You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 75 of 137 << < 7374757677 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
08 Dec 2017 08:27 PM
උඹ මොකටද බය වෙන්නේ...
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Dec 2017 06:43 AM
ස්කෝලේ 9 වසරෙ විද්‍යා පාඩමේ මේ ගැන තිබුනා මතකයි.....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Dec 2017 03:29 PM
වැදගත් කරුණු කරනා ගොඩක් දැනගත්තා
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Dec 2017 04:40 PM

thulsiප්‍රශ්නය - ඔබගේ පාරම්පරික ප්‍රතිකාර ක්‍රමය තුළ තිබෙන දියවැඩියාව සුව කරන ශාකසාර ඖෂධ ගැන පසුගිය සතියේදී සාකච්ඡා කළා. එහිදී ඔබ හෙළි කළා නෙල්ලි පදනම් කරගත් ඖෂධ මගින් නිදන්ගත නොවන දියවැඩියා රෝගය දෙමාසයක්‌ තුළ සුව කරන්නේ කොහොමද කියන කාරණය.

වෛද්‍ය චාන්දනී වික්‍රමආරච්චි- එවැනි ශාක තවත් ගණනාවක්‌ තිබෙනවා. එයින් එකක්‌ තමයි Dcimum Tenuiflorum නමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන තුල්සි ශාකය. මෙය අපේ රටට ආවේණික ශාකයක්‌ නොවුණත් එදා සිටම ඖෂධ සෑදීම සඳහා ඉන්දියාවෙන් මෙරටට මෙය ගෙනාවා. මෙය ඉන්දියාවේ හින්දු ආගමික කටයුතු සඳහා වගේම ආයුර්වේද සහ යුනානි (අරාබි වෙදකම) ඖෂධ තැනීම සඳහාත් යොදා ගන්නවා. චරක සංහිතාව නමැති ආයුර්වේද ග්‍රන්ථයේ මේ ගැන සඳහන් වෙනවා. ශරීරයේ විවිධ බලවේග තුලනය කරන අතර ආතතිය සංසිඳවා ගැනීම තුල්සි ශාකයේ සාරය මගින් කළ හැකියි. ඉතාලියේ සමහර ප්‍රදේශවල ගෘහණියන් ආහාර පිළියෙළ කරන විට තුල්සි ශාකය මිශ්‍ර කරනවා. එම ප්‍රදේශවල ජනයාගේ දියවැඩියාව වැළඳීමේ අවදානම 50%ක්‌ අඩුයි. ඒ අතර පසුගිය කාලයේදී යුරෝපීය වෛද්‍යවරුන් පිරිසක්‌ දියවැඩියා රෝගීන් 40 යොදාගෙන පරීක්‍ෂණයක්‌ කළා. එම රෝගීන් 40 දෙනා සමග සාකච්ඡා කළ වෛද්‍ය කණ්‌ඩායම එම රෝගීන්ගේ දියවැඩියා ප්‍රතිකාර සියල්ලම නවත්වා දින 5 ක්‌ තිස්‌සේ වියළි තුල්සි කුඩු (කොළ වියළා පිටි බවට පත් කර) ආහාර සමග මිශ්‍ර කර ඔවුන්ට කෑමට සැලැස්‌සුවා. මෙසේ දින 30 ක්‌ කරන විට ඔවුන්ගේ රුධිර සීනි ප්‍රමාණය 134.5 සිට 99.7 දක්‌වා පහත බැස තිබෙනවා. මා නිපදවන එක්‌ දියවැඩියා ඖෂධයක ප්‍රධාන සංඝටකය වන්නේ මෙන්න මේ තුල්සි කොළයයි.

ඊළඟ ඖෂධය තමයි උළුහාල්. මෙය අපේ සිංහල වෙදකමේ වගේම ආයුර්වේදය සහ චීන සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය තුළත් ජනප්‍රිය දියවැඩියා නාශකයක්‌ ලෙස ක්‍රියා කරනවා. type 1 සහ type 2 යන දියවැඩියා වර්ග පාලනය කිරීමට උළුහාල්වල තිබෙන ඖෂධීය සංඝටකවලට පුළුවන්. ඉන්දියානු වෛද්‍ය පර්යේෂක කණ්‌ඩායමක්‌ දියවැඩියා රෝගීන් පිරිසක්‌ තෝරා ගෙන දිනපතා උළුහාල් කුඩු ග්‍රෑම් 100 බැගින් ඔවුනට කෑමට ලබා දුන්නා. සතියක්‌ ගත වන විට ඔවුන්ගේ රුධිර සීනි ප්‍රමාණය පහත බැස්‌සා. අපේ පරම්පරාවේ සම්ප්‍රදායක බෙහෙත්වල උළුහාල්වලින් සෑදූ විශේෂ දියවැඩියා නාශකයක්‌ තිබෙනවා.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා

0713464276/ 0759061771

අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

thulsi1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Dec 2017 04:48 PM

atahraiticeප්‍රශ්නය - පසුගිය මාස කිහිපය මුළුල්ලේ ආත්‍රයිටිස්‌ රෝගයට ප්‍රතිකාර වශයෙන් වටිනා කසාය වට්‌ටෝරු 20 කට වැඩි සංඛ්‍යාවක්‌ අපේ පාඨකයන්ට ලබාදීමට ඔබ කටයුතු කළා.

වෛද්‍ය වසන්ත උදයජීව - දැන් මා එවැනිම කසායක්‌ ලබා දෙනවා. මිදි මුල්, බෙලි මුල්, ඇත්දෙමට මුල්, තොටිල පොතු, අරත්ත අල, මසං ලෙලි, දෙළුම් ලෙලි, නස්‌නාරං මුල්. කලං 1 මංචාඩි 10 බැගින් ගෙන වතුර පත 8 කට දමා පත 1 ට සිඳවා එඬරු තෙල් තේ හැඳි භාගයක්‌ දමා පත භාගය බැගින් උදේ හවස පානය කළ යුතුයි. මෙය දින 6 ක්‌ එක දිගට පානය කළ යුතු අතර ඊට පෙර අපට කතා කර වෛද්‍ය උපදෙස්‌ නොමිලේ ලබා ගැනීම වැදගත්.

ප්‍රශ්නය - මේ ඖෂධ ගැනීමේදී රෝගියා කටයුතු කළ යුතු විශේෂ පිළිවෙළක්‌ තිබෙනවාද?

වෛද්‍ය වසන්ත උදයජීව - ආත්‍රයිටිස්‌ රෝගියෙක්‌ ආහාර ගත යුතු, හැසිරිය යුතු පිළිවෙළක්‌ තිබෙනවා. ඔවුන් වඩා උණුසුම් හෝ වඩා සීතල ආහාර ගත යුතු නැහැ. ඒ කියන්නේ රස්‌නෙ කෑම සහ ශීතකරණයේ තබන කෑම ගැනීම්. ඒ එක්‌කම ඔවුන් වඩා උණුසුම් ගුණය හෝ වඩා ශීත ගුණය තිබෙන ආහාර නොගත යුතුයි. ඔවුන් දෛනික කටයුතු කරගත යුත්තේ මධ්‍යස්‌ථවයි. අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ නැහැ ආත්‍රයිටිස්‌ රෝගියා. බෙහෙත් බොන විට වැඩ නොකළ යුතුයි කියලා. ඔහු තමන්ගේ වැඩ පළ කරගත යුතුයි. හැබැයි සන්ධිවාතය දරුණුවට තිබෙනවා නම් සන්ධිවලට විශාල වශයෙන් බර වැටෙන වැඩ නොකළ යුතුයි. මොකද එවිට කාටිලේජ හානියට පත්වීමේ ප්‍රවණතාවක්‌ හට ගන්නවා. මෙවැනි රෝගීන් ආහාරය සඳහා නිතරම සුදුලූනු එකතු කර ගන්නවා නම් ඉතාම හොඳයි. ඒවගේම ලූනු සහ ලීක්‌ස්‌ යන දෙවර්ගයත් ආත්‍රයිටිස්‌ රෝගීන්ට සුදුසු ආහාර ලෙස සැලසිය හැකියි. ආහාරයට ඉඟුරු එකතු කරගත් විට මාංශ පේෂිවල වේදනාව අඩුවන බව හෝ පාලනය වන බව මතක තබා ගන්න. ඒ අතර පැඟිරි නැති පලතුරු අනුභව කළ යුතුයි. විටමින් C සහ D බහුල ආහාර වෛද්‍ය උපදෙස්‌ මත ගත යුතුයි.

ලබන සතියට

atahraitice1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Dec 2017 04:52 PM

seluප්‍රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමඟ සාකච්ඡා කළේ සෙලුලයිටිස්‌ රෝග වර්ග 6 ක්‌ ගැනයි. පිත, කප, වාත, තර්දවවිසර්ප, අග්නි විසර්ප, ග්‍රන්ථි විසර්ප යනාදි වශයෙන් ඒවා විස්‌තර වුණා...

වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර, - සෙලුලයිටිස්‌ රෝගයට ආයුර්වේද ප්‍රතිකාර කරනවිට පිත් දොaෂයේ බලපෑම සහ රුධිරය ගැන කල්පනාවෙන් තමයි කළ යුත්තේ සෙලුලයිටිස්‌ පවතින ප්‍රදේශය ප්‍රදාහ තත්ත්වයකට පත්ව තිබෙනවා නම් තෙල් යොදා කරන ප්‍රතිකාර භාවිතා වන්නේ නැහැ. සාමාන්‍යයෙන් සෙලුලයිටිස්‌ රෝගයට දෙන ඖෂධ තිත්ත රසයෙන් යුක්‌තයි. ආයුර්වේද ඖෂධ මගින් මුලින්ම කරන්නේ සෙලුලයිටිස්‌ බැක්‌ටීරියාව පැතිර යැමට අවශ්‍ය කරන වාතාවරණය අවහිර කර එම බැක්‌ටීරියාවේ පැවැත්මට අවශ්‍ය වේදිකාව විනාශකර දැමීමයි. ඒ කියන්නේ මනුෂ්‍ය ශරීරය එම බැක්‌ටීරියාවට නීරස තැනක්‌ බවට පත් කිරීමයි. සෙලුලයිටිස්‌ රෝගයට ප්‍රතිකාර කිරීමේදී ඉහත සඳහන් තත්ත්වය අනුව යමින් විශේෂ ක්‍රමයකට ඖෂධ ලබා දීම සිදු කෙරෙනවා. මෙහිදී මුලින්ම කරන්නේ ශරීරයේ සැහැල්ලු බවක්‌ වර්ධනය කර ගැනීමයි. ඒ සඳහා ලඝූ, උෂ්ණ, තීක්‍ෂණ, විෂාද, රූක්‍ෂ (වියළි) සූක්‍ෂම, ඛාර, සාර, පැතිරීමේ ගුණය සහිත දැඩි ඖෂධ යොදා ගන්නවා. මෙහිදි ශරීරයේ අනවශ්‍ය දියර ස්‌වභාවය ඉවත්වී පටකවල ඝනත්වයක්‌ හට ගන්නවා.

සෙලුලයිටිස්‌ රෝගීන්ට සුදුසු සහ නොසුදුසු දේ

තිත්ත ආහාර ගැනීම සහ මධුර රස සහිත ආහාර ගැනීම

ටිකක්‌a පරණවූ තිරිඟුවලින් සාදාගත් පිටි සහ එමෙන්ම පරණ වූ රතු කැකුළු බත් සහ එම සහලින් කළ ආහාර සුදුසුයි. මුංඇට සහ පලතුරු ගැනීමත් වැදගත්.

තද ඇඹුල් රස, තද ලුණු රස, ආහාර නොගත යුතුයි. එසේම කුළුබඩු අධික ආහාර, සුදුලූනු, කොල්ලු, තල, මුදවපු කිරි යන ආහාරවලින් අතුරු ආබාධ ඇතිවිය හැකියි.

ඒ අතර ව්‍යායාම, දහවල නිදා ගැනීම, ලිංගික ක්‍රියාකාරකම්, කෝප වේගය සහ දුක්‌ඛ වේගය යනාදිය නුසුදුසුයි.

නොමිලේ විස්‌තර සඳහා

- 0766739977, 011-5288055

selu1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Dec 2017 05:14 PM

gas* වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක්‌ රෝගාබාධවලින් පෙළෙති. මේ අතරිනුත් කුඩා දරුවන්ගේ සිට මහලු පුද්ගලයන් දක්‌වා වැඩි පිරිසක්‌ ගැස්‌ට්‍රයිටීස්‌ රෝගයෙන් පීඩා විඳිති. මොකක්‌ද මේ ගැස්‌ට්‍රයිටීස්‌ කියන්නේ මේ රෝගය ඇති වන්නේ කොහොමද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - වර්තමාන සමාජයේ බොහෝ දෙනකුගේ ශරීර අධික උෂ්ණාධික තත්ත්වයෙන් පවතී. විශේෂයෙන්ම මේ සඳහා දෛනික ජීවන රටාවන් සහ ආහාරපාන ප්‍රධාන වෙනවා. ඒ අනුව අධික උෂ්ණාධික ශරීර ඇති අයගේ විදග්ධ වූ පිතෙන් ඇති වන උෂ්ණ ගතිය සහ ආහාර ජීර්ණ පද්ධතියේ ඇති වන යම් යම් ගැටලුකාරී තත්aත්ව නිසා එම නිසි පරිදි ජීර්ණය නොවූ ආහාර කොටස්‌ විෂක්‌ ලෙස රුධිරයට එක්‌වීම සිදු වන අතර මෙන්න මේ ක්‍රියාවලි නිසා සිරුරේ ඇති වන රෝගයක්‌ ලෙස ගැස්‌ට්‍රයිටීස්‌ හඳුන්වා දිය හැකියි.

* මෙම ගැස්‌ට්‍රයිටීස්‌ තත්ත්වය සිරුරට ඇති කරන බලපෑම් මොනවාද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - ආහාර ජීර්ණය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා සිරුරේ සෛලවලට නිසි පරිදි පෝෂණය නොලැබීම සිදුවීම ඇරඹේ. මෙම ක්‍රියාවලිය සිරුරේ ආම රසය වැඩි වීම තුළින් තව තවත් තීව්‍ර වීම සිදු වේ. ඒ අනුව මෙම ගැස්‌ට්‍රයිටීස්‌ තත්ත්වය නිසා සිරුරේ සාන්ද්‍රව සෛලවලට නිසි පරිදි පෝෂණය නොලැබීම නිසා විවිධ ආබාධ ඇති වීම ඇරඹේ. ඒ අනුව එම විෂ කොටස්‌ වැඩි වීම තුළින් එම විෂ කොටස්‌a තෝරා ගත් පද්ධති හා අවයව ආක්‍රමණය කළ විට ඒවායෙන් විවිධ රෝගාබාධ ඇති වීම සිදු වේ. ඒ අනුව එම විෂ මුත්‍රා පද්ධතිය ආක්‍රමණය කළේ නම් වකුගඩු, මුත්‍රා රෝග, සිරුරේ අධෝභාගය නම් මළ පිටවීම අක්‍රමවත් වීම අර්ශස්‌ තත්ත්ව ලෙස ඒ ඒ පද්ධති ආශ්‍රිතව විවිධ රෝග ඇති විය හැකියි.

* මෙම රෝගය වැළඳුණු අයෙක්‌ ඒ බව දැනගන්නේ කෙසේද? මෙහි රෝග ලක්‌ෂණ මොනවාද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - රෝග ලක්‌ෂණ අධිකයි. විවිධාකාරයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒවා වෙනස්‌ විය ද හැකියි. ඒ අතරිනුත් බඩ පපුව දැවිල්ල, උගුරට ඒම, කැරකිල්ල, වමන ගතිය, ක්‌ලාන්තය, දහදිය දැමීම, ඇඟපත අමාරුව, හන්දි වේදනාව, හිස කැක්‌කුම, කොන්ද කැක්‌කුම, පපු පෙදෙසේ ඇති වන වේදනාව, උදරයේ හිස්‌ බවක්‌ දැනීම, අලස බව, අධිකව කේන්ති යැම, නිදිමත ගතිය, මළ පිට වීමේ අක්‍රමවත් බව ආදී ලෙස රෝග ලක්‌ෂණ රැසක්‌ම ඇති විය හැකියි. විශේෂයෙන්ම කිව යුත්තේ සිරුරේ ඇතිවන ආම රසය රක්‌ත ධාතුව හරහා කුමන හෝ ඉන්ද්‍රිය පද්ධතියකට ඇතුළු වූයේද එම පද්ධතිය ආශ්‍රිතව කුමක්‌ හෝ රෝග ලක්‌ෂණයක්‌ පහළ වීම සිදු වේ.

* මෙම රෝගීන් වැළකිය යුතු ආහාර හෝ වෙන යම් දේවල් තිබෙනවාද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ නියමිත පරිදි ආහාර වේල් නිසි පරිදි ගත යුතු වීමයි. අධික වේලාවක්‌ කුසගින්නේ නොසිටිය යුතු අතර හැකි තරම් විෂ සහිත ආහාරවලින් (ක්‌ෂණික) වැළකිය යුතුයි. එළවළු, පළතුරු වැඩි වැඩියෙන් ආහාර සඳහා එකතු කරගත යුතු අතර මස්‌ මාංශ වැඩිපුර ගැනීමෙන් ද වැළකිය යුතුයි. උෂ්ණාධික ආහාර වර්ගවලින් හැකි සැම විටම ඈත්ව සිටිය යුතු අතර දුම්පානය, මත්පැන් පානයද මෙම රෝගීන්ට බොහෝ අකැපය.

* ආයුර්වේද ප්‍රතිකාර මගින් මේ රෝගය සුව කළ හැකිද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - නිසි ආයුර්වේද වෛද්‍යවරයකු කරා ගොස්‌ ඔවුන් ලබාදෙන ඖෂධ නිවැරදි ලෙස පාවිච්චි කළොත් මේ රෝගය නිට්‌ටාවටම සුව කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා සැකසූ සුදුසුම ප්‍රතිකාර විදි ආයුර්වේදය සතුව තිබෙනවා. නිවැරදි ලෙස රෝග ලක්‌ෂණ හඳුනාගෙන ප්‍රතිකාර ලබාදීම තුළින් ගැස්‌ට්‍රයිටීස්‌ සුව කර ඒ නිසාම ඇති වූ අනිකුත් රෝගාබාධයන්ද සුව කර ගත හැකියි.

gas1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Dec 2017 05:24 PM

otisum

Autism චිකිත්සාවේදී රෝගයට හේතු වූ කාරණාවට අනුව චිකිත්සාව සිදුÊකරනවා. එනම් ප්‍රතිකාරයේ විශේෂත්වය වන්නේ රෝගියාගෙන් රෝගියාට යොදවන ඖෂධ හා ප්‍රතිකාර පන්තිය වෙනස්‌ බවක්‌ ගැනීම. තවද විස්‌තර කළහොත් වාතජ උන්මාදයේදී යොදන චිකිත්සාව සහ කඵජ උන්මාදයේදී යොදන චිකිත්සාව වෙනස්‌.

ආයුර්වේද චිකිත්සාව නැවත ප්‍රධාන කාණ්‌ඩ 2 කට බෙදනව.

1) දේව ව්‍යපාශ්‍රය චිකිත්සාව (confidence building tx)

සිරිත් විරිත් පුද පූජා මගින් නොපෙනෙන එනම් අදෘශ්‍යමාන බලවේග වලින් එන රෝග තත්ත්ව වලින් ආරක්‍ෂාව සලසනවා. සමහර විට විෂබීජ (micro Organism) වලින් එන රෝග තත්ත්ව මෙලෙස සලකන්න පුළුවන්.

2) යුක්‌ති ව්‍යපාශ්‍රය චිකිත්සාව (Rational Medical Mx)

රෝගියාගේ ප්‍රකෘතිය, රෝග ලක්‍ෂණ සලකා බලා ඔහුට නිසි පරිදි ආහාර, ඖෂධ, විහරණ යෙදීම සිදු කරනවා.

3) සත්වාවජය චිකිත්සා (Mind or self control techniques)

බුද්ධිමය, චර්යාමය හා ආධ්‍යාත්මික පුහුණු කිරීම් මගින් මනසේ නිසි ක්‍රියාව පවත්වා ගැනීම. සාමාන්‍ය ආයුර්වේද චිකිත්සාව ප්‍රධාන කොටස්‌ 4 කින් සමන්විත වෙනව. (Rationdal Ay. Tx is carried out in four parts)

1) දොaෂ සමනය කිරීම. (Dosha Samsamana Therapy)

2) දෝෂ බැහැර කිරීම. (Sansodhana or Panchakarma)

3) නිදාන පරිවර්ජන (Avoidance of cavsative factors)

4) පත්‍ය ආහාර විහාර (Favourable diets regimens) eg) Proper life style & diet therapy Speech therapy Occupational therapy Yoga Meditation Music therapy (සමහර මන්ත්‍ර වර්ග)

ලබන සතියට

otisum1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Dec 2017 05:38 PM

pakinsanප්‍රශ්නය - පසුගිය සතියේදී අප කතා කළේ වඳුරු මෑ සහ ලුණුවිල යන ශාක මගින් පාකින්සන් රෝගය සඳහා කළ හැකි බලපෑම ගැනයි...

වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර- මෙහිදී වැදගත් යමක්‌ සඳහන් කළ යුතු වෙනවා. පාකින්සන් රෝගය වැළඳුන සමහරු, අංශභාග රෝග තත්ත්වයට පත්වන අවස්‌ථා තිබෙනවා. මේ රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා බටහිර වෛද්‍ය විද්‍යාව මගින් විවිධ යන්ත්‍ර සූත්‍ර සහ ඖෂධ සොයාගෙන තිබෙනවා. ඒත් නවීන විද්‍යාවට හැකියාවක්‌ නැහැ පාකින්සන් රෝගය සුව කරන්න. අඩුම ගාණේa මේ රෝගය වැළඳීමට බලපාන කිසිදු නිශ්චිත සාධකයක්‌ සොයා ගන්නටත් නවීන විද්‍යාවට බැහැ. ආයුර්වේදය කියන්නේ අවුරුදු 5000 කටත් වඩා ඉතිහාසයක්‌ තිබෙන ස්‌වභාවික විද්‍යාවක්‌. ආයුර්වේදයේ පීඩාකාරී ප්‍රතිකාර නැහැ. සැත්කම් හරිම අඩුයි. අද අප නැවත වතාවක්‌ ඉදිරිපත් කරන්නේ පාකින්සන් රෝගයට ආයුර්වේද ක්‍රමයට ආහාර විහරණ කළ යුතු ආකාරය ගැනයි.

1. පිටිවලින් කළ ආහාර ගන්නවා නම් තිරිඟු, කඩල සහ බාර්ලි පිටි පමණක්‌ යොදාගන්න.

2. පිපිඤ්ඤ, කරවිල, තක්‌කාලි යන මේ ද්‍රව්‍යවලින් එකක්‌ ගෙන එහි යුෂ මිලිලීටර් 200 බැගින් උදේ හවස පානය කරන්න.

3. කොහොඹ යුෂ මගින් පාකින්සන් රෝගීන්ට උසස්‌ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. කොහොඹ කොළ මැල්ලුම්, පිසින ලද කොහොඹ කොළ, කොහොඹ යුෂ මේස හැඳි දෙක තුනක්‌ පමණ ගැනීම පාකින්සන් රෝගීන්ට ඉතා හොඳයි.

4. මෙයට පෙර අවස්‌ථා කිහිපයකදී සඳහන් කළ පරිදි අශ්වගන්ධ තෛලය යොදා ශරීරය සම්භාහනය කිරීම පාකින්සන් රෝගීන්ට ඉතාම ගුණයි.

මෙය පෝලියෝ රෝගය වැළඳුණු දරුවන්ටත් ඉතාම හොඳයි.

5. ඔබේ මොළයේ සෛල ප්‍රාණවත් කරන ආහාර කෙරෙහි යොමු වන්න. කිරි සහ කොට්‌ටම් මද (ආමන්ඩ්) ඒ සඳහා ඉතාම යෝග්‍ය බව සඳහන් කළ යුතුයි. ලුණුවිල මැල්ලුමත් අත්‍යවශ්‍යයි.

6. මතක තබා ගන්න මොළයේ සෛල වර්ධනයට එළකිරි ප්‍රයෝජනවත් වුවත් මීහරකුන්ගේ කිරි පානය කිරීමෙන් හෝ මුදවා අනුභව කිරීමෙන් පාකින්සන් රෝග ලක්‍ෂණ වැඩිදියුණු වන බව.

7. අශ්වගන්ධ චූර්ණය ග්‍රෑම් 2-5 අතර ප්‍රමාණයක්‌ එළකිරි සමග මුසු කර දිනකට දෙවරක්‌ පානය කිරීම ඉතා හොඳයි. කිරි නොදිරවීමේ ප්‍රශ්නයක්‌ ඔබට තිබේ නම් ඒ වෙනුවට අශ්වගන්ධාරිෂ්ඨය පානය කළ යුතුයි. හැබැයි ඊට ප්‍රථම වෛද්‍ය උපදෙස්‌ ලබාගත යුතුමයි.

ලබන සතියට

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

pakinsan1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Dec 2017 05:48 PM

kondaඔහු ගැන අපට දැන ගන්නට ලැබුණේ අහම්බෙනි. ඒ අපගේ මිතුරකු වෙතිනි. මිතුරාගේ 16 හැවිරිදි දියණියගේ කොඳු ඇට පෙළ ඇද වී තිබිණ. එය ඇද වන්නට පටන් ගන්නේ ඇය 8 වන වියෙහි පසුවන විටය. මුලින්ම දුන්නක හැඩයට ඇද වෙන්නට පටන් ගත් කොඳු ඇටය ක්‍රමයෙන් S අකුරේ හැඩය දක්‌වා ගියේය. මුල සිටම විවිධ වෛද්‍ය ප්‍රතිකාර කෙරෙහි නැඹුරු වී සිටි මගේ මිතුරා ඉන් පළ නොලැබ අවසානයේදී විකලාංග චිකිත්සකයකු මගින් ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමුවිය.

"මෙතැනදී කරන්න තියෙන්නේ Open Suygery එකක්‌ කරලා කොඳු ඇට පෙළට PIN ගහන එක." ශල්‍ය වෛද්‍යවරයා අපේ මිතුරාට කීවේය. "හැබැයි ලක්‍ෂ 30 ක්‌ විතර යාවි..."

ඊළඟට මිතුරා කළේ Second Opnion ලෙස හැඳින්වෙන 'විකල්ප අදහසක්‌' ලබා ගැනීම සඳහා වෙනත් ශල්‍ය වෛද්‍යවරයකු හමුවීමය.

"ඕකෙ මෙන්න මෙහෙම ප්‍රශ්නයක්‌ තියෙනවා. කොඳු ඇටය දිගට පින් දමලා කෙලින් කළාම පින් කැඩෙන අවස්‌ථා තියෙනවා. ඒක අවදානම් තත්ත්වයක්‌. මොකද පුංචි ළමයකුට කියන්න බැහැනේ මෝල්ගහක්‌ ගිල්ල වගේ පැය 24 ම කෙළින් ඉන්න කියලා."

අපේ මිතුරගේ සිහිය විකල් විය. දියණියගේ ඉනේ සිට උරහිස දක්‌වා වූ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ඇදවීම නිසා ඉමහත් විකෘති සහගත බවක්‌ දැක්‌වින. ඇදවුන කොඳු ඇට කෙළින් කරන වැලිගම එම්. ඒ මදනායක නමැති දේශීය වෛද්‍යවරයා ගැන ඔහුට දැන ගන්නට ලැබෙන්නේ ඒ අතරය. එතැන් සිට කතාව අප මිතුරාගේ වචනයෙන් මෙසේය.

"මේ වෛද්‍යවරයා කොඳුඇට පෙළ කෙළින් කරන්නේ කිසිම සැත්කමක්‌ නොකර අතින්මයි. ඔහු මුලින්ම කොඳු ඇට පෙළ දිගේ තෙල් වර්ගයක්‌ ගාලා සම්බාහනය කරනවා. ඊට පස්‌සේ ඇදවුණ ඇට පුරුක්‌ හෙමින් හෙමින් කෙළින් කරනවා. ඒ විදියට මාස 6 ක්‌ විතර ප්‍රතිකාර කරන කොට කොඳු ඇට පෙළ 80% ක්‌ විතර කෙළින් වෙලා. ඉතිරියට තව මාස 2 ක්‌ විතර යනවා.

මදනායක වෛද්‍යවරයා මේ සියල්ල කරන්නේ සියතිනි. ඒ සඳහා ඔහු රෝගියා තම වෙදහලේ නවත්වා ගනී. රෝගියා ඔහුදෙන කසාය පානය කළ යුතු අතර ඔහු දෙන ආහාර ගත යුතුය. ඔහුගේ විස්‌මිත හැකියාව සියෑසින් දැක ගනිමින් ඔහු සමග පැවැත්වූ සාකච්ඡා පෙළක්‌ ඔබ වෙත ගෙන එමු.

ප්‍රශ්නය - පසුගිය සතියේදී අප සාකච්ඡාව අවසන් කරන්නේ රෝගී කාන්තාවක පිළිබඳ සිද්ධි අධ්‍යයනයක ආරම්භයේදී. ඒ පුවත යළිත් මතක්‌ කරනවානම්, ඔබ හමුවීමට ගෙන එනවා හැට හැවිරිදි කාන්තාවක්‌. ඇයට ඇවිද යන්නට බැහැ. ඇයට මුලින්ම තිබිල තියෙන්නේ කොන්දේ අමාරුවක්‌. ඊට පස්‌සෙ ඒවා ඇඟේ පාද දක්‌වා පැතිරෙනවා. ක්‍රමයෙන් ඇයට බැරිවෙනවා පාද බිම තබමින් ඇවිදින්නට...

වෛද්‍ය එම්. ඒ. මදනායක - ඔව්. ඇයව රැගෙන එන්නෙ මෙට්‌ටයක තබාගෙන. සතියක ප්‍රතිකාරවලින් පස්‌සේ ඇය කෙළින් සිටින තත්ත්වයට පත්කරන්නට අපට පුලුවන් වෙලා තිබෙනවා.

ප්‍රශ්නය - ඇයට ඇවිද්දන්නට බැරිව ගියේ කොහොමද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - ඇයගේ කොන්දේ ස්‌නායු තෙරපීමකට ලක්‌වෙලා තිබුණා. ස්‌නායු තෙරපීම පටන් ගත්ත මුල් අවස්‌ථාවේ ඇයගේ කොන්ද වේදනා දෙන්නට පටන් ගන්නවා. ඊළඟට තෙරපීම තව වැඩිවනවිට වේදනාව කකුල් දක්‌වා පැතිරෙනවා. මෙහෙම ගිහින් එක්‌ අවස්‌ථාවක්‌ එනවා මොළයෙන් දෙන සංඥ සුසුම්නාව දිගේ තවදුරටත් පහළට ගමන් නොකරන. එතැනදී තමයි ඇයට ඇවිදීමට බැරි වන්නේ.

ප්‍රශ්නය - ඔබ ඇයව සුව කරන්නේ කොහොමද?

konda1වෛද්‍ය එම්. ඒ. මදනායක - තනිකරම තෙල් සහ කසාය මගින්. ඒ එක්‌කම සම්බාහනය මගින්. මා ඔබට ගිය වතාවෙත් කිව්වා ශාක සාර ඖෂධ සීමිත ප්‍රමාණයක්‌ යොදා සකස්‌ කරගත් තෙල් වර්ග අප ළඟ තිබෙනවා කියලා. මේ තෙල් ගාලා කොඳු ඇට පෙළ අතින් සම්භාහනය කරන කොට ඇට අතර තෙරපුම අඩුවෙලා සුසුම්නාව ලිහිල් වෙන්නට පටන් ගන්නවා. මේ ලිහිල් වීම තුළ මොළයෙන් නිකුත් කරන සංඥ නැවත වතාවක්‌ සුසුම්නාව දිගේ ශරීරයේ පහළට ගමන් කරන්නට පටන් ගන්නවා.

ප්‍රශ්නය - කසාය මගින් කරන්නේ මොනවාද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - ශරීරයේ ප්‍රතිශක්‌තිකරණය වැඩිකර රුධිරයේ විෂ ගතියක්‌ එහෙම තිබේනම් ඒ තත්ත්වය නැති කිරීම තමයි කසායවල අරමුණ. කසාය කියන්නේ ආමාශය තුළට යන දෙයක්‌. එතැනින් ජීර්ණ ක්‍රියාවලියට ලක්‌වුණාට පස්‌සේ කසායවල ඖෂධීය සාරය කෙළින්ම උරාගන්නේ රුධිරයටයි. ඊට පස්‌සේ රුධිර සංසරණ ක්‍රියාවලිය හරහා ඒ සාරය මුළු ඇඟ පුරාම යනවා. රෝගියාගේ කායික වර්ධනය ඇතිකරනවා.

ප්‍රශ්නය - සුසුම්නාව තෙරපීමට හේතු මොනවාද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - සුසුම්නාව තෙරපෙන හේතු කිහිපයක්‌ තිබෙනවා. පළමුවැනිව එය කොඳු ඇට පුරුක්‌ නිසා සිදුවෙනවා. දෙවනුව රුධිරය නිසා මේ තෙරපුම ඇතිවෙනවා. තෙවනුව කොඳු ඇට පෙළ මත හෝ එය ආශ්‍රිතව හටගන්නා තුවාලයකින් නිකුත්වන සැරව නිසා මෙය පීඩනයට පත්වෙනවා. ඊළඟට පිළිකාවක්‌ හෝ අර්බුදයක්‌ හටගැනීම නිසා මෙය පීඩාවට පත්වනවා. එහෙමත් නැත්නම් කොඳු ඇට පුරුක්‌ දෙකක්‌ එකිනෙක ගැටීමට පටන්ගැනීමෙන් ඒ දෙක අතර පරතරය අඩුවී ඒ මැදින් යන සුසුම්නාව ඇතිලීමෙන් තෙරපීම සිදුවනවා.

ප්‍රශ්නය - මෙහි රෝග ලක්‍ෂණ මොනවාද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - කොන්ද වේදනාදීම, අසාමාන්‍ය හිරියක්‌ කොන්ද දිගේ ඉහළට හෝ පහළට පැතිර යාම, මාංශ පේෂීන් දුර්වල වීම, මුත්‍රා බොක්‌කේ සහ අන්ත්‍ර ක්‍රියාකාරීත්වය අඩුවීම, තමයි මෙහි මූලික රෝග ලක්‍ෂණ. සාමාන්‍යයෙන් සුසුම්නාව පිහිටා තිබෙන්නේ කොඳු ඇට පෙළ මැදින් එම ඇට පුරුක්‌වල ආරක්‍ෂාව මතයි. සමහර විට මේ තෙරපීම නිසා විනාඩි කිහිපයක්‌ පමණක්‌ පවතින රෝග ලක්‍ෂණ ඇතිවෙනවා. තවත් විටෙක සති කිහිපයක්‌ හෝ මාස කිහිපයක්‌ පවතින රෝග ලක්‍ෂණ ඇතිවනවා. මේ කොයික ආවත් භයානකයි. අවසානයේදී රෝගියා අකර්මන්‍ය වීම තමයි සිදුවන්නේ.

ප්‍රශ්නය - අපි හිතමු රුධිර තෙරුපුමක්‌ නිසා කොඳු ඇට පෙළ තෙරපී සුසුම්නාව පීඩනයට පත්වෙලා එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ශරීරය අකර්මන්‍ය වුණා කියලා. ඒ වගේ වෙලාවක ඔබ ප්‍රතිකාර කරන්නේ කොහොමද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - මම මේ තෙරපුම නැති කරන්න ප්‍රධාන ක්‍රමවේදය හැටියට යොදා ගන්නේ කොඳු ඇට පෙළ මත තෙල් යොදා සම්භාහනය කිරීමයි. මෙහෙම සම්භාහනය කරගෙන යනවිට අර ඖෂධීය තෙල් කොඳු ඇට පෙළට කාන්දු වෙන්නට පටන් ගන්නවා. ඊළඟට කොඳුඇට එකිනෙක ගැටෙනවානම් කිසියම් ප්‍රමාණයකට ඒවා ඈත් කරගන්නට අපට පුලුවන්. එහෙම ඇත් වුණාම සුසුම්නාවේ පීඩනය නැතිවෙලා යනවා. එවිට මොළයේ තිබෙන මධ්‍ය ස්‌නායු පද්ධතියෙන් නිකුත් කරන සංඥ සුසුම්නාව දිගේ ශරීරය පුරා ගමන් කර අවයව ක්‍රියාත්මක වීම යථාතත්ත්වයට පත්වෙනවා.

නොමිලේ විස්‌තර සඳහා 0412251321/ 0710827836

සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

konda2

konda3

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Dec 2017 03:55 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Dec 2017 06:52 AM
අවසාන ලිපි පෙල කාටහරි ප්‍රයෝජනවත් වෙන්න පුලුවන් හින්දා මම සේව් කලා. ස්තූතියි මල්ලි.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Dec 2017 05:18 PM

 
උදැසන ආහාරය ගැනීම
 
brrkfstශරීර බර අඩු කිරීමට අදාළ ජාන වර්ධනය කිරීමටත්, රුධිරගත ග්ලූකෝස්‌ හා ඉන්සියුලින් ප්‍රමාණයන් පාලනය කරමින් දෙවැනි ඝනයේ දියවැඩියාව රෝගයට ගොදුරු වීමෙන් වැළැක්‌විමට හේතුවන බව නවතම බටහිර අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.
 
 ඊශ්‍රායලයේ ටෙල් අවීව් හා ජෙරුසෙලමේ හීබෘ යන විශ්වවිද්‍යාලයන්හි පර්යේෂකයින් පිරිසක්‌ විසින් තරබාරු තත්ත්වයේ පසුවන සේවකයින් ඇතුළු ස්‌වෙච්චා සේවකයින් 36 දෙනකු යොදාගෙන සිදුකරන ලද මෙම අධ්‍යයනයට අනුව මෙම කරුණු හෙළිවී තිබේ.
 
 මෙම අධ්‍යයනය මෙහෙය වූ ටෙල්අවීව් විශ්වවිද්‍යාලයෙහි ඩැනියෙලා ජාකුබෝවික්‌ස්‌ට අනුව යමෙකු දවසේ වැදගත්ම ආහාර වේල සිය උදැසන ආහාරය නොගෙන සිsටියහොත් ශරීරයෙහි බර අඩුවීමට හේතු වන ජාන අඩුවෙන් වර්ධනය වන අතර දවසෙහි අනිකුත් ආහාර වේල් නියමිත පරිදි ගත්තද එම තත්ත්වයෙහි වෙනසක්‌ නොවේ. ඇයට අනුව උදැසන 9.30 ට පෙර සිය උදැසන ආහාර වේල ගැනීමෙන් අයෙකුගේ මුළුමහත් ශරීරය පුරාම ජීර්ණ ක්‍රියාවලිය හා විවිධ සෛල අතර ද්‍රව්‍යයන් ප්‍රවාහනය කිරීම යන කාර්යයන් වර්ධනය කිරීමටත් ශරීරයේ බර අඩු කිරීමටත්, දෙවැනි ඝනයේ දියවැඩියාව හා අනෙකුත් වයස හා සම්බන්ධ රෝග තත්ත්වයන්ට මුල් වන සංකූලතාවන් ඇතිවීම පමා කිරීමටත් හේතුවේ.
 
 මෙම අධ්‍යයනය මෙහෙයවූ පර්යේෂකයින්ට අනුව ලොව පුරා බොහෝ රටවල ළමුන් හා යෞවනයින්ගෙන් 1/3 ක්‌ පමණ දෙනා නිරතුරුව සිය උදැසන ආහාර වේල මඟහරී.
 
 වෙනත් අධ්‍යයනවලදී අනාවරණය වී ඇත්තේ උදැසන ආහාර වේල මඟහැරීම තරබාරු බවට හේතු වන බවයි. මෙම කරුණුවලින් පෙනී යනුයේ උදැසන ආහාර වේල ශරීරයෙහි බර පාලනය කිරීමේ මාධ්‍යයක්‌ ලෙස යොදා ගත හැකි බව යෑයි පර්යේෂකයෝ පෙන්වා දෙති.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Dec 2017 05:22 PM



influ1සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක ලක්‌ෂණ පෙන්වන මෙය වෛරස්‌ රෝගයකි. මේ වෛරසය මගින් උණ හා සෙම්ප්‍රතිශ්‍යාව බහුලව පැතිරේ. ඇතැම් විට මෙය දරුණු රෝග තත්ත්වයක්‌ දක්‌වා ද ව්‍යාප්ත විය හැක.

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය වර්ග කිහිපයක්‌ ඇත. එනම් A, B සහ C යනුවෙනි.

පසුගිය කාලවලදී A වර්ගය බහුලව පැතිරිණි. AHINI, ලෙස හැඳින්විය. මෙය ද අසාධ්‍ය රෝග තත්ත්වයක්‌ දක්‌වා ව්‍යාප්ත වේ. A වර්ගයේ ඉන්ෆ්ලුවෙන්සා උණ ලෙස හැඳින්වෙන කුරුල්ලන්ට හා ක්‍ෂිරපායින්ට වැළඳෙන වෛරසය බෝවෙන්නේ ආසාදිත ක්‍ෂිරපායින්ගේ කැස්‌ස, කිවිසුම මගින් පිටවන වෛරස රැගත් සෙම බිඳු මගින් හා පක්‌ෂීන්ගේ වසුරු මගිනි. තවද ෙ€ටය, සොධු මළපහ, හා රුධිරය මගින් ද රෝගය බෝවිය හැකිය.

නමුත් මේ දිනවල B වර්ගය පැතිරෙමින් පවතී. එයින් ප්‍රවේශම් නොවුනහොත් ඇතිවන ප්‍රතිවිපාක දරුණුය.

මෙය Orthomyxoviridae වර්ගයට අයත් වෛරසයකි. මනුෂ්‍ය ශරීරය තුළ මෙය ව්‍යාප්තවීම A වෛරසයට වඩා සෙමින් වූවද C වෛරසයට වඩා වේගයෙන් ව්‍යාප්ත වේ.

මේ වෛරසය ඉන්ෆ්ලුවෙන්සා A. ඉන්ෆ්ලුවෙන්සා B හා ඉන්ෆ්ලුවෙන්සා C ලෙස වර්ග තුනකි. මෙයින් වඩාත් බරපතළ වන්නේ ඉන්ෆ්ලුවෙන්සා A මගින් ඇතිවන රෝගී තත්ත්වයයි. රෝගියාට ඇතුළු වන වෛරසයේ ස්‌වභාවය අනුව රෝග ලක්‌ෂණ සහ එය කෙතෙක්‌ දුරට ව්‍යාප්තවේ ද යන්න තීරණය වේ.

මෙම රෝගය සාමාන්‍යයෙන් දින 5 ක්‌ හෝ සතියක්‌ අතර කාලයක්‌ පවතී. මෙම රෝගයේ රෝග ලක්‌ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌ වේ.

ඉන්ෆ්ලුවෙන්සාව පැතිරෙන ආකාරය

මෙයට ඔරොත්තු දීම සඳහා ප්‍රතිශක්‌තියක්‌ නොමැති අයට මෙය පහසුවෙන් වැළඳිය හැක.

* එමෙන් ම මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාටද පැතිරී යයි.

* මෙම රෝගය වැළඳුණු පුද්ගලයෙක්‌ කිවිසුම් යෑවීම, කැහීම, සොටු කෙළ ආදිය අනෙක්‌ අයට ස්‌පර්ශ වීමෙන් මෙය පැතිරී යයි.

* ඌරු උණ (HI,N1), කුරුලු උණ (HIN5) මෙවැනිම තත්ත්වයේ වෛරස්‌ මේවා සතුන්ගෙන් මිනිසුන්ට පැතිරී ලොව පුරා පැතිරී ගොස්‌ තිබේ.

වැළඳීමේ වැඩි අවදානමක්‌ ඇති පුද්ගලයන්

* වයස අවුරුදු 2 ට අඩු කුඩා දරුවන්
* වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන්
* ගර්භණී මවුවරුන්

ප්‍රතිශක්‌තිය හීන වූ පුද්ගලයන් (රෝගී තත්ත්වයක්‌ හෝ විශේෂ ඖෂධ භාවිතය හේතුවෙන්)

දියවැඩියා රෝගී

හෘදය, අක්‌මාව, වකුගඩු ආශ්‍රිත රෝගි තත්ත්වයෙන් පෙළෙන්නන්

රෝග ලක්‌ෂණ

* හිස කැක්‌කු
* නාස්‌ පුඩු අවහිරවීම නිසා හුස්‌ම ගැනීමේ අපහසුතාව ඇතිවීම
* උගුරේ වේදනාව
* පේශී වේදනාව
* වමනය
* ඔක්‌කාරය
* මහන්සිය

රෝගය උත්සන්න වූ විට කුඩා ළමුන්ට හා වැඩිහිටියන්ට මාරාන්තික නියුමෝනියා තත්ත්වය ද ඇතිවිය හැක.

ඇතැම් අවස්‌ථාවලදී මෙය සාමාන්‍ය කැස්‌ස හෙම්බිරිස්‌සාව ලෙස වරදවා වටහා ගත්ත ද ඒ හා සාමාන රෝග ලක්‌ෂණ ඇති ඉන්ෆ්ලුවෙන්සාව, Bට වඩා බරපතළ වෙනස්‌ වූ වෛරස කාණ්‌ඩයක්‌ නිසා ඇති කරන රෝගී තත්ත්වයකි.

විශේෂයෙන්ම කුඩා ළමුන්ට මෙමගින් වමනය හා ඔක්‌කාරය වැනි රෝග ලක්‌ෂණ ඇති කරයි. නමුත් මෙම රෝග ලක්‌ෂණ සාමාන්‍ය බඩේ අජිර්ණයක්‌ හෝ පාචන තත්ත්වය ලෙස වැරදි අවබෝධයක්‌ ඇති විය හැක. එබැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වී සුදුසුකම් ලත් වෛද්‍යවරයකු ලවා පරීක්‌ෂා කරගත යුතුය.

සංකූලතාවන්

පෙනහලුවලට ආසාදනය සිදුවීම නිසා නියුමෝනියා තත්ත්වය ඇතිවීම හෘදය වස්‌තුව වටා ඇති පටල ආසාදනය වීම නිසා හෘදයේ ක්‍රියාකාරීත්වය අඩාල වීම මොළයට ව්‍යාප්තවීම නිසා මොළයේ උණ ඇතිවීම සහ එමගින් අපස්‌මාරය වලිප්පුව වැනි රෝග ඇතිවීම ගර්භණී මවුවරුන්ට වැළඳීමෙන් එය කළලයට බලපෑම මගින් දරුවාගේ වැඩීම බාල වීම සහ මරණයට පවා පත්විය හැකිය.

ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් වැළකෙන අයුරු

රෝගීන් නිතරම මුඛ ආවරණ පැළඳ සිටීම වඩා ආරක්‌ෂාකාරී වේ.

එමෙන් ම අනෙක්‌ අයත් පොදු ස්‌ථාන වලදී මුඛ ආවරණ පැළඳීමෙන් හෝ වෙනත් අයුරකින් හෝ වඩාත් පරීක්‌ෂාකාරීවීම සුදුසුය.

නිතර සබන් ගා අත් සේදීම

රෝගීන් කහින සහ කිවිසන විට ඉවත දැමිය හැකි පිරිසිදු ටිෂූ භාවිත කරමින් නාසය හා කට වසා ගැනීම හා එම ටිෂූ ක්‍රමාණුකූලව බැහැර කිරීම

ජනාකීර්ණ ස්‌ථානවලට යැමෙන් වැළකී සිටීම

ආරක්‌ෂිත සත්ත්ව පාන ක්‍රම භාවිතය

ආහාර පිළියෙල කිරීමට නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම

ව්‍යාප්ත වීම

සෘතුමය වෙනස්‌කම් අනුව රෝගය ලොව පුරා ව්‍යාප්ත වේ.

මෙමගින් ලොව පුරා වසංගත අවස්‌ථාවන් හිදී රෝගීන් මිලියන ගණනින් ද මරණයට පත්වේ.

වළක්‌වා ගැනීම සහ ප්‍රතිකාර

රෝගයට ප්‍රතිකාර ලෙස Oseltamivir Zanamivir,and Peramivir වැනි ඖෂධ වර්ග භාවිත කරනු ලැබේ.

හොඳින් විවේක ගැනීම

රෝගය සම්පූර්ණයෙන් සුව වීමට ප්‍රථම පාසල් හෝ රැකියාවට හෝ නොයා යුතුය. එමගින් සිදු වන්නේ නොදැනීම රෝගය උත්සන්න වීමයි. පෝෂ්‍යදායි ආහාර ගැනීම වඩාත් සුදුසුය.

දියර වර්ග වැඩිදුර භාවිතය ද සුදුසුය. මෙයින් විජලනය වළක්‌වා ගත හැක. ඔබට හෝ ඔබගේ පවුලේ කෙනෙකුටහට පෙර සඳහන් කළ රෝග ලක්‌ෂණ වැළඳී ඇත්නම් ඉක්‌මන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමට වගබලා ගත යුතුයි.



සර්වාංග රෝග පිළිබඳ වෛද්‍ය රම්‍යා එල්. ප්‍රේමරත්න

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Dec 2017 05:46 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Dec 2017 05:46 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Dec 2017 04:39 PM

suwa7 2ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකුගෙන් නිර්දේශයක්‌
 
 - අධි මාත්‍රාවක්‌ ගැනීමෙන් සිදුවන -
 
 විෂ වීම් වැඩිවීම හේතුවෙන් මින් ඉදිරියට කැස්‌ස හා සෙම්ප්‍රතිශ්‍යාව සඳහා දැනට ළදරුවන්ට හා ළමුන්ට නිර්දේශ කරනු ලබන බටහිර සිරප් වර්ග වෙනුවට ඔවුනට පැරැණි සාම්ප්‍රදායික ක්‍රමයට අනුව මී පැණි හා ලෙමන් යුෂ ලබා දීමට පියවර ගත යුතු බව එක්‌සත් රාජධානියේ ප්‍රධාන පෙළේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන ළමා රෝග හා ළමා සෞඛ්‍යය පිළිබඳ රාජකීය සංගමයේ වෛද්‍ය ඔලිවර් බෙවින්ටන් ප්‍රකාශ කර තිබේ.
 
 වෛද්‍ය බෙවින්ටන්ට අනුව අධි මාත්‍රාවන් ගැනීම නිසා කැස්‌ස හා සෙම්ප්‍රතිශ්‍යාව සඳහා භාවිත කරනු ලබන බටහිර සිරප් වර්ග ළදරුවන්ට විෂ වීමේ සිදුවීම් ප්‍රමාණය වැඩි වෙමින් පවතින අතර එම සිරප් වර්ගවලින් නරකක්‌ මිස සිදුවන යහපතක්‌ ඇති බව මෙතෙක්‌ සනාථ වී නොමැත.
 
 "මෙම සිරප් වර්ගවලින් කැස්‌ස හෝ සෙම්ප්‍රතිශ්‍යාව සුවකරන බවට මෙතෙක්‌ කිසිදු සාක්‍ෂියක්‌ ලැබී නැත" වෛද්‍ය බෙවින්ටන් සඳහන් කර ඇත.
 
 ළමා වියෙහි ඇති වන කැස්‌ස සහ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයන් සඳහා ප්‍රමාණවත් විවේකය, වැඩි වශයෙන් දියරයන් ලබාදීම හා අවශ්‍ය නම් පැරසිටමෝල් වේදනා නාශකය ලබා දීමෙන් පහසුවෙන් සුවකර ගත හැකි බව ඔහුගේ අදහස වී තිබේ. කෙසේ වුවද පැරසිටමෝල් පවා අධි මාත්‍රාවක්‌ ගැනීමෙන් ළමුන්ට මෙන්ම වැඩිහිටියන්ට සිදුවන විෂ වීම් ප්‍රමාණය වැඩිවෙමින් පැවතීම මත කැස්‌ස හා සෙම්ප්‍රතිශ්‍යාව සඳහා බෙහෙතක්‌ ලබා දෙන්නේ නම් මී පැණි හා ලෙමන් යුෂ වඩාත් යෝග්‍ය බව වෛද්‍ය බෙවින්ටන් කියා සිටී.
 
 එක්‌සත් රාජධානියේ ජාතික සෞඛ්‍යය පද්ධතිය විසින් දැනටමත් රෝහල්වලට නොමිලයේ ලබා දෙන සිරප් වර්ග සඳහා අරමුදල් මින් ඉදිරියට නොසපයන බව ප්‍රකාශ කර ඇතැයි "ද ටෙලිග්‍රාෆ්" පුවත්පත විසින් වාර්තා කර තිබේ.
 
 කැස්‌ස හා සෙම්ප්‍රතිශ්‍යාව සඳහා නිර්දේශ කරනු ලබන බෙහෙත් වර්ග හා සිරප්වල නාසයෙහි අවහිරතාවන්, අසාත්මිකතාවන් හා කැස්‌සට එරෙහිව යොදා ගන්නා ද්‍රව්‍යයන් අන්තර්ගත විය හැකි බවත්, එහෙත් ඒවා අධි මාත්‍රාවන්ගෙන් ගත් විට විෂ වීම් හා අතුරු ආබාධ හට ගන්නා බව වෛද්‍යවරයා සඳහන් කර ඇත. මෙහි වැඩි බලපෑමක්‌ ඇති වනුයේ වයස අවුරුදු හයට අඩු ළමුන්ට බවත් දෙමාපියන් දැන් සිටම සිරප් වර්ග භාවිතය නවතා දමා මී පැණි හා ලෙමන් යුෂ කැස්‌ස හා සෙම්ප්‍රතිශ්‍යාව වැළැක්‌වීමට භාවිත කළ යුතු බව වෛද්‍ය බෙවින්ටන් සඳහන් කර ඇත.
 
 මේ අතර කැස්‌ස හා සෙම්ප්‍රතිශ්‍යාව සඳහා සිරප් වර්ග නිපදවන සමාගම් ප්‍රකාශ කර ඇත්තේ සිය නිෂ්පාදනයන් මගින් කැස්‌ස හා සෙම්ප්‍රතිශ්‍යාව සුව කිරීම නොව ඒවායේ රෝග ලක්‍ෂණයන් මඟහැරවීමට සහනයක්‌ ලබාදෙන බවයි.
 
 ළමුන්ට ඇතිවන බොහෝ කැස්‌ස හා සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයන් වෛරස්‌ ආසාදනයන් නිසා ඇතිවන අතර ඒවා විවේකය හා දියර වර්ග ලබාදීම හරහා කිසිදු ප්‍රතිජීවක බෙහෙත් වර්ගයක්‌ දීමෙන් තොරව සුවකර ගත හැකි බව දැන් බටහිර වෛද්‍ය මතය වී තිබේ.
 
 බොහෝ දෙමව්පියන් දරුවන්ට කැස්‌ස හා සෙම්ප්‍රතිශ්‍යාවේදී හට ගන්නා රෝග ලක්‍ෂණ පිළිබඳව බියට පත් වීම නිසා සිරප් වර්ග දරුවන්ට ලබාදීමට පෙළඹෙන බව අනාවරණය වී තිබේ.
 
 එහෙත් එක්‌සත් රාජධානියේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවසනුයේ රෝග ලක්‍ෂණ දින කිහිපයකට වඩා පවතී නම් හා බියවිය යුතු සංඥ පවතී නම් පමණක්‌ සාමාන්‍ය වෛද්‍යවරයකු කරා යොමුවිය යුතු බවයි.
 
 එක්‌සත් රාජධානියේ ජාතික සෞඛ්‍යය පද්ධතිය විසින් දැනටමත් රෝහල්වලට නොමිලයේ ලබා දෙන සිරප් වර්ග සඳහා අරමුදල් මින් ඉදිරියට නොසපයන බව ප්‍රකාශ කර ඇතැයි "ද ටෙලිග්‍රාෆ්" පුවත්පත විසින් වාර්තා කර තිබේ.
 
 ඒමන්ති මාරඹේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Dec 2017 04:51 PM

suwa7 1* කිරීටක ධමනි ආශ්‍රිත හෘද රෝග හට ගන්නේ, මුළු සිරුරටම රුධිරය සපයන හෘදයට, එහි අභ්‍යන්තර අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් රුධිර සැපයුමක්‌ නොලැබීම නිසාය. මෙය හෘදයාබාධවලට මඟ පෑදීමකි.
 
 * හෘදයටත් එහි මාංශ පේශිවලටත් රුධිරය හා ජීව වායුව (ඔක්‌සිජන්) ගෙන යන රුධිරවාහිනී අවහිර වීම, හෘදයාබාධ වැළඳීමට පොදුවේ හේතු වේ.
 
 * මතු විය හැකි ශාරීරික අපහසුතා(
 
 පපුවේ වම්පස ඇති වන වේදනාව.
 
 එම වේදනාව ඇතැම් විට වම් අත, බෙල්ල හෝ බඩේ උඩ පෙදෙස දක්‌වා පැතිර යැම කිරීටක ධමනි ආශ්‍රිත හෘද රෝග ඇති අයට ඉහත කී වේදනා වෙනුවට ශ්වසන අපහසුතා, වමනය, ක්‌ලාන්තය වැනි රෝග ලක්‌ෂණ ඇති වේ.
 
 * සාමාන්‍යයෙන් ඇවිදීම වැනි කාර්යයක නියුතුව සිට එය නැවැත්වූ පසු මෙම රෝග ලක්‌ෂණ පහ වී යා හැකිය. කෙසේ වුවත් විවේකීව සිටියදී හෝ එවැනි වේදනාවක්‌ සෑදී නිසි ලෙස විවේක ගැනීමෙන් පසුව හෝ ඉහත කී පපුවේ වේදනාව වැනි අපහසුතා තවදුරටත් පවතින්නේ නම් එය හෘදයාබාධයක මූලික රෝග ලක්‌ෂණයක්‌ වශයෙන් සැලකිය හැකිය.
 
 * කිරීටක ධමනි ආශ්‍රිතව හෘද රෝගවලට ප්‍රධාන හේතු සාධක වන්නේ, අධි රුධිර පිඩනය, දියවැඩියාව, රුධිරගත මේදය වැඩි වීම, අසාමාන්‍ය ලෙස බර වැඩි වීම වැනි රෝගී තත්ත්ව තිබීමත් දුම්බීම හා අලස ජීවන රටාවකට හුරු වී සිටීම වැනි කරුණුත්ය.
 
 * මෙවැනි අසාමාන්‍යතා, 'ඊසීජී' පරීක්‌ෂාවකින් දත හැකිය. එසේම ව්‍යායාමයක යෙදෙන අතරතුර හෘද ස්‌පන්දන තත්ත්වය හා එය දරාගත හැකිද යන්න පිරික්‌සා බැලෙන 'එක්‌සයිස්‌ ඊසීජී' හා 'ස්‌කෑන්' පරීක්‌ෂණ මගින් මේදය රැඳී රුධිර වාහිනී අවහිර වී ඇද්ත්ද යන්න තහවුරු කරගත හැකිය.
 
 * නිසි කලට ප්‍රතිකාර ගෙන මේ රෝග ලක්‌ෂණ ඇති වීම පාලනය කර ඒවා නිසා තවදුරටත් සිදු විය හැකි හෘද හානි වළක්‌වාගත හැකිය. එසේ නොවන හා කළ නොහැකි අවස්‌ථාවල 'බයි-පාස්‌' සැත්කම් මගින් හෝa කුඩා බැලූන්වල ආධාරයෙන් රුධිර වාහිනීවල අවහිරතා ඉවත් කෙරේ.
 
 * කිරීටක ධමනි ආශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර කිරීමට හා ඒවා වළක්‌වා ගැනිමට ඉහත සඳහන් ආකාරයේ වෛද්‍ය පරීක්‌ෂණවලට නිතිපතා අවශ්‍ය පරිදි පෙනි සිටීම අවශ්‍යය.
 
 කිරීටක ධමනි ආශ්‍රිත හෘද රෝග පාලනය හා වළක්‌වා ගැනීම ඔබට කළ හැකි ආකාරය
 
 * නව ජීවන රටාවකට අනුගත වීම
 
 - සමබල ආහාර ගෙන සිරුරේ නිසි බර රැක ගැනීම
 
 - නිතිපතා ව්‍යායාමවල යෙදීම
 
 - දුම්බීමෙන් වැළකීම
 
 - මානසික ආතති වළක්‌වා ගැනීම
 
 - මේද අධික (තෙල් වැඩි) ආහාර ගැනීම පාලනය
 
 * වෛද්‍යවරයකු හමු වී අවදානම් සහගත රෝග ලක්‌ෂණ තිබේ දැයි කල්තියා හැඳිනගෙන ඊට අදාළ වෛද්‍ය පරීක්‌ෂණවලට යුහුසුලුව පෙනී සිටීම
 
 * වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු අංශ(
 
 - අධි රුධිර මේද (කොලෙස්‌ටරෝල්) පාලන ප්‍රතිකාර
 
 - අධි රුධිර පීඩනය යථාවත් කිරීමේ ඖෂධ ප්‍රතිකාර - සුදුසු ආහාර භාවිතයට පෝෂණවේදී උපදෙස්‌
 
 * නිවසින් බැහැර යද්දී පවා අත්‍යවශ්‍ය බෙහෙත් ගෙන යමින් වෛද්‍ය උපදෙස්‌ මත දිනපතා නොකඩවා ඖෂධ ගැනීමෙන් ඉක්‌මන් සුව සැලසේ.
 
 * ඖෂධ ගැනීමෙන් ඇති විය හැකි අතුරු ආබාධ හා ඊට කළ යුතු ප්‍රතිකර්ම පිළිබඳව උපදෙස්‌a වෛද්‍යවරයාගෙන් ලබා ගැනීම.
 
 * කලින් කලට නිසි වෛද්‍ය පරීක්‌ෂණවලට පෙනී සිටීමටත් සුදුසු වෛද්‍යවරුන් මුණගැසී උපදෙස්‌ ලබා ගැනීමටත් පියවර ගැනීම.
 
 බෝනොවන රෝග අංශය,
 සෞඛ්‍ය අමාත්‍යංශය

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Dec 2017 04:33 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Dec 2017 04:36 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 75 of 137 << < 7374757677 > >>