You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 61 of 137 << < 5960616263 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Oct 2017 05:23 PM

මෝරතෙල් කොයිතරම් ඕනෑද?

ස්වභාවික මෝරතෙල් ඔබේ සමට, අස්ථිවලට, හදවතට, වගේම ඔබේ වයසටත් පුදුම හිතෙන තරම් ප්‍රතිඵල ලබාදෙන බව නම් ඔබට කොහෙත්ම අමතක කරන්න බැහැ. ලංකාවේ අපි මුහුණ දෙන රෝග තත්ත්වයන් රැසකට මෝරතෙල් ගුණය ලැබෙන හැටි ගැන අද අපි ටිකක් කතා කරමු.

ආසාත්මිකතා සහ ශ්වසන රෝග අවම කරයි

අද වෙනකොට ලංකාවේ බොහෝමයක් කුඩා දරුවන් මුහුණ දෙන ප්‍රධානම රෝග තත්වයක් තමයි මේ ආසාත්මිකතා සහ ශ්වසන රෝග කියන්නේ. ඔමේගා 3 පෝෂණයෙන් වගේම විටමින් A,D සහ E යන ගුණයෙන් පිරිපුන් මෝරතෙල් කරල් මේ වගේ ආසාත්මිකතා, ඉදිමුම වගේම ප්‍රදාහයන් වැනි තත්වයන්වලට එරෙහිව හොඳින් ක්‍රියාත්මකයි. අස්ථි සම්බන්ධ ආබාධයන්ට හිතකරයි.

ස්වභාවික මෝරතෙල් කරල් සෞඛ්‍යසම්පන්න සන්ධි සඳහා උපකාරී වන අතර ආතරයිටීස් සහ ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි සම්බන්ධ රෝග තත්ත්වයන් රැසකට සාර්ථකව පිළියම් කිරීම සඳහා ද බෙහෙවින් උපකාරී වෙනවා. ආතරයිටීස් රෝගීන්ගේ සන්ධි ඉදිමුම් වේදනාව අවම කරනවා විතරක්ම නෙවෙයි. අස්ථිවල අඩංගු කාටිලේජ හානියට පත්කරන රෝගී තත්වයන් සමඟ ද හොඳින් සටන් කරනවා.

ඔබේ තරුණ පෙනුම රැකදෙයි

මෑතකදී සිදු කළ පර්යේෂණවලින් අනාවරණය වෙලා තියෙන කරුණුවලට අනුව මෝරතෙල්වල අඩංගු ඔමේගා 3 පෝෂකය ඔබ වියපත්වීමේ ක්‍රියාවලියෙන් ඈත් කර තබනවා විතරක් නෙවෙයි. ඔබව සෞඛ්‍යසම්පන්න, නිරෝගී පුද්ගලයෙකු බවටත් පත් කරනවා. විද්‍යාත්මක පරීක්ෂණවලට අනුව අපේ DNA අඩංගු ටැලොමෙරෙස් (Telomeres) අංශු  DNA අණු, කල්යාමේදී අවමවීමේ තත්වයෙන් ආරක්ෂා කරනවා. ඒ කියන්නේ ඔබේ වයස්ගතවීමට බලපාන හේතු අවම කරන්නේ ටැලොමෙරෙස් අංශු. ස්වභාවික මෝර තෙල් මෙතැනදී කරන්නේ මේ ටැලොමෙරෙස් අංශු හීන වීමේ වේගය අවම කරන එක. ඒ නිසා වයසට යනකොට මතුවෙන ලෙඩරෝග රැසකට උත්තර හොයන්න මෝරතෙල් තරම් දෙයක් තවත් නැහැ. එහෙනම් ඉතින් ඔයාම හිතලා බලන්න තරුණ බව රැකගන්න කෘත්‍රිම පෝෂකයන් ආලේප කරනවා හරි පාවිච්චි කරනවා හරි වෙනුවට ස්වභාවික මෝරතෙල්වල නියම ගුණය ලබාගැනීම කොයිතරම් වටිනවද කියලා.

Web MD

වැඩි දඟය ලොකු ලෙඩක්

දරුවෝ හරිම දඟකාරයි. දරුවෙක් දඟ නැත්නම් තමා අපි බයවෙන්න ඕන. දඟකාරකම නිරෝගිකමේ ලක්ෂණයක්. එක අම්මා කෙනෙක් ඇයගේ දරුවා දඟ නිසා වෛද්‍යවරයෙකු ළඟට අරගෙන ගියාලු. වෛද්‍යවරයා මෙහෙම කිව්වලු. 
 
“ඔබේ දරුවා දඟ නැත්නම් පමණක් මා ළඟට ගේන්න. දඟකාරකම කියන්නේ නිරෝගිකමේ ලක්ෂණයක්”
 
ඒත් අසාමාන්‍ය දඟකාරකම, සාමාන්‍ය දඟකාරකම නෙමෙයි. ඒ කියන්නේ පමණට වඩා පාලනයක් නැතිව සිදුවන දඟය. අසාමාන්‍ය දඟකාරකම කියන්නේ මොළයේ රසායනික ද්‍රව්‍යවල සිදුවන වෙනස් වීමක් නිසා ඇතිවන රෝගී තත්ත්වයක්. එය සාමාන්‍යයෙන් වෛද්‍යවරු හඳුන්වන්නේ ADHD කියලා. ඒත් ඔබට ඔබේ දරුවාගේ මේ වෙනස හඳුනාගන්න බැරි වුණොත් එය සාමාන්‍ය හැසිරීමක් ලෙස වැරදි ආකාරයට වටහා ගත්තොත්, දරුවාගේ අධ්‍යාපනයේ සිට මුළු ජීවිතයම අවුල් වෙන්න පුළුවන්. අසාමාන්‍ය දඟකාරකම හෙවත් අධික්‍රියාකාරී දරුවාට නිසි ඖෂධ සහ උපදේශන සේවාවක් අවශ්‍ය වෙනවා. මෙය මනෝ වෛද්‍යවරයෙකු විසින් කළ යුතු කාර්යයක්. බොහෝ මව්පියන් මෙවැනි දරුවන් වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්නේ නැහැ. ඊට ප්‍රධානතම හේතුව දරුවාගේ සැබෑ තත්ත්වය පිළිගැනීමට ඔවුන් අකමැති වීමයි.
 
අධික්‍රියාකාරී දරුවකු හඳුනාගන්නේ කොහොමද?
 
• කකුල් වේගයෙන් සෙලවීම.
• කිසිම තේරුමක් නැතුව දිවීම.
• පිළිවෙළකට සෙල්ලමක නොයෙදීම.
• නිතර අනිත් අයට බාධා කිරීම.
• එක තැනක විනාඩි 05ක් වත් ඉන්න බැරිකම.
• තේරුමක් නැතිව කතා කිරීම.
• ඔහුගේ අවස්ථාව එනතුරැ සිටීමට නොහැකි වීම.
 
මෙම අධික්‍රියාකාරී සහ ඌණ අවධානය සහිත දරුවාට ප්‍රතිකාර නොගත්තොත් කුමක් වෙයිද?
 
• අධාපනය බිඳවැටීම සහ ක්‍රමානුකූලව ලකුණු අඩුවීම.
• දරුවාට දෙන Home work ප්‍රමාණය කරගත නොහැකි වීම.
• ප්‍රචණ්ඩත්වයට නැඹුරු වීම.
• සමහර දරුවන් අධාපනය බිඳවැටීමත් සමඟ ගැටවර වියේදී මත්පැන් හා මත්ද්‍රව්‍යවලට යොමුවීම.
• අමෙරිකා මනෝවිද සංගමයට අනුව නිසි ලෙස ප්‍රතිකාර නොගත් මෙවැනි දරුවන්ගෙන් 50% ක්ම බොරු කීම, සොරකම් කිරීම හා නොයෙකුත් වංචා සහිත ක්‍රියාවන්ට ගොදුරු වීම සිදුවේ.
 
ඔබට නිවසේ දී කළ හැකි ක්‍රියාකාරකම්
 
දරුවා කාලසටහනකට අනුව වැඩ කිරීමට හුරු කරවීම. උදා:- උදෙන්ම නැඟිටීම, දත් මැදීම, පාසල් යාම, සෙල්ලම් කිරීම, නින්දට යාම, රූපවාහිනිය බැලීම, පාඩම් කිරීම, දරුවාට දෙන අවවාද ඉතා පැහැදිලිව කෙටි වාක්‍යවලින් ලබාදීම. දරුවා සමඟ කතා කරන විට ඔහුගේ ඇස් දෙක දිහා බලාගෙන ආදරය දැනෙන ලෙස කරුණු කියාදීම. දරුවා හොඳ ඇගයීමකට ලක් කරන්න. දරුවා පිළිබඳ දැඩි හෝදිසියකින් සිටින්න. මන්ද දරුවා සාමාන්‍ය දරුවෙක් නොවන නිසාවෙනි. ඔහු දැඩි ලෙස දඟකාර හා හැඟීම්බර නිසා නොයෙකුත් අනතුරු සිදුකර ගැනීමට ද හැකිය. ඔහුට පාසලේ දී පවරන වැඩ කලබලයෙන් තොර පරිසරයක සිට ඔබගේ ද සහයෝගයෙන් කරවීම අත්‍යවශ්‍යය. එම වැඩ කුඩා කොටස්වලට කඩා සරල ලෙස ඔහුට ලබාදිය යුතුය. දරුවාගේ ගුරුවරු සමඟ දරුවා ගැන සාකච්ඡා කරන්න. සෙල්ලම් කරන විට ද කෑම ගැනීමේදී ද දරුවාගේ හැසිරීම් රටාවන් අධ්‍යයනය කරන්න. මාස්පතා දරුවාගේ හැසිරීම් රටාවන්ගේ වාර්තාවක් ගුරුවරයාගෙන් ලබාගන්න.
 
අධික්‍රියාකාරී තත්ත්වයට පත් වූ දරුවකුට ඖෂධ ලබාදීමෙන් මෙම තත්ත්වය පාලනය කළ හැකිය. මෙවැනි දරුවකු විශේෂයෙන් පුහුණුව ලැබූ ගුරුවරයකු යටතේ පුහුණුවකට යොමු කිරීම වඩා වැදගත් වේ.
 
ඖෂධවලින් ලැබෙන වාසි
 
1. අධික්‍රියාකාරී තත්ත්වය අඩුවෙයි. ඒ අනුව:- දරුවාට එකම ස්ථානයක වැඩි වේලාවක් කටයුතුවල නිරත වීමට හැකිවීම, අරමුණක් නැතිව දිවීම අඩුවීම, ඝෝෂාකාරී හැසිරීම් රටාවන් වෙනස් වීම.
2. අවධානය වැඩිදියුණු වේ:- යම් වැඩකට එක අරමුණකට අවධානය යොමුකර රැඳීසිටීමට ඇති හැකියාව වැඩි වේ, ඇහුම්කන් දීම වැඩිදියුණු වේ, බාරගත් වැඩක් අවසන් කිරීමට ඇති හැකියාව වැඩිදියුණු වේ.
3. ආවේගශීලී බව අඩු වේ:- ඉවසීම දියුණු වීම.
 
මෙවැනි දරුවන් හඳුනාගැනීමේ දී ලංකාවේ සිටින ගුරුවරුන්ගේ ප්‍රායෝගික දැනුම කෙබඳු වේද?
 
මම කොළඹ ප්‍රදේශයේ පාසල්වල වැඩසටහන් 50කට අධික ප්‍රමාණයක් කරලා තියෙනවා. සංඛ්‍යා ලේඛන අනුව පෙනී යන්නේ 5% ත් 10% ත් අතර මෙබඳු ළමුන් ප්‍රමාණයක් පන්ති කාමරවල සිටින බවයි. නමුත් බොහෝ ගුරුවරුන්ට මෙම දරුවන් හඳුනාගැනීමේ නිසි විද්‍යාත්මක දැනුමක් නෑ. ගුරුවරු කරන්නේ මෙම දරුවා පන්ති කාමරයේ දී දඟ නිසාත් නිසි ලෙස ඇහුම්කන් නොදෙන නිසාත් Home work පිළිවෙළට නොකරන නිසාත් වැඩ බැරි ළමයි ලෙස පන්තියේ කොන් කිරීමයි. සැබැවින්ම මෙම දරුවන්ගේ බුද්ධි මට්ටමේ කිසිදු අඩුවක් නැහැ.
 
නමුත් මෙම කොන්වීමෙන් දරුවා හුදෙකලා වී නොයෙකුත් වැරදි හැසිරීම්වලට යොමුවීමේ ප්‍රවණතාවය වැඩිවන අතර ඔහුට මෙන්ම සමාජයට ද ලොකු හානියක් සිදුවෙනවා.
 
දරුවෝ කියන්නේ රටකට ලොකු සම්පතක්. ඔවුන්ගේ ජීවිතය අවුල් වෙනවා කියන්නේ මුළු රටම අවුල් වෙනවා. අමෙරිකාවේ කරන ලද එක් සමීක්ෂණයකින් පෙනීගොස් ඇත්තේ හිරගෙවල්වල සිටින පුද්ගලයන්ගෙන් 30% ක් පමණ කුඩා කාලයේ දී අධික්‍රියාකාරීත්වය සහ ඌන අවධානයෙන්, නැතිනම් ADHD ලෙස හඳුන්වන රෝගී තත්ත්වයෙන් පෙළුනු අය බවයි.
 
අධ්‍යාපන අමාත්‍යංශය මගින් ළමා මනෝ උපදේශනයට ගුරුවරු 3000 ක් පුහුණු කිරීමට අලුතින් කටයුතු කරන බව අසන්න ලැබීම හරිම සතුටක්. නමුත් මෙම පුහුණුව ඔවුන්ට ලබාදෙන්නේ කවුරුන්ද යන එක අපට ලොකු ගැටලුවක්. යල්පැනගිය මනෝ විද්‍යාත්මක සිද්ධාන්ත සහ න්‍යායන් ඔළුවලට ගිල්වීමෙන් කිසිම පලක් වෙතැයි සිතන්න බැහැ. මෙම ගුරුවරුන්ට අවශ්‍ය වන්නේ “ප්‍රශ්න තිබෙන දරුවන්” හඳුනා ගැනීමට ප්‍රායෝගික දැනුමක් සහ එම දරුවා නිවැරදි කිරීමට අවශ්‍ය මනෝ විද්‍යාත්මක කුසලතාවලට ගුරුවරුන් පුහුණු කිරීමයි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Oct 2017 05:24 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Oct 2017 05:24 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Oct 2017 05:25 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Oct 2017 05:25 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Oct 2017 05:25 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Oct 2017 05:26 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Oct 2017 05:26 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Oct 2017 05:26 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Oct 2017 05:27 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Oct 2017 05:40 PM

rockප්‍රශ්නය - මෙයට වසර තිහ හතළිහකට පෙර මේ රටේ ගම්මානවල ජීවත් වූ බර වැඩ කරන ගැහැනු පිරිමි හැම දෙනකුටම පාහේ දෙපාවල ගල් තැලුම තිබුණා. අද නගරවල ජීවත්වන, කම්කරු ජනතාවගේ පාදවලත් පෙර කී ආකාරයෙන් ම ගල් තැලුම් තිබෙන බව එක්‌තරා සෞඛ්‍ය අධ්‍යයන පර්යේෂණායතනයක්‌ මගින් නිකුත් කළ වාර්තාවක සඳහන් වුණා. ගල් තැලුම් කියන්නේ මොනවාද?

ආචාර්ය වෛද්‍ය ඒ. ඒ. ඡේ-. පුෂ්පකුමාර - ආයුර්වේදයට අනුව ගල් තැලුම් හැඳින්වෙන්නේ කදර කියන නමින්. මෙහි ස්‌වභාවය ඇනයක ස්‌වරූපය හා සමානයි. එහි හරස්‌කඩක්‌ ගත්තොත් පෙනෙනවා හිස කොටස විශාලවත්, ඇතුළත කොටස කේතුවක ආකාරයෙන් පහළට ගමන් කර ඇති බවත්. කොටින්ම කියතොත් ගල් තැලුමක හරස්‌කඩ කේතුවක හරස්‌ කඩ හා සමානයි. ඉංග්‍රීසියෙන් මෙය හඳුන්වන්නේ ඤබැ කියලයි. සමස්‌ත ගල් තැලුම ඉතා තදයි. කැරටින්වලින් නිර්මාණය වී ඇති මෙය ඇතැම් කෙනෙකුගේ පාදයක හත අටක්‌ හෝ දහයක්‌ පහළොවක්‌ විතර තිබෙනවා. ගල් තැලුමක්‌ තියෙන අයකුට පය බිම තබන්න බැරි තරමට වේදනායි. එහි පිටතට නෙරා ඇති පොළොව සමඟ ස්‌පර්ශ වන කොටසට ගැමියන් කියන්නේ කොස්‌ස කියලා. ආයුර්වේදය මෙය හඳුන්වන්නේ ශරීරයේ උෂ්ණාධික බව නිසා ඇතිවන රෝග තත්ත්වයක්‌ කියලයි. මේක සරල දෙයක්‌. හැබැයි මෙයට අවශ්‍ය ප්‍රතිකාරය පරෙස්‌සමින් තෝරා ගත යුතුයි.

ප්‍රශ්නය - ගල් තැලුමක්‌ හටගන්නේ උෂ්ණාධික බව නිසා විතරක්‌ ද?

ආචාර්ය වෛද්‍ය පුෂ්පකුමාර - රළු පොලොව මත ගමන් කරන විට උඩට නෙරා ගිය උල් ගලක්‌ පතුලෙහි ගැටීම හේතුවෙනුත් මෙය හට ගන්නවා. එහෙත් එය දිගින් දිගටම පවතින්නේ ශරීරයේ උෂ්ණාධික බව නිසයි. ඔබ කලින් කී පරිදි ගල් තැලුමේ ඉදිරියට නෙරා ගිය කොටස කපා ඉවත් කළාට වැඩක්‌ නැහැ. එය නැවත හටගන්නවා.

ප්‍රශ්නය - ගල්තැලුම් හටගන්නේ පාදයේ විතරද?

ආචාර්ය වෛද්‍ය පුෂ්පකුමාර - බහුල වශයෙන් හටගන්නේ පාදයේ. ඒ අතරම ශරීරයේ වෙනත් තැන්වලත් හට ගන්නවා. විශේෂයෙන් ම හටගන්නේ යම්කිසි මතුපිටක්‌ සමඟ ගැටෙන කොටසකයි.

ප්‍රශ්නය - එමගිනුත් හානි සිදුවෙනවාද?

rock1ආචාර්ය වෛද්‍ය පුෂ්පකුමාර - කිසියම් වේදනාවක්‌ හට ගන්න පුළුවන්. හැබැයි ඒවා ලොකු ප්‍රශ්න නොවෙයි. ප්‍රශ්නයක්‌ වන්නේ පාදයේ හට ගන්නා ගල් තැලුමයි. හේතුව මුළු ඇඟේම බර එන්නේ පාදයටයි. එවිට පාදය රිදුම් දෙනවා. බටහිර ප්‍රතිකාර ක්‍රමයට අනුව මෙය සැත්කමක්‌ මගින් කපා ඉවත් කළ යුතුයි. එවිට යටිපතුලේ මසෙන් කෝනයක ආකාරයක කොටසක්‌ ඉවත් කරනවා. හැබැයි එහෙම කරන කොට ඒ ආසන්නයේ පිහිටි ස්‌නායුවක්‌ එහෙම කැපුනොත් එතැන් සිට ම පාදයේ චලනයන් කරගන්න බැරි වෙනවා. පා ඇඟිලි සොලවන්න බැරි වෙනවා. මේ නිසා මෙය බාගෙට කපා ඉවත් කිරීම සිදුවෙනවා. එවිට එය නැවත වැඩෙනවා. වන මෙවිට සැත්කමකින් ඉවත් කරන්න සිදුවෙනවා. මේක ඉතින් සංසාරය වගේ නිමක්‌ නැති වැඩක්‌. යම් විදියකින් පාදයක ගල් තැලුම් දහයක්‌ පහළොවක්‌ තිබුණොත් මුළු පතුලම කපන්න වෙන තත්ත්වයක්‌ තමයි හටගන්නේ.

ප්‍රශ්නය - ආයුර්වේදය මගින් මෙය සුව කරන්නේ කොහොමද?

ආචාර්ය වෛද්‍ය පුෂ්පකුමාර - අග්නි කර්මය කියන ප්‍රතිකාරය තමයි කරන්නේ. ශලාකාව නමැති සැත් උපකරණය මගින් ගල් තැලුම පිළිස්‌සීම මෙහිදී සිදුවෙනවා. එය ඉතා ආරක්‍ෂිතයි. කිසිදු වේදනාවකුත් නැහැ. සැත් උපකරණයේ උණුසුම ගල් තැලුම දිගේ ක්‍රමානුකූලව පහතට බැස කැරටින් පදාසය පිළිස්‌සීම තමයි සිදු කෙරෙන්නේ. මෙය කිසිම වේදනාවක්‌ නැති ආරක්‍ෂාකාරී ක්‍රමයක්‌. ඔපරේෂන් එකක්‌ කළා වගේ නොව ප්‍රතිකාරය සිදුÊකළ මොහොතේ පටන්ම වැඩ කළ හැකියි.

නොමිලේ විස්‌තර සඳහා

- 0766739977, 011-5288055

 

diabitice* කුමක්‌ද මේ දියවැඩියාව කියන්නේ ඇයි සමාජය මෙතරම්ම දියවැඩියාවට බියක්‌ දක්‌වන්නේ

වෛද්‍ය රන්පත රුවන් රත්නායකඃ- ඇත්තටම දියවැඩියාව ලෙස හඳුන්වන්නේ ප්‍රධාන වශයෙන්ම ශරීරයේ සීනි මට්‌ටම ඉහළ යැමයි. මෙම සීනි ප්‍රමාණය ඉහළ යැමත් සමඟ ශරීරයට ඇතිවන විවිධ සංකූලතා තමයි මෙම රෝග ලක්‍ෂණ ලෙස හඳුන්වන්නේ. බොහෝ විට මෙම රෝගී තත්ත්වය ජාන ඇසුරින්ද ඇතිවිය හැකි අතර වැඩිම පිරිසක්‌ මෙම රෝගයට ගොදුරුවන්නේ නිසි ලෙස තම දේශපාලනයකින් තොරව කටයුතු කිරීමෙන් බවද පැවසිය යුතුමයි. විශේෂයෙන්ම වර්තමානයේ බොහෝ පිරිසක්‌ මෙම රෝගී තත්ත්වයට ගොදුරුවන්නේ නිවැරැදි ආහාර රටාවක්‌ අනුගමනය නොකිරීම සහ ක්‌ෂණික ආහාරවලට වැඩිපුර යොමුවීම තුළිනුයි.

මෙම රෝගය වැළඳුණු විට එය ඉතා අහිතකර ලෙස ශරීරයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කරනු ලබන අතර මෙම රෝගී තත්ත්වය නිහඬවම මිනිසාගේ සිරුරට කරනු ලබන හානිදායක තත්ත්වය නිසා බොහෝ දෙනා මෙම රෝගය "නිහඬ මාරයා" යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වන්නේ එහි ඇති බැරෑරුම්කම නිසාය. එම නිසා මෙම රෝගයේ සංකූලතා හඳුනා ගැනීම සහ මේ සඳහා කඩිනමින් ප්‍රතිකාර ගැනීම ඉතා වැදගත් වෙනවා. මෙන්න මේ තත්ත්වය නිසා බොහෝ රෝගීන් දියවැඩියාව රෝගයට දැඩි බියක්‌ දක්‌වනවා.

* අද අප කතා කරන්නේ මෙම රෝගය වැළඳුණු රෝගීන්ට බලපාන තවත් රෝග තත්ත්වයක්‌ ගැනයි. එනම් අතපය හිරිවැටීම ගැනයි. ඇයි දියවැඩියාව රෝගීන්ගේ අතපය හිරිවැටීම සිදුවන්නේ.

වෛද්‍ය රන්පත රුවන් රත්නායකඃ- මෙම රෝගයෙන් පීඩා විඳින්නන් බහුතරයක්‌ ගොදුරු වන අමතර රෝගී තත්ත්වයක්‌ තමයි ඔවුන්ගේ අතපය හිරිවැටීමේ තත්ත්වය. මෙම රෝගීන් හුඟ දෙනෙක්‌ පවසන්නේ ඔවුන් දෙපයින් ඇවිදින විට යටිපතුල් කොට්‌ටයක්‌ උඩ ඇවිදිනවා ලෙස දැනෙන බවයි. ඒ වගේම ඔවුන් පාවාහන් පැළඳ සිටියත් ඒ බව ඔවුන්ට නොතේරෙන බවක්‌ පවසනවා.

මීට අමතරව දණහිස්‌, උරහිස මෙන්ම වැලමිට ඇතුළු විශාල සන්ධි ආශ්‍රිතව ඇතිවන අධික වේදනා තත්ත්වයන් ගැනද රෝගීන් අප සමඟ පවසනවා. සමහරුන්ට මෙම වේදනාකාරී තත්ත්වයන් උදැසන කාලයේදී ඇතිවන අතර තවත් සමහරුන්ට මෙම වේදනාවන් දිවා කාලයේද තවත් පිරිසකට රාත්‍රියේද ඇතිවීමට හැකියාව පවතිනවා. යම් ලෙසකින් දියවැඩියාව වැළඳුණු රෝගීන්ට මෙම අත්පාවල හිරිගතිය ඇතිවනවා නම් ඊට හේතු ලෙස අදාළ රෝගියාගේ ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ දුර්වලතාවක්‌ නිසා මෙම තත්ත්වය ඇතිවීමේ හැකියාව පවතිනවා. මන්ද මෙම දියවැඩියා රෝගී තත්ත්වය නිසා ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය නිසි පෝෂණ තත්ත්වයන් නොලැබීම නිසා එම පද්ධතියේ ඇතිවන අඩුපාඩුකම් නිසා මෙම තත්ත්වය ඇතිවිය හැකියි.

දියවැඩියා රෝග ලක්‍ෂණවලින් පෙළෙන අයකුට ආතරයිටීස්‌ රෝගය වැළඳුණොත් මෙම වෙදනාවන් දෙගුණ තෙගුණ විය හැකියි. එම නිසා මෙම රෝගයට ප්‍රතිකාර ලබා දීමේදී නිසි විමසීමකින් පරීක්‍ෂාවකින් පමණක්‌ම කළ යුතුයි

* මෙම අතපය හිරිවැටීම සමඟම මෙම රෝගීන්ට බලපාන තවත් රෝග ලක්‍ෂණ සඳහන් කළොත්

වෛද්‍ය රන්පත රුවන් රත්නායකඃ- බොහෝ විට මෙවැනි රෝගීන් අතර දැකගත හැකි රෝග ලක්‍ෂණයක්‌ ලෙස මළබද්ධය හඳුන්වා දිය හැකියි. ඒ වගේම මළ බුරුලට යැම, මළ බද්ධය සමඟම සම මත ඇතිවන කැසීම, පළු දැමීම වැනි සමේ රෝගද ඇතිවිය හැකිය. හිස කැක්‌කුමද මෙවැනි අයට වැළඳිය හැකි තවත් රෝගී තත්ත්වයක්‌. නින්ද නොයැම, අධික ලෙස මුඛයෙන් දුර්ගන්ධයක්‌ පිටවීම, කේන්ති යැම, පීනස්‌ රෝග උග්‍රවීම, මුඛයේ තුවාල හට ගැනීම, ඇස්‌වලින් කඳුළු ගැලීම හා ඇස්‌ වියළීම වැනි තත්ත්වයන්ද බහුලව දැකිය හැකියි.

* මෙම රෝගය සුවකිරීම සඳහා ආයුර්වේදය සතු ප්‍රතිකාර තිබෙනවාද?

ඔව්. ඕනෑම රෝගයක්‌ සුවකිරීම සඳහා ආයුර්වේදය සතුව ප්‍රතිකාර තිබෙනවා. රොගියා ඉතා නිවැරැදි ලෙස පරීක්‍ෂාවකට ලක්‌කර ඔහුට වැළඳී ඇති රෝගය එකී රෝග නිධානය නිවැරැදි ලෙස තෝරාබේරා ගෙන ආයුර්වේදය සතුව පවතින ප්‍රතිකාර ක්‍රමවේද නිවැරැදිව කිරීම තුළින් මෙවැනි රෝගීන්ගේ රෝග සුවකිරීමේ හැකියාව ආයුර්වේද ප්‍රතිකාර තුළින් කළ හැකියි.

 

otisumප්‍රශ්නය - ළමා වියේ මානසික සහ කායික සංවර්ධනයේ ප්‍රමුඛ සතුරකු ලෙස ඔටිසම් රෝගය හඳුනාගෙන තිබෙනවා. මේ බව පසුගිය දිනවල ඔබ සමඟ කළ සාකච්ඡාවලදී හෙළිවුණා. මොළයේ සාමාන්‍ය ක්‍රියාවලිය කඩාකප්පල් කරන මේ රෝගය මගින් එයට බඳුන්වන ළමයාගේ සමාජයීය අන්තර් ක්‍රියාකාරකම්, කුසලතා සන්නිවේදන හැකියාවන් කඩාකප්පල් කරනවා.

වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - තවදුරටත් මේ ගැන විස්‌තර කරනවා නම් මේ දරුවන්ට කථන දුෂ්කරතා තිබෙනවා. ඒ නිසා ඔවුන්ට අදහස්‌ ප්‍රකාශ කිරීමේ දුෂ්කරතා හට ගන්නවා.

ප්‍රශ්නය - ඔටිසම් රෝගය ජාන උරුමයෙන් එන බව විද්‍යාත්මකව තහවුරු කරපු එකක්‌ද?

වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - ස්‌ථිර වශයෙන් ම ඔව්. ඒ එක්‌කම මව ගර්භනී සමයේදී ෆොaලික්‌ අම්ලය වැඩි වශයෙන් ශරීරගත වුණාමත් උපදින දරුවට ඔටිසම් වැළඳීමේ අවකාශය තිබෙනවා. ගර්භනී කාලය තුළ බලගතු ප්‍රතිජීවක ඖෂධ හෝ වේදනා නාශක පමණ ඉක්‌මවා ගත් විටත්, උපදින දරුවට ඔටිසම් හැදෙනවා. ඔටිසම් ස්‌නායු සම්බන්ධ ව්‍යාධියක්‌ වුණත් මානසික ව්‍යාධියක්‌ නොවෙයි. ඒ නිසා ස්‌නායු ප්‍රකෘතිමත් කරන ඖෂධ මගින් මෙය සුව කළ හැකියි.

ප්‍රශ්නය - මොනවද ඒ ඖෂධ?

වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - ඒ ඖෂධ වැඩි හරියක්‌ම ශාකසාර ඖෂධ ඉන් පළමුවැන්න තමයි ගොටුකොළ හෙවත් බ්‍රහ්මි. ගොටුකොළ වලින් ස්‌නායු රෝගවලට ප්‍රතිකාර කළ හැකියි. මතක ශක්‌තිය දියුණු කළ හැකියි. මෙය ඊ විටමින්වලින් පරිපූර්ණයි. ඊ - 1, ඊ -2, ඊ - 6 කියන විටමින් වර්ග මෙහි තිබෙනවා. ස්‌නායු පද්ධතියේ ආබාධවලට ප්‍රතිකාර කිරීමේදී ගොටුකොළ සාරය පරිහරණය කිරීම බටහිර විද්‍යාවේ පවා සිදු කරනවා. ගොටුකොළ යුෂ තුළ තිබෙනවා ප්‍රදාහ නාශක සහ විෂ නාශක ගුණයක්‌. දිනපතාම ගොටුකොළ යුෂ තේ හැඳි හතරක්‌ මී පැණි සමඟ මිශ්‍ර කර ඔබේ දරුවාට දිය හැකි නම් ඔහු ඔටිසම් රෝගයෙන් ගලවා ගන්නට පුළුවන්.

otisum1

 

pakinsanප්‍රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමඟ සාකච්ඡා කළේ පාකිsන්සන් රෝගීන්ගේ අප්‍රාණික හෝ හිරිවැටුණු අත් පා ඖෂධීය තෙල් යොදා සම්බාහනය කිරීමෙන් සහනයක්‌ ලබා ගන්නා ආකාරයයි. අද අප ඔබෙන් විමසනවා කේරලීය පංචකර්ම ක්‍රම සහ එමගින් පාකින්සන් රෝගය සුවපත් කරගන්නා ආකාරය.

වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - මට තිබෙන අත්දැකීම්වලට අනුව පාකින්සන් රෝගීන්ගේ අත් පා නැවත පණ ගැන්වීමට තිබෙන හොඳම ක්‍රමය තමයි පංචකර්ම ප්‍රතිකාරය. ආයුර්වේදයට අනුව මේ ප්‍රතිකාර ක්‍රමයෙන් සිදු කෙරෙන්නේ ශරීරයේ තිබෙන විෂ සහිත බව නැති කිරීමයි. ආයුර්වේදයේ තිබෙනවා සෞඛ්‍ය සංරක්‍ෂණය සහ රෝග කළමනාකරණය කියලා අංශයක්‌. රෝග හට ගැනීමට ප්‍රධාන හේතුව මානසික දොaෂ කුපිත වීම සහ ශාරීරික ත්‍රිදොaෂ කුපිත වීම බව ආයුර්වේදයේ එනවා. මෙම දොaෂ අතර සංහිඳියාවක්‌ ඇති කර ඒවා ප්‍රකෘති තත්ත්aවයට පත් කිරීමෙන් රෝග කළමනාකරණය කර ගත හැකි බව ඉපැරැණි සෘෂිවරුන් කියා තිබෙනවා. ඊට අමතරව රෝග පරීක්‍ෂාව, රෝග නිශ්චය, ආහාර පරිහරණය, විහරණ හෙවත් ඇවතුම් පැවතුම් යථා තත්ත්වයට පත් කිරීමක්‌ කළ යුතු බව සඳහන් වෙනවා. රෝග පරීක්‍ෂාව කියන සාධකය අෂ්ට ස්‌ථාන පරීක්‍ෂාව කියන ක්‍රමවේදයට යටත් වෙනවා. එනම් නාඩි පරීක්‍ෂාව, මුත්‍ර පරීක්‍ෂාව, මළ පරීක්‍ෂාව, දිව පරීක්‍ෂාව, හඬ සහ ශරීර තත්ත්ව පරීක්‍ෂාව, රෝගියාගේ කායික සවිශක්‌තිය පරීක්‍ෂාව යන කොටස්‌ අට පරීක්‍ෂා කිරීමයි. මේ පරීක්‍ෂාවෙන් පසු ශරීරය පිරිපහදු කිරීම සඳහා පංචකර්ම ප්‍රතිකාර කරනවා. ඊළඟට ආහාර ජීර්ණ යථා තත්ත්වයට පත් කර ශරීරය තුළ තිබෙන අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහාත් මානසික සෞඛ්‍ය වර්ධනය කර ගැනීම සඳහාත් ප්‍රතිකාර කරනවා.

දැන් අපි බලමු පංචකර්ම කියලා හැඳින්වෙන ක්‍රියා 5 කුමක්‌ද කියලා. මෙහි පළමුවැන්න තමයි වමන කර්මය (Emesis) දෙවැන්න විරේචන කර්මය (Purgation), තුන්වැන්න නිරූහවස්‌ති (Decoction enema) කර්මය. නස්‍ය කර්මය (instillation of medicine throngh nostrils) හා අනුවසනවස්‌ති කර්මය (oil enema) පස්‌වැන්න රක්‌තමෝක්‍ෂ හෙවත් රුධිරය ඉවත් කිරීමේ (Blood
letting) ක්‍රියාව.

පංච කර්ම ප්‍රතිකාරයට පෙර ශරීරය ඒ සඳහා සූදානම් කළ යුතුයි. මුලින්ම ස්‌නේහනය කළ යුතුයි. ඒ කියන්නේ මෘදු කර ගැනීම. දෙවැන්න ස්‌වේදනය. මේ මගින් කෙරෙන්නේ ශරීරයේ තිබෙන කුපිත වූ දෝෂ දියාරු කර ගැනීමය.

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

 

hunnyප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගයට ගුණ දෙන කසාය වර්ග ගණනාවක්‌, ආලේප වර්ග ගණනාවක්‌ පසුගිය සති කිහිපය තුළ ඔබ අපට ලබා දුන්නා. දැන් ඔබ අපට දෙන කසාය කුමක්‌ද?

වෛද්‍ය වසන්ත උදයජීව - දේශීය ශාක වර්ග 10 කින් සමන්විත කසායක්‌ අද ඔබට අප දෙනවා. ඒ වගේම වටිනා වේදනා නාශක ආලේපයකුත් දෙනවා. ඊට පෙර කසාය ගැන යමක්‌ කිව යුතුයි. මෙම කසායේ අඩංගු ඖෂධ වර්ග 10 න් ප්‍රමුඛතම ක්‍රියාකාරී සංඝටකය වන්නේ තොටිල පොතු. මෙය ආයුර්වේදයේ එන හොඳම වේදනා නාශකයක්‌. බටහිර වෛද්‍ය ක්‍රමයේ එන වේදනා නාශක තරම්ම මෙය බලවත්. හැබැයි මෙහි කිසිම අගුණයක්‌ නැහැ. After effects නැහැ. මේ කසායේ තිබෙන තවත් සමහර ඖෂධ වර්ගවලින් ශරීරයේ සෙම් දෝෂය පාලනය කරනවා. තවත් ඖෂධ දෙකක්‌ තිබෙනවා කාටිලේ- වර්ධනය කරන.

කසාය - බැබිල මුල්, නෙරෙංචි, පාවට්‌ටා මුල්, වැල් මදට. බෙලි මුල්, තොටිල පොතු, සුදුලූනු, නිකමුල්, සාරණ මුල්, දැත්ත මුල්, කලං 1 මංචාඩි 10 බැගින් ගෙන වතුර පත 8 ක්‌ දමා එය එක කෝප්පයකට සිඳුවා පෙරා සීනි සහ මීපැණි දමා උදේ සවස කෝප්ප භාගය බැගින් දින 12 ක්‌ පානය කළ යුතුයි. බොහෝ දෙනෙකු අපෙන් අහනවා සීනි - මී පැණි දමන විට මාත්‍රාව කුමක්‌ද කියා. මී පැණි දැමිය යුත්තේ එක වරකට බිඳුවයි. සීනි දැමිය යුත්තේ මහපට ඇඟිල්ල සහ දබරැඟිල්ල යන දෙකට හසුවන කුඩා ප්‍රමාණය පමණයි.

මීළඟට අප ඔබට දෙන්නේ ඉතාම බලගතු වේදනා නාශකයක්‌. වදකහ කුඩු, රත් හඳුන් කුඩු යන දෙක කලං 5බැගින් ගෙන නිකකොළ ඉස්‌ම සමඟ හොඳින් මිශ්‍ර කර කකාරා මී පැණි ස්‌වල්පයක්‌ දමා නැවත කලවම් කර වේදනා දෙන සන්ධිවල ආලේප කළ යුතුයි. ඉන්පසු වරුවක කාලයක්‌ එසේම තිබෙන්නට හැර පිස දැමිය යුතුයි. මෙහිදී වැදගත් යමක්‌ සඳහන් වෙනවා. මෙහි එන නිකකොළ කියන්නේ ඉතාම බලගතු ඖෂධයක්‌. මෙය සම මත ගෑ විට සම මෘදු වී මොලොක්‌ වෙනවා. ඉන් පසු වදකහ, රත්හඳුන්, මී පැණි යන ඖෂධවල ගුණය සම තුළින් සන්ධිය මධ්‍යයට කාන්දු වීමට පටන් ගන්නවා. මේ ආලේපය දින 3 ක්‌ පමණක්‌ ගෑ යුතුයි.

hunny1

 

pithaප්‍රශ්නය - පසුගිය සතියේදී ඔබ අපට පැහැදිලි කළා පිත්තජ අර්ශස්‌ රෝගය හටගැනීමට හේතු ගැන. අද ඔබෙන් අප විමසන්නේ මේ පිත්තජ අර්ශස්‌ රෝගයේ රෝග ලක්‍ෂණ ගැනයි.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මෙහිදී රෝග ලක්‍ෂණ ලෙස අප හඳුන්වන්නේ අර්ශස්‌ ගෙඩිවල ලක්‍ෂණ සහ ස්‌වභාවයයි. පිත්තජ අර්ශස්‌ ගෙඩිය උඩ කොටස නිල් පැහැති තිතකින් යුක්‌තයි. සම්පූර්ණ අර්ශස්‌ ගෙඩි රතු පැහැතියි. එහෙමත් නැත්නම් පිතෙහි වර්ණය වන කහ පාටින් හෝ කලු පාටින් සමන්විතයි. ස්‌පර්ශ කළ විට මෘදු ගුණයකින් එය අතට අසුවනවා. මෙහි සැරව ඝනකම් නැති ජලය හා සමාන වන අතර ඉමහත් දුර්ගන්ධයක්‌ ගෙන දෙනවා. මේ අර්ශස්‌ ගෙඩියක බාහිර පෙනුම නිතරම ගිරවකුගේ දිවක්‌ මෙන් වකුටු ස්‌වරූපයක්‌ ගන්නවා. තවත් සමහර විට එය පීකුදු කැබැල්ලක්‌ වගෙයි. කූඩැල්ලකුගේ මුඛය හා සමාන පෙනුමක්‌ ඇති පිත්තජ අර්ශස්‌ ගෙඩිත් තිබෙනවා.

පිත්තජ අර්ශස්‌ හට ගන්තාම ගුද මාර්ගය පිළිස්‌සෙනවා වාගේ ස්‌වභාවයක්‌ ඇතිවෙනවා. සමහර විට උණ වැළඳී ඉතා ඉහළ තාප අගයක්‌ ඇති වනවා. ඉමහත් වූ පිපාසයක්‌ හට ගන්නා අතර ක්‌ලාන්ත ගතිය, ශාරීරික අපහසුතාව, සිහි මද ගතිය හෝ සම්පූර්ණයෙන් ම සිහි නැති වීමත් නිරවුල් මානසිකත්වයකින් කටයුතු කරන්නට බැරි තත්ත්වයකුත් ඇති වෙනවා. මෙවැනි අර්ශස්‌ රෝගියකු මළ පහ කරන විට ලොකු උණුසුමක්‌ දැනෙනවා. එම මළ ඉතා දියාරුයි. ඇතැම් විට නිල් හෝ කහ පැහැතියි. එහෙමත් නැතිනම් රතු පාටයි. පිත්තජ අර්ශස්‌ රෝගියාගේ සම, නියපොතු, ඇස්‌ යනාදිය කහ පැහැයක්‌ ගන්නවා. ඉතා විමසිල්ලෙන් පරීක්‍ෂා කළොත් එය කහ පාටට වඩා ලා කොළ වර්ණයක්‌ බව පෙනී යනවා.

ප්‍රශ්නය - ඊළඟ අර්ශස්‌ වර්ගය තමයි කපජ අර්ශස්‌. මෙය හඳුන්වා දෙන්න. මෙය හටගන්නේ කොහොමද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - පැණිරස ආහාර පමණ ඉක්‌මවා ගැනීම, පමණ ඉක්‌මවා තෙල් කෑම ගැනීම, පමණ ඉක්‌මවා ශීත ආහාර ගැනීම. අධික ලුණු සහිත ආහාර, අධික ඇඹුල් සහිත ආහාර, බර ආහාර ගැනීම, දවල් නිදා ගැනීම ඉතා පහසු ලෙස සයනය කිරීම, ඉතා පහසු ලෙස කුෂන් යෙදූ පුටුවල නිදා ගැනීම, නැගෙනහිර දිශාවෙන් හමා එන සුළඟට නිතර නිරාවරණය වීම, ශීත පළාත්වල ජීවත් වීම, කිසිදු කරදරයක්‌ නැති මානසික මට්‌ටමක්‌ නිතර තිබීම මෙයට හේතු හැටියට දැක්‌වෙනවා.

නොමිලේ විස්‌තර සඳහා

0713464276/ 0759061771

අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

pitha1

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Oct 2017 07:23 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Oct 2017 07:24 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Oct 2017 07:27 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Oct 2017 07:28 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Oct 2017 07:28 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Oct 2017 07:28 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Oct 2017 07:29 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Oct 2017 07:29 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Oct 2017 07:30 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 61 of 137 << < 5960616263 > >>