You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 137 << < 45678 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Apr 2017 09:19 PM
අම්මපා ලග ලගම එනවා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
24 Apr 2017 09:25 PM
ඔබත් හතළිහ ආසන්නයේද - හතළිස්‌ ඇඳිරිය ගැන සැලකිලිමත් විය යුතු ඇයි...................... 60 ආසන්නයේ ඉන්නා අයට සැලකිලිමත් වන්නත් යමක් කියමුකෝ!!!!!!!!!!!!!!!!
ආදරයේ උල්පත අම්මා ......................
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
24 Apr 2017 10:39 PM
මම නම් 40 කණුව පහු කරලා සෑහෙන කාලයක්.. දැන් බලන්න තියෙන්නේ ගාමිණී කියනවා වගේ 60දී සැලකිලිමත් වෙන දෙයක්..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
25 Apr 2017 03:39 AM
හැට පැන්නත් වදුරන් බිමින් නොයයයි ......මතක තියාගන්න වික්ටර් දෙවෙනි කසාදෙ කරගත්තෙ 73 ..ඉතින් ඔයාලට තව කල් තියෙනවා ..හොද කාලෙ ඉස්සරහටයි ලබන්නෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Apr 2017 04:19 AM

පෙරිටෝනියල් කාන්දුවේ වාසි සහ අවාසි

පෙරිටෝනියල් ඩයලිසිස් ක්‍රමය භාවිතයේදී නිවැරැදි වෛද්‍ය උපදෙස් මත ක්‍රමානුකූලව සහ නිසි පුහුණුවකින් අනතුරුව කළ යුතු බව මතක තබා ගන්න.

කිසිදු විස බීජයක් උදර කුහරය අභ්‍යන්තරයට ඇතුළු නොවන අයුරින් තරලය ඇතුළු කිරීම සහ ඉවත් කිරීම ඔබ සතු වගකීමයි. නැතහොත් උදර කුහරයට ඇතුළුවන බැක්ටීරියා නිසා උග්‍ර ආසාදන තත්ත්ව මතු විය හැකිය.

සුළු ආසාදනයක් නම් උදර කුහරයට ඇතුළු කරන ප්‍රතිජීවක මගින් පාලනය කළ හැකිය.

ඒත් තත්ත්වය බරපතළ නම් ඩයලිසිස් නළය උදර කුහරයෙන් ඉවත් කිරීමට පවා සිදු වේ. මෙහි ඇති තවත් සංකූලතාවක් වනුයේ ඩයලිසිස් නළය අවහිර වීම හෝ අවතැන් වීමයි. මෙවන් තත්ත්වයකදී අලුතෙන් නළයක් නැවත වතාවක් දැමීමට සිදු වේ.

තවද ඩයලිසිස් සඳහා භාවිත කරන විශේෂිත වූ තරලයේ සීනි අඩංගු වේ. එබැවින් දියවැඩියාව ඇති රෝගීන්ගේ ඉන්සියුලින් අවශ්‍යතාවද ඉහළ යා හැකිය. පරිතාන පටලය ආධාරයෙන් රුධිරය පිරිසුදු කෙරෙන බැවින් පටල ක්‍රියාකාරිත්වයේ ඇති වන වෙනස්කම් නිසා රුධිරය පිරිසුදු කිරීම අපේක්ෂිත ආකාරයෙන් සිදු නොවීමද තවත් සංකූලතාවකි.

වාසි -

hemodialysis ක්‍රමයට වඩා ඉතිරි වී තිබෙන වකුගඩු ක්‍රියාකාරීත්වය  ඒ මට්ටමින්ම බොහෝ විට රඳවා තබා ගැනීමේ හැකියාව ඇත.

වෙනත් ශාරීරික දුර්වලතා ඇති පුද්ගලයන්ට ද ප්‍රශ්නයකින් තොරව යොදා ගත හැකි වීම

තමන්ට නිවසේදී සිදු කළ හැකි අතර දෛනික රාජකාරීවලදනිරත වීමට හැකියාව ලැබේ.

විශාල කාලයක් වැය කිරීමට අවශ්‍ය නැත.

මීට අමතරව මෙම ක්‍රමයේදී දිනකට තරල ලීටර් 8ත් 10ත් අතර සංඛ්‍යාවක් අවශ්‍ය වේ. සතියකට ප්‍රමාණවත් තරම් හෝ ද්‍රාවන ගබඩා කිරීමේ පහසුකම්ද රෝගීන් සතු විය යුතුය.

එමෙන්ම පිරිසිදු ජලයෙන් දෙඅත් සෝදා ගැනීමෙන් මේ ඇසුරින් ඇති වන්නාවූ ආසාදන අවම කර ගැනීමට පුළුවනි. විශේෂයෙන්ම මේ සඳහා වෙන් කර ගත් වෙනම කාමරයක් රෝගියාට තිබිය යුතුය.කෙසේ වුවද ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටකට මෙකී ක්‍රම දෙකම ඉතා  වියදම් අධික ප්‍රතිකාරයි. මෙබැවින් වකුගඩු රෝග මූලික අවස්ථාවේදීම හඳුනා ගෙන හැකි තරම් එයට ඇති අවදානම් තත්ත්ව වළක්වා ගැනීමත් යන කාරණා ද්විත්වයට අවදානය ලබා දිය යුතු වේ.

එක්සත් රාජධානියේ ඩම්ෆ්‍රීස්  සහ ගැලොවේ ජාතික වෛද්‍ය සේවයේ වකුගඩු සහ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීකා රත්නමලල

සටහන - මාධවී ධර්මරත්න

http://middleeast.lankadeepa.lk/med...92/31-2520

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
25 Apr 2017 04:20 AM
ඒ කියන්නේ තව 13 ක් තියෙනවා....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
25 Apr 2017 04:25 AM
Posted By chamaramind on 25 Apr 2017 04:19 AM

පෙරිටෝනියල් කාන්දුවේ වාසි සහ අවාසි

පෙරිටෝනියල් ඩයලිසිස් ක්‍රමය භාවිතයේදී නිවැරැදි වෛද්‍ය උපදෙස් මත ක්‍රමානුකූලව සහ නිසි පුහුණුවකින් අනතුරුව කළ යුතු බව මතක තබා ගන්න.

කිසිදු විස බීජයක් උදර කුහරය අභ්‍යන්තරයට ඇතුළු නොවන අයුරින් තරලය ඇතුළු කිරීම සහ ඉවත් කිරීම ඔබ සතු වගකීමයි. නැතහොත් උදර කුහරයට ඇතුළුවන බැක්ටීරියා නිසා උග්‍ර ආසාදන තත්ත්ව මතු විය හැකිය.

සුළු ආසාදනයක් නම් උදර කුහරයට ඇතුළු කරන ප්‍රතිජීවක මගින් පාලනය කළ හැකිය.

ඒත් තත්ත්වය බරපතළ නම් ඩයලිසිස් නළය උදර කුහරයෙන් ඉවත් කිරීමට පවා සිදු වේ. මෙහි ඇති තවත් සංකූලතාවක් වනුයේ ඩයලිසිස් නළය අවහිර වීම හෝ අවතැන් වීමයි. මෙවන් තත්ත්වයකදී අලුතෙන් නළයක් නැවත වතාවක් දැමීමට සිදු වේ.

තවද ඩයලිසිස් සඳහා භාවිත කරන විශේෂිත වූ තරලයේ සීනි අඩංගු වේ. එබැවින් දියවැඩියාව ඇති රෝගීන්ගේ ඉන්සියුලින් අවශ්‍යතාවද ඉහළ යා හැකිය. පරිතාන පටලය ආධාරයෙන් රුධිරය පිරිසුදු කෙරෙන බැවින් පටල ක්‍රියාකාරිත්වයේ ඇති වන වෙනස්කම් නිසා රුධිරය පිරිසුදු කිරීම අපේක්ෂිත ආකාරයෙන් සිදු නොවීමද තවත් සංකූලතාවකි.

වාසි -

hemodialysis ක්‍රමයට වඩා ඉතිරි වී තිබෙන වකුගඩු ක්‍රියාකාරීත්වය  ඒ මට්ටමින්ම බොහෝ විට රඳවා තබා ගැනීමේ හැකියාව ඇත.

වෙනත් ශාරීරික දුර්වලතා ඇති පුද්ගලයන්ට ද ප්‍රශ්නයකින් තොරව යොදා ගත හැකි වීම

තමන්ට නිවසේදී සිදු කළ හැකි අතර දෛනික රාජකාරීවලදනිරත වීමට හැකියාව ලැබේ.

විශාල කාලයක් වැය කිරීමට අවශ්‍ය නැත.

මීට අමතරව මෙම ක්‍රමයේදී දිනකට තරල ලීටර් 8ත් 10ත් අතර සංඛ්‍යාවක් අවශ්‍ය වේ. සතියකට ප්‍රමාණවත් තරම් හෝ ද්‍රාවන ගබඩා කිරීමේ පහසුකම්ද රෝගීන් සතු විය යුතුය.

එමෙන්ම පිරිසිදු ජලයෙන් දෙඅත් සෝදා ගැනීමෙන් මේ ඇසුරින් ඇති වන්නාවූ ආසාදන අවම කර ගැනීමට පුළුවනි. විශේෂයෙන්ම මේ සඳහා වෙන් කර ගත් වෙනම කාමරයක් රෝගියාට තිබිය යුතුය.කෙසේ වුවද ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටකට මෙකී ක්‍රම දෙකම ඉතා  වියදම් අධික ප්‍රතිකාරයි. මෙබැවින් වකුගඩු රෝග මූලික අවස්ථාවේදීම හඳුනා ගෙන හැකි තරම් එයට ඇති අවදානම් තත්ත්ව වළක්වා ගැනීමත් යන කාරණා ද්විත්වයට අවදානය ලබා දිය යුතු වේ.

එක්සත් රාජධානියේ ඩම්ෆ්‍රීස්  සහ ගැලොවේ ජාතික වෛද්‍ය සේවයේ වකුගඩු සහ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීකා රත්නමලල

සටහන - මාධවී ධර්මරත්න

http://middleeast.lankadeepa.lk/medical/%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%A7%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A-%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92-%E0%B7%83%E0%B7%84-%E0%B6%85%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92/31-2520


මෙච්චර ලෙඩ රෝග තියෙනවද බං...


0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Apr 2017 06:31 PM

අක්‍ෂි කාචයක ප්‍රමිතිය



ඇසේ සුද මතු වූ විට කළ යුතු ප්‍රතිකාරය වන්නේ සුද ඉවත්කර ඇසට කෘත්‍රිම කාචයක්‌ බද්ධ කිරීමය. මෙවැනි අවස්‌ථාවකදී බොහෝ දෙනාට මතුවන ගැටලුව වන්නේ බද්ධ කරන අක්‍ෂි කාචය පිළිබඳවය.

අක්‍ෂි කාච විවිධ මිල ගණන් යටතේ පවතී. මිල අඩු අක්‍ෂි කාචවල ප්‍රමිතිය බාලද? මිල වැඩි කාච ප්‍රමිතියෙන් ඉහළද? එබැවින් මෙම අක්‍ෂි කාච පිළිබඳව අප යම් අවබෝධයක්‌ ලබා ගැනීම වැදගත්ය.

ඇසේ සුද ඇති වූ විට අක්‍ෂි කාචයක්‌ බද්ධ කළ යුතුද?

ඇසේ සුද ඇති වන්නේ අක්‍ෂි කාචයේ ඇතිවන ඝන වීමකටයි. මෙය බොහෝ විට මතුවන්නේ වයසට යැමත් සමඟයි. සාමාන්‍යයෙන් වයස අවුරුදු 50 ඉක්‌ම වූ විට ඇසේ සුද මතුවීමට ඇති ඉඩකඩ වැඩියි.

ඇසේ සුද ඇති වූ විට ආලෝක කිරණ අක්‍ෂි කාචය තුළින් ඇස ඇතුළට ගමන් කිරීමට බාධා මතු වෙනවා.

එවිට ඇසේ පෙනීම දුර්වල වෙනවා.

මෙවැනි අවස්‌ථාවකදී ඇසේ සුද ඉවත් කර කෘත්‍රිමව සකස්‌ කළ අක්‍ෂි කාචයක්‌ බද්ධ කළ යුතුයි.

බද්ධ කළ යුතු අක්‍ෂි කාච වර්ගය තීරණය කරන්නේ කෙසේද?

වර්තමානයේ වෙළෙඳ පොළේ අක්‍ෂි කාච වර්ග තුනක්‌ තිබෙනවා. පළමු වර්ගය වන්නේ ඡඵඵ වර්ගයට අයත් අක්‍ෂි කාචය. දෙවැනි වර්ගය සිලිකන් වර්ගයට අයත් අක්‍ෂි කාචය. තුන්වැනි වර්ගය ඇක්‍රිලික්‌ වර්ගයට අයත් අක්‍ෂි කාචය.

ඡඵඵ වර්ගයට අයත් අක්‍ෂි කාච

මෙම අක්‍ෂි කාච වර්ගය අකුළන්න බැහැ. එනිසා එය ඇසට බද්ධ කිරීමේදී මිලිමීටර් 9-10 (9 - 10 පප) පමණ කැපුමක්‌ ඇස තුළ කළ යුතු වෙනවා. ඉන්පසු එම කැපුම සඳහා මැහුම් දැමීමද කළ යුතුයි.

සිලිකන් වර්ගයට අයත් අක්‍ෂි කාච

මෙම අක්‍ෂි කාචය අකුළන්න පුළුවන්. එනිසා ඇසට බද්ධ කිරීම සඳහා ඇසේ ලොකු කැපුමක්‌ කළ යුතු වන්නේ නැහැ. මිලිමීටර් 5 ට අඩු (5 පප) කැපුමක්‌ ඇස තුළ සිදුකර අක්‍ෂි කාචය බද්ධ කළ හැකියි. මැහුම් දැමීමක්‌ අවශ්‍ය වන්නේ නැහැ.

ඇක්‍රිලික්‌ වර්ගයට අයත් අක්‍ෂි කාචය

වර්තමානයේ නවීනතම තාක්‍ෂණය අනුව නිපදවූ අක්‍ෂි කාච වර්ගයක්‌ ලෙස මෙය සැලකිය හැකියි. මෙම අක්‍ෂි කාචය ඉතා කුඩා ප්‍රමාණයක්‌ දක්‌වා අකුලන්න පුළුවන්. එනිසා මෙවැනි අක්‍ෂි කාචයක්‌ ඇසට බද්ධ කිරීම සඳහා ඇස තුළ මිලිමීටර් 02 කට අඩු (2 පප) කැපුමක්‌ සිදු කිරීම ප්‍රමාණවත්.

මැහුම් දැමීම අවශ්‍ය වන්නේම නැහැ.

මෙම අක්‍ෂි කාච වර්ග අතරින් ප්‍රමිතියෙන් ඉහළ කුමන අක්‍ෂි කාච වර්ගයද?

ඇස ඇතුළට සම්බන්ධ කරන කිසිම උපකරණයක්‌ ප්‍රමිතියෙන් බාලව නිපදවන්න බැහැ. ලෝක ආහාර සහ ඖෂධ අධිකාරිය මගින් අක්‍ෂි කාච සඳහා ප්‍රමිතියක්‌ අනුමත කර තිබෙනවා. එම ප්‍රමිතියට අනුව සෑම අක්‍ෂි කාචයක්‌ම නිපදවිය යුතුයි.

අක්‍ෂි කාචවල ප්‍රමිතිය එකම නම් ඒවායේ මිල වෙනස්‌ වන්නේ ඇයි?

අක්‍ෂි කාචයක ප්‍රමිතිය එක සමාන වුවත්, ඒවා නිපදවීම සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය සහ එහි ක්‍රියාකාරිත්වය අනුව මිල වෙනස්‌ වෙනවා.

ඇතැම් අක්‍ෂි කාච මගින් දුර පෙනීම සහ ළඟ පෙනීම යන ක්‍රියාවන් දෙකම සිදු වෙනවා. එනිසා ඇස්‌ කණ්‌ණාඩි භාවිත කළ යුතු වන්නේ නැහැ.

තවත් අක්‍ෂි කාච මගින් දුර පෙනීම, ළඟ පෙනීම යන ක්‍රියාවන් පාලනය මෙන්ම ඇසට ඇතුළු වන ආලෝකය පාලනය කිරීමත් සිදු කරනවා.

මෙවැනි බහු ක්‍රියාකාරී අක්‍ෂි කාචවල මිල ගණන් වෙනස්‌ වෙනවා.

දියවැඩියා රෝගීන් සඳහාත් වෙනම අක්‍ෂි කාච නිපදවා තිබෙනවා. දියවැඩියා රෝගය නිසා ශරීරයේ පවතින වෙනස්‌කම්වලට ඔරොත්තු දීමට මෙම කාචවලට හැකියි. එනිසා එවැනි අක්‍ෂි කාච දිගු කාලයක්‌ භාවිත කළ හැකියි. අක්‍ෂි කාචයක්‌ බද්ධ කිරීමේදී මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන තමාට ගැලපෙන අක්‍ෂි කාචය වෛද්‍ය උපදෙස්‌ අනුව තෝරාගත හැකියි.

අක්‍ෂි කාචයක්‌ බද්ධ කිරීමේ ප්‍රධාන අරමුණ ඇසේ සුද ඇතිවීම නිසා මතුව ඇති පෙනීමේ දුර්වලතාවය නැති කිරීමයි. තමා නිරත වන රාජකාරි අනුව සහ තම අවශ්‍යතාව අනුව වඩාත්ම සුදුසු අක්‍ෂි කාචය බද්ධ කරගත හැකියි.

ඔබට වැඩිදුර විස්‌තර දැන ගැනීමට අවශ්‍ය නම් දුරකථන අංක 0112682277 ඇමැතිය හැකිය.

අයි කෙයාර් දෘෂ්ටි අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ
දෘෂ්ටි විශේෂඥ නරේෂ් ප්‍රදාන්

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Apr 2017 06:35 PM

කොත්තු රොටි කන්න හොඳ නැතිද?

උඩුකය නිරාවරණය කරගෙන ආහාර පිසීමේදී දහදිය සමඟ අපගේ ශරීරයෙන් පිටවන ස්‌ටැපිලොකොකස්‌ බැක්‌ටීරියාව

ඉතා පහසුවෙන් ආහාර සමඟ එක්‌වේ.

මෙම බැක්‌ටීරියාවද උදරාබාධ ඇති කිරීමට හේතුවේ.

වර්තමානයේ අප රටේ ජනප්‍රියතම ආහාරයක්‌ බවට කොත්තු රොටි පත්ව ඇත.

රාත්‍රි ආහාරයක්‌ ලෙස ජනප්‍රිය මෙය නිවෙස්‌ වලට වඩා රාත්‍රි ආහාර අලෙවි කරන ආපන ශාලාවල පිළියෙල කරනු ලබයි.

එනිසා කොත්තු රොටි හදන කොත්තු බාස්‌ලා ලෙසින් පිරිසක්‌ද සිටිති.

කොත්තු රොටි ජනතාව අතර ජනප්‍රිය හා සමානව එය ගැනද නොයෙකුත් මත ජනතාව අතර ඇත. කොත්තු කන්න හොඳ නැහැ. කොත්තු හදන්නේ අපිරිසිදුව.. ලෙසින් මත පළවේ.

'කොත්තු රොටි' පෝෂ්‍යදායී ආහාරයක්‌ද?

'කොත්තු රොටි' කියන්නේ සමබල ආහාරයකි. එය සකස්‌ කරන්නේ පිටිවලින්. එනිසා එහි පිෂ්ඨය තිබෙනවා. පිටි සකස්‌ කිරීම සඳහා තෙල් භාවිත කරන නිසා මේදය අඩංගුයි. එළවළු වර්ග කිහිපයක්‌ යොදා ගන්නා නිසා විටමින් තිබෙනවා. බිත්තර එක්‌කරන නිසා ප්‍රොaටීන් තිබෙනවා.

නමුත් මෙය දිනපතා ගතයුතු ආහාරයක්‌ නොවෙයි. සතියකට දෙවරක්‌ පමණ ආහාරයට ගැනීම සුදුසුයි.

කොත්තු රොටි හදන්නේ අපිරිසිදු අයුරින්ද? පිරිසිදු අයුරින්ද? කියා හඳුනාගන්නේ කෙසේද?

රොටි කැබලි

කොත්තු සෑදීමට ගන්නා පිටි වලින් සැකසූ රොටි කැබලි එකිනෙකට ඇලී ගුලියක්‌ ලෙස නොව වෙන වෙනම කෑලි ලෙස තිබෙනවා නම් ඒවා අලුත් රොටි කැබලිය. එකිනෙකට ඇලී ගුලියක්‌ මෙන් තිබේනම් එම පිටි දිනක්‌ දෙකක්‌ ශීතකරණයේ තැබූ ඒවාය.

එළවළු

කොත්තු සඳහා භාවිත කරන එළවළු පිරිසිදුව භාජනවල දමා වසා තිබේනම් එම එළවළු අපිරිසිදු වී නැතැයි කියා තීරණය කළ හැකියි.

බිත්තර

කොත්තු සඳහා භාවිතා කරන බිත්තර හොඳින් පිරිසිදුව තිබිය යුතුයි. බිත්තර කටුවේ කුකුල් අසූචි තැවරී නොතිබිය යුතුයි.

අසූචි තැවරී තිබුණොත් එහි ඇති සැලමොනෙල්ලා බැක්‌ටීරියාව බිත්තර කඩා කොත්තු සඳහා එක්‌ කරන විට ආහාරයට ඇතුළු වීම පහසුවෙන්ම සිදුවෙනවා.

මෙම බැක්‌ටීරියාව ශරීර ගතවීමෙන් ඉතා ඉක්‌මනින්ම උදරාබාධ ඇතිවෙනවා.

කොත්තු තැටිය

කොත්තු සාදන තැටිය සහ රොටි කැබලි මිශ්‍ර කරන තහඩු කැබලි දෙක කළු පාටට ඇත්නම් එම තැටිය සහ තහඩු කැබලි දෙක හොඳින් පිරිසිදු කර නැති බව හඳුනාගත හැකිය.

කොත්තු බාස්‌

කොත්තු රොටි සාදන පුද්ගලයා තම උඩුකය ඇඳුමක්‌ ඇද ආවරණය කරගෙන සිටීම වැදගත්ය.

උඩුකය නිරාවරණය කරගෙන ආහාර පිසීමේදී දහදිය සමඟ අපගේ ශරීරයෙන් පිටවන ස්‌ටැපිලොකොකස්‌ බැක්‌ටීරියාව ඉතා පහසුවෙන් ආහාර සමඟ එක්‌වේ. මෙම බැක්‌ටීරියාවද උදරාබාධ ඇති කිරීමට හේතුවේ.

ස්‌ථානය

කොත්තු හදන ස්‌ථානය අවට ප්‍රදේශයද පිරිසිදුව තිබිය යුතුයි. කළු පැල්ලම් බිත්තිවල තිබෙන්න නැහැ. එසේ තිබුණොත් ඒ අවට පිරිසිදු බැහැ. විෂ බීජ බහුලව ගැවසෙනවා.

තෙල්

කොත්තු සඳහා භාවිත කරන තෙල් දෙතුන්වරක්‌ භාවිත කළ තෙල්ද කියා හඳුනාගන්නේභාවිතා කරන පොල්තෙල් හෝ එළවළු තෙල් වල පැහැය අනුවය පිරිසිදු තෙල් අවර්ණ හෝ කහ පැහැතිය. එය කළු පාට වී ඇත්නම් වරක්‌ භාවිත කළ තෙල්ය.

ආහාරයට ගැනීම

කොත්තු ආහාරයට ගැනීමේදී උණුවෙන් ආහාරයට ගත යුතුයි. එනම් එය සකස්‌ කර පැය දෙකක්‌ වැනි කාලයක්‌ තුළ ආහාරයට ගැනීම කළ යුතුයි.

සමන්ත පෙරේරා
මාධ්‍ය ප්‍රකාශක
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය
ගම්පහ දිස්‌ත්‍රික්‌ ශාඛාව.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Apr 2017 06:39 PM
කොත්තු හදනවනම් හොදට පිරිසිදුව ඉන්න ඕන බාස් කෙනා.නීරෝගීව.ලෙඩ තියන අයෙක් දැම්මොත් ඉතිං ඉවරයි.මොකද ඒ අයට දහඩිය දානවා...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
25 Apr 2017 07:31 PM
කඩ කෑම නොකන තරමට හොදයි ..................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
25 Apr 2017 07:32 PM
මමත් සාමාන්‍යෙයන් සතියකට කොත්තුවක් කනවා...
මම ගන්නේ හදුනන ස්ථානයකින් නිසා එතරම් ගැටළුවක් නැහැ.. පිරිසිදුව ලබාදෙනවා..
සමහර වෙළද සැල් නම් දක්නට ලැබෙනවා ඉතාමත් අපිරිසිදු..
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
25 Apr 2017 09:10 PM
අපි නම් මෙහේ කොත්තු හදනවා. තුර්කි කඩ වල රොටි තියෙනවා. ඒවා ගෙනත් එළවළු එකතු කර හදනවා. හැබැයි සද්දේ දාන්න නම් තහනම්. ඒ වගේම අපිට තියෙන්නේ විදුලි ලිප්. ඒ නිසා ගින්දර නිසියාකාරව පාලනයක් කර ගන්න අපහසුයි. නැතිනම් වැඩේ ගොඩ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
25 Apr 2017 10:20 PM
හරියට හදාගන්න පුලුවන් නම් හරිම රස කැමක්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
26 Apr 2017 04:56 AM
Posted By samantha on 25 Apr 2017 09:10 PM
අපි නම් මෙහේ කොත්තු හදනවා. තුර්කි කඩ වල රොටි තියෙනවා. ඒවා ගෙනත් එළවළු එකතු කර හදනවා. හැබැයි සද්දේ දාන්න නම් තහනම්. ඒ වගේම අපිට තියෙන්නේ විදුලි ලිප්. ඒ නිසා ගින්දර නිසියාකාරව පාලනයක් කර ගන්න අපහසුයි. නැතිනම් වැඩේ ගොඩ.

සද්දෙ නැත්නම් කොත්තුවේ ගතියක් නැහැ වගේ...
0

santhaa
Basic Member
Basic Member
Posts:249






--
26 Apr 2017 10:38 AM
අපේ ගෙදර wife හදන කොත්තුව තරම් රහ කොත්තුවක් මම කොහෙන්වත් කාලා නැ .......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Apr 2017 05:51 PM

හෘදයාබාධයක්‌ නොවන පපුව සිරවන
රෝග තත්ත්වය

සිරුරේ ඉහළ පපුව ප්‍රදේශයේ ඇතිවන සිරවීමේ ගතියක්‌, හුස්‌ම ගැනීමේ අපහසුවක්‌, වේදනාවක්‌ හෝ දැවිල්ලක්‌ ඇතිවූ වහාම අපට සිතෙහි ඇතිවන සැකය වනුයේ එය හෘදයාබාධයක්‌ ද යන්නයි. නිසැකවම ඉහත දැක්‌වූ රෝග ලක්‌ෂණ හෘදයාබාධයක ලක්‌ෂණ වියහැකිය. නමුත් හෘදයාබාධ නොවන වෙනත් රෝග තත්ත්වයන් නිසාද මෙවන් රෝග ලක්‌ෂණ ඇති විය හැකි නිසා මෙම ලිපියෙන් එවන් අවස්‌ථාවන් කිහිපයක්‌ පිළිබඳව තොරතුරු බිඳක්‌ ගෙන එනු ලැබේ. පපු කුහරය තුළ හෘදයට අමතරව පෙනහලු සහ ගලනාලය අඩංගුවන අතර මහා ප්‍රාචිරය මගින් උරස්‌ කුහරය, උදර කුහරයෙන් වෙන්කරනු ලබයි. උරස්‌ කුහරයේ කුහර බිත්තිය සැදී ඇත්තේ කො» ඇටපෙළට සම්බන්ධ පර්ශු යුගල් 12 ක්‌ සහ ඒ වටා බැඳුනු මාංශ පේශි මගිනි. එබැවින් එම අවයවයන්හි ඇතිවන රෝග තත්ත්වයන් ද ඉහත රෝග ලක්‌ෂණ ලබාදීමට හේතු කාරක විය හැකිය.

අප බොහෝ දෙනා දන්නා ඇදුම (Asthma) රෝග තත්ත්වය මෙලෙසින් හුස්‌ම ගැනීම අපහසු කරවන රෝග තත්ත්වයකි. මෙහිදී ශ්වසන පටකයන් හි ප්‍රත්‍යාස්‌ථතාව ගිලිහී යැම නිසා හුස්‌ම පිටකිරීමට අපහසුතාවයක්‌ ඇතිකරයි. එවිට ශ්වසන පටක තුළ සෙම එකතුවීම නිසා කැස්‌ස සහ ශ්වසනයේදී රාං රූං ශබ්දයක්‌ ඇතිවෙනවා. නිසි ඔසු නියමිත පරිදි අඛන්ඩව නොගතහොත් මෙය කාලික ස්‌වසන මාර්ග අවහිරතා රෝග තත්වය (Chronic obstructive pulmonary disease) බවට පත්වීමේ හැකියාව තිබේ. එවිට නිරතුරුවම පවත්නා කැස්‌ස සමඟ ගැඹුරට හුස්‌ම ගැනීමේ අපහසුතාවක්‌ ඇතිවේ. මේ නිසා. කෙටි හුස්‌ම වාරයන් වේගයෙන් ගැනීමට සිදුවේ. කලක්‌ ගතවන විට පපු කුහරයේ ද ප්‍රත්‍යස්‌ථිතාව අඩුවී පපුව බැරලයක (Barrel chest) හැඩයක්‌ ගනී.

නියුමෝනියාව (pneumonia) අප බොහෝ දෙනා අසා ඇති රෝග තත්ත්වයකි. මෙහිදී ද පෙනහලු තුළ දියර එකතුවීම නිසා හුස්‌ම ගැනීමේ අපහසුතාවයක්‌ ඇතිවේ. (pleural effusion) නියුමෝනියා රෝග තත්ත්වය ඇතිකරනා රෝග කාරකයන් බොහොමයක්‌ ඇති අතර ඉන් වයිරස සහ බැක්‌ටීරියා ප්‍රධානවේ. මෙම රෝගකාරක ආසාදනය වීම නිසා පෙනහැල්ලේ ගර්තවල ප්‍රදාහයක්‌ ඇතිවීම හේතුවෙන් ඒ තුළ ශ්‍රාවයන් ඇතිවේ. එවිට හුස්‌ම ගැනීමට අපහසුතාවයක්‌ මෙන්ම පපුවේ සිරවෙන ගතියක්‌ දැනේ. මෙම දිනවල ව්‍යාප්ත වෙමින් පවතින ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වයේදීත් (H1N1) මෙම රෝග ලක්‌ෂණ දක්‌නට ලැබේ. එසේම ඩෙංගු රෝගයේ උත්සන්න අවස්‌ථාවේත් මී උණ්‌ (Leptospirosisි) රෝගය උත්සන්න වූ විටත් මෙම රෝග ලක්‌ෂණම ඇතිවිය හැකිය. නමුත් ආසාදනයන් හේතුවෙන් ඇතිවන මෙවන් තත්ත්වයන් හීදී බොහෝ විට ඉහත රෝග ලක්‌ෂණවලට අමතරව උණ ද පවතී.

දරුනු ශ්වසන රෝගයකට අනතුරුව හෝ හදිසි අනතුරුවලට ලක්‌වීමෙන් පෙනහලුවලට හානි සිදුවීමෙන් අනතුරුව නැතහොත් ලූනු හෝ දුම් හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය ආඝ්‍රාහනය නිසා මෙන්ම මානසික රෝග සඳහා යොදා ගන්නා ඖෂධ අවභාවිතය වැනි හේතුන් මත පෙනහලු ගර්ත තුළ රුධිරය එකතුවීම නිසා ඇතිවන වැඩිහිටි තීව්‍ර ශ්වසන අපහසුතාව (Adults Respiratory Distress Syndrom) නම් රෝගය ද මෙම රෝග ලක්‌ෂණම වඩා තීව්‍ර ලෙස ඇති කරනු ලබයි.

පෙනහලු සහ උරස්‌ කුහරයේ බිත්තිය අතර තියෙන්නේ රික්‌තමය අවකාශයකි. මෙම අවකාශයට වාතය (pneumothorax) පිරීම නිසා හුස්‌ම ගැනීමේ දී පෙනහලුවලට ප්‍රසාරනය වීමට අපහසු වේ. අනතුරක්‌ හේතුවෙන් උරස්‌ කුහරය සිදුරු වූ විට බාහිරින් වාතය උරස්‌ කුහරයට ඇතුළුවීමෙන් හෝ පෙනහැල්ලේ පටකතුළින්ම මෙම අවකාශයට පිරීම නිසා ආශ්වාස කරන වාතය මෙම අවකාශය තුළට ඇතුළු විය හැකිය. මෙය ක්‌ෂණිකව ඇතිවන තත්ත්වයක්‌ වන අතර අඛණ්‌ඩව එලෙස වාතය පිරෙන්නේ නම් (Tension pneumothorax) ක්‌ෂණිකව ප්‍රතිකාර ලබාදිය යුතුය. හදිසි අනතුරු නිසා මෙම අවකාශයට රුධිරය ඇතුළුවීම හේතුවෙන්ද ඉහත රෝග ලක්‌ෂණම ඇතිවේ. (Haemothorax) තවත් බොහෝ රෝගයන් හේතුවෙන් මෙම අවකාශය තුළ දියරයන් එකතුවීම නිසාත් හුස්‌ම ගැනීමේ අපහසුව සහ පපුවේ තදවීම යන රෝග ලක්‌ෂණ ඇතිවේ. ක්‌ෂය රෝගය, පෙනහලු පිළිකා, හෘද අකරණිය, (congestive cardiac failure) සිරෝසිස්‌, අග්න්‍යාශ ප්‍රදාහය, (pancreatitis) රුමටොයිඩ් ආතරයිටිස්‌ වැනි රෝග මෙලෙස පෙනහලු වටා දියර එකතුවිය හැකි රෝගයන් අතර වේ.

දුර දිවීමේදී ද සමහර අයට හුස්‌ම ගැනීමේ ප්‍රබල අපහසුතාවයක්‌ සමඟින් පපුවේ වේදනාවත් ඇතිවේ. මෙහිදී සිදුවන්නේ නිරතුරුවම ක්‍රීඩා නොකරන කෙනෙක්‌ එකවරම සිය මාංශ පේශීන් ක්‍රියාත්මක කිරීමේදී එයට අවශ්‍ය ශක්‌තිය ලබාගැනීම පිණිස ඔක්‌සිජන් වැඩිපුර සිරුරට ලබාගැනීම සඳහා ශ්වසන වේගය ශීඝ්‍රයෙන් වැඩිකිරීමයි. එවිට රුධිරයේ ඔක්‌සිජන් ප්‍රමාණයත් ශීඝ්‍රයෙන් ඉහළ යයි. (Hyper ventilatin) අපගේ ශ්වසන යාන්ත්‍රනය ක්‍රියාත්මක වන්නේ මොළයේ සුසුම්නා ශීර්ෂකය තුළ ඇති, රුධිරයේ කාබන්ඩයොක්‌සයිඩ්වලට සංවේදී සංවේදක උත්තේජනය වීම මගිනි. රුධිරයේ ඔක්‌සිජන් වැඩි වී කාබන් ඩයොක්‌සයිඩ් අඩුවීම නිසා ස්‌වභාවිකව ඇතිකෙරෙන ශ්වසන යාන්ත්‍රනය අඩාල වේ. එවිට හුස්‌ම ගැනීමට මහත් ආයාසයක්‌ දැරීමට සිදුවන අතර සිය ජීවිතය පවා නැතිවිය හැකි බවක්‌ රෝගියාට දැනෙයි. බෙල්ලෙන් උඩ ආවරණය වන පරිදි සිලි සිලි මල්ලක්‌ තුළට ඔලුව ඔබා එය තුළට ආශ්වාස ප්‍රාශ්වාස කිරීම මගින් ප්‍රාශ්වාස වාතයම නැවත ආශ්වාස කෙරෙන අතර වාතයේ ඇති කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය වැඩිවීම නිසා මෙම තත්ත්වය නැවත යථා තත්ත්වයට පත්කරගත හැකිය. නමුත් මෙහිදී අනවශ්‍ය ලෙස වැඩිපුර කාලයක්‌ සිලි සිලි බෑගය තුළ ඔලුව දමාගෙන සිටීම නිසා හුස්‌ම හිරවීම හේතුවෙන් ජීවිතයට පවා හානි පැමිණ විය හැකි බැවින් මෙම ප්‍රථමාධාරය ලබා දීමේදී ප්‍රවේශම් විය යුතුවේ.

දිවීම වැනි කායික ව්‍යායාමයන් මගින් පමණක්‌ නොව මානසික ආතතිය සහ මනෝ කායික රෝගයක්‌ ලෙසින් ද මෙම තත්ත්වය ඇතිවේ. විශේෂයෙන් මෙම තත්ත්වය මානසික ගැටලුවලට මුහුන දෙමින් සිටින තරුණ ගැහැනු ළමයින් තුළින් දක්‌නට ලැබේ.

ඉහත දැක්‌වූ තත්ත්වයන්ට අමතරව තවත් බොහෝ දෙනා පෙළෙන රෝග තත්ත්වයක්‌ වනුයේ උරහිසෙහි විවිධ ස්‌ථානවල වරින් වර ඇතිවන වේදනාවන් සහ හුස්‌ම ගැනීමේ අපහසුතාවයන්ය. මෙහි විශේෂ ලක්‌ෂණය වන්නේ මෙම වේදනාවන් නිශ්චිත ස්‌ථානයකින් ඇති නොවීමත් එය තැනින් තැනට ගමන් කරන වේදනාවක්‌ වීමයි. මෙම තත්ත්වයට ප්‍රධානම හේතුව වනුයේ මානසික ආතතියයි. මානසික ආතතිය කලක්‌ පැවතීමේදී මංශ පේශීන් වල තද ගතියක්‌ ඇතිවේ.

එවිට විශේෂයෙන්ම පපුවෙහි පාර්ශු අතර ඇති මාංශ පේශීන් ශ්වසනයේදී ඇදීමට ලක්‌වීම නිසා වේදනාව ඇතිවන අතර ඒ නිසාවෙන්ම හුස්‌ම ගැනීමට ද අපහසු වී පපුවෙහි තද ගතියක්‌ ඇතිවේ. මේ සඳහා දිගුකාලීනව වේදනා නාශක භාවිතයෙන් පලක්‌ නොවන අතර මානසික ආතතිය දුරුකිරීමට අවශ්‍ය ඖෂධීය ප්‍රතිකාර, උපදේශනය මෙන්ම සිරුර ඉහිල් කිරීමේ ක්‍රමවේදයන් භාවිතා කිරීමත් මගින් වඩා සාර්ථක ප්‍රතිඵල අත්කර ගත් හැකිවනු ඇත.

වෛද්‍ය පාලිත බණ්‌ඩාර සුබසිංහ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Apr 2017 05:51 PM

කොකු පණු රෝගය සඳහා දේශීය වෙදකමෙන්
අත් බෙහෙත් කිහිපයක්‌


නැවුම් තත්ත්වයේ පවතින අමු පැපොල් ගෙඩියක්‌ ගෙන එය පෙති කපා ගන්න. එම පැපොල් පෙති සමෙහි පවතින පණු ලපය මත අතුල්ලන්න. කොකු පණු රෝගය සඳහා මෙය ප්‍රතිඵලදායී අත් බෙහෙතකි.

අබ ඇට ස්‌වල්පයක්‌ ගෙන එය කුඩු කර ගන්න. අනතුරුව එම අබකුඩු මිශ්‍රණයට ජලය යොදමින් තලපයක්‌ සාදා ගන්න. මෙම තලපය කොකු පණු ආසාධනය හට ගෙන ඇති ප්‍රදේශයෙහි ආලේප කරන්න.

- ඉන්දීය ජාතික දේශීය වෛද්‍ය

ශෂිකාන්ත් එස්‌. සෙත්
 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Apr 2017 05:52 PM

කොළ කැඳවල ගුණ හඳුනා ගනිමු

ඔබත් නිරෝගී වීමට නම් උදැසන ආහාර වේල සඳහා කොළ කැඳ එකතු කර ගන්න.

එමගින්

* ඔබේ සිරුර පැහැපත් වීම

* ශරීර ශක්‌තිය වැඩි වීම

* ආයු වර්ණ ලැබීම

* කොලෙස්‌ටරෝල් පාලනය වීම

* දියවැඩියාව පාලනය වීම සිදුවන අතර

* වෙනත් ලෙඩ රෝග සඳහාද උචිත වේ

කොළ කැඳ සඳහා භාවිතා කරන කොළ වර්ගවලින් ලැබෙන ගුණාත්මක භාවය විමසා බලමු.

* වැල් පෙනෙළ- මොළය වර්ධනය වීම, බුද්ධිමය ධාරණ ශක්‌තිය වැඩි දියුණු වීම, වාජිකරණ ගුණය වැඩි වීම, ශරීර ශක්‌තිය වැඩීම, සම පැහැපත් වීම සිදු වේ.

* කරපිංචා - කොලෙස්‌ටරෝල් අඩු කරයි, ආහාර රුචිය වැඩි වීම, සර්ප විෂ නැසීම, ආහාර දිරවීම පහසු කිරීම, පිත්ත ස්‌නේහය අඩු කිරීම සිදු වේ.

* හාතවාරිය - විටමින් බී සහ ඩී අඩංගු වීම, සන්ධි වේදනා, මුත්‍රා අමාරු, හෝමෝන අසමතුලිතාවය සමනය වීම, තරුණ පෙනුම ආරක්‌ෂා දීම, ප්‍රතිශක්‌තිය වැඩි වීම සිදු වේ.

* පොල්පලා - මුත්‍රා ගල් දියවීම, මුත්‍රා දැවිල්ල සමනය වීම, වකුගඩු පිරිසිදු කිරීම සිදු වේ.

* තෙබු - දියවැඩියාවට, පැපොල රෝගයට, සමේ ලප කැලැල් මැකීමට, සමේ පැහැපත් බව ඇති කිරීමට සමත් වේ.

* හීන් බෝවිටියා - ඇස්‌ දැවිල්ල, ඇස්‌ නිලංකාර වීම, ඉරුවා රදයට, බඩ පිපුම හා දැවිල්ල, පාදවල නිය කුණු වීම, දියවැඩියාව, කලව හා විලුඹේ වේදනාවට ඉතාමත් යෝග්‍ය වේ.

* මොණර කුඩුම්බිය - ශරීරය සිසිල් වීම, දහදිය දුඟද නැති කිරීම, කෑම රුචිය වැඩි කිරිමට සමත් වේ.

* නීරමුල්ලිය - මුත්‍රා දැවිල්ල ඇතැම් අපහසුතා, වකුගඩු නාල පිරිසිදු කිරීම, මුත්‍රා ගල් දිය කිරීම, මුත්‍රා ගල් හට ගැනීමේ අවදානම අවම කිරීමට සමත් වේ.

* කොහිල අල - අර්ශස්‌ රෝගයට විශේෂයි. කිරි පණු රෝගයට, පිත සමනයට ඉතා ගුණ දායක වේ. ඛනිජ සංඝටක බහුල වේ.

* ගොටුකොළ - ධාරණ ශක්‌තිය වඩවයි. පීනස උදාරාබාධ, පණු රෝග, හිස කැක්‌කුම, ඇස්‌ පෙනීමේ දුර්වලතාවයට වඩා සුදුසු වේ.

* කුරක්‌කන් පිටි - ඛනිජ පෝෂක අඩංගු වේ. ශක්‌තිය සම්පන්න බර ආහාරයකි. දියවැඩියා රෝගය පාලනය කිරීම, බර වැඩවල යෙදෙන්නන්ට ශක්‌ති ජනක පානයක්‌ වීම මින් සිදු වේ.

* කිතුල් පිටි - පිෂ්ඨය අධික වේ, දියවැඩියාව පාලනය කිරීම, හෘදයාබාධ සඳහාද ගුණ දායක වේ.

* සුදු ලූනු - සර්වාංග රෝග රැසකට ගුණ දේ. වාත රෝගවලට විශේෂ වේ. කොලෙස්‌ටරෝල් පාලනය වේ. ආමාශය තුළ බැක්‌ටීරියා විනාශ කරයි. ලේ පිරිසිදු කරයි. ආහාර රුචිය ඇති කරයි.

* රුලං - ශරීරයේ උෂ්ණතAවය පාලනය කරයි. ගැස්‌ට්‍රයිටීස්‌ රෝගයට ගුණ දේ.

* සව් - හුලං කීරියා, අල හා මඤ්ෙÆක්‌කා පිsටිවලින් නිෂ්පාදනය කරන අතර, රසවත් ආහාරයකි. ගැස්‌ට්‍රයිටීස්‌ රෝගීන්ට ඉතා ගුණ දායක වේ.

නාගොඩ අතිරේක - විඡේරත්න
ලසන්ත අනුර ශාන්ත ද සේරම් මහතාට විශේෂ ස්‌තුතිය

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Apr 2017 05:53 PM

උකුල් අස්‌ථිය බිඳී යන රෝගීන් පැය 24 ක්‌
යාමට පෙර ශල්‍යකර්මයකට ලක්‌ කිරීමෙන්
මරණය වළක්‌වාගත හැකිය


උකුල් අස්‌ථිය (ඇටය) බිඳී ගිය පුද්ගලයින් එම අස්‌ථිය බිඳී යාමෙන් පසු පැය 24 කට අඩු කාලයක්‌ තුළදී ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් උකුල් අස්‌ථිය බිඳී යාම හේතුවෙන් මිය යන රෝගීන් සිය ගණනකගේ ජීවිත බේරා ගත හැකි වන බව එක්‌සත් රාජධානියේ පර්යේෂකයින් කණ්‌ඩායමක්‌ විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී හෙළි වී තිබේ.

එක්‌සත් රාජධානියේ බ්‍රිස්‌ටල් නගරයේ පර්යේෂකයින් කණ්‌ඩායමක්‌ විසින් 2011 ජනවාරි මස සිට 2014 වසරේ දෙසැම්බර් දක්‌වා කාලය තුළ එක්‌සත් රාජධානියේ හා වේල්සයේ උකුල් අස්‌ථිය බිඳී යාම හේතුවෙන් රෝහල් ගත කෙරුණු රෝගීන් 241,446 දෙනෙකු අතරින් රෝහල්ගත කිරීමෙන් දින 30 කට පසු දක්‌නට ලැබුණු මරණ අනුපාතිකය මෙම අධ්‍යයනයේදී සැලකිල්ලට ලක්‌ කර තිබේ.

මෙහිදී අදාල දත්තයන් ලබා ගෙන ඇත්තේ සවුත්මීඩ් රෝහලේ පවතින ලොව විශාලතම උකුල් අස්‌ථි බිඳී යාම සම්බන්ධයෙන් පවතින ජාතික දත්ත ගබඩාව මගිනි.

පර්යේෂකයින් විසින් සිය අධ්‍යයනයේදී අනාවරණය කර ගෙන ඇති වැදගත් කරුණ වනුයේ තම උකුල් අස්‌ථිය බිඳී යන රෝගීන්ගෙන් සියයට 8 ක්‌ එම අස්‌ථිය බිඳී ගොස්‌ පැය 24 ත් 36 ත් අතර කාලයක්‌ තුළදී ශල්‍යකර්මයකට ලක්‌ වුවහොත් දින 30 කට පසු ඔවුන් මිය යන බවයි.

මෙසේ උකුල් අස්‌ථිය බිඳී යාමෙන් පසු ප්‍රමාදවී ශල්‍යකර්මයට ලක්‌ වීම හේතුවෙන් එක්‌සත් රාජධානිය තුළ වසර හතරක්‌ තුළදී 670 දෙනෙකු පමණ මිය ගිය බව අනාවරණය වී තිබේ.

එහෙත් උකුල් අස්‌ථිය බිඳී ගොස්‌ පැය 24 කට අඩු කාලයකින් ශල්‍යකර්මයට ලක්‌ වන විවිධ ආබාධ සහිත වැඩිහිටි රෝගීන් එම අස්‌ථිය සුව අතට හැරීම හොඳ මට්‌ටමක පවතින බව පර්යේෂකයෝ පවසති.

උකුල් අස්‌ථිය බිඳී ගොස්‌ පැය 48 කට පසුව ශල්‍යකර්මයකට ලක්‌ වන රෝගීන් මිය යාමේ අවදානම 20% ක්‌ වන බව මෙහිදී හෙළි වී තිබේ.

මෙම අධ්‍යයනය මෙහෙයවූ තිමති චෙසර්ට අනුව උකුල් අස්‌ථිය බිඳී යන සෑම රෝගියෙකුටම මුල් අවස්‌ථාවේදීම ශල්‍යකර්මයකට යොමු වන ලෙස උපදෙස්‌ නොලැබුණ ද බහුතරයකට මුලදී ශල්‍යකර්මයකට යොමු වීම වාසිසහගත වේ.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 6 of 137 << < 45678 > >>