Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 73 of 137 << < 7172737475 > >> Author Messages hasithadSuper Senior MemberPosts:5795 03 Dec 2017 05:28 AM ගම් බිත්තර තමයි ඉතින් කනවනං......ෆාම් බිත්තර කෑවොත් ඉතින් අද මොනවයින් මොනව වෙල නතරවෙයිද මන්දා...... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Dec 2017 04:52 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Dec 2017 04:53 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Dec 2017 05:01 PM මානසික අසහනය කාන්තාවන් තරබාරු කරයි එම පර්යේෂකයින්ට අනුව වසර පහක කාලයක් තුළදී කාන්තාවන් වැඩි වශයෙන් මානසික ව්‍යාකූල තත්ත්වයන්ට මුහුණ පෑවහොත් එය ඔවුන් තරබාරු වීම කෙරෙහි වැඩි බලපෑමක් එල්ල කරයි සිය ජීවිතයේ මානසික ව්‍යාකූල තත්ත්වයන්ට මුහුණපානු ලබන කාන්තාවන් තරබාරු බවට පත් වීමේ හැකියාව වැඩි බව ඇමරිකා එක්‌සත් ජනපදයේ කැලිෙµdaනියා සරසවියෙහි පර්යේෂකයින් පිරිසක් පෙන්වා දී තිබේ. එම පර්යේෂකයින්ට අනුව වසර පහක කාලයක් තුළදී කාන්තාවන් වැඩි වශයෙන් මානසික ව්‍යාකූල තත්ත්වයන්ට මුහුණ පෑවහොත් එය ඔවුන් තරබාරු වීම කෙරෙහි වැඩි බලපෑමක් එල්ල කරයි. කැලිෙµdaනියා සරසවියෙහි පර්යේෂකයින් පිරිස කාන්තාව - තරබාරු බව - මානසික ආතතිය යන කරුණු අතර සම්බන්ධතාවය අධ්‍යයනය කළ ප්‍රථම පර්යේෂකයින් පිරිස අතරට එක්‌ව ඇති අතර මෙම පර්යේෂකයින්ට අනුව ඇමරිකා එක්‌සත් ජනපදයේ කාන්තාවන්ගෙන් සියයට 67 ක් පමණ තරබාරු හෝ අධි බරැති වන අතර ඇමරිකානු වැඩිහිටියන්ගෙන් සියයට 70 ක් පමණම තම ජීවිතය තුළ දී කුමන හෝ මානසික ව්‍යාකූලතා තත්ත්වයකට මුහුණපානු ලබති. කාන්තාවන් අධික මානසික ආතතිය ඇතිවීමට හා තරබාරු වීමට වැඩි ප්‍රවණතාවයක් දැක්‌වීම හේතුවෙන් එම කරුණුවල සම්බන්ධතාවය ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු බව පර්යේෂණය මෙහෙය වූ වෛද්‍ය මිචෙල් ඒ ඇල්බට් ප්‍රකාශ කර තිබේ. වෛද්‍ය ඇල්බට්‌ට අනුව මානසික ආතතිය චර්යාවට බලපානු ලබයි. ඒ අනුව චර්යාත්මක වෙනස්‌වීම් වශයෙන් වැඩිපුර ආහාර ගැනීමට හෝ අඩුවෙන් ආහාර ගැනීමට පෙලඹෙන අතර මෙම තත්ත්වය මත ශරීරයේ බර වැඩිවීමට හේතු වන හෝමෝනයක් වන කෝටිසෝල් නිෂ්පාදනය වැඩිවීම සිදුකෙරේ. මෙම පර්යේෂණය සඳහා වෛද්‍ය ඇල්බට් හා ඇයගේ සහායකයින් මැදිවියෙහි හා වයස්‌ගත කාන්තාවන් 22,000 ක් පමණ දෙනා යොදා ගෙන ඇති අතර මොවුන් මානසික ව්‍යාකූලතා තත්ත්වය මත හා වයස හේතුවෙන් තරබාරු බවට ලක්‌වීමේ වැඩි අවදානමක් පවතින බව ඇය සඳහන් කරන්නීය. මෙම පර්යේෂණයට භාජනය කළ කාන්තාවන්ගෙන් 1/4 ක්‌ම තරබාරු තත්ත්වයේ පසුවන බව අනාවරණය වී තිබේ. මෙම පර්යේෂණයේදී ජීවිතයේ එක් මානසික ආතතියට හේතු වන සිදුවීමක් තරබාරු බවට පත්වීමේ අවදානම සියයට 11 කින් වැඩි කරන අතර ජීවිතයේ මානසික ආතති සිදුවීම් හතරක් හෝ එයට වැඩි ගණනක් ඇතිවීම තරබාරු විමේ අවදානම සියයට 36 කින් වැඩිකරන බව හෙළිවී තිබේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Dec 2017 05:05 PM එළවළු පලතුරු බහුල ආහාර වේලකින් අධි රුධිර පීඩනය පහළට මෙම අධ්‍යයනයෙන් රෝගීන්ට ලබාදිය හැකි වැදගත්ම පණිවිඩය වනුයේ අඩු ලුණු සහිත සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීමෙන් ඔවුනට දිගු කලක් තම දිවිය පවත්වාගෙන යා හැකි බවයි අඩු ලුණු, අඩු මේදය යෙදූ එළවළු හා පලතුරු බහුල ආහාර වේලක් ආහාරයට ගැනීමෙන් සති හතරක කාලයකට පසු බෙහෙත්වලට වඩා අධි රුධිර පීඩනය (හයිබ්ලඩ් ප්‍රෙෂර්) අඩු කර ගත හැකි බව ඇමරිකා එක්‌සත් ජනපදයෙහි හාවඩ් වෛද්‍ය විද්‍යාලය මගින් සිදුකරන ලද අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ. මෙම අධ්‍යයනයට අනුව එළවළු හා පලතුරු බහුලව අඩංගු ලුණු අඩුවෙන් යෙදූ හා අඩු මේදය සහිත කිරි එක්‌කර ගත් ආහාර වේලක් ආහාරයට ගැනීමෙන් සති හතරක කාලයකට පසු අධි රුධිර පීඩන මට්‌ටම දළ වශයෙන් මිලිලීටර් 21 කින් අඩුකරගත හැකිය. දැනට අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නන් සඳහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන බොහෝ බෙහෙත් වර්ගවලට අධි රුධිර පීඩන මට්‌ටම අඩු කළ හැක්‌කේ මිලි ලීටර් 10 ත් 15 ත් අතර ප්‍රමාණයකින් බව අනාවරණය වී ඇති අතර එම බෙහෙත් ගැනීමෙන් පසු හිසරදය, ක්‌ලාන්තය වැනි අතුරු ආබාධ තත්ත්වයන් පුද්ගලයන් තුළ හට ගන්නා බව පෙනීගොස් තිබේ. මෙම අධ්‍යයනය මෙහෙයවූ වෛද්‍ය ලෝරන්ස් ඇප්පෙල්ට අනුව මෙම අධ්‍යයනයේදී පර්යේෂකයින් විසින් උත්සාහ දරා ඇත්තේ පෝෂ්‍යදායී ආහාර වේලක් හරහා බෙහෙත්වලට වඩා වැඩි ප්‍රමාණයකින් අධි රුධිර පීඩන මට්‌ටම අඩුකරගත හැකි අයුරු විමසා බැලීමටය. මෙම අධ්‍යයනයෙන් රෝගීන්ට ලබාදිය හැකි වැදගත්ම පණිවිඩය වනුයේ අඩු ලුණු සහිත සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීමෙන් ඔවුනට දිගු කලක් තම දිවිය පවත්වාගෙන යා හැකි බවයි. ඇමරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය දැනටමත් අවම වශයෙන් අධි රුධිර පීඩන මට්‌ටම මිලි මීටර් 3-4 ප්‍රමාණයකින් අඩු කළ නොහැකි බෙහෙත්වලට අනුමැතිය ලබා නොදේ. මෙම අධ්‍යයනයේදී පර්යේෂකයින් විසින් පළමු අදියරේ අධි රුධිර පීඩනයෙන් පෙළෙන එම රෝග තත්ත්වය සඳහා බෙහෙත් ලබා නොගන්නා පුද්ගලයන් 412 දෙනෙකු අධීක්‍ෂණයට ලක්‌කර ඇත. මෙම පුද්ගලයින්ගෙන් කොටසකට අධ්‍යයනය පැවැති කාල සීමාව තුළදී අධි රුධිර පීඩනය නැවැත්වීම සඳහා ඉලක්‌ක කර ගත් ආහාර වේලක් එනම් අධික පලතුරු, එළවළු, හා අඩු මේදය සහිත කිරි ආහාර (සංතෘප්ත මේදය ඉතා අඩු) බහුල ආහාර වේලක් ගැනීමට සලස්‌වා ඇති අතර ඉතිරි කොටසට සාම්ප්‍රදායික ඇමරිකානු ආහාර වේලක් ගැනීමට සලස්‌වා තිබේ. මෙම සෑම අයෙකුටම තේ හැඳි එකක් හෝ දෙකක් පමණ වන ලුණු ප්‍රමාණයක් එකිනෙකාට වෙනස් වන අයුරින් ආහාරයට එක්‌කර ලබා දී ඇති අතර එය සති හතරක කාලයක් ගැනීමට සලස්‌වා තිබේ. මෙහිදී ඇමරිකා එක්‌සත් ජනපදය තුළ හෘද රෝග හා ආඝාතය (ස්‌ට්‍රොaක්&zwnj සඳහා ඇති අවදානම අඩුකරලීමේ නිර්දේශිත ලුණු ප්‍රමාණය එක් තේ හැන්දක් වේ. මෙම අධ්‍යයනයෙහි ප්‍රතිඵලයට අනුව එයට සහභාගි වූවන්ගෙන් අධි රුධිර පීඩන මට්‌ටම ඉහළ අගයක පැවැති අයගේ රුධිර පීඩන මට්‌ටම ඉහත කී ආහාර වේල ලබා ගැනීමෙන් පසුව සති හතරක කාලය තුළදී මිලිමීටර් 21 කින් අඩුවී තිබී ඇත. ඇමරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය විසින් අනුමත කරන ලද අධි රුධිර පීඩනය මර්දනය සඳහා ලබා දෙන බෙහෙත් වර්ගවලින් රුධිර පීඩන මට්‌ටම අඩු කරලනුයේ මිලිමීටර් 3 - 4 අතර ප්‍රමාණයකින් බව හෙළිවී තිබේ. එමෙන්ම ඒ සී ඒ ඉන්හිබිටර්ස්, කැල්සියම් බ්ලොකර්ස් හා බීටා බ්ලොකර්ස් වැනි බෙහෙත් වර්ගවලින් අධි රුධිර පීඩන මට්‌ටම අඩු කර ගත හැක්‌කේ මිලිමීටර් 10 - 15 අතර ප්‍රමාණයකින් බව ද හෙළි වී ඇත. මෙම අධ්‍යයනයට සහභාගි වූ අඩු රුධිර පීඩනයක් පැවැති අයගේ රුධිර පීඩන මට්‌ටමද අධ්‍යයනයෙන් පසු මිලිමීටර් 5 ත් 10 ත් අතර ප්‍රමාණයකින් අඩුවී තිබී ඇත. මෙම අධ්‍යයනයෙහි වාර්තාව ඇමරිකානු හෘද රෝග සංගමයේ සඟරාවෙහි පළකර ඇත. සංස්‌කරණය - ඒමන්ති මාරඹේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Dec 2017 05:13 PM වකුගඩු ඔබට වැදගත් වන්නේ ඇයි? වකුගඩු * ශරීරයේ ඇති අපද්‍රව්‍ය මුත්‍රා මගින් ඉවත් කරයි. * රුධිර පීඩනය පාලනය කරයි. * රුධිරයේ සංයුතිය පාලනය කරයි. * අස්‌ථිවල පැවැත්මට දායක වේ. නිදන්ගත වකුගඩු රෝගයට හේතුකාරක මොනවාද? * කෘෂි රසායන ද්‍රව්‍ය මුසු වූ ආහාර හා ජලය පරිභෝජනය. * දියවැඩියාව, අධි රුධිර පීඩනය සඳහා නිසි ප්‍රතිකාර නොගැනීම. * මද්‍යසාර හා දුම්වැටි භාවිතය * දිනපතා බීමට ගන්නා ජලය ප්‍රමාණය අඩුවීම * සර්ප දෂ්ට කිරීම හා වස විස පානය * මී උණ රෝගය (ලෙප්ටොස්‌පයිරෝසිස්&zwnj * වේදනා නාශක ඖෂධ වර්ග වෛද්‍ය උපදෙස් වලින් තොරව භාවිතය වකුගඩු රෝගයෙන් වැළකීමට නම් පිරිසිදු ජලය බීමට හා ආහාර පිසීමට භාවිතා කරමු. දිනකට300 මි.ලි Ü 10 වරක් නිතර නිතර දවස පුරා ජලය පානය කරමු දිනකට වැඩිහිටියකුට අවම ලීටර් 3 ක් (මිලී ලීටර් 3000 ක් වත්) හේනට, කුඹුරට, වැඩබිමට හා පාසලට යන විට බීමට ජලය නිවසින් රැගෙන යමු. කෘෂි රසායන භාවිතය අඩු කරමු වස විසෙන් තොරව ගෙවත්තෙන් ලබා ගන්නා එළවළු, පලා වර්ග හා පලතුරු ආහාරයට ගනිමු දියවැඩියාව හා රුධිර පීඩනයට නිසි ලෙස ප්‍රතිකාර ගනිමු දුම්වැටි හා මද්‍යසාර භාවිතයෙන් වළකිමු වේදනා නාශක පෙති වෛද්‍ය උපදෙස් මත පමණක් ගනිමු ඕනෑම සර්පයකු දෂ්ට කල විට ප්‍රතිකාර සඳහා වහාම ළඟම ඇති රජයේ රෝහලට යමු වකුගඩු විනාශ කරන වැරදි ආහාර පුරුදුවලින් ඈත් වෙමු. (ලුණු, තෙල්, සීනි, භාවිතය අඩුකරමු.) ආහාර පිසීමට හැකි සෑම විටකම මැටි බඳුන් භාවිත කරමු. අලුතින් මිලදී ගන්නා විට මැටි බඳුන් පමණක්‌ම ගනිමු. කෘෂි රසායන භාවිතයේදී පහත කරුණු ගැන ඔබගේ අවධානය යොමු කරන්න. * හැකි සෑම විටම කෘෂි රසායන භාවිතය අඩු කරන්න. කාබනික පොහොර භාවිතයට හුරු වන්න. * කෘෂි රසායන මිශ්‍ර කිරීමේදී සහ ඉසීමේදී ආරක්‌ෂිත ඇඳුම් ඇඳගන්න. (මුව වැසීම, දෙපා, දැත් ආවරණ) *ඉසීම සිදු කරන පුද්ගලයා සුළඟේ දිසාවට ප්‍රතිවිරුද්ධව සිට ගනිමින්, කෘෂි රසායන සුළඟේ දිසාවට ඉසින්න. * කෘෂි රසායන ඉසීමේ උපකරණ වැච්, ඇළ දොළ, ගංගා හා වක්‌කඩ වලින් සේදීමෙන් වළකින්න. * ඉවතලන කෘෂි රසායන බෝතල් හා ඇසුරුම් ආරක්‌ෂාකාරී ලෙස වළලන්න. * කෘෂි රසායන ඉසීමෙන් පසු සබන් ගා නා හොඳින් පිරිසිදු වන්න. වකුගඩු රෝගය සඳහා ක්‍රමවත් ප්‍රතිකාර ඇත. කලින් හඳුනා ගැනීමෙන් වකුඩු රෝගය පාලනය කරගත හැකිය. * වකුගඩු රෝගය කලින් හඳුනා ගැනීම (sජරුeබසබට) සඳහා ළඟම ඇති රෝහල හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත යොමු වන්න. * මේ සඳහා යොමු විය යුතු පුද්ගලයින්. * ඔබ වකුගඩු රෝග අවදානම සඳහා හඳුනාගත් ප්‍රදේශයක ජීවත්වන වයස අවු( 10 ට වැඩි අයෙක් නම්... * ඔබගේ පවුලේ අයකුට වකුගඩු රෝගය තිබේ නම් * ඔබගේ පවුලේ අයකුට වකුගඩු රෝගය තිබුණේ නම් * ඔබගේ පවුලේ අයකු වකුගඩු රෝගයෙන් මිය ගියේ නම්. ඔබේ ජීවිතය රැක ගන්න... වකුගඩු සුරකින්න. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 03 Dec 2017 05:22 PM වකු ගඩු කියන්නෙ හදවත වගෙම වැදගත් ඉන්ඩ්‍රියක් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 04 Dec 2017 04:46 PM දරුවන්ගේ කැස්‌සට සිරප් එපා: මීපැණි, ලෙමන් යුෂ දෙන්න - බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙක් කියයි කැස්‌ස සඳහා ලබාදෙන බටහිර සිරප් වර්ග අධි මාත්‍රාවක් ගැනීමෙන් ළදරුවන්ට සිදුවන විෂ වීම් වැඩිවෙමින් පැවතීම හේතුවෙන් මින් ඉදිරියට සිරප් වර්ග වෙනුවට පැරණි සාම්ප්‍රදායික ක්‍රමයට අනුව මීපැණි හා ලෙමන් යුෂ කැස්‌ස, සෙම්ප්‍රතිෂ්‍යාව වැනි රෝග සඳහා ළදරුවන්ට ලබාදීමට පියවර ගත යුතු බව එක්‌සත් රාජධානියේ ප්‍රධාන පෙළේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන ළමා රෝග හා ළමා සෞඛ්‍ය පිළිබඳ රාජකීය වෛද්‍ය සංගමයේ සාමාජික වෛද්‍ය ඔලිවර් බෙවින්ටන් මහතා විසින් ප්‍රකාශ කර තිබේ. දැනට කැස්‌ස සඳහා නිපදවා ඇති සිරප් වර්ග කැස්‌ස හා ඒ ආශ්‍රිත රෝගාබාධවලට ගුණදායක බවට තහවුරු වී නැති බවත් ඒවායින් ළමුන්ට හොඳට වඩා සිදුවනුයේ නරකක් බවත් වෛද්‍ය බෙවින්ටත් මහතා පවසයි. දරුවන්ට ඇතිවන කැස්‌ස හා සෙම්ප්‍රතිෂ්‍යාව විවේකය, වැඩි වශයෙන් දියර පානය කිරීමට ලබාදීම හා අවශ්‍ය නම් පැරසිටමෝaල් වැනි වේදනා නාශකයක් හරහා මගහරවා ගත හැකි බව ද ඔහු සඳහන් කර ඇතැයි එක්‌සත් රාජධානියේ "ද ටෙලිග්‍රාෆ්" පුවත්පත වාර්තා කරයි. ඒමන්ති මාරඹේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 04 Dec 2017 04:52 PM කනට දරුණු හානි සිදුකරන කොට්‌න් බඩ් නයිස් ආයතනය මගින් සකස් කර ඇති මාර්ගෝපදේශන මාලාව අනුව කන් කුහරය තුළ ඇති කලාඳුරු ඉවත් කිරීම ඉබේම සිදු විය යුතු ක්‍රියාවක් වන අතර එකතු වන අමතර කලාඳුරු ප්‍රමාණය කන විසින්ම ඉබේම ඉවත් කර යවනු ඇත කන්වල බැඳී ඇති කලාඳුරු ඉවත් කිරීම සඳහා කොට්‌න් බඩ් එකක් කන තුළට ඇතුළු කළ විට කලාඳුරු ඉවත් වීම වෙනුවට සිදු වනුයේ කලාඳුරු තවත් කන ඇතුළතට තල්ලු වීම බව පෙන්වා දෙන එම ආයතනය එම බඩ් හරහා කනට හානි වීම හැරෙන්නට එය භාවිත කරන්නට කිසිදු වාසියක් අත් නොවන බව අවධාරණය කර සිටී කන්වල බැඳී ඇති කලාඳුරු (වැක්‌ස්&zwnj ඉවත් කිරීම සඳහා බොහෝ දෙනා භාවිත කරනු ලබන පුළුන් යෙදූ ඉරටු විශේෂය හෙවත් "කොට්‌න් බඩ්" කන් කුහරයට හා කන් බෙරය කොටසට (ඉයර් ඩ්‍රම්) හානි සිදු කරන බැවින් ඒවා කන් ශුද්ධ පවිත්‍ර කිරීමට කිසිසේත් නුසුදුසු බව බටහිර සෞඛ්‍ය ආයතනයක් වන සෞඛ්‍ය හා රැකවරණය පිළිබඳ ජාතික මධ්‍යස්‌ථානය (නයිස්&zwnj උපදෙස් නිකුත් කර තිබේ. කන්වල බැඳී ඇති කලාඳුරු ඉවත් කිරීම සඳහා කොට්‌න් බඩ් එකක් කන තුළට ඇතුළු කළ විට කලාඳුරු ඉවත් වීම වෙනුවට සිදු වනුයේ කලාඳුරු තවත් කන ඇතුළතට තල්ලු වීම බව පෙන්වා දෙන එම ආයතනය එම බඩ් හරහා කනට හානි වීම හැරෙන්නට එය භාවිත කරන්නන්ට කිසිදු වාසියක් අත් නොවන බව අවධාරණය කර සිටී. කොට්‌න් බඩ් හරහා කන්වල ඇති කලාඳුරු පහතට තල්ලු වී යැම මෙන්ම කනෙහි ආසාදනයන් ඇති වීම සිදු විය හැකි බව එම ආයතනය කියයි. සෞඛ්‍ය වෘත්තිකයින්ට මාර්ගෝපදේශන මාලාවන් සකස් කරනු ලබන නයිස් ආයතනයට අනුව කන් තුළ කලාඳුරු ඝන වී තිබෙන අවස්‌ථාවකදී එම කලාඳුරු ඉවත් කිරීම සඳහා දැනට වෛද්‍යවරුන් හා රෝහල් විසින් බහුලව භාවිත කරනු ලබන එම ඝන වූ කලාඳුරු දිය කර හැරීමට කන තුළට ජලය මුදා හරිනු ලබන විශාල ප්‍රමාණයේ ලෝහමය සිරින්ජරයද (මෙටල් සිරින්ඡ්) කනට හානි කර බැවින් එයද භාවිතයෙන් ඉවත් කළ යුතුව ඇත. නයිස් ආයතනය මගින් සකස් කර ඇති මාර්ගෝපදේශන මාලාවට අනුව කන් කුහරය තුළ ඇති කලාඳුරු ඉවත් කිරීම ඉබේම සිදු විය යුතු ක්‍රියාවක් වන අතර එකතු වන අමතර කලාඳුරු ප්‍රමාණය කන විසින්ම ඉබේම ඉවත් කර යවනු ඇත. කෙසේ වුවද කන්වල ඇති කලාඳුරු ඉවත් කිරීමට අවශ්‍ය නම් ෆ්ලැනල් රෙදි කැබැල්ලක් ඒ සඳහා භාවිත කළ හැකි බව එම ආයතනය කියයි. දැනට කලාඳුරු ඉවත් කිරීම සඳහා කනට ජලය මුදා හරිනු ලබන මෙටල් සිරින්ඡ් නමැති ලෝහමය සිරින්ජරය හරහා රෝගියාට දැඩි මානසික අසහනකාරී තත්ත්වයක් උදා කරන නිසා ඒ වෙනුවට "ඉයර් ඉරිගේෂන්" නමැති කනෙහි කලාඳුරු දිය කරලීම සඳහා ජලය ආරක්‌ෂිත ලෙස කන තුළට යොමු කරනු ලබන ඉලෙක්‌ට්‍රොනික යන්ත්‍රයට අඩු පීඩනයක් යටතේ ජලය ආරක්‌ෂිතව කනට මුදා හැරී මටත් එයින් කනෙහි කලාඳුරු ඉවත් කිරීමටත් හැකි බව විශේෂඥයින්ගේ මතයයි. කොට්‌න් බඩ්වල පවතින ප්ලාස්‌ටික් ආධාරක කොටසද විද්වතුන්ගේ මතභේදයට ලක්‌ව ඇති අතර එම කොටස් මේ වන විට බටහිර රටවල වෙරළබඩ ප්‍රදේශවල පවතින ප්‍රධාන පෙළේ ප්ලාස්‌ටික් අපද්‍රව්‍ය බවට පත් වී තිබේ. කන තුළ පවතින කලාඳුරු සැහැල්ලු තත්ත්වයට පත් කිරීම සඳහා කන්වලට කන් බිංදු (ඉයර් ෙඩ්‍රාප්) යෙදිය හැකි බව වෛද්‍ය විශේෂඥයෝ පවසති. මෙම මාර්ගෝපදේශන මාලාව ලබන ජනවාරි මැද භාගය දක්‌වා විශේෂඥයින්ගේ අධීක්‌ෂණය සඳහා යොමු කර තිබේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 04 Dec 2017 05:00 PM ඇතැම් පිළිකා බෙහෙත්වලින් අධි රුධිර පීඩනය පාලනය වේ අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නන්ට එම රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා ලබාදෙන බෙහෙත් මගින් නීරක්‌තිය, මළබද්ධය හා හිසරදය වැනි අතුරු ආබාධ හට ගන්නා අතර ඇතැම් පිළිකා බෙහෙත්වලට එම අධි රුධිර පීඩන බෙහෙත්වලට වඩා පටකවල රුධිර සැපයුම කපා හැර රුධිර පීඩන මට්‌ටම අඩුකරලීමට හැකිය පිළිකාවන්ට ප්‍රතිකාර සඳහා යොදා ගන්නා ඇතැම් බෙහෙත් වර්ගවලින් අධි රුධිර පීඩනය (හයිබ්ලඩ් ප්‍රෙෂර්) අඩු කිරීමට හැකියාව ඇති බව ඇමරිකා එක්‌සත් ජනපදයේ වොෂිංටන් හි පොප් ටවුන් සරසවියේ වෛද්‍ය මධ්‍යස්‌ථානයට අයත් පර්යේෂකයින් පිරිසක් විසින් අනාවරණය කර ගෙන තිබේ. මෙම පර්යේෂණය මෙහෙයවූ වෛද්‍ය ඇන්ටන් වෙල්ස්‌ටයින්ට අනුව දැනට අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නන්ට එම රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා ලබාදෙන බෙහෙත් මගින් නීරක්‌තිය, මළබද්ධය හා හිසරදය වැනි අතුරු ආබාධ හට ගන්නා අතර ඇතැම් පිළිකා බෙහෙත්වලට එම අධි රුධිර පීඩන බෙහෙත්වලට වඩා පටකවල රුධිර සැපයුම කපා හැර රුධිර පීඩන මට්‌ටම අඩුකරලීමට හැකිය. මෙසේ එක් රෝග තත්ත්වයකට භාවිත කරන බෙහෙත් වර්ගයක් තවත් රෝග තත්ත්වයකට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගත හැකිවීම දුර්ලභ සිද්ධියක් බවද වෛද්‍යවරයා සඳහන් කර සිටියේය. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Dec 2017 01:42 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Dec 2017 01:43 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Dec 2017 01:43 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Dec 2017 01:44 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Dec 2017 01:45 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Dec 2017 01:46 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Dec 2017 02:03 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 06 Dec 2017 03:23 AM බඩ අඩුකරගන්න නම් මේ තුන කරන්නම වෙනවා උදරය එහෙමත් නැත්නම් බැලුමක් වගේ ඉදිරියට නෙරා ආව බඩ නිසා තියන අපහසුතාවය ගැන හරියටම දන්නේ බඩ වැඩි අයම තමයි. කවුරු කවුරුත් දන්න විදිහට ඇදුමක් ඇන්දම සිද්ධ වෙන පෙනුමෙ වෙනස පහත් වෙලා සපත්තු ලේස් ගැටගහගන්න බෑ වගේ බඩ නැති අය බඩ ගැන දන්න කතා වලට වඩා හුගාක් වෙනස් අත්දැකීම් ටිකකට බඩ තියන උදවියට එදිනෙදා මුහුණ දෙන්න වෙනවා. හොදට හැඩට ඇග නඩත්තු කරපු උදවියටත් කාලයක් යනකොට මුහුණ දෙන්න වෙන මේ බඩ ඉදිරියට නෙරා ඒම නිසා අපේ මුළු ජීවිතයම අනික් පැත්ත හැරෙනවා. හොද විමසිල්ලෙන් බලන්න. එහෙම නැත්නම් හිතන්න. බඩ ඉදිරියට නෙරා ඒම හින්දා අපේ ඇදුම් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඇගට හිර හැඩ ඇදුම් වලින් අපි ඈත් වෙනවා. අපි ඇවිදින විදිහ වෙනස් වෙනවා. බඩත් එක්ක ලෙඩ ටිකකුත් අපේ ජීවිතේට එන්නේ අපි නොදැනිමයි. අපිට කරදරයක් වෙන බඩ අඩුකරගන්න අපිට බැරි ඇයි? ඇත්තටම මෙන්න මේකට හරි උත්තරේ හොයාගන්න බැරි නිසයි හුග දෙනෙක් තාම බඩ නිසා දුක් විදින්නේ. බඩ අඩුකරගන්න නම් ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕන බඩ ඇතිවෙන්නේ කොහොමද කියලා. උදරය ඉදිරියට නෙරා ඒම ගැන කරුණු කාරණා හොයන මේ ගැන විශේෂඥ දැනුම තියන කාය වර්ධක උපදේශකයන් වගේම සෞඛ්‍ය අංශවල විද්වතුන් පෙන්වාදෙන විදිහට බඩ ඇතිවෙන්න හේතුවෙන කාරණා 3 ක් තියනවා. 01 බඩේ ගෑස් කාර්යබහුල ජීවිත රටාවත් එක්ක අපේ කෑම රටාව වෙනස් වෙලා. ක්ෂණික කෑම වගේම පිටි සහිත කෑම අපි නිතරම කනවා. තෙල් මිරිස් දාපු කෑමත් රසට කෑවට ඒ විදිහට නිතර කෑම ගන්න කොට ඒක ආමාෂයට බලපාන්නේ නරක විදිහට. කන උදවිය ඒ විදිහේ කෑම ගනිද්දි තව සමහරු වෙලාවට කන්නෙම නෑ. මෙන්න මේ වගේ නරක ආහාර පුරුදු නිසා දන්නෙම නැතුව ටික දවසකින් බඩේ ගෑස් හැදෙනවා. ගෑස් වලට එවෙලට මොනවා හරි තාවකාලික ප්‍රතිකාරයක් කරගන්න අපි කවදාවත් අපේ කෑම පුරුදු නම් වෙනස් කරගන්න උනන්දුවක් නෑ. අන්තිමට වෙන්නේ බඩේ ගෑස් නිසා දැනෙන අපහසුතාවය ගෑස් තියන උදවියට මුල්කාලෙ තියන දැවිල්ලට අමතරව ටික කාලෙකදි බඩ පුරවාලා දැම්මා වගේ අපි කීමට කියන අපහසුතාවය ඔක්කාර වගේ අපහසුතා පහල වෙනවා. බඩ බැලුමක් වගේ කාලයත් එක්ක පොඩ්ඩ පොඩ්ඩ පිම්බෙන්න පටන් ගන්නේ මෙන්න මේ විදිහට තමයි. වෙන විදිහකින් කිව්වොත් බඩ ලොකු වෙන බව දැනෙන ඒත් අපි ගනන් නොගන්න පළවෙනි දැනුම් දීම බඩේ ගෑස්. 02 එදිනෙදා කෑම සහ ව්‍යායාම අපේ බඩ වැඩි වෙන්න හේතුවෙන ප්‍රධානතම කාරණාවක් තමයි එදිනෙදා කන තෙල් වැඩි කෑම. ගෙදරදි කන කරවල කෑල්ලේ ඉදලා එලියෙදි කන රසම රස ෆ්රායිඩ් චිකන් කෑලි දක්වා දවසකට කොයිතරම් නම් තෙල් කෑම කනවද? රෑ ඉස්සර උදවිය තෙල් කෑම කෑවට ඇග මහන්සි කරලා වැඩ කලා. එහෙම නැත්නම් වත්තෙ පිටියේ වැඩක් හරි කලා. රස්සාවට හිරවෙලා පර්චර් 5 ගෙවල් හදාගෙන කාර්යබහුල ජීවිත ගෙවන අපිට මොන ඇග මහන්සි වෙන වැඩද? ව්‍යායාම කරන්නවත් කෝ වෙලාවක්. ඒ විතරක් නම් කමක් නෑ. අපේ තියන කඩි මුඩිකම් වල හැටියට අඩියක් වත් පයින් යන්න හිතන්නෙත් නෑ. වාහන තියන උදවිය එදිනෙදා ජීවිතයේ හැම වැඩක්ම සැප පහසුවට වාහන වලින් කරද්දි අනෙක් හුග දෙනෙක් පොඩි දුර යන්නෙත් ටැක්සි එකක. අන්තිමට වෙන්නෙ එදිනෙදා කන කෑම වල තියන මේදය අපේ සිරුරට අවශෝෂණය වෙන එක. මේද තැන්පත්වීමේදී සිරුරේ අනෙක්සා ඉන්ද්‍රියන්ට සාපේක්ෂව උදරය ඇතුළෙ මේදය තැන්පත් වීමේ ප්‍රමාණාත්මක අගය ඉතාම ඉහලයි. අන්න ඒ වගේ උදවියගේ තමයි ඇගට වඩා උදරය ලොකු ශරීර ලක්ෂණ තියෙන්නේ. වෛද්‍ය විද්යාත්මකව Central Obesity කියලා හදුන්වන මේ තත්වය තියන අය දැක්ක ගමන් අදුනගන්න පුළුවන්. 03 තැන්පත් මේද තට්ටුව බඩ අඩුකරගන්න කියලා විවිධ දේවල් කරලා දවස් දෙක තුනෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන උදවිය දැනගන්න ඕනම කාරණාව තමයි ඔය ලොකු වෙලා තියන බඩ එක දවසකින් ඇති වෙච්ච එකක් නොවන බව කාලයක් තිස්සේ ඔබ ගන්න ආහාර වල තියන මේද තට්ටුව ටික ටික තැන්පත් වීමේ ප්‍රතිඵලය තමයි ඔය උජාරුවට උස්සන් ඉන්න බඩ. අන්න ඒ නිසා කාලයක් තිස්සේ තැන්පත් වෙලා තියන මේද තට්ටුව දවස් කීපයකින් අඩුකරන්න බෑ. ඒක තමයි ඇත්ත. ඒ වෙනුවෙන් ටික දවසක් ඔබට මහන්සි වෙන්නම වෙනවා. බඩ අඩුකරගන්නවා කියන දැඩි අධිෂ්ඨානයෙන් වැඩේ පටන්ගන්න. තෙල් පිටි සහ සීනි අධික කෑම පාලනය කරගන්න. එදිනෙදා ව්‍යායාම කරන අතරේ බඩටත් දැනෙන්නම ව්‍යායාම කරන්න. රෑට කන ප්‍රමාණය අඩුකරගන්න. මේ විදිහට ඔබ වැඩේ පටන් ගන්න කාලයක් තිස්සේ තැන්පත් මේද තට්ටුව දහනය වෙන වෙනස ටික දවසකින්ම ඔබට දැනෙන්න ගනිවී. ඔය ඉහතින් කිව්ව පියවර 3 ටඋත්තර දෙන්න පුළුවන් බඩ අඩුකරගෙන ලෙඩ අඩු සැහැල්ලු ජීවිතයකට ඔබට ඉක්මනින්ම යන්න පුළුවන්. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 06 Dec 2017 03:31 AM මද සරු බවට ප‍්‍රතිකාර නැද්ද විවාහක යුවළකට දරුවකු පමාවීම ගෙන එන්නේ තදබල කනස්සල්ලකි. අඹුසැමි දෙදෙනාම නීරෝගී බව පෙනුණ ද දරුවන් පමා වනවිට එම යුවළ පමණක් නොව ඔවුන්ගේ දෙමාපියන් ද ඇතැම් විට කලබල වෙති. තමන්ට දරුඵල නොමැතිවේ ද යන භීතිය සහ අවට පුද්ගලයන්ගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ මානසික අසහනය හා ආතතිය හේතුවෙන් ඔවුන්ට තව තවත් දරුවන් ලැබීම ප‍්‍රමාදවීම සිදුවේ. මෙවැනි යුවළ කට කිසිදු දෝෂයක් නොමැති හෙයින් සුළු ප‍්‍රතිකාර කිරීමෙන් පසු දරුවන් ලැබීම වේ. එහෙත් සමහරුන්ට ඖෂධ භාවිතා කළ ද දරුවන් නොලැබී යයි. දරුවකු සෑදීම සඳහා මුල්වන කළලය සෑදෙන්නේ පිරිමියකුගේ ශුක‍්‍රාණුවක් හා ගැහැනියකගේ ඩිම්බයක් එක්වීමෙන් බව අපි දනිමු. මේ අනුව කළලය ඇති වීම සඳහා දෙදෙනාගේම වගකීම 50% බැගින් වුව ද එය සෑදුණු මොහොතේ සිට දරුවා බිහි වීම දක්වා සියලූ කාර්යයන් සිදු කරන්නේ කාන්තාවගේ සිරුර තුළ බැවින් දරුවන් පමාවන විට සියලූ දෝෂාරෝපණවලට ලක්වෙන්නේ කාන්තාවන්ය. ආයුර්වේද මතයට අනුව දරුවකු නොලැබීමට ප‍්‍රධාන වශයෙන් සාධක 4ක් බලපායි. එනම්, 1. ඍතු 2. ක්ෂේත‍්‍ර 3. අම්බු 4. බීජවල විකෘති මීට අමතරව අද සමාජය තුළ ඇති කාර්යබහුලතාවය, ඒ තත්ත්වය නිසා කඩ කෑමවලට පුරුදුවීම, නිසි වයස පසුවනතුරු විවාහයක් සිදු නොවීම, විවාහයෙන් පසු වුව ද රැුකියාව නිසා දෙදෙනා තැන් දෙකක විසීම, රැුකියාවල ස්වභාවය යන හේතූන් මත දරුවන් නොමැති වීම සහ දරුඵල පමා වීම සිදුවේ. මෙම හේතූන් තත්ත්වය සඳහා චිකිත්සාව හේතු අනුකූලව යෙදිය යුතුය. ආයුර්වේද චිකිත්සාව අනුව, ශෝධන, ශමන, තර්පණ මූලධර්ම යටතේ චිකිත්සාව කළ යුතුය. පර්යේෂණ මට්ටමින් දෝෂය ස්ත‍්‍රියගේ ද පුරුෂයාගේ ද නිරීක්ෂණය කළ පසු ඖෂධ යෙදීම සිදු කරයි. මේ ප‍්‍රතිකාරවලදී පත්‍යා පත්‍ය රැුකීම ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුමය. ඒ සඳහා අප දෙන උපදෙස් නිසි ආකාරවම පිළිපැදීමට රෝගියා සතු වගකීමක් මෙන්ම යුතුකමකි. කේ. ඉන්ද්‍රජිත් පීරිස් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 06 Dec 2017 03:45 AM සම රැකගන්න බෙහෙත් වට්ටෝරු කිහිපයක් පංච කල්‍යාණිය අතුරින් යුවතියන් වන ඔබට වැදගත්ම වන්නේ ඡුවි කල්‍යාණයයි. මන්දයත් රූපලාවන්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන යුවතියන් බොහෝ විට රැකගැනීමට අලංකත්ව පවත්වා ගැනීමට උනන්දුවන්නේ මෙම කොටසයි. එයිනුත් සම යනු ශරීරයේ විශාලම කොටසක් නමුත් ඔබ අවධානය යොමු කරන්නේ මුහුණේ සම පිළිබඳව පමණි. ක‍්‍රමානුකූලව පවත්වා ගැනීමෙන් පැහැපත් සමක් ලබාගත හැක. ඔබගේ ශරීරයේ සම මහපොළවට උපමා කළහොත් එයට නිවැරදි පැවැත්මට කලට වේලාවට ලැබිය යුතු මෙන්ම සමෙහි ආරක්ෂාවට ද ශරීරයට වයසට බරට ගැළපෙන ප‍්‍රමාණයට ජලය ලබාදිය යුතුය. නැති නම් නියං කාලවලට මෙන් සම ඉරිතැලී වියළී යයි. මහපොළවේ වැවෙන ගස්වල මනා වර්ධනයට පොහොර ලබා දෙන්නා ලෙස සමෙහි මනා නිරෝගීතාව අප පෝෂ්‍යදායී ස්වභාවික ආහාර පාන එළවළු පලතුරු ලබාගන්නා අතර බාහිරට ද පෝෂණ සත්කාර කළ හැක. අප ගෙවත්ත එළිපෙහෙළි කරන විට අනවශ්‍ය ගස් කොළන් ඉවත් කරන්නා මෙන් අක‍්‍රමවත්ව වැවී ඇති රෝම ගස් ඉවත් කළ යුතුය. මෙහිදී ඔබ කිසි විටෙකත් ඔබගේ රෝම ඉවත් කිරීමට උ්ං කිරීම, රේසර් කිරීම, රෝම ඉවත් කරන ආලේපන භාවිත නොකළ යුතුය. සුදුසුම වන්නේ නූලක් ආධාරයෙන් හෝ ට්විසරයකින් රෝම ඉවත් කිරීමයි. එමෙන්ම මහපොළොවට නිසි කලට වැසි ලැබුණත් ශාකවල නිරෝගී භාවයට අප විසින් බාහිරව පොහොර එකතු කරන්නා මෙන්ම සමට බාහිර සත්කාර කිරීම ඔබගේ ජනප‍්‍රියතම මාතෘකාව වන ෆේෂල් යන නමින් හැඳින්වේ. සම නිරෝගීව පෝෂණ සත්කාරයක් ලෙස අවපැහැ ගැන්වීම වැළැක්වීමට නිවසේදී කළ හැකි ප‍්‍රතිකාරයක් ඔබට කෙටියෙන් මෙසේය. මුලින්ම පැහෙන ජලයට බෙලි කොළ, අමුකහ, කොහොඹ කොළ දමා එයින් නැගෙන දුමට මුහුණ අල්ලන්න. දෙවනුව උණු ජලයට අමුකහ දෙහි බිංදු දෙක තුනක් දමා මුහුණ සෝදා හරින්න. තෙල් සහිත සමට නම් ඉන් පසු සුදුහඳුන් තේ හැඳි 1 මුංඇට පිටි තේ හැඳි 1/4 පිපිඤ්ඤා යුෂ මේස හැඳි 2 සමග මිශ‍්‍ර කර හෝ වියළි සමට නම් සුදුහඳුන් කුඩු තේ හැඳි 1, පරිප්පු පිටි තේ හැඳි 1/2, කැරට් යුෂ මේස හැඳි 2 යන ද්‍රව්‍ය මිශ‍්‍රකර මුහුණේ ආලේප කර වි. 20ක් තබා ඉතා සෙමින් මෘදුව ඇඟිලි තුඩුවලින් පිරිමැද ඉවත් කරන්න. ඊළඟට සමට පෝෂණය ලබා දීමට තෙල් සහිත සමට කැකිරි යුෂ මේස හැඳි 1, නෙල්ලි කුඩු තේ හැඳි 1/4, අමුකහ යුෂ තේ හැඳි 1/2 ලෙස මිශ‍්‍රකර ආලේප කර වි. 30ක් තබා ඉවත් කරන්න. වියළි සමකට නම් වට්ටක්කා යුෂ මේස හැඳි 1, පොල්කිරි තේ හැඳි 1, මීපැණි තේ හැඳි 1/2 මිශ‍්‍රකර මුහුණේ ආලේප කර වි. 30ක් තබන්න. ඔබට කිසිදු මුදලක් වියදම් නොකර නිවසේදීම පහසුවෙන් කළ හැකි සාර්ථක ප‍්‍රතිකාරයකි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 73 of 137 << < 7172737475 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner