You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 72 of 137 << < 7071727374 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Dec 2017 06:57 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Dec 2017 06:57 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Dec 2017 06:57 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Dec 2017 06:58 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Dec 2017 06:58 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Dec 2017 06:58 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Dec 2017 06:59 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Dec 2017 07:05 PM

කැස්ස සුවපත් කරන විස්මිත පානයක්

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/27351.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
01 Dec 2017 11:34 PM
ස්තුති මේ ලිපියටත්
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Dec 2017 07:43 AM
කැස්ස සුවපත් කරන විස්මිත පානය.....අත්හදා බලන්න ඕනෙ.මේ ටිකේ ගොඩක් අය අසනීප වෙන කාලයක්නෙ.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Dec 2017 06:08 PM

agnaප්‍රශ්නය - දියවැඩියා රෝගය බෝ නොවන රෝගයක්‌ වුවත්, ඉතා වේගයෙන් ජන සමාජය ඔස්‌සේ පැතිර යන බව දන්නවා. අප අද සිට මේ ලිපි පෙළ පටන් ගන්නේ දියවැඩියා රෝගය සුව කිරීම සඳහා ශාකසාර ඖෂධ යොදා ගැනීම සම්බන්ධයෙන් මේ දිනවල ඉන්දියාවේ සිදු කෙරෙන පර්යේෂණ මාලාවක්‌ සම්බන්ධයන් පාඨකයන් දැනුවත් කිරීමටයි.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - නෙල්ලි, කරවිල, කුරුඳු, කෝමාරිකා යන ශාකවලින් පර්යේෂණ සිදු කරන බවත් එම පර්යේෂණ සාර්ථක වූ බවත් The Times of India නමැති පුවත්පත සඳහන් කරනවා. දියවැඩියාව කියන්නේ මොකද්ද? ශරීරයේ රුධිර සීනි ප්‍රතිශතය සාමාන්‍ය මට්‌ටම ඉක්‌මවා යැමයි. අප ගන්නා ආහාර ග්ලූකෝස්‌ බවට පත් වී සෛලවලට ප්‍රවාහනය වීම සිදුවෙනවා. මේ ග්ලූකෝස්‌ ශක්‌තිය බවට පත්වන අතර ඒ සඳහා පාදක වන්නේ Insulin නමැති ද්‍රව්‍යයයි. එහෙත් ඒ කාරණයට ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නැති වුණාම රුධිරයේ සීනි මට්‌ටම ඉහළ නගිනවා.

මේ තත්ත්වය සමනය කිරීම සඳහා නෙල්ලි වලින් අපූරු ඖෂධයක්‌ සාදා ගන්නට පුළුවන්. නෙල්ලි ගෙඩි 3 ක්‌ තුනී තලපයක්‌ වන පරිදි අඹරා ගත යුතුයි. ඉන් පසු රෙද්දකට මේ තලපය දමා තද කර ඉස්‌ම ලබා ගත යුතුයි. මේ නෙල්ලි ඉස්‌ම තේ හැඳි දෙකක්‌ වතුර මිලි ලීටර් 200 කට දමා මිශ්‍රකර හැම උදැසනකම හිස්‌බඩ පානය කරනවා නම් රුධිර සීනි මට්‌ටම ඉදිරි පැය 24 තුළ පාලනය කර ගත හැකි බව සොයා ගෙන තිබෙනවා. මේ මිශ්‍රණය විටමින් C වලින් සමන්විතයි. ඒ නිසා ඔබේ අග්න්‍යාශය පරිස්‌සම් කර ගැනීමටත් පුළුවන්.

නෙල්ලි යොදාගෙන දියවැඩියාව පාලනය කරන ක්‍රම ගණනාවක්‌ අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ තිබෙනවා. නෙල්ලි ගසේ පස්‌ පංගුවම බෙහෙතට ගන්නවා. ආයුර්වේදයට අනුව විග්‍රහ කරනවා නම්, නෙල්ලි මගින් ත්‍රිදොaෂ පාලනය සිදු වෙනවා. ආයුර්වේදයේ වගේම දේශීය වෙදකමෙත් තිබෙනවා රස වර්ග 6 ක්‌. එයින් 5 ක්‌ ම නෙල්ලි ගෙඩියේ තිබෙනවා. මෙහි තිබෙන සිසිලකරන ගුණය නිසා පිත් දෝෂය පාලනය වී පිත අඩු වීම සිදුවෙනවා. එසේම මේ සිසිල්කරන ගුණය නිසා ශරීරයේ අග්න්‍යාශය ඇතුළු අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්‍ෂා වෙනවා. ශරීරයේ ගෙවී ගිය ශක්‌තිය නැවත ලබා ගැනීමට යොදා ගන්නා 'ච්‍යාවන්පුශ්' නමැති රසායනයේ ප්‍රධානතම අමුද්‍රව්‍යය තමයි නෙල්ලි. මේ රසායනය ගැන චරක සංහිතාවේ එනවා. අග්න්‍යාශය ප්‍රතිසංස්‌කරණය කරගත හැකි නම් එහි තිබෙන සෛල ක්‍රියාත්මක වී ඉන්සියුලින් නිපදවීම මාස 2න් අරඹනවා. නෙල්ලි පදනම් කරගත් අපේ පාරම්පරික ඖෂධවලට පුළුවන් නිදන්ගත තත්ත්වයට පත් නොවූ දියවැඩියාව සුවපත් කරන්නට.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා
0713464276/ 0759061771
අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

agna1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Dec 2017 06:13 PM

pakinsanප්‍රශ්නය - පාකින්සන් රෝගය පිළිබඳ දීර්ඝ සාකච්ඡා පසුගිය සතිවල මේ පිටුවෙන් සිදුකෙරුණා. සමහර රෝග එක ඖෂධ වර්ගයකින් සුව කරන්නට පුළුවන්. එය සුවිශේෂ ඖෂධයක්‌ විය හැකියි. පාකින්සන් සුවයට යොදාගත හැකි මෙවැනි ඖෂධයක්‌ තිබෙනවාද?

වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - පාකින්සන් කියන්නේ ඉතා සංකීර්ණ රෝගයක්‌. ඒ නිසාම එය තනි බෙහෙතකින් හෝ බෙහෙත් දෙක තුනක මිශ්‍රණයකින් සුව කරන්න බැහැ. මෙය ස්‌නායු පද්ධතිය පරිහානියට පත් කරන රෝගයක්‌. මෙහෙම වෙන්නේ මේ රෝගය මගින් මොළයේ සෛල විනාශයට පත්වන නිසයි. පාකින්සන් රෝගීන්ට අවසන් වශයෙන් ඇවිද ගැනීමටවත්, අත් සෙලවීමටත් බැරි වෙනවා. කතා කරන විට හරියාකාරව වචන පිටවීම සිදුවන්නේ නැහැ. එහෙම වෙන්නේ මොළයේ සෛල විනාශ වීමත් එමගින් ස්‌නායු පරිහානියට පත්වීමත් නිසයි. හැබැයි මේ තත්ත්වයට බලපෑම් කළ හැකි තනි ඖෂධ තිබෙනවා. ඒවා තවත් ඖෂධ සමඟ මිශ්‍රකර ගත යුතුයි.

ප්‍රශ්නය - මොනවද මේ තනි ඖෂධ

වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - වඳුරු මෑ ලෙස හැඳින්වෙන ශාකය ඉන් එකක්‌. Mucuna Pruriens තමයි එහි උද්භිද විද්‍යාත්මක නාමය. මෙය සර්ව කල්පය පැළයක්‌. ආයුර්වේද සහ යුනානි යන ඖෂධ ක්‍රම දෙකටම ඖෂධය යොදා ගන්නවා. සර්ප දෂ්ටනවලදී විෂ නාශකයක්‌ ලෙස මෙය යොදා ගන්නවා. ආයුර්වේදයේදී මෙය වැඩිපුරම යොදා ගන්නේ කම්පවාත හෙවත් පාකින්සන් රෝගය සුවපත් කිරීමටයි.

ඊළඟ ඖෂධය තමයි ලුණුවිල. එහි උද්භිද විද්‍යාත්මක නාමය තමයි Bacopa Monneri සියලුම ඝර්ම කලාපීය රටවල වැවෙන ලුණුවිල මහා බ්‍රහ්මයා විසින් උපදවන ලද බෙහෙත් පැළයක්‌ ලෙස ඇතැම් හින්දු භක්‌තිකයන් විශ්වාස කරනවා. ඇදුම සහ අපස්‌මාර රෝගය සඳහා ප්‍රතිකාර කරන්නට අතීතයේ සිට මෙය යොදා ගනු ලැබුවා. ඊට අමතරව ගෙඩි, වණ, පිළිකා, ප්ලීහාව ඉදිමීම, ප්‍රදාහ තත්ත්වයන්, ලාදුරු, ලේ මදිකම, ගැස්‌ට්‍රයිටිස්‌ යන රෝගවලට දෙන ඖෂධවල ප්‍රධාන ක්‍රියාකාරි සංඝටකයක්‌ හැටියටත් ලුණුවිල පාවිච්චි කරනවා. නවීන විද්‍යාත්මක පරීක්‍ෂණ මගින් සොයාගෙන ඇති පරිදි රුධිර සංසරණය යථා තත්ත්වයට පත් කරන්නට ලුණුවිලවලට පුළුවන්. පාකින්සන් රෝගියකුගේ රුධිර සංසරණය යථා තත්ත්වයට පත් කරන්නට හැකි නම් මොළයට ලේ ගමන් කර සුව වීමට පටන් ගන්නවා.

ලබන සතියට

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

pakinsan1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Dec 2017 06:19 PM

skin* සම රෝගී වන්නේ කෙසේද?

* වෛද්‍ය රන්පත රුවන් රත්නායක

සම නිරෝගී වන අවස්‌ථා විවිධයි. විවිධ හේතු නිසා ඇතිවන ගැටලු මේ සඳහා ප්‍රධාන වෙනවා. මේ අතරින් ප්‍රධාන වන්නේ බාහිරින් පැමිණෙන ක්‍ෂද්‍රජීවී ආසාදනයි. ඒ වගේම සිරුර අභ්‍යන්තරය අධික ලෙස උෂ්ණාධිකවීමද සමේ රෝගවලට හේතු වෙනවා. සිරුරේ හට ගන්නා තවත් බොහෝ රෝගාබාධයන්වලදීත් ඒවායේ අතුරු රෝගයන් ලෙස සම රෝගීවීම සිදුවෙනවා.

* සමේ රෝග විවිධාකාරයි. මේ රෝග පැතිරීම ගැන සඳහන් කළොත්.

* වෛද්‍ය රන්පත රුවන් රත්නායක

සමේ රෝග ප්‍රධාන ලෙස කොටස්‌ දෙකකට වර්ග කළ හැකියි. ඒ බෝවන රෝග සහ බෝ නොවන රෝග ලෙසයි. බෝවන රෝග ස්‌පර්ශයත්, ලිංගික ක්‍රියාකාරකම් මගින් සහ අපිරිසිදුකම මගින් ඇතිවිය හැකියි. සමේ ඇතිවන බෝ නොවන රෝග වැළඳීමේ ප්‍රධාන ක්‍රමය රක්‌තය දූෂණය වීම ලෙස හැඳින්විය හැකියි.

* මෙලෙස රක්‌තය දූෂණයවීම පිළිබඳ හැඳින්වීමක්‌ කළොත්

* වෛද්‍ය රන්පත රුවන් රත්නායක

සිරුරේ පිත් දෝෂය අහිමිවීම නිසා එම අයගේ ශරීරයේ උෂ්ණත්වය අධික විය හැකියි. ඒ අනුව අධික උෂ්ණාධික බව නිසා සම පැසවීම සිදුවන අතර වා, සෙම් දෝෂවල බලපෑමක්‌ හමුවේ සම වියළීම, ඉරිතැලීම, හෝ කැසීමේ තත්ත්වයක්‌ ඇතිවිය හැකිය.

* රක්‌තය දූෂණය වීමට බලපාන හේතු මොනවාද?

* වෛද්‍ය රන්පත රුවන් රත්නායක

උෂ්ණාධික ආහාර වැඩිපුර ගැනීම, බිලිං, ගොරකා, තක්‌කාලි ආදී විටමින් සී පදාර්ථ බහුල, ආහාර වැඩිපුර ගැනීමෙන් සිරුරේ ඇස්‌ කොබීන් ඇසිsඩ් ආදී ඇසිඩ් වර්ග බහුල වෙනවා. එවිට සිරුරේ උෂ්ණාධික බව වැඩිවීම සිදුවෙනවා. ඒ වගේම අධිකව නිදිවැරීම මත්පැන් පානය, කෘත්‍රිම ආහාර වැඩිපුර ගැනීම, හා ආහාර ජීර්ණ පද්ධතීන්ගේ අක්‍රමවත්භාවයන් නිසාද උෂ්ණාධික බව වැඩිවිය හැකියි.

* සමේ හටගන්නා රෝග පිළිබඳ සඳහන් කළොත්?

වෛද්‍ය රන්පත රුවන් රත්නායක

ප්‍රධානම රෝගය පලු දැමීමයි. ඒවා සිරුර පුරාම පැතිරීමෙන් දැඩි පීඩා ඇතිවෙනවා. කුඩා බිබිලි හට ගැනීම තව රෝගයක්‌. මේවාද කැසීම නිසා සම පුරා පැතිරී දියර ගලන තත්ත්වයටම පත්වීම සිදුවෙනවා. දෙපා පතුළ කොටස්‌වල සම පුපුරා දියර ගැලීම ඇඟිලිකරු ආශ්‍රිතව මේවා ඇරැඹීම සිදුවෙනවා. සමේ රෝගවල භයානකම රෝගය කුෂ්ට රෝගයි. කුෂ්ට රෝග ඉතා පීඩාකාරී සහ අවදානම් බව වැඩි රෝගයකි.

* මෙම රෝග සුවකිරීමට ආයුර්වේද ප්‍රතිකාරවලට හැකිද?

* වෛද්‍ය රන්පත රුවන් රත්නායක

ආයුර්වේදයේ මෙම රෝග සුව කිරීම සඳහා ඉතා ගුණදායක ඔසු වර්ග තිබෙනවා. නිවැරදි වෛද්‍යවරයකු කරා යොමුවී නිවැරදි ලෙස ප්‍රතිකාර කළොත් රෝගය සුවකර ගැනීමට හැකියාව පවතිනවා. වර්තමානයේ ඕනෑම රෝගයකට ඉතා පහසුවෙන් පාවිච්චි කළහැකි ලෙස ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කර තිබෙන නිසා රෝගීන්ට පහසුවෙන්ම ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාවද පවතිනවා.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Dec 2017 06:25 PM

atharaiප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගයට හේතුව ශරීරයේ වාත දොaෂය ප්‍රමුඛ වීම බව අප දන්නවා. මේ දෝෂය නිෂ්ක්‍රීය කළ හැකි ක්‍රමයක්‌ නැද්ද?

වෛද්‍ය වසන්ත උදයජීව - වායුව සහ අවකාශය දෙක එකතුවීමෙන් හට ගන්නා ජීව විද්‍යාත්මක ශක්‌තියක්‌ හැටියට වාතය හැඳින්විය හැකියි. වාතය කියන සාධකය සිසිල්, වියළි රළු සහ සසල (තැනිsන් තැනට ගමන් කරන) සාධකයක්‌ ලෙස සැලකිය හැකියි. ඒ බැවින් මේ දෝෂය ශරීරය තුළ ප්‍රමාණාත්මකව වැඩි වුණාම සිසිල්, වියළි, රළු, සසල ගුණය නිසා ශරීරය තුළ පීඩාකාරී තත්ත්වයක්‌ හටගන්නවා. එවැනි එක්‌ පීඩාවක්‌ තමයි ආත්‍රයිටිස්‌ රෝගියා ඖෂධවලින් වගේම ආහාරවලිනුත් වාත දොaෂය ප්‍රහීන කරන්න පුළුවන්. ඔබේ වාත දොaෂය කුපිත වී ඇත්නම් පහත සඳහන් රෝග ලක්‍ෂණ හට ගන්නවා, එනම්,

අසීමාන්තික ලෙස දොම්නස්‌ සහගත, බියපත් සහ සංකා සහගත මනසක්‌ තිබීම, මනස කලබලකාරි වීම, සම වියළීම, මළ බද්ධය ඇතිවීම, ගෑස්‌ තත්ත්වයක්‌ මතු වී උදරය ඉලිප්පීම, ශරීරයේ බර පහත බැසීම, රුධිර පීඩනය පහත වැටීම, ශරීර වෙව්ලුම් සහගත තත්ත්වයකට පත්වීම, නිතර මහන්සි සහගත තත්ත්වයක්‌ ඇතිවීම.

වාත දොaෂය කුපිතවූ අය ට නුසුදුසු සහ සුදුසු ආහාර.

ආහාරයක තිබෙන පැණිරස, ලුණු රස, ඇඹුල් රස, ප්‍රමාණය ඉක්‌මවා ගැනීම නුසුදුසුයි.

උණසුම් ආහාර, හොඳින් පිසිනලද ආහාර, සුප් වර්ග, උණුසුම් ධාන්‍යමය ආහාර සුදුසුයි.

මෘදු ගුණය සහිත කුළුබඩු ඉතා සුදුසුයි. කහ, අමු ඉඟුරු, සූදුරු, අබ, ගම්මිරිස්‌, තල, කුරුඳු, සාදික්‌කා යනාදිය මඳ ප්‍රමාණවලින් ආහාරවලට මිශ්‍ර කිරීම සුදුසුයි.

කෙසෙල් ගෙඩි, වියළි මිදි, රටඉඳි, අලිගැට පේර, පොල්, අඹ, පැපොල්, කොමඩු යනාදිය ඉතා හොඳින් පිසිනලද බීට්‌, කැරට්‌, බතල, කැකිරි යනාදිය සුදුසුයි.

උදේ ආහාරය පෙරවරු 7 - 8 අතර ගන්න

දිවා ආහාර - 11 - 1 අතර ගන්න

රාත්‍රි ආහාරය සවස 6 - 7 අතර ගන්න

ආහාර වේල් මඟහැර කුසගින්නේ නොසිටින්න.

ලබන සතියට

atharai1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Dec 2017 06:29 PM

otisumප්‍රශ්නය - ඔටිසම් රෝගී දරුවන්ට තෛල සම්භාහනය හෙවත් Oil Massage මගින් සුවය ලබා ගත හැකි ආකාරය ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරනවා.

වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - අප මෙයට පෙරත් සඳහන් කළ පරිදි වගේම ආයුර්වේදයට සම්බන්ධ විවිධ විද්වතුන් කියන පරිදි ඔටිසම් කියන්නේ රසදිය වැනි විෂ මගින් ශරීරය තුළ හට ගන්නා ත්‍රිදොaෂ අසමතුලිතතා රෝගයක්‌. මෙහිදී කථනය, මානසික සංකේන්ද්‍රනය, මතකය, හුරුවීම, සහ වෙනත් ස්‌නායු මූලික කටයුතු සඳහා පාදක වන ප්‍රාණවාතය නමැති සාධකය බරපතළ ලෙස අවුල් වෙනවා. ඔටිසම් සුවපත් කිරීමේ ක්‍රියාවලියේදී ශරීරය තුළ තිබෙන විෂ කාරක ඉවත් කළ යුතු අතර, එම විෂ කාරක නිසා හානියට පත් වූ සෛල අලුත්වැඩියා කිරීම කෙරෙහිත්, අලුත්වැඩියා කළ එම සෛල නැවත වතාවක්‌ බල ගැන්වීමත් කළ යුතුයි.

පහත සඳහන් ආහාර ක්‍රමවේද සහ ආහාර වට්‌ටෝරු අනුගමනය කිරීම මගින් ඔටිසම් රෝගී දරුවන්ට සාධනීය ප්‍රතිඵල ලබා දීමට මවුවරුන්ට පුළුවන්. මාස 6 ක්‌ වත් මේ ආහාර දරුවාට ලබා දිය යුතු අතර ඊට සමගාමීව බල අශ්වගන්ධය, තලතෙල්, මහානාරායන වැනි තෙල් මගින් සම්භාහනය කළ යුතුයි.

ආහාර විධික්‍රමය වාතදොaෂය නිෂ්ක්‍රීය කරන ආහාර ලබාදීම මූලිකයි.

දරුවාට ආහාර පිණිස දෙන තෙල් වර්ග පිරිසිදු එළඟිතෙල් සහ ඔලිව් තෙල්වලට සීමා කළ යුතුයි. මොළය දක්‌වා ගොස්‌ එහි තැන්පත්ව ඇති තෙල් වලින් දියවන විෂ වර්ග උකහා ගන්නට එළඟිතෙල්වලට පුළුවන්. එවිට මොළය විෂ වර්ගවලින් නිදහස්‌ වනවා. ඒ වගේම මොළයේ සෛල ප්‍රකෘතිමත් කරනවා. එවිට ඔටිසම් රෝගය ක්‍රමයෙන් සුව වීමට පටන් ගන්නවා.

කෘත්‍රිම හා රසායනික පොහොර නොයෙදූ කාබනික එළවළු වර්ග පමණක්‌ දරුවාට ආහාර පිණිස දිය යුතුයි. යෝගට්‌ කොප්ප කාලකට වතුර කොප්ප තුන්කාලක්‌ දමා කරඳමුංගු, ගම්මිරිස්‌, කුරුඳු ඉතා ස්‌වල්පය බැගින් දමා බ්ලෙන්ඩරයේ දමා ගැසිය යුතුයි. ඉන් පසු එයට කුඩු කළ සූදුරු, කොත්තමල්ලි සහ ඉඟුරු ස්‌වල්පයක්‌ දමා බ්ලෙන්ඩරයේ ගසා හකුරු කුඩු හෝ දුඹුරු සීනි එකතු කර දරුවාට පානයට දෙන්න. මෙය දිනපතා දීම හොඳයි. මේ මගින් දරුවාගේ සෙම ඇවිස්‌සෙනවා නම් වහාම නතර කළ යුතුයි.

ලබන සතියට

otisum1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Dec 2017 06:36 PM

kodu

ඔහු ගැන අපට දැන ගන්නට ලැබුණේ අහම්බෙනි. ඒ අපගේ මිතුරකු වෙතිනි. මිතුරාගේ 16 හැවිරිදි දියණියගේ කොඳු ඇට පෙළ ඇද වී තිබිණ. එය ඇද වන්නට පටන් ගන්නේ ඇය 8 වන වියෙහි පසුවන විටය. මුලින්ම දුන්නක හැඩයට ඇද වෙන්නට පටන් ගත් කොඳු ඇටය ක්‍රමයෙන් S අකුරේ හැඩය දක්‌වා ගියේය. මුල සිටම විවිධ වෛද්‍ය ප්‍රතිකාර කෙරෙහි නැඹුරු වී සිටි මගේ මිතුරා ඉන් පළ නොලැබ අවසානයේදී විකලාංග චිකිත්සකයකු මගින් ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමුවිය.

"මෙතැනදී කරන්න තියෙන්නේ Open Suygery එකක්‌ කරලා කොඳු ඇට පෙළට PIN ගහන එක." ශල්‍ය වෛද්‍යවරයා අපේ මිතුරාට කීවේය. "හැබැයි ලක්‍ෂ 30 ක්‌ විතර යාවි..."

ඊළඟට මිතුරා කළේ Second Opnion ලෙස හැඳින්වෙන 'විකල්ප අදහසක්‌' ලබා ගැනීම සඳහා වෙනත් ශල්‍ය වෛද්‍යවරයකු හමුවීමය.

"ඕකෙ මෙන්න මෙහෙම ප්‍රශ්නයක්‌ තියෙනවා. කොඳු ඇටය දිගට පින් දමලා කෙලින් කළාම පින් කැඩෙන අවස්‌ථා තියෙනවා. ඒක අවදානම් තත්ත්වයක්‌. මොකද පුංචි ළමයකුට කියන්න බැහැනේ මෝල්ගහක්‌ ගිල්ල වගේ පැය 24 ම කෙළින් ඉන්න කියලා."

kodu1අපේ මිතුරගේ සිහිය විකල් විය. දියණියගේ ඉනේ සිට උරහිස දක්‌වා වූ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ඇදවීම නිසා ඉමහත් විකෘති සහගත බවක්‌ දැක්‌වින. ඇදවුන කොඳු ඇට කෙළින් කරන වැලිගම එම්. ඒ මදනායක නමැති දේශීය වෛද්‍යවරයා ගැන ඔහුට දැන ගන්නට ලැබෙන්නේ ඒ අතරය. එතැන් සිට කතාව අප මිතුරාගේ වචනයෙන් මෙසේය.

"මේ වෛද්‍යවරයා කොඳුඇට පෙළ කෙළින් කරන්නේ කිසිම සැත්කමක්‌ නොකර අතින්මයි. ඔහු මුලින්ම කොඳු ඇට පෙළ දිගේ තෙල් වර්ගයක්‌ ගාලා සම්බාහනය කරනවා. ඊට පස්‌සේ ඇදවුණ ඇට පුරුක්‌ හෙමින් හෙමින් කෙළින් කරනවා. ඒ විදියට මාස 6 ක්‌ විතර ප්‍රතිකාර කරන කොට කොඳු ඇට පෙළ 80% ක්‌ විතර කෙළින් වෙලා. ඉතිරියට තව මාස 2 ක්‌ විතර යනවා.

මදනායක වෛද්‍යවරයා මේ සියල්ල කරන්නේ සියතිනි. ඒ සඳහා ඔහු රෝගියා තම වෙදහලේ නවත්වා ගනී. රෝගියා ඔහුදෙන කසාය පානය කළ යුතු අතර ඔහු දෙන ආහාර ගත යුතුය. ඔහුගේ විස්‌මිත හැකියාව සියෑසින් දැක ගනිමින් ඔහු සමග පැවැත්වූ සාකච්ඡා පෙළක්‌ ඔබ වෙත ගෙන එමු.

ප්‍රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේ කොඳු ඇට පෙළ ඇදවීමේ රෝග තත්ත්වය ගැනයි. කුඩා ළමයින්ට වැළඳෙන කොඳු ඇට පෙළ ඇදවීමේ රෝගය අලුත් ලෙඩක්‌ බවත් එය දරුවන් කුඩා කාලයේ සිට වැරදි හැඩයට (ඇලයට) හිඳගෙන රූපවාහිනිය නැරඹීමේ ප්‍රතිඵලයක්‌ බවත් ඔබ පෙන්වා දුන්නා. එසේම පුද්ගලයන්ට වැළඳෙන කුදුවීමේ රෝගය ගැනත් ඔබ කතා කළා. එය වර්ග 4 කට බෙදිය හැකි බවත් ඉන් පළමුවැන්න වංශදාහය බවත් ඔබ සඳහන් කළා. ඒ වර්ග 4 ම සුව කළ හැකි ක්‍රමවේද ඔබ අනුගමනය කරන වෛද්‍ය ක්‍රමය තුළ ඇති බවත් ඔබ කිව්වා. ඒ අතර දුරකථනයෙන් අප ඇමතූ පාඨකයන් අපෙන් විමසා සිටියා කොඳු ඇට පෙළ සම්බන්ධ වෙනත් රෝග සුව කළ නොහැකිද යන කාරණය. මොනවද මේ වෙනත් රෝග?

වෛද්‍ය එම්. ඒ. මදනායක - කොඳුඇට පෙළ කියන්නේ ශරීරය සතුව තිබෙන වැදගත්ම අංගයක්‌. ශරීරයෙන් අඩක්‌ පමණ එයට හිමි වෙනවා. අපට කෙළින් සිටීමට හැකි වන්නේ කොඳුඇට පෙළ නිසයි. ඒ එක්‌කම කොඳුඇට පෙළ ඔස්‌සේ ගමන් කරනවා ශරීරයේ වැදගත්ම ඉන්ද්‍රියයක්‌. ඒ තමයි සුෂුම්නාව. මොළයේ සිට ශරීරය පුරා සියලු පණිවුඩ ගෙන යන්නේ සුෂුම්නාව මගින්. ශරීරයේ වැඩිම පරාසයක තිබෙන ඉන්ද්‍රියන් නිසා කොඳු ඇට පෙළට ලෙඩ ගොඩකුත් හැදෙනවා. ඒ වගේම ශරීරයේ වෙනත් කොටස්‌වල හට ගන්නා රෝග බොහොමයක්‌ සමඟ කොඳු ඇට පෙළ බද්ධ වෙනවා.

ප්‍රශ්නය - මොනවද මේ රෝග?

වෛද්‍ය එම්. ඒ. මදනායක - කොඳු ඇට පෙළේ ස්‌නායු තෙරපීම එක රෝගයක්‌. මෙයින් අධික වේදනාවක්‌ ඇති වෙනවා වගේ අත් පාවල ක්‍රියාකාරීත්වයට ලොකු බලපෑමක්‌ ඇති වෙන්නට පුළුවන්. ඊළඟ රෝගය තමයි කොඳු ඇට දිරා යැම. මෙය ඉතා භයානක තත්ත්වයක්‌. තවත් එකක්‌ තමයි කොඳු ඇට ඈත් වීම. ඊළඟට කොඳු ඇට පෙළට සම්බන්ධ ගෙල රිදෙන්නට පටන් ගන්නවා. ස්‌නායු තෙරපීමෙන් පාදවල අධික ලෙස වේදනාවක්‌ හට ගන්නවා. කෙණ්‌ඩ පෙරළෙනවා. මේ අතර සමහරුන්ගේ කොඳු ඇටවල කාටිලේජ වැහැරෙනවා. වර්ධනය වන්නේ නැහැ. කොඳු ඇට එකිනෙක ළංවෙලා තෙරැපෙනකොට එන වේදනාව වගේම දරුණුයි කොඳු ඇට පුරුක්‌ ඈත් වුණාම එන වේදනාව.

ප්‍රශ්නය - මේවා ආත්‍රයිටිස්‌ තත්ත්වයක්‌ ද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - නැහැ. වැටීමෙන්, බර ඉසිලීමෙන්, පාසල් කාලයේදී උස පැනීමක්‌ හෝ දුර පැනීමක්‌ වැරදීමෙන්, කාන්තාවන් දරුවන් ප්‍රසූත කරන විට අස්‌ථි ඈත් වීමෙන්, ඉහත සඳහන් රෝග තත්ත්වයන් මතු විය හැකියි.

ප්‍රශ්නය - මේ ලෙඩ සුව කරන්න පුළුවන්ද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - සුව කරන්න පුළුවන්. හැබැයි රෝගියාගේ ඉවසිල්ලත් තිබිය යුතුයි. සමහර රෝගීන් අප වෙත එන්නේ රෝගය හැදිලා අවුරුදු හතරක්‌ පහක්‌ ගත වුණාට පස්‌සේ අන්තිම අවස්‌ථාවේදී. ඉතින් මෙහෙම ලෙඩෙක්‌ සුවපත් කරන්න දවස්‌ දෙකෙන් බැහැ. එයට මාස කිහිපයක්‌ ගත වෙනවා. අපේ ප්‍රතිකාරය දේශීය තෙල් සහ කසාය මගින් කරන එකක්‌.

kodu2ප්‍රශ්නය - කොහොමද මේ ලෙඩ සුව කරන්නේ.

වෛද්‍ය එම්. ඒ. මදනායක - තෙල් කසාය සහ නිල වෙදකම මගින්. මේ රටේ තිබෙනවා වසර දහස්‌ ගණනක්‌ පැරැණි නිල වෙදකමක්‌. එය අකුපන්චර්වලට සමානයි. අපි රෝගියාගේ රෝගී ප්‍රදේශයේ තෙල් ගාලා සම්බාහනය කරන ගමන් නිල තෙරපනවා. මෙහෙම සෑහෙන කලක්‌ ප්‍රතිකාර කරන විට රෝගියා සුව වීමට පටන් ගන්නවා.

ප්‍රශ්නය - මෙවැනි රෝගියකු ගැන ඔබ සතුව තිබෙන අත්දැකීමක්‌ විස්‌තර කරන්න

වෛද්‍ය එම්. ඒ. මදනායක - වතාවක්‌ මා ළඟට ආවා අවුරුදු 60 ක විතර කාන්තාවක්‌. මුලින්ම ඇයට තිබී ඇත්තේ කොන්දෙ අමාරුවක්‌. කොන්ද දිගින් දිගටම රිදෙනවා. ඉන්පස්‌සේa වේදනාව කකුල් දෙකට පැතිරෙනවා. මාස කිහිපයක්‌ ගත වෙනකොට ඇවිදින්න බැරි තරමට කකුල් වේදනායි. ඉන් පස්‌සේ නැවතත් දිග අරින්න බැරි තරමට කකුල් රිදෙනවා. මේ අතර ක්‍රමයෙන් ඇයට ඇවිදින්න බැරි තත්ත්වයක්‌ එනවා. බටහිර වෛද්‍යවරුන් කියන්නේ ඇගේ කොඳුඇට පෙළේ ස්‌නායු තෙරැපීම නිසා මේ තත්ත්වය හටගත් බවයි.

ප්‍රශ්නය - ඉතින් ඔබ ඇයව සුවපත් කළාද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - ඔව්. ඒ සඳහා මාස 6 ක කාලයක්‌ ගියා.

ඇය සුවපත් කළ හැටි ලබන සතියේ

නොමිලේ විස්‌තර සඳහා 0412251321/ 0710827836

සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

kodu3

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Dec 2017 07:48 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Dec 2017 07:48 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Dec 2017 07:57 PM

http://www.navaliya.com/2017/12/04/New%20folder/hl/46.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Dec 2017 09:22 PM
බිත්තර කොලොස්ට්‍රොල් කියලා මිනිස්සු නොකාපු කාලයක් තිබුනා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0
You are not authorized to post a reply.
Page 72 of 137 << < 7071727374 > >>