Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 76 of 137 << < 7475767778 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 12 Dec 2017 04:37 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Dec 2017 04:37 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Dec 2017 04:38 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Dec 2017 04:46 AM වකුගඩු රෝගය අපේ වෙදකමට බරපතළ අභියෝගයක් නෙවෙයි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 hasithadSuper Senior MemberPosts:5795 12 Dec 2017 05:18 AM හුගක් වෙලාවට රෝහල් වලට ගිහින් ලෙඩ සුව නොවුනම ගොඩ දෙනෙක් හොයන්නේ සිංහල වෙදකම තමයි. විශ්වාසෙ තියලා මේ වගේ තැන් වලට ගියොත් ගොඩ. 0 chamaramindMost Senior MemberPosts:13471 13 Dec 2017 04:37 PM දරුසම්පත් හිමිකර දෙන ආයුර්වේද ප්‍රතිකාර වර්තමානයේ අපවෙත පැමිණෙන බොහෝ විවාහක යුවල අතර පුරුෂ පාර්ශ්වයට ශුක්‍රානු ශක්තිමත් නොවීමට බලපා ඇති ප්‍රධාන හේතු වී ඇත්තේ අධික තරබාරුව නිසා මතුවූ දියවැඩියාව, මත්පැන් දුම්වැටි පානය නිසා ශුක්‍රානු අඩපණ වීම, අධික උෂ්ණත්වය සහිත පරිසරවල රැකියා කිරීම නිසා ශුක්‍රානු විනශ වීම ආදී කරුණුය. දරුවො ඉන්න අම්මලා, තාත්තලා, දරු සුරතල් බලන කොට දරුවො නැති අඹු සැමියන් හදවතින් හඬා වැටෙන අවස්ථා බොහෝය. ඉස්සර නම් එක පවුලකට දරුවො හත් අට දෙනෙක් හිටියා කියල වැඩිහිටියෝ උජාරුවෙන් කියන කොට අලුත් පරම්පරාවට ඒ හයිය ශක්තිය නැතිද කියලා සිතෙනවා. වෛද්‍යතුමියනි, දරුඵල නිසි කලට නොමැතිව මද සරු බවින් පෙළෙන අඹු සැමියන්ට ආයුර්වේදයේ තියෙන ප්‍රතිකාර මොනවාද? වර්තමානයේ බොහෝ කාන්තාවන්ට සහ පිරිමින්ට තියෙන ප්‍රධාන ගැටලුවක් වී ඇත්තේ දරුවන් ලැබීම ප්‍රමාදය හෝ ලැබුණු දරුවා ආබාධ සහිත වීමය. අතීතයේදී අපට උරුමව තිබූ පාරම්පරික හෙළ වෙදකමට පිං සිදුවෙන්න මෙවැනි ගැටලු අවම කරගන්න පුළුවන් වුණා. දරු සම්පතක් අහිමි වන්න හෝ ප්‍රමාද වන්න බලපාන හේතු රාශියක් තියෙනවා. ස්ත්‍රියකගේ නම් රත්න ස්රාවය හෙවන් මාස් ශුද්ධිය දින 28 ක් හෝ 32 ක් අතර කාලයකදී සිදුවිය යුතුයි. මෙය ප්‍රමාද වන විට ඇයගේ මාස් ශුද්ධිය අක්‍රමවත් වෙනවා. එතකොට ඇයගේ ඩිම්බ කෝෂවලින් ඩිම්බයක් පිටවන දිනය නිවැරදිව හඳුනාගන්න බැහැ. මෙයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඔවුන්ගේ වා පිත් දොaෂ කිපීමයි. එවිට ඔවුන්ගේ හෝමෝන ක්‍රියාවලිය අසමතුලිත වෙනවා. මෙවැනි ස්ත්රීන්ට නිතර හිසරදය, ශරීරය පුරා වේදනාව, ඔසප් කාලයේ උදර වේදනාව, වමනය, මළ බද්ධය, පියයුරු වේදනාව, පියයුරුවල ගෙඩි හට ගැනීම, මුහුණේ කුරුලෑ ඇති වීම, යටි බඩ කොරවීම හා වේදනාව, තුනටිය හා කලවා වේදනාව, අධික නිදිමත බව, ඔසප් රුධිරය පිටවන දින ගණන අධික වීම, තරහා යැම, ක්ලාන්තය, කරකැවිල්ල, ඇඟ උණුකරවා යැම (ශ්වේත ප්‍රදරය) ආදී අපහසුතා මතුවෙනවා. මෙවැනි රෝග සඳහා නිසි ආයුර්වේද ප්‍රතිකාර සඳහා කඩිනමින් යොමු වුවහොත් මතුව ඇති අපහසුතා සුවපත් කර දරුඵල ලැබීම සඳහා ඇය සූදානම් කළ හැකියි. වෛද්‍යතුමියනි, පුරුෂයන් තුළ පවතින දුර්වලතා මොනවාද? ඔවුනට තියෙන ප්‍රධානම දුර්වලතාවය ශුක්‍රානු ශක්තිමත් නොවීමයි. ශක්තිමත් ශුක්‍රානු නැති විට ස්ත්‍රියකගේ ඩිම්බයක් සමඟ එකතුවන්නේ නැහැ. එකතු වුවත් ඉන් නිරෝගී දරුවකු බිහි කරගන්න බැහැ. ඒ නිසා ඔවුන්ගේ ශුක්‍රානු ශක්තිමත් නොවීමට බලපා ඇති රෝග හදුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් ශක්තිමත් ශුක්‍රානු නිපදවීම ඇතිකර ගත හැකියි. වර්තමානයේ අපවෙත පැමිණෙන බොහෝ විවාහක යුවල අතර පුරුෂ පාර්ශ්වයට ශුක්‍රානු ශක්තිමත් නොවීමට බලපා ඇති ප්‍රධාන හේතු වී ඇත්තේ අධික තරබාරුව නිසා මතුවූ දියවැඩියාව, මත්පැන් දුම්වැටි පානය නිසා ශුක්‍රානු අඩපන වීම, අධික උෂ්ණත්වය සහිත පරිසරවල රැකියා කිරීම නිසා ශුක්‍රානු විනශ වීම ආදී කරුණුය. මේවාට ආයුර්වේදයේ සාර්ථක ප්‍රතිකාර තිබෙනවා. ඒ නිසා ඊට නිසි කලට යොමුවීමෙන් ඔවුන්ගේ දුර්වලතා මගහරවා ගත හැකියි. අද බොහෝ විට සිදුව ඇත්තේ ඇතැම් දෙනා සුදුසුකම් නැති වෛද්‍යවරු පසුපස ගොස් තම කාලයත් මුදලුත් විනාශ කරගෙන දරුඵල සිහින බොඳකරගෙන කලකිරීමට ලක් වීමයි. ඒ නිසා සුදුසුකම් සහිත වෛද්‍යවරයකු වෙත යැමට අවධානය යොමු කළ යුතුයි. එසේම බටහිර වෙදකමට වඩා අයුර්වේදයේ දරුඵල වෙනුවෙන් වෙනම ප්‍රතිකාර තිබෙනවා. ඒවා වසර දහස් ගණනක් පැරණි සාර්ථක ප්‍රතිකාර ක්‍රමයි. ඒ නිසා තමයි අපවැනි ආසියානු රටවල පවුල් හි දරුවන් හත් අට දෙනා සිටියෙ. වැඩි විස්තර සඳහා දුරකථන අංක 077-0181010 ඇමැතිය හැකිය. සංස්කරණය - උපාලි ද සේරම් - වසන්තා ශ්‍රියාකාන්ති ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Dec 2017 04:46 PM ජානවල විකෘති සාදන පිළිකා කාරක පිළිකා කාරකයනට අදාළ පුද්ගලයා දිගින් දිගටම නිරාවරණය වෙයි නම් විකෘති සහිත සෛල ප්‍රමාණය සීඝ්රයෙන් වැඩිවී යයි. ඉන් අනතුරුව තවත් නොයෙක් පිළිකා කාරකයන්ට නිරාවරණය වීමෙන් තවත් බොහෝ ජාන විකෘති ලබාගන්නා එම සෛල පිළිවෙළින් ආරම්භක ස්ථානයේ පමණක් ඇති පිළිකාවක් හෙවත් ප්‍රාථමික පිළිකාවක් බවට ද තවදුරටත් ලබාගන්නා විකෘතිතා හේතුවෙන් දුරස්ථ පටක ආක්‍රමණය කර ද්විතීක පිළිකාවක් බවට ද වර්ධනය වෙයි. ඇතැම් පිළිකා කාරකයන් ජානවල විකෘති සෑදීමට සමත් (Genotoxic) වුවත් අනෙක් පිළිකා කාරක ජානවල විකෘති නොසාදයි (Nongenotoxic) නමුත් ඒවාට ජානවල ප්රකාශනය (Gene Expression) වෙනස් කිරීමේ හැකියාව ඇත. පිළිකාවක් සෑදීම "එක රැයකින්" සිදුවන දෙයක් නොවන අතර එය කාලය මිඩංගු කරමින් පියවර රැසක් පසුකරමින් සිදුවන්නකි. මෙම පියවරයන් ප්‍රධාන කොටස් තුනකට ගොනු කළ හැකිය. මෙහි පළමු පියවර ආරම්භනය (Initiation) ලෙස හඳුන්වන අතර එය සිදුකිරීමට සමත් පිළිකා කාරක ආරම්භන පිළිකා කාරක ලෙස හඳුන්වනු ලැබේ. ආරම්භන පිළිකා කාරකයන් ජාන විකෘති සෑදීමට සමත් අතර මෙය සිදුවන්නේ බෙදෙමින් පවතින සෛල එම පිළිකා කාරකයන්ට නිරාවරණය වීමෙනි. බෙදෙමින් පවතින සෛලවල මෙසේ හටගන්නා විකෘති සෛල විභාජන චක්‍රයේ මුරකපොළු (Check Points) මඟින් හඳුනාගන්නා අතර, වහාම සෛල විභාජන චක්‍රය තාවකාලිකව නවතා දමයි. මෙසේ සෛලවල හටගන්නා විකෘතිතා හඳුනාගෙන සෛල විභාජන චක්‍රයේ මුරකපොළු හරහා සෛල චක්‍රය තාවකාලිකව නවතාලනුයේ සෛල තුළ ඇති අර්බුද යටපත් කරන ජාන (Tumor Suppressor Genes) වල නිසි ක්‍රියාකාරීත්වය මඟිනි. ඉන් අනතුරුව DNA අනු පිළිසකර කරන හෙවත් අලුත්වැඩියා කරන ජාන (DNA repair genes) මඟින් ඉහත පිළිකා කාරක මඟින් ඇති වූ ජාන විකෘතිය නැවත යථා තත්ත්වයට පත්කරනු ලැබේ. මෙලෙස පිළිකා කාරක නිසා සිදුවූ ජාන විකෘතිය නිවැරදි කිරීමට සමත් වුවහොත් ඔන්කො ජානවල ක්‍රියාකාරීත්වය මඟින් නැවත සෛල විභාජන චක්‍රය ආරම්භ කෙරෙනු ඇත. නමුත් ඉහත DNA ප්‍රතිසංස්කරණ ජානවලට සිදුවී ඇති ජාන විකෘති නැවත යථා තත්ත්වයට පත්කිරීමට නොහැකි වුවහොත්, ඇපොප්ටෝසිස් (Apoptosis) හෙවත් සක්‍රීයව අනවශ්‍ය සෛල සිරුරෙන් මරා ඉවත් කිරීමට වැදගත් වන ජාන ක්‍රියාකාරී වී වැරදි හෙවත් විකෘති සහිත වූ සෛල මරා දමයි. මෙලෙස ආරම්භක පිළිකා කාරක නිසා ජාන විකෘති වී ඇති වූ පිළිකා ඇතිවීමේ ආරම්භන අවස්ථාව ආපසු හැරවීමට අප සිරුරට හැකියාව තිබේ. එසේ නමුත් එම ආරම්භන පිළිකා කාරකයනට දිගින් දිගටම සිරුර නිරාවරණය වෙයි නම් ඉහත සඳහන් කළ ආරක්ෂණ ක්‍රියා පටිපාටියේ යම් ප්‍රමාද දොaෂයක් වූ විගස විකෘති සහිත ජාන ඊළඟ සෛල පරම්පරාවට උරුම වෙයි. මෙලෙස ඇතිවන විකෘති පසුගිය සතියේ ලිපියේ සඳහන් කළ පිළිකා ඇතිකිරීමට සමත් ජානවල සිදුවෙයි නම් එතැන් පටන් පිළිකාවක් සිරුර තුළ ඇතිවීම ආරම්භ වෙයි. ඉහත සඳහන් පරිදි ආරම්භක අවස්ථාවට පත්වූ සෛල තිබූ පමණින් අප සිරුරේ පිළිකාවක් හටගන්නේ නැත. මෙසේ ආරම්භනයට ලක්වූ සෛල තවත් පියවරක් ඒ සඳහා ඉදිරියට යා යුතුය. එය ප්‍රවර්ධන (Promotion) අවස්ථාව ලෙස හඳුන්වනු ලබන අතර එසේ කිරීමට සමත් පිළිකා කාරක ප්‍රවර්ධන පිළිකා කාරක ලෙස හඳුන්වනු ලැබේ. මෙම පිළිකා කාරක මඟින් ජාන විකෘති හට නොගන්නා අතර සිදුවනුයේ ආරම්භනයට ලක්වූ සෛල තෝරාබේරාගෙන සංඛ්‍යාත්මකව වැඩිකිරීමය. මෙහි ප්‍රතිඵලය වනුයේ පූර්ව පිළිකා තත්ත්වයක් ඇතිවීමය. මෙලෙස ඇතිවන පූර්ව පිළිකා තත්ත්වයේ ජාන විකෘති නැවත නිවැරදි කළ නොහැකි වුවත් ඇපොප්ටෝසිස් ක්‍රියාවලිය මඟින් එම සෛල විනාශ කළ හැකිය. එසේ එම සෛල විනාශ වී ගියහොත් පිළිකාවක් ඇති නොවේ. නමුත් අවාසනාවකට තවදුරටත් ආරම්භන සහ ප්‍රවර්ධන පිළිකා කාරකයනට අදාළ පුද්ගලයා දිගින් දිගටම නිරාවරණය වෙයි නම් විකෘති සහිත සෛල ප්‍රමාණය සීඝ්රයෙන් වැඩිවී යයි. ඉන් අනතුරුව තවත් නොයෙක් පිළිකා කාරකයන්ට නිරාවරණය වීමෙන් තවත් බොහෝ ජාන විකෘති ලබාගන්නා එම සෛල පිළිවෙළින් ආරම්භක ස්ථානයේ පමණක් ඇති පිළිකාවක් හෙවත් ප්‍රාථමික පිළිකාවක් බවට ද තවදුරටත් ලබාගන්නා විකෘතිතා හේතුවෙන් දුරස්ථ පටක ආක්‍රමණය කර ද්විතීක පිළිකාවක් බවට ද වර්ධනය වෙයි. මෙම ක්‍රියාදාමයන් ප්රගමනය (Progression) ලෙස හඳුන්වයි. තවද කිසියම් කෙනකුගේ පිළිකාවක් ඇතිවීමට නම් එම පුද්ගලයා පළමුව ආරම්භක පිළිකා කාරකවලට නිරාවරණය විය යුතු අතර එවිට ඇතිවන විකෘති සහිත සෛල අනතුරුව ප්‍රවර්ධන පිළිකා කාරකවලට නිරාවරණය විය යුතුය. එසේ නොමැතිව ආරම්භන පිළිකා කාරකවලට පමණක් නිරාවරණය වූ පමණින්ම ද මුලින් ප්‍රවර්ධන පිළිකා කාරක වලට ද දෙවනුව ආරම්භන පිළිකා කාරක වලට ද නිරාවරණය වුව ද පිළිකාවක් හට නොගනියි. කිසියම් පිළිකා කාරකයක් ආරම්භන සහ ප්‍රවර්ධන යන දෙයාකාරයෙන්ම පිළිකා කාරකත්වය පෙන්නුම් කරයි නම් එවැන්නක් පූර්ණ පිළිකා කාරකයක් (Complete Carcinogen) ලෙස හඳුන්වනු ලැබේ. ආරම්භක පිළිකා කාරක මඟින් DNA හි ජානවල විකෘති ඇතිකරන බව අප දැන් හොඳින් දන්නා අතර පුද්ගලයකු නිරාවරණය වන එම පිළිකා කාරකවල ප්‍රමාණය මත ඇතිවිය හැකි විකෘතිතා ප්‍රමාණය ද පිළිකා ඇතිවීමේ හැකියාව ද වැඩිවෙයි. දිනකට එක් සිගරට්ටුවක් උරන කෙනකුට වඩා සිගරට්ටු කිහිපයක් උරන තැනැත්තෙකුට පිළිකා ඇතිවීමේ හැකියාව වැඩිවන්නේ මේ නිසාය. තවද සිගරට්ටු පමණක් උරන කෙනකුට වඩා සිගරට්ටු උරන, බුලත්විට කන, මත්පැන් බොන යන ක්‍රියාවන් සියල්ලම කරමින් අප්‍රමාණ පිළිකා කාරක ප්‍රමාණයකට නිරාවරණය වන කෙනකුට පිළිකා ඇතිවීමේ හැකියාව ඉතා වැඩි වන්නේ ද මේ නිසාය. ආරම්භක පිළිකා කාරකවල පිළිකා ඇතිකිරීමේ පිළිකා කාරකවල උපරිම ප්‍රමාණයක් (Threshold) නැත. පිළිකා කාරක මඟින් නිරාවරණය වැඩිවත්ම පිළිකා ඇතිවීමේ හැකියාවක් පිළිකාවේ දරුණු බව වැඩිවීමේ හැකියාවත් සීඝ්රයෙන් වැඩිවෙයි. ප්‍රවර්ධන පිළිකා කාරක මීට වෙනස් ආකාරයකට ක්‍රියා කරයි. ඒවා ක්රියාකරනුයේ සෛල මත ඇති ප්‍රතිග්‍රාහක සමඟ සම්බන්ධ වී අන්තර් ක්‍රියා කිරීමෙනි. එබැවින් සෛලවල ප්‍රතිග්‍රාහක මෙම පිළිකා කාරක මඟින් සංතෘප්ත වන තෙක් එම පිළිකා කාරක වලට නිරාවරණය වීම වැඩිකළ විට ඊට සමානුපාතිකව පිළිකා වර්ධනය වීම වැඩිවෙයි. නමුත් එම ප්‍රතිග්‍රාහක සංතෘප්ත වීමෙන් පසු පිළිකා කාරක වලට නිරාවරණය වීම කොපමණ වැඩි කළ ද පිළිකා ඇතිවීමේ වේගය පවතින වේගයට වඩා වැඩිකළ නොහැකිය. මෙහිදී සිරුරේ එක් එක් අවයවවල ඇති එකිනෙකට වෙනස් සෛලවල ඇති ප්‍රතිග්‍රාහක වෙනස් බැවින් ඒ එක් එක් ප්‍රතිග්‍රාහකයනට ගැළපෙන එකිනෙකට වෙනස් පිළිකා කාරකයන් ඇති බව තේරුම්ගත හැකිය. එක් එක් පිළිකා කාරක මඟින් එක් එක් අවයවවලට විශේෂිත පිළිකා සාදන්නේ එබැවිනි. උදාහරණයක් ලෙස ගතහොත් දුම්වැටි උරන්නකුට පෙනහළු පිළිකා, මුත්‍රාශයේ පිළිකා වැඩිපුර ඇතිවන්නෙත් දුම් ඉරීමෙන් අක්මාවේ පිළිකා ඇති නොවන්නේත් මේ නිසාය. තවද ඇතැම් පිළිකා කාරක ඒවායේ ස්වභාවිකව ඇති ආකාරයෙන්ම කෙළින්ම පිළිකා කාරක ලෙස ක්‍රියා කරයි. (Direct - acting carcinogens)) එනම් ඒවා පරිවෘත්තීය ක්‍රියාවලියෙන් හෝ රසායනිකව ව්යqහය වෙනස් කිරීමෙන් හෝ පිළිකා ඇති කිරීමට සමත් දේ බවට සක්‍රීය කළ යුතු නැත. එහෙත් සමහරක් පිළිකා කාරකයන් සිරුරේ පරිවෘත්තිය ක්‍රියාවලිය මඟින් පිළිකා ඇතිකිරීමට සමත් සංයෝග බවට සක්‍රිය කළ යුතුය. මෙම ලිපිය කියෑවීම මඟින් මිනිස් සිරුර තුළ පිළිකාවක් ඇතිවීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව පාඨක ඔබට වැටහෙනවා ඇත. එහෙත් නොදන්නාකම සහ නොසැලකිලිමත්කම නිසා අප බොහෝමයක් පිළිකා 'බලෙන් ඉල්ලා' ලබාගන්නා ඒවා බවට පත්ව තිබීම ඉතා කනගාටුදායක සිද්ධියකි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 14 Dec 2017 05:08 PM රස්නේ වැඩිනම් හෘදයාබාධ අධික තාපයට නිරාවරණය වීම නිසා ගිනි නිවන භටයන්ට හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි යැයි මෑතකදී කරන ලද අධ්‍යයනයකින් සොයාගෙන තිබේ. ගිනි නිවීමේදී ගිනි නිවන භටයන් අධික රස්නයට නිරාවරණය වීම නිසා රුධිරය කැටි ගැසීම වැඩිවන බවත් රුධිර වාහිනිවල ක්රියාත්කාරීත්වය දරුණු ලෙස දුර්වල වන බවත් එම අධ්‍යයනය කරන ලද පර්යේෂකයෝ පවසති. හදිසි සේවා සපයන සේවකයන්ගෙන් හෘදයාබාධ ඇතිවීමේ වැඩිම අවදානමක් තිබෙන්නේ ගිනි නිවන භටයන්ට යැයි ද අධ්‍යයනයේ නිරත වූවෝ කියති. රාජකාරියේ නිරතව සිටියදී ජීවිතක්ෂයට පත්වන බොහෝ ගිනි නිවන භටයන්ගේ මරණයට හේතුව හෘදයබාධ යැයි ද පර්යේෂකයෝ පෙන්වාදෙති. ස්කොට්ලන්තයේ එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් මෙම අධ්‍යයනය සිදු කර තිබේ. කෙසේ නමුත් කුමන තාප තත්ත්වයකදී කායික ක්‍රියාකාරකම් අවදානම් වන්නේ ද යන්න මෙම අධ්‍යයනයෙන් අනාවරණය වී නැත. පිරිමින් 16 දෙනකු සහ කාන්තාවන් තිදෙනක යොදාගනිමින් මෙම අධ්‍ය්‍යනය සිදු කර තිබේ. පර්යේෂණයට යොදාගත් පිරිසගේ හදවත්වල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරමින් මෙම අධ්‍යයනය කර ඇත. අධ්‍යයනයට පෙරත් පසුත් ඊට සම්බන්ධ වූ පිරිස්වල රුධිර සාම්පල පරීක්ෂා කිරීමට පර්යේෂකයෝ කටයුතු කර තිබේ. හර්ෂණ තුෂාර සිල්වා ඬේලිමේල් ඇසුරිනි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 14 Dec 2017 06:46 PM අධික රස්නයට නිරාවරණය වීමේදී මට නම් හිතෙන්නේ රුධිර ධාවනය වේගවත් වෙනවා කියලා.. සාමාන්‍යෙයන් අපි ගිනිමැලයක් අසල සිටින විට රුධිර ගමනාගමනය වැඩි බවක් දැනෙනවා.. (සමහර විට ඒ අසල ඔක්සිජන් ප්‍රමාණය අඩු නිසා වෙන්න පුළුවන්) 0 Ind007kaMost Senior MemberPosts:12931 14 Dec 2017 07:10 PM මාර සීන්ස් එක First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Dec 2017 04:08 PM මහත වැඩිවීමත් හර්නියාවට හේතුවක් තේජන විජේරත්න විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය කළුබෝවිල ශික්ෂණ රෝහල ජේෂ්ඨ කථිකාචාර්ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වර්තමානයේ දී හර්නියා තත්ත්වය වැළදී ඇති පුද්ගලයින් සුලභ ය. මෙම හර්නියා තත්ත්වය ශල්‍යකර්මයක් මඟින් පහසුවෙන් සුව කළ හැකි වුව ද බොහෝ දෙනෙක් ශල්‍යකර්මයක් කිරිමට බිය වෙති. ඒ හේතුවෙන් දීර්ඝ කාලයක් මෙම රෝගය තිබීමෙන් එය උග්‍ර තත්ත්වයට පත් වී මරණයට පත් වීමට ද පුළුවන. ආහාර නිසි පරිදි පාලනය නොකිරීම,ශරීරයට ව්‍යායාම මඳි කම , එමඟින් ඇතිවන ස්ථුලතාවය වැනි තවත් බොහෝ කාරණා හේතු කොට ගෙන හර්නියා තත්ත්වය ඇති වේ. හර්නියා තත්ත්වය යනු කුමක් ද? එහි ලක්ෂණ මොනවා ද?හර්නියා තත්ත්වය වැළදී තිබෙන රෝගියෙකු පිළිපැදිය යුතු උපදෙස් මොනවා ද යන කරුණු පිළිබඳව කළුබෝවිල ශික්ෂණ රෝහලේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය,ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ජේෂ්ඨ කථිකාචාර්ය තේජන විජේරත්න මහතා දැක්වු අදහස් මෙසේ ය. වෛද්‍යතුමනි, හර්නියා තත්ත්වය යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද? හර්නියා තත්ත්වය යනු ශරීරයේ ඹ්නෑම ස්ථානයක තිබෙන අවයවයක් හෝ අවයව කිහිපයක් එය ආවරණය කරගෙන තිබෙන පටල ආස්තර හරහා පරිබාහිරයට පැමිණීමයි.සාමාන්‍යයෙන් හර්නියා තත්ත්වය ඇතිවන්නේ උදරය ආශ්‍රීතව ය.උදරයේ බිත්ති මඟින් උදරයේ ඇතුළත තිබෙන අවයව ආරක්ෂා කරනු ලබයි. මෙහි දී බඩේ බිත්තියේ යම් කිසි දුර්වල ස්ථානයකින් ආවරණය කර තිබෙන ආස්තර හරහා උදරයේ ඇතුළත තිබෙන දෑ එළියට පැමිණීම සිදු වේ. හර්නියා තත්ත්වය ඇතිවන ආකාර කිහිපයක් තිබෙනවා නේද? යම් පුද්ගලයෙකුට උප්පත්තියේදී ම ස්වභාවයෙන්ම බඩේ බිත්තියේ දුර්වල ස්ථාන තිබේ. උදරය ඇතුළත සිටින දරුවෙකුට ආහාර ගෙනයන පෙකණිය සම්බන්ධ වන ස්ථානය දරුවාගේ උප්පත්තියත් සමඟ වැසී යන්නට පුළුවන.ඉන්පසු එම ස්ථානය තුනී වී නාභියට පහළින් තිබෙන බඩවැල්වලට සම්බන්ධව පවතියි. යම් කිසි අවස්ථාවකදී උදරයේ පීඩනය වැඩි වුවහොත් එම නාභිය පිහිටි ස්ථානය විවෘත වී උදරය ඇතුළත තිබෙන දෑ පිටතට පැමිණීමට පුළුවන.ඉපදීමට පෙර පුරුෂයෙකුගේ වෘෂණ කෝෂ තිබෙන්නේ උදරයේ ඇතුළත ය. පුරුෂයෙකුගේ වෘෂණ කෝෂ වෘෂණ කෝෂ ලෙසින් පිටතට පැමිණෙන්නේ ළදරු අවස්ථාවේ දී ය.එම වෘෂණ කෝෂ ගමන් ගත් ස්ථානයෙහි උදර බිත්ති දුර්වල වීමක් සිදු වුණහොත් හර්නියා තත්ත්වයක් ( Inguinal Canal) හට ගැනීමට පුළුවන. අධික ස්ථුලතාවය සහ කිහිපවරක් දරු ප්‍රසුති සිදු කිරීමෙන් පසුව නිසි පරිදි උදරයේ මස්පිඩු එල්ලා වැටීම පාලනය නොකිරීමෙන් උදරයේ ඇදීමක් සිදු වීමෙන් ද හර්නියා තත්ත්වයක් ඇති වීමට පුළුවන. තව ද අතීතයේ දී උදරය විවෘත කර සිදු කර ශෛල්‍යකර්මයක් සිදු කර තිබෙනවානම් එම ස්ථානයෙහි උදර බිත්ති දුර්වල වේ. එම නිසා ද එම ස්ථානයෙහි හර්නියා තත්ත්වයක් ඇති වීමට පුළුවන. හර්නියා තත්ත්වයේ ලක්ෂණ කවරේද? උදරයේ හෝ ඉකිලි ආශ්‍රීතව අසාමාන්‍ය නෙරා ඒම,කලින් සිදු කළ උදර කැපුමක් අසළ අසාමාන්‍ය නෙරා ඒම,කාලයෙන් කාලයට ආහාර ගන්නා විට දී සහ ව්‍යායාම් කරන විට දී එම ස්ථානයෙහි ඇතිවන අපහසුතාවය,ආහාර ගැනීමෙන් පසුව එම ස්ථානයෙහි වේදනාවක් ඇති වී වමනය ඇති වීම,මෙම අවස්ථාවේ දී එම පුද්ගලයාව රෝහලකට ගෙන යෑම අනිවාර්යයෙන් ම කළ යුතු ය. එසේ නොවුණහොත් එම පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වේ. කන්තාවන්ට ඇතිවෙන හර්නියා තත්ත්වයන් හා පුරුෂයින්ට ඇතිවෙන හර්නියා තත්ත්වයන් වෙන වෙනම හැඳින්වීමට පුළුවන් ද? කාන්තාවන්ට මෙන් ම පුරුෂයින්ටත් හර්නියා තත්ත්වයන් හටගනී.පුරුෂයින්ට හට ගන්නා හර්නියා තත්ත්වයන් කාන්තාවන්ට ද කාන්තාවන්ට හට ගන්නා හර්නියා තත්ත්වයන් පුරුෂයින්ට ද ඇති වේ. එහෙත් බොහෝ දුරට ඉකිලි ආශ්‍රීතව හර්නියා තත්ත්වය ඇති වන්නේ පුරුෂයින්ට ය. නාභිය ආශ්‍රීතව හර්නියා තත්ත්වය ඇතිවන්නේ කාන්තාවන්ට ය. සමහර පුද්ගලයින් උදරයට ප්ලාස්ටික් සැත්කම් සිදු කරනවා. හර්නියාව සඳහා සිදු කරන සැත්කම් මගින් ප්ලාස්ටික් සැත්කම්වලට බලපෑමක් සිදු වනවා ද? හර්නියා තත්ත්වය සඳහා ශෛල්‍යකර්මයන් සිදු කරන්නේ උදර බිත්තියේ යම් කිසි දුර්වල ස්ථානයකින් ආවරණය කර තිබෙන ආස්තර හරහා උදරයේ ඇතුළත තිබෙන දෑ එළියට පැමිණීම යළිත් යථා තත්ත්වයට පත් කිරීමට ය. ප්ලාස්ටික් ශෛල්‍යකර්මයක් මඟින් සිදු කරන්නේ ලස්සන කිරීමක් පමණ ය. උදරය ආශ්‍රිතව ප්ලාස්ටික් ශෛල්‍යකර්මයක් සිදු කරන වෛද්‍යවරයා ඒ පිළිබඳව අපත් සමඟ පුර්ව සාකච්ජාවක් සිදු කරනු ලබයි. ඒ හේතුවෙන් ප්ලාස්ටික් ශෛල්‍ය කර්මයෙන් හර්නියා ශෛල්‍යකර්මයට කිසිදු බලපෑමක් සිදු වන්නේ නැත. වැඩිවශයෙන්ම ඇතිවෙන හර්නියා තත්ත්වයන් මොනවා ද? වැඩි වශයෙන් ම හර්නියා තත්ත්වයන් ඇති වන්නේ ඉකිලි සහ නාභිය , නාභියට ඉහළින් සහ බඩේ කැපුම් ආශ්‍රිතව ය.ඒ කෙසේ වුවත් ඕනෑම හර්නියා තත්ත්වයක දී අධික තරබාරුකම අවම කර ගැනීම, නිසි ව්‍යායාම සිදු කර උදරයේ මස් පිඩු නිසි ලෙස සකස් කර ගැනීම සහ බඩේ පීඩනය පාලනය කර ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු ය. හර්නියා තත්ත්වය ඇතිවීමට බලපාන හේතුසාධක මොනවා ද? ස්වාභාවිකවම උදර බිත්තියේ දුර්වල ස්ථාන තිබීම,මිනිසුන්ගේ නෙසැළකිලිමත්කම නිසා උදර බිත්ති දුර්වල කර ගැනීම් , උදාහරණ වශයෙන් අධික තරබාරුකම, නිසි පරිදි ව්‍යායාම් නෙකිරීමෙන් බඩේ බිත්තිවල මස් පිඩු සකසා නොගැනීම, කිහිපවරක් දරු ප්‍රසුති සිදු කිරීමෙන් පසුව බඩේ බිත්ති සකසා නොගැනීම,උදරයේ පීඩනය වැඩි වන දෑ සිදු වීම, උදාහරණ වශයෙන් මළබද්ධය වැළදී තිබෙන පුද්ගලයෙකු නිතරම තැටමීම, සහ ඇදුම රෝගීයෙකුගේ අපහසුතාවන් යනාදිය හර්නියා .තත්ත්වය ඇති වීමට බලපාන හේතු සාධක වේ. හර්නියාව දරුණු තත්ත්වයට පත් වන්නේ කෙසේ ද? හර්නියා තත්ත්වයේ දී උදරයේ ඇතුළත තිබෙන දෑ එළියට පැමිණීම සිදු වේ.මෙහිදී උදරයේ ඇතුළත තිබෙන බඩවැලක් එළියට පැමිණියහොත් තත්ත්වය දරුණු වීමට පුළුවන.එම බඩවැල හිර වුණ විට ඒ බඩවැලට ලේ ගමනාගමනය අඩාල වීමට පුළුවන.එසේ වු විට බඩවැල මරණයට පත් වේ.එවිට බඩවැල සිදුරු වී හර්නියා තත්ත්වයෙන් පුද්ගලයෙකු මරණයට පත් වේ. හර්නියා තත්ත්වය තිබෙන රෝගියෙකුට කුමන හෝ අවස්ථාවක දී එම හර්නියා තත්ත්වයට අනිවාර්යයෙන් ම ශෛල්‍යකර්මයක් සිදු කිරීමට සිදු වේ. සමහර හර්නියා තත්ත්වයන් කෙටි කාලයකින් හටගෙන කෙටි කලක් ඇතුළත දී දරුණු අවස්ථාවකට පත් වීමට පුළුවන. ඒ වාගේ ම සමහර හර්නියා තත්ත්වයන් අවුරුදු 20 කටත් වඩා වැඩි කාලයක් පුරා තිබෙන්නටත් පුළුවන. හර්නියා රෝගය වැළදීම සඳහා පුද්ගලයෙකුගේ වයස බලපානවා ද? උප්පත්තියේදීම හර්නියා තත්ත්වයක් (Congenital) පෙකණිවැල තිබු ස්ථානයෙහි නාභියට ඉහළින් ඇති වේ.මෙය යථා තත්ත්වයට පත් වීම සඳහා අවුරුදු 03 ක පමණ කාලයක් ගත වේ.නාභිය ආශ්‍රීතව ඇතිවන හර්නියා බොහෝ කාලයක් පවතී. හර්නියා ලක්ෂණ ඇති වු විට ප්‍රථමයෙන් කළ යුත්තේ මොනවා ද? උදරයේ යම් ස්ථානයක අසාමාන්‍ය නෙරා ඒම, යම් කිසි බර දෙයක් ඔසවන විට උදරයේ එම ස්ථානය අසළ වේදනාවක් තිබේ නම් , එසේත් නැත්නම් උදරයේ පීඩනය සමඟ කැස්සක් ඇති වුවහොත් වහාම එම තත්ත්වයන් දරුණු තත්ත්වයට පත් වීමට ප්‍රථමයෙන් සුදුසුකම් ලත් ශෛල්‍ය වෛද්‍යවරයෙකුට පෙන්විය යුතු ය.ළදරුවන් සහ වසස්ගත මහළු පුද්ගලයින් හැර බොහෝ විට හර්නියා තත්ත්වයන්ට ශෛල්‍යකර්ම සිදු කරනු ලබයි. හර්නියා රෝගියෙකුට ඖෂධ ප්‍රතිකාර දීමේදී සැළකිලිමත්විය යුතු කරුණු කාරණා මොනවා ද? උදරය ඇතුළත තිබෙන අවයවයක් හෝ අවයව කිහිපයක් එය ආවරණය කරගෙන තිබෙන පටල ආස්තර හරහා පරිබාහිරයට පැමිණ ඇති නිසා එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අනිවාර්යයෙන්ම ශෛල්‍යකර්මයක් කළ යුතු ය. හර්නියා තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කිසිදු ඖෂධ ප්‍රතිකාරයක් සිදු කරන්නේ නැත. හර්නියා තත්ත්වය සඳහා ශෛල්‍යකර්මයක් සිදු කරනු ලැබු පුද්ගලයෙකුට ලබා දෙන්නේ ශෛල්‍යකර්මයක් සිදු කළ පසු එම වේදනාව පහව යෑම සඳහා දෙනු ලබන වේදනා නාෂක ඖෂධ පමණි. හර්නියා රෝගියෙකුට සැත්කමක් සිදු කළ පසුව ද නැවත හර්නියා තත්ත්වය ඇති වීමට පුළුවන් ද? වැඩිහිටියෙකුට හර්නියාව සඳහා ශෛල්‍යකර්මයක් සිදු කරන විට දී බොහෝ විට ස්ථිර කෘත්‍රීම දැලක් (mesh repair) උදරයේ දුර්වල ස්ථාන ආවරණය වන ආකාරයට යොදනු ලබයි.ශෛල්‍යකර්මය සිදු කිරීමෙන් පසු උදරයේ පීඩනය වු අවස්ථාවකදී දැළ සවි වීමට ප්‍රථමයෙන් කැස්ස තත්ත්වය ඇති වුණහොත් නැවත හර්නියා තත්ත්වය ඇති වීමට පුළුවන. අතීතයේ දී හර්නියා තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මැසීම සිදු කර ඇත. එහෙත් වර්තමානයේ දී දැලක් යොදාගෙන සිදු කරන ශෛල්‍යකර්මයකින් පසුව නැවත හර්නියා තත්ත්වය හට ගැනීමේ ප්‍රවණතාවය බෙහෝ දුරට අඩු ය. හර්නියා තත්ත්වය මාරාන්තික විය හැකි ද? බඩේ බිත්තියේ යම් කිසි දුර්වල ස්ථානයකින් ආවරණය කර තිබෙන ආස්තර හරහා උදරයේ ඇතුළත තිබෙන දෑ එළියට පැමිණීම මඟින් හර්නියා තත්ත්වය ඇති වේ. මෙහි දී බඩවැලක් එළියට පැමිණ එය හිර වීමක් සිදු වේ. බඩවැලක ලේ ගමනා ගමනය පැය 6 කට වඩා අඩු වුවහොත් එම බඩවැල මරණයට පත් වේ. ඉන් පසු එය සිදුරු වේ. එම බඩවැල සිදුරු වු විට එයින් මලපහ, සහ අනෙකුත් විෂබීජ පිටවේ. මේ නිසා හර්නියා රෝගියාගේ ජීවිතය අවදානමකට ලක් වේ. මෙවැනි අවස්ථාවලදී රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වේ. හර්නියා රෝගය සඳහා ඇති නවීනතම ප්‍රතිකාර මොනවා ද? වර්තමානයේ පවතින වෛද්‍ය විද්‍යාවන්ට අනුව හර්නියා තත්ත්වය සඳහා ශෛල්‍යකර්ම කිහිපයක් ඇත.කැමරා ශෛල්‍යකර්ම ක්‍රමය,විවෘත ශෛල්‍යකර්ම ක්‍රමය,ලැහැස්ති කර සිදු කරන ශෛල්‍යකර්ම ක්‍රමය යනා දී ශෛල්‍ය කර්ම සිදු කරනු ලැබේ. කැමරා ශෛල්‍ය කර්ම ක්රමයේ දී උදරය විවෘත කර කැමරා කිහිපයක් දමා කැපුම් කිහිපයක් සිදු කර ඇතුළතින් දැළක් යොදනු ලබයි. මෙය උදරයේ ඇතුළත සිදු කරන විශාල ශෛල්‍යකර්මයක් වුව ද පිටතින් ඉතුරු වන්නේ කැපුම් තුවාල කිහිපයක් පමණි. මේ අයුරින් හර්නියා ශෛල්‍යකර්මයක් සිදු කර රෝගියෙකුට පසුදිනම රෝහලෙන් පිටව යෑමට වෛද්‍යවරු අනුමත කරති. හර්නියා තත්ත්වය වැළදී ඇති පුද්ගලයෙකුට බෝ නොවන රෝග (දියැඩියාව , අධික රුධිර පීඩනය ) තිබීමෙන් යම් බලපෑමක් සිදු වනවා ද? ඔව්, අනිවාර්යයෙන් ම බලපෑමක් සිදු වේ.විශේෂයෙන් ම දියවැඩියා රෝගීන්ට ශෛල්‍යකර්මයක් සිදු කළ පසු ඇතුළතින් සිදු කරන කැපුම් කෙටුම් සුව වීම තරමක් ප්‍රමාද වේ. විශේෂයෙන් ම ශෛල්‍යකර්මයේ දී දමන ලද දැල ආශ්රිත ප්‍රදේශය විෂබීජ ආසාදනයට ලක් වීමට පුළුවන.එම නිසා දියවැඩියා රෝගීන්ට හර්නියා තත්ත්වය සඳහා ශෛල්‍යකර්මයක් සිදු කිරීමට ප්‍රථමයෙන් දියවැඩියා පරීක්ෂණයක් කිරීම වඩාත් වැදගත් ය. හර්නියා තත්ත්වය ඇති වීම වළක්වා ගැනීම සඳහා පිළිපැඳිය යුතු උපදෙස් මොනවා ද? අධික තරබාරුකම වළක්වා ගත යුතු ය. ඒ සඳහා සුදුසු ආහාර රටාවන් මෙන් ම ශරීරයට අත්‍යවශ්‍ය ව්‍යායාමයන් ද කළ යුතු ය. දරු ප්‍රසුතියෙන් පසුව මවක් තම උදර බිත්තිය පෙර තිබු පරිදි සකස් කර ගැනීම සඳහා උනන්දු වීම අනිවාර්යයෙන් ම කළ යුතු ය. ඒ සඳහා වෛද්‍යවරුන් විසින් මෙහෙයවන රෝහල්වල පවත්වන විවිධ සායනික වැඩසටහන්වලට සහභාගී වීම අවශ්‍ය වේ. එමෙන් ම උදරයේ පීඩනය වැඩි වන මළබද්ධය, ඇඳුම වැනි රෝග සඳහා නිසි ප්‍රතිකාර ගැනීම කළ යුතු වේ. නිතර දුම්පානය කරන පුද්ගලයින්ට හර්නියා තත්ත්වය ඇති වීමේ අවදානම වැඩි ද? ඔව්,නිතර දුම්පානය කරන පුද්ගලයින්ගේ උදරයේ පටක දුර්වල වේ. ඒ හේතුවෙන් හටගත් හර්නියා තත්ත්වය තව තවත් වර්ධනය වීමත්, හටගත් හර්නියාව සඳහා සැත්කමක් සිදු කළ පසුව ද නැවත මෙම තත්ත්වය ඇති වීමත් සිදු වේ. එම නිසා හැකිතාක් දුම්පානය කිරීමෙන් වැළකී සිටීම වඩාත් යහපත් ය. වර්තමානයේ දක්නට ලැබෙන හර්නියා රෝග තත්ත්වන් පිළිබඳව ප්‍රකාශ කළ හැක්කේ කුමක් ද? වර්තමානයේ දී බෙහෝ පුද්ගලයින්ට හර්නියා තත්ත්වය හටගනී. ඉකිළි ආශ්‍රීතව ඇතිවන හර්නියා තත්ත්වය ඕනෑම පුද්ගලයෙකුට ඇති වීමට පුළුවන. වයස් භේදයකින් තොරව ගැහැණු පිරිමි භේදයකින් තොරව නිරෝගී පුද්ගලයෙකුට වුව ද ඇති විය හැකි ය. තව ද ඉකිලි ආශ්‍රීතව හට ගන්නා හර්නියා තත්ත්වය ඇති වීම වළක්වා ගැනීමට නොහැකි ය. එහෙත් උදරය ආශ්‍රීතව, උදර බිත්තිය ආශ්‍රීතව මෙන් ම නාභිය ආශ්‍රීතව ඇතිවන හර්නියා තත්ත්වයන්ට හේතු වන්නේ පුද්ගලයින්ගේ නොසැළකිලිමත්කම ය. එවැනි හර්නියා තත්ත්වයන් ඇති වීමට බලපාන්නේ නිසි ලෙස ආහාර පාලනය නොකර උදරයේ මස්පිඩු නිසි ලෙස පවත්වා නොගැනීම ය. එම නිසා හැකි තාක් දුරට ස්ථුලතාවයෙන් මිදීමට මතකතබා ගත යුතු වේ. සැබවින්ම හර්නියා තත්ත්වය ඉක්මනින්ම යථා තත්ත්වයට පත් කිරීමට පුළුවන. එහෙත් මෙය බරපතල තත්ත්වයට පත් විමට ඉඩ හැරියොත් දරුණු වීමට පුළුවන. මදාරා මුදලිගේ හර්නියා තත්ත්වයෙන් පරිස්සම් වන්නට නුතන සමාජ රටාවට අනුගත වු බොහෝ දෙනෙකුගේ නොසැළකිලිමත්භාවය හේතුවෙන් හර්නියා තත්ත්වය ඇති වේ. අධික මේදය සහිත ආහාර භාවිතා කර කිසිදු ශරීරික ව්‍යායාමයක් සිදු නොකරමින් කාලය ගත කරන්නන්ට මෙම තත්ත්වය බහුලව ඇති වේ.විශේෂයෙන් ම උදරයේ මස් පිඩු ක්‍රමවත්ව සකස් කර නොගැනීම හේතුවෙන් හර්නියා තත්ත්වය දරුණු මට්ටමට පත් වීමට පුළුවන. එසේ නම් මේ හර්නියා තත්ත්වයට පත් වු පුද්ගලයෙකුට සහ එවැනි තත්ත්වයක් ඇති වීම අවම කර ගැනීම සඳහා පුද්ගලයෙකුට අත්‍යවශ්‍ය කරුණු පිළිබඳව විදෙස් වෛද්‍යවරුන් සඳහන් කළ අදහස් කිහිපයකි. ආහාර රටාව අධික මේදය සහිත ආහාර වශයෙන් සළකන හැම්,බේකන්,ඌරු මස් වැනි ආහාර ගැනීම හැකි තරම් දුරට සීමා කළ යුතු වේ. ඒ මන් ද යත් එම ආහාරවල අන්තර්ගතවන මේදය උදරයේ මස් පිඩුවල තැන්පත් වී උදරය විශල වන නිසාවෙනි. එමෙන් ම අධික කුළුබඩු භාවිතා කර සකස් කර ගන්නා ආහාර වර්ග සහ විශේෂයෙන් ම සුදුළුූෑණු ආහාරයට ගැනීම සීමා කර ගැනීමට කල්පනාකාරී විය යුතු ය. මත්පැන්, සෝඩා , ස්ප්‍රයිට් වැනි පාන වර්ග පානය කිරීමෙන් ද වැළකී සිටිය යුතු ය.අච්චාරු වර්ග භාවිතා කිරීම ද මෙම තත්ත්වයට ගොදුරු වු රෝගීන්ට හිතකර නොවේ. ශරීරයට හිතකර ආහාර කෙඳි බහුල වශයෙන් අන්තර්ගත එළවළු සහ පළතුරු හර්නියා තත්ත්වයෙහි සිටින රෝගීන්ට සහ හර්නියා තත්ත්වය හට ගැනීම වළක්වා ගැනීම සඳහා ගුණදායක වේ.කොහිල, කැරට් ,බෝංචි ,බටානා,බතල සහ සෝයා බෝංචි යන එළවළු ද ඇපල් සහ කෙසෙල් යනාදී පළතුරු ද මේ සඳහා වඩාත් ගුණදායක වේ.එමෙන් යෝගට්, පිපිඤ්ඤා යුෂ, කෝමාරිකා යුෂ පානය කිරීම ද මෙම රෝගීන්ට වඩාත් හිතකරය . අනිවාර්යයෙන් ම මතක තබා ගත යුතු දෑ. දවසකට ජල වීදුරු 8 ක් පානය කිරීම අනිවාර්යයෙන් ම කළ යුතු ය. තුන් වේලම බත් ආහාරයට ගත්ත ද එම වේල් තුනේදීම බත් මඳ වශයෙන් සහ එළවළු වැඩිවශයෙන් ආහාරයට ගත යුතු ය. රාත්‍රී ආහාර ගැනීමෙන් පසු පැය 2-3 ක් පමණ විවේකයෙන් සිට ඉන් අනතුරුව නින්දට යෑමට පුරුදු විය යුතු ය. හර්නියා ශෛල්‍යකර්මයෙන් පසුව පරිස්සම් විය යුතු ආකාරය අධික බර භාණ්ඩ එසවීමෙන් වැළකී සිටිය යුතු ය. බර බඩු එසවීමේ රාජකාරීවල නිරත වන පුද්ගලයින් ඒ පිළිබඳව තම සැත්කම සිදු කළ වෛද්‍යවරයාට පැවසිය යුතු ය. මත්පැන් සහ දුම්වැටි භාවිතා කිරීම හැකි තරම් දුරට පාලනය කළ යුතු ය. සැත්කම සිදු කළ වෛද්‍යවරයා පැවසු උපදෙස් ඒ ආකාරයටම පිළිපැඳිය යුතු ය. අන්තර්ජාලය ඇසුරිණි. මදාරා ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Dec 2017 04:16 PM රුව නසන මුඛ දුඟඳ ලස්සනවීමේ ආශාව තිබෙන්නේ කාන්තාවන්ට විතරක් නොවේ. පිරිමින්ටත් එහෙමමයි. කාන්තාවන්ගේ ලස්සන වීමටත් පිරිමින්ගේ කඩවසම් බවටත් එක ලෙසම බාධා කරන්නේ මුඛ දුර්ගන්ධය. කෙටියෙන් ම කියනව නම් කට ගඳගැසීම. කට ගඳ ගසන්නේ දත් මදින් නැතුව හිටියහම නොවේ. මුඛ රෝග හේතුෙවන්. ඇතැම් පුද්ගලයන් දත් මැද්දත් විදුරු මස් දියවීමෙන් වළකින්න බැහැ. මුඛයේ දත් හා විදුර මස් අතර කුඩා පොකැට්ටුවක් වැනි ඉඩක් තිබේ. ඔබ ගන්නා ඕනෑම ආහාර ද්‍රව්‍යක් මේ කුඩා පොකැට්ටුවේ තැන්පත් වේ. එසේ තැන්පත්වන ආහාර මුඛයේ වෙසෙන ක්ෂුද්‍ර ජීවන් හා ක්‍රියාකාරී වී දන්ත මූලයට හා විදුරු මසට හානි කරයි. එමගින් මුඛයේ දුර්ගන්ධය ඇතිවේ. මෙසේ තැන්පත් වන ද්‍රව්‍ය ඉවත් කර ගැනීම දත් මැදීමේ දී කළ යුතුයි. එම ආහාර කොටස් ඉවත් කර ගැනීමේ පහසුම ක්‍රමය වන්නේ මුඛයට වතුර ස්වල්පයක් ගෙන කටසෝදා දැමීමයි. දත් මුල් දියවීම හා මුඛ දුර්ගන්ධය වළක්වා ගැනීමට අතීතයේදී පොල් මුල්, පුවක් මුල්, කුරුදු මුල් හෝ පොතු, කොස් නටු තම්බාගත් ජලයෙන් කට සේදීම කළහ. දත් මුල් දියවීම වළක්වා ගැනීම සඳහා කතුරු පිළ ශාකයේ මුලතම්බා කට සේදීම කළහ. අපි දැන් ඒ සඳහා “මවුත් වොෂ් “ වර්ග භාවිත කරමු. එහෙත් ඉන් ලැබෙන්නේ තාවකාලික ප්රබෝධයක් පමණි. මද උණුසුම් ජලය කොප්පයකට ලුණු තේ හැඳි කාලක් පමණ දමා කට සේදීමෙන් කටට නැවුම් ප්රබෝධයක් මෙන්ම මුඛයේ ක්ෂුදු ජීවී ක්‍රියාකාරීත්වය පාලනය කර මුඛයේ දුර්ගන්ධය වළක්වා ගත හැකිය. ළපැටි කටුකරඬු කොළ ස්වල්පයක් විකා ඒ ඉස්ම මද වේලාවක් මුව තුළ රඳවා ගැනීමෙන් මුඛයේ ඇති ක්ෂුද්‍ර ජීවීන් ඉවත් කර විදුරු මස ශක්තිමත් කිරීමට උපකාරීවේ. සමන් පිච්ච කොළ බෙලි කොළ තම්බා කට සේදීම මෙන්ම ළපටි කොළ සැපීම මගින් ද මුඛ දුර්ගන්ධය වළක්වා ගත හැකිය. දත්මැදීම සඳහා භාවිත කරනු ලබන උපකරණ පිරිසුදුව වියළිව තබා ගැනීම වැදගත්ය. වර්තමානයේ භාවිත වන දන්තාලේප ප්‍රමාණය හා සලකා බලද්දී එහි ගුණාත්මක බව අඩුවීම පෙන් වීමට ඇති හොඳම සාධකය වන්නේ දත් හා මුඛ රෝග බහුල විමයි. අතීතයේ දත් පිරිසිදු කර ගැනීමට බෝඹු, පේර, එඬරු, කොහොඹ ආදී ශාක කොටස් දතින් හපා සකසා ගත් බුරුසුවක් භාවිත කෙරිණ. මෙය එක් වරක් භාවිත කළ බුරුසුවක් වූවා සේම ඉන් වරකට එක් දත බැගින් මනාව පිරිසිදු කෙරිණ. වර්තමානයේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනුමත දත් බුරුසුවට එම දැහැටි කූර හොඳින් ගැලැපේ. ඇතැම් පුද්ගලයන්ගේ ආහාරයේ ඇති ආම්ලික බව දත්දිරා යෑමට හේතු වේ. දත් කුහර මුළයේ දුර්ගන්ධය ඇති කරයි.දිව ආශ්රිත රෝග, දිව පැලීම, දිව මතුපිට කාරම් බැඳීම, (උල්ලෝගම්) හේතුවෙන් ද මුඛ දුර්ගන්ධය ඇතිවේ. මෙය බෙහෙවින් බලපාන්නේ ළදරුවන්ට හා එක් තැන්ව වෙසෙන්නන් කෙරෙහිය. මීපැණියෙන් පොඟවා ගත් රෙදි කඩක් දබරගිල්ලේ දවටා දිව පිරිසිදු කරගැනීමට මෙහිදී භාවිත කළ හැකිය. මාසක්කා ගලගා රෙදි කැබැල්ලක ආලේප කර දිව ඇතුළේ ගෑම මගින් ද දිවේ උල්ලෝගම් ඉවත් කර ගත හැකිවේ. දිව පැලීම හා කට වනවීම ද කටේ දුඟඳ ඇති කරයි. මේ අවස්ථාවන් හිදී දිවේ සහ කට තුළ තුවාල වල මීපැණි ආලේපය එම තුවාල සුව කරවා දුර්ගන්ධය සමනයට උපකාරීවේ. දිය එළවළු වර්ග ආහාරයට ගැනීම හා නෙල්ලි , රසකිඳ තම්බා බීම මගින් කට දිව වනවීම සමනය කරගත හැක. මැල්ලුම් වර්ග ලෙස පොල් මිශ්‍ර කර සකසා ගත් තිත්ත රසැති පලා වර්ග ද මුඛයේ ව්‍යාකූලතා සමනය කරවයි. වර්තමානයේ භාවිතයට ඇති දන්තාලේප ප්‍රමාණය සලකද්දී අපට දන්ත රෝග හෝ මූඛ රෝග තිබිය නොහැක. එහෙත් මුඛ හෝ දන්ත රෝගයන්ගෙ අඩුවක් නැත්තෙ එම ආලේපනයන්හි ගුණාත්මක බව කෙරෙහි ගැටලුවක ඇති බැවිනි. අරළු බුලු නෙල්ලි පුලුස්සා ගම්මිරිස් හා ලුණු ස්වල්පයක් මිශ්‍රකර කුඩුකර ඔබට ම දන්තාලේපයක් සකසා ගත හැකිය. කොතරම් කාර්ය බහුල වුවත් විනාඩි කිහිපයකින් සකසා ගත හැකි මේ දන්තාලේපය ඔබේ දත් දීප්තිමත් හා නීරෝගී කරවයි. මුව ප්‍රබෝධමත් කර දුර්ගන්ධය වළක්වයි. ඇතැම් විට මුඛයෙන් නොව උගුරෙන් දුර්ගන්ධය එන අවස්ථාවන් ද තිබේ. එවිට රාත්‍රියේ කරාබු නැටි දෙකක් තලා වතුර කෝප්ප බාගයකට දමා වසා තබා හිස් බඩ බීම මගින් ශරීර අභ්‍යන්තරයේ පවත්නා ගැටලු සහ ගත තත්වයන් සමනය කරවා කුසගින්න වැඩීමට උපකාරීවේ. මේ සඳහා වෛද්‍ය උපදෙස් මත ඖෂධ භාවිත කළ යුතුවේ. දත් මුල් දීයවිම වළක්වා ගැනීමට ඉරිමේදාදී තෛලය විදුරු මස මත දබරඟිල්ල භාවිතයෙන් ආලේප කළ හැකිය. මේ අවස්ථාවේ දත් මැදීමට “මාංජනීසෘක් “ නැමති ඖෂධය වෙළෙඳ පොළෙන් ගෙන භාවිත කළ හැකිය. නිතර සෙම් ගෙඩි ප්‍රදාහය ඇති වේ නම් ලුණු මිශ්‍ර වතුරින් කට සේදීම, බාහිරින් කෝළ සෙලෙස්මාව හෝ සර්ව විෂාදී තෛලය ආලේප කරීමෙන් සෙම්ගෙඩි ප්‍රදාහය සමනය කරගත හැකි වේ. ඇතැම් පුද්ගලයන්ගේ කට පමණක් නොව හුස්මද පිළිගන්ධයෙන් යුක්තය. මෙවන් පුද්ගලයන්ට තද හිසරදය හා කම්මුල් ඇට ඇලීමේ දී වේදනාව ඇතිවේ. මෙසේ වන්නේ හිස හා කම්මුල් අශ්‍රිත කෝඨර වල සෙම තැන්පත්ව නරක් වූ විටදීය මෙ තත්ත්වය සමනයට යකිනාරං කොළ තම්බා උදේ හවස හුමාලය ඇලීම කළ හැකිය එවිට නරක්වු සෙම ක්‍රමයෙන් ඉවත්වී යයි. තවද හීන් උඳුපියලිය රතුලූනු සහ කොටා පොට්ටනි බැඳ වන්ඩුවේ තම්බා නළල තැවිම මගින් ද මෙම සෙම ඉවත්කර ගත හැකිය. මෙය වෛද්‍ය උපදෙස් පැතිය යුතු තත්ත්වයකි. කට්පලාදී චූර්ණය ස්වල්පයක් නාසයට උරා කිවිසම් යැවීම මගින් ද නාසයේ හා මුළයේ දුර්ගන්ධය සමනය කර ගත හැකිය. පෙනහළු ආශ්රිත ඇතැම් රෝග හේතුවෙන් පෙනහළු වල ගර්ත කෙළවර වීනාශ වී එ්වායේ සෙම රැඳේ. මේ තත්වය ද මුඛයෙන් මෙන්ම හුස්මද පිළිගන්ධයෙන් යුතු කරවයි. එම සෙම ශරීරයෙන් පිටතට ගත යුතුය. ඒ සඳහා වෛද්‍ය උපදෙස් මත විශේෂ ප්‍රතිකාර සඳහා යොමු වීම අවශ්‍ය වේ. කන් බෙරය සිදුරුවීම හේතුවෙන් මැදකන ආසාදනයට ලක්වීමෙන් ඇතිවන කන පැසවීමද මුඛ දුර්ගන්ධය සේ දැනිය හැක. ඒ සඳහා ශරීරයේ ප්‍රතිශක්ති කරන ක්‍රියාදාමය වැඩි දියුණු කර සවපත් කළ හැක.ඒ සඳහා අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලැබිය යුතුවේ. උගුර හා කට පිරිසිදුව තබාගැනීම හිස හා උදරය ආශ්රිත රෝග තත්තවයන්ට නිසි ලෙස පිලියම් යෙදීම මුඛයෙන් වහනය වන ගන්ධයන් සමනය කර ගැනීමට උපකාරීවේ. ඔබ කොතරම් ලස්සනට සිටියත් මුඛයෙන් හෝ නාසයෙන් දුගධ වහනය වන්නේ නම් ඉන් පලක් නොවේ. සියලු මොස්තර හා ආලේපන ගැල්වීමට පෙර ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කොට නීරෝගී දිවියක් ගොඩනඟා ගැනීමෙන් මුහුණෙහි පියකරු බව චද ශරිරයෙහි ප්රභාවද වර්ධනය කරගත හැකිවේ. ලස්සන නම් එය ය. උපදෙස් - බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය මාලා පෙරේරා ටෙක්ලා පද්මිණී කාරියවසම් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Dec 2017 04:28 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Dec 2017 04:29 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Dec 2017 04:29 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Dec 2017 04:29 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Dec 2017 04:29 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Dec 2017 04:29 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Dec 2017 04:30 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Dec 2017 04:30 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 76 of 137 << < 7475767778 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner