You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 74 of 137 << < 7273747576 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Dec 2017 03:54 AM

හෘදයාබාධ ඇතිවන්නේ ඇයි

රුධිර නාළ අවහිරවීම නිසා බයිපාස් නම් සැත්කම කළ යුතු යයි වෛද්‍යවරු නියම කළ රෝගීන් ද      හෘදයාබාධ රෝගීන් ද නිට්ටාවට සුව කිරීම හෙළ වෙදකමෙන් කළ හැකි බව මට ස්ථීරවම පැවැසිය හැකිය. එසේම වකුගඩු, පිළිකා, දියවැඩියා ආදී රෝග ද පාරම්පරික හෙළ වෙදකමෙන් සුව කළ හැකි බවත් අප අත් දැකීමෙන් දන්නා දෙයකි. 

මේ රෝගීන් හෙළ වෙදකම මගින් සුව කරන්නේ වෙනතකින් නොව මහ පොළොවේ පංච මහා භූතයන්ගෙන් නිර්මාණය වුණ ගහකොළ පැළෑටි ඇතුළු ස්වාභාවික මූල ධර්මයන්ගෙන් සෑදුණු ඖෂධ වර්ග මගිනි. දේශීය වෙදකමේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේත් වාතයට ප‍්‍රමුඛ තැනක් දී එය හඳුන්වා ඇත්තේ බලය හා ආයුෂය හැටියටය. වාතය ප‍්‍රධාන තත්ත්වයෙන් සලකා තිබේ. අහිතකර ආහාර පාන ගැනීම නිසා වාතය කෝප වෙයි. වාතය කෝප වීමත් සමග ලේ දුෂණය වෙයි. ඒ අශුද්ධ වූ ලේ නිසා රුධිර නාලවල බිත්ති ඝන බවට පත්වෙයි. ඉන් ඒවා දැඩි බවට පත් වී එම නාළ මාර්ග සිහින් වේ. එවිට රුධිර සංසරණයට බාධා ඇති වීමෙන් හෘදය මොළය, වකුගඩු වගේම වෙනත් ඉන්ද්‍රියන්වල උපද්‍රව හට ගනී. 

මේදය අධික ආහාර වැඩියෙන් ගැනීමත් ලේ කෝප වන ආහාර වැඩියෙන් ගැනීමත් නිසාද රුධිර නාල අවහිර වීම සිදු වෙයි. ඒ වගේම නිතර කනගාටුවෙන් සිටින නිතර තැති ගන්නා සුළු මොළය වෙහෙසා වැඩ කරන අධික තරබාරු අයටද මත් පැන් දුම් වැටි භාවිත කරන අයටත් වෙහෙස නොවන අයටද ස්ත‍්‍රී පුරුෂ බේදයකින් තොරව රුධිර නාල බිත්ති ඝන වීම සිදු වන්නට ඉඩ ඇත. 

රුධිර නාලවල එවැනි අසාමාන්‍ය තත්ත්වයන් ඇති වූ විට පහළ වන රෝග ලක්ෂණ අතරට හිසේ බර ගතිය, කරකැවිල්ල, කන්වල ‘‘හෝ’’ ශබ්දය, මුහුණ ඉදිමුණ ස්වභායත් සමග රත් පැහැ වීම, කම්මැළි ගතියක්් ඇති වීම හා වෙහෙස දැනීම එසේම උදේ කාලයේදී හිස පිටුපස කොටසේ කැක්කුමක් ඇති වීම කල්පනා ශක්තිය අඩු වීම අත් පා හිරිය මස් පෙරලීම ද ආදියයි. 

මෙලෙස රුධිර නාළවල විකෘති ස්වභාවය නිසා බොහෝ දෙනෙක් හෘදයාබාධ වලින්ද මොළය අභ්‍යන්තර ලේ වහනයෙන් ද මරණයට පත් වෙති. අපේ පාරම්පරික වෙදකමේ රෝග රැුසකට මුල් වන රුධිර සංසරණය ක‍්‍රමවත් කරන ඉතා වටිනා ඔෘෂධ තිබෙන අතර ඒවා ක‍්‍රමවත්ව නිසියාකාරව පාවිච්චි කිරීමෙන් බොහෝ රෝග සුවකර වීමට හැකියාව ඇති බව අප අත්දැකීමෙන් දන්නා දෙයකි. 
කිව යුතු වැදගත්ම කරුණ වන්නේ ලෙඩ හදා ගැනීම පහසුයි සුව කර ගැනීම අමාරුය යන්නය. එම නිසා වා පිත් සෙම කෝප කරවන ආහාර වලින්ද පුරුදු වලින්ද මිදි සිත ගත දෙකම පිරිසිදු ජීවිතයක් ගෙන යාමට  ඕනෑම අයකුට හරිම පහසුය.

 

යක්විල ජයන්ත ඒකනායක

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Dec 2017 04:55 AM
අපේ දේවල් කවදටත් වටිනවා....අගය දන්න අය අඩුකම තමයි ප්‍රශ්නෙ.....
බටහිර වෙදකම ඉක්මන් වුවත් අතුරු ආබාධ බොහොමයි.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Dec 2017 05:10 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Dec 2017 05:11 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Dec 2017 05:18 AM

උදේ නැගිටිනවිට විලුඹ බිම තබා ඇවිදීම අපහසුද?

https://i.imgsafe.org/a8/a8f334f84a.jpeg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Dec 2017 03:49 PM
ලෙඩ ‍‍ගොඩකට සුවය ගෙනෙන චීන බෙහෙත්

චීනයේ සම්ප්‍රදායික ඖෂධ බෝ නොවන රෝග රැසකින් මිනිසා ආරක්ෂා කරන්නට සමත් බව චීනයේ ෂැංඩොන්ග් විශ්වවිද්‍යාලයීය රෝහලේ පර්යේෂකයෝ පිරිසක් පවසති. දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ ආදී රෝගවලින් මිනිසා ආරක්ෂා කරගන්නට මේ ඖෂධවලට හැකියාවක් ඇති බව අනාවරණය වී ඇත.

චීනයේ සාම්ප්‍රදායික ඖෂධ සකස් කෙරෙන්නේ පැළෑටි සහ නොයෙක් ශාකවල සාර ආශ්‍රය කරගෙනය. එලෙස සකස් කෙරෙන ඖෂධ, බටහිර වෛද්‍ය විද්‍යාවේ ඖෂධ වර්ග මෙන්ම කාර්යක්ෂම ප්‍රතිඵල අත්කරදෙන බව සනාතව තිබේ. මිනිස් සිරුරේ කොලෙස්ට්‍රෝල්, සීනි ප්‍රමාණ පහළ හෙලීම සඳහා භාවිතයට ගන්නා සාම්ප්‍රදායික ඖෂධ එහිලා සුවිශේෂ බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. කොලෙස්ට්‍රෝල් සහ සිනී මට්ටම් වැඩිවීම නිසා පීඩා විඳින රෝගීන්ට බටහිර ඖෂධ වෙනුවට චීනයේ සාම්ප්‍රදායික ඖෂධ භාවිතයට ගන්නට වුව බැරිකමක් නැති බව විද්‍යාඥයන්ගේ නිගමයයි. එමෙන්ම හෘද් තන්තු වාහිනී ආශ්‍රිතව හටගන්නා ප්‍රථමික සහ ද්විතීයික මට්ටම්වල රෝග තත්ත්වවලට වුව එකී ඖෂධ භාවිත කරන්නට හැකියාවක් ඇති බව පර්යේෂකයන්ගේ අදහසයි. විද්වතුන් එකී නිගමනයට එළඹ තිබෙන්නේ දස වසරක් පුරා කරන ලද පර්යේෂණවලින් අනතුරුවය.

ෂෝන්ග්ෆාජියෑන්ග්, ටියැන්කුජියැජියා, ජියැජියාබෝ නමින් හැඳින්වෙන පැළෑටිවලින් ලබාගන්නා සාර, අධික රුධිර පීඩන තත්ත්වවලට ප්‍රතිකාර කිරීමේදී යොදාගත හැකි බව තහවුරුව තිබේ. මේ ආදී වශයෙන් බෝ නොවන සෙසු රෝග තත්ත්වවලට ගත හැකි ශාකමය සාර විශාල සංඛ්‍යාවක් චීනයේ සාම්ප්‍රදායික ඖෂධවල අන්තර්ගත වී තිබේ.

වසර දහස් ගණනකට පළමුව රෝග සුව කිරීම සඳහා චීනුන් භාවිතයට ගත් මෙවැනි ඖෂධ යුරෝපයේත්, උතුරු අමෙරිකාවේත් දැන් ජනප්‍රිය වෙමින් ඇත. චීනයේ සාම්ප්‍රදායික ඖෂධ භාවිතයට ගැනීමෙන් ඇතිවන අතුරු ප්‍රතිඵල මොනවාද යන්න සම්බන්ධයෙන් විධිමත් අධ්‍යයනයක් තවමත් සිදුව නැති බව මතු දක්වූ පර්යේෂණය සිදු කළ පර්යේෂකයෝ පවසති.

මංජුලා විජයරත්න
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Dec 2017 03:55 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Dec 2017 03:59 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Dec 2017 04:00 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Dec 2017 04:00 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Dec 2017 04:00 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Dec 2017 04:00 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Dec 2017 04:01 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Dec 2017 04:01 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Dec 2017 04:01 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Dec 2017 04:47 PM

ඇස් පෙනීම වර්ධනයට ලේසි ප්‍රතිකර්මයක්

අපේ ශරීරයේ තියෙන මාංශ පේශි භාවිතයට නොගන්නා විට දුර්වල වෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් කකුලේ බිඳුණු අස්ථියක් සුවවීමට කාලයක් ගත වනවා.... ඒ නිසා රෝද පුටුවකට වී සිටීමට අපට සිදුවෙනවා... මෙන්න මේ නිසාම කකුලේ මාංශ පේශි දුර්වල වෙලා යනවා. මෙන්න මේ දෙයම තමයි ඇස් අවට මාංශ පේශිවලටත් සිදුවන්නේ. ඒවා භාවිතයකට නොගත් විට නිසි ව්‍යායාම නැතිවූ විට දුර්වල වෙනවා.

ඔබගේ ඇස්වල පෙනීම වර්ධනය කරගැනීමට පහත ක්‍රියාකාරකම් ආධාරයක් වෙනවා ඇති. පොත්පත් වැඩ, පරිගණක ආශ්‍රිත වැඩවල දිගටම යෙදෙනවා නම්,

1. ඇස්වල අධික පීඩනයෙන් මිදීමට පැය දෙකකට හෝ තුනකට සැරයක් විනාඩි කිහිපයක් ඇස් පියාගන්න.

2. ඇස් දෙපසට, ඉහළට, පහළට සහ වක්‍රාකාරව චලනය කරන්න.

3. ඇස් කණ්ණාඩි ඉවත් කරන්න.

4. ඔබගේ ඇඟිලි ඇස් බෝල මත මෘදුව තබා චලනය කරන්න.

5. ඔබ නිවසින් බැහැරව ඇවිදින විට සැමවිටම දුර බලන්න.

6. කැරට් වැනි කහ පැහැති එළවළු පළතුරු දිනපතා ආහාරයට ගන්න.

7. ඇස් සේදීමට ඇල් ජලය භාවිත කරන්න.

8. නිදා ගැනීමට පෙර පැය දෙකකට වඩා පරිගණකය ඉදිරිපිට වාඩිවී සිටීමෙන් වළකින්න.

9. දිගටම ඇස් වෙහෙසවන අය වෛද්‍ය උපදෙස් මත මෝර පෙති ගැනීමත් සුදුසුයි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Dec 2017 04:50 PM

ලස්සන පුතා දුවෙක් වෙලා

පුංචි කසුන් හරිම ලස්සනයි. ඔහුගේ බොකුටු කොණ්ඩයත් හරියට ගෑනු ළමයෙකුගේ වගේ. කසුන්ගේ අම්මා කසුන්ට ලස්සනම ලස්සන රෝස පාට මල් වැටුණු පුංචි ගවුම් පොඩියක් ඇන්දුවා. රෝසපාට රිබන් එකකින් බොකුටු කොණ්ඩය එකතුකර ගැටගැසුවා. පුංචි පබලු මාලයක් දාලා අත්දෙකට වළලූත් දැම්මා.

මේ ඉන්නේ මගේ පුංචි රෝස කුමාරි හරිම ලස්සනයි මගේ කෙළි පොඩ්ඩ... කියමින් පුංචි කසුන්ව වඩාගෙන හුරතල් කළා. එය බලා සිටි ගෙදර හැමෝම හිනාවුණා.

ඇත්තටම කසුන් පුතා දුවෙක් වගේමයි. පුතෙක් කියලා කියන්නවත් බැහැ.... හැමෝගෙම මුවින් පිටවුණා. මේ වගේ බොහෝ අත්දැකීම් ඔබටත් ඇති. පුංචි පුතණුවනට දියණියන් ලෙසිනුත්, දියණියන්ට පුතණුවන් ලෙසිනුත් අන්දවා හැඩබලන, ආමන්ත‍්‍රණය කරන ඔබ සිතිය යුතු විශේෂ දෙයක් තියෙනවා. ඔබ නොහිතා කරන එවැනි ක‍්‍රියා නිසා එම පුංචි මල්කැකුළු සිතන පතන ආකාරය වෙනස්වීම හැසිරෙන ආකාරය වෙනස්වීම මෙන්ම එම වෙනස ඔවුන්ගේ ජීවිතයම අවුල් ජලාවක් බවට පත් කිරීමට හේතුවිය හැකියි.

ඔබේ දරුවා පුංචි කාලයේ ගෑනු ළමයෙක් වගේ ලස්සන වෙන්න පුළුවන්. ඔබට හිතෙන්න පුළුවන් ගෑනු ළමයෙක්ට වගේ ඇඳුම් අන්දවන්න. ඔබ කියන්න පුළුවන් මෙයා ගෑනු ළමයෙක් වුණානම් කොච්චර හොඳද කියලා. අනිත් අය ඉදිරියේත් ඔබ මේ විදිහට දරුවා පිළිබඳ කතා කරන්න පුළුවන්.

මේ දේවල් නිසා ඔබේ පුංචි පුතා ගෑනු ළමයෙක් වගේ ඉන්න ආශාවෙන්න පුළුවන්. සාරියක් අඳින්න. බෝනික්කෝ එකතු කරන්න. ලස්සනට හැඩ වෙන්න ආසාවෙන්න පුළුවන්. ඔබත් ඔහුව අනේ, කෙල්ල කියලා තුරුලු කරගන්න පුළුවන්. ඒක ගොඩක් භයානක දෙයක්. අන්තිමේදී මේ දරුවාගේ සිතේ ස්ත‍්‍රී පුරැෂ භාවය පිළිබඳ සිතිවිලිවලදී තමා කොල්ලෙක් නෙවෙයි කෙල්ලක් ලෙස සිතා ගැටලු ඇතිවෙන්න පුළුවන්.

පුද්ගලයන්ගේ ලිංගිකමය වෙනස්කම් අනුවයි ස්ත‍්‍රී පුරුෂ ලෙස වර්ගකර දක්වන්නේ මේ ලිංගික භාවය ඇතිවෙන්නේ ජානවලින්. ඒ කියන්නේ මව්කුස තුළ සිටින මුල් කාලයේ Y කියන ක්‍රෝමසෝමය (වර්ණදේහය) මත පිරිමියෙන් වීම සඳහා අදාල ලිංගික අවයව නිර්මාණය වීම සිදුවෙනවා. මේ Y කියන වර්ණදේහ නැතිනම් ගෑනු ලක්ෂණ පිහිටීම සිදුවෙනවා. ගර්භාෂය, පැලෝපීය නාල, යෝනි මාර්ගය, පියයුරු නිර්මාණය වීම එහි ප‍්‍රතිඵලයක්. මෙය සිදුවන්නේ මව්කුස තුළයි. ඒත් ස්ත‍්‍රී පුරුෂ භාවය කියන්නේ සම්පූර්ණ වෙනස් දෙයක්. මම ස්ත‍්‍රියක්ද, පුරුෂයෙක් ද යන ප‍්‍රශ්නාර්ථය ඇතිවෙන්නේත් මේ නිසා. මෙයට කියන්නේ ජෙන්ඩා අයිඩෙන්ටිටි කියලා. මේක තීරණය වෙන්නේ ජාන නිසා නෙවෙයි. පරිසරය නිසා කියලා විද්‍යාඥයෝ කියනවා.
අද මම කතා කරන්නෙත් මෙම ස්ත‍්‍රී පුරුෂ භාවය පිළිබඳව ගැටලු ඇතිකරගත් පුංචි දරැවකුගේ කතාවක්. ඔහු කසුන්. වයස අවුරුදු හතක පිරිමි ළමයෙක්. ඔහු ඔහුගේ අම්මත් සමග මා හමුවීමට පැමිණ සිටියා. ඔහු පන්තියේ හොඳට වැඩකරපු දක්ෂ ශිෂ්‍යයෙක්. ඒත් දැන් ඉගෙනීම් කටයුතු අතපසු කරනවලු. ඒ ගැන කසුන්ගේ අම්මා කිව්වේ මේ වගේ කතාවක්.

පුතා ඉගෙනගන්න දක්ෂ ළමයෙක්. ඒත් දැන් හැම විෂයකටම ලකුණු අඩුවෙලා. ගොඩක් තරහ යනවා. සමහර වෙලාවට කල්පනා කරනවා. ඔහු මගෙන් එක ඉල්ලීමක් කරනවා. ඔහුට ගෑනු ළමයෙක් වෙන්න ඕනලු. ඔහු දැන් යන්නේ පිරිමි පාසලකට. එයා මට නිතරම කියනවා කාන්තා පාසලකට ඇතුළත් කරන්න කියලා. ඉස්කෝලේ ඇරිලා ගෙදර එන කසුන් අක්කලගෙ ඇඳුම් ඇඳගෙන ඉන්න ගොඩක් ආසයි. හුඟක් දවස්වලට මගේ සාරියක් ඇඳගෙන ලිප්ස්ටික් ගාගෙන ටීචර් කෙනෙක් වගේ උගන්වනවා. එයා බෝනික්කෝ එකතු කරන්නත් ගොඩක් ආසයි. ඒ නිසා මම කොහේ ගියත් ඔහුට බෝනික්කෝ ගෙනත් දෙන්න අමතක කරන්නේ නැහැ. දවසක් කසුන් මේ බෝනික්කෝ පාසලටත් අරගෙන ගිහින්. තවත් දවසක මගේ ලිප්ස්ටික් තොල්වල ගාගෙන ගිහින් තිබුණා. ඒ හැම අවස්ථාවකම ළමයි ඔහුට හිනාවෙලා. කෙල්ලෙක් කියලා විහිළු කරලා. දැන් ඒ ඉස්කෝලෙ යන්න බෑ කියනවා. මෙයාට ගෑනු ළමයෙක් වෙන්නම  ඕනෑ කියනවා. මේක මට මහ වදයක් ඩොක්ටර්....

ඒ විදියට කසුන්ගේ අම්මා කසුන් පිළිබඳව ගැටලුව ඉදිරිපත් ඉදිරිපත් කළා. ඊළඟට මම කසුන්ගේ කුඩා අවධිය පිළිබඳවත් ඇගෙන් විමසුවා. එවිට ඈ කිව්වේ මේ වගේ දෙයක්. සමහර විට අපිට වැරදුනා කියලා හිතෙනවා ඩොක්ටර්. ඔහුගේ මෙම හැසිරීම් මම නිතරම ඇගයීමට ලක් කළා. ලස්සන කෙල්ල කියලා කිව්වා. ටීචර් කෙනෙක් වගේ උගන්වද්දි කිව්වා අනේ ඔයා දුවෙක් වුණා නම් ලස්සන ටීචර් කෙනෙක් වෙයි කියලා. ඒ වගේම සමහර දවස්වල මගේ ඥාතීන් ආපුහම අක්කගෙ පුංචි ගවුම් පුතාට අන්දවලා ඉස්සරහින් ගිහින් තිබ්බා. ඒ හැමෝම හිනාවුණා. මට හිතෙනවා මේවා මම කරපු වැරදි කියලා. කසුන්ගෙ තාත්තා ඉන්නෙ රට. මම තමයි ගෙදර හැම දෙයක්ම කරන්නේ. මගේ ලොකු දරුවා ගෑනු දරුවෙක්. කසුන් නිතරම කියනවා අම්මා වැඩිය ආදරේ අක්කට කියලා. ඒ වෙලාවට මම පුතාට කිව්වේ කොල්ලන්ට වඩා හොඳට කෙල්ලන්ව බලාගැනීමට අවශ්‍ය බව. ඒ වෙලාවට කසුන් මමත් කෙල්ලෙක් වුණා නම් අම්මා මාවත් හොඳට බලාගන්නවානේ කියලා කියනවා.

කසුන්ගේ අම්මාගේ හඬට කන්දුන් මම කසුන් දිහාවට හැරුණා. පුංචි කසුන් මම දිහා බලාගෙන හිටියා. කිසිම කලබලයක්වත්, බයක්වත් තිබුණේ නැහැ. මම ඇහුවා ඇයි ඔයා ගෑනු ළමයෙක් වෙන්න ආස කියලා. කසුන් මට මේ වගේ උත්තරයක් දුන්නා. අම්මා කියනවා ගවුම් ඇන්දම මම හරි ලස්සනයි කියලා. ඒ වගේම ගෑනු ළමයෙක් වුණොත් අම්මා මාව හොඳට බලාගන්නවනේ. මට ලොකුවෙලා ලස්සන ටීචර් කෙනෙක් වෙන්නත් පුළුවන්. අම්මා අක්කට ගොඩක් ආදරෙයිනේ. මමත් කෙල්ලෙක් වුණොත් අම්මා මටත් ගොඩක් ආදරේ කරයි. මට ගෑනු ළමයි ඉන්න ඉස්කෝලෙකට යන්න  ඕන. දැන් ඉස්කෝලෙ පිරිමි ළමයි මට නිතරම විහිළු කරනවා. මට ඉස්කෝලෙ යන්න හිතෙන්නෙත් නෑ.

එහෙම කියාගෙන ගියපු පුංචි කසුන්ගේ ඇස්වලට කඳුළු ඇවිත් තිබුණා. ඇත්තටම කසුන්ට සිදුවී ඇත්තේ කුමක්ද? ඒ පිළිබඳව තමයි දැන් මම පැහැදිලි කරන්නේ.

කෙනෙකුගේ බාහිර හෝ අභ්‍යන්තර ලිංගික අවයව නිර්මාණය වන්නේ ජානවලින්. එය සිදුවන්නේ මව්කුස තුළ සිටින කාලය තුළදී. නමුත් යම් කෙනෙකුගේ ස්ත‍්‍රී හෝ පුරුෂ භාවය කියන්නේ තමාට තිබෙන ලිංගික අවයව නොවෙයි. ස්ත‍්‍රී පුරුෂු භාවය කියන්නේ ගැහැණියක හෝ පිරිමියෙකු වීමට ඇති කැමැත්ත නැතිනම් ආශාව. එය ජානවලින් හෝ වර්ණදේහවලින් සිදුවන දෙයක් නොවෙයි. එය ජීවත්වන පරිසරය අනුව සිදුවන දෙයක්. කසුන්ගේ පරිසරය අධ්‍යයනය කළාම පේන දෙය තමයි පිරිමි ලක්ෂණ යටපත්වීම හා ස්ත‍්‍රී ලක්ෂණ මතු වීම. ඊට මවගේ ප‍්‍රකාශයන් හා හැසිරීම් උත්තේජනයක් වෙලා තියෙනවා. ඒ නිසා කසුන්ගේ මනසට ඇතුළුවෙලා තියෙනවා ‘මම කෙල්ලෙක් වුණා නම් හොඳයි’ කියන ආකල්පය. දරුවෙකුගේ මේ ස්ත‍්‍රී පුරුෂ භාවය ඇතිවෙන්නේ අවුරුදු 2 - 3 ත් අතර කාලය තුළයි. මේ කාලයේ දී දරුවාගේ ලිංගිකත්වයට හානි නොවන ලෙස පරිසරය සකස් කිරීමට මව්පියෝ දැනුවත් විය යුතුයි. ඒ කියන්නේ පිරිමි ළමයෙකු ගෑනු ළමයෙකු ලෙස හෝ ගෑනු ළමයෙකු පිරිමි ළමයෙකු ලෙස හෝ උද්දීපනය නොකළ යුතුයි. මෙහෙදී මව්පියන් නොකළ යුතු දේ මොනවද කියලත් ඔබ දැනුවත් විය යුතු වෙනවා. එනම් පිරිමි දරුවෙකුට ගැහැණු ඇඳුම් සහ ගැහැණු දරුවෙකුට පිරිමි ඇඳුම් නොඇන්දවිය යුතුයි. ඒ වගේම ගෑනු දරුවෙකුට පිරිමි දරුවෙකුට සේ ආමන්ත‍්‍රණය කිරීමත්, පිරිමි දරුවෙකුට ගෑනු දරුවෙකුට සේ ආමන්ත‍්‍රණය කිරීමත් නොකළ යුතුයි. ඒ වගේම ගෑනු පිරිමි භෙදයකින් තොරව එක හා සමාන ආදරයක් දරුවන්ට ලබා දිය යුතුයි. ගෑනු දරුවෙකුට බෝනික්කත් පිරිමි දරුවෙකුට වාහනත් දී ඔවුනට ගැලපෙන තත්ත්වයන්ට උත්තේජනය කළ යුතුයි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Dec 2017 04:54 PM

කැස්සට හොඳම බේත මීපැණි - දෙහි පැණිය

සියරට දේ සිරි සැපදේ යැයි පැරැණි කතාවක් තිබේ. බ්‍රිතාන්‍ය ජාතික බටහිර ළමා රෝග විශේෂඥයකු වන වෛද්‍ය ඔලිවර් බෙවින්ග්ටන් පසුගියදා කළ එළිදරව්ව ඉහත කී කතාව තහවුරු කරන්නකි. වෛද්‍ය බෙවින්ටන් පෙන්වා දී ඇත්තේ දරුවන්ගේ කැස්ස සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේදී නිර්දේශ කරන සිරප් වර්ග හෙවත් කැස්ස පැණිවලට වඩා දෙහි දොඩම් යුෂ සහ මීපැණි  සුසංයෝගය වඩාත් ගුණදායක සහ ප්‍රතිඵලදායක විශ්වාසවන්ත ප්‍රතිකාරයක් බවය.

මේ බටහිර වෛද්‍යවරයා අනතුරු අඟවා ඇත්තේ දොස්තර බෙහෙත්වලට ලබාදෙන කැස්ස පැණිය වැඩි මාත්‍රාවන් ලෙස ගැනීමෙන් ශරීරයට විස විය හැකි බවය. එසේම ඒ මගින් අතුරු ආබාධ රැසක්ද අසාත්මිකතා ලක්ෂණද ඇතිකරන අතර දරුවන්ට මේවා මගින් හොඳට වඩා ලැබෙන නරක ප්‍රතිඵල වැඩි බවත් ඔහු කියයි.

බොහෝමයක් බටහිර කැස්ස පැණි තුළ පැරසිටමෝල් අඩංගු බව පෙන්වා දෙන වෛද්‍යවරයා ඉතා පහසුවෙන් එය අධිමාත්‍රාවක් ලෙස ශරීරගත වීමට හැකි බව පෙන්වා දෙයි. එය බොහෝවිට වයස අවුරුදු 6 ට අඩු දරුවන්ට හානිදයාක බව ඔහු කියයි. මේ නිසා ඔහු අවවාද කරන්නේ දරුවන්ගේ කැස්ස සුව කිරීම සඳහා පැරැණි අම්මලා ගෙදර දොරේ භාවිත කළ දෙහි දොඩම් යුෂ සහ මීපැණි මිශ්‍රණය භාවිතා කරන ලෙසටය. ඇඹුල් දොඩම්, දොඩම් හෝ දෙහි ඇඹුලට මී පැණි යොදා සාදාගන්නා පැණිය කැස්ස නිට්ටාවට සුව කරන අතර අහිතකර අතුරු ආබාධ රහිතව ගුණාත්මක ප්‍රතිඵල පමණක් ලබාදෙන බව ඔහු කියයි.

කැස්ස සඳහා බොහෝවිට හේතුකාරක වන වෛරස ආසාදන බොහෝමයක් ප්‍රතිජීවක ද්‍රව්‍ය රහිතව, ඇඳ විවේකය ලබා වැඩිපුර දියර වර්ග පානය කිරීමෙන්ම පමණක් සුවකරගත හැකි බව වෛද්‍යවරයා කියයි. එවන් තත්ත්වයක් යටතේ ශරීරයට අහිතකර ද්‍රව්‍ය ඇතුළත් ඖෂධ ලබාගන්නවා වෙනුවට ගුණාත්මක බවෙන් ඉහළ සහ ආරක්ෂාවක් සහිත මීපැණි දොඩම් පැණිය භාවිතාව සාර්ථක බව වෛද්‍යවරයා කියයි.

මේ පැරැණි කැස්ස පැණිය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය සමස්ථයක් ලෙස සිරුරට සුවදායී වන අතර පෝෂණයක්ද සපයන ද්‍රව්‍යයන්ය. මී පැණි අතීතයේ සිටම හොඳ පෝෂකයක් ලෙස හඳුනාගන තිබේ. බැක්ටීරියා නාශකයක් වන එය තුළ පෝෂක ද්‍රව්‍ය ගොන්නක් අඩංගුය. ඒවා අතර කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොස්පරස්, සෝඩියම්, සින්ක්, තඹ, මැංගනීස්, සෙලෙනියම් සහ ෆ්ලෝරයිඩ් අඩංගුය. මේවා ප්‍රතිඔක්සිහාරක ද්‍රව්‍ය ලෙස ක්‍රියාත්මක වන අතරම ඒ නිසා සිරුරු ගත නිදහස විෂ ද්‍රව්‍ය අවශෝෂණය කරයි. එසේම පඨක වර්ධනයටද උපකාර වෙයි.

දෙහි දොඩම් යුෂ තුළ සරැසාර ලෙස විටමින් සී අන්තර්ගතය. දෙහි ගෙඩියක යුෂ තුළ කෙනෙකුට දිනකට අවශ්‍ය විටමින් සී ප්‍රමාණයන් තුනෙන් එකක් අඩංගුය. විටමින් සී ප්‍රතිශක්තිකරණ පද්ධතිය කාර්යක්ෂම කරන අතර එයද ප්‍රතිඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කරන්නේය. එසේම ප්‍රති වෛරස සහ බැක්ටීරියා කාරකයක් ලෙස ක්‍රියාකරයි.

මෙම පැණිය සාදා ගැනීමේදී පාරම්පරික වට්ටෝරැවට එක්කරන ඉඟුරුද ශරීරයට සෞඛ්‍ය සම්පන්න ප්‍රතිඵල රැසක් ලබාදෙයි. ඉදිමුම් සමනය කරයි. සෙම ගැලීම වළක්වයි. එය තුළද ප්‍රතිඔක්සිකාරක අඩංගුය.

 සුගත්   
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Dec 2017 05:07 PM

බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු

මාරාන්තික ලිංගාශ්‍රිත රෝගයන්ට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණය දින දින සීඝ්‍ර ලෙස වැඩි වී ඇති බව වාර්තා වේ. රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට වසරකට එච්.අයි.වී. (ඒඩ්ස්) ඇතුළු සමාජ  රෝග නැතිනම් ලිංගික රෝගවලට ගොදුරු වන්නන්ගේ ප්‍රමාණය 6000කට ආසන්නය.

ලිංගික රෝගයන්ට ගොදුරැ වන්නන් අතර වයස අවුරුදු 25 - 49 වයසේ පසුවන කාන්තාවන් සහ වයස  අවුරුදු 15 සිට අවුරුදු 50 දක්වා වයසේ පසුවන පිරිමින් වැඩිපුර වාර්තා වෙන බව වාර්තාවේ. 

මේ නිසා එච්.අයි.වී (ඒඩ්ස්) රෝගය හැර බහුලව වාර්තා වෙන රෝග කිහිපයක් ගැන විස්තර දේශය පාඨක ඔබ වෙත තිලිණ කිරීමටයි මේ උත්සාහය. බහුලම ලිංගික රෝග 5ක් ලෙස,

ගොනෝරියා (සුදු බිංදුම), ලිංගික හර්පිස්, උපදංශය (සිපිලිස්), ලිංගික ඉන්නන් සහ ක්ලැමීඩියා හඳුන්වන්න පුළුවනි. මෙම රෝග සියල්ලක්ම පාහේ ඇතිවනුයේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවලින් බව මතක තබා ගන්න. 

01 - ක්ලැමීඩියා

ක්ලැමීඩියා ට්‍රයිකොමොනාලිස් නම් බැක්ටීරියා මගින් පැතිරෙන මෙම රෝගය, රෝගය සහිත කෙනෙකු සමඟ යෝනි, ගුද, මුඛ සංසර්ගයේ යෙදීමෙන් බෝවේ.

රෝග ලක්ෂණ

ආසාදිතයකු හා ලිංගික කාර්යයේ යෙදී දින හතක් විසි එකක් අතර කාලයේදී රෝග ලක්ෂණ මතුවේ.

ස්ත්‍රීන්ගේ යෝනි ශ්‍රාවයක් ගැලීම හෝ ඔසප් වාර අතර යෝනියෙන් ලේ යෑම.

මුත්‍රා කිරීමේදී දැවිල්ල ඇතිවීම

මුත්‍රා පිටවීම

උදර ප්‍රදේශයේ වේදනාව

ඇතැම්විට උණ සහ ඔක්කාරය

මේ රෝගය නිසා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම වඳභාවයට පත්විය හැක.

ක්ලැමීඩියා රෝගයට ගොදුරු වූ මවකට උපදින දරුවාට ද එය බෝවිය හැක. ලිංගික සහකරුට හෝ සහකාරියට රෝගය බෝවන බැවින්, රෝගය හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත්ය.

02 - හර්පීස් 

හර්පීස් කම්ප්ලෙක්ස් වෛරසය මඟින් පැතිරෙන හර්පීස් රෝගය නිරෝගී කෙනෙකුට බෝවීනම සිදුවන්නේ යෝනි, ගුද හෝ මුඛ සංසර්ගයෙහි යෙදීමෙනි. 

කලාතුරකිකන් ස්පර්ශය හේතුවෙන්ද බෝවීමේ අවදානමක් ඇතිවිය හැකිය. 

රෝග ලක්ෂණ

(ආසාදිතයකු සමඟ සංසර්ගයේ යෙදී දින 1 – 30 අතර රෝග ලක්ෂණ මතුවිය හැක.)

ලිංගේන්ද්‍රය මතුපිට ඇතුළත හෝ මුඛයේ ඉතා වේදනාකාරී කුඩා දිය බිබිළි මතුවිය හැක.

ඒවා මතුපිට කැසීම හෝ දැවිල්ල ගතියක් දැනේ.

මෙම දිය බිබිළි සති එකත් තුනක් අතර කාලයක් පවතී.

උණ

වසා ගැටිති ඉදිමීම හෝ වේදනා දීම

හර්පීස් නිට්ටාවටම සුව කළ නොහැකියි. වෛරසය සිරුර තුළ පවතින බැවින් වරින් වර බිබිළි මතුවිය හැකියි.

රෝගය හටගන්නාවිට දරුවකු කුස පිළිසිඳගෙන සිටිය හොත් උපදින දරුවාට මොළේ උණ සෑදිය හැක. 

03 - ගොනෝරියා/ සුදු බිංදුම

බැක්ටීරියාවක් මඟින් ඇතිවෙන ගොනෝරියා රෝගය ගොනෝරියා සහිත අයකු සමඟ මුඛ හෝ ගුද සංසර්ගයේ යෙදීමෙන් බෝ විය හැක. මෙම බැක්ටීරියාව ගැබ් ගෙල, මුත්‍රා නාල, ගුද මාර්ගය, උගුර සහ ඇසෙහි සිවිය ආදියට ආසාදනය වීමේ වැඩි ඉඩක් ඇති බව වෛද්‍ය විද්‍යාත්මකව පෙන්වා දී තිබේ.

රෝග ලක්ෂණ

(ආසාදිතයකු සමඟ ලිංගික කාර්යයේ යෙදී දින (2-21) අතරදී රෝග ලක්ෂණ මත්වේ.)

ස්ත්‍රීන්ට යෝනියෙන් කහ හෝ සුදු පැහැ ශ්‍රාවය පිටවේ.

මුත්‍රා කිරීමේදී හෝ මළපහ කිරීමේදී දැවිල්ල හෝ වේදනා සහිත බව.

අස්වාභාවික ඔසප් වීම

ඔසප්වීම අතර ලේ පිටවීම

යටි බඩ වේදනාව

කෙණ් ඩ පෙරලීම

ගොනෝරියා රෝගයට ගොදුරු වන පුරුෂයන්ට ශිශ්ණයෙන් කහ හෝ සුදු ශ්‍රාවයක් පිටවීම, මුත්‍රා කිරීමේදී දැවිල්ල හෝ වේදනාවක් දැනීම, නිතර නිතර මුත්‍රා කිරීමට අවශය වීම වැනි රෝග ලක්ෂණ මතුවේ.

ප්‍රතිකාර නොගැනීමෙන් විය හැකි ප්‍රතිඵල

වඩා තදබල ආසාදන ඇති කළ හැකිය.

ප්‍රජනන ඉන්ද්‍රියන්ට හානි පමුණුවයි.

ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම දරුඵල නැතිවිය හැකිය.

ගොනෝරියා සහිත මවක් නිසා දරු ප්‍රසූතියේදී දරුවාගේ ඇසෙහි යෝනි තරල තැවරීමෙන් දරුවාට අන්ධභාවය ඇතිවිය හැක.

04 - සිපිලිස්

ට්‍රෙපෙනිමා පැලිඩම් නැමැති බැක්ටීරියා විශේෂය මඟින් පැතිරෙන සිපිලිස් රෝගය සහිත අයකු සමඟ යෝනි, මුඛ හෝ ගුද සංසර්ගයේ යෙදීමෙන් පැතිරෙයි. මෙහි රෝග ලක්ෂණ අවධි තුනක් යටතේ රෝග ලක්ෂණ ඇතිවේ.

මුල් අවධිය - ආසාදිතයකු සමඟ ලිංගික කාර්යයේ යෙදී දින නවයත් අනූවත් අතර රෝග ලක්ෂණ මතුවෙයි. මුඛයේ, ලිංගේන්ද්‍රයේ, පයෝධර හෝ ඇගිලිවල වේදනා රහිත රත් දුඹුරු තුවාලයක් හෝ තුවාල, ඉකිලිවල වසා ගැටිති ඉදිමීම මෙහි රෝග ලක්ෂණ අතර වේ.

තුවාලය සති එකත් පහත් අතර පවතී. තුවාලය සුව වුව ද ආසාදිතයා රෝගයෙන් පෙලේ.

පළමු අවධියේ දී නිසි ප්‍රතිකාර නොලද විට සති හයකට පමණ පසු රෝගය දෙවන අවධිය කරා යනු ලැබේ. මේවන විට ද්විතීක රෝග ලක්ෂණ මතුවේ.

ශරීරයේ ඕනෑම තැනක හමේ පලු ඇතිවේ. මෙය මුහුණ, ඇඟ, අත්ල, පතුල පිට ආදි ආදි අවයවවල වැඩිදුර දැකිය හැකිය.

05 - ලිංගික ඉන්නන්

හියුමන් පැපිතලෝමා වෛරසය මඟින් ඇතිවෙන රෝගය ලිංගේන්ද්‍රියේ ඉන්නන් සහිත කෙනෙකු සමඟ යෝනි, මුඛ හෝ ගුද සංසර්ගයේ යෙදීමෙන් බෝවේ.

රෝග ලක්ෂණ

ආසාදිතයකු සමඟ ලිංගික කාර්යයේ යෙදී මාසයත්, මාස අටක් හෝ අවුරුදු කිහිපයක් අතරේදී රෝගී ලක්ෂණ මතුවේ.

ලිංගේන්ද්‍රියේ සහ ගුදයේ උඩට නෙරා ගිය කුඩා ඉන්නන් ඇතිවන අතර ඒවා නොවැටී පවතී. ලිංගේන්ද්‍රියේ අවට කැසිල්ලක් හෝ දැවිල්ලක් පවතී.

ඉන්නන් වැටුණු පසු ද වෛරසය ශරීරයේ පවතී. යළි යළිත් ඉන්නන් මතුවිය හැකිය.

ප්‍රතිකාර නොගැනීමෙන්

ඉන්නන් වැඩි වී ඉවත් කිරීම අපහසු වේ. ආසාදිත මවකගෙන් ප්‍රසූතියේදී දරුවාට බෝවිය හැකිය.

ගැබිගෙල පිළිකාවන්ට මුල පෑදිය හැකිවේ.

සැළකිය යුතුය.

ලිංගික රෝග ගොදුරු වන බොහෝ රෝගීන් රහස්‍යභාවය හෙළිවේ යැයි සිතා ප්‍රතිකාර සඳහා යොමු වන්නේ නැත.

නමුත් එලෙස රෝගය සඟවාගෙන සිටීම තවත් රැසකට අත වැනීමක් සේම, සමාජය පුරා පැතිරීමට බලපාන කරුණක් විය හැක. ඉහත රෝග ලක්ෂණයන් දුටු වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත ප්‍රතිකාර සඳහා යොමු වන්න.

 ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකය

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Dec 2017 05:18 PM
අම්මො බයෙ බැහැ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0
You are not authorized to post a reply.
Page 74 of 137 << < 7273747576 > >>