Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 64 of 137 << < 6263646566 > >> Author Messages kingDVeteran MemberPosts:3309 05 Nov 2017 11:18 PM දැන් කාලෙ හුගක් ළමයින්ට ඉතින් ලැබෙන්නෙ ඉගෙනීම විතරයිනෙ.. ක්‍රීඩා වලට යොමු කරන්නෙම නෑ ..මොකද ඉගෙනීම කඩා කප්පල් වෙයි කියල.. එහෙමනෙ හුගක් දෙමවුපියෝ හිතන්නෙ ... 5 හේ ශිෂ් යට 3නේ ඉදන්ම ටියුෂන් යවනවා .. ඒ ටියුෂන් යෑම ඉතින් නවතින්නෙ A /L වලින් තමයි .. අඩුම ගානේ ඉස්කෝලේ ක්‍රීඩා දෙකකටවත් දාන්න ඕනේ .. හැබැයි ඇග වෙහෙසන ක්‍රීඩා .. Business, you know, may bring money, But friendship hardly ever does. 0 maduranga001Most Senior MemberPosts:14118 06 Nov 2017 12:13 AM ගැහැණු ළමයෙකුට විතරක් නෙවෙයි. මේවා පිරිමි ළමයෙකුටත් ඉතා වැදගත්. බලපෑම වෙනස් නැහැ මොන දරුවටත්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 chamaramindMost Senior MemberPosts:13471 06 Nov 2017 06:15 PM දිනපතා කෝපි පානයෙන් වකුගඩු රෝගීන්ට දීර්ඝායුෂ දිනකට කෝපි කෝප්ප තුනක් පානය කිරීම වකුගඩු රෝගීන්ගේ ආයු කාලය වැඩි කිරීමට හේතු වන බව පෘතුගාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් වසර 12 ක කාලයක් මුළුල්ලේ සිදුකරනු ලැබූ අධ්‍යයනයකදී අනාවරණය කරගෙන තිබේ. වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන් 2300 කට අධික සංඛ්‍යාවක් යොදාගෙන සිදුකරනු ලැබූ මෙම අධ්‍යයනයට අනුව කෝපි විශාල වශයෙන් පානය කරනු ලබන වකුගඩු රෝගීන්ට රෝගයෙන් මියයැමේ අවදානම සියයට 25 කින් අඩුකරගත හැකිය. දිනකට කෝපි කෝප්ප එකක් හෝ දෙකක් පානය කරන වකුගඩු රෝගීන්ට ද පිළිවෙලින් රෝගයෙන් මියයැමේ අවදානම කෝපි කිසිසේත් පානය නොකරන රෝගීන්ට වඩා සියයට 12 කින් හා සියයට 22 කින් අඩුකරගත හැකි බව පර්යේෂකයෝ පවසති. මෙම අධ්‍යයනය මෙහෙයවූ උතුරු ලිස්බන්හි රෝහල් මධ්‍යස්ථානයේ වෛද්‍ය මිගුවෙලේ බිගොට් වියෙයිරාට අනුව මෙම අධ්‍යයනයෙන් වකුගඩු රෝගයට ගොදුරු වූවන්ට කෝපිවල අඩංගු 'කැෙµaන්' සංයෝගය හරහා රෝගයෙන් මරණයට පත්වීම මගහරවා ගත හැකි බව තහවුරු වේ. පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් ඕර්ලියනස්හි පැවති ඇමෙරිකානු වකුගඩු සංගමයේ සමුළුවේදී මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල ඉදිරිපත් කර තිබිණි. ඒමන්ති මාරඹේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 06 Nov 2017 06:22 PM කල්පනා ශක්තිය වර්ධනයට ඉඳි ගුණයි හීන් ඉඳි නොහොත් කැළෑ ඉඳි ඉඳි කටට රසැති ගුණාත්මක පලතුරකි. ගඩාගෙඩි විශේෂයකි. ඉඳි පඳුරුවල හටගනු ලබන ඉඳි වල්ලක රතු පාටින් බැබලුන, ඉඳි ගෙඩි විශාල ප්‍රමාණයක් දැකගැනීමට හැකිය. පැසුණු ගෙඩි රතු පැහැගැන්වේ. ඉදුන ගෙඩි කළු පැහැ ගැන්වේ. ඉඳි වල්ලෙන් නෙළාගත් ඉදුනු ඉඳි ගෙඩි කටට දමා සූප්පු කර බාර්ලි ඇට මෙන් වූ ඇට ඉවතලිය යුතුය. ඉඳි පඳුරුවල කොළ දිගටිය. අතු විහිදී යයි. ඇතැම් පැරණි ඉඳි ගස් අඩි අට, දහය තරමට උසට වැඩේ. එම පඳුරුවල අතුවල හටගනු ලබන ඉඳිකටු අඟල් එකක් දෙකක් පමණ තරමට දික්ව පවතී. කටු ඇනුණොත් තද වේදනාව ගෙන දෙයි. එම කටුවක් ශරීරයේ කොතනක ඇණුන ද ඇණුන ස්ථානයේ ගෙඩියක් හටගනී. ග්‍රාමීය ප්‍රදේශවල වැව් අවට, දෙනිකඩ, කුඹුරු ආශ්රිත ඔයවල් ආශ්‍රිතව වැඩේ. මෙම ඉඳි ගස්වල ඉඳි අතු කපා එහි කොළ වෙන් කර විශාල හැලිවල දමා තම්බා වියළාගෙන එම ඉඳි කොළවලින් හැඹිලි සහ ඉඳි කොළ තොප්පි සාදා වෙළෙඳපොළට එක්කොට දේශයේ හස්ත කර්මාන්තයට උර දෙමින් දිරි දෙමින් ලංකාවේ ඉපැරැණි සංස්කෘතියට පණ පොවමින් ඉඳි කොළ කර්මාන්තයේ නියෑළුණු පාරම්පරික සිංහල ගැමියන් එම පාරම්පරික රැකියාවද ආරක්ෂා කරමින් විදේශීය අය ඉතා ආශාවෙන් ප්‍රිය කරමින් පළඳින හිස් වැසුම ඉඳි කොළ තොප්පියත්, මුදල් සුරැකිව බහාලන ඉඳි කොළ හැඹිලියත් නිර්මාණය කෙරුණේ අපේ ශ්‍රී ලංකා භූමියේ ඉබේ වැඩුණු හැදුන ඉඳි ගසේ මහිමයෙනි. මෙම ඉඳි ගස් බහුල ලෙස වැඩෙනුයේ බෙලිඅත්තේ නුගේවෙල, හාල්පන්දෙණිය, පල් ලත්තර, ඕකේවෙල, මූකිරිගල, බඡ්ජැන්කැලේ, කඩවල යන ගම් ප්‍රදේශවලිනි. එම ප්‍රදේශවලට ලංකාවේ පිට පළාත්වල සිට ඉඳි කොළ කර්මාන්තයේ නියෑලෙන පිරිස් පැමිණ කුඩා වැව් ආශ්රිත දෙනිකඩ ආශ්‍රිතව වැවී තිබෙන ඉඳි කොළ කපා ගෝනිවල බහා ගෙන යනු ලැබේ. ඉඳි ගහේ ඉඳි බඩය ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොදාගනු ලැබේ. උණවටුන අංගොඩ යන මානසික රෝහල්වලට යොමුකරවත් ස්ථිර සුවය නොලද මානසික රෝගීන්ව සුවපත් කිරීම සඳහා භෛෂජ්යයේදී ඖෂධ පිළියෙළ කිරීමට ඉඳි ගහේ ඉඳි බඩය උපස්ථම්බක වූ බව දේශීය ඉපැරැණි වෙදැදුරාණන් දැන සිටියේය. මෙහි ආයුර්වේදීය ගුණාත්මකභාවය වනුයේ මොළයේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය ඇති කිරීමත් කල්පනා ශක්තිය ඇති කිරීමත් ය. වැව් සහ දෙනිකඩ බැකෝ යන්ත්‍ර යොදා සුද්ධ කිරීමේදී මෙම හීං ඉඳි ගස් විනාශයට පාත්‍ර වී පවතී, එමනිසා ඉඳි පලතුරද ඉතා ශීඝ්‍රයෙන් විනාශයට පත්වෙමින් පවතී. කිරිපළු (පලතුරකි, ආයුර්වේද ඔසුවකි) කිරිපළු ශාකය දඅපේ දේශයේ වැවෙන දේශීය පලතුරක් මෙන්ම දේශීය ඔසුවක්ද වන්නේය. වවුලන්ගෙන් සහ කුරුළු වර්ගයාගේ මාර්ගයෙන් එම පලතුර කා එම පක්ෂීන් පැහැරීමෙන් පසුත් කිරිපලු ගෙඩිය ඩැහැගෙන යැමෙන් පසුවත්, එය තැනින් තැන බිම පතිත වීමෙන්ද බෝවීම සහ ව්‍යාප්තිය සිදුවේ. එය වගා කිරීමක් දක්නට නොමැත. කිරිපලු වාරයට කිරිපළු විශාල ලෙස සෑදෙති. පළ හට ගනිති. එහි හැඩය වනුයේ පැෂන් පතක ගෙඩිවලට සමානය. එම ඵල දරන සමයේ කිරිපලු ගෙඩි ඇතැම් පිරිස් එක්රැස් කරනු ලැබේ. බීම වර්ග සෑදීම සඳහා විශේෂයෙන්ම අවශ්‍ය වේ. ඉතා මිහිරි ප්‍රනීත ප්‍රසන්න රසය ගෙන දෙති. අපේ පලතුරු අතර දුර්ලභ ගනයේ පවතින පලතුරක් වශයෙන්ද දේශීය ඔසුවක් ලෙසද සඳහන් කළ යුතුය. දේශීය ඖෂධීය ගුණය ලෙස සැලකීමට සහ දැක්වීමට හැකිවනුයේ ශීත ගුණයත්, රක්තවාතය මර්දනය කිරීමේ ගුණයත්, ශාරීරික ශක්තිය ලබාදීමත්, දාහය පිපාසය සංසිඳවීමේ ගුණයත්ය. කිරිපලු ශාකය දැක ගැනීමට හැකි වනුයේ වන්නි ප්‍රදේශයෙනි. මසං (දෙබර) මසං ගෙඩි ළමුන් හට ප්‍රියජනක පලතුරකි. මෙය ගෙවතු අලංකාරය සඳහා ඇතමුන් වගා කරති. ඵලදරන සමයේ එහි නෙලාගත් ගෙඩි කූඩවල බහා තිබීමෙන් පසු ඉදී තිබෙනු දැකිය හැකිය. එමෙන්ම වෙළෙඳපොළටද එක්වෙති. මසං ගෙඩි ලොවි ගෙඩි තරම් ප්‍රමාණ වෙති. එය ඉදුන පසු කටට ගෙන හපා එහි යුෂ උරාබිය හැකිය. පොත්ත සහ ඇටය ඉවත දැමිය යුතුය. මෙහි ආයුර්වේදීය ගුණාත්මක භාවය වනුයේ සෙම් රෝග සඳහා භාවිතය, අනුභවය සුදුසුය. වාත රෝග අවස්ථාවේදී වෛද්‍යවරු යොදනු ලබන ප්‍රතිකාර වලදී මසං ගසේ පොතු, කොළ සහ ගෙඩි උපයෝගී කර ගැනීමට සිදු වෙති. මෙම ගස කටු සහිතව වැවෙන ශාකයකි. මසං වැඩිපුරම දැක ගැනීමට හැකිවනුයේ ලංකාවේ දක්ෂිණ ලංකාවේ මාතර, අකුරැස්ස, මොරවක, දෙනියාය, පල්ලෙගම, ලංකාගම, යටියන, කිරින්ද යන ප්‍රදේශවලිනි. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ පලතුරු සංවර්ධන වැඩසටහනට දිරි දීමක් ලෙස මෙම ලිපි පෙළ ලියා පළ කරන ලදී. සංස්කරණය වසන්තා ශ්‍රියාකාන්ති ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 06 Nov 2017 06:28 PM ආතරයිටීස් සුව කළ හැකියි - ආතරයිටිස් රෝගීන්ට ඇල්දිය සුදුසු නැහැ * ශීතකරණයේ තැබූ ආහාර රත්කර නැවත නැවත ආහාරයට ගැනීම සිරුරට විෂ ඇති කරනවා ආතරයිටීස් රෝගය පිළිබඳ සමාජය හමුවේ නිතර කතා බහ අසන්නට ලැබේ. ආතරයිටීස් වෙනුවෙන් පීඩා විඳින පිරිස සුළු පටු නොවන බව හඳුනාගත හැකිව තිබෙන්නේ රෝගය නියමාකාරයෙන් හඳුනා නොගැනීම නිසාවෙන් බව බොහෝ තැනකදී පැහැදිලිව දක්නට ලැබේ. ආයුර්වේදයේ, දේශීය වෛද්‍ය ක්රමයේ ආතරයිටීස් රෝග තත්ත්වය ආමවාත රෝගය ලෙසට හඳුන්වාදී තිබේ. මෙහිදී ආමය යනු රස ධාතුවේ විදග්ද ස්වභාවයයි. එනම් රස ධාතුවේ බර බව, නොදිර වූ බව මෙන්ම අමු බවයි. මෙහිදී මෙය රක්ත ධාතුව හා මුසුව ( ලේ සමඟ එක් වී) වාතයේ මෙහෙයවීමෙන් ශරීරය තුළ සංසරණය වේ. ආමය වනාහි විෂ ගතියෙන් යුක්තය. ප්‍රධාන ලෙසටම එසේ ගමන් ගන්නා වූ ආමය ශරීරයේ ප්‍රධාන සන්ධිස්ථානවල තැන්පත් වී එම ස්ථාන පීඩාවට හා ප්‍රදාහයට ලක් කරයි. විශේෂයෙන් දණහිස සන්ධි හා සෙසු ප්‍රධාන සන්ධි පළමු කොට රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාව පවතී. එහිදී ලක්ෂණ ලෙස සන්ධි වේදනාව, නම්‍යශීලීත්වය ගිලිහී යැම, බරබව, ඉදිමුම සහ චලනයේ දැඩි අපහසුව දැකිය හැක. අදාළ රෝගීන් ආකෘති ලක්ෂණ (දකින කොටම) තුළින් හඳුනා ගැනීමේ පහසුව අත්දැකීම් ඇති වෛද්‍යවරයා සතුය. මෙම රෝගයට ප්‍රධානම හේතුව ලෙසට මිථ්‍යා ආහාර රටාව (වැරදි ආහාර) බර ආහාර, තෙල් සහිත නොදිරවන සුලු ආහාරපාන රටාවන් සහ විෂම ජීවන රටාව පෙන්වා දිය හැක. මෙහිදී නුසුදුසු ආහාරපාන ලෙස මස් වර්ග, ක්ෂණික ආහාර වර්ග, අධික තෙල් යෙදු කෘත්‍රීම ආහාර, යීස්ට් යොදා බොහෝ වේලාවක් පිපෙන්නට තැබූ පිටි මිශ්‍ර ආහාර, බෙලසුල් ආහාර පාන එනම් මුදවාපු කිරි, මෝජු වැනි ආහාර, පුරුද්දක් ලෙසට කිරි ආහාර ගැනීමෙන් පසු හෝ පෙර මස් මාළු ආහාරයට ගැනීම වැනි අවස්ථා පෙන්වා දීමට පුළුවන. ආහාර පාන ගැනීමේදී නූතනයේ සිදුවන තවත් වරදක් ලෙසට කාර්යබහුලකම පෙන්වා දෙමින් වරක් පිසූ ආහාර ශීතකරණයේ තබා නැවත නැවත රත්කර ආහාරයට ගැනීම පහසුව පසෙක තබා අප රෝගීන් කරවන බව අමතක නොකළ යුතුය. මෙම තත්ත්වය හමුවේ නිපදවෙන විෂ ආතරයිටීස් රෝගයට හේතුවිය හැකිය. විශේෂයෙන්ම මෙම ක්‍රමයට ඉස්සන් දැල්ලන් ආහාරයට ගැනීමේදී ඇති වන විෂ ඉහළය. විෂ රුධිරය සමඟ එක් වී ක්‍රමයෙන් ඇසුරු කළා වූ ලොකු සන්ධි ප්‍රදාහයට පත් කරමින් සෙසු කුඩා සන්ධි පවා ආක්‍රමණය කිරීම රෝගයේ ස්වභාවයයි. රෝගියා තුළින් දැකිය හැකි සෙසු රෝග ලක්ෂණ ලෙසට සන්ධි වේදනා සහ ඉදිමුමට අමතරව ආහාර අරුචිය, ඔළුවේ කැක්කුම, රාත්‍රියට සහ පාන්දරම මඳ උණ ගතියක් ඇති විය හැකි වීම පෙන්වා දීමට පුළුවන. මෙහිදී එම ලක්ෂණවලට ප්‍රතිකාර කළද රෝග නිදානය නොසන්සිඳෙන බැවින් පිළියම්වලට ප්‍රතිකාර කිරීම ස්ථීරසාර විසඳුමක් නොවේ. මෙම රෝගයේදී චිකිත්සා පිළිවෙත වන්නේ ආමය ප්‍රථමකොට සන්සිඳුවා ගැනීමයි. එහිදී බාහිර සහ අභ්‍යන්තර ලෙසට දෙවැදෑරුම් ප්‍රතිකර්ම කළ යුතුය. ඒ සඳහා කෂාය ආදී වූ පාන ඖෂධ මෙන්ම අවස්ථානෝචිත තෙල්, කැවිලි, පත්තු ලේප, මැල්ලුම් ආදිය උපයෝගිකොට ගනු ඇත. විශේෂයෙන්ම ආමය, බර, වැගිරෙන උකු ගතියෙන් යුක්ත නිසා යොදනු ලබන තෙල්, තැවිලි, ලේප ආදිය රළු, ඝර්ම එනම් දහඩිය දමන සුලු ද්‍රව්‍යවලින් යුත් ඒවා විය යුතුය. එසේ නොවී නම් දෝෂ කුපිතතාවය වඩාත් තීව්ර වී ප්‍රදාහය දරුණු ස්වභාවයට පත්වේ. එවිට පිළියම් පවා අතිදුෂ්කර වනු ඇත. එසේම රෝගියාගේ ආහාරපාන රටාව, ව්‍යායාම, නින්ද ආදී වූ කරුණු කෙරෙහිද අවධානය යොමු කොට ප්රත්යාපත්ය පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. දුම්පානය කරන්නේ නම් එය අත්හළ යුතුමය. රෝගියා ඇල්දිය භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම ඉක්මන් සුවයට හේතුවේ. එය විශේෂයෙන් මතක තබාගත යුතු කරුණක් වනු ඇත. ආමවාත රෝගයේදී සිදුවන ප්‍රධානතම හානිය වන්නේ අදාළ පුද්ගලයාගේ දෛනික කටයුතු ක්‍රමයෙන් අඩාල කරමින් අස්ථි බන්ධක ද්‍රව්‍යයන් (අස්ථි බැඳ තබා ගන්න තෙතමනය සහිත ද්‍රdවණයක්&zwnj ඛාදනය කරමින් මෘදු අස්ථි කොටස් (කාටිලේජ) විනාශ කර දැමීමයි. මෙම අවස්ථාව වන විට පෙර තිබූ අධික ශ්‍රොaතය (දැඩි ඉදිමුම) මඳක් තුනී වී යා හැකිය. එහෙත් වේදනාව උග්‍රවේ. යමකින් අනිනවා වැනි වේදනාවක් ඇතිවේ. දණහිස, උකුල සන්ධි, (උර සන්ධි) වළලුකර, වැළමිට, මැණික්කටු, කොඳුඇට පෙළ සන්ධි ඇඟිලි පුරුක් ලෙසට රෝගය ආක්‍රමණය කරනු ඇත. මෙම අවස්ථාවට ශීත ගුණයෙන් යුත් (තර්පණ ගුණ) තෙල් සුදුසු නැත. ආමයේත් ශීත ගුණ තිබීම එයට හේතුවයි. එවිට ආමය තව තවත් වැඩිවන්නේය. ඇතැම් අය මේ සඳහා මහානාරායනය, මහාමාෂ, අශ්වගන්ධ, ශීරබලා, ප්‍රසාරණී, සිද්ධාර්ථ වැනි තෙල් ආලේප කරන අතර එවැනි තෙල් වර්ග සුදුසුම නැත. රෝගයේ හේතූන්ට ප්‍රතිවිරුද්ධ ඝර්ම ගුණ යුත් තෙල් හා පොට්ටනි භාවිත කළ යුතුය. වැලි කබලේ රත්කර ඝර්ම ගුණයෙන් යුතු පොට්ටනි පළමු අවස්ථාවට යොදාගත යුතුය. අස්ථි සම්බන්ධ ආවරණය සහ කාටිලේජ ආමය මගින් පළමු කොට විනාශ කරන අතර ඉන්පසු ප්‍රධාන අස්ථින් ආක්‍රමණය කරනු ලැබේ. මෙවිට අස්ථි ගැටෙන කට කටස් ශබ්දය නැඟේ. එවිට හැඩය (වක්‍රවීම) වෙනස් වී යන අතර "සන්ධි නම්‍යශීලීත්වය සම්පූර්ණයෙන් බිඳ වැටේ. මෙම තත්ත්වයට පෙර ප්‍රතිකාර ගත යුතු වන්නේ මෙම තත්ත්වය අස්ථි දිරායැමට හේතුවන නිසාවෙනි. රෝගය හඳුනාගෙන නිසි ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් නිට්ටාවට සුවය ලබාගත හැක. සන්ධි වේදනාව මූලික රෝග ලක්ෂණය වන අතර එම අවස්ථාවේදී අවධානයෙන් කටයුතු කිරීමට යොමුවිය යුතුය. සන්ධි වේදනාව සමඟ ආහාර අරුචිය, ඇඟමැළි ගතිය, ක්‍රියාශීලී අයෙක් හිටි හැටියේ අලස බවට පත්වීම, පිපාසය නැතිව යැම, ඇල්දිය ස්නානය කළ විට දැනෙන අපහසුව, බෙල්ල සහ හිසේ පැත්තකින් එන වේදනාව කල්පනාකාරී විය යුතු තවත් අවස්ථා වන්නේ ආතරයිටීස් රෝග ලක්ෂණයන් විය හැකි නිසාවෙන්ය. මෙහි අවසාන අවස්ථාව ඔස්ටියෝ පොරෝසිස්ය. එනම් ආතරයිටීස් ඔස්ටියෝ පොරෝසිස් තත්ත්වයට පත්වීමය. (අස්ථි දිරායැම) මෙහිදී සඳහන් කළේ සන්ධි සහ අස්ථි ඇසුරු කර පැන නැඟෙන ආමවාත තත්ත්වයයි. මීට අමතරව ආමවාතිකජවරය අවස්ථාව පිළිබඳ යම් කිසි වූ දැනුවත් බවක් තිබීම වැදගත්ය. මෙම තත්ත්වයට බහුල ලෙසම ගොදුරු වන්නේ වැඩිවියට ආසන්නයේ පසුවන ගැහැණු දරුවන් වීම තවත් විශේෂත්වයකි. මෙහි මූලික ලක්ෂණ වන්නේ නිතර නිතර ඇතිවන සෙම්ගෙඩි ප්‍රදාහය සහ මඳ උණ සහ ප්‍රතිශ්‍යා තත්ත්වයයි. මෙය පිරිමි ළමුන්ට නොහැදෙනවාම නොවේ. අදාළ රෝග කාරක හේතුව සෙම්ගෙඩි ප්‍රදාහය සමඟ ආරම්භ වී තීව්රතාවයට පත් වී හෘද කපාට ආක්‍රමණය සිදු කරයි. මෙම රෝග තත්ත්වය අවුරුදු 7-8 පමණ වයසේදී ඇතිවන අතර කපාට සියුම් නිසාවෙන් කපාට දුර්වල වී මරණයට පවා පත්වීමට පුළුවන. (රුමටොයිඩ් ආතරයිටීස්&zwnj ආමවාත රෝගය සලකා බැලීමේදී රෝගය ඇති වන්නේ අවුරුදු 35-40 පමණ වයසේදීය. ආමවාතය සඳහා සුදුසු ආහාර ලෙසට සුදු ලූනු, කොල්ලු, සාරණ, නිවිති, බීට්රූට්, වැටකොළු, කරපිංචා, පලා වර්ග, වට්ටක්කා, මුං ඇට මෙන්ම හීනටි හාල් සහ ඇල් හාල් ගුණදායකය. ඒ සමඟම රෝගය තිබේ නම් උණුදිය භාවිත කළ යුතුය. කුඩා කල සිටම නිවැරදි ආහාර රටාව සහ නිවැරදි ව්‍යායාමවලට යොමු විය යුතු වන්නේ සිරුර තුළ ආමය සැදීමෙන් වැළකී නිරෝගී දිවි පෙවෙතක් ළඟාකර ගැනීම වෙනුවෙන් බව මේ අනුව ඔබට පැහැදිලි වනු ඇත. සන්ධි වේදනාව ඒ තරමටම ප්‍රබල බව මතක තබා ගන්න. රෝගය ආරයට යැම සඳහා යම් ප්‍රවණතාවක් ඇත. වැස්ස, ශීත කාලවල රෝග ලක්ෂණ ඉස්මතු වීමත්, අපහසුතාවට පත් වීමටත් හේතුව ශීත දේශගුණය. වර්ෂාවත් සමඟ ඇතිවන ඉදිමුමට තෙල් ආලේප කළා දැන් අඩුයි, කියන්නේ වර්ෂාව අඩුවීමේදී රෝගය යටපත් වන නිසාවෙන්ය. එහෙත් ඒ රෝගය සුව වූවා නොවේ. එනිසා එවැනි තත්ත්ව යටතේ නිහඬව නොසිට නිසි ප්‍රතිකාර සඳහා යොමු විය යුතු වන්නේ ආතරයිටීස් අවසාන අවස්ථාව ඉතා භයානක වන නිසාවෙන්ය. රෝගය නිවැරදිව හඳුනා ගැනීම තුළ ආතරයිටීස් (ආමවාතයට) රෝගය නිට්ටාවට සුවකළ හැකි ප්‍රතිකාර අදටත් දේශීය වෛද්‍ය විද්‍යාව සතුව තිබේ. වැඩිහිටියන් බොහෝ පිරිසක් වේදනාවට පත්කරන ආතරයිටීස් රෝගය ගැන තවත් විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් 0775175409 අංකයෙන් වෛද්‍යතුමන් අමතා නොමිලේ විස්තර දැන ගැනීමේ අවස්ථාව ඇත. වෛද්‍ය අමිල බණ්ඩාර ගෝනෙගොඩ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 06 Nov 2017 08:19 PM බලන් ගියහම කන්න දෙයක් නැහැනෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Nov 2017 05:58 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Nov 2017 05:59 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Nov 2017 05:59 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Nov 2017 06:00 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Nov 2017 06:00 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Nov 2017 06:07 AM දරු ප්‍රසුතියෙන් පසුවත් හැඩකාර සිරුරක් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 maduranga001Most Senior MemberPosts:14118 07 Nov 2017 09:00 AM ඔන්න දරුවන්ගේ අම්මේ. ඔයාලට තමයි මේ ලිපිය. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 hasithadSuper Senior MemberPosts:5795 08 Nov 2017 07:30 AM චාමරයෝ පෝලිම දැක්කම ඔලුව කැරකෙනවා වගේ මගෙ. 0 RosiSuper Senior MemberPosts:5335 08 Nov 2017 12:29 PM ඇයි දරුවන්ගේ තාත්තලාට මේවා දැන ඉන්න එක හොදයි 0 chamaramindMost Senior MemberPosts:13471 10 Nov 2017 06:25 PM දියවැඩියාවට හොඳම බේත දියවැඩියාව අද බහුලවම පැතිර යන බෝනොවන රෝගයක්. සඳහා ගොදුරු වූ අයට රුධිරයේ සීනි මට්ටම හා රුධිර පීඩනය පාලනය සඳහා මේ ඇති හොඳම විකල්පය ව්‍යායාමයේ යෙදීමයි. මේ සඳහා යකඩ ඔසොවමින් හැල්මේ දුවමින් වෙහෙසකර ව්‍යායාමවල යෙදෙන්නට අවශ්‍ය නැහැ. තමන්ගේ උසට, ශරීර බරට අනුව, වගේම ශරීරයේ සෞඛ්‍ය තත්ත්වය අනුව සලකා බලා වෛද්‍ය උපදෙස් මත නිසි සැහැල්ලු ව්‍යායාමයක නිරත විය යුතුයි. ඒ තමා දියවැඩියාවට හොඳම බේත. ව්‍යායාම සිරුරේ ශක්තිය දහනය කිරීමටත් බර පාලනය කිරීමටත් උපකාරී වෙනවා. එමෙන්ම මානසික ආතතිය, පීඩනය අඩුකර මනස සැහැල්ලු කරනවා. ඉතා ප්‍රබෝධමත් හැඟීමක් සහිතව ගත කරන්න ඉඩ සලසනවා. ඒ වගේම හොඳින් සුවදායී නින්දකටත් මඟ සලසනවා. දිනපතා ව්‍යායාම කිරීම මගින් සිරුර ඉන්සියුලින් සඳහා දක්වන සංවේදීතාව වැඩිවෙයි. ඒ වගේම දියවැඩියා බෙහෙත්වල ක්රියාකාරීත්වයද හොඳින් පවත්වා ගනියි. එසේම ව්‍යායාම සිරුරේ ලේ ගමන ක්‍රමවත් කර අහිතකර කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම පහළ දමයි. එය හෘදය සහ වාහිනී රෝග වැලැක්වීමට හේතුවකි. ඉන්සියුලින් ගන්නා රෝගීන් ව්‍යායාමයට අමතරව නිසි ආහාර රටාවක් පවත්වාගන්නටද සැලකිලිමත් විය යුතුයි. ආහාර රටාව නිසි පරිදි තිබ්බත්, ඖෂධ ගත්තත්, ව්‍යායාම නැත්නම් එය ඵලදායක නෑ. තමන් පරිභෝජනය කරන ආහාර රටාව අනුව ව්‍යායාම හෝ ක්‍රියාශීලීත්වය පවත්වාගත යුතුයි. සතියකදී වැඩි දින ගණනක්, අවම වශයෙන් මිනිත්තු 30ක් වෙහෙසකර ව්‍යායාමයක යෙදීම වැදගත්. ඒ සඳහා කණ්ඩායමක් ලෙස එක්වීම වඩාත් සාර්ථකත්වයක් උද්යෝගයක් ඇති කරයි. රූපවාහිනිය, පරිගණක, පොත් පත්තර සඳහා එකතැන සිටින කාලය අඩු කරන්න. සැලකිය යුතු කාරණාවක් තමා ව්‍යායාම තෝරාගැනීම. එහිදී යම්හෙයකින් ඔබට හෘදය සම්බන්ධ රෝග, අධිරැධිර පීඩනය, පපුවේ අමාරු, කරකැවිල්ල, ක්ලාන්තය, ආතරයිටිස් වැනි රෝග වැළඳී ඇත්නම්, එසේම ඔබ 40ට වැඩි පුරුෂයකු හෝ 50ට වැඩි කාන්තාවක් නම් ව්‍යායාම අරඹන්නට පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්න. ආසන්න වශයෙන් කැලරි 150ක් දහනය කරන මධ්‍යම ප්‍රමාණයේ කායික ක්‍රියාකාරකම් මෙන්න ගෘහස්ත කටයුතු ජලයෙන් ගෙබිම මිනිත්තු 40ක් පමණ සේදීම මිනිත්තු 30-40 ක් ගෙවතු වැඩ මිනිත්තු 45-60 ක් මෝටර් රථයක් සේදීම තණකොළ කපන යන්ත්‍රය මිනිත්තු 30ක් තල්ලු කිරීම මිනිත්තු 30ක් ගෙවත්ත ඇමදීම. මිනිත්තු 30ක් කිලෝමීටර 3ක් ඇවිදීම. මිනිත්තු 18ක් පඩිපෙළ නැගීම රෝද පුටුවක් මිනිත්තු 30-40 ක් තමන්ම පැදවීම ක්‍රීඩාශීලී ක්‍රියාකාරකම් මිනිත්තු 45-60 ක් වොලිබෝල් ක්‍රීඩාව මිනිත්තු 45ක් පාපන්දු ක්‍රීඩාව මිනිත්තු 35ක් තුළ කිලෝමීටර් 3ක් හෝ මිනිත්තු 20ක් තුළ කිලෝමීටර් 2ක් ඇවිදීම මිනිත්තු 30කදී කිලෝමීටර් 8ක් බයිසිකල් පැදීම මිනිත්තු 30ක් පමණ වේගයෙන් නැටීම මිනිත්තු 30ක් ජල ක්‍රීඩා හෝ මිනිත්තු 20ක් පිහිනීම මිනිත්තු 15-20 බාස්කට් බෝල් ක්‍රීඩාව මිනිත්තු 15කදී කිලෝමීටර් 6.5ක් බයිසිකලේ පැදීම ස්කිප් ලණුවක් භාවිතයෙන් මිනිත්තු 15ක් ව්‍යායාමය මිනිත්තු 15ක් තුළ කිලෝමීටර් 2 ½ක් හෝ මිනිත්තු 6කදී කිලෝමීටරයක් දුර දිවීම සුගත් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 Nov 2017 06:40 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 Nov 2017 06:41 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 Nov 2017 06:41 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 Nov 2017 06:41 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 64 of 137 << < 6263646566 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner