Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 58 of 137 << < 5657585960 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 17 Oct 2017 03:47 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Oct 2017 03:51 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Oct 2017 03:57 AM නිසි රෝග පරික්ෂාවකින් ප්‍රතිකාර කළයුතු ගැස්ට්‍රයිටිස් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 17 Oct 2017 04:24 AM අපො මහ කාලකන්නි ලෙඩක් තම First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Oct 2017 06:16 PM නීරෝගී දිවියකට නීරෝගී සැලැස්මක් නීරෝගී දිවියකට, නීරෝගී ජීවන රටාවකට මෙම පියවර 10 ඔබට මහඟු රුකුලක් වනු ඇත. මුලින්ම ඔබ කළ යුතු වන්නේ, දවසේ වැඩ කටයුතු සැලැසුම් කිරීමය. දවසේ ඔබ කිරීමට සූදානම් සියලුම වැඩ සවිස්තරාත්මකව සටහන් කරන්න. එදින ඔබ කෑමට බලාපොරොත්තු වන්නේ මොනවද සටහන් කරන්න. ප්‍රධාන කෑම වේලවලට අමතරව ඔබ කෑමට බලාපොරොත්තු වන්නේ මොනවාදැයි කල්පනා කර බලන්න. ඒවාද සටහන් කර ගන්න. ඔබේ සැලැස්මට නොගැලපෙන හෝ අහිතකර හෝ ආහාර පාන ගැනීමෙන් වැළැකිය යුතුය. ක්‍රියාවන්ගෙන් ද වැළැකිය යුතුය. එසේ නොකිරීමට ඔබ ඔබටම උපදෙස් දෙන්න. සෑම දිනකම ඔබ කිරීමට සූදානම් වන සියලු දේ එසේ සැලැසුම් කළ පසු, නින්දෙන් අවදි වූ වේලාවේ සිට යළි රාත්‍රී නින්දට යනතෙක් ඔබ ඔබේ සැලැස්මට අනුව කාර්ය බහුල වනු ඇත. ඔබේ සිතේ වැඩ කරනු ඇත්තේ ද එම සැලැස්ම පමණි. එවිට, ඔබේ බර ගැන හෝ ඔබේ වෙනත් අසනීප තත්ත්වයන් ගැන හෝ මනසට වදයක් නොවනු ඇත. ඔබ වඩ වඩාත් ක්‍රියාකාරී වනු ඇත. නොකරන දේවල් හෝ කළ දේවල් ගැන යළි සිතමින් පසු තැවෙනවාට වඩා සැලැස්මකට අනුව එදිනෙදා ක්‍රියාකාරකම් සිදු කිරීම නීරෝගී දිවියකට පළමු පියවර වේවි. දෙවැනි පියවර වන්නේ, එදිනෙදා ඔබට ඇති ‘ඉලක්ක’, එසේත් නැතිනම් ඔබේ බලාපොරොත්තු සහ සිහින කෙසේ විය යුතුදැයි ලියා තැබීමය. ඔබට අමතක වී ගිය, ජීවිතේ ඔබ කළ යුතු දේ ලියා තැපිය යුතුය. සමහරවිට ඔබට ඒවා කර ගන්න අමාරු වෙන්න පුළුවනි. එසේත් නැතිනම් ඒවා විකාර යැයි ඔබට සිතෙන්නටත් පුළුවනි. ඔබ කළ යුතු වන්නේ ඒකාකාර දෛනික ජීවන රටාවෙන් මිදීමය. පවතින ජීවන රටාව අලුත් කර ගැනීම ඔබ කළ යුතුය. සමහරවිට ඔබේ සමහර බලාපොරොත්තු උදා කර ගැනීම මේ ජීවිතයේ දී කර ගැනීමට නොහැකි වේවි. එසේ වුවත්, ඒවා ලියා තැබීම ඔබ කළ යුතුය. එසේ කළ විට, ඒවා කරා ළඟා වීමට ඔබට ධෛර්යය ලැබෙනු ඇත. ඒ සඳහා ඔබේ සිත පෙළඹෙනු ඇත. තෙවැනි පියවර වන්නේ, ඔබේ අනාගත සැලැසුම්වලට මඟ පාදා දෙන එක දීර්ගකාලීන ක්‍රියාකාරකමකට අත ගැසීමය. එසේ නොකරන්නේ නම්, ඔබ සැමදා ඒකකාරී වේවි. ඒකාකාරී ජීවන රටාවෙන් මිදී, අලුත් දෙයක් එසේත් නැතිනම් වෙනස් දෙයක් ඔබ කළ යුතුයි. එසේ කටයුතු කළොත්, සතිය අවසන් වෙද්දී ඔබේ ප්‍රධාන අරමුණ කරා ටිකෙන් ටික ඔබ ළං වනු ඇත. සිවුවැනි පියවර වන්නේ, ආපසු හැරී නොබැලීමය. කිසිවක් ගැන පසුතැවෙන්නේ නැතිව ඔබ කළ යුත්තේ ඉදිරියට යෑමය. අතපසුවීම්, දුක් දොම්නස් ගෙන දෙන සිදුවීම් ගැන පසුතැවෙමින් සිටීමෙන් ඔබ වැළැකිය යුතුය. දුක්මුස් වේදනාකාරී මතකයන් ඇතිනම් ඒවා අමතක කර, සිතට මෙන්ම ගතට ද සහනයක් සතුටක් ගෙනෙන අලුත් මතකයන් ඇති කර ගත යුතුයි. ‘අයියෝ, මං එහෙම නොකර සිටියා නම්’ ‘ඇයි මං එහෙම කළේ’ ආදී ප්‍රශ්න අසන්න යන්න එපා. එවැනි ප්‍රශ්න අසමින් මනසට වද දෙන්න එපා. මඟ හැරුණු සියල්ල අමතක කර, ජීවිතේ අර්ථවත් කර ගත යුතුය. රැකියාව දියුණු කර ගන්නේ කෙසේද ? සැමියාට හොඳ බිරියක, බිරියට හොඳ සැමියකු වන්නේ කෙසේදැයි සිතිය යුතුයි. ඔබ ඔබේ අරමුණු කරා යා යුතුයි. ඊයේ දිනය ඔබට අමිහිරි වුවත් අද හෙට දිනය සොදුරු දිනයක් බවට පත් කර ගැනීම කළ හැක්කේ අන් කිසිවකුට නොව, ඔබටම පමණි. පස්වැනි පියවර වන්නේ, හේතු ඉදිරිපත් කිරීමෙන් වැළැකීමය. අපට අපේ අරමුණු කරා යෑමේදී බාධා එල්ල වෙයි. එම බාධාවලට හේතු ඉදිරිපත් නොකර බාධක ජය ගැනීම ඔබ කළ යුතුය. එම බාධා ඔබේ ජීවිත ගමනට හේතුවක්, එසේත් නැතිනම් සමාව දිය හැකි කරුණක් නොකර ගත යුතුයි. බාධක එකිනෙක ජය ගනිද්දී, ඔබ තව තවත් ශක්තිමත් වනු ඇත. නීරෝගී ජීවන රටාවකට අවශ්‍ය වන සය වැනි පියවර වන්නේ, ඔබ කරන කියන හැමදේකම වගකීම ඔබ බාර ගැනීමය. ඔබට සිදුවන දේවල් සම්බන්ධයෙන් වරද වෙන අයට පැටවිය යුතු නැත. වෙන අයට දොස් පැවැරිය යුතු වන්නේ ද නැත. ඔබ සම්බන්ධයෙන් කරන කියන සහ සිදුවන සියලුම දේට වගකිව යුත්තේ ඔබම පමණි. එහෙයින්, දෛනික සැලැස්මකට ඔබ කටයුතු කළ යුතු වෙයි. දිනපතා ව්‍යායාම ගත යුතුය. ඔබේ ජීවිතය ක්‍රිකට් ක්‍රීඩාවක් යැයි සිතන්න, එහිදී ඔබ සිටින්නේ ප්‍රේක්ෂකාගාරයේ හෝ ඔල්වරසන් දෙන්නන් අතරේ හෝ නොවේ. පුහුණුකරු ඔබ නොවේ. ඔබයි පිටිය මැද සිටින පිතිකරු හෝ පන්දු යවන්නා. ඔබ ඔබට ඕනෑ විදියට ක්‍රීඩාව වෙනස් කර ජය ගත යුතුයි. කරන කියන හැමදේකම වගකීම බාර ගනිමින් යන්න ඉදිරියට. සත්වැනි පියවර වන්නේ, ඔබට ඔබේ අරමුණු කරා යන ගමනේදී එල්ල වන බාධා සහ බාධා කරන්නන් මඟ හැරීමය. එම බාධා තේරුම් ගන්න. බාධා කරන පුද්ගලයන් හඳුනා ගන්න. උදෑසන නීරෝගී ආහාර වේල අමතක කර කඩචෝරු කෑමෙක් වළකින්න. එසේ නොකරන්නැයි ඔබ ඔබටම විධානයක් දෙන්න. නීරෝගී ජීවන රටාවකට අවශ්‍ය විදියට ඔබ ජීවත් විය යුතුයි. ඔබ රේස් අශ්වයකු යැයි සිතන්න. රේස් අශ්වයකුට ඇස් ආවරන පළදවන්නේ අවට කිසි දෙයක් නොපෙනී, ඉදිරිය පමණක් පෙනෙන ලෙසිනි. ඔබත් ඉදිරිය පමණක් බලන්න, ඔබේ අරමුණු කරා යන ගමනේ දී, වටපිට නොබලන්න. එසේ යද්දී ඔබට සුළු සිත් තැවුල් ඇතිවේවි. අපහසුතා ඇතිවේවි. එහෙත් හෙට දවස යහපත් වේවි. ඔබ ඔබටම ස්තුති කර ගනු ඇත. අට වැනි පියවර නම්, අනාගතය ගැන සිතීමයි. සිතන්න අදින් තව වසර 20 කින් ඔබ කොතැන සිටීවි ද ? කොහොම කෙනෙක් වේවිද ? වසර 20 කින් ඔබ මහල්ලකු වී සිටීවි. අරමුණු කරා ගොස් ඒවා ඉටු කරගත් කෙනෙකු ලෙස ඔබට ඔබ දැකිය හැකිදැයි සිතා බලන්න. ඒ අනුව ඉදිරියට යන්න උත්සහ ගත යුතුය. නව වැනි පියවර වන්නේ, ඔබ ළං කර ගත යුත්තේ ඔබ මෙන් ධනාත්මක දැක්මක් ඇති පුද්ගලයන්ය. ඔබ ස්ථුල පුද්ගලයකු නම්, ඔබ සමීපව ඇසුරු කර ගත යුත්තේ, ඔබට ඔබේ අධි බර අඩු කර ගැනීමට උපදෙස් දෙන සහ සහාය දෙන අවංක පුද්ගලන් පමණි. ‘අයියෝ මොනවා කරත් බර අඩු කර ගන්න බැහැ’ යැයි මැසිවිල නගන මිතුරන් ඇසුරු කිරීමෙන් වැළකිය යුතුය. ධනාත්මක චිත්තනය ඇති ඔබට නිවැරදි උපදෙස් ලබා දෙන මිතුරු මිතුරියන් පමණක් නොව, නෑදෑයින් පවා ඔබ ඇසුරු කළ යුතුය. ඔබේ අරමුණුවලට සමාන අරමුණු ඇති අය ඇසුරු කිරීමෙන් ඔබට ඔබේ අරමුණු වෙත යෑමට ශක්තිය සහ ධෛර්යය වැඩි වැඩියෙන් ලැබෙනු ඇත. එවැනි පුද්ගලයන් ඇසුරු කරන්න, එකිනෙකාට උදවු කර ගන්න. දස වැනි පියවර වන්නේ, ව්‍යායාමවලට ආදරේ කිරීමය. ව්‍යායාම කිරීම සතුටින් කළ යුතු දෙයකි. එය මනසට හෝ සිරුරට වදයක් හෝ කරදරයක් හෝ නොවිය යුතුය. මානසික සංවර්ධනය ද එසේමය. ව්‍යායාම නොකර සිටීමට හේතු ඇති කර ගත යුතු නැත. උදෑසන හෝ සැවන්දෑවේ ඇවිදීමට ඔබ ප්‍රිය කරන තැනක් තෝරා ගැනීම කළ යුතුය. සුන්දර නැවුම් වාතයෙන් පිරිසරයක් ඒ සඳහා තෝරා ගත යුතුය. එසේ ඇවිදින විටදී, ව්‍යායාම සඳහා ඇවිදිනවා යැයි සිතන්න. වටපිට බලමින් නොයන්න. ඇවිදීම පමණක් නොව, ක්‍රීඩා කරන්න, ඇරොබික්ස් සහ යෝග ව්‍යායාම ද ඔබ නිරෝගීව තැබීමට උපකාරී වෙයි. ඔබ නර්තනයේ යෙදෙන්නකු නම්, ගෙවතු අලංකරණය කරන්නකු නම්, වත්තේ වැඩපල කරන්නකු නම් එය ද ව්‍යායාමයක් වනු ඇත. ව්‍යායාම කිරීමට නොහැකි නම්, පා පැදියක් භාවිතා කරන්න. එවිට ඔබට ව්‍යායාම උපකරණ අවශ්‍ය වන්නේ ද නැත. ඔබට සතුට ගෙන දෙන විදියේ, ක්‍රියාකාරකම් තෝරා ගැනීම ඔබ කළ යුතුවෙයි. අවසන් වශයෙන්, නීරෝගී ජීවන රටාවකට අවශ්‍ය අමතර කාරණාවක් වන්නේ, ඔබට කළ හැක්කේ දැනට ඔබ කරන ප්‍රමාණය පමණක් යැයි කිසිම විටෙක සිතන්න යන්න එපා. ඔබට කළ හැකි දේ බොහොමයි. ඔබට බැරි දෙයක් නැතැයි යන සිතුවිල්ල සහ අධිෂ්ඨානය පමණක් ඔබට ප්‍රමාණවත් වෙයි. නීරෝගී ජීවන රටාවක් සඳහා ඔබ සකස් කරන මඟ එළිපෙහෙළි කර දීමට එම අධිෂ්ඨානයට හැකි වනු ඇත. ඔබ අවංකවම ඒ ගැන සිතන්න, එවිට ඔබට කරන්න බැරි දෙයක් නැත. ළඟා වීමට බැරි තැනක් නැත. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 17 Oct 2017 06:55 PM සැලස්මවල් නම් හොදා නමුත් මෙවා ක්‍රියාත්මක කරන්න ගියහම අතම ප්‍රශන First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 hasithadSuper Senior MemberPosts:5795 18 Oct 2017 06:32 AM ජීවිතයට වටිනා ඔවදන්....අමාරු වුනත් මේ දෙයින් සාර්තක ප්‍රතිපල නියතයි. 0 chamaramindMost Senior MemberPosts:13471 18 Oct 2017 06:45 PM මද්‍යසාර ඔබගේ ශරීරය දුර්වල කරයි මද්‍යසාර වලින් මොළයට ඇතිකරන බලපෑමේ ප්‍රතිඵලයක් වශයෙන් වැරදි විනිශ්චය, තරහ යැම, අනිසි භය, කතාවේ පැටලිලි සහගත බව, පෙනීමේ (දෘෂ්ටියේ) අපහැදිලි ගතිය, ප්‍රතික්‍රියා දැක්වීමේ ප්‍රමාදය වැනි මානසික ගැටලු ඇතිවේ. තවද සැලසුම් කිරීම, තීරණ ගැනීම සහ ආවේග පාලනය ද දුර්වල කරයි. මද්‍යසාර භාවිතය නිසා අක්මාව, ගලනාළය, උගුර, ස්වරාලය, ආමාශය, බඩවැල් හා සම්බන්ධ පිළිකා ඇතුළු වෙනත් පිළිකා බොහොමයක් ඇතිවිය හැකි අතර අක්මාවට හා හෘද වස්තුවට ද හානි ඇති කරයි. ගැබිනි කාලයේ මද්‍යසාර භාවිතය නිසා උපදින දරුවාගේ විකෘතිතා/ආබාධ ඇති කරයි. යොවුන් වියේදී මොළයේ ශීඝ්‍රව වර්ධනයක් සිදුවන හෙයින් එම වයසේදී මද්‍යසාර භාවිතය නිසා සිදුවන හානිය දීර්ඝ කාලීන වන අතර එය යථා තත්ත්වයට පත්කළ නොහැකිය. ඇබ්බැහිවීම යමකු මද්‍යසාර දිගින් දිගටම භාවිත කරන විට, එම පුද්ගලයා තුළ එයට දැඩි ඇල්මක් ඇතිවන අතර භාවිත කරන ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් වැඩිකිරීමට පෙළඹේ. මෙය මානසික හා කායික ඇබ්බැහිවීම දක්වා වර්ධනය වේ. මද්‍යසාරවලට ඇබ්බැහි වූ පුද්ගලයාගේ රුධිරයේ මද්‍යසාර ප්‍රමාණය අඩුවන විට ඇඟේ අපහසු ගතිය, දැඩි වේදනාව, මස් පිඩු පෙරළීම සහ ඇඟිලි වෙව්ලීම ඇතිවේ. මෙය විරාමණ අවස්ථාව යනුවෙන් හැඳින්වේ. මෙම විරාමණ ලක්ෂණ වලින් මිදීමට මද්‍යසාර වැඩි වැඩියෙන් පානය කිරීමට පෙළඹී, මද්‍යසාර නොමැතිව සිටිය නොහැකි තත්ත්වයකට පත්වේ. ඇබ්බැහිවීමට බලපාන සාධක යොවුන් වියේදී මද්‍යසාර භාවිතය පටන් ගැනීම දුර්වල පෞරුෂත්වය මානසික ගැටලු/රෝග ජීවන කුසලතා අඩුකම කායික දුර්වලතා/රෝග පෝෂණ ඌණතා මද්‍යසාර වලට ඇබ්බැහිවූවන් සඳහා ප්‍රතිකාරාත්මක සහ පුනරුත්ථාපන සේවාවන් ( 1. රජයේ රෝහල්වල පවතින මානසික සෞඛ්‍ය සායන සහ මද්‍යසාර පුනරුත්ථාපන ඒකක. 2. ප්‍රජා පුනරුත්ථාපන සේවාවන්. 3. රාජ්‍ය නොවන සංවිධානවල ඇති උපදේශන මධ්‍යස්ථාන ඔබට කළ හැකි දේ * මද්‍යසාර භාවිතයෙන් වැළකී සිටීමට ස්ථිරව අධිෂ්ඨානය කරගන්න. * වෙනත් පුද්ගලයකු ඔබව මද්‍යසාර භාවිතයට පෙගළඹවීමට උත්සාහ කරන විට 0 එය එඩිතරව ප්‍රතික්ෂේප කරන්න. * ඔබගේ ගැටලු සහ හැඟීම් දෙමාපියන්, ගුරුවරුන්, වැඩිහිටියන් සහ ආගමික නායකයන් සමඟ සාකච්ඡා කරන්න. * ඔබගේ මිතුරන් මද්‍යසාර භාවිතයෙන් වළක්වා ගන්න. මද්‍යසාරවල ඇති අනතුරුදායක බව යහළුවන්ට කියා දෙන්න. * භාවනා කිරීම වැනි මනස නිරෝගී කරන ක්‍රියාකාරකම්වල යෙදෙන්න. * පෝෂ්‍යදායි සමබල ආහාර ගන්න. * ක්‍රීඩා කිරීම, මිහිරි සංගීතයට ඇහුම්කන්දීම, පොත්පත් කියවීම, සමාජ සේවා කටයුතු කිරීම වැනි ක්‍රියාකාරකම්වල නියෑලෙන්න. * පෞරුෂත්වය වර්ධනය කරගත හැකි ක්‍රියාකාරකම් කරන්න. * මානසික රෝග සහ කායික රෝග සඳහා ඉක්මනින් ප්‍රතිකාර ගන්න. මද්‍යසාර හා බැඳුණු මිත්‍යා මත 1. වැරදි මතය ( මද්‍යසාර සිරුර ප්‍රාණවත් කරන උත්තේජකයකි නිවැරදි තතු (- මද්‍යසාර මඟින් ස්නායු පද්ධතියට හානි ඇති කරයි. පළමුව නිවැරදි විනිශ්චය සහ තීරණ ගැනීමේ හැකියාව දුර්වල කරයි. ඉන්පසු සමායෝජනයේ අඩුවීමක් ඇති කරයි (තමාව පාලනය කරගත නොහැකි තත්ත්වය) ඉතා වැඩි ප්‍රමාණයකින් මද්‍යසාර භාවිතය නිසා ස්නායු පද්ධතියට ඇතිවන බලපෑම හේතුවෙන් හුස්ම ගැනීම සහ හෘද ස්පන්දනය පවා නැවතිය හැකිය. 2. වැරදි මතය : සිත සැහැල්ලු වීමට සහ ඇඟේ අමාරු අඩුකර ගැනීමට මද්‍යසාර භාවිතය කදිම මාර්ගයකි. නිවැරදි තතු : මද්‍යසාර භාවිතයේදී සැහැල්ලු බවක් දැනෙයි කියා සිතුනද සැබැවින්ම සිරුරට වැඩි අපහසුතාවක් ඇතිකරනු ලබයි. 3. වැරදි මතය : සැර මද්‍යසාර වර්ග ගැනීමෙන් බියර් හා වයින් වැනි වර්ගවලට වඩා ඉතා ඉක්මනින් මත්වේ. නිවැරදි තතු : මද්‍යසාර යනු මද්‍යසාරමය, වැඩි ප්‍රමාණවලින් ගත් කල බියර් සහ වයින් වලත්, අරක්කු, විස්කි වැනි සැර මත්පැන් වර්ග වලත් සම ප්‍රමාණවලින් (මට්ටමෙන්) මද්‍යසාර පවතින බැවින් එකම ප්‍රමාණයට මත්වේ. 4. වැරදි මතය : කෙනකු වැඩිපුර මද්‍යසාර පානය කිරීම නිසා සිහි මුර්ජා වුවහොත් ඔහුට නිදාගැනීමට සැලැස්විය යුතුයි. නිවැරදි තතු : යම් කෙනකු වැඩිපුර මද්‍යසාර පානය කිරීම නිසා සිහි මුර්ජා වුවහොත් ඔහුට කළ හැකි බරපතළම හානිය නම් කිසිවකුගේ අවධානය යොමු නොවන තැනකට රැගෙන ගොස් නිදාගැනීමට සැලැස්වීමය. එම මද්‍යසාර ප්‍රමාණය ඔහුගේ දිවි තොර කිරීමට තරම් ප්‍රමාණවත් වන බැවින් ඔහුව හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම ඉතා වැදගත්ය. 5. වැරදි මතය : මද්‍යසාර ලිංගික ක්‍රියාකාරීත්වය වැඩි කරයි. නිවැරදි තතු : මද්‍යසාර වලින් ලිංගික හැඟීම් ඇති වුව ද ලිංගික ක්‍රියාකාරකම් වලට ඇති හැකියාව අඩුකරයි. මද්‍යසාර අපගේ කිසිදු ප්‍රශ්නයකට විසඳුමක් නොවේ. එය තවත් ෙ€දවාචකයට මුල පිරීමක් පමණි. ඔබගේ ජීවිතය ඉතා අගනේය එයට ඉහළම වටිනාකමක් දෙන්න. බුද්ධිමත්ව සිතන්න, වගකීමෙන් ක්‍රියා කරන්න · මානසික සෞඛ්‍ය ඒකකය සෞඛ්‍ය අමාත්‍යංශය සංස්කරණය - ඒමන්ති මාරඹේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 Oct 2017 06:58 PM මළ බද්ධය වධයක් ද? නිරෝගි දිවියක් සඳහා බත් අඩුවෙන් කමු - එළවලු / පලතුරු වැඩියෙන් ආහාරයට ගනිමු - මළ බද්ධය සමහර පුද්ගලයින් විවිධ හේතූන් මත අත්විඳින ඉතා අසහනකාරී තත්ත්වයකි. නිසි පරිදි නිතිපතා පහසුවෙන් මළපහ පිට නොවේ නම් එම අපද්‍රව්‍ය ආහාර මාර්ගයේ අවසන් කොටස්, එනම් ගුද මාර්ගය සහ මහාන්ත්‍රයේ අවසන් කොටස තුළ එක් රැස්වීම නිසා මෙම තත්ත්වය ඇතිවේ. එහිදී සිරුරට මෙම මළවල අඩංගු ජලය විශාල ප්‍රමාණයක් සිරුරට නැවත අවශෝෂණය කරගැනීම හේතුවෙන් මළ අපද්‍රව්‍ය තද සහ වියළි බවට පත්වේ. ඒ නිසාම ඉන්පසු ඒවා සිරුරින් පිටකිරීම තවත් අපහසු වේ. සමහර විට එලෙස වියළි මළපහ තැටමීම මගින් අපහසුවෙන් පිටකිරීම නිසා ගුදයේ පටක ඉරීයැමක් සිදුවිය හැක. එවිට අධික වේදනාවක් සමඟින් රුධිරය පිටවීමක් සිදුවීම හේතුවෙන් ඉන්පසු එම පුද්ගලයා අවශ්‍යතාව තිබුණත් මළපහ නොකර සිටීම නිසා එම මළ තවදුරටත් වියළී මළ බද්ධය තවදුරටත් තීව්ර කරයි. මෙම තත්ත්වය ඇතිවීමට වැඩිපුර අවදානමක් ඇති පිරිස ලෙස, වැඩිහිටියන්, කාන්තාවන්, විජලනයට පත්වූවන්, කෙඳි අඩු ආහාර අනුභව කරන්නන් සහ ශාරීරික ව්‍යායාම අඩු පුද්ගලයින් දැක්විය හැකිය. මීට අමතරව සමහර වේදනා නාශක, මානසික රෝග සඳහා ගන්නා සමහර ඖෂධ, අධික රුධිර පීඩනය සඳහා ගන්නා සමහර ඖෂධ හේතුවෙන් ද 'ගැස්ට්‍රයිටිස්' රෝගයට භාවිත කරන ඇලුමිනියම් සහ කැල්සියම් අඩංගු ප්රතිආම්ලික ඖෂධ සහ යකඩ සහිත ඖෂධ මගින් ද මළ බද්ධය ඇතිවිය හැකිය. තේ, කෝපි වැනි 'කැෆේන්' අඩංගු ආහාර, පැණිබීම, මෙන්ම මත්පැන් පානය කිරීම මගින් ද සිරුරේ ජලය වැඩිපුර කිරීමක් සිදුවන නිසා ද මෙවන් තත්ත්වයක් ඇතිවිය හැකිය. මළබද්ධය සෑදීම ශාරීරික හේතූන් රාශියක් හේතුවෙන් සිදුවේ. ආහාර මාර්ගයේ සිදුවන්න අවහිරතා මෙම තත්ත්වය ඇති කිරීමට ප්‍රධාන වශයෙන් හේතුවේ. පෙර කී පරිදි ගුද මාර්ගයේ ඉරීම් තුවාල ඇතිවීම ඉන් එක් හේතුවකි. ආහාර මාර්ගයේ විශාල ලෙස පණුවන් සිරවීම, කෙඳි සහිත ආහාරයක් වැඩිපුර ආහාරයට ගෙන ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම හේතුවෙන් ද මෙවන් තත්ත්වයක් ඇතිවිය හැකිය. ආහාර මාර්ගයේ අවහිරවීමක් ඇතිවිට වමනය, ඔක්කාරය, උදරයේ වේදනාව වැනි රෝග ලක්ෂණ ද ඇතිවේ. මහාන්ත්‍රයේ ඇතිවන පිළිකා, ගුද මාර්ගයේ පිළිකා ද මෙවන් අවහිරවීම් ඇතිකරනු ලබයි. එවිට මළ සමඟ රුධිරය පිටවීමක් ද බොහෝ විට දක්නට ලැබේ. ආහාර මාර්ගය මත සිරුර අභ්‍යන්තරයේ උදරය කොටසේ ඇතිවන වර්ධනයන් එනම් ගර්භාෂ පිළිකා, මූත්‍රාශ පිළිකා වැනි තත්ත්වයන් මෙන්ම ගර්භණී වීම නිසා ගර්භාෂය විශාල වීම හේතුවෙන් ද ආහාර මාර්ගයේ පහළ කොටස් අවහිරවීම සිදුවිය හැකිය. මීට අමතරව සමහර කාන්තාවන්ගේ යෝනි මාර්ගය තුළට ගුදමාර්ගය කිඳාබැසීම මගින් ද හර්නියා රෝග තත්ත්වයේදී ද මෙලෙස ආහාර මාර්ගයේ අවහිරවීමක් සිදුවිය හැකිය. බඩවැල තුළ ඇතිවන සමහර රෝග තත්ත්වයන් හේතුවෙන් ඒ තුළ තුවාල කැළල් ඇතිවීමත් එමගින් බඩවැලේ කුහරය කුඩාවීමත් සිදුවිය හැක. එමෙන්ම බඩවැල් ගැටගැසීමත් ආහාර මාර්ගයේ අවහිරතා ඇතිකරනු ලබයි. මීට අමතරව බඩවැල ආශ්‍රිතව සිදුකරන ශල්‍යකර්ම වලින් පසුවත් ආහාර මාර්ගයේ ජීර්ණය වූ ආහාර ගමන් කිරීම අඩාල වීම සිදුවිය හැකිය. ගුදමාර්ගය ආශ්රිත මාංශපේශිවල ක්රියාකාරීත්වයේ දෝෂයන් මෙන්ම මළ පිටකිරීමට අවශ්‍ය වන ශ්‍රොaණි කුහරය තුළ ඇති මාංශපේශීවල දුර්වලතාවන් ද මෙම තත්ත්වය ඇතිකරනු ලැබේ. සිරුරේ ඇතිවන සමහර රෝග තත්ත්වයන් ද රෝග ලක්ෂණයක් ලෙස මළ බද්ධය ඇතිකරනු ලැබේ. ස්වයං සාධක ස්නායු පද්ධතියේ රෝග තත්ත්වයන්, පාකින්සන් රෝගය, මල්ටිපල් ස්කෙලෙරොසිස් නම් රෝගය, ආඝාතය, සුසුම්නාවට හානි සිදුවීම මෙන්ම මානසික ආතතිය, අවපීඩනය වැනි තත්ත්වයන් මීට උදාහරණ ලෙස දැක්විය හැකිය. සිරුරේ සමහර හෝමෝනවල ඇතිවන වෙනස්කම් හේතුවෙන් ද මෙම තත්ත්වය ඇතිකරනු ලැබේ. දියවැඩියාව, පැරාතයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩාලවීම, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩාලවීම වැනි රෝග තත්ත්වයන් වලදී හෝමෝනවල සිදුවෙන ඌනතාවන් නිසා සිරුරේ සමායෝජනය බිඳවැටීම හේතුවෙන් ද ගර්භණී බවට පත්වීම නිසා සිදුවන හෝමෝන වෙනස්වීම නිසා ද මෙලෙසින් මළ බද්ධය ඇතිවේ. මෙම තත්ත්වය දිගටම පැවතීම නිසා ගුද මාර්ගය අවට පටක ඉරීයැම, අර්ශස් රෝගය, මළ ද්‍රව්‍ය ගුද මාර්ගය තුළ සිරවීම මෙන්ම ගුද මාර්ගය පහත් වී එළියට නෙරා ඒමත් සිදුවිය හැකිය. කෙසේ වෙතත් ප්‍රමාණවත්ව කෙඳි සහිත ආහාර, පලතුරු ආහාරයට ගනු ලැබුව ද ජලය ප්‍රමාණවත්ව පානය කර නිසි පරිදි සිරුර ක්‍රීයාකාරීව පවත්වාගත්ත ද ඔබ මළපහ කිරීමේ අපහසුතාවකින් පෙළෙන්නේ නම් වහාම වෛද්‍ය පරීක්ෂාවකට යොමුවීම වඩාත් සුදුසු වේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 18 Oct 2017 08:36 PM වදයක්දත් අහනවා ....??? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 RosiSuper Senior MemberPosts:5335 19 Oct 2017 01:16 PM වතුර තමා ඉතින් කොයි දේටත් හොදම බෙහෙත ..ස්තුති මල්ලි 0 hasithadSuper Senior MemberPosts:5795 20 Oct 2017 09:07 AM ඇත්ත තමයි අක්කේ. පොඩි බබාලටත් ටොයිලට් යනවා හොර වුනාම අම්මලා වුනත් කියන්නේ වතුර වැඩිපුර බොන්න දෙන්න කියලා තමයි. හැබැයි කතාව හරි. 0 chamaramindMost Senior MemberPosts:13471 20 Oct 2017 06:45 PM ගෙරවීම ලෙඩක්ද? ඔබත් නින්දෙන් ගොරවන්නෙක්ද? නැත්නම් තමන්ගේ සහකාරයා සහකාරියගේ ගෙරැවිල්ලෙන් නිදි නැති රාත්‍රියකට හිමිකම් කියන්නෙක්ද? නින්දෙන් ගෙරැවීමට හේතුවන කාරණා ගැනයි මේ. ගෙරැවිල්ලට හේතුවන්නේ උගුරේ ඉහිල් වූ මාංශ පඨක ඔබ හුස්ම ගන්නා විට කම්පනයට පත්වීමයි. මේ සඳහා ඔබේ මුඛයේ අභ්‍යන්තර ස්වභාවික හැඩය, ශරීර සෞඛ්‍ය තත්ත්වය, ශරීර බර වගේ බොහෝ කාරණා බලපානවා. නාසයෙන් හුස්මගැනීම වළක්වන ඕනෑම කාරණයක් ගෙරවීමට හේතුවක් වෙනවා. සෙම්ප්‍රතිශ්‍යාව, නාසයේ මස්දලු වැඩීම ඒ වගේ හේතු. නමුත් මේ තත්ත්වය දිගටම පවතිනවා නම් වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුයි. • නිදාගන්නා පැත්ත උඩු අතට නිදාගන්නා විට මේ තත්ත්වය වැඩියි. මේ නිසා නිදාගන්නා ඉරිව්ව වෙනස් කළ යුතුයි. • නාස් සිදුර ඊළඟට නාසයේ නාස්පුඩුවල හැඩයත් ගෙරවිල්ලට බලපානවා. එක් නාස් සිදුරක් අනෙකට වඩා කුඩාවීම තමයි ප්‍රධාන හේතුව. • මුඛ කුහරයේ හැඩය මුඛයේ හැඩයත් ගෙරැවිල්ලට බලපානවා. නාසයත් මුඛයත් වෙන්කරන උඩුහනුව සම්බන්ධ මුඛයේ ඉහළ කාටිලේජ කොටස පහත්ව තදට පිහිටා ඇතිනම් වාතය ගමන් ගන්නා මාර්ගය අවහිර විය හැකියි. උපතින් මේ තත්ත්වය ආවත් දේහබර වැඩි වනවිට මේ තත්ත්වය තවත් ඉහළ යයි. මෙවිට බර අඩු කරගන්නට ක්‍රියාකරනවා වගේම එයින් ප්‍රතිඵලයක් නොවේ නම් ශල්‍යකර්මයක් කරා යන එක හොඳයි. • සමහර ඖෂධ සමහර ඖෂධ නිසාත් උගුර ආශ්රිත පේශි ඉහිල් වී ගෙරවිලි සද්ද පිටවෙනවා. ආතතිය වළක්වන සහ සමනකාරක ඖෂධ බොහෝවිට මෙයට හේතුවක්. වෛද්‍ය උපදෙස් මත එබඳු ඖෂධ වෙනස් කළ යුතුයි. උදේ නැගිටින විට උගුර කට වියලී ගොස් ඇති ස්වභාවයක් දැනෙනවා නම්, කෙඩෙත්තු ගතිය සහ තවමත් නිදිමත ගතිය දැනෙනවානම් වෛද්‍යවරයකු හමුවී උපදෙස් ලබාගත යුතුයි. එයින් හැඟෙන්නේ නිසි පරිදි හුස්ම ගැනීම සිදුවී නැති බවයි. එවිටත් ගෙරවීම සිදුවෙනවා. මේ තත්ත්වය දිගටම තිබුෙණාත් ඔක්සිජන් අඩු වීම නිසා මරණීය අවදානමක් ඇතිවිය හැකියි. මේ නිසා වෛද්‍ය ප්‍රතිකාර ලද යුතුයි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Oct 2017 06:49 PM ඉක්මන් කෝපය දරුණු අසනීපයක් ජීවිතය සුන්දර නෑ. ජීවිතය කිසිවකුට රෝස මල් යහනාවක් වෙන්නෙත් නැත. අපි බලාපොරොත්තු වන සියලු දේ අපට ලැබෙන්නේත් නැත. දුක, සැප, සොම්නස, දොම්නස ඇතුළු මේ සියලු හැඟීම්වලින් ජීවිතය පිරිලයි තියෙන්නෙ. කිසිවෙකුටත් මේ අත්දැකීම්වලින් පලා යන්න බැහැ. ඒවාට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒක තමයි යථාර්ථය. අපිට අවශ්‍ය වෙන්නෙ මේ යථාර්ථයට මුහුණ දෙන්න නිසි ලෙස පුවුණු වුණ ශක්තිමත් පෞරුෂයක්. මේ පෞරුෂය ඔබට ගොඩනඟාගන්න පුළුවන් ළමා කාලයේදී පමණයි. ගෙදර පරිසරය පාසල ඔබ ජීවත් වන සමාජය මේ සඳහා විශාල බලපෑමක් ඇති කරනවා. නුවන් අපට හමුවුණ වියරු වැටුන මිනිසෙක්. ඔහු සායනයට පැමිණියේ ඔහුගේ බිරිඳත් සමඟයි. බිරිඳගේ දකුණු අතට දමන ලද ප්ලාස්ටරය පෙන්නුම් කළේ අතේ යම් අස්ථි බිඳීමක් සිදුවී ඇති බවයි. නුවන්ගෙන් ඇසූ පළවෙනිම ප්රශ්නය. “මොකද මේ නෝනගෙ අත කැඩුණෙ.” “තරහ ගිහිල්ලා මම ගැහුව්වා.” නුවන් මෙහෙම කියන විට ඔහුගේ මුහුණ දැඩි ලජ්ජාව සහ දුක මිශ්‍ර වුණ ස්භාවයක් පෙන්නුම් කරා. නුවන් ඔහුගෙ කතාව මෙහෙම පටන් ගත්තා. “මම හොඳට ඉගෙන ගත්තා. මට පරිගණක පිළිබඳ උපාධියකුත් තියනවා. මම හොඳ රස්සාවකුත් කරනවා. ආර්ථික වශයෙන් මම කිසිම අපහසුතාවක් නැහැ. ඒත් මම සතුටින් ඉන්න කෙනෙක් නෙවෙයි. මගේ මුළු ජීවිතයම කඩා වැටිලා. මට තියන එකම ගැටලුව පාලනය කර ගත නොහැකි ක්ෂණික කෝපය. මේ කෝපය හරිම භයානකයි. මට තරහා එන්නේ හිතලා, Plan කරලා නෙවෙයි එක පාරටම. ඒ වෙලාවට මොනා වෙයිද මොනව කිරයි ද කියලා හිතාගන්න බැහැ. මේ හැසිරීම නිසා මම Wifeට ගහපු වාර ගාන අනන්තයි. Phone 5ක් පමණ පොළවේ ගහලා තියනවා. දවසක් Office එකේ යාළුවෙකුටත් මම ගැහැව්වා. තව පොඩ්ඩෙන් රස්සාවත් නැති වෙලා යනවා. මගෙ දරුවගෙ වයස අවුරුදු 4යි. ඔහු මේ හැම දේම දකිනවා. දරුවා මගේ ළඟට එන්නත් බයයි. මගේ ගෙදර පරිසරය දරුවගෙ අනාගතයට කෙසේ බලපාවිද කියලා හිතා ගන්නත් බැහැ.” අපි නුවන්ගේ ළමා කාලය ගැන විමසුවා. “මගේ පියා ව්‍යාපාරිකයෙක්. ඔහු මත් පැනට ගොදුරු වුණු කෙනෙක්. සතියකට දවස් දෙක තුනකට වඩා ඔහු හොඳටම බොනවා. බීවට පස්සේ ඔහුගෙ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතා කුඩා දේටත් තරහ යනවා. බොහෝ විට අපේ අම්මාට ගහනවා. මගෙ පුංචි කාලේ ගෙවුණේ මෙහෙම අසුන්දර පරිසරයක. සතුටට වඩා මට දැනුනේ දුක සහ බය. හවසට තාත්තා ගෙදර එනවිටත් මට දැනෙන්නේ පුදුම බයක්. මේ දුක සහ බය සමඟ මම අසාමාන්‍ය ලෙස තරහ යන ලජ්ජාශීලී පුද්ගලයෙක් බවට පත් වුණා. අද මම මේ විඳවන්නනේ ඒ අත්දැකීම් ද කියලත් මට හිතෙනවා.” මනෝ වෛද්‍ය විද්‍යාව අනුව නුවන්ගේ ජීවිතය අධ්‍යනය කිරීමේදී ඔහු විශේෂ මානසික රෝගී තත්ත්වයකට ගොදුරු වී ඇති බව පේනවා. මෙම රෝගී තත්ත්වයේ ප්‍රධානම ලක්ෂණයනම් “ක්ෂණික ඇතිවන අසාමාන්‍ය කෝපයයි. Intermittent Explosive Behevior” මෙය සැලසුම් සහගතව සිදු නොවේ. මෙය බොහෝ විට කෝප වීමට තරම් නොවන ඉතාම කුඩා සිද්ධියක් අරබයා සිදුවේ. පාලනය කරගත නොහැකි මෙම කෝපය විනාඩි 10ක් 15ක් වැනි කාලයකට පසු ඉබේම නැති වී යයි. සිදුවිය හැකි හානිය අති විශාලය. දික්කසාද වීම, රැකියා අහිමි වීම, සමාජයෙන් කොන්වීම, දරුණු ලෙස තුවාල වීම් සහ තම දරුවන් නොයෙකුත් මානසික රෝගී තත්ත්වයන්ට ගොදුරු වීම්. විද්‍යාත්මක සමීක්ෂණවලින් මීට හේතු රාශියක් පෙන්වා දී ඇත. • මවුපියන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් නිසා දරුවන් මානසික අපයෝජණයට ගොදුරු වීම. මෙහිදී නුවන්ගේ පියාගේ හැසිරීම සමඟ නුවන්ට ඇතිවන බලපෑම පැහැදිලිය. • “සෙරොටනීන්” යනු මොළයේ සතුට ගෙනදෙන රසායන ද්‍රව්‍යයි. මෙය හැඟීම් පාලනයට ඉතාම වැදගත් රසායන ද්‍රව්‍යකි. මෙම රසායන ද්‍රව්‍යයේ වෙනස් වීම් ප්රචණ්ඩ හැසිරීමට බලපාන බවද සමීක්ෂණවලින් පෙනී යයි. • මොළයේ ඉදිරි කොටසේ ග්ලූකෝස් ප්‍රමාණයේ ඇති වන වෙනස් වීම්ද මෙම හැසිරීමට බලපාන බව සමීක්ෂණවලින් සොයාගෙන ඇත. • සමහර වර්ණ දේහවල ඇතිවන විකෘතීන් ද ප්‍රචණ්ඩකාරී හැසිරීම්වලට හේතුවන බව තහවුරු වී ඇත. මෙම අසාමාන්‍ය කෝපයට සාර්ථක ප්‍රතිකාර ඇත. එනම් ඖෂධ ප්‍රතිකාර සහ උපදේශනයයි. ප්‍රතිකාරවලට යොමුවූ නුවන් මේ වනවිට ඔහුගේ තරහ පාලනය කරගත හැකි මට්ටමකට පැමිණ ඇත. දරුවකු නිසි ලෙස බලාගැනීමට දෙමාපියන් පුහුණු කිරීමෙන් මෙවැනි හැසිරීම් රටාවන් අවම කරගත හැකියි. ගෘහ ප්රචණ්ඩත්වය, වාර්තා වන පරිදි අපේ රටේ පවුල් 100කින් 65ක් ම ගොදුරුවන තත්ත්වයකි. මත්පැන් ආශ්රිත ප්‍රචණ්ඩකාරී පරිසරයක් ද රට තුළ කිසිම අඩුවක් නැත. මෙවැනි තත්ත්වයන් අවම කිරීමට ගම් මට්ටමේ මනෝ විද්‍යාත්මක වැඩසටහන් ප්‍රජාව තුළට ගෙනඒම රජයේ යුතුකමයි. කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Oct 2017 06:58 PM මහත නිසා හැදෙන පිළිකා වර්ග 13ක්! ඇඟ හොඳට ආරලා මහත දෙහෙතට ඉන්නවා කියන්නේ පොහොසත් බව පෙන්වන ලක්ෂණයක් හැටියටයි සමාජයේ සැලකෙන්නේ. නමුත් එය මිත්‍යාවක් බවත්, පමණට වඩා ඇඟ තරබාරු වීම රෝගයක් බවත් ඔබ දන්නවාද? අන්තරාසර්ග ග්‍රන්ත පිළිබඳ සහ දියවැඩියා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුගම්පල පෙන්වාදී ඇත්තේ තරබාරුව රෝගයක් ලෙස සලකා එය වැළැක්වීමට වහාම කටයුතු කළ යුතු බවයි. පිළිකා රෝග 13කට (ග්‍රැෆික් රූපය බලන්න) තරබාරැව කෙලින්ම බලපානා බව දැන් සොයාගන තිබේ. ඒ හැරත් දියවැඩියාව, අධි රැධිර පීඩනය, අධි කෙලෙස්ටරෝල්, හෘදය සහ වාහිනී ආශ්රිත රෝග, නිදන්ගත වකුගඩු ආබාධ, අක්මාවේ මේදය තැන්පත්වීම, සිරෝසිස්, කොන්දේ රුදාව, දණහිස් රුදාව මෙන්ම නින්ද අවහිර වීමටද තරබාරුව වගකියන බව සනාථ වී තිබේ. කොටින්ම තරබාරුව යනු ලෙඩ ගොඩකට පාර කපන මහ ලෙඩකි. අධි බර සහ තරබාරුව දැන් අන්තර්ජාතිකවද ගැටලුවක් බවට පත්ව තිබේ. ලෝකයේ පසුගිය වසර 10ක වාර්තා සලකා බැලූ විට සෑම ස්ත්‍රීන් 10 දෙනකුගෙන් 4ක්ද, පිරිමින් 10 දෙනකුගෙන් 3ක්ද තරබාරුවට හෝ වැඩි දේහ බරක් දැරීමේ රෝගී තත්ත්වයට ගොදුරුව තිබේ. භයානකම කාරණාව වන්නේ තරබාරුව මගින් පිළිකා වැළඳීමට ඉහළ දායකත්වයක් සපයන අතරම පිළිකා රෝගයෙන් සුවය ලබා ඇති අයට නැවත පිළිකා හටගැන්වීමටද දැඩි ලෙස බලපෑමයි. තරබාරුව සඳහා බලපාන ප්‍රධාන සාධක ලෙස දක්වා ඇත්තේ, එක තැනම වාඩිවී වැඩි කලක් ගත කරන කාර්යශීලී නොවන වත්මන් ජීවිතයයි. ඊළඟට ඉවක් බවක් නැතිව ගන්නා ආහාර පානයන්ය. සීනි, ලුණු සහ තෙල් අධික එනිසාම “කටට රස” ලෙස හඳුන්වාදෙන ආහාර සහ පානවලට ඇබ්බැහි වීම මෙහිදී ප්‍රධාන බලපෑමක් කරයි. අනෙක් අතට තමන්ට එදිනෙදා ජීවිතය පවත්වාගන යාමට අවශ්‍ය කැලරි ප්‍රමාණය හෙවත් ශක්ති ප්‍රමාණයටත් වඩා අධික ශක්ති ප්‍රමාණයක් ශරීරගතවන ලෙස ලොකු ලොකු ආහාර වේල් ගිලදැමීමට පුරුදු වීමයි. පළතුරු සහ එළවළු භාවිතය අවම වීම තවත් සාධකයකි. මේ තරම් සුපිරිසුදු සෞඛ්‍ය සම්පන්න පානයක් වන ජලය සොබාදහම ලබාදී ඇතත් මත්පැන් සහ කෘත්‍රිම රසායන යෙදූ පාන වර්ග සඳහා මුල්තැන දීම අනෙක් කාරණයයි. එකතැනට වී ක්රමානුකූල ව්‍යායාම රහිත අක්‍රිය දිවියක් ගෙවනවා මදිවාට දුම්පානයේ යෙදීමත් දිනකට අවශ්‍ය නින්ද නිසි ලෙස නොලැබීමත් තවත් ප්‍රබල හේතුවෙකි. තයිරොයිඩයේ අක්‍රමිකතා මෙන්ම ජානමය බලපෑම්ද තරබාරුව සඳහා බලපාන තවත් සාධක දෙකකි. තරබාරුව වළක්වා නිරෝගී ජීවිතයක් ගත කිරීමට නම් සමස්ථ සමාජයටම හඳුන්වා දිය යුතු මූලික සංකල්ප කිහිපයක් දැන් තරබාරුව පිළිබඳ ලෝක ෆෙඩරේෂණය එළිදක්වා තිබේ. ඉහත සඳහන් කළ තරබාරුවට හේතුවන කාරණා වැළැක්වීම එහි අරමුණයි. එසේ නොකර මේ යන විදිහටම ගියහොත් 2025 වනවිට ලෝකය පුරා, ලංකාවේද ඇතුළු බිලියන 2.7ක් තරබාරැ ලෙඩුන් බවට පත්වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. සරල ප්‍රතිකාර • සීනි යෙදීම අඩු කිරීම හෝ කොහෙත්ම සීනි නොදැමූ පාන වර්ග ගැනීම. • සීනි කෘත්‍රිමව එක්කර ඇති ආහාර පානවර්ග ගැනීමෙන් වැළැකීම. • මත්පැන් භාවිතය අත්හැරදැමීම හෝ පාලනයට ලක් කිරීම. • වැඩියෙන් පළතුරු සහ එළවළු වර්ග ආහාරයට එක්කර ගැනීම. • ආහාරයට ගන්නා කැමවේල් ප්‍රමාණය පාලනය කිරීම (ලොකු ලොකු බත්ගෙඩි ගිල දැමීම පාලනය) • කඩචෝරු, කෘත්‍රිම ආහාර, කලින් සැකසූ ආහාර ගැනීමේදී පමණ දැන කටයුතු කිරීම. • දිවා ආහාරය සඳහා යාමට පෙර පොඩි රවුමක් ඇවිද යාම. • වෙළඳපලට, කාර්යාලයට, පාසලට යනවිට ඇවිදීම. සයිකලයක නැගී යාම වැනි ක්‍රියාශීලී ප්‍රවාහන ක්‍රමයක් භාවිතාව. • විදුලි සෝපාන වෙනුවට සැමවිටම තරප්පු පෙළ භාවිතය. • දිනපතා ව්‍යායාමවල යෙදීම. • තමන්ගේම ක්‍රියාකාරී අරමුණු එල්ලයන් සොයා ගැනීම. නැතිනම් වැඩකටයුතු කාලසටහනකට කිරීම. • කාර්යාලය තුළදීත් එක තැනක වැඩිවී නොසිට වරින්වර ඇවිදීමට අවස්ථාවක් යොදාගැනීම මගින් කාර්යශීලී බව රඳවා ගැනීම. • උසට සරිලන මහත පවත්වාගන යාම සහ නිසි කළ වෛද්‍ය පරීක්ෂණවලට යොමුව තරබාරැව ගැන විමසිලිමත් වීම. සුගත් පී. කුලතුංගආරච්චි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Oct 2017 06:59 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Oct 2017 07:03 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Oct 2017 07:05 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Oct 2017 07:06 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Oct 2017 07:06 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 58 of 137 << < 5657585960 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner