්ගෙන් 2/3 කට හෘදයාබාදයක් වැළඳී නොමැති බව බටහිර වෛද්‍ය පර්යේෂණවලදී අනාවරණය වී ඇති අතර මෙම නව රුධිර පරීක්ෂණය වන "සීමයිසී" පරීක්ෂණය මගින් වෛද්‍යවරයාට විනාඩි 20ක් ඇතුළතදී හෘදයාබාදයක් වැළඳී නොමැති අයෙකු හඳුනාගෙන ඔවුන්ව නිවෙස්වලට පිටත් කර යෑවීමට හැකිවන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. දැනට සුලබව භාවිත වන ඊසීජී පරීක්ෂණය හරහා ප්‍රධාන පෙළේ හෘදයාබාදයක්a හඳුනාගත හැකි වුවද එම පරීක්ෂණයට ජීවිතයට තර්ජනයක් විය හැකි පොදු හා කුඩා හෘදයාබාදයන් හඳුනා ගැනීමේ හැකියාව නොපවතී. දැනට පපුවේ වේදනාවක් හට ගැනුනද ඊ.සී.ජී. පරීක්ෂණය හරහා හෘදයාබාදයක් වැළදී නොමැති බව තහවුරු කරන ලද අයට "ට්‍රොපොනින්"නමැති රුධිර පරීක්ෂණය සිදු කළ ද හෘදයවස්තුවේ මාංශ පේශියට හානි සිදුව ඇත්දැයි දැන ගැනීම සඳහා එය පැය තුනකට පසු නැවත සිදු කිරීමට නිර්දේශ කෙරේ. පර්යේෂකයන් හඳුන්වා දී ඇති "සීමයිසී" (කාඩියෑක් මයෝසින් - බයින්ඩින් ප්‍රොaටීන් සී) රුධිර පරීක්ෂණයේදී ට්‍රොපොනින් පරීක්ෂණයට වඩා හෘදයාබාදයක් වැළදුණු අයෙකුගේ රුධිරය වේගවත්ව ඉහළ නැඟීමක් පෙන්නුම් කරන බව පර්යේෂකයෝ කියා සිටිති. මෙම නවතම රුධිර පරීක්ෂණය හා ට්‍රොපොනින් පරීක්ෂණය ස්විට්සර්ලන්තය, ඉතාලිය හා ස්පාඤ්ඤය යන රටවල දරුණු පපුවේ වේදනාවක් පවතින රෝගීන් 2000 ක් සම්බන්ධයෙන් අත්හදා බැලූ විට නවතම පරීක්ෂණය සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන බව තහවුරු වී ඇත. මෙම හෘදයාබාදයක් වැළඳී ඇත්දැයි කෙටි කලකින් හඳුනාගත හැකි රුධිර පරීක්ෂණය ඉදිsරි වසර කිහිපය තුළදී බටහිර රටවල රෝහල් සේවාව හඳුන්වාදීමට නියමිතය. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 52 of 137 << < 5051525354 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner