You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 54 of 137 << < 5253545556 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Oct 2017 04:22 AM

http://www.navaliya.com/2017/10/09/New%20folder/45.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Oct 2017 08:39 AM
වන්දනාවේ එහෙම ගියාම නොවරදවාම බොනවා රනවරා එකක්.
මමත් හරිම කැමතියි.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Oct 2017 06:06 PM
හරිම ගුන බීමක් ..නමුත් නගරෙන් ඇත් වෙලා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Oct 2017 06:19 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/23926.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/23928.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Oct 2017 06:26 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/23925.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
08 Oct 2017 07:25 PM
ඔය ලෙඩ තිබුණත් නැතත් අනිවා උදේ පාන්දරම හිස්බඩ හොඳ වතුර වීදුරුවක් බොන්න. කොහොම බැලුවත් හොඳයි. ස්තූතියි මල්ලි ලිපියට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Oct 2017 08:40 PM
අනිවා වතුර අත්යාවශ්යයඉ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
08 Oct 2017 09:53 PM
මම නම් දිනපාතාම හිස්බඩ වතුර වීදුරුවක් බොණවා..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Oct 2017 02:22 AM

දියවැඩියාව නිට්‌ටාවටම සුව කරන හැටි

http://divaina.com/daily/images/Paper/2017/10/09/doc3.jpg

දියවැඩියාව හෙවත් මධුමේහයට ගොදුරු වන පිරිස වර්තමානයේ ඉතා ශීඝ්‍රව වර්ධනය වන බවක්‌ දක්‌නට ලැබේ. මෙවැනි තත්ත්වයක්‌ මතුවීමට බලපා ඇති හේතුව කුමක්‌ද කියා අපි විමසා බලමු.
 
 වෛද්‍යතුමියනි, දියවැඩියා රෝගය බහුල වීමට බලපා ඇති හේතුවක්‌ තිබෙනවාද?
 
 වර්තමානයේ අප සමාජයේ කුඩා දරුවන්ගේ පටන් වැඩිමහලු පුද්ගලයන් දක්‌වා දිනපතා ආහාරයට ගන්නේ වස විස සහිත ආහාර වර්ග. මේවායේ වස විස විතරක්‌ නෙමෙයි සීනි සහිත බවත් අධිකයි. එනිසා අපගේ රක්‌ත දූෂිත වීමක්‌ හෙවත් රුධිරය දූෂණයට ලක්‌වීමක්‌ සිදුවෙනවා. මෙසේ රුධිරය දූෂිත වූ විට ලෙඩ රෝග ඉතා පහසුවෙන් ඇති වෙනවා. ඉතිං දියවැඩියාවටත් හේතුවන රුධිර සීනි බහුලවීම නිසා පාසල් යන දරුවන්ගේ පවා වර්තමානයේ දියවැඩියාව රෝගයට ගොදුරු වීමක්‌ දක්‌නට ලැබෙනවා.
 
 මෙම තත්ත්වය වළක්‌වා ගන්නේ කෙසේද?
 
 මේ සඳහා කළ යුත්තේ සීනි අධික ආහාරපාන ගැනීම සීමා කිරීමයි. එළවළු වර්ග, පලා වර්ග වැඩිපුර ආහාරයට ගැනීම කළ යුතුයි.
 
 සීනි අධික පැණිබීම වෙනුවට කොළ කැඳ වර්ග, කොත්තමල්ලි තැම්බූ වතුර ආදිය ගැනීම ගුණදායකයි.
 
 වෛද්‍යතුමියනි, දියවැඩියා රෝගයට ගොදුරු වූ බොහෝ පුද්ගලයන්ගේ ශරීරය ඉතා ඉක්‌මනින් වැහැරීමට ලක්‌වීම හෙවත් කෙට්‌ටු වීමක්‌, ස්‌නායු දුර්වලවීමක්‌ තුවාල ඇති වූ විට සුවවීම ප්‍රමාදවීමක්‌ දක්‌නට ලැබෙනවා. ඊට බලපා ඇති හේතුව කුමක්‌ද?
 
 දියවැඩියා රෝගයේදී සිදුවන්නේ ශරීරයේ ඇති පෝෂ්‍ය කොටස්‌ ශරීරය තුළ තැන්පත් නොවී ශරීරයෙන් බැහැරවීමයි. එවිට ශරීරයේ ක්‍රියාකාරිත්වය දුර්වල වෙනවා. එසේ වූ විට සිරුර කෙට්‌ටු වෙනවා. ඇස්‌ පෙනීම දුර්වල වෙනවා. නිතර තෙහෙට්‌ටුවක්‌ ඇති වෙනවා. පිපාසය දැනෙනවා. අලස බවක්‌ මතු වෙනවා. මේ සියල්ලටම බලපාන්නේ ශරීරයෙන් පෝෂ්‍ය කොටස්‌ බැහැර වී යැමයි.
 
 මෙම තත්ත්වයට නිසි ප්‍රතිකාර නොගෙන සිටීමෙන් සිදුවන්නේ රෝගය දරුණු වී ස්‌නායු අඩපණ වීම, තුවාල ඇති වූ විට ඉක්‌මනින් සුව නොවීම ආදියයි. මෙහි දරුණුම තත්ත්වය වන්නේ තුවාල සිරුර පුරා ඔඩුදුව ගොස්‌ අතපය ඇඟිලි කපා දැමීමට ආදිය සිදුවීමයි.
 
 දියවැඩියාව පාලනය කරගැනීමට ඇති ආයුර්වේද ප්‍රතිකාර මොනවාද?
 
 ආයුර්වේදයේ දියවැඩියාව සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. ශාකසාරවලින් නිපදවන ඖෂධ වර්ග තිබෙනවා. ඒවා නිවැරදි වෛද්‍ය උපදෙස්‌ අනුව භාවිත කරමින් ආහාරපාන ගැනීම ද නිවැරදි අයුරින් සිදුකළ විට මතුව ඇති දියවැඩියා රෝගය පාලනය කිරීම හෝ නිට්‌ටාවට සුව කිරීම සිදුකළ හැකියි.
 
 මෙහිදී රෝගීන් සතුව විශාල වගකීමක්‌ තිබෙනවා. බොහෝ රෝගීන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණියත් ප්‍රතිකාර ලෙසින් ලබාදෙන ඖෂධ නිසි ලෙස භාවිත කරන්නේ නැහැ. ආහාරපාන නිසි පාලනයකින් යුතුව ගන්නේ නැහැ. එවැනි පුද්ගලයන්ට කොතරම් හොඳ ඔෂධ වර්ග ලබාදුන්නත් රෝගය සුව කරන්න බැහැ.
 
 නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර ලබාගෙන තම එදිනෙදා ජීවිතය සකස්‌ කරගත්තොත් මාස හයක්‌ යන විට තමාට මතුව ඇති දියවැඩියා රෝගී තත්ත්වය සුව කරගන්න පුළුවන් බව සහතික විය හැකියි.
 
 මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දුරකථන අංක 0770181010 ඇමතීමෙන් ලබාගත හැකිය.

doc2

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Oct 2017 03:47 AM
කඩෙන් කන එකයි කොත්තු fried rice කන එකයි නැවත්ත්වනම් හරි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Oct 2017 05:57 AM
දියවැඩියාවට එක දිගට බටහිර බේත් බොන එක හරි අවදානම්.අන්තිමට වකුගඩු දෙකට සොරි තමා.
සිංහල බේත් වලින් හොද පාලනයක් කරන්න පුලුවන්.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Oct 2017 06:02 PM

සුව කළ නොහැකි රෝග සුවකර ගැනීමට අවස්‌ථාවක්‌

http://divaina.com/daily/images/Paper/2017/10/10/doc1.jpg

 හීලිංපති විද්‍යාව
 
 එංගලන්තයෙන් ශ්‍රී ලංකාවට
 
 කොන්දේ කැක්‌කුමෙන් දුක්‌ විඳින්නන්ට
 
 ශුභාරංචියක්‌
 
 සුවය කෙටි කාලයකින්
 
 ශල්‍යකර්ම නැහැ
 
 අතුරු ආබාධ නැහැ
 
 ඖෂධ ප්‍රතිකාර නැහැ
 
 ඔබගේ සුන්දර මන බඳින අඟපසඟ සෞඛ්‍ය සම්පන්නව පවතින විට, කවර අභිමානයක්‌ද ඔබට? ඔබ රෝගී නම්, ඔබට නිරෝගී වීම සඳහා, දැන් ලැබී තිබෙන්නේ ස්‌වර්ණමය අවස්‌ථාවක්‌. මෙය ඉතිහාසගත වන මහඟු සොයාගැනීමක්‌. ඒ පිටුපස සිටින මහා බල ශක්‌තිය වෙනත් කිසිවෙක්‌ නොවෙයි, මහාචාර්ය සාගර කරුණාතිලක. ç ලංකාවේ සාම්ප්‍රදායික සෞඛ්‍ය විධි සහ කශේරුකා පිළිබඳ දේශීය ඤාණ සම්භාරය සමඟ ඔස්‌ටිඕපති , චෛරෝ ප්‍රැක්‌ටික්‌  සහ නවතම සෛකෝ සෛබනෙටික්‌ස්‌ යන මේ බටහිර වෛද්‍ය ක්‍රම සංකලනයේ පුරෝගාමියා එතුමයි. මේ සංකලනයෙන් නිපුන් හීලිංපති වෛද්‍ය විද්‍යාවේ නිර්මාතෘත් එතුම යි.
 
 කොඳු නාරටිය ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු ලෙස අද බහුලව පවතින්නේ කොන්දේ කැක්‌කුම සහ සී ඇට්‌කා රෝගයි. ඒ වගේම අතිවිශාලයි ඒ රෝගවලින් අකර්මණ්‍යව දුක්‌විඳින පිරිස. තරුණ මහලු බේදයක්‌ නැහැ. මේ රෝගවලට. දැනට ප්‍රචලිතව පවතින බටහිර වෛද්‍ය විද්‍යාව අනුව බෙහෙවින් නියමවන්නේ අතිමාත්‍ර ඖෂධීය ප්‍රතිකාර සහ/හෝ ශල්‍යකර්මයි. එමගින් තාවකාලික සහනය ලැබුණත්, එය ස්‌ථිරසාර විසඳීමක්‌ නොවේ. ඔබේ රෝගී තත්ත්වය ඒ නිසා තදබලව සංකීර්ණ වීමේ සම්භාවිතාව වැඩියි.
 
 මහාචාර්ය කරුණාතිලකගේ හීලිංපති වෛද්‍යක්‍රමය මගින් එම රෝගවලට ප්‍රබල ස්‌ථිරසාර පිළියම් ලබාගැනීමේ හැකියාව පවතී. එමගින් අපේක්‌ෂා කරනු ලබන්නේ, අතුරු ආබාධ කිසිත් නැතිව රෝගීන් වෙත යහපත් දිවිපැවැත්ම සලසාදීමයි. මෙම ප්‍රතිකාර ක්‍රමය ඒ නිසයි. බටහිර රටවල වැඩි වැඩියෙන් ජනප්‍රිය වන්නේ. ප්‍රතිකාර ගැනීමේදී සාපේéව ගත වන අඩු කාලයත්, ප්‍රතිකාරය වේදනා රහිත වීමත්, වැඩිමනත් වාසි ලෙස දැක්‌විය හැකිය.
 
 එංගලන්තයේ අධ්‍යාපනය හදාළ ç ලාංකික මහාචාර්ය සාගර කරුණාතිලක ඔහුගේ හීලිංපති නිර්මාණය ලෝකයට හඳුන්වා දුන්නේ, දැනට වසර 15 කට පමණ පෙරාතුවයි. එතුමාගේ හීලි ංපති වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාර විධි නෝර්වේ, ස්‌වීඩනය, ජර්මනිය, ග්‍රීසිය, ඉතාලිය, ඔස්‌ටේ්‍රලියාව, කැනඩාව, ඇමරිකාව ආදී රටවල ව්‍යාප්ත විය.
 
 හුදෙක්‌ මෛත්‍රී සිතින්ම ප්‍රතිකාර කොට එතුමා විසින් සුවපත් කරන ලද බෞද්ධ ස්‌වාමීන් වහන්සේලා, පූජකයන්, වෛද්‍යවරුන්, රණවිරුවන් ආදීන්ගේ සංඛ්‍යාව අතිමහත්ය. වැඩිමනත්a තොරතුරු සඳහා එතුමාගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
 
 කොන්ද ආශ්‍රිත සෞඛ්‍ය ගැටලුවලට ප්‍රධානතම හේතුව වන්නේ කශේරුකාවල ස්‌වාභාවික පෙළගැස්‌ම වෙනස්‌ වීමයි. එලෙස වෙනස්‌ වුණුq කශේරුකාවලින් ඒ ආශ්‍රිත සියුම් ස්‌නායු මත තෙරපීමක්‌ සිදු වේ. අපව ජීවත් කරවන අපගේ හෘදය වස්‌තුව, අක්‌මාව, මොළය, වකුගඩු ආදී අවයව සක්‍රීයව පවත්වාගෙන යැමට තදබල තර්ජනයක්‌ ඒ තෙරපුණු ස්‌නායුවලින් එළඹෙන බව මහාචාර්ය කරුණාතිලක පවසයි.
 
 පක්‌ෂාඝාතය, මිග්‍රේන්, ස්‌කොලිඕසිස්‌ ආදි දීර්ඝකාලීන ස්‌ථිර දුබලතාවලටද මෙය හේතු විය හැකි බව එතුමා තවදුරටත් පවසයි.
 
 පළමුව හීලිංපති වෛද්‍ය ක්‍රමය මගින් කොඳු නාරටියේ C.T.L. පද්ධතිවලට ප්‍රතිකාර කරනු ලැබේ. දෙවනුව පෙළනොගැසුණු කශේරුකා ඔස්‌ටිඕපති වෛද්‍යක්‍රමය මගින් පෙළගැස්‌ම විධිමත් කරනු ලැබේ. එතුමාගේ ව්‍යායාමය වන්නේ තමා ප්‍රගුණ කළ වෛද්‍ය ක්‍රමයෙන් රෝගීන්ගේ ගැටලුවලට පරිපූර්ණ වූත් පෘථුලවූත් විසඳුමක්‌ ලබා දීමයි. මේ අරමුණ ඇතිව කුශලතා පූර්ණ බටහිර වෛද්‍ය වෘත්තිකයන් කණ්‌ඩායමක සහාය තම පෞද්ගලික අධීක්‌ෂණය යටතේ එතුමා උපයෝගී කරගනී. රෝගියා සිය ප්‍රතිකාර වකවානුව තුළ, ශාරීරිකව ද ආධ්‍යාත්මිකව ද යහපැවැත්ම තබා ගැනීම ඉතා වැදගත්ය. ඒ ඒ රෝගියා පෞද්ගලිකව දැනුවත් කිරීමද ඒ පිළිබඳව ඒ ඒ රෝගියාගේ ප්‍රතිචාරයද ඊට ඇතුළත් වෙයි.
 
 වැඩිමනත් විස්‌තර සඳහා www.nationalbackhealthservice.co.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
 
 Natural back Health Service (කොඳු ඇට පිළිබඳ ස්‌වාභාවික සෞඛ්‍ය සේවය) ç ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ඇත. ලියා පදිංචි අංකය PHSC/MC/335
 
 එය ඔබෙයි, ඔබේ යහපත උදෙසායි.
 
 * නිර්මාණී කොළඹගේ
 
 සංස්‌කරණය
 වසන්තා ශ්‍රියාකාන්ති
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Oct 2017 06:06 PM

වැල සහ වරකා ගුණ බොහෝමයි

http://divaina.com/daily/images/Paper/2017/10/10/doc4.jpg

අපේ මිහිතලයේ බත්ගස නමින් විරුදාවලිය ලත් කොස්‌ ගසින් ඵල දරන කොස්‌ ගෙඩිය ඉදුණු පසු වරකගහේ ගෙඩි වරකා නමිනුත් වැලගසින් හටගෙන ඉදුණුq ගෙඩිය වැල වශයෙනුත් හඳුන්වනු ලැබේ. වැලගෙඩියත් වරකා ගෙඩියත් ගස මතට නැඟගත් පුද්ගලයා ලණුවක ගැට ගසා ගසින් පහළට බිමට බාගනුයේ දැඩි ආයාසයෙනි. එසේ ලණුqවේ ආධාරය නොමැති කැඩුවහොත් බිමට වැටෙන වරකා ගෙඩිය තැළී පොඩිවී යනු ඇත. වැල ගෙඩියක්‌ වුණොත් වැල ගෙඩිය බිමට වැටෙනවාත් සමග කෑලි කෑලිවලට වෙන්ව විහිදී විසිරී යනු දැක ගැනීමට සිදුවේ.
 
 කොස්‌ ගහේ ගෙඩි ඵලදාව හටගෙන ඵලනෙළා පාරිභෝජනයට ගැනීමට හැකිවනුයේ භාග්‍යයෙන් පිරි බක්‌ මාසයේත් වෙසක්‌, පොසොන්, ඇසළ මාසවලදීය.
 
 වැලමදුලත් වරකා මදුලත් මියුරු මී පැණියෙන් රසයෙන් ආඪ්‍යවූ ශාරීරික ශක්‌තියක්‌ ලබාදෙන වස විසෙන් තොර ඉතාමත්ම ප්‍රියජනක පලතුරකි. මෙම කොස්‌ ඉදෙන්නට පෙර අපේ රටේ පැරණි ග්‍රාමීය ජනතාව කොස්‌මදුළු සහ ඇට තම්බා බත් වෙනුවට තුන්වේලම ආහාර ලෙස අනුභව කර දවස පිරිමසාගෙන ඇති බවට සාධක පවතී. දésණ ලංකාවේ මොරවක, දෙණියාය, අකුරැස්‌ස, වලස්‌මුල්ල, කිරම, කටුqවන, ඌරුබොක්‌ක, රම්මලේකන්ද, බෙලිඅත්ත, ගැටමාන්න, මිද්දෙණිය, ගල්පොත්තයාය, හොරවින්න යන ප්‍රදේශවලත් රත්නපුර, කුරුවිට ප්‍රදේශවලත් ඉතා බහුල ලෙස කොස්‌ගස්‌ වගාව ව්‍යාප්තව තිබේ. එම ප්‍රදේශවාසීන් කොස්‌ තැම්බීමේදී දේශීය ඖෂධයක්‌ වන මැල්ල කොළ අහුරක්‌ කොස්‌ හැළියට යොදා තම්බා ගැනීමට අමතක කර නොමැත. එයට හේතු සාධකය වී ඇත්තේ මැල්ල කොළ යෙදීමෙන් කොස්‌ ඇටේත් මදුලෙත් රසවත් භාවයත් කොස්‌ අනුභවයෙන් පසු ඉක්‌මනින් දිරවීමත්, බඩේ වාතය හිරවීම වැළැක්‌වීමත්, කුසගින්න දැල්වීමක්‌ ඇති කරන නිසාය.
 
 වැලත් වරකත් ඉදුණු සුවඳින් හමන සුළඟ ගෙවතු ගම් දනව් සුවඳවත් කරද්දී දිවා රෑ දෙක වවුලන්ට , ගිරවුන්ට, ලේනුන්ට, දඬුලේනුන්ට, රිළවුන්ට, කොස්‌ගස්‌ රජදහනක්‌ බවට පත්වූවා යෑයි කීවොත් එය අතිශයෝක්‌තියක්‌ නොවනු ඇත. ඵල දරන කොස්‌ ගස්‌ වල පැණි වරකා වල, පැණි වැලවල පැණි උරා බීමට එක්‌රොක්‌ වුණ වවුලන් රෑ තිස්‌සේ හඬ තළද්දී ගැමි ගෙවල්වල අයට රෑ නින්ද අඩපණ කරලීය. ඉදුණු වැල ගෙඩියට වරකා ගෙඩියට මී මැස්‌සන් රංචු පිටින් පියඹා සිටිනු දැකීමට තිබුණි. වැල වරකාවල සුවඳ සුළඟට මුසුව සුවඳක්‌ව හමා යද්දී ගමේ ගව රංචු කොස්‌ගස්‌යට ලැඟුම්ගෙන සිටිනු දක්‌නට ඇත.
 
 අතු පතර විහිදී ඉතා විශාල ලෙස මෙම කොස්‌ ගස්‌ වැඩෙති. ගෙවල්වල දොර ජනෙල් යටලී රීප්ප සඳහාත් මේස පුටු සෑදීම සඳහාත් වසර සීයයකට වඩා පැරණි කොස්‌ ගස්‌ කපා ඉරවා ගනු ලබයි.
 
 මෙම විශේෂිත වූ වරකත් වැලත් ග්‍රාමීය වැසියන් ලුණුවතුර ඉස, ගම්මිරිස්‌ කුඩු ඉස උදාරාබාධ ඒදොa කියා සැකකොට ආහාරයට ගනිති.
 
 වරකා සහ වැලගෙඩි තීරු වශයෙන් දිගට කපා එහි වහල්ල ඉවත්කර මදුලු ගලවා ආහාරයට ගනු ලැබේ. ලංකාවාසීන්ට විදේශවල සිට මෙරටට පැමිණෙන විදේශීය අයටත් වැල වරකා මිහිරි පලතුරක්‌ව පවතී. වෙළෙඳපොළෙන් ගෙඩියක්‌ රුපියල් දෙසීයකට පමණ ලබාගත හැකිය.
 
 අපේ ගරුතර මහා සංඝරත්නය පොරවන සිවුරට පොවන පඬු සකස්‌ කර ගන්නේද වරකා ගහේ මුල්වලිනි.
 
 ඉදුණු කොස්‌ගෙඩියේ ඉදුණු පැණි බේරෙන හමන සුළඟ වැල සුවඳින් පෙදෙස සුවඳවත් කෙරෙන වැල ගෙඩියක වේලක්‌ අනුභව කළ ගමේ ගොවීන් සිටියාහ. එලෙස අනුභව කළ අය නිදුක්‌ නිරෝගී සුවයෙන් අවුරුදු එකසිය අට, දහය තරම් කාලයක්‌ රෝගාතුර නොවී ලෙඩ ඇඳට පාත්‍රනොවී යහතින් වැජඹුqණුqq අයුරු මා සියෑසින් දුටුවෙමි.
 
 සුදු අධිරාජ්‍යවාදීන් අපේ රටේ කොස්‌ වෙනුවට රබර් සිටෙව්වෝය. ආදි අපේ පෙර සිංහලයා හෙරළි බතල ටික කා වැඩුණා.
 
 පැරණි කවියක්‌ද සිහිකරමි. හෙරළි යනුවෙන් පැරණි සිංහලයා කොස්‌ හඳුන්වාලීය. කොස්‌වලට හෙරළිගම ව්‍යවහාර වන්නේ සංස්‌කෘත භාෂාවෙනි.
 
 වැල සහ වරකාවල පවත්නා ගුණාත්මකභාවය ආයුර්වේදයට අනුරූපවන ආකාරය
 
 වැල වරකා දෙකෙන්ම ආමාශය සහ (බඩවැල්) කුඩා අන්ත්‍ර සහ මහා අන්ත්‍ර පිරිසිදු කිරීම එහි වියළි ස්‌වභාවය මැඬ පවත්වා තෙත් ගතිය ඇති කිරීම ගනු ලබන ආහාරවල ඉක්‌මනට දිරවීම ආහාරවල ශාරය ඉක්‌මනට ශරීරයට උරාගැනීමට අවශෝෂණය කර ගැනීමට පිටුවහල්වීම අධෝමාර්ගය වේදනාවකින් තොරව මළ පහ පිටකිරීමට උපකාරී වීම. අක්‌මාව ශක්‌තිමත් කිරීම, ශාරීරික ධාතු පුෂ්ටිය ඇති කිරීම, බෙලහීනවූ ශරීර ඇත්තවූවන්ට ශරීර ශක්‌තිsය ලබාදීම. ශරීර ස්‌ථුල කිරීම, ශරීරය සෝභමානවත් කිරීම, කිරි මවුවරුන් කිරි එරීම වැඩිවීම, කිරි පිරිසිදු කිරීම, දරුවන් බිහිකිරීමේදී ගැබිනි මාතාවන්ට අපහසුතාවකින් තොරව දරුවා බිහිකිරීමට ශක්‌තිය ලබාදීම, මතක ශක්‌තිය වැඩිකිරීම, ආයුෂ වැඩි කිරීම, ධාරණ ශක්‌තිය වැඩි කිරීමටද ආයුර්වේදීය වශයෙන් ගුණාත්මකභාවය ලෙස සඳහන් කරන අතර පිළිකා රෝග මර්දනයටද බෙහෙවින් ඉවහල්වේ.
 
 ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ පලතුරු සංවර්ධන වැඩ සටහනට දිරිදීමක්‌ ලෙස මෙම ලිපි පෙළ පළ කරන ලදී.

doc5

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Oct 2017 06:15 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/24030.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Oct 2017 06:27 PM

මානසික රෝග හඳුනා ගනිමු

http://divaina.com/daily/images/Paper/2017/10/10/doc2.jpg

අප ජීවිත කාලයෙන් වැඩි කොටසක්‌ රාජකාරිය කරන ස්‌ථානයේ ගතකිරීමට සිදුවන බව කවුරුත් හොඳින් දන්නා සත්‍යයකි. අප රාජකාරිය කරන ස්‌ථානයේ ගොඩනැඟෙන පරිසරය අප කායික හා මානසික සෞඛ්‍ය තීරණය වන්නා වූ අති ප්‍රබල වැදගත් සාධකයකි. එම පරිසරය කොතරම් දුරට අපගේ කායික හා මානසික සෞඛ්‍ය කෙරෙහි සුබවාදීව බලපාන්නේද? එය අසුබවාදී නම් අපේ මානසික සෞඛ්‍ය පිරිහීමට බලපාන්නේද? එම පිරිහීම තුළින් අපගේ ඵලදායිතාවය පහළ වැටීමට බලපාන්නේද? එසේම ඒ තුළින් අප තුළ ගොඩනැඟෙන කායික හා මානසික රෝගවලට සෘජුව හා වක්‍රාකාරව බලපාන්නේ කෙසේද යන කරුණු කාරණා ගැන සාකච්ඡා කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ඔක්‌තෝබර් 10 වැනිදාට යෙදෙන මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනය යොදාගෙන තිබෙනවා.
 
 මානසික සෞඛ්‍ය පිරිහීමට ලක්‌ කරන ඒක පුද්ගල පලදායීතාවය හීන කරන පුද්ගලයාගේ පෞරුෂයේ අක්‍රමිකතා ඇති කරන "මානසික රෝග" වැළඳෙන ආකාරය සහ ඒ සඳහා කරන ප්‍රතිකාර අප දේශීය වෛද්‍ය ක්‍රමයේ කෙබඳු ආකාරයට සකස්‌ වී ඇතිද යන්න දැන ගැනීමට අප ලංකාවේ සුප්‍රසිද්ධ දේශීය පාරම්පරික මානසික රෝග වෙද පරම්පරාවේ 7 වැනි පරම්පරාවට අයත් නීලම්මහර මනස ආයුර්වේද රෝහලේ වෛද්‍ය අධිකාරි මානසික රෝග විශේෂඥ වෛද්‍ය සමන් එස්‌. හෙට්‌ටිගේ මහතාගෙන් මේ පිළිබඳව දැනුවත් වීමට තීරණය කළා.
 
 මානසික රෝගයක්‌ යනු සමාජයේ ඕනෑම ජන කොට්‌ඨාසයකට, ඕනෑම සංස්‌කෘතියකට, ඕනෑම සමාජ ආර්ථික මට්‌ටමකට, වර්ණ භේද, ලිංග භේද, ආගම් භේද, කුලමල නොතකා වැළඳිය හැකි රෝගී තත්ත්වයකි. පසුගිය හතළිස්‌ වසර ඇතුළත මානසික රෝග වැඩිවීමේ ප්‍රවණතාව දෙස බැලුවහොත් එය ඉතාම ශීඝ්‍ර ලෙස වර්ධනය වී ඇති බව පෙනී යයි. මෙයට හේතුව වශයෙන් අප රට තුළ ඇති වුණු සමාජීය වෙනස්‌කම් ව්‍යසනයන්, යුද්ධය, කෘමිනාශක භාවිතය, ජනගහනය ඉහළ යැම නිසා ඇතිවන තදබදය, නාගරීකරණය, දූෂිත වූ ආහාරපාන භාවිතය වැනි හේතු පාදක ගෙන හැර දැක්‌විය හැකිය. රටක ඇතිවන යුද්ධය සහ ජාතිවාදී අරගල, උදාහරණය හැටියට අප රටේ ඇතිවුණු හැත්තෑඑක ආයුධ සන්නද්ධ කැරැල්ල, අසූතුන ජාතිවාදී කෝලාහල සහ උතුරේ ජනවාර්ගික යුද්ධය, අසූඅට අසූනවය දකුණේ පැතිර ගිය යුද්ධය, භීෂණකාරී වාතාවරණයද 2004 දෙසැම්බර්Êමස ඇතිවූ සුනාමි ව්‍යසනය බඳු ස්‌වාභාවික විපත්ද පුද්ගලයන් තුළ කාංසා, අක්‍රමිකතා, විශාද ජනක ප්‍රතික්‍රියා, මානසික රෝග ඇතිවීමට බලපාන බවත්, ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය පිරිහීමට හේතු සාධක වන බවත් වැඩි දෙනකුගේ අවධානය යොමු නොවූ කරුණකි. මෙම ඉහත කී සාධක අප රටේ මානසික සෞඛ්‍ය පිරිහීමෙහිලා කොතරම් දුරට බලපෑමක්‌ ඇති කර තිබෙනවාද කිවහොත් අප රටේ සමස්‌ත ජනගහන ප්‍රතිශතයෙන් 15% - 20% පමණ කිසියම් හෝ මානසික රෝග තත්ත්වයකින් පෙළෙන බවත්, සෑම පවුල් 4 කින් 1 පවුලක මානසික රෝගියෙක්‌ සිටින බවත් සොයාගෙන ඇත.
 
 මානසික රෝග ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්ත වී ඇති සාධක අරගෙන බැලුවොත් නවීන දත්තානුසාරයෙන් සනාථ කරන්නේ ලෝකයේ මානසික රෝගීන් මිලියන 450 ක්‌ පමණ සිටින බවයි. මෙයින් විශාදය නමැති මානසික රෝගය මිලියන 150 ක්‌ද, අපස්‌මාරය මිලියන 50 ක්‌ද, හීන්නොන්මාද රෝගීන් මිලියන 24 ද සිටින බව වාර්තා වෙයි. ශ්‍රී ලංකාවේ මෙම රෝගීන් 60,000 ක්‌ පමණ සිටින බව වාර්තා වෙයි.
 
 එක්‌සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවයේ වාර්ෂික අයවැයෙන් 12% වෙන්කොට ඇත්තේ මානසික රෝගීන්ටයි. උතුරු ඇමරිකාවේ පමණක්‌ විශාදය නිසා අහිමි වන ඵලදායිතාවය නිසා ලබන පාඩුව වාර්ෂිකව ඩොලර් බිලියනයකි. විශාදය නමැති රෝගය ලොව මිනිසුන් පීඩා විඳින දරුණුතම රෝග දහය අතරට එක්‌වෙයි. එය එතැනින් නැවතී නැත. වසර 2020 වන විට මෙම ලැයිස්‌තුවේ දෙවැනි ස්‌ථානයට පත්වන බව ගණන් බලා ඇත. එය දෙවැනි වන්නේ හෘද රෝගවලට පමණි.
 
 ආයුර්වේදයේ මානසික රෝග මෙලෙසින් හඳුන්වාදී ඇත.
 
 සිත් තුළ හට ගැනෙන මනුසිත පෙර ලමින
 උත්තම ගුණ නසන රළු බව වඩ වමින
 පිත් සෙම් වාත උඩුකුරු වී මත් කෙරෙන
 සත්නට උමතු රෝගය මෙලෙස වැළඳෙන
 
 වැකුණු කුණු නොසම නොනිසිව පියන ලද
 පිලිනු නොයෙක්‌ විස විපරිත ආහාරයද
 බමුණු ගුරුත් දෙවියන්හට ගැරහුමද
 කරනු මෙලෙස යෙදුමෙන් සිහි මුලාවෙද
 
 මානසික රෝග ලක්‍ෂණ
 
 මානසික රෝග වනාහි පුද්ගලයකු ස්‌වකීය සමාජයේ නෛතික, සම්ප්‍රදායික, ආගමික, සංස්‌කෘතික, සදාචාරාත්මක සම්මතවලට අනුකූල වන පරිදි ක්‍රියා කිරීමට අපොහොසත් කරවන සුළු කවර හෝ මානසික විපර්යාසාත්මක තත්ත්වයකි. මෙවැනි වූ ආකාරයක මානසික වශයෙන් වික්‍ෂිප්ත වූ පුද්ගලයා මූලික වශයෙන් ඔහුගේ මනසේ ඇතිවන මානසික අස්‌වාස්‌ථ්‍ය හේතුවෙන් යම් යම් චර්යාත්මක අසමාන්‍යතා පෙන්නුම් කිරීමට පටන් ගනී.
 
 අප දේශීය පාරම්පරික උමතු රෝග චිකිත්සාවේ වර්ගීකරණයට අනුව මානසික රෝග 22 කට බෙදා වෙන් කර ඇත. වාතදී දොaෂයන්ගේ විකෘතින්ගෙන් සෑදෙන මානසික රෝග, තුන්දොස්‌ කිපීමෙන් සෑදෙන උග්‍ර ගණයේ සන්නිපාතජ රෝග, රත්පිත් උමතු රෝග (දූෂිත වූ රක්‌තය සහ පිත ඌර්ධවගත වීමෙන්), සූතිකා උමතු රෝග (දරු ප්‍රසූතියෙන් පසු එන පශ්චාත් ප්‍රසව උමතු රෝග), දුබලකමෙන් එන උමතු රෝග (වයෝවෘද්ධ අවධියේදී වැළඳීමට ප්‍රවණතාවක්‌ ඇති අමතක වීම , නින්ද නොයැම, හැසිරීම් රටාවේ පෙන්නුම් කරන යම් යම් විපර්යාස සහිතව මුලික වශයෙන් පෙන්නුම් කරන චිත්ත වික්‌ෂේපය එසේ නැතිනම් සෛල පරිහානියට පත් වීමේ රෝගය, මදාත්‍යය උමතු) (අධික මත්පැන්, මත්aකුඩු නිසා වැළඳෙන උමතු රෝග), භූත උන්මාද (යක්‍ෂ, භූත, ප්‍රේතයන් වැනි නොපෙනෙන බලවේගවලින් ඇති කරන්නා වූ ලෙඩ රෝග ලක්‍ෂණ යෑයි විශ්වාස කරන උදා( මායාකාරී ශබ්ද ඇසීම, මායාකාරී දර්ශන පෙනීම, කටහඬවල්වලින් රෝගියාට කතා කරනවා මෙන් ඇසීම, මෝහයෙන් සහ අස්‌වාභාවික විශ්වාසයන් ඇති වීම රෝග ලක්‍ෂණ සමග එන උමතුරෝග).
 
 සිත් පෙරලුම් (ක්‍ෂණික සිත් බිඳීමකින්, කෙනකුගේ වියෝ දුකකින් බලාපොරොත්තු නොවූ ආකාරයේ ව්‍යසනවලට මුහුණ දීමෙන් ඇතිවන මානසික විපර්යාසයකි. මීට අමතරව ඉහත සඳහන් කළ සියලුම රෝගවලට පොදු වන රෝග ලක්‍ෂණ අස්‌ථාන බිය සැක, නින්ද නොයැම, තනියම කතා කිරීම, සිනාසීම, අධික කේන්තිය, වටපිට සිටින අය පිළිබඳ සැකය, අන් අයට නොඇසෙන කටහඬවල් රෝගියාට ඇසීම.)
  doc3

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Oct 2017 05:14 PM
අත් දෙකේම රුධිර පීඩනයෙන් හෘදයාබාධ ගැන අනාවැකියක්‌
ඒමන්ති මාරඹේ

අත් දෙකෙහිම රුධිර පීඩනය මැන බැලීමෙන් පුද්ගලයකුට හෘදයාබාධයක්‌ වැළඳීමේ ඉහළ අවදානමක්‌ ඇත්දැයි දැනගත හැකි බව ඇමරිකා එක්‌සත් ජනපදයේ හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.

දැනට බොහෝ වෛද්‍යවරුන් රුධිර පීඩනය මැන බලනුයේ රෝගීන්ගේ එක්‌ අතක පමණකි. අත් දෙකෙහිම රුධිර පීඩනය මැන බැලීමෙන් රුධිර පීඩන අගයෙහි ඒකක 10 ක වෙනසක්‌ දක්‌නට ලැබුණහොත් එයින් එම පුද්ගලයාට හෘදයාබාධයක්‌ වැළඳීමේ සියයට 38 ක පමණ ඉහළ අවදානමක්‌ පවතින බව එම වෛද්‍යවරු පෙන්වා දෙති.

මෙවැනි තත්ත්වයක්‌ ඇතිවුවහොත් ඒ පිළිබඳව තම වෛද්‍යවරයා සහ සාකච්ඡා කළ යුතු බව ඔවුහු වැඩිදුරටත් කියා සිටිති.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Oct 2017 05:27 PM

http://www.rivira.lk/epaper/diyaniya/2017/10/11/files/assets/common/page-substrates/page0028.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/10/11/files/assets/common/page-substrates/page0027.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/10/11/files/assets/common/page-substrates/page0032.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/10/11/files/assets/common/page-substrates/page0039.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/10/11/files/assets/common/page-substrates/page0024.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/10/11/files/assets/common/page-substrates/page0017.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Oct 2017 05:34 PM

http://www.rivira.lk/epaper/diyaniya/2017/10/11/files/assets/common/page-substrates/page0015.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Oct 2017 05:34 PM
මගෙත් මේ ආබාධය තියෙනවා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Oct 2017 05:37 PM

අනවශ්‍ය ගැබ් ගැනීම් වළකාලන්න සරු කාලය පිළිබඳ අවබෝධය දෙදෙනාටම වැදගත්

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
මවුවරම් ලැබීමේ උත්තරිතර දායාදය ලැබෙන තුරා ඒ පිළිබඳ සිතිවිල්ලෙන්ම පසුවන කෙනකුට ගැබ්ගැනීමන් යනු මහමෙරක් තරම් වටිනා දෙයකි. එහෙත් යම් හෙයකින් ඔබ ගැබ්ගත්තේ නම් . . . එය අනවශ්‍ය ගැබ් ගැනීමක් වූවා නම් . . . ඔබ පත්වන අසරණබව . . . කුමන අන්දමේ එකක් වේවි ද?

 

අනවශ්‍ය ගැබ් ගැනීමක් යනු හැමවිටම ඔබ සැලසුම් නොකළ එක්වීමක ප්‍රතිඵලයකි. සැලැසුම් කළ එක්වීමක් වූවා නම් එහි අවසානය ගැබ් ගැනීමක් නොවේවි.

වසරකට මිලියන තුනක්

අමෙරිකාවේ සෑම වසරකම මිලියන තුනක කාන්තාවන් පිරිසක් අනවශ්‍ය ගැබ්ගැනීමකට ලක්වේ. අපේ රටේ අනවශ්‍ය ගැබ් ගැනීම් පිළිබඳ දත්ත නොමැත. ඒ අපේ සංස්කෘතිය විසින්ම අනවශ්‍ය ගැබ් ගැනීම් අවශ්‍ය ඒවා ගොන්නට දමා සිටින නිසායි. ඒ වෙනුවට ඔවුන් කරන්නේ නීති විරෝධී ලෙස ගබ්සාවන්කර එසේ නොවුණු ලෙස සිටීමයි. මේ නිසා අනවශ්‍ය ගැබ් ගැනීම් පිළිබඳ දත්ත වාර්තා වන්නේ නැත.

වෙට් වයිප්ස් එපා

ගැබ් නොගනීවි යැයි සිතා ඇතැමුන් වැරැදි ක්‍රියා පිළිවෙත්වල නිරත වෙයි. ඩවුචින් භාවිතය ඉන් එකකි. ඩවුචින් යනු විවිධ දේ යොදමින් යෝනි මාර්ගය පිරිසුදු කිරීමට ගන්නා උත්සාහයයි. වෙට් වයිප්ස් ඒ අතර වේ. මේවායින් ගැබ් ගැනීමේ අවධානම ඉහළ යනවා විනා පහළ බැසීමක් සිදු නොවේ. අනවශ්‍ය ලෙස විසබීජ ඇතුළුවීමෙන් ශ්‍රෝණිගත ආබාධ ඇතිවීමට පුළුවන.

තවත් සමහරු යෝනි මාර්ගයට එරඬු නැටි ඇතුළු කරයි. අන්නාසි බොඩය හෙවත් එහි ළපටි කොටස ඇතුළු කරයි. මේ සියල්ලකින්ම වන්නේ විසබීජ ඇතුළුවීමකි.

විසබීජ නාශක දියර වර්ග භාවිත කොට යෝනි මාර්ගය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය පිරිසුදු කරන්නට යෑම ද සුදුසු නැත. මෙයින් යෝනි මාර්ගය ආශ්‍රිත ප්‍රදේශයේ ඇති හිතකර බැක්ටීරියා විනාශ වී අහිතකර බැක්ටීරියා වර්ධනය වීමට පුළුවන.

සුදුසු උපත් පාලන ක්‍රමවේදයක්

අනවශ්‍ය ගැබ් ගැනීමකින් වැළකීම සඳහා සුදුසුම ලිංගික හැසිරීම තෝරා ගැනීම ඔබ සතුය. මෙහිදී සුදුසු උපත් පාලන ක්‍රමයක් අනුගමනය කිරීම අඹු - සැමි දෙපාර්ශ්වයේ එකඟත්වයෙන් සිදුවිය යුතුය. උපත් පාලන ක්‍රම පිළිබඳ මින් පෙර සතිවලදී ඔබව දැනුවත් කළ නිසා ඒ පිළිබඳ මෙම ලිපියෙන් සාකච්ඡා නොකරනු ඇත.

සෑම ලිංගික එක්වීමක්ම ගැබ් ගැනීමකින් අවසන් වේ යැයි සිතිය නොහැකි ය. එහෙත් ඒ පිළිබඳ කිසියම් අවදානමක් තිබීමට පුළුවන. මේ අවදානම ඔබව දරු ගැබක් කරා ගෙන යෑමටත් පුළුවන. යම් හෙයකින් ඔබ ගැබ් ගත්තේ යැයි සැකයක් ඇත්නම් ඒ බව සති 2 - 3 ක් ගිය පසු රුධිර සාම්පලයක් ගෙන පරීක්ෂා කිරීමෙනුත්, සති 5 - 6 ක් ගිය තැන මුත්‍රා පරීක්ෂාවකිනුත් හඳුනාගත හැකිවේ.

සරු කාලය පිළිබඳ අවබෝධය

සරු කාලය පිළිබඳ මනා දැනුවත්බව සැමියා හා බිරිය යන දෙදෙනාම සතු විය යුතුය. එය ඔවුන් දෙදෙනාම සතු වගකීමකි. කාන්තාවක් ගර්භණී විය හැකි වන්නේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් පිට වී පැය 24 ක් ඇතුළතදීය. ඩිම්බය නිකුත් වූ වේලාව සොයා ගැනීම අනවශ්‍ය ගැබ් ගැනීම් වළකාලන ක්‍රමයකි.

කාන්තා සිරුරකට ඇතුළුවන ශුක්‍රාණුවකට දින 5 ක් පමණ ප්‍රාණවත්ව සිටීමට පුළුවන.

මේ සඳහා බිරිය කළ යුත්තේ උෂ්ණත්ව මාපකයක් භාවිත කර දිනපතා උදේ පාන්දර ශරීරයේ උෂ්ණත්වය මැන සටහන් කිරීමයි. එය වගුවක් ලෙසට සටහන් කරගැනීම තවත් පහසුවක් වේවි. මෙසේ ඔබ දිනපතා උෂ්ණත්වය මැන බලද්දී එක් දිනක් උෂ්ණත්වය පැහැදිලි ලෙස ඉහළ අගයක් ගනියි. ඒ දිනය ඩිම්බය නිකුත් වූ දිනය යි.

ගැබ්ගෙල ආශ්‍රිතව ශ්ලේෂ්මල ස්‍රාවයේ සරුබව බැලීම තවත් ක්‍රමයකි. මෙහිදී යෝනි මාර්ගයේ ඉහළම කෙළවරේ ශ්ලේෂ්මල ස්‍රාවය වැඩිනම්, එහි වතුර ගතියක් ඇත්නම්. ශ්ලේෂ්මල ස්‍රාවය නූල් මෙන් ඇදේ නම් ඒ දිනවල ඩිම්බය නිකුත් වී තිබේ.

ක්‍රමවත්ව ඔසප් චක්‍රය සිදුවන කෙනකුට දින ගණනය කරමින් පහසුවෙන්ම සරු නොවන කාලයේ දී එක්විය හැකියි.

හෝර්මෝන් ස්ට්‍රිප්ස්

හෝර්මෝන් ස්ට්‍රිප්ස් මුත්‍රාවලට දමා බැලීමෙන් යම් නිගමනයකට එළැඹිය හැකි වේ. ඩිම්බය නිකුත්වීමට දිනකට දෙකකට පෙර එහි විශාල වැඩිවීමක් පෙන්නුම් කෙරේ.

මේ ක්‍රම සියල්ල එකවර අත්හදා බැලීම සුදුසු ය. එහෙත් අනවශ්‍ය ගැබ් ගැනීම් වළකාලිය හැකි මේ පියවර සියල්ල වඩාත් සාර්ථක වන්නේ ඔසප් චක්‍රය ක්‍රමානුකූලව සිදුවන අයට ය.

එනම් ඉහත ක්‍රම සියල්ලකින්ම ලැබෙන නිගමනය සියයට 90 ක් පමණ යහපත් අතට පවතී. ක්‍රමවත් ඔසප් චක්‍රයක් නොමැති අයට යම් නිගමනයක් කරා එක එල්ලේ ඒමට නොහැකි නිසා පොදුවේ ඉහත ක්‍රම සාර්ථක වන්නේ සියයට 75 කට පමණි. සියයට 25 කට පමණ අසාර්ථකවීමට පුළුවන.

දින 14 ක කාලයක්

දින පහක කාලයක් ශුක්‍රාණුවල බල පැවැත්වීම ඇති නිසා ඩිම්බය පිටවීමට දින 5 කට පෙර සිටම එක්විය නොහැකියි. ඩිම්බය පිට වූ දා පටන් දින 3 ක් යනතුරුත් එක්වීමට නොහැකිය. එනම් උෂ්ණත්වය ඉහළම අගයක් ගත් දා සිට ඉදිරියට දින 3 කුත් ආපස්සට දින 5 කුත් සරු කාලය ලෙස ගැනේ. මේ අතරට ආපස්සට තැබූ දින 5 ට තවත් දින 3 කුත් ඉදිරි දින 3 ට තවත් දින 3 කුත් එකතු කරයි. ඒ අනුව මුළු සරු කාලය ලෙස දින 14 ක් ගණන් ගැනේ. ඒ දිනවල අනාරක්ෂිත ලෙස ලිංගික එක්වීමක් සිදුවුණි නම් එය ගැබ් ගැනීමක් දක්වා යා හැකියි. ඉහත කී සරු දිනවල එක්වන්නේ නම් ගැබ් ගැනීමක් අපේක්ෂා නොකරන්නේ නම් කොන්ඩම් පැලඳීම වැනි ආරක්ෂිත උපත් පාලන ක්‍රමවේදයකට යෑම නුවණට හුරු ය.

උපදෙස්

විශේෂඥ මනෝ වෛද්‍ය (ආර්තවහරණ සංගමයේ අතිරේක ලේකම්)

එච්. ඒ. බුද්ධි ජයසේකර

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 54 of 137 << < 5253545556 > >>