You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 53 of 137 << < 5152535455 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Oct 2017 06:32 PM

ලොව ජනගහනයෙන් පස්‌ දෙනෙකුගෙන් එක්‌ අයකු වැසිකිළි යැමෙන් පසු දැත් නොසෝදයි

http://divaina.com/daily/images/Paper/2017/10/05/weda2.jpg

දැත් සේදීම සම්බන්ධයෙන් මෑතකදී සිදුකරන ලද අධ්‍යයනයකදී ලොව ජනගහනයෙන් පස්‌ දෙනෙකුගෙන් එක්‌ අයකු වැසිකිළි යෑමෙන් පසු නිතර දැත් නොසෝදන බව අනාවරණය වී තිබේ.
 
 එමෙන්ම ජනගහනයෙන් තුන්දෙනෙකුගෙන් එක්‌ අයකු ආහාර පිළියෙල කිරීමට පෙර දැත් නොසෝදන බව අනාවරණය වී ඇති අතර එක්‌සත් රාජධානියේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 84 ක්‌ම ප්‍රමාණවත් ලෙස දැත් නොසොදන බව හෙළිවී තිබේ.
 
 මෙම තත්ත්වය මත ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ තම දැත් වල විෂබිජ තවරා ගෙන පිටත් වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස බැක්‌ටීරියා මගින් වැළඳෙන ආසාදනයන්ට හා වෛරස්‌ මගින් වැළදෙන සෙම්ප්‍රතිශ්‍යාව හා උණ රෝගයන්ට ගොදුරු වන බව පර්යේෂකයෝ පවසති.
 
 සාමාන්‍යයෙන් ආහාර පිළියෙල කිරීමට පෙර, ආහාර ගැනීමට පෙර මෙන්ම පසුව හා වැසිකිළි යැමෙන් පසු දැත්වලට හොඳින් සබන් යොදා (අත්ලෙහි මෙන්ම අත්ලෙහි මතුපිට ගැවෙන පරිදි) තත්ත්පර 20 ක කාලයක්‌ දැත් සේදිය යුතු බව වෛද්‍ය මතයයි.
 
 වැසිකිළි යැමෙන් පසු හොඳින් සබන් යොදා දෙවරක්‌ හෝ තෙවරක්‌ දැත් සේදීම (නියපොතු ඇතුළත ශුද්ධ වන සේ) යෝග්‍ය බවට වෛද්‍යවරු ප්‍රකාශ කර ඇත්තේ කලක සිටය.
 
 එහෙත් ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ ඒ පිළිබඳව අවධානය යොමු නොකරන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ.
 
 ප්‍රමාණවත් පරිදි දැත් සබන් යොදා සෝදා ගන්නේ නම් ලොව පුරා පාචනය වැනි රෝගවලට ගොදුරු වන්නන්ගෙන් 1/3 ක්‌ එම රෝගවලට ගොදුරු වීම වළක්‌වාගත හැකි බව වෛද්‍යවරු සඳහන් කර සිටිති.
 
 බෝනොවන රෝග ඒකකය රැ සෞඛ්‍ය අමාත්‍යාංශය
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Oct 2017 07:12 AM
පස්‌ දෙනෙකුගෙන් එක්‌ අයෙක් නෙමෙයි 4 දෙනෙක්ම වැඩේ කරන්නේ නැතුව ඇති.
ගොඩක් අය ම්නේ දේවල් ගනන් ගන්නේ නෑ.
ලෙඩක් හැදුනම තමයි මේවගේ රගේ තේරෙන්නේ.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 Oct 2017 04:53 PM
අපෝ ඔව් ලෙඩ වුණාම විතරයි ඒවා මතක් වෙන්නේ ..
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
05 Oct 2017 08:50 PM
බොහෝ අය තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන්නේ අසනීප වූ පසුවයි. එතකොට නැව ගිහින්..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
06 Oct 2017 04:28 AM
දැන් මේ පරීක්ෂණය කරපු උදවිය අදාළ කර්තව්‍ය සිදු කරේ කොහොමද කොහොමද දන්නේ නැහැ
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Oct 2017 06:02 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/23841.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/23842.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/23843.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/23844.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/23845.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/23846.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/23847.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/23848.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Oct 2017 06:10 PM

වැඩියෙන්ම මාරාන්තික පෙනහළු රෝගය COPD

COPD හැටියට හඳුන්වන රෝගයක් ඇති බව අපි බොහෝ දෙනා දන්නේ නෑ. නමුත් වැඩිපුරම දක්නට ලැබෙන පෙනහළු ආශ්‍රිත රෝගයක් හැටියට මෙය හඳුන්වන්න පුළුවනි. ඉස්සර මේකට කිව්වේ නිදන්ගත බ්‍රොන්කයිටිස් නැත්නම් එප්සිමා කියලයි. ඒ රෝග තත්ත්ව දෙකම මූලික මට්ටමේ රෝග දෙකක්. වඩාත් දරුණු තත්ත්වයට පැමිණියාම දැන් එය හඳුන්වන්නේ නිදන්ගත පෙනහළු අවහිරතාව හැටියටයි.

නිදන්ගත පෙනහළු අවහිරතාව හටගත්තාම නිසිපරිදි සිරුරට අවශ්‍ය ඔක්සිජන් ලැබෙන්නේ නැතුව යනවා. විශේෂයෙන්ම හෘදයට අවශ්‍ය ඔක්සිජන් සැපයුම අඩුවෙනවා. මේ නිසා හදවතට දෙගුණයක් මහන්සි වෙලා වැඩකරන්න සිදුවෙනවා. ඒක මාරාන්තික තත්ත්වයකට මග පෙන්වනවා. 2015 දී මේ රෝගයට මිලියන 175ක් ලෝකය පුරා ගොදුරුව සිටියා. ඒ හේතුවෙන් මිලියන 32ක් මියගිහින් තියෙනවා. රෝගයට හේතුකාරක වන පාරිසරික තත්ත්වය සහ ඇබ්බැහි ජීවන රටාව වෙනස් කර ගැනීමෙන්ම පමණක් මේ රෝගයට ගොදුරු වීමෙන් වැළැකිය හැකියි. 

රෝග ලක්ෂණ

• මාස තුනකට වඩා කල් අල්ලා ඇති කැස්ස.

• නිතර සෙම පිටවීම.

• හුස්ම ගැනීමේ අපහසුතාව. (අමාරුවෙන් හුස්ම ගැනීම)

• නිතර පවතින සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය.

• හුස්ම පිටකිරීම අපහසුවීම.

• පපුවේ තද ගතිය

• හුස්ම ගන්නා විට හඬක් පිටවීම.

• හුස්ම ගැනීමට දෙකට නැමීමට සිදුවීම.

මුලින් කැස්ස සහ සෙම පිටවීම හැර වෙනත් අපහසුතා දක්නට නොලැබෙන නිසා COPD ගැන සැලකිල්ල යොමුවීම අඩුයි. අත් බේත් හෝ ප්‍රතිජීවක හිතූ හැටියට අරගෙන තාවකාලික සහනය සොයා ගියත් නිසි වෛද්‍ය පරීක්ෂණයකින් තොරව සිටියොත් සිදුවන්නේ මෙය දිනෙන් දින බරපතළ වීමයි.

මොනවද හේතු?

• රෝගය ඇතිවන්නේ බොහෝ විට අවුරුදු 40ට වැඩි අයටයි.

• පෙනහළුවල නාල අවහිර වීම සඳහා බලපාන ප්‍රධාන සාධකය දුම්පානයයි.

• ඊළඟට වායුවේ ඇති දූෂ්‍ය ද්‍රව්‍ය සහ අපද්‍රව්‍යයි.

නියමාකාරයෙන් පිරිසුදු කර නැති දූවිලි බැඳුණු විදුලි පංකා, වායු සමීකරණ යන්ත්‍ර වගේම දූවිලි බැඳුණු ජනෙල් දොර තිර නිසි ලෙස පවිත්‍ර නොකළ කොට්ට මෙට්ට උර, පොරවන රෙදි, පරිසරයේ දූවිල්ල, දර ලිප් දුම සහ වාහන දුම, ඇස්බැස්ටස් කෙඳිති බඳු කෘත්‍රිම වායු දූෂක, නගරබදව ජීවත්වීම, රැකියාවේ ස්වභාවය හේතුකොට එම ස්ථානයේදී ඇතිවන දූෂිත වායුවට ගොදුරැ වීම, ගල් අඟුරු පුළුන් ආශ්‍රිත කර්මාන්ත, රෙදිපිළි කර්මාන්ත, කෘෂිකාර්මික කටයුතුවලදී ආඝ්‍රණය වෙන කැඩ්මියම් ප්‍රමුඛ කෘෂි රසායන, වෙල්ඩින් වැඩවලදී නැගෙන දුම මේ සඳහා මූලිකව බලපාන කරුණුය. එසේම ජානමය හේතූන්ද COPD සඳහා බලපාන බව ඔප්පු වී තිබේ. නමුත් එය ඉතාමත් විරලව ඇතිවන්නකි. ජානමය සාධක සහිත ඒ සමඟම පරිසරයේ දූෂිත වායුව ආඝ්‍රාණයට ලක්වන සහ විශේෂයෙන්ම දුම්බොන අය මේ රෝග තත්ත්වයට ඉක්මනින්ම ගොදුරු වෙයි. 

හඳුනාගැනීම සහ ප්‍රතිකාර

ඉතාමත් පහසුවෙන් සිදුකරන පෙනහළු පරීක්ෂාවක් මගින් මේ තත්ත්වය කලින්ම හඳුනාගත හැකිය. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සෑම රෝහලකම ලය රෝග සායනවල තිබේ. වෛද්‍ය නියමය පරිදි ප්‍රතිකාරවල යෙදීමත්, තමන්ගේ ජීවන රටාව පරිසරය නිසි ලෙස සකසා ගැනීමත් මගින් මෙය නිට්ටාවටම සුවකරගන්නට හැකියි.

I සුගත් පී. කුලතුංගආරච්චි

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Oct 2017 06:15 PM

විවිධාකාර කැක්කුම්

පුරුෂයන් මුහුණ දෙන ලිංගික ගැටලු ගැන කරන කතාබහට ඇතුළත් වූ කරුණු වලින් වඩාත්ම බහුලව අසන්නට ලැබෙන්නේ ලිංගාශ්‍රිතව හටගන්නා විවිධාකාර වේදනා කැක්කුම් ගැනයි. 

ශිෂ්ණය ආශ්‍රිතව ඇතිවන විවිධ රෝගාබාධ හේතුකොට හටගන්නා වේදනා කැක්කුම් හේතුවෙන් අපේ අය කැලඹීමට, භීතියට වගේම ලජ්ජාවටත් පත්වෙනවා. මේ නිසාම ඔවුන් විවිධ ව්‍යාජ ප්‍රතිකාර ක්‍රමවේදවල ගොදුරැ බවට පත්වෙනවා. එයින් නොසිතූ විරූ අසරණභාවයකට පත්වෙන්නත් පුළුවන්.

ශිෂ්ණය ආශ්‍රිතව හටගන්නා විවිධ කැක්කුම් සහ එයට හේතු මෙන්ම ඒ සඳහා ගත හැකි ප්‍රතිකාර ගැන පොදුවේ කතාබහ කරන්නට හිතුවේ ඒ මගින් තමන්ට ඇති යථා තත්ත්වය තේරුම් ගෙන නියම ප්‍රතිකාර සඳහා යොමු වීමට උනන්දු කරවීම සඳහායි.
ශිෂ්ණයේ වේදනාවක් හටගන්නට මුල්වන කාරණාවක් හැටියට අපි මුලින්ම සඳහන් කළ යුත්තේ පසුගිය සතියේ කතා කළ පෙරසම පිටුපසට නොයාම හෙවත් පයිමෝසිස් තත්ත්වයයි. එයට ප්‍රතිකාරය ලෙස දැක්වූයේ සුන්නත් කිරීම හෙවත් සර්කම්සිශන් සැත්කමයි. 

ඊළඟට පෙරසම ශිෂ්ණයට බැඳී ඇති ප්‍රිනියුලමය හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයේ දී නූල කියලා හඳුන්වන කොටස තද සහ කෙටි නම් එවිටත් කැක්කුම හටගන්නවා. එහිදී සැත්කමක් මගින් සහනයක් සැලසෙනවා.

ලිංගික ක්‍රියාවලියේ දී වේදනාකාරී බවක් ඇති වීමට එක් ප්‍රධාන හේතුවක් තමා යෝනි මාර්ගයේ වියළි බව. මෙහිදී ජෙලි හෝ වෙනත් ලිස්සන සුළු ආලේපනයක් වෛද්‍ය උපදෙස් මත භාවිතා කළ යුතුයි.

පුරුෂ ලිංගයේ වේදනාවට හේතුවන තවත් එක් හේතුවක් තමා ලිංගික හර්පිස් රෝගය. මෙම රෝගය නිසා හටගන්නා වේදනාකාර බිබිලි දමා ඇතිවිට නිර්දේශිත ක්‍රීම් භාවිතා කළ යුතුයි.

ගොනෝරියා, වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් හටගැනීම හෝ මුත්‍රා ආසාදන නිසාත් කැක්කුම් ඇති වෙනවා. එහිදී වෛද්‍යවරයකු හමුව සුදුසු ප්‍රතිජීවක භාවිතා කළ යුතුයි.

පිරිමින්ට මාරකයක් හැටියට නිතර කතාබහට ලක්වෙන පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිතව හටගන්නා ආසාදන හේතුවෙනුත් කැක්කුම් හටගන්නවා. එහිදීත් ප්‍රතිජීවක තමා ප්‍රතිකාරකය. හැබැයි වෛද්‍ය අනුමැතිය යටතේ තමා එය භාවිතා කළ යුත්තේ. 

ශිෂ්ණ මුණ්ඩය වණවීම නැත්නම් Balanitis බැලනටිස් ගැන අපි කතා කළා. මේකත් වේදනාවට හේතුවක්. මෙහිදී ප්‍රතිජීවක ලබාගත යුතු අතර, රෝගයට හේතුව දියවැඩියාව නම් එය දැන ප්‍රතිකාර ගත යුතුය. ප්‍රිපැසිසම් හෙවත් දිගටම ප්‍රාණවත්ව තිබීමේ තත්ත්වය ගැන අපි කලින් කතා කළා. ඒ සඳහා ශල්‍යකර්මයක් මගින් රුධිර කැටියක් ඇත්නම් ඉවත් කළ යුතුයි. ඊළඟට රුධිරගත රෝගයක් වේ නම් සුදුසු වෛද්‍යවරයකු මගින් ප්‍රතිකාර ගත යුතුයි.

සමහර විට ශිෂ්ණයේ කඳෙහි එක් පැත්තක් ප්‍රදානයට පත්විය හැකියි. එවිට කැලලක් ඇති වී එය මඳක් ඇදවිය හැකියි. මෙයට කියන්නේ පෙරෝනිස් රෝගය කියලයි. මෙහිදී ඇද වූ ලිංගය ප්‍රාණවත් වන විට වේදනාවක් ඇති වෙනවා. සමහර අවස්ථාවලදී මේ සඳහා මෙගා විටමින් මගින් ප්‍රතිකාර ලබා දෙනවා. තවත් වෛද්‍යවරු මෙහිදී සැත්කමක් කළ යුතු බව තීරණය කරනවා.

මුත්‍රා දැවිල්ල, ඇස් රතු වීම සහ හන්දිපත් රුදාව සමග ශිෂ්ණයෙන් සැරව වැනි දියරයක් පිටවෙනවා නම් එය රෝගයක් බව සිහි තබාගන්න. රයිටර්ගේ සින්ඩ්‍රෝමය ලෙස හැඳින්වෙන මේ රෝග ලක්ෂණ එකතුව සඳහා ප්‍රතිජීවක ඖෂධ මගින් ප්‍රතිකාර කළ යුතුයි. හැබැයි වෛද්‍ය උපදෙස් මත ඒවා ගත යුතුයි. ශිෂ්ණයේ පිළිකා හෝ වෙනත් ගෙඩියක් නිසා හටගන්නා වේදනාවට ඇති එකම ප්‍රතිකර්මය වෛද්‍ය උපදෙස් මත සැත්කමකට ලක්වීමයි.

උපදෙස් / විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Oct 2017 06:19 PM

මැරෙන්න හිතෙන ලෙඩේ

දුක කියන එක අපි කාටත් පොදුයි. බුදුන් වහන්සේත් දේශනා කරලා තියෙනවා ඇලීම තියෙනකම් අපිට දුක ඇති වෙනවා කියලා. ඒ අනුව දුක කියන්නේ සදාතන ධර්මයක්. නොයෙකුත් විපත්වලට අපට මූණ දෙන්න සිදු වෙනවා. ඒවායෙන් සමහරක් සුනාමි, ගංවතුර, නායයෑම, සුළි සුළඟ වගේ ස්වභාවික විපත්. යුද්ධය අපි විසින් නිර්මාණය කරගත්ත විපතක්. 

අපි මෙහෙම හිතමු. යම් විපතකදී අපි ඉතාමත්ම ආදරය, කරපු පුද්ගලයකු. එහෙමත් නැත්නම් සතෙක් අපිට අහිමි වෙන්න පුළුවන්. මෙය දරාගත නොහැකි ශෝකයක්. මානසික ලෙඩක් නම් නොවේ. නමුත් මේ ශෝකය බෙදාගන්න නිසි ලෙස ඔවුන්ට උදවු වුණේ නැත්නම් එය මානසික රෝගයකින් කෙළවර වෙන්න පුළුවන්.

රුවනිට වයස අවුරුදු 17යි. රුවනි ජීවත් වුණේ හික්කඩුවේ. අම්මා තාත්තා හැරුණු කොට ඇය ඉතාමත්ම ආදරය කරන බලු පැටියා ටොමී. මුළු පවුලම සුනාමියට අහුවුණා. අම්මයි තාත්තයි රුවනියි නම් බේරැණා. ටොමී ආගිය අතක් නෑ. රුවනි ටොමීව හැමතැනම හෙව්වා. නමුත් ටොමී හමුවුණේ නෑ. රුවනි හැම තිස්සෙම කිව්වේ ‘නෑ... ටොමී මැරිලා නෑ.’ ටොමී ඉන්නවා. ටොමී කවදාවත් මැරෙන් නෑ කියලයි. 

රුවනි මාසයක් පමණ මේ විශ්වාසය තුළ හිටියා. මේ අවස්ථාවට මනෝ විද්‍යාවේ කියන්නේ හානියක් සිදු වී ඇති නමුත් එය මනස නොපිළිගන්නා අවස්ථාව කියලයි. (Denial Phase) ටොමී යළි කවදාවත් නොඑන බව අවබෝධ කරගන්න රුවනිට මාස දෙකක් විතර ගතවුණා. මෙහෙම රුවනි හිතන්න පටන් ගත්තා. ඇයි මට ටොමීව බේරා ගන්න බැරි වුණේ. මගෙ අම්මයි තාත්තයි මේකට වග කියන්න ඕනෑ. ඉතින් ඇය නිතරම රණ්ඩු වෙන්න පටන් ගත්තා. සමහර වෙලාවට තරහ පාලනය කරගන්න බැරුව බඩුත් පොළොවෙ ගහනවා. මනෝ විද්‍යාවේ මේ අවස්ථාවට හඳුන්වන්නේ තරහ යන කාලය (Anger Phase) කියලයි. 

මෙසේ මාසයක් පමණ යන විට ඇගේ තරහ අඩුවුණා. නමුත් ජීවිතය එපා වුණා. කලකිරුණා. නිතරම ටොමී ගැන සිතමින් කාලය ගත කළා. මෙහෙම ඉන්නකොට තමයි ඇය අපට යොමු වුණේ. අපි ඇය සමග ටොමී ගැන කතා කළා. ටොමී වෙනුවෙන් දානයක් දෙන්න කියලත් කීවා. ටොමීගෙ පින්තූර කීපයක් ඇගේ කාමරෙත් ගෙදරත් අලවන්න කියලත් කීවා. ටොමීගෙ තවත් පින්තූරයක් ඇගේ පර්ස් එකේ තියාගන්න කියලත් උපදෙස් දුන්නා.

ඇය කීපවතාවක්ම සායනයට පැමිණියා. ඇය ඇගේ දුක කියන විට අපි අහගෙන හිටියා. ඇය ඇති තරම් ඇඬුවා. අපි අඬන්න ඉඩ දුන්නා. රුවනි ක‍්‍රම ක‍්‍රමයෙන් මෙය ස්වභාවික විපතක ප‍්‍රතිඵලයක් බව අවබෝධ කරගත්තා. එය වළක්වාලීමට ඇයට හෝ මවුපියන්ට කළ හැකි කිසිවක් නොමැති බවද ඇය අවබෝධ කරගත්තා. මේ අවබෝධය ලබාගැනීම මනෝ විද්‍යාවට අනුව පිළිගන්නා කාලපරිච්ඡේදය (Acceptance Phase) ලෙස හඳුන්වනවා. මේ ඇතිවන දුකට තමයි Grief කියලා කියන්නේ. මේ දුක අසනීපයක් නොවෙයි.

එහි අවස්ථා අපි බලමු.

1. සිද්ධිය පිළි නොගැනීම (Denial)

2. තරහ යෑම (Anger)

3. මානසික පීඩාව (Depressive)

4. කේවල් කිරීම (Bargain)

5. ඇත්ත පිළිගැනීම (Acceptance)

විපතකින් පසු ඇති වන මේ දැඩි ශෝකය (අතුරුදහන් වීම, මිය යෑම) බෙදා ගැනීමට අපි නිසි ලෙස උපකාරී නොවුණොත් මෙය අසාමාන්‍ය දුකකට හැරෙන්න පුළුවන්. මේ අසාමාන්‍ය දුක (Abnorimal Grief) මානසික රෝගී තත්ත්වයක් ලෙස හඳුනා ගන්නවා.

මේ රෝගී තත්ත්වය හඳුනාගන්නේ කොහොමද?

• ජීවිතය එපා වීම හෝ ජීවිතය නැති කර ගැනීමේ සිතිවිලි.

• මැරුණු පුද්ගලයා නිතර මතක් වී එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු අතපසු වීම.

• මියගිය පුද්ගලයා ආශ්‍රිතව කරන භයානක හීන පෙනීම.

• දැඩි මානසික අවපීඩනය හෝ ක්ලමථය වැනි තත්ත්වයකට ගොදුරුවීම.

මෙවැනි විපතකට ගොදුරු වූ ඔබේ මිත‍්‍රයාගේ පවුලේ සාමාජිකයා වෙනුවෙන් ඔබ කළ යුතු දේ සහ ඔබ නොකළ යුතු දේ හඳුනා ගන්න. කළ යුතු දේ මියගිය හෝ අතුරුදන් වූ පුද්ගලයා ගැන කතා කිරීම. සිද්ධිය වූ ආකාරය පිළිබඳ කතා කිරීම. තමාගේ ජීවිතයට තම මිතුරා නැති වීමෙන් ඇති වූ බලවත් පීඩනය, පාඩුව ගැන කතා කිරීම.

මියගිය හෝ ආදරය කළ පුද්ගලයාගේ පින්තූර තමා සිටින ස්ථානයේ එල්ලා තැබීම හා ළඟ තබා ගැනීමට ඉඩ දීම. අඬන්න දෙන්න. අඬන විට එපා කියන්න එපා. අපි හිතමු රුවනිගෙ ආදරණීය බලු පැටියා කියලා. ඒ ආදරය ගැන කතා කරන්න. මියගිය කෙනා වෙනුවෙන් ඒ ඒ ආගමානුකූලව කටයුතු කිරීම හිත නිවන ක්‍රමයක්.

නොකළ යුතු දේ

එම පුද්ගයලයාගේ දුක ලඝුකොට සලකන්න එපා. (උදා: ඇයි ඔයා මේ බලු පැටියකුට අඬන්නෙ. සමහර අයගෙ මවුපියන් පවා සුනාමියෙන් නැතිවෙලා තියෙනවා.)

අහිමි වූ පුද්ගලයා ගැන කතා නොකර සිටීම. ආගමික ස්වරූපයකට සියලුම දේ බැර කිරීමට උත්සාහ කිරීම. (උදා: එයා හොඳ තැනක ඉපදේවි. එයා දෙවියන් වහන්සේ ළඟට යන්න ඇති.)

කළයුතු ඉතාමත් වැදගත් දෙය වන්නේ ජීවිතය එපාවීම, ජීවිතය නැති කර ගැනීමේ ක‍්‍රම ගැන කල්පනා කරමින් සිටින ඔබේ මිත‍්‍රයා හෝ මිතුරිය ඉක්මනින්ම මනෝ වෛද්‍යවරයෙකුට යොමු කිරීමයි. දුක (Grief) කියන්නේ මානසික ලෙඩක් නෙවෙයි. ඒත් අසාමාන්‍ය දුක (Abnorimal Grief) කියන්නේ මානසික රෝගී තත්ත්වයක්.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
06 Oct 2017 10:14 PM
අද වෙනකොට ලංකාවේ මේ ලෙඩේ උත්සන්න වෙලා.. බටහිර රට වල නම් මේක බහුලව තියෙනවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
07 Oct 2017 08:28 AM
ඉවරයක් නැති ලෙඩ. මේවා හැදිලා දුක් විදිනවාට වඩා මැරෙන එක හොදයි ඇත්තටම.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Oct 2017 07:27 PM

ඔටිසම් රෝගී දරුවන්ට සුදුසු ආහාර මෙන්න

http://divaina.com/sunday/images/paper/2017/10/08/otisum.jpg

ප්‍රශ්නය - අපට ලැබී තිබෙන අලුත්ම වාර්තා අනුව ඇමරිකාව සහ කැනඩාව යන රටවලත්, ආසියානු රටවලත් ඔටිසම් රෝගය වඩාත් බහුල ලෙස පැතිර යමින් පවතිනවා. ඉස්‌සර තිබූ ප්‍රමාණයට වඩා රෝග ලක්‍ෂණ ප්‍රමාණයකුත් සමඟ දැන් ඔටිසම් රෝගය දැන ගැනීමට පුළුවන්.

විශේෂඥ වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - සමස්‌තයක්‌ ලෙස ගත්විට මුළු ලෝකයේම සෞඛ්‍ය විෂම රටාවකට පත්ව තිබෙනවා. ආහාර සහ විහරණ තත්ත්වයන් ක්‍රමානුකූල සහ සෞඛ්‍ය සම්පන්න නොවීම මෙයට හේතු වෙන්නට පුළුවන්. මේ රෝගවලට ඉංග්‍රීසි බෙහෙත් නැති වුණාට ආයුර්වේද ප්‍රතිකාර ඕනෑ තරම් තිබෙනවා. ඔටිසම් රෝගය සහිත දරුවන්ට නිර්දේශ කළ හැකි ස්‌නේහත සහ ස්‌වේදන ප්‍රතිකාර ගැනත්, ඉඟුරු, මිරිස්‌ සහ ගම්මිරිස්‌ යොදාගෙන සාදන ඖෂධයක්‌ මගින් ඔටිසම් රෝගී දරුවන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය උත්තේජනය කරන හෝමෝන සාදන්නේ කෙසේද යන්න ගැනත් පසුගියදා ජාත්‍යන්තර මට්‌ටමින් සාකච්ඡා වුණා. එසේම පංචකර්මයේ එන ස්‌නේහක කර්ම (බාල ලක්‍ෂාදී තෛලය යොදාගෙන මෙය කළ යුතුයි) ස්‌වේදන කර්ම, වමන කර්ම, විරේචන කර්ම, වස්‌ති කර්ම, ගිරෝධාරා, නස්‍ය කර්ම, පිපිචිල්, පිනිධ ස්‌වේද වැනි ක්‍රම වේද මගින් ඔටිසම් රෝගී දරුවන්ට යහපත් සෞඛ්‍යයක්‌ ලබා දෙන්නේ කොහොමද කියන කාරණයත් එහිදී සාකච්ඡා වුණා.

otisum1මෙහිදී සාකච්ඡා වූ වැදගත්ම කාරණයක්‌ තමයි ඔටිසම් රෝගය වැළඳුන දරුවන්ට දිය යුතු ආහාර මොනවද කියන එක. සම්පූර්ණ යොදය සහිත නැවුම් එළකිරි. මුං ඇට සහ රතු පරිප්පු, ඇපල්, අඹ, නෙල්ලි, දෙළුම්, කැරට්‌, පෙයාර්ස්‌ වැනි පලතුරු, ඔලිම් තෙල්, එළඟිතෙල් සහ ඖෂධ මිශ්‍ර කළ එළඟිතෙල් යනාදියත් සුදුසු වෛද්‍යවරයකුගේ උපදෙස්‌ සහ දරුවාගේ ශරීර සෞඛ්‍ය මට්‌ටම මත ලබා දිය යුතු බවත්, එහිදී තීරණය වුණා. කෙටි කඩ කෑම, තෙල් සහ කුළුබඩු බහුල ආහාර, පරණ වූ ආහාර, ශීතකළ බීම වර්ග, රටකජු, සව්, මුදවපු කිරි, චීස්‌, කෝපි, රතු පැහැති මස්‌ වර්ග, මද්‍යසාර මිශ්‍ර පාන වර්ග, අර්තාපල්, වම්බටු, බතල යන කෑම වර්ග එවැනි දරුවන්ට නොදිය යුතු බවත්, උණු වතුර පමණක්‌ පානයට දිය යුතු බවත් එහිදී සාකච්ඡා කෙරුණා.

නොමිලේ විස්‌තර සඳහා

0766739977, 011-5708567

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Oct 2017 07:34 PM

අර්ශස්‌ සහ ගැස්‌ට්‍රයිටිස්‌ සුව කරන හැටි අද සිට කියවන්න

http://divaina.com/sunday/images/paper/2017/10/08/arshash.jpg

ප්‍රශ්නය - අර්ශස්‌ කියන්නේ හැමටම වැළඳෙන රෝගයක්‌. සාමාන්‍ය ජනවහරේ එන විදියට ගේ කුරුල්ලාට හැර අනෙක්‌ හැම ගොඩබිම් සතෙකුටම අර්ශස්‌ රෝගය වැළඳෙනවා. මේ ගැන මේ පිටුවේ නිතරම ලිපි පළවෙනවා. එහෙත් පාඨකයන්ගේ ඉල්ලීම වන්නේ නැවතත් ලිපි පළ කරන ලෙසයි. අද අප ඔබ සමඟ මේ සාකච්ඡාව පටන් ගන්නේ ඉහත සඳහන් පසුබිමෙහි සිටයි.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - අර්ශස්‌ (Hemorrhoid) කියන්නේ ගුද මාර්ගය තුළ තිබෙන ධමනි පද්ධතියේ හටගන්නා රෝගයක්‌. ඉතා ප්‍රවේසමෙන් හඳුනාගෙන බෙහෙත් කළාම මේ රෝගය සුව කරගන්න පුළුවන් බව මුලින්ම කිව යුතුයි. හැබැයි සතියකින් හමාරකින් බෙහෙත් කරන්න බැහැ. සිංහල බෙහෙත්වල එහෙම ක්‍ෂණික ප්‍රතිකාර ක්‍රම ඇත්තෙත් නැහැ. ගුද මාර්ගය කියන්නේ ඉතාම මෘදු මතුපිටක්‌ සහිත ප්‍රදේශයක්‌ මළ බැහැර කිරීම පාලනය කරන්නේ මේ මෘදු මතුපිට ආශ්‍රිත මාංශ පේෂීන්වලින්. ඒ නිසා අර්ශස්‌ රෝගයට ප්‍රතිකාර කරන විට ඒ මාංශ පේෂිවලට හානියක්‌ නොවන්නට ප්‍රතිකාර කළ යුතුයි. මොකද? ඒවාට හානි සිදුÊවුණොත් මළ බැහැර කිරීම පාලනයෙන් තොරව ඉබේටම සිද්ධ වෙනවා. එම වරද කවදාවත් නිවැරැදි කරන්න පුළුවන් වරදක්‌ නොවන බව මතක තබා ගත යුතුයි. නවීන විද්‍යාවට අනුව අර්ශස්‌ සඳහා නිතරම නිර්දේශ කරන්නේ සැත්කම්. අර්ශස්‌ ගෙඩි ඉවත් කරන්න සැත්කම් කරන විට ගුද මාර්ගයේ ස්‌නායුවක්‌ කැපුනොත් ලොකු විනාශයක්‌ සිද්ධ වෙනවා. ඒ නිසා ඉතා ඉවසිල්ලෙන් කරන, සැත්කම්වලින් නිදහස්‌ ප්‍රතිකාර ක්‍රමයකට යැම ඉතා සුදුසු බව දේශීය වෛද්‍යවරුන් වශයෙන් අප විස්‌තර කරනවා.

arshash1ප්‍රශ්නය - අර්ශස්‌ රෝගය හැදෙන්නේ කොහොමද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - බටහිර වෛද්‍ය විද්‍යාත්මක නිර්වචනයට අනුව අර්ශස්‌ රෝගය හට ගැනීමට හරියාකාර හේතුවක්‌ විග්‍රහ කරන්න බැහැ. විවිධ හේතු ගැන ඔවුන් කියනවා.

මළ බද්ධය හෝ බඩ බුරුලට යැම, (එනම් අන්ත්‍රවල හැසිරීම විෂම වීම) ව්‍යායාම මදකම, කෙඳි සහිත ආහාර අඩුවෙන් ගැනීම, උදර කුහරයේ පීඩනය වැඩි වීම (එනම් ගර්භනී භාවය හෝ උදරය තුළ විශාල මාංශමය වර්ධනයක්‌ හට ගැනීම) ජානමය හේතු, රුධිර ධමනි තුළ කපාට අඩුවෙන් පිහිටීම, වියපත් වීම, ස්‌ථුලභාවය, දිගු වේලාවක්‌ එක දිගට හිඳගෙන සිටීම, කල් අල්ලන නිදන්ගත කැස්‌ස යනාදිය එම හේතු අතර තිබෙනවා. හැබැයි මේ එක හේතුවක්‌වත් ප්‍රමුඛ සාක්‍ෂි ලෙස ඔප්පු කර නැහැ.

ලබන සතියේ සිංහල වෙදකමින් අර්ශස්‌ අර්ථකථනය කරමු.

නොමිලේ විස්‌තර සඳහා

0713464276/ 0759061771

අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Oct 2017 07:38 PM

ආත්‍රයිටිස්‌ වේදනාවට කසායක්‌ හා ආලේපයක්‌

http://divaina.com/sunday/images/paper/2017/10/08/ataraitice.jpg

ප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝග අතුරින් ඉතාම පීඩාකාරී රෝගයක්‌ හැටියට හැඳින්වෙන්නේ සන්ධි වාත හෙවත් Knea Arthritis රෝගයයි. මේ ගැන හැඳින්වීමක්‌ කරන්න.

වෛද්‍ය වසන්ත උදයජීව - මෙය වාත දොaෂය කුපිත වීම නිසා හට ගන්නා රෝගයක්‌ බව මෙයට පෙරත් අප මතක්‌ කර දී තිබෙනවා. මෙවැනි තත්ත්වයක්‌ නරක්‌ වී දණහිස්‌ පොල්කටුව ක්‍ෂය වී හානියට පත් වුණාම නව්‍ය විද්‍යාවේදී යෝජනා කරන්නේ සැත්කමක්‌ මගින් දණහිස්‌ පොල්කටුව ඉවත් කර කෘත්‍රිම අවයවයක්‌ සවි කිරීමයි. එහෙත් ක්‍ෂය වූ දණහිස්‌ පොල්කටුව හෙවත් සන්ධිය නැවත පණ ගැන්විය හැකි ක්‍රම ඕනෑ තරම් ආයුර්වේදයේ තිබෙනවා. උදාහරණයක්‌ හැටියට හීන් අරත්ත අල, තොටිල පොතු බැබිල මුල්, සුදුලූනු, දේවදාර, සාරණ මුල් කලං 2 බැගින් ගෙන වතුර පත 8 කට එය දමා දර ළිපක, මැටි මුට්‌ටියක බහා එක පතට හිඳගෙන උදේ සවස පානය කළොත් විශාල ගුණයක්‌ ලැබෙනවා. මෙයට සීනි/ මී පැණි මිශ්‍ර කළ යුතුයි. දින 6 ක්‌ මේ කසාය (හැලි 6 ක්&zwnj පානය කළ යුතුයි.

ataraitice1ඊළඟට තිබෙනවා ආලේපයක්‌. අමු ඉඟුරු සහිඳ ලුණු, අමු කහ, සුදුලූනු, අබ වදකහ, කලු තල, සමානව ගෙන වියළා හොඳින් කුඩුකර පාවට්‌ටා කොළ ඉස්‌මෙන් කකාරා මද රස්‌නය සහිතව දණහිස්‌ මත ආලේප කර ඒ මත රෙදි කඩක්‌ අලවා පැයකින් ඉවත් කළ යුතුයි. මෙය ආත්‍රයිටිස්‌ වේදනාවට ප්‍රත්‍යක්‍ෂ ආලේපනයක්‌. දණහිස්‌වල පමණක්‌ නොව ආත්‍රයිටිස්‌ වේදනාව හැදෙන ඕනෑම තැනක මෙය ආලේප කළාට වරදක්‌ නැහැ.

ඉහත සඳහන් කසාය සහ ආලේපය පරිහරණය කරන රෝගියා ආහාරයට ගත යුත්තේ එවේලේම පිසින ලද නැවුම් ආහාර පමණයි. පරිප්පු, මුං ඇට, කව්පි වැනි රනිල භෝගවලින් සාදන ලද සුප් වර්ග උණුවෙන් ගත යුතුයි. කුකුළු මස්‌ හෝ මාළු, ඉඟුරු කුඩු, ගම්මිරිස්‌ සහ මිරිස්‌ යොදා ආහාරයට ගත යුතුයි. එළඟි තෙල් සහ තල තෙල් මධ්‍යස්‌ථ ප්‍රමාණවලින් ආහාරයට එකතු කර ගැනීම වැදගත්. මෙවිට සන්ධිවල ගෙවී ගිය කාටිලේජ නැවත වර්ධනය වෙනවා. ගැඹුරු තෙලේ බැදපු ආහාර ගත යුතු නැහැ. ව්‍යායාම කරනවා නම් මෘදු සහ සාමාන්‍ය ලෙස කළ යුතුයි. එදිනෙදා වැඩ නොකර ඉන්න එපා. බර වැඩ හැර අනෙකුත් ඕනෑම වැඩක්‌ කළාට වරදක්‌ නැහැ.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Oct 2017 07:49 PM

අනෙක්‌ රෝගවලින් පාකින්සන් රෝගය වෙන්කර හඳුනාගෙන සුවකර ගනිමු

http://divaina.com/sunday/images/paper/2017/10/08/pakinsan.jpg

 ප්‍රශ්නය - පසුගිය සති කිහිපය තුළ පාකින්සන් රෝගය ගැන ඔබ අපේ පාඨකයන්ට දුන් තොරතුරු ඉතා වටිනවා. පාකින්සන් රෝගය හඳුනා ගැනීම ඉතාම දුෂ්කර බව අපේ පාඨකයන් කියනවා කෙනෙක්‌ මහලු වියට පත්වන විට අත් පා පණ නැති වීම ඇතුළු රෝග ලක්‍ෂණ රාශියක්‌ මතුවෙනවා. මේවා පාකින්සන් රෝගයෙන් වෙන් කර හඳුනා ගන්නේ කොහොමද?
 
 මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - මෙහිදී මා පාඨකයන් සමඟ එකඟ වෙනවා. පාකින්සන් කියන්නේ මධ්‍ය ස්‌නායු පද්ධතිය මූලික කරගත් ලෙඩක්‌. මහලු වියට අතපය වෙව්ලීමත්, පාකින්සන් රෝගයට අතපය වෙව්ලීමත් අතර වෙනසක්‌ තිබෙනවා. මෙය හඳුනාගන්නට පුළුවන් වෛද්‍යවරයකුට විතරයි. හැබැයි සාමාන්‍ය කෙනෙකුටත් යම් ප්‍රමාණයකට මෙය හඳුනා ගන්නට පුළුවන්. ඒ පහත සඳහන් රෝග ලක්‍ෂණවලින්. මේ රෝග ලක්‍ෂණ ඔබ තුළ හෝ ඔබ සමඟ සිටින වැඩිහිටියන්ට තිබෙනවාද කියා බලන්න.
 
 1. වේලීම සහ කථනය - ඔබේ ඇඟිලි, විශේෂයෙන්ම මහපට ඇඟිල්ල, අත, නිකට හෝ දෙතොල් වෙව්ලන බව ඔබට දැනෙනවද?. ඔබ හිඳගෙන සිටින විට හෝ විවේකීව පැත්තකට වී සිටින විට ඔබේ දෙපා වේලනවද? අත් පා වෙව්ලීම්, ගැස්‌සීම හෝ කම්පනය වීම පාකින්සන් රෝගයේ පොදු ලක්‍ෂණයක්‌. ඒ වගේම මුලින්ම පහළවන ලක්‍ෂණයක්‌. මෙය අසාමාන්‍ය වෙව්ලීමක්‌ ලෙස හඳුන්වන්නට පුළුවන්.
 
 pakinsan1ප්‍රශ්නය - එහෙනම් සාමාන්‍ය වෙව්ලීමක්‌ කියන්නේ මොකද්ද?
 
 මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - කිසියම් කෙනෙක්‌ දීර්ඝ වශයෙන් ව්‍යායාමවල යෙදුනාම ශරීරයේ ශක්‌තිය හීන වෙලා ඇඟ වෙව්ලන්නට පටන් ගන්නවා. ඉතා සුළුÊවේලාවක්‌ පවතින මෙවැනි වෙව්ලීමක්‌ සාමාන්‍යයි. සමහර විට අධික කුසගින්නත්, ඖෂධ වර්ග මාත්‍රාව ඉක්‌මවා පානය කළාමත් ඇඟÊවෙව්ලනවා. එයත් සාමාන්‍ය තත්ත්වයක්‌.
 
 2. ඊළඟ රෝග ලක්‍ෂණය තමයි අත් අකුරු කුඩා වීම. ඔබ ලියන අත්අකුරු වෙනදාට වඩා කුඩා වීමට පටන් ගත්තොත් ඒ ගැන විශේෂ අවධානයක්‌ යොමු කළ යුතුයි.
 
 ඊට අමතරව ඔබ ලියන වචන අතර පරතරය හදිසියේම වෙනදාඩ වඩා අඩු වුණොත් එයත් පාකින්සන් රෝගයේ ලක්‍ෂණයක්‌. එසේම අත් අකුරුවල හැඩය හදිසියේම වෙනස්‌ වනවා නම් එයත් එම රෝගයේ ලක්‍ෂණයක්‌.
 
 ප්‍රශ්නය - මෙය අසාමාන්‍ය තත්ත්වයක්‌ නම් සාමාන්‍ය තත්ත්වය කුමක්‌ද?
 
 මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - කෙනෙකු මුල් කාලයේදී ලියන අත් අකුරු පසු කාලයේදී වෙනස්‌ වීම ස්‌වභාවිකයි. හැබැයි මේ වෙනස්‌වීම සිදු වන්නේ ක්‍රමානුකූලව සමහර විට වයසට යන විට අතෙහි තද ගතියත්, පෙනීම දුර්වල වීම නිසා එය විය හැකියි. එහෙත් මේ සියල්ල හදිසියේ වනවා නම් එය පාකින්සන් රෝග නිමිත්තක්‌.
 
 (තවත් වැදගත් රෝග ලක්‍ෂණ 8 ක්‌ ලබන සතියේ) 
 
 සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Oct 2017 07:52 PM

හිසරදය නිට්‌ටාවටම සුව කරගන්නා හැටි

http://divaina.com/sunday/images/paper/2017/10/08/head.jpg

* බොහෝ දෙනෙක්‌ පීඩා විඳින රෝගයක්‌ තමයි හිසරදය කියන්නේ. කොහොමද මෙම රෝගය ඇතිවන්නේ.

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක -

රදය යනු වේදනාවයි. මිනිසාගේ ශරීරයේ ප්‍රධානතම ඉන්ද්‍රිය මොළයයි. මොළය ස්‌නායු පද්ධතියේ මූලස්‌ථානයයි. එයින් නිකුත් වන මූල ස්‌නායුව කුඩා මොළය ඔස්‌සේ ප්‍රධාන කශේරුකා පන්තියට ඇතුළු වී කශේරුකා සන්ධිස්‌ථානවලින් පිටතට ගොස්‌ ශරීරයේ සියලුම ඉන්ද්‍රිය හා අවයව කරා දිවෙනවා. ඒවායේ ක්‍රියාකාරිත්වය දායක වීම සිදු වෙනවා. එම නිසා ශරීරයේ කුමන ස්‌ථානයක ඉන්ද්‍රිය දොaෂයක්‌ හටගත්තත් එය මොළයට බලපෑම සිදු කරනවා. එම බලපෑම්වල උච්චතම අවස්‌ථාව තමයි මෙම රදය හෙවත් හිසරදය ලෙස හැඳින්විය හැක්‌කේ.

* හිසරදය වැළඳුණු රෝගීන්ගේ ප්‍රධානතම රෝගී තත්ත්වය ලෙස හැඳින්විය හැක්‌කේ කුමන අවස්‌ථාවක්‌ද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -

අප කරා පැමිණෙන බොහෝ රෝගීන්ගේ හිස කැක්‌කුමට ප්‍රධානතම හේතුව ලෙස දැක්‌විය හැක්‌කේ සෙම කුපිත වීමයි. මෙලෙස හිස ආශ්‍රිත කලාපයේ සෙම බහුල වීම සඳහා බලපාන්නේ බොහෝ දෙනෙක්‌ එතරම් නොසිතන ශරීරයේ අධික උෂ්ණාධික බවයි. මෙම උෂ්ණාධික බව ශරීරයේ සියලුම ඉන්ද්‍රියයන් හා අවයවවලට බලපෑම් ඇති කරන අතර මොළය ආශ්‍රිතව පවතින්නේ ඉතා සියුම් සෛල නිසා එම සෛල මෙම අධික උෂ්ණාධික බව නිසා විනාශ විය හැකියි.

මෙම තත්ත්වයෙන් මොළයේ සෛල ආරක්‍ෂා කර ගැනිම ශරීරය විසින් හිස පෙදෙසට සෙම ගෙන්වා ගෙන ස්‌වයංක්‍රීය ශීතකරණ වැඩපිළිවෙළක්‌ ඇති කරනු ලබනවා. මෙන්න මේ ක්‍රියාවලියක්‌ සමග තමයි සියලු ප්‍රශ්න ඇතිවීම සිදුවන්නේ.

* මේ තත්ත්වය තවදුරටත් පැහැදිලි කළොත්

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -

මෙසේ මොළ කුහරය තුළ වැඩි වශයෙන් එක්‌වන සෙම නාස්‌කුහර තුළින් පැමිණෙන බාහිර වාතයත් සමග එන ක්‍ෂුද්‍ර ජීවීන්ගේ බලපෑම් හමුවේ සෙම නරක්‌ වීමේ තත්ත්වයට පත්වීමෙන් හිසේ බර ගතිය සහ වේදනාව ඇතිවීම සිදු වේ. මෙම තත්ත්වයේ උච්චතම අවස්‌ථාව ලෙස ඉරුවාරදය හැඳින්විය හැකියි.

* මීට අමතරව හිසරදය ඇතිවීමට බලපාන වෙනත් තත්ත්වයන් තිබෙනාවද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -

ඔව්. තවත් විවිධ රෝග අවස්‌ථා නිසා හිසරදය ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. ඒ අනුව මළ බද්ධය, ගැස්‌ට්‍රයිටීස්‌ ඇතුළු ආහාර ජීර්ණ පද්ධතියේa ඇතිවන දුර්වලතා, දියවැඩියාව, අර්ශස්‌, පීනස, රක්‌තහීනතාව, අධික නිදිමත හෝ නින්ද නොයැම බඩ පුරවා දැමීම, මුත්‍රා රෝග, වකුගඩු ආශ්‍රිත දුර්වලතා, පිත්තාශයේ ගල්, කාන්තාවන්ගේ ගර්භාෂ රෝග, විවිධ සමේ රෝග, වාතරක්‌ත වැනි රෝගාබාධ අවස්‌ථාවන්හිදී ද හිසරදය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක්‌ තිබෙනවා. මීට අමතරව විවිධ මානසික පීඩනයන්a නිසාද හිසරදය ඇතිවිය හැකියි.

head1මෙම රෝගය සඳහා ප්‍රතිකාර කළ යුත්තේ කෙසේද?

ආයුර්වෙද් වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -

සෙම ඉවත් කිරීම සහ සෙම වියළීමට ප්‍රතිකාර කිරීම තුළින් උෂ්ණාධික බව තවත් වැඩි වී මොළය ආශ්‍රිත සියුම් සෛල තවත් විනාශ විය හැකියි. එම නිසා මොළය ආශ්‍රිත කලාපය සිසිලනය කිරීම සඳහා මුළු ශරීරයයේම උෂ්ණාධික බව අඩු කිරීමට ප්‍රතිකාර කළ යුතුයි. අප අනුගමනය කරන්නේ එම ක්‍රමවේදයයි. එවිට රෝගියාගේ සම්පූර්ණ ශරීරයේම පවතින උෂ්ණ බව නැති වෙන අතර එවිට මොළයේ සිසිලනය ද සිදුවී හිසරදය සම්පූර්ණයෙන්ම සුව වීම සිදු වෙනවා. මීට අමතරව රෝගියාට පවතින අනෙකුත් රෝගී තත්ත්වයේද සොයා බලා ප්‍රතිකාර ලබාදීම සිදු කළ යතුයි.

* බොහෝ දෙනා සිතන්නේ හිසරදය නිට්‌ටාවටම සුව කළ නොහැකි බවත් මෙය ඒ ඒ අවස්‌ථාවන්හිදී යටපත් කළ හැකි තත්ත්වයක්‌ පමණක්‌ බවය. ඇත්තටම හිසරදය නිට්‌ටාවට සුව කළ නොහැකිද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා- ඇත්තටම බොහෝ රෝගීන් පවසන්නේ කෙතරම් බෙහෙත් ගත්තත් මෙය යළි යළි මතුවෙන බවයි. නමුත් වෛද්‍යවරයකු හෝ වෛද්‍යවරියක කරා ගොස්‌ නිවැරදි පරීක්‍ෂාවකින් පසු රෝගියාට වැළඳී ඇත්තේ කුමන රෝගයක්‌දැයි වටහාගෙන රෝග නිධානයට ප්‍රතිකාර ලබා දුන්නොත් හිසරදය නිට්‌ටාවටම සුව කළ හැකියි. වේදනා නාශක තුළින් හිසරදය සුවපත් කිරීමෙන් පසුකාලීනව වෙනත් බරපතළ රෝගාබාධ වැළඳීමද සිදුවිය හැකියි.

විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ දක්‍ෂ ආයුර්වේද වෛද්‍යවරයකු කරා ගියොත් මේ රෝගය නිට්‌ටාවටම සුව කර ගත හැකියි. ඒ සඳහා ආයුර්වේදය සතුව ප්‍රතිකාර ක්‍රම තිබෙනවා.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Oct 2017 07:57 PM

මොනවද මේ Eczema සුව කරගන්නේ කොහොමද?

whatÖ පාමා (Eczema)

විශේෂයෙන් ම මෙම රෝග තත්ත්වය ශරීරයේ අත් හා පාද වල පහළ කොටසට සීමා වේ. කැසීම බහුලය. අධික ලෙසට ස්‍රාව ගලයි. තුවාල සහිතයි. දැවිල්ල හා රත් පැහැය බහුලයි. සමේ කලු රතු වර්ණ විකෘතිතා ඇති කරයි. වාත - පිත හා රක්‌තය අධිකව දූෂණය වී හට ගන්නා මෙම රෝග තත්ත්වය නිසා රෝගීන් අධිකව පීඩා විඳී. අධික උෂ්ණ, තික්‍ෂණ (අච්චාරු, විනාකිරි) තෙල් බහුල මස්‌, මාළු, ලුණු අධික කරවල හා ඇඹුල් ආහාර හා කෘත්‍රිම රස කාරක යෙදූ දේ ආහාරයට ගැනීම නිසා රෝග තත්ත්වය උත්සන්න වේ. මෙම රෝගය බාල, තරුණ, මාලු කා හටත් හට ගත හැකිය. මේ සඳහා පැහැදිලි හා ඉතා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර පද්ධතියක්‌ පවතී. විධිමත් ලෙස පංච කර්ම ප්‍රතිකාර සමඟ කරන ලද ආයුර්වේද ප්‍රතිකාර තුළින් මෙම රෝගය නැවත හට නොගන්නා ලෙසට පූර්ණ සුවය ළඟාකර ගත හැකිය. මෙය එක්‌ අයකුගෙන් තවත් අයකුට බෝ නොවේ. දිනපතා ඖෂධීය ශෝධන ජලය ස්‌නානය හා නිසි ආහාර ඖෂධ හා විහරණ අනුගමනයෙන් රෝගයෙන් සම්පූර්ණයෙන් මිදීමට හැකිය.

what1විසර්ප - වහා පැතිරී යන සැරව බිබිලි සහිත තුවාල සම, ලේ, මාංස යන මේ කොටස්‌ අතිශයින් දූෂණයට පත්වීමෙන් රෝග තත්ත්වය හට ගනී. ශරීරය පුරා සීග්‍රව පැතිරී යන සැරව සහිත බිබිලි නිසා ශරීරයේ අධික දැවිල්ල, ක්‌ලාන්තය, ශාරීරික මානසික පීඩාව හා පැසවීම හා තුවාල හටගැනීම ඇති වේ. මෙහිදී පළමුව ආයුර්වේද චිකිත්සා මූලධර්මවලට අනුකූලව ආම පාචන, අග්නි දීපන, ශෝධන, ශමන කර්පන, චිකිත්සා අනුගමනය කළ යුතුය. පංච කර්ම ප්‍රතිකාර තුළින් සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගත හැකිවේ. ඉක්‌මනින්ම ප්‍රතිකාර ගත යුතු රෝග තත්ත්වයකි.

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Oct 2017 04:07 AM

http://www.navaliya.com/2017/10/09/New%20folder/31.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Oct 2017 04:11 AM

http://www.navaliya.com/2017/10/09/New%20folder/36.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Oct 2017 04:18 AM

http://www.navaliya.com/2017/10/09/New%20folder/12.jpg

http://www.navaliya.com/2017/10/09/New%20folder/34.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 53 of 137 << < 5152535455 > >>