You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 68 of 137 << < 6667686970 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Nov 2017 07:54 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Nov 2017 08:00 AM

n1 3ප්‍රශ්නය - පසුගිය දෙසතිය තුළ ඔබ සමග අප සාකච්ඡා කළේ සාමාන්‍ය ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ගැනයි. අද ඔබ අපට විස්‌තර කර දෙන්නට ඕනෑ නිදන්ගත ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ගැන.
 
 වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මෙහිදී නැවත වරක්‌ ගැස්‌ට්‍රයිටිස්‌ හඳුන්වා දිය යුතුයි. මේ පිළිබඳ සරල අර්ථකතනය මෙයයි. උදරයේ, ආමාශයේ අන්ත්‍රවල තිබෙනවා ශ්ලේෂ්මල ආවරණයක්‌. මෙය හඳුන්වන්නේ ඵමජමි කසබසබට කියලයි. මේ ශ්ලේෂ්මල ආවරණය ආසාදනය වීම තමයි ගැස්‌ට්‍රයිටිස්‌ රෝගයට හෙවත් අම්ල පිත්ත රෝගයට මුල. සාමාන්‍ය ගැස්‌ට්‍රයිටිස්‌ රෝගියා එයින් නිතර පීඩා විඳින්නෙ නැහැ. තෙල්, මිරිස්‌ බහුල ආහාරයක්‌ ගත් විට ඔහුගේ අම්ල පිත්ත තත්ත්වය ඇවිස්‌සෙන්නට පුළුවන්. එහෙම නැත්නම් රාත්‍රි ආහාර ගත් පසු ඔහුගේ උදරයට අපහසුවක්‌ දැනෙන්නට පුළුවන්. තවත් විටෙක දීර්ඝ වශයෙන් නිදි වැරුවාමත් ඔහුගේ බඩ පුරවා දමන ගතියක්‌ එනවා. සාමාන්‍ය ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය රෝගියාගෙන් රෝගියාට වෙනස්‌ වෙනවා. එහෙත් නිදන්ගත අම්ල පිත්ත රෝගියා මෙම රෝගය නිසා මුළු දවස පුරාම පීඩා විඳිනවා. ඒ නිසා ඔහු දුර්වල වෙනවා. තවත් විටෙක ඔහුට හිතෙනුත් දැනෙනවා තමා බෙහෙවින් දුර්වල බව.
 
 ප්‍රශ්නය - ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය නිදන්ගත වන්නේ කොහොමද?
 
 වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මද්‍යසාර පාවිච්චිය, සිගරැට්‌ හෝ සුරුට්‌ටු දුම් උරන්නට ඇබ්බැහි වීම, කෝපි පානයට ඇබ්බැහි වීම, මිරිස්‌, කුළුබඩු, විනාකිරි වැනි අම්ල සහිත ආහාරවලට ඕනෑවට වඩා පුරුදු වීම, ප්‍රධාන හේතු ලෙස ගන්නට පුළුවන්. ඒ අතරම රෝගය පාලනය කරගන්නට බැරි තරමට මානසික ශක්‌තිය හීනවීම, අධික ලෙස විඩාපත් වීම, අධික උණුසුමට නිරාවරණය වීම යනාදියත් නිදන්ගත ගැස්‌ට්‍රයිටිස්‌ රෝගයට හේතු වෙනවා. සාමාන්‍ය ගැස්‌ට්‍රයිටිස්‌ වලින් නිදන්ගත ගැස්‌ට්‍රයිටිස්‌ වෙනස්‌ වන්නේ පහත සඳහන් රෝග ලක්‍ෂණවලිනි.
 
 1. ආහාර ජීරණය දිගින් දිගටම දුර්වල වීම
 
 2. උදරයේ නොනවතින වේදනාව
 
 3. නිතර ඉක්‌කාව හටගැනීම
 
 4. ආහාර අරුචිය සහ පිළිකුල් ගතියක්‌ නිතර දැනීම
 
 5. නිතර වමනය යැම
 
 6. මළවල වර්ණය අවපැහැ වීම
 
 7. පපුවේ දැවිල්ල
 
 8. ආහාර රුචිය ක්‍රම ක්‍රමයෙන් අඩුවී යැම
 
 ලබන සතියේ මාසයකින් ගැස්‌ට්‍රයිටිස්‌ සුව කරන ක්‍රමවේදය සහ නිදන්ගත ගැස්‌ට්‍රයිටිස්‌ රෝගයට ප්‍රතිකාර

n1 1

n1 2

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Nov 2017 08:01 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Nov 2017 08:01 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Nov 2017 08:01 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Nov 2017 08:02 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Nov 2017 08:05 AM


 n1 4ප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගයට ප්‍රධානතම හේතුව වන්නේ වාත දොaෂය කුපිත වීම බව අප මේ වන විටත් දන්නවා. ආයුර්වේදය මගින් මේ රෝගයට ප්‍රතිකාර කරන විට ඉලක්‌ක කරන්නේ ශරීරයේ වාත දොaෂය සමතුලිත කර ගැනීමයි. ප්‍රතිශක්‌තිකරණය දියුණු කිරීමෙන් සහ රුධිර සංසරණය යථා තත්ත්වයට පත් කිරීමෙන් මෙය සාර්ථක කරගත හැකියි. එතකොට මුළු ශරීරයම වැඩ කරන්නට පටන් ගන්නව. අපේ මේ අර්ථකථනය නිවැරැදිද?
 
 වෛද්‍ය වසන්ත උදයජීව - ඔබේ අර්ථකථනය නිවැරැදියි. තවත් ස්‌වල්පයක්‌ මා එයට එකතු කරන්නම්. ආයුර්වේද බෙහෙත් කරනවානම් ආයුර්වේදයට අනුකූල ආහාර ගත යුතුයි. මෙහි තේරුම තුන් වේලම පතෝලයි බතුයි කනවා කියන එක නොවෙයි. වැඩිපුර තෙල් නොදමා, වැඩිපුර උකු පොල්කිරි නොදමා හොඳට පිසින ලද මාළු එළවළු සහිත ආහාර වේලකට පුළුවන් ශරීරයේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය සක්‍රීය කර ආම වාතය වර්ධනය වීම වළක්‌වන්නට. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට පුළුවන් අස්‌ථිවල ලිහිස්‌සි ස්‌වභාවය ඇති කරන්න. මෙවිට සන්ධිවල තිබෙන කාටිලේජ ගෙවී යැම පාලනය වනවා.
 
 ප්‍රශ්නය - අද ඔබ අපට දෙන කසාය කුමක්‌ද?
 
 වෛද්‍ය වසන්ත උදයජීව - පාවට්‌ටා මුල්, බැබිල මුල්, වදකහ, අරත්ත අල, දැත්ත මුල්, මුද්දරප්පලම්, කලං 2 බැගින් ගෙන වතුර පත 8 කට දමා 1 පතකට සිඳවා පෙරා සීනි මීපැණි දමා දින 6 ක්‌ උදේ සවස පත භාගය බැගින් පානය කළ යුතුයි. මළබද්ධය තිබෙන අයෙක්‌ නම් සෑම කසාය වාරයකටම එඬරු තෙල් තේ හැඳි භාගයක්‌ එකතු කළ යුතුයි. මේ කසාය පාව්චිචි කිරීමට පෙර අපේ දුරකථන අංකයට කතා කර නොමිලේ උපදෙස්‌ ලබා ගන්නා ලෙස උදක්‌ම ඉල්ලා සිටිනවා.
 
n1 5 ආයුර්වේදයට අනුව පහත සඳහන් ආහාර - විහරණ වලට හුරු වුවොත් වඩාත් යහපත්. එනම්,
 
 1. දවස පටන් ගන්නට පෙර දෙහි බෑයක යුෂ යොදන ලද වතුර වීදුරුවක්‌ පානය කරන්න.
 
 2. වාත දොaෂ නිවැරැදි කිරීමට උළුහාල්වලට ඉතා හොඳින් පුළුවන්. ඔබේ ආහාරයට උළුහාල් එක්‌ කළ විට විපුල ප්‍රයෝජන ලැබෙනවා
 
 3. උළුහාල් ස්‌වල්පයක්‌ අබතෙල් සමඟ මිශ්‍ර කර අඹරා එම ආලේපය ඔබේ සන්ධිවල සම්බාහනය කළ යුතුයි.
 
 ලබන සතියේ තව කොටසක්‌

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Nov 2017 05:14 PM

suwa3 1ශරීරයේ සෑම ඉන්ද්‍රියයකටම බලපානු ලබන දියවැඩියා රෝගය හේතුවෙන් ç ලාංකිකයින්ට 80,000 කට අධික සංඛ්‍යාවක්‌ අන්ධභාවයෙන් පෙළෙන බව අනාවරණය වී තිබේ. තවත් දියවැඩියා රෝගීන් ලé හතක්‌ පමණ දෙනා විවිධ අක්‍ෂි ආබාධවලට ගොදුරු වී ඇති අතර එම සංඛ්‍යාව මෙරට සමස්‌ත දියවැඩියා රෝගීන්ගෙන් 1/3 ක්‌ පමණ සංඛ්‍යාවකි.
 
 මෙරට දියවැඩියා රෝගය පැතිරෙමින් පවතින වේගය අනුව බලන විට මෙය දැඩි අවදානම්කාරී තත්ත්වයකි. දියවැඩියාව නිසා මෙරට ඇතිවන ප්‍රධාන අක්‍ෂි ආබාධයන් වශයෙන් දෘෂ්ටි විතානයේ හටගන්නා ආබාධ, ඇසෙහි සුද මතුවීමේ රෝගය (කැටරැක්‌ට්&zwnj හා ග්ලෝකොමා ලෙස හඳුනාගෙන තිබේ.
 
 දියවැඩියා රෝගීන් අක්‍ෂි ආබාධයන් හේතුවෙන් අන්ධභාවයට පත්වන්නේ ඇයි?
 
 මේ සඳහා ප්‍රධාන හේතූන් තුනක්‌ බලපා තිබේ. ඒවා නම්-
 
 1) දියවැඩියාව නිසා ඇසෙහි දෘෂ්ටි විතානයට සිදුවන හානිය පිළිබඳව ඇති නොදැනුවත්කම.
 
 2) වසරකට වරක්‌වත්a අක්‍ෂි පරීක්‍ෂාවක්‌ සිදු කර නොගැනීම
 
 3) දියවැඩියාව නිසා ඇතිවන අන්ධභාවය වළක්‌වා ගැනීමට කළ හැකි දැ ගැන අවබෝධයක්‌ නොතිබීම යනාදියයි.
 
 දියවැඩියාව නිසා ඇතිවන දෘෂ්ටිවිතාන ආබාධයන් (ඩයබෙට්‌ස්‌ රෙට්‌නොපති) වළක්‌වා ගැනීමට නම් දියවැඩියා රෝගයෙන් පෙළෙන්නන් අඩුම තරමින් වසරකට වරක්‌වත් සුදුසුකම්ලත් අක්‍ෂි වෛද්‍යවරයකු ලවා දියවැඩියා අක්‍ෂි පරීéණය අනිවාර්යයෙන්ම සිදු කරගත යුතුය. දියවැඩියා රෝගයෙන් පෙළෙන ඇතැම් රෝගීන්ගේ දැස්‌ වසර 20 -25 අතර කාලයක්‌ නීරෝගිව පවතින අවස්‌ථා ද පවතී. එසේ වුවද ඔවුන් අක්‍ෂි පරීක්‍ෂාවක්‌ සඳහා යොමුවීමෙන් තමන් දෘෂ්ටිවිතාන ආබාධයකින් පෙළෙන්නේදැයි හඳුනාගත හැකිය.
 
 නීරෝගි දැසකින් ලොව දැකීමට අවශ්‍ය නම්, දියවැඩියාවෙන් පෙළෙන අය මෙම අක්‍ෂි පරීක්‍ෂාව අනිවාර්යයෙන් සිදුකර ගත යුතු අතර එම පරීක්‍ෂාව සඳහා අවශ්‍ය උපකරණ ඇතුළු පහසුකම් පවතින කොළඹ ජාතික අක්‍ෂි රෝහල හරහා එම පරීක්‍ෂාව ඔනෑම අයෙකුට නොමිලයේ සිදුකර ගත හැකිය.
 
 විශේෂයෙන් ඔබ රිය පදවන්නේ නම්, රැකියාවක නිරත වන්නේ නම් මෙම අක්‍ෂි පරීක්‍ෂාව සිදු කර ගෙන අක්‍ෂි ආබාධයක්‌ පවතින බව කලින් හඳුනාගතහොත් අන්ධභාවයට පත්වීම වළක්‌වාගත හැකි වනු ඇත.
 
 මෙරට අන්ධභාවයට හේතු වන ප්‍රධානතම රෝග තත්ත්වය වන දියවැඩියාව රෝගයට ç ලාංකිකයින් පස්‌ දෙනෙකුගෙන් එක්‌ අයෙකු ගොදුරු වී ඇති බව මේවන විට අනාවරණය වී තිබේ. ç ලාංකීය ජනතාවගෙන් සියයට 10 ක්‌ එනම් ලé 20 ක සංඛ්‍යාවක්‌ දියවැඩියාවට ගොදුරුව සිටින අතර එය නාගරික ජනගහනයෙන් සියයට 16.4 ක්‌ හා ග්‍රාමීය ජනගහනයෙන් සියයට 8.7 ක්‌ ලෙස දැක්‌විය හැකිය.
 
 තවද හඳුනා නොගත් දියවැඩියා රෝගීන් හා පූර්ව දියවැඩියා රෝග තත්වයෙන් පෙළෙන මිලියන 2.1 ක්‌ සිටින බවත් හෙළිවී තිබේ.
 
 ශ්‍රී ලංකා අක්‍ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Nov 2017 05:16 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Nov 2017 05:19 PM

suwa4 2ශ්‍රී ලාංකිකයින් අතර පැතිර යන බෝ නොවන රෝග අතුරින් පිළිකාව ප්‍රධාන ස්‌ථානයක්‌ ගන්නා රෝග තත්ත්වයකි. අතීතයේදී යමෙකුට පිළිකාවක්‌ වැළඳී තිබීම යනු මරණ සහතිකයක්‌ ලබාදීමකැයි සැලකිණි. එහෙත් වර්තමානයේ රෝගය මුලින් හඳුනාගෙන නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වුවහොත් පිළිකාවක්‌ සුවපත් කිරීමට ඇති හැකියාව ඉහළ මට්‌ටමක පවතී.
 
 පිළිකාවක්‌ යනු කුමක්‌දරෑ යන පැනයේ සිට එය සුව කර ගැනීම දක්‌වා විවිධ වූ අවස්‌ථාවන් පිළිබඳව මෙරට බටහිර වෛද්‍ය ක්‍ෂේත්‍රයේ සිටින දක්‌ෂ පිළිකා රෝග විශේෂඥයකු වන වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතා විසින් කරන ලද විග්‍රහයක්‌ පහත දැක්‌වේ.
 
 පිළිකාවක්‌ යනු කුමක්‌ද?
 
 suwa5 2ගඩොල් රැසක්‌ එකට තැබීමෙන් බිත්තියක්‌ තැනෙන්නාක්‌ මෙන් සෛල නමැති කුඩා ව්‍යqහ රැසක්‌ එකට එකතු වී අප ශරීරය නිර්මාණය වී ඇත. වෙනත් ආකාරයකට කිවහොත් සිරුරෙහි ඇති මූලික තැනුම් ඒකකය ලෙස සෛලය හැඳින්විය හැකිය.
 
 සාමාන්‍යයෙන් එක සෛලයක්‌ බෙදී නව සෛලයක්‌ ඇති වේ. එසේම ඒවා වර්ධනය වීමද සිදු වේ. මේ සඳහා යම්කිසි හේතුවක්‌, බෙදිය හැකි ප්‍රමාණයක්‌, බෙදිය හැකි සීමාවක්‌, නියමිත වේශයක්‌ මෙන්ම බෙදීම නවතින අවස්‌ථාවක්‌ද තිබිය යුතුය. නීරෝගි සිරුරක මෙම ක්‍රියාවන් සිදු වන්නේ යම්කිසි මධ්‍යම පාලනයක්‌ සහිතවය. එහෙත් යම්කිසි අවස්‌ථාවක මෙම පාලනය නැතිව ගිය පසු සෛල නොනවත්වා බෙදීමට පටන් ගනී. මෙලෙස පාලනයකින් තොරව අසාමාන්‍ය ලෙස බෙදීම නිසා ඇති වූ සෛල ගොනුවක්‌ පිළිකාවක්‌ ලෙස හඳුන්වනු ලැබේ. ඉංගී්‍රසි භාෂාවෙන් පිළිකා සෛල "මැලිග්නන්ට්‌ සෙල්ස්‌" (Malignant cells) ලෙස හැඳින්වේ.
 
 පෙර පිළිකා තත්ත්වය යනු කුමක්‌ද ?
 
 සමහර ඉන්ද්‍රියයන් ආශ්‍රිතව ඇති වන අසාමාන්‍ය සෛල වර්ධනයන් පූර්ණ පිළිකා තත්ත්වයට පත් වීමට පෙර විවිධ රෝග ලක්‌ෂණ පෙන්නුම් කරයි. මෙම අවස්‌ථා පෙර පිළිකා තත්ත්ව (Premalignant Leisons) ලෙස හැඳින්වේ.
 
 මෙම පෙර පිළිකා තත්ත්වය තවදුරටත් නොනවත්වා පැවැතියහොත් කාලයත් සමඟ පූර්ණ පිළිකාවක්‌ බවට පත් වීමට ඉඩ තිබේ. මේ සඳහා ගත වන කාලය පිළිකාවෙන් පිළිකාවට මෙන්ම රෝගියාගෙන් රෝගියාටද වෙනස්‌ වේ.
 
 පෙර පිළිකා තත්ත්ව දැකිය හැකි පිළිකා වර්ග(-
 
 1. මුඛය ආශ්‍රිත පිළිකා
 
 2. පියයුරු පිළිකා
 
 3. ගැබ් ගෙල පිළිකා
 
 4. පුරස්‌ථි ග්‍රන්ථි පිළිකා
 
 5. සමේ පිළිකා
 
 විටෙක ගැබ් ගෙල පිළිකා පූර්ණ පිළිකාවක්‌ බවට පත් වීමට වසර 10 කටත් වඩා කල් ගත විය හැකිය. පෙර පිළිකා තත්ත්ව හඳුනාගෙන ඒවාට නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් පෙර පිළිකා පූර්ණ පිළිකා බවට පත් වීම සම්පූර්ණයෙන්ම වළක්‌වා ගැනීමට පුළුවන. කෙසේ වුවත් බොහෝ පිළිකා වර්ග පෙර පිළිකා තත්ත්වයන් නොපෙන්වාම ආරම්භ වීම සිදු විය හැකිය.
 
 පෙර පිළිකා තත්ත්ව හඳුනා ගැනීම සඳහා විශේෂ පරීක්‌ෂණ වර්ග නුතන වෛද්‍ය විද්‍යාව සතු වේ. මේවා ස්‌ක්‍රීනින් ටෙස්‌ට්‌ස්‌ (Screening Tests) ලෙස හැඳින්වේ.
 
 නිදසුන්(- මැමෝග්‍රෑම් පරීක්‌ෂණය (Mammogram)
 
 පැප් පරීක්‌ෂණය (Papsmear Test)
 
 වර්තමාන සමාජයේ පිළිකා රෝගීන් බහුලව දැකීමට හේතු කවරේද?
 
 පිළිකා ඇති වීමට බලපාන එක්‌ හේතුවකි වයස්‌ගත වීම. වර්තමාන සමාජයේ වයස්‌ගත පුද්ගලයින්ගේ ප්‍රතිශතය ඉහළ ගොස්‌ ඇති අතර ඉදිරි දශක කිහිපයේදී මෙම ප්‍රමාණය තවත් වැඩිවනු ඇත. ඒ සමඟම පිළිකාවන්ට ගොදුරු වන සංඛ්‍යාවද නිරායාසයෙන්ම ඉහළ යනු ඇත.
 
 අති ධාවනකාරී සමාජ වටපිටාවක ජීවත් වන අපි දැන් දැන් විවිධ චර්යාත්මක වෙනස්‌aකම්වලට (Life Style Changes) මුහුණ දෙමින් ආහාර රටාවල වෙනස්‌කම් සිදු කරමින් සිටිමු. සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමේ පුරුද්ද අප අතරත් ක්‍රමයෙන් බැහැර වෙමින් පවතී. පිළිකා වළක්‌වා ගැනීමේ ප්‍රධාන සාධකයන් ලෙස සැලකෙන එළවළු, පලා වර්ග, පලතුරු වැනි ආහාර වෙනුවට ක්‍ෂණික ආහාරවලට (µdස්‌ට්‌ µqඩ්/ ජන්ක්‌ µqඩ්) අද සමාජයේ බොහෝ දෙනා හුරු වී ඇත. මෙවැනි ආහාරවල බොහෝ විට මේදය අධිකව අඩංගු වන අතර මාංශ වර්ග හා සත්ත්ව තෙල් අධික ආහාර වර්ග වැඩිපුර භාවිතය, ආහාරවල අඩංගු සමහර වර්ණක, රසකාරක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය ආදී රසායනික ද්‍රව්‍යද පිළිකා කාරකයන් ලෙස හඳුනාගෙන තිබේ.
 
 බොහෝ රසායනික ද්‍රව්‍ය අනුමත රසායනිකයන් ලෙස ආහාර ඇසුරුම්වල සඳහන් කර ඇතත් ඒවා නියමිත ප්‍රමිතියකින් හා සාන්ද්‍රණවලින් භාවිත නොකරන්නේ නම් එවැනි ද්‍රව්‍ය යෙදූ ආහාර මගින්ද දීර්ඝ කාලීන සංකූලතා ඇති වීමට ඉඩ තිබේ.
 
 තරබාරු බව හා ක්‍රියාශීලී ජීවන රටාවකින් ඈත් වීම, කාර්මිකරණය සමඟ සිදු වන පරිසර දූෂණය, ඇස්‌බෙස්‌ටොස්‌, ඊයම් ආශ්‍රිතව පරිසරයන්හි ජීවත් වීම, රැකීරක්‌ෂා කටයුතුවලදී අධික ලෙස රසායන ද්‍රව්‍ය භාවිත කිරීම හා නිසි ලෙස ආරක්‌ෂිත ක්‍රම භාවිත නොකිරීම/ ඒවාට අනවශ්‍ය ලෙස නිරාවරණය වීම/ පමා වී දරුවන් බිහි කිරීම පිළිකාවන් ඇති වීමට හේතු වේ.
 
 මේවාට අමතරව මෙතෙක්‌ හඳුනා නොගත් පිළිකා රෝගවලට හේතු වන සාධක විශාල ගණනක්‌ පැවැතිය හැකිය.
 
 පිළිකා සෑදීමට බලපාන ප්‍රධාන හේතුන්?
 
 * දුම්කොළ හා මත්පැන් භාවිතය
 
 * රසායනික ද්‍රව්‍ය * ආහාර වර්ග
 
 * රැකීරක්‌ෂාවලදී පිළිකා කාරකවලට නිරාවරණය
 
 * පාරිසරික සාධක
 
 * ජානමය සාධක
 
 * හෝමෝන ක්‍රියාකාරීත්වය
 
 * ඖෂධ
 
 * පරපෝෂිතයෝ හා ක්‍ෂුද්‍ර ජීවියෝ
 
 * වෙනත් රෝගවල පසුකාලීන සංකූලතා
 
 * තරබාරුකම හා ක්‍රියාශීලී භාවය අඩුකම
 
 * වයස්‌ගත වීම
 
 * නොහඳුනාගත් සාධක
 
 පිළිකා කලින් හඳුනා ගැනීමට ආධාර විය හැකි අනතුරු ඇඟවීමේ ලක්‌ෂණ මොනවාද?
 
 1. කල් පවතින කැස්‌ස
 
 2. කල් පවතින කටහඬ වෙනස්‌ වීම
 
 3. මුඛයේ හෝ සමෙහි ඇති වන සුව නොවන තුවාල.
 
 4. ගැටයක, ලපයක හෝ ඉන්නෙකුගේ හදිසි වෙනස්‌ වීමක්‌.
 
 5. පියයුරුවල හෝ අන් තැනක ඇති වන ගැටයක්‌ හෝ ඝන වීමක්‌.
 
 6. යෝනි මාර්ගයෙන් අක්‍රමවත් ලෙස ලේ හෝ ස්‍රාව වාහනය වීමක්‌.
 
 7. මුත්‍රා සමඟ ලේ පිට වීම.
 
 8. මළපහ කිරීමේදී එදිනෙදා පුරුදුවල වෙනසක්‌ සිදු වීම හෝ ගුද මාර්ගයෙන් ලේ හෝ සීදම් පිටවීම.
 
 9. කෑම හෝ දියර වර්ග ගිලීමට අපහසු වීම හෝa කෑම ගැනීමට ප්‍රියතාවක්‌ නොමැති වීම.
 
 10. දිගු කල් පවතින උණ.
 
 11. කුද්දටි ඉදිමීම.
 
 12. කෙටි කලක්‌ ඇතුළත ශරීර බර අඩු වීම.
 
 ඉහත සඳහන් රෝග ලක්‌ෂණයක්‌ හෝ ලක්‌ෂණයන් කිහිපයක්‌ පැවැතීම පිළිකා නොවන වෙනත් හේතුන් නිසාද ඇති විය හැකිය.
 
 පිළිකා ප්‍රතිකාර ක්‍රම මොනවාද?
 
 1. ශල්‍ය කර්ම
 
 2. විකිරණ ප්‍රතිකාරය
 
 3. පිළිකා නාශක ඖෂධ ප්‍රතිකාරය
 
 4. හෝමෝන ප්‍රතිකාර ක්‍රමය
 
 5. නවීන ක්‍රම  (- ජාන ප්‍රතිකාරය, ඇට මිදුලු බද්ධ කිරීම.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Nov 2017 05:21 PM



ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Nov 2017 05:23 PM

suwa2 1සතියකට පස්‌ වතාවක්‌ චොක්‌ලට්‌ ආහාරයට ගන්නා අධි බරැති (ශරීරයේ බර නියමිත ප්‍රමාණයට වඩා වැඩි) පුද්ගලයන් හෘද රෝග හා ඒ ආශ්‍රිතව හට ගන්නා හෘදයාබාධයන්ට වැළඳීමේ අවදානම අඩු බව ඇමරිකා එක්‌සත් ජනපදයේ බොස්‌ටන් සෞඛ්‍ය සේවා පද්ධතියට අයත් පර්යේෂකයින් පිරිසක්‌ විසින් සිදුකර ඇති නවතම අධ්‍යයනයකදී අනාවරණය කර ගෙන තිබේ.
 
 මෙම අධ්‍යයනය සඳහා සාමාන්‍ය වයස අවුරුදු 64 ක්‌ වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්‌ලක්‌ෂ හතළිස්‌ අට දහස්‌ හාරසිය හැට පස්‌ දෙනෙකු (148,465), යොදා ගෙන ඇති අතර ඔවුන් චොක්‌ලට්‌ ආහාරයට ගැනීම පිළිබඳව වසර දෙකහමාරක කාලයක්‌ නිරීක්‍ෂණය කර තිබේ.
 
 මෙම අධ්‍යයනයෙහි ප්‍රතිඵලයට අනුව සෑම සතියකම චොක්‌ලට්‌ පස්‌ වතාවක්‌ හෝ එයට වැඩි වාර ගණනක්‌ ආහාරයට ගත් අධිබරැති පුද්ගලයින් හෘද රෝග හා ඒ ආශ්‍රිතව හට ගන්නා හෘදයාබාධයන්ට ගොදුරු වීම අඩු මට්‌ටමක පැවැති බව තහවුරු වී ඇති අතර එසේ චොක්‌ලට්‌ කිසිසේත් අනුභව නොකරන අධි බරැති පුද්ගලයන් හෘද රෝග හා ඒ ආශ්‍රිත හෘදයාබාධයන්ට ගොදුරු වීමේ අවදානම වැඩි බව හෙළිවී තිබේ.
 
 කෙසේ වුවද අධි බරැති පුද්ගලයින්ට මෙන් බලපෑමක්‌ චොක්‌ලට්‌ ආහාරයට ගත් නිරෝගී ශරීර ස්‌කන්ධ බරක්‌ (බී එම් අයි) හිමි අඩු බරැති පුද්ගලයන්ට එල්ලවී නොමැති බව පර්යේෂකයෝ සඳහන් කර සිටිති.
 
 මෙයට පෙර චොක්‌ලට්‌ සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනවලදී ප්‍රතිඔක්‌සිකාරකයන් බහුල ඩාක්‌ චොක්‌ලට්‌ ආහාරයට ගැනීමෙන් රුධිර තැටි සාදන නරක කොලෙස්‌ටරෝල් (බෑඩ් කොලෙස්‌ටරෝල්) වලින් ශරීරය ආරක්‌ෂා කර දෙන බව අනාවරණය වී තිබිණි. එමෙන්ම ඩාක්‌ චොකලට්‌ වල අඩංගු "ෆ්ලෙවනොල්" නමැති සංයෝගය මගින් රුධිර පීඩනය අඩුකර, රුධිර සංසරණය වැඩිදියුණු කිරීමත් කැටි ගැසීම අඩු පට්‌ටිකා නිපදවීමටත් හේතු වන බව අනාවරණය කර ගෙන තිබිණි.
 
 එමෙන්ම පසුගිය අගෝස්‌තු මාසයේදී පර්යේෂකයින් පිරිසක්‌ විසින් චොක්‌ලට්‌වලට සත්ත්වයන් දියවැඩියාවට ගොදුරුවීම වැළැක්‌වීමට හැකි බවත් චොක්‌ලට්‌වලට යොදන කොකෝවාවල අඩංගු "එපිකැටෙචින් මොනොම(ර්) නමැති සංයෝගය මෙයට හේතුවන බව අනාවරණය කර සිටියහ.
 
 මෙම සංයෝගය තරබාරු බව අඩුකරලීමටත් සත්ත්වයන්ට අධි රුධිරගත ග්ලූකෝස්‌ ප්‍රමාණයන් අඩුකරලීමට අවශ්‍ය හැකියාව වර්ධනය කිරීමටත් හේතුවන බව එම පර්යේෂකයෝ කියා සිටියහ.
 
 මෙම පර්යේෂණය මෙහෙයවූ බ්‍රිග්හැම් යන්ග් සරසවියෙහි මහාචාර්ය ඡේෆ්රි ටෙස්‌සෙම්ට අනුව මෙම තත්ත්වය මිනිසුන් සම්බන්ධයෙන් තවමත් අත්හදා බලා නොමැති අතර චොක්‌ලට්‌වල වාසිය ලැබීමට නම් කොකෝවා වැඩියෙන් අනුභව කෙරෙන ලෙස හා සීනි අධිකව අඩංගු නොවන ලෙස සකස්‌කර ගත යුතු වේ.
 
 චොක්‌ලට්‌ ආහාරයට ගැනීමෙන් අධි බරැති පුද්ගලයන්ට වාසි සිදුවීම පිළිබඳ අධ්‍යයනය පසුගියදා කැලිෆොනියාවේ පැවැති ඇමරිකානු හෘද සංගමයේ වාර්ෂික විද්‍යාත්මක සැසිවාරයට ඉදිරිපත් කර තිබිණි.
 
 සංස්‌කරණය - ඒමන්ති මාරඹේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Nov 2017 05:24 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Nov 2017 05:27 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/26535.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
19 Nov 2017 10:43 PM
40 පැනපු පිරිමි තුන් දෙනෙක් ඇරෙන්න කාන්තා පාර්ශ්වයේ අය අඅපේ සයිට් එකේ නෑ නේද
Business, you know, may bring money, But friendship hardly ever does.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
20 Nov 2017 03:07 AM
වර්තමාන කාලයේ නම් 40 ට අඩු වුනත් කමක් නෑ මේ පරීක්ෂණ ටික කරගත්තා නම් හොදයි..
දැන් කාලයේ මිනිසුන්ගේ රෝගී තත්ත්වයන් එන්න එන්නම වැඩි වෙනවා..
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Nov 2017 08:18 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Nov 2017 08:19 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Nov 2017 08:21 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Nov 2017 08:21 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 68 of 137 << < 6667686970 > >>