You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 59 of 137 << < 5758596061 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Oct 2017 07:07 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Oct 2017 07:07 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Oct 2017 07:07 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Oct 2017 06:10 PM

diabetසුශ්‍රැත සහ චරක නමැති ඉන්දියානු ආයුර්වේද සෘෂිවරුන් මෙයට වසර දහස්‌ ගණනකට පෙර ලියූ පරිදි මනුෂ්‍ය ශරීරයට වැළඳෙන ඕනෑම රෝගයක්‌ සුව කළ හැකිය. ආයුර්වේදයේ පියා ලෙස සැලකෙන ලංකාවේ රාවණ රජු ලෙඩ රෝග 5999 ක්‌ සුවපත් කිරීම සඳහා යොදාගත හැකි බෙහෙත් පැළෑටි 5999 ක්‌ හඳුනාගෙන තිබිණ. ලෙඩ රෝග 1220 ක්‌ සඳහා ප්‍රතිකාර වශයෙන් ගතහැකි ශාක 700 ක්‌ සුශ්‍රැත ආචාර්යවරයා විසින් හඳුනාගනු ලැබ තිබිණි. චරක ආචාර්යවරයා ඖෂධ වර්ග 2000 ක්‌ හඳුනාගෙන රෝගීන්ට ප්‍රතිකාර කළේය. දියවැඩියා රෝගියකු මුහුණ දෙන ප්‍රධානතම ප්‍රශ්නය දියවැඩියා තුවාල නිසා පා ඇඟිලි හෝ පාද කපා ඉවත් කිරීමට සිදුවීමය. කකුල් නොකපා දියවැඩියාව කළමනාකරණය කරගත හැකි විශේෂ by-pass ක්‍රම නවීන විද්‍යාව මගින් සොයාගෙන තිබේ. මේ ලිපි පෙළ මගින් හෙළි කරන්නේ දැනට ශ්‍රී ලංකාවේදීත් භාවිත කෙරෙන එම ක්‍රමවේද ගැනය.
 
 දියවැඩියා රෝගීන්ගේ පාද නරක්‌වීමත් නරක්‌ වූ පා ඇඟිලි කපා දැමීමත් එම රෝගීන් මුහුණ දෙන ඉතා භයානක තත්ත්වයන් බව පසුගිය ලිපිවලින් අපි ඔබට පෙන්වා දුන්නෙමු. පාද නරක්‌ වීමට හේතුව පාද වල රුධිර සංසරණය හරියාකාරව සිදු නොවීම සහ පාදවල ස්‌නායුවලට හානි පැමිණ තිබීමය. පාදවල තිබෙන දියවැඩියා තුවාල සුවපත් නොවන්නේ එම තුවාලවල තිබෙන රුධිරයෙහි ඇති ග්ලූකෝස්‌ පරිමාව ඉහළ බැවින් ක්‍ෂුද්‍රජීවී ජනපද තුවාල මත හටගන්නා නිසාය.
 
 කොලෙස්‌ටරෝල් හෝ වෙනත් ද්‍රව්‍ය බැඳීම නිසා සිහින් වන ධමනි හෙවත් රුධිර නාල පිරිසිදු කර යළි ලේ ගමන යථා තත්ත්වයට පත් කරනු වෙනුවට ශරීරයේ වෙනත් තැනකින් ඉවත් කර ගත් පිරිසිදු නහරයක්‌ එතැනට බද්ධ කර රුධිර සංසරණය යථා තත්ත්වයට පත් කළ හැකි බව යුරෝපයේ වෛද්‍යවරුන් විසින් පසුගිය ශතවර්ෂය මුලදී ප්‍රතිපත්තියක්‌ වශයෙන් පිළිගනු ලැබ තිබිණ. ඔවුන් මේ ගැන උනන්දු වූයේ පාද නාල අවහිර වීම නිසා මියගිය ගණන දිනෙන් දිනම ඉහළ නැඟුන බැවිනි. මේ ඔස්‌සේ දිගින් දිගටම පර්යේෂණ කළ ඇමරිකනු දොස්‌තරවරුන් කණ්‌ඩායමක්‌ 1960 මැයි 2 වැනිදා ලොව පළමුවන බයිපාස්‌ සැත්කම ඇමරිකාවේදී සිදුÊකළහ. එය සාර්ථක නොවී රෝගියා මළේය. ඉන්වසර හතරකට පසු 1964 දී රුසියාවේදී කළ බයිපාස්‌ සැත්කමක්‌ සාර්ථක විය.
 
 ඉතාම සරල ලෙස පැහැදිලි කළහොත් By Pass සැත්කමක්‌ කරන්නේ මෙසේය. මුලින්ම අවහිරව ඇති රුධිර නාලය හඳුනාගනු ලැබේ. දෙවනුව ශරීරයේ වෙන තැනකින් ලබා ගත් ධමනි කැබැල්ලක්‌ එම හානි වූ ධමනිය සහිත කොටසේ මුලටත් අගටත් සම්බන්ධ කර මසනු ලැබේ. එතැන් පටන් රුධිරය ගමන් කරන්නේ අලුතෙන් සවිකළ නාලය ඔස්‌සේය. මේ නිසා හදවතට අවශ්‍ය තරම් රුධිරය සහ ඔක්‌සිජන් එම නාලය මගින් සැපයීම සිදු වෙයි.
 
 ප්‍රශ්නය - දියවැඩියා රෝගී පාදයකට සිදු කරන By Pass සැත්කම කුමක්‌ද?
 
 පිළිතුර - පාදයේ තිබෙන අවහිර වූ රුධිර නාලයක්‌ වෙනුවට අලුත් නාලයක්‌ බද්ධ කර පාදයට අවශ්‍ය රුධිරය සහ සෛලවලට අවශ්‍ය ඔක්‌සිජන් ලබා දීමේ මෙහෙයුම සඳහා සිදු කරන මෙහෙයුම Leg by Pass සැත්කමය. මෙය Peripheral artery by Pass ලෙස ද හඳුන්වයි.
 
 ප්‍රශ්නය - මෙවැනි සැත්කමක්‌ සඳහා ගත වන කාලය කොපමණද?
 
 පිළිතුර - සාමාන්‍ය නිර්වින්දනය යටතේ ශල්‍යාගාරයක්‌ තුළ සිදු කෙරෙන මෙවැනි By Pass සැත්කමකට පැය 2 - 4 අතර කාලයක්‌ ගත වේ. (මේ කාලය වෙනස්‌ වීමට ඉඩ ඇත.)
 
 ප්‍රශ්නය - දියවැඩියා පාදයට කරන By Pass සැත්කම පිළිබඳ තවදුරටත් පැහැදිලි කරන්න.
 
 පිළිතුර - දියවැඩියා රෝගියකුගේ පාදයේ රුධිර නාල අවහිර වන්නේ කොලෙස්‌ටරෝල් හෝ වෙනත් මේදමය ද්‍රව්‍ය නහරවල තැන්පත් වීම නිසා බව ඔබ දැනටමත් දන්නවා. මෙසේ කොලෙස්‌ටරෝල් තැන්පත් වීමෙන් පසු පාදය බර ගතියක්‌ රෝගියාට දැනෙන අතර ඔහුට ඇවිදයැම දුෂ්කර වෙනවා.
 
 මේ සැත්කම සිදු කිරීමේදී ශල්‍ය වෛද්‍යවරයා පාදයේ අවහිර වූ රුධිර නාලය තිබෙන තැන කැපුමක්‌ යොදනවා. මේ කැපුම ඔබගේ පාදය මත, ඉකිලි කොටසේ හෝ යටි බඩේ යොදන කැපුමක්‌. ඊට පසු නහරය පාදාගෙන එහි අවහිර වූ කොටස දෙපස කලම්ප යොදා ශරීරයේ වෙනත් තැනකින් ගත් රුධිර නාල කැබැල්ලක්‌ එතැනට තබා මසනවා.
 
 මේ සැත්කමට පැය 2 සිට 4 දක්‌වා කාලයක්‌ වැය වුණත් අඩුම වශයෙන් දින 1 සිට 3 දක්‌වා කාලයක්‌ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටින්නට ඔබට සිදු වෙනවා. ඉන් පසු රෝහලේ සාමාන්‍ය කාමරයක දින කිහිපයක්‌ නැවතී වෛද්‍ය අධීක්‍ෂණයකට ලක්‌ වීමට ඔබට සිදුවෙනවා.
 
 සැත්කම කළ පාදයේ ඇති කැපුම සහිත ප්‍රදේශය දින කිහිපයක්‌ම ඉදිමුන තත්ත්වයේ පවතිනවා. මේ අතර ඔබ ටිකෙන් ටික ඇවිදීමට පටන් ගත යුතුයි. තුවාලය හොඳටම සුව වීම සඳහා ගතවන කාලය සති 8 යි.
 
 මේ සති 8 න් පසු ඔබ ඇවිදින ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කළ යුතුයි. ඔබ විවේක ගන්නා විට ඔබේ පාදය හදවත පවතින මට්‌ටමින් ඉහළට ඔසවා ස්‌ටූල් එකක්‌ හෝ කොට්‌ට මත තැබීමට අමතක කරන්න එපා. එසේ ඔසවා තබන විට පාදය ඉදිමීම වැළැක්‌වෙනවා.
 
ditbet1ඔබ රෝහලෙන් පැමිණි පසු පැය 1 කට වැඩි කලක්‌ එකම ඉරියවුවෙන් නොසිටිය යුතුයි. ඔබ නිදා සිටින විට පාදය ස්‌ටුලයක්‌ මත ඔසවා තැබීම වැදගත්. ඔබේ පාදය ඕනෑවට වඩා ඉදිමී තිබෙනවා නම් එයට හේතුව වැඩිපුර ඇවිදීම හෝ වැඩිපුර නිදාගෙන සිටීමයි. ඒ වගේම ඔබේ ආහාරයට වැඩිපුර ලුණු එකතු උනාමත් ඔබේ පාදය ඉදිමෙනවා.
 
 ඔබ පඩිපෙළක්‌ නගින විට මුලින්ම ඔසවා තැබිය යුත්තේ සැත්කම නොකළ පාදයයි. ඔබ පඩිපෙළ බසින විට මුලින්ම තැබිය යුත්තේ සැත්කම කළ පාදයයි.
 
 පහත සඳහන් අවස්‌ථාවලදී ඔබේ වෛද්‍යවරයා වහා කැඳවිය යුතු බව මතක තබා ගන්න.
 
 1. සැත්කම සිදුකළ ඔබේ පාදයේ වර්ණය වෙනස්‌ වී ඇත්නම් හෝ සීතල වී ඇත්නම් හෝ දුර්වල පෙනුමක්‌ ගෙන ඇත්නම් හෝ හිරිවැටී ඇත්නම්.
 
 2. ඔබේ පපුවේ වේදනාවක්‌ හටගෙන ඇත්නම් හෝ ඔබට කැරකිලි ගතියක්‌ දැනෙනවා නම් හෝ මතකය අවුල්වන බවක්‌ හැඟේ නම් හෝ ඔබ විවේකීව සිටිනවිට පවා හතියක්‌ දැනේ නම්.
 
 3. ඔබ කහින විට රුධිරය, කහ පැහැති හෝ කොළ පැහැති සෙම පිටවේ නම්.
 
 4. ඔබ උණෙන් පෙළන්නේ නම්
 
 5. ඔබේ තුවාලයට යෙදු මැහුම් ගැලවී තුවාලයේ කට ඇරී ඇත්නම්
 
 6. ඔබේ තුවාලය ඉදිමී, රතු වී, එයින් කොළ පැහැති දියරයක්‌ ගලනවා නම්,
 
 7. තුවාලය වසා ඇති බැන්ඩේ- පටිය රුධිරයෙන් පෙඟී ඇත්නම්
 
 8. ඔබේ පාද ඉදිමී ඇත්නම්.
 
 තවත් කොටසක්‌ ලබන සතියේ
 
 
 
 
 අශේන් රඹකොස්‌වැව

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Oct 2017 06:28 PM

semaපසුගිය දිනවල ඇදහැලුණු වැස්‌සත් සමඟ මේ දිනවල බොහෝ දෙනෙක්‌ සෙම රෝගයෙන් පීඩා විඳිනවා. ඇත්තටම මොකක්‌ද මේ සෙම කියන්නේ.

ආයුර්වේද වෛද්‍ය රත්පත රුවන් රත්නායක මහතා - සෙම් රෝග පිළිබඳ විමසා බලන විට පීනස්‌ රෝග මූලිකත්වයක්‌ ගනු ලැබේ. උදෑසන අවදි වූ විට සොටු දියර ගැලීම, කිවිසුම් යැම, නාසයෙන් ඇති වන දුගඳ, හිසෙහි බර ගතිය ආදිය රෝග ලක්‍ෂණ ලෙස හඳුන්වාදිය හැකියි.

සෙම ඇතිවීමට බලපාන හේතු මොනවාද ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - සෙම් පදාර්ථ ජීර්ණ පද්ධතියේ නිපදවනු ලබන අතර සෙම නිසා ඇතිවන කරදරකාරී තත්ත්ව බොහෝ දුරට දැක ගත හැක්‌කේ නළල, මුහුණ ආදී ප්‍රදේශ ආශ්‍රිතවයි. එම වේදනාකාරී බව නිසා බොහෝ දෙනාට අවශ්‍ය වන්නේ එසේ ඇතිවන සෙම කොටස්‌ ශරීරයෙන් ඉවත් කර දැමීමටයි. නමුත් මූලික වශයෙන් මෙහිදී සෙම ඇති වීම සඳහා බලපාන ප්‍රධාන හේතුව හඳුනා ගත යුතුයි.

ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල ජීවත් වන මිනිසුන්ගේ ශරීර අධික උෂ්ණ සහිතයි. මෙම උෂ්ණ අධික බව සාමාන්‍ය දේහ සෛලවලට දරා ගැනීමට හැකි වූවත් මොළය ආශ්‍රිත සියුම් ස්‌නායු සෛලවලට එය දරා ගැනීමට නොහැකියි.

එබැවින් ශරීරය විසින් ඊට උපක්‍රමයක්‌ ලෙස ස්‌වයං ශීතකරණය ක්‍රමයක්‌ (Auto Cooling System) අනුගමනය කරනු ලැබේ.

මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්‌ ලෙස මොළය විසින් නිකුත් කරනු ලබන සංඥා අනුව ක්‍රියාත්මක වන ආහාර ජීර්ණ පද්ධතිය සෙම නිෂ්පාදනය කර මොළය දෙසට ගමන් කරවයි. ඊට හේතු වන්නේ ශරීරයේ උෂ්ණ අධික බව වළක්‌වා ගැනීම හා ස්‌නායු සෛල වියළීම වළක්‌වා ගැනීමයි. කෙසේ වෙතත් මේ ආකාරයට පැමිණෙන සෙම පදාර්ථ නළල ආශ්‍රිත ප්‍රදේශයේ කෝටර (හිස්‌කබල, නාසය හා ඇස්‌ ආශ්‍රිත කුහර) තුළ එක්‌ රැස්‌ වේ. පසුව එම සෙම් කොටස්‌ නාසය හරහා වාතයට නිරාවරණය වීම හේතුවෙන් ක්‍ෂුද්‍ර ජීවින්ගේ ආක්‍රමණයට භාජනය වේ. එම ක්‍ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය නිසා සෙම පැසවීමට ලක්‌ වී සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය ඇති කරනු ලැබේ. එවිට නාසයෙන් සොටු දියර ගැළීම ආදී වූ සෙම්ප්‍රතිශ්‍යාව ආශ්‍රිත රෝග ලක්‍ෂණ ඇති කරනු ලැබේ.

ශරීරය අධික උෂ්ණ වීමට බලපාන හේතු මොනවාද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - ඇතැම් පිරිසකගේ ශරීර ස්‌වභාවයෙන්ම (උපතින්ම) උෂ්ණ අධික බවින් යුතු වන අතර තවත් සමහර පිරිසකට උෂ්ණ අධික ශරීරයක්‌ හිමි වන්නේ ඔවුන් ලබා ගන්නා වැරදි ආහාර නිසාවෙනි. එවැනි ආහාර සඳහා උදාහරණ ලෙස ඉස්‌සෝ, දැල්ලෝ, කකුළුවෝ, බලමාළු වැනි උෂ්ණ අධික ආහාර මෙන්ම අන්නාසි, තක්‌කාලි වැනි අම්ල අධික ආහාර පිළිබඳව ද පැහැදිලි කළ හැකියි.

මෙම රෝගීන්ට වැළඳෙන වෙනත් රෝග මොනවාද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක

ඉහත රෝගී තත්ත්වයන්ට සමගාමීව ඇතැම් රෝගීන් මුහුණ දෙන තවත් රෝග අවස්‌ථාවක්‌ ලෙස ඉරුවාරදය පිළිබඳ හඳුන්වාදිය හැකියි. මේ සඳහා මුලික හේතුව බවට පත්වන්නේ ශරීරය තුළ හට ගන්නා අධික වූ පිත් ප්‍රභවයන්ය. කෙසේ වෙතත් මෙම අධික වූ පිත ස්‌වභාවය නිසා මොළය ආශ්‍රිත ශ්ලේෂ්ම පටලවලට දැඩි ලෙස හානි සිදුවේ. මෙම රෝගී තත්ත්වය සඳහා ද ප්‍රමුඛතම හේතුව වන්නේ ශරීරයේ පවත්නා උෂ්ණ අධික බවයි.

ඉහත රෝගී තත්ත්වවලට අමතරව අර්ශස්‌ වැනි රෝග තත්ත්ව, කැසීම් පළුදැමීම ආශ්‍රිත සමේ රෝග, තදබල ලෙස පවතින ගැස්‌ට්‍රයිටීස්‌ තත්ත්ව අධික කේන්තිය ආදී රෝගී තත්ත්ව සඳහා ඇතැම් අයට අඩු වැඩි වශයෙන් මුහුණ දීම සිදු වේ.

මේ සඳහා ඇති ආයුර්වේද ප්‍රතිකාර මොනවාද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා

පොදුවේ ඉහත පැහැදිලි කළ සියලු රෝගී තත්ත්ව සඳහා පිළියම් යෙදීමට පෙර ශරීරයේ උෂ්ණ අධික බවට පිළියම් යෙදීම අත්‍යවශ්‍ය වේ. එහිදී ශරීරය ශෝධන කර්මවලට ලක්‌ කරන ඖෂධ ලබා දිය යුතුයි. ඒවගේම වාපිත් සෙම් පදාර්ථවල සමතුලිත භාවය ඇති කරන ප්‍රතිකාරද සිදු කළ යුතුවේ.

විශේෂයෙන් සෙම් රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී බොහෝ රෝගීන්ට අවශ්‍ය වන්නේ බලෙන් ශරීරයෙන් සෙම් කොටස්‌ බැහැර කරවීම වුවත් ස්‌වභාවිකවම ශරීරය විසින්ම ඒවා බැහැර කරන බව ඔබ විශේෂයෙන් මතක තබා ගත යුතුයි. ඒ අනුව මෙහිදී සිදු කළ යුතු වැදගත්ම ප්‍රතිකර්මය වන්නේ ශරීරයෙන් සෙම බැහැර කර වීමට වඩා රෝග නිධානය වන ශරීරයේ උෂ්ණ අධික බව සමනය කිරීමයි.

sema1

 

pothuබොහෝ විට විවිධ ප්‍රතිකාර ලබා සුව වී ඉතා කෙටි කලකින් නැවත රෝගය ඉස්‌මතු වී සායනවලට පැමිණෙන රෝගීන් බොහෝය. ආයුර්වේද මූලධර්මවලට අනුව පොතු කබර රෝගයට යොදනු ලබන ප්‍රතිකාර පද්ධතිය තුළින් රෝගය නැවත හටගැනීමේ කාලය දීර්ඝ වන අතර, නැවත හට ගන්ත ද මුල් අවස්‌ථාවට වඩා සුළුවෙන් රෝග තත්ත්වය ඇති විය හැකිය. දැනට අපගේ සායනවලින් ප්‍රතිකාර ලබා අවුරුදු 4 සිට අවුරුදු 16 වැනි කාල සීමාවන් තුළ රෝගය නැවත නොවැළඳුනු රෝගීන් දැනට වාර්තා වී ඇත.

මෙම රෝගීන් සඳහා රෝගය ඇතත් නැතත් අවුරුද්දකට දෙවතාවක්‌ පංචකර්ම ප්‍රතිකාරවලට යොමු කිරීමෙන් රෝගය බොහෝ දුරට වළක්‌වාගත හැකිවේ. පංචකර්ම ප්‍රතිකාරවලින් තොරව ඖෂධීය ප්‍රතිකාර පමණක්‌ යොදා රෝගය සුව කිරීමට හැකි අවස්‌ථා ද පවතින බව සඳහන් කිරීමට කැමැත්තෙමි. එහි ප්‍රබලතාව අනුව වෛද්‍යවරයා විසින් තීරණය කළ යුතුයි.

මෙම ප්‍රතිකාර කරන කාලයේදී පළමු සති 2 තුළදී රෝගියාගේ ඉහළට එසවුණ ලප පහළට බැසීම සිදුවේ. ඊළඟ සති 3 ක ප්‍රතිකාරයේදී කැසීම අඩු වී පොතු ගැලවී යැම අඩුවීම සිදුවේ. ඊළඟ සති 2 - 4 කාලයේදී ලපවල මධ්‍ය ප්‍රදේශයේ සාමාන්‍ය සම මතුවීම සිදුවන අතර, ලප වටා දාරයේ පමණක්‌ රෝග තත්ත්වය දැකිය හැකි වේ. ඊළඟ අවස්‌ථාවේදී ලප සම්පූර්ණයෙන් ම සුව වී සම මට්‌ටමට පැමිණෙන අතර, රෝග ලක්‍ෂණ සම්පූර්ණයෙන් ම පහව යයි. අවසානයේදී ලපවල වර්ණය සමෙහි සාමාන්‍ය වර්ණයට ගෙන ඒම සඳහා සමට පෝෂණය ලබා දෙන ක්‍ෂීර හා තෛල හා ඖෂධ ආලේපයකින් ප්‍රතිකාරය අවසාන කරනු ඇත. අවසාන ලෙසට කිව යුත්තේ ආයුර්වේද ප්‍රතිකාරවලින් අක්‌මාව හෝ වකුගඩුවලට හානියකින් තොර කිටිභ රෝගය සුව කර ගත හැකි බවය.

නොමිලේ විස්‌තර සඳහා

- 0766739977, 011-5288055

 

 

 

 

otisumප්‍රශ්නය - ඔටිසම් රෝගයේ මූලය ගැන විවිධ මත තිබෙනවා. මේ රෝගය සම්බන්ධයෙන් පර්යේෂණ කරන Vedic Society Ayurveda නමැති ආයතනය කියන පරිදි ඔටිසම් හටගන්නේ ප්‍රාණවාතය අසමතුලිත වීම නිසා ශරීරයේ තිබෙන ඊයම් විස වීමෙන්. කෙනෙකුගේ කතාබහ, මානසික ඒකාග්‍රතාව, මතකය, ඉගෙනුම සහ ස්‌නායු පද්ධතියට සම්බන්ධ වෙනත් කටයුතු සිදුවන්නේ ප්‍රාණ වාතය පදනම් කරගෙන බව මෙම ආයතනයේ වෙබ් අඩවියේ සඳහන් වෙනවා. මේ ගැන ඔබ දරන මතය කුමක්‌ද?

වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - ඉහත සඳහන් මතය සැලකිල්ලෙන් හැදැරිය යුතුයි. ඔටිසම් රෝගය සම්බන්ධයෙන් විවිධ ආයුර්වේද ගුරුකුල විවිධ මත දරනවා. එහෙත් අවසානයේදී ඒ මත බොහොමයක අර්ථකථනය එක සමාන වනවා. කෙසේ වුවද ඔටිසම් රෝගයට ප්‍රතිකාර කරන විට පැති ගණනාවකින් ඒ ගැන සිතිය යුතුයි. ගර්භණී කාලයේදී මව ගන්නා ආහාරවල පටන් ඉදිරියට සිදුවන දේ ඔටිසම් රෝගයට බලපානවා. ඒ අතර ඔටිසම් රෝගී දරුවාට සුදුසු තවත් ආහාර කිහිපයක්‌ මෙසේ සඳහන් කළ හැකියි. එනම්.

පිරිසිදු එළඟිතෙල් සහ ඔලිව් ඔයිල් ඉතාම සුදුසුයි. එළඟිතෙල්වලින් කරන්නේ ශරීරයේ පටකවල තිබෙන විෂ ඉවත් කිරීමයි. ඒ වගේම මොළයේ එකතුවන විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමටත් එළඟිතෙල්වලට පුළුවන්. ඒ වගේම හානියට පත් වූ මොළයේ සෛල අලුත්වැඩියා කිරීමත් එළඟිතෙල්වලට පුළුවන්.

ඔටිසම් දරුවන්ට ඉතා සුදුසු තවත් ආහාරයක්‌ යෝගට්‌වලින් සාදා ගන්න පුළුවන්. යෝගට්‌ කෝප්ප කාලකට ජලය කෝප්ප තුන්කාලක්‌ සහ කරඳමුංගු, ගම්මිරිස්‌ සහ කුරුඳු ස්‌වල්ප වශයෙන් මිශ්‍රකර බ්ලෙන්ඩරයක දමා ගසාගෙන එයට රතු සීනි හෝ හකුරු ස්‌වල්පයක්‌ දමා පානය කිරීමට දියයුතුයි. හැබැයි එවැනි පානයක්‌ දිගින් දිගටම ලබා දීමේදී දරුවාගේ සෙම තත්ත්වය ගැන පරීක්‍ෂාවෙන් පසුවිය යුතුයි.

එසේම දරුවාට කිරි ආහාර දෙනවා නම් එයට කොත්තමල්ලි හෝ ඉඟුරු මුසු කිරීම වැදගත්. එවිට එය ඉතා පහසුවෙන් දිරවනවා. හැම ආහාර වේලකටම අමු කොත්තමල්ලි කොළ යුෂ බිංදු 5 - 6 ක්‌ පමණ දැමිය යුතුයි.

පැය 24 ක්‌ පරණ වූ ආහාර, මයික්‍රොවේව් උදුනක දමා රත්කරගත් ආහාර, සියලු ආකාරයේ සෝයා නිෂ්පාදන යනාදිය ඔටිසම් දරුවන්ට දීම සුදුසු නැහැ.

otisum1

 

 

oilප්‍රශ්නය - පාකින්සන් රෝගයේ ලක්‍ෂණ කිහිපයක්‌ ගැන පසුගිය සතිවල අප කතා කළා. අද අප කතා කරන්නේ පාකින්සන් රෝග සුව කිරීමේදී ශරීර සම්භාහනය යොදා ගන්නා ආකාරය ගැනයි.

මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - අභ්‍යංග කියන සංස්‌කෘත නමින් හැඳින්වෙන්නේ සම්බාහන යන්නයි. ඖෂධීය තෙල් යොදාගෙන කරන සම්බාහනවලින් පාකින්සන් රෝගය සුව කළ හැකි බව කියෑවෙන පර්යේෂණ පත්‍රිකා අන්තර්ජාලයේ තිබෙනවා. සමහර විට ඖෂධ යෙදූ තෙල් සහ ඖෂධ යෙදූ ගිතෙල් යොදාගෙන පාකින්සන් රෝගීන් සම්බාහනය කරන අවස්‌ථා තිබෙනවා. ආයුර්වේදයට අනුව පාකින්සන් රෝගය හඳුන්වන්නේ කම්පවාත කියන නමින්. ආයුර්වේද අර්ථකථනයට අනුව මේ රෝගය හටගන්නේ කුපිත වූ වාතය නිසයි. කුපිත වූ වායුව සමනය කිරීම සඳහා හොඳම මාධ්‍යයක්‌ තමයි තෙල්. කුපිත වූ වායුව නිහඬ කරන අතරම කම්පවාත හෙවත් පාකින්සන් රෝගයට අදාළ සෙසු රෝග ලක්‍ෂණ වන විවිධ කම්පන තත්ත්වයන් සමනය කරන්නටත් ඖෂධීය තෙල්වලට පුළුවන්. සම මත තබා තෙරපන ඖෂධීය තෙල් සම විදගෙන ශරීරගත වී මාංශ පේෂීන්, අස්‌ථි, සන්ධි, පටක ශක්‌තිමත් කරන අතර ඒවා පණ ගැන්වීමක්‌ සිදු කරනවා. අභ්‍යංග කර්මය හෙවත් තෙල් සාත්තුව දිනපතාම කළ හැකි නම් ශරීරයේ ප්‍රතිශක්‌තිකරණ හැකියාව ඉහළ ගොස්‌ පටක මහලු වීම පමා කරන්නට හැකියි.

ප්‍රශ්නය - ශරීර සම්භාහනය සඳහා සුදුසු තෙල් වර්ග මොනවද?

මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - බලඅශ්වගන්ධාදි තෛලය ඉතා සුදුසුයි. මෙහි ප්‍රධානතම කාර්යය තමයි වාතය සහ පිත සමතුලනය කිරීම. මෙය ශරීරයට කිසිදු අතුරු හානියක්‌ ඇති කරන තෙල් වර්ගයක්‌ නොවන බව පර්යේෂණ මගින් ඔප්පු වී තිබෙනවා. ඒ නිසා හැමදාම වුණත් මේ තෙල යොදාගෙන සම්බාහන කටයුතු කළ හැකියි. සහස්‍රයෝග තෛලයෝග ප්‍රකරණ කියන ග්‍රන්ථයේ එන විදියට බලඅශ්වගන්ධාදී තෛලය සිඳීමට ඖෂධ වර්ග 25 ක්‌ අවශ්‍යයි. මෙහි පදනම් තෛලය ලෙස යොදා ගන්නේ තල තෙල්

බල අශ්වගන්ධාදි තෛලයට අමතරව අශ්වගන්ධ ග්‍රිකම්, තලතෙල්, ක්‍ෂීරබල තෛලය, මහාමාෂ තෛලය, ධන්වන්තරම් තෛලය, මහානාරායන තෛලය, සහචරාදී තෛලය, ගුග්ගුලුටික්‌කකම් තෛලය, යනාදියත් පාකින්සන් රෝගීන් සම්බාහනයට ඉතා සුදුසුයි.

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

oil1

 

vathajaප්‍රශ්නය - පසුගිය සතියේදී ඔබ සමඟ කළ සාකච්ඡාවේදී අර්ශස්‌ රෝග 6 ක්‌ තිබෙන බව ඔබ සඳහන් කළා. එයින් පළමුවැන්න වන වාතජ අර්ශස්‌ රෝගය හට ගැනීමට හේතුවන කරුණු සාකච්ඡා කළා.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - අද මම මුලින්ම හඳුන්වා දෙන්නේ වාතජ අර්ශස්‌ රෝගයේ ලක්‍ෂණ. එහෙමත් නැත්නම් වාතජ අර්ශස්‌ ගෙඩිවල ස්‌වභාවය ගැනයි. එම ගෙඩි වියළියි. ඒවා අතින් ස්‌පර්ශ කළ විට ඇඟ කිලිපොලන ගතියක්‌ එනවා. ඒවා හරි දුර්වලයි. වර්ණය කලු පැහැයට හුරු නිල් පැහැයයි. සමහර විට කසාවත් පැහැයට හුරු රතකුත් තිබෙනවා. මේ ගෙඩි ඝන වන අතර ස්‌පර්ශ කරන විට ඒ තද ගතිය දැනෙනවා. හිටි හැටියේම ඒවා පුපුරා යන අතර පුපුරා යැමට පෙරත් පිපිරුම් පහරවල් ගෙඩිය මත දකින්න පුළුවන්.

ඒ අප කතා කළේ වාතජ අර්ශස්‌ ගෙඩිවල ස්‌වභාවය ගැනයි. දැන් අපි බලමු මේ රෝග තත්ත්වය ශරීරයට පොදුවේ දැනෙන ආකාරය. වාතජ අර්ශස්‌ රෝගියාගේ හිස නිතරම කකියනවා. ඇලපත රිදෙනවා. උරස්‌ ප්‍රදේශයේත් වේදනාවක්‌ හට ගන්නවා. කොන්ද සහ කලවා වේදනා ගෙන දෙනවා. ඉකිලි කකියන අතර නිතර කිවිසුම් යනවා. පපුව හිර කරනවා. ශරීරය කෙට්‌ටු වෙනවා. කැස්‌ස සහ හතිය ඉතාම ඉහළ මට්‌ටමක පවතිනවා. දෙකන් කුරු කුරු ගාන අතර බඩ බුරුලට යැම නිතර සිදුවනවා. අශුචි තුළ කුඩා කැබළි දැක ගැනීමට හැකිවන අතර ඒ සමඟ සෙම මිශ්‍රව තිබෙන අයුරු දැක ගන්න පුළුවන්. මෙහි අවසන් ප්‍රතිඵල ලෙස උදරය තුළ අර්බුද (ගෙඩි) හට ගැනීමත් ප්ලිහාව ඉදිමීමත් සිදුවනවා.

අප මෙතෙක්‌ කතා කළේ වාතජ අර්ශස්‌ ගැනයි. දැන් අප කතා කරමු පිත්තජ අර්ශස්‌ ලෙස හැඳින්වෙන රෝග තත්ත්වය හට ගැනීමට හේතු වන කරුණු ගැන. කටුක ආහාර ගැනීම සහ ඇඹුල් සහ ලුණු සහිත ආහාර ප්‍රමාණය ඉක්‌මවා ගැනීම තමයි මෙයට ප්‍රධානතම හේතුව. ඒ වගේම උණු ආහාර ගැනීමත් හොඳ නැහැ. ප්‍රමාණය ඉක්‌මවා ව්‍යායාම කිරීම, ප්‍රමාණය ඉක්‌මවා ගිනි රස්‌නයට නිරාවරණය වීම, අසීමාන්තික ලෙස අව්වේ වැඩ කිරීම, උණුසුම් ගුණය සහිත ප්‍රදේශවල වාසය කිරීම, අධික ලෙස කෝපගැනීම සහ අධික ලෙස මත්පැන් ගැනීම, ඉරිසියාවෙන් මනස අපිරිසිදු කර ගැනීම, කාරම් සහිත, එහෙමත් නැත්නම් දිව පසාරු කර ගෙන යන ආහාර පාන ගැනීම සහ ඖෂධ නිතර ගැනීම, කට දිව කිලිපොලන ආහාර පාන සහ ඖෂධ නිතර ගැනීම උණුසුම් ගුණය ඇති ආහාර පාන සහ ඖෂධ නිතර ගැනීම යන කාරණා තමයි පිත්තජ අර්ශස්‌ රෝගය හට ගැනීමට ප්‍රධාන හේතුව වන්නේ.

(ලබන සතියේ - පිත්තජ අර්ශස්‌ රෝග ලක්‍ෂණ සාකච්ඡා කරමු.)

නොමිලේ විස්‌තර සඳහා

0713464276/ 0759061771

අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

vathaja1

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Oct 2017 06:40 PM

atharaiticeප්‍රශ්නය - ඔබ පසුගිය සතියේදී අපගේ පාඨකයන්ට ඉතාම ප්‍රයෝජනවත් කසාය වට්‌ටෝරුවක්‌ ලබා දුන්නා. අද ඔබ අපට දෙන වට්‌ටෝරුව කුමක්‌ද?

වෛද්‍ය වසන්ත උදයජීව - අද මා කසායක්‌ වගේම ආලේප වට්‌ටෝරුවක්‌ ලබා දෙනවා. අමු ඉඟුරු, අරත්ත අල, සතකුප්ප, නෙල්ලි, තොටිල පොතු, පාවට්‌ටා මුල්, කලං 2 බැගින් ගෙන වතුර කෝප්ප 8 කට දමා, එය 1 කෝප්පයකට සිඳුවා උදේ හවස කෝප්ප භාගය බැගින් සීනි/ මීපැණි දමා එම කසාය පානය කළ යුතුය. මෙය දින 6 ක්‌ තුළ ගත යුතු අතර සෑම දිනකම මැටි මුට්‌ටියක කසාය තැම්බිය යුතුයි. ඊළඟට ගනිමු ආලේපය. ඉඟුරු චූර්ණය. සතකුප්ප චූර්ණය, රත්හඳුන් චූර්ණය යනාදිය සම සමව ගෙන මී පැණියෙන් අනා තලතෙල් මිශ්‍රකර සන්ධිවල ආලේප කර පැය 3 කට පසු පිස දැමිය යුතුය. මෙය වේදනා නාශක ආලේපයක්‌. දිනකට 1 වර බැගින් දින 3 ක්‌ මෙය ආලේප කළ යුතුයි.

ප්‍රශ්නය - මේ ප්‍රතිකාරය කරන අතරතුර රෝගියා ආහාර විහරණ කළ යුත්තේ කොහොමද?

වෛද්‍ය වසන්ත උදයජීව - පැණිරස සිසිල්බීම (විශේෂයෙන් ම කාබන් ඩයොක්‌සයිඩ් වායුව මිශ්‍ර කර අසුරන ලද බීම) කල් තබාගත හැකි පරිදි සකසන ලද බීම, වියළි හෝ අධික සිසිල් ආහාර ගැනීමෙන් රෝගියා වැළකිය යුතුයි.

ආහාර තෝරා ගන්නා විට තමන්ගේ උදරයට පහසුවක්‌ ගෙන දෙන, ඉතා ඉක්‌මනින් දිරවන ආහාර තෝරා ගත යුතුයි.

ආසාදිත සන්ධි සහිත අත් පා පරිහරණය කරන විට මධ්‍යස්‌ථ පිළිවෙතක්‌ අනුගමනය කළ යුතුයි. එනම් අත් පා දැඩිව මහන්සිය සහ වේදනාව දැනෙන ලෙස ක්‍රියාත්මක නොකළ යුතුවාක්‌ මෙන්ම අත් පා නිකම්ම නොතැබිය යුතුයි. මේ අනුව ක්‍රමවත් ලෙස, උපදේශකයකු යටතේ ව්‍යායාම කිරීම වඩාත් සුදුසුයි. හැබැයි එයත් පාලනයකට අනුව තමයි කළ යුත්තේ.

ව්‍යායාම කිරීමට උපදේශකයකු නැතිනම් ඇවිදීම හා පිහිනීම වැනි සරල දෙයට පුරුදු විය යුතුයි. සුදුසු උපදේශකයකු සිටිනවා නම් යෝගී ව්‍යායාම ඉතාම සුදුසුයි.

ශරීරයේ බර සාමාන්‍ය මට්‌ටමක තබා ගත යුතුයි. බර හුඟක්‌ වැඩි වුණොත් එමගින් සන්ධිවලට වැටෙන පීඩනය වැඩි වන නිසා බර ගැන කල්පනාවෙන් පසු විය යුතුයි.

ශාරීරික පීඩන, එනම් මළ පහ කිරීම, මුත්‍රා පහ කිරීම, රාම තෙල් පිටකිරීම, අධෝවාත පිට කිරීම යනාදිය සිදු කළ යුතුයි. නැත්නම් එමගින් ශරීරය තුළ අනවශ්‍ය තත්ත්ව නිර්මාණ විය හැකියි.

atharaitice1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Oct 2017 03:35 AM
වටින ලිපි පෙලක් ගෙනත් තියෙන්නෙ මල්ලී
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Oct 2017 06:03 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Oct 2017 06:06 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Oct 2017 06:07 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Oct 2017 08:56 AM
මී පැනි ඔය මූනෙ උලන වෙලේ කෑවනං කොච්චර හොදද ....
ගුණය මුලු ඇගටමනේ.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Oct 2017 05:32 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Oct 2017 05:39 PM

weda2දරුවකු විසින් කරනු ලබන එමෙන්ම නිරීක්‌ෂණය කළ හැකි ඕනෑම දෙයක්‌ හැසිරීමක්‌ ලෙස හැඳින්විය හැකිය.
 
 සිනාසීම, කථා කිරීම, පොතක්‌ ගැනීම, යමකට ගැසීම වැනි ක්‍රියාවන් හැසිරීමකි අනිකුත් අය මෙම ක්‍රියාවන්හී නිරත වනු ඇත. සියලු දෙනාටම දැක ගත හැකිය. ඒවා නිරීක්‌ෂණය කිරීමට නිවැරදිව විස්‌තර කිරීමට ද පුළුවන. කෝපය, ඊර්ෂ්‍යාව හෝ ආදරය වැනි හැඟීම් කිසිවක්‌ හැසිරීම් නොවේ, මේවා හැඟීම් ප්‍රකාශ කරන මාර්ගයක්‌ පමණකි.
 
 හොඳ හෝ නරක හැසිරීමක්‌ම ඉගෙන ගන්නා දෙයකි. සොරකම් කිරීම, රණ්‌ඩු කිරීම, බැණ වැදීම් යනාදීය ඉගෙන ගන්නා ආකාරයෙන්ම රූපවාහිනිය ක්‍රියාත්මක කිරීම සහ ප්‍රවාහන පහසුකම් පාවිච්චි කිරීම ද ළමයකු ඉගෙන ගනී.
 
 හැසිරීමකට අනතුරුව දරුවාට ප්‍රියමනාප යමක්‌ සිදුවීම හෝ අප්‍රියමනාප යමක්‌ සිදුවීම හෝ අප්‍රියජනක දෙයක්‌ ඉවත්කිරීම මගින් හැසිරීම සවිමත් කළ හැකිය.
 
 කිසියම් හැසිරීමකට අනතුරුව ප්‍රිය මනාප යමක්‌ සිදුවන්නේනම් එම හැසිරීම අනාගතයේදී නිරතුරුව සිදුවිය හැකිය.
 
 උදාහරණයක්‌ ලෙස කථා කරන්නට උත්සාහ කරමින් සිටින දරුවකුට බබා යෑයි පැවසූ විට එම දරුවාගේ මව සිපගනී. අම්මා විසින් සිප ගන්නවාට කැමැති නිසා දරුවා ඉදිරියේදී බබා යන්න කීමට ඉඩ කඩ වැඩිය.
 
 මෙසේ අප්‍රියජනක සිදුවීමක්‌ සිදුවූවානම් එනම්, දරුවා කියන ලද දේ ගණන් නොගෙන හිටියානම් හෝ ඊට හාත්පසින්ම මොනවද ඔය කියවන්නේ කියා ඇසුවානම් දරුවා අපහසුතාවට පත්වනු නොඅනුමානය.
 
 දරුවකුගේ හැසිරීම දියුණු කරගත හැකි ක්‍රම
 
 හැසිරීමකට අනතුරුව සිදුවන දෙය එම හැසිරීම ශක්‌තිය කෙරෙහි විශේෂයෙන් බලපානු ලබයි.
 
 එනම් හැසිරීමකට පසුව යම්කිසි අප්‍රසන්න යමක්‌ කිරීමෙන් හෝ ප්‍රසන්න යමක්‌ ඉවත් කිරීමෙන් හැසිරීමක්‌ දුර්වල කිරීමට හෝ ඉවත් කිරීමට හෝ පිළිවන.
 
 එහිදී දරුවකු විසින් තමාගේ සෙල්ලම් බඩු විසිකර තැන්තැන්වල දමන විට හැම සෙල්ලම්බඩුවක්‌ම අදාළ තැන්වල දරුවා ලවාම තැන්පත් කරවීමට කටයුතු කිරීම.
 
 දරුවා ලවාම කරවීම නිසා දරුවාට එහි පිළිවෙළ හා තිබිය යුතු ක්‍රමය අවබෝධ වෙන්නට පටන් ගනී. දිනපතා කරවීම තුළින් අනිවාර්යයෙන් දරුවාට පුරුද්දක්‌ බවට පත්වේ.
 
 විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණු
 
 ෆ එක්‌ ළමයකු සම්බන්ධයෙන් හැසිරීම වැඩි දියුණු කිරීමට යොදා ගන්නා දේ එනම් (ජනනාත්මක හෝ නිශේධාත්මක්‌ දේ) අනෙකුත් ළමයකුට ගැළපෙන්නේ නැතිවිය හැකිය. නැතහොත් හරියාකාරව නොයොදා ගැනීමෙන් ප්‍රති විරෝධි ප්‍රතිඵල අත් විය හැකිය.
 
 හැසිරීම් ඌනතා (අඩු බව) හැසිරීම් අතිරික්‌තතා (සීමාව ඉක්‌මවා යැම)
 
 හැසිරීම් ඌනතා යනු
 
 කිසියම් වයසකදී දරුවකු විසින් දැනගෙන තිබිය යුතු යෑයි අප සිතන දැ නොතිබීමය. එනම්,
 
 භාෂා දියුණුව, දෛනික කුසලතා, ශාස්‌ත්‍රීය දැනුම ආදිය අත්පත් කර ගැනීම යන අංශයන් හිදී මානසික දුබලතාවන්ගෙන් පෙළෙන්නවූන් ඌනතාවන් විශේෂයෙන් පෙන්නුම් කරනු ලබනු ඇත.
 
 මෙවැනි හැසිරීම් පවතින දරුවකු සිටීනම් කළ යුතුදේ
 
 ෆ දරුවාගේ හැසිරීම නිරීක්‌ෂණය කරන්න
 
 ෆ එම හැසිරීමට පළමුව සිදුවූ දේ සොයා බලන්න
 
 ෆ හැසිරීමේ ප්‍රතිවිපාක සොයා බලන්න
 
 ෆ එක්‌වරක දී එක හැසිරීමක්‌ පමණක්‌ අවධානය යොමු කරන්න
 
 ෆ නිරීක්‌ෂණය කරන අතරවාරවලදී වාර්තා සටහන් තබා ගන්නේ නම් ඉතා හොඳය
 
 ෆ එනම් වාර ගණන
 
 ෆ කාලය ආදීය යයි
 
 දරුවා පිළිබඳ තිබෙන ගැටලු හඳුනාගතහොත් පසුව ඊට සුදුසු පිළියම් යෙදීමට ඉතාමත් පහසු වනු ඇත.
 
 උපදෙස්‌ හා යොමු වීම
 ආශා දිල්රුක්‌ෂි
 (විශේෂ අධ්‍යාපන චිකිත්සක හා උපදේශන නිලධාරිනි)

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Oct 2017 05:44 PM

weda1දියවැඩියාව සහ අධිරුධිර පීඩනය කියන්නේ වර්තමානයේ බොහෝ දෙනෙක්‌ ගොදුරුව සිටින රෝග දෙකකි.
 
 ඇතැම් දෙනා මෙම රෝග දෙකටම ගොදුරුව සිටිති. තවත් පිරිසක්‌ මින් එක්‌ රෝගයකට ගොදුරුව අනෙක්‌ රෝගයට ගොදුරුවීමේ ආසන්න මට්‌ටමේ සිටිති.
 
 මට නම් ඔය කිසි ලෙඩක්‌ නැහැ. සීනිත් නැහැ, ප්‍රෙෂරුත් නැහැ කියා සමහරු පවසති. සැබෑ ලෙසම එසේ සිටීමට හැකිනම් එය නිරෝගි සෞඛ්‍යසම්පන්න තත්ත්වයකි. එලෙස නිරෝගී සෞඛ්‍යසම්පන්නව සිටීම සඳහා සෑම පුද්ගලයකුම තම රුeධිර සීනි මට්‌ටම 80-100 පටාක අගයක පවත්වාගත යුතුය. රුධිර පීඩනය 80 - 120 පප්‍යට මට්‌ටමක තබා ගැනීමට පියවර ගත යුතුය.
 
 දියවැඩියාව
 
 අප බොහෝ දෙනාට දියවැඩියාව ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ නිසි පාලනයකින් තොරව ආහාර පාන ගැනීමය. සීනි සහිත පාන වර්ග පිටි බහුල ආහාර වර්ග දිනපතා අධිකව ගැනීම සහ ව්‍යායාම වලින් තොර ජීවිතයක්‌ ගතකරනවිට රුධිරයේ සීනි මට්‌ටම ඉහළ යයි.
 
 රුධිරයේ සීනි මට්‌ටම 80-100 පටාක අගයක පැවැතීම යනු නිරෝගී සෞඛ්‍ය තත්ත්වයකි.
 
 රුධිර සීනි මට්‌ටම 125 පටාක දක්‌වා ඉහළගොස්‌ තිබීම යනු දියවැඩියා රෝගයට ගොදුරුව ඇති බවය.
 
 දියවැඩියාව හඳුනාගැනීමේ පරීක්‍ෂාවට යොමුවීම
 
 දියවැඩියාව රෝගය සඳහා රුධිරයේ සීනි මට්‌ටම පරීක්‍ෂා කිරීම සඳහා නිරාහාරව සිටිය යුත්තේ පැය 8 - 10 ත් අතර කාලයක්‌ පමණි. පැය 12 කට වඩා නිරාහාරව සිටියහොත් රුධිර සීනි මට්‌ටම පහළ බසී. එවිට ලබාගන්නා රුධිර පරීක්‍ෂාවෙන් නිවැරැදි අගයක්‌ ලබාගත නොහැකිය.
 
 මෙම පරීක්‍ෂාවට අමතරව ආහාර ගෙන පැයක්‌ ඇතුළත සිදුකරන පරීක්‍ෂාවක්‌ද ඇත. එම පරීක්‍ෂාවේදී තිබිය යුතු සීනි මට්‌ටම 79 - 140 පටරැdක කට ඊට වැඩි අගයක්‌ තිබීම යනු දියවැඩියාව පැවතීම හෝ අවදානම් සීමාවේ සිටීමය.
 
 අධි රුධිර පීඩනය
 
 යම් පුද්ගලයකුගේ රුධිර පීඩනය 80-120 පට්‍යට අගය පවතී නම් එම තැනැත්තාගේ රුධිර පීඩනය සාමාන්‍ය අගයක තිබේ. රුධිර පීඩන අගය 130 දක්‌වා ඉහළ ගොස්‌ ඇත්නම් අධි රුධිර පීඩනයට ගොදුරුවීමේ සීමාවේ පසුවේ.
 
 රුධිර පීඩන අගය 140 දක්‌වා ඉහළ ගොස්‌ ඇත්නම් එම තැනැත්තා අධි රුධිර පීඩනයට ගොදුරුව සිටියි.
 
 අධි රුධිර පීඩනයට ගොදුරුවූ පුද්ගලයින්ගේ සිරුරේ කොලෙස්‌ටරෝල් පරීක්‍ෂාවක්‌ සිදු කළ යුතුය.
 
 කොලෙස්‌ටරෝල් පරීක්‍ෂාව
 
 අධි රුධිර පීඩනය ඇති අයකු තම සිරුරේ කොලෙස්‌ටරෝල් පරීක්‍ෂාවකට ලක්‌කරගත යුතුය. ඒ සඳහා පැය 12 ක්‌ නිරාහාරව සිටිය යුතුය. නිරෝගී පුද්ගලයකුගේ තිබිය යුතු කොලෙස්‌ටරෝල් මට්‌ටම 100 පටරැdක වඩා අඩු අගයකි.
 
 වර්තමානයේ කොලෙස්‌ටරෝල් සඳහා සෘජු පරීක්‍ෂණද ඇත. ඒ සඳහා නිරාහාරව සිටිය යුතු නැත.
 
 දියවැඩියාව සහ අධිරුධිර පීඩනය පාලනය
 
 දියවැඩියාව සහ රුධිර පීඩනයත් ප්‍රධාන වශයෙන්ම ආහාර සමඟ සම්බන්ධව මතුවන රෝග දෙකකි. එබැවින් මෙම රෝග පාලනයේදී ආහාර පාලනය ඉතා වැදගත්ය.
 
 ආහාර පාලනය කිරීමේදී සමබර ආහාරවේලක්‌ ගැනීම වැදගත්ය.
 
 සමබල ආහාර වේලක්‌
 
 අප එක්‌ වේලකදී ආහාර ගතයුතු ප්‍රමාණය දක්‌වන ආහාර පිඟානක්‌ හඳුන්වා දී ඇත. එම පිඟානට අනුව බත් තිබිය යුත්තේ පිඟානෙන් කාලකි. ඉන් පිෂ්ඨය ලබාගත හැකිය. තවත් කාලක්‌ කඩල පරිප්පු, මස්‌ මාළු වැනි ප්‍රොaටීන් සහිත ආහාරද ඉතිරි හරි අඩ කොළ පැහැති එළවළු සහ පලා වර්ග සඳහාද වෙන් කළ යුතුය.
 
 බත්, පරිප්පු, සම්බෝල වැනි ආහාර වැඩිපුර ගැනීමෙන් අක්‌මාවේ මේදය තැන්පත් වීම වැඩිපුර සිදුවේ.
 
 ඖෂධ ලබාගැනීමේදී
 
 අධි රුධිර පීඩනය පාලනය සඳහා ඖෂධ ගැනීමේදී වෛද්‍ය උපදෙස්‌ මත නිසි මාත්‍රාව ගත යුතුය. අක්‌මාව තුළින් කොලෙස්‌ටරෝල් නිපදවන්නේ රාත්‍රියට බැවින් අධි රුධිර පීඩනය පාලනය සඳහා ඖෂධ ගත යුත්තේ රාත්‍රි කාලයටය.
 
 එක්‌වරකදී ගනු ලබන ඖෂධ මාත්‍රාවෙන් පාලනය වන්නේ පැය 24 කාලය ඇතුළත නිපදවන කොලෙස්‌ටරෝල් පමණි. ඉන්පසු නිපදවන කොලෙස්‌ටරෝල් පාලනයක්‌ සිදු නොවේ. එනිසා අධි රුධිර පීඩනය පාලනය සඳහා ඖෂධ ගන්නාවිට දිනපතා ගත යුතුය.
 
 යම් පුද්ගලයකු අධි රුධිර පීඩනයට ගනු ලබන ඖෂධ නතර කරන්නේ නම් එය වෛද්‍ය උපදෙස්‌ මත පමණක්‌ සිදු කළ යුතුය.
 
 රුධිර පීඩන පරීක්‍ෂාවක්‌ මාසයකට වරක්‌ සිදුකර ගැනීමටද යොමුවිය යුතුය.
 
 ශරීරයේ තැන්පත්ව ඇති කොලෙස්‌ටරෝල් දියකර හරින ඖෂධ තිබේද?
 
 මෙය අධි රුධිර පීඩනයෙන් පෙළෙන බොහෝ දෙනා අසන ප්‍රශ්නයකි. වෛද්‍යතුමනි, කොලෙස්‌ටරෝල් දියකරන ඖෂධ ලබාදන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
 
 ඒ සඳහා දිය හැකි පිළිතුර වනුයේ සිරුරේ තැන්පත්ව ඇති කොලෙස්‌ටරෝල් දියකර හරින ඖෂධ නැත. ඒ සඳහා ඇති එකම ඖෂධය වන්නේ ව්‍යායාම කිරීමය.
 
 එහිදී සාමාන්‍ය පුද්ගලයෙක්‌ දිනකට පැය භාගයක්‌ පමණද බර වැඩි පුද්ගලයෙක්‌ පැයක්‌ පමණද ව්‍යායාමවල යෙදිය යුතුය. එය වෛද්‍ය උපදෙස්‌ මත සිදු කළ යුතුය.
 
 ඇවිදීම ඉතා හොඳ ව්‍යායාමයකි.
 
 ගෙදර දොරේ වැඩ කිරීම තුළින් ව්‍යායාම කිරීමෙන් හිමිවන ප්‍රතිඵලය ලබාගත නොහැකිය. ගෙදර දොරේ වැඩ කිරීම නිසා වැඩිපුරම සිදුවන්නේ ශරීරයේ තෙහෙට්‌ටුවට පත්වීම පමණකි.
 
 ව්‍යායාම කිරීමේදී ද දහදිය දමනතුරු සිදු කළ යුතුය. කොලෙස්‌ටරෝල් දියකර හැරිය හැක්‌කේ එසේ ව්‍යායාමවල නිරතවූ විටදී පමණි.
 
 දියවැඩියාවට ඖෂධ ගැනීම
 
 දියවැඩියාව රෝගයෙන් පෙළෙන පුද්ගලයන් දිනපතා නිසි ඖෂධ මාත්‍රාව ගත යුතුය. එම ඖෂධ මාත්‍රාව අඩුකිරීම හෝ වැඩිකිරීම සිදු කළ යුත්තේ වෛද්‍ය උපදෙස්‌ මත පමණි.
 
 දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයින් සෑම වසරකට වරක්‌ තම සම්පූර්ණ ශරීරය පරීක්‍ෂාවකට ලක්‌කර ගැනීම අත්‍යවශ්‍ය නැත. වෛද්‍ය උපදෙස්‌ මත අවශ්‍ය පරීක්‍ෂණ පමණක්‌ සිදුකර ගැනීම ප්‍රමාණවත්ය.
 
 ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍ය සංගමයට වසර 50 ක්‌ පිරීම නිමිත්තෙන් බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති zසුව දැනුම විශේෂඥ වෛද්‍ය හමුවZ යටතේ පැවැති වෛද්‍ය හමුවක්‌ ඇසුරිණි.
 
 සංස්‌කරණය උපාලි ද සේරම්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Oct 2017 06:01 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/24790.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Oct 2017 07:06 PM
අපේ රටෙ තමා මෙ ඔක්කොම ලෙඩ රොග
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Oct 2017 03:42 AM
මෙහෙත් තියෙනවා ඔය වසංගතේ , උන හෙම්බා කැස්ස
මටත් හැදිලා විදවනවා
මෙහෙනම් වැස්ස නිසා නොවේ කාලගුණය වෙනස් වීමත් සමගින් හැදෙන ලෙඩ
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
23 Oct 2017 09:15 AM
ලෙඩ වුනාම බෙහෙත් ගන්නවා.. එච්චරයි..
ලෙඩ වලට බය වෙලා බෑ...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Oct 2017 06:01 PM

මොළයේ ජීවය රැකගමු

ලිව්වේ  තුසිත මලලසේකර
තරුණ වයසේදී මෙන්ම වැඩිහිටි වියේදීත් වියපත් වූ විටත් යහපත් ලෙස ක්‍රියාකාරිවීම සඳහා සිරුරට ව්‍යායාම ලැබිය යුතු බව ඔබත් පිළිගන්නවා ඇති.

 

මෙම ක්‍රියාකාරි බව ලැබිය යුත්තේ ශරීරයට පමණක් නොව මොළයටත් එය එලෙසම ලැබිය යුතු බව ඔබ නොදන්නවා වන්නට පුළුවන්. වයස අවුරුදු 20 - 30 අතර කාලයේදී ඔබ සතුව තිබූ මතකය, ප්‍රජනන හැකියාව, යමකට ප්‍රතිචාර දැක්වීමට ගතවන කාලය, අත සහ මුව අතර සම්බන්ධීකරණය වයසට යාමත් සමඟ යම් ක්ෂයවීමකට පත්වෙයි.

මෙම ක්ෂයවීම යම්තාක් දුරකට පාලනය කරගෙන මොළය සක්‍රීයව තබාගැනීමට ගතහැකි පියවර රාශියක් ගැන අද පර්යේෂකයෝ කතා කරති.

මොළය යළි පණගන්වන මෙම ක්‍රියාකාරකම් කවරේ ද?

දිනපතාම ඔබට යහපත් ප්‍රතිඵල ගෙනදිය හැකි අලුත් කාර්යයක් ඉටුකරන්න

වැඩට යන, නෑ හිතවතුන් හමුවීමට යන සුපුරුදු ගමන් මාර්ගය වෙනස්කර අලුත් පාරකින් යන්න.

එය සිත් ඇදගන්නා සුළු වට පිටාවකින් යුක්ත නම් වඩා හොඳ ය. සැමදාම ගන්නා ආහාරයට වඩා වෙනස් ආහාරයක රස බලන්න. අලුත් චිත්‍රපටයකට, නව විනෝදාංශයකට, නාට්‍යයකට සිත් යොමු කරන්න.

අලුත්, නැවුම් කාර්යයක යෙදෙන විට මොළයට නව උත්තේජනයක් ලැබෙන බව පර්යේෂණ පෙන්වා දෙයි.

ක්‍රීඩාවක යෙදෙන්න

ඇවිදීම, ව්‍යායාම ගැනීම, සමූහ එළිමහන් ක්‍රීඩාවක යෙදීම හෝ චෙස්, දාම්, කැරම් වැනි ගෘහස්ථ ක්‍රීඩාවක යෙදීම තුළින් ඔබගේ කයට පමණක් නොව මොළයට ද ව්‍යායාමයක් සැපයෙයි.

තීන්ත ගෑම, මේසන් හෝ වඩු වැඩක නිරතවීම ද එවැනි ම ප්‍රතිඵල හිමි කරයි.

වැඩ කිරීම පමණක් නොව ඒ කාර්යයන් ගැන සිහින මැවීම පවා ඔබට අස්වැසිල්ලකි.

විවේචනාත්මකව සිතන්න

අන්‍යයන් පවසන දේ පමණක් නොව, ඇසෙන ප්‍රවෘත්ති වුව එපරිද්දෙන් ම බාර නොගෙන අදාළ සිද්ධිය හෝ වාර්තාව හෝ ගැන විවේචනාත්මක ලෙස සිතීම මොළයට ව්‍යායාමයකි. ඔබ ජීවිත කාලය තුළ ලබා ඇති අත්දැකීම් සහ අසා බලා ඇති කරුණු ඔස්සේ එසේ සිතීම අපහසු නොවනු ඇත.

මෙහිදී ඔබ එකඟ නොවන මත දරන පුද්ගලයන් හා කතාබහ කිරීම, එවැනි අදහස් ඇති ලිපි කියවීම ඉතා වැදගත් ය.

මෙසේ ලැබුණු තොරතුරු ඇගයීමට ලක්කරමින්, හරි වැරදි නිගමනය සඳහා සිත යොමුකිරීම මොළයට ප්‍රයෝජනවත් බලපෑමක් කරන බව පර්යේෂකයෝ පවසති.

භාවනාවට හුරුවන්න

දැනට ලැබී ඇති විද්‍යාත්මක සාක්ෂි අනුව භාවනාවක යෙදීම තුළින් අධික රුධිර පීඩනය අඩුකිරීමට, ආතතිය පලවා හැරීමට, ප්‍රතිශක්තිය (රෝග මර්දන ශක්තිය) නංවාලීමට, කාංසාව මඟ හැරීමට මෙන්ම වේදනාව පාලනයට භාවනාව උදව්වෙයි.

ඒ ඉන් ලැබෙන ආගමික ප්‍රතිඵලයට අමතරව ය. මේ අතර ම භාවනාව තුළින් මතකය, අවමානය හා යහපැවැත්ම නංවාලීමට ද අවස්ථාව උදාකරන ආනාපානසති භාවනාව, මෛත්‍රී භාවනාව ආදී කවර භාවනාවක යෙදීම වුව ඔබට මෙම ප්‍රතිඵල උරුම කිරීමට සමත් ය.

ජීවිත රිද්ම ඔරලෝසුවට ගරු කරන්න

හොඳට සිතාබලන්න. අපට නිදිමත, කුසගින්න, අවදිවීම ආදිය සඳහා අපට ආවේනික වූ කාල සමයක් ඇත. මෙය එකිනෙකාට වෙනස් වුවද, ඒ ඒ පුද්ගලයාට තිරලෙස සටහන් වූවකි. එහෙයින් හැමවිටම මෙම ජීව ඔරලෝසු කාලයට ගරුකරන්න.

එසේ කිරීම තුළින් යහපත් නින්දක් ලැබීමට, උද්යෝගයෙන් ඇවිදීමට අපහසුවීමකින් තොරව මලපහ කිරීමට ආදී වශයෙන් ඔබට බොහෝ ප්‍රයෝජනවත් කාර්යයන් පහසුවෙන් සිදුවිය හැකිය.

අප බොහෝ දෙනකු වැඩට යන දවසට අලුයමින් අවදිවීමටත්, නිවාඩු දිනවල බොහෝ වෙලා නිදන්නටත් හුරුව සිටිමු. එය ජීව රිද්මයට හානියකි. මෙයට හොඳම උදාහරණය වන්නේ වෙනදා සුපුරුදු වෙලාවට ආහාර ගන්නා ඔබ යම් දිනයක එම වෙලාව පහුකළහොත් ඔබට කුසගින්න නැතිවූ බව හැඟීයාම දැක්විය හැකිය.

මනස සක්‍රියව තබාගන්න

බොහෝ වියපත් වූවන් ඔබට ප්‍රහේලිකා හා බුද්ධි පරීක්ෂණ ගැටලු විසදීමට හුරුවීමට ලැබුණහොත් එය මනස සක්‍රියව තබාගැනීමට මහඟු උපකාරයකි. පත - පොත, විශේෂයෙන් ම දැනුම ලබාදෙන කරුණු ඇතුළත් සරල පතපොත කියවීම තුළින් ක්ෂයවී යන මතකය තවතවත් රැක ගැනීමට හැකිවන බව සිතට ගන්න.

මෙවැනි උත්සාහයන් මඟින් ලැබෙන ප්‍රයෝජන ගැන පර්යේෂණ සිදුකළ විද්‍යාඥයන් පවසන්නේ නව මොළ (ස්නායු සෛල උපදවීමට මෙන්ම ස්නායු සම්බන්ධතා අලුත් කිරීමටත් එම ප්‍රයත්නය දායක වන බව ස්නායු ව්‍යායාමවල යෙදීම මගින් ද) විෂාදය, ආතතිය, කාංසාව වැනි මානසික ව්‍යාධීන් ජය ගැනීමට ද හැකි බව පවසන පර්යේෂකයෝ ප්‍රහේලිකා විසඳීම, පත පොත කියවීම ආදිය තුළින් ද එලෙස ම ඵල ප්‍රයෝජන ලැබෙන බව පවසති.

මේදය - සීනි හා ලුණු අඩු එහෙත් පෝෂණ ගුණ ඉහළ ආහාරයක් ගන්න

එළවළු, පලා එළවළු, පලතුරු, පියළි ඇට, මාළු ආහාරයට එක්කර ගැනීම තුළින් කායික සෞඛ්‍යය සුරැකීමට මෙන්ම මානසික සෞඛ්‍යය රැකගැනීමටත්, ඇල්ෂයිමර්, පාර්කින්සන් වැනි සුවකළ නොහැකි ස්නායු රෝග වළක්වා ගැනීමටත් මෙවැනි ආහාර ගැනීම හේතුවෙයි.

මොළය සක්‍රිය නම් තමනුත් සක්‍රීය හා ඵලදායී බව සිතට ගන්න.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Oct 2017 06:15 PM
doc3නුවර ගෝනෙගොඩ වෙද පරම්පරාව අවුරුදු හයසියයක්‌ හත්සියයක්‌ පමණ ඈත ඉතිහාසයකට හිමිකම් කියන වෙද පරම්පරාවකි. ගෝනෙගොඩ වෙද පරම්පරාව අක්‌කරගම පන්සල ආශ්‍රිතව ඇති වූ බවට ඉතිහාසය සාක්‍ෂි දරයි.
 
 නුවර රාජධානිය යුගයේ සිට පැවැත එන ගෝනෙගොඩ වෙද පරම්පරාව සර්වාංග රෝග සඳහා අතීතයේ ඉසිලූ ප්‍රසිද්ධිය අද දක්‌වාම පැවැතීමේදී හන්දි රෝග සහ වාත රෝග ඒ අතුරින් විශේෂිත බව පෙනේ.
 
 අද මෙම වෙද පරම්පරාවේ හත්වන පරම්පරාව වෙදකමේ නිරත වී සිටිනු දක්‌නට ලැබේ. පරම්පරාවෙන් ලැබුණු වෙදකම සමඟ දේශීය වෛද්‍ය අධ්‍යාපනය ලබමින් දැනුම තවත් පුළුල් කර ගැනීම තුළ ගෝනෙගොඩ වෙද පරම්පරාවේ හත් වන පරම්පරාව නියෝජනය කරන වෛද්‍ය අමිල බණ්‌ඩාර ගෝනෙගොඩ මහතා මාළබේ සුසිලාරාම පාරේ, තුන් වැනි පටුමගේ සුවසහන රෝහලේ ප්‍රතිකාර ලබාදෙන්නේ කුඩා කල සිට ලැබූ අත්දැකීම් මෙන්ම පුළුල්කරගත් දේශීය වෛද්‍ය ශාස්‌ත්‍රය ඔස්‌සේ බව පැහැදිලිව පෙනෙන්නට ඇත.
 
 අද සමාජයට දෙනෙත් යොමු කිරීමේදී බොහෝ තැනකදී අසන්නට ලැබෙන්නේ කොඳු ඇට පෙළ ආශ්‍රිත ආබාධ මෙන්ම වේදනාවන් පිළිබඳවය. රෝගය නිවැරදිව හඳුනා නොගැනීම තුළ බොහෝ කාලයක්‌ ප්‍රතිකාරයට යොමු වී සුවයක්‌ නොලද පිරිස සමාජයේ අඩුවක්‌ නැත. මෙම කාල සීමාව වසර තුන හතර හෝ ඊටත් වඩා වැඩි වන අවස්‌ථා දුලබ නැත.
 
 කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝගාබාධවලදී එය නිවැරදිව හඳුනාගත යුතු වන්නේ ප්‍රතිකාර ලබාදිය යුතු, කොඳු ඇට පෙළ මොළොක්‌ කිරීමෙන් පසුව දැයි වටහා ගත යුතු නිසාවෙනි. කොඳු ඇට පෙළ මොළොක්‌ කිරීම සඳහා වූ විශේෂිත ඖෂධ වට්‌ටෝරු තිබේ. කොඳු ඇට පෙළෙහි යම් ආබාධයක්‌ වේ නම් අවශ්‍ය අවස්‌ථාවල එය නිවැරදි කිරීමට පළමුව කොඳු ඇට පෙළ මොළොක්‌ කළ යුතුය. මොළොක්‌ කිරීමෙන් පසු යථා තත්ත්වයට පත්කර පසුව ශක්‌තිමත් කළ යුතුය. බොහෝ තැනෙකදී එලෙසින් නිවැරදි ප්‍රතිකර්මයක්‌ සිදු නොවීම හමුවේ දේශීය වෛද්‍ය ක්‍රමයෙන් සාර්ථක ප්‍රතිඵල නොලැබුණු බවට මැසිවිලි නැගූවද වරද නිසි ප්‍රතිකර්මය නොවූ නිසාවෙන් බව පිළිගත යුතු කාරණාවය.
 
 කොඳු ඇට පෙළ ආශ්‍රිතව බොහෝ රෝග තත්ත්වයන් දක්‌නට ලැබෙන්නේ වැරදි ඉදිරියව් නිසාවෙන් බව පෙනේ. වාඩිවීමට නිවැරදි ඉදිරියව් භාවිත නොකිරීම, වැරදි බර ඉසිලීමේ ක්‍රම, වැරදි ව්‍යායාම කොඳු ඇට පෙළට හානි කරන බව අප තරයේ මතක තබා ගත යුතුය. දිගින් දිගටම එකම වරද සිදු වීමේදී කොඳු ඇට පෙළ ඇදවීම, කශේරුකා මඬල ලිස්‌සා යැම (කශේරුකා දෙකක්‌ අතර ඇති තරලය) වැනි තත්ත්වයන් ප්‍රධාන වශයෙන් ඇති විය හැකිය.
 
 තවද කොඳු ඇට පෙළ ආශ්‍රිතව ආබාධ ඇතිවිය හැකි තවත් අවස්‌ථාවක්‌ ලෙසට හදිසි අනතුරු පෙන්වා දීමට පුළුවන. මෙහිදී විශේෂයෙන් මතක තබා ගත යුතු වන්නේ නිරෝගී බව ලඟාකර ගැනීමට යෑයි කියමින් නියෑළෙන අවිධිමත් ව්‍යායාම පිළිබඳවය. අවිධිමත් ව්‍යායාම සැබැවින්ම කොඳු ඇට පෙළට හානි කර විය හැකි නිසාවෙන් ව්‍යායාමයක නියෑළීමට පෙර නිසි උපදෙස්‌ ලබා ව්‍යායාමයේ නියෑළීමට වග බලා ගත යුතුය. තවද කොඳු ඇට පෙළ ආශ්‍රිත ආබාධ ඇතිවීමට ආතරයිටිස්‌ වර්ගයන්ගේ බලපෑම ඇතිවන අවස්‌ථාද ඇත.
 
 කොඳු ඇට පෙළේ කොඳු ඇට අතර පරතරය (අස්‌ථි අතර) ඈත්වීමක්‌ සිදු වීම තුළ සයිටිකා ස්‌නායුව තද වීම යන අවස්‌ථාව ඇතිවිය හැක. (ගෘධ්‍රසි) මෙම තත්ත්වය ඇතිවීමට හදිසි වැටීම්, හදිසි අනතුරු, අධික බර ඉසිලීම්, වැරදි ඉරියව් වැනි තත්ත්වයන් ප්‍රධාන හේතූන් බව පෙනේ.
 
 සයිටිකා ස්‌නායුව තදවීම යන අවස්‌ථාව ඇතිවී නම් එහි අවස්‌ථාව අනුව ඉණෙන් පහළ පණ නැති වන තත්ත්වයට පවා පත්වීමට පුළුවන.
 
 පොදුවේ මෙම තත්ත්වයට තෙල් ආලේපකරමින් තැවීම් සිදු කළද එසේ කිරීම තුළ ඈත් වූ අස්‌ථි වෙනස්‌ වීමක්‌ සිදු නොවන බව මතක තබා ගත යුතුය.
 
 ඈත් වු කොඳු ඇට පෙළෙහි අස්‌ථි නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා (අස්‌ථි අතර පරතරය සමාන වීම සඳහා) විශේෂ වැටියක්‌ දමා තෙල් ආලේප කළ යුතු වන්නේ අස්‌ථි බුරුල් කිරීම සඳහාය. අස්‌ථි අතර සමාන පරතරයක්‌ ඇති කර ගැනීමට පරතරය වෙනස්‌ වූ අස්‌ථිය නැවත නිසි පරතරයට ගත යුතුය. එය කළ හැකි වන්නේ අස්‌ථිය බුරුල් කර ගැනීමෙනි.
 
 පුරාණ සෘෂිවරුන් විසින් අස්‌ථි බුරුල් කිරීම සඳහා වූ ඖෂධ වට්‌ටෝරු පිළිබඳ සටහන් කළ පොත් පත් අදටත් අප අතර තිබීම සැබැවින්ම නිවැරදි ප්‍රතිකර්මයට මහඟු පිටිවහලක්‌ බව පෙනේ. අස්‌ථි බුරුල් කර නිවැරදි ස්‌ථානයට අස්‌ථිය ප්‍රතිස්‌ථාපනය කර නැවත ප්‍රතිකාර කළ යුතු වන්නේ බුරුල් වු අස්‌ථි ශක්‌තිමත් කිරීම සඳහාය.
 
 මෙම ක්‍රමය යටතේ කොඳු ඇට පෙළෙහි ආබාධවලට පමණක්‌ නොව ඇද වී ඇති පාද, හන්දි ඇදවීම වැනි අවස්‌ථාවන්ටද ප්‍රතිකාරය සාර්ථක වන්නේ ඇද වු පාද හෝ හන්දි බුරුල් කර නිවැරදි කිරීමෙන් පසු නැවත යථා තත්ත්වයට පත් කරන නිසාවෙනි.
 
 මේ සියලු දෙයට මුලික වී තිබෙන්නේ ඖෂධීය තෙල් සාත්තුව, තැවිලි වැනි පුරාණ සෘෂිවරුන්ගේ ඖෂධ ක්‍රම වීම විශේෂිත බව පෙනේ.
 
 ඖෂධීය තෙල් සාත්තුවේ සාර්ථකත්වය පිළිබඳ කතා කිරීමේදී අංගම්පුර සටන් කලාවේදී තෙල් ආලේපයෙන් සටන් කලාවට පිසුණේ නම්‍යශීලි බව ලබාගැනීමට මෙන්ම ශරීර සෞඛ්‍ය රැක ගැනීමට බව පැහැදිලිව පෙනෙන්නට ඇත.
  doc1
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 59 of 137 << < 5758596061 > >>