You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 57 of 137 << < 5556575859 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Oct 2017 05:24 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Oct 2017 05:24 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Oct 2017 05:25 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Oct 2017 05:25 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Oct 2017 05:26 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Oct 2017 05:38 AM

http://www.navaliya.com/2017/10/16/New%20folder/34.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
15 Oct 2017 08:41 PM
බොහොම ස්තූතියි මේ වැදගත් කරුණු අපිත් එක්ක බෙදා හදා ගන්නවට ....
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Oct 2017 12:37 AM
එහන්ම් හත් මුතු පරම්පරාවෙම එවා චෙක් කරන්නවෙයි එහෙනම් බදින්න කලින් ..
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Oct 2017 01:49 AM

පිරිමි දරුවන් දඩබ්බර වන්නේ ඇයි?

weda3දැන් ගැහැනු ළමයින්ට වඩා පරෙස්‌සම් කරන්න වෙලා තියෙන්නේ පිරිමි ළමයි ඇතැම් අවස්‌ථාවලදී දෙමාපිය වැඩිහිටියෝ පවසති.
 
 වෛද්‍යතුමනි, මෙලෙස පිරිමි ළමයි ගැන වැඩි අවධානයක්‌ යොමු කරන්න සිදුවී තිබෙන්නේ ඇයි.
 
 ඒකට හේතුව තමයි අපේ බොහෝ වැඩිහිsටියෝ දෙමාපියෝ වැඩි අවධානයක්‌ වැඩි ආරක්‌ෂාවක්‌ යොදවන්නෙ ගැහැනු ළමයි වෙතට පමණයි. ගැහැනු ළමයි මල්වගෙ පිරිමි ළමයි ගස්‌ ගල් වගේ කියලා හිතනවා. එහෙම හිතන්නේ පිරිමි දරුවකු කියන්නේ හැඩි දැඩි ගතිගුණ සහිත අයෙක්‌ යන ආකල්පයේ හිඳිමිනි.
 
 ඇත්තටම එහෙම පිරිමි දරුවන් දැන් අඩුයි. අද බොහෝ පිරිමි දරුවන්ගේ පෞරුෂය බිඳ වැටිලා. සුළු දෙයකින් වුණත් පසු තැවෙනවා. සියදිවි නසා ගන්නවා. ඉකි බිඳිමින් ප්‍රසිද්ධියේ අඬනවා.
 
 සෘෂි නාඩි වෛද්‍යවරු පිරිමි දරුවන් ගැන පවසා ඇත්තේ "කුයිනාදම් දිස්‌වන කදර් පුරුෂ ආත්ම භාගා" ලෙසිනි. ඉන් පවසන්නේ පිරිමි දරුවා යනු ආත්ම ශක්‌තිය දැඩි සමාජයේ නායකත්වය ගත හැකි කිසි දෙයකින් එකවර නොසැලෙන කෙනෙක්‌ කියලා.
 
 උපතේ සිට වයස අවුරුදු 16 දක්‌වා පිරිමි දරුවකු තුළ ක්‍රියාකාරී වන නාඩි 09 ක්‌ තියෙනවා.
 
 පෙර ආත්ම නාඩිය, සංසාර නාඩිය, බුද්ධි නාඩිය, ක්‍රියාකාරී නාඩිය. ඝෝෂාකාරි නාඩිය, කුල්මත් නාඩිය. දඩබ්බර නාඩිය, ශාන්ත නාඩිය සහ කෑම නාඩිය යන නාඩිවල ක්‍රියාකාරිත්වය අනුව එම දරුවාගේ හැසිරීම ගති ලක්‌ෂණ හඳුනාගත හැකියි.
 
 එනිසා යම් දරුවකුගේ ගති ලක්‌ෂණ අනුව දරුවාගේ අධික්‍රිsයාකාරී වී ඇත්තේ කුමන නාඩියද කියා දක්‌ෂ නාඩි වෛද්‍යවරයකුට හඳුනාගත හැකියි.
 
 උදාහරණයක්‌ විදිහට එම දරුවා කුඩා කල සිට ඉගෙනීමට දක්‌ෂ නම් යමක්‌ කියූ විට අන් අයට වඩා ඉක්‌මනින් වටහා ගැනීමේ ශක්‌තිය තිබේ නම් එම දරුවාගේ සංසාර නාඩිය පෙර ආත්ම නාඩිය සහ බුද්ධි නාඩිය ඉතා හොඳින් ක්‍රියා කරන බව වටහා ගත හැකියි.
 
 දරුවා දඩබ්බර නම් ඉගෙනුමට එතරම් උනන්දුවක්‌ නැත්නම් නිතර කලහ කරනවානම් එම දරුවාගේ ඝෝෂාකාරි නාඩිය, දඩබ්බර නාඩිය කෑම නාඩිය අධි ක්‍රියාකාරි වී ඇති බව වටහා ගත හැකියි.
 
 වර්තමානයේ බොහෝ දෙමාපියන්ට තමුන්ගේ පිරිමි දරුවාගේ මෙම වෙනස්‌වීම් හරි හැටි හඳුනාගන්න බැරිවෙලා තියෙනවා. එනිසා දරුවන් දඩබ්බරයි. දෙමාපියන් කියන දෙය අහන්නේ නැහැ කියා පවසනවා.
 
 සෑම දෙමාපියෙක්‌ම තමුන්ට පිරිමි දරුවෙක්‌ ලැබුණු පසු ගැහැනු දරුවන් හා සමානව අවධානය යොමු කළ යුතුයි.
 
 දරුවාගේ දක්‌ෂතා, අදක්‌ෂතා රෝග තත්ත්ව වටහාගත යුතුයි.
 
 දරුවන් ඉදිරියේ පරුෂ වචන කිම, අසභ්‍ය වචන කීම නොකළ යුතුයි. දරුවන්ටද තෝ....බූරුවා...... කාලකණ්‌ණියා වැනි අසභ්‍ය වචන වලින් බැණ වැදීම නොකළ යුතුයි. එවිට දරුවන්ගේ ආත්ම ශක්‌තිය කඩා වැටෙනවා. ඔවුන් දෙමාපියන්ගෙන් ඈත් වෙනවා. වෙනත් ආදරයන් පසුපස යනවා. එය ගැහැනු ළමයෙක්‌ පමණක්‌ නොව මත්ද්‍රව්‍ය, මත්පැන්, කම් සැප ආදිය දක්‌වා දුරදිග යා හැකියි.
 
 පිරිමි දරුවකුගේ බුද්ධි වර්ධනය
 
 පිරිමි දරුවකුගේ බුද්ධි වර්ධනය වයස අවුරුදු 3 ත් 16 ත් අතර කාලය තුළ හොඳින් සිදු වෙනවා.
 
 එනිසා මෙම කාලයේ දරුවාට හොඳ පෝෂ්‍යදායි ආහාර පාන ලබාදිය යුතුයි. එහිදී කොල්ලු, කඩල, කවුපි, මුංඇට වැනි ධාන්‍ය වර්ග දිනපතා උදෑසන ආහාරයට එක්‌ කළ හැකියි.
 
 සතියකට දින තුනක්‌ පමණ කොළ කැඳ වීදුරුවක්‌ උදෑසන පානයට දිය හැකියි. ඉතිරි දින හතර පිරිසිදු එළකිරි වීදුරුවක්‌ පානයට දිය හැකියි.
 
 මෙම වයසේදී දරුවන් නිවසට පංති කාමරයට, ටියුෂන් පන්තියට පමණක්‌ සීමා නොකර ඇළේ දොළේ විලේ, කඩිත්තේ පොක්‌කනියේ ගඟේ දිය නාන්න, වෙලේ කමතේ ක්‍රීඩා පිටියේ යන ඒවාත් සමඟ සෙල්ලම් කරන්න කාලය වෙන්කර දිය යුතුයි.
 
 ඔට්‌ටු, සෙල්ලම් කරන්න, කොටුපනින්න බෝල ගහන්න වැනි සාමූහික ක්‍රීඩාවලට යොමු කළ යුතුයි. එහෙම නැත්නම් දරුවා හුදෙකලාවෙනවා. ආත්මාර්ථකාමී පුද්ගලයකු ලෙස ඉදිරියේදී සමාජයට එක්‌වෙනවා. මේ අය තමයි, දාමරික වැඩවලට, හොරකමට, ත්‍රස්‌ත වැඩවලට, අපචාර ක්‍රියාවලට ඉතා පහසුවෙන්ම යොමු වන්නේ සහ යොමු කරගත හැකි වන්නේ මොකද මේ අයට අන් අය ගැන හැඟීම් දැනීම් අඩුයි. හිතන්නේ තමුන් ගැන පමණයි.
 
 මෙවැනි දරුවන්ගේ දෙමාපියන්ටද අවසානයේ සිදු වන්නේ මහලු මඩම්වල හෝ මහමඟ අනාථයන් ලෙස ජීවත් වන්න. එනිසා පිරිමි දරුවන් පිළිබඳ වැඩි අවධානයක්‌ යොමු කිරීම වර්තමාන සමාජයේ ඉතා වැදගත් වෙනවා.
 
 මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0776500677 අමතන්න
 
 weda1

අඟුලාන දුම්රියපළ පාර ලියන්වෙල ඝෘෂිනාඩි වෛද්‍ය මධ්‍යස්‌ථානයේ මහාචාර්ය වෛද්‍ය
  ජිනසිරි ලියන්වෙල
 
 සංස්‌කරණය - උපාලි ද සේරම්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Oct 2017 01:52 AM

සමේ තෙතමනය රැකගන්න නිසි පමණට වතුර බොන්න

ලිව්වේ  චම්පා වරුසප්පෙරුම
ජීවයේ පැවැත්මට ජලය අත්‍යවශ්‍ය සාධකයක් බව කවුරුත් හොඳින් දන්නා කාරණාවකි. මන්ද පැයක් දෙකක් කෙසේ වෙතත් දිනයක් නම් අපට ජලය නොමැතිව ජීවත් විය නොහැකියි.

 

එබැවින් අවශ්‍යතාවය දැනෙන සෑම මොහොතකදීම පිරිසුදු ජලය පානය කරන්නටත්, එපමණකින් නොනැවතී ජලය මිශ්‍ර ආහාර පාන, පලතුරු ආදිය ලබාගැනීමටත් අපි පුරුදු වී සිටින්නෙමු.

අපගේ ශරීරය තුළ සිදු කෙරෙන සෑම ක්‍රියාවක් සඳහාම ජලය සිය දායකත්වය සපයාවි. ඒ අතරින් සමේ පැවැත්ම සඳහා ජලයේ දායකත්වය කොපමණදැයි අද අපි සොයා බලමු.

සමෙහි පැවැත්මට ජලය

සාමාන්‍යයෙන් අපේ සමෙහි තෙතමනය රඳා පවතින්නේ සිරුර තුළ පවත්නා ජලය මතයි. එමෙන්ම සමෙහි ඇදෙනසුලු ස්වභාවය එහෙමත් නැතිනම් ඊධදඥ එක රඳන්නේ ද සමෙහි ඇති ජල මට්ටම අනුවයි. ජලය අඩුවීම සමඟ සමෙහි රැලි වැටීම් (එපඪදඬතඥඵ) ඇතිවීමේ අවදානමක් පවතින අතර අපේ සමට අවශ්‍ය කරන ඛනිජලවණ වැඩි ප්‍රමාණයක් සමට ළඟා කරවන්නේ ද අප බීමට ගන්නා මෙම ජලය මඟිනි. මන්ද මෙම ඛනිජලවණ සමට නියමිත

 පරිද්දෙන් නොලැබුණහොත් සම සම්බන්ධයෙන් බොහොමයක් රූපලාවණ්‍ය ගැටලු පැන නගිනු නොඅනුමානයි.

 නිසි පමණට

සරලව, ඉතාමත් කෙටියෙන් පවසන්නේ නම් දිනකට නිසි ප්‍රමාණයට ජලය පානය කළහොත් එය ඔබගේ සුන්දරත්වය බොහෝ සුරකිනු නිසැකයි. එබැවින් දිනකට අපේ ශරීරයට අවශ්‍ය ජල ප්‍රමාණය මැන බලා බීමට පුරුදු වන්න.

 දිනෙක ජල අවශ්‍යතාව

සාමාන්‍යයෙන් යහපත් කාලගුණයක් පවතින සෞම්‍ය දිනයක දී විවේකීව සිටින පුද්ගලයකුගේ දිනයක ජල අවශ්‍යතාව මනින්නේ මේ ආකාරයටයි.

පුද්ගලයාගේ බර

 උදාහරණයක් ලෙස බර කිලෝ ග්‍රෑම් 60 ක් වූ පුද්ගලයකුගේ දිනෙක ජල අවශ්‍යතාව අවමය ලීටර් 02 ක් පමණ වේ.

ඊට අමතරව ඔහුගේ රැකියාව හෝ ඔහු දිනය පුරා යෙදෙන කාර්යයන් අනුවත් වයස හෝ සෞඛ්‍ය තත්ත්වය,

එහෙමත් නැතිනම් රෝග තත්ත්ව ආදිය නිසාද මෙම ජල පරිමාව වෙනස් විය හැකියි. එමෙන්ම එදිනෙදා පවතින කාලගුණික තත්ත්වය වාගේම එම පුද්ගලයා ජීවත්වන පරිසරය අනුවත්, ඔහු ව්‍යායාම ආදියෙහි යෙදෙන්නේ නම් එය ද මේ ජල පරිමාව වෙනස්වීමට හේතු වේ.

කාන්තාවකගේ නම් මාසික ඔසප් දිනවලදී වාගේම ගර්භණී හෝ කිරිදෙන මවක වැනි විශේෂ තත්ත්ව යටතේ ඉහත සඳහන් ලීටර් දෙකක ජල අවශ්‍යතාව වැඩිවිය හැකියි.

ඒ අනුව ලීටර් 2 1/2 - 3 1/2 ත් අතර ජල ප්‍රමාණයක් දිනක දී අවශ්‍ය වේ.

 

ජලය පානය කරන අවස්ථා

සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ දිනෙක ජල අවශ්‍යතාව සම්පූර්ණ වන්නට නම් එම පුද්ගලයා දිනය පුරාම ලබාගන්නා ජල ප්‍රමාණයේ එකතුවක් ගත යුතුයි.

එසේ නොමැතිව එම නියමිත ජල ප්‍රමාණය පැයක දී දෙකක දී වැනි කෙටි කාලසීමාවක් තුළ නොව දිනයේ පැය 24 පුරා ටිකෙන් ටික භාවිත කළ යුතුයි.

මන්ද එකවර වැඩි ජල ප්‍රමාණයක් භාවිත කිරීම නිසා විවිධ සෞඛ්‍ය ගැටලු මතුකරන බව ඔබ අමතක නොකළ යුතුයි.

ඔබට පිපාසය අධිකව දැනීමට ප්‍රථම ජලය බීමට ගන්න. මන්ද එලෙස අධික පිපාසය දැනුණු පසුව අධිකව ජලය පානය නොකළ යුතු අතර එවැනි අවස්ථාවක ටික ටික, වරින්වර ජලය පානය කරන්න.

Cool Water  එපා

බොහෝදෙනකු තද අව් රශ්මියේ ගමනක් ගොස් නිවෙසට පැමිණි විගස සීතල ජලය (Cool Water) ටිකක් පානය කරන්නට දැඩි ප්‍රියතාවයක් දක්වති.

නමුත් තද හිරුඑළියේ හෝ අධික තාපය ඇති ස්ථානයක සිටි විගස සීතල ජලය පානය කිරීම මාරාන්තික බව ඇතැම්විට ඔබ නොදන්නවා ඇති.

මෙම ජලය පානය කිරීමට අමතරව දිනය ආරම්භයේදීම සමට සුවපහසුව රැගෙන එන moisturizer u භාවිතය ඔබට බාහිර වශයෙන් කළ හැකියි.

එමෙන්ම සෑම දිනයකදීම සවස් කාලයේ හෝ ස්නානයට පෙර

ඖෂධීය තෙල් ((herbal Oil)  ගැල්වීම හරහා ද ඔබට අපූරු සුසිනිඳු සමක් හිමිකර ගත හැකියි.

 

උපදෙස්

ආයුර්වේද සහ දේශීය රූපලාවණ්‍ය ක්‍රම පිළිබඳ අධ්‍යාපන පියසේ ආයුර්වේද වෛද්‍ය

ආර්. ජී. එස්. සාරංගා

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Oct 2017 01:56 AM

ආත්‍රායිටීස්‌ රෝගීන්ටත් දරු සම්පත් වාසනාව

weda2සිරුරේ හන්දි ඇතුළත ඇති හන්දි පටලය ඉදිමුම නිසා ඇතිවන රෝග සමූහයක්‌ වන ආත්‍රයිටීස්‌  ඇතිවූ විට එය සුව කර ගැනීමට හෝ මතුව ඇති රෝග තත්ත්වය පාලනය කර ගැනීමට යම් කාලයක්‌ ඖෂධ ප්‍රතිකාර ගැනීමට සිදුවේ.

මෙලෙස ගනු ලබන ඖෂධ නිසා ඔවුනට දරු සම්පත් ලබාගැනීමේදී ගැටලු මතුවේ දැයි කියා බියක්‌ පවතී. එබැවින් ආත්‍රයිටීස්‌ රෝග සඳහා ප්‍රතිකාර ලබාගන්නා පුද්ගලයන් දරු සම්පතක්‌ සඳහා සූදානම් වන්නේ කෙසේ දැයි කියා විමසා බලමු.

වෛද්‍යතුමනි, ආත්‍රයිටීස්‌ රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ට දරු සම්පත් සඳහා සූදානම් වන්නේ කෙසේද?

ආත්‍රයිටීස්‌ රෝගය කාන්තාවන්ට මෙන්ම පිරිමින්ට ද ඇතිවන නිසා මෙම ගැටලුව දෙපාර්ශවයටම බලපාන අයුරු මුලින්ම අපි පැහැදිලි කර ගනිමු.

ආත්‍රයිටීස්‌ රෝග මතුවී ඇති ආකාරය අනුව එය සුවවීමට ලබාදෙන ඖෂධ වර්ග කිහිපයක්‌ තිබේ. එය මතුව ඇති රෝගය සහ රෝග පාලනය අනුව වෛද්‍යවරයා තීරණය කරනු ලබයි.

එනිසා ඇතැම් ඖෂධ ගැනීම මගින් පිරිමින්ගේ ශුක්‍රාණු නිපදවීමේදීත් කාන්තාවන්ගේ ඩිම්බ නිපදවීම සහ කළලය වර්ධනය වීමේදීත් බලපෑම් ඇතිවිය හැකියි. ආත්‍රයිටීස්‌ රෝගයට ප්‍රතිකාර ගනු ලබන කාන්තාවන් සහ පිරිමින් දරු සම්පත් ලබාගැනීමට බලාපොරොත්තු වේනම් පළමුව තමාගේ ආත්‍රයිටීස්‌ රෝගයට ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරයා සමග කතාකර අවශ්‍ය උපදෙස්‌ ලබා ගැනීම වැදගත් වන්නේ එබැවිනි.

පිරිමි පුද්ගලයකු

ආත්‍රයිටීස්‌ රෝගයට ප්‍රතිකාර ගනු ලබන පිරිමි පුද්ගලයකු දරු කළලයක්‌ නිපදවීම සඳහා එක්‌ වීමට පෙර දැනට ගනු ලබන ඖෂධ පිළිබඳව වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කළ යුතුය. දැනට ගනු ලබන ඖෂධ මගින් ශුක්‍රාණුවලට බලපෑමක්‌ සිදුවේ නම් එම ඖෂධ වෙනුවට ශුක්‍රාණුවලට බලපෑමක්‌ ඇති නොවන ඖෂධ වෛද්‍යවරයා විසින් නිර්දේශ කරනු ඇත. එහිදී මෙතෙක්‌ ගනු ලැබූ ඖෂධ භාවිතය නතර කර මාස 03 ක්‌ පමණ ගිය පසු දරු කළලයක්‌ නිපදවීම සඳහා එක්‌විය හැකිය. එම කාලය වන විට ඔහුගේ ශුක්‍රාණුවලට ආත්‍රයිටීස්‌ සඳහා ගනු ලැබූ ඖෂධ මගින් සිදුවූ බලපෑම ඉවත්ව ගොස්‌ තිබේ.

කාන්තාවක්‌

ආත්‍රයිටීස්‌ රෝගයෙන් පෙළෙන කාන්තාව ගැබ් ගැනීමකට පෙර මාස 06 ත් 12 ත් අතර කාලයක්‌ වෛද්‍ය උපදෙස්‌ මත ඒ සඳහා සූදානම් විය යුතුය.

කාන්තාව ගැබ්ගත් විට දරුවා බිහිවන තුරු මාස 09 ක කාලයක්‌ දරුගැබ දරා සිටින නිසා ඇයගේ ආත්‍රයිටීස්‌ රෝගය නිසි පාලනයකට ලක්‌කර ගැනීම සහ ගැබිනි සමයේ රෝගය උත්සන්න නොවී පාලනය කරගන්නා ආකාරය පිළිබඳව වෛද්‍ය උපදෙස්‌ ලබාගත යුතුය.

ආත්‍රයිටීස්‌ ඇති හන්දියෙන් අධික ලෙස රසායන ද්‍රව්‍ය නිපදවනු ලබයි. ඒවා රුධිරය ඔස්‌සේ ගොස්‌ දරු කළලයට බලපෑම් ඇති කළ හැකිය.

ආත්‍රයිටීස්‌ රෝගය නිසා එම කාන්තාවගේ වකුගඩුවල යම් අසාමාන්‍ය ක්‍රියාකාරිත්වයක්‌ පවතී නම් එය නිවැරැදි කරගත යුතුය.

ගැබිනි සමයේදී වකුගඩු ක්‍රියාකාරිත්වය අසාමාන්‍ය වුවහොත් ඉන් මවගෙත් දරුවාගෙත් ජීවිතවලට බලපෑම් ඇති විය හැකිය.

ගැබිනි සමයේදී ආත්‍රයිටීස්‌ රෝගී කාන්තාව ගත යුත්තේ දරු කළලයට බලපෑම් ඇති නොවන ඖෂධ වර්ගය.

එම ඖෂධ ආත්‍රයිටීස්‌ රෝගයට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාගේ උපදෙස්‌ මත ගත යුතුය.

මෙලෙස නිසි වෛද්‍ය උපදෙස්‌ මත ආත්‍රයිටීස්‌ රෝගය පාලනය කරගන්නා කාන්තාවන් සහ පිරිමින්ට නිරෝගී දරු සම්පතක්‌ ලබාගැනීමට අවස්‌ථාව උදාකරගත හැකිය.

weda4
සන්ධි ආශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ලලිත් විජයරත්න

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
16 Oct 2017 08:42 AM
අව්වේ ගිහින් ආවම නාන්නත් එපා කියන්නේ හේතුවක් ඇතිව කියලා මමත් දැන ගත්තේ පස්සෙයි.
ස්තූතියි මේ ලිපි වලින් කරන දැනුවත් කිරීම් වලට.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Oct 2017 07:08 PM

පලතුරු ගුණ


 weda1* කැටකාල
 
 කැටකාල ගඩාගෙඩි විශේෂයකි. එමෙන්ම දේශීය ඔසුවකි. පුරාණ හන්දි වෙදකමේ භග්න සන්ධානය සඳහාත් තැලීම් ඉදිමීම් සඳහාත් ආයුර්වේද බෙහෙත් නිෂ්පාදනය සඳහාත් යොදාගනු ලැබේ. මෙය හටගනු ලබන ගෙඩි දේශීය පලතුරක්‌ ලෙස අනුභවයට ගනු ලැබේ. කසට රසයෙන් යුක්‌තය. ගෙඩි කුඩාය. ගසේ කඳ වටේ අඟලක්‌ පමණ දිගින් යුතු උල් කටු තිබෙනු දැකිය හැකිය. තද අරටුව පවතී. ඉඩම්වල වැටවල් සෑදීම සඳහා කම්බි කණු සඳහාත් ගෙවල්වලට ජනෙල් උළුවහු සඳහා ජනෙල් කඳන් උළුවහු කඳන් වශයෙන් ද ලොකු ගස්‌ කපා ඉරවා ගනු ලැබේ. ලොරි බොඩි සඳහා කණු ද ඉරවා ගනු ලැබේ. එසේම ගම්බද නිවාස තැනීමේදී මැටි ගසා සාදන ගෙවල්වල මැටි ගැසීමට පෙර බිත්ති වට්‌ටම් බැඳීම සඳහා ද කැටකාල කණු සිටවා උණපතුරු බැඳ ඒවා වසා මැටි ගසනු ලැබේ. දක්‍ෂිණ ලංකාවේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ වීරකැටිය, මුල්කිරිගල, කඩවල, බඡ්ජැන්කැලේ, ගල්කඩුල්ල, ඕකෙවෙල, මොදරවාන, වතුමුල්ල, ගෝවගල, නුගේවෙල, පල්ලත්තර, කිරම, රදනිආර, බුද්ධියගම, කැප්පිටියාව යන ගම් ප්‍රදේශවල බහුල ලෙස මෙම ගස දැකීමට හැකි වේ.
 
 * වල් කැකිරි (හාංගිල්ලා)
 
 මෙය ගම්බද ප්‍රදේශවල පොල් ඉඩම්වල සහ කැලෑ රොදවල කරිවිල කොළයට සහ කිරිබදුවැලේ කොළයට සමානව වැල ගස්‌වල එතී විහිදී පැතිර යති. ගෙඩි පොකුරු වශයෙන් හැදෙයි. කොලපාටය. කැකිරි ගෙඩියේ මෙන් කුඩා දාර පවතී. එය ඉදුණු පසු රතු පැහැයෙන් යුතුය. මෙය ගිරවුන් සහ කොණ්‌ඩ කුරුල්ලන් ආහාරයට ගනිති. කුරුල්ලන්ට ගිරවුන්ට ආහාරමය පලතුරක්‌ වුවද ජනයා අතර ජනප්‍රිය වීමක්‌ හෝ පලතුරක්‌ ලෙස පිළිගැනීමක්‌ හෝ නොමැත. ගඩා ගෙඩි වශයෙන් පිළිගැනීමක්‌ නොමැත. එහෙත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට දේශීය වෙදකමට බෙහෙත් වර්ග නිෂ්පාදන ක්‍රියාවලියට උපයෝගි කර ගැනීමට සිදුවෙති. මේ වැලේ විශේෂිත ඖෂධීය ගුණය වනුයේ පිළිකා රෝග මර්දනය කිරීමේ ප්‍රවනතාවයත් ලේවල සීනි අවම කිරීමේ ගුණයත් යන දෙකය.
 
 * ලෙලිකන නාරං
 
 ගෙවතුවල අලංකාරය උදෙසා වවනු ලබන පලතුරු විශේෂයකි. ලෙල්ල තුනීය. මෙම නාරං ගෙඩිය ඉදුණ පසු ගෙඩිය පිටත් ඇතුළතත් රෝස පැහැයෙන් යුක්‌ත වේ. මෙය කුඩා ගෙඩි වශයෙන් විශාල ලෙස ඵලදායී ගෙඩි හට ගනු ලැබේ. සාමාන්‍ය ඇඹුල් රසැතිය. මෙහි ආයුර්වේදීය ගුණාත්මකභාවය වනුයේ මුඛයේ වියළි ස්‌වභාවය නැතිකර කටහඬ ස්‌වරය වැඩි කිරීම ආහාර රුචිය වැඩි කිරීමය.
 
 * ලාවුළු
 
 ලාවුළු ඉතා ගුණදායක රසවත් මිහිරි පලතුරකි. පැණි රස වැඩි පිටි ගතිය බහුලය. ඉදුන විට කහ පැහැයෙන් යුතු ලාවුළු ගෙඩිය අතින් පොත්ත ඉවත් කර කෑමට ගනු ලැබේ. ලාවුළු වර්ග දෙකකි. එක්‌ වර්ගයක්‌ ගෙඩි විශාල ලෙස වැඩෙන ගෙඩි රවුම් වර්ගයයි. එහි ගෙඩි විශාල ප්‍රමාණයක්‌ ගසේ හටගනී. එමෙන්ම ලාවුළු ගස ද විශාලව වැඩෙයි. අනෙක්‌ වර්ගය නම් ගෙඩි දිගටි හැඩයට හැදෙන පඳුරු සහිත ලාවුළු වර්ගයයි. අවුරුද්ද මුළුල්ලේම මෙම ලාවුළු පල දරති. වෙළෙඳපොළේ ලාවුළු ගෙඩියක මිල රුපියල් දහයක්‌ පමණ වෙති. මුස්‌ලිම් ජනතාවගේත් දෙමළ ජනතාවගේත් ප්‍රියතම පලතුරකි. එම පලතුරේ ඖෂධීය ගුණය වනුයේ ශාරීරික ශක්‌තිය ලබාදීම, ප්‍රජනන ශක්‌තිය ලබාදීම සහ වඳභාවය තුරන් කිරීමේ ගුණාංගය.
 
 * ගිරිතිල්ල (මාන්ඩවැල)
 
 ගොඩබිම් පොළවේ පොල්මන්ඩිවල (පොල්වතුවල) කොළය තරමක්‌ පළල ඉතා සරුවට වැඩෙන බිම විහිදී යන වැල් විශේෂයකි. ගෙඩි පොකුරු වශයෙන් සෑදෙති. එම ගිරිතිල්ල ගෙඩි ග්‍රාමීය ප්‍රදේශවල පැරණි ගැමියන් එළවළු සඳහා පිළියෙළ කර පරිභෝජනයට යොදාගනු ලැබේ. එම ගිරිතිල්ල කොල මැල්ලුම් වශයෙන්ද යොදා ගනු ලැබීය. මෙය ගඩා ගෙඩි විශේෂයක්‌ වුවත් ජනයා එතරම් දැනුවත් වී නොමැත. ගිරිතිල්ල ඇතැම් ගම්මානවල පැරණි අය මාන්ඩවැල් නමින් ද හඳුන්වාලීය. මෙම වැලේ මුලත් කොළත් ගෙඩිත් ආයුර්වේද චිකිත්සාවලියේදී බෙහෙත් උදෙසා යොදාගැනීමට සිදුවෙයි. විශේෂයෙන් වාත රෝගවලදී ප්‍රතිකාර සඳහා අවශ්‍ය වෙයි.
 
 කුරුල්ලන්ගේ ප්‍රියතම ආහාරයකි. ඉදුන ගිරිතිල්ල ගෙඩිවල රසය. ඉදුන ලාවුළුවල රසය ගෙන දෙයි. පිළිකා රෝගය වැළඳීමේ ප්‍රවනතාවය නැති කිරීමේ ප්‍රතිශක්‌තිය මාන්ඩවැලේ පංචාංගයේ පවතී. ඉදුන මාන්ඩ පලතුරු සහිත වැලේ අන්තර්ගත වෙති.
 
 * ජෑම් (සින්චව්)
 
 මෙම ජෑම් පලතුරු කෑමට ළමුන් ප්‍රිය කරති. මියුරු රසැතිය. වෙළඳපොළේ අලෙවි කිරීමට හෝ දැකීමට නොමැතිය. හැඩහුරුකම අනුව තිබ්බටු ගෙඩිවට සමානය. එතරම් කුඩාය. ඉදුන විට රත්පැහැති හුරුය. මිහිරි පැණි රසින් යුක්‌ත වේ. කොණ්‌ඩ කුරුල්ලන්ගේ සහ කහ කුරුල්ලන්ගේ ආහාරයක්‌ වන අතර එම කුරුල්ලන්ගෙන් පැමිණීම අතු පතර විහිදී ගිය ජෑම් ගස්‌වල වසා සිටිනු දැකීම අඩුවක්‌ නොමැත. නගරබද සහ ගම්වල මිදුලේ හිසට සෙවනක්‌ කයට සෙවනක්‌ ලබාගැනීමට ගෙවතු වගාවක්‌ සහ ගෙවතු අලංකාරය පිණිසත් ජෑම් ගස්‌ වවනු ලැබේ. ග්‍රීස්‌ම සෘතු සමයේ කයට සිසිලක්‌ ලබාගැනීමට ජෑම් ගස යට ඉඳ ගැනීම දැකිය හැකිය. ගෙමිදුල අලංකාරයත් මිහිරි පලතුරක්‌ ලෙසත් හඳුන්වාදිය හැකිය. එමෙන්ම ආයුර්වේදීය ඖෂධීය ගුණ වශයෙන් දැක්‌විය හැකිවනුයේ රක්‌ත පිත්ත රෝගයට ගුණදායක වනු ලැබීමයි. දාහය පිපාසය සංසිඳවාලයි.
 
 * සැපදිල්ලා
 
 මිහිරි රසැති පලතුරකි. පසෙහි තෙතමනය ර¹පවතින සරු පසෙහි හොඳට අතු පතර විහිදී වැඩෙන ශාකයකි. එමෙන්ම එම සැපදිල්ලා ශාකයෙහි අතිවිශාල ගෙඩි ප්‍රමාණයක්‌ හටගනී. කෑම සඳහා හොඳටම ඉදිය යුතුය. හොඳට නොඉදුනහොත් කෑමට අසීරුය. හේතුව ඇලෙන සුළුගතිය පවතී. ලාටු වැනි වෙති. අමුවෙන් හෝ බාගයට ඉදුන සැපදිල්ලා කෑමට නොහැකිය. හේතුව කොහොල්ලා කාටුව කටේ බැඳෙන බැවින් හොඳට ඉදුණු සැපදිල්ලා ගෙඩි කෑමට ළමුන් ප්‍රිය කරති. මෙය ගෙවල් ඉදිරිපිට ගෙවතු අලංකාර කර ගැනීමට වගා කිරීමට ලංකාවේ සිංහල කතුන් උද්යෝගී වෙති. ඇල්මක්‌ දක්‌වති. මෙහි පවතින ආයුර්වේදීය ඖෂධ ගුණාත්මකභාවය වනුයේ සෙම් රෝග මර්දනය කිරීමේ ප්‍රවනතාවයයි. විටමින් සී බහුලව පවතී. කෑම රුචිය වැඩි කිරීමේ ගුණය පවතී.
 
 * පෙයාර්ස්‌
 
 පෙයාර්ස්‌ කටට රසැති කා හටත් ප්‍රියජනක මිහිරි පලතුරක්‌ ලෙස ලංකාවාසී බහුතරයකගේ පිළිගැනීමයි. මෙහි ප්‍රමාණය අලිගැට පේර ගෙඩියකට සමාන කළහොත් නිවැරදිය. කොල පාටය. එක ගෙඩියක බර ග්‍රෑම් දෙසීයක්‌ තුන්සීයක්‌ පමණ වෙති. ඇතැම් අය මෙය කැබලිවලට කපා හපා කන අතර තවත් සමහරු බ්ලේන්ඩර් ජූස්‌ සාදා බීමක්‌ ලෙස ද පිළියෙළ කර පානය කරති. මෙය වෙළෙඳපොළේ දැකගැනීමට තිබේ. එක ගෙඩියක්‌ රුපියල් සියයකට අලෙවි වෙති. ආයුර්වේද ගුණාත්මකභාවයට නැඹුරු වනුයේ ශීත ගුණයයි. මනුෂ්‍ය ශරීරයේ පවතින දාහය නැසීමේ ගුණය, විඩාව සංසිඳවීමේ ගුණය පවතී. සමට ද ඉතා ගුණදායකය. රක්‌තවාතයට සහ වකුගඩු ආශ්‍රිත රෝග සමනය කිරීමේ ප්‍රබල ඖෂධයක්‌ වශයෙන් ද මෙම මිහිරි පෙයාර්ස්‌ පලතුර ලංකා ඉතිහාසයට දේශීය වෛද්‍ය ඉතිහාසයට එක්‌වි ඇත. ඇදුම, හතිය පවතින රෝගීනට පෙයාර්ස්‌ අනුභවය සුදුසු නැත.
 
 මෙම පලතුර පෙයාර්ස්‌ අපේ රටට විදේශීන් විසින් ගෙන එන ලද පලතුරක්‌ වශයෙන් සඳහන් කළ යුතුය. ඉතා සරුවට වැඩෙනුයේ බහුලව වගා කරනුයේ නුවරඑළියේ මාතුඩුගල රාගල සහ බදුල්ල, වැලිමඩ යන ප්‍රදේශවලය. එම ප්‍රදේශවලින් නෙලාගනු ලබන අස්‌වැන්නට පෙයාර්ස්‌ ඵලදාව වෙළෙඳපොළට ප්‍රවේශ වෙයි. අඩි හත අටක්‌ තරම් උසට පෙයාර්ස්‌ ගස වැඩී අතු විහිදී පවතී.
 
 * ස්‌ට්‍රොaබෙරි
 
 ස්‌ට්‍රොaබෙරි පලතුර පුවක්‌ ගෙඩියක්‌ තරම් ප්‍රමාණයෙන් යුතු ඉවතලීමට කිසිවක්‌ නැති සම්පූර්ණ ගෙඩිය එහෙම පිටින්ම කෑමට පුළුවන් තද රතු පාටින් යුක්‌තය. වෙළෙඳපොළේ ඉල්ලුමක්‌ පවතින මිල ගණනින් වැඩි ගෙවතු අලංකාරය සඳහා ධනෝපායන මාර්ගයක්‌ ලෙසත්, නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ වැසියන් වගාකර තිබෙනු දැක ගැනීමට පුළුවන. මෙහි ආයුර්වේදයට සාපේක්‍ෂව ද්‍රව්‍ය ගුණ විංÆණය අනුව ඖෂධීය ගුණය ලෙස මුඛය සහ ගලනාලය, ආමාශය, කුඩා අන්ත්‍ර, මහා අන්ත්‍ර පිරිසිදු කරලීමේ ගුණ සහ කටහඬ මිහිරි කරවීමේ ගුණ ර¹ පවතී. අපට උරුම පලතුරක්‌ වශයෙන් සඳහන් කර නොමැතිය. විදේශිකයන් විසින් මෙය මෙරටට ගෙන්වන ලද්දකි. එහෙත් අතීතයේ මෙම පලතුර මෙහි වගාකර නොතිබුණද වර්තමානයේ නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ ජනයා ඉතා උෙද්‍යාaගිමත්ව වගා කරති. ස්‌ට්‍රොaබෙරි වගාවට තරම් සුදුසු සරු පසක්‌ කාලෝචිත දේශගුණයක්‌ එහි පවතී.
 
 (ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ පලතුරු සංවර්ධන වැඩසටහනට දිරිදීමක්‌ ලෙස මෙම ලිපි පෙළ ලියා පළකරන ලදී.)
 
 මූලගිරි රජමහ විහාරස්‌ථානයේ
 
 රාජකීය වෛද්‍ය පෙළපතේ, සර්වාංග රෝග පිළිබඳ ආයුර්වේද වෛද්‍ය
 
 ඒ. වනිගපුර
 
 කිවුල්ආරවත්ත
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Oct 2017 07:15 PM

මහලුවිය පමාකර ගන්න ඖෂධීය තෙල් සාත්තුව

weda3මැදි වයස පසු කරමින් මහලු වියට පා තැබීමත් සමඟ බොහෝ උදවිය සිතන්නේ " අපි දැන් වයසයි, අපිට දැන් ඉස්‌සර වගේ සවි ශක්‌තිය නැහැ", යනුවෙනි. ළමයින් ගේ මනස තුළ තැන්පත් වන්නේද එවන් වූ හැඟීමකි. එනම් තාත්තා අම්මාට දැන් කිසිම දෙයක්‌ බැහැ යන කාරණාවයි.
 
 එමෙන්ම නූතනයේ කාර්ය බහුලකම හමුවේ දරුවන්ට දෙමාපියන් අතහැරීම නිසාවෙන්ද මව්පියෝ හුදකලාව ජීවත් වන ආකාරයක්‌ සමාජය හමුවේ දක්‌නට ඇත. වැඩිහිටි පරම්පරාව අකාර්යක්‍ෂමතාවයට පත්වීමට මෙම හුදකලාවීම යන කාරණාවද ප්‍රබල සාධයක්‌ වී ඇති බවට සමාජය හමුවේ බොහෝ සාධක ඇත. එවැනි වූ පසුබිමක බොහෝ වැඩිහිටියන් සිතන්නේ මරණය පිළිබඳ වූ කාරණාවය.
 
 වයසට යැම යනු සම, ස්‌නායු, අස්‌ථි, පද්ධති සහ ශරීර කොටස්‌ ක්‍රමයෙන් අක්‍රීය තත්ත්වයට පත් වීමයි. එවිට වයෝවෘද්ධ සම වියළී, අස්‌ථි දියවෙමින් එක්‌තැන් වන තත්ත්වයට එනම් ඇල්ෂයිමර් තත්ත්වයට පත්විය හැකි අවස්‌ථා ඇති අතරම ප්‍රේත දෝෂ යෑයි තවත් වයෝවෘද්ධ පිරිසක්‌ පැත්තකට දමා ඇති අයුරක්‌ද සමාජයේ දක්‌නට ඇත. එවැනි ඇතැම්හු දේවාල ගානේ යමින් සුවයක්‌ බලාපොරොත්තු වූවත් සුවය නොලබන්නේ රෝගය නිසි පරිදි හඳුනා නොගැනීම නිසාවෙන්ය.
 
 දේශීය වෛද්‍ය ක්‍රමයේ පුරාණ සෘෂිවරුන් කළ කී අත්දුටු ප්‍රත්‍යක්‍ෂ වෙදකම අපේ රට තුළ තවමත් දුර්ලභව වුව දක්‌නට ඇති නිසාවෙන් එවැනි වූ ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිකාර හමුවේ මහලු විය ජීවිතයට වදයක්‌ කර නොගනිමින් සැහැල්ලුව දිවි ගෙවන පිරිසක්‌ සිටියද බොහෝ පිරිසක්‌ මහලුවිය ජීවිතයට වදයක්‌ කර ගනිමින් ජීවත් වන්නේ දේශීය වෙදකමේ ප්‍රත්‍යක්‍ෂ ගුණ හඳුනා නොගැනීම නිසාවෙන්ය.
 
 "කරවල කෑල්ලක්‌" මෙන් වයසත් සමඟ වියෑකී යන සමට ශක්‌තියක්‌ ලබා දෙමින් ප්‍රාණවත් බවක්‌ ලබාදෙමින් දේශීය වෙදකම හමුවේ ලැබූ සුවය පිළිබඳ වූ අතීත කතා පුරාණ සෘෂිවරුන්ගේ පොත්පත්වල හොඳ අපූරුවට සටහන් කර ඇත. එමෙන්ම වයස්‌ ගත වීමත් සමඟ අක්‍රීය තත්ත්වය කරා ළඟාවන වකුගඩු අක්‌මා, පෙනහලු සහ හෘදය මෙන්ම ශරීරයේ වූ අනෙකුත් ඉන්දියන් සහ පද්ධති වෙනුවෙන් නිසි ක්‍රියාකාරිත්වය ලබා දීමට හැකි ඖෂධ වට්‌ටෝරු පිළිබඳ පුරාණ සෘෂිවරුන් සටහන් කර තිබෙන්නෙ රෝගී වු පසු ප්‍රතිකාර ගැනීමට නොව නිරෝගීව සිටින පිරිස වෙනුවෙන් මහලු විය සුවසේ ගත කිරීමට ලබාදිය හැකි ඖෂධ වට්‌ටෝරු ලෙසින් බව මෙහිදී සටහන් කළ යුතුය.
 
 අතීතයේ අපේ මුතුන් මිත්තන් යෝධ බල ශක්‌තියෙන් වැඩ කටයුතු කළේ පරිසරය සමඟ බද්ධ වී පරිසරයට ආදරය කරමින් පරිසරයේ වූ දේ අනුව ජීවිතය ගත කිරීම නිසාවෙනි. ත්‍රිශුල විඤ්ඤාණ වේදයට අනුව සත්ත්ව, ශාඛ සහ ඛනිජ යන ක්‍රම වේදයන් යටතේ ස්‌වභාවික ජීවිතයකට මග කියා දී තිබියදී පැරැන්නෝ ඒ අනුව ජීවිත ගත කරමින් මහලු දිවියද සුවසේ ගත කළ බවට පුරාණ සාධක ඇත.
 
 එහෙත් අද බොහෝ තැනෙක දේශීය වෙදකම පිළිබඳ විශ්වාසය නැති වී තිබුණත් වයසත් සමඟ දර දඬු වූ අතපය දිග හැර ගැනීමට පවා නොහැකි වූ අය වෙනුවෙන් ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිකාර පුරාණ සෘෂිවරුන්ගේ පොත පතෙහි සඳහන්ව තිබීමෙන් අවබෝධ වන්නේ අතීතයේ මිනිසා වයසත් සමඟ දේශීය ඖෂධ භාවිතයට යොමුවෙමින් රෝගී වීම වළක්‌වා ගැනීමට උත්සාහයක යෙදී ඇති බවයි.
 
 අපේ පෙර රජවරු සිටුවරු හෙළ විරුවෝ ජව සම්පන්න මිනිසුන් ලෙසට රෝග ඇතිවීම වළක්‌වා ගැනීමට දේශීය ඖෂධ භාවිත කළ බවට ඕනෑ තරම් සාක්‍ෂි ඇත. ඔවුන් ඖෂධ ඔරුවල බැස සිරුරට ලබාගත් සාත්තුව කියා දෙන්නට වූ සාක්‍ෂියක්‌ ලෙසට ඖෂධ ඔරු අදත් දක්‌නට ඇත.
 
 මාසයකට වරක්‌ හෝ මාස හතර පහකට වරක්‌ හෝ කාර්ය බහුල නම් මාස හයකට හෝ අවුරුද්දකට වරක්‌වත් සර්වාංගයටම තෙල් සම්භාහනයක්‌ කර ගැනීමට හැකි නම් සැබැවින්ම එය නිරෝගී බව රැක ගැනීමට බොහෝ ඉවහල් වනු ඇත.
 
 ඉතිහාසගත සාක්‍ෂි අනුව අතීත මිනිසා දිනපතා ඖෂධීය ඔරුවල ස්‌නානය කර තිබේ. දිනපතා සිරුරේ තෙල් ආලේප කර තිබේ.
 
 තරුණ විය ඉක්‌මවීමත් සමඟ මැදි වයසට පා තැබීමේදී හෝ දේශීය ශාඛසාර, ඖෂධීය තෙල් වර්ග භාවිතයට යොමු වේ නම් අද බොහෝ දෙනෙක්‌ මහලු වයසේදී පීඩා විඳින බොහෝ රෝගවලින් මිදිය හැක.
 
 මැදි වයසේදී රෝගයක්‌ නොවූවද ඖෂධීය තෙල්, ශාඛ සාර ගුණ සිරුරට භාවිතය මගින් මහලු වයසේදී වන රෝග පීඩාදියෙන් ගැළවී ගැනීමට අද වන විට යම් පෙළඹීමක්‌ දක්‌නට ලැබීම සතුටට කරුණක්‌ බව කිව යුතුය. සැබැවින්ම මෙහිදී මතක තබා ගත යුතු වන්නේ මහලු විය යනු පැත්තකට වී අපිට ලෙඩ යෑයි කියමින් ගත කළ යුතු කාලයක්‌ නොවන බවයි.
 weda4
 * කඩුවෙල, හේවාගම
 නීල මනෝකාය
 පාරම්පරික දේශීය වෛද්‍ය
 නුවන් සූරියආරච්චි
 
 සංස්‌කරණය
 වසන්තා ශ්‍රියාකාන්ති

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Oct 2017 09:13 PM
කරනවා නම් මරු සාත්තුව ....
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
16 Oct 2017 09:46 PM
දේශීය වෙදකම නියම ආකාරයට කරනවා නම් බටහිර වෙද කමට වඩා නිවැරදි ප්‍රථිඵල ලබා ගන්න පුළුවන් . නමුත් අද හැම කෙනාම වෙදමහත්තුරු, වෙදනෝනලා වෙන්න ගිහින් ඒකත් හෑල්ලුවට ලක්වෙලා තියෙන්නේ.. ලංකාවේ දේශීය වෙදකම් ප්‍රතිකාර ලබා ගන්න පැමිණෙන ජර්මන් ජාතිකයන් බොහෝදෙනෙක් ඉන්නවා. මම දන්නා සමහර අය වසරක් පාසා ප්‍රතිකාර සඳහා ලංකාවට එනවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Oct 2017 03:45 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Oct 2017 03:46 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Oct 2017 03:46 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Oct 2017 03:46 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 57 of 137 << < 5556575859 > >>