Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 65 of 137 << < 6364656667 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 10 Nov 2017 06:45 PM ජීවිතය අවුල් වුණු පුංචි මේනක මිනිසා මත්පැනට ගොදුරුවීමේ ඉතිහාසය අවුරුදු 10000ක ඈතට දිව යනවා. ඒත් ශ්‍රී ලාංකිකයන් මේ පුරුද්දට ඇබ්බැහි වූයේ 1505 පෘතුගීසීන් ලංකාවට ආවාට පසුවයි. ඉන්පසු ලන්දේසීන් සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් මේ පුරුද්ද තවදුරටත් ව්‍යාප්ත කරමින් ලෝකය තුළ වැඩියෙන්ම මත්පැන් බොන ජාතියක් බවට අපිව පත් කරලා තියෙනවා. දෙමාපියන්ගේ බීමත්කම හෙවත් මත්පැනට ගොදුරුවුණු ප්රචණ්ඩ පරිසරයක වැඩෙන දරුවා නොයෙකුත් මානසික ගැටලුවලට භාජනය වන බව නොයෙකුත් පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. මානසික ආතතිය, අවපීඩනය. හැසිරීම්වල නොයෙකුත් ගැටලු, අධ්‍යාපනික ගැටලු මින් කිහිපයකි. පුංචි මේනකගේ වයස අවු.10යි. පාසලේ 5 වන පන්තියේ ඉගෙනුම ලබයි. රෝහල් සායනයට මේනක යොමුවූයේ ඔහුගේ මව සමගයි. අකැමැත්තෙන් සායනයට පැමිණ ඇති බව මේනකගේ මූණෙන් ප්‍රකාශ වුණා. එමෙන්ම කලබලකාරී බව සහ නොසන්සුන් බවද ඔහුගෙන් විද්‍යමාන විය. “මොකද අම්මේ මේ දරුවාට....?” “අනේ Doctor! මේ බලන්න Report එක හැම විෂයකටම ලකුණු 40ට අඩුයි. ඉස්සර පන්තියේ හොඳට වැඩකරා. ලකුණු 60ක් 70ක් තිබුණා. දැන් නිතරම හිසේ කැක්කුම කියලා ඉස්කෝලෙ යන්නත් බෑ කියනවා. හරිම නොසන්සුන්. හරියට තරහ යනවා. මට තේරෙන්නේ නෑ මේ දරුවට මොනව වෙලාද කියලා. මටත් දැන් කිසිම සැනසීමක් නෑ.” “ඉතින් කෝ මේ දරුවගෙ තාත්තා....?” “මම ආස නෑ ඔහු ගැන කතා කරන්න. එයා තවදුරටත් හැදෙන කෙනෙක් නෙවෙයි. හැමදාම බීලා තමයි ගෙදර එන්නේ. ගෙදර ආවම ලොකු රණ්ඩුවක්. මම ගැනවත් දරුවා ගැනවත් කිසිම හැඟීමක් නෑ. තාත්තා ගෙදර එනකොට දරුවා ඉන්නෙ හරිම බයෙන්. මේක ඉතින් මම පෙර කළ කරුමය තමයි.” මේනකට සිදුවී ඇත්තේ කුමක්ද? මනෝ වෛද්‍ය විද්‍යාව අනුව මේනක කල් පවතින දැඩි ආතතියට ගොදුරු වී සිටින බව පේනවා. පියාගේ මත්පැන් බීමත් නිවස තුළ පවතින ප්‍රචණ්ඩකාරී පරිසරයත් නිසා මේ ආතතියට දරුවා ගොදුරුවෙලා තියෙනවා. දරුවන් ගොදුරු වන මානසික ආතතියේ අනෙක් රෝග ලක්ෂණ විමසා බලමු. • නිතර පවතින හිසේ කැක්කුම. • නින්දේ ගැටලු. • නුරුස්සනා බව සහ තරහ යාම. • ඇඟපතේ නිතර ඇතිවන වේදනාව. • කල්පනාව හා මතක ශක්තිය අඩුවීම. • පාසල් යාමට මැලිවීම. මේනක අප සායනයෙන් ප්‍රතිකාර හා උපදේශනය ලබාගෙන සාමාන්‍ය තත්ත්වයට පැමිණියා. නැවත පාසල් යාමට ආශාවද ඇතිවුණා. නමුත් පියාගේ බීමත්කම සහ ප්‍රචණ්ඩකාරී පරිසරය එසේම පැවතුණා. කෙසේ නමුත් මේනකගේ පියාට ලිඛිත පණිවිඩ යැවීමෙන් බොහොම අපහසුවෙන් සායනයට ගෙන්වා ගත්තා. ඔහු මත්පැනට ඇබ්බැහි වූවෙක්. ඇබ්බැහි වීම යනු මානසික රෝගයකි. රෝහලේ දවස් 7ක් නවතාගෙන “විෂානුහරණය” (Detoxification) නැමති විශේෂ ප්‍රතිකාරය ලබාදුනි. ගිජු සහ ඇබ්බැහිකමෙන් එළියට පැමිණි මේනකගේ පියා උපදේශනයට යොමුකෙරුණි. මත්පැනට ගිජු වූවෙකු ඉන් එළියට ගැනීමට “මිලර් සහ රොනික්” Miller and Rollnick “වෛද්‍යවරුන් සොයාගෙන ඇති මනස දිරිගැන්වීමේ” Motivational Enhancement Therapy ක්‍රමවේදය ඉතාම සාර්ථක ප්‍රතිඵල ලබා දෙන්නකි. උපදේශනයෙන් පසු මේනකගේ පියා මත්පැන් ගැනීමද නතර කළේය. ඔහු දැන් තම දරුවා සහ බිරිඳ සමග සතුටින් පවුල් ජීවිතය තුළට ඇතුළු වී ඇත. අප රටේ ගෘහ ප්රචණ්ඩත්වය සමීක්ෂණවලට අනුව 60%කි. ගෘහ ප්රචණ්ඩත්වය සමග ප්‍රධානම අනෙක් ගැටලුව වනුයේ මත්පැනට ඇබ්බැහි වීමයි. අපේ දරුවන් බොහෝ දෙනා මානසික අපයෝජනයට ලක්වන්නේ මේ පරිසරය තුළයි. දරුවා ආරක්ෂක අධිකාරියට අනුව වර්ෂයකට ළමා අපයෝජන 10000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වේ. මෙම බොහෝ අපයෝජන මත්පැන් ආශ්රිත ප්රචණ්ඩ පරිසරයකින් නිර්මාණය වන බව බොහෝ සමීක්ෂණවලින් පෙනී යයි. දකුණු ආසියාතික රටවලින් මත්පැන් ආශ්රිත ගැටලුවලින් ලංකාව දෙගුණයකින් ඉදිරියෙන් සිටින බව වාර්තා වී තිබෙනවා. ගමේ තිබෙන දුප්පත්කම නැති කිරීමට නම් මහ ලොකු ආර්ථික සැලැස්මවල් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ මිනිසුන්ගේ බුද්ධිමය ප්‍රභාව දියුණු කරන ආකල්පමය වෙනසක් ඇති කරන මනෝ විද්‍යාත්මක වැඩසටහන්ය. මේ සඳහා ඇති ජනාධිපති කාර්යසාධක බළකාය සහ අනෙකුත් සංවිධාන මෙය නිසි ලෙස අවබෝධ කරගෙන තමන්ගේ වැඩසටහන් කරනවාදැයි සැකයක් පවතී. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 Nov 2017 06:46 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 Nov 2017 06:46 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 Nov 2017 06:46 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 Nov 2017 06:47 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 Nov 2017 07:11 PM හදවත බේරාගෙන බඩ පුරවා ගන්නේ මෙහෙමයි හදවත් රෝග අද බහුලව කතාබහට ලක්වෙන මාතෘකාවක්. මේ කියන හෘදයාබාධ සහ රුධිර නාල ආශ්රිත රෝග සඳහා බලපාන ඉතාමත් වැදගත් සාධකයක් වන්නේ අප ගන්නා ආහාරයි. පමණ දැන සෞඛ්‍යයට හිතකර ආහාර ලබාගැනීමට හුරු වීමෙන් හෘදයාබාධ රුධිරවාහිනී ආශ්රිත රෝග පමණක් නොව අද බහුලවම පැතිර යන පිළිකා, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩන, දියවැඩියා, ආඝාතය ඇතුළු බෝ නොවන රෝග වසංගතයෙන් බේරෙන්නට හැකියි. ඒ සඳහා තෝරා බේරාගත් ආහාරගත යුත්තේ මෙහෙමයි. රතු පැහැ මස් රතු මස් ආහාරයට නොගැනීම තමයි වඩාත් හොඳ. රතු මස් හැටියට හරක්මස්, ඌරු මස්, එළු මස් ආදිය හඳුන්වන්න පුළුවනි. කෑමට ගන්නවා නම් මේවායේ ඇති මේද සහිත කොටස් ඉවත්කර සතියකට එක්වරක් පමණක් ගැනීමයි වඩාත් ආරක්ෂිත. කුකුළු මස් කුකුළු මස් ආහාරයට ගත යුත්තේ සතියට තුන් වතාවක් වගේ තමා. සොසේජස්, හැම් මේ වගේ ආහාර ඉහළ ලුණු සහ මේද සංයුතියකින් යුතු නිසා ඉතාමත් කලාතුරකින් ආහාරයට ගත යුතුයි. මාළු: ටූනා, හුරැල්ලා, සාලයා සාමාන්‍යයෙන් මස්වලින් ලැබෙන සෞඛ්‍යමය වාසිය ලබාගත හැකි මේදය අඩු විකල්ප සෞඛ්‍ය සම්පන්න ආහාරය හැටියට මේ මාළු වර්ග හොඳයි. ඔමේගා 3 තෙල්ද මේවායේ අතුළත්. ඉස්සා, දැල්ලෝ, කකුළුවෝ මේවායේ ඉහළ කොලෙස්ටරෝල් ප්‍රමාණයක් පවතියි. මේ නිසා ඉඳහිට ආහාරයට ගැනීම තමා වඩාත් හොඳ. බටර් බටර් දිනපතා ආහාරයට ගැනීම නුසුදුසු බවයි පෝෂණවේදීන්ගේ මතය. මාගරින් මාගරින් බටර්වලට වඩා හොඳයි කියලයි හිතාන ඉන්නේ. නමුත් මේවායේ සංතෘප්ත මේද අම්ල ඇතුළු අහිතකර කොලෙස්ටරෝල් අන්තර්ගතයි. මේ නිසා දිනපතා ආහාරයට ගැනීම සුදුසු නැහැ. බිත්තර සතියකට බිත්තර කහමද 4කට වඩා ගැනීම නරකයි. පුඩිං කේක් ඇතුළු බේකරි ආහාර වර්ගවල මේවා යහමින් අන්තර්ගතයි. ඒ නිසා එබඳු ආහාරත් පාලනය කළ යුතුයි. පොල්තෙල් මේවායේ මේදය ඉහළයි. පස් දෙනකුට එක පොල්ගෙඩියක් දවසකට භාවිත කිරීම සෑහෙයි. කලින් සකස් කරන ලද ආහාර මේවායේ අධික ලුණු සහ මේද අඩංගුයි. සෞඛ්‍යයට අහිතකරයි. බැදපු ආහාර ඉතාමත් කලාතුරකින් භාවිතයට ගතයුතු ආහාරයන්ය. පළතුරු, එළවළු වැඩිපුරම ආහාරයට එක්කරගත යුතු ආහාර වර්ග තමා මේ. හදවතට හිතකර විටමින් A,C සහ E ඇතුළු බොහෝ පෝෂණ ද්‍රව්‍ය මේ සතුයි. විටමින් E අලිපේර, කොළ පැහැ පලා එළවළු, බිත්තර, බටර්, මාගරින්, කජු, රටකජු ආදියේ පවතියි. හදවත රැකගන්නට නම් ලුණු කොලෙස්ටරෝල් මේදය අඩුවෙන් පවතින සහ කෙඳිති ද්‍රව්‍ය ඉහළ ආහාර ගත යුතුයි. ඒ අතර දුම්පානය, මත්පැන් අත්හල යුතුයි. දිනපතා නිසි ව්‍යායාමවල යෙදී ක්‍රියාකාරී දවසක් ගත කළ යුතුයි. ඒ වගේම මානසික ආතතිය පීඩනය නැතිව හිත සැහැල්ලුවෙන් තබාගන්න එක වැදගත්. MRI News ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 10 Nov 2017 07:35 PM සතියකට තුන් වතවක් කුකුල් මස් කන්නෙ කොහොමද ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 10 Nov 2017 08:58 PM සතියකට තුන් වතවක් කුකුල් මස් කන්නෙ කොහොමද ?මේ කියන්නෙ උපරිම වාර ගණන ගැන වෙන්න ඕන. ඒ කියන්නේ තුන් වතාවක් හෝ ඊට අඩුවෙන් කියල. කොහොමත් මස් කෑමට ගැනීම නම් අඩු කරන එකම තමා හොඳ. කුකුල් මස් එහෙම. හැදෙන ලෙඩ හොයන්න බැහැ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 chamaramindMost Senior MemberPosts:13471 11 Nov 2017 09:59 PM එන්නත් වැරදුණාමත් ඔටිසම් හැදෙනවද? ප්රශ්නය - පසුගිය සතියේදී අප සාකච්ඡා කළේ ඔටිසම් රෝගය හට ගැනීමට ඉවහල් විය හැකි, එහෙත් සාකච්ඡා නොකළ හේතු ගැනයි. මේ අතර අපට දැනගැනීමට ලැබුණා සමහර එන්නත් නිසාත් ඔටිසම් රෝගය හට ගන්නා බව මෙය සත්‍යයක් ද? වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - සමහර එන්නත් ආරක්ෂිත නොවන බවත්, එමගින් දරුවන්ට විවිධ රෝගාබාධ හැදෙන බවත් සමහර වැඩිහිටියන් විශ්වාස කරනවා. සමහර එන්නත් වරදින අවස්ථා තිබෙන බව ඇත්ත. කල් ඉකුත් වූ එන්නත් නිසා නරක ප්‍රතිඵල ඇතිවිය හැකියි. ඒ වගේම හදිසි අසාත්මිකතා හට ගැනීම නිසා එන්නත්වලින් වැරදි ප්‍රතිඵල එන්නට පුළුවන්. ඒ හැරෙන්නට එන්නත් වලින් ඔටිසම් හට ගන්නේ නැහැ. සමහර එන්නත්වල රසදිය ඉතා සුළු ප්‍රමාණයක් තිබෙනවා. එන්නත් නිෂ්පාදකයා එය යොදන්නේ එන්නත කල්තබා ගැනීමටයි. මෙය නීත්‍යනුකූල අමුද්‍රව්‍යයක්. නිෂ්පාදකයා එන්නතට රසදිය මිශ්‍ර කරන්නේ අනුමත ප්‍රමාණයන්ගෙන් විතරයි. එහෙත් ඇතැම් දෙමාපියන් මේ රසදිය ප්රශ්නය නිසා එන්නත් දීම පමා කරනවා. එය ලොකු අවදානමක්. ප්රශ්නය - එදාට වඩා අද ඔටිසම් රෝගී දරුවන් ඉන්නවද? වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - ඇමරිකාවේ Centers For Disease Control and Prevention ආයතනය කියන පරිදි ලොව පුරා සිටින ඔටිසම් රෝගී දරුවන් ගණන කලින් සිතාගෙන සිටි ප්‍රමාණයට වඩා ඉතාම වැඩියි. මෙය රෝගය පැතිර යැමක් ද නැතිනම් රෝග නිශ්චයේ දුර්වලතාවන් නිසා රෝගී දරුවන් හඳුනා ගැනීමට බැරි වීමක් ද කියන කාරණය අපැහැදිලියි. ගැහැනු ළමුන්ට වඩා පිරිමි ළමුන්ට මේ රෝගය හට ගැනීමේ පුවත වැඩි බව මා මෙයට පෙරත් සඳහන් කළා. පවුලේ ආදායම් අඩුපාඩු, අධ්‍යාපනය සහ ජීවන විලාසිතාවන් මේ රෝගය හට ගැනීමට බලපානවා. අඩු ආදායම් ලබන පවුල්වල මවුවරුන්ට ගර්භනී සමයේදී සුදුසු පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර සහ විටමින්, ඛනිජ ලවන ලබා ගන්නට බැහැ. අධ්‍යාපනය හෙවත් උගත්කම නැති වීම සුදුසු ආහාර සහ විටමින් නැතිකමින් මෙවැනි රෝග හටගන්නා බව දැන ගැනීමට මගක් නැහැ. ඔටිසම් යනු එක තැනකින් නවතින රෝගයක් නොවන බව කිව යුතුයි. මේ රෝගයත් සමගම තවත් රෝග කිහිපයක් හට ගන්නවා. ඒ ගැන ඉකුත් සතියකදී අප පාඨකයන් දැනුවත් කළා. ලබන සතියට පාකින්සන් රෝගීන්ට සුදුසුම පලතුර නෙල්ලි ප්රශ්නය - පසුගිය සති ගණනාව තිස්සේ අප පාකින්සන් රෝගය ගැන කතා කළා. මෙයට ආයුර්වේදයේ කියන්නේ කම්පවාත කියලයි. මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - වේපන, වේපතු, ස්පන්දන, ස්පුරාන කියන නම්වලිනුත් මෙය හඳුන්වනවා. මේ හැම එකකින්ම කියෑවෙන්නේ ගාත්රාවල වෙව්ලීම නැත්නම් ගාත්රාවල අසාමාන්‍ය චලනය යන්නයි. ප්රශ්නය - මේ රෝගය පාලනය කර ගැනීම සඳහා ආහාර යොදා ගත හැකි බව සමහරු කියනවා. මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - මෙය සෑම බෝ නොවන රෝගයක් සම්බන්ධයෙන් ම පොදුÊතත්ත්වයක්. දියවැඩියා රෝගියකුට තම රෝගය පාලනය කර ගැනීම සඳහා ආහාර යොදා ගත හැකියි. කොලෙස්ටරෝල් බහුල රෝගියාටත් පුළුවන් ආහාර මගින් රෝගය පාලනය කරන්න. මෙතැනදී සිදුවන්නේ රෝගය සුව වීමක් නොව පාලනය වීමක් විතරයි. පාකින්සන් රෝගයෙන් පීඩා විඳින කෙනෙකුට කෙඳි සහිත ආහාර දෙන්නට පුළුවන් නම් ඔහුගේ ආහාර ජීර්ණ පද්ධතිය වඩ වඩාත් ශක්තිමත් වනවා. සාමාන්‍යයෙන් පාකින්සන් රෝගීන් තුළ හට ගන්නා මළබද්ධය නැති කරගන්නටත් කෙඳි බහුල ආහාරවලින් පුළුවන්. විටමින් E බහුල ආහාර ගැනීමත්, පාකින්සන් රෝගීන්ට ඉතාම සුදුසුයිග E විටමිනය කියන්නේ ශරීරයේ විෂ ගතිය නසන විටමිනයක්. මේ විටමිනයෙන් මොළය ආරක්ෂා වෙනවා. ස්නායු පද්ධතිය සුරැකෙනවා. එය පාකින්සන් රෝගීන්ට ඉතා වටිනවා. කොට්ටං, නිවිති, බතල, අලිගැටපේර, පාම් තෙල්, සූරියකාන්ත තෙල් යනාදියේ විටමින් E බහුලව තිබෙනවා. ඊළඟට මෙවැනි රෝගීන්ට ඉතාම ගුණ දෙනවා විටමින් B 12 සහිත ආහාර බෝංචි, අර්තාපල්, ඇපල්, මාලු යනාදියෙහි මේ විටමිනය බහුලව තිබෙනවා. පාකින්සන් රෝගීන්ට ඉතාම ගුණදායක පලතුරක් ලෙස නෙල්ලි හඳුනාගෙන තිබෙනවා. මේ පලතුර මගින් ශරීරයේ තිබෙන විෂ සහිත ස්වභාවය නැති කරන බවයි ආයුර්වේදයේ සඳහන් වන්නේ. ඒ වගේම කහ ආහාරයට ගැනීමත් පාකින්සන් රෝගීන්ට ඉතාම හොඳයි. ලබන සතියට සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 11 Nov 2017 10:14 PM ගැස්ට්‍රයිටිස් සුව කරන්න මාසයකිනුත් පුළුවන් ප්රශ්නය ගැස්ට්‍රයිටිස් රෝගය සුව කරන පාරම්පරික ඖෂධ ඔබ සතුව තිබෙන බව පසුගිය සතියේදී ඔබ සඳහන් කළා. වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - කිසිදු රස බෙහෙතක් හෝ අරිෂ්ට නැතිව කසාය චූර්ණ ගුලි සහ කල්ක පමණක් යොදාගෙන කරන ප්‍රතිකාර ක්‍රමයක් අප සතුව තිබෙනවා. ලංකාවේ ඉපැරැණි පාරම්පරික ඖෂධ ක්‍රමය තුළ අරිෂ්ට හෝ රස බෙහෙත් නැහැ. ඇත්තේ කසාය, චූර්ණ ගුලි කල්ක විතරයි. අරිෂ්ට කියන්නේ පසු කාලයේදී ඉන්දියානු ආයුර්වේදය හරහා පැමිණි ඖෂධයක්. ප්රශ්නය - ඔබ අරිෂ්ට නිර්දේශ නොකරන්නේ එය අගුන නිසාද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - අරිෂ්ට අගුන නැහැ. එහි මද්‍යසාර යම් ප්‍රමාණයක් අඩංගුයි. මද්‍යසාර සහිත ඖෂධ ඉතා ඉක්මනින් ශරීරයට උරාගෙන ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. අරිෂ්ටවලට මද්‍යසාර අඩංගු කරන්නේ එම පදනම උඩයි. එහෙත් සිරෝසිස් වැනි රෝගයක් තිබෙන කෙනකුට ඒක අගුන වෙන්න පුළුවන්. අපේ පාරම්පරික බෙහෙත්වල එවැනි කිසිදු ද්‍රව්‍යයක් නැහැ. ප්රශ්නය - ඔබ ගැස්ට්‍රයිටිස් සුව කරන්න කොපමණ කල් ගන්නවාද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - හරියට බෙහෙත් කළොත් මාසයකින් මෙය සුව කරන්න පුළුවන්. හැබැයි ඒකට රෝගියාගේ උදව්වත් අත්‍යවශ්‍යයි. රෝගියා අප දෙන කසාය නිසි පරිදි ගත යුතුයි. ප්රශ්නය - ගැස්ට්‍රයිටිස් වැඩි වුණාම පිළිකා රෝගය හැදෙන බවට කතාවක් තිබෙනවා. මෙය ඇත්තක්ද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ගැස්ට්‍රයිටිස් හෙවත් අම්ල පිත්ත රෝගයෙන් පිළිකාව හට ගැනීමේ දුර්ලභ අවස්ථා තිබෙනවා. මෙය සිදුවන්නේ බඩවැල්වල හටගන්නා තුවාල නොසලකා හැර නරක් වු විටයි. හැබැයි මෙවැනි පිළිකාවක් හැදෙනනේ නිදන්ගත ගැස්ට්රයිsස් රෝගීන්ට පමණයි. ප්රශ්නය - මේ රෝගය හට ගැනීමට බලපාන සාධක මොනවද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මුල්ම හේතුව තමයි ශරීරයේ පටක අතර හටගන්නා විෂ සහිත ද්‍රව්‍යයයන් නිසා සංසරණ පද්ධතියට බාධා වීම. දෙවැන්න, පෝෂ්‍යදායක නැති ආහාර ගැනීම, තුන්වනුව ආහාර ජීර්ණය නොවීම, සිවුවනුව ස්නායු පද්ධතියේ අසමතුලිතා හට ගැනීම. පස්වනුව කායික සහ මානසික විඩාව පාලනය කරගන්නට බැරිවීම, ඊළඟට ස්වභාවික ප්‍රතිශක්තිකරණය නැතිවීම, අවසන් හේතුව ශරීරයේ ස්වභාවික ජීව විද්‍යාත්මක රිද්මය කඩාකප්පල් වීම. ලබන සතියේ මාසයකින් ගැස්ට්‍රයිටිස් සුව කරන ක්‍රමවේදය. ලබන සතියට නොමිලේ විස්තර සඳහා 0713464276/ 0759061771 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ආත්රයිටිස් සුවයට තෛල සම්භාහනය ප්රශ්නය - පසුගිය සතිවල ඔබ ලබා දුන් ඖෂධ වට්ටෝරු සහ ආලේප පාඨකයන්ගේ ප්‍රශංසාවට ලක් වුණා. වෛද්‍ය වසන්ත උදයජීව - එවැනි තවත් කසාය වට්ටෝරුවක් සහ ආලේපයක් ඔබට ලබා දෙන්නම්. බැබිල මුල්, පාවට්ටා මුල්, මිදි මුල්, තොටිල පොතු, නෙල්ලි කලං 2 බැගින් ගෙන වතුර පත 8 කට දමා 1 කට සිඳ සීනි - මී පැණි දමා උදේ හවස පත (කෝප්ප) භාගය බැගින් දින 6 ක් පානය කළ යුතුයි. ඒ අතර වදකහ කුඩු සහ ඉඟුරු කුඩු සමව ගෙන දෙහි ඇඹුලින් අනා දිනකට 2 වරක් සන්ධිවල ආලේප කළ යුතුයි. මෙය සතියක් පමණ නොකඩවා කිරීම වැදගත්. ප්රශ්නය - ඉහත සඳහන් කසායෙහි ක්‍රියාකාරීත්වය කෙසේද? වෛද්‍ය වසන්ත උදයජීව - මෙය අත්දුටු ඉපැරැණි කසායක්. මේ මගින් මූලික වශයෙන් සිදු නොකරන්නේ ශරීරයේ කුපිත වූ වාත දෝෂය පාලනය කිරීමයි. මේ කසාය බොන අතර රෝගියා විසින් පහත සඳහන් පරිදි ආහාර විහරණ කළ යුතුයි. ආහාර - උණුසුම් ආහාර, කුළුබඩු සහිත ආහාර නිතර ගත යුතුයි. දින තුනෙන් තුනට ශරීරයේ විස නසන ආහාර සහ පලා වර්ග අනුභව කළ යුතුයි. ඔබේ ශරීරයට ගැලපෙන ආහාර වර්ග තෝරා ගැනීම කළ යුත්තේ වෛද්‍යවරයකුගේ උපදෙස් මතයි. මීට අමතව සුදුසු කාලයේදී විරේක කර ගත යුතුයි. ආත්රයිටිස් රෝගියාගේ ශරීරය මහානාරායන තෛලය දමා සම්භාහනය කිරීම ඉතා සුදුසු බව ආයුර්වේදයේ දැක්වෙනවා. මහා නාරායනය 1 කොටසක් පිරිසිදු තල තෙල් එම ප්‍රමාණය හා සමානව ගෙන එකට මිශ්‍ර කර වේදනා ගෙන දෙන සන්ධිවල තවරා සම්භාහනය කළ යුතුයි. මේ සියලු කරුණු අතර උණුසුම් ජල වාශ්පයෙන් ස්නානය කිරිම ද ඉතා සුදුසු බව මතක තබා ගත යුතුයි. ලබන සතියට සෙලුලයිටිස් හැදෙන්නේ කොයි වාගේ අයටද? ප්රශ්නය - සෙලුලයිටිස් නමැති චර්ම ආසාදන රෝගය පිළිබඳ බටහිර විද්‍යාත්මක අර්ථකථනයෙන් කොටසක් අප පසුගිය සතියේදී විස්තර කළා. විශේෂඥ වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - ඒ සම්බන්ධයෙන් විස්තර කළ යුතු තවත් බොහෝ දේ තිබෙනවා. සෙලුලයිටිස් හට ගැනීමට පාදක වන පසුබිම කුමක්ද කියා අප සොයා බලමු. කෘමියකු කළ සපා කෑමක්, මකුළුවකු විසින් දෂ්ඨ කරනු ලැබීමක්, ශරීරය මත හට ගන්නා දිය බුබුළු වැනි දේ පුපුරා යැම, සතුන් විසින් සපා කනු ලැබීම, විවිධ කැසීම් හට ගැනීම මගින් සම තුවාල වීම, ළඟකදී කරන ලද සැත්කමක සුව නොවූ තුවාලය, කකුල් පැලී යැම, දද, කුෂ්ට වැනි විවර ඔස්සේ ශරීරයට ඇතුළු වන්නට සෙලුලයිටිස් විෂබීජයට පුළුවන්. එසේම පච්ච කෙටූ විට හට ගන්නා තුවාලය තුළින් මේ විෂබීජ ශරීරයට ගමන්කරනවා. පච්චයක් කෙටුවාම එතැන හට ගන්නේ සිදුරු ලක්ෂ ගණනක් සහිත තුවාලයක්. ඒ නිසා පච්ච තුවාල ගැන විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුයි. ගර්භනීභාවය, ස්ථුලභාවය, දියවැඩියාව, පිළිස්සුම් තුවාල සහිත ශරීරවල මේ රෝගය පැතිර යැම ඉතා ඉක්මනින් සිදුවනවා. වෛද්‍යවරයාට මේ රෝගය හඳුනා ගැනීමට මූලික වශයෙන් උපකාරී වන්නේ සම මත හට ගෙන තිබෙන රතු පැහැයෙන් සහ ආසාදනය මගින්. ඊළඟට රුධිර පරීක්ෂණයක් සහ wound culture Test එකක් සිදු කර රෝගය හඳුනා ගන්නවා. බැක්ටීරියාව වර්ධනය වන්නේ රතු පැහැ ගැන්වුණ සම යටින් බව නැවත වතාවක් සඳහන් කළ යුතුයි. එසේ පැතිර යන බැක්ටීරියාව වසා ග්රන්ථීන් ඔස්සේ රුධිර සංසරණ පද්ධතියට එකතු වනවා. මේ සමඟම ඉන්ෆ්ලුවන්සා තත්ත්වයේ උණ රෝගයක් හට ගන්නා අතර ශරීරය පුරා ඉදිමුම් හට ගනිමින්, දහදිය දමමින්, ඇඟ සීතල කරමින් වෙවුලන තත්ත්වයක් ඇති වනවා. සෙලුලයිටිස් රෝගය ඇති කරන බැක්ටීරියාවට සාමාන්‍ය ජනවහරේදී කියන්නේ මිනීමස් කන බැක්ටීරියාව කියලයි. එක් අතකින් එය සත්‍යයක් විය හැකියි. මන්ද යත් මේ බැක්ටීරියාව ශරීරය කා දමන්නට පටන් ගත් විට අස්ථි දක්වාම එය විනාශ කරනවා. ප්රශ්නය - මේ රෝගය හට ගැනීමේ අවදානම තිබෙන්නේ කවර අයටද? විශේෂඥ වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - මහලු වියට පත් අයට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල අයට මෙය වැළඳීමේ අවදානම ඉතා වැඩියි. (ලබන සතියේ තව කොටසක්&zwnj නොමිලේ විස්තර සඳහා - 0766739977, 011-5288055 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 11 Nov 2017 10:18 PM මුත්‍රා ගල් සහ පිත්තාශයේ ගල්වලට ආයුර්වේදයෙන් නිසි ප්‍රතිකාර * මුත්‍රා ගල් වර්තමානයේ දැවෙන ප්‍රශ්නයක්. කොහොමද මේ රෝගය ඇතිවන්නේ? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායකඃ- ශරීරයේ අධික උෂ්ණාධිකභාවය මෙම රෝගය වැළඳීමට ප්‍රධාන හේතුවක් ලෙස දැක්විය හැකියි. ඒ වගේම මුත්‍රා සහ ශුක්‍ර වේග ධාරණය, උෂ්ණාධික ආහාර අධික ලෙස ගැනීම, අධිකව දහදිය පිටවන සේ ක්‍රියාකාරකම්වල යෙදීමේ ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම ද මෙම රෝගය වැළඳීමේ ප්‍රධාන හේතූන් ලෙස පැවසිය හැකියි. * මෙහි රෝග ලක්ෂණ පිළිබඳ කතා කළොත්? ආයුර්වේද වෛද්‍ය රන්නපත රුවන් රත්නායක මහතා - මුත්‍රා පිටකිරීමේදී අධික වේදනාවක් ඇතිවීම එම වේදනාව තුනටිය ප්‍රදේශයෙන් ඇරැඹී කලවා සහ ඉකිළි ප්‍රදේශ දක්වා වර්ධනය වීම දැක්විය හැකියි. විශේෂයෙන් මුත්‍රා ගල් හටගැනීම වැඩිපුර සිදුවන්නේ පිරිමි පාර්ශ්වයටයි. අණ්ඩ කෝෂ එල්ලා වැටීම, තුනටිය ප්‍රදේශයේ එක් පැත්තකට වන්නට තද කැක්කුම් ද ඇතිවිය හැකියි. බඩ දැවිල්ල කළවා ප්‍රදේශයේ සිට පාදවල පතුළ කොටස දක්වා හිරිවැටීමද ඇතිවිය හැකියි. මුත්‍රා පිටකිරීමේදී තද කහ පැහැයෙන් පිටවීම, මුත්‍රා සමග රුධිරය පිටවීම, ආහාර ගැනීමේ අපහසුතා ඇතිවීම ශරීරය වෙව්ලන ස්වභාවයක් ඇතිවීම ශුක්‍ර නාල අවහිර වීමෙන් ශුක්‍ර ස්ඵටික ඇතිවී මුත්‍රා නාලවල සිරවීම, මුත්‍රා ගල් පිටවීම දක්වා වූ විවිධ රෝග ලක්ෂණ මෙවැනි රෝගීන්ට ඇතිවිය හැකියි. මුත්‍රා ගල් සහ පිත්තාශයේ ගල්වලට මුත්‍රා මාර්ගය හරහා පිටවන ගල්වල ස්වභාවය අනුව මුත්‍රා මාර්ගය තුවාල වීමද සිදුවිය හැකියි. එවිට මුත්‍රා සමග ලේ පිටවීමක් දැකිය හැකි වෙනවා. මුත්‍රා මාර්ගය ඉදිමීම ලිංගය ආශ්‍රිතව අධික වේදනාව ඇතිවීමද මුත්‍රා කිරීමට අවශ්‍යතාවක් ඇති වුවත් මුත්‍රා පිටනොවීම වැනි හේතූන් ද රෝග ලක්ෂණ ලෙස පෙන්වාදිය හැකියි. * මුත්‍රා ගල් මෙන්ම පිත්තාශයේ ගල් ඇතිවීමද සිදුවෙනවා. මේ පිළිබඳ විස්තර කළොත්? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - බොහෝ විට මෙම රෝගය වැඩිපුරම දකින්න ලැබෙන්නේ කාන්තාවන් ආශ්‍රිතවය. මෙම රෝගය ඇතිවීමේදී උදරයේ දකුණු පැත්තේ හටගන්නා වේදනාවක් පිටකොන්ද ප්‍රදේශය දක්වා පැතිරීම සිදුවේ. එවැනි රෝගීන්ට මුත්‍රා ගල් රෝගීන්ට මෙන් එම වේදනාව තුනටිය ආශ්රිත කැක්කුම් දක්වා වර්ධනය නොවේ. ඇතැම් අවස්ථාවල පිත්තාශයේ හටගන්නා ගල් පිත්ත නාල ඔස්සේ පහළ බඩවැල දක්වා ගමන් කිරීමේදී විවිධාකාර පීඩාවන් ඇති වීමට හැකිය. ශරීරය සීතල වීම, වමනය, වෙව්ලීම පිත උගුරට ඒම, ඇතැම් අයට සෙංගමාල රෝගය ඇතිවීමද විය හැකියි. * පිත්තාශයේ ගල් ඇතිවීමට බලපාන හේතු මොනවාද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන විවිධ අක්රමිකතාවන් සහ විවිධ වැරැදි ආහාර වර්ග මේ සඳහා මූලික විය හැකියි. වැරදි ආහාර ගැනීමෙන් ඇතිවන රසායනික සංයෝගයන්ගේ ප්‍රතිඵලයක් ලෙසින් හටගන්නා ඔක්සලේට් පදාර්ථය ද මීට හේතුවිය හැකියි. * මෙවැනි රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම මොනවාද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - මෙම රෝග ඇතිවීමට බලපාන ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන දුර්වලතාවන් නිවැරැදි ලෙස සොයා බලා ආහාර ජීර්ණයේ විෂමතාවන් ඉවත් කිරීමේ ප්‍රතිකාර ක්‍රමවේද අනුගමනය කිරීම තුළින් වකුගඩු තුළින් මුත්‍රා පෙරීමේ කටයුතු නිවැරැදිව සිදුකෙරෙන අතර පිත්තාශයේ ඇතිවන අසාත්මිකතාද දුරුවී යනු ඇත. ඒ අනුව කිසිදු අතුරු ආබාධවලට ලක් නොවී රෝග සුවකර ගැනීමේ අවස්ථාව රෝගීන්ට ලැබෙනු ඇත. ඉතා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන රන්පත වෙද පරම්පරාවෙන් පැවතෙන විශේෂ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම අප සතුව පවතින නිසා මෙම රෝග මෙන්ම ඕනෑම වෙනත් රෝගාබාධයන් ද නිට්ටාවටම සුව කිරීමේ ඖෂධ අප සතුව පවතී. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 11 Nov 2017 10:44 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 11 Nov 2017 10:44 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 11 Nov 2017 10:44 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 11 Nov 2017 10:45 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 11 Nov 2017 10:51 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Nov 2017 05:24 PM දියවැඩියාව පාලනයට කාන්තාවගේ දායකත්වය නොවැම්බර් 14 වැනිදාට යෙදෙන ලෝක දියවැඩියා දිනය නිමිත්තෙනි රුධිර සීනි පරීක්ෂාවකදී නිරාහාරව පැය 12 ක් සිට සිදු කරන පරීක්ෂණයෙන් ලැබෙන රුධිර ගත සීනි අගය 100පට/dක අඩුනම් එම තැනැත්තා දියවැඩියාවට තවම ගොදුරුව නැත. ඕනෑම අවස්ථාවකදී සිදුකරන රුධිර සීනි පරීක්ෂාවකදී ලැබෙන රුධිරගත සීනි අගය 140පටරැdක අඩුනම් එම තැනැත්තාද දියවැඩියාවට තවම ගොදුරුව නැත. නමුත් වර්තමානයේ අප ගතකරන ජීවන රටාව තුළ බොහෝ දෙනකු සිටින්නේ දියවැඩියාව රෝගී තත්ත්වයේ හෝ ඊට ආසන්නවය. එබැවින් දියවැඩියාවෙන් මිදීමට අප අවධානය යොමු කිරීම දැනට වඩා විධිමත් කළ යුතුය. මෙවර ලෝක දියවැඩියාව දිනයේ තේමාව වී ඇත්තේ කාන්තාව සහ දියවැඩියාව යන්නය. ඊට හේතුවී ඇත්තේ ඇයිදැයි කියා අපි විමසා බලමු. ලෝකයේ දැනට සිදු කරන දියවැඩියා සම්බන්ධ පරීක්ෂණවලදී අලුතෙන්ම සොයාගෙන ඇති තොරතුරු වී තිබෙන්නේ පිරිමියකුට දියවැඩියාව වැළඳීමට ඇති අවදානම ඔහුගේ ශරීරයේ මහත බවට වඩා බිරිඳගේ ශරීරයේ මහත බව බලපාන බවකි. එසේ වී ඇත්තේ පවුලේ ආහාර පාලනය සිදු කරන්නේ බිරිඳය. ඇය මහතනම් ඉන් අනාවරණය වන්නේ එම පවුලේ ආහාර පාලනය නිසි ලෙස සිදු නොවන බවය. ශරීරයේ බර පාලනය සඳහා ව්‍යායාම නොකරන බවය. එය සෘජුවම සැමියාට ද බලපායි. එනිසා සැමියාගේ ශරීරයේ මහත බවට වඩා බිරිඳගේ ශරීරයේ මහත බව සැමියාට දියවැඩියාව ඇතිවීමට වැඩි අවදානමක් පවතී. ශ්‍රී ලාංකික අපද දියවැඩියාව රට තුළ පාලනය කිරීම සඳහා කාන්තාවගේ දායකත්වය ඉතා වැඩිපුර ලබාගත යුතුය. එනිසා නිරෝගී කාන්තාවන් නිරෝගී පරපුරක් යන තේමාව මුල් කරගෙන දියවැඩියා පාලන කටයුතු සිදු කිරීම වැදගත්ය. දියවැඩියා සහිත කාන්තාවකගෙන් සමාජයට ඇති වන බලපෑම කෙසේද? ගැබිනි සමයේදී කාන්තාවක් දියවැඩියාවට ගොදුරු වුවහොත් ඇයගෙන් උපදින දරුවා කුඩා අවදියේ සිටම දියවැඩියාවට ගොදුරු විය හැකිය. ඇය නිසි ලෙස ග්ලුකෝස් පාලනය කර නැති නිසා කුස තුළ සිටින දරුවා හදිසියේ මියයැම හෝ වර්ධනය බාලවීම සිදුවිය හැකිය. දියවැඩියාව සහිත මවකට දාව උපදින දරුවාට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීමට ඇති ඉඩ කඩ වැඩිය. උපන් දරුවාගේ ශරීරයේ සීනි මට්ටම පහළ බැසීමට ලක්වී මොළයට හානි සිදුවිය හැකිය. වලිප්පුව තත්ත්වයට ගොදුරු විය හැකිය. ගැබිනි සමයේදී මව දියවැඩියාවට ගොදුරුවීම නිසා කුස තුළ වැඩෙන දරුවාගේ පරිවෘත්තිය ක්‍රියාවන් වෙනස් වේ. පැඒඉදකසජ ෂපචරසබඑසබට මෙවැනි දරුවන්ට කුඩා වයසේදීම අධි රුධිර පීඩනය දියවැඩියාව වැනි බෝ නොවන රෝග ඇතිවේ. එබැවින් කාන්තාවකට දියවැඩියාව ඇති වූවිට ඉන් සමාජයට ඇති වන බලපෑම ඉතා ප්රබලය. කාන්තාවක් දියවැඩියාවට ගොදුරු වීම පාලනය කර ගන්නේ කෙසේද? ඒ සඳහා ඇය නිසි ලෙස ආහාර පාලනය, ව්‍යායාම කිරීම, තම උසට සරිලන බර පවත්වා ගැනීම කළ යුතුයි. දියවැඩියාව ඇති කාන්තාවක් ගැබ්ගත් විට ඉතා දැඩිව දියවැඩියාව පාලනයට යොමු විය යුතුය. ගැබිනි සමයේ ඇතිවන දියවැඩියාව ඇයට අනාගතයේදී ස්ථිර දියවැඩියාව රෝගයට ගොදුරුවීමේ දොරටු විවර කරන්නකි. එනිසා ගැබ් ගැනීමට පෙර දියවැඩියාව පාලනයට යොමුවීම ඉතා වැදගත්ය. ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල කාන්තාවන් දියවැඩියාව රෝගයට බහුලව ගොදුරු වන්නේ ඔවුන් තම සෞඛ්‍යය ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන නිසාය. දරුවන්ගේ සැමියාගේ ආහාර පාන ගැන සොයා බලන ඇය තමා ගත යුතු ආහාර පාන ගැන එතරම් සිතන්නේ නැත. එසේම රූපවාහිනිය නැරඹීමට වැඩි කාලයක් වෙන්කර තිබීමද අප වැනි රටවල කාන්තාවන් දියවැඩියා රෝගයට ගොදුරුවීමට තවත් ප්‍රධාන හේතුවක් බවට පත්වෙමින් පවතී. එනිසා දියවැඩියාව රට තුළ පාලනය සඳහා කාන්තාවකගේ දායකත්වය කෙතරම්ද කියා වටහාගැනීමේ කාලය උදාවී තිබේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Nov 2017 05:30 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Nov 2017 04:43 PM දියවැඩියාව නිට්ඨාවට සුව කරන්නට අග්න්‍යාශය පෝෂණය කිරීම තුළ හැකියාව තිබෙනවා ශ්‍රී ලාංකිකයන් වන අපේ ජාන හැඩගැසී තිබෙන්නේ බත් ආහාරයට ගැනීම වෙනුවෙන් බව අමතක කිරීම රෝගයට හේතුවෙලා - මිහින්තලාවේ මහ රහතන් වහන්සේලා වැඩසිටි සමයේ සිට පැවත එන වෙද පරම්පරාවක අතීත හිමිකම වර්තමානය දක්වා පැවතීම සැබෑ වාසනාවකි. ලෝකයේ ප්‍රථම දේශීය ඖෂධ ශාලාවක් තිබුණු බවට වූ සාක්ෂි මෙම වෙද පරම්පරාව හමුවේ දක්නට ඇත. මහාමුණි වෙද පරම්පරාව එම වෙද පරම්පරාවයි. පසු කාලයකදී මහාමුණි වෙද පරම්පරාව සීප්පුකුලම වෙද පරම්පරාව ලෙසින් ව්‍යවහාර වීමට පටන් ගෙන තිබේ. මහ රහතන් වහන්සේලා විසින් රාජ අනුග්‍රහය යටතේ ආරක්ෂා කරමින් මතු පරපුරට වෙදකම වෙනුවෙන් ලියා තැබූ පොත්පත් අතර බෝ නොවන රෝග වෙනුවෙන් වූ ඖෂධ වට්ටෝරුවල සැබෑම විශ්මිත ගුණය නූතන පරම්පරාවටත් උරුමකර තැබීම සැබෑම වාසනාවක් බව පෙනේ. මෙම වෙද පරම්පරාව නියෝජනය කරමින් බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ලබාදීමේ නිරත වී සිටින්නේ පන්නිපිටිය කලල්ගොඩ පාරේ සුව අරණ වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය ආනන්ද තිලකරත්න සහ වෛද්‍ය උපාලි ඉන්ද්‍රසෝම යන මහත්වරුන් ය. ආනන්ද තිලකරත්න මහතා මුහුණදුන් දරුණු රිය අනතුරක් හමුවේ ඇති වූ රෝග තත්ත්වයක් මත ජීවිතය වසර දෙකකට තීරණය කර තිබීමේදී ඔහු සතු පුරාණ ඖෂධ වට්ටෝරු අනුව ඔහුම ප්‍රතිකාරයට යොමු වීම තුළින් ලද සුවය හමුවේ තිලකරත්න මහතා ආයුර්වේද වෛද්‍ය වෘත්තිය වෙනුවෙන් ජීවිතය කැපකර තිබේ. අද සමාජය දෙස බැලීමේදී දියවැඩියා රෝගයට වයස් භේදයකින් තොරව ගොදුරුවන බවක් දක්නට ලැබේ. ඒ අතර පාසල් දරුවන් දක්නට ලැබීම සැබැවින්ම කනගාටුවට කරුණකි. ශීඝ්‍රයෙන් සමාජය ගිලගනිමින් සිටිනා රෝගය පිළිබඳ සමාජය තුළ ඇති බිය රෝගය නිට්ඨාවට සුව කිරීමට ඖෂධ නැති නිසාවෙනි. රෝගය ගැන කතා කිරීමේදී අසන්නට ලැබෙන්නේ නිට්ඨාවට සුවය නොව රෝග පාලනය පිළිබඳවයි. එහෙත් එහි ඇති සත්‍යතාවයක් නොවේ. දියවැඩියාව නිට්ඨාවට සුව කිරීම පිළිබඳ වූ ඖෂධ වට්ටෝරු මහ රහතන් වහන්සේලාගෙන් පැවත එන පොත්පත් වල සටහන්ව තිබෙන බව අතීත වෙදකමක සාක්ෂි තිබේ. දියවැඩියාව වැළඳීමට හේතුවන කරුණු හතරකි. එනම් ප්‍රවේණියෙන් (පරම්පරාවෙන්), මානසික පීඩනය, ඇතැම් රෝග වලට ගන්නා ඇතැම් ඖෂධ වල බලපෑම සහ වස විෂ මිශ්‍ර (කෘමිනාශක, පලිබෝධනාශක, කෘත්‍රිම පොහොර, කෘත්‍රිම රසකාරක) ආහාර පාන ශරීරගත වීමය. ඉහත කරුණු එකක් හෝ කිහිපයක් බලපෑම තුළ සිරුරේ සීනි පාලනයට හේතුවන අග්න්‍යාශයේ ඇති ලැන්ගර්හැන්දීපිකා තුළ තිබෙන සෛල විශේෂය විනාශ වීමේදී එම සෛල වලින් නිපදවෙන ඉන්සියුලින් ශ්‍රාවය අඩාල වීමේදී සිරුරේ සීනි පාලනය අඩාල වනු ඇත. මෙම ක්‍රියාදාමය වඩාත් හොඳින් තේරුම් ගැනීම සඳහා මෙලෙස සටහන් කරමු. ඔබ ආහාරයක් ගන්නවා. එය උදරයේදී ග්ලූකෝස් බවට පත්වී සිරුරේ සෛල වලට උරාගත යුතු වෙනවා. සෛල වලට ග්ලූකෝස් ඇතුළු කරන යතුර ලෙසට ඉන්සියුලීන් හඳුන්වාදිය හැකියි. දියවැඩියාවට හේතුවන ඉහතින් සඳහන් කළ කාරණා බලපෑමේදී අග්න්‍යාශයෙන් ඉන්සියුලීන් නිපදවීම අඩාල වෙනවා. එවිට ග්ලූකෝස් සෛල වලට ඇතුළු නොවීමේදී එය රුධිරයට එකතු වෙනවා. රුධිරයට ග්ලූකෝස් මිශ්‍රවන ප්‍රමාණය තමයි රුධිරය බැලීමෙන් (රුධිර පරීක්ෂාවෙන්) හඳුනාගෙන දියවැඩියාව ලෙසින් හඳුන්වන්නේ. එතැනදී ඉන්සියුලීන් ශ්‍රාවය වන ප්‍රමාණයේ අඩුව හඳුනාගත හැකි වෙනවා. රුධිරයට එකතු වන ගලූකෝස් ඝන සාන්ද්‍රණයක්. මේ ඝන සාන්ද්‍රණය මුළු සිරුර පුරාම රුධිර වාහිනී ඔස්සේ සෑම ඉන්ද්‍රියකටම, සෑම ස්නායුවකට ම ගෙන යනු ලබනවා. විශේෂයෙන් ම සියුම් ස්ථාන එනම් ඇස්, ලිංගේන්ද්රීය පෙදෙස් වැනි ස්ථාන නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ රුධිරයේ තිබෙන ශක්තියෙන්. රුධිරයේ ඝනත්වය මත නිසි තැනට නිසි ප්‍රමාණයට රුධිරය ගමන් නොකළේ නම් මෙම ඝන සාන්ද්‍රණය රුධිර නාළිකා, කේශ නාළිකාවල තැන්පත් වීමට පටන් ගන්නවා. එවිට හෘදයට වෙහෙසක් දැරීමට වන්නේ අවහිර වූ නාළ හරහා රුධිරය පොම්ප කිරීම සඳහායි. මේ හේතුව උඩ අධික රුධිර පීඩනයටත් මඟ පෑදෙනවා. මෙහිදී විශේෂයෙන් සටහන් කළ යුතු කාරණාව නම් සියුම් රුධිර වාහිනී, කේශ නාළිකා මඟින් පාද වෙත ගොස් තැන්පත් වන ඝන රුධිරය ගුරුත්වාකර්ෂණ බලය නිසා පාදවල තැන්පත් වීම වේගවත් කරනවා. එම හේතුව මත කලක් ගතවීමේදී පාද වලට රුධිරය ගෙන යන මාර්ග අවහිර වෙනවා. දියවැඩියාව කලක් ගතවීමේදී මෙම ඝන සාන්ද්‍රණය නිසා පාද වලට, ඇඟිලි වලට රුධිරය ගෙන යැම බොහෝ දුරට අඩාල වී ඉබේම තුවාල හටගන්නවා. එම ස්ථාන වලට රුධිරය ඇතුළු නොවීම මතයි ඇඟිලි කපන්නට, පාද කපන්නට සිදුවන්නේ. එයට හේතුව එම ස්ථාන වලට රුධිරය ගමන් නොකිරීමෙන් සෛල මැරී යැමයි. දෙනෙතෙහි මෙහි බලපෑම මත සියුම් පටක විනාශ වීමෙන් නැවත යථා තත්ත්වයට පත්කරගත නොහැකි තත්ත්වයට පත්විය හැකියි. එමෙන්ම ලිංගේන්ද්‍රිය පෙදෙස්වල තුවාල ඇතිවිය හැකි අතරම අප්‍රාණිකත්වයට පත්වීමේ හැකියාව තිබෙනවා. එහෙත් මූලික අවස්ථාවේදී ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් එම තත්ත්වයන් වළක්වාගත හැකියි. අද වන විට දියවැඩියාව පාලනයක් පමණක් දක්නට හැකි වුව ද අග්න්‍යාශය පෝෂණය කිරීම තුළින් නැවත ඉන්සියුලින් ශ්‍රාවය කරන සෛල යථා තත්ත්වයට පත්කිරීමේ හැකියාව තිබෙන බව පිළිගත යුතු කාරණාවයි. දියවැඩියාව නිට්ඨාවට සුව කළ හැකි බවට වූ කාරණාව තමයි ඒ. මෙහිදී කරන්නේ සීනි පාලනයක් නොවෙයි. අග්න්‍යාශයෙන් අඩපණ වූ ඉන්සියුලීන් නිෂ්පාදනය නියම තත්ත්වයට පත්කර ගැනීමට විශේෂිත ශාකසාර ඖෂධ භාවිතයයි. වැඩුණු පුද්ගලයකුගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම 90 - 110 අතර තිබීම ප්‍රශ්නයක් නැහැ. එහෙත් නියම ප්‍රමාණය 65 - 100 අතර බවට පිළිගත්ත ද 110 පහළින් තබා ගැනීම හොඳයි. ලෝකයේ වෙනත් රටවල අවුරුදු 40 වැඩි අයට මෙම අගය 125 - 140 ලෙසින් පිළිගෙන තිබෙන තැන් තිබෙනවා. දියවැඩියාව නිට්ඨාවට සුවය වෙනුවෙන් ප්‍රතිකාර ගැනීමේදී අන්නාසි, බල මාළු, තක්කාලි, විනාකිරි මිශ්‍ර අච්චාරු අගුණ ලෙසට සඳහන්. එහෙත් බත් ආහාරයට ගැනීම නුසුදුසු බවට සලකන්නේ නැහැ. එයට හේතුව ශ්‍රී ලාංකිකයන් වන අපේ ජාන සැකසී තිබෙන්නේ බත් අනුභවයට වීමයි. එම ආහාර රටාවෙන් පරිබාහිරව ව්‍යායාමයෙන් තොර ජීවන රටාවකට යොමුවීම තුළ දියවැඩියාවට ගොදුරුවන බව පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම පාන් පිටිවල යම්කිසි වස විෂ අඩංගු බවට වූ සැකය සනාථ වීමට හොඳම උදාහරණය ලෙසට දියවැඩියාවට ගොදුරුවීම පෙන්වා දිය හැකියි. රෝගය පිළිබඳ තවත් විස්තර නොමිලේ දැනගැනීමට 0713459626 අංකය ඇමතීමෙන් වෛද්‍යතුමන් සම්බන්ධකර ගත හැකියි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Nov 2017 04:48 PM කොන්දේ වේදනාව සුළුවෙන් හිතන්න එපා කොඳු ඇට පෙළෙහි වේදනාවක් ඇති වූ විට බොහෝ තැනකදී රෝගියා විසින්ම රෝගය තීරණය කරන අයුරක් දක්නට ලැබේ. එහෙත් එය එසේ නොකළ යුතු වන්නේ කොඳු ඇට පෙළෙහි ආබාධයන් පිළිබඳ අවධානය යොමු කිරීම ඉතාම අවශ්‍ය කටයුත්කක් වන නිසාවෙනි. ආයුර්වේදයේදී කොඳු ඇට පෙළෙහි ආබාධයක් නිසා වන වේදනාව වාත රෝග යටතට ගැනේ. කොඳු ඇට පෙළ ගැන කතාබහ කිරීමේදී කොඳු ඇට පෙළ කොටස් තුනකට බෙදා වෙන් වේ. එනම් ගී්රවය අස්ථි (බෙල්ල), උරස් කශේරු අස්ථි සහ කටී කශේරුකා අස්ථිය. ගී්රවය සහ කටී කශේරුකා අස්ථිවල හැරවුම් සහ නම්යශිලිතාවය වැඩිය. උරස් කශේරුකාවල නම්යශිලිතාවය ඉතා අඩුය. එයට හේතුව පර්ශු හා බැඳී තිබීමය. එබැවින් කශේරුකා අතර මඩල ඉතා තුනිවීම මත නම්යශිsලිතාවය අඩු වී ඇත. ගී්රව හා කටී ප්‍රදේශවල නම්යශිලිතාවය වැඩි වීමට හේතුව කශේරුකා මඩල තරමක් ඝනකම්ව පිහිටිමය. අන්තර් කශේරුකා මඩලින් වෙන්නේ ඝට්ඨනය (ගැටීම) නැති කර කොඳු ඇට පෙළ පැවැත්මට, ක්‍රියාකාරීත්වයට සහයෝගය ලබා දීමයි. ඒ නිසා වැඩිපුරම කොඳු ඇට පෙළ ආබාධවලදී එනම් හදිසි අනතුරු හැර බොහෝ විට පීඩාවට පත්වන්නේ ගී්රව සහ කටී ප්‍රදේශයේ ඇති අස්ථින් සහ අන්තර් කශේරුකා මඩලය. මෙහිදී කොඳු ඇට පෙළ හරහා ගමන් කරන සුෂුqම්නා ස්නායු යුගල 12 ක් තිබේ. මේවායින් ශරීරයේ පාලන, විධාන යන ක්‍රියා ක්‍රමවත්ව සිදු කරනු ලැබේ. සාමාන්‍යයෙන් බොහෝ දෙනාට කොන්දේ කැක්කුම ඇති වන්නේ කොඳු ඇට පෙළ ආබාධයකදීය. නැති නම් සයිටිකා තත්ත්වයේදීය. බෙල්ලේ සිදු වන ආබාධයකදී බෙල්ලේ කැක්කුමක් ඇති වන අවස්ථා ඇත. සයිටිකාවලදී වේදනාව කොන්දේ සිට පාදය දිගේ යන අතර බෙල්ලේ කැක්කුම අවස්ථාවේදී අත දිගේ එන කැක්කුමක් දැනෙනු ඇත. එපමණක් නොව පීඩාවට පත් වන ස්නායුවේ ස්වාභාවය අනුව මළ මුත්‍රා එනම් බහිස්රාවිය ක්‍රියාවන්, අන්තර් පේශින්ගේ ක්‍රියාවන් ආදිය පවා අඩාල කරන වෙනස් කරන තත්ත්වය ඇතිවීමේ හැකියාව ඇත. ආබාධයේ ස්වභාවය අනුව වේදනාව සහ එයින් ඇති වන අතුරු ආබාධ තීරණය වනු ඇත. කොඳු ඇට පෙළෙහි බහුලවම දැකිය හැකි රෝග අවස්ථාව ලෙසට කශේරුකා අතර මඩල ලිස්සා යැම, කශේරුකා අතර පිහිටි දුර වඩාත් ළංවීම හෝ වඩාත් ඈත්වීම, කශේරුකා වක්‍ර වීම සහ ගැටීම මෙන්ම ඊටත් අමතරව එස් අකුරේ හැඩය හෝ සී අකුරේ හැඩයට කුදු ගැසීම (පැති කුදය) යන තත්ත්වයන් ඇති විය හැක. මේවා ඇති වන හේතුන් ගැන කතා කිරීමේදී ධාතු ක්ෂීණාභාවය නිසා ශරීරය දුබල වීම (අධික කෘෂ බව), අධික ස්ථුලතාවය (අධික මහත නිසා බර දරා ගන්නට කොඳු ඇට පෙළට වෙහෙසක් දැරීමට සිදුවීම), ගර්භනී අවධියේ ඇති වන විවිධ සංකූලතා (කලාතුරකින් සිදු වන ත්ත්වයකි. ගර්භය වැරදි පිහිටීම), උපතේදී වන ආබාධ එනම් අඩු භාවිතය වැනි, ඉපදුනු පසු ළදරුවා වඩා ගන්නා වැරදි ඉරියව් මෙන් ම වැඩුණු පුද්ගලයන් අධික බර ඉසිලීම, වැරදි ඉරියව්වල පිහිටා කටයුතු කිරීම වැනි කරුණුය. හදිසි අනතුරු ආමවාත, වාතරක්ත ආදී රෝග කාරණ ද කොඳු ඇට පෙළ ආබාධවලට හේතු සපයනවා ඇත. ස්නායුවේ කශේරුකා ගැටීම හෝ තෙරපීම මත වේදනාව ඇති වන නිසාවෙන් මෙවැනි රෝග වාත රෝගයක් ලෙසින් හඳුන්වනු ලැබේ. සුෂුම්නා ස්නායුව කොඳු ඇට පෙළ දිගේ ගමන් ගන්නා විට එහි ආරක්ෂාවට තරලයක් තිබේ. එය ස්නායු ආවරණ තරලය ලෙසින් නම් වේ. යම් හේතුවකින් මෙම තරලය වියළි යැමත්, යම් දුරකට එම ස්නායු සංවේදිතාවයට හානි පමුණුවා කොඳු ඇට පෙළ ආශ්රිත ආබාධ ඇති විය හැකිය. මොළය ප්‍රදාහය වැනි එනම් මෙනින්ජයිටීස් වැනි තත්ත්වයන් මේ සඳහා හේතු විය හැක. හදිසි අනතුරුවලින් කශේරුකා පිපිරීමට ලක් වූ වැනි අවස්ථා ද මේ සඳහා හේතු විය හැක. කොඳු ඇට පෙළ වැදගත් වන්නේ සිරුර සෘජුව, ශරීර හැඩයට නම්යශිලිත්වය සඳහා යන ප්‍රධාන කාරණාවලටය. ඒ නිසා එය වැදගත් කාර්ය භාරයක් ඉටු කරනු ඇත. ඉහත හේතුවකින් කොදු ඇට පෙළ ආශ්රිත ආබාධයක් වේ නම් එය ඉතා අපහසු සහ අසහනකාරී තත්ත්වයට පත් වනු ඇත. ශරීර ක්‍රියාවන් අඩපණ වන්නේය. කොඳු ඇට පෙළ ආබාධවලදී බහුලව දක්නට ලැබෙන වේදනාව එනම් කොන්දේ හෝ බෙල්ලේ ස්පර්ශයෙන් එය විනිශ්චය කර දැන රෝගය හඳුනා ගැනීමේ හැකියාව ඇත. එයට අමතරව යම් පාර්ශ්වයක අතක හෝ කකුලක ඇති කරන වේදනාව (ගුදුයි හෝ අවබාහුක වැනි) ඇති වීමට පුළුවන. මෙම තත්ත්වය මුලදී වේදනාව පමණි. පසුව හිරිය දක්වා වර්ධනය වී එතැනින් එහාට සංඥ දැනෙන්නේ නැතිව යනු ඇත. එනම් අත හෝ පාදය පණ නැතිව යන්නේය. එය සුෂුම්නා ස්නායුවට ඇති කරන පීඩාව අනුව වෙනස් වන තත්ත්වයක් තිබේ. මෙය අංශභාග රෝගය නොවේ. කැඩුම් බිදුම් තත්ත්වය ද නොවේ. ඒ නිසා ම ප්‍රතිකාරය මෙයටම අන්‍යන්‍ය ප්‍රතිකාරයක් විය යුතුය. මැල්ලුම්, පත්තු බැඳිමේදී හැඩය වෙනස් නම් සුව වන්නේ තිබෙන ආකාරයටමය. ඒ නිසා බොහෝ විට සිදු වන මෙම වැරදි ක්‍රමය හේතුවෙන් බොහෝ රෝගීන් පීඩා විඳින අයුරක් පෙනේ. ප්‍රතිකාර කළ යුතු වන්නේ වෙනස් වූ හෝ ඇද වූ හෝ ඈත් වූ හෝ වඩාත් ළං වූ කොඳු ඇට පෙළ පුරුක් නිශ්චිත ස්වරූපයට යළි සකසා ගැනීමයි. ඒ සඳහා කො» ඇට පෙළ යම් වූ මොළොක් කිරීමකට බදුන් කළ යුතුය. මෙහිදී මොළොක් කරන්නේ කශේරුකා අස්ථි නොවේ. කො» ඇට පෙළ පුරුක්ය. මොළොක් කළ පසු නිශ්චිත හැඩයට ගෙන සකස් කර ගත යුතුය. ඒ සඳහා විශේෂිත තෙල් වර්ග තිබේ. පාරම්පරික ඉතා අතීතයේ සිට භාවිත වූ ඖෂධ වට්ටෝරුවලින් එය සාර්ථකව කර ගැනීමේ හැකියාව ඇත. එම ක්‍රමයේදී ආබාධිත ආවාට සකසා ගත් ආවාට තුළ තෙල් පුරවා නිශ්චිත කාලයක් තබා මොළොක් කර ගනී. (කටී වස්ති, ගී්රවය වස්ති) ඉන්පසුව එම තෙලම යොදා ගනිමින් සැකසීම සිදු කරනු ලැබේ. මෙය දිනකින් දෙකකින් කළ හැකි දෙයක් නොවේ. ආබාධයේ ස්වභාව අනුව කාලයක් ගත වේ. ඉන්පසු නැවත කොඳු ඇට පෙළ ශක්තිමත් කරනු ලැබේ. ඒ සඳහා වෙනම ම තෙල් පත්තු මැල්ලුම් ලේප අවස්ථනෝචිතව යොදා ගනු ලැබේ. ඒ නිසාම වෙහෙසකර දේ, වැරදි ඉරියව්වලින් ඈත් විය යුතුය. වෛද්‍ය උපදෙස් මත කොන්දට නම් මෙට්ටය, බෙල්ලට නම් කොට්ටය සකස් කර ගත යුතුය. දුරගමන්, බර ඉසිලීම වැනි වෙහෙසර කර ක්‍රියා නැවැත්විය යුතුය. බිමට නැමී ගමන් ගැනීම නුසුදුසුය. අංශක 90 ට වාඩි විය යුතුය. එනම් ප්‍රවේශම වැදගත්ය. වාත රෝග ගණයේ නිසා පත්ය අපත්‍ය අනුගමනය කළ යුතුය. ඇල් දිය භාවිතය, ශීතල ආහාර, අධික ව්‍යායාම ආදී වාතය කෝප කරවන ආහාර විහරණගෙන් වැළකී සිටිය යුතුය. යම් පුද්ගලයකුට කොන්දේ හෝ බෙල්ලේ වේදනාවක් ඇති වී නම් වහාම නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට යොමු විය යුතුය. ñ කිරණ පරීක්ෂණ වැනි පරීක්ෂණ මගින් රෝගය වඩාත් නිර්ණය කර ගතත හැක. කොන්දේa වේදනාව කොඳු ඇට පෙළ ආබාධයක්ම නොවන තැන් තිබේ. ගර්භාෂ, වකුගඩු, අක්මා, අන්ත්‍රගත රෝග හා උදරය ඇසුරු කළා වූ පිළිකාවලදීද ඇතැම් විට උග්‍ර අම්ල පිත්ත අවස්ථාවලදීද කොන්ද ආශ්රිත වේදනාවන් ඇති වන්නේය. එහෙත් මේවායේ වේදනාවන් වෙනස් වන නිසා එය හඳුනා ගැනීම අපහසු නැත. ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්රමයේ මෙවන් වූ කොඳු ඇට පෙළ ආබාධ කිසිදු සැත්කමකින් තොරව අතුරු ආබාධ රහිතව සුව කිරීමේ හැකියාව තිබීම සැබැවින්ම විටෙක ආශ්චර්යයක් බව පෙනේ. රෝගය පිළිබඳ තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් 0775175499 අංකයෙන් වෛද්‍යතුමන් අමතා නොමිලේ විස්තර දැනගැනීමට හැකියාව තිබේ. වෛද්‍ය අමිල බණ්ඩාර ගෝණිගොඩ සංස්කරණය - වසන්තා ශ්‍රියාකාන්ති ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 65 of 137 << < 6364656667 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner