Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 63 of 137 << < 6162636465 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 04 Nov 2017 08:32 PM ආත්රරයිටිස් සුව කරන කසාය සහ ආලේපය ප්‍රශ්නය - පසුගිය සති කිහිපය තුළ ඔබ අපට ලබා දුන් කසාය ගැන පාඨකයන් මහත් සේ ප්‍රශංසා කළා. ඒ වගේම ඔබ දුන් ආලේප වට්‌ටෝරුව ගැනත් ඔවුන් සතුටට පත් වුණා. ඔබ අද අපට දෙන කසාය සහ ආලේප වට්‌ටෝරු මොනවාද? වෛද්‍ය වසන්ත උදයජීව - මා අද ඔබට දෙන්නේ ඉතා වටිනා ආයුර්වේද කසායක්. මෙය අපගේ වෛද්‍ය වෘත්තිය ජීවිතය තුළ නිතර පරිහරණය කර උසස් ප්‍රතිඵල ලබා ගත් වට්‌ටෝරුවක් බව කිව යුතුයි. වදකහ, අමු ඉඟුරු, සිරිතේක්‌තු, බෙලිමුල්, නික මුල්. බැබිල මුල්, සාරණ මුල්, බෙහෙත් අනෝදා මුල්, බෙහෙත් එඬරු මුල්, රසකිඳ, නෙල්ලි, දියමිත්ත මුල් කලං 1 බැගින් ගෙන වතුර පත 8 එක පතකට සිඳ පෙරා සීනි සහ මී පැණි දමා (සීනි මී පැණි දමන මාත්‍රාව පසුගිය සතියේ වට්‌ටෝරුවේ පළවිය.) උදේ සවස පත භාගය බැගින් පානය කළ යුතුයි. එසේම මළ බද්ධය ඇති අයට මේ කසාය සඳහා වෛද්‍ය උපදෙස් මත සහිඳ ලුණු සුදුසු මාත්‍රාවක් එකතු කළ යුතුයි. ඊළඟට අප දෙන්නම් ඉතා උසස් තත්ත්වයේ ආලේපයක්. රත් හඳුන් කුඩු ග්‍රෑම් 25 ක් ගෙන කළු අත්තනකොළ ඉස්‌මෙන් කකාරා ගන්න. මෙය උදේ සවස දින 14 ක් වේදනා ගෙන දෙන සන්ධිවල ගාන්න. ඉහත සඳහන් වට්‌ටෝරුවේ තිබෙනවා වේදනාව නසන බෙහෙත් ඖෂධ කිහිපයක්. ඒ වගේම ප්‍රතිජීවක හෙවත් ඇන්ටිබයිටික් කිහිපයකුත් මෙහි අඩංගු වෙනවා. මෙහිදී පාඨකයන් දතයුතු වැදගත් දෙයක් තිබෙනවා. එනම් ප්‍රතිජීවක ඖෂධ කියන සංකල්පය ආයුර්වේදයෙත් තිබෙන බවයි. නික මුල් කියන්නේ ඉතා බලගතු විෂබීජ නාශකයක්. රත් හඳුන්වලින් ඉදිමුම බහිනවා. එයත් ප්‍රතිජීවක ඖෂධයක්. මේ බෙහෙත්වල කිසිදු අතුරු ආබාධයක් නැහැ. ආයුර්වේද ඖෂධ පාවිච්චියේදී අවශ්‍ය වන්නේ සුදුසු වෛද්‍යවරයකුගේ උපදෙස් විතරයි. ලබන සතියට ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 04 Nov 2017 08:36 PM සෙලුලයිටිස් සුව කරන්න පුළුවන්ද? ප්‍රශ්නය - Cellulitis කියන රෝගය නූතන සමාජය පුරා ඉතා නිහඬ ලෙස ව්‍යාප්ත වෙමින් පවත්නා රෝගයක්. බටහිර විද්‍යාවට අනුව මෙය මර්දනය කළ හැකි නමුත් නිට්‌ටාවට සුව කළ හැකි රෝගයක් නොවෙයි. අප අද සිට ඔබ සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ සෙලුලයිටිස් රෝගයේ ස්‌වභාවය සහ ආයුර්වේදය මගින් මෙය සුව කළ හැකිද යන කාරණා ගැනයි. ආයුර්වේදයෙන් මෙය සුව කළ හැකිද? විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - ස්‌ථිර වශයෙන්ම මෙය සුව කළ හැකියි. හැබැයි ඉතා ඉවැසිල්ලෙන් සහ විනයානුකූලව ඖෂධ ගැනීම කළ යුතුයි. විනයානුකූලව කියන්නේ ආහාර සහ විහරණ ගැනයි. නිසි වෙලාවට නිසි මාත්‍රාවට නිසි කාලය තුළ ඖෂධ ගැනීම සහ කෑම බීමෙන් පරෙස්‌සම් වීම වැදගත්. ප්‍රශ්නය - මොකද්ද සෙලුලයිටිස් කියන්නේ? වෛද්‍ය පුෂ්පකුමාර - මේ පිළිබඳ ආයුර්වේද විග්‍රහය පසු ලිපියකට තබා බටහිර විද්‍යාත්මක නිර්වචනය කරන්නම්. මෙය අද බොහෝ දෙනා තුළ දැකිය හැකි ඉතා බරපතළ විය හැකි චර්ම ආසාදනයක්. සම මත මේ ආසාදනය ඇති කරන්නේ බැක්‌ටීරියාවක් මගින්. සම තුළට රිංගා ගන්නා මේ බැක්‌ටීරියාව සමට සහ එයට යටින් තිබෙන තෙල් තට්‌ටුව ආසාදනය කරනවා. මේ රෝගය පටන් ගන්නේ කුඩා පැල්ලමක් හැටියට. එය රතු පාටයි. ක්‍රමයෙන් මේ පැල්ලම විශාල වෙනවා. ඒ එක්‌කම එම චර්ම කොටස ඉදිමෙන්නට පටන් ගන්නවා. මෙවැනි පැල්ලමක් මතට ඇඟිල්ල තබා තද කර ආපසු ගත් විට සුදු පැහැති ගතියක් ඇති වී නැවතත් රතු පැහැයට හැරෙනවා. ආසාදනය වූ චර්ම ප්‍රදේශය ඉමහත් වේදනාවක් ගෙන දෙනවා. වසා ග්‍රන්ථි සමඟ සම්බන්ධකම් ඇති රුධිර නාළවලට මේ නිසා ඉමහත් පීඩාවක් ඇති වනවා. රෝගියාට විටින් විට උණ ගන්නවා. ඔහු ඉතාම විඩාපත් ස්‌වරූපයකින් කල් ගත කරනවා. සෙලුලයිටිස් රෝගය වැඩියෙන්ම හට ගන්නේ පාදවලයි. එහෙත් ශරීරයේ ඕනෑම තැනකට මෙය පැතිරෙන්න පුළුවන්. මෙයට වගකිවයුතු බැක්‌ටීරියා වර්ග දෙකක් ගැන සඳහන් වෙනවා. පළමුවන වර්ගය තමයි streptococci අනෙක Staphylococcus aureus බටහිර වෛද්‍ය ක්‍රමය තුළදී මේ රෝගයට නියම කරන්නේ cephalexin, amoxicillin, cloxacillin වැනි ප්‍රතිජීවක ඖෂධ. ලබන සතියේ තව විස්‌තර නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 04 Nov 2017 08:49 PM නෑනා මස්‌සිනා විවාහයත් ඔටිසම් රෝගයට හේතුවක් ප්‍රශ්නය - දරුවන්ට වැළඳෙන ඔටිසම් රෝගය ගැන පසුගිය සති කිහිපයේදී අප කතා කළා. මේ රෝගය සුවපත් කළ හැකි බව ඔබ කියන අතර බොරැල්ලේ ආයුර්වේද රෝහල මගින් ඔටිසම් දරුවන් විශාල ප්‍රමාණයක් සුවපත් කළ බවත්. අපට දැන ගන්නට ලැබුණා. මේ රෝගය පිළිබඳ අලුත්ම වෛද්‍ය විද්‍යාත්මක දත්ත මොනවද? වෛද්‍ය අයි. ඒ. එච්. ලීනා - කිසියම් දරුවකුගේ සංවේදන ශක්‌තිය නැතිව ගොස් ඔහුගේ දෛනික වැඩ කර ගන්න බැරි වීම රෝගයක් හැටියට තහවුරු වුණාම එය ඔටිසම් ලෙස රෝග නිශ්චය කෙරන බව මේ වන විටත් ඔබ දන්නවා. විද්‍යාත්මකව කියනවා නම් මෙය ස්‌නායු පද්ධතියේ හට ගන්නා භෞතික ශරීරයට බලපාන රෝගයක්. ඊට අමතරව අද අප තවත් අලුත් දත්තයන් ඔබට දෙනවා. එනම් ඔටිසම් වැළඳෙන දරුවන්ට තවත් රෝග 3 ක් වැළඳීමේ අවකාශය තිබෙනවා. ඉන් පළමුවැන්න Red syndrome දෙවැන්න Asperger Syndrome තුන්වැන්න childhood disintergrative disorder ළමුන් සෑම 1000 කින්ම හය දෙනකුට ඔටිසම් රෝගය තිබෙනවා. පිරිමි දරුවන්ට මේ රෝගය වැළඳීමේ හැකියාව වැඩියි. ප්‍රශ්නය - ඔටිසම් රෝගය හට ගැනීමට හේතු පසුගිය සතිවල අප දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. තවත් හේතු තිබිය හැකිද? වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - තිබිය හැකියි. පසුගියදාක ඇමරිකානු වෛද්‍යවරුන් පිරිසක් ඔටිසම් දරුවන් ගැන පර්යේෂණයක් කළා. මෙහිදී හෙළිවුණා ඇමරිකාවේ සිටින ඉන්දියානු සංක්‍රාමිකයන්ගේ දරුවන් තුළ මේ රෝගය හට ගැනීමේ ප්‍රවණතාව වැඩි බව. හේතුව ලෙස හෙළි වුණේ ඇමරිකන් කිරි වර්ග මේ දරුවන්ට දීමයි. එහෙත් එම කිරි ඇමරිකන් දරුවන්ට අපත්‍ය වුණේ නැහැ. ඒ කිරි පානය කළ ඇමරිකන් දරුවන්ට ඔටිසම් වැළඳුනේ නැහැ. ඒ වගේම නෑනා මස්‌සිනා විවාහ වලදීත් ඔටිසම් දරු උපත් වාර්තා වුණා. මෙවැනි විවාහයක පළමුවැනි දරුවාට බොහෝ විට ඔටිසම වැළදී තිබුණා. ගර්භණී කාලය තුළ එකම ආහාර වර්ගය දිගින් දිගටම ගන්නා කාන්තාවන්ට ඔටිසම් දරුවන් බිහිවීමේ ප්‍රවණතාවක් තිබෙනවා. ඒ වගේම කෘෂි රසායන ද්‍රව්‍ය ඉසින කෙත්වතු අසල ජීවත්වන කාන්තාවන්ටත් ඔටිසම් දරු උපත් හට ගන්නවා. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 04 Nov 2017 08:56 PM පාකින්සන් සුව කරන බල අශ්වගන්ධ ප්‍රතිකාරය ප්‍රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමඟ සාකච්ඡා කළේ පාකින්සන් රෝගීන් සඳහා පංචකර්ම ප්‍රතිකාර යොදා ගැනීමේ හැකියාව ගැනයි. කෙනකු වියපත් වූ විට ඔහු නිතරම ආතතියෙන් පෙළෙනවා නම් විඩාපත් නම්, මාංශ පේශිවල තද ගතියක් ඇති වෙලා නම්, දරුණු ලෙස අත් පා වෙවුලනවා නම්, මානසික වශයෙන් අප්‍රාණික නම්, සිතුවිලි වලට අනුව කුසීතව වැඩ කරගන්න බැරි නම්, හිටි ගමන්ම ලියන අත්අකුරු කුඩා වීමට පටන් ගන්නවා නම්, ඔහු හෝ ඇයට පාකින්සන් රෝගය වැළඳී ඇති බව ඔබ පසුගිය සතිවල අපට වටහා දුන්නා. වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - පංචකර්ම ප්‍රතිකාරවලදී පාවිච්චි කරන බල අශ්වගන්ධ තෛලය වැන්නක් යොදා සම්භාහනය කළ විට උසස් ප්‍රතිඵල ලැබෙනවා. බලඅශ්වගන්ධ තෛලය කියන්නේ ඖෂධ වර්ග 30 කට ආසන්න ප්‍රමාණයක් යොදා නිපදවන ඖෂධයක්. මෙය ඉතා සියුම් ලෙස සාදන තෙලක්. කොතරම් සියුම් ද යත් මේ තෙල සාදා ගැනීමේදී යොදා ගන්නා ජලය පවා ඉතා සියුම් දශම ස්‌ථානවලට සිඳ ගත යුතුයි. අප දන්නා විදියට බලඅශ්වගන්ධ අරිශ්ටය වසර 2500 කට වැඩි ඉතිහාසයක් තිබෙනවා. පැරැන්නන් මේ තරම් සියුම් දශම ස්‌ථාන ගැන සැලකිල්ලක් දක්‌වමින් ඖෂධ වර්ග සකස් කළේ කෙසේද කියන කාරණය පුදුමයක්. පංචකර්මයේදී කරන අභ්‍යංගයේදී හෙවත් තෙල් යොදා කරන සම්භාහනයේදී ශරීරයට සිදුවන්නේ කුමක්‌ද යන්න සලකා බලමු. එමගින්, ò ශරීරයට අවශ්‍ය බලය සහ ශක්‌තිය සමෙහි තිබෙන රෝම කූප ඔස්‌සේ තෙල් මගින් ලැබෙනවා. ò ශරීරයේ මස් පිඩු ශක්‌තිමත් කරනවා. ò ක්‍රියාශීලී ජීවිතයකට අවශ්‍ය උද්දීපනයක් ලැබෙනවා. බල අශ්වගන්ධය කියන්නේ වාත දොaෂය සමනය කිරීමයි. පාකින්සන් රෝගීන්ගේ අත්පා සම්භාහනය කරන විට පාවිච්චි කරන හොඳම තෙල් වර්ගයක් ලෙස මෙය සැලකිය හැකියි. එය සොයා ගැනීමට බැරි නම් සාමාන්‍ය අශ්වගන්ධ තෛලය මගින් වුණත් උසස් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමය මගින් පාකින්සන් රෝගය හඳුනා ගත්තේ 1817 දී. එහෙත් ආයුර්වේදය මගින් වසර 5000 කට පෙර පාකින්සන් රෝගය හඳුනාගෙන එයට කම්පවාත යන නම තබා ඖෂධ නියම කළ බව සිහිපත් කිරීම වැදගත්. ලබන සතියට සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Nov 2017 06:00 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Nov 2017 06:00 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Nov 2017 06:01 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Nov 2017 06:01 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Nov 2017 06:01 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Nov 2017 06:02 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 RosiSuper Senior MemberPosts:5335 05 Nov 2017 03:56 PM අපෝ මටත් හරියට අමතක වෙනවා .. 0 chamaramindMost Senior MemberPosts:13471 05 Nov 2017 05:02 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Nov 2017 05:02 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Nov 2017 05:03 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 smt90Veteran MemberPosts:1736 05 Nov 2017 05:03 PM අමතක වෙන ලෙඩේ නම් මටත් තියනවා....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Nov 2017 05:03 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Nov 2017 05:03 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Nov 2017 05:16 PM තුන්වේල බත් කාලා වැඩ නොකර සිටියොත් අක්‌මාවේ මේදය තැන්පත් වේ වර්තමානයේ බහුලව දක්‌නට ලැබෙන බෝ නොවන රෝග වන දියවැඩියාව, අධි රුධිරපීඩනය තරබාරුව හා සමානව අක්‌මා රෝගද ඉහළ යන්නට පටන් ගෙන ඇත. මෙහිදී ප්‍රධාන වශයෙන් මතුවන රෝග දෙක්‌ක වනුයේ අක්‌මාවේ තෙල් තැන්පත් වීම සහ සිරෝසිස් රෝග තත්ත්වයන්ය. අක්‌මාවේ මේදය තැන්පත්වීම (Fatty Liver) අක්‌මාවේ මේදය තැන්පත්වීමට ප්‍රධාන වශයෙන්ම බලපානුයේ දියවැඩියාව, තරබාරුව සහ අධි රුධිර පීඩන යන රෝගයන්ය. තුන්වේලට බත්කාලා වැඩ නොකර සිටියොත් අක්‌මාවේ මේදය තැන්පත්වීම ඉතා ශීඝ්‍රව සිදුවන බව අනාවරණය වී ඇත. අක්‌මාවේ තෙල් තැන්පත්වීම මුල් අවස්‌ථාවේදී (Simple Fat Acumulatoion) රුධිර පීඩනය, දියවැඩියාව වැනි වෙනත් රෝග ද මතු වේ. එබැවින් යම් අයකුගේ මුල්වරට රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග ලක්‍ෂණ අනාවරණය කර ගත් පසු එම තැනැත්තාගේ අක්‌මාවේ මේදය තැන්පත් වීමද පරීක්‍ෂාවට ලක් කිරීම වැදගත්ය. ප්‍රතිකාර අක්‌මාවේ මේදය තැන්පත්ව ඇති පුද්ගලයන් ආහාර පාලනය සඳහා යොමුවිය යුතුය. උසේ හැටියට බර පවත්වාගෙන යැම කළ යුතුය. දිනපතා ව්‍යායාමවල යෙදිය යුතුය. අක්‌මාවේ තැන්පත් වූ තෙල් දියවී යැම සඳහා ඖෂධ තිබේ දැයි බොහෝ රෝගීහු විමසති. එවැනි ඖෂධ වර්ග නැති අතර ඒ සඳහා ඇති විසඳුම ආහාර පාලනය සහ ව්‍යායාමවල නිරතවීම පමණකි. වර්තමානයේ බොහෝ දෙනා තුන්වේලටම බත් ආහාරයට ගැනීමට කැමැත්තක් දක්‌වති. ඉන් ඔවුන් බලාපාරොත්තු වන්නේ නීරෝගී දිවියකි. ඉස්‌සර මුතුන් මිත්තන් තුන්වේලටම බත් කෑ නිසා නීරෝගීව සිටි බව ඊට හේතු ලෙස දක්‌වති. නමුත් තුන්වේල බත් කා ඇඟපත වෙහෙසෙන්නේ නැතිව නිවසට වී රූපවාහිනිය නරඹමින් කාලය ගත කළොත් සිදුවන්නේ අක්‌මාවේ මේදය තැන්පත් වීමේ රෝගයට ඉතා ඉක්‌මනින්ම ගොදුරු වීමය. එසේම අක්‌මාවේ මේදය තැන්පත්වීම සඳහා නිසි වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර නොකළ හොත් පසු කාලයේදී සිරෝසිස් රෝග තත්ත්වයට ගොදුරු විය හැකිය. වර්තමානයේ වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයන් බහුතරයකට සිරෝසිස් රෝගය වැළඳී ඇත්තේ අක්‌මාවේ මේදය තැන්පත් වීම සඳහා නිසි ප්‍රතිකාර නොගැනීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. විශේෂයෙන්ම කාන්තාවන් බහුතරයකට සිරෝසිස් රෝගය මතුව ඇත්තේ අක්‌මාවේ මේදය තැන්පත්වීමේ රෝගය සඳහා නිසි ප්‍රතිකාර නොගැනීමය. නිසි ප්‍රතිකාර නොගැනීම නිසා සිරෝසිස් රෝගයට අමතරව හෘදයාබාධවලට, අක්‍ෂි රෝග හටගැනීමට, මොළයේ රුධිර නාල හානියට ලක්‌වීමට ආදී බරපතල රෝගවලට ගොදුරු වීම දක්‌වා බලපෑම් ඇති වේ. ආහාර පාලනය ප්‍රධාන වේල් තුනට ගනු ලබන ආහාර නිසි පාලනයකින් යුතුව ගත යුතුය. බත් පිඟානේ පිෂ්ට ආහාර තිබිය යුත්තේ ආහාරවලින් කාලකි. මස්, මාළු, සෝයා වැනි ප්‍රොaටීන් සහිත ආහාර ප්‍රමාණය ද ආහාරයෙන් කාලක් විය යුතුය. ඉතිරි හරි අඩ කොළපැහැති එළවළුවලින් සම්පූර්ණ විය යුතුය. බත්, පරිප්පු, සම්බෝල වැඩිපුර ආහාරයට ගැනීමෙන් අක්‌මාවේ තෙල් තැන්පත්වීම ඉහළ යයි. රාත්‍රියට සැහැල්ලු ආහාරයක් ගැනීමට හුරු විය යුතුය. එළකිරි යනු දිනපතා ගත යුතු පෝෂ්‍යදායි ආහාරයක් නොවේ. ඒනිසා එළකිරි පානය කිරීම අත්‍යවශ්‍ය නැත. රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය අර්ජුන ද සිල්වා රාගම රෝහලේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය අනුරාධ දසනායක, ජාතික රෝහලේ අක්‌මා රෝග සහ ආන්ත්‍රික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් වන රංජිත් පීරිස්, එන්. එම්. එන්. නවරත්න සහ සනිත විඡේවන්න යන මහත්වරු සහභාගී වූ සුව දැනුම විශේෂඥ වෛද්‍ය හමුව ඇසුරිනි. සංස්‌කරණය උපාලි ද සේරම් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Nov 2017 05:23 PM වැරදි පුරුදු නිසා මදසරු බවට පත්වන තරුණ දියණියෝ කාව්‍යා පසුගිය වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්වූවාය. ඒ සඳහා ඇය දැඩි කැපවීමක්‌ද කළාය. පාසලේ සියලු බාහිර ක්‍රියාකාරකම් වලින් ඈත්ව පොතට පතට පමණක් තම කාලය වැය කළාය. ඇයගේ උත්සාහය සාර්ථක වීම නිසා මේ වන විට ඇය උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබයි. අධික තරබාරු ශරීරයක් ඇති ඇයට මීට මාස දෙකක පමණ සිට දැඩි අලස බවක් දැනෙන්නට පටන්ගෙන ඇත. පොත්පත් පාඩම් කරන්න උත්සාහ ගන්නා විට නිදිමත දැනේ. එනිසා ඇඳට වී නිදා ගැනීමට ඇය දවසේ වැඩි කාලයක් යෙදෙව්වාය. තම දියණියගේ මෙම හදිසි වෙනස්‌වීම හමුවේ දෙමාපියෝ බියට පත් වූහ. කවුරු හරි දරුවට හූනියමක් කරලා ඇති. කාව්‍යාගේ ආච්චී සැක කළාය. ඒ අනුව ඔවුහු හදිහූනියම් කටයුතු කරන කපු මහතෙකු වෙත ඇය රැගෙන ගියාය. දරුවාට හූනියමක් කරලා. එනිසා ගෙදර බහිරව පූජාවක් කළ යුතු යෑයි කපු මහතා පවසා ඇත. ඒ සඳහා රුපියල් තිස් දහසක් පමණ වැය වෙතැයිද දන්වා තිබේ. කාව්‍යාගේ පියාගේ මතය වූයේ දියණිය වෛද්‍යවරයකු වෙත රැගෙන යැමය. මෙය සත්‍ය සිද්ධියකි. කාව්‍යාගේ පැවැති රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කළ වෛද්‍යවරයා වූයේ ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ උපදේශිකා වෛද්‍ය චම්පා නෙල්සන් මහත්මියයි. වෛද්‍යතුමියනි, කාව්‍යාට මතුව තිබුණේ කුමන ආකාරයේ රෝගයක්‌ද? කාව්‍යාට පමණක් නොව මෙය වර්තමානයේ බොහෝ තරුණ, දූවරුන්ට තිබෙන ගැටලුවක් තමයි ඔවුනගේ ශරීරයේ හෝමෝන අසමතුලිතතාවය. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ අපගේ ජීවන රටාව වෙනස් වීම. අප ගනු ලබන ආහාරපාන සහ ව්‍යායාමවල නොයෙදීම නිසා ශරීරයේ ක්‍රියාකාරීත්වය වෙනස් වී තිබෙනවා. ක්‍ෂණික ආහාර පාන වර්ග ගැනීම, අධික මේදය සහිත ආහාර නිතර ගැනීම, ක්‍රීඩා කටයුතුවල නොයෙදීම ඇඟ වෙහෙස වන පරිදි ඇවිදීම ආදිය නොකිරීම නිසා හෝමෝන ක්‍රියා කාරීත්වය වෙනස් වෙනවා. එවිට ඔවුන්ගේ ශරීරය අධික ලෙස තරබාරු වෙනවා. මුහුණේ පපුවේ රෝම කූප වැවෙනවා. බෙල්ල මුහුණ කළු පැහැ වෙනවා. ඔසප් චක්‍රය අක්‍රමවත් වෙනවා. මුහුණේ කුරුලෑ හට ගන්නවා. උදාසීන බවක් ඇති වෙනවා. තයිරොයිඩ් ඌණතා හට ගන්නවා. ඇතැම් දියණියන්ගේ ඔසප් වීම නතර වෙනවා. ඉතිං මෙවැනි අවස්‌ථාවලදී මවුවරුන් දකින්නේ තම දියණියගේ බාහිර වෙනස්‌වීම් විතරයි. අභ්‍යන්තර වෙනස්‌වීම් ඔවුන් දකින්නේ නැහැ. කාව්‍යාට සිදුව තිබුණේ ඇයගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයේ ඌණතාවයක් නිසා තයිරොක්‌සින් අඩුවීමයි. එනිසා තමයි ඇයට නිතර අලස බවක් මතුව තිබුණේ. ඇය ඒ තත්ත්වයට පත්ව තිබුණේ ඇයගේ ශරීරයේ තරබාරු බව නිසා හෝමෝන ක්‍රියා කාරීත්වය වෙනස් වීම හේතුවෙනි. ඇයගේ ඔසප් චක්‍රයත් අක්‍රමවත්ව පැවැති බව පැවසුවා. නිසි ප්‍රතිකාර ලබාදුන් පසු ඇයගේ ඔසප් වීමත් හොඳින් සිදුවන බව කීවා. අලස බවත් නැහැ. වෛද්‍යතුමියනි, මෙවැනි අවස්‌ථාවන්හිදී නිසි ප්‍රතිකාර නොගතහොත් සිදුවන ප්‍රතිඵල මොනවාද? ගැහැනු ළමයෙක් කියන්නේ අනාගතයේදී මවක් වීමට සිටින කෙනෙක්. ඉතිං ඒ සඳහා ඇයගේ ඔසප් චක්‍රය ක්‍රමවත්ව පැවැතිය යුතුයි. එය සිදුවීමට ඇයගේ ස්‌ත්‍රී හෝමෝන වන ඊස්‌ට්‍රජන්ස් ප්‍රොජෙස්‌ටරෝන් නිසි ලෙස ක්‍රියාකාරීව පැවැතිය යුතුයි. නිසි පෝෂණයෙන් යුත් ආහාර පාන ගැනීම ඇවිදීම, ක්‍රීඩා කිරීම වැනි ව්‍යායාමවල යෙදීම තුළින් උසට සරිලන බරක් පවත්වාගෙන යැමෙන් නිරෝගී ශරීරයක් ඇති කර ගත හැකියි. එසේ නොතිබුණ හොත් හෝමෝන අසමතුලිත වී පිරිමි හෝමෝන වන ටෙස්‌ටොස්‌ටෙරොන් ක්‍රියාකාරී වී මුහුණේ පපුවේ රෝම කූප හට ගැනීම ආදිය සිදු වෙනවා. ඔසප් චක්‍රය අක්‍රමවත් වීම සිදු වී පසුව ඔසප් වීම නතර වෙනවා. මේ සියල්ල අවසානයේ සිදු වන්නේ ඇය මඳසරු බවට පත්වීමයි. එසේ වූ විට අනාගතයේදී විවාහ වී දරුවන් බිහිකිරීම සඳහා යොමු වන විට දරුඵල ලබාගැනීම ප්‍රමාද වෙනවා. ඊට හේතු වී ඇත්තේ දිගු කාලයක් තිස්‌සේ ඇයගේ ශරීරයේ පැවැති හෝමෝන අසමතුලිත භාවය නිසා මඳසරු බවට පත්ව සිටීමයි. එනිසා සෑම දෙමාපියෙක්‌ම තම දියණියන්ගේ නිරෝගී බව පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි. පෝෂ්‍යදායී ආහාර පාන ලබාදීම, දවසකට අඩුම තරමින් පැය භාගයක්‌වත් ඇවිදීම හෝ ක්‍රීඩා කිරීම සඳහා යොමු කරවීම කළ යුතුයි. දවසට පැය 06 ක් වත් නින්දක් ලබා ගැනීමට කාලය වෙන්කළ යුතුයි. වර්තමානයේ දරුඵල නොමැති මඳ සරු බවින් ප්‍රතිකාර සඳහා එන බහුතරයක් කාන්තාවන් සමඟ කතා බහ කළ විට හෙළි වන්නේ ඔවුන් පෝෂ්‍යදායී ආහාර පාන නොගැනීම ව්‍යායාම නොකිරීම බවයි. වැඩි කාලයක් වාඩි වී සිටීම යනු තම ආයු කාලය අඩු කර ගැනීමක් බව අප සිහි තබා ගත යුතුයි. වැඩි විස්‌තර සඳහා 0114897897 ක්‍ෂණික ඇමැතුම් අංකය ඇමැතිය හැකිය. ප්‍රජනන සෞඛ්‍ය උපදේශිකා වෛද්‍ය චම්පා නෙල්සන් සංස්‌කරණය උපාලි ද සේරම් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 05 Nov 2017 05:32 PM පිස්සු නේ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 You are not authorized to post a reply. Page 63 of 137 << < 6162636465 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner