You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 55 of 137 << < 5354555657 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
10 Oct 2017 10:10 PM
Posted By chamaramind on 10 Oct 2017 05:34 PM

http://www.rivira.lk/epaper/diyaniya/2017/10/11/files/assets/common/page-substrates/page0015.jpg


මටත් මේ ආබාධය  තිබෙ නවා .. තවම  නිසි ලෙස සුවයක් නැහැ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Oct 2017 01:43 AM
අපට නම් තව ගොඩක් කල් තියෙනවා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
11 Oct 2017 02:41 AM
Posted By Ind007ka on 11 Oct 2017 01:43 AM
අපට නම් තව ගොඩක් කල් තියෙනවා

ඔව් තව අවුරුදු 20-30 ක් විතර යයි ඔව් තව අවුරුදු 20-30 ක් විතර යයි
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Oct 2017 06:28 PM
ඒකට ව්‍යායාම කරන්න ඕන
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Oct 2017 06:33 PM

දුමෙන් තොර පරිසරය දිගු කරයි ඔබේ දිවිය

http://divaina.com/daily/images/Paper/2017/10/12/weda2.jpg

* ඔබ දන්නවාද?

දුම්කොළ අඩංගු නිෂ්පාදන භාවිතා කිරීම ලොව ඇති මාරාන්තික රෝග සෑදීමට හේතුවේ. එබැවින් දුම්කොළ නිෂ්පාදන භාවිතා කරන අයගෙන් 50% ක්‌ පමණ මිය යන්නේ දුම්කොළ භාවිතය නිසා ඇතිවන රෝගයකිනි.

දුම්වැටියේ විෂ වර්ග 4000 ක්‌ පමණ අඩංගුවේ. විෂ වර්ග 43 ක්‌ පිළිකා ඇති කිරීමේ හැකියාව ඇති ද්‍රව්‍ය වේ. දුම්කොළ වළ අඩංගු සමහර රසායනික ද්‍රව්‍ය නිසා ශරීරයට හානි ඇති කිරීම ක්‍ෂණිකව පටන් ගනී. එබැවින් දුම්කොළ හෝ දුම්වැටි භාවිතය ආරම්භයත් සමගම සිරුරට හානිවීමට පටන් ගනී.

* දුම්කොළවල

අඩංගු විෂ වර්ග

1. නිකොටින් - නිකොටින් යනු කොකේන්, හොරොයින් වැනි ඇබ්බැහිවීම් ඇති කරන වෙනත් මත්ද්‍රවවලට සමාන ගති ලක්‍ෂණ ඇති ද්‍රව්‍යයකි. මීට අමතරව නිකොටින්, කෘමි නාශක වර්ගයක්‌ ලෙසද භාවිතා කරනු ලැබේ. දුම්කොළ වල ඉතා විශාල ප්‍රමාණයක්‌ නිකොටින් අඩංගුවේ.

2. ඇමෝනියා - ගෙබිම පිරිසිදු කිරීමට යොදා ගනු ලැබේ.

3. ඇසිටෝන් - සායම් සහ නිය ඔප දැමීමට යොදාගන්නා ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා යොදා ගනු ලැබේ.

4. ආසනික්‌ - කෘමිනාශකවල අඩංගු වේ.

5. කාබන්මොනොක්‌සයිඩ් - මෝටර් රථ වලින් පිටවන දුමාරයේ අඩංගුවන විෂ වායුවකි.

6. හයිඩ්‍රජන් සයනයිඩ් - සමහර රටවල මරණ දණ්‌ඩනය නියම වුවන් ජිවිතක්‍ෂයට පත්කිරීමට යොදා ගනු ලැබේ.

7. ෆිනෝල් - සායම්වල අඩංගුවේ.

8. කැඩිමියම් - මෝටර් රථවල බැටරිවල අඩංගුවේ

9. නැප්තලින් - කපුරුබෝල සෑදීමට භාවිතා කරනු ලැබේ.

10. තාර - විෂ සහිත අපද්‍රව්‍යයකි

11. විකිරණශීලී සංයෝග - න්‍යෂ්ටික ආයුද සෑදීම සඳහා භාවිතා කරනු ලැබේ.

දුම්වැටියේ අඩංගු මෙවැනි විෂ සිරුරේ සියළුම අවයව ක්‍රමක්‍රමයෙන් විනාශ කරයි

දැවී යන දුම්වැටිය උරන ඔබද ඉතා ඉක්‌මනින් දැවීයයි

දුම්වැටි ඔබ මරණය කරා ගෙනයනු ලබන ලෙඩ රෝග ඇති කරයි

1. ශරීරයේ බොහෝ ඉන්ද්‍රියන් වල පිළිකා ඇතිවීම උදා- පෙණහලු, මුඛය, ස්‌වරාලය, උගුර, ගලනාලය, මුත්‍රාශය, වකුගඩු අග්නාශය, අක්‌මාව, ගැබ්ගෙල, අමාශය, මහා බඩවැල, ගුදමාර්ගය යනාදිය සහ ලේවල පිළිකා (ලියුකේමියා) තත්ත්වයද ඇති විය හැකිය.

2. පෙණහලු රෝග -

උදා - එම්ෆිසීමා, ඇදුම බ්‍රොන්කයිටිස්‌, පෙනහළු ආසාදනය, හුස්‌ම ගැනීම අපහසු කරවන දීර්ඝකාලීනව පවතින පෙනහළුÊරෝග (CධඡD)

3. හෘද රෝග

දුම්කොළ සහ දුම්වැටි භාවිතා කරන්නෙකුට හෘදරෝගයක්‌ සැදී එමගින් මිය යාමට ඇති හැකියාව ඒවා භාවිතා නොකරන්නෙකු මෙන් දෙගුණයකි. ඔවුන් අතරින් බොහෝ දෙනෙකු මියයන්නේ අඩු වයසිනි. අඩු වයසින් සිදුවන මරණ නිසා පවුලට, රටට, ආර්ථිකයට වන හානිය බලවත්ය.

4. කාන්තාවන්ට ගබ්සා ඇතිවීම සහ අඩු උපත් බර දරුවකු ඇති වීමට ඇති හැකියාව වැඩිය.

5. ලිංගික බෙලහීනතාවය හා වඳ භාවයද ඇති විය හැකිය.

6. ආමාශයේ තුවාල ඇතිවීම.

7. පාදවල රුධිර නාල අවහිර වීම නිසා පාද කපා දැමීමට පවා සිදුවේ.

8. දත් දුර්වර්ණ වීම හෝ දිරායාම

9. පිටකරන හුස්‌ම දුර්ගන්ද වීම

10. කෙස්‌ දුර්වර්ණ වීම

11. ඇසෙහි සුද ඇතිවීම

12. අංශභාගය සෑදීමේ ප්‍රවනතාවය වැඩිවීම.

ඔබ අසළ සිට දුම්වැටි උරන්නකු නිසා ඔබට බලපෑමක්‌ ඇතිවිය හැකිද?

ඔව් දුම් ඉරීම - (උදා (- දුම්වැටි, බීඩි, යනාදිය) නිසා හානි සිදු වන්නේ එය උරන්නාට පමණක්‌ නොවේ. දුම් උරන්නේ නැති කෙනෙකු වුවද දුම් උරන්නෙකු අසල සිටියහොත් දුම් උරන්නා විසින් පිට කරනු ලබන විෂකාරක දුම්, හුස්‌ම ගැනීමේදී අවට සිටින්නන්ගේ ශරීරයට ඇතුළුවේ. මෙය අක්‍රිය දුම් පානය ලෙස හැඳින්වේ. මෙලෙස අවට සිටින්නන්ගේ ශරීරයට විෂ දුම් ඇතුළුවීම මගින් ඔවුන්ගේ ශරීරයටද හානි සිදුවීමට පටන් ගනී.

දුම් උරන්නන් අප සැමගේ ජීවිතවලට තර්ජනයක්‌ නිසා පොදු ස්‌ථානවල දුම් ඉරීම නීතියෙන් තහනම්ය. පොදු ස්‌ථානවල දුම් උරන්නන් සමාජයට පිළිලයකි.

ඔබගේ සෞඛ්‍යයට හානි සිදුකිරීමට මාන බලන ඔබ අවට සිටින දුම් උරන්නන්ගෙන් ප්‍රවේශම් විය යුතු අතරම ප්‍රසිද්ධ ස්‌ථානවල දුම්බීමට විරුද්ධ වීමටද ඔබට අයිතියක්‌ ඇත.

බෝනොවන රෝග ඒකකය සෞඛ්‍ය අමාත්‍යංශය
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Oct 2017 06:37 PM

හදවත නිරෝගීව තබා ගැනීමට මෙය කියවන්න

හෘදය වස්‌තුවෙහි නිරෝගී බව රැකීම සම්බන්ධයෙන් ඇති නිවැරදි හා වැරදි මත කිහිපයක්‌. පහත දැක්‌වේ.
 
 1. අත් දෙකෙහිම රුධිර පීඩනය මැන බැලීඹ මගින් යමෙකුට හෘදයාබාදයක්‌ වැළඳීමේ ඉහල අවදානමක්‌ ඇත්දැයි අනාවරණය කර ගත හැකි වේ.
 
 මෙය "සත්‍යය" වූ ප්‍රකාශයකි. දැනට වෛද්‍යවරුන් බොහොමයක්‌ රුධිර පීඩනය මැන බලනුයේ රෝගියෙකුගේ එක්‌ අතක පමණක්‌ වන අතර අත් දෙකෙහිම රුධිර පීඩනය මැන බැලීමෙන් එම රුධිර පීඩන අගයන්ගේ ඒකක 10 ක හෝ එයට වඩා වැඩි ඒකක සංඛ්‍යාවක වෙනසක්‌ දක්‌නට ලැබුණහොත් එවැනි අයෙකුට හෘදයාබාධයක්‌ වැළදීමේ අවදානම සියයට 38% කින් වැඩි බව වෛද්‍ය මතය වී තිබේ. මෙසේ අත් දෙකෙහිම රුධිර පීඩනය මැන බැලීමෙන් එම රුධිර පීඩන අගයන්ගේ වෙනසක්‌ දක්‌නට ඇත්නම් වහා තම වෛද්‍යවරයා සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කළ යුතුය.
 
 2. "ආලේපිත" ඇස්‌ප්‍රින් පෙත්තක්‌ දිනපතා ගැනීම ඔබගේ හෘදය වස්‌තුවට හිතකරය.
 
 මෙය අසත්‍ය ප්‍රකාසයකි. දිනපතා හෘදය වස්‌තුව ආරක්‍ෂා කිරීම සඳහා ඇස්‌ප්‍රින් පෙත්තක්‌ ලබා ගන්නේ නම් "ආලේපිත" ඇස්‌ප්‍රින් (කෝටඩ් ඇස්‌ප්‍රින්) භාවිත නොකර මුඛය තුළ සැපිය හැකි (චුවබල්) බේබි ඇස්‌ප්‍රින් ලබා ගැනීම යෝගය වේ. මෙයට හේතු වී ඇත්තේ ආලේපිත" ඇස්‌ප්‍රින් ආමාශයට හිතකර නොවීමත් සෑම ඇස්‌ප්‍රින් වර්ගයක්‌ම රුධිරයට මිශ්‍ර නොවීම යන කරුණුය.
 
 3. ආහාරයට ගනු ලබන තෙල් වර්ග හෘදය වස්‌තුවෙහි නිරෝගී බවට හා මතක ශක්‌තියට අහිතකර බලපෑම් එල්ල කරයි.
 
 මෙය අසත්‍ය ප්‍රකාශයකි. ආහාරයට ගන්නා සෑම තෙල් වර්ගයක්‌ම හෘදය වස්‌තුවට හා මතක ශක්‌තියට අහිතකර බලපෑම් එල්ල නොකරයි. බටර් හා රතු පැහැති මස්‌ වර්ගවල අඩංගු සංතෘප්ත මේදය (සැටුරේටඩ් µeට්&zwnj හෘදය වස්‌තුවෙහි ධමනිවල සෞඛ්‍යයට මෙන්ම මතක ශක්‌තියට හානිකර වේ. එහෙත් ඔලිව් තෙල් හා මාළුවල අඩංගු මොනෝ සංතෘප්ත මේදය (මොනෝ සැටුරේටඩ් µeට්&zwnj හෘදය වස්‌තුවෙහි නිරෝගී බව මෙන්ම මතක ශක්‌තියද වර්ධනය කිරීමට උපකාරී වේ.
 
 Ö හාවඩ් වෛද්‍ය විද්‍යාලය
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Oct 2017 06:45 PM

මේස්‌ රහිතව සපත්තු පැළඳීමෙන් පාදවල දිලීර හට ගැනීමේ අවදානමක්‌

http://divaina.com/daily/images/Paper/2017/10/12/weda1.jpg

මේස්‌ නොමැතිව සපත්තු පැළඳීම දුර්ගන්දය හමන දෙපා යුවලකට හිමිකම් කීමටත් පාදවල දිලීර ආසාදනයන් හට ගැනීමටත් හේතු වන බව එක්‌සත් රාජධානියේ රෝග විනිශ්චය කිරීම/නිවාරණය පිළිබඳ විද්‍යාලය පවසයි.
 
 එම විද්‍යාලයේ වෛද්‍ය විශේෂඥ එමා ස්‌ටීවන්සන්ට අනුව දැනට පවතින මේස්‌ රහිතව සපත්තු පැළඳීමේ පුරුද්ද හේතුවෙන් තරුණයින්ගේ පාදවල දිලීර ආසාදනයක්‌ ඇති වීමේ තත්ත්වය ඉහළ යමින් පවතී.
 
 වයස අවුරුදු 18 ත් 25 ත් අතර තරුණයින් මෙසේ පාදවල දිලීර ආසාදනයන්ගෙන් වැඩි වශයෙන් පෙලන බව පෙනී ගොස්‌ ඇතැයි ඇය පවසන්නීය.
 
 පාදයට නොගැලපෙන ප්‍රමාණයේ සපත්තු පැළඳීමෙන්ද මෙසේ පාදවල දිලීර ආසාදනයන් හට ගත හැකි බව වෛද්‍ය මතය වී තිබේ.
 
 තරුණයින් මෙසේ වැඩිපුර මේස්‌ රහිතව සපත්තු පැළඳීම කෙරෙහි ඇතැම් ජනප්‍රිය නවක ගායකයින් හා විලාසිතා නිරූපණ ශිල්පීන් එසේ පැළඳීමද බලපා ඇති අතර ගායක සැම් ස්‌මිත් මෙන්ම විලාසිතා සඟරාවලට පෙනී සිටින ටයිනි ටෙම්පා ඇතුළු විලාසිතා නිරූපණ ශිල්පීන්ද මෙසේ මේස්‌ රහිතව සපත්තු පළඳන බව පෙනී ගොස්‌ තිබේ.
 
 වෛද්‍ය විශේෂඥ එමා ස්‌ටීවන්සන්ට අනුව පුද්ගලයෙකුගේ එක්‌ පාදයකින් දිනකට නිකුත් කරනු ලබන දහඩිය ප්‍රමාණය පයින්ට්‌ භාගයක්‌ පමණ වේ. මෙසේ එකතු වන දහඩිය බිඳු හා උණුසුම හේතුවෙන් මේස්‌ රහිතව සපත්තු පමණක්‌ පැළඳීමෙන් "ඇත්ලීට්‌ස්‌ µqට්‌" වැනි දිලීර ආසාදනයන්ට පාද ලක්‌වන බව ඇය පවසන්නීය.
 
 එහෙත් පාදවල පහසුව සඳහා මේස්‌ රහිතව සපත්තු පැළඳීමට යමෙකු හුරුවී ඇත්නම් පාද දිලීර ආසාදනයන්ගෙන් හා දුර්ගන්දය හැමීමෙන් වැළැක්‌වීම සඳහා වෛද්‍ය ස්‌ටීවන්සන් විසින් ගත හැකි ක්‍රියාමාර්ගයන් තුනක්‌ හඳුන්වාදී ඇත. ඒවා නම්
 
 1 දිනකදී මේස්‌ රහිතව සපත්තු පැළඳ සිටීමේ කාලසීමාව අඩුකර ගැනීම.
 
 2. දහඩිය දැමීම හා දුර්ගන්දය හැමීම පාලනය කිරීම සඳහා නිපදවා ඇති විෂබීජ නාශක ද්‍රව්‍යයක්‌ පාදය යටට ඉසීමෙන් පසු සපත්තු පැළඳීම.
 
 3. පාදවල කුමන හෝ කොටසක්‌ වේදනාවට ලක්‌ව ඇත්නම් වහා වෛද්‍ය උපදෙස්‌ පැතීම.
 
 සංස්‌කරණය -  ඒමන්ති මාරඹේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Oct 2017 07:18 PM
මමත් මෙ කතාව නම් අහලා තියෙනවා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
11 Oct 2017 07:32 PM
මේක නම් ඇත්ත තමයි
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
11 Oct 2017 08:35 PM
බොහොමත්ම ස්තූතියි මේ පිළිබඳව අපව දැනුවත් කළාට.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Oct 2017 09:08 AM
මේස් නැතිව ලෙඩ කෙසේවෙතත් සපත්තු නිකං දාගෙන ඉන්න මට නම් බෑ.
වහ කෝස්නෙ. කකුල් දෙක ඉවරයි.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Oct 2017 04:37 AM

මතකය වැඩි වෙන්න කන්නලු චොකලට්

 
චොක්ලට් ආහාරයට ගැනීමෙන් මතකය වැඩිවන බවත් මොළයේ සෞඛ්‍ය සම්පන්න බව ඉහළ නංවන බවත් මෑතකදී කරන ලද පර්යේෂණයකදී අනාවරණය වී තිබේ.
 
මීට පෙර ද කරන ලද අධ්‍යයනවලින් ද ඒ බව අනාවරණය වූ අතර ඒ අනුව පෙර කරන ලද අධ්‍යයනවල කරුණු මෙම සොයාගැනීමෙන් තවදුරටත් සනාථ වන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
 
චොක්ලට්වල තිබෙන ‘ෆ්ලේවනෝල්’ නැමැති රසායන ප්‍රමාණවත් නින්දක් නොමැතිවීම නිසා ඇතිවන රෝගී තත්ත්වයට එරෙහිව සටන් වදින බව පෙන්වාදෙන පර්යේෂකයෝ චොක්ලට් ආහාරයට ගැනීමෙන් ‘අනිද්‍රාව’ (නින්ද නොමැතිකම නිසා ඇතිවන රෝගී තත්ත්වය) පෙළෙන රෝගීන්ට සහනයක් ගෙන එද බව ද පවසති.
මෙම අධ්‍යයනය මතකය සහ චොක්ලට් නිසා ලැබෙන නින්ද හා සම්බන්ධ පල ප්‍රයෝජන යන්න මුල් කරගනිමින් කරන ලද අධ්‍යයන මාලාවකින් එකකි.
 
‘ෆ්ලේවනෝල්ස්’ යනු මොළයේ ක්‍රියාකාරීත්වය ඉහළ නංවන ස්වභාවික සංඝටයක් වන අතර එයින් තවත් ආරක්ෂිත ප්‍රතිඵල ද ලැබේ. මෙම රසායනය කොකෝවා ඇටවල බහුලවම අඩංගු වන්නකි.
 
ඉතාලියේ ‘ලාඇකිලා’ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් මෙම අධ්‍යයනය කර තිබෙන අතර එහි දි මොළයේ සැකැසුම් වේගය, යම් කාර්යයක නිරත වනවිට මතකය, කතාවේ යෙදීමේ ව්‍යක්තබව (දක්ෂතාව) යන අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ.
 
මෙහිදි වැඩිහිටියන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මෙම අධ්‍යයනය සිදු කර තිබෙන දෛනිකව ‘ෆ්ලේවනෝල්’ මාත්‍රාවකින් (වේලකින්) වැඩිහිටියන්ගේ මොළයේ සැකැසුම් වේගය, යම් කාර්යයක නිරත වනවිට මතකය, කතාවේ යෙදීමේ ව්‍යක්තබව (දක්ෂතාව) යනාදිය වර්ධනය වන බව පර්යේෂකයෝ පෙන්වාදෙති. 
 
හර්ෂණ තුෂාර සිල්වා
ඬේලිමේල් ඇසුරිනි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Oct 2017 08:41 AM
අපේ රටේ ඒවා මොන චොකලට්ද.....මේවා කැව්වොත් මතකය කෙසේ වෙතත් වෙන ලෙඩ හැදෙනවා.
ඒ තරම් හොද දේවල්නෙ අපේ ඒවට දාන්නේ.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Oct 2017 04:47 PM
පොඩි එකෙක් දෙක්කොත් හොදට හිටි මේ ලිපිය ,
ස්තුති මල්ලි දැනුවත් කිරීමට
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Oct 2017 07:58 PM

http://www.rivira.lk/epaper/sunday/2017/10/15/files/assets/common/page-substrates/page0037.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Oct 2017 08:07 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/24254.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/24255.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/24256.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/24257.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/24258.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/24259.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/24252.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/24253.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Oct 2017 08:22 PM

කොම්පියුටරේ බෝකරන ලෙඩ ගොඩක්!

පරිගණකය අද එදිනෙදා ජීවිතයේ දි බොහොමයක් දෙනාට නැතිවම බැරි උපකරණයකි. බෙල්ලේ වේදනාව, කොඳු ඇට පෙළේ සහ කොන්දේ කැක්කුම්, බෙල්ල සමඟ අත්වල ඇතිවන වේදනාව, අත දිගේ විදුලියක් වගේ වේදනාව දුවනවා දැනීම, ඇඟිලි හිරිවැටීම වැනි රෝග රැසක් සමාජයේ බහුලව වාර්තා වීමට පරිගණකය හේතු වී තිබේ.

මේ රෝග බොහෝමයක් සඳහා හේතු වී ඇත්තේ පරිගණක භාවිතයේ දී අපි නිසි ශාරීරික ඉරියව් නොපැවැත්වීම නිසයි. 

නිවැරදි ආකාරයට පරිගණක මේසය මත පරිගණකය ස්ථානගත කර නොගැනීම, සුදුසු ඉරියව්වෙන් වාඩිනොවීම, ගෙල නවා, කොන්ද නවා වැඩි පීඩනයක් බෙල්ල කොන්ද කොඳු ඇට පෙළ වෙත වැටෙන ආකාරයට සිටීම මෙන්ම, පරිගණක යතුරු පුවරුව, මවුසය භාවිතයේ දී නිවැරැදි ආකාරයට අත තබා නොගැනීම නිසා බොහෝ වේදනා කැක්කුම්, දීර්ඝ කාලීන ස්නායු ආබාධ ඇතිවිය හැකියි. පරිගණකය ඉදිරියේ ගෙල නවාගෙන සිටීමෙන් සිදුවන්නේ ස්නායුක තෙරපීමක් ඇති වීමයි. මේ තෙරපීම හේතුවෙන් අත හිරිවැටීමේ තත්ත්වයක් ඇතිවිය හැකියි.

එසේත් නැතිනම් අත දිගේ දිවයන මාංශපේශිවල දරුණු වේදනාවක් ලෙස මෙය ප්‍රතිඵල විය හැකියි. පේශි සිහින් වීම, උරහිසේ පේශි දියවීම වැනි දරුණු රෝග තත්ත්ව මේ නිසා පසුකාලීනව ඇතිවිය හැකියි.

පරිගණකයේ වැඩ කළ යුත්තේ හිස නවාගෙන නොවේ, හිස ඍජුව තබාගෙනයි. අපේ ඇස් මට්ටමට කී බෝඩ් එක තබාගත යුතුයි. (රූපසටහන් බලන්න.) එවිට අමතර බරක් වෙහෙසක් යොදා හිස නවන්නට සිදුවන්නේ නැත. නිවැරුදි ඍජු ඉරියව් භාවිතය මගින් පමණක් ඉහත කී රෝගාබාධ රැසක්ම වළක්වා ගන්නට හැකියි. කොන්ද උකුල් ඇටය ආසන්නයෙන් මෙන්ම, දණහිස සහ වළලුකර ආශ්‍රිත සන්ධි සැමවිටම අංශක 90ට තබාගත යුතුයි.

පරිගණක නිසා බහුලව හානියට පත්වන්නේ ඇස් දෙකයි. එකදිගට පරිගණක දෙස බලා සිටීම නිසා ඇස් වියළීමත් ඇසේ පේශි තදවීමත්, අධික ආලෝකය හේතුවෙන් ඇතිවන පීඩාවත් නිසා ඇසට වෙහෙසකර තත්ත්වයක් ඇතිවෙයි. මේ නිසා ඇස් වියළීම, ඇස් දැවිල්ල, හිසේ වේදනාව බහුලව වාර්තා වන අතර පෙනීම දුර්වල වීමට ද එය හේතුවකි. මේ නිසා එකදිගටම පරිගණකය දෙස බලා නොසිට තමන්ගේ ඇස වරින් වර ඈත බිත්තියක් දෙස හැරවීම බඳු වෙනස් ඉලක්කයකට යොමු කළ යුතුයි. ඇසට හිතකර විටමින් A හා D ඇතුළත් මෝරතෙල් පෙති භාවිතය මගින් ඇසේ සෞඛ්‍ය රැකගැනීමට හැකි වෙයි.

කොන්දේ රුදාව හඳුනාගන්න

කොන්දේ රුදාව ගැන දැන් නිතරම අසන්නට ලැබේ. පිහියකින් අනිනවා වැනි තියුණු වේදනාවක සිට තදින් එක දිගට අල්ලා සිටිනවා වැනි වේදනාවක් දක්වා කොන්දෙ කැක්කුම විවිධ අන්දමට දැනෙන්නට හැකිය. කොහොමත් දහ දෙනකු ගත්තොත් අට දෙනෙක්ම අද කොන්දෙ කැක්කුම් ගැන පැමිණිලි කරනවා දක්නට හැකිය. මේ අතර කොන්දේ කැක්කුම ගැන මිථ්‍යා මතද ඉදිරිපත් වන අවස්ථා බහුලය. ඒ සඳහා සෞඛ්‍යමය නොවන උපදෙස්ද බහුලව ඉදිරිපත් වේ. මේ ඉන් කිහිපයකි.

හැමවිටම කෙලින් ඉඳගත යුතුයි

හාන්සි වී හෝ ඇදේට ඉඳගැනීම කොහෙත්ම හොඳ නැති බව සැබෑවකි. ඒත් හරි කෙලින් දිගු වේලාවක් ඉඳගෙන සිටිමද නරකය. පුටුවේ සිටින අතරම කොන්ද ඉදිරියට නැවීම හෝ මදක් දිග ඇදුණු ස්වභාවයකට වරින්වර පත් විය යුතුය. නැත්නම්න වරින් වර නැගි සිටිය හැකිය.

බර ඉස්සීම නරකයි

බර ඉස්සීම හරහට හිටින්නේ ඔබ එය කරනා ආකාරයටය. ඉස්සීමට ඇති බර ඉදිරියේ හරි කෙලින් ඉඳගෙන තදින් සමාන දුරකින් අල්ලා කොන්ද සහ හිස කෙලින් තබා ගැම්ම ගෙන එසැවිය යුතුයි. කොන්ද නැවීම හෝ පැත්තට ඇලවී ඉස්සීම මගින් අනතුරු සිදුවිය හැකියි. කෙසේ වුවත් ඉසිලිය යුත්තේ තම සිරැරට සෑහෙන ප්‍රමාණයක් පමණි.

ඇඳ විවේකය හොඳම බෙහෙතද?

ඇද විවේකය හොඳ පිලියමක් බව ඇත්තකි. ඒත් දින දෙකක් දක්වා දිගුකාලයක් ගත කිරීම එය තවත් දරුණු තත්ත්වයට පත් කිරීමකි.

බර වැඩි නම් කැක්කුම් වැඩියි

මේ කතාව ඇත්තකි. ශරීරයේ නිසි හැඩය පවත්වා නොගන්නා දේහබර වැඩි තරබාරැ පිරිසගේ කොන්ද මත යෙදෙන පීඩනය අධික නිසාම වේදනාව ඇති විය හැකියි. මුළු සතියම ඉඳගෙන සිට සති අන්තයේ අධික ව්‍යායාමයේ යෙදෙන අයටද කොන්දේ රුදාව හටගන්නට හැකියි. එහෙත් කෙට්ටු වූ පමණින් කොන්දෙ රුදාව නැතිවන්නේද නැත.

ව්‍යායාම කොන්දට නරකයි

මේ නම් මිථ්‍යාවකි. දිනපතා පිළිවෙළකට කෙරෙන ව්‍යායාම කොන්දේ රුදාව වළක්වයි. 

සමතල මතුපිට නිදාගැනීම

සමතල මතුපිට නිදාගැනීම සැමට සෑමවිට හරියන විසදුමක් නොවේ. කොන්දේ රුදාවට හේතුවත්, ඔබ නිදාගන්නා ආකාරයත් අනුව නිසි ලෙස නිදන මෙට්ටය තෝරාගත යුතුයි. අවශ්‍ය විටක කොට්ට මගින් ආධාර සිරුරට ලබාදිය යුතුයි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Oct 2017 08:26 PM
කොහොම බැලුවත් ඉතින් කොම්පුටරෙ අපට කරදරයක් තමා ..නමුත් අද කාලෙ නැතුවත් බැහැ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Oct 2017 08:26 PM

ඔළුවේ අවුලට බෙහෙත්!

මිනිසකුගේ ජීවිතයේ සතුට රදා පවතින්නේ ඔහු සහ ඇයගේ ආකල්ප සිතුවිලි, පුරුදු, විශ්වාස එහෙමත් නැත්නම් ගති පැවතුම් මත කියලා විසි වන සියවසේ විසූ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් වන බර්ට්‍රම් රසල් කියල තියනවා. ධනයෙන් සහ වෙනත් වෙනස්කම්වලින් ඔබ කොතරම් පොහොසත් වුණත් සිතුවිලිවලින් ඔබ දුප්පත් වෙන්න පුළුවන්. නයෝමිගේ ජීවිතයටත් කණ කොකා හැඬුවේ මෙවැනි පරිසරයක ජීවිත් වෙන්න සිදුවූ නිසයි.

රෝහලේ පළමු සායනයට නයෝමි ආවේ තනියමයි. අවුරුදු 35 වන ඇය දරුවන් දෙදෙනකුගේ මවක්. ඇගේ කතාව නයෝමි මෙහෙම පැවසුවා.

“මට ජීවිතය එපාවෙලා. නිතරම මැරෙන්න ක්‍රමයක් ගැන කල්පනා කරනවා. මැරෙනවානම් දරුවො දෙන්නත් එක්කම තමයි මම මැරෙන්නෙ. මගේ ඇඟට පණ නැහැ. වැඩ කරන්න හිතෙන්නෙ නෑ. රෑට නින්ද ගියත් පාන්දර නින්දෙන් අවදි වෙනවා. ඉස්සර ආශාවෙන් කරපු කිසිම දෙයක් දැන් කරන්න හිතෙන් නෑ. මල් වවන්න මම හරි ආසයි. දැන් මල් ගහක් දිහා බලන්නෙත් නෑ. ජීවිතේ නැති කරගන්න මම දෙසැරයක් උත්සාහ කරා. ඒ දෙසැරෙම වෛද්‍යවරු මාව බේරුවා. ඇයි මාව බේරුවේ. ඇයි මට මැරෙන්න දෙන් නැත්තේ. මෙහෙම හිතනකොට ඔවුන් ගැනත් මට තරහක් ඇති වෙනවා.”

නයෝමිගෙ ජීවිතය ඊළඟ පරිච්ඡේදයට යාමට පෙර නයෝමි ගොදුරු වී ඇති මානසික තත්ත්වය පිළිබඳ විමසීමක් කරමු. නයෝමිත් ගොදුරු වී ඇත්තේ දැඩි මානසික අවපීඩනය හෙවත් විශාදියටයි. විශාදිය කියන්නේ ලෝකයේ දක්නට ලැබෙන සියලු අසනීපවලින් දෙවනි අසනීපය. ඕනෑම පුද්ගලයකු ප්‍රශ්නයක ගැටලුවක සිරවී ඉන් ගැලවීමට නොහැකිව සිතුවිලි අතර හිරවී යම් කාලයක් තුළ දැඩි ආතතියකට ගොදුරු වුණොත් ඔහු හෝ ඇය මානසික අවපීඩන තත්ත්වයට පත්විය හැක. නමුත් මානසික අවපීඩනයට ඉතා සාර්ථක ප්‍රතිකාර තිබෙන බව දන්නේ බොහෝම ටික දෙනයි. යම්කිසි පුද්ගලයකු ජීවිතය නැතිකර ගැනීමට ප්‍රධාන හේතුව මානසික අවපීඩනය බව දන්නෙත් බොහොම ටික දෙනයි.

නයෝමී දැඩි මානසික පීඩනයට ගොදුරු වීමට හේතු වූ පරිසරය විමසා බලමු. මේ ඇය පැවසූ දේ.

“මම විවාහ වෙලා දැන් අවුරුදු 11ක් වෙනවා. විවාහ වුණේ යෝජනාවකින්. ඔහු හොඳ ව්‍යාපාරිකයෙක්. මට තාම මතකයි ඒ දවස ඒ මම ඔහු සමඟ මධුසමයට ගිය පළමු දවස. අපේ ප්‍රථම එක්වීමේදී කිසිදු ලේ යාමක් සිදුවුණේ නැහැ. ඔහුට විශාල සැකයක් ඇති වුණා. ඔහු නිතරම මගෙන් ඇහුව්වා මීට ඉස්සරලා කවුරුත් එක්කද හිටියේ කියලා. ඇත්තටම මම එහෙම කිසිම කෙනෙක් එක්ක මීට පෙර ලිංගිකව එකතුවෙලා තිබුණේ නෑ. ගෙදර පරිසරය ටික ටික වෙනස් වුණා. හිතේ පීඩනය අඩුවෙන්න කියලා ඔහු ටික ටික මත්පැන් ගන්න හුරුවුණා. මා ගැන තිබූ සැකය තව තවත් වැඩි වුණා. මට දරුණු විදිහට පහර දෙන්නත් පටන් ගත්තා. සමහර දිනවල මාව නිර්වස්ත්‍ර කර ගෙදර ඉස්තෝප්පුවට ගෙනත් බිම දණ ගහගන්න කියලා මට බෙල්ට් එකකින් පහර දෙනවා. ඇත්ත කිව්වොත් මට සමාව දෙනවා කියලා ඔහු කියන්න පටන් ගත්තා. ඒත් ඉතින් නොකරපු වැරැද්දක් මම පිළිගන්නේ කොහොමද කියලා මගේ හෘද සාක්ෂිය මට කීවා. ඔහු ටිකෙන් ටික මත්පැන් බොන එක වැඩි වුණා. ඔහුගේ සැකය තව තවත් වැඩි වුණා. ඔහු බේබද්දෙක් බවට පත්වුණා. ඔහු බේබද්දෙක් බවට පත්වුණේ මම නිසා කියලා මට චෝදනාවක් ද එල්ල කළා. හැම තැනම අවුල්. මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා මට හිතාගන්න බෑ. මම හරිම අසරණයි. මේ ළඟදී අපි දෙදෙනාගෙම හඳහන් දෙක අරගෙන නක්ෂත්‍රකරැවකු හමුවීමට ගියා. ඔහු කීවේ තව අවුරුදු 5ක් යන තුරු දෙදෙනාටම ලොකු අපලයක් තිබෙන බවයි. අපලෙන් මිදෙන්න කියලා රුපියල් ලක්ෂයක් විතර වියදම් කරලා ලොකු යාගයක් ද කළා. කිසිම ප්‍රයෝජනයක් වුණේ නැහැ.”

මේ දෙදෙනාම අප සායනයට යොමු වුණේ මේ සියල්ලට මුහුණ දුන් පසුවයි. මත්පැනට ගොදුරු වූ නයෝමිගේ සැමියා රෝහලේ නතර කර විශානුහරණය නැමැති විශේෂ ප්‍රතිකාරය කරා. ජීවිතය දිහා විවෘතව බලන්නත්, පවුල් ජීවිතය සාර්ථක කරගන්නත් අවශ්‍ය උපදේශනයට දෙදෙනාව යොමු කළා. ඔහුගේ මනසට තිබුණ ලොකුම ගැටලුව කන්‍යාභාවයේ පිළිබඳ ගැටලුවයි. ඉන් ඔහුගේ මනස මුදාගැනීමට භාවිතා කළ උපදේශනයේ එක් කොටසක් ඔබගේ අවදානයට යොමු කරන්නම්.

1. ඔබ නයෝමිට ආදරේද?

ඔව්... මම හුඟාක් ආදරෙයි. ඒත් මට ඇය ගැන සැකයි. මොකද ඇයගේ ප්‍රථම එක්වීමේදී රුධිර වහනයක් සිදුවුණේ නෑ. කන්‍යාභාවය නැති ගැහැනියක් අපිරිසුදු ගැහැනියක් විදිහටයි මම පුංචි කාලෙ ඉඳලම අහලා තියෙන්නේ.

2. ඔබ හිතන්නේ සෑම ගැහැනියකටම ස්වාභාවිකවම මේ කන්‍යාභාවය පිහිටලා තියනවා කියලා ද?

ඔව්... මම අහලා තියෙන්නේ එහෙම තමයි. අපේ පවුලෙත් ඔහොම සිද්ධියක් වුණා. ඒ දෙන්නා දැන් දික්කසාද වෙලා.

3. නැහැ. ඔබ වැරදියි. හැම ගැහැනියකටම කන්‍යාභාවය එහෙම නැත්නම් කන්‍යාපටලය පිහිටන්නේ නෑ. කන්‍යාපටලය මොහොතකට අමතක කරොත් ඔබ නයෝමි ගැන කියන්න තියෙන්නේ මොනවා ද?

ඇය හරිම කඩිසර ආකර්ෂණීය කාන්තාවක්. මගේ දරුවො හොඳට බලාගන්නවා. මගේ හැම වැඩකටයුත්තක්ම කරලා දෙනවා. ඇත්තට කීවොත් ඇය නැතිව ජීවත් වෙන්න මට හරිම අමාරුයි.

මේ විදිහට කල්පනා කරන්න පුරුදු කළාම නයෝමිගේ සැමියාගේ වැරදි ආකල්ප හා මිත්‍යා විශ්වාස ක්‍රමයෙන් තුනිවී ගියා. ඔහු නයෝමිගේ වටිනාකම දකින්න පටන් ගත්තා. ජීවිතය සාර්ථක කර ගැනීමටත් විනාශ කර ගැනීමටත් අපගේ ආකල්ප ගතිපැවතුම් මොනතරම් බලපානවා කියලා මේ සිද්ධියෙන් ඔබට වැටහෙනවා ඇති.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Oct 2017 08:36 PM

අමතක වෙන රෝගයට කියාපු බේත පොල්තෙල්

පොල්තෙල් ගැන අසන්නට ලැබෙන අලුත්ම ආරංචිය තමා පමණ දැන භාවිතයට ගන්නා පොල්තෙල් අමතක වෙන ලෙඩේ හෙවත් අල්ෂයිමර් ඇතුළු ඩිමෙන්ෂියා රෝග වැළැක්වීමට උපකාරීවන බව. ඔක්ස්ෆර්ඩ් සරසවියේ වාර්තාවකට අනුව පොල්තෙල් සතු සෞඛ්‍යයට හිතකර ගුණාංග රැසක් ගැනම එළිදරව් වී තිබෙනවා. මේ කියන හිතකර සෞඛ්‍ය තත්ත්ව හේතුවෙන් මොළයට අවශ්‍ය පෝෂණය ලැබී එයට අහිතකර ද්‍රව්‍ය ඉවත් වීමෙන් එහි සෛල දිරාපත් වී යාම පමාකර අල්ෂයිමර් ඇතුළු ඩිමෙන්ෂියා රෝගවලින්  වැළකී සිටීමට ආධාරයක් ලැබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පොල්තෙල් හදවතට හිතැති ද්‍රව්‍යයකි. අහිතකර කොලෙස්ටරෝල් නොමැති වීමත්, ඉන්සියුලින් භාවිතය සක්‍රීය කිරීමත්, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය ඉහළ දමා ශක්තිය වර්ධනයත් මෙන්ම ප්‍රති ඔක්සිකාරක ද්‍රව්‍යයක් සහ ස්වභාවික ප්‍රතිජීවකයක් ලෙස කටයුතු කරමින් සුවදායි සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමටත් උපකාර වෙයි.

මොළයට හිතැති ද්‍රව්‍යයක් වන මේදය බිඳවැටීමේදී ප්‍රතිඵල වන කීටෝන නමැති රසායනය පොල්තෙල් තුළ අඩංගුය. මේ කියන කීටෝන වර්ධනයට කටයුතු කරමින් මොළයේ සංජානන ක්‍රියාකාරිත්වය ඉහළ නංවා ගැනීමට හැකි බව ඉහත පර්යේෂණ වාර්තාවෙන් පෙන්වා දෙයි.

මොළයේ සෛල මෙන්ම ස්නායු වටා ඇති ආවරණද තැනී ඇත්තේ මේදයෙනි. එහෙයින්  යහපත් මේදය සිරුරට අත්‍යවශ්‍ය සංඝටකයකි. පොල්තෙල් තුළ යහපත් මේදය අඩංගුව ඇති නිසා එය මොළයට යහපත් ලෙස බලපාන ආහාරයකි. එහෙයින්ම එමගින් මොළයේ ක්‍රියාකාරීත්වය යහපත් මට්ටමකින් පවත්වා ගන්නටද ආධාරකාරී වෙයි. පරීක්ෂණ වාර්තාවට අනුව ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය මනාව සක්‍රිය කරවන හෙයින් දියවැඩියාව බඳු මොළයට හානිකර ලෙස බලපාන රෝගයන්ගෙන් එය ආරක්ෂා කිරීමටද පොල්තෙල් සමත්ය. පොල්තෙල් තුළ අඩංගු කීටෝන මගින් ග්ලූකෝස් රහිත විට ස්නායු සඳහා මනා ආරක්ෂාවක්ද සැලසෙයි. එහෙයින්ම ස්නායු සෛල මියයාම වැළැකෙන අතර ඒ හේතුවෙන් ඇතිවන අල්ෂයිමර් බඳු ඩිමෙන්ෂියා රෝගවලින් ආරක්ෂාවක්ද සැලැසේ. එහෙයින්ම පොල්තෙල් ගැන අලුතෙන් හිතන්නට දැන් කාලය එළැඹ තිබේ.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 55 of 137 << < 5354555657 > >>