Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 70 of 137 << < 6869707172 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 26 Nov 2017 05:15 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Nov 2017 05:16 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Nov 2017 05:19 PM මරණයටත් හේතුවන ඇපෙන්ඩිසයිටිස් අයිස් හෝ සීතල වතුරෙන් තවන්න එපා! මඳ උණුසුම් රෙදි පොට්ටනියකින් තවන්න උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය හෙවත් ඇපෙන්ඩිසයිටිස් (appendicitis) යනු අද නිතර අසන්නට ලැබෙන වචනයක් බවට පත් වී ඇත. උණ්ඩුක පුච්ඡයේ ඇතිවන විෂබීජ ආසාදනය (Infection) ඇපෙන්ඩිසයිටිස් නමින් හඳුන්වනු ලැබේ. මෙම රෝගය වසරකට ලොව පුරා, වයස අවුරුදු 10ත් - 30ත් අතර වූ පුද්ගලයන් මිලියන 16 ක් පමණ පිරිසකට වැළඳෙන බව වාර්තාවේ. උණ්ඩුක පුච්ඡය (appendix) යනු මිනිසාගේ කුඩා බඩවැල, මහ බඩවැලත් සමඟ එකතු වන “සීකම්” (caecum) නමින් හඳුන්වන මහ බඩවැලේ කොටසට සම්බන්ධව පවතින සෙන්ටිමීටර් 10 පමණ දිගින් යුත් නාලයක් වැනි අවයවයකි. මෙහි බිත්තිය තට්ටු හතරකින් සමන්විත වේ. උණ්ඩුක පුච්ඡ ප්‍රදාහයේ දී මේ බිත්තියේ තට්ටු හතර පුරාවටම නියුට්‍රොෆිල් (neutrophils) ලෙස හඳුන්වන සුදු රුධිරාණු වර්ගය පැතිර යයි. මෙය ආසාදිත තත්ත්වයක් ලෙස හැඳින්වේ. උණ්ඩුක පුච්ඡ ප්‍රදාහයේ දී මෙලෙස ඇතිවන ආසාදනය සැරව එකතු වීමක් වශයෙන් ද, අනතුරුව ගෙඩියක් ලෙස විශාල වීම දක්වා ද වර්ධනය වේ. මෙය ඉතාමත් අනතුරුදායක තත්ත්වයකි. මක්නිසාද යත්, මෙවැනි ගෙඩියක් පිපිරීමෙන් ඒ ආසාදනය මුළු උදර කුහරය තුළම පැතිර ගොස් මරණය පවා සිදුවිය හැකි හෙයිනි. ඕනෑම කෙනකුට ඕනෑම වයසක දී ඇපෙන්ඩිසයිටිස් ඇතිවීමට පුළුවන. ඇපෙන්ඩිසයිටිස් ඇතිවීමට හේතු ඇපෙන්ඩියසිටිස් ඇතිවීමට හේතුව උණ්ඩුක පුච්ඡයේ ගල්කැට හිරවීම යයි සාමාන්‍ය ජනතාව අතර මතයක් තිබේ. එය වැරදිය. එයට හේතු වන්නේ උණ්ඩුක පුච්ඡය තුළට ගමන් කළ මළපහවල ඝනවීමක් හෝ වෛරස් ආසාදනයක් නිසා ඒ අසල ඇති වසාගැටිති හෙවත් කුද්දැටිවල ඉදිමීමක් නිසා උණ්ඩුක පුච්ඡයේ හිරවීමය. රෝග ලක්ෂණ වෙනත් රෝගයක් යැයි ඔප්පු වනතුරු ඕනෑම බඩේ වේදනාවක් ඇපෙන්ඩිසයිටිස් යැයි සැක කළ හැක. වේදනාව පළමුවෙන් පෙකණිය වටා ඇරඹී පසුව උදරයේ දකුණු පැත්තේ පහළ ප්‍රදේශයට පැතිරී යයි. ඇවිදින විට හා සෙලවෙන විට වේදනාව වැඩි වේ. මීට අමතරව ඔක්කාරය හා වමනයද ඇතිවිය හැක. ශරීරයේ උෂ්ණත්වය ෆැරන්හයිඩ් අංශක 100 – 101ත් අතර විය හැකි අතර කලාතුරකින් 104 දක්වා වුවද වැඩි විය හැක. මළපහ සාමාන්‍ය තත්ත්වයක පැවතිය හැකි වූවත් කලාතුරකින් බඩ බුරුල් වීම හා මළබද්ධය ද ඇතිවිය හැකිය. මුත්‍රා කිරීම සමහර විට වේදනාකාරී විය හැකිය. මේ හැම ලක්ෂණයක්ම රෝගියා තුළ එකම අයුරින් නොපෙන්වන නිසා රෝග විනිශ්චය අපහසු වීමට ද පුළුවන. වේදනාව වැඩිවනු මිස අඩුවීමක් මෙහිදී සිදු නොවේ. වේදනාව පැය දෙකක් නොකඩවා පවතී නම් වහාම වෛද්‍යවරයකු හමුවන්න. ඇපෙන්ඩික්ස් (Appendix) හෙවත් උණ්ඩුක පුච්ඡය යනු කෙනෙකුගේ සුලැඟිල්ල තරම් වූ මැද සිදුරක් සහිත (කෙළවර වැසුණු) බඩවැල් පටකයෙන් සෑදුණු ඉන්ද්‍රියකි. එය කුඩා බඩවැල මහ බඩවැලට සම්බන්ධ වන ස්ථානයෙන් මතුවෙයි. මිනිසුන්ගෙන් 99%කගේම උණ්ඩුක පුච්ඡය පිහිටා ඇත්තේ උදරයේ දකුණු පැත්තේ පහළ කොටසේය. සරල ප්‍රතිකාර ක්‍රම මද රස්නය සහිත රෙදි කැබැල්ලකින් වේදනාකාරී පෙදෙස තවන්න. වේදනාව අඩු නොවී තව තවත් වැඩි වේ නම් බොහෝවිට ඒ ඇපෙන්ඩිසයිටිස් විය හැක. කිසිවිටෙකත් සීතල අයිස් වැනි දේ වලින් වේදනාව සහිත ප්‍රදේශය සිසිල් නොකරන්න. එමඟින් ඇපෙන්ඩිසයිටිස්හි රෝග ලක්ෂණ යටපත් විය හැක. පැරසිටමෝල් පෙති දුන්නාට වරදක් නැත. එහෙත් එහි වැඩි ප්‍රයෝජනයක් නැත. දියර වර්ග පමණක් බීමට දෙන්න. කිසිවිටෙකත් බඩ බුරුල් වන ඖෂධ (Laxtives) හෝ වස්ති (Enema) නොදෙන්න. උදරයේ දකුණු පැත්තේ පහත කොටසේ වේදනාව පැය දෙකකට පසුවත් ඒ අයුරින්ම පවතින්නේ නම් වහාම ඔබගේ වෛද්‍යවරයා හමුවන්න. වෛද්‍ය ප්‍රතිකර්ම ඇපෙන්ඩිසයිටිස් සඳහා කරනු ලබන පිළිගත හැකි එකම ප්‍රතිකාරය නම් ශල්‍යකර්මයක් මගින් එය ඉවත් කිරීමයි. එබැවින් රෝග විනිශ්චය පිළිබඳව වෛද්‍යවරයා විශ්වාසනීය නිගමනයකට පැමිණීම අත්‍යවශ්‍යය. පෙනහළු රෝග (නිව්මෝනියාව) සහ උගුරේ ආසාදනයන්හිදී ද ඇපෙන්ඩිසයිටිස් රෝග ලක්ෂණ මතු කළ හැකි බැවින් එම රෝග වැළඳී ඇත්දැයි සොයා බැලීම සඳහා ඔබගේ වෛද්‍යවරයා උගුර හා පපුව පරීක්ෂා කර බලනු ඇත. අත් ආවරණයක් පැළඳි වෛද්‍යවරයා ඔහුගේ ඇඟිල්ලක් රෝගියාගේ ගුද මාර්ගය තුළට ඇතුළු කර පරීක්ෂා කිරීමත්, ලේ හා මුත්‍රා පරීක්ෂාවත් ඔහු විසින් කරන්නට පුළුවන. එසේ කරන්නේ බඩේ වේදනාවට හේතුව ඇපෙන්ඩිසයිටිස් නොව වෙනත් හේතුවක් දැයි සොයා බැලීමටය. සමහර විට උදරයේ එක්ස්-රේ එකක් ද ගෙන පරීක්ෂා කරනු ඇත. පරීක්ෂණ අවසානයේ රෝගියා ශල්‍යකර්මයකට භාජනය කළ යුතුදැයි වෛද්‍යවරයා තීරණය කරනු ඇත. ශල්‍යකර්මය ශල්‍යකර්මය ඇපෙන්ඩිසෙක්ටමි (Appendisectomy) නමින් හැඳින්වේ. උණ්ඩුක පුච්ඡය කපා ඉවත් කිරීම එහි අර්ථයයි. රෝහලක ශල්‍යාගාරයක් තුළදී රෝගියාට සිහි නැති කොට (Under General Anasethesia)ස උදරය දකුණු පැත්තේ පහළ කොටසේ පෙකණිය මට්ටමට පහතින් අඟල් දෙකක් පමණ කැපුමක් යොදා උදරය විවෘත කර ආසාදනයට ලක් වූ උණ්ඩුක පුච්ඡය ශල්‍ය වෛද්‍යවරයා විසින් කපා ඉවත් කරනු ලැබේ. ශල්‍යකර්මයෙන් දින පහකට පමණ පසු ගෙදර පැමිණෙන රෝගියාට සාමාන්‍ය අයුරින් වෙනදා මෙන් ආහාරපාන ගැනීමට උනන්දු කරවිය යුතුය. ඔබේ රෝගියාට නිවසේ දී උපස්ථාන කළ යුතු ආකාරය ඔබේ වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න. සති දෙක තුනකට පසු වෙනදා මෙන් ක්‍රියාශීලීව කටයුතු කිරීමට හැකිවන පරිදි පූර්ණ සුවයක් රෝගියාට ලැබෙනු ඇත. සුගත් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Nov 2017 05:19 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Nov 2017 05:27 PM ලෙඩ ගොඩාක් රැගෙන එන උත්තේජක ලංකාවේ පොලිස් වාර්තා අනුව ගංජා හෙවත් මරිජුවානා (කැනබීස්) පාවිච්චිය වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. මීට ප්‍රධානම හේතුවක් වන්නේ ගංජා හෙවත් කැනබිස් ගැන තිබෙන මිත්යාවිශ්වාසයි. අපි මේ මිත්යාවිශ්වාස කිහිපයක් බලමු. ලිංගික ශක්තිය වැඩිකිරීම, කෑම රුචිය වැඩි වීම සහ ඇඟ ශක්තිමත් වීම, පිරිමින්ගේ ක්ෂණික මෝචනයට හොඳ ප්‍රතිකාරයක් සේ සිතීම හා පුරාණයේ සිට ආයුර්වේද ඖෂධයක් ලෙස භාවිතා කර තිබීම. නමුත් බොහෝ වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂිවලින් පෙනී යන්නේ මේ සියල්ල මිත්‍යාවක් බවයි. සැබැවින්ම ගංජා කියන්නේ තහනම් උත්තේජකයක් විදිහට වර්ග කර තිබෙනවා. ලංකාවේ මෙම ගංජා පැළෑටිය නොයෙකුත් ප්‍රදේශවල රහසිගතව වගා කරන නමුත් මෙම ගංජා අද ලංකාවට වැඩිපුර එන්නේ ඉන්දියාවෙන්. පසුගිය වර්ෂයේ ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් හොරෙන් ගෙනෙන මත්ද්‍රව්‍ය සමඟ ශ්‍රී ලාංකීයන් 126 දෙනෙකු හා ඉන්දීය ජාතිකයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. මේ වර්ෂයේදී දැනටමත් ශ්‍රී ලංකීයන් 49 දෙනෙකු මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේදී හසුවී අත්අඩංගුවට ගෙන ඇත. ඉන්දියාවේ මෙම ගංජා පැළෑටිය වැඩිපුරම වගා කරනුයේ ආන්ද්‍රා සහ ඕදිෂාන් ප්රදේශවලයි. ඉන්දියාවේ නිපදවන ගංජාවලින් 80% නිපදවන්නේ මේ ප්රදේශවලයි. මරිජුවානා හෙවත් ගංජා පිළිබඳ බටහිර රටවල ආකල්ප මෙය ව්‍යාප්ත වීමට තවත් හේතුවකි. අමෙරිකාවේ ප්‍රාන්ත 23ක ආයුර්වේද ප්‍රතිකාරයක් ලෙස මෙය අනුමත කර තිබෙනවා. අද වනවිට ගංජා ඖෂධයක් ලෙස නිත්‍යනුකූලව ලියාපදිංචි කිරීමට අමෙරිකාව මානබලමින් සිටිනවා. 1961 අන්තරාදායක ඖෂධ පිළිබඳ ලෝක සමුළුව ගංජා නැමති මෙම මත්ද්‍රව්‍ය නායනක මත්ද්‍රව්‍යයක් ලෙස විශාල විප්ලවයක් ඇති කළා. මෙම සමුළුවෙන් පසු ඉන්දියාවේ අවුරුදු 25කට ගංජා හෙවත් මරිජුවානා තහනම් ඖෂධයක් බවට ප්‍රකාශ කළා නමුත් මෙම නීතිය ඇමරිකාවේ බළපෑම නිසා 1985 දී ලිහිල් කරනු ලැබුවා. මෙම ලිහිල් කිරීම නිසා ඉන්දියාව තුළ ගංජා භාවිතය ඉහළ ගියා. මරිජුවානා හෙවත් ගංජාවලට ගොදුරු වුණු තරුණයකුගේ කථාව එදා බදාදා දිනයක්. ඇය රෝහල් සායනයට යොමු වෙලා හිටියේ. හමුදාවේ සිටින තම පුතා ගැන කතා කරන්න. ඇගේ මුහුණේ දුක, පීඩනය හා පරාජිත බව ගැබ්වෙලා තිබුණා. ඇය මෙහෙම කිව්වා. “Docter මම ආවේ මම ගැන කතා කරන්න නෙමෙයි. මගේ සැමියා නැතිවෙලා දැන් අවුරුදු 5කට වැඩියි. මට ඉන්නේ එකම දරුවයි. ඔහු හමුදාවේ කපිතාන්වරයෙක්. ඔහු විවාහ වෙලා අවුරුදු 5ක දරුවෙකුත් ඉන්නවා. පුතයි, ලේලියි අපි කවුරුත් ජීවත් වෙන්නේ එකම ගෙදර. දැන් මාස 5ක් පමණ වෙනවා පුතා පිළිවෙළකට රස්සාවට යන්නෙත් නෑ. නිතරම කාලය ගත කරන්නෙ පුදුම කම්මැලි කමකින්. නිතරම නිදා ගන්නවා, සමහර වෙලාවට තනියම හිනා වෙනවා තනියම කතා කරන ස්වාභවයකුත් දකින්න ලැබෙනවා. කිසිම හේතුවක් නැතුව බිරිඳත් එක්කත් රණ්ඩු වෙනවා. මොකක් හරි ලොකු ගැටලුවක් තියෙනවා. ඔහු කිසිම දෙයක් මට කියන්නේ නෑ. මෙහෙම ගියොත් ඔහුගේ රස්සාවත් නැති වෙලා යයි. මම ඩොක්ටර් කෙනෙක් ළඟට ගෙනියන්න පුදුම උත්සාහයක් ගත්තේ. ඔහු කියනවා “මට පිස්සු නැහැ අම්මට පිස්සුනම් ගිහින් බෙහෙත් ගන්න කියලා.” තම පුතා සායනයට ගෙන්වා ගැනීමේ අපහසුව ඇය එසේ පැවසීය. ඔහුට සායනයට පැමිණෙන ලෙස විශේෂ ලිපියක් අප මව තුළින් ඔහුට ඉදිරිපත් කළේය. මෙහෙම පැමිණි මේ හමුදා නිලධාරියා ඔහුගේ කතාව මෙහෙම අපට පැවසුවා. “Doctor මේක අම්මට කියන්න එපා. අම්මවත් මගේ බිරියවත් මේ ගැන දන්නේ නැහැ. මම ගංජා බොනවා. දැන් මේ පුරුද්ද අවුරුදු 4කට වැඩියි. මේක අතහැරගන්න හරිම අමාරුයි. මට දැන් කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ. ඇඟට මහ කම්මැලි මූසල ගතියක් දැනනෙනවා. හැමදාම ගංජා බොන්න හිතෙනවා. නොබී හිටියොත් කිසිම වැඩක් කරන්න බැහැ. සමහර දවසට ඇඟපත රිදෙනවා. නින්ද යන්නෙත් නෑ. නිතරම හිතේ තියෙන්නේ ඊළඟට ගංජා ගන්න වෙලාව ගැනයි.” (Next joint) Doctor :- කොහොමද ඔබ මේකට යොමු වුණේ? “ඔව් ඒකත් හරිම ලස්සන කතාවක්. මගේ යාළුවෝ හුඟ දෙනෙක් කිව්වා කැනබීස් ගත්තම හුඟක් වෙලාවක් හොඳට ලිංගිකව එකතු වෙන්න පුළුවන් කියලා. අපේ යාළුවෝ හුඟක් දෙනා කැනබීස්වලට පුරුදු වුණේ මේ විශ්වාසයක් සමඟ. ඒත් අද මට තියෙන ප්රශ්නය Sex නෙමෙයි. මට හිතෙනවා මගේ මුළු ජීවිතේම අවුල් වෙලා කියලා.” Doctor :- ඔබේ මව කියනවා ඔබ තනියම හිනා වෙනවා, කතා කරනවා කියලා. ඔබට කවුරු හරි කතා කරනවා වගේ නැත්නම් කවුරු හරි පාලනය කරනවා වගේ යමක් දැනෙනවාද? “ඔව් මට එහෙම දැනෙනවා. සමහර වෙලාවට වටේ ඉන්න අය මට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා කියලා මට දැනෙනවා. මාව පාලනය කරනවා වගේ මට දැනෙනවා. තවත් වෙලාවකට කීපදෙනෙක් මම ගැන කතා වෙනවා වගේ මට ඇහෙනවා. ඒත් හැරිලා බැලූවම කවුරුත් නෑ.” ලංකාවේ වාර්තාවෙන විදියට ගංජාවලට ඇබ්බැහි වී සිටින්නේ ළමා වියේ සහ ගැටවර වියේ පසුවන අයයි. මෙම බොහෝ දෙනෙක් අවුරුදු 11ත් 16ත් අතර සිටින අයයි. මේ අය දරුණු විදියට ගංජාවලට ඇබ්බැහි වෙන්නේ අවුරුදු 16ත් 25ත් අතරය. මෙම තත්ත්වය ඉතාම භයානක ප්‍රවණතාවයක් ලෙස හඳුනාගන්න පුළුවන්. අවුරුදු 17ට ප්‍රථම ගංජා හෝ කැනබීස්වලට ඇබ්බැහි වන දරුවන්ගේ මොළයේ බුද්ධි වර්ධනය පාලනය කරන කොටසට හානිවන බව විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත. (pre. Frontal cortex) ඒවගේම මොළයේ මස්තිෂ්කයේ (Cortical gray matter) පරිමාව අඩුවන බවද සොයාගෙන ඇත. මීටත් වඩාම භයානක දේ නම් හීන්නෝන්මාදය (Schizophrenia) නැමැති මානසික රෝගයට ද ගොදුරු වීමයි. ගංජාවලට පුරුදු වූ අයගෙන් 75% පමණ දුම්වැටිවලට ද ඇබ්බැහි වූ අය වේ. මේ දෙකටම ඇබ්බැහි වූ විට මින් ගැලවීමද අපහසුය. මීට හේතුව ඒවා නැවැත් වූ විට ඇති වන ශාරීරික අපහසුතාවයයි. කැනබීස් ලිංගික උත්තේජකයක් ලෙස ඇති ප්‍රචාරය මහත් මිත්‍යාවකි. මෙය සැබවින්ම ලිංගික උත්තේජකයක් නොවේ. කැනබීස්වලින් මත්වූවෙකුට දැනෙන්නේ සැබෑ ලිංගික ආස්වාදයක් නොව ලිංගික කාර්යයේදී කාලය පිළිබඳ නොදැනීමයි. එමෙන්ම දිගටම කැනබීස් ගන්නා පුද්ගලයෙකුගේ ශුක්‍රාණුවලට හානි සිදුවේ. එමගින් එම පුද්ගලයාට දරුවෙක් සෑදීමේ ඇති ලිංගික ශක්තිය හීන වී යයි. මේ භයානක උවදුරුවලින් දරුවන් බේරා ගැනීමට රජයට නිශ්චිත හා පැහැදිලි ක්‍රමවේදයක් ඇති බව නොපෙනේ. පාසල, පවුල සහ ප්‍රජාව මේ උවදුරෙන් ගැලවීමේ විද්‍යාත්මක ක්‍රමවේද ගැන නිසිලෙස දැනුවත් වීම අවශ්‍ය වේ. මෙම වැඩසටහන් නිර්මාණය කිරීමේදී ඒ පිළිබඳව ප්‍රායෝගික දැනුමක් ඇති විද්වතුන් සම්බන්ධ කරගැනීම ඉතා වැදගත් වේ. මේ පිළිබඳ දැනුමක් නැති දේශපාලන හෙන්චයියන් හෝ යම් වැටුපක් බලාගෙන වැඩ කරන එවැනි පුද්ගලයින්ට කළහැකි කාර්යයක් නොවේ. මෙය අතිගරු ජනාධිපතිතුමාගේ අවධානයට ලක්විය යුතු අතිවිශේෂ කරුණකි. කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Nov 2017 05:29 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Nov 2017 05:29 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Nov 2017 05:30 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Nov 2017 05:40 PM දුම්වැටි මාරකය ඔබත් දුම්පානයෙන් යෙදෙන්නෙක් නම් මේ මොහොතේම එය අත්හරින්න. දුම් නොබොන්නෙක් නම් එය කිසිදා පුරුදු කරනොගන්න. දුම්පානය කෙතරම් භයානක මාරකයක්ද යන්න ගැන ඔබ මේතාක් නොදත් කාරණා රැසක් වේ. ලංකාව තුළ දුම්වැටි විකුණා ලබන සාමාන්‍ය වාර්ෂික ආදායම රුපියල් බිලියන 80යි. දුම්බීමෙන් වසරකට ශ්‍රී ලාංකිකයෝ 20,000ක් මරු දකිති. රෝගී වන්නන්ට ප්‍රතිකාර කිරීම සඳහා වසරකට රුපියල් බිලියන 12ක වියදමක් රජයට දැරීමට සිදුවෙයි. – (සෞඛ්‍ය අමාත්‍යංශය) - දුම්වැටි තුළ අඩංගු විස, 01. බියුටේන් - ලයිටර්වලට යොදා ගන්නා ඉන්ධන, මීතේන් - කුණු කාණු ආශ්රිත වායුව. 02. එතනෝල් - අරක්කු, නිකොටීන් - කෘමිනාශක. 03. හයිඩ්රජන් සයිනයිඩ් - ගෑස් පිරවුම්වල විෂ වායු, ආසනික් - වස. 04. ස්ටරික් අම්ලය - ඉටි. 05. ඇමෝනියා - වැසිකිළි පිරිසුදුකාරක, ෆෝමැල්ඩිහයිඩ් - එම්බාම් කිරීමට ගන්නා ෆෝමලීන්. 06. ඇසිටෝන් - තීන්ත ඉවත් කරන ද්‍රව්‍යයක්, ඇසිටික් අම්ලය - විනාකිරි. 07. DDT - මදුරු නාශක වස, කාබන් මොනොක්සයිඩ් - විෂ වායු. 08. එතනෝල් - රොකට් ඉන්ධන. 09. හෙක්සයිඩ් - බාබයු කිරීමට ගන්නා ඉන්ධන, ටොලුවින් - කාර්මික ද්‍රව්‍ය. 10. කැඩ්මියම් - බැටරි අමුද්‍රව්‍ය. දුම්වැටියෙන් අවයවවලට හැදෙන ලෙඩ, මොළය - ආඝාතය, මුඛය සහ උගුරේ - පිළිකා, පෙනහලු - පිළිකා සහ බ්‍රොන්කයිට්ස්, හෘදය - කිර්ටක ධමනි රෝග, ආමාශය - පිළිකා සහ තුවාල, අග්න්‍යාශය - පිළිකා, මුත්‍රාශය - පිළිකා, ගර්භාෂය හා ඩිම්බ කෝෂ - වඳභාවය, ගබ්සාවීම හා විකෘති කළල වර්ධනය, ගැබ්ගෙල පිළිකා, වෘෂණ කෝෂ - වඳ භාවය, පර්යන්ත රුධිර වාහිනී පද්ධතිය - ශිරා හා ධමනි ආශ්රිත රෝග, අස්ථි - ඔස්ටියෝපොරෝසිස් ඔබ නොදන්නා කරුණු, • සෑම තත්පර 06කට වරක්ම දුම්වැටියක් නිසා වටිනා මිනිස් ජීවිතයක් අහිමි වෙයි. • ලොව පුරා මිලියන 06ක් වසරකට දුම්වැටි නිසා මරුට. • එයින් ලක්ෂ 06ක්ම දුම්පානයෙන් වැළකී සිටියවුන් වනඅතර, අන් අය විසින් සිදුකරන දුම්පානය නිසා ඇතිවන අහිතකර බලපෑමෙන් ඔවුන් මරණයට පත්වේ. • 20 වන සියවස තුළදී වාර්තාගත දුම්වැටි මරණ සංඛ්‍යාව මිලියන 100යි. • 21 වන සියවස තුළ අපේක්ෂිත අවම දුම්වැටි මරණ සංඛ්‍යාව මිලියන 1000යි. මොහොතක් සිතන්න... දිනකට 3 වරක් දුම් පානය කරන ඔබ මසක් තුළ රුපියල් 2520/-ක් දවා අළු කරයි. වසරකට රැපියල් 30660/-ක් වැයකර හදවත්/ පිළිකා රෝගියකු බවට පත්වී මරැ වැළඳගනියි. අවවාදයයි! ඔබට දුම්වැටිය අත්හළ නොහැකි නම් නොබෝ දිනකින්ම ඔබව මරා දමා දුම්වැටිය විසින් ඔබව අත්හරිනු ඇත. ♦ සෞඛ්‍ය තොරතුරු ඇසුරෙනි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 27 Nov 2017 01:16 AM කොලෙස්ටරෝල් පාලනයට රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම වර්තමානයේ සුලබ රෝගී තත්ත්වයක්. ආහාර පාලනය, ව්‍යායාම, මානසික සමබරතාව මෙම රෝගීන්ට අවශ්‍ය වෙනවා. බුද්ධිමත් ගෘහණියට මුළුතැන්ගෙයි ද්‍රව්‍ය ඇසුරින්ම මෙම රෝගය මට්ටු කළ හැකියි. පරම්පරා ගණනාවක් අපගේ මුතුන්මිත්තන් භාවිත කරමින් ගුණය තහවුරු වූ ද්‍රව්‍ය නිසා කිසිදු බියකින් තොරව මෙම ද්‍රව්‍ය භාවිත කළ හැකියි. කරපිංචා කියන්නේ මුළුතැන්ගෙයි අනිවාර්යයෙන් තිබෙන ද්‍රව්‍යයක්. කරපිංචා කොළ කීපයක් මාළු පිනි සඳහා යෙදීම කාගේත් සිරිතක්. කොලෙස්ටරෝල් අඩු කිරීම වගේම ආහාර ජීර්ණය ක්‍රමවත් කිරීම, ලේ පිරිසුදු කිරීම යන හැකියාව මෙම ශාකයට තිබෙනවා. අමු කරපිංචා කොළ මාළු පිණිවලට දැමීමට අමතරව කරපිංචා කොළමිටක්, සුදුලුනු ගෙඩියක්, ගොරකා මද 3 ක් සිහින්ව අඹරා ලුණු හා ගම්මිරිස් රස පදමට දමා බත් සමඟ වෙරළු ගෙඩියක ප්‍රමාණයක් දිනපතා ආහාරයට ගතහැකි නම් එයද වඩා ප්‍රතිඵල ලැබේවි. ශරීරයේ බර වැඩිවීම ද මින් පාලනය කරගත හැකියි. කහකුඩුවලටත් රුධිරගත මේදය අඩුකිරීමේ ශරීර බර අඩුකිරීමේ ගුණය තියනවා. මෙම ගුණයට ලේඛනීය ගුණය කියනවා. ලංකාවේ වැවෙන කහ ශාකයේ ඖෂධීය ගුණය ආනයනික කහවලට වඩා වැඩි බව පර්යේෂණ මඟින් සොයාගෙන තිබෙනවා. දිනපතා කහ ස්වල්පයක් ආහාරයට එක්කිරීම අතුරු ආබාධ ඇතිකරවන්නේ නැහැ. සුදුලූනුවල ද ලේඛනීය ගුණ ඇති නිසා මාළුපිනිවලට දැමීම පරණ මීපැණිවල ගිල්වා මාස 2 - 3 ක් තැබූ සුදුලුනු බික් කිහිපයක් දිනපතා භාවිත කිරීම කළ හැකියි. පලුදු වීම, රත් කිරීම නිසා සුදුලූනුවල ගුණ අඩුවන නිසා සුදුලූනු බික් 3 - 4 ක් පරිස්සමින් පොතුහැර අයිස් කැට කීපයක් සමඟ බ්ලෙන්ඩ්කර එසැනින් පානය කිරීම (අම්ල පිත්ත රෝගය (ගැස්ට්‍රයිටිස්) නැති අයට) වඩාත් ගුණදායි බව පර්යේෂණ මඟින් සොයාගෙන තිබෙනවා. උළුහාල්වල ද රුධිරගත මේද අඩුකරන හැකියාව තිබෙනවා. දිනපතා තේ හැඳි 1 ක ප්‍රමාණයක් වත් උළුහාල් ආහාරයට ගතහැකිනම් වඩාත් ගුණදායකයි. (පසුගිය සතියේ උළුහාල් ආහාරයට ගතහැකි ආකාරය සවිස්තරවම දක්වා ඇත) යකි නාරං කොළ, කරපිංචා කොළ කැඳ ලෙස පිස සතියට දෙවරක් වත් පානය කළ හැකිනම් වඩාත් සුදුසුය. එහිදී මිටි කිරි වෙනුවට දියකිරි යෙදීම හා රතු කැකුළු හාල් කැඳ සෑදීමට යොදා ගත හැකිනම් වඩාත් සුදුසුයි. මැල්ලුම් වර්ග, කොහිල, කෙහෙල්මුව ආදියේ තන්තු බහුල නිසා ආහාරයේ ඇති මේද වර්ග ශරීරයට උරාගැනීම අඩුකරයි. එනිසා දිනකට දෙවරක්වත් ගාගත් පොල් සමඟ මඳ ගින්නේ මැලවූ පලාවර්ග ආහාරයට ගන්න. උදෑසනට ධාන්‍ය වර්ග මිටක ප්‍රමාණයක්වත් ආහාරයට ගන්න. මෙම සරල ක්‍රම අනුගමනය කරන අතර මාස 3 කට වරක් රුධිර පරීක්ෂණ මඟින් කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කරගන්නටත් අමතක කරන්නට එපා. ආයුර්වේද වෛද්‍ය සුසීමා සේනානායක ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 27 Nov 2017 04:28 PM මානසික ආතතිය සහ ඉන් මිදෙන මග මනස, කය මෙන් නොව දැඩි ආතතියකට ඉක්මනින් ලක්වීමේ හැකියාවක් ඇත. මෙහිදී සිදුවන්නේ මනසට ඇතිවන නොයෙකුත් තදබල ගැටලු සඳහා පිළිතුරු සොයාගැනීමට අපහසුවීම හෝ ජීවත්වීමේදී ලැබෙන තර්ජනයන්, අභියෝගයන් හේතුවෙන් මනසට දැඩි පීඩනයක් ඇතිවීමයි. මෙවන් තත්ත්වයක් ඇතිවීම නිසා සිරුරේ ඇඩ්ඩි්‍රනලීන් සහ නොරෑ ඇඩ්රනලීන් වැනි ආතතිය ඇති කිරීමේ රසායනිකයන් වැඩියෙන් ශ්‍රාවය වේ. සජීවි පුද්ගලයෙක් නිර්මාණයවී ඇත්තේ කය සහ මනස යන ද්විත්වයෙනි. කයෙහි ක්‍රියාකාරිත්වය නිවැරදිව පවත්වාගෙන යන්නේ මනසේ ක්‍රියාකාරිත්වය මගිනි. එනම් අපගේ චර්යාවන් තීරණය වන්නේ අපගේ සිතිවිලි අනුවය. මනස හෙවත් හිත ලෙසින් හඳුන්වන්නේ මොළයේ ක්‍රියාකාරිත්වයයි. විදුලි බුබුලක් කය ලෙස ගතහොත් සිත වන්නේ විදුලියයි. මෙහිදී කය හෙවත් විදුලි බුබුල ඇසට පෙනුනත් විදුලිය ඇසට නොපෙනෙයි. නමුත් විදුලි බුබුලට විදුලිය ලබාදුන් වහාම එය දැල්වී ක්‍රියාත්මක වේ. තවත් ලෙසකින් පවසන්නේ නම් මිනිසා පරිගණකයක් ලෙස සැලකුවහොත් එහි. දෘඪකාංග "කය" ලෙසටත් මෘදුකාංග "මනස" ලෙසටත් සැලකිය හැකිය. පරිගණකය ක්‍රියාත්මක කිරීම සඳහා මෘදුකාංග අත්‍යවශ්‍ය වේ. යොදනු ලබන මෘදුකාංග අනුව පරිගණකයේ ක්‍රියාකාරිත්වය වෙනස් වනවා මෙන්ම අපගේ සිතිවිලි අනුව අපගේ හැසිරීමද වෙනස්වේ. පරිගණකයක දෘඪකාංගයක් හෝ මෘදුකාංගයක් නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එහි ක්‍රියාකාරිත්වය අඩාල වියහැකිය. එනම් පරිගණකය "ලෙඩ" විය හැකිය. මෙලෙසින්ම අපටද කායිකව මෙන්ම මානසිකවද රෝග ඇතිවේ. අවාසනාවකට මෙන් අප රටේ මෙම මානසික සුවය පිළිබඳව දක්වන සැලකිල්ල ඉතා අවම මට්ටමක ඇති බව දක්නට ලැබේ. එහි ප්‍රතිඵලය ලෙස පුද්ගලයන් අතර ගැටීම් බහුලවීම මෙන්ම සියදිවි නසාගැනීම් ද සැලකිය යුතු මට්ටමකට ඉහළ ගොස් ඇත. මොළයේ ක්‍රියාත්මකවන රසායන ද්‍රව්‍යයන්වල සාන්ද්‍රනයන් විවිධ හේතුන් මත වෙනස්වීම හේතුවෙන් මානසික රෝග ඇතිවේ. මෙහිදී සියලු ශාරීරික රසායනාගාර පරීක්ෂණයන් සාමාන්‍ය තත්ත්වයෙන් පවතින අතර රෝග ලක්ෂණ අනුව රෝගය නිර්ණය කෙරේ. ඒ අනුව එම රෝගයට නියමිත ඖෂධ දිගුකලක් අඛණ්ඩව නිසි වෛද්‍ය උපදෙස් මත ලබාගැනීම මගින් අදාළ රෝග තත්ත්වයෙන් මිදිය හැකිය. එහෙත් අවාසනාවකට මෙන් මෙම වර්ගයට අයත් දරුණු මානසික රෝග තත්ත්වයන්ට ගොදුරු වූවන්, දෙවියන්ගෙන් වරම් ගත් අය හෝ දේවාරූඪ ලබාගත් අය ලෙස සලකා වැඳුම් පිඳුම් කිරීමට, පේන බැලීමට ශාස්ත්‍ර ඇසීමට, මෙන්ම ගුරුකම් කිරීමට පෙළඹවීම නිසා එම රෝග තත්ත්වයට නිසි ප්‍රතිකාර රෝගයේ මුල් අවධියේ දීම ලබා නොදීම හේතුවෙන් සුව කිරීමට අපහසු තත්ත්වයක් බවට පසුකාලීනව පත්වේ. මනස, කය මෙන් නොව දැඩි ආතතියකට ඉක්මනින් ලක්වීමේ හැකියාවක් ඇත. මෙහිදී සිදුවන්නේ මනසට ඇතිවන නොයෙකුත් තදබල ගැටලු සඳහා පිළිතුරු සොයාගැනීමට අපහසුවීම හෝ ජීවත්වීමේදී ලැබෙන තර්ජනයන්, අභියෝගයන් හේතුවෙන් මනසට දැඩි පීඩනයක් ඇතිවීමයි. මෙවන් තත්ත්වයක් ඇතිවීම නිසා සිරුරේ ඇඩ්ඩි්‍රනලීන් සහ නොරෑඇඩ්රනලීන් වැනි ආතතිය ඇති කිරීමේ රසායනිකයන් වැඩියෙන් ශ්‍රාවය වේ. එවිට සිරුරේ නොයෙකුත් වෙනස්වීම් ඇතිවේ. හෘද ස්පන්දනය වැඩිවීම සහ හදවතේ ස්පන්දනය දැනීම, මාංශ පේශිවල තද ගතිය, හුස්ම ගැනීමේ වේගය වැඩිවීම වැනි ලක්ෂණ ඉන් ප්‍රධාන වේ. හිස මත බරක් තබාගෙන සිටින්නාක් මෙන් දැනෙනු ඇත ඔලුව පුරාම පැතිරුනු හිසරදයක් නිරතුරුවම පැවතීම මානසික ආතතියේ තවත් ලක්ෂණයකි. දිගුකලක් මෙම මානසික ආතතිය පැවතීම නිසා සිරුරේ ප්‍රතිශක්තිය ද අඩුවේ. එවිට නොයෙකුත් බෝවෙන රෝගයන්ට නිරතුරුවම ගොදුරුවීම සිදුවේ. එපමණක් නොව ඉන්සියුලින් හෝමෝනය ක්‍රමිකව අක්‍රිය කිරීමට ඉහත රසායනිකයන්ට හැකි බැවින් දියවැඩියාවට ගොදුරුවීමට මෙන්ම අධික රුධිර පීඩනය, රුධිරයේ මේදය අධිකවීම, හෘදයාබාධ වැනි බෝ නොවන රෝග ඇතිවීමේ සම්භාවිතාවද ඉතා ඉහළය. එපමණක් නොව සිරුර පිළිකාවලට ගොදුරුවීමේ හැකියාවත් දිගුකාලීනව මානසික ආතතියෙන් පෙලෙන්නන් අතර බහුල බව පරීක්ෂණ වලින් සනාථ වී ඇත. මෙවන් පුද්ගලයින් බොහෝ දෙනෙකු සමගාමීව මානසික අවපීඩනයෙන් ද පෙළෙනු ඇත. එවිට ජීවත්වීම කරදරයක්, දුකක් ලෙස දැනෙනු ඇත. සියලු කරදර ඇතිවන්නේ තමන්ට පමණක් බවත් තමන් තනිවී ඇති බවත් දැනෙනු ඇත. තමන් ජීවත්වන්නේ දරුවන්ට යුතුකම් ඉටුකිරීම සඳහා පමණක් බව නිරතුරුව පවසනු ඇත. තමන් ගැන දක්වන අවධානය අඩුවේ. මෙහි අවසානය බොහෝවිට සිය දිවි නසාගැනීම විය හැකිය. නිරතුරුවම මානසික පීඩනයෙන් පෙළෙන අය දක්වන තවත් රෝග ලක්ෂණයක් වන්නේ මනෝ කායික රෝගයි. මෙහිදී එම පුද්ගලයාට විවිධ රෝග ලක්ෂණ ඇතිවන නමුත් එම රෝග ලක්ෂණ බොහෝවිට සත්‍ය රෝගයක පවතින එකිනෙක හා බැඳුන රෝග ලක්ෂණ නොව එකිනෙකට සබඳතා නොදක්වන වෙනස් රෝග ලක්ෂණයි. එමෙන්ම ඒ සඳහා සිදුකරන රසායනාගාර සහ විකිරණ පරීක්ෂණයන් ද ඇතුළුව සියලු පරීක්ෂණයන් සාමාන්‍ය තත්ත්වයේ පවතිනු ඇත. උදාහරණයක් ලෙස පාසලේ යම් ගැටලුවක් හේතුවෙන් පාසල් යාම මනසින් ප්‍රතික්ෂේප කරන දරුවන් එය එළිදක්වන්නේ බොහෝ විට බඩේ කැක්කුම වමනය හෝ හිසරදය ලෙසින් වන අතර මෙය ඇතිවන්නේ උදෑසන පාසල් යැමට සූදානම් වන විටයි. සමහර අය, විශේෂයෙන්ම කාන්තාවන් සිරුරේ විවිධ ස්ථානවල දැවිල්ලක් හටගන්නා බව ප්‍රකශ කළත් නිශ්චිත තැනක් නැතිව එක් එක් දිනවල විවිධ ස්ථානවල එන දැවිල්ලත් බොහෝවිට මේ හා සමානම වූ මනෝ කායික රෝගයකි. මානසික ආතතිය ඇතිවීමේදී ක්‍රියාත්මක වන්නේ සිරුරේ ඉච්චානුග ස්නායු පද්ධතියයි. නමුත් අනිච්චානුග ස්නායු පද්ධතියෙන් සිදුකරන්නේ මෙහි විරුද්ධ ක්‍රියාවයි.එනම් අනිච්චානුග ස්නායු පද්ධතිය ක්‍රියාත්මකවීම මගින් හෘද ස්පන්ධනය අඩුවේ. ආශ්වාස ප්රාශ්වාස ශීඝ්‍රතාව අඩුවේ. මාංශ පේශිවල තද ගතිය අඩුවී ඉහිල් බවට පත්වේ. හිස තුළ සැහැල්ලු බවක් ඇතිවී සුව නින්දක් ලැබේ. එම නිසා මානසික පීඩනයෙන් පෙළෙන පුද්ගලයින් නිරතුරුව මෙම අනිච්චානුග ස්නායු පද්ධතිය ක්‍රියාත්මකව තබාගැනීම සුබදායක වේ. මේ සඳහා ආනාපානසති භාවනාව වැනි සිත එකඟ කර ගැනීමේ භාවනාවන්, සිරුර ඉහිල් කිරීමේ ව්‍යායාම කිරීම, මානසික ඉහිල්වීම ඇති කරන සංගීත ඛණ්ඩවලට සවන්දීම, කුඩා දරුවන් හෝ සුරතල් සතුන් සමග සෙල්ලම් කිරීම, විනෝද චාරිකාවලට සහභාගිවීම, පරිසරයේ සුන්දරත්වය විඳීම මෙන්ම සිරුර සම්බාහනය කිරීම සහ ("ස්පා") කිරීම සාර්ථකව යොදාගත හැකිය. දුම්පානයෙන්, කෝපී පානයෙන් වැළකීම, මෙන්ම කොල පැහැති එළවළු සහ පලතුරු වැඩියෙන් ආහාරයට ගැනීමත් ආතතිය වළක්වාගැනීමට උපකාරී වේ. ලොකු මාලු සහ ආර්මන්ඩ් ඇට ආහාරයට ගැනීමත් සුදුසුවේ. වේලාවට සහ පිළිවෙලට වැඩ කිරීම, තම වටපිටාව සරලව සහ පියකරුව තබාගැනීමත් ලැවැන්ඩර් සුවඳ හමන මල් හෝ වායු සුවඳකාරක යොදා නිදන කාමරය සුවඳවත්ව තබාගැනීමත් මානසික පීඩනවලින් මිදී සිටීම සඳහා උපකාරී වන බව පරීක්ෂණ වලින් තහවුරු වී ඇත. වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ MBBS (PERADENIYA) වෛද්‍ය නිලධාරි ශික්ෂණ මහ රෝහල මහනුවර ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 27 Nov 2017 04:37 PM පිළිකාව සඳහා ප්‍රතිකාර කිරීම හරියට සිවිල් යුද්ධයක් හා සමානයි - විකිරණ තාක්ෂණ උපදේශක කථිකාචාර්ය පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා - අද ලංකාවේ මෙම ප්‍රතිකාර වර්ග තුනම සිදුකරන අතර ඒ ඔස්සේ සුව කිරීමට නොහැකි අවස්ථාවන්ද තිබේ. බොහෝ අවස්ථාවල එම පිළිකාව නැවත මතුවෙන අවස්ථාවද බොහෝය. මුඛ පිළිකාව, බඩවැලේ හටගන්නා පිළිකාව, ගැබ්ගෙල පිළිකා වැනි දේ පැතිර ගොස් තිබීමෙන් මෙම අවස්ථාව උද්ගත විය හැකිය. පිළිකාව සඳහා ප්‍රතිකාර කිරීම හරියට සිවිල් යුද්ධයක් හා සමානයි. යුද්ධයකින් තම සතුරා විනාශ කරනවා වගේම එහිදී අහල පහල සිටින සාමාන්‍ය ජනතාවත් විනාශ වෙනවා. පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීමේදී රෝගී ස්ථානය අවට සෛලයන් වලටත් බොහෝවිට හානි සිදුවෙනවා. පිළිකාව යන අකුරු හතර කිසිම පුද්ගලයකු ඇසීමට ප්‍රියතාවක් දක්වන ප්රියවචනයක් නොවේ. ඇසූ පමණින් මර බිය දනවන මෙම රෝගය වත්මන් සමාජයේ මේ වන විට සීඝ්රයෙන් පැතිර යාමේ ප්රවනතාවක් දක්නට හැකියි. මෙම රෝගය මුල් කාලයේ හඳුනා ගැනීමට හැකිවන්නේ යම්තාක් හෝ ජීවත් වීමට වාසනාව ඇති අයකුට පමණි. මෙම රෝගය හටගත් පුද්ගලයකු ශෛල්‍ය කර්මයකට බඳුන් වන අතර අනතුරුව විකිරණ ප්‍රතිකාරය සඳහා යොමු කරනු ලැබේ. මෙම රෝගයට ශල්‍යකර්මය පමණක් ප්‍රමාණවත් නොවන හේතුව විමසා බැලීමේදී විකිරණ තාක්ෂණ උපදේශක කථිකාචාර්ය පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මහතා පැවසුවේ... පිළිකාව සඳහා ප්‍රතිකාර කිරීම හරියට සිවිල් යුද්ධයක් හා සමානයි. යුද්ධයකින් තම සතුරා විනාශ කරනවා වගේම එහිදී අහල පහල සිටින සාමාන්‍ය ජනතාවත් විනාශ වෙනවා. පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීමේදී රෝගී ස්ථානය අවට සෛලයන් වලටත් බොහෝවිට හානි සිදුවෙනවා. එය අවම කරගෙන ප්‍රතිකාර කිරීමට සිදුවෙනවා. පිළිකාවක් සඳහා ශල්‍යකර්ම විකිරණ ප්‍රතිකාරය වගේම ඖෂධ ප්‍රතිකාරයන් සිදුකරනවා. බොහෝවිට ශල්‍ය කර්මයක් මගින් පිළිකාව ඉවත් කරන අතර එහිදී 90% ක්ම පිළිකාව ඉවත් වන්නේ නෑ. එහිදී ඉතිරි කොටස විකිරණ මගින් එම ස්ථානයෙන් වලක්වනවා. විකිරණ ප්‍රතිකාර කිරීමේදී සෙසු අවයව සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. මෙම විකිරණ අප ජීවත්වන පරිසරයේ සෑම තැනම ඇති දෙයක්. මෙම විකිරණ සඳහා නිරාවරණය වීමෙන්ද පිළිකා සෑදිය හැකියි. කිරණ සූක්ෂම අයුරින් යොදාගැනීමෙන් අපට පිළිකා රෝගය සුව කළහැකියි. මෙහිදී විකිරණ යන්ත්‍ර අවශ්‍ය වෙනවා. විකිරණ ප්‍රතිකාර තුනක් තිබෙනවා. විකිරණ කදම්භ හැටියට රෝගියාට දුරකින් සිට ප්‍රතිකාර කිරීම හෝ එම විකිරණ ද්‍රව්‍ය කම්බියක මාර්ගයෙන් හෝ කුඩා රවුමක ආධාරයෙන් පිළිකාව මතට පසරු කිරීම නැතහොත් එය දියරයක් හැටියට රෝගියාට සමනය කිරීමට හෝ එන්නතක් හැටියට ලබාදිය යුතුවේ. එහිදී විනාශ විය හැකි පිළිකා පටක වෙතගොස් පිළිකාව විනාශ වේ. අද ලංකාවේ මෙම ප්‍රතිකාර වර්ග තුනම සිදුකරන අතර ඒ ඔස්සේ සුව කිරීමට නොහැකි අවස්ථාවන්ද තිබේ. බොහෝ අවස්ථාවල එම පිළිකාව නැවත මතුවෙන අවස්ථාවද බොහෝය. මුඛ පිළිකාව, බඩවැලේ හටගන්නා පිළිකාව, ගැබ්ගෙල පිළිකා වැනි දේ පැතිර ගොස් තිබීමෙන් මෙම අවස්ථාව උද්ගත විය හැකිය. සිරුරේ සියලුම ස්ථානයන්ට විකිරණ ලබාදීම අපහසු වේ. බොහෝවිට පිළිකා රෝගීන් මියයන්නේ එම රෝගය එම ස්ථානයේ හටගැනීමෙන් නොවේ. එම පිළිකාව හරහා රුධිරය සහ වසා ගැටිති වටේ විහිදීමෙන් එය සිදුවෙනවා. එහිදී පිළිකාව ආරම්භක ස්ථානයෙන් ඔබ්බට යනවා. අක්මාව, අස්ථි, පෙනහළු හෝ ප්‍රායෝගික අවයව වෙත ග්‍රහණය වීමෙන් එම රෝගියා මියයනවා. මෙහිදී ශෛල්‍ය කර්ම සහ විකිරණ ප්‍රතිකාරත් සමඟ ඖෂධ ප්‍රතිකාර ලබාදීම අවශ්‍යවෙනවා. ලංකාවේ පිළිකා රෝග සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන දහයක් තිබෙනවා. කොළඹ - නුවර - කරාපිටිය - තෙලිප්පලේ - අනුරාධපුරය - බදුල්ල - රත්නපුරය - මඩකලපුව - හම්බන්තොට - යාපනය යන ප්‍රදේශයන්හි රෝහල් වල එම ප්‍රතිකාර මධ්‍යස්ථාන තිබෙනවා. එම රෝහල් තුළ මේ වනවිටත් භාවිතා කරන්නේ 1960 ගණන්වල තිබූ කොබොල්ට් විකිරණ ක්‍රමයයි. මේවා අද වනවිට ඉතා යල් පැනගිය ඒවායි. පිළිකා සම්බන්ධ ප්‍රතිකාර කරන සියලුම රෝහල්වල ඒවා භාවිතා කරනවා. මෙම යන්ත්‍රයෙන් විකිරණ එල්ල කරන ඉලක්කය නිවැරදි නෑ. මෙහිදී රෝගියාගේ සෙසු අවයවයන්ට ඇතිවන හානිය වැඩියි. ඒ වගේම මෙම යන්ත්‍රය තුළින් පිළිකාවට දියහැකි විකිරණ ශක්තිය ප්‍රමාණවත් නොවේ. කාලයාගේ ඇවෑමෙන් ලෝකයේ දියුණුවත් සමඟම. කෘත්‍රිම විකිරණ නිෂ්පාදනය කළ හැකි Linear accelerator radiation යන්ත්‍රයක් තිබෙනවා. මෙම යන්ත්‍රය තුළින් විකිරණ ලබාදීමේදී රෝගියාගේ සෙසු අවයව සඳහා සිදුවන හානිය අවම වෙනවා. පරිගණක මෘදුකාංග තුළින් නිර්ණය කිරීම හේතුවෙන් පිළිකාවේ සියුම් ස්ථානයන්ට පවා එහිදී විකිරණ බෙදී යනවා. මහරගම අපේක්ෂා රෝහලේ මෙම යන්ත්‍ර දෙකක් තිබෙනවා. අපි පිළිකා රෝග විද්වත් මණ්ඩලයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සාමූහික තීරණයක් මත පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර කරනු ලබන රටපුරා විහිදී ඇති රෝහල් දහයටම මෙම යන්ත්‍රය බැගින් හෝ ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියා. එහෙත් මේවන විටත් එහි සෙසු යන්ත්‍ර දෙකක් පමණක් යාපනය, නුවර යන ස්ථාන දෙකට ලබාදී තිබෙනවා. එහෙත් එම යන්ත්‍ර දෙකම මේවනවිටත් සවිකර රෝගීන්ගේ පරිහරණයට ලබානොදී පසෙක තබා ඇති බව කියන්නේ ඉතා කණගාටුවෙනි. මේ හේතුවෙන් දිවයින පුරා විසිරී සිටින පිළිකා රෝගීන් මහරගම රෝහලට ඇදී එනවා. එනිසා රෝහලේ දැඩි තදබදයක් පවතිනවා. මේ අනුව පිළිකා රෝගයට සාර්ථක ප්‍රතිකාර කිරීම රටපුරා පර්යන්තයකට ගෙන යා නොහැකියි. පිළිකා රෝගයට සාර්ථක ප්‍රතිකාර ලබාගැනීම අත්‍යවශ්‍යයි. එනිසා මෙම ඉහත කී යන්ත්‍රය අත්‍යවශ්‍ය එකක් බැවින් රජයේ අවධානය යොමුවිය යුතුයි. ඔරුවල - සරත් ද සිල්වා සංස්කරණය - ඒමන්ති මාරඹේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 27 Nov 2017 04:41 PM පිළිකා ඇතිවන අයුරු - ෂාම ගුණතිලක පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය - දෙවන කොටස පසුගිය සතියේ ලිපිය මඟින් පිළිකාවේ ඉතිහාසය ගැන සාකච්ඡා කරන ලදී. අද දිනයේ ලිපිය මඟින් මිනිසකුගේ සිරුරේ පිළිකාවක් ඇතිවන අයුරු සවිස්තරාත්මකව සලකා බලමු. පිළිකාවක් ආරම්භ වනුයේ තනි සෛලයකින් හෝ සෛල කිහිපයකිනි. අප සිරුර සෑදී ඇත්තේ සෛල මිලියන සියයකට (1,000,000,000,000,000) අධික ප්‍රමාණයක් එක්වීමෙනි. සාමාන්‍යයෙන් නිරෝගී මිනිසකුගේ සිරුරේ සෛල ප්‍රමාණය අඩුවීමට හෝ වැඩිවීමට ඉඩ නොදී නියමිත ප්‍රමාණයක පවත්වා ගැනීමට අප සිරුර සමත් වෙයි. මීට හේතුව වනුයේ සෛල වැඩි කිරීමට හේතුවන එනම් සෛල විභාජනය හෙවත් බෙදීම උත්තේජනය කරන සංඥ ද සෛල බෙදීම නැවැත්වීම සඳහා වැදගත් වන නිශේධක සංඥ ද අනවශ්‍ය සෛල සිරුරින් ඉවත් කිරීමට වැදගත් වන සංඥ ද ඉතා ප්‍රශස්ථ පාලනයක් යටතේ ක්‍රියාත්මක වෙමින් පැවතීමය. කිසියම් හේතුවක් නිසා මෙම සංඥ අඩපණ වීම හෝ ක්‍රියා විරහිත වීම හෝ අධි ක්රියාකාරීත්වයකට පත්වීම සිදුවුවහොත් පාලනයකින් තොරව සෛල බෙදී 'අර්බුදයක්' හෙවත් ගෙඩියක් හටගනී. මෙය පිළිකා නොවන ගෙඩියක සිට පිළිකාමය ගෙඩියක් දක්වා වර්ධනය විය හැකිය. කෙසේ නමුත් සෑම පිළිකාවක් ඇතිවීමේදීම 'ගෙඩි' අනිවාර්යයෙන් ඇතිවිය යුතු නැත. 'ගෙඩි' ඇති නොවී පිළිකා ඇතිවීමට හොඳම නිදසුනක් වනුයේ ලේ පිළිකා ඇතිවීමය. ඉහත කරුණු අනුව පැහැදිලි වනුයේ පිළිකා ඇතිවනුයේ සෛල බෙදීමේදී සිදුවන වැරදි නිසා බවය. මේ නිසා පිළිකා ඇතිවීම තේරුම් ගැනීමට සෛලය සහ සෛල බෙදීම පිළිබඳ සරල අවබෝධයක් ලබාගත යුතුමය. මිනිස් සිරුරේ තැනුම් ඒකකය සෛලය වන අතර නොයෙක් කාර්යයන් කිරීම සඳහා එම සෛල විශේෂණය වී තිබේ. නමුත් එයට පොදු ව්යqහයක් තිබෙන අතර න්‍යෂ්ටිය සහ සෛල ප්ලාස්මාව ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන්කර දැක්විය හැකිය. සෛල ප්ලාස්මාව, ප්ලාස්ම පටලය මඟින් ආවරණය වී ඇති අතර එමඟින් සෛලයට හිමි හැඩය සහ ආරක්ෂාව සලසා දෙනු ලැබේ. තවද සෛල ප්ලාස්මාව තුළ නොයෙකුත් ඉන්ද්‍රිකා රැසක් ඇති අතර එමඟින් එකිනෙකට වෙනස් කාර්යයන් රැසක් කරනු ලැබේ. එම ඉන්ද්‍රියිකා වල පාලනය සිදුකරනු ලබන්නේ න්‍යෂ්ටිය මඟින් වන අතර එබැවින් සෛලයේ 'පාලන මැදිරිය' ලෙස න්‍යෂ්ටිය හැඳින්වීම වඩාත් නිවැරදියි. න්‍යෂ්ටිය තුළ න්‍යෂ්ටිකා එකක් හෝ කිහිපයක් ඇති අතර වඩාත්ම වැදගත් වන්නේ එහි ඇති වර්ණදේහයන් ය. නිරෝගී මිනිස් සෛලයක ඇති න්‍යෂ්ටියක වර්ණදේහ යුගල් 23 ක් එනම් වර්ණදේහ 46 ක් ඇති අතර ඉන් 23 ක් මවගෙන් ද ඉතිරි 23 පියාගෙන් ලැබුණු ඒවා ද වෙයි. එක් එක් වර්ණදේහය තුළ ඉතා සකසුරුවම් ලෙස දඟර ගැසී ඇති ඩිඔක්සි රයිබෝස් නිHqක්ලික් අම්ලය හෙවත් කෙටියෙන් 'DNA' ලෙස හඳුන්වන අනුවක් තිබේ. මෙම අනුව දාම දෙකකින් සමන්විත වන අතර එම දාම DNA අනුවේ කොඳු නාරටිය ලෙස සැලකිය හැකිය. එම දාම සැකසී ඇත්තේ සීනි සහ පොස්පේට් කාණ්ඩ එකක් නෑර එකක් පිහිටීමෙනි. DNA අනුවේ මෙම දාම දෙක එකිනෙක බැඳ තබන්නේ එක් දාමයක ඇති පියුරින් භෂ්මයක් අනෙක් දාමයේ ඊට අනුපූරක පිරිමිඩීන් භෂ්මයක් සමඟ හයිඩි්රජන් බන්ධන ඇතිකර ගැනීම මඟිනි. මෙහිදී එක් දාමයක ඇති පිරිමිඩීන් භෂ්මයක් වන තයිමීන් (T) සෑම විටම සම්බන්ධ වනුයේ අනෙක් දාමයේ ඇති පියුරින් භෂ්මයක් වන ඇඩිනීන් (A) සමඟ හයිඩි්රජන් බන්ධන දෙකක් සාදාගැනීම මඟිනි. ඒ අයුරින්ම එක් දාමයක ඇති අනෙක් පිරිමිඩීන් භෂ්මය වන සයිටොසීන් (C) අනෙක් දාමයේ ඇති ඊට අනුරූප පියුරින් භෂ්මය වන ගුවැනින් (G) සමඟ හයිඩි්රජන් බන්ධන තුනක් මඟින් සම්බන්ධ වීම සිදුවෙයි. මෙලෙස DNA අනුවේ දාම දෙක අතර පියුරින් සහ පිරිමිඩීන් භෂ්ම එක් එක් අනුපිළිවෙළවල් ලෙසට පිහිටනු දැකගත හැකිය. මෙවැනි භෂ්ම රාශියක එකතුවක් ජානයක් ලෙස සලකනු ලැබේ. මෙම එක් එක් භෂ්මය, A,C,T සහ G - අකුරු සතරක් පමණක් ඇති හෝඩියක එනම් ඇඩිනීන් (A)ල සයිටොසීන් (C), තයිමීන් (T) සහ ගුවැනින් (ඨ)ල DNA අනුවේ රසායනික සැකිල්ලේ අන්තර්ගත ජෛවටය පණිවුඩය අක්ෂර වින්යාසයාකාරව දක්වන අකුරු සතරකින් යුත් හෝඩියක අකුරු සතර ලෙස සැලකිය හැකිය. මෙලෙස DNA අනුවේ ජාන තුළ ඇති ජෛවටය පණිවුඩ ප්‍රොaටීන සහ රයිබෝස් නිHqක්ලික් අම්ල (RNA) ලෙස නිකුත් වන අතර එමඟින් සෛලයේ ක්රියාකාරීත්වයන් පාලනය කෙරෙයි. පිළිකා ඇතිවීම සලකන විට මෙලෙස ඇති ජාන වලින් ජාන වර්ග සතරක් ඉතා වැදගත් වෙයි. 1. ඔන්කො ජාන (Oncogenes) 2. අර්බුධ යටපත් කරන ජාන (Tumor suppressor genes) 3. ඇපොප්ටෝසිස් (Apoptosis) හෙවත් සක්‍රියව, හානිකර අනවශ්‍ය සෛල සිරුරින් ඉවත් කිරීම පාලනය කරන ජාන. 4. DNA අනු පිළිසකර කරන හෙවත් අලුත්වැඩියා කිරීමට වැදගත් වන ජාන (DNA repair genes)) අප සිරුර තුළ පිළිකාවක් සෑදීම වළකාලීම සඳහා ඉහත ජාන වර්ග සතරෙහි නිසි ක්රියාකාරීත්වයන් පැවතීම අනිවාර්යය වෙයි. කෙසේ නමුත් මවු සෛල බෙදී, දරු සෛල සිරුර තුළ ඇතිවීමේදී DNA අනු ප්‍රතිවලිත වීම සිදුවන විටදී ඉහත සඳහන් කළ ජාන වල ද අනෙකුත් ජාන වල මෙන්ම පියුරින් සහ පිරිමිඩීන් භෂ්ම පිටපත් කිරීමේදී වැරදි සිදුවිය හැකිය. භෂ්ම කිහිපයක සිට විශාල ප්‍රමාණයක් දක්වා මෙලෙස පිටපත් කිරීමේදී වැරදී යා හැකිය. මෙලෙස සිදුවන වැරදි ජාන වල විකෘති ඇතිවීමක් ලෙස සලකනු ලැබේ. මෙලෙස විකෘති ඇතිවී ඉහත සඳහන් කළ ජාන වර්ග සතරෙහි ක්රියාකාරීත්වයන් වෙනස් වූ විට එනම් ඔන්කො ජාන වල ක්‍රියාකාරීත්වය වැඩි වූ විට සහ අනෙකුත් ජාන වර්ග තුනෙහි ක්‍රියාකාරීත්වය අඩපණ වූ විට පිළිකාවක් ඇතිවිය හැකිය. සෛල බෙදීමේ ක්‍රියාවලිය චක්රාකාරව සිදුවන අතර මවු සෛල බෙදීමේදී කලාවන් කිහිපයක් පසුකර අවසානයේ දරු සෛල සාදනු ලැබේ. ඔන්කො ජාන වල විකෘති ඇති වී එම ජාන පාලනයකින් තොරව අධි ක්රියාකාරීත්වයකට පත්වූ විට නොනවත්වාම සෛල බෙදීම සිදුවන අතර එය නැවතීම අපහසුවෙයි. සෛල බෙදීමේ චක්රාකාර ක්‍රියාවලියේදී එම ක්‍රියාවලිය නිසි පරිදි සිදුවන්නේ දැයි සොයා බැලීමට මුර කපොළු පිහිටා ඇති අතර යම් වරදක් හසුවුවහොත් එම මුර කපොළු ක්‍රියාකාරී වී සෛල චක්‍රය තාවකාලිකව නවතා දමා වරද නිවැරදි කිරීමට අවස්ථාව සලසා දෙයි. මෙසේ සිදුකරනුයේ අර්බුද වළකාලීමේ ජාන වල ක්‍රියාකාරීත්වය නිසාය. නමුත් එම ජාන වල විකෘති ඇතිවී තිබුණොත් මෙලෙස සෛල බෙදීමේදී වැරදි ඇතිවූ විට සෛල බෙදීම නවතාලීමට නොහැකි වන අතර වැරදි හෙවත් විකෘති සහිතවම දරු සෛල බිහිවෙයි. තවද වැරදි ඇති විට සෛල බෙදීම තාවකාලිකව හෝ නවතාලීමට සමත් වුව ද DNA අනු පිළිසකර කරන ජාන විකෘති නිසා අඩපණ වී තිබුණහොත් සිදුවී ඇති වැරදි නිවැරදි කරගත නොහැකි වනු ඇත. නිවැරදි කරගත නොහැකි වැරදි හෙවත් විකෘති සහිත සෛල සිරුරින් ඉවත් කරනුයේ ඇපොප්ටෝසිස් නම් සක්‍රීය ක්‍රියාදාමය මඟිනි. නමුත් ඊට වැදගත් වන ජාන විකෘති නිසා අඩපණ වී තිබේ නම් සෛල බෙදීමේදී ඇතිවන වැරදි සහිත සෛල සිරුරෙන් ඉවත් කළ නොහැකි වන අතර ඒවා වැඩිවැඩියෙන් එකතුවේ. මේ ආකාරයට ඉහත සඳහන් කළ විශේෂිත ජාන හතරේ ඇතිවන විකෘති නිසා සෛල බෙදීමේදී වැඩිවැඩියෙන් වැරදි හෙවත් විකෘති සහිත දරු සෛල ඇතිවන අතර එමඟින් පිළිකා ඇතිවීමට සුදුසු වටපිටාව සෛල තුළ ඇති කරයි. මෙලෙස විකෘති ඇතිවන්නේ බෙදෙන සෛල වල බව පාඨක ඔබට පැහැදිලි වනවා ඇත. එසේ නම් ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එක්වී මවු කුස කළලයක් ඇති වූ මොහොතේ සිට මරණය දක්වාම සෛල බෙදෙන බැවින් ඒ ඕනෑම අවස්ථාවක පිළිකාවක් කෙනකුට ඇතිවිය හැකි බව පැහැදිලි වනවා ඇත. තවද පිළිකාවක් ඇතිවීමට හේතුව ජාන වල සිදුවන විකෘති බැවින් පිළිකා යනු ජානමය රෝගයක් බව පැහැදිලිව දැනගත යුතුය. නමුත් සියලුම පිළිකා වලට හේතු වන මෙම ජාන විකෘති තම දෙමවුපියන්ගෙන්ම නොලැබෙන නිසා ඒවා පරම්පරාගත රෝග ලෙස හංවඩු ගැසීම කිසිසේත්ම සිදුනොකළ යුතුය. විකෘති සහිත ජාන දෙමවුපියන්ගෙන් ලැබී පිළිකා ඇති වන්නේ ඉතාමත්ම කලාතුරකිනි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 27 Nov 2017 04:50 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 27 Nov 2017 04:50 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 27 Nov 2017 04:54 PM අධික වායු දූෂණය රුධිර කාණ්ඩ 3 කට අපලයි - "ඒ, බී, හා ඒ බී" මෙම පර්යේෂණය සඳහා වසර 14 ක රෝගීන්ගේ දත්තයන් අධ්‍යයනයට ලක් කර ඇති අතර මෙම පර්යේෂණය මෙහෙයවූ වෛද්‍ය බෙන්ජමින් හෝන්aට අනුව මෙහිදී ඒ, බී, ඒ. බී. නෙගටිව් හා පොසිටිව් ඝනයේ රුධිර කාණ්ඩයන් අයත් පුද්ගලයන්ට වඩා "ඕ" ඝනයේ රුධිරය අයත් පුද්ගලයන් එවැනි හෘදයාබාධයන්ට හෝ පපුවේ වේදනාවට ලක්වීමේ අවදානම ඉතාමත් අඩුය. යන රුධිර කාණ්ඩයන් පවතින පුද්ගලයින් ඉහළ මට්ටමේ වායු දූෂණය පවතින පරිසරයකදී හෘදයාබාධයන් හෝ පපුවේ වේදනාවකට ලක්වීමේ අවදානම ඉතා වැඩි බව නවතම පර්යේෂණයකදී හෙළිවී තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ උටා හි පිහිටි ඉන්ටර්මවුන්ටන් හෘද වෛද්‍ය මධ්‍යස්ථානයේ පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කර ඇති මෙම පරීක්ෂණයට අනුව ඉහත කී රුධිර කාණ්ඩයන් තුනට අයත් රුධිරය පවතින පුද්ගලයින් ඉහළ වායු දූෂණ තත්ත්වයක් යටතේ හෘදයාබාධයන්ට හෝ පපුවේ වේදනාවකට ගොදුරුවීමේ අවදානම "ඕ" ඝනයේ රුධිරය සහිත පුද්ගලයන් එවැනි තත්ත්වයකට ගොදුරුවීමේ අවදානමට වඩා දෙගුණයකින් එනම් සියයට 40 කින් පමණ වැඩිය. මෙම පර්යේෂණය සඳහා වසර 14 ක රෝගීන්ගේ දත්තයන් අධ්‍යයනයට ලක් කර ඇති අතර මෙම පර්යේෂණය මෙහෙයවූ වෛද්‍ය බෙන්ජමින් හෝන්aට අනුව මෙහිදී ඒ, බී, ඒ. බී. නෙගටිව් හා පොසිටිව් ඝනයේ රුධිර කාණ්ඩයන් අයත් පුද්ගලයින්ට වඩා "ඕ" ඝනයේ රුධිරය අයත් පුද්ගලයින් එවැනි හෘදයාබාධයන්ට හෝ පපුවේ වේදනාවට ලක්වීමේ අවදානම ඉතාමත් අඩුය. මෙම පරීක්ෂණ ප්‍රතිඵලය කලබල විය යුතු තත්ත්වයක් නොවන අතර ඒ පිළිබඳව සැවොම දැනුවත් වී සිටීම වැදගත් බව වෛද්‍ය හෝන් කියයි." මෙහිදී වායු ගෝලයේ කියුබික් මීටරයකට මයික්රොග්රෑම් 25 ක වායු දූෂණයක් පැවැතීම ඉහත කී රුධිර කාණ්ඩයන් තුනක රුධිරය පවතින පුද්ගලයින් හෘදයාබාධයකට හෝ පපුවේ වේදනාවට ලක්වීම කෙරෙහි බලපාන බව පර්යේෂකයන් විසින් හඳුනාගෙන තිබේ. එහෙත් වසර දෙකකට පෙර මෙම පර්යේෂකයින් කණ්ඩායම විසින් සොයා ගෙන තිබුණේ වායු ගෝලයේ කියුබික් මීටරයකට අමතර මයික්‍රො ග්‍රෑම් 10 ක වායු දූෂණයක් පැවතීම එම රුධිර කාණ්ඩයට හානිකර බවකි. ඉන්ටර්මවුන්ටන් සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේද 1993 සිට 2007 දක්වා ප්‍රතිකාර ලැබූ රෝගීන්ගේ දත්ත මෙම පර්යේෂණයට යොදාගෙන තිබේ. මෙහිදී "ඕ" රුධිර කාණ්ඩයට අයත් පුද්ගලයින්ද හෘදයාබාධයකට හෝ අස්ථාවර පපුවේ වේදනාවකට ඉහළ වායු දූෂණ තත්ත්වයක් යටතේ ගොදුරුවීමේ අවදානමක් පැවතියද එය අනිකුත් රුධිර කාණ්ඩ තුනට වඩා අඩු මට්ටමක පවතින බව වෛද්‍ය හෝන් සඳහන් කරයි. මෙසේ ඉහළ වායු දූෂණයක් පවතින පරිසරයක ජීවත්වන විට අවදානම් රුධිර කාණ්ඩ සහිත පුද්ගලයින් අවදානම මඟහැරවීම සඳහා හැකිතාක් නිවෙස් තුළම සිටීම, ගෘහස්ථ ව්‍යායාම කිරීම හා හෘද රෝග අවදානම වළක්වන බෙහෙත් ලබා ගැනීම යන ක්‍රියාමාර්ගයන් අනුගමනය කළ යුතු බව පර්යේෂකයෝ සඳහන් කර සිටිති. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 27 Nov 2017 05:00 PM එන්ඩෝමෙට්රියල් පිළිකා තත්ත්වය නිර්දේශිත මාස හයක කාලයේදී මවුකිරි ලබාදෙන කාන්තාවන්ට ගර්භාෂයේ ඇතුළතම ස්ථරයේ ඇතිවන එන්ඩෝමෙට්රියල් පිළිකා තත්ත්වය ඇතිවීමේ අවදානම සියයට 11 කින් අඩුවන නවමතම අධ්‍යයනයක් හෙළි කරයි. අතීත අධ්‍යයන 17ක දත්ත විශ්ලේෂණය කරමින් ඔස්ට්‍රේලියානු පර්යේෂකයන් පිරිසක් මෙම කරුණු සොයාගෙන ඇති අතර නිර්දේශිත මුල් මාස හයක කාලයේදී මවුකිරි ලබා නොදෙන කාන්තාවන් හා සැසඳීමේදී මුල් මාස හයක කාලයේදී මවුකිරි ලබාදෙන කාන්තාවන්ට එන්ඩෝමෙට්රියල් පිළිකා තත්ත්වය ඇතිවීමේ අවදානම සියයට 11 කින් අඩු යැයි එම පර්යේෂකයෝ පිරිස පෙන්වා දෙති. දීර්ඝ කාලයක් මවුකිරි ලබාදීම ගර්භාෂයේ ඇතුළතම ස්ථරයේ ඇතිවන එන්ඩෝමෙට්රියල් පිළිකා තත්ත්වය ඇතිවීමේ අවදානම තවදුරටත් අඩුවන බව ද මෙම නව අධ්‍යයනයෙන් අනාවරණය වී තිබේ. ‘ගර්භාෂයේ ඇතිවන පිළිකා තත්ත්වය පොදු තත්ත්වයක් බවට පත්වෙමින් තිබෙනවා. අපි ඊට පිළියම් සෙවිය යුතුයි. එයින් ආරක්ෂා විය යුතු” යැයි ඔස්ට්‍රේලියාවේ ක්යු.අයි.එම්.ආර් බර්ගෝෆර් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රධාන කතෘ සුසෑන් ජෝර්දාන් කීවාය. එන්ඩෝමෙට්රියල් පිළිකා තත්ත්වය ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ ඕස්ටේ්රලියාව ආදි ඉහළ ආදායම් ඇති රටවල කාන්තාවන්ට සිව්වැනි පොදු පිළිකා තත්ත්වය යැයි පිළිකා පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ ආයතනය පෙන්වාදෙයි. දරුවකුගේ උපතේ සිට මුල් මාස හයක කාලයේදී අනිවාර්යෙන්ම මවුකිරි දිය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන අතර ඝන ආහාර ලබාදීම ආරම්භ කළ පසුද මවුකිරි දිය යුතු බව එම සංවිධානය තවදුරටත් නිර්දේශ කරයි. හර්ෂණ තුෂාර සිල්වා ඬේලිමේල් ඇසුරිනි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 28 Nov 2017 02:17 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 28 Nov 2017 02:18 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 28 Nov 2017 02:19 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 70 of 137 << < 6869707172 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner