You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 60 of 137 << < 5859606162 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Oct 2017 06:27 PM

doc4යොවුන් වියේ දරුවන් සිටින නිවෙස්‌ තුළ ගැටලුකාරි තත්ත්වයන් ඇති වන අවස්‌ථා සුලබය. එයට හේතුව යෞවනය සංක්‍රාන්ති සමයක්‌ වීමයි. මවුපිය වැඩිහිටියන් මෙම තත්ත්වය තේරුම් ගැනීම තුළ මතුවන බොහෝ ගැටලු මඟහරවා ගත හැක. නව යෞවනයේ දරුවන්ද මෙම කාල පරිච්ඡේදය පිළිබඳ දැනුවත්ව සිටීම සැබැවින්ම ජීවන ගමනට සැහැල්ලුවක්‌ ලබාදෙනු ඇත.
 
 නව යෞවනයන් සම්බන්ධව ඇති අර්ථකථනයන්
 
 නව යෞවනයන් - වයස අවුරුදු 10-19
 
 තරුණයන් - වයස අවුරුදු 15-24
 
 තරුණ ජනතාව - වයස අවුරුදු 10-24
 
 ලෝක තත්ත්වය
 
 ලෝක ජනගහනයෙන් 1/6 ක්‌ - වයස අවුරුදු 15-24 අතර
 
 මෙයින් වැඩි කොටසක්‌ ජීවත් වන්නේ දියුණු වෙමින් පවතින රටවල
 
 මෙම ජන කොටස රටකට නොසලකා හැරිය නොහැකි වටිනා සමාජමය කොටසකි.
 
 ලංකාවේ තත්ත්වය
 
 ජනගහනයෙන් 1/4 (මිලියන 5ක්&zwnj - වයස අවුරුදු 10-24 අතර
 
 ජනගහනයෙන් 16% ක්‌ - වයස අවුරුදු 10 - 19 අතර
 
 - 70% ක්‌ පාසල් යන
 
 - 30% ක්‌ පාසල් නොයන
 
 ජනගහනයෙන් 15.6% ක්‌ වයස අවුරුදු 15-24 අතර
 
 නව යෞවනය යනු
 
 ළමා කාලයේ අවසානයේ ඇති වැඩිහිටියන් වීමට පෙර ඇති සංක්‍රාන්ති සමය
 
 නව යෞවනයන්ගේ සංවර්ධන අවශ්‍යතා සිවිල් සමාජයේ සියල්ලන්ටම වැදගත් වේ.
 
 නව යෞවනයන්
 
 තවදුරටත් දරුවෙක්‌ හෝ වැඩිහිටියෙක්‌ නොවන (Period oftransition) මේ වයසේදී විශාල වශයෙන් කායික මානසික සමාජයීය වෙනස්‌වීම් ඇතිවේ.
 
 නව යෞවනයා යනු
 
 සමාජයෙන් විවිධ දේ බලාපොරොත්තුවන
 
 සෑම දෙයක්‌ම ඉක්‌මනින් ග්‍රහණය කරගන්නා
 
 විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කර ගැනීමට විවිධ දේ කරන
 
 අවදානම් හැසිරීම් සහිත
 
 සම්ප්‍රදායට විරුද්ධව යන
 
 විවිධ ගැටලුවලට මුහුණපාන
 
 දඩබ්බර ගති පැවතුම් ඇති
 
 අන්තර් පුද්ගල සම්බන්ධතා ඇතිවන
 
 කලබලකාරි වයසකි
 
 නව යොවුන් දරුවන් අවදානම් හැසිරීම් වලට යොමුවන්නේ ඇයි?
 
 හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා
 
 ඔවුන්ගේ මොළය වැඩීම සම්පූර්ණ වී නැති බැවින්
 
 උදා - මුහුදේ නෑමට යාම සඳහා යහළුවෙක්‌ කතා කරයි
 
 මොළය වර්ධනය වන ආකාරය
 
 වයස අවුරුදු 25 පමණ වන තුරු මොළය වර්ධනය වේ.
 
 යොවුන් වියේදී මොළයේ පිටුපස සිට ඉදිරිපස දක්‌වා සෛල වල මයලීන් තැන්පත් වීම සිදුවේ.
 
 මොළය වර්ධනය සහ සංවර්ධනය
 
 මොළයේ පිටුපස ඇති ආවේග පිළිබඳ මධ්‍යස්‌ථානය වයස අවුරුදු 15 වන විට හොඳින් වර්ධනය වී ඇත.
 
 නමුත් මොළයේ ඉදිරිපස ඇති තීරණ ගැනීම පිළිබඳ මධ්‍යස්‌ථානය වර්ධනය වෙමින් පවතී.
 
 මොළයේ ඉදිරිපස කොටස - හැඟීම්/අවදානම් හැසිරීම් සම්බන්ධව - "තිරිංග පද්ධතිය" ලෙස ක්‍රියාකරයි.
 
 මෙම කොටස වැඩීම සම්පූර්ණ වීම අවු.20-25 ත් අතර කාලයේ දී සිදුවේ.
 
 නව යෞවනයන්ගේ කායික හා ලිංගික වෙනස්‌කම්
 
 පිරිමි
 
 ගැහැණු
 
 නව යෞවනයන්ගේ චිත්තාවේගීය හා සමාජීය වෙනස්‌කම්
 
 ශරීර පෙනුම ගැන නිතර සිතයි
 
 තමාටම වෙන්වූ අනන්‍යතාවයක්‌ ගොඩනගාගැනීම.
 
 සිහින මැවීම.
 
 ඉක්‌මනින් මානසික සහ චිත්තවේග තත්ත්වය වෙනස්‌ වීම.
 
 තමා ගැන සිහියෙන් සිටීම.
 
 ලිංගික ආකර්ෂණය
 
 කුතුහලයෙන් යුතුයි.
 
 ශක්‌ති සම්පන්න සහ කලබල සහිතයි.
 
 කරුණු ගැන සිතා තීරණ ගනී.
 
 කරුණු තමාම සොයයි ඇගයීම් කරයි.
 
 නව සබඳතා ඇතිකර ගනී.
 
 යහළුවන්ට වඩාත් සමීප වේ.
 
 නව යෞවනයන්ගේ සෞඛ්‍ය පිළිබඳ ගැටලු
 
 ප්‍රජනක සහ ලිංගික සෞඛ්‍ය පිළිබඳ ගැටලු
 
 HෂඪරැAෂDS තරුණයන් අතර පැතිරීමේ අවදානම
 
 ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග
 
 නව යොවුන්වියේ ගැබ් ගැනීම්, අනාරක්‍ෂිත ගබ්සා, හදිසි අනතුරු, මානසික ගැටලු, දුම්බීම මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම, සියදිවි හානිකර ගැනීම, නිදන් ගත රෝග
 
 සෞඛ්‍යවත් නොවන ජීවන රටා
 
 බෝනොවන රෝගවලට වැඩි ප්‍රවණතාවයක්‌ දැක්‌වීම, හිංසනය හා අපයෝජනය, පෝෂණය සම්බන්ධ ගැටලු, රක්‌තහීනතාවය, ස්‌ථුලතාවය, කෘෂ භාවය
 
 යොවුන් සෞඛ්‍ය සේවා
 
 පාසල් වෛද්‍ය පරීක්‍ෂණය, සෞඛ්‍යවත් පාසල් පරිසරය. සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීම, ජීවන නිපුණතා ප්‍රගුණ කිරීම, උපදේශන සේවාව, පර්යේෂණ සේවාව, යොවුන් මිතුරු සෞඛ්‍ය සේවාවන්
 
 සුවබර ක්‍රියාශීලි යෞවනයකට මං පෙත් විවර කරන "යොවුන් පියස" වෙබ් අඩවිය අඅඅගහදමබචසහ්saගකන
 
 යොවුන් දරුවන් සඳහාම වෙන්වී තිබෙන්නේ පෙරළිකාර යෞවනයේ මතුවන ගැටලුවලට විසඳුම් සොයා ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අංශය මගින් දියත්කළ වැඩසටහනක්‌ ලෙසිනි.
 
 යෞවනයේ අතරමං නොවී නිවැරදි මඟ ගමන් කිරීමට යොවුන් පියස වෙබ් අඩවිය යොවුන් දරුවන්ට සැබෑම පිටිවහලක්‌ වනු ඇති.
 
 (සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති දේශනයක්‌ ඇසුරිනි.)

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Oct 2017 06:38 PM

doc2ගස්‌ලබු ඉතා මිහිරි රසැති පලතුරකි. වෙළෙද පොළේ විශාල ඉලුල්මක්‌ ඇති ගොවියාට විශාල ආදායමක්‌ ලබා දෙන අවුරුද්ද මුළුල්ලේම ලංකාවේ වෙළෙඳ පොළේ දැකීමට සහ මිලදී ගෙන අනුභව කිරීමට තිබෙන ජනප්‍රිය පලතුරක්‌ ලෙස සැලකිය යුතුවෙයි. මේ වකවානුව වනවිට ලංකවේ පැවැති ඉපැරණි යුගයේ වැවී වැඩුණු රසැති ගස්‌ලබු දෙවර්ගයක්‌ වශයෙන් හඳුනාගත හැකිය. රවුම් ගෙඩි සහිත වර්ගය සහ දිගටි ගෙඩි සහිත වර්ගයයි. ඊට අමතරව මෑත යුගයේ මෙරට විදේශයෙන් ගෙන්වන ලද ගස්‌ලබු වර්ගයක්‌ ද වෙයි. එම ගස්‌ලබු ඇට ග්‍රෑම් පන්සීය කිලෝව වශයෙන් (කෘෂිකර්ම) ගොවිජන සේවා කාර්යාලවලින් ලබාගෙන පැළකිරීමෙන් පසු වගා කර පළ නෙලාගෙන ලංකාවේ වෙළෙඳ පොළට ගෙනවිත් විකුණා අතිවිශාල ආදායම් ලබන ගොවියෝ සිටිති.
 
 ගස්‌ලබු වල ආයුර්වේදීය වශයෙන් එහි ගුණාත්මක භාවය වනුයේ බඩවැල් වල තෙත් ගතිය ඇති කර ශරීරයට ගනුලබන ආහාරය ජීර්ණ කිරීමට උපකාරීවීමයි. මළබද්ධය පවතින අයට ගස්‌ලබු කෑමෙන් පසු මළ පිට කිරීමේ ක්‍රියාවලිය ඉතා සාර්ථකව පවතී.
 
 කුසගින්න ඇති කිරීම පවස සංසිඳවීම ශරීරයේ දීප්තිය ශෝබමාන බව ගෙනදීම ශරීරික ශක්‌තිය ලබාදීම ආදී කරුණු රාශියක්‌ ගස්‌ලබු අනුභවයෙන් සිදු වෙයි. ලංකාවේ ආපන ශාලාවල කෑමෙන් පසු ගස්‌ලබු ආහාරයට දෙනු ඇත. දානමය පුණ්‍ය කටයුතුවලදී ද ගස්‌ලබු කැබැලිවලට කපා කෑමට තබා තිබෙනු දැකිය හැකි සුලබ දසුනකි. එමෙන්ම මංගල සාදවලදී මගුල් මඩුවේ මගුල් ගෙදර කෑම මේසයේ වෙනත් පලතුරු සමඟ ඉදුණු මිහිරි රසැති ගස්‌ලබු කැබලි බඳුන් දැකීමට තිබෙනු සුලබ දසුනකි. බීම සඳහා ගස්‌ලබු ජුස්‌ද දැකිය හැකිය. ලංකාවේ නගරවල පලතුරු බීම ශාලාවල ගස්‌ලබු ජූස්‌ වශයෙන් පිළියෙල කර තිබේ. ගස්‌ ලබු ජූස්‌ වීදුරුවක්‌ රු. සීයක තරම් මුදලකට අලෙවි වෙයි. කොළඹ සහ නුවර තරුපහේ හොටල්වල ගස්‌ලබු ජූස්‌ බඳුනක්‌ විදේශීන් සඳහා රුපියල් පන්සීයකට පමණ අලෙවි කෙරෙයි. එසේම ගම්බද පැරැණි අයවලුන් ගස්‌ලබු කැබැලිකර කපා තම්බා පොල් සමඟ ලුණුමිරිස්‌ සමඟ කෑමට ගනු ලැබීය. ගැට ගස්‌ලබු තම්බා කෑමෙන් කොලෙස්‌ටරෝල් සහ ග්‍රැස්‌ට්‍රයිටීස්‌ රෝගය සුවවනු ඇත. එසේම මැලේරියා උණ සුව කිරීම සඳහා ද ගස්‌ලබූ කොළ වියලා තම්බා එම දියර පානය කරනු ලැබේ.
 
 ගස්‌ලබු ලංකාවේ සෑම ප්‍රදේශයකම වගාකරනු ලැබේ. එහෙත් වැඩි වශයෙන් ගස්‌ලබු වගා කරනු ලබනුයේ අඟුණකොළපැලැස්‌ස, රම්බාවිහාරය, ඇඹිලිපිටිය, බිංකම, බරවකුඹුක, දඹුල්ල, කුරුණෑගල යන ප්‍රදේශවලය. එම ප්‍රදේශවල වගා කරන ලද ගස්‌ලබු ගෙඩි ලොරි රථවලින් කොළඹ වෙළෙඳ පොළට ප්‍රවාහනය කරනු ලැබේ. වෙළෙඳ පොළේ ගස්‌ලබු කිලෝවක මිල රුපියල් සීයක්‌ තරම් මිල ඉහළ වෙයි. ගස්‌ලබු ගිරවුන්, ලේනුන්, වවුලන්ගෙන් ප්‍රවේශම් කරගත යුතුවේ.
 
 සංස්‌කරණය වසන්තා ශ්‍රියාකාන්ති

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Oct 2017 06:21 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Oct 2017 06:22 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Oct 2017 06:23 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Oct 2017 06:24 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Oct 2017 06:34 PM

http://www.rivira.lk/epaper/diyaniya/2017/10/25/files/assets/common/page-substrates/page0015.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
24 Oct 2017 09:05 PM
කැල්සියම ඌනතාවයට නම් ඉතින් ඕන තරම් ක්‍රම තියෙනවා කැල්සියම් ලබා ගන්න. බැරිම නම් කැල්සියම් පෙත්තක් හරි. ඒකත් කමර්ෂල් කරලා දැන් ශත ගානක කැල්සියම් පෙත්ත වෙනුවට ක්රිපිටි එක බොන්න කියල පුරුදු කරනවා. ඉහත ලෙඩේ වයසත් සමග හීන වන කැල්සියම් ප්‍රමාණය වැඩි කර ගත්තා නම් අහවරයි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
24 Oct 2017 10:22 PM
Posted By chamaramind on 24 Oct 2017 06:23 PM
මේ ලෙඩේ නම් සමාජයේ බහුලයි දැන්. ඒ වගේම ලෙඩේ නැතත් සැක කලේ නැතත් විවිධ සමාජ ජාලා නිසා මේවා ඇත්තටමත් වෙනව කියල පේනවා පත්තර වල එහෙම.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
25 Oct 2017 02:09 AM
අම්මො අහලවත් නැති ලෙඩ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Oct 2017 05:53 PM

weda1බොහෝ රෝගීන්ට සිය රෝගී තත්ත්වය සුවපත් කරලීම සඳහා ප්‍රතිජීවක බෙහෙත් වර්ගවලට වඩා අවශ්‍ය වනුයේ නිවසෙහි විවේක ගැනීම බව බටහිර සෞඛ්‍ය විශේෂඥයෝ ප්‍රකාශ කර සිටිති.
 
 එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතනය නමැති සංවිධානයට අනුව දැනට වෛද්‍යවරුන් විසින් රෝගීන්ට නිර්දේශ කරනු ලබන ප්‍රතිජීවක බෙහෙත් වර්ගවලින් පහෙන් පහක්‌ දක්‌වා ම අත්‍යවශ්‍ය ඒවා බව මේ වනවිට හෙළි වී තිබේ.
 
 බොහෝ රෝගීන් තමන්ට නිර්දේශ කරනු ලබන ප්‍රතිජීවක බෙහෙත් වර්ග නිර්දේශිත ප්‍රමාණයට වඩා භාවිත කිරීමට යැමෙන් බෙහෙත්වලට ඔරොත්තු දෙන ප්‍රතිකාර කිරීමට අසීරු තත්ත්වයේ ආසාදනයක්‌ සාදා ගන්නා බවද මේ වනවිට අනාවරණය වී තිබේ.
 
 ප්‍රතිජීවක බෙහෙත්වලට රෝගීන් ඇබ්බැහි වී සිටීමේ තත්ත්වය වළක්‌වා නොගතහොත් වසර 2050 වනවිට ලොව පුරා බෙහෙත්වලට ඔරොත්තු දෙන සුව කළ නොහැකි අසාදනයන්ගෙන් මිය යන්නන්ගේ සංඛ්‍යාව වර්තමානයේ පිළිකාවන්ගෙන් මිය යන සංඛ්‍යාව ඉක්‌මවනු ඇතැයි වෛද්‍යවරු පෙන්වා දෙති.
 
 මේ වනවිට එංගලන්තයේ පමණක්‌ බෙහෙත්වලට ඔරොත්තු දෙන අසාදනයන්ට ගොදුරු වීමෙන් වාර්ෂිකව 5000 ක්‌ දෙනා මිය යන බව අනාවරණය වී ඇති අතර රුධිරගත "ඊ කෝලයි" නමැති අසූචිවල අන්තර්ගත බැක්‌ටිරියාව රුධිරයට එක්‌ වී ඇති 10 දෙනකුගෙන් 04 දෙනකුගේ ම එම රෝගී තත්ත්වය පළමු පෙළේ ප්‍රතිජීවක බෙහෙත්වලට සුව කළ නොහැකි බව හෙළි වී තිබේ.
 
 ප්‍රතිජීවක බෙහෙත් අත්‍යවශ්‍ය වනුයේ "සෙප්සිස්‌" නියුමෝනියාව, බැක්‌ටීරියා මගින් බෝවන මෙනින්ජයිටිස්‌ හා වෙනත් දරුණු ආසාදනයන්ට ප්‍රතිකාර කිරීමේදී පමණක්‌ බව පෙන්වා දෙන එංගලන්ත මහජන සෞඛ්‍ය සංවිධානය ප්‍රතිජීවක බෙහෙත් කිසිදු විටක සෑම රෝගී තත්ත්වයක්‌ සඳහා ම ප්‍රතිකාර කිරීමට අවශ්‍ය නොවන බව තහවුරු වී ඇතැයි කියා සිටී.
 
 කැස්‌ස හා බ්‍රොන්කයිටිස්‌ වැනි තත්ත්වයක්‌ ප්‍රතිජීවක බෙහෙත් හරහා දිනකදී හෝ දෙකකදී සුවපත් කළ හැකි වුවද විවේක ගැනීමෙන් එම රෝගී තත්ත්වයන් සති තුනකදී ස්‌වභාවිකව ම සුවපත්කර ගැනීමට හැකි බව වෛද්‍යවරු ප්‍රකාශ කර සිටිති.
 
 එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතනයේ වෛද්‍ය අධ්‍යක්‍ෂ මහාචාර්ය පෝල් කොස්‌ෆර්ඩ්ට අනුව පොදු රෝගී තත්ත්වයන් සුවපත් කිරීමට ප්‍රතිජීවක බෙහෙත් අවශ්‍ය නොවේ. අප බොහෝ දෙනකුට වරින් වර වැළඳෙන ආසාදන තත්ත්වයන් අපගේ ශරීරයේ ඇති ස්‌වභාවික ප්‍රතිශක්‌තිය නිසා ම ඉබේම සුවපත්කර ගත හැකිය. මේ අනුව රෝගීන් කිසි විටෙකත් ප්‍රතිජීවක බෙහෙත් අපේක්‍ෂාවෙන් තම වෛද්‍යවරයා වෙත නොයා යුතු අතර ආසාදනයන් හා අපට වැළඳෙන බොහෝ රෝගයන් සුවපත්කර ගැනීමට අවශ්‍ය වනුයේ, ප්‍රමාණවත් විවේකය, පැරසිටමෝල් වැනි වේදනානාශකයක්‌ භාවිත කිරීම හා දියර වර්ග වැඩිපුර පානය කිරීම බව මතක තබා ගත යුතුයෑයි මහාචාර්ය කොස්‌ෆaර්ඩ් පවසයි. ප්‍රතිජීවක බෙහෙත් වර්ගයක්‌ ඇත්ත වශයෙන්ම අවශ්‍ය වනුයේ කුමන අවස්‌ථාවේදී යන්න පිළිබඳව වෛද්‍යවරයා විසින් පවසනු ලබනු ඇතැයි ද එසේ නොමැතිව රෝගියෙකු තමන්ට අවශ්‍ය නොවන විටකදී ප්‍රතිජීවක බෙහෙතක්‌ ලබා ගැනීමට යැමෙන් ප්‍රතිජීවක බෙහෙත්වලින්වත් සුවපත් කළ නොහැකි ආසාදනයන්ට ලක්‌ විය හැකි බව ඔහු සඳහන් කරයි.
 
 මේ වනවිට ප්‍රතිජීවක බෙහෙත් භාවිතය අතිශයින්ම ගැටලු සහගත තත්ත්වයකට පවත්ව ඇති අතර හදිසියේ ප්‍රතිජීවක බෙහෙතක්‌ අසාර්ථක වුවහොත් ඇති වන ආසාදන තත්ත්වයකට ප්‍රතිකාර කිරීම අසීරු වන අතර එය ඉදිරියේදී සිසේරියන් සැත්කම් හා පිළිකා ප්‍රතිකාරයන් සඳහා ද අහිතකර ලෙස බලපානු ඇතැයි එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියක වන මහාචාර්ය ඩේම් සැලී ඩේවිස්‌ පවසන්නීය.
 
 එංගලන්තයේ පමණක්‌ පසුගිය වසර තුළදී (2016) ප්‍රතිජීවක බෙහෙත්වලට ඔරොත්තු දෙන සුව කළ නොහැකි බැක්‌ටීරියාවන්ට ගොදුරු වූවන් 2000 ක්‌ පමණ වාර්තා වී ඇති අතර මෙම තත්ත්වය ශ්‍රී ලංකාව ඇතුළු ලොව සෙසු රටවලින් ද වාර්තා වෙමින් පවතී.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Oct 2017 05:59 PM


weda3ලොව පුරා සිදු වන සෑම මරණ හයකින්ම එක්‌ මරණයක්‌ පරිසර දූෂණය ආශ්‍රිත රෝගාබාධයක්‌ හේතුවෙන් සිදු වන බව "ලැන්සෙට්‌" වෛද්‍ය සඟරාවෙහි පළ කර ඇති අලුත්ම අධ්‍යයන වාර්තාවක සඳහන් කර තිබේ.
 
 වසර 2015 දී පමණක්‌ ලොව පුරා මිලියන නවයක්‌ දෙනා පරිසර දූෂණය ආශ්‍රිත රෝගාබාධවලට ගොදුරුව මිය ගොස්‌ ඇති අතර මෙම සෑම මරණයක්‌ ම පාහේ අඩු හා මධ්‍යම ලාභී රටවල සිදු වන බව අනාවරණය වී ඇතැයි එම අධ්‍යයන වාර්තාවෙහි දැක්‌වේ.
 
 මෙසේ පරිසර දූෂණය හේතුවෙන් සිදුවන මරණවලින් 2/3 ක්‌ම වායු දූෂණයට ගොදුරු වීමෙන් හට ගන්නා රෝගාබාධවලින් සිදු වන බව හෙළි වී ඇති අතර බංග්ලාදේශය හා සෝමාලියාව මෙසේ පරිසර දූෂණය ආශ්‍රිතව ඇති වන රෝගාබාධවලින් පුද්ගලයින් වැඩියෙන් මිය යන රටවල් ලෙස ද බෲනායි හා ස්‌වීඩනය එවැනි රෝගාබාධවලින් අඩුම පිරිසක්‌ මිය යන රටවල් වශයෙන් ද හඳුනාගෙන තිබේ.
 
 මෙසේ පරිසරය දූෂණය ආශ්‍රිතව සිදු වන මරණවලින් වැඩි ප්‍රමාණයක්‌ හෘද රෝග ආඝාතය (ස්‌ට්‍රොaක්&zwnj හා පෙණහලු පිළිකාවන් වැනි බෝ නොවන රෝගාබාධයන් හේතුවෙන් සිදු වන බව වෛද්‍යවරු පවසති.
 
 වසර 2015 දී පරිසරය දූෂණය ආශ්‍රිත රෝගාබාධවලින් වැඩි වශයෙන් මිය ගිය අය සිටින රටවල් ලෙස බංග්ලාදේශය, සෝමාලියාව, චැඩ්, නයිජර්, ඉන්දියාව, නේපාලය, දකුණු දිග සුඩානය, එරිටි්‍රයා, මැඩගස්‌කරය, පාකිස්‌තානය එක්‌සත් රාජධානිය හා එක්‌සත් ජනපදය හඳුනාගෙන තිබේ.
 
 මෙම අධ්‍යයනය මෙහෙය වූ ඇමෙරිකා එක්‌සත් ජනපදයේ නිව්යෝර්ක්‌ නුවර මවුන්ට්‌ සිනායි හී පිහිටි අයිකාන් වෛද්‍ය විද්‍යාලයෙහි මහාචාර්ය පිලිප් ලැන්ඩ්රිගන්ට අනුව පරිසර දූෂණය යනු හුදෙක්‌ පරිසරයට පමණක්‌ එල්ල වන අභියෝගයක්‌ පමණක්‌ නොව මිනිසාගේ සෞඛ්‍ය හා යහපැවැත්මට තර්ජනයක්‌ වන දෙයක්‌ බව අවධාරණය කර ඇත.
 
 වායු දූෂණය හේතුවෙන් මිලියන 6.5 ක්‌ පමණ දෙනා ජීවිතයේ මුල් කාලය තුළදී මිය යන බව හෙළි වී ඇති අතර මෙම වායු දුෂණය බාහිරවත් නිවෙස්‌ තුළ දහනය කරන දර හා ගල් අඟුරු වැනි ද්‍රව්‍යයන් හරහා ද ඇති වන බව පැවැසේ.
 
 වායු දූෂණයට පසු මිනිසාට බලපාන ප්‍රධානත ම පරිසර දූෂණ තත්ත්වය වන ජල දූෂණය හේතුවෙන් මිලියන 1.8 ක්‌ මරණයට පත් වන බව අනාවරණය වී ඇති අතර සිය රැකියා ස්‌ථානවල හට ගන්නා වායු දූෂණය හේතුවෙන් වාර්ෂිකව ලොව පුරා අට ලක්‍ෂයක්‌ පමණ දෙනා මිය යන බව වාර්තා වී තිබේ.
 
 මෙසේ පරිසර දූෂණයට ගොදුරුව මිය යන්නන්ගෙන් සියයට 92 ක්‌ම දුගී රටවල ජීවත් වන බව හෙළි වී තිබේ.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Oct 2017 06:04 PM

weda2ඉතාලියේ ටස්‌කනි ප්‍රදේශයේ විද්‍යාඥයින් පිරිසක්‌ විසින් හෘදයාබාදයන්ට ගොදුරු වීම වැළැක්‌විය හැකි නව "පැස්‌ටා" (තන්තු බහුල ජනප්‍රිය බටහිර ආහාරයකි) විශේෂයක්‌ නිපදවීමට පියවර ගෙන ඇත.
 
 මෙම හෘදයාබාදයන් වළක්‌වන පැස්‌ටා විශේෂය ඩුරම් තිරිඟු පිටි හා පරිපූර්ණ බාර්ලි පිටි යොදා ගෙන සකස්‌ කර ඇති අතර බාර්ලි පිටිවල යහමින් අඩංගු ප්‍රබල තන්තු විශේෂයක්‌ වන "බීටා ග්ලූකන්" හරහා නව රුධිර නාලයන් වර්ධනය වී පිරිසිදු රුධිරය ශරීරය තුළ ගලා යැමට සැලැස්‌වීම හේතුවෙන් එම වර්ධනය වූ නව රුධිර නාලයන් මිනිසාට හෘදයාබාදයන් වැළඳීම වළක්‌වාලයි.
 
 මීයන් ආශ්‍රිතව සිදු කරන ලද අධ්‍යයනවලදී බාර්ලි පිටි අඩංගු පැස්‌ටා විශේෂය අනුභව කළ මීයන්ට හදවත් රෝග තත්ත්වයක්‌ ඇතිවූ විට හෘදයවස්‌තුවට සිදුව ඇති හානිය සුළු බව අනාවරණය වී තිබේ.
 
 මෙම නව පැස්‌ටා විශේෂය නිපද වූ විද්‍යාඥයින්ගේ කණ්‌ඩායමේ ප්‍රධානියා වන මහාචාර්ය වින්සෙන්සෝ ලියොනෙට්‌ටි ට අනුව නව පැස්‌ටා විශේෂය මගින් ආතතිය වළක්‌වා හෘද රෝග තත්ත්වයන්ට එරෙහිව ක්‍රියා කිරීම සිදු වේ.
 
 දැනට වෙළෙඳපොළෙහි ඇති පැස්‌ටා වර්ග නිපදවා ඇත්තේ ඩුරම් තිරිඟු පිටි භාවිත කිරීමෙනි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
26 Oct 2017 07:30 AM
ඔන්න පැස්ටා කන අයට. මම නම් මනාප නැත.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Oct 2017 05:28 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/25036.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Oct 2017 06:21 PM
ඔව් දරුවෝ හදන එකත් ලේසි නැ හරි විදියට කරේ නැත්නම් දරුවෝ මරුවෝ වෙන්නේ .
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Oct 2017 07:53 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
28 Oct 2017 07:58 AM
කුරුදු තේ නම් මමත් බොනවා.
ඇත්තටම සාර්තක ප්‍රතිපල මට නම් තියෙනවා. බඩ එහෙමත් අඩු වෙනවා.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Oct 2017 05:07 PM

දරුවන්ට වැළඳෙන දත් ලෙඩ

පාසල් දරුවන් අතර සුලබ මුඛ රෝග හා ඒ ආශ්‍රිත ගැටලු මොනවාදැයි සලකා බලමු. එලෙසම එම ගැටලු විසඳා ගත යුත්තේ කෙසේදැයි දැනුවත් වෙමු. එමගින් මුඛ රෝග මුල් අවස්ථාවේම හඳුනාගෙන ඔබේ දන්ත සෞඛ්‍ය තත්ත්වය යහපත් ලෙස පවත්වා ගැනීමට උත්සහ ගනිමු. මේ ලිපිය ඒ සඳහාය.

 

පාසල් දරුවන් අතර බහුල මුඛ සෞඛ්‍ය ගැටලු

• විදුරුමස් ප්‍රදාහය (Gingivitis)

• දත් දිරායාම/ දන්ත ව්‍යාසනය (Dental Caries)

• අක්‍රමවත්ව දත් පිහිටීම (Malocclusion)

• දත්වලට සිදුවන හදිසි අනතුරු (Dental Trauma)

• දත් දුර්වර්ණ වීම (Discoloration Teeth)

• මුඛයෙන් දුගඳ හැමීම (Bad Breath)

 

විදුරුමස් ප්‍රදාහය (Gingivitis)

විදුරුමස් ඉදිමීම පාසැල් දරුවන් අතර නිතර දකින්නට ලැබෙන රෝගී තත්ත්වයකි. මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ විදුරුමස් රතු පැහැ වීම හා දත් මදින විට විදුරැමසින් ලේ ගැලීමයි. ඒ නිසා ඔබටත් මෙවැනි රෝග ලක්ෂණ ඇත්දැයි සැලකිලිමත් වන්න. මේ අතර මුඛයෙන් දුගඳක් හැමීමට ප්‍රධාන හේතුවක් වන්නේ විදුරුමස් රෝගවලින් පෙළීමයි.

විදුරුමස් ඉදිමීමට ප්‍රධාන හේතුව දන්ත පථ නමින් හඳුන්වන විදුරුමස් දාරය හා දත මතුපිට තැන්පත්වන ද්‍රව්‍යයයි. මේවා ක්‍රමානුකූලව දත් මැදීම මගින් ඉවත් කර ගත යුතුයි. එසේ නොවුනහොත් සුදු/ ලා කහ පැහැති ද්‍රව්‍යයක් ලෙස ක්‍රමයෙන් තැන්පත් වී කල් යත්ම කෙළවල ඇති කැල්සියම් මගින් මේවා ඝන තත්ත්වයට පත් වේ.

දන්ත අශ්මිය (Calculus) ලෙස විදුරුමස් දාරයේ දැකිය හැකි වන්නේ මෙලෙස ඝන වූ දන්ත පථ වේ. මේවා මත ක්‍රියාකරන බැක්ටීරියා මගින් නිපදවන විෂ ද්‍රව්‍ය නිසා විදුරුමස් ඉදිමීමම ඇති වේ. 

මෙවැනි රෝග ලක්ෂණ ඔබටත් පහළ වී ඇත්නම් නොපමාව දන්ත වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඔබ වයස අවුරුදු 13ක් හෝ ඊට අඩු පාසල් දරුවකු නම් පාසල් දන්ත චිකිත්කවරියන්ගෙන්ද උපදෙස් ලබා ගත හැකිය.

නිවැරදිව, ක්‍රමානුකූලව දන්ත පථ ඉවත් වන සේ දිනකට දෙවරක් උදෑසන හා රාත්‍රී නින්දට පෙර දත් මදින ආකාරය ගැන උපදෙස් ලබාගෙන ඒවා මනාව පිළිපැදිය යුතුයි.

ඇතැම් අවස්ථාවල විෂබීජ නාශක, මුඛ ශෝධන ද්‍රාවණ (Mouth Washes) හෝ උග්‍ර විදුරුමස් ඉදිමීම සඳහා ප්‍රතිජීවක ඖෂධ දන්ත වෛද්‍ය උපදෙස් මත තාවකාලිකව භාවිතා කළ යුතුවෙයි.

අක්‍රමවත්ව දත් පිහිටීම (Malocclusion)

අක්‍රමවත්ව දත් පිහිටීම පාසල් දරුවන් පෙළන තවත් සුලබ මුඛ ආබාධිත තත්ත්වයකි. දත් ඉදිරියට නෙරා ඒම, පොකුරු ගැසී පිහිටීම, දත් අතර හිදැස් පැවතීම, දත් ඇඳි එක්වීමේදී යටි ඇන්දේ දත් උඩු ඇන්දේ දත්වලට පිටතින් පිහිටීම වැනි විවිධාකාර තත්ත්වයන් මේ යටතේ දැකිය හැකි වෙයි.

අක්‍රමවත් දත් පිහිටීමට හේතු වන්නේ ප්‍රවේණිගත සාධක, ඇඟිලි ඉරීම වැනි වැරදි පුරුදු හා කිරි දත් නොසලකා හැර දිරා ගොස් ඒවා හැලී යාමට පෙර ගැලවීමට සිදුවීම වැනි දේයි.

අක්‍රමවත්ව පිහිටි දත් සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම පවතී. ඒ නිසා එවැනි තත්ත්වයක් ඔබටත් පවතී නම් දන්ත වෛද්‍ය උපදෙස් ලබා ගන්න. 

දත් දිරායාම/ දන්ත ව්‍යාසනය (Dental Caries)

දත් දිරායාම විශේෂයෙන්ම අවුරුදු 12ට අඩු පාසැල් දරුවන් අතර සුලබව දැකිය හැකි රෝගී තත්ත්වයකි. දතේ හපන මතුපිට හා දත් අතර පැතිවල දත් දිරායාම සිදුවෙයි. මෙය සිදුවන්නේ දන්ත පථවල ඇති බැක්ටීරියා ඇලෙන සුළු පැණි රස මත ක්‍රියා කර නිපදවන ලැක්ටික් අම්මලය මගින් දත මතුපිට එනැමලය දිය කර හැරීමෙනි. බිත්තර කටුවක් මතට විනාකිරි ද්‍රාවනයක් දැමූ විට සිදුවන ක්‍රියාවට මෙය සමාන කළ හැකිය.

දත් දිරායාමේ මුල් අවස්ථාව එනැමලය මත ඇතිවන සුදු ලපයයි (White Spot) පසුව මෙය ක්‍රමයෙන් ව්‍යාප්ත වී කහ/ දුඹුරු/ කළු පැහැ වී දත් කුහරයක් දක්වා වර්ධනය වේ. දන්තිනය තෙක් පැතිර ගිය විට උණුසුම්/ සීතල ආහාර පාන, පැණිරස ගන්නා විට හිරිවැටීම සිදුවෙයි, දත් කුහරයේ කෑම සිරවීම සිදුවෙයි. ඉන්පසු කල්ක කුහරය තෙක් පැතිරුණු විට දතෙහි වේදනාව ඇතිවෙයි. පසු අවස්ථාවලදී දත ආශ්‍රිත පටක ඉදිමීම, පණු ගෙඩි (දන්ත මුල කෝෂ්ඨ) සැදීම වැනි සංකුලතා ඇතිවිය හැකිය. ඒ නිසා දත් දිරායෑමේ අවස්ථාව අනුව කළයුතු ප්‍රතිකාර වෙනස් වෙයි. 

දත් දිරායාම වළක්වා ගනිමු!

• සුදු ලප අවස්ථාවේදී ආහාර රටාව පාලනය කර ගැනීම, ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයකින් නිවැරදිව දත් මැදීම හා ෆ්ලෝරයිඩ් අධි සාන්ද්‍රණයෙන් යුතු ජෙල්, වාර්නිෂ්, මුඛ ශෝධන ද්‍රාවන වැනි ක්‍රමවේද මගින් යථාතත්වයට පත්කර ගත හැකිය. එනිසා නොපමාව දන්ත වෛද්‍ය උපදෙස් ලබාගන්න.

• කුහර සෑදුණු දත්වලට විවිධ පිරවුම් ද්‍රව්‍ය හා ක්‍රම භාවිතා කර ප්‍රතිකාර කිරීම සිදුකරයි. ගැඹුරු කුහර සඳහා තාවකාලික පිරවුම් ද කල්ක කුහරය තෙක් ගැඹුරු නොවන කුහර සඳහා ජී.අයි.සී. (G.I.C.) ඇමල්ගම් වැනි පිරවුම් ද්‍රව්‍ය භාවිතා කෙරේ.

• තාවකාලික පිරවුම් කළ දතකට දන්ත වෛද්‍යවරයා/ දන්ත චිකිත්සකවරිය නියම කරන දිනක නැවත ස්ථිර පිරවුම යෙදිය යුතුය.

• කල්ක කුහරය තෙක් දිරාගිය කිරි දත් හෝ ස්ථිර දත්වලට කරනු ලබන විවිධ පිරවුම් ක්‍රමවේද තිබේ. එමනිසා නොපමාව දන්ත වෛද්‍යවරයෙකු හමුවන්න. 

දන්ත ව්‍යසනය පාලනය කර ගැනීමට ඔබට කළ හැකි දේ.

• දිනකට දෙවරක් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයකින් දත් මැදීම, නිවැරදි ආහාර රටාවකට හුරුවීම, ටොෆි චොකලට් වැනි පැණිරස ආහාර පාන, බනිස්, බිස්කට්, පේස්ට්‍රී වැනි ඇලෙනසුළු ආහාර හැකිතරම් සීමා කිරීම. ඒ වෙනුවට පළතුරැ, පලාවර්ග, ධාන්‍ය වර්ග හා අනෙකුත් පෝෂ්‍යදායි ආහාර වාර්ග ගැනීම.

• එබඳු ආහාර ගැනීමට සිදුවූවහොත් කට සෝදා දැමීම/ පිරිසුදු ජල පානය කිරීම.

• මාස හයකට වරක්වත් දන්ත වෛද්‍ය / දන්ත චිකිත්සක මුඛ සෞඛ්‍ය පරීක්ෂාවකට යොමු වීම.

 

දත්වලට සිදුවන හදිසි අනතුරු (Dental Trauma)

දත් කැඩීම, සෙලවීම, දත මුළුමනින්ම ගැලවී යාම මේ තත්ත්වයන්ට උදාහරණ වෙයි.

• ඔබේ දතකට/ දත්වලට යම් අනතුරක් සිදුවූ වහාම දන්ත වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වෙයි. එයට හේතු වන්නේ අනතුරුවලට පත් වූ දත් නොසලකා හැරීමෙන් කල්ගත වූ විට එම දත් අජීවි තත්ත්වයකට පත්වීමට ඉඩ ඇති බැවිනි.

• හදිසි අනතුරකට පත්වී ඔබේ ඉදිරිපස ස්ථිර දතක් මුළුමනින්ම ගැලවී ගියහොත්, එය ඔබගේම මුඛය තුළ රඳවා ගෙන හෝ ජීවානුහරණය කරන ලද කිරිවල බහා හැකි ඉක්මනින් දන්ත වෛද්‍යවරයෙක් වෙත යන්න. එසේ කළහොත් විශේෂ ප්‍රතිකාර ක්‍රම මගින් එම දත නැවත සවිකොට සුවකර ගැනීමට ඔබට හැකි වෙයි.

 

දත් දුර්වර්ණ වීම (Discolorations of Teeth)

ඔබටත් දත්වල පැහැය පිළිබඳ ගැටලුවක් ඇත්නම්, ඒ ගැන ලතනොවී දන්ත වෛද්‍ය උපදෙස් ලබාගන්න. 

මුඛයෙන් දුගඳ හැමීම (Bad Breath)

මුඛයෙන් දුගඳ හැමීම ඇතැම් පාසල් දරුවන් නිතර ලතවන තත්ත්වයකි. මෙයට විවිධ හේතු බල පෑ හැකියි. එනම් කෑම සිරවන කුහර සහිත දිරාගිය දත් පැවතීම, විදුරුමස් ඉදිමීම, ක්‍රමානුකූලව දත් පිරිසිදු නොකිරීම හා ආමාශගත රෝගයි. එම නිසා ලතනොවී දන්ත වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගන්න. ඇතැම් විට වෛද්‍ය උපදෙස් සඳහා ඔබව යොමු කරනු ලබයි. ඉතින් මුඛ සෞඛ්‍ය ගැටලුවකදී කළ යුත්තේ කුමක්දැයි දැන් ඔබට යම් තරමකින් හෝ අවබෝධ වූවා නේද?

 වෛද්‍ය අයි.ආර්. පෙරේරා
ප්‍රජා මුඛ සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Oct 2017 05:09 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 60 of 137 << < 5859606162 > >>