You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 66 of 137 << < 6465666768 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Nov 2017 09:32 PM
අනිවා සුලුවෙන් හිතන්න එපා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
13 Nov 2017 10:18 PM
සුළුවෙන් හිතන්නේ නැහැ අයියො. පන යනව මේක හැදුනහම. දෙලෝ රත් වෙනව.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Nov 2017 12:37 AM
සුලුවෙන්නම් හිතන්නේ නැතෝ .............................
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Nov 2017 04:09 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Nov 2017 04:10 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Nov 2017 04:11 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Nov 2017 04:12 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Nov 2017 04:30 AM

ඇයට මායිම් පෞරුෂත්ව ආබාධය ඇතිනම් ඔබ ඈත් වන්න

http://www.rivira.lk/epaper/diyaniya/2017/11/15/files/assets/common/page-substrates/page0017.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 Nov 2017 05:29 PM
ඔබ ප්‍රවෙශම් වන්න ..රොගය වැඩි විය හැක
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Nov 2017 07:26 AM
අහුවුනොත් ඒකා ඉවරයි.....පුදුම එව්වා තමයි දැන් ගෑනුන්ටත් තියෙන්නේ.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Nov 2017 04:57 PM
weda2වර්ග හතකට අයත් ධාන්‍ය ඇට අහුරක්‌ බැගින් සතියකට දෙවරක්‌ හෝ එයට වඩා වැඩි වාර ගණනක්‌ ආහාරයට ගැනීමෙන් හෘද රෝගවලට ගොදුරු වීමේ අවදානම සියයට 23 කින් අඩු කර ගත හැකි බව ඇමරිකා එක්‌සත් ජනපදයේ බොස්‌ටන්හි පිහිටි හාවඩ් විශ්වවිද්‍යාලයීය පර්යේෂකයින් පිරිසක්‌ විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයකදී අනාවරණය වී තිබේ.
 
 දෙලක්‌ෂයකට අධික පිරිසක්‌ යොදාගෙන සිදු කර ඇති මෙම පර්යේෂණයට අනුව රටකජු, කජු, වෝල්නට්‌ස්‌, ආමන්ඩ්ස්‌, පිස්‌ටාචියෝස්‌, හේසල්නට්‌ස්‌ හා පෙකෑන්ස්‌ යන ධාන්‍ය වර්ගවලින් අහුරක්‌ බැගින් සතියකට දෙවරක්‌ හෝ එයට වැඩි වාර ගණනක්‌ ආහාරයට ගැනීමෙන් මෙම තත්ත්වය ඇති වන අතර හෘදය වස්‌තුව ආශ්‍රිතව රෝග වැළඳීමද එම ධාන්‍ය වර්ග අනුභව කරන්නන් අතර සියයට 15 කින් පමණ අඩු බව අනාවරණය වූ බව පර්යේෂකයෝ පවසති.
 
 රටකජු පමණක්‌ අහුරක්‌ බැගින් ඉහත කී අයුරින් ආහාරයට ගැනීමෙන් හෘද රෝගවලට ගොදුරු වීමේ අවදානම සියයට 15 කින් අඩු කර ගත හැකි බව මෙම පර්යේෂණය මෙහෙය වූ හාවඩ් විශ්වවිද්‍යාලයේ පෝෂණවේදිනී වෛද්‍ය මාර්තා ගුආෂ් ෙµaරේ ප්‍රකාශ කර තිබේ. වෛද්‍ය මාර්තාට අනුව ප්‍රතිඔක්‌සිකාරකයන්, ප්‍රොaටීන් වර්ග, පෝෂක ද්‍රව්‍ය, ලවණ හා තන්තු අධිකව අන්තර්ගත වීම නිසා සුපිරි ආහාරයක්‌ ලෙස හැඳින්වෙන මෙම විවිධ වර්ගයේ ධාන්‍ය වර්ග ආහාරයට එක්‌ කර ගැනීම වැඩි කිරීමෙන් ජනතාවට හෘද රෝග ඇතුළු බෝ නොවන රෝග වැළඳීමේ අවදානම අඩු කර ගත හැකිය.
 
 ස්‌පාඤ්ඤයේ බාසලෝනා නගරයේ අන්තරාසර්ග හා පෝෂණය පිළිබඳ වෛද්‍ය සායනයට අනුබද්ධ වෛද්‍ය එමිලියෝ රොස්‌ට අනුව ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමෙන් සත්‍ය වශයෙන්ම හෘද රෝගවලින් වැළකී සිටිය හැකිය.
 
 මෙම ධාන්‍ය වර්ග දිගු කාලයක්‌ එක දිගට ආහාරයට එක්‌ කර ගැනීමෙන් දරුණු හෘද රෝග තත්ත්වයන් කෙරෙහි එය බලපෑම් එල්ල කරන්නේද යන්න පිළිබඳව වැඩිදුරටත් අධ්‍යයනය කළ යුතු බව ඔහු කියයි. පොත්ත ඉවත් නොකරන ලද හා සකස්‌ කිරීමට භාජන නොවූ අමු ධාන්‍ය ඇට වර්ග ස්‌වාභාවික සෞඛ්‍ය කරල් ලෙස හැඳින්විය හැකි බවත් ඒවා මගින් හෘදය වස්‌තුව ආරක්‌ෂා කරන අතරම සෞඛ්‍ය සම්පන්න අයුරින් වයස්‌ගත වීම සිදු වීමටද එය මහෝපකාර වන බව පර්යෙෂකයෝ කියා සිටිති.
 
 බ්‍රිතාන්‍ය හෘද සංගමයේ සහායක වෛද්‍ය අධ්‍යක්‌ෂ මහාචාර්ය ජෙරමි පියර්සන් පවසනුයේ මෙයට පෙර අමු ධාන්‍ය ඇට වර්ග ආහාරයට ගැනීමෙන් හෘද රෝගවලට ගොදුරු වීමේ අවදානම අඩු වන බවට හෙළිදරව් කළ පර්යේෂණයට මෙම නව පර්යේෂණයෙන් සහායක්‌ ලබා දී ඇති බවයි.
 
 මෙහිදී සීනි, ලුණු ඇතුළු රසකාරක වර්ග නොයෙදූ තනි පැහැ ධාන්‍ය වර්ග අනුභව කිරීමෙන් මෙම ප්‍රතිඵල ලබා ගත හැකි බව පර්යේෂකයින් විසින් සිදු කර ඇති පර්යේෂණයේදී හෙළි වී තිබේ. මෙම පර්යේෂණ වාර්තාව ඇමරිකානු හෘද සංගමයේ සඟරාවෙහි පළ කර තිබේ.
 
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Nov 2017 05:05 PM

 කාලයෙන් කාලයට විවිධ රෝගාබාධයන් සුව කිරීමට සමත් යෑයි හුවා දක්‌වන කිරි ඇතුළු ආහාර වාර්ග වෙළෙඳපළට නිකුත් වීම අප රටේ මෙන්ම බටහිර රටවලද මේ වන විට විලාසිතාවක්‌ බවට පත්ව තිබේ. මෙම රෝග සුව කිරීම සිදු කරන බව හුවා දක්‌වන ආහාර වර්ග නිසි වෛද්‍ය අධ්‍යයනයක්‌ පවත්වා ඒවා රෝග සුව කරන බවට තහවුරු කර නොමැති වුවද ඒවා නිපදවන සමාගම් පාරිභෝගිකයින් රැවටීම සඳහා කුමන හෝ වෛද්‍ය ආයතනයක්‌ ඒවාට අනුමැතිය ලබාදුන් බව පෙන්වාදීමට පෙළඹී ඇත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ ඇස්‌වලට පවා වැලි ගසමිනි.
 
 එවැනි "ඇල්සයිමර්" නමැති මානසික රෝගී තත්ත්වය ඇතිවීම බාල කරන බව හුවා දක්‌වමින් මෙම දිනවල එක්‌සත් රාජධානියේ අන්තර්ජාලය ඔස්‌සේ අලෙවි කරනු ලබන "සුවනයිඩ්" නමැති පෝෂණීය යෑයි පවසන පානය එම රෝගය ඇතිවීම අඩාල කිරීමක්‌ හෝ රෝගය සුව කිරීමක්‌ සිදු නොකරන බව ඒ පිළිබඳව කරනු ලැබූ අධ්‍යයනයකදී හෙළිදරව් වී තිබේ.
 
 ඇල්සයිමර් රෝගයේ ප්‍රධාන රෝග ලක්‍ෂණය වනුයේ අමතක වීමේ තත්ත්වය වන අතර අදාළ පෝෂණීය පානය නිපදවා ඇති සමාගම එම පානය හරහා මතක ශක්‌තිය හා සිතීමේ ශක්‌තිය ආරක්‌ෂා කරදෙන බව නිවේදනය කර ඇතත් ඉහත කී අධ්‍යයනයේදී එවැන්නක්‌ තහවුරු නොවූ බව "ලාන්සෙට්‌" වෛද්‍ය සඟරාවෙහි පළකර ඇති එම අධ්‍යයන වාර්තාවෙහි සඳහන් කර ඇත.
 
 පවුම් 3.49 කට මිල කර ඇති මෙම පෝෂණීය පාන බෝතලයෙහි එහි නිෂ්පාදකයින් සඳහන් කර ඇත්තේ එය වෛද්‍යවරයකුගේරැ විශේෂඥ හෙදියකගේ හෝ ඖෂධවේදියකුගේ නිර්දේශය මත ලබාගත යුතු බවයි.
 
 "අල්සයිමර්" රෝගය සුව කරන බවට ප්‍රචාරය කර ඇති "සුවනයිඩ්" ස්‌ට්‍රොaබෙරි හා වැනිලා රසයෙන් අන්තර්ජාලය ඔස්‌සේ අලෙවි කරන අතර එහි අන්තර්ගත ද්‍රව්‍යයන් වශයෙන් මේද අම්ලය, විටමින් හා පෝෂක කොටස්‌ දක්‌වා තිබේ. ඇල්සයිමර් රෝගයේ මුල් අවස්‌ථාවේ පසුවන රෝගීන්ට මෙකී පානය දිනකට වරක්‌ පානය කිරීම යෝග්‍ය බව නිෂ්පාදකයෝ ප්‍රකාශ කරති. එහෙත් වෛද්‍ය අධ්‍යයනවලදී එවැන්නක්‌ තහවුරු වී නොමැත.
 
 බටහිර වෛද්‍ය විශේෂඥයෝ මෙහිදී පෙන්වා දෙනුයේ සමාගම් විසින් විවිධ රෝගාබාධයන් සුව වන බව සඳහන් කරමින් නිකුත් කරනු ලබන ආහාර දැඩි සේ විශ්වාස නොකළ යුතු බවයි.
 
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Nov 2017 05:23 PM

weda1මෙතෙක්‌ පුද්ගලයකුගේ සාමාන්‍ය රුධිර පීඩන අගය සේ සැලකුණු 140(90 අගය 130(80 දක්‌වා අඩු කිරීමට ඇමරිකානු හෘද සංගමය ප්‍රමුඛ ඇමරිකානු හෘද රෝග විශේෂඥයින්ගේ සංගමය හා තවත් කණ්‌ඩායම් නවයක්‌ එක්‌ව පියවර ගෙන තිබේ.
 
 ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින අධි රුධිර පීඩන තත්ත්වයට පිළියම් යෙදීම පදනම් කරගෙන ඇමරිකානු හෘද සංගමය විසින් මෙම නව රුධිර පීඩන අගය පිළිබඳ මාර්ගෝaaපදේශන මාලාවක්‌ ඉකුත් සඳුදා (13 දා) කැලිෙµdaනියා නගරයේ පැවැති සිය වාර්ෂික සමුළුවේදී එළිදක්‌වා තිබේ. මේ අනුව මින් ඉදිරියට 130(80 ක රුධිර පීඩන අගයක්‌ යමෙකුට පවතී නම් එය පළමු අදියරයේ අධි රුධිර පීඩන තත්ත්වය ලෙස සැලකේ.
 
 120-129 මුල් අගය පවතින (සිස්‌ටොලික්&zwnj හා 80 ට වැඩි (ඩයස්‌ටොලික්&zwnj අගයක්‌ පවතින අය වැඩි වෙමින් පවතින රුධිර පීඩන තත්ත්වයෙන් පෙළෙන අය ලෙසත්, 130 - 139 (සිස්‌ටොලික්&zwnj 80 - 89 (ඩයස්‌ටොලික්&zwnj අගයක්‌ ඇති නම් පළමු අදියරයේ අධි රුධිර පීඩනය ලෙසත්, 140(90 අගයක්‌ පවතී නම් දෙවැනි අදියරේ අධි රුධිර පීඩනයෙන් පෙළෙන අය ලෙසත් සැලකේ.
 
 180 ට වැඩි (සිස්‌ටොලික්&zwnj( 120 ට වැඩි (ඩයස්‌ටොලික්&zwnj අගයක්‌ පැවැතීම අධික අධි රුධිර පීඩන තත්ත්වය ලෙස සැලකේ. මෙම තත්ත්වයෙන් පෙළෙන්නන් රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා බෙහෙත් ලබා ගත යුතු අතර අවයවවලට හානි පැමිණ ඇති නම් රෝහල්ගත විය යුතුය.
 
 මෙම නව රුධිර පීඩන අගයන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟම ඇමරිකා එක්‌සත් ජනපදයේ පමණක්‌ මිලියන 30 ක්‌ දෙනා අලුතින් අධි රුධිර පීඩන ලැයිස්‌තුවට එක්‌ව තිබේ. මේ අනුව ඇමරිකා එක්‌සත් ජනපදයේ වැඩිහිටියන්ගෙන් සියයට 46 ක්‌ එනම් මිලියන 103 ක්‌ දැනට අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව අනාවරණය වී ඇත. එම ප්‍රමාණය පැවැති මාර්ගෝපදේශන මාලාවට අනුව පැවැතියේ සියයට 32 ක්‌ හෙවත් මිලියන 72 ක්‌ වශයෙනි.
 
 කෙසේ වුවද අලුතින් අධි රුධිර පීඩනයෙන් පෙළෙන සෑම අයෙකුම බෙහෙත් ලබා නොගත යුතු බව පවසන ඇමරිකානු හෘද සංගමය තම ආහාර රටාව පාලනය කිරීමෙන් වැඩිපුර ව්‍යායාමයෙන් හා ජීවන රටාව වෙනස්‌ කිරීමෙන් රෝග තත්ත්වය පාලනය කර ගත හැකි බව අවධාරණය කර සිටී. නව රුධිර පීඩන අගය පිළිබඳ මාර්ගෝපදේශන මාලාවෙන් ජනතාවට තම රුධිර පීඩන මට්‌ටම 130(80 අගයක පවත්වා ගැනීමට උනන්දු කෙරේ.
 
 අධි රුධිර පීඩනයේ රෝග ලක්‌ෂණ පවතින අයට පමණක්‌ බෙහෙත් ලබා ගැනීම නිර්දේශ කෙරෙන අතර 130(80 හා 140(90 අතර රුධිර පීඩන අගයක්‌ පවතින අයෙකුට වෛද්‍යවරයා විසින් ශරීර බර අඩු කිරීම, ව්‍යායාමය, ලුණු භාවිතය අඩු කිරීම හා වැඩිපුර පළතුරු/ එළවළු/ ධාන්‍ය ආහාරයට ගැනීමට නිර්දේශ කරනු ඇත.
 
 එහෙත් පළමු අදියරයේ අධි රුධිර පීඩනය පවතින අයෙකුට ආඝාතය, හෘදයාබාධයක්‌, දියවැඩියාව, වකුගඩු රෝග වැනි රෝග තත්ත්වයක්‌ පවතින බව පෙනී ගියහොත් වෛද්‍යවරයා විසින් බෙහෙත් නිර්දේශ කරනු ඇත. රුධිර පීඩන අගය 140(90 ට වඩා වැඩි නම් වෛද්‍යවරයා විසින් ජීවන රටාවේ වෙනස්‌වීම් පිළිබඳ උපදෙස්‌ සමඟ රුධිර පීඩනය අවම කිරීමේ බෙහෙත් ලබා දෙනු ඇත.
 
 සංස්‌කරණය : ඒමන්ති මාරඹේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Nov 2017 05:44 PM
අම්මො බයෙ බැහැ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Nov 2017 04:45 PM

නීරෝගී නම් මෙන්න වාසි

ඔබ කෑම පාලනය කරනවා යැයි කියමු. එසේත් නැතිනම් පෝෂදායී සමබල ආහාර ඔබේ ආහාරවේලට දිනපතා එක් කර ගන්නවා යැයි කියමු. එසේ කිරීමෙන්, ඔබට ලැබෙන වාසි අතිමහත්ය. එයින් ඔබේ බර අඩු වෙනවා පමණක් නොවේ. සිරුරට හිතකර ආහාර රටාවකට හුරුවීමෙන් ඔබේ සිරුරේ වෙනස්කම් පවා ඔබට දකින්න ලැබේවි. දීර්ඝ කාලීන වුවත් කෙටි කාලීන වුවත් එම වෙනස්කම් ඔබ කායිකව මෙන්ම මානසිකව ද ප්‍රබෝදමත් කරනු ඇත.

ආහාර පාලනය කිරීමෙන් සහ පෝෂ්‍යදායී ආහාර සිරුරට ලබා දීමෙන් ඔබේ ශක්තිය වර්ධනය වෙයි. රුධිරයේ සීනි මට්ටම නිසි ලෙස පවත්වාගෙන යෑමට හැකිවෙයි. දවස පුරාම අලසකමින් තොරව, දෛනික රාජකාරි ඉටු කර ගැනීමට ඔබට හැකිවනු ඇත. සවස්වරුවේ විඩාබර හෝ නිදිමත ගතියක් හෝ නොදැනෙනු ඇත.

නීරෝගී සමකට සහ නීරෝගී නියපොතුවලට ද නිවැරදි ආහාර ඔබට මහෝපකාරී වනු ඇත. සමබල ආහාරවේලක විටමින් සහ ඛනිජ ලවන යහමින් අඩංගුය. සින්ක් සහ කොපර් යනු ඔබේ හිසකෙස් නිරෝගීව වර්ධනයට අවශ්‍ය සාධකයකි. පැහැපත් සමක් ඇත්නම්, ඔබට දිඳුළන පෙනුමක් ද හිමි වෙයි. කිරි ආශ්‍රිත නිෂ්පාදනවල සහ මස්වල මෙම පෝෂණ කොටස් අන්තර්ගත වෙයි. බී විටමින් වර්ග, විශේෂයෙන් බී 6 සහ බී 12 යන විටමින් සහ ෆෝලික් අම්ල හිස් කබලට සහ හිස කෙස්වලට අවශ්‍ය රුධිරය සැපැයීම සිදු කරයි. හිස කෙස් නිරෝගීව වර්ධනය වෙයි. මස් ආහාර, මාලු, බිත්තර, කිරි ආහාරවල මෙන්ම ඇතැම් කිරි ආහාර සහ උදෑසන සීරියල් වර්ගවල ද මෙම පෝෂ්‍ය කොටස් ඇතුළත් වෙයි.

නීරෝගී සුවබර හදවතක් සඳහා තෙල් සහිත මාලු ආහාරයට ගැනීම ගුණදායක වෙයි. කෙලවල්ලා, සැමන්, මැකරල් වැනි මාලු උදාහරණ ලෙස දැක්විය හැකිය. නවතම පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ, තෙල් සහිත මෙවැනි මත්ස්‍ය ආහාර සතියකට වරක් හෝ ආහාරයට එක් කර ගැනීමෙන් හෘද රෝග අවම කරගත හැකි බවය. එය සිදුවන්නේ කෙසේද යන්න පැහැදිලි නොවුවත්, ඔමේගා 3 අම්ලවලින් රුධිරයේ ට්‍රයිග්‍රිසොරයිඞ් පාලනය සිදුවෙයි. රුධිරයට අහිතකර අන්දමින් මේදය එක් වීමන් සිදු නොවේ. එමගින් හෘද රෝග අවම වෙන බවනවතම පර්යේෂවලින් හෙලි වී ඇත.

සමබල නිරෝගී ආහාර වේලක් ගන්නේ නම්, එය ඔබේ සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරනු ඇත. පලතුරු සහ එළවලුවල බහුලව අඩංගු වන්නේ විටමින් සී ය. විටමින් සී ඔබේ සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරයි. එය පිළිකාවලින් සහ හෘද රෝගවලින් ඔබ ආරක්ෂා කරනු ඇත. ඔබේ සිරුරට ඇතුළු වන විස ද්‍රව්‍ය සහ සංඝටක නැසීම සිදුවන්නේ විටමින් සී මගිනි. පිළිකා ඇතිවන්නේ සිරුරේ ඩී.එන්.ඒ. අනුවලට සිදුවන හානි මුල්කොට ගනිමිනි. එවැනි හානි අවම කිරීමට ද විටමින් සී උපකාරී වෙයි. විටමින් සී සිරුරට ලබා ගැනීමේ හොඳම ක්‍රමය නම් ඇඹුල් පලතුරුය.

නීරෝගීව සිටීමට නම් අස්ථි සවිමත් විය යුතුය. අස්ථි සවිමත් කර ගැනීමට නම්, ඔබේ ආහාරවේල හරහා සිරුරට අවශ්‍ය ප්‍රමාණයට කැල්සියම් ලැබිය යුතු වෙයි. ඔස්ටියෝපොරෝසස් එසේත් නැතිනම් අස්ථි දුර්වල වීමේ රෝග මඟ හරවා ගැනීමට හැකි වන්නේ එමගිනි. මේද අඩු ඇතැම් චීස් වර්ග සහ යෝගට් වැනි කිරි ආශ්‍රිත ආහාරවල බහුලව කැල්සියම් අඩංගු වෙයි. එපමණක් නොව, මේද අඩු කිර වීදුරුවක් දිනපතා පානය කරන්නේ නම් එය ද වාසියකි.

ඔබ කිරි ආශ්‍රිත නිෂ්පාදන අප්‍රිය කරන්නකු නම්, ඒ ගැන කනස්සල්ලට පත් විය යුතු නැත. කැල්සියම් බහුල තවත් බොහෝ ආහාර වර්ග ඇත. ටෝෆූ, සෝයා, සැමන්, නිවිති, කොට්ටම්බා, බොකටු ගෝවා ආදිය එවැනි ආහාර වර්ගය. කොළ පැහැ එළවලු බොහොමයක කැල්සියම් අඩංගු වෙයි. එපමණක් නොව, මේවායින් බොහොමයක විටමින් ඩී ද අන්තර්ගත වෙයි. දිනපතා සිරුරට අවශ්‍ය කැල්සියම් උරා ගැනීමට උපකාරී වන්නේ විටමින් ඩී ය.

ආහාර පාලනය සහ සමබල ආහාර අනුභවය මගින් නියමිත බර පවත්වා ගෙන යෑමට හැකි වෙනවා පමණක් නොව, දියවැඩියාව ද පාලනය වෙයි. මේද සහිත ආහාර, ලුණු සහ සීනි අඩංගු ආහාර පාලනය කිරීම හෝ අඩු කිරීම මින් මෙය පහසු වෙයි.

නැවුම් පලතුරු සහ එළවලු වර්ග ආහාරයට එක් කර ගැනීමෙන් ඔබේ ජීර්ණ පද්ධතිය ද නිසි ලෙස ක්‍රියාකාරී වෙයි. ආහාර ජීර්ණයේදී පෝෂ්‍ය කොටස් නිසි ලෙස සිරුරට උරා ගනිමින්, ඉතිරිය නිසි පෙස බැහැර වීම සිදුවිය යුතුය. ඒ අනුව, බඩවැල් ආශ්‍රිත පිළිකා, අර්ශස් වැනි රෝග තත්ත්වයන් මඟ හරවා ගැනීමට හැකිවෙයි.

කාන්තාවන්ට ඇති ප්‍රධානතම ගැටලුවක් නම්, අනවශ්‍ය ආකාරයට මේද තැම්පත් වී සිරුරේ මනා හැඩය නැතිවී යෑමය. මෙය කාන්තාවන් බොහෝ දෙනකුට ඇති ගැටලුවකි. ඒත් සමබල නිරෝගී ආහාර මගින් මෙය නැතිකර ගැනීමට හැකිවෙයි. අනශ්‍ය මේද තැම්පත් වීම පමණක් නොව, එල්ලා වැටෙන අනවශ්‍ය මස්පිඬු ද නැති කර ගැනීමට හැකි වනු ඇත.

(බී.බී.සී. ඇසුරිනි)

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Nov 2017 12:15 AM

අක්මාවට හොඳ කෝපි


කෝපි පානය කිරීමෙන් අක්මා පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරගත හැකි බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

දිනකට කෝපි කෝප්පයක් පානය කිරීමෙන් අක්මා පිළිකා රෝගී තත්ත්වයේ පොදු රෝගී තත්ත්වය ඇතිවීමේ අවදානම සියයට 20කින් අඩු කරගත හැකි බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ.

දිනකට කෝපි කෝප්ප දෙකක් පානය කිරීමෙන් අක්මා අක්මා පිළිකා ඇතිවීමේ අවදානම සියයට 35කින් ද දිනකට කෝපි කෝප්ප පහක් පානය කිරීමෙන් අක්මා පිළිකා ඇතිවීමේ අවදානම සියයට 50කින් අඩුවන බව මෙම නව අධ්‍යයනයෙන් අනාවරණය කරගැනීමට පර්යේෂකයෝ සමත්ව සිටිති. කැෆේන් ඉවත් කළ කෝපි පානය කිරීමෙන් ද පලදායී ප්‍රතිඵල අත්පත් කරගත හැකි බව පර්යේෂකයෝ පවසති.

සවුත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඔලිවර් කෙනෙඩි ඇතුළු පර්යේෂකයෝ පිරිසක් මෙම අධ්‍යයනයේ නිරත වී ඇත. කෝපි පානය කිරීමෙන් බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්පත් කරගත හැකි බව මීට පෙර කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී තිබූ නමුත් අක්මා පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරගත හැකි බව අනාවරණය වූයේ ප්‍රථම වරටය. මෙම අධ්‍යයනයට බි්‍රතාන්‍යයේ එඩින්බර්ග් විශ්ව විද්‍යාලයේ පිරිසක් ද එක්ව ඇති අතර ලොව පුරා මිලියන 2.25ක තොරතුරු ඇතුළත් අධ්‍යයන 26ක තොරතුරු හා දත්ත විශ්ලේෂණය කරමින් පර්යේෂකයන් මෙම අධ්‍යයනය කර තිබේ.

කෝපි පානය නොකරන පිරිස හා දිනකට කෝපි කෝප්පයක් පානය කරන පිරිස හා සැසඳීමේදී එම පිරිසට අක්මා පිළිකාවේ මූලික/ප්‍රාථමික තත්ත්වය වර්ධනය වීමේ අවදානම සියයට 20කින් අඩුබව අනාවරණය වී තිබේ.

හර්ෂණ තුෂාර සිල්වා
ඬේලිමේල් ඇසුරිනි

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
17 Nov 2017 12:46 AM
මම අහලා තියෙන්නෙ ශරීරයට අගුණයි කියලා අනේ මන්දා
Business, you know, may bring money, But friendship hardly ever does.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Nov 2017 05:41 PM

යකා නටන පුත්‍රයා

අද මා කතා කරන්නේ මාපියන්ගේ අයහපත් හැසිරීම් නිසා දරුවන් ගොදුරුවන මානසික රෝගී තත්ත්වයක් පිළිබඳව. විශේෂයෙන්ම අම්මා තාත්තා අතර රණ්ඩු දබර, දෙදෙනා වෙන්ව සිටීම, කතා නොකර සිටීම වැනි පරිසරයක් තුළ දරැවන් දුකෙන් තරහෙන් වියරුවෙන් තම හැඟීම් පිට කරන්න උත්සාහ දරනවා දකින්න පුළුවන්. අද මා කතා කරන දරුවත් එවැනිම පරිසරයක් නිසා ජීවිතය පිළිබඳ අර්ථ විරහිතව බැලූ අයෙක්. ඔහු කන්ඩක්ට්ඩිසෝඩර් රෝග තත්ත්වයට ගොදුරැ වූවෙක්. මෙම රෝගයේ ලක්ෂණ තමයි සොරකම් කිරීම, බොරු කීම, අනෙක් අයට කරදර කිරීම, හිතුවක්කාර ගති ඇති කරගැනීම, අමතක වීම වගේ ලක්ෂණ. 

මේ රෝගයට ගොදුරු වූ උපුල් ගේ වයස අවුරුදු 12 යි. ඔහු කොළඹ ප‍්‍රධාන පාසලක ඉගෙනුම ලැබුවා. ඔහුගේ පියා උපුල් අප වෙත ගෙන ආවේ උපුල්ට තිබූ මෙවැනි චර්යාවන් නිසා. අවුරුද්දක වගේ කාලයක සිට උපුල්ගේ හැසිරීම හරිම ප‍්‍රචණ්ඩකාරී. ඔහු මවට කිසිසේත්ම ලැදි නෑ. ඉක්මනට කේන්ති ගන්නවා. අතට අසුවූ  ඕනෑම දෙයකින් ඔහු මවට හෝ පියාට පහර දෙනවා. ඒ වගේම ළඟදී දවසක උපුල්ගේ පියා කාර්යාලයට ගිය පසු ඔහුට දුරකථනයෙන් කතාකර තාත්තා අද හවස 5 වනවිට ගෙදර එන්න ඕනෑ කියා පවසා තිබුණා. ඒ වගේම උපුල්ගේ පියාට වෙලාවට ඒමට නොහැකි වුණොත් ඔහු කරන දෙය බලාගන්න පුළුවන් ලෙස තර්ජනය කර තිබුණා එදා ගොඩක් කාර්යබහුල වූ නිසා උපුල්ගේ පියාට ඒ වේලාවට නිවසට එන්න බැරිවෙලා. ඔහු නිවසට එනවිට හවස 6.30 වෙලා. මින් කෝප වූ උපුල් පියාට පරුෂ වචනයෙන් බැන වැදී ඔහුගේ ටයිප්රයිටරය හා කම්පියුටරය පොළවේ ගැසුවා. මේ සිදුවීමෙන් උපුල්ගේ පියාට රුපියල් ලක්ෂයකට වැඩි අලාභයක් සිදු වී තිබුණා.

උපුල්ගේ මව ඒ ගෙදර පරිසරය පිළිබඳව පැවසුවේ මෙවැනි දෙයක්. උපුල්ට ගොඩක් තරහ යනවා. අතට හසු වූ  ඕනෑම දෙයක් එයා විසි කරනවා. තරහ වැඩි වුණාම බිත්තියේ ඔළුව ගසා ගන්නවා. අපට නිතරම පරුෂ වචනයෙන් බනිනවා. පංති කාමරයේත් හරිම මුරණ්ඩුයි. ළමයි එක්ක රණ්ඩු කරනවා කියලා විදුහල්පතිත් පැවසුවා. සතුන්ටත් හරියට හිංසා කරනවා. අපේ ගෙදර මාළු ටැංකියක් තිබුණා. ඒකෙ මාළුවා මැරීමට තද කරගෙන සිටියා. මාළුවා මැරුණාම ඔහු සතුටු වුණා. ඒ වගේම තාත්තාගෙන් මුදල් සොරකම් කරන බව මට අහු වුණා. එයා යාළුවොත් එක්ක සිගරට් බොනවා. ඒ වගේම ළඟ තියෙන ඉන්ටර්නෙට් කැෆේවලට ගිහින් වීඩියෝ ගේම් ගහන්න පුරුදු වෙලා. දවසක් උපුල් ගෙදරින් අතුරුදන් වුණා. අපි එයාව හැමතැනම හෙව්වා. පස්සේ අපි දැනගත්තා උපුල් යාළුවෙක්ගෙ ගෙදර ගිහින් එයාලත් එක්කම කතරගම ගිය බව. එයා කිසිම බයක් නැතිව බොරු කියනවා. ඒ වගේම පාසලේ පාඩම් වැඩ අතපසු කරන බව එයාගේ ගුරැතුමිය කිව්වා. හැමතැනම ඇවිදිනවා. කියන කිසිම දෙයක් අහන්නෙ නෑ.

උපුල්ගේ පියාගේත් මවගේත් කතාවලට කන්දුන් මා ඊළඟට උපුල්ට කතා කළා. ඔහු මට පැවසුවේ මේ වගේ දෙයක්. 

මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. ඔහු උදේ පාන්දර ගෙදරින් ගියාම ආපසු ගෙදර එන්නේ රාත‍්‍රි 8.00ත් පහුවෙලා. තාත්තා එයාගේ ව්‍යාපාරවල නියැලෙනවා මිස අපිත් එක්ක ගත කරන්න වෙලාවක් නැහැ. තාත්තා හවසට ගෙදර එන්නේ හරිම මහන්සියෙන්. ඔහුට හරියට කේන්ති යනවා. අම්මත් එක්ක රණ්ඩු නොවන දවසක් දැකලම නෑ. අම්මට බණිනවා. අම්මට ගහනවා. නිතරම අම්මා ගැන සැකයෙන් කතාකරනවා. අම්මත් තාත්තා දිහා බලන්නේ සැකයෙන්. සමහරදාට තාත්තා ගෙදර එද්දි රාත‍්‍රි 10, 11 වෙනවා. තාත්තාට අපත් එක්ක ඉන්න වෙලාවක් නෑ. ඒත් එයා මා ඉල්ලන  ඕනෑම දෙයක් අරගෙන දෙනවා. මම ළඟදි කම්පියුටරයක් ඉල්ලුවා. මට රුපියල් එක් ලක්ෂ පනස්දහසක් දීලා කම්පියුටරයක් අරගෙන දුන්නා. ඒත් මට මොන දෙයක් අරගෙන දුන්නත් මාත් එක්ක කතා කරන්න එයාට වෙලාවක් තිබුණේ නෑ. තාත්තා හවසට ක්ලබ් යනවා. සමහර දාට මාත් එක්ක යනවා. ඔහු ක්ලබ් එක ඇතුළට ගියාම මම තනියම ඩ‍්‍රයිවර්ත් එක්ක වාහනේට වෙලා ඉන්නවා. ආපහු ගෙදර යන්නේ රෑ 1ට 2ට. මට කිසිම විනෝදාංශයක් නැහැ. මම පාසල් ගියාට තාත්තලා ඉස්කෝලෙට ඇවිත් මා මොනවද කරන්නේ කියලා හොයන්නේ නෑ. අම්මයි තාත්තයි එක්ක ෆිල්ම් එකක්වත් බලන්න යන්න වෙලාවක් නෑ.

අම්මත් සැලුන් එකක් කළා. ගෙදර එද්දී රෑ වෙනවා. එයාලා ජීවත් වුණේ ලෝක දෙකක. මට ලොකු තනිකමක් දැනුණා. මේ ලෝකේ මා තනිවෙලා. මට කවුරුවත්ම නෑ කියලා හිතුණා. හැබැයි මට ඕනෑම දෙයක් තිබුණා. ඕනෑම දෙයක් කරන්න මට අසීමිත නිදහසක් තිබුණා. නමුත් මට අම්මගේ තාත්තගේ ආදරේ ඕනෑ වෙලාවට ලැබුණේ නෑ. මට ඉක්මනට කේන්තියනවා. ඒ වගේම මට පළිගැනීමේ චේතනාවක් තිබුණා. මේ නිදහස මට වැඩක් නෑ.

උපුල් උපුල්ගේ සිතේ තිබුණ බොහෝ දේ අපට පැවසුවා. මේ කතාවේ අපට හිතන්න ප‍්‍රධාන කරුණු දෙකක් තිබුණා. මේ වගේ අවස්ථාවක් සම්බන්ධව ඩයනා බබුරන් කියන අ‍මෙරිකානු මනෝවිද්‍යාඥයා පරීක්ෂණ පවත්වලා තිබුණා. ඉන් පැහැදිලි කර තිබුණේ මව්පියන්ගේ හැසිරීම් රටා දරුවන්ට බලපාන ආකාරය පිළිබඳවයි. 

මෙවැනි පරිසරයකදී මවුපියන් දරුවාගේ හැසිරීම් ක‍්‍රියාකලාපයන් හා මානසික අවශ්‍යතා පිළිබඳ කිසිදු සොයා බැලීමක් කරන්නේ නැති බව පෙනී යනවා. දරුවා සතුටු කිරීමට ඔවුන්  ඕනෑම දෙයක් ලබාදෙනවා. ඒ වගේම මව්පියන් අතර ඇති සම්බන්ධතාව අඩු නිසා දරුවාට නිවසේ ආගන්තුක හැඟීමක් දැනෙනවා. දරුවාට ඔහු පවුලේම සාමාජිකයකු ලෙස සිතීමට නොහැකි වෙනවා. මේ වගේ හේතු නිසා එවැනි දරුවන්ට හැඟීම් පාලනය කර ගැනීමට අපහසුවෙනවා. පොඩ්ඩක් තරහගියත් ඔහුට ඒ තරහ පාලනය කරගැනීමට නොහැකිව කෑගසමින් බඩු පොළවේ ගහමින් වියරු ලෙස හැසිරෙනවා. ඒ වගේම ඔහුට තියෙන්නේ වයසට උචිත නොවන නොමේරෑ සිතුවිලි. වගකීමක් දරන්න බැහැ. අනාගත අරමුණක් නැහැ. විශේෂිත ආසාවක් නැහැ. ඒ වගේම තමන්ට අවශ්‍ය දේ නොලැබුණොත් අනවශ්‍ය ලෙස රණ්ඩුවෙනවා.

මෙවැනි දරුවෝ මානසික අවපීඩනයට ගොදුරැවිය හැකියි. ජීවිතය නැතිකර ගැනීම, මත්ද්‍රව්‍ය භාවිතය වගේ දේවලට පෙළඹිය හැකියි. මෙවැනි අසනීපයන් සහිත දරුවෝ අපි කන්ඩක්ට්ඩිසෝඩර් රෝගය වැළඳුනු අය ලෙස හඳුනාගන්නවා. මේ වගේ දරුවෝ ලැබුණහම මෝහනය කිරීම හෝ වෙනත් අපලවලට කියා තෝත්තර කිරීම සුදුසු නැහැ. එවැනි දරුවෝ කවුරු හෝ මනෝ වෛද්‍යවරයකු වෙත යොමුකළ යුතුයි. මුලින්ම මෙවැනි දරුවන්ගේ රෝග ලක්ෂණ සහ සිතුවිලිත් සමඟ ඔවුන් මානසික අවපීඩනයට හෝ විශාදියට ගොදුරැවී සිටිනවද කියා සොයා බැලිය යුතු වෙනවා. ඒ වගේම වෙනත් රෝග ලක්ෂණත් තිබෙනවා ද කියා සොයා බලන්න  ඕනෑ.

උපුල් දෙස බැලුවොත් ඔහුට මානසික අවපීඩනයේ ලක්ෂණ තිබුණා. ඔහුට ජීවිතය එපා වීම, කලකිරීම, ඉගෙනීමට ඇති ආශා නැති වීම වගේ ලක්ෂණ තිබුණා. ඒ සඳහා අප ඔහුට ඖෂධ ප‍්‍රතිකාර ලබාදුන්නා. ඊළඟට ඔහුගේ හැසිරීම් රටා හදන්න මනෝ චිකිත්සක උපදේශනයට යොමු කළ යුතු වුණා. එහි පළමු අදියර ලෙස ඔහුගේ හැසිරීම් රටාව ඔහුටම තේරුම්ගන්න සැලැස්සුවා. ඒ කියන්නේ ඔහුගේ හැසිරීම් නිසා ඔහුට වෙන හොඳ නරක ප‍්‍රතිඵල හා ඉන් අනාගතයට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබාදුන්නා. ඊළඟට ඔහුගේ සැඟවිලා ඇති දක්ෂතා හඳුනාගත්තා. ඊට පසු ඒ දක්ෂතා ඔස්සේ අනාගතය කරා ගමන් කිරීමට අලුත් අරමුණට යොමු කළා.

මීළඟට අපි කළේ ඔහුගේ මව්පියන්ට අධ්‍යාපනය හා අවබෝධය දීම එනම් මව්පියන් දරුවාට කොහොමද සමීප විය යුත්තේ, ඔහුගේ හැඟීම් සමග කොහොමද ගනුදෙනු කළ යුත්තේ, ඉල්ලන ඉල්ලන දේ අරන් දීම නොවෙයි. දරැවකු සතුටු කිරීමට කළ යුත්තේ දරුවා සමඟ ගත කිරීම. එකට විනෝද ගමන් යාම, දරුවාට ආදරය කිරීම වගේ දරැවාගේ මානසික අවශ්‍යතා සොයා බලා කටයුතු කරන ආකාරය පිළිබඳව ඔවුන් දැනුවත් කළා. ඒ වගේම අම්මයි තාත්තයි අතර තිබෙන ගැටලු නිරාකරණයට අවශ්‍ය පියවර කියලා දුන්නා.

උපුල්ගේ පවුලේ මේ රණ්ඩුවලට හේතුවෙලා තිබුණේ තාත්තා රෑ  බෝවී නිවසට පැමිණීම. ඔහු හිතුවේ නයිට් ක්ලබ් යනවා කියන එක සමාජ තත්ත්වය රැකගන්න හොඳ දෙයක් බව. ඒත් ඒ සිතුවිලි නිසා ඔවුන් ක‍්‍රියාකරන ආකාරයත් ඒ ක‍්‍රියාකාරකම් නිසා පවුලේ අඩදබර ඇතිවන ආකාරයත් ඉන් පවුලේ අසමගිය ඇතිවීම හා දරුවන් පීඩනයට පත්ව ඔවුන්ගේ ජීවිත වැනසී යන ආකාරයත් අවබෝධ කර දුන්නා. මේ කරැණු මේ දෙන්නට හෙමිහිට පැහැදිලි කරලා දීලා මේ අදහස් නිසා ඔවුන්ට ලැබෙන වාසි අවාසි පැහැදිලි කළා. ඔවුන් එය අවබෝධ කරගත්තා. වෙනදට වැඩියෙන් දරැවා සමඟ ගත කරන කාලය වැඩිවුණා. ඔවුන් එකට විනෝද ගමන් ගියා. ගෙදරට වේලාසන ආවා. අම්මයි තාත්තයි ආදරෙන් ජීවත්වෙන්න පටන් ගත්තා. මේ සියලුදේත් සමඟ උපුල්ගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගත්තා. ඔහු වාහනවලට ආසයි. අද ඔහු පාසලේ ඒ සම්බන්ධ විෂය කරැණු හදාරනවා. ඔහු තාත්තා දිහා බලන්නෙත් ආඩම්බරයෙන්. ඒ පවුල අද සතුටින් ජීවත්වෙනවා.

 

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Nov 2017 05:48 PM

ඉන්ෆ්ලුවෙන්සා B අවදානමෙන් වළකිමු

සෑම වසරකම අප්‍රේල් සහ ජූනි අතර කාලයේත්, නොවැම්බර් සිට ජනවාරී අතර කාලයේත් පැතිර යන ස්වසන රෝගයක් ලෙස ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිරිය හැකිය. මේ වනවිට Influenza – B අවදානමක් පැතිර පවතියි. A, B සහ C ලෙස වර්ග තුනක් දැක්වෙන මේ B රෝගය දැඩි මාරාන්තික අවදානමක් නොදරන්නකි. නමුත් සමහර පුද්ගලයන් හට මාරාන්තික විය හැකිය.

එනම් අවුරුදු 2ට අඩු ළදරුවන්, 65ට වැඩි වයස්ගත පුද්ගලයන්, ගැබිණි මව්වරුන්, හෘද රෝග, දියවැඩියාව, වකුගඩු රෝග වැනි නිදන්ගත රෝගාබාධ ඇති අය මේ පුද්ගලයන්ය.

රෝග ලක්ෂණ

• උණ හෝ උණ සහිත සීතල ස්වභාවය

• වියලි කැස්ස, උගුරේ වේදනාව, ඇඟපත මස්පිඩු වේදනාව, නාහයේ තදගතිය හෝ සෙම්සොටු ගැලීම, තද හිසරදය

• මහන්සිගතිය

• සමහර පුද්ගලයන් හට වමනය සහ පාචනය ඇති වියහැකි අතර කුඩා දරුවන් සහ වයසක උදවිය අතර එය බහුලය.

පැතිරයාම

රෝගී අයකුගේ කැස්ස, කිවිසුම් හේතුවෙන් පිටවන බිඳිති හේතුවෙන් වාතය ආශ්‍රිතව බෝවෙයි. වෛරස් ශරීරයට ඇතුළුව දින 1ත් 4ත් ඇතුළත රෝග ලක්ෂණ පහළ වෙයි. ළදරුවන් අතර දින 7කටත් වඩා රෝග ලක්ෂණ පැවැතිය හැකිය.

වැළැක්වීම සහ වෛද්‍ය ප්‍රතිකාර

සිරුර උණුසුම්ව පවත්වා ගනිමින් ඇඳ විවේකය ගැනීමත් හැකි තරම් දියර වර්ග පානයත් මේ සඳහා නිවසේදී ගත යුතු ප්‍රතිකාරයන්ය. වයස්ගත උදවිය තුළ රෝග ලක්ෂණ දින 4 – 5ටත් වඩා පවතින විට නිසැකවම වෛද්‍ය ප්‍රතිකාර පැතිය යුතුය. මේ සඳහා ඖෂධ පවතියි. ඉන්ෆ්ලුවේසා සඳහා සාර්ථක එන්නතක් ද ඇත. රෝග ආසාදිත තැනැත්තියන්ගේ කැසි, කිවිසුම් ආදියෙන් රෝගය බෝවන හෙයින් මුඛ ආවරණ පැළඳීම, පෞද්ගලික ශරීර පවිත්‍රතාව පවත්වා ගැනීම සුදුසුය.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Nov 2017 05:48 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 66 of 137 << < 6465666768 > >>