Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 7 of 137 << < 56789 > >> Author Messages samanthaMost Senior MemberPosts:13190 26 Apr 2017 10:04 PM ලංකාවේ හිටපු දවස් වල නම් දිනපතාම වාගේ කොළ කැඳ වීදුරුවක් පානය කලා. මෙහෙදිත් හිටපු ගමන් ගොටුකොළ කැඳ හදනවා. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 indika76Most Senior MemberPosts:10449 26 Apr 2017 11:43 PM ලෝකයේ තියෙන උතුම් ම සැපත ලෙඩ රෝග නැතිව ජීවිත කාලය ගෙවීමයි... 0 hasithadSuper Senior MemberPosts:5795 28 Apr 2017 06:46 AM ලෙඩ වුනත් එකතැන් වෙන්න වුනොත් ඉතින් ඕනෙම නෑ.ඊට වඩා හොදයි මැරිලා යන එක. වද විදිනවාට වඩා. 0 santhaaBasic MemberPosts:249 29 Apr 2017 02:59 AM මම ප්‍රාර්ථනා කරන්නේ අපේ යාලුවෝ හැමෝටම ලෙඩක් දුකක් නැතුව සතුටින් ඉන්න ලැබේවා කියලා.......... අපි හැමෝම පුලුපුලුවන් වෙලාවට පුළුවන් හැටියට අසරණ අයට උදව් කරන්න ඕනේ .............. 0 chamaramindMost Senior MemberPosts:13471 01 May 2017 10:09 PM මාරාන්තික ලෙඩ ගොඩකට අත්දුටු ජපන් ජල ප්‍රතිකාරය ජපන් ජාතිකයන් සතු විශේෂ ලක්ෂණයක් තමයි ඉතා නීරෝගී ලෙස දිගු කලක් ජීවත් වීමේ හැකියාව. ජපනුන් සතු මේ අරුම පුදුම හැකියාවන් ගැන බටහිර විද්‍යාඥයන් හොයලා බලද්දී තමයි ඔවුන් සතු පාරම්පරික ගති පැවතුම ඒකට මොන තරම් දායක වෙනවද කියලා ඔවුන්ට දැනගන්නට ලැබිලා තියෙන්නේ. මේ අතරින් ඔවුන් නිතරම ජලය පානය කිරීම ගැනත් වැඩි අවධානයක් යොමු වුණා. විශේෂයෙන්ම කොයි ජපන් මනුස්සයත් පොඩි කාලේ ඉඳන් උදේ නැගිටපු ගමන් කරන්නේ පිස්සුවෙන් වගේ වතුර බොන එක බව ඔවුන් නිරීක්ෂණය කර තිබුණා. ඒත් ඇත්තටම බලපුවාම ඒක පිස්සුවක් නෙවෙයි. මේ ලිපිය දිගටම කියවලා බැලුවොත් ඔයාලට තේරුම්ගන්න පුළුවන් වෙයි අපි හැමදාම තිබහට බොන වතුර ටික නිවැරදි ක්‍රමයට බිලා අපේ සිරැරට මොන තරම් ප්‍රයෝජනයක් ලබාගන්නට පුළුවන් වෙනවද කියන එක. ජපානයේ වෛද්‍යවරුන් ඇතුළු ජපන් වෙදැදුරු සංගමය කියන්නේ ජල ප්‍රතිකාරය නිවැරදිව කිරීම මගින් පහසුවෙන් සුව කළ නොහැකි මාරාන්තික බවට පත්වන රෝගාබාධ රැසක් සුවකර ගැනීම වගේම තවත් විවිධ ශරීර සුවතා ගැටලුවලටත් හොඳ විසඳුමක් ලබාගත හැකි බවට ඔවුන්ගේ ජන සමාජය තුළ ඕනෑ තරම් සාක්ෂි දකින්නට ලැබෙන බවයි. ඔවුන් තමන්ගේ සෞඛ්‍ය විද්‍යා ජර්නල් වල ජල ප්‍රතිකාරය මගින් සුව කළ හැකි රෝග කියලා දක්වලා තියෙන ලෙඩ ලැයිස්තුව දැක්කම ඇත්තටම හිතෙන්නේ මෙතන නැති ලෙඩක් නැහැ නේද කියලයි. හිසරදය, සිරුරේ තැන තැන ඇදුම් කෑම්, හදවත් ආශ්රිත ගැටලු, ආතරයිටිස්, මීමැස්මොරය, ස්ථූල භාවය, බ්‍රොන්කයිටීස්, ඇදුම, ක්ෂය රෝගය, මෙනින්ජයිටිස්, වකුගඩු හා මුත්‍රා ගැටලු, වමනය, ගැස්ට්‍රයිටිස්, බඩඑලිය යාම, අර්ශස්, දියවැඩියාව, මළ බද්ධය, පෙනීමේ ගැටලු, ගර්භාශ ගැටලු, පිළිකා, ඔසප් සංකූලතා, ඇස් කන් නාසා හා උගුර ආශ්රිත ගැටලු යනාදිය මෙහි දක්වලා තියෙනවා. ඉතින් ඇත්තටම තවත් රෝග තියෙනවද කියලා හිතෙන එකත් සාධාරණයි. මේ සියල්ලෙන්ම මිදීමට වගේම නිරෝගීව විසීමටත් උදව් වෙන ජල ප්‍රතිකාරය නිවැරදිව කරන්නේ මෙහෙමයි. 01. උදෙන්ම වතුර වීදුරු හතරක් පානය කිරීම. වීදුරු හතරක් කිව්වට බය වෙන්න එපා. ජපන් මිනිසුන් මේ සඳහා භාවිතා කරන කෝප්ප මිලි ලීටර් 160ක් විතරයි. ඉතින් මේ කෝප්පයෙන් හතරක් ඒ කියන්නේ මිලි ලීටර් 640ක් බොන්නයි තියෙන්නේ. මේ ප්‍රමාණය උදෑසන අවදි වූ සැණින් ඉක්මනට පානය කිරීම අවශ්‍යයි. මේක සාමාන්‍යයෙන් වීදුරු බෝතලයක (මි.ලී. 750 අරක්කු බෝතලයක් වගේ) කඳ කොටසට අල්ලන ජල පරිමාවට ආසන්න ලෙස සමානයි. (කඳ කොටස කියන්නේ සිලින්ඩරාකාර කොටසට. ඊට ඉහළින් තමයි බෝතලයේ බෙල්ලක් වගේ සිහින් වෙන කොටස තියෙන්නේ) 02. ඊළඟට සාමාන්‍ය විදිහට දත් මැදලා සෝදා ගෙන දවසේ කටයුතු කර ගන්න. මුලින්ම වතුර බීලා විනාඩි 45න් යන තුරැ කිසිවක් කන්නට හෝ බොන්නට එපා. 03. කුස පිරෙන්න හොඳ උදෑසන ආහාර වේලක් ලබාගන්න. ඉන්පසු තේ හෝ වෙනත් පානයක් ලබාගන්න. මේ සඳහා පිරිසිදු වතුරම වීදුරු දෙකක් බිව්වත් හොඳයි. (මි.ලී. 300-350) 04. දැන් තවත් පැය දෙකක් ගත වනතුරු වෙනත් කිසිවක් කෑමට, බීමට ගන්න එපා. මේ පියවර ඉතාම වැදගත්. උදෑසන ආහාරය සම්පූර්ණයෙන් ගෙන යම් බීමක් පානය කිරීමෙන් පසුව පැය දෙකක් යන තුරැ වෙනත් කිසිවක් කුසට වැටෙන්නට බැහැ. 05. එතැන් පටන් සාමාන්‍ය ක්‍රමයට දවස ගෙවන්න. වෙනත් කිසිදු විශේෂ යමක් කරන්නට අවශ්‍ය නැහැ. 06. මේ ක්‍රියාවලිය හැමදාම සිදුකරන්න. පහතින් දක්වලා තියෙනවා ඔබට ඇති සෞඛ්‍ය ගැටලු අනුව මෙය සිදුකළ යුතු කාල පරාසය. අධි රුධිර පීඩනය - දින 30ක් නොකඩවා ගැස්ට්‍රයිටිස් - දින 10ක් දියවැඩියාව - දින 30 මළ බද්ධය - දින 10ක් හෝ මඟ හැරෙන තුරු පිළිකා - නොකඩවා දින 180ක් (මාස 6ක් පුරා) ක්ෂය රෝගය - දින 90ක්. මෙහිදී උණු වතුර භාවිත කරන්න. 07. ආතරයිටිස් - පළවෙනි සතියේ නොකඩවා දින තුනක්. ඉන් පසු දවස් 4ක් මෙය සිදු නොකර සිටින්න. ඉන් පසු දෙවන සතියේ සිට දිනපතා සිදුකරන්න. මේ ජල ප්‍රතිකාරයෙන් ඇතිවිය හැකි කිසිදු අතුරු ආබාධයක් හෝ රෝගයක් නැහැ. ක්ෂය රෝගීන් අනිවාර්යයෙන්ම මෙම ප්‍රතිකාරය සඳහා උණු වතුර භාවිත කරන්නට වග බලා ගැනීම විතරයි ප්‍රවේසම් විය යුතු එකම අවස්ථාව. අනෙක් කිසිම කෙනෙකුට මේකෙන් කිසිදු ගැටලුවක් ඇති වෙන්නට ඉඩක් නැහැ. ඕනේ නම මුත්‍රා පිට වීම ටිකක් විතර වැඩි වෙයි. කොහොම වුණත් කලින් කිව්වා වගේ මේකෙන් ලැබෙන ප්‍රයෝජන නම් අති විශාලයි. මේ රෝග සියල්ල හොඳ කරගන්න අතරම වෙනදාට වඩා ඉතා ප්‍රබෝධයෙන් දවස ගත කරන්නටත්, කඩිසරව, කාර්යක්ෂමව ඕනෑම දෙයක් කරන්නටත්, දින අවසානයේ සුවදායි නින්දක් ලබාගන්නටත් මේ ජල ප්‍රතිකාරය උපකාරි වෙනවා. සාමාන්‍යයෙන් මිනිස් ශරීරයේ සියයට 80ක්ම ජලය නිසා සිරුරට ජලය අත්‍යවශ්‍ය ජීව සාධකයක්. ජලයේ ඇති ජීව ගුණය නිසි පරිදි භාවිත කරමින් ලෙඩ රෝග වළක්වා ගැනීමයි මේ ජපන් ක්‍රමයෙන් සිදුවන්නේ. එමගින් ආහාර රුචිය නිසිපරිදි පවත්වාගෙන කුසගින්න නිසිකලට ඇතිවෙනවා. ඒ වගේම මළ මුත්‍රා පහකිරීම නිසි තත්ත්වයට පත්කරනවා. සිරුරේ සියලුම අවයව පද්ධති ස්භාවික අන්දමට ක්‍රියාත්මක වීමට සලස්වනවා. ඒ කියන්නේ නීරෝගී සිරුරක් ලබාදෙනවා. නීරෝගී සිරුරක් නියන්නේ නීරෝගී මනසක්. ඉතින් මෙට උදේ සිටම ජල ප්‍රතිකාරය අරඹා ප්‍රතිඵල අත්විඳිමු. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 01 May 2017 10:11 PM 50න් පසු ව්‍යායාම අනිවාර්යයි අවුරුදු පනහට වැඩි වයසේ පසුවන පුද්ගලයන්ට සිය මනසේ ක්‍රියාකාරිත්වය තියුණු මට්ටමක පවත්වා ගැනීමට ගත හැකි හොඳම පියවර සතියකට කීප වරක් ව්‍යායාම කිරීම බව විද්‍යාත්මක අධ්‍යනයක් පෙන්වා දෙයි. හදවත සහ මාංශපේශි නිසි ලෙස ක්‍රියාත්මක වන අයුරින් විධිමත් ව්‍යායාම කිරීමෙන් සිතීමේ හැකියාව සහ මතකය වර්ධනය කර ගැනීමට හැකි බව අධ්‍යයන තිස්නවයකින් තොරතුරු තහවුරු කර තිබේ. සංජානන ක්‍රියාකාරකම් හීන වීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයන් පවා විධිමත් ව්‍යායාමවල යෙදීමෙන් පසු සිතීමේ ශක්තිය සහ මතක ශක්තිය වර්ධනය වීමේ ලකුණු පෙන්නුම් කළ බව මේ පරික්ෂණ මගින් හෙළි වී තිබේ. පාපැදියෙන් ගමන් ගියොත් ඇඟ Fit සෞඛ්‍ය සම්පන්න හදවතකට විනාඩි තුනක් ව්‍යායාම ඇති දියවැඩියාවෙන් බේරීමට ආසියානුවෝ වැඩියෙන් ව්‍යායාම කළ යුතුයි තරබාරු භාවයට එරෙහිව දිනකට පියවර 15000ක් තබන්න ඔවුන් පෙන්වා දෙන්නේ කුමන වයස් සීමාවක පසු වුවද මනස සහ ශරීරය ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයක පවත්වාගෙන යාමට විධිමත්ව සිදුකරන ව්‍යායාම ඉවහල් වන බවය. ඉතා අභියෝගාත්මක වෙහෙසකර ව්‍යායාමවල යෙදීමට අපොහොසත් වයස පනහ ඉක්මවූ පුද්ගලයන්ට පවා විධිමත් රටාවකට අනුව තායි චී, යෝගා වැනි පහසු ව්‍යායාමවල නිරත වීම සුදුසු බව බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක කරන ලද අධ්‍යනයක් තහවුරු කර තිබේ. ශාරීරික ක්‍රියාකාරකම් විවිධ ලෙඩ රෝග වැළදීමට ඇති අවදානම අඩු කරන බව දීර්ඝ කාලයක සිට අප දැන සිටි බව ඇත්තකි. දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව මෙන්ම ඇතැම් පිළිකා පමණක් නොව මැදි වයසේ දී ආරම්භවන මොළයේ ක්‍රියාකාරිත්වයේ සියුම් අඩු විම් පවා හට ගැනීමට ඇති අවදානම අඩුකර ගැනීමට ව්‍යායාමවල යෙදීම ඉවහල් වන බව එලෙස සනාථ වූ කරුණුය. ව්‍යායාම වල නිරත වීමෙන් මොළයේ ලේ ගමනාගමනය ක්‍රමවත් වන අතර එමගින් මොළයට අවශ්‍යය ඔක්සිජන් නිසිලෙස ලැබීමෙන් මොළයේ සෛල වල ක්‍රියාකාරිත්වය ඉහළ යයි. ඊට අමතරව මොළයේ නිපදවන හෝමෝන සහ නව ස්නායු සෛලවල ක්‍රියාකාරිත්වය ඉහළ දැමීමටත් එමගින් විශාල පිටුවහලක් ලැබේ. කැන්බරා විශ්ව විද්‍යාලයේ සිදුකළ අධ්‍යයනයකින් සති හතරක කාලයක් තුළ වැඩිහිටියෙකුගේ මොළයේ ක්‍රියාකාරකම්වලට විධිමත් ව්‍යායාමවලින් කෙරෙන බලපෑම බලන ලදී. ඒ අනුව ස්වායු ව්‍යායාම නැතහොත් ඇරොබික් ව්‍යායාම මගින් වැඩිහිටියෙකුගේ මොළයේ සංජානන ක්‍රියාකාරකම් එනම් සිතීමේ ශක්තිය, කියවීම, ඉගෙනීම සහ යමකට බලපාන හේතුව හඳුනාගැනීම වැනි හැකියාවන්වල වර්ධනයක් ඇති වු බව තහවුරැ වී තිබේ. ඊට අමතරව මාංශ පේශී ඉලක්ක කරගෙන විවිධ බර උපකරණ භාවිතයෙන් යෙදෙන ව්‍යායාමවලින් මතකය වර්ධනය, සැලසුම් කිරීමට සහ සංවිධානයට ඇති හැකියාව පමණක් නොව විධායක තීරණ ගැනීමට ඇති හැකියාවද වර්ධනය වන බව මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල මගින් පෙන්වාදී ඇත. ඒ අනුව වයස අවුරුදු පනහට වැඩි, වැඩිහිටියන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය ඉහල නංවා ගැනීමට ස්වායු ව්‍යායාම සහ බර උපකරණ යොදාගෙන සිදුකරන මාංශ පේශී ව්‍යායාම යන වර්ග දෙකම සුදුසු බව මෙම අධ්‍යයනයෙන් තහවුරු වූ බව කැන්බරා විශ්ව ද්‍යාලයේ ක්‍රීඩා සහ ව්‍යායාම පර්ෙය්ෂණ ආයතනයේ ප්‍රධානී ජෝ නොර්තෙයි ප්‍රකාශ කළේය. සතියකට එක් වරක් හෝ දෙවරක් ව්‍යායාමවල යෙදීමෙන් පවා ඔබගේ මොළයේ සංජානන ක්‍රියාකාරකම්වල වර්ධනයක් දකින්න පුළුවන්. නමුත් ඔබ සතියකටකිහිපවරක් විධිමත් ලෙස ව්‍යායාම්වල යෙදෙනවා නම් සංජානන ක්‍රියාකාරකම්වල ඉහළ වර්ධනයක් ඇතිකරගන්න පුළුවන් බව මේ අධ්‍යයනයෙන් තහවුරු වෙලා තියෙනවා ඔහු කියයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ යමෙකු නිසි ලෙස විධිමත් ව්‍යායාමවල යෙදෙන්නේ නම් ඔහු හෝ ඇය එම ව්‍යායාමවල නිරත වන අතරතුර තවත් පුද්ගලයෙකු සමග සාර්ථක කතාබහක නිරත වීමට හැකියාව තිබිය යුතු බවය. වැඩිහිටියෙකු සතියක කාලයක් තුළ මිනිත්තු එකසිය පනහක කාලයක් විධිමත් ස්වායු ව්‍යායාමවල නිරත විය යුතු බවට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය උපදෙස් දෙයි. ඊට අමතරව මාංශ පේශි ඉලක්ක කරගනිමින් අඩුම තරමින් සතියකට දින දෙකක් වත් ව්‍යායාම වල නිරත විය යුතු බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය නිරේදේශ කරයි. බ්‍රිතාන්‍ය පොදු සෞඛ්‍ය සේවය විසින් ක්‍රියාත්මක කරන ලද වැඩිහිටියකුගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම යනුවෙන් නම් කරන ලද අධ්‍යයන වැඩසටහන මෙහෙයවන වෛද්‍ය ජස්ටින් වාර්නි කියා සිටියේ ඕනෑම ආකාරයේ ශාරීරික ක්‍රියාකාරකමක් ශරීරයට සහ මනසට ගුණාත්මක ප්‍රතිඵල අත්කරන බවය. මිනිත්තු දහයක කාලයක් ව්‍යායාම කිරීම පවා ඕනෑම පුද්ගලයෙකුගේ සෞඛ්‍යයට හිතකර බලපෑමක් ඇති කරන්න ඉවහල් වෙනවා. මිනිත්තු 150ක කාලයක් සතියක් තුළ ව්‍යායාම වෙනුවෙන් වෙන් කිරීමෙන් ඩිප්රේෂන් නැතහොත් විෂාදය සහ චිත්ත වික්ෂේපය වැළදීමට ඇති අවධානමෙන් තුනෙන් එකක් අඩු කරගැනීමට වැඩිහිටියෙකුට ඉඩ සැලසෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ තුළින් මොළයේ ක්‍රියාකාරිත්වයේ විශාල වර්ධනයක් පවා ඇතිකර ගැනීමට ඔවුන්ට හැකි වෙනවා. වෛද්‍ය ජස්ටින් වාර්නි පෙන්වා දෙයි. ඇරෝබික් සහ ශක්තිය වර්ධනය කිරීම යන වර්ග දෙකේම ව්‍යායාමවල විධිමත් ලෙස නිරත වීමෙන් විවිධ සෞඛය ප්රතිලාභ විශාල ප්‍රමාණයකට හිමිකම් කියන්න ඔබට හැකියාව ලැබේ. නිවසේ සිට පාපැදියකින් හෝ පයින් සේවා ස්ථානයට යාම ඉතා හොඳ ස්වායු ව්‍යායාමයක් ලෙසත්, නිවසට අවශ්‍ය බඩු බාහිරාදිය පිරවූ මලු දෙකක් රුගෙන පා ගමනින් නිවෙසට යාම ශක්තිය වර්ධනය කිරීමේ ව්‍යායාමයක් ලෙසත් පෙන්වා දිය හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. කෙසේ වෙතත් ස්කොට්ලන්තයේ කාර්ඩිෆ් විශ්ව විද්‍යාලයේ ස්නායුවේදය සහ මනෝ චිකිත්සාව පිළිබඳ මහාචාර්ය ඩීන් බර්නෙට් මෙම අධ්‍යයන මගින් ව්‍යායාම කිරීමෙන් මොළයට ඇතිවන සාධනීය බලපෑම සම්බන්ධයෙන් ඉතා පැහැදිලි අදහසක් ඉදිරිපත් කරන නමුත් මොළයේ සෞඛ්‍ය හා බැඳුණු තවත් වැදගත් පැතිකඩ කීපයක් පවතින බව පෙන්වා දෙයි. මහාචාර්ය ඩීන් බර්නෙට් වැඩිදුරටත් කියා සිටියේ පෝෂදායී සමබර ආහාර වේලක් ගැනීම, මත්පැන් පානය සීමා කිරීම සහ දුම් පානයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීම, මානසික සෞඛ්‍ය වර්ධනයට සහ මොළයේ ක්‍රියාකරකම් ඉහළ නංවා ගැනීමට ව්‍යායාම කිරීම තරම්ම වැදගත් වන බවය. Cardiff Health Journal උපුටා ගැනීම - දේශය වෙබ් පුවත්පතිනි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 01 May 2017 10:12 PM නාකි වෙන්නේ ධාතු අඩු නිසාද? නාකි කියන්නේ නොහැකියි කියන එකනේ. සොබාවිකව වයස්ගත වීම නිසා ශරීරය අබල දුබල බවට පත්වීමයි මෙතැනදී සිදුවන්නේ. නමුත් එච්චර වයසකුත් නැතිව හම රැළි වැටිලා කෙස් සුදුවෙලා ඇඟ දිරාපත් වෙලා අබල දුබල වෙච්ච අයත් දකින්න පුළුවන්. මේ තත්ත්වය සාමාන්‍ය සමාජයේ හඳුන්වන්නේ අකලට මහළු වීම හැටියටයි. මේ නිසා අකලට මහළුවීම කියන මාතෘකාවත් දැන් ව්‍යාජ ලෙඩ රෝග පෙන්වා තෙල්බේත් සත්කාර කරන ජාවාරම්කාරයන්ගේ මඩි තර කරන සල්ලි ගරන මන්ත්‍රයක් හැටියට දක්වන්න පුළුවන්. අධික ලෙස ස්වයං වින්දනයේ යෙදීම නිසා ඇඟ කෙට්ටුවීමත් අකලට වයසට යාමත් ඒ නිසාම දරුඵල අහිමිවීමත් සිදුවෙනවාද? විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මේ ප්‍රශ්නයට උත්තර දෙන්නේ කවදත් සුපුරුදු හිනාව දෙගුණ කරමින්. අපි ඉස්කෝලේ යන කාලේ පන්තියේ ළමයි අතර කතාවක් පැතිරිලා තිබුණා. එක ශුක්‍ර බිංදුවක් හදන්න රුධිර බින්දු 500ක් ඕනෑය කියලා. ඉතින් මාර වැඩක්නේ අනෙක් හැමෝම වගේ මමත් බය වුණා. මොකද මෙහෙම ගියොත් ලේ කලඳක් ඇගේ ඉතිරිවෙන එක්ක නෑනේ කියලා. ඔය මිත්‍යාව බිඳුනේ වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය චන්න විජේසිංහගේ මනෝවිද්‍යා දේශනයකට සවන් දුන්නාටත් පසුවයි. මේක තනිකරම මිත්‍යාවක්. ඔන්න ඕක තමා ඇත්ත. සමාජය තුළ මේ වගේ භිතිකා පැතිරිලා . නමුත් මේවා කිසිම විද්‍යාත්මක පදනමක් නැති කතා. පළමුව ස්වයං වින්දනය කියන්නේ ලෙඩක් නෙවේ. නිරෝගි කෙනෙක් තමා එයට යොමු වෙන්නේ. ලෙඩ්ඩුන්ට මේ වැඩේ බෑ. ඒ වගේම ධාතු පිටවීම නිසා ඇගේ පෝෂණයට හානියක් වෙන්නේ නෑ. ඇඟ කෙට්ටු වෙලා හම රැලි වැටිලා වයසට යන්නේ නෑ. එහෙමනම් ඉතින් කෙළ ගහන්නත් බැහැනේ. ඔය කෙළ ගහන තරමට කට්ටිය ඉතිරි වෙන එකතුත් නෑ. ඒ වගේම අධික ලෙස ස්වයං වින්දනයේ යෙදීම කියලා දෙයකුත් නෑ. ඒක ශරීර සෞඛ්‍යට අහිතකර ලෙස බලපාන්නේ නෑ. ස්වයං වින්දනයේ යෙදෙන්නේ ශරීරය නිරෝගීව නිසි පරිදි පවතින අයයි. සිරුර ලෙඩ වුණාම මනස ලෙඩ වුණාම ලිංගික ආශාව නැතිවෙනවා. එක්වරක් ස්වයං වින්දනයට පසු ටික වෙලාවක් යනතුරු ඒ සඳහා පෙළඹවීමක් එන්නේ නෑ. නමුත් ඔහුගේ කය මනස නැවත ඒ සඳහා සූදානම් වුණාම නැවතත් ඒ සඳහා අවශ්‍යතාව උදාවෙනවා. ඒ වගේම ස්වයං වින්දනය නිසා ධාතු ශක්තිය හීන වෙනවා නැති වෙනවා කියන්නේ අමූලික බොරු කතාවක්. හොඳින් මතක තබාගන්න මේක කිසිම විදියකට රෝගී තත්ත්වයක් නෙවෙයි. එහෙම නොවෙනවා නම් තමා ලෙඩේ. මේ නිසා තමන්ගේ ශරීරය කෙට්ටු වෙයි අකලට මහළු වෙයි කියලා බොරුවට බයවෙලා හිතත් අවුල් කරගෙන සාමාන්‍ය ස්වභාවික ජීවිතේ අවුල් කරගන්න එපා. කොටින්ම වයසට යාම සමඟ මේ කියන ධාතුවල සම්බන්ධයක් නෑ. ඊළඟට වැදගත් කාරණයක් තියෙනවා. ස්වයං වින්දනය අස්වාභාවික ලෙස ඇබ්බැහි වීමක් ලෙස භාවිතා කරන්නට පෙලඹෙන අය ඉන්නවා. තැනක් නොතැනක් බලලා මෙලෙස හැසිරෙනවා. මේ තත්ත්වය මානසික රෝගී තත්ත්වයක් විය හැකියි. භින්නොන්මාදය, OCD වශයෙන් හඳුන්වන රෝගවලදී මේ පෙළැඹීම දක්නට පුළුවන්. ඒ වුණත් ඒ ක්‍රියාවෙන් අදාළ පුද්ගලයාට හානියක් නෑ. ඔහුගේ මනසට අවශ්‍ය ප්‍රතිකාර ලබාදී ස්වභාවික පාලනය ඇති කිරීම තමා හොඳම දේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 01 May 2017 10:13 PM පස්දෙනකුගෙන් එක් අයකු පෙළෙන අධි රුධිර පීඩනය... නවීන ලෝකයේ දියුණුවත් සමඟ සුඛෝපභෝගී ජීවිත ගත කරන්නන්හට ස්වභාවධර්මයා විසින් දායාද කරදෙන ලද වර්තමාන සමාජයේ නිරතුරුවම අසන්නට දකින්නට ලැබෙන භයානක රෝගයන් අතුරින් එකකි. ප්‍රෙෂර්, හයිබ්ලඩ් ප්‍රෙෂර්, අධි රුධිර පීඩනය, අතිරක්තචාපය, අධික ලේ ගමනය යන නම්වලින් හඳුන්වන මෙම රෝගී අවස්ථාව අද වනවිට සමස්ත ලෝකයාගේම කතාබහට ලක්වී ඇත. රුධිර පීඩනයේ බලපෑම නිසා රුධිර නාල සිහින් වන බවත් ඒ නිසා ඇස් අන්ධවීමට පවා බොහෝ දුරට ඉඩ ප්‍රස්ථාව ඇති බවත් සොයාගෙන ඇත. වයස අවුරුදු 40 සම්පූර්ණ වූ සියලු දෙනා අවම වශයෙන් වසරකට වරක් හෝ ඇස් පරීක්ෂා කර ගැනීමත් මාස 6 කට වරක් හෝ රුධිර පීඩනය පරීක්ෂා කර ගැනීමත් කළ යුතු වේ. සාමාන්‍ය තරුණ වියේ කෙනකුගේ තිබිය යුතු රුධිර පීඩනය වන්නේ 120/80 පමණ වේ. එහි 120 අගය වන්නේ හෘදය සංකෝචනය වනවිට (හැකිලෙන විට) ධමනි තුළ ඇති වන රුධිරයේ පීඩනයයි. 80 අගය ලෙස දැක්වූයේ හෘදය ප්‍රසාරණය (පිම්බෙන විට) වනවිට ඇතිවන රුධිරයේ පීඩනයයි. මේ සඳහා ප්‍රතිකාර කරන විට අගයන් දෙකම පහළ හෙළීමට ප්‍රතිකාර ලබා ගැනීම හා ප්‍රතිකාර කිරීම ඉතාම වැදගත් වේ. තවද වෛද්‍ය උපදෙස්වලින් තොරව හිතුමනාපෙට ප්‍රතිකාර ගැනීමත් ප්‍රතිකාර නතර කිරීමත් නොකළ යුතුය. රුධිර පීඩනයට හේතු වන දොaෂයන් සලකා බැලීමේදී වාතය මූලිකව ක්‍රියා කරන බව මනාව පැහැදිලි වේ. මිනිස් සිරුරේ සියලුම ක්‍රියා වාතයේ මූලිකත්වයෙන් සිදුවන බව ආයුර්වේද මූලික ඉගැන්වීම්වල සඳහන් වේ. වාතය විකෘතිවීමත් සමගම සෙම් පිත් දෙක හා රක්තය විකෘති වී ලේ කැටි ගැසීම, රුධිර නාල අවහිරවීම් හෘදය මොළය, වකුගඩු, අක්මාව ආදී ඉන්ද්‍රියවල විකෘතිතා ඇති කරයි. මෙය මැදි වයසේ අයට වැඩිපුර ඇතිවන තත්ත්වයකි. දීර්ඝ කාලයක් අධි රුධිර පීඩනයෙන් පෙළීම නිසා මොලයේ සියුම් ධමනි කෙරේ සෘජුවම බලපෑම් ඇති කෙරේ. මෙහි ප්‍රතිඵලය නම් ධමනි හදිසියේ පුපුරා යැමයි. එහිදී මොළය අභ්‍යන්තරයේ ලේ ගැලීම් නිසා ලේ කැටි ගැසීම් සිදුවිය හැකි අතර අවසාන ප්‍රතිඵලය ආඝාතය නම් දරුණු රෝගී තත්ත්වයට නතු වීමයි. පක්ෂගාත, පක්ෂවදය, විසාදය, පැරලයිසිස්, අංශභාගය යනුවෙන් ද හඳුන්වන්නේ මෙම රෝගී තත්ත්වයම වේ. රුධිර පීඩන තත්ත්වයන්ට හේතු ලෙස සිතේ ඇතිවන නොසන්සුන් බව අධික සතුට හා දුක මානසික ආතතිය නිතර තැති ගැනීම කේන්ති යැම අධික දුම්පානය හා මත්ද්‍රව්‍ය භාවිතය අධිකව මස් මාංශ, ලුණු, සුදු සීනි, පිටි, තෙල් භාවිතය අධිකව මොළය වෙහෙසා කටයුතු කිරීම, ව්‍යායාම නොකිරීම, කංසා අබිං අත්තන ආදී ස්ථාවර විෂත්, නයි, පොළොං, තෙලිසි වැනි සර්පයන් දෂ්ට කිරීම් ආදී ජංගම විෂ ශරීරගත වීමත්. කෘෂිරසායන රසකාරක වර්ණකාරක යෙදූ ආහාර පැණි බීම වර්ග නිතර නිතර භාවිතා කිරීමත් ඔසප් දොaෂ වකුගඩු ආබාධ මස්තිස්කාර්බුධ මුත්රාවරෝධ වැනි තත්ත්වයන් ද හේතු වේ. ඊට අමතරව රුධිර වහනය වන නාල පද්ධතියේ නොයෙකුත් ද්‍රව්‍ය (කොලෙස්ටරෝල් වැනි) තැන්පත්වීම නිසාද මෙවැනි තත්ත්වයන් ඇතිවිය හැකිය. රුධිර පීඩනයේ රූප ලක්ෂණ ලෙස හිසේ බරගතිය, හිසරදය, කැස්ස, ක්ලාන්තය, කැරකිල්ල, වමනය, මුහුණේ විකෘතිතා, කන්වලදොaෂ, අධික මහන්සි බව, වෙහෙස, කම්මැලිකම, නිදිමත, පිපාසය, අධික දහදිය දැමීම, නොසන්සුන් බව, සිහිමද ගතිය, නොරුස්සන ස්වභාවය, කෑම අරුචිය, නිතර මළපහ කිරීමේ අවශ්‍යතා වැනි තත්ත්වයන් ඇති විය හැකිය. මෙවැනි රෝගී ලක්ෂණ පෙනි පෙනීත් නිසි පිළියම් නොයෙදීමෙන් හා ගණන් නොගැනීමෙන් රෝගය දරුණු තත්ත්වයට පතAවී පාද ඉදිමුම තෙහෙට්ටුව, හෘද රෝග, කොලෙස්ටරෝල්, වකුගඩු රෝග රාත්‍රියට කිහිපවරක් මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය හා සියුම් නහර පිපිරීම නිසා අංශභාගය වැනි දරුණු තත්ත්වයන්ට පවා පත්වීමට ඉඩ තිබේ. අධි රුධිර පීඩනය පරීක්ෂා කිරීමේදී පැරණි වෛද්‍යවරුන් නාඩි ශාස්ත්‍රය භාවිතා කළහ. නවීනයන් නවීන උපකරණ භාවිත කරමින් රුධිර පීඩනය මැනීම සිදු කරයි. පළමුව රෝගියා සුව පහසු අසුනක හිඳුවා වම් අත මඳක් නවා හෘදයට සමාන්තරව මෘදු මේසයක් මත තබන්න. නිතරම සමාන වූ පීඩනයන් දැන ගැනීමට වම් අතම පරීක්ෂා කරන්න. (දකුණත පරීක්ෂා කිරීම ද වරදක් නොවේ.) රෝගියා කම්පනයෙන් අධික වෙහෙසෙන් මහන්සියෙන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්නම් කෝපි වැනි වෙනත් උත්තේජක භාවිත කර ඇත්නම් රුධිර පීඩනය පරීක්ෂා නොකරන්න. විවේකීව සිටීමට ඉඩ දී පරීක්ෂා කිරීම සුදුසුය. ආහාරවේල් දෙකක් අතර කාලය රුධිර පීඩනය පරීක්ෂා කිරීමට සුදුසුම කාලය වේ. සිරුරේ බර අතට නොදැනෙන සේ රෝගියා ඇඳක දිගා කරවා පරීක්ෂා කිරීම ඉතාම සුදුසු අතර අතේ ඇඟිලි දිගහැර තැබීමට සලස්වන්න. ඔරලෝසු, වළලු, නූල්, මුදු, කමිස, බැනියම්, හැට්ට ආදිය ලිහිල් ව නිදහසේ තැබීම ඉතා සුදුසුය. රසදිය පීඩනමානය සම මට්ටමේ තබා ගන්න. රුධිර පීඩනයෙන් වැළකී සිටීමට නම් හෘද රෝග වැළැක්වීමට අනුගමනය කළ යුතු සියලුම ක්‍රියාමාර්ග වත් පිළිවෙත් අනුගමනය කිරීමත් සැහැල්ලු සරල දිවිපෙවෙතක් ගෙවීමත් කළ යුතු වේ. මානසික කරදර දුරු කොට භාවනා ක්‍රම යෝගී ව්‍යායාම කිරීම උසට සරිලන බරක් පවත්වාගෙන යැම පහසුවෙන් දිරවන සැහැල්ලු ආහාර අලුත් එළවළු, පලතුරු, උල්පත් ජලය භාවිතා කිරීමත් තෙල්, මිරිස්, කුළුබඩු, පිටි, සීනි, දුම්පානය, මත්ද්‍රව්‍ය භාවිතා නොකිරීමත් දවල් නිදීම රාත්‍රී නිදිවැරීම අධික ස්ත්‍රී සේවනය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය අත්හැර තම ආගම දහමට අනුව මධ්‍යම ප්‍රතිපදාවෙන් සැහැල්ලු දිවිපෙවෙතක් ගත කිරීම තුළින් රුධිර පීඩනය පමණක් නොව ඕනෑම දරුණු රෝගාබාධයකින් පවා සුවයක් ලබාගත හැකි වේ. මේ සඳහා කළ හැකි සාමාන්‍ය ප්රත්යක්ෂ ප්‍රතිකාර ලබන සතියේ... ආයුර්වේද වෛද්‍ය දමිත් රුබසිංහ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 01 May 2017 10:15 PM හිංසන මෝහය හඳුනාගන්න දේශීය වෙදකමේ මානසික රෝග නිධානය සංස්කරණය වසන්තා ශ්‍රියාකාන්ති සාමාන්‍යයෙන් හෘද රෝගයක් වැළඳුණු විට ඒ හා සම්බන්ධ රෝග ලක්ෂණ පිළිබඳ එසේ නැතිනම් පෙනහැල්ලට සම්බන්ධ රෝගයක් වැළඳුනු විට ඒ හා සම්බන්ධ රෝග ලක්ෂණ පිළිබඳව සමාජයේ බොහෝ දෙනකුට හොඳ අවබෝධයක් තිබේ. උදාහරණයක් ලෙසට හෘද රෝගයකදී පපු ප්‍රදේශයේ ඇතිවන වේදනාව නැතිනම් ශ්වසන ආබාධයකදී හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවන බව හොඳින් දන්නා බව පෙනේ. නමුත් මානසික රෝගයකදී රෝග ලක්ෂණ සහ මොළයේ ඇතිවන වෙනස්කම් අතර තිබෙන සම්බන්ධතාවය පිළිබඳ සමාජයේ බොහෝ දෙනෙකුට අවබෝධයක් ඇති බවක් දක්නට නොවේ. මේ නිසාම මානසික රෝග පිළිබඳ සාක්ෂරතාවය අඩුබව නිසා එසේත් නැතිනම් මානසික රෝග පිළිබඳ අඩු දැනුම අවබෝධය සහ අඩු අධ්‍යාපනය නිසා මානසික රෝග ශීඝ්‍රයෙන් සමාජය තුළ ව්‍යාප්ත වීමට හේතුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. අද වන විට මුළු ලෝකයේම මානසික රෝගීන් මිලියන 450 ක් පමණ සිටින බව සමීක්ෂණ දත්ත අනාවරණ කර තිබේ. 2023 වන විට ලෝකයේ මිනිසුන් කායික, මානසික, සමාජීය සහ ආර්ථික වශයෙන් පීඩා විඳින රෝග දහයක ලැයිස්තුවේ පළමු තැනට විශාදය නැමැති මානසික රෝගය පත්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කර තිබේ. ආයුර්වේදයේ සහ දේශීය වෙදකමට අනුව මානසික රෝගයක් යනු මොළයේ ඇතිවන ආබාධයකි. ශරීරයේ ක්‍රියාත්මක වන තුන්දොස එනම් වා, පිත්, සෙම් පිළිබඳව අපි දනිමු. මෙලෙසම අපේ මනසේ ක්‍රියාත්මක වන මානසික ගුණ තුනක් තිබේ. එසේත් නැත්නම් මානසික ශක්තීන් තුනක් තිබේ. මේවා සත්ත්ව, රජස්, තමස් ලෙසින් හැඳින්වේ. මෙහිදී රජස් ගුණයේ ක්‍රියාකාරිත්වය අසම බර වී නම් පුද්ලගලයාගේ චාලක ක්‍රියාකාරිත්වය වේගවත් වන අතර සිතුම් පැතුම් කතා බහ හැසිරීම් රටාව වේගවත් වේ. එසේත් නැතිනම් එම පුද්ගලයා අධි ක්‍රියාකාරී තත්ත්වයට පත්වේ. සැර පරුෂ වේ. තමන් කතා කරන දෙය, කරන දෙය තමාගේ පාලනයකින් තොරව සිදුවිය හැකිවේ. අන් අය සමඟ නිතර ගැටුම් ඇති කර ගැනීමට පුළුවන. මේ තත්ත්වය නිසාම ශාරීරික කෘත්‍යයන්ගේ පවා යම් යම් වෙනස්වීම් ඇතිවීමට පුළුවන. එමෙන්ම ද්වේශ සහගත සිතුවිලි ඇති වීමේ හැකියාව ඉහළය. තමස් ගුණයේ ක්‍රියාකාරිත්වය අසමතුලිත වූ විට ඉහත සඳහන් කළ සියලු ක්රියාකාරිත්වයන්ගේ ප්‍රතිවිරුද්ධ දිශාවට පුද්ගලයන් මෙහෙයවනු ලබයි. චාලක ක්‍රියාවල උදාසීන බව, කුලෑටි බව එදිනෙදා වැඩට උනන්දුව අඩු බව, සිතුවිලිවල අප්‍රාණික බව, නිදිබර ගතිය වැඩිවීම කෑමට ඇති අරුවිය, මානසිකව ඇතිවන කනස්සලු ස්වභාවය වැනි තත්ත්වයන් පවා ඇති වන අවස්ථා දුලභ නොවේ. දේශීය වෙදකමේදී පවා මනෝ භාවයේ තිබෙන මෙම අන්ත දෙක පුරාණ වෛද්‍යවරුන් ඉතාම පැහැදිලිව හඳුනාගෙන තිබෙන බව මෙයින් හොඳ හැටි පැහැදිලිව පෙනේ. පළමුව සඳහන් කළ රජස් ක්‍රියාකාරිත්වයේ උත්සන්න භාවය නිසා ඇති වන අන්තය සිනාසුම් (Manic) අන්තය ලෙසත් දෙවනුව සඳහන් කළ තමස් ගුණයේ අවහිරතාවය නිසා ඇති වන අන්තය හැඬුම් අන්තය (Depressiv) ලෙසත් හඳුනාගෙන තිබේ. හැඬුම් අන්තය දිගින් දිගටම සතුට පිරිහෙයි අන්තතයටම බතට ඇති අකමැත්ත නොරිසුම දෙඩුම් බස් ගැන අඩුය සෙනඟට මෙම කාරණාව හොඳ හැටි පෙන්නුම් කර තිබෙන බව හොඳම සාක්ෂියක් ලෙසට ඉහත කවිය පෙන්වා දීමේ හැකියාව තිබේ. මෙම අන්ත දෙකම සමතුලිත තත්ත්වයට පත් කළ හැකි මධ්‍යස්ථ ශක්තිය ලෙසින් සත්ත්ව ගුණය සඳහන් කර ඇත. නවීන බටහිර විද්‍යාවේ මනෝ ව්‍යාධිවේදය පිළිබඳ පැහැදිලි කිරීමේදී මානසික රෝග සඳහා මූලික හේතුව මොළයේ ඇතිවන රසායනික වෙනස් කම් නිසා බවත්, මොළයේ ස්නායු ආවේග ගමන් කරන ස්නායු සෛල දෙකක් අතර තිබෙන හිදැස එසේත් නැතිනම් ස්නායු සම්ප්‍රේෂක වශයෙන් හඳුන්වනු ලබන ස්ථානයේ සම්ප්‍රේෂණය වන විවිධ රසායනිකවල බලපෑම පුද්ගලයාගේ සිතුම් පැතුම්, හැඟීම්, සංවේදනයට බලපෑමක් ඇති වන බවත් පැහැදිලි කර දී තිබේ. මෙම ඉදිරිපත් කිරීම් දෙක දෙසම බැලීමේදී පැහැදිලි වන දෙය නම් මෙම න්‍යාය දෙකෙන්ම ඉදිරිපත් වන්නේ එකම තත්ත්වයක් බවත් ආයුර්වේදයේ සහ දේශීය වෙදකමේ මෙම ඉදිරිපත් කිරීම වසර 2500 පමණ ඈත අතීතයකදී මේ පිළිබඳ දැනුවත් වී තිබීම කාගේත් අවධානයට යොමු විය යුතු විශ්මය ජනක කාරණයක් වන අතර කවුරුත් නොසිතන විද්‍යාත්මක ඉදිරිපත් කිරීමක්, පැහැදිලි කිරීමත් ගෙන හැර දැක්වීමට තරම් අපේ මුතුන් මිත්තන්ගේ ඥානය උසස් තත්ත්වයක තිබූ බවත් මෙයින් හොඳ හැටි පැහැදිලිව පෙනේ. කෙසේ වෙතත් ඉහත සඳහන් කළ මානසික ත්රිගුණයේ ක්රියාකාරිත්වයන් සමබරව සමතුලිතව ක්‍රියාත්මකවන තාක්කල් අපගේ සිතුම් පැතුම් හැඟීම් යන සංවේදනය සාමාන්‍ය ආකාරයෙන් සිදුවන බවක්, පුරාණ පොත පතෙහි සඳහන් වේ. මෙම කාරණාව ටිකක් තේරුම් ගැනීමට අපහසු බවත් පෙනේ. එනම් ප්රශ්නය ඇති වන්නේ අපේ මොළයේ වුවත් වෙනස් වන්නේ සිතන පතන ආකාරයයි. නැතිනම් හැඟêමයි. එසේත් නැත්නම් අපට පෙනෙන දෙය, ඇසෙන දෙය සහ දැනෙන දෙයයි. තේරුම් ගත යුතු වන්නේ මෙන්න මේ කාරණාවන් වෙයි. අපගේ සිතුම් පැතුම්, අපගේ හැඟීම් අපගේ සංවේදනය පාලනය කරනු ලබන්නේ අපගේ මොළයේ ඇතිවන ක්‍රියාකාරිත්වය මගිනි. මොළය පුද්ගලයාගේ මෙහෙයුම් මැදිරිය වෙයි. උදාහරණයක් ලෙසට මානසික රෝගවල ඇතිවන ප්‍රධාන රෝග ලක්ෂණ, සිතුම් පැතුම්වල ඇති විපර්යාසයන්ය. එනම් රෝගී වූ විට රෝගියාට සිතෙන්නේ නිරෝගී අවස්ථාවේ විසිතු දෙය නොවේ. එවිට කේන්ති යැමට පුළුවන. පරුෂ වචනයෙන් බනින්නට පුළුවන. කවුරුන් හෝ තමන්ට අනවිණ කොඩිවිණ කරන බවට සිතෙන්නට පුළුවන. හැකිනම් තමන්ට වස විස දීමට, ඝාතනය කිරීමට යම්කිසි තැතක් තිබෙන බව දැනීමට පුළුවන. තමා දෙස සමාජයේ සිටින අනිකුත් පුද්ගලයන් අවධානයෙන් සිටින බවක් සිතීමට පුළුවන. එසේත් නැතිනම් තමා කරන කියන දෙය බලාසිටින අවට අයට වැරදි විදිහට සම්ප්‍රේෂණය වනවා යෑයි සිතෙන්නට පුළුවන. මෙය "හිංසන මෝහය" නමින් හඳුන්වනු ලැබේ. එමෙන්ම හැඟීම්වල ඇතිවන වෙනස් වීම තමාට දුක වැඩිපුර දැනෙන්නට පුළුවන. සතුට වැඩිපුර දැනෙන්නට පුළුවන. සංවේදනයේ වෙනස්වීම්ද ඒ ආකාරයෙන්මය. තමාගේ ඇසට එක් එක් රූප පෙනෙන අවස්ථා ඇත. කනට එක් එක් ශබ්ද ඇසීමට පුළුවන. කවුරුන් හෝ තමන්ට බණිනවා මෙන් ඇසෙන අවස්ථා ඇත. සමට අසාමාන්‍ය ස්පර්ශන, උදාහරණයක් ලෙසට කුහුඹුවෙක් දුවනවා වැනි සංවේදනයක්, දිවට එක් එක් රස දැනෙන අවස්ථා ඇත. නාසයට එක් එක් ගඳ සුවඳ දැනීමට පුළුවන. මෙම සියලු දේ ඇති වන්නේ මුලින් සඳහන් කළ මොළයේ ඇති වන ක්රියාකාරිත්වයන්ගේ දොස් සහිත බව නිසා වෙනි. අප දන්නා පරිදි අපේ පරිසරය අපට අර්ථකථනය කර දෙන්නේ පංච ඉන්ද්රියයන් නිසාය. එසේ නම් මෙම තත්ත්වය ඇතිවන්නේ පරිසරයේ ඇතිවන දොaෂයක් නිසා නොවේ. සැබැවින්ම පංච ඉන්ද්රියයන්ගේ දොaෂයක් නිසාත් නොවේ. පරිසරයේ ඇතිවන සියලු දේ ග්‍රහණය කර ගන්නා ද්වාර (දොරටු) ආකාරයට පංච ඉන්ද්රියයන් අපේ සිරුර තුළ ක්‍රියාත්මක වේ. මෙම පංච ඉන්ද්රියයන් හරහා ග්‍රහණය කර ගන්නා පරිසරයේ සිදුවීම් අපට අර්ථකථනය කර දෙන්නේ අපගේ මොළය තුළය. එවිට මෙම අර්ථකතනයවන ස්ථානය වන මොළයේ යම් දොaෂයක් වී නම් පරිසරයේ දැනෙන දේ නොව අපට දැනෙන්නේ එය විකෘති අර්ථකථනයට ලක්වීමෙනි. ඕනෑම පුද්ගලයෙක් ක්‍රියාත්මක වන්නේ, සිතන්නේ මතන්නේ තමන්ගේ මොළය විසින් තමාට දෙනු ලබන සංඥ අනුවය. ඉහත සඳහන් කළ මොළයේ සිදුවන වැරදි අර්ථකතනය නිසා තමාව වැරදි සිතුවිලි ඇතිවීමට පුළුවන. වැඩිපුර දුක සතුට දැනෙන දේ සිදුවීමට පුළුවන. එවිට එම පුද්ගලයා ඊට සාපේක්ෂව ප්‍රතික්‍රියා දැක්වීම, මානසික රෝගයකදී පුද්ගලයාගේ හැසිරීම් රටාවේ නැතිනම් චර්යාවේ වෙනස් වීම හැටියට ඉදිරිපත් වනු ඇත. මෙම තත්ත්වය ඇතිවන පුද්ගලයාට සාපේක්ෂව ඔහු හෝ ඇය සාමාන්‍ය කෙනෙකි. නමුත් සමාජයේ වෙසෙන අන් අයට සාපේක්ෂව ඔහු හෝ ඇය අසාමාන්‍ය කෙනෙකි. උදාහරණයක් ලෙසට එකම ගෙදර දරුවන් තිදෙනකු සිටින බව සිතන්න. එක දරුවකුට මෑතක සිට හොඳටම කේන්ති යයි. නොරිස්සුම් සහගතය. එයට හේතුව ළඟ ගෙදර අය තමා පිළිබඳ දැඩි අවධානයකින් සිටින බව එම දරුවාට සිතෙන්නට පටන් ගෙන තිබීමයි. ඇතැම් වේලාවට ඒ ගෙදර මිනිස්සු තමන්ගේ කනට එක් එක් නරක වචන කියමින් බණින බවට දරුවා මැසිවිලි නඟයි. විටෙක තමන්ව ඔවුන් විවේචනය කරන බව ඇසෙනවා යෑයි කියයි. දරුවා නිවසේ රණ්ඩුවීමට කාරණාව මෙයයි. මෙම තත්ත්වය යම්කිසි වූ මානසික රෝගයකට සුවිශේෂී වූ රෝග ලක්ෂණයකි. එහෙත් මෙම සිදුවීම් එකක්වත් මෙම දරුවා සමඟ ජීවත් වන අනිකුත් අයට ඇසෙන්නේ දැනෙන්නේ නැත. ඔවුන් සැම එකම ගෙදර ජීවත් වීමේදී එක් අයෙකුට පමණක් මෙලෙස දැනෙන්නේ, ඇහෙන්නේ කෙසේදැයි ප්රශ්නයකි. එම නිසා ඉහතින් පැහැදිලි කළ පරිදි මෙය පරිසරයේ වරදක් නොව පරිසරය අර්ථකථනය කර දෙන මොළයේ දොaෂයක් බව පෙනේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 01 May 2017 10:16 PM ජීවිතය එපා වෙලා වගේ දැනෙන විට මතුවන ලෙඩ රෝග මට නම් දැන් ජීවිතය එපා වෙලා තියෙන්නේ... සමහරු නිතර එසේ පවසති. මෙලෙස පවසන පුද්ගලයන් සියලු දෙනාම වාගේ කිසියම් හෝ මානසික පීඩාවකට ලක්ව සිටිති. එය කිසියම් රෝගයක් නිසා දිගු කලක් පීඩා විඳීම, ආර්ථක ගැටලුවලින් පීඩා විඳීම විවාහ දිවියේ ගැටලු මතුවීම, තමා නිරතවන වෘත්තියෙහි පවතින අතෘප්තිකර බව ආදී ලෙසින් සෞඛ්‍යමය, සමාජමය සහ ආර්ථිකමය ගැටලු නිසා මතුව පැවතිය හැකිය. මෙලෙස කිසියම් හෝ ගැටලුවක් නිසා මානසිකව පීඩා විඳින විට මානසික ආතතිය ඇති වේ. මෙම මානසික ආතතිය දිගු කලක් පැවැතීමට ඉඩහැරීම නිසා දරුණු මානසික හා කායික රෝග ඇතිකරවීමට හේතු වේ. අධික මානසික ආතතිය හඳුනාගත හැකි කායික ලක්ෂණ නින්ද නොයැම හෝ නිදා ගැනීමේ රටාවේ වෙනස්කම් පැවතීම, බඩගින්න අඩු හෝ අධික ලෙස ආහාර ගැනීම, බඩරිදුම ආහාර නොදිරවීම, හිසරදය, අධි රුධිර පීඩනය, පපුවේ ගැස්ම හා වේදනාව, අධික ලෙස දහදිය දැමීම, අසාත්මිකතා ඇතිවීම, ලිංගික ආශාව නැතිවීම, මස්පිඬු වේදනාව, නිතර නිතර සෙම්ප්‍රතිශ්‍යාව හා උණ ඇතිවීම, හුස්ම ගැනීම වේගවත් වීම, පපුවේ තදගතිය, අධික වෙහෙස සහ සමේ රෝග මතුවීම වැනි කායික රෝග ලක්ෂණ මතු වේ. අධික මානසික ආතතිය හඳුනාගත හැකි මානසික ලක්ෂණ අධික දුක, කනගාටුව, මානසික සැහැල්ලුව නැතිකම, මතකය දුර්වල වීම, අධික කෝපය, ආවේගශීලී හැසිරීම, අන් අය හා සුහද නොවීම, මත්පැන් දුම්වැටිවලට ඇබ්බැහි වීම, එදිනෙදා කටයුතු නිසි ලෙස සංවිධානය කරගත නොහැකි වීම, දැඩි මතවල සිටීම, යම් කටයුත්තක් නිසි ලෙස අවසන් කරගත නොහැකි වීම ආදී මානසික ලක්ෂණ මතු වේ. මෙම රෝග ලක්ෂණවලින් එකක් හෝ දෙකක් පැවතීම යනු එම තැනැත්තා අධික මානසික ආතතියෙන් පෙළීම නොවේ. නමුත් ඔවුන් තුළ යම් මානසික ආතතියක් පවතී. මානසික ආතතියෙන් මිදීම මානසික ආතතිය හානිදායක වුවත් සෑම පුද්ගලයකුටම ඉන් ආඝාතය (Stroke) ඇතිකරන මොළයේ රුධිර නාළ අවහිර වීම හෝ පුපුරා යැම සිදු නොවේ. නමුත් මානසික ආතතිය නිසා එදිනෙදා සාමාන්‍ය ජීවන රටාව පවත්වාගෙන යැමට නොහැකි බවක් හටගනී. එබැවින් තමා තුළ කිසියම් මානසික, කායික හෝ සමාජමය පීඩාවක් මතුව ඇත්නම් එය සිතේ සිරකර ගෙන නොසිට විශ්වාසවන්ත අයකුට පැවසීම කළ යුතුය. ඔබ දැනට සිටින තත්ත්වය ගැන නිසි පරිදි තේරුම් ගන්න. මුහුණදී ඇති ප්‍රශ්න ගැන පමණක් සිතා වෙහෙස නොවන්න. විනෝදාස්වාදය ගෙන දෙන ගීත ඇසීම, චිත්‍රපට නැරඹීම, රූපවාහිනි ගුවන්විදුලි වැඩසටහන් වෙත යොමුවීම, පුවත්පත් සඟරා ආදිය කියවීමට යොමුවන්න. තමාගේ ආගම කුමක් වුවත් එහි ඇති වත්පිළිවෙත් ගෞරවයෙන් හා විශ්වාසයෙන් යුතුව ඉටුකරන්න. අන් අය සමග කටයුතු කිරීමේදී සීමා ඇතිකර ගන්න. අවශ්‍ය විටදී "නෑ, බෑ" කීමට ද පුරුදු වන්න. තමාගේ ශක්තීන් හැකියාවන් සහ දුර්වලතා පිළිබඳව අවබෝධය ලබා ගන්න. අනවශ්‍ය ලෙස වැඩ පටලවා ගන්න එපා. කළ හැකි දේ පමණක් බාරගන්න. තමාට වෙනස් කළ හැකි දේ පමණක් නොව වෙනස් කළ නොහැකි දේද ඇති බව පිළිගන්න. මෙලෙස කටයුතු කිරීමෙන් මානසික ආතතිය නැතිකර ගත හැකිය. එහිදී තමාට කායික රෝගයක් මතුව ඇත්නම් ඒ සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අත්‍යවශ්‍යය. රේණු ශිරෝමාලා කරුණාමුණි, උපදේශන නිලධාරි, ආඝාත ඒකකය, ජාතික රෝහල. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 01 May 2017 10:18 PM මැදිවියේදී පමණක් නොව තරුණ වියේදී ද මතුවන අර්ශස් ගුද මාර්ගයේ අධික දැවිල්ල. සුළු හේතුවකදී පවා අධික ලෙස කේන්ති යාමද දක්නට ලැබේ. ඇවිදීමේ අපහසුතා හටගනී. අධික කෝපයත් අර්ශස් රෝගයත් එකිනෙකට නෑකම් කියන රෝග දෙකකි. මෙම රෝග දෙකම එකම පුද්ගලයකුට ඇතිවූ විට එය දරාගැනීමට බැරි මට්ටමට පත්වේ. අර්ශස් රෝගයේදී අධික කෝපයක් මතුවීම නිසා ඊට ගොදුරුවී සිටින පුද්ගලයා කෙතරම් අපහසුතාවයකින් පසුවන්නේ දැයි කියා අපට යම් වැටහීමක් ඇති කරගත හැකිය. එබැවින් අර්ශස් රෝගය පිළිබඳව අපි අවබෝධයක් ලබාගනිමු. වෛද්‍යතුමනි, අර්ශස් රෝගය ලෙස අප පවසන්නේ කුමන ආකාරයේ රෝගයකටද? අර්ශස් කියන්නේ ගුද මාර්ගය තුළ හටගන්නා රෝගයකි. මෙම රෝගය ජානමය හේතු නිසාද වැළඳෙනවා. එනිසා මවට හෝ පියාට මෙම රෝගය පවතිනවා නම් ඔවුනගේ දරුවනටද මෙය වැළඳීමට ඇති ඉඩකඩ වැඩියි. මෙම රෝගයේදී සිදුවන්නේ ගුද මාර්ගය අභ්‍යන්තරයේ හෝ ගුද මාර්ගය අග ගෙඩි හට ගැනීමයි. මෙම ගෙඩි නිසා මල පහ කිරීමේ අපහසුතා මතුවේ. අර්ශස් රෝගය ඇතිවීමට අවිවේකී ජීවන රටාවත් බලපානවා. අධික කාර්යබහුල ජීවිතය නිසා ඇතැම් පුද්ගලයන්ට ආහාර පාන ගැනීමට විවේකයක් නැත. මල පහ කිරීමට නිසි කාලවේලාවක් නැත. එනිසා ඔවුනගේ ආහාර ජීර්ණ පද්ධතිය අක්‍රමවත් වෙනවා. මලබද්ධය ඇතිවෙනවා. මෙම අවිවේකී ජීවන රටාව නිසා අර්ශස් රෝගයට වැඩිහිටියන් පමණක් නොව ළමුන්ද ගොදුරුවීම දක්නට ලැබෙනවා. පෙර පාසල් යන වයසේ පටන්ම දෙමාපියන් දරුවන්ව උදැසන අවදිකරවා ඔවුන් පාසල් යෑවීම සඳහා සූදානම් කරවනවා. එහිදී දරුවන්ට මලපහ කිරීමට අවශ්‍ය නැති මොහොතක ඔවුන් ඒ සඳහා බලහත්කාරයෙන් යොමුකරනවා. පාසලේදී මලපහ කිරීමට අවශ්‍යතාවයක් ඇතිවූවත් එය දරාගෙන සිටින ලෙස උපදෙස් දෙනවා. මෙම තත්ත්වය නිසා වර්තමානයේ බොහෝ දරුවන් අර්ශස් රෝගයට ගොදුරුවීමේ අවදානමකට පත්ව සිටිනවා. තරුණ තරුණියන්ද කාර්ය බහුල දිවිය නිසා ගනු ලබන ආහාර පාන සහ මලපහ කිරීමේ සාමාන්‍ය රටාව වෙනස් වීම නිසා අර්ශස් රෝගයට ගොදුරුවීමට ලක්ව ඇති අයුරු දැක ගත හැකියි. ඊට අමතරව නිසි පරිදි ජලය පානය නොකිරීම, වැරදි ආහාර පුරුදු නිසාද ආහාර ජීර්ණයේ අක්‍රමිකතා මතුවී අර්ශස් රෝගය හටගන්නවා. වැරදි ආහාර පුරුදු ලෙස පිටි සහිත ආහාර වර්ග වැඩිපුර භාවිතය, ක්ෂණික ආහාර වර්ග වලට වැඩිපුර යොමුවීම, අධික අම්ල සහිත ආහාර වර්ග වන බිලිං, ගොරකා, සියඹලා, ඇඹරැල්ල වැනි ආහාරද අධික උෂ්ණ ආහාර වන ඉස්සෝ, දැල්ලෝ, බලමාළු වැනි ආහාර වැඩිපුර ගැනීමෙන්ද අර්ශස් රෝගය වැළඳීමට හේතුවේ. මීට අමතරව ගැස්ට්‍රයිටිස් රෝගය වැළඳී ඇතිවිට සිදුවන ආහාර ජීර්ණයේ අක්‍රමිකතාද අර්ශස් රෝගය ඇතිවීමට බලපානවා. අර්ශස් රෝගය වැළදුන අයකුගේ දැකිය හැකි රෝග ලක්ෂණ මොනවාද? පළමුව ඇතිවන රෝග ලක්ෂණය වන්නේ ගුද මාර්ගයෙන් ඇතිවන අධික වේදනාවය. මෙම වේදනාව සමඟ ගුද මාර්ගයේ අධික දැවිල්ල. සුළු හේතුවකදී පවා අධික ලෙස කේන්ති යාමද දක්නට ලැබේ. ඇවිදීමේ අපහසුතා හටගනී. නිදාගැනීමේදී මුනින් අතට හැරී නිදා ගැනීම හැර වෙනත් ඉරියව්වක හිඳ නිදාගැනීමේදී ගුද මාර්ගයෙන් අධික වේදනාවක් මතුවේ. නිසිලෙස මල පිට නොවීම, ගුද මාර්ගයේ ගෙඩි හටගැනීම, මලපහ සමඟ රුධිරය පිටවීම වැනි රෝග ලක්ෂණද දැකිය හැකිය. මෙම රෝග ලක්ෂණ වලට අමතරව තදබල හිසරදය, ගැස්ට්‍රයිටීස් රෝග තත්ත්වය, වාත රක්තය, ඇදුම, දියවැඩියාව වැනි රෝගාබාධ මතුවේ. අර්ශස් රෝගය සුව කරගැනීම සඳහා ඇති ප්‍රතිකාර මොනවාද? අර්ශස් රෝගීන්ට මතුවන අපහසුතා නිට්ටාවට සුවකිරීම සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර තිබෙනවා. නමුත් එම ප්‍රතිකාර කළ යුත්තේ රෝගියා පිළිබඳ නිසි වෛද්‍ය පරීක්ෂණයකින් පසුවයි. අර්ශස් රෝගය සමඟ මතුවන ගැස්ට්‍රයිටීස්, ඇදුම, දියවැඩියාව, වාත රක්තය වැනි රෝග වලටද නිසි ප්‍රතිකාර ලබාදෙමින් අර්ශස් රෝගය සඳහා ප්‍රතිකාර කළ යුතුයි. පළමුව රෝගියාට උදේ කාලයේ නියමිත පරිදි මලපහ පිටකිරීමට අවශ්‍ය ඖෂධ වර්ග ලබාදිය යුතුයි. ඉන්පසු ආහාර ජීර්ණ පද්ධතියේ ඇති එන්සයිම සමබර කළ යුතුයි. මෙලෙස රෝගියා නිවැරදි ලෙස පරීක්ෂා කරමින් ප්‍රතිකාර ලබාදීම තුළින් එය සම්පූර්ණයෙන් සුවකළ හැකියි. විශේෂයෙන්ම අර්ශස් රෝග වැළඳී එය දරුණු තත්ත්වයට පත්ව ශල්‍යකර්මවලට පවා භාජනය කළ යුතු රෝගීන්ට පවා ආයුර්වේද ප්‍රතිකාර වලින් නිසි සුවය ලබාගත හැකියි. මෙම ප්‍රතිකාර මගින් අර්ශස් රෝග ඇතිවීමේ මූලික ලක්ෂණ වලටද ප්‍රතිකාර ලැබෙන නිසා රෝගය නැවත ඇති නොවන ලෙසම සුව කිරීමට හැකියි. වර්තමානයේ කාර්ය බහුල පුද්ගලයකුට වුව පහසුවෙන් ප්‍රතිකාර ලබාගත හැකි ලෙස ඖෂධ සකසා තිබෙන නිසා දැන් අපහසුවකින් තොරවම ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාව උදාවී තිබෙනවා. වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා දුරකථන අංක 071-3009088 හෝ 0713007000 අමතන්න. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 01 May 2017 10:19 PM උගුර කන නාසයට ආයුර්වේද ප්‍රතිකාර ප්රශ්නය - අප දන්නා පරිදි ආයුර්වේදයේ තිබෙන ලොකුම ප්‍රශ්නයක් තමයි විවිධ රෝගාබාධ හෝ ඖෂධ ගැන නවීන විද්‍යාත්මක පර්යේෂණ ඇති නොවීම..... වෛද්‍ය ආචාර්ය ප්‍රියානි පීරිස් - සම්පූර්ණ දුර්මතයක් තමයි ඔබ දරන්නේ. නූතන ආයුර්වේදයේ රෝග නිශ්චය කටයුතු සඳහා සියලු ආකාරයේ නවීන උපකරණ යොදා ගන්නවා. ඔබට මා තවත් කාරණයක් කියන්නම්. සාමාන්‍යයෙන් පිළිගැනීමක් තිබෙනවා ඇතැම් ලෙඩ රෝගවලට ප්‍රතිකාර ආයුර්වේදයේ නැහැයිකියලා. මෙයත් සම්පූර්ණ මිථ්‍යාවක්. බටහිර වෛද්‍ය විද්‍යාවේ වගේම රෝග ශ්‍රේණිගත කිරීම, ශරීරයේ රෝග පවතින කලාප, ශ්‍රේණි පවා ආයුර්වේදයේ තිබෙනවා. ප්රශ්නය - කන, නාසය, උගුර (ENT) පිළිබඳ ආයුර්වේද ක්ෂේත්රයේ සිටින ප්‍රාමාණික විද්වත් වෛද්‍යවරිය බවයි දැනට ඇති පිළිගැනීම. මොකද්ද මේ කන, නාසය, උගුර කියන අංශය? වෛද්‍ය ආචාර්ය ප්‍රියානි පීරිස් - මෙය එක්තරා ආකාරයක රෝග කලාප ශ්‍රේණිගත කිරීමක්. ආයුර්වේදයේ මෙය විග්රහ කෙරෙන්නේ කන, නාසය, උගුර යන කොටස් තුනට සීමා නොවී වඩාත් පුළුල් ලෙසයි. එනම්. නාසා, කර්නා, අක්ෂි, ශිරෝ. මුඛ යනාදී වශයෙනුයි. ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයේදී මෙය Otorhinolaryngology ලෙස හඳුන්වනවා. මේ කලාපය සම්බන්ධයෙන් විශේෂීකරණය වූ වෛද්‍යවරුන්ට කියනවා ENT වෛද්‍යවරු කියලා. ආයුර්වේදයේ දී මේ කලාපය තුළ හට ගන්නා රෝග අර්ථකථනය කරන්නේ පහත සඳහන් විදියටයි. 1. නාසා රෝග - නාසය තුළ හට ගන්නා රෝග ගැනයි මෙයින් කියෑවෙන්නේ. 2. කර්ණා රෝග - මෙයින් හැඳින්වෙන්නේ කන තුළ හටගන්නා රෝග පිළිබඳවයි. 3. මුඛ රෝග - මුඛය තුළ සහ දත් ආශ්‍රිතව හටගන්නා සියලු රෝග මෙයින් ආවරණය වෙනවා. 4. ශීර්ෂ රෝග - හිස් කබල සහ එය ආශ්‍රිතව හටගන්නා මිග්රේන් සහ සසිනොසයිටිස් වැනි රෝග මේ කොටස මගින් ආවරණය වෙනවා. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ප්‍රධාන සම්ප්රදායයන් දෙකක් මත ගොඩනැඟී ඇති වෛද්‍ය ක්‍රමයක් එයින් ධන්වන්තරී සම්ප්රදාය අනුව ගොඩනැඟුණු වෛද ක්ෂේත්රය තමයි ශාලාක්‍ය තන්ත්රය මෙහි මූලික ආචාර්යවරයා හැටියට සලකන්නේ ශල්‍ය වෛද්‍ය ක්ෂේත්රයේ පියා වන සූශ්රැත ආචාර්යතුමා. මෙතුමාගේ විශ්ලේෂණය අනුව ශාලාක්‍ය තන්ත්රයේ තිබෙනවා අක්ෂි රෝග 76 ක්. මුඛ රෝග 65 ක්, කර්ණා රෝග 28 ක් නාසා රෝග 31 ක් ශිරෝ රෝග 11 ක් යනාදී වශයෙන් ආයුර්වේදයේ සඳහන් වෙනවා. ප්රශ්නය - ENT රෝග සඳහා ප්රත්යක්ෂ ප්‍රතිකාර ආයුර්වේදයේ තිබෙනවද? වෛද්‍ය ආචාර්ය ප්‍රියානි පීරිස් - ස්ථිර වශයෙන් ම තිබෙනවා. කිසිදු අතුරු ආබාධයක් නැති, ශාක සාරමය ඖෂධවලින් උගුර, කන, නාසය ආශ්රිත රෝග සුව කරන්න පුළුවන්. ලබන සතියේ සිට ENT රෝග ගැන වඩාත් පුළුල්ව කතා කරමු. නොමිලේ විස්තර 011-5289248/077 7620948 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 01 May 2017 10:19 PM ඉඟුරු, ගම්මිරිස්, කහ, එඬරු තෙල් ආත්රයිටිස් සුවයට කදිමයි ප්රශ්නය - අද අප ඔබෙන් අහන්නට බලාපොරොත්තු වන්නේ ආත්රයිටිස් රෝග සමූහය අතර නපුරුම රෝගයක් වන Spondylitis රෝගය ගැනයි. අප දන්නා තරමින් මෙයට වංශදාහය කියලත් කියනවා. මේ රෝගය ගැන අපට විස්තරයක් කරන්න. වෛද්‍ය වසන්ත උදයජීව - මෙය ඉතාම වේදනාකාරී රෝගයක්. මෙය මුලින්ම වැළඳෙන්නේ කොඳු ඇට පේළියටය. කශේරුකාවේ එහෙමත් නැත්නම් කොඳු ඇට පේළියේ සන්ධිවල මහත් වේදනාවක් ඇති කරන රෝග තත්aත්වයක් හැටියට මෙය හඳුන්වන්න පුළුවන්. කොඳු ඇට පෙළ දිගේ පහතට යන මේ රෝගය මගින් උකුළු ඇටවලටත් හානි වෙනවා. එතැනින් එය උරහිස්වලටත් ඉන දක්වාත් පැතිරෙනවා. ඊළඟට මෙහි බලපෑම කෙළින්ම එන්නේ ඇස්වලට සහ ආහාර ජීර්ණ පද්ධතියට. මේ රෝගයේ වඩාත්ම ප්රමුඛ රෝග ලක්ෂණ තමයි කොන්දේ අමාරුව. මේක හිටපු ගමන් හැදෙන, ආයෙ ටික දවසකින් සනීප වන කොන්දේ අමාරුවක්. සමහර විට කොන්ද උරහිස්, ඉඟටිය වැනි ප්‍රදේශ චලනය කරගන්නට බැරි තරමටම වේදනාවක් ඇති වෙනවා. වංශදාහ (Spondylitis) රෝගය හැදෙන්නේ කොහොමද කියලා මේ දක්වා හරියාකාරව හොයාගෙන නැහැ. එහෙත් නිල නොවන වෛද්‍ය මතයක් තිබෙනවා, ජානමය විකෘතිතාවන් සහ පාරිසරික හේතු නිසා මේ රෝගය හැදෙනවා කියා. බටහිර නවීන විද්‍යාව නම් කියන්නේ මේ රෝගයට ප්‍රතිකාර නැති බවයි. එහෙත් ආයුර්වේදයට පුළුවන් මේ රෝගය මුලින්ම කළමනාකරණය කරන්නත් පසුව සුව කරන්නත්. මේ රෝගය වැඩි වශයෙන්ම හට ගන්නේ මැදිවියට ආසන්නව සිටින තරුණයන් අතරයි. මේ රෝගයගැන හඳුනාගෙන ලේඛනයක් සකස් කළ මුල්ම යුරෝපීය විද්වතා තමයි Berírd Connor. ඔහු වසර 500 ක් පමණ පැරැණි ඊජිප්තු මමි කිහිපයක් පරීක්ෂා කරන විට මේ රෝගය දැක්කා. ප්රශ්නය - මේ සඳහා යෝජනා කළ හැකි ආයුර්වේද ඖෂධ තිබෙනවාද? වෛද්‍ය වසන්ත උදයජීව - ඊට පෙර මේ රෝගය ගැන කතා කළ යුතු තව බොහෝ දේ තිබෙනවා. පළමුවෙන්ම අපි සොයා බලමු මෙහි රෝග ලක්ෂණ මොනවාද කියලා. 1. කොන්දේ පහළ කොටසේ වේදනාවක් විටින් විට හට ගැනීම සහ කොන්ද නැමීමට බැරි ලෙස තද බවක් හට ගැනීම. 2. උදේ කාලයේදී ඇඳෙන් නැගිටිනවිට කොන්දේ වේදනා දැනීම. 3. රෝගය ක්‍රමයෙන් උත්සන්න වන විට කොන්ද නැවීමට බැරි තරම් වේදනාවක් හට ගැනීම සහ උරස් පතු චලනය කරමින් පපු ප්‍රදේශය විහිදුවීමට බැරි වීම. 4. ශරීරයේ බර අඩුවීම, උණ හට ගැනීම, මහත් විඩාවක් ඇති වීම. 5. එදිනෙදා වැඩපල කර ගැනීමට බැරි තරමට ශරීරයේ හැම තැනක්ම වේදනා දීම 6. රෝගයෙන් පෙළෙන අය අතරින් 40% කගේ පමණ ඇස්වල ඇතුළත ප්‍රදාහ තත්ත්වයක් හට ගැනීම මෙහිදී ඇසේ වේදනාව, ඇස් රතු වීම, ආලෝකය දෙස කෙළින් බැලීමට බැරිවීම යන තත්ත්වයන් ඇති වෙනවා. වංශදාහ රෝගය සඳහා පරිහරණය කළ හැකි ඔබේම අතළඟ තිබෙන ඖෂධ වර්ග කිහිපයක් වෙනවා. 1. ඉඟුරු, කලුගම්මිරිස් යන ද්‍රව්‍ය ආහාරයට එකතු කරගන්න. එමගින් ඔබේ ශරීරයේ තිබෙන විෂ සහිත බව නැති වෙනවා. 2. කිරි වීදුරුවක ප්‍රමාණයට කහ කුඩු තේ හැන්දක් එකතු කර එය පැය භාගයක් හොඳින් උතුරුවා පානය කරන්න. 3. එඬරු තෙල් තේ හැන්දක් උණුකිරි සමඟ මිශ්‍රකර හැම රැයකම පානය කරන්න. 4. කෝමාරිකා යුෂ නෙල්ලි යුෂ යනාදිය නිතරම ආහාරයට එකතු කර ගන්න. (ලබන සතියේ - මේ රෝගයට ප්රත්යක්ෂ කසායක්.) නොමිලේ විස්තර සඳහා 0718341834, 0372230667 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 01 May 2017 10:21 PM පිළිකාවට බැටදෙන ඔසුපිරි ශුක්‍රාණු... පිළිකා (Cancer) කිව් සැනින් අපගේ සියොළඟම කිළිපොලා යන්නේ එහි ඇති මාරාන්තික බව නිසාමය. පිළිකාවක් වැළඳුන අයකුගේ ජීවිතය ඉතා අවදානම් සහගතය. සමහර පිළිකා ඉතා සෙමෙන් වැඩී සිරුර පුරා පැතිරයන අතර සමහර පිළිකා ඉතා කෙටිකාලයකදී ශරීරය පුරා ව්‍යාප්ත වී රෝගියා අවසන් ගමන් රැගෙන යන්නේය. ශරීරය අභ්‍යන්තරයෙහි ඉතා රහසිගතව වැඩෙන සමහර පිළිකා සෛල හඳුනාගන්නා විට රෝගියාගේ සිරුර පුරා එය ව්‍යාප්ත වී හමාරය. ලේ පිළිකා, ඇටමිඳුළු පිළිකා ආදිය ඊට උදාහරණ වේ. විශේෂයෙන් කාන්තාවන්ට වැළඳෙන පිළිකා වර්ග අතුරින් ගර්භාෂගත පිළිකා, පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා ප්‍රධාන තැනක් ගන්නීය. පියයුරු පිළිකා කළින් හඳුනාගැනීමෙන් (බාහිර වෙනස්කම් මඟින්) නිසි කලට ප්‍රතිකාර ලබාදීමෙන් පහසුවෙන් සුවකරගත හැකිය. නමුත් ගැබ්ගෙල පිළිකා (Cervical Cancer) හා ගර්භාෂගත පිළිකා (Womb Cancer) හඳුනාගන්නා විට ඉන් සෑහෙන තරමක් රෝගියාගේ සිරුර ආක්‍රමණය වී තිබිය හැකිය. පිළිකා සඳහා ප්‍රතිකාර කිරීම යම්තරමකට සුවිශේෂීය. මේ සඳහාම වෙන්වූ රෝහල්, සායන, විශේෂිත ප්‍රතිකාර ඒකක ලොව පුරා සෑම රටකම පාහේ දක්නට ලැබේ. මෙම ප්‍රතිකාර ක්‍රම පිළිකාව හඳුනාගැනීමේ සිට යම් යම් ශල්‍යකර්ම මඟින් ද (Surgery) විද්‍යුත් විකිරණවේදී ප්‍රතිකාර (Radiation Therapy), රස චිකිත්සක ප්‍රතිකාර (Chemo Therapy) හා හෝර්මෝන චිකිත්සක ප්‍රතිකාර ආදී වශයෙන් විවිධාකාර වේ. මේවා අතුරින් වඩාත්ම යෝග්‍ය ප්‍රතිකාරය රෝගියාගේ රෝගී තත්ත්වය, වයස, අනෙකුත් ප්‍රතිකාර වර්ග, රෝග ඉතිහාසය යන කරුණු මත පදනම්ව ලබාදීමට වෛද්‍යවරු යුහුසුළු වෙති. මෙම ප්‍රතිකාර ක්‍රම අතරින් රස චිකිත්සක (Chemo Therapy) ප්‍රතිකාරය වඩා ආරක්ෂාදායි වුණත් ඉන් පිළිකා සෛල විනාශ කරනවා සේම අහිංසක නිරෝගී සෛලත් තරමක් විනාශ කරනු ලබන්නේය. විශේෂයෙන් කාන්තාවන්ගේ ගැබ්ගෙල ආශ්රිත (Cervical Cancer) පිළිකා මෙන්ම ගර්භාෂගත පිළිකා (Womb Cancer) සඳහා කරනු ලබන Chemo ප්‍රතිකාරය නිසා නිරෝගී සෛලත් විනාශ වී අතුරු ආබාධ නිර්මාණය වීම වැළැක්විය නොහැකිය. මෙම ප්‍රතිකාරය එන්නත් ආධාරයෙන් රෝගියාගේ සිරුරට ලබාදෙන අතර එම ප්‍රතිකාර ලබාදෙන කාලය තුළ රෝගයා විශේෂිත පරිසරයක රැකබලාගැනීම ද වැදගත්ය. මෙලෙස මෙම ප්‍රතිකාරය නිසා නිරෝගී සෛලයන්ට වන හානිය වළක්වා කෙළින්ම පිළිකා සෛලය, ගෙඩිය හෝ වණය වෙත මෙය ලබාදීමට හැකි ක්‍රමයක් ගැන විද්‍යාඥයෝ වසර ගණනාවක සිටම පර්යේෂණවල නියෑලී සිටිති. වරෙක ඔවුන් යම් බැක්ටීරියාවක් මත මෙම Chemo ඖෂධ ගල්වා ඒවා එන්නත් මඟින් පිළිකා සෛල තුළට යෑවීමට සැලැස් වූහ. බැක්ටීරියා සිරුර තුළට වේගයෙන් කාවදින නිසා මෙමඟින් ඉතා ඉක්මණින් මෙම ඖෂධ අදාළ සෛල වෙත ලබාදිය හැකි විය. නමුත් අපේ සිරුරෙහි පවතින ප්‍රතිශක්තීකරණ පද්ධතිය මඟින් බැක්ටීරියාවලට එරෙහිව ප්‍රතිදේහ සාදා සටන් වැද ඒවා විනාශ කරන නිසා මෙම ක්‍රමය අසාර්ථක විය. ජර්මනියේ, ෙඩ්රස්ඩෙන් (Dresden) හි පිහිටි අනුකලන නැනෝ තාක්ෂණ විද්‍යායතනයේ (Institute For Integrative Nanosciences) විද්‍යාඥයන් සමූහයක් මීට අපූරු ආදේශකයක් සොයා ගත්හ. ඒ Chemo ඖෂධ ශුක්‍රාණුවක තවරා කාන්තාවන්ගේ ප්‍රජනක පද්ධතිය තුළට යෑවීමෙන් එහි ඇති පිළිකා සෛලවලට කෙළින්ම පහරදී විනාශ කිරීමයි. පළමුවෙන්ම ඔවුන් විසින් ශුක්‍රාණුවක් ගෙන එය Chemo ඖෂධයක් වන ඩොක්සොරුබිසින් (Doxorubicin) වල පැය කීපයක් ගිල්වා තබනු ලැබීය. මෙම ඖෂධය පිළිකා සඳහා බහුලව භාවිත කරන්නක් වන අතර මෙමඟින් පිළිකා සෛල වර්ධනයවීමට අවශ්‍ය ටොපොයිසෝමරේස් - 2 (Topoisomerase - 2) නමැති එන්සයිමය ස්රාවය වීම නවතනු ලබයි. මෙලෙස මෙම ඖෂධයෙන් පොඟවාගනු ලැබූ ශුක්‍රාණුව යකඩ අඩංගු ද්‍රdවණයකින් ආවරණය කරනු ලබයි. (මෙය ඉතා කුඩා ඉඳිකටු තුඩක ප්රමාණයකි). ඉන්පසු මෙම විශේෂිත ශුක්‍රාණුව රෝගී කාන්තාවගේ යෝනි මාර්ගය තුළින් ඇතුළතට විදිනු ලබයි. එවිට එය සාමාන්‍ය පරිදි යෝනි මාර්ග දිගේ ගැබ්ගෙල දක්වා පිහිනා යන්නේය. ගැබ්ගෙලෙහි හෝ ගර්භාෂයෙහි අදාළ පිළිකා සෛලය වෙතට එය ගමන් කරවීම සඳහා ප්‍රබල චුම්බකයක් රෝගී කාන්තාවගේ උකුල මතින් එහා මෙහා යවමින් අල්ට්රා සවුන්ඩ් ස්කෑනරයක් මඟින් නිරීක්ෂණය කරමින් නිවැරැදි දිශාවට ගමන් කරවා අදාළ පිළිකා සෛලය මතට ඖෂධය සහිත ශුක්‍රාණුව කා වැදීමට සලස්වයි. මෙම ශුක්‍රාණුවට දවටන ලද ලෝහමය ආවරණය පාද 4 කින් යුතුය. එමඟින් පිළිකා සෛලය දැඩිව ග්‍රහණය කරගන්නා අතර අදාළ ඖෂධය සෛලය තුළට කා වදී. ඉතා කෙටි කාලයකින් පිළිකා සෛලය මර්දනය වී විනාශ වන අතර ශුක්‍රාණුවේ ලෝහමය ආවරණය ඉබේම ශරීරයෙන් පිටතට ඒ. දැනට ගවයන්ගේ ශුක්‍රාණු යොදාගනිමින් සිදුකළ පර්යේෂණ ඉතා සාර්ථකත්වයට පත්ව තිබෙන බව පවසන මෙම ජර්මානු විශේෂඥ වෛද්‍ය කණ්ඩායම ඉදිරියේදී මනුෂ්‍ය ශුක්‍රාණු ආධාරයෙන් මෙය සාර්ථකව අත්හදා බැලීමට බලාපොරොත්තු වන බව ද පවසයි. තව ද නවීන වෛද්‍ය විද්‍යාවේ නව පිටුවක් සනිටුහන් කරන මෙම නව සොයාගැනීම අනෙකුත් පිළිකා විශේෂ සඳහා ප්‍රතිකාර ලෙස යොදාගැනීමට ද සැලසුම් කරමින් සිටින බව වැඩිදුරටත් ඔවුහු ප්‍රකාශ කර සිටිති. මිනිසුන් විනාශ කිරීමට අවි ආයුධ තනන අද ලෝකයේ මිනිසුන් ජීවත්කරවීමට මෙවන් ජීවමය ආයුධයන් තැනීම කෙතරම් මානුෂීය ව්‍යායාමයක් වන්නේද........· උපුටා ගැනීම - දිවයින වෙබ් පුවත්පතිනි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 01 May 2017 10:49 PM අපේ චාමර මල්ලිත් හොයන් එන ඒවා ......... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 01 May 2017 11:30 PM මේ වාක්‍ය නම් ඉතා වැදගත් මිනිසුන් විනාශ කිරීමට අවි ආයුධ තනන අද ලෝකයේ මිනිසුන් ජීවත්කරවීමට මෙවන් ජීවමය ආයුධයන් තැනීම කෙතරම් මානුෂීය ව්‍යායාමයක් වන්නේද........ 0 samanthaMost Senior MemberPosts:13190 02 May 2017 05:50 AM අපරාදේ කොල්ලන්ගේ ශුක්‍රාණු කොච්චර නම් අපතේ යවන්න ඇත්ද? සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 hasithadSuper Senior MemberPosts:5795 02 May 2017 08:05 AM කොහොමෙන් හරි කමක් නෑ ලෙඩ හොද වෙනවා නං එච්චරයි. පිලිකා වලින් කොච්චර මිනිස්සු දුක් විඳිනවද ..... 0 chamaramindMost Senior MemberPosts:13471 02 May 2017 06:41 PM දරු සම්පත් නැති අයට පිහිටට එන නළ දරු තාක්ෂණය මීට වසර දහයකට පමණ පෙර නළ දරු උපත් සම්බන්ධව අප තුළ පැවතියේ ශ්‍රී ලාංකික සාමාන්‍ය ජනතාවට එම පහසුකම් කිසිදිනෙක ලබාගත නොහැකි යෑයි කියාය. නමුත් අද වන විට එම පහසුකම් ඕනෑම සමාජ මට්ටමක ජනතාවට ඉතා පහසුවෙන් ශ්‍රී ලංකාවේදී ලබා ගැනීමේ අවස්ථාව උදා වී තිබේ. වෛද්‍යතුමියනි, වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ නළ දරු තාක්ෂණ පහසුකම් භාවිතා වන ආකාරය කෙසේද? ශ්‍රී ලංකාව තුළ අද වන විට ලොව අති නවීන පහසුකම් භාවිතා වනවා. ලොව පුරා භාවිතා කරන අති නවීන රසායනාගාර පහසුකම් භාවිතා කරන අතිනවීන ක්‍රමවේදයන් සියල්ල අප රට තුළ තිබෙනවා. එනිසා විදෙස් ගත නොවී ලංකාව තුළදීම තමාට අවශ්‍ය ඕනෑම නළ දරු පහසුකමක් ශ්‍රී ලංකාව තුළදී ලබාගත හැකියි. වෛද්‍යතුමියනි, මෙම නළ දරු පහසුකම් ලබාගත යුත්තේ කුමන මට්ටමේ පසුවන පුද්ගලයන්ද? මද සරු බවින් පෙළෙන කාන්තාවන් සහ පිරිමින්ට මෙම තාක්ෂණ පහසුකම් තුළින් ඔවුන් අපේක්ෂා කරන දරු සම්පත් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඩිම්බ මේරීමේ ගැටලු පවතින කාන්තාවන්ට සහ ශුක්රානුවල සක්‍රීය බව අඩු පිරිමින්ට IUI තියන තාක්ෂණය මගින් තමුන් තුළ පවතින දුර්වලතා සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පුළුවනි. එහිදී ඩිම්බ මේරීමේ ගැටලු පවතින කාන්තාවන්ට නිසි ඖෂධ මගින් ඩිම්බ මේරීම සිදු කිරීම ඇති කර ගත හැකියි. ශුක්රානුවල සක්‍රීය බව අඩු පිරිමින්ට ශුක්‍රානු ඩිම්බයක් ආසන්නයේ තැන්පත් කර ගැනීම සිදු කර ගත හැකියි. මෙම පහසුකම් මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගත නොහැකි වූ විට පරීක්ෂණාගාරයක් තුළ දී කලලයක් නිපදවා එය කාන්තාවගේ ගර්භාෂයේ තැන්පත් කිරීම සිදු කර ගැනීමට හැකියාව තිබෙනවා. සාමාන්‍යයෙන් එවැනි අවස්ථාවකට යා යුත්තේ IUI තාක්ෂණයෙන් ප්‍රතිඵල අසාර්ථක වූ විටයි. එම තාක්ෂණය පස්වතාවකට වඩා සිදු කරන්නෙ නැහැ. එම අවස්ථා පහේදීම දරු කලලයක් බිහි නොවේ නම් කලලයක් තැන්පත් කර ගැනීමේ පහසුකම් සඳහා යොමුවිය යුතුයි. මෙහිදී පිරිමියාට තමාගේම ශුක්රානුවකුත් කාන්තාවට තමාගේම ඩිම්බයකුත් යොදාගෙන කලලය නිපදවා ගත හැකියි. වෛද්‍යතුමියනි. මෙම බාහිරින් කලලයක් නිපදවා තැන්පත් කිරීමේ තාක්ෂණය භාවිතා කරන අනෙකුත් අවස්ථා මොනවාද? කාන්තාවන් තුළ පවතින එන්ඩොමෙටි්රයෝ සිස් නැමැති රෝගයේදී ඔවුන්ගේ ඩිම්බකෝෂයට සහ පැලෝපීය නාළයට හානි සිදු විය හැකියි. එවැනි හානියකට ලක් වූ කාන්තාවන්ට ස්වභාවික අයුරින් හෝ IUI තාක්ෂණයෙන් දරු කලලයක් සාදාගත නොහැකියි. එවැනි කාන්තාවන් බාහිරින් කලලයක් සාදාගෙන ගර්භාෂයේ තැන්පත් කර ගත යුතුයි. හෝමෝන රෝග නිසා අක්‍රමවත් ඔසප් චක්‍රයක් පවතින කාන්තාවන්ටත් (PCOS) මෙම බාහිරින් කළලයක් සාදාගෙන ගර්භාෂයේ තැන්පත් කර ගැනීමේ තාක්ෂණය යොදාගත හැකියි. ඇතැම් පුරුෂයන්ගේ උපතින්ම ශුක්රානුවල දුර්වලතා පවතිනවා. එවැනි අයටත් මෙම තාක්ෂණය මගින් දරු කලලයන් සාදා ගත හැකියි. මෙම තාක්ෂණයේ ඇති වටිනාකම වනුයේ ශුක්රානුවක් සහ ඩිම්බයක් බාහිර පරිසරයකදී සංසේචනය කරන නිසා කිසිදු වෙනත් ගැටලුවක් මතුවන්නේ නැහැ. එය ඉතා නිවැරදිව සංසේචනය කර කලලය සාදනවා. පුරුෂයින්ගේ ශුක්රානුවල සක්‍රීය බව ඉතා දුර්වල නම් එවැනි අවස්ථාවකදී ශුක්රානුවක් ඩිම්බයකට එන්නත් කර සංසේචනය කිරීම (ICSI) තාක්ෂණයකුත් තිබෙනවා. එම පහසුකම්ද ශ්‍රී ලංකාවේ භාවිතා වන නිසා එම පහසුකම් මගින් වුව දරු කලලයක් සාදාගත හැකියි. වෛද්‍යතුමියනි. මෙම නළ දරු තාක්ෂණයෙන් දරුඵල ලබා ගත හැක්කේ එක්වරක් පමණද? නැහැ. තමුන්ට අවශ්‍ය නම් තවත් කිහිපවරක් වුව දරුඵල ලබාගත හැකියි. එසේම ඇතැම් අවස්ථාවලදී සාමාන්‍ය මදසරු බව පැවැති කාන්තාවන්ට නළ දරු උපතින් පසු ස්වභාවික අයුරින් කලලයක් සංසේචනය වන අවස්ථාවන් තිබෙනවා. එයත් ඔවුනට එක වාසියක් වෙනවා. එසේම බාහිරින් කලලයක් සංසේචනය කිරීම සඳහා ඩිම්බ කිහිපයක් ලබාගන්නා නිසා ඉතිරි ඩිම්බ විද්‍යාගාරයේ තැන්පත් කර තබා පළමු දරු ප්‍රසූතියෙන් පසු දෙවැනි දරු ප්‍රසූතිය සඳහා එම ඩිම්බ යොදා ගත හැකියි. මෙය නළ දරු තාක්ෂණයේ පවතින තවත් අමතර වාසියකි. ඔබට වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා දුරකථන අංක 0114897897 ඇමැතිය හැකිය. ප්‍රජා වෛද්‍ය චම්පා නෙල්සන් නුගේගොඩ "අපේක්ෂා" රෝහල ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 May 2017 06:42 PM තරුණ පිරිමි දරුවන්ගේ දඩබ්බර බවට බලපාන හේතු වයස අවුරුදු 16 න් පසු පිරිමි දරුවකුගේ එළඹෙන්නේ ගැටවර හෙවත් තරුණ වියයි. මෙම ගැටවර වයසේ පසුවන පිරිමි දරුවන් සිටින බොහෝ දෙමාපියන්ට පවතින ගැටලුවක් වී ඇත්තේ දරුවන්ගේ මුරණ්ඩුතාවයි. දරුවො අපි කියන දේ අහන්නෙ නැහැ. එවැනි දෙමාපියෝ පවසති. වෛද්‍යතුමනි, තරුණ වයසේ දරුවන්ගේ වර්ධනය පිළිබඳව නාඩි වෛද්‍ය විද්‍යාවට අනුව දක්වා ඇත්තේ කෙසේද? මවුකුසින් මෙලොව එළිය දුටු දා සිට පිරිමි දරුවකුගේ ජීවිතය ළමා විය තරුණ විය සහ මැදිවිය ලෙසින් වර්ධන අවධි තුනකට බෙදා වෙන්කර තිබෙනවා. වයස අවුරුදු 13 දක්වා වූ කාලය ළමා විය ලෙස හඳුන්වනවා. වයස අවුරුදු 13 සිට 30 දක්වා තරුණ විය ලෙස හඳුන්වනවා. වයස අවුරුදු 30 සිට 60 දක්වා මැදිවිය ලෙස හඳුන්වනවා. වයස අවුරුදු 60 න් පසු සඳහන් කරන්නේ මහලු විය ලෙසයි. මහලු වියේදී ශරීරය ඉතා ඉක්මනින් ගෙවීයන නිසා එය වර්ධන අවධියක් ලෙස සලකන්නේ නැහැ. අපගේ අවධානය යොමුවී ඇත්තේ තරුණ වියට බැවින් මෙම අවධියේ ක්‍රියාකාරී නාඩි පිළිබඳව පමණක් අවධානය යොමුකරමු. නාඩි වෛද්‍ය විද්‍යාවට අනුව තරුණ වියේදී ක්‍රියාකාරී වන නාඩි 20 ක් පවතිනවා. දොඩමළුවන නාඩිය, ආලවන්ත නාඩිය, කෝපවන නාඩිය, හැඟුම්බර නාඩිය, කෑම නාඩිය, සොයායන නාඩිය ආදී ලෙසින් මෙම නාඩි 20 ක්‍රියාකාරී වෙනවා. මෙම නාඩිවල ක්‍රියාකාරිත්වය සඳහා දෙමාපියන්ගේ ගතිගුණ, ඔවුන්ගේ පෙර කුසල් අකුසල් ප්‍රධාන වශයෙන් බලපානවා. ඇතැම් දරුවන් ඉතාමත් ඥණානාන්විතයි. නිර්මාණශීලී බවින් ඉහළයි. දෙමාපියන්ට කීකරුයි. මේ සඳහා බලපාන්නේ දෙමාපියන් පෙර කළ කුසල්ය. ඒවා දරුවාට බලපාන ආකාරය අනුව ඔවුන් බැබළෙනවා. තවත් දරුවන් පිරිසක් දඩබ්බරයි. උගත්කම අඩුයි. ඒ සඳහා බලපා ඇත්තේ එම දරුවන්ගේ දෙමාපියන් පෙර කළ අකුසල්ය. එනිසා සෑම දෙමාපියෙක්ම දරුවකු මෙලොවට බිහිකිරීම කටයුතු කිරීමේදී ඒ පිළිබඳව හැඟීමකින් ආදරයකින් යුක්තව ක්‍රියාකළ යුතුයි. පියා මත්පැන් බොන, දුම්වැටි පානය කරන අයෙක් නම් ඔවුනගේ දරුවන් තරුණ වියට පත්වන විට කායික සහ මානසික රෝග පීඩාවකට ඉතා පහසුවෙන් ගොදුරුවේ. ඔවුන් කඳ බඩ, මාංශ පමණක් වර්ධනය වූ දරුවන් ලෙස හැඳින්විය හැකියි. මව තණ්හාව, ක්‍රෝධය, වෛරය පිරි තැනැත්තියක් නම් ඇයට දාව උපදින පිරිමි දරුවන් තරුණවියේදී මුරණ්ඩු, බුද්ධිය අඩු දරුවකු බවට පත්වෙනවා. මෙවැනි රෝග පීඩාවල එක් ප්‍රතිඵලයක් වන්නේ ඔවුන්ගේ ලිංගික හෝමෝන ගැටලු මතුවීමය. එවිට ඔවුන්ගේ තරුණ වියට සරිලන ශාරීරික වර්ධනයක් ඇතිවන්නේ නැහැ. පිරිමි දරුවකු සතු තේජාන්විත බව දැකිය නොහැකියි. දරුවන් බිහිකිරීමට තරම් ලිංගික ශක්තිය වර්ධනය වී නොතිබිය හැකියි. වෛද්‍යතුමනි, තරුණ දරුවන්ගේ මනා පෞරුෂ වර්ධනය සහ නීරෝගී කායික මානසික බව ඇති කිරීමට ගතහැකි පියවර මොනවාද? පළමුවෙන්ම කළයුත්තේ එම දරුවන්ගේ විකෘති වී ඇති නාඩි ක්‍රියාකාරිත්වය ප්‍රකෘති කිරීමයි. ඒ වගේම තමයි දෙමාපියන් දරුවන්ට ආදරය කළ යුතුයි. මෙම තරුණ වයසේ දරුවන්ගේ ක්‍රියාකාරිත්වය අධිකයි. තෝ.... මූ... බූරුවා ආදි ලෙසින් ඇතැම් දෙමාපියන් දරුවන් අමතනවා. මෙවැනි ආකාරයෙන් දරුවන් ඇමැතීමෙන් ඔවුන්ගේ කෝප නාඩිය ක්‍රියාකාරී වෙනවා. පුතා අම්මා, තාත්තාව මරා දැම්මා කියා අපට වාර්තාවන්නේ මෙවැනි තත්ත්වයන්හිදීයි. පුතා කියලා දරුවාට ආදරයෙන් අමතන විට එම දරුවාගේ ආලවන්ත නාඩිය ක්‍රියාකාරී වෙනවා. දරුවා තුළ අන් අය ගැන ආදරයක් ඇති වෙනවා. ක්‍රෝධය, වෛරය ඇතිවීම යටපත් වෙනවා. ඒ වගේම තමයි අද බොහෝ තරුණ දරුවන් ආහාර පාන ලෙස ගන්නා ඇතැම් ආහාර මගින් ඔවුන්ගේ සීනි මට්ටම, රුධිර පීඩනය ඉහළ යනවා. ඉතා ඉක්මනින් දියවැඩියාව, හෘදයාබාධ වලට ලක්වෙනවා. එනිසා තරුණ වයසේ දරුවන්ට ලබාදිය හැකි පෝෂ්‍යදායී ස්වාභාවික පානයක් සාදා ගැනීමට අවශ්‍ය තොරතුරු මෙසේය. ස්වභාවික පලතුරු පානයක් හීන් නාරං යුෂ, අලි පේර යුෂ, බෙලි යුෂ, ඉදුණු තක්කාලි යුෂ, අඹ යුෂ, කළු උක් දඬු යුෂ, වෙරළු මද යුෂ, ඉදුණු ගස්ලබු යුෂ, ලොවි යුෂ, ඇඹරැල්ලා යුෂ, ලාවුළු යුෂ මේ සියල්ලම හෝ කිහිපයක් සමව ගෙන හොඳින් මිශ්‍රකර අවශ්‍ය පමණට ලුණු ටිකක් දමා ගන්න. උදේට පානය සඳහා ලබාදිය හැකියි. මෙම පානය නිසා ශරීරය පැහැපත්වීම, අලස බව නැතිවීම ආදිය සිදු වෙනවා. වැඩිදුර තොරතුරු ලබාගැනීමට අවශ්‍යනම් දුරකථන අංක 0776500677 ඇමැතිය හැකිය. මහාචාර්ය වෛද්‍ය ජිනසිරි ලියන්වෙල අඟුලාන දුම්රියපළ පාර ලියන්වෙල සෘෂිනාඩි වෛද්‍ය මධ්‍යස්ථානය ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 7 of 137 << < 56789 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner