You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 56 of 137 << < 5455565758 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Oct 2017 08:37 PM
ඔලුවෙ අවුලට බෙහෙත් ඉතින් අපිම හදාගන්න ඔනෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
13 Oct 2017 10:48 PM
කාලෙකට පොල්තෙල් හොඳයි කියනවා. තව වෙලාවක අගුණ යි කියනවා. මොකක්ද නිවැරදි තීරණය.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Oct 2017 07:07 AM
පොල්තෙල් වල කතාව ඇත්ත සමන්ත අයියේ.මමත් අහලා තියෙනවා ඉස්සර ඔය දැන් වගේ රටේ නැති නම් වලින් තෙල් තිබිලා නෑනෙ.
හුගක් වෙලාවට හිස රදයට වුනත් ඔලුවට පොල් තෙල් තමයි දාන්නේ. අද පොල් තෙල් කිව්වට හුගක් තියෙන්නේ කලවම් කරපු ජරාවල්නෙ.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Oct 2017 06:36 PM

ආත්‍රයිටිස්‌ නසන මී පැණි ජෙල්

atharaiticeප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගය නිසා ක්‍ෂය වන දණහිස්‌ කාටිලේජ යළි වර්ධනය කර ගැනීම සඳහා පිටතින් යෙදිය හැකි ජෙල් වර්ගයක්‌ නිපදවීම සඳහා මේ දිනවල පර්යේෂණ පැවැත්වෙනවා. ආත්‍රයිටිස්‌ නිසා කාටිලේජය විනාශ වූ විට එහි රුධිර සැපයුම දුර්වල වෙනවා. මේ ජෙල් වර්ග ආලේප කළ විට කාටිලේජවලට රුධිර සැපයුම නැවත ප්‍රකෘතිමත් වනවා. මේ ඖෂධයේ තාක්‍ෂණය එයයි.

වෛද්‍ය වසන්ත උදයජීව - මේ වර්ගයේ ඖෂධයක්‌ අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය තුළ තිබෙනවා. මෙහි පාදම ලෙස ගන්නේ මී පැණි. එයට තවත් රහස්‌ ඖෂධ වර්ග තුනක්‌ එකතු කරනවා. එසේ හදාගන්නා ඖෂධය ජෙල් වර්ගයක ස්‌වරූපය ගන්නවා. මෙය දණහිස්‌වල ගෑ සැණින් සම තුළින් කාටිලේජයට ගමන් කරනවා. එයට හේතුව මී පැණිවල අඩංගු ස්‌වභාවික සීනි සංයුතියයි. මේ ජෙල් වර්ගය මගින් කාටිලේජය පෝෂණය වනවා. අප දැනටත් මේ ජෙල් වර්ගය රෝගීන්ට ආලේප කරනවා.

ප්‍රශ්නය - මෙවර ඔබ අපට ලබා දෙන කසාය කුමක්‌ද?

වෛද්‍ය වසන්ත උදයජීව - මෙය ඉතා පැරැණි ආයුර්වේද කසායක්‌. දේවදාර, කටුවැල්බටු, බිංකොහොඹ, පාවට්‌ටා මුල්, අරත්ත අල, උළුහාල්, සුදුලූනු, බැබිල මුල්, සාරණ මුල්, කටුකරෝසන, නීරමුල්ලිය, නෙල්ලි කලං 1 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ පෙරා සීනි/ මීපැණි දමා උදේ පත භාගයක්‌ සහ සවස පත භාගයක්‌ බැගින් කසාය හැලි 12 ක්‌ (දින 12 ක්&zwnj පානය කළ යුතුයි.

ප්‍රශ්නය - මේ කසාය හැම ආත්‍රයිටිස්‌ රෝගියකුටම සුදුසුද?

atharaitice1වෛද්‍ය වසන්ත උදයජීව - ආත්‍රයිටිස්‌ කියන්නේ රෝගියාගෙන් රෝගියාට වෙනස්‌ වන රෝගයක්‌. ඒ නිසා ප්‍රතිකාර කරන විට රෝගියාගෙන් රෝගියාට වෙනස්‌ ප්‍රතිකාර අනුගමන කළ යුතුයි. සන්ධිගත වාත (osteoarthritis) සහ ඇට වාත (Rheumatoid arthritis) යනුවෙන් ආත්‍රයිටිස්‌ රෝග දෙකක්‌ තිබෙනවා. අනෙක්‌ ආත්‍රයිටිස්‌ වර්ග සියල්ලම මේ රෝග තත්ත්ව දෙක යටතේ එනවා. කොපමණ වුණත් අප ඉහතින් නිර්දේශ කර ඇති කසාය ඉහත රෝග තත්ත්ව දෙකටම පොදුවේ ගුණ දෙනවා. මෙය මූලික කසායක්‌. මෙයින් රෝගය සුව වුණේ නැත්නම් රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි.

ලබන සතියේ තව කොටසක්‌

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Oct 2017 06:47 PM

ඇඟිලි නොකපා දියවැඩියාව මඟහරින අලුත්ම ක්‍රමය

diya145සුශ්‍රැත සහ චරක නමැති ඉන්දියානු ආයුර්වේද සෘෂිවරුන් මෙයට වසර දහස්‌ ගණනකට පෙර ලියූ පරිදි මනුෂ්‍ය ශරීරයට වැළඳෙන ඕනෑම රෝගයක්‌ සුව කළ හැකිය. ආයුර්වේදයේ පියා ලෙස සැලකෙන ලංකාවේ රාවණ රජු ලෙඩ රෝග 5999 ක්‌ සුවපත් කිරීම සඳහා යොදාගත හැකි බෙහෙත් පැළෑටි 5999 ක්‌ හඳුනාගෙන තිබිණ. ලෙඩ රෝග 1220 ක්‌ සඳහා ප්‍රතිකාර වශයෙන් ගතහැකි ශාක 700 ක්‌ සුශ්‍රැත ආචාර්යවරයා විසින් හඳුනාගනු ලැබ තිබිණි. චරක ආචාර්යවරයා ඖෂධ වර්ග 2000 ක්‌ හඳුනාගෙන රෝගීන්ට ප්‍රතිකාර කළේය. දියවැඩියා රෝගියකු මුහුණ දෙන ප්‍රධානතම ප්‍රශ්නය දියවැඩියා තුවාල නිසා පා ඇඟිලි හෝ පාද කපා ඉවත් කිරීමට සිදුවීමය. කකුල් නොකපා දියවැඩියාව කළමනාකරණය කරගත හැකි විශේෂ by-pass ක්‍රම නවීන විද්‍යාව මගින් සොයාගෙන තිබේ. මේ ලිපි පෙළ මගින් හෙළි කරන්නේ දැනට ශ්‍රී ලංකාවේදීත් භාවිත කෙරෙන එම ක්‍රමවේද ගැනය.
 
 පසුගිය සතියේදී අප කතා කළේ දියවැඩියා රෝගයේ ඉතිහාසය සහ එය ලොව පුරා ව්‍යාප්ත වන ආකාරය ගැනයි. අද අප තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ දියවැඩියා පාදය හෙවත් Diabetic Foot යනුවෙන් ප්‍රචලිත වී ඇති රෝග තත්ත්වය ගැනයි.
 
 දියවැඩියා පාදයක්‌ යනු නිදන්ගත දියවැඩියාවේ ප්‍රතිපලයකි. දියවැඩියාවේ අතුරුඵලයක්‌ ලෙස හටගන්නා ආසාදන සහ වණ (Infections and ulcres) වලින් මේ පාදය ගහනය. මෙය වම් පාදය වීමටත් පුලුවන. සමහර විට දකුණු පාදය වීමටත් පුළුවන. එවැනි තුවාල සහිත පාදය හඳුන්වන්නේ Diabetic Foot Syndrome යන නමින්ය. මේ තත්ත්වය වඩාත් සරල ලෙස පැහැදිලිs කිරීම පහත සඳහන් ප්‍රශ්නෝත්තර මගින් සිදුකරමු.
 
 ප්‍රශ්නය - දියවැඩියා රෝගීන්ගේ පාද කපා ඉවත් කිරීමට සිදුවන්නේ ඇයි?
 
 පිළිතුර - දියවැඩියාව උග්‍ර වූ විට පාද තුළ රුධිර සංසරණය නවතී, ඒ සමඟම පාදවල ස්‌නායු හානියට පත්වෙයි. එවිට එතැනින් එහාට සංවේදීතාව නැතිවෙයි. මේ අතර පාදවල තුවාල හටගනී. සංවේදිතාව නැති නිසා එම තුවාලවල වේදනාව රෝගියාට නොදැනේ. මේ අතර රුධිරයේ ඇති සීනි සාන්ද්‍රණය ඉහළ නිසා තුවාල තුළ බැක්‌ටීරියා ජනපද හට ගනී. ඒ නිසා තුවාල සුව නොවෙයි. කල් යනවිට තුවාල ආසාදනය වෙයි. අවසන් වශයෙන් තුවාලය පිහිටි තැන කුණුවීමට පටන් ගනී, එවිට එම තුවාලය සහිත ඇඟිල්ල හෝ පාද කොටස කපා ඉවත්කිරීමට සිදුවෙයි. මේ සියල්ලටම හේතුව රුධිර සීනි ප්‍රමාණය ඉහළ යාම බව ඔබ මතක තබා ගත යුතුයි.
 
suger1
 ප්‍රශ්නය:- දියවැඩියාව නිසා පාදවල වේදනාවක්‌ හට ගන්නවාද?
 
 පිළිතුර(- මුලින්ම පෙර සඳහන් කළ පරිදි දියවැඩියාව නිසා ඔබේ පාදයේ රුධිර සංසරණය නවතී. එවිට වම් පාදයට ඔක්‌සිජන් සැපයීම සහ පෝෂ්‍ය පදාර්ථ සැපයීම නවතී. පාදයේ හටගන්නා බිබිලි, තුවාල, ඉදිමුම් සහ කැපුම් සුවවීම ප්‍රමාදවීමට හෝ සුව නොවීම පැවැත්මට මෙය බලපායි.
 
 ප්‍රශ්නය - දියවැඩියා රෝගීන් සිය පාද තෙතමනයේ තබා ගැනීම සුදුසුද?
 
 පිළිතුර:- දියවැඩියා රෝගියා සිය පාද සෝදා හොඳින් පිස පිරිසිදුව තබා ගත යුතු නමුත් ඒවා තෙතට තබා නොගත යුතුයි. පාද පෙගුනොත් ඒවා ඉතා ඉක්‌මනට වියළීමට පටන් ගනී.
 
 ඉතිරි කොටස ලබන සතියේ
 
suger2
 
 අශේන් රඹකොස්‌වැව

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Oct 2017 07:00 PM

මළ බද්ධය නිට්‌ටාවට සුවකරන ආයුර්වේද මග

malaමළ බද්ධය ඇතිවීම සඳහා බලපාන හේතු මොනවාද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක

මළ බද්ධය ඇතිවීම සඳහා හේතු කිහිපයක්‌ම බලපෑ හැකියි. ඒ අතරිනුත් වර්තමානයේ දක්‌නට ලැබෙන ගැස්‌ට්‍රයිටීස්‌ සහ ජීර්ණ පද්ධතිය ආශ්‍රිත විවිධ දුර්වලතාද මේ සඳහා බලපෑම් ඇති කරනවා. ළමා අවධියේ පටන් සිරුරේ හට ගන්නා ඇතැම් ක්‍රියාකාරකම්ද මළ බද්ධය ඇතිවීමට හේතුවිය හැකියි. කුඩා කාලයේ දරුවන්ට විවිධ බලපෑම් කරමින් සිරුරට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ආහාර දරුවන්ට ලබාදීම තුළින් ජීර්ණ පද්ධතියේ විවිධ අක්‍රමිකතා ඇතිවිය හැකි අතර පසුකාලීනව එම තත්ත්වයන් මළ බද්ධය ඇතිවීමට හේතු කාරක විය හැකියි.

Ö මළබද්ධය ඇතිවීම සඳහා බලපාන ආහාර පිළිබඳ සඳහන් කළොත්.

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා-

වර්තමානයේ බොහෝ පිරිසක්‌ තම දෛනික කාර්ය බහුලත්වය නිසා බොහෝවිට කෙටි කෑම කෘත්‍රිම කෑම වර්ගවලට යොමුවීමක්‌ දක්‌නට ලැබෙනවා. විශේෂයෙන් එදා අපේ ආහාර වේලේ තිබූ කෙඳි සහිත ආහාර එනම් අල වර්ග, එළවළු, පලා වර්ග බොහෝවිට අද වන විට අපේ ආහාර වේලෙන් හැලී ගොස්‌ තිබෙනවා. ඒ වෙනුවට අද පිටි කෑම හා තෙල් කෑම එක්‌වී තිබෙනවා. මෙන්න මේ පිටි කෑම සහ තෙල් කෑම මළ බද්ධය ඇතිවීම සඳහා වැඩි බලපෑමක්‌ ඇති කරනු ලබනවා. ඒ වගේ කෝපි සහ චොක්‌ලට්‌ වැඩිපුර ආහාරයට ගැනීමත් මළ බද්ධයට අත වැනීමක්‌ වෙනවා.

Ö මළ බද්ධය වැළඳුණු අයෙකුට ඇතිවන රෝගලක්‍ෂණ මොනවාද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා-

විශේෂයෙන්ම මළ පිටවීමේ අක්‍රමවත් බවක්‌ ඇතිවීම සිදුවෙනවා. ඇතැම් අයට දින 3, 4, 5, 6 කට වරක්‌ මළ පිටවීමේද සිදුවිය හැකියි.

මීට අමතරව බඩපුරවා දැමීම, හිස කැක්‌කුම, නොරිස්‌සුම් ගතිය, මුඛයෙන් දුගඳක්‌ පිටවීම, මුහුණ අව පැහැවීම, සම දුර්වර්ණවීම, තුනටිය හන්දිපත් වේදනාව ඇතිවීම ආදී ලක්‍ෂණයන් පෙන්විය හැකියි. මෙම රෝග ලක්‍ෂණයන් පිළිබඳ නිසි සැලකිල්ලක්‌ නොදැක්‌වුවහොත් එම තත්ත්වයන් ක්‍රමයෙන් වැඩිවී මහා රෝග තත්ත්වයක්‌ දක්‌වා වර්ධනය විය හැකියි. ඒ අනුව අර්ශස්‌, අර්ශස්‌ භගන්දරා රෝග තත්ත්ව කරාද මෙය ව්‍යාප්ත විය හැකියි.

Ö මළබද්ධය සුව කිරීම සඳහා ආයුර්වේද සතුව ප්‍රතිකාර ක්‍රම තිබෙනවාද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා-

අනිවාර්යයෙන්ම ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමුවන ඕනෑම රෝගියකුට නිවැරදි ලෙස ප්‍රතිකාර ලබා ගත්තොත් තමන්ගේ රෝග නිට්‌ටාවටම සුවකර ගැනීමේ හැකියාව පවතිනවා.

මළබද්ධය සඳහාද ආයුර්වේදය සතුව විශේෂ ප්‍රතිකාර තිබෙනවා. විශේෂයෙන්ම මෙවැනි රෝගීන්ට අප පළමුව විරේචන ප්‍රතිකාර අරඹන අතර ඒ අනුව ක්‍රමානුකූලව මළ පිට කිරීම ඇතිවෙනවා. මෙම විරේචන ඖෂධ රාත්‍රි ආහාරයෙන් පසු ලබාදෙන අතර ඒ අනුව උදැසනම නියමිත පරිදි මළ පිට කිරීමේ සාමාන්‍ය තත්ත්වය ඇතිවෙනවා.

මෙම මළ පිට කිරීමේ සාමාන්‍ය තත්ත්වයට පත්වූ පසු රෝගියාව තවත් යම් යම් රෝගාබාධ ඇතිව තිබෙනවා නම් ජීර්ණ පද්ධතියේ යම් යම් ආබාධ තත්ත්වයන් තිබේ නම් ඒවාද සුව වීම සඳහා ඖෂධ ලබාදීම සිදුවෙනවා.

මෙලෙස නිවැරදි ලෙස ප්‍රතිකාර ලබා ගත්තොත් ඉතා ඉක්‌මනින් මේ මහා කරදරකාරී රෝගයෙන් මිඳීමට හැකියාව පවතිනවා.

Ö ආයුර්වේද ඖෂධ සොයා ගැනීමේ සහ සකසා ගැනීමේ අපහසුතාවක්‌ තිබෙනවා නේද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා-

එදා ආයුර්වේද වෛද්‍යවරු ප්‍රතිකාර නියම කිරීම පමණක්‌ කළත් රෝගීන්ට වර්තමානයේ මෙම ඖෂධ වර්ග නිවැරදි තෝරා බේරා සොයා ගැනීමේ සහ නිවැරදි ලෙස සකසා ගැනීමේ අපහසුව නිසා දැන් එම ඖෂධ සැකසූ ඖෂධ ලෙස රෝගීන්ට ලබා දෙනවා. කුඩු වර්ග, ගුලි වර්ග, පෙති වර්ග, දියර වර්ග ලෙස අද මේ ඖෂධ සකස්‌කර දෙන නිසා රෝගීන්ට ඒවා පහසුවෙන් ලබා ගැනීමේ අවස්‌ථාවද දැන් උදාවී තිබෙනවා.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Oct 2017 07:04 PM

පොතු කබර හඳුනා ගනිමු

pothuචර්ම රෝග අතරින් අද ඉතා සුලබව සමාජයේ දක්‌නට ලැබෙන පොතු කබර හෙවත් කිටිභ (Psoriasis) රෝගය රෝගීන්ට තදබල ලෙසට ශාරීරික හා මානසික පීඩාවක්‌ ගෙන දෙන කුෂ්ට රෝග තත්ත්වයක්‌ ලෙසට හඳුන්වා දිය හැකිය. දිනෙන් දින අප සායන කරා පැමිණෙන පොතු කබර රෝගීන් ප්‍රමාණය ඉහළ යන බව සංඛ්‍යාලේඛන වලින් හෙළිදරව් වී ඇත.

පොතු කබර රෝගය කිසි විටකත් එක්‌ අයකුගෙන් තවත් අයකුට බෝ නොවේ. මෙම රෝගයේ ප්‍රධානතම ලක්‍ෂණය වන්නේ,

Ö සමෙහි පැහැදිලි දාරයක්‌ සහිත රවුම් හැඩැති ලප මතුවීම,

Ö අධික කැසීම

Ö රිදී පැහැති කබොලු ලෙසට පොතු ගැලවී යැම.

Ö එම කබොලු ඉවත් කළ විට සමෙහි රත් පැහැය.

මීට පෙර විවිධ අවස්‌ථාවලදී මෙම රෝගය පිළිබඳව හට ගැනීමේ හේතු, රෝග ලක්‍ෂණ ආදිය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර ඇති බැවින් අද පොතු කබර රෝගය සඳහා සුදුසු ප්‍රතිකාර පිළිබඳව සාකච්ඡා කරමු.

කිටිභ හෙවත් පොතු කබර රෝගයට ආයුර්වේද වෛද්‍ය ක්‍ෂේත්‍රය තුළ ඉතා පැහැදිලි වූ ප්‍රතිකාර පද්ධතියක්‌ පවතී. මෙම ප්‍රතිකාර පද්ධතිය අවස්‌ථා 6 ක්‌ යටතේ ක්‍රියාත්මක වේ. එනම් ශරීර අභ්‍යන්තරයට ලබාදෙන ඖෂධීය ප්‍රතිකාර සහ පංචකර්ම ප්‍රතිකාර ඊට ඇතුළත් වේ. එමෙන්ම ශරීරයේ බාහිරින් යොදන ශෝධන ඖෂධ හා ආලේපන යොදනු ලැබේ. ඒ අනුව නොකඩවා මාස 6 ක්‌ පමණ කාලයක්‌ තුළ මෙම ප්‍රතිකාර පද්ධතිය සම්පූර්ණ කිරීමට කාලය ගත වේ.

විශේෂයෙන්ම කිටිභ රෝගය සඳහා විශේෂිත පංච කර්ම ප්‍රතිකාර පවතී. එම පංච කර්ම ප්‍රතිකාර සහිතව ප්‍රතිකාර ලබාදීමෙන් රෝගය බොහෝ දුරට මැඬ පැවැත්විය හැකිය. විශේෂයෙන් ම අභ්‍යංග, වමන, වස්‌ති වැනි පූර්ව කර්ම හා පංච කර්ම ප්‍රතිකාරවලින් රෝගය සුව කිරීමට ලැබෙන පිටිවහල ඉමහත්බව කිව යුතුයි.

බොහෝ විට විවිධ ප්‍රතිකාර ලබා සුව වී ඉතා කෙටි කලකින් නැවත රෝගය ඉස්‌මතු වී සායනවලට පැමිණෙන රෝගීන් බොහෝය. ආයුර්වේද මූලධර්මවලට අනුව පොතු කබර රෝගයට යොදනු ලබන ප්‍රතිකාර පද්ධතිය තුළින් රෝගය නැවත හටගැනීමේ කාලය දීර්ඝ වන අතර, නැවත හට ගන්ත ද මුල් අවස්‌ථාවට වඩා සුළුවෙන් රෝග තත්ත්වය ඇති විය හැකිය. දැනට අපගේ සායනවලින් ප්‍රතිකාර ලබා අවුරුදු 4 සිට අවුරුදු 16 වැනි කාල සීමාවන් තුළ රෝගය නැවත නොවැළඳුනු රෝගීන් දැනට වාර්තා වී ඇත. මෙම රෝගීන් සඳහා රෝගය ඇතත් නැතත් අවුරුද්දකට දෙවතාවක්‌ පංචකර්ම ප්‍රතිකාරවලට යොමු කිරීමෙන් රෝගය බොහෝ දුරට වළක්‌වාගත හැකිවේ. පංචකර්ම ප්‍රතිකාරවලින් තොරව ඖෂධීය ප්‍රතිකාර පමණක්‌ යොදා රෝගය සුව කිරීමට හැකි අවස්‌ථා ද පවතින බව සඳහන් කිරීමට කැමැත්තෙමි. එහි ප්‍රබලතාව අනුව වෛද්‍යවරයා විසින් තීරණය කළ යුතුයි.

මෙම ප්‍රතිකාර කරන කාලයේදී පළමු සති 2 තුළදී රෝගියාගේ ඉහළට එසවුණ ලප පහළට බැසීම සිදුවේ. ඊළඟ සති 3 ක ප්‍රතිකාරයේදී කැසීම අඩු වී පොතු ගැලවී යැම අඩුවීම සිදුවේ. ඊළඟ සති 2 - 4 කාලයේදී ලපවල මධ්‍ය ප්‍රදේශයේ සාමාන්‍ය සම මතුවීම සිදුවන අතර, ලප වටා දාරයේ පමණක්‌ රෝග තත්ත්වය දැකිය හැකි වේ. ඊළඟ අවස්‌ථාවේදී ලප සම්පූර්ණයෙන් ම සුව වී සම මට්‌ටමට පැමිණෙන අතර, රෝග ලක්‍ෂණ සම්පූර්ණයෙන් ම පහව යයි. අවසානයේදී ලපවල වර්ණය සමෙහි සාමාන්‍ය වර්ණයට ගෙන ඒම සඳහා සමට පෝෂණය ලබා දෙන ක්‍ෂීර හා තෛල හා ඖෂධ ආලේපයකින් ප්‍රතිකාරය අවසාන කරනු ඇත. අවසාන ලෙසට කිව යුත්තේ ආයුර්වේද ප්‍රතිකාරවලින් අක්‌මාව හෝ වකුගඩුවලට හානියකින් තොර කිටිභ රෝගය සුව කර ගත හැකි බවය.

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Oct 2017 07:13 PM

ඔටිසම් දරුවන්ට නරක මොනවාද?

otisumප්‍රශ්නය - ඔටිසම් රෝගය වැළඳුණ දරුවකුට සුදුසු ආහාර පිළිබඳ එක්‌ ආයුර්වේද මතයක්‌ පසුගියදා අප සාකච්ඡා කළා. තවත් එවැනි මත තිබෙනවාද?

වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - සූදුරු, කොත්තමල්ලි, ඉඟුරු සමඟ යෝගට්‌ කෝප්ප කාලක්‌ සහ වතුර කෝප්ප තුන්කාලක්‌ බ්ලෙන්ඩරයක දමා ගැසීමෙන් සාදා ගන්නා මිශ්‍රණය ඔටිසම් රෝගයට ඉතා සුදුසු බවට මතයක්‌ තිබෙනවා. ඒ සමඟම දෙළුම් ගෙඩියක ඉස්‌ම වතුර වීදුරුවක්‌ සමඟ මිශ්‍ර කර පානය කිරීමත් සුදුසු බව කියනවා.

ප්‍රශ්නය - ඔටිසම් රෝගී දරුවන්ට ආහාර දිරවීමේ ප්‍රශ්නයක්‌ තිබෙනවා නේද?

වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - බොහෝ දුරට සිදු වන්නේ මෙවැනි දරුවන් ආහාර කෙරෙහි තිබෙන සංවේදීතාව අඩු වීමයි. එයට හේතුව ආහාර ශරීරයට නොදිරවීම විය හැකියි. මේ දරුවන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය සහ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය දුර්වල වීමේ අවදානමක්‌ තිබෙනවා. මෙවිට බාගෙට දිරවූ ආහාරවල අර්ධ පෝෂ්‍ය පදාර්ථ රුධිර සංසරණ පද්ධතිය තුළට උරා ගන්නවා. ඒ එක්‌කම ශරීරය තුළ ප්‍රතිවිරෝධතාවක්‌ හට ගෙන අසාත්මිකතාවකදී ශරීරයේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය ක්‍රියාකරන ආකාරයේ ක්‍රියාවලියක්‌ ඇති වෙනවා. මෙය තමයි නරක.

ඔටිසම් රෝගී දරුවන්ට පහත සඳහන් ආහාර විශේෂයෙන්ම ගුණ නැති බව මතක තබා ගත යුතුයි. එනම්

ඇතැම් කිරි ආහාර (කිරි සහ චීස්&zwnj

තක්‌කාලි, වම්බටු, අර්තාපල් සහ මිරිස්‌

පැඟිරි සහිත දෙහි දොඩම් වැනි පලතුරු

රටකජු

otisum1එසේම ආහාර කල්තබා ගැනීමේ ද්‍රව්‍ය, වර්ණක, රස කාරක.

කෘමි නාශක සහ දිලීර නාශක අනුමත ප්‍රමාණවලින් පවා මෙවැනි දරුවන්ගේ සිරුර තුළට ඇතුළත් නොවිය යුතුයි.

ඉඟුරු සහ ගම්මිරිස්‌ යෙදූ ආහාර මගින් මෙවැනි දරුවන්ගේ ආහාර ජීර්ණ හැකියාව වර්ධනය වන බවත් මෙහිදී සඳහන් කළ යුතුයි.

ඔටිසම් රෝගය සහිත දරුවාට නිසි නින්ද අත්‍යවශ්‍ය බව මතක තබා ගැනීම වැදගත්. ඔවුන්ගේ නින්ද ප්‍රමාද කරන රූපවාහිනිය, දුරකථනය, වීඩියෝ ක්‍රීඩා සහිත ටැබ් පරිගණක ඔවුන් වෙතින් ඈත් කර තැබීම ඉතාම වැදගත්.

ලබන සතියේ තව කොටසක්‌

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Oct 2017 07:16 PM

දැත්වල චලනයෙන් පාකින්සන් හඳුනා ගනිමු

handsප්‍රශ්නය - පසුගිය සතියේ පාකින්සන් රෝගයේ ලක්‍ෂණ දෙකක්‌ ඔබ විග්‍රහ කළා. අද තවත් ලක්‍ෂණ කිහිපයක්‌ ගැන කතා කිරීමට බලාපොරොත්තු වෙනවා.

මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - මස්‌පිඩු තද ගතියකින් යුක්‌ත වීම හෝ මස්‌පිඩු තුළ කසනසුළු ගතියක්‌ හට ගැනීම ගැන ඇතැම් රෝගීන් පැමිණිලි කරනවා. ඔබ දන්නවා අප යමක්‌ කරන විට අත්දෙකම එක සමානව දෙපසට වැනෙනවා. මෙසේ වැනෙන අත්වල යම්කිසි අසමමිතික වැනීමක්‌, එහෙමත් නැත්නම් එක අතක්‌ අඩුවෙන් වැනීමක්‌ සිදු වුණොත් නැත්නම් එක පැත්තකට වැඩිපුර යනවා නම් සහ ඉහත සඳහන් සියලු ලක්‍ෂණ ළඟකදී පටන් සිදුවෙනවා නම් එය පාකින්සන් රෝගයේ ආරම්භක සහ මූලික ලක්‍ෂණයක්‌ විය හැකියි. මෙය සිදුවන්නේ අතේ මාංශ පේශීන් තද වීම නිසයි. මේ තත්ත්වයම පාදවලත්, මුහුණේත්, ගෙල ප්‍රදේශයේත්, සිරුරේ සෙසු ප්‍රදේශවලත් හට ගැනීමට ඉඩ තිබෙනවා. ඊළඟ රෝග ලක්‍ෂණය තමයි ශාරීරික ක්‍රියාකාරකම්වල වේගය ක්‍රමයෙන් හීන වීම. විශේෂයෙන් ඔබ කිසියම් තැනක හිඳගෙන සිටිනවා නම්, එතැනින් නැගිට යැමට උත්සාහ කරනවිට වෙනදා තරම් ඉක්‌මනින් එය කරන්න බැහැ.

මුහණෙහි සහ ගෙලෙහි මාංශ පේශී දුර්වල වීමත් තවත් රෝග ලක්‍ෂණයක්‌. කතා කිරීමට සහ ආහාර ගිලීමට බැරි වීම මේ නිසා සිදුවිය හැකියි. රෝගියාට කෑම හිරවේවි. කැස්‌ස ඒවි. කටහඬෙහි වෙනස්‌ සිහින් ගතියක්‌ ඇතිවන අතර හඬ උස්‌ පහත් නොවී එකම ස්‌වරයක පැවැතීමත් මෙතැනදී සිදු වෙනවා. මුහුණෙහි මාංශ පේශී චලනය කිරීමට බැරි ස්‌වභාවයක්‌ ඇතිවීමෙන් හැඟීම් ප්‍රකාශ කිරීමේ දුර්වලතා ඇති වෙනවා. මෙය හඳුන්වන්නේ Parkinsons Mask හෙවත් පාකින්සන් වෙස්‌ මුහුණ ලෙසයි.

hands1ඊළඟ ප්‍රශ්නය තමයි ශරීරයේ සමබරතාව නැතිව යැම. පාකින්සන් රෝගියාට දිග අඩි තබන්නට බැහැ. ඔහු එක ළඟ අඩි තබමින් ගාටනවා. ඔහු ඇවිදින විට ශරීරය මදක්‌ ඉදිරියට නැමෙනවා. මේ නැවීම සිදු වන්නේ ඉණ ළඟින්. ඔහුට එහා මෙහා හැරෙන්නට දුෂ්කර වනවා.

හිටිගමන් රෝගියා කිසිවක්‌ කර කියා ගන්නට බැරි පරිදි නිශ්චල වනවා. මෙය කෙටි කාලීන නිශ්චල භාවයක්‌. මීට අමතරව රෝගියා තුළ මළ බද්ධය, නින්ද නොයැම සහ මානසික පීඩා වැනි තත්ත්වයනුත් හට ගන්නවා.

ලබන සතියේ තව කොටසක්‌

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Oct 2017 07:25 PM

අර්ශස්‌ වර්ග 6 යි ප්‍රතිකාර රැසයි

arshashප්‍රශ්නය - අර්ශස්‌ රෝගය පිළිබඳ බටහිර විද්‍යාත්මක අර්ථකථනය පසුගිය සතියේදී ඔබ අපට පැහැදිලි කළා. මේ රෝගය හට ගැනීමට ආසන්න හේතු රාශියක්‌ තිබුණත් ප්‍රධාන හේතුව කුමක්‌ද යන්න බටහිර විද්‍යාව තුළදී ව්‍යාකූල බවයි ඔබගේ මතය වූයේ. දේශීය වෛද්‍ය විද්‍යාව තුළ මෙයට හේතු තිබෙනවාද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - දේශීය වෛද්‍ය විද්‍යාව සහ ආයුර්වේදය තුළ අර්ශස්‌ තරම් විස්‌තර කෙරෙන තව රෝගයක්‌ නැති තරම්. ආයුර්වේදය ගත්තොත් අර්ශස්‌ පිළිබඳව තිබෙන නිරුක්‌තිය තමයි "ගුද මාර්ග මූලයෙහි හටගන්නා අංකුර මගින් ගුද මාර්ගයට බාධා කරමින් සතුරකු ලෙස පීඩා කිරීම" මෙයට හේතුව හැටියට දැක්‌වෙන්නේ වාත පිත, කප යන තුන් දොස්‌ ශරීරයේ මාංශය සම සහ මේදය පටක විෂ සහිත බවට පත් කිරීමයි. අර්ශස්‌ රෝග වර්ග 6 ක්‌ හඳුනාගෙන තිබෙනවා. එනම්,

1. වාතජ අර්ශස්‌ හෙවත් වාතය කුපිත වීම නිසා හටගන්නා අර්ශස්‌

2. පිත්තජ අර්ශස්‌ හෙවත් ශරීරයේ පිත කුපිත වීම නිසා හට ගන්නා අර්ශස්‌

3. කපජ අර්ශස්‌ හෙවත් ශරීරයේ කප කුපිත වීම නිසා හටගන්නා අර්ශස්‌

4. සන්නිපාතජ අර්ශස්‌ හෙවත් ශරීරයේ වාත, පිත, කප යන තුන්දොස්‌ එක්‌වර කුපිත වීමනිසා හට ගන්නා අර්ශස්‌

5. රක්‌තජ අර්ශස්‌ හෙවත් ලේ විෂවීම නිසා හට ගන්නා අර්ශස්‌

6. සමාජ අර්ශස්‌ හෙවත් ජාන උරුමයෙන් එන අර්ශස්‌

arshash1මීළඟට අප මේ සය වැදැරුම් රෝගය හට ගැනීමට හේතු වෙන් වෙන් වශයෙන් විග්‍රහ කරන්නම්.

වාතජ අර්ශස්‌ - විෂම ආහාර හා විරුද්ධ ආහාර පානාදිය ගැනීමකුත්, කටුක දිව හාරවන ඇඹුල් රස, ලුණු රස සහ තිත්ත රස දිගින් දිගටම අනුභව කිරීමෙනුත්, වියළි ආහාර සමඟ ඉක්‌මවා ගැනීමකුත්, සීතල ආහාර පමණ ඉක්‌මවා ගැනීමෙනුත්, සැහැල්ලු ආහාර ඕනෑවට වඩා අනුභව කිරීමෙනුත්, පමණ ඉක්‌මවා සහ නිතර නිතර ආහාර ගැනීමෙනුත්, ඉතාම අල්ප වශයෙන් ආහාර ගැනීමෙනුත්, ඉතා සැර මත්පැන් පානය කිරීමෙනුත්, කාම ක්‍රියාවල පමණ ඉක්‌මවා යෙදීමෙනුත්, පමණ ඉක්‌මවා ආහාර වර්ජනය කිරීමෙනුත්, සීත දේශගුණය සහිත ප්‍රදේශවල වාසය කිරීමෙනුත්, ශීත මතුපිටක්‌ හා පරිසරයක්‌ ඇති තැන්වල වාසය කිරීමෙනුත්, පමණ ඉක්‌මවා ව්‍යායාම කිරීමෙනුත්, අධික ශෝකයෙන් කල්ගත කිරීමෙනුත්, නිතරම පින්නට නිරාවරණය වීමෙනුත්, පමණ ඉක්‌මවා සූර්ය තාපයට නිරාවරණය වීමෙනුත්, වාතජ අර්ශස්‌ රෝගය හට ගන්නා බව පිළිගැනෙනවා.

ලබන සතියේ තව කොටසක්‌

නොමිලේ විස්‌තර සඳහා

0713464276/ 0759061771

අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
14 Oct 2017 08:24 PM
අපෝ.. අර්ශස් රෝගය ගැන නම් කතා කරන්න එපා. අපි මල පනිනවා කියල කියන්නේ ඇත්තටම ඔය ලෙඩේට. එහෙම අයට අම්බානක් මල පනිනවා නොහොත් තරහ යනවා. මේ රෝගය නිට්ට්වාට සුව කිරීම නම් අපහසුයි. නමුත් මේ වේද මහත්මිය එහෙම කරනවා නම් ඒක ලොකු දෙයක්. කොහොමත් අපේ පාරම්පරික වෙදකමේ ඕව තිබිල තියෙනවා.. අද අඑවා අභාවයට ගියාට.

මම කළිනුත් කියල ඇති. මගේ මිතුරියකගේ පියා වැසිකිළියේ එල්ලිලා මැරුණා ලිපියක් ලියල තියලා. මේ වේදනාව ඉවසගන්න බැරිව.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
14 Oct 2017 10:08 PM
තවත් වටිනා තොරතුරු ටිකක්.. බොහොමත්ම ස්තූතියි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Oct 2017 03:20 AM

ඉන අඩු නම් ලෙඩ නෑ

ඔබේ බඩ එසේත් නැතිනම් ඉන ලොකු වැඩි නිසා කලිසමට රිංගා ගැනීම අපහසුද ? ඔබේ බී.එම්.අයි. දර්ශකය එසේත් නැතිනම් ශරීර ස්කන්ධ දර්ශකය ඔබේ සිරුරේ බරට සහ උදස සරිලන අයුරින් තිබුණත්, එල්ලා වැටෙන ආකාරයේ ලොකු බඩක්, හෝ ඉනක් ඔබට ඇත්නම් එය ඔබේ ශරීර සෞඛ්‍යයට අහිතකර යැයි නවතම වෛද්‍ය පරීක්ෂණයකින් අනාවරණය වී ඇත.

ලොකු උදරයක් සහිත පිරිමින් සහ කාන්තාවන් අඩු වයසින් මිය යන බව ද එම වෛද්‍ය පරීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. එසේ මිය යන්නේ හෘද රෝග, ස්වසන ආබාධ සහ පිළිකා ආදියෙනි. ශරීර ස්කන්ධ දර්ශකය නිසි ලෙස පවත්වා ගෙන ගියත්, දුම්වැටි සහ මත්පැන් පානය නිසා ශරීරය රෝගී වන බව එම වෛද්‍ය පරීක්ෂණය සිදු කළ මයෝ වෛද්‍ය සායනය පැහැදිලි කරයි.

‘බී.එම්.අයි. දර්ශකය ඔබේ සිරුරේ නිරෝගී බව පෙන්වා දෙන්නේ නැහැ. අප සාමාන්‍යයෙන් කියන්නේ, උසට සරිලන බර ඇතිනම් එම පුද්ගලයා නිරෝගී අයකු කියාය. එය නිවැරදියි නමුත්, උදරයේ අනවශ්‍ය විදියට මේදය එසේත් නැතිනම් තෙල් තැම්පත් වී ඇති නම් එය ඔබේ සිරුරේ සාමාන්‍ය කටයුතුවලට බාධාවක්. එම අහිතකර මේදය ඔබේ සිරුරේ කටයුතු අවුල් කර දමනවා. උසට සරිලන බරක් තිබුණාට වැඩක් වෙන්නේ නැහැ. හෘද රෝග, දියවැඩියාව ආදිය වැළැඳීමේ අවදානමක් පෙන්නුම් කරනවා’ යැයි වෛද්‍ය ජේම්ස් චෙර්හාන් පවසයි. මොහු මයෝ වෛද්‍ය සායනයේ වසංගත රෝගී අංශයේ වෛද්‍යවරයෙකි.

පර්යේෂණයට එකිනෙකට වෙනස් අධ්‍යනයන් 11 කින් දත්ත රැස් කර ගෙන ඇත. ඊට ලොව පුරා වෙසෙන ලක්ෂ 6 ක පිරිසක් ද සම්බන්ධ කර ගෙන ඇත. ඒ අනුව, අඟල් 43 ට හෝ ඊට වඩා ඉනක් ඇති පිරිමින්ට, අඟල් 35 ක ඉනක් ඇති පිරිමින්ට වඩා ඉක්මනින් රෝගී වී මිය යෑමේ සම්භාවිතාව වැඩිය. වයස අවුරුදු 40 න් පසු ආයුෂ කෙටි වෙයි. කාන්තාවන්ගේ නම්, අඟල් 37 ට වැඩි නම්, සියයට 80 කට ජීවිතය කෙටි වෙයි. ඒ වයස අවුරුදු 40 න් පසුවය.

දිනෙන් දින වැඩිවන සෑම අඟලක්ම ඔබේ ජීවිතේ කෙටි කරවන බව සායන වාර්තාවේ දැක්වෙයි. ඒ අනුව බී.එම්.අයි. අගය ගැන පමණක් නොව, ඔබට බඬේ ප්‍රමාණය ගැන ද සැලකිල්ලක් දැක්වීමට සිදුවෙයි. ඒ අනුව, කෙනකුගේ නිරෝගී බව තීරණය කිරීම බී.එම්.අයි. අගයට පමණක් සීමා නොකිරීමට වෛද්‍යවරුන් කටයුතු කළ යුතු යැයි ද පර්යේෂණ වාර්තා ඇතුළත් කොට මයෝ වෛද්‍ය සායනය පළ කළ වෛද්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

(බී.බී.සී.)

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Oct 2017 03:31 AM

දිවි නසා ගැනීමට හේතුවක් වන විශාදය


විශාදය යනු "දීර්ඝ කාලයක් තිස්සෙ සිතේ පවතින ශෝකී බවයි".

විශාදය නිසා ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 800,000 පමණ පිරිසක් දීර්ඝ කාලීනව පිඩා විඳින බව කියැවේ.

අවාසනාවන්ත, ශෝකී අවස්ථාවන්ට මුහුණ දීම නිසා ඇතිවන දුක කාලයත් සමග පහව යන නමුත් එසේ නොවී ශෝකී බව දිගටම පැවතීමෙන් විශාද තත්වයක් දක්වා වර්ධනය විය හැක.
 

විශාදය ඇති වීමට පහත හේතු ද බලපෑ හැක.

*ජානමය නැඹුරු බව
*මුහුණ දීමට සිදුවන අවාසනාවන්ත සිදුවීම්
*දීර්ඝ කාලීනව පවතින කරදර, පීඩාකාරී තත්ත්ව (සැමියාගේ බීමත් කම, කායික රෝගී තත්ව)
*ලෝකය, සමාජය ගැන තමා දරන අදහස් වල ස්වභාවය (තමන්ට අවශ්‍ය ලෙස දේවල් සිදු විය යුතු යයි සිතිම)

විශාදයේ ප්‍රධාන ලක්ෂණ 3කි.

*දිගින් දිගටම සිතේ පවතින කණස්සලු ස්වභාවය 
*ඉක්මනින් විඩාවට පත් වීම
*ජිවිතයේ සතුටක් නොමැති වීම

මීට අමතරව පහත උප ලක්ෂණ විශාද තත්වයෙන් පීඩා විඳින්නන් තුල දැකිය හැක.

*අවධානය යොමු කිරීමේ නොහැකියාව, අමතක වීම, තීරණ ගැනීමේ ගැටළු සහ මානසික ඒකාග්‍රතාව බිඳ වැටීම 
* අනාගතය ගැන අවිනිශ්චිත බව, වැදගැම්මකට නැති කෙනෙක් බව සිතීම.
*ආත්ම විශ්වාසය බිඳ වැටීම, ජිවිතයේ බලාපොරොත්තු සඵල කරගත නොහැකි බව දැනීම
*සෑම දෙයක් ගැනම ඍණාත්මක සිතුවිලි, අසුබවාදී ආකල්ප ඇති වීම
*මරණය පිලිබඳ නිතර සිතීම සහ දිවි නසා ගැනීමට සිතීම.
*ආහාර අරුචිය.
*නින්ද නොයාම, බාධා සහිත නින්ද.
*අලස බව, එදිනෙදා කාර්යයන් සඳහා උනන්දුවක් නොමැති වීම
*ඥාති මිතුරු ඇසුර අප්‍රිය වීම, හුදකලා වීමට සිතීම.
* අන්‍යයන් නුරුස්සන බව, අනවශ්‍ය ලෙස කේන්ති යාම
*ලිංගික ජීවිතය පිළිබඳව ආශාව අඩු වීම
*ඇඟපත වේදනාව, හිසරදය, බඩ දැවිල්ල ආදී රෝග ලක්ෂණ නිතර පැවතීම

ඉහත ප්‍රධාන ලක්ෂණ හෝ උප ලක්ෂණ කිහිපයක් ඔබට හෝ ඔබ ඇසුරු කරන කෙනෙක්ට දිගින් දිගටම පවතින බව පෙනේ නම් මනෝ වෛද්‍ය වරයෙකු හමුවීම ඉතා වැදගත් ‍වේ.

විශාදය නොසඟවා ප්‍රතිකාර ගත යුතු රෝගී තත්වයකි. නිවැරදි ප්‍රතිකාර සඳහා ඉක්මනින් යොමු වීමෙන් පසු කාලීනව ඇති විය හැකි ජිවන ගැටළු රාශියක් වලක්වා ගත හැක. එමෙන්ම ඔබේ හෝ ඔබේ සමීපතමයෙක්ගේ වටිනා ජීවිතය වුවද බේරාගැනීමට ඔබට හැකියාව ඇත.

ජාතික මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලයේ සහ ශ්‍රී ලංකා මනෝවෛද්‍ය සංගමයේ ප්‍රකාශන ඇසුරිනි‍

සටහන - ඩයනා උදයංගනී

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Oct 2017 04:05 AM

http://www.navaliya.com/2017/10/16/New%20folder/4.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Oct 2017 04:18 AM

https://i.imgsafe.org/34/34319b350a.jpeg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Oct 2017 04:25 AM

https://i.imgsafe.org/34/3431c4331f.jpeg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Oct 2017 04:29 AM

https://i.imgsafe.org/34/34329ec3f0.jpeg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Oct 2017 04:42 AM

https://i.imgsafe.org/34/3432dc4439.jpeg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Oct 2017 04:51 AM

https://i.imgsafe.org/34/3433646448.jpeg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 56 of 137 << < 5455565758 > >>