Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 77 of 137 << < 7576777879 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 15 Dec 2017 05:13 PM තරුණ පෙනුම හොරාගන්නා ආහාර ගැහැනු පිරිමි කවුරුත් කැමතියි තමන්ගෙ තරුණ පෙනුම හැමදාටම රැකගන්න. නමුත් අපිට ස්වභාව ධර්මයට පිටින් යන්න බැහැ. වයසට යන එක නතර කරන්නත් බැහැ. හැබැයි තරුණ පෙනුම රැකගන්න යම් යම් දේවල් කරන්න පුළුවන්. ඒ නිසා නිතර නිතර මේ ආහාර වර්ග ගන්නවා නම් ඒවා අඩු කරන්න. ඔබේ පෙනුමට වයසට වඩා වියපත් බවක් එක් කිරීමට ඒවා සමත් වෙනවා. කැෆේන් අධික ආහාර තේ, කෝපි වැනි පානයන්, ශක්තිජනක පාන, සෝඩා මෙන්ම චොකලට්, පරිභෝජනය කිරීමෙන් සම ඉතා ඉක්මනින් විජලනයට ලක් වෙනවා. ලුණු භාවිතය අවම කරන්න සෝඩියම් අධික ආහාර වැඩිපුර ගැනීමෙන් සම ඉක්මනින් වයසට යනවා. ඒ වගේම හදවත් රෝග ඇති කරන්නත් එය හේතුවක්. සීනි අධික ආහාර නිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යවනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සමේ ඇදෙන සුළු බව නැතිවෙනවා. එතකොට සම රැළි වැටෙනවා. කලින් පිළියෙළ කළ මස් වර්ග ආහාරයට ගැනීම හැකි තරම් අවම කරන්න. සොසේජස්, මීට් බෝල්, බේකන් වැනි ආහාරවල ඇති කල්තබා ගැනීමේ රසායනිකයන් නිසා සම ඉක්මනින් වියපත් කරනවා. පිළිස්සූ මස් වලින් සමේ ඉදිමුමක් ඇති කරන්න පුළුවන් අහිතකර දෑ නිකුත් වෙනවා. ඒ වගේම එයින් සමේ ඇති කොලජන් අහිමි කරවනවා. ඒ හේතුවෙන් සම ඉක්මනින් වයසට යනවා. අධික ලෙස මිරිස් යෙදූ සැර අධික ආහාරවලින් ඈත්වෙන්න. මිරිස් ඇතුළු කුළුබඩු හැකි තරම් සීමා කරන්න. සැර අධික ආහාරවලින් සමේ පැහැයට හානි කරනවා. කිරි සහිත ආහාර කිරි සහිත ආහාර සියල්ලක්ම සමට අහිතකර නැහැ. නැවුම් කිරි, යෝගට් සමට ඉතාමත් හිතකරයි. නමුත් විශේෂයෙන් විවිධ ආකාරයට පිළියෙළ කළ චීස් වර්ග සමට එතරම් සුදුසු වෙන්නේ නැහැ. පොප් කෝන් පොප් කෝන්වලට ගොඩක් දෙනෙක් ප්‍රිය කරනවා. ඒත් එහි අඩංගු ට්‍රාන්ස් කියන මේද කොටස් හදවතට වගේම සමටත් හිතකර වෙන්නේ නැහැ. සම මත ඇතිවන ඉන්නන් සහ ලපවලට මෙය හේතුවක්. Health.com ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Dec 2017 05:18 PM මුරුංගා හොඳම බෙහෙතක් ඉතාම රසවත් ගුණවත් ආහාරයක් සේම ඊටත් ඉහළ ඖෂධීය විටිනාකමකින් යුත් මුරුංගාවලට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේද හිමිවන්නේ සුවිශේෂී තැනකි. මෙහි බොහෝ පෝෂ්‍ය පදාර්ථයන් අන්තර්ගත වේ. වර්තමානයේදී ජලයෙහි අඩංගු බොහෝ ලෝහ කොටස් හේතුවෙන් මිනිසාගේ මුත්‍රා පද්ධතියේ සහ වකුගඩුවල විවිධ ගැටලු ඇතිවී ඇත. නමුත් අතීතයෙන් අපේ ගැමියෝ ආහාරය වගේම ජලය පිරිසුදු කිරීම සඳහා මුරුංගා ඇට භාවිත කළහ. මේ අනුව මෙය ඉහළ වටිනාකමකින් යුත් ඖෂධයකි. ඉස්සන්, මඤ්ඤොක්කා, වැලි කොටස්ඇට වැනි දේ තම්බන විට මුරැංගා කොළද එම ව්‍යාංජනයට යොදනු ලැබේ. එබැවින් එහි තිබිය හැකි විස තත්ත්වය අඩුවේ. අසාත්මිකතාවයක් ඇතිකරනු ලබන ආහාරවලට මුරුංගා එක් කරනුයේ එහි ඇති විස තත්ත්වය අඩුකර අසාත්මිකතාවය දුරු කිරීමටයි. අච්චාරු සහ තැම්බුම් හොදි සඳහා මුරුංගා පොතු යොදනු ලැබේ. එමඟින් විශේෂයෙන් ආහාර ජීර්ණ තත්ත්වය මෙන්ම රසකාරක ගුණයද ලැබේ. බොහෝවිට තැම්බුම් හොදි දෙනු ලබන්නේ රෝගීන් සහ දරුවන් ප්‍රසූත කළ මව්වරුන්ටය. ඔවුන්ට ඉතා ඉක්මණින් ආහාර දිරවීම වැදගත් වේ. තැම්බුම් හොදිවලට මුරුංගා පොතු එක් කිරීමෙන් ආහාර් ජීර්ණ ශක්තිය වැඩිවේ. අච්චාරුවලට මුරුංගා පොතු කැබැල්ලක් එක් කිරීමෙන් රසය වැඩිවන අතර විනාකිරි වැනි දෙයින් ඇතිවන්නට ඇති අසාත්මිකතාවය වළක්වා ගත හැකිවේ. පරිප්පු ව්‍යංජනය සඳහා කරපිංචා වෙනුවට මුරුංගා කොළ එකතු කරගත හැක. ආයුර්වේදයේදී සර්ප විෂ සඳහා මුරුංගා කොළ ආලේපනයක් ලෙසින් යොදා ගැනේ. මුරුංගාවල කොළ, පොතු, ඇට, මල් යන මේ සියල්ල ඖෂධ ලෙසින් එදා සිට අද දක්වා භාවිත කෙරේ. විශේෂයෙන් මුරුංගා කොළ මඳ පවනේ අඩු උෂ්ණත්වයක් යටතේ වේලා එය කුඩුකර ගැනීමෙන් පසුව ඖෂධීය පානය ලෙසින්ද බීමට හැක. මෙය තේ වෙනුවට පානය කළ හැකි ඖෂධීය පානයකි. ඖෂධීය ගුණයෙන් ඉහළම පානයක් ලෙසින් මෙම මුරුංගා කොළ පානය හැඳින්විය හැක. වකුගඩු රෝගීන්ට පිළිකා රෝගීන්ට ඇතිවන රක්තහීනතාවය දුරු කරලීමට මෙම පානය උපයෝගී වේ. නොයෙක් රෝග තත්ත්වයන් නිසා ශරීරයේ හිමොග්ලොබින් අඩුවන්නේ නම්, යකඩ ප්‍රමාණය අඩුවන්නේ නම් එවැනි රෝගීන්ට කිසිදු අතුරු ආබාධයකින් තොරව ස්වභාවිකව ගත හැකි ඖෂධයක් ලෙසින් මෙම මුරුංගා කොළ පානය නිර්දේශ කෙරේ. මෙය මඳ පවනේ වේලා කුඩුකර මෙන්ම පානය කිරීමට සූදානම් වන විටම මුරුංගා කොළ කිනිත්තක් කඩා උතුරන ජලයට එක්කොට ටික වේලාවක් වසා තබා පසුව පානයද කළ හැක. උණ වැනි රෝගයක් සෑදීමෙන් ප්‍රතිශක්තිය අඩු වූ විට රෝගියා දුර්වල වේ. එවැනි රෝගයක් සුව වූ වහාම මුරුංගා කරල් ආහාරයට ගැනීම ඉතාම ගුණදායකයි. එමෙන්ම ශරීරයට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ බොහෝමයක් ලබාගත හැකි ආහාරයක් ලෙසින් මුරුංගා හැඳින්විය හැක. එකම ආහාරයකින් බොහෝ පෝෂ්‍ය පදාර්ථ ලබාගත හැකි ආහාර ඇත්තේ ඉතා සීමිත ප්රමාණයකි. මුරුංගා එයින් ප්‍රධාන වේ. මුරුංගා ව්‍යංජනයක් ලෙසින්ද මුරුංගා කොළ වලින් කොළ කැඳක් ලෙසින්ද මුරැංගා මද, මුරුංගා ඇට, මුරුංගා කොළ ගෙන සුප් එකක් ලෙසින්ද සාදා ආහාරයට ගත හැක. ආයුර්වේදයේ විවිධ සන්ධි රෝගවලදී වේදනා නාශකයන් ලෙසින්ද හැඳින්වේ. ඉදිමුම අඩුකිරීමට යොදාගන්නා පත්තු බැඳීමේදී මුරුංගා කොළ, මුරැංගා පොතු සහ මුරුංගා මුල් භාවිත කෙරේ. එෙමන්ම මාසික ඔසප් වීම නිසියාකාරව සිදුෙනාවන අයට මුරුංගා අහාරයට ගැනීෙමන් ඔසප් ප්‍රශ්න මඟහරවා ගත හැකි බව වෛද්‍යවරු පවසති. එෙමන්ම ලිංගික ශක්තියත් වැඩිකිරීමටත් මරුංගා අාහාරයට ගැනීම බෙහෙවින් ඉවහල් වේ. මළබද්ධය සමඟ ඇතිවන බඩ පුරෝදැමීම, ආහාර අරුචිය වැනි රෝග තත්ත්වයදී මුරුංගා ඉතා ගුණදායක වේ. මුරැංගා “කෙඳි ආහාරයක්” ලෙසින්ද හැඳින්වේ. හොඳින් මළ පිටකිරීමට ගුණදායක ඖෂධයක් ලෙසින්ද මෙය හැඳින්වේ. කුඩා දරුවන්ට ඇතිවන පණු රෝග වළක්වා ගත හැකිය. මුරුංගා ඇට, ග්‍රීන් පීස් වෙනුවට බතට එක්කරගත හැක. දියර ලෙසින් වැඩිපුර මළ පිටවීමේදී මුරුංගා ව්‍යාංජනය ආහාරයට ගැනීම ඉතා ගුණදායක වේ. මුරුංගාවල පෝෂ්‍ය පදාර්ථ ඇස්වලට ඉතා හිතකර වේ. කුඩා දරුවන්ගේ බුද්ධි වර්ධනයටත්, පිළිකා නාශකයක් ලෙසින්ද ඉතා වැදගත්වේ. කුරුලෑ නැති කිරීමට, සමේ රැලි වැටීම වැළැක්වීමට මෙන්ම වකුගඩු රෝග, වකුගඩු ගල් සහ මුත්‍රා පද්ධතියේ බොහෝ රෝගවලට මුරුංගා ඉතා ගුණදායක වේ. සමට, හිසකෙස්වලට මෙන්ම අස්ථිවලට වැදගත් ඖෂධයකි. සියලුම බෝ නොවන රෝග සඳහා, විශේෂයෙන් පිළිකා රෝග සඳහා දියවැඩියාව, අධික රුධිර පීඩනයටද ඉතා ගුණදෙන බාල මහලු කොයි කාටත් ගුණදායක ආහාරයක් ලෙසින්ද ඖෂධයක් ලෙසින්ද මුරුංගා හැඳින්විය හැක. ආයුර්වේද විශේෂඥ වෛද්‍ය එස්.එම්. නිමාලි සොලොහොකාර ආයුර්වේද මහ රෝහල කුරුණෑගල ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Dec 2017 05:28 PM ආසාවෙන් ඉගෙනගන්න මන්තරේ මෙන්න දැඩි ආතතිය හෝ බලපෑම නිසා දරුවාගේ ඉගෙන ගැනීමේ ආශාවන් මොට විය හැකිය. ඉතා බුද්ධිමත් දරුවෙකු වූ දිනුක ඉගෙනීමට දුර්වල දරැවකු වූයේ අම්මාගේ බලපෑම් සහ තර්ජන මතය අධ්‍යාපනික කුසලතාවන්ට දරුවන් යොමු කරන ආකාරය දිනුකගේ කතාව ඇසුරෙන් සාකච්ඡා කරන්නටයි අපි මේ යන්නේ. විනෝදයෙන් ඉගෙන ගැනීම:- ඕනෑම දරුවෙකුට ඉගෙන ගැනීමට හැකියාවක් ඇත. එසේ හැකියාවක් නැතිනම් එම දරුවා විශේෂ ආබාධයකින් පෙළෙන දරුවෙක් විය හැකිය. බොහෝ දරුවන් තුළ මේ සැඟවී ඇති හැකියාව ඉස්මතු කර ආශාව ඇති කරවන පරිසරයක් නිර්මාණය කිරීම දෙමාපියන් සහ ගුරුවරුන්ගේ වගකීමයි. අසාමාන්‍ය ලෙස දරුවන්ගේ මනස මෙහෙය වීම, නිතරම බල කිරීම, ඇගයීමකට ලක් නොකිරීම, ඕනෑවට වඩා දරුවාගෙන් බලාපොරොත්තු වීම, අනාගතයට හෝ ජීවිතයට බය කිරීම, සෙල්ලම් කිරීමට අවස්ථාවක් ලබා නොදීම, අනිත් දරුවන් සමඟ හෝ පන්ති කාමරයේ සිටින දරුවන් සමඟ සංසන්දනය කිරීම මෙවැනි හේතු නිසා දරුවා තුළ සැඟවී ඇති හැකියාවන් යටපත් වී ඔහු හෝ ඇය ඉගෙනීමට දුර්වල පුද්ගලයෙක් බවට පත්විය හැකිය. අපි මෙවැනි දරුවෙකු පිළිබඳ උදාහරණයක් මඟින් තේරුම් ගැනීමට උත්සාහ කරමු:- දිනුකගේ වයස අවුරුදු 07යි. කොළඹ ප්‍රධාන පාසැලක ඉගෙනුම ලබන හුරුබුහුටි සෙල්ලමට බර දරුවෙකු විය. දිනුකගේ මව ගුරුවරියක්. පියා රාජ්‍ය ආයතනයක සේවකයෙකු ලෙස සේවය කරයි. දිනුක අපට කළුබෝවිල රෝහලට යොමුවූයේ නිතරම පවතින හිසේ කැක්කුමක් සහ පන්ති කාමරයේ වැඩවලට (විෂයන්ට දැක්වූ) අවදානය මෙන්ම ලකුණු ද අඩුවීම නිසාය. පන්ති කාමරයේ දිනුකගේ ගුරුතුමිය දිනුකව හඳුනාගෙන තිබුණේ ඉගෙන ගැනීමට අදක්ෂ දරුවකු ලෙසය. අපි පළමුව කරන්නේ මෙවැනි දරුවෙකු බුද්ධි පරීක්ෂණයට ලක්කිරීමයි. බුද්ධි පරීක්ෂණයක් මඟින් ඔහු හෝ ඇය බුද්ධිය අඩු දරුවෙක් ද සාමාන්‍ය දරුවෙක් ද කියලා හඳුනාගන්න පුළුවනි:- දිනුක ද බුද්ධි පරීක්ෂණයකට ලක් කළා. ඔහු බුද්ධි පරීක්ෂණයේදී ලකුණු 108ක් ලබාගෙන තිබුණා. මින් පෙන්නුම් වී තිබුණේ දිනුක ඉතාමත් හොඳ බුද්ධි ප්රභාවකින් හෙබි දරුවෙකු බවයි. එසේ නම් දිනුකගේ ඉගෙනීමේ හැකියාවන් දුර්වල වූයේ ඇයි? දිනුකත් සමඟ අපි වෙනමම කතා කළා. දිනුක මෙහෙම කිව්වා. මගේ අම්මා හරිම සැරයි. මට සෙල්ලම් කරන්න, නිදහසේ ඉන්න කිසිම වෙලාවක් නැහැ. අම්මට හරියට තරහා යනවා. හැම තිස්සෙම ඇය කියන්නේ මට පාඩම් කරන්න කියලා. මම කොච්චර පාඩම් කරත් අම්මට නම් කිසිම සතුටක් නැහැ. මට තාම මතකයි එක සිද්ධියක්. ගියවාර විභාගයට මට ගණන්වලට ලකුණු 65ක් තිබුණා. අම්මා නිතරම මේක කියවන්න පටන් ගත්තා. මෙහෙම ලකුණු අරගෙන ඉගෙන ගන්නේ කොහොමද කියලා. අපේ අල්ලපු ගෙදර චතුරංග මල්ලීට හැම වැඩකටම වගේ ලකුණු 80කට වැඩිය තිබුණා. අම්මා නිතරම ඔහු සමඟ මාව සංසන්දනය කරමින් මගේ අඩුපාඩු කිව්වා. මට දැන් පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. හරියටම තරහ යනවා. නිතරම හිසේ බර ගතියක් තියෙනවා. අම්මා මාව වෛද්‍යවරු කිහිපදෙනෙක් ළඟටම රැගෙන ගියා. මාව පෙන්නුවා. සෑම වෛද්‍යවරයෙක්ම පැවසුවේ මට ලෙඩක් නැහැ කියලා. ප්රශ්නය:- දිනුකගේ ප්රශ්නය ඔබ දකින්නේ කෙසේද...? වෛද්‍යවරයාගේ නිගමනය:- වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ දිනුකව කාංසාව හෙවත් ආතතියකට ගොදුරු වී ඇති බවයි. කාංසාවේ ලක්ෂණ ඕනෑම දරුවෙකු තුළ යම් අවස්ථාවලදී දැකිය හැක. නමුත් දැඩි කාංසාව හෝ ආතතිය නිසා ඉගෙනීමේ කුසලතාවන් හා හැකියාවන් යටපත් වියහැකිය. දරුවන් 100 දෙනෙකු ගත්කළ පස් දෙනෙකු මේ තත්ත්වයට ගොදුරු වියහැකි බව වෛද්‍යවරුන්ගේ මතයයි. කාංසාවේ ලක්ෂණ විවිධ වයස්වලදී විවිධාකාර ලෙස පෙන්නුම් වෙයි. සමහර ළමුන් අඳුරට සහ කැරපොත්තන්ට බය වන අතර මෙවැනි ලක්ෂණ කාලයක් සමඟ නැතිවී යයි. දෙමව්පියන්ගේ ගැටලු නිසා බොහෝ දරුවන් කාංසාව හෙවත් මෙවැනි ආතතීන්ට ගොදුරු විය හැකිය. 1. දරුවා ගැන නොසැලකිලිමත් වීම. 2. දරුවා කෙරෙහි ඇති ආදරය සහ අවධානය අඩුවීම. 3. වැඩිහිටියන් සහ පවුලේ අන් අය සමඟ පවතින සම්බන්ධතාවය අඩුවීම. සාමාන්‍යයෙන් දරුවන් තුළ දක්නට ලැබෙන කාංසාවේ ලක්ෂණ වැඩිහිටියන් තුළ පෙන්නුම් කෙරෙන ලක්ෂණවලට වඩා වෙනස් වේ. උදාහරණ:- • නින්ද ආශ්රිත ගැටලු • කෑම අරුචිය. • තනිව සිටීමට ඇති බිය. • නිතර පවතින බඩේ කැක්කුම. • නිතර ඇතිවන හිසේ කැක්කුම යන ශාරීරික ලක්ෂණවලින් පෙන්නුම් වේ. දෙමාපිය වැඩිහිටියන් සෑම දරුවකුටම අවශ්‍ය දේ නිසි ලෙස තේරැම් ගැනීමෙන් හා දරුවාට හිතකර සමාජීය පරිසරයක් නිර්මාණය කිරීමෙන් හොඳට ඉගෙනීමට හැකියාවක් ඇති නිර්මාණශීලී අභිමානවත් දරැවකු පිළිබඳ සිහිනය ඔබට සැබෑකර ගතහැක. පහත සඳහන් ක්‍රියාකාරකම් කෙරෙහි ඔබේ මනස යොමු කරන්න 1. දරුවා ක්‍රියාකාරකම්වලට උත්තේජ කිරීම • දරුවාගේ මොළය උපදිනකොට සම්පූර්ණ නොවේ. ඔබ කොතරම් ඔහුව/ ඇයව උත්තේජ කරන්නේ ද යන්න මත ඔහු/ ඇයගේ මොළයේ වර්ධනය තීරණය වේ. • දරුවා යම් ක්‍රියාවකට අනුගත කිරීමේදී ආත්මවිශ්වාසය සහ බුද්ධිය ගොඩනැංවීමට ඔහුව හෝ ඇයව ඇඟයීමට ලක් කළ යුතුය. උදාහරණ:- අපි යම් දරුවෙකු හිරමනයෙන් පොල් බෑයක් ගානවා යයි සිතමු. ඔහු හෝ ඇය තුළ විකසිත වනුයේ ආත්මවිශ්වාසය පමණක් නොව සිතීමේ යාන්ත්රනයට අවශ්‍ය ස්නායු පරිපථ දහස් ගණනක් මොළය තුළ නිර්මාණය වීමද සිදුවේ. 2. දරුවා ස්පර්ශ කිරීම • ස්පර්ශයට භාජනය නොවන දරුවාගේ මොළයේ වර්ධනය ඇන හිටින බව විද්‍යාඥයින්ගේ මතයයි. • අවම වශයෙන් දවසට 03 වතාවක්වත් සිඹින්න, තුරුළු කරගන්න, අතගාන්න, ළංවෙන්න මෙම ක්‍රියාකාරකම් තුළින් දරුවා තුළ ආදරය සහකම්පනය සහ වේදනය වැනි හැඟීම් ගොඩනැගෙනවාට අමතරව ජීවිතයට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය සහ පෞරැෂය ඔහු තුළ නිර්මාණය වේ. 3. දරුවා සමඟ යාළුවකු සේ සිටින්න බොහෝ දෙමාපියන් දරුවා සමඟ ගොඩනගා ගන්නා සම්බන්ධතාවය ඉතා දුරස්ථය. දෙමාපියන් කල්පනා කරනුයේ යාළුවන් සේ දරුවන් ළංවීම නිසා ඔහු හෝ ඇය නොමඟ යන බවයි. නමුත් මේ කල්පනාව වැරදි සහගතය. සෑම දරැවෙකුගේම අභිමානය සහ සුරක්ෂිතභාවය වර්ධනය කිරීම සඳහා ඔහු හෝ ඇය යහළුවකු සේ දරුවන්ට සමීප විය යුතුය. මින් අදහස් කරනුයේ දරුවාගේ හැඟීම් තේරැම් ගැනීමත්, ඒවා සාධාරණීයකරණය කිරීමත් ඒවා හී ඇති වාසි හා අවාසි දරුවා සමඟ සාකච්ඡා කිරීමත්ය. උදාහරණ:- ඔබේ දරුවාගේ යම් හැසිරීහකට ඔබට තරහ ගියායැයි සිතන්න. සමහර විට ඔබ දරුවාට එක් වරක් හෝ දෙවරක් රිදෙන්න ගහන්නත් පුළුවන්. නමුත් හැකි ඉතා ඉක්මනින් ඔබ දරුවාව ළඟට ගෙන ස්පර්ශ කර ඔබට තරහ ගිය බවත් එසේ තරහ යාමට හේතුව ඊළඟට පවසන්න. ඒ ගැන ඉතා සරල සංවාදයක් දරුවා සමඟ ගොඩනගන්න. 4. දරුවාට සෙල්ලම් කිරීමට අවශ්‍ය කාලය සපයන්න කුඩා දරුවෙකු නිතරම ටියුෂන්වලට යොමු කිරීම නිසා සෙල්ලම් කිරීමට ඇති කාලය නැතිවී යා හැකිය. වොෂින්ටන් විශ්වවිද්‍යාලයේදී කරන ලද සමීක්ෂණයෙන් පෙනී ගොස් ඇත්තේ හොඳින් සෙල්ලම් කිරීමට කාලය හා අවකාශය ඇති දරුවන්ගේ මොළයේ වර්ධනය අනෙක් දරුවන්ට වඩා වැඩි බවය. 5. සංගීතය හා නාට්‍ය ආදියට දරුවා යොමු කිරීම සංගීතයට හා නාට්‍ය ආදියට කුඩා කළ සිට දරුවා යොමු කිරීමෙන් ශක්තිමත් සහ මෘදු මනසක් දරුවා තුළ නිර්මාණය වන අතර සිතීමට සහ තීරණ ගැනීමට ඇති කුසලතා ද වර්ධනය වේ. 6. දරුවා කියවීමට හුරු කරන්න කුඩා දරුවාට ඇහෙන්නසේ කතා කිරීමෙන් හා එම කතා චිත්‍රයට නැංවීමට දරුවා හුරු කිරීමෙන් ඔහුගේ බුද්ධිමය පාරා වළලු තවදුරටත් පුළුල් කරගත හැක. කියවීමට ආසා ඇති කරවන පරිසරයක් දරුවා තුළ ගොඩනැංවීම සඳහා එහි ඇති වැදගත්කම පිළිබිඹු වන නොයෙකුත් කතාන්තර දරුවාට කියාදීමෙන් සිදුකළ හැක. ඔහුට හෝ ඇයට බලකිරීම කිසිවිටෙක කළයුතු නොවේ. එසේ වූ විට එම හැකියාවන්ම දරුවා තුළ නැතිවී යා හැකිය. විනෝදාත්මක ලෙස ඉගෙන ගැනීමට ඔහුගේ මනස යොමු කළ යුතුයි. කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Dec 2017 05:35 PM කෑම වේලේ තන්තු අඩු වුණොත් හැදෙන ලෙඩ සිරුරට අවශ්‍ය පෝෂණය සපයන ආහාර අතරට අමතක නොකර තන්තු සහිත ආහාර එකතු කර ගත යුතුමයි. පළතුරු, එළවළු, ධාන්‍ය වර්ගවලින් ප්‍රමාණවත් තරම් තන්තු සිරුරට ලබා ගත හැකි නිසා, එය අමාරු කාර්යක් නෙවෙයි. ඒත් බොහෝ දෙනෙකු තන්තුවල ඇති වැදගත්කම නොසලකා හැරීම නිසා විවිධ ගැටලු හා රෝගී තත්ත්වයන්ට ගොදුරු වන අවස්ථා තියෙනවා. පෝෂණය අතින් ඉහළ ආහාර වගේම අපේ සිරුරේ නිසි ක්‍රියාකාරීත්වයට නැතුවම බැරි තන්තු බහුල ආහාර නිසි පරිදි නොලැබී යාම නිසා ඇතිවන මේ රෝගී තත්ත්වයන් ගැන ඔබ මෙතෙක් දැන සිටියේ නැත. අවශ්‍ය ප්‍රමාණයට තන්තු බහුල ආහාර නොලැබී යද්දී ශරීරය විසින් ඒ ගැන විවිධ අනතුරු සංඥා නිකුත් කරනවා. පහත විස්තර වන්නේ ඒවා ගැනයි. ඒ නිසා මේ තත්ත්වයන් ඇති වෙන්න කලින් හෝ දැනටමත් ඔබ මේ ගැටළුවලට මුහුණ දීලා ඉන්නවානම් තන්තු බහුල ආහාර ඔයාගේ ආහාර වේලට එකතු කර ගන්න ප්‍රමාද වෙන්න එපා. 1 - මළබද්ධය හෙවත් බඩ වේලීම මළබද්ධය කියන්නේ බහුතරයක් දෙනෙක්ට පොදු ප්‍රශ්නයක් වෙලා තියෙන තත්ත්වයක්. ප්‍රමාණවත් තරම් කෙඳි සහිත ආහාර නොගන්නාවිට ඇතිවන රෝගී තත්ත්වයක් විදිහට මළබද්ධය හඳුන්වන්න පුළුවන්. එය එකම හේතුව නොවුනත් කෙඳි සහිත ආහාර නොලැබී යාම එම කටයුතු අසීරැ කරනවා. අවම වශයෙන් දිනකට දෙවරක් ගැටලුවකින් තොරව මළ පිට වීම සිදුවිය යුතුයි. නමුත් ඔබට ඒ සම්බන්ධ ගැටළු පවතිනවානම් ඔබට දැනටමත් මළබද්ධය ඇති වී තියෙන්නට පුළුවන්. අපි ගන්නා ආහාරවල වගේම ජීවන රටාවේ පවතින වැරදි නිසා ඇතිවන මේ තත්ත්වය විශේෂයෙන් තන්තුමය ආහාර ඉතා අවම වශයෙන් ආහාරයට ගැනීම නිසා මේ ක්‍රියාවලිය තවත් අමාරැ කරනවා. 2 - කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම කොලෙස්ටරෝල් ඇති වෙන්න මූලික වෙන්නේ මේදය වුනත් කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන්න එක් හේතුවක් තමා අඩු කෙඳි සහිත ආහාර පරිභෝජනය. ඇති වෙලා තියෙන කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගන්න සහ ඇති වෙන්න තියෙන අවදානමෙන් මිදෙන්න තන්තුමය ආහාර බොහෝ ලෙස උදවු වෙනවා. සිරුරට අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පහත හෙලමින් හදවත සුරකින්නත් කිරීටක හෘද රෝගවල අවදානම අඩු කරන්නත් තන්තු සහිත ආහාර උදවු වෙනවා. 3 - රුධිරගත සීනි මට්ටම් ඉහළ යාම කෙඳි සහිත ආහාර නොලැබී යාම නිසා ඇතිවන තවත් අහිතකර තත්ත්වයක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම සඳහා තන්තු බහුල ආහාර ගැනීම ගැන අනිවාර්යෙන් අවධානය දිය යුතුයි. තන්තු මඟින් සීනි රුධිරයට අවශෝෂණය කර ගැනීම ප්‍රමාද කරවන නිසා දියවැඩියා රෝගය පාලනයට එය ඉතා වැදගත්. 4 - බඩ පිපුම වැරදි ආහාර රටාව සහ තන්තුමය ආහාර හිඟ වීම නිසා බඩ පිපුම ඇති වෙන්න පුළුවන්. ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන තන්තු නොලැබී යාම නිසා මෙවැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ආහාර හොඳින් දිරවීමටත් තන්තු උපකාරී වෙනවා. එය නොලැබී යාම මෙවැනි තත්ත්වයන්වලින් ඔබ අපහසුතාවයට පත් කරනවා. 5 - කෑමෙන් සුළු වෙලාවකට පසුව නැවත ඇතිවන කුසගින්න තන්තු සහිත ආහාර ප්‍රමාණවත් තරම් නොලැබී යාම නිසා ඇතිවන තවත් අපහසුතාවයක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. නමුත් කෙඳි සහිත ආහාර ඔබේ ඊළඟ කෑම වේලාව පැමිණෙන තුරැ කුසගින්නක් ඇති නොවීමට උපකාරී වෙනවා. විශේෂයෙන් තන්තුවලින් පොහොසත් ආහාර ජලය අවශෝෂණය කරන අතර ඒ මඟින් නිතර නිතර කුසගින්න ඇතිවීම වළක්වනවා. MRI News ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 15 Dec 2017 06:20 PM ඉරි තලල වගෙයි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 hasithadSuper Senior MemberPosts:5795 16 Dec 2017 07:03 AM මූන ඉඩෝරයට අහුවෙලා ඒකයි.... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Dec 2017 06:04 PM දරුවන් නැත්තේ ඇයි? පේරාදෙණියේ විශ්ව විද්‍යාලයේ අලුත්ම සමීක්ෂණයක් සමන්තී වීරසේකර ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල අද බරපතළ ගැටලුවක් ලෙස වඳභාවය හෙවත් දරුවෙක් බිහිකරලීමේ හැකියාව නොමැති වීම පෙන්වා දිය හැකි තත්ත්වයට පත්ව තිබේ. ලංකාවේ වඳභාවයට පත්ව ඇති කාන්තාවන් ප්‍රතිශතයක් ලෙස සියයට පහකි. ඒ අතරින් සියයට තිස්තුනක් එසේ වඳභාවයට පත්ව ඇත්තේ, පිරිමින්ගේ සිරුර අභ්‍යන්තරයේ ඇති විවිධ රෝගී තත්ත්වයන් හේතුවෙන් බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍යවරුන් දෙදෙනකු විසින් කළ සමීක්ෂණයකින් සනාථ වී තිබේ. මෙය සමාජ ගැටලුවක් බවට පත්ව, විවාහයන් දෙදරා යැමටත්, සිය දිවි හානි සිදුකර ගැනීමටත්, වෙනයම් පීඩාවන්ට නතු වීමත් ඇතුළු අතුරු අනිසි ඵල ඇති වීමේ ප්රවනතාවය මත, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ, ජන්‍ය මුල්‍ය විශේෂඥ වෛද්‍ය උදය පෙතියාගොඩ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය කපිල ගුණවර්ධන යන මහත්වරු සමීක්ෂණයක් සිදුකොට වඳභාවයට හේතු කවරක්ද යන්න සොයා බැලීමේ වැදගත් කාර්යයකට අත තැබූයේ දැනට වසර පහක සිටය. එම සමීක්ෂණ, පරීක්ෂණ හා නිගමනයන්ට අනුව සනාථ වී ඇත්තේ, ගැහැණියක වඳභාවයට පත්වන්නේ, තමන්ගේ සිරුරේ ඇති කිසියම් රෝග තත්ත්වයක් නිසා පමණක් නොවන බවය. එම කාරණා මත, විශේෂඥ වෛද්‍ය කපිල ගුණවර්ධන මහතා කාන්තාවන්ගේ සිරුරේ අභ්‍යන්තර රෝගී තත්ත්වයන් මත වඳභාවයට පත් වීම සොයා බලා පිළියම් කිරීමටත්, පිරීමින්ගේ ඊට අදාළ වන රෝගී තත්ත්වයන් පිළිබඳව වැඩිදුර සොයා බැලීමටත් ඒ සඳහා හැකි පමණ පිළියම් යෙදීමට, විශේෂඥ වෛද්‍ය උදය පෙතියාගොඩ මහතාත් කටයුතු කර ඇත. මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය උදය පෙතියාගොඩ මහතා දැක්වූ අදහස් මෙසේය. වඳභාවය කියන්නේ (infertility) විවාහ පත්වූවද, දරුවන් නොලැබ සිටීම කියන කාරණාවයි. මෙයද වර්ග තුනකට බෙදා දක්වන්න පුළුවන්. 1. කලලයක් හටගන්නේම නැති 2. කලලයක් හටගත්තද කලලය වර්ධන වී හෝ නොවී ගබ්සා වීම 3. කලලයක් හටගැනීමට ප්‍රමාද වීම යනු එම වර්ග තුනය. මේ වර්ග තුන පිළිබඳවම අප සාකච්ඡා කළ යුතු වන්නේ, මේ වන විට ලංකාවේ විවාහ පත් කාන්තාවන් විසිදෙනකුගෙන් එක් අයකු මෙම ගැටලුවලට ලක්ව සිටින නිසායි. දරුවකු වදන්න බැරි කාන්තාවක් මේ සමාජයේ මොන තරම් පීඩාවන්ට ගොදුරු වනවාද කියා දන්නේ එම තත්ත්වයට මුහුණ දී සිටින උදවියම තමයි. ඒ අතරිනුත් මෙම ප්රශ්නය මත, යල් පැන ගිය මති මතාන්තර, සමාජ පිළිගැනීම හෝ විවිධ අඩන්තේට්ටම්වලට ලක්වන්නේම කාන්තාවන් බව අපි මතක තබා ගන්න ඕනෑ. නමුත්, පිරිමින් හෙවත් තමන්ගේ ස්වාමිපුරුෂයා නිසා ස්වාමිපුරුෂයාගේ සිරුර අභ්‍යන්තරයේ ඇති විවිධ රෝග තත්ත්වයන් නිසා, වඳභාවයට ලක්ව සිටින කාන්තාවන්ට කිසියම් පිළිසරණක් විය හැකි නම්, රෝග තත්ත්වය යථා තත්ත්වයට පත් කළ හැකි නම්, එය අප ලබන ජයක්. මොකද දරුවකු බිහිකරන කාන්තාවක් ලෝකයට සම්පතක්. පිරිමින් අතුරින් බොහෝ දෙනා අද වන විට, පරිසර තත්ත්වයන්, ආහාර පාන නිසා වඳභාවයට පත්ව සිටිනවා. මේ බව සනාථ වූ කරුණු කිහිපයක්ම අප සතුයි. පිරිමින්ගේ ඊස්ට්‍රජන් (oestrogen) හෝමෝනය වැඩිදුර ශ්‍රාවය වීම මත, පිරිමින් වඳභාවයට ලක් විය හැකියි. සෝයා, කුකුළු මස් වැඩිපුර ආහාරයට ගැනීම මෙයට එක් හේතුවක්. පුරුෂයාගේ ධාතුවල පිරිමි සෛල නොමැති වීම තවත් එක් හේතුවක්. ඊට බෙහෙවින්ම බලපාන්නේ හෝමොන්වල බලපෑමයි. මෙය වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ, (azoospermia) ආසූස්පේමියා නමින්. ටෙස්ටොස්ටෙරෝන් (testosterone) හෝමෝනය අඩුවීම හෝ නැතිවීමත්, ප්‍රොලැක්ටින් (prolactin) හෝමෝනය වැඩිවීම මත ඇතිවන තත්ත්වය මෙම රෝගය ඇති වෙනවා. කම්මුල්ගාය නමැති වෛරස් ආසාදනය පිරිමි දරුවකුට වයස අවුරුදු දොළහකට පසුව වැලඳුන විට වෘෂණ කෝෂ ආසාදනය විමෙන් ද පසුකාලීනව පිරිමින් වඳභාවයට පත්වෙනවා. පුරස්ථිග්රන්ථය ආසාදනය වනවාය කියන්නේ, ශුක්‍රාණුවලට විෂබීජ ඇතුළු වෙනවා කියන තත්ත්වයයි. මෙය ප්රොස්ටටයිසීස් (prostititis) වන අතර, ඉන් ශුක්‍රාණුවලට පිටතට යැමට ඇති ඉඩ ඇහිරීමක් සිදු වෙනවා. කෝෂවල උෂ්ණත්වය වැඩිවීම, කෝෂවල නහර කැරකීයැම ආදී තත්ත්වයන් මත ද පිරිමින් වඳභාවයට පත්ව සිටිනවා. දැන් දැන් විශාල වශයෙන් දක්නට ලැබෙන තවත් කාරණයක් තමයි, කෝෂ තුවාල වීම. මෙය සිද්ධවන්නේ, වෘෂණ කෝෂ වෙත පහරක් එල්ල වී ඊට නිසි ප්‍රතිකාර නිසි කලට නොලබා සිටීම මතයි. පසුකාලීනව කෝෂවල නහර නිසි පරිදි ක්‍රියානොකරන්නේ ඇයි දැයි පරීක්ෂා කිරීමේදී මෙම තත්ත්වය හඳුනා ගත හැකි වුවත් එය යළි යථා තත්ත්වයට පත් කර ගැනීමට දැඩි වෙහෙසක් ගැනීමට සිදු වෙනවා. බෝලයක් වැදීම, කොතැනක හෝ තදින් ගැටීම පහරක් වැදීම වැනි කාරණා නිසා මෙවන් තත්ත්වයක් ඇති විය වුවද යළි ප්‍රකෘති මට්ටමට පත් කරගත නොහැකි වන අවස්ථාද දක්නට පිළිවන්. අතීතයේ පිරිමින් දැඩි වෙහෙස මහන්සි වී කටයුතු කළ උදවියයි. ඒ අයගේ කාය ශක්තිය දැඩි බව අමුතුවෙන් කියන්න උවමනා නැහැ. පිරිමියකුගේ ධාතු සංඛ්‍යාත්මකව වැඩිවන්නේ ඉතා හොඳ ශරීර සෞඛ්‍යයකින් සිටින්නේ නම් පමණයි. ඒ වගේම ධාතු කාර්යක්ෂම ලෙස දඟලන්නේ නම් කලලයක් ඇති වීමට එහි ලොකු උදව්වක් ලැබෙනවා. ධාතු සංඛ්‍යාත්මකව අඩුවීම දැඟලීම අඩුවීම කියන කරුණු මතද, වඳභාවයට ලක් වූ පිරිමින් අපට සමාජයෙන් මුණගැසෙනවා. මෙහි තිබෙන තවත් බැරෑරුම් තත්ත්වයක් තමයි මෙවැනි පිරිමින් විවාහ වීමට පෙර හඳුනා ගැනීමට නොහැකි වීම. විවාහයට පෙර හඳුනා ගත හැකි නම්, නිරෝගි මට්ටමට ගත හැකි අවස්ථාවත් දරුවන් බිහිකළ හැකි කාලය තීරණය කළ හැකි වීමත් මත කටයුතු පහසු වෙනවා. කලින් ප්‍රතිකාර ලබා දෙනවාය කියන්නේ, දරුවකු බිහිකිරීම සඳහා දායකත්වය ලබා දීමට හැකි වෙනවා කියන එකයි. මේ අතරින් කිසියම් රෝග තත්ත්වයකට බඳුන්ව ඇති පිරිමින් මුණගැසුණු විට අපි නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත ඔවුන්ව යොමු කරනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මෙම පර්යේෂණයන් දිගින් දිගටම විවිධ කාරණා ඔස්සේ, පවත්වා ගෙන යන බව මතක් කළ යුතුයි. මොකද දැන් අනුමානයන් තිබෙනවා ඩෙංගු රෝගය වැළඳුන පිරිමින්ගේ පුරුෂ ධාතු විනාශ වී ඇති බවට. අපගේ පරීක්ෂණ මේ සඳහා පුළුල් ලෙස සිදු කරමින් පවතිනවා. මේ ලෝකය පවතින්නේ නව බිහිවීම් එක්ක. අලුතින් දරුවෙක් දැයට එක්කාසු වෙන වාරයක් වාරයක් පාසා ලෝකය නැවුම් වෙනවා. ඒ විතරක් නෙවෙයි ලෝකයේ පැවැත්ම රඳා පවතින්නේ නව බිහිවීමක් මත... එබැවින්ම අප ඒ සඳහා කළ හැකි කළ යුතු සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට උනන්දු විය යුතුයි. එය අපේ, යුතුකමක් ...! වගකීමක්.....! ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Dec 2017 06:17 PM කොඳුඇට පෙළේ ගෙවුණුතැන් වර්ධනය කරන පැරැණි කසාය තිබෙනවා ඔහු ගැන අපට දැන ගන්නට ලැබුණේ අහම්බෙනි. ඒ අපගේ මිතුරකු වෙතිනි. මිතුරාගේ 16 හැවිරිදි දියණියගේ කොඳු ඇට පෙළ ඇද වී තිබිණ. එය ඇද වන්නට පටන් ගන්නේ ඇය 8 වන වියෙහි පසුවන විටය. මුලින්ම දුන්නක හැඩයට ඇද වෙන්නට පටන් ගත් කොඳු ඇටය ක්‍රමයෙන් S අකුරේ හැඩය දක්වා ගියේය. මුල සිටම විවිධ වෛද්‍ය ප්‍රතිකාර කෙරෙහි නැඹුරු වී සිටි මගේ මිතුරා ඉන් පළ නොලැබ අවසානයේදී විකලාංග චිකිත්සකයකු මගින් ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමුවිය. "මෙතැනදී කරන්න තියෙන්නේ Open Suygery එකක් කරලා කොඳු ඇට පෙළට PIN ගහන එක." ශල්‍ය වෛද්‍යවරයා අපේ මිතුරාට කීවේය. "හැබැයි ලක්ෂ 30 ක් විතර යාවි..." ඊළඟට මිතුරා කළේ Second Opnion ලෙස හැඳින්වෙන 'විකල්ප අදහසක්' ලබා ගැනීම සඳහා වෙනත් ශල්‍ය වෛද්‍යවරයකු හමුවීමය. "ඕකෙ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. කොඳු ඇටය දිගට පින් දමලා කෙලින් කළාම පින් කැඩෙන අවස්ථා තියෙනවා. ඒක අවදානම් තත්ත්වයක්. මොකද පුංචි ළමයකුට කියන්න බැහැනේ මෝල්ගහක් ගිල්ල වගේ පැය 24 ම කෙළින් ඉන්න කියලා." අපේ මිතුරගේ සිහිය විකල් විය. දියණියගේ ඉනේ සිට උරහිස දක්වා වූ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ඇදවීම නිසා ඉමහත් විකෘති සහගත බවක් දැක්වින. ඇදවුන කොඳු ඇට කෙළින් කරන වැලිගම එම්. ඒ මදනායක නමැති දේශීය වෛද්‍යවරයා ගැන ඔහුට දැන ගන්නට ලැබෙන්නේ ඒ අතරය. එතැන් සිට කතාව අප මිතුරාගේ වචනයෙන් මෙසේය. "මේ වෛද්‍යවරයා කොඳුඇට පෙළ කෙළින් කරන්නේ කිසිම සැත්කමක් නොකර අතින්මයි. ඔහු මුලින්ම කොඳු ඇට පෙළ දිගේ තෙල් වර්ගයක් ගාලා සම්බාහනය කරනවා. මදනායක වෛද්‍යවරයා මේ සියල්ල කරන්නේ සියතිනි. ඒ සඳහා ඔහු රෝගියා තම වෙදහලේ නවත්වා ගනී. රෝගියා ඔහුදෙන කසාය පානය කළ යුතු අතර ඔහු දෙන ආහාර ගත යුතුය. ඔහුගේ විස්මිත හැකියාව සියෑසින් දැක ගනිමින් ඔහු සමග පැවැත්වූ සාකච්ඡා පෙළක් ඔබ වෙත ගෙන එමු. ප්රශ්නය - පසුගිය සතියේ ඔබ අපට විස්තර කළා සිද්ධි අධ්‍යයනයක්. කොඳුඇට පෙළේ ස්ථාන තෙරපුමක් නිසා ඉණෙන් පහළ පණ නැති වූ කාන්තාවක් සුවපත් කළ හැටි ඔබ අපට විස්තර කළා. වෛද්‍ය එම්. ඒ. මදනායක - එවැනි තවත් සිද්ධියක් විස්තර කළ හැකියි. පසුගිය දවසක අවුරුදු 45 ක පමණ වයස පිරිමියෙක් අප ළඟට ගෙනාවා. ඔහුගේ බෙල්ලෙන් පහළ සම්පූර්ණයෙන් ම පණ නැහැ. ලෙඩාගේ භාරකරුවන් මට මුලදී රෝගය හට ගත්තේ කොහොමද කියා කිව්වේ නැහැ. රෝගියාගේ නාඩි පරීක්ෂා කරන විට මට තේරුම් ගියා ඔහුගේ හිස සහ කොඳු ඇට පෙළ එක්වන තැන කොඳු ඇට පුරුක් දෙකක් එකිනෙක ස්පර්ශ වීමක් නිසා ගෙවී යැමක් හටගෙන සුෂුම්නාව තෙරැපීමකට ලක්ව තිබෙන බව. මේ වාගේ රෝගී තත්ත්වයන් තුළ මොළය මගින් නිකුත් කරන සංඥා සුෂුම්නාව මගින් බෙල්ලෙන් පහළට ගෙන යන්නේ නැහැ. ඒ නිසා බෙල්ලෙන් පහළ අප්‍රාණික තත්ත්වයක් හට ගන්නවා. අත් පා හොලවන්නට බැහැ. මේ තත්ත්වය තුළ රෝගියා බෙහෙවින් අසරණ වෙනවා. පසුව එම රෝගීන්ගේ භාරකාරයන්ට විස්තර කළා ඔහුගේ ගෙල අභ්‍යන්තරයේ තිබෙන තත්ත්වය. එවිට භාරකරුවන් රෝගියාගේ X කිරණ වාර්තා කිහිපයක් මට ලබා දුන්නා. එම වාර්තාවල පෙන්නුම් කළෙත් මා කියූ දෙයමයි. ඒ අනුව රෝගියා තුළ අප කෙරෙහි ලොකු විශ්වාසයක් ඇති වුණා. ලෙඩකුට තේරුණාම තමන් සුව කිරීමට පුළුවන් වෛද්‍යවරයකු තමන්ට ලැබී තිබෙනවා කියලා ඔහුගේ රෝගයෙන් 25% ක් සුවපත් වුණා හා සමානයි. එය මානසික ශක්තියක්. රෝගියා මනසින් ශක්තිමත් වුණාම ඔහුගේ ප්‍රතිශක්තිය වර්ධනය වන අවස්ථා තිබෙනවා. එදා මා ඉදිරිපිට සිටි රෝගියාගේ ලොකු බලාපොරොත්තුවක් ඇති කර ගත්තා මා ඔහුව සුවපත් කරයි කියලා. ප්රශ්නය - ඔබ ප්‍රතිකාර පටන් ගත්තේ කොහොමද? වෛද්‍ය එම්. ඒ. මදනායක - අපේ පාරම්පරික ප්‍රතිකාර විතරමයි මේ සඳහා යොදා ගත්තේ. එය හරිම දුෂ්කර වැඩක්. මොකද, කොඳු ඇට පෙළ ඇද වෙලා නම් තෙල් ගාලා සම්බාහනය කරමින් ඇට පුරුක් කෙළින් කරන්න පුළුවන්. වෙනත් ස්නායු තෙරපීමක්නම් තෙල් ගාලා කසාය දීලා සුව කරන්න පුළුවන්. හැබැයි මේ රෝගියාගේ රෝග නිදානය තිබෙන්නේ අතින් අල්ලලා හදන්න පුළුවන් තැනක නෙමෙයි. ඔහුගේ බෙල්ලේ ඇට පුරුක් එකිනෙක ගැටීම නිසා ගෙවිල ගිහින් තිබුණා. ඒ නිසා ඔහු ගෙල හරවන විට කර කර සද්දයෙන් ඇට පුරුක් ඇතිල්ලුණා. මෙය අපට විශාල අභියෝගයක්. මේ විදියේ ලෙඩුන් මීට පෙර අප සුවපත් කරලා තිබුණත් සුවපත් කරන තුරු ඒවාත් විශාල අභියෝග. ප්රශ්නය - ඉතින් ඔබ ඒ ප්රශ්නය නිරාකරණය කළේ කොහොමද? වෛද්‍ය එම්. ඒ. මදනායක - මුලින්ම පටන් ගත්තේ කසාය වලින්. අප ළඟ තිබෙනවා පැරැණි කසායක්. එමගින් පුළුවන් කාටිලේජ වර්ධනය කරන්න. මම මුලින් කිව්වා වගේ ඉතාම සීමිත ඖෂධ ප්‍රමාණයක් තමයි ඒ වට්ටෝරුවට තිබෙන්නේ. හැබැයි වට්ටෝරුවට බෙහෙත් යොදන්නේ සම සමව නොවෙයි. ඖෂධ අනුපාතය එකිනෙකට වෙනස්. එක ඖෂධයක් කලං එකහමාරක් ගන්නවා නම් අනෙක් ඖෂධය කලං හතරක් විය හැකියි. ප්රශ්නය - පිටතින් තෙල් ගාලා කාටිලේජ වර්ධනය කරන්න බැරිද? වෛද්‍ය එම්. ඒ. මදනායක - බැරි නැහැ. පුළුවන්. හැබැයි ඒකට හුඟක් කල් යනවා. එහෙත් කසාය ක්‍රමවේදය ඉතාම ඉක්මන්. අපි දිනකට කසාය වේල් දෙක තුන හතර යනාදී වශයෙන් දෙනවා. මෙහෙම සතියක් විතර කසාය දෙනකොට අර රෝගියා, මුලින්ම වම් අතේ සහ වම් පාදයේ ඇඟිලි සොලවන්න පටන් ගත්තා. අන්න එවිට අප තෙල් යොදා ඔහුගේ අක්‍රිය වූ සිරුර සම්බාහනය කරන්නට පටන් ගත්තා. තවත් දින කිහිපයක් යන විට ඔහු ක්‍රමයෙන් අත් පා සොලවන්නට පටන් ගත්තා. ඉන් පස්සේ අප ඔහුට භෞත චිකිත්සක ව්‍යායාම ලබා දෙමින් අත් පා පණ ගන්වන්නට පටන් ගත්තා. ඒ කියන්නේ රෝගියාගේ කොඳු ඇට අතර ගෙවි ගිය තැන් වැඩෙන්න පටන් අරගෙන. ප්රශ්නය - දැන් මේ රෝගියා කෝ. වෛද්‍ය එම්. ඒ. මදනායක - ඔහු සුවපත් වෙලා රැකියාවක් කරනවා. නොමිලේ විස්තර සඳහා 0412251321/ 0710827836 සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Dec 2017 06:22 PM ඔටිසම් රෝගය හඳුනා ගත හැකි කාලය මෙන්න ප්රශ්නය - පසුගිය සතියේදී අප ඔටිසම් රෝගය සඳහා වූ චිකිත්සාවේදය පැහැදිලි කළා. අප එසේ කළේ ඔටිසම් සඳහා යොදන ආයුර්වේද චිකිත්සාව කොතරම් තියුණු ද යන්න හා කොතරම් ප්‍රායෝගික ද යන්න පැහැදිලි කරදීමටයි. වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - අප ඉතාම සියුම්ව බලනවා නම් පෙනී යනවා ඔටිසම් රෝගී දරුවන්ගේ රෝග ලක්ෂණ දරුවාගෙන් දරුවාට වෙනස් වන බව. මේ නිසා ප්‍රතිකාර කරන විට පොදු ප්‍රතිකාර ක්‍රම නැතිව දරුවාගෙන් දරුවාට වෙන් වශයෙන් ප්‍රතිකාර කරනවා. හුදකලාවේ සිටීම ඔටිසම් දරුවන්ගේ පොදු රෝග ලක්ෂණයක් වුණත්, වඩා පරෙස්සමින් බැලූ විට පෙනී යනවා දරුවාට ආවේණික රෝග ලක්ෂණ එහි තිබෙන බව. ඒවා හඳුනාගෙන ප්‍රතිකාර කළ විට රෝගය ඉතා ඉක්මණින් සුවපත් කර ගන්නට පුළුවන්. මෙහිදී වඩා සාර්ථකව රෝගය සුපවත් කර ගන්නට නම් රෝගය හඳුනාගත් වහාම ප්‍රතිකාර පටන් ගත යුතුයි. ප්රශ්නය - මේ රෝගය හඳුනා ගන්නට තරම් දැනුමක් දෙමාපියන්ට තිබෙනවාද? වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - එය සැලකිය යුතු ප්‍රශ්නයක්. කුඩා දරුවකු, ඒ කියන්නේ මාස 6 ඉක්ම වූ දරුවකු එකම දේ කරනවා නම් ඒ ගැන දෙමාපියන් සැලකිලිමත් විය යුතු බව මා මීට පෙරත් කියා තිබෙනවා. ඒක මෙහෙම විස්තර කරමු. ඔය කියන වයසේ දරුවාට පොත් ගොඩක් ලැබුණයි කියලා හිතමු. ඔහු ඒ පොත එක පිට එක තබනවා. දිගින් දිගට ඔහු එයම විතරක් කරනවා නම් එකම විදියට පොත් එකපිට එක තබනවා නම් ඒ ගැන දෙමාපියන් සැලකිලිමත් විය යුතුයි. තවත් මොනව හරි දරුවා අතට දීලා ඒවා එකම විදියේ ක්‍රියාවකට යොමු කරනවද කියන එක පරීක්ෂාවෙන් බලා සිටිය යුතුයි. එයම කරනවා නම් වහාම දරුවා වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතුයි. ඒ දරුවාට ශ්වසන ආබාධයක් තිබෙනවා නම් වහාම වෛද්‍යවරයකුට පෙන්විය යුතුයි. දරුවාට නොදැනෙන්න ගොස් ස්පර්ෂ කළොත්, එහෙමත් නැත්නම් කතා කළොත්, දරුවා විශාල වශයෙන් තිගැස්සෙනවා නම්, තමන්ගේ සහෝදර සහෝදරියන් අතර හෝ මව පියා කෙරෙහි හෝ ඇති සම්බන්ධය ගැන ඔහුට/ ඇයට අවබෝධයක් නැත්නම් වහාම වෛද්‍යවරයකු හමුවිය යුතුයි. මේ අවබෝධය නැති බව අප දැන ගන්නේ කොහොමද? දරුවා තම මව පියා හෝ සහෝදර සහෝදරියන් අමතන විට තුෂ්නිම්භූතව බලා සිටිනවා නම් එය තමයි අප තේරුම් ගත යුතු සංඥාව. එවැනි විටෙක වහාම වෛද්‍යවරයකුට දරුවා පෙන්විය යුතුයි. ලබන සතියට ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Dec 2017 06:26 PM ඇදුම හැදුනොත් නිට්ටාවට සුව කරගන්නේ කොහොමද? ප්රශ්නය - මේ එළැඹ තිබෙන්නේ වසරේ වඩාත් ම වියළි කාලයයි. අධික දුහුවිල්ල නිසා ශ්වසන රෝගය බහුල වෙමින් පවතිනවා. ශ්වසන රෝග අතර ප්‍රධානතම රෝගයක් වන්නේ ඇදුම බව අප දන්නවා. ඒ සමඟම කුඩා ළමුන් සහ වැඩිහිටියන් පපුවේ හතියෙන් පෙළෙනවා. ඔබ ව්‍යවහාර කරන පාරම්පරික වෛද්‍ය ක්‍රමය තුළ හතිය සඳහා ප්‍රතිකාර තිබෙනවාද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඇදුම සහ හතියට හොඳම ප්‍රතිකාර තිබෙන්නේ අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය තුළ බව මාගේ පිළිගැනීමයි. අප ශරීරයට ගන්නා සෑම බෙහෙතකින් ම අක්මාවට සහ වකුගඩුවලට කිසියම් බලපෑමක් ඇති වෙනවා. දේශීය වෛද්‍ය ක්‍රමය සතු ශාකසාර ඖෂධවලින් සිදුවන බලපෑම ඉතාම අවමයි. සමහර විට ශූන්‍යයි. ප්රශ්නය - අප මේ ලිපි පෙළ මගින් ඇදුම රෝගය සහ හතිය හෙවත් පපුවේ මහන්සිය ගැන සම්පූර්ණ හඳුන්වාදීමක් කරන්නට බලාපොරොත්තු වෙනවා. කෙනෙක් තමන්ට ඇදුම සෑදීගෙන එන බව දැන ගන්නේ කොහොමද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මුලින්ම එන්නේ දුහුවිල්ල හෝ ශීතලයට එහෙමත් නැත්නම් තෙතමනයට දක්වන අසාත්මිකතාවයයි. සමහර කෙනෙක් මේ සියල්ලටම එකවර අසාත්මිකතාවන් දක්වනවා. මුලදී සුළු වශයෙන් ඇති වන මේ තත්ත්වය පහුවන විට ඉතා තදට වර්ධනය වී පහත සඳහන් රෝග ලක්ෂණ හට ගන්නවා. එනම් හුස්ම ගැනීමේ අපහසුව, රෝගය හටගත් විට හුස්ම ගැනීමට කොහෙත්ම බැරි තත්ත්වයක් ඇති වී ඉතාම අමාරුවෙන් හුස්ම ගැනීම, හතිය සමඟ හුස්ම පිටකරන විට කිසියම් නලා ශබ්දයක් වැන්නක් හට ගැනීම, පපුව හිරවීම සහ වේදනාව ඇතිවීම, බඩපුරවා දැමීම. ඉතාම දරුණු කාංසා තත්ත්වයන් හට ගැනීම. උගුර සහ නිකට කසන්නට පටන් ගැනීම, රාත්‍රි කාලයේදී නොකඩවා කැස්ස හට ගැනීම, ශාරීරික අපහසුතාවක් ඇති වී තිගැස්සුම් සහගත භාවයක් හටගෙන එය වර්ධනය වීම, සෙම්ප්‍රතිශ්‍යාවක් හට ගැනීම, ශරීරය තුළ සෙම් සොටු නිෂ්පාදනය වැඩිවීම, ශරීරයේ දුර්වලතාවක් හට ගැනීම, ව්‍යායාමවලින් පසු අසාමාන්‍ය මහන්සියක් ඇතිවී නාඩි වැටීම වර්ධනය වීම. සෙම්ප්රතිෂ්යාවක් හට ගත් විට නිතර කිවිසුම් යැම, නාසය හිරවීම, උදර අභ්‍යන්තරය ඉදිමීම, හිඳගෙන ඉනෙන් උඩ කොටස ඉදිරියට නැඹුරු කරන විට හුස්ම ගැනීමේ අපහසුවක් හට ගැනීම, නිසි ලෙස නින්ද නොයැම, නිරන්තර කැස්ස, ඇස් යට කලු පැහැ ගැන්වීම, කතා කිරීමේ දුෂ්කරතාව, හිසේ වේදනාව, සොටු දියර ගැලීම සහ නිතර නිතර දහදිය ගැලීම, කන් නෑසී යැම හෝ කන් අගුල් වැටී ඇති බව තමන්ට හැඟීම. ලබන සතියට නොමිලේ විස්තර සඳහා 0713464276/ 0759061771 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Dec 2017 06:32 PM වදකහ, ඉඟුරු ආඩතෝඩාවලින් පාකින්සන් රෝගයට බෙහෙත් ප්රශ්නය - මොළයේ රුධිර නාල තුළ හට ගන්නා ලේ කැටිගැසීම් වැනි ආසාධිත තත්ත්වයන් මගිනුත් පාකින්සන් රෝගය වැළඳෙනවාද? වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - එවැනි අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. එපමණක් නොවෙයි. මොළය තුළ හට ගන්නා අර්බුද සහ ගෙඩි නිසා මොළයේ ස්නායු පීඩනයට පත් වී පාකින්සන් තත්ත්වය මතුවෙනවා. සමහර මනෝ වෛද්‍යවරු ආතතියෙන් පෙළෙන නින්ද නොයන රෝගීන්ට අධි මාත්රාවලින් ඖෂධ නියම කරනවා. මේවායින් සමහරක් නීති විරෝධී ඖෂධ. මේවා දිගින් දිගටම පාවිච්චි කළාමත් පාකින්සන් වැළඳෙනවා. හදිසියේ ඔලුවට සිදුවන තුවාලවලිනුත් පාකින්සන් රෝගය හට ගන්නවා. සමහරුන්ට තිබෙනවා ස්නායු පරිහානියට පත්වන ගතියක් එතකොටත් පාකින්සන් හැදෙනවා. ඩිමෙන්ෂියාව හැදුනාමත් පාකින්සන් හට ගන්නා බව අප මීට පෙර කියා තිබුණා. ඒ වගේම පාකින්සන් හැදුනාමත් ඩිමෙන්ෂියාව හැදෙන බව මතක තබා ගත යුතුයි. ප්රශ්නය - පාකින්සන් රෝගයට ගුණ දෙන ඖෂධීය ශාක ගැන පසුගිය සතිවල අප කතා කළා. ඒ අතර අප වෙබ් අඩවියක දැක්කා වදකහ මගින් ඉතා වටිනා ඖෂධ මේ රෝගය සඳහා සාදා ගත හැකි බව. වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - වදකහ වියළා කුඩුකර වරකට කුඩු ග්‍රෑම් 5 ක් මී පැණි තේ හැන්දක කලවම් කර උදේ හවස අනුභව කළාම ඉතාම ගුණදායී බව ආයුර්වේදයේ කියෑවෙනවා. වදකහ කුඩු සහ වියළි ඉඟුරු කුඩු සම සමව ගෙන මී පැණි සමඟ අනුභව කළ විට මුහුණට වැළඳෙන අංශභාගය ක්‍රමයෙන් සුවපත් වන බව කියනවා. එසේම වියළි ආඩතෝඩා කුඩු කර මීපැණි සමඟ ආහාරයට ගැනීමෙන් අපස්මාර රෝගය සුව වන බවට ආයුර්වේද සාක්ෂි තිබෙනවා. මේ සඳහා සුදුසු තවත් ඉපැරැණි ඖෂධයක් තමයි අබ සහ පරවි වසුරු. මේ දෙක එකට අඹරා නලලේ ගෑම ශීර්ෂ ස්නායු රෝගවලට ඉතා සුදුසු බව කියෑවෙනවා. ඒ වගේම ලෙමන් යුෂ සහ ඇට, පාකින්සන් රෝග නිසා හටගත් කාංසාවෙන් පසුවන අයට ඉතාම හොඳයි. ලෙමන් යුෂ පානය කිරීමට දුන් විට රෝගියාගේ හෘද ස්පන්දනය යථා තත්ත්වයට පත් වෙනවා. කොත්තමල්ලි තැම්බූ වතුර මගින් පාකින්සන් රෝගියාගේ හිසේ වේදනාව සහ හිසේ බර ගතිය පහව යනවා. කැරට් අල සහ කොළ කොටා යුෂ පානය කිරීමට දීම මගිනුත් ඉහත සඳහන් රෝග තත්ත්වය තුරන් වෙනවා. නුග මුල් වියළා කුඩු කර එළකිරි සමඟ පානය කිරීමෙන් පාකින්සන් රෝගියාගේ මතක ශක්තිය වර්ධනය වෙනවා. ලබන සතියට සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Dec 2017 06:35 PM කොලෙස්ටරෝල් දියකරන නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර කොලෙස්ටරෝල් වැඩිවීම තුළින් සිරුරේ රුධිර පීඩනය වැඩිවීම සිදුවන්නේ කෙසේද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා :- හෘදයෙන් පිටතට රුධිරය ගමන් කරන රුධිර නාළවල අභ්‍යන්තර බිත්තිවල මෙම කොලෙස්ටරෝල් තැන්පත් වීම සිදුවේ. එවිට එම නාළවල අභ්‍යන්තර කුහරය සිහින් වීම සිදුවේ. එම සිහින් වූ නාළ හරහා රුධිරය ගමන් කිරීමේදී පෙරට වඩා වැඩි පීඩනයක් දැරීමට සිදුවේ. මෙලෙස සිරුරේ රුධිර නාළ කිහිපයක මෙලෙස කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා රුධිරය ගමන් කිරීමට වැඩි පීඩනයක් දැරීමට සිදුවේ. එවිට මෙම වැඩි පීඩනය දැරීම නිසා හෘදයට දරුණු බලපෑම් ඇතිවිය හැකිය. Ö මෙලෙස රුධිර නාළ අවහිර වීමෙන් ශරීරයට ඇතිවන බලපෑම් මොනවාද? Ö ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා :- කාලයක් තිස්සේ මෙලෙස රුධිර නාළවල කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් ඇතරෝඩා නමැති තෙල් කුටි හටගැනීම සිදුවේ. එවිට රුධිර නාළ අවහිර වී ඉන් ඔබ්බට රුධිරය ගලායැම ඇනහිටීම සිදුවේ. එවිට එම නාළ හරහා රුධිරය ගලායන හෘදයේ සෛල කොටස්වලට නිසි පරිදි රුධිරය නොලැබීමෙන් එම සෛල මැරී යා හැකිය. එවිට පපුවේ වේදනාවක් හටගන්නා අතර ඒ තත්ත්වය තීව්ර වීමෙන් හෘදය ඇනහිටී මරණය පවා ළඟාවීමේ අවදානමක් පවතී. Ö මේ තත්ත්වයෙන් මිදීමට අනුගමනය කළ යුතු ක්‍රමවේද මොනවාද? Ö ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා :- විශේෂයෙන්ම කළ යුත්තේ තම ශරීර සෞඛ්‍ය පිළිබඳ නිසි සැලකිල්ලක් දැක්වීමය. ඒ අනුව අවුරුදු 35 - 40 ඉක්මවන හැමෝම ආහාර පාලනය කිරීමට කටයුතු කළ යුතුයි. ව්‍යායාම කිරීම, වෙහෙස වී වැඩකටයුතුවල යෙදීම ඉතා හොඳයි. අධික ලෙස සත්ත්ව තෙල් අඩංගු ආහාර වර්ග පාලනයක් කරවා ගැනීම, බිත්තර කහ මද, මස් වර්ග පාලනයකින් යුතුව ආහාරයට එක්කර ගත යුතුය. ආහාර ජීර්ණයේදී ඇතිවන යම් යම් ගැටලුකාරී තත්ත්ව නිසා කොලෙස්ටරෝල් හටගැනීම සිදුවේ. මේද කොටස් අක්‍රමවත් ලෙස හෝ අවිධිමත් ලෙස රසායනික පරිවර්තනයකට ලක්වීම හේතුවක් ලෙස කොලෙස්ටරෝල් ඉහළ යැමට හැකිය. මෙම කොලෙස්ටරෝල් හිතකර සහ අහිතකර ලෙස සිරුරට බලපායි. නිවැරදි ලෙස මේදය ජීර්ණය වුණේ නම් ඒවා ශක්තිය ලෙස එක් වේ. Ö ආයුර්වේද ප්‍රතිකාර මගින් මෙම කොලෙස්ටරෝල් විනාශ කිරීම සඳහා ප්‍රතිකර්ම තිබෙනවාද? Ö ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා :- ආයුර්වේදයේ මෙම කොලෙස්ටරෝල් හඳුන්වන්නේ පිත්තස්නේහ ලෙසය. එනම් නිවැරදි ලෙස නොදිරවූ මේද කොටස්ය. ඒවා ආම රසය ලෙස ද හඳුන්වනු ලැබේ. ආයුර්වේද ප්‍රතිකාර ඇරඹීමට පෙර ශරීරයේ කොලෙස්ටරෝල් හටගන්නා ක්‍රමවේද ද නිසිලෙස වටහාගෙන ප්‍රතිකාර ඇරඹිය යුතුය. ආම පාමක නම් ඖෂධ මගින් රුධිර නාළ හෝ වෙනත් තැනක ඇති අහිතකර කොලෙස්ටරෝල් නැවත ජීර්ණය කරවීම සිදුවේ. මෘදු විරේඛන ඖෂධ මගින් එම අහිතකර පදාර්ථ මළ, මුත්‍ර හා දහදිය මාර්ගවලින් පිට කිරීම සිදුකරයි. ඒ හා සමඟම ලබාදෙන ජීරක එන්සයිම සමබර කරවන ඖෂධ මගින් ශරීරයට අලුතෙන් එක්වන මේද කොටස් නිවැරදි ආකාරයට ජීර්ණය වී ශක්තිය ලෙස නැවත ශරීරයට ලබාදීම සිදුකරයි. මෙලෙස ප්‍රතිකාර කිරීම තුළින් ඉතා කෙටි කලකින්ම කොලෙස්ටරෝල් රෝගයට ගොදුරුව සිටින රෝගීන්ට සුවය ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇත. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Dec 2017 06:40 PM පූර්ව දියවැඩියා අවස්ථාවේ ආහාර පාලනය සහ ව්‍යායාම උවමනාය දියවැඩියාව යනු රුධිරයේ ග්ලූකෝස් මට්ටම අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වීමයි. පළමු කාණ්ඩයේ දියවැඩියාව ඉන්සියුලින් ඌණතාව නිසා හටගන්නා අතර දෙවන කාණ්ඩයේ දියවැඩියාව ශරීරයේ නිපදවෙන ඉන්සියුලින් ක්‍රියාත්මක නොවීම නිසා හටගනී. මෙම ප්‍රභේද දෙක අතුරින් වඩාත් බහුල වන්නේ දෙවන කාණ්ඩයේ දියවැඩියාව වන අතර මෑත කාලීනව වසංගතයක වේශයෙන් පැතිර යන්නේද එයයි. දෙවන කාණ්ඩයෙA දියවැඩියාව වැළ`දී ඇති රෝගීන්ගෙන් 80%කටත් වඩා තරබාරු අය සහ සිරුරේ බර තිබිය යුතු සීමාව ඉක්මවා සිටින අයයි. එමගින් අප තේරුම් ගත යුතු ප්‍රධාන කාරණය වන්නේ දෙවන කාණ්ඩයේ දියවැඩියාව වළක්වාගැනීමට කළ යුතු හො`දම දෙය සිරුරේ බර උසට (දරුවන්ගේ නම් වයසට) සරිලන ප්‍රමාණයට තබා ගැනීම බවයි. කෙනෙකුගේ නිරාහාර රුධිර ග්ලුකෝස් මට්ටම (Fasting Blood Sugar - FBS ) 126 mg /dl 126 පට රැdක ට වඩා වැඩිනම් ඔහු දියවැඩියා රෝගියෙකිs. නමුත් ඔහු අධික පිපාසය, මුත්‍රා වැඩිපුර පහවීම, අනපේක්ෂිත බර අඩුවීම ආදී දියවැඩියා රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් තවත් රුධිර පරික්ෂාවක් මගින් රෝග විනිශ්චය තහවුරු කර ගත යුතුය. නිරාහාර රුධිර ග්ලුකෝස් මට්ටමේ ((Fasting Blood Sugar - FBS) සාමාන්‍ය අගය 70 - 110 පට mg / dl දක්වා අගයක් ගනියිs. රුධිර ග්ලුකෝස් මට්ටම 110 - 126 mg / dl දක්වා අය සැළකිය යුත්තේ ග්ලූකෝස් දරාගැනීමේ ශක්තිය අඩු (Impaired glucose tolerance) පූර්ව දියවැඩියා අවස්ථාව ලෙසයි. එවැනි අය ආහාර පිළිවෙත් ශරීර ක්‍රියාකාරකම් ආදිය ගැන නොසළකා කටයුතු කළහොත් වැඩි කල් නොගොස් පූර්ණ දියවැඩියා රෝගීන් බවට පත් වනු ඇත. එසේම එවැනි අයට හෘදයාබාධ ආදිය ස`දහා දියවැඩියා රෝගීන්ට පවතින අවධානමද ඇත. එවැනි අය කලින් හ`දුනාගෙන ආහාර පාලනය නිසි ව්‍යායාම ලබාගැනීම ආදී නිවාරණ ඇවතුම් පැවතුම් වලට අනුගත කරවීමෙන් පූර්ණ දියවැඩියාව ඇතිවීම මෙන්ම ඔවුන් ගොදුරු විය හැකි හෘදයාබාධ ආදී අවදානම් රෝගී තත්ත්වයන්ද වළක්වා ගත හැකිය. දියවැඩියාව හො`දින් පාලනය කර ගත යුත්තේ ඇයි? දියවැඩියාව නිට්ටාවට සුවකළ නොහැකි එහෙත් හො`දින් පාලනය කළ යුතු රෝගයකි. දියවැඩියාව සහ එයින් ඇතිකරන්නා වූ රෝග ලක්ෂණ රෝගියා විශාල වි`දවීමකට භාජන කරන අතර අධික ලෙස උත්සන්න වීමේදී දියවැඩියාව නිසාම රෝගියාට මරණයට පවා මුහුණ දෙන්නට සිදුවිය හැකිය. දියවැඩියාව වඩාත් භයානක රෝගයක් සහ මාරාන්තික රෝගයක් වන්නේ එය තවත් මාරාන්තික ලෙඩරෝග රාශියකට මඟපාදන නිසාය. දියවැඩියාව නිසා හෘදයාබාධ සහ ආඝාතය (අංශභාගය) ඇතිවීමේ ප්‍රවණතාව බෙහෙවින්ම වැඩි වෙයි. එයටත් අමතරව දියවැඩියා රෝගියෙකුට එම රෝගී තත්ත්වයන් ඇතිවුවහොත් ප්‍රතිඵලය වඩා භයානක සහ කනගාටුදායක වේ. දියවැඩියාව නිසා වකුගඩු, ඇස් ආදී ශරීරයේ අත්‍යවශ්‍ය ඉන්ද්රියයන් හා පද්ධති දුර්වල කිරීම සහ අකර්මණ්‍ය කිරීම සිදු කරයි. දියවැඩියාව නිසා රුධිර නාල බෙහෙවින්ම රෝගී තත්ත්වයට පත් කරන අතර ස්නායු දුර්වල වීමද සිදු වෙයි. දියවැඩියාවේ බොහෝ දෙනා දැක ඇති සංකූලතාවක් වන්නේ දියවැඩියා රෝගීන්ගේ පාදවල ඇ`ගිලි, පාදයෙන් කොටසක් හෝ සම්පූර්ණ පාදයම අහිමි වී ඇති තත්ත්වයයි. ඇසින් දැකගත හැකි සංකූලතාව එය වුවත් ශරීර අභ්‍යන්තරයේ ඊටත් වඩා දරුණු සංකූලතා ඇසට නොපෙනීම ඇති වන බව අප වටහා ගත යුතුය. ඇත්ත වශයෙන්ම දියවැඩියාව විසින් හිස් මුදුනේ සිට දෙපතුල දක්වා ඇති සියලුම සෛල දුර්වල කිරීමක් සිදුකරයි. වෙනත් අයුරකින් කියනවානම් දියවැඩියාවෙන් ශරීරයේ සියලුම සෛල අඩපණ කිරීමක් හෝ බාගෙට මරාදැමීමක් සිදුකෙරේ. ඒ අතර සෛල රාශියක් සම්පූර්ණයෙන් මරාදැමීමද සිදුකෙරේ. අපේ ශරීරයේ අවයව සහ පද්ධති සැකසී තිබෙන්නේ සෛල වලින් වන බැවින් සෛල මට්ටමෙන්ම එම විනාශය සිදු වන විට එය අවයව සහ පද්ධති වලට බලපෑම් කරන ආකාරය ගැන පුදුම විය යුතු නැත. අපට ඇති අත්දැකීම් අනුව පවසන්නේ නම් පාලනයක් රහිත දියවැඩියාව ඇති ඕනෑම රෝගියෙකුට ඕනෑම මොහොතක ඕනෑම නරක දෙයක් වීමට ඉඩ ඇත. මිනිසෙකුට විය හැකි උපරිම නරක දෙය වන්නේ මරණයට පත් වීමයි. එනම් පාලනයෙන් තොර දියවැඩියාව ඇති කෙනෙක් ක්ෂණිකව මරණයට භාජනය විය හැකිය. ක්ෂණික මරණයෙන් මෙපිට අංශභාගය සෑදී ශරීරයෙන් අර්ධයක් අකර්මණ්‍ය වීම හෘදයාබාධ වැළ`දී හෘදයෙන් කොටසක් මියයැම සහ පාද ඇතු`එ ශරීරාංග අහිsමිවීම ආදිය ඇතිවිය හැකිය. ඇත්ත වශයෙන්ම එවැනි තත්ත්වයන් ශරීරයෙන් භාගයක් මිය ගියා වැනි අනන්ත අප්‍රමාණ දුක් වි`දිය යුතු තත්ත්වයන් වෙයි. එබැවින් ''මම ඕනෑම වෙලාවක මැරෙන්න බය නෑ. ඒ නිසා ඕනම දෙයක් කනවා. ඔහොම බෙහෙත් බොන්න පු`එවන් කාටද ?'' කියා නිසි ආහාර පාලනය කරන්නේ නැති, නිසි ව්‍යායාම ලබාගන්නේ නැති, නිසි ඖෂධ ප්‍රතිකාර ලබාගන්නේ නැති, දියවැඩියා රෝගීන් වටහාගත යුතු සත්‍යය වන්නේ නොමැරී භාගෙට මැරුණු තත්ත්වයකින් ජීවිතයේ ඉතිරි කාලය වි`දවන්නට සිදුවුවහොත් තමාට අත්වන ඉරණමයි. එය තමාට පමණක් නොව සමස්ත පවුලටමත් සමාජයටත් රටටත් විශාල බරකි. අප රටේ සෑම දියවැඩියා රොගියෙක් මෙන්ම බොහෝ දියවැඩියාව නැති අයද ''දියවැඩියාව නිට්ටාවට සුවකළ හැකිද? '' යන ප්රශ්නය නඟමින් ඊට උත්තර සොයමින් එසේ කරනවායෑයි කියන වෛද්‍ය වේශයෙන් පෙනී සිටින වෙළෙන්දන් සොයමින් හිසේ රදයට කොට්ටය මාරුකරනවා සේ කල් මරමින් සිටිනවා මිස දියවැඩියාව හො`දින් පාලනය කරගෙන සංකූලතාවයන්ගෙන් මිදෙන්නට කටයුතු කරන්නේ නැත. ඔවුන්ට සිදු වන්නේ ලෝකයේ අවසානය සොයා ගෙන ගොස් දිව්‍ය සැප අවසන් වී චුත වන්නට සිදු වූ දිව්‍ය පුත්‍රයාට අත් වූ ඉරණම බව පෙන්වා දිය යුතුය. කුමන හෝ වෛද්‍ය ක්‍රමයකින් දියවැඩියා රෝගියෙකුගේ රුධිර සීනි මට්ටම තාවකාලිකව හෝ කෙටිකාලීනව සාමාන්‍ය මට්ටමට පත් කර දිය හැකිය. නමුත් එසේ වීම දියවැඩියාව නිට්ටාවට සුවවීම ලෙස ලේබල් කොට ඒ පිළිබ`දව අනවශ්‍ය විශ්වාසයක් රෝගියාට ලබා දුන් සැණින් සිදු වන්නේ කුමක්ද? රෝගියා විසින් ආහාර පාලනය, ව්‍යායාම ලබාගැනීම, නිසි මානසික සෞඛ්‍යයක් පවත්වාගැනීම ඇතුළු නිසි දියවැඩියා පලනයකට අවශ්‍ය ඇවතුම් පැවතුම් සියල්ල අත් හැර දැමීමයි. එහි ප්‍රතිඵලය වන්නේ නැවතත් සීනි මට්ටම රෝගියා නොදැනුවත්වම කලින් තිබුණාටත් වඩා වැඩි වී හෘදයාබාධ, අංශභාගය, වකුගඩු අකර්මණ්‍ය වීම ආදී දියවැඩියා සංකූලතාවන්ට ගොදුරු වී බොහෝ විට ජීවිතයෙන් පවා අකාලයේ සමුගන්නට ඔහුට සිදු වීමයි. ඇත්ත වශයෙන්ම මෙසමයේ දියවැඩියා රෝගය පැතිරෙන ආකාරය පිළිබ`දව සැළකූ විට අපට පැහැදිලි ලෙසම පැවසිය හැක්කේ දියවැඩියාව වැළ`දී රුධිර සීනි මට්ටම පාලනය වූ අය පමණක් නොව කුඩා දරුවාගේ සිට සමාජයේ සිටින සෑම සියලු දෙනාම දියවැඩියාවට ගොදුරු වීමේ අවධානමෙන් පසු වන බවය. එබැවින් කළ යුත්තේ දියවැඩියා සීනි මට්ටම පාලනය වූ පමණින් එය නිට්ටාවට සුව වූවා යෑයි සිතා රිසි සේ කමින් බොමින් ඊට අවශ්‍ය ඇවතුම් පැවතුම් නවතා දැමීම නොව සෑම සියලු දෙනාම දියවැඩියාව පාලනය කරන සහ වළක්වාලන ජීවන ඇවතුම් පැවතුම් ඇති කර ගැනීමය. වෛද්‍ය වේශයෙන් පෙනී සිටින වෙළෙන්දන් දියවැඩියාව නිට්ටාවට සුව කළ හැකි බව පවසන්නේ එම ප්‍රචාරය තුළින් වැඩි වැඩියෙන් රෝගීන් තමා වෙත ඇද ගැනීමට මිස තම වෛද්‍ය කර්මය පිළිබ`දව තිබෙන අචල විශ්වාසයෙන් හෝ ගෞරවයෙන් නොවන බව අවබෝධ කරගැනීම දියවැඩියා රෝගීන්ගේ සහ ඒ අයගේ පවුල් වල අයගේ මෙන්ම කාගෙ කාගේත් හිත සුව පිණිස වෙයි. දියවැඩියාවේ හො`ද පැත්ත කුමක්ද? දියවැඩියාව ඉහත විස්තර කළ අයුරින් මාරාන්තික රෝගයක් වුවත් එය හො`දින් පාලනය කර ගතහොත් එය අපේ ජීවිතවලට නරකක් නපුරක් කරන්නේ නැත. ඒ ඒ පුද්ගලයා මේ ලෝකයට ගෙනවිත් තිබෙන ආයුෂ ඒ ආකාරයෙන්ම ගත කරන්නට වුව දියවැඩියාව එවිට බාධා නොකරයි. එමනිසා දියවැඩියාව හො`දින් පාලනය කර ගැනීමේ වැදගත්කම අප කාටත් හො`දින් අවබෝධ විය යුතුය. හො`ද දියවැඩියා පාලනයක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? දියවැඩියා රෝග පාලනය සම්බන්ධයෙන් බහුලව සිදුකරනු ලබන පරික්ෂණය වන්නේ නිරාහාර රුධිර ග්ලුකෝස් මට්ටම (Fasඑසබට ඊකදදා Sමට්ර - FඊS) යි. දියවැඩියාව හො`දින් පාලනය වී තිබේනම් මෙහි අගය 100 පට රැ dක ට වඩා අඩු විය යුතුය. මෙය දියවැඩියා පාලනය සම්බන්ධයෙන් බහුලවම සිදුකරණ පරික්ෂණය වුවද එමගින් ලැබෙන්නේ ඒ අවස්ථාවේදී පවතින රුධිර සීනි මට්ටම පිළිබ`දව තීරණයක් පමණි. වෙනත් අයුරකින් පවසනවා නම් දවසේ අනෙකුත් වේලාවල සීනි මට්ටමේ උච්චාවචනයන් පිළිබ`දව මෙමගින් අදහසක් ලබා ගත නොහැකිය. හො`ද පාලනයේදී ප්‍රධාන ආහාර වේලෙන් පැය දෙකකට පසුව සිදුකරනු ලබන ග්ලූකොස් පරීක්ෂණයේ (ඡදිඑ ඡර්බාස්ක ඊකදදා Sමට්ර - ඡඡඊS) අගය 140 පට රැ dක ට වඩා අඩු විය යුතුය. හො`ද දියවැඩියා පාලනයක් ඇත්නම් දීර්ඝකාලීන දියවැඩියා පාලනය සම්බන්ධයෙන් සහ රුධිරයේ මධ්‍යස්ථ ග්ලුකොස් මට්ටම සම්බන්ධයෙන් වඩා හො`ද දර්ශකයක් වන ග්ලුකෝස්කෘත හීමොග්ලොබින් මට්ටම HඉA1ජ 6ග5 ්‍ර හෝ ඊට වඩා අඩු විය යුතුය. නමුත් ඒ ඒ රෝගීන් ස`දහා එහි ප්රශස්ත මට්ටම වෙනස් විය හැකිය. එබැවින් දියවැඩියා රෝගීන් තම වෛද්‍යවරයා තමාට නිර්දේශ කරන පරාසයේ එය ර`දවා ගැනීමට කටයුතු කළ යුතුය. මෙය වඩා හො`ද දර්ශකයක් වුවද රජයේ රෝහලේ සායනයට එන ග්‍රාමිය ප්‍රදේශවල වෙසෙන අඩු ආදායම්ලාභී රෝගීන්ට මෙය නිතර පිටින් කරගැනීම අසීරු කටයුත්තකි. ඔවුන් වෙනුවෙන් රජයේ රෝහල් වල මෙම පරික්ෂණය සිදුකිරීමේ පහසුකම් ඇතිකිරීම දැඩි කාලින අවශ්‍යතාවයකි . කෙසේ වෙතත් අවම වශයෙන් අවුරුද්දකට වරක් වත් මෙම පරික්ෂණය කරගැනීම සහ එහි මට්ටමට අනුව දියවැඩියා පාලනය ස`දහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කළ යුතුය. එම මූලික පරීක්ෂණවලට අමතරව සංකූලතා වළක්වාගැනීම ස`දහා රුධිර පීඩනය හො``දින් පාලනය කිරීම, රුධිර කොලෙස්ටරෝල් මට්ටම හො`දින් පාලනය කර ගැනීම, මුත්‍රා මයික්‍රො ඇල්බියුමින්/ ඇල්බියුමින් ස`දහා හය මාසයකට වරක්වත් පරීක්ෂාකිරීම, අවම වශයෙන් වාර්ෂිකව කළ යුතු ඇස් පරික්ෂාව පාද පරික්ෂාව ආදිය අනිවාර්යයෙන්ම කළ යුතුය. හො`ද දියවැඩියා පාලනයක් ඇතිකර ගන්නේ කෙසේද? දියවැඩියාව හො`දින් පාලනය කරගැනීම ස`දහා රෝගියා විසින් පිළිපැදිය යුතු සය වැදෑරුම් ක්‍රමවේදය. 1 ඖෂධ නිසි පරිදි ගැනීම හා සායනවලට නිසි පරිදි සහභාගී වීම. 2 නිසි ආහාර පාලනය. 3 නිසි ව්‍යායාම. 4 මනස සතුටින් තබාගැනීම. 5 වැරදි ආකල්ප වලින් මිදීම. 6 දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා වළක්වාගැනීම. මෙම සය වැදෑරුම් ක්‍රමවේදයේ ඒ ඒ කොටස් පිළිබ`දව අපි ඉදිරි ලිපි මගින් සාකච්ඡා කරමු. 8 වෛද්‍ය පාලිත සමන් ජයකොඩි, සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රවර්ධන වෛද්‍ය නිලධාරි, මූලික රෝහල - වතුපිටිවල. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Dec 2017 05:49 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Dec 2017 05:49 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Dec 2017 05:49 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Dec 2017 05:56 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Dec 2017 04:47 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Dec 2017 05:11 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 smt90Veteran MemberPosts:1736 17 Dec 2017 05:25 PM මේ ලිපියනම් ගොඩක් වැදගත්... ස්තුතියි.. 0 You are not authorized to post a reply. Page 77 of 137 << < 7576777879 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner