You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 78 of 137 << < 7677787980 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Dec 2017 05:59 PM
හරිම වැදගත්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Dec 2017 04:17 PM

suwa1සිරෝසිස්‌ (Cirrhosis) රෝගය යෑයි පැවසූ විට එකවරම සිහියට නැඟෙන්නේ මත්පැන්ය. ඊට හේතු වී ඇත්තේ සිරෝසිස්‌ රෝගය ඇති වීමට සියයට 95 ක්‌ම (95%) බලපාන්නේ මත්පැන් වීමය. ඉතිරි සියයට 5 (5%) ආහාරපාන බලපායි.
 
 සිරෝසිස්‌ රෝගය ඇති වන හැටි
 
 සිරෝසිස්‌ රෝගය ඇති වන්නේ අක්‌මාවේ අධික ලෙස මේදය තැන්පත් වීමෙනි. එසේ අධික ලෙස මේදය තැන්පත් වීමෙන් ඉතා පහසුවෙන් අක්‌මාව ආසාදනයට ලක්‌ වේ. එසේ ආසාදනය වූ අක්‌මාව රෝගී වීමෙන් නිසි ක්‍රියාකාරීත්වය සිදු නොවේ.
 
 රෝගය හඳුනා ගන්නා හැටි
 
 සිරෝසිස්‌ රෝගයේදී මුල් අවස්‌ථාවේ රෝග ලක්‌ෂණ මතු නොවේ. අක්‌මාව ආසාදනයට ලක්‌ වී හානියට පත් වන විට රෝග ලක්‌ෂණ මතු වේ. එවිට උදරය ඉදිරියට නෙරා ඒම, ඇස්‌ කහ පැහැවීම, ශරීරය කෙට්‌ටු වීම වැනි රෝග ලක්‌ෂණ මතු වේ.
 
 මෙම අවස්‌ථාවේදී නිසි ප්‍රතිකාර සඳහා යොමු වූ විට සිරෝසිස්‌ රෝගය පාලනය කර ගත හැකිය.
 
 නිසි ප්‍රතිකාර ලබා නොගැනීම නිසා රෝගය උත්සන්න වීමෙන් අක්‌මාවේ පිළිකා හට ගැනීම, විෂ බීජ ආසාදනය වීම නිසා තුවාල හට ගැනීම ආදිය සිදු වේ.
 
 මෙලෙස රෝගය උත්සන්න වූ විට ලේ වමනය යැම ආදිය ඇති වේ.
 
 මත්පැන් පානය නිසා ඇති වන සිරෝසිස්‌
 
 මත්පැන් පානය කරන පුද්ගලයන්ට සිරෝසිස්‌ රෝගය මතු වීම වයස අවුරුදු 35 - 40 පමණ වන විටදී සිදු වේ.
 
 එවිට හෘදයාබාධ, අධි රුධිර පීඩනය වැනි අතුරු රෝගද මතුවේ.
 
 මත්පැන් නොබී මතු වන සිරෝසිස්‌
 
 අධික ලෙස තෙල් ආහාර දිනපතා ගන්නා පුද්ගලයන්ට සිරෝසිස්‌ මතු වීමේ අවදානමක්‌ පවතී. තෙල් සහිත ආහාර ගෙන නිසි ව්‍යායාම නොකර සිටීමෙන් අක්‌මාවේ මේදය අධික ලෙස තැන්පත් වේ. (Fatty Liver)
 
 මෙලෙස අධික ලෙස අක්‌මාවේ තෙල් තැන්පත් වීමෙන් අක්‌මාව ආසාදනයට ලක්‌ වේ. (Non Alcoholic Steatohe Patitis)
 
 මේ සඳහා නිසි ප්‍රතිකාර නොගැනීමෙන් සිරෝසිස්‌ රෝගය ඇති වේ.
 
 වර්තමානයේ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 30% පමණ පිරිසක්‌ සිරෝසිස්‌ රෝගයට ගොදුරුව සිටිති. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ අධික ලෙස මේද සහිත ආහාර පාන ගැනීම සහ නිසි ව්‍යායාම නොකිරීමය.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Dec 2017 04:37 PM

suwa2වෛද්‍යවරුන්ට රෝගීන්ගේ හෘද ස්‌පන්දන රටාවන්හි පවතින ගැටලු පහසුවෙන් විනිශ්චය කිරීම සඳහා හෘද ස්‌පන්දන රටාවන්හි ගැටලු පවතින රෝගීන්ගේ (ඇරිත්මියාස්&zwnj හෘද ස්‌පන්දන රටාවන් සම්භාව්‍ය සංගීත රටාවක්‌ බවට පත් කිරීමට ලන්ඩනයේ විද්‍යාඥවරියක්‌ විසින් ක්‍රියාකර තිබේ.
 
 ලන්ඩනයේ ක්‌වීන් මේරි විශ්වවිද්‍යාලයේ ඩිජිටල් මාධ්‍ය පිළිබඳ මහාචාර්ය හා පියානෝ වාදනය පිළිබඳ විශාරදවරියක වන මහාචාර්ය එලේන් චිව් විසින් මෙසේ හෘද ස්‌පන්දන රටාවන්ගේ රිද්මයෙහි ගැටලු පවතින රෝගීන්ගේ හෘද ස්‌පන්දන රටාවන් විශ්ලේෂණය කර අනතුරුව එම රිද්මයන් සම්භාව්‍ය සංගීත රටාවක්‌ බවට පරිවර්තනය කර තිබේ.
 
 මහාචාර්ය චිව්ට අනුව සංගීත රටාවක්‌ බවට පත් කරන ලද හෘද ස්‌පන්දන රටාවන්හි රිද්මයන් හරහා වෛද්‍යවරුන්ට "ඇරිත්මියා" රෝග තත්ත්වයෙහි උප වර්ගයන් වඩාත් නිවැරදිව හඳුනාගෙන වඩාත් කාර්යක්‍ෂම ප්‍රතිකාරයන් සඳහා යාමට අවස්‌ථාව සැලසෙනු ඇත.
 
 "ඇරිත්මියා" රෝග තත්ත්වයෙහි වර්ග ගණනාවක්‌ පවතින අතර එම රෝගයට හේතු වනුයේ හෘදය වස්‌තුවෙන් නිකුත් වන වැරදි සංඥවකි. මෙහි රෝග ලක්‍ෂණයන් පිටතට පෙන්නුම් නොකෙරෙන අතර අධික මහන්සිය හා හුස්‌ම ගැනීමේ අපහසුවක්‌ දක්‌වා එම රෝගය වර්ධනය විය හැකි බවත් ඒ හරහා හෘදයාබාධයන් හෝ ආඝාතය (ස්‌ට්‍රොaක්&zwnj හට ගැනීමේ අවදානම ඉහළ යන බව වෛද්‍ය මතයවී තිබේ.
 
 එක්‌සත් රාජධානියේ පමණක්‌ "ඇරිත්මියා" රෝගයට ලක්‍ෂ 20 ක්‌ පමණ දෙනා ගොදුරුව ඇති බව වාර්තාවී තිබේ.
 
 මෙම රෝගයෙහි දක්‌නට ලැබෙන පොදු රෝගී තත්ත්වය වනුයේ හෘද ස්‌පන්දනය අසාමාන්‍ය වීම හා වේගවත් වීමේ තත්ත්වයයි. "ඒටි්‍රයල් µsබ්‍රිලේෂන්" යනුවෙන් හැඳින්වෙන මෙම තත්ත්වය යටතේ හෘදය වස්‌තුවේ ඉහළ ශාඛාවන්හි රුධිරය විශාල ප්‍රමාණයක්‌ එකතු වී කැටි සාදන අතර එමගින් ආඝාතයට රෝගියා ගොදුරුවීමේ අවදානම ඉහළ යන බව වෛද්‍ය මතයයි. මෙම තත්ත්වය දීර්ඝ කාලයක්‌ පැවැතීමෙන් රෝගියාගේ හෘදය වස්‌තුව අකර්මණ්‍ය (හාට්‌ ෙµaලියර්) වීමේ අවදානමක්‌ මතු වන අතර හෘදය වස්‌තුව රුධිරය කාර්යක්‍ෂමව පොම්ප කිරීම නතර කිරීම මෙයට හේතුවේ. මෙසේ හෘද ස්‌පන්දන රටාවන්හි රිද්මයන් සංගීත රටාවක්‌ බවට පරිවර්තනය කිරීමට මහාචාර්ය චිව්ට හැකිවී ඇත්තේ ඇයද "ඒටි්‍රයල් µsබ්‍රිලේෂන්" රෝග තත්ත්වයෙහි පෙළෙන බව හඳුනාගෙන පසුගිය වසරේදී ප්‍රතිකාර සඳහා යොමුවූ අවස්‌ථාවේදීය. එහිදී 46 හැවිරිදි මහාචාර්ය චිව් හෘද ස්‌පන්දන රටාවන්හි රිද්මයන් විශාල වශයෙන් නිරීක්‍ෂණය කර තිබේ.
 
 මෙහිදී මහාචාර්යවරයාගේ හෘදය වස්‌තුව "ඊසීජී" (ඉලෙක්‌ට්‍රොaකාඩියෝග්‍රෑම්) පරීක්‍ෂණයට ලක්‌ කළ අවස්‌ථාවේදී ඊසීජී වාර්තාවෙහි ඇති හෘද ස්‌පන්දන රටාවන්හි හා සංගීත ස්‌වර රටාවන්හි සමාන බවක්‌ ඇති බව ඇයට පසක්‌වී තිබේ. මේ අනුව මහාචාර්ය චිව් ඇයට ප්‍රතිකාර කළ ලන්ඩනයේ විශ්වවිද්‍යාලයීය විදුහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පියර් ලැම්බයේස්‌ගෙන් ඔහුගේ "ඇරිත්මියා" සායනයෙහි රෝගීන්ගෙන් ලබාගත් "ඊසීජී" පරීක්‍ෂණ වාර්තාවන් තමාට ලබාගත හැකිදැයි විමසා තිබේ. ඇය ඒම වාර්තාව අනුව පරිගණක වැඩසටහනක්‌ නිපදවා ඒ යටතේ ඊසීජී වාර්තාවෙහි දත්තයන් සංගීත සටහන්a බවට පරිවර්තනය කර ඇති අතර එමගින් රිද්මයන්හි වෙනස්‌කම් විශ්ලේෂණය කිරීමටත් හෘද ස්‌පන්දන අගයන් හි රිද්මයට අනුව සංගීත රටාවක්‌ නිපදවීමටත් කටයුතු කර තිබේ. මෙසේ සකස්‌ කරන ලද සංගීත රටාව ඉතා පැහැදිලිව දිස්‌වීම නිසා එමගින් වෛද්‍යවරුන්ට "ඇරිත්මියා" රෝගයෙන් පෙළෙන රෝගීන් වඩාත් පහසුවෙන් හඳුනාගෙන ප්‍රතිකාර කළ හැකිවන බව මහාචාර්ය චිව් සඳහන් කර සිටින්නීය.
 
 ඒමන්ති මාරඹේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Dec 2017 04:50 PM
suwa6අධ්‍යයනය මෙහෙයවූ ඔඩෙන්ස්‌ විශ්වවිද්‍යාලයීය රෝහලේ වෛද්‍ය ලිනේ ජෙල්වින්ග්ට අනුව ආතරයිටිස්‌ රෝගයෙන් පෙළෙන මවකට උපත ලබන දරුවන්ට මීමැස්‌මොරය, ආතරයිටිස්‌ මෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගය හට ගැනීමේ අවදානමක්‌ පැවැතීම නිසා එවැනි දරුවන් ගැන විශේෂ අවධානයක්‌ යොමු කිරීම වැදගත්ය
 
 ආත්රයිටිස්‌ රෝගයෙන් පෙළෙන මව්වරුන්ට උපත ලබන දරුවන් "මීමැස්‌මොරය" රෝගයට ගොදුරුවීමේ අවදානම සියයට 160 කින් වැඩි බව ඩෙන්මාර්කයේ විද්‍යාඥයින් පිරිසක්‌ විසින් සිදුකරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.
 
 අලුත උපන් ළදරුවන් මිලියන 1.4 ක්‌ දත්ත යොදාගෙන සිදුකරන ලද මෙම අධ්‍යයනයට අනුව ආත්රයිටිස්‌ රෝගයෙන් පෙළෙන මවකට උපත ලබන දරුවන්ට ජීවිතයේ පසු කාලයේදී මීමැස්‌මොරය රෝගය වැළඳීමේ හැකියාව තුන් ගුණයකින් වැඩිය.
 
 වසර 25 ක කාලයක්‌ පුරා පවත්වා ඇති මෙම අධ්‍යයනයේදී හෙළිදරව් වී ඇත්තේ රූමැටොයිඩ් ආත්රයිටිස්‌ රෝගයෙන් පෙළෙන කාන්තාවන්ගේ ස්‌වයං ආක්‍රමණශීලී ප්‍රතිදේහයන් ඇයගේ ගර්භාෂය කරා ගමන් කිරීම මෙම තත්ත්වයට හේතුවන බවයි.
 
 මෙම තත්ත්වය මත අධ්‍යයනය මෙහෙයවූ ඩෙන්මාර්ක්‌ විද්‍යාඥයින් පිරිස පවසනුයේ ආත්රයිටිස්‌ රෝගයෙන් පෙළෙන කාන්තාවන්ට උපත ලබන ළදරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්‍ෂණය කිරීම සඳහා විශේෂ අවධානයක්‌ යොමුකළ යුතු බවයි.
 
 අධ්‍යයනය මෙහෙයවූ ඔඩෙන්ස්‌ විශ්වවිද්‍යාලයීය රෝහලේ වෛද්‍ය ලිනේ ජෙල්වින්ග්ට අනුව ආත්රයිටිස්‌ රෝගයෙන් පෙළෙන මවකට උපත ලබන දරුවන්ට මීමැස්‌මොරය, ආත්රයිටිස්‌ මෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගය හට ගැනීමේ අවදානමක්‌ පැවැතීම නිසා එවැනි දරුවන් ගැන විශේෂ අවධානයක්‌ යොමු කිරීම වැදගත්ය.
 
 මෙම අධ්‍යයනයේදී ආත්රයිටිස්‌ රෝගයෙන් පෙළෙන කාන්තාවන්ට උපත ලබන දරුවන් තයිරෝයිඩ් ග්‍රන්ථය ආශ්‍රිත රෝගයට ගොදුරුවීමේ අවදානම සියයට 220 කින් වැඩිය.
 
 කෝපන්හේගන් විශ්වවිද්‍යාලයීය පර්යේෂකයින් විසින්ද මවුවරුන්ගේ ආත්රයිටිස්‌ හා දරුවන්ගේ මීමැස්‌මොරය අතර සම්බන්ධතාවයක්‌ පවතින බව ඉකුත් නොවැම්බර් මාසයේදී අලුත උපන් දරුවන් මිලියන 2 කට ආසන්න සංඛ්‍යාවකගේ දත්තයන් ආශ්‍රිතව සිදුකළ අධ්‍යයනයකදී අනාවරණය කරගෙන තිබිණි.
 
 ඒමන්ති මාරඹේ
 
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Dec 2017 04:57 PM

suwa3 2දරුවෙක්‌ ඉගෙනුම අරඹන්නේ මවු කිරි බීම මුලින්ම කරන අවස්‌ථාවේයි. බුද්ධි වර්ධනය අඩු දරුවන් එතැන් පටන් දුෂ්කරතා දක්‌වන අතර කථනය භාෂාවේ ගැටලු සඳහාද එය බලපායි. මක්‌නිසාදයත් වචන, පරිසරය, හැඟීම් රටාද ඉගෙනුමේ කොටසක්‌ වන බැවිනි.
 
 මෙය මුල් කාලයේම හඳුනා ගැනීම දරුවාට සිදුවන හානිය අවම කර ගැනීමට උපකාරී වේ දරුවා පරිසරය ගැන නොබලයි නම් පරිසරය ගැන නොතේරේනම් අප කාලය ගත නොකර කටයුතු කළ යුතුය.
 
 මෙහිදී ගෙදරදී මව හෝ රැකබලාගන්නන් ඉතා වුවමනාවෙන් කළයුතු කාර්යයන් ඇති අතර ඉන් ප්‍රධානම දෙය වන්නේ හඳුනාගැනීමය. ඉක්‌මනින්ම හඳුනාගැනීම වන (Early Intervention) ඉන් ප්‍රධානම දේ වන අතර එහිදී නිසි සුදුසුකම් ලත් වෘත්තිකයන් කරා යැම වැදගත් වේ.
 
 මෙහිදී දරුවන් කතාවට ප්‍රමාද වීම බුද්ධිමට්‌ටමේ අඩුවක්‌ වීම ඉක්‌මනින් දේවල් උකහා නොගැනීමේදී Learning Difficulty (ඉගෙනීමේ අපහසුතා) Dyslexia (ලිවීමේ අපහසුව යන රෝගය) Down syndrome (ඩවුන්ස්‌ සින්ෙඩ්‍රාaම්) වැනි සින්ෙඩ්‍රාaම celebral palsy (දරුවන්ගේ අංශ භාගය) වැනි ප්‍රධාන රෝග සමඟ සම්බන්ධතා පෙන්වයි.
 
 ඕනෑම කලෙක ඕනෑම පාසලක ඕනෑම පන්තියක ඉගෙනුමට දුර්වල දරුවන් සිටී. ඔවුන් ගුරුතුමී මෙන්ම කථන හා භාෂා චිකිත්සක වරියක්‌ වරයෙක්‌ ගෙන් ඇගයීමකට භාජන කිරීම වටී. මෙයයි කථන භාෂා චිකිත්සාව. පාසල් තුළ සපයන සේවාවට නිදසුන දුර්වල දරුවන්ට දුර්වල වීමට හේතු ඇත. හේතු සොයාගෙන ඒවාට ප්‍රතිකර්ම කිරීම වටී. දරුවාගේ පෝෂණ ගැටලු විය හැක. නොඑසේ නම් බුද්ධිවර්ධනයේ, පෙනීමේ හෝ ඇසීමේ හෝ හැසිරීමේ අවධානයේ ගැටලු විය හැක. ඒ ඒ එක්‌ එක්‌ අපහසුතාවට විවිධ ක්‍රියාකාරකම් සුදුසුකම් ලත් චිකිත්සකවරයෙකුගෙන් ලබා ගත යුතුය. පාඩම් කරන්නේ නෑ කියන වචනයත්, ලකුණු අඩු වීමත්, ඉගෙනුම් දුර්වලතාවත් යනු වර්ග තුනක ප්‍රශ්නයි. දරුවන් එදිනෙදා ජීවිතයේදී සාමාන්‍ය ලෙස ගණිත ගැටලු විසඳීම, ක්‍රියාකාරකම් කළත් ලිවීම පමණක්‌ කරන විට කරගතම නොහැකි රෝගය Dyslexia රෝගයයි. මෙය අපේ රටේ හඳුනා ගන්නේ ඉතා අඩුවෙනි. එනම් කොතෙකුත් උගැන්නුවත් ලියා ගැනීමට නොහැකි වීම ගුවන් යානා නිෂ්පාදක රයිට්‌ පරපුරද එවැන්නෝ ලෙස පොත පතේ සඳහන් වේ. එනම් ඔවුන්ගේ බුද්ධි වර්ධනයේ අපහසුතා නොපෙන්වන අතර රෝගය ලිවීමේදී ලිවීම කරගත නොහැක.
 
 දරුවන් කොතෙක්‌ තාඩන පීඩනවලට භාජන වේද යත් පාසල් තුළ මෙම රෝගය ඇති දරුවෙක්‌ රෝගය හඳුනා නොගත් සමාජය තුළ බොහෝ පීඩාවට පත්වන්නේය.
 
 එමෙන්ම කියවීම පමණක්‌ කළ නොහැකි Dysgraphia රෝගයද එවැනිමය. ඔවුන්ට හොඳින් ලිවිය හැක. කියවිය නොහැක.
 
 මේවා theraputic Intervension (චිකිත්සක ක්‍රම) මගින් මොළයේ ක්‍රියාකාරීත්වය පුරුදු පුහුණු කිරීම විද්‍යානුකූලව සිදු කළ හැකි අතර සම්පූර්ණ සුවයක්‌ ලද අවස්‌ථා අඩුය.
 
 නමුත් දරුවාට ගුරුවරුන්ට මෙය හඳුනා ගැනීම තුළින් සුගතියත් අපහසුවකින් තොරව ඉගෙනුම කිරීමට විවිධ උපායමාර්ග සොයාගෙන රෝග අවදානම අවම කර ගැනීමට කථන හා භාෂා චිකිත්සකගේ මැදිහත්වීම අවශ්‍යම වේ.
 
 මල් වැනි දරුවන් වයස අවුරුදු 3 වන විට ඔහුගේ මොළයේ පරිසරය, උකහා ගැනීම බොහෝමයක්‌ කර හමාරය. ඒ වගේම දෙවන භාෂාව තෙවැනි භාෂා වයස අවුරුදු 7 ට පෙර යෙදිය යුතු අතර එවිට භාෂා 7-8 වුණත් හොඳින් කර ගැනීමේ හැකියාව ඇතිවේ. ඒ සඳහා ඉගෙනුම් ශක්‌තිය වැඩිම කාලය එයයි. ඒ වගේම කිව යුතුම කාරණාව නම් අප සමාජය දරුවාට ඉංග්‍රීසි ඉගැන්වීමට ඉතා උත්සුක නිසාම දරුවාගේ භාෂා ඉගෙනුම් කාර්යය වියවුල්තාවට පත්කර ගනී.
 
 මම උපදෙස්‌ දෙන්නේ දරුවන්ට මවු භාෂාවෙන් කතාකරන ලෙසත් අප සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත කරන ඉංග්‍රීසි නාම පද පමණක්‌ පාවිච්චියෙන් පසුව එම මවු භාෂාවේ භාෂා රීතිය දරුවාගේ මොළයේ ස්‌ථාපිත වූ පසු භාෂා රීති වෙනස්‌ කරමින් දෙවැනි තුන්වැනි භාෂා ඉතා සාර්ථකව ඉදිරිපත් කිරීමෙන් භාෂා ඉගෙනුමට දරුවාට රුකුලක්‌ වන බවයි.
 
 නමුත් භාෂා කීපයක්‌ කතාකිරීම තුළින් දරුවා කතා කිරීම ප්‍රමාද විය හැකි අතර එසේ ප්‍රමාද දරුවන්ට අනෙකුත් දැ ඉගෙනුමට එය නිරන්තරයෙන් බාධා වීමෙන් දුර්වලයකු බිහි විය හැකි බවයි.
 
 suwa3

ජයමලී රූපසිංහ ජයසිංහ
 ප්‍රධාන කථන චිකිත්සක
 ජාතික රෝහල.
 
 සාකච්ඡා කළා -වසන්තා ශ්‍රියාකාන්ති

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
18 Dec 2017 11:42 PM
සමහර ළමයින් සිටිනවා ෙකාතරම් පැහැදිලි කලත් ෙමානවත් ෙත්රුම් ගන්ෙන් නෑ..
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Dec 2017 03:00 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Dec 2017 03:00 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Dec 2017 03:00 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Dec 2017 03:01 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Dec 2017 03:01 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Dec 2017 03:01 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Dec 2017 03:09 AM

ගැබිනි සමයේ අවදානම් තත්ත්ව

https://i.imgsafe.org/8f/8f129717ab.jpeg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
19 Dec 2017 06:19 AM
මේ අවස්ථාව අපට නම් එන්නේ නෑ තමයි..
එ්ත් ඔවුන් විදින වේදනාව දැක්කම ලොකු දුකක් දැනෙනවා...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Dec 2017 04:52 PM

ඒඩ්ස් නසන්න ක්‍රමයක්

ජාන සංස්කරණ ක්‍රමවේදයක් ඔස්සේ ජීවි සත්ව කොට්ඨාශවලට (සතුන්) වැළැඳී ඇති එච්.අයි.වී ආසාදිත තත්ත්වය සුව කිරීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබේ.

සැඟවී යාමට ඇති හැකියාව නිසා වයිරසය අල්ලා ගත නොහැකි බව පෙන්වාදෙන විද්‍යාඥයන් මෑතකදී කරන ලද අධ්‍යයනයකදි නැවැත ආසාදිත තත්ත්වයක් ඇති නොවන පරිදි මනුෂ්‍ය සෛල රෝපණය කළ මීයන්ගෙන් එච්.අයි.වී ඩී.එන්.ඒ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට හැකි වූ බව විද්‍යාඥයෝ පෙන්වාදෙති.

මේ ආකාරයෙන් සතුන්ගෙන් එච්.අයි.වී වයිරසය ඉවත් කළ පළමු අවස්ථාව මෙය බවත් ඉදිරියේදි මිනිසුන් යොදාගනිමින් සායනික පර්යේෂණ කරන බවත් මෙම අධ්‍යයනය සිදු කළ විද්‍යාඥයෝ පවසති.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙම්පල් විශ්ව විද්‍යාලයේ ලුවිස් කැට්ස් වෛද්‍ය ආයතනය සහ පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් එක්ව මෙම අධ්‍යයනය සිදු කර තිබේ.

මානව ප්‍රතිශක්ති කරන සෛල මීයන් තුළ රෝපණය කරමින් මිනිසුන්ට සමාන ආකෘතියක් නිර්මාණය කරමින් විද්‍යාඥයන් පිරිස එම අධ්‍යයනය කර ඇති අතර එහිදි මීයන් තුළ එච්.අයි.වී වයිරසය ව්‍යාප්ත කර ඇත.

ටෙම්පල් විශ්ව විද්‍යාලයේ ලුවිස් කැට්ස් වෛද්‍ය ආයතනය ආචාර්ය වෙන්හුයි හූ විසින් මෙම අධ්‍යයනය මෙහෙයවනු ලැබ තිබේ. මීට පෙර බොහෝ පටකවල ජීවියක ප්‍රවේණි ද්‍රව්‍යවලින් (ජීවියක යුගල නොවූ ක්‍රොමසෝම) එච්.අයි.වී - 1 වයිරසය ඉවත් කිරීමේ අධ්‍යයනය කරනු ලැබුවේද ආචාර්ය වෙන්හුයි හූ ඇතුළු විද්‍යාඥයන් පිරිසක් විසිනි. ඉන් වසරකට පසු සෑම පටලයකින්ම වයිරසය ඉවත් කිරීමට ඔවුහු සමත්වූහ.

“අපේ මේ නව අධ්‍යයනය වඩාත් පුළුල් අධ්‍යයනක්. අපි අපේ කලින් අධ්‍යයනයේ දත්ත සනාථ කළා. අපි අපේ ජාන සංස්කරණ උපායමාර්ගය තවත් කාර්යක්ෂම කළා. අපේ උපායමාර්ගය අමතර මීයන් දෙදෙනකු ද යොදාගනිමින් සනාථ කළා. එකක් මීයන්ගේ සෛලවලින් පමණක්. අනෙක් මිනිස් සෛල රෝපණය කළ මීයන්. ඒ පරීක්ෂණ දෙකම සාර්ථක වුණා” යැයි ආචාර්ය වෙන්හුයි හූ පැවැසීය.

විද්‍යාඥ කණ්ඩායම මීයන් කණ්ඩායම් තුනක් යොදාගනිමින් මෙම අධ්‍යයනය කර තිබේ. එච්.අයි.වී - 1 ආසාදිත මීයන්, මිනිසුන්ට බෙහෙවින් සමාන මීයන් යොදාගනිමින් මානව එච්.අයි.වී - 1 ආසාදිත මීයන් සහ මානව සෛල රෝපණය කරන ලද මීයන් යන මීයන් කණ්ඩායම් තුන එසේ යොදාගත් මීයන් කණ්ඩායම් තුනය.

හර්ෂණ තුෂාර සිල්වා
ඬේලිමේල් ඇසුරිනි

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
19 Dec 2017 08:56 PM
ඒඩ්ස් නසනවා කියල නම් ඖෂධ දනා කාලයක් තිස්සෙ තියෙනවා කීවට නිට්ටාවට සුව වෙන එන්නතක් ගැන කාලෙන් කාලෙට කිව්වත් තවම නිසි පිළිතුරක් නැහැ කියලයි මට හිතෙන්නෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Dec 2017 05:01 PM
weda2බෙල්ලෙන් අතට යන ස්‌නායුව අතේ කණ්‌ඩරාවන්ට සම්බන්ධ වූ විට විශ්වචි තත්ත්වය ඇති වන අතර ස්‌නායුව පේශියට සම්බන්ධ වීමේදී අවබාහුක තත්ත්වය ඇති වනු ඇත. අවබාහුක තත්ත්වයේදී බාහු ප්‍රදේශයට පමණක්‌ එහි බලපෑම ඇති විය හැකි අතර විශ්වචි තත්ත්වයේදී එය ඇඟිලි දක්‌වා පීඩාකාරී විය හැකිය.

එදිනෙදා කටයුතු අපහසුතාවට පත් කරන වාත රෝග බොහොමයක්‌ තිබේ. එයින් ප්‍රධාන අවස්‌ථාවක්‌ ලෙසට අත ඔසවා යමක්‌ කිරීමේ අපහසුතාවය පෙන්වා දීමේ හැකියාව තිබේ.

මෙය අවබාහුක වාත තත්ත්වය නිසා සහ විශ්වචි වාත රෝග තත්ත්වය නිසාවෙන් ප්‍රකටව දැකිය හැකිය.

අතට සම්බන්ධ ස්‌නායු සහ ඊට සම්බන්ධ පේශිS දුර්වල කොට පීඩාවට පත් කිරීම රෝගයට හේතුවයි. බොහෝ විට වේදනාව තීව්‍ර නොවීමට පුළුවන. අදාළ අතෙහි ක්‍රියාකාරීත්වය බෙහෙවින්ම දුර්වල කරනු ඇත. එනම් හැරවීම, එසවීම, පසුපසට ගැනීම ආදී වශයෙනි.

එසේම වාතය කෝප වන සීත හා රාත්‍රි කාලවලදී මෙන්ම අධික වර්ෂා සමයෙහි වේදනාව තීව්‍ර කොට පැවතිය හැක. එලෙසටම ක්‍රියාකාරීත්වයේ දුර්වලතා තවදුරටත් වැඩි දියුණු වීමට පුළුවන.

මෙහිදී ඉහත කී පාරිසරික හේතුන් රෝගය කෙරෙහි බලපාන්නේ වාතය නෛසර්ගිකව පවතින සීත ගුණය හේතුකොට ගෙනය. එයින් අදාළ සම්බන්ධ පේශි තවදුරටත් සංකෝචනය කිරීම නිසා ක්‍රියාකාරීත්වය බෙහෙවින්ම අඩපණ කරයි. බොහෝ විට මේ රෝග අවස්‌ථාවන්හිදී අනුබද්ධතා ලක්‌ෂණද දැකිය හැක. එහිදී ඒ සියල්ලටම සාධාරණ වන ලෙසින් ප්‍රතිකාර (චිකිත්සාවන්) සිදු විය යුතුය.

ඉහත කී වාත රෝග තත්ත්වයන්ට අමතරව ආගන්තුක ලෙස අතට සිදු වූ යම්කිසි අනතුරක්‌ හේතුකොට ගෙනද එහි ක්‍රියාකාරීත්වය අඩපණ වීමට පුළුවන. එබැවින් රෝගයට හේතු වන කරුණු කාරණා, ඉතිහාසය පිළිබඳ විමර්ශනය ඵලදායි චිකිත්සාවකට හේතු වේ. ඒ මන්ද යත් සඳහන් කළ රෝග හේතුන්ට එකිනෙකාට වෙනස්‌ වූ චිකිත්සාවන් පවතින නිසාය.

සාමාන්‍යයෙන් වාත රෝග උත්සන්න වන වයස්‌ සීමාව මැදි වයස ඉක්‌ම වූ හෝ මැදි වයසේ පසු වන අයවලුන් කෙරෙහි වැඩිපුර දැකිය හැක.

ඊට හේතුව ක්‍රමයෙන් මහලු වයසට ළඟා වන පුද්ගලයාගේ ශරීරය තුළ වාත දොaෂ ප්‍රධාන ලෙසින් උත්සන්න වන බැවිනි.

එයින්ද අවබාහුක රෝග තත්ත්වය කාන්තා පාර්ශ්වය කෙරෙහි වැඩිපුර දැකිය හැකිය.

අවබාහුක තත්ත්වයේදී ප්‍රධාන වශයෙන් බාහුව වේදනාවට පත් වේ. අතේ ක්‍රියාකාරීත්වය හීන වේ. ඒ ප්‍රධාන රෝග ලක්‌ෂණය. තවද ක්‍රියාකාරීත්වයේදී වේදනාවක්‌ දැනීමට පුළුවන.

ප්‍රතිකාරය සඳහා නිවැරදිව රෝගය හඳුනාගත යුතුය. එයට හේතුව තවත් රෝග මේ හා සමානව තිබෙන නිසාවෙනි.

පොදුවේ ගත් කල වාත කෝප හේතු ඇති කරන ආහාර පාන, විහරණ ආදියෙන් වැළකීම යහපත්ය. සීත අධික, රළු (කඩල වැනි ශුෂ්ක ධාන්‍ය වර්ග) ගුණයෙන් යුත් ආහාර, අධික ව්‍යායාම, නිදි වැරීම, බර ඉසිලීම මෙන්ම වෙහෙස කර දුරගමන් සුදුසු නැත. එයට හේතුව අත සහිත පාර්ශ්වය පීඩාවට පත්වීමෙන් එය ස්‌නායුවට බලපාන නිසාවෙනි.

අවබාහුක තත්ත්වය ඇති වන්නේ බෙල්ලේ සිට අතේ බාහුවට එන ස්‌නායුව පීඩාවට පත්වීමෙනි. ඒ නිසා ප්‍රතිකාර කළ යුතු වන්නේ අතට නොව බෙල්ලටයි.

මෙවැනි අවස්‌ථාවල අතට පමණක්‌ ප්‍රතිකාරයෙන් රෝගය සුව නොව බවක්‌ බොහෝ අවස්‌ථාවල අසන්නට ලැබෙන්නේ රෝගය නිවැරදිව හඳුනා නොගැනීම නිසාවෙනි. මෙවැනි අවස්‌ථාවල මූලික අවස්‌ථාවේදීම නිසි දැනුමින් රෝගය හඳුනා ගැනීමේදී ඉක්‌මනින් සුවය ලබාගත හැක. කල්ගත වීමේදී රෝගය සංකීර්ණ තත්ත්වයට පත්වීම වැළැක්‌විය නොහැකිය.

කෝප වූ වාතය සමනයට අවශ්‍ය පාන ඖෂධ, බාහිරින් තෙල් ආලේපය, (ගි්‍රව කශේරුකා, බෙල්ල ආශ්‍රිතව තෙල් වැටි යෙදීම) හුමාලය ඇල්ලීම, පොට්‌ටනිස්‌වේදය, ලේප පත්තු ප්‍රතිකාර මෙන්ම පුනරුත්ථාපන ව්‍යායාම චිකිත්සා මගින් රෝග සුවය ලැබේ.

ආගන්තුක හේතුවක්‌ නිසාවෙන් අවබාහුක තත්ත්වය ඇති කරන අවස්‌ථාවන් තිබේ. එනම් වැටීමකදී, තැලීමකදී උර සහ බෙල්ල ආශ්‍රිතව නිසි ප්‍රතිකාර නොගැනීම තුළ මෙවැනි තත්ත්වයකට පත්වීමේ හැකියාව තිබීමයි.

බෙල්ලෙන් අතට යන ස්‌නායුව අතේ කණ්‌ඩරාවන්ට සම්බන්ධ වූ විට විශ්වචි තත්ත්වය ඇති වන අතර ස්‌නායුව පේශියට සම්බන්ධ වීමේදී අවබාහුක තත්ත්වය ඇති වනු ඇත. අවබාහුක තත්ත්වයේදී බාහු ප්‍රදේශයට පමණක්‌ එහි බලපෑම ඇති විය හැකි අතර විශ්වචි තත්ත්වයේදී එය ඇඟිලි දක්‌වා පීඩාකාරී විය හැකිය.

සැබැවින්ම අත සම්බන්ධ පීඩාකාරී තත්ත්වයකදී එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධ ගැටලුවකදී රෝගය නිවැරදිව හඳුනාගත යුතු වන්නේ රෝග කිහිපයක්‌ තිබෙන නිසාවෙන් නිවැරදි ප්‍රතිකාර වෙනුවෙනි.

ඔබටත් මේ සම්බන්ධ තවත් ප්‍රශ්න තිබේ නම් නොමිලේ විස්‌තර දැනගැනීම සඳහා 0775175409 අංකයෙන් වෛද්‍යතුමන් සම්බන්ධ කර ගත හැක.

weda1සංස්‌කරණය - උපාලි ද සේරම් - වසන්තා ශ්‍රියාකාන්ති
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Dec 2017 05:07 PM

weda3ස්‌ත්‍රිය සහ පුරුෂයා දෙදෙනාම ස්‌වස්‌ථව හෙවත් නිරෝගී විය යුතු යෑයි ආයුර්වේදයේ දක්‌වා ඇත.
 
 ඔවුන් තුළ මමත්වය ආත්මාර්ථකාමී බව කාමයේ තද ඇල්ම වහා කිපෙන සුලු බව සහ වෙනත් මානසික ආබාධ නොවිය යුතුය.
 
 එමෙන්ම කංසා, ගංජා, අබිං වැනි මත් ද්‍රව්‍යයන්හි ගිජු වූ ස්‌ත්‍රීන් පුරුෂයන් නොවිය යුතුය.
 
 දෙදෙනාම ඉතා යහපත්, නිරෝගී, බලවත් රෝග පීඩාවලින් නොපෙළෙන ප්‍රියමනාප අය විය යුතුය.
 
 ස්‌ත්‍රියකගේ පරිපූර්ණත්වය
 
 පුරාතන මතය අනුව ස්‌ත්‍රියක්‌ පරිපූර්ණත්වයට පත්වන්නේ වයස අවුරුදු 16 න් පසුවය. එවිට ඇයගෙ හොඳින් මේරූ බීජ පිටවේ. එනිසා ස්‌ත්‍රියක්‌ විවාහ වී දරුඵල ලැබීමට සුදුසුම වයස ලෙස සලකන්නේ වයස අවුරුදු 23 න් පසුය.
 
 පුරුෂයකුගේ පරිපූර්ණත්වය
 
 පුරුෂයකුගේ පරිපූර්ණත්වය සිදුවන්නේ වයස අවුරුදු 25 න් පසු බව පුරාතන මතයයි. එවිට ඔහුගේ පුරුෂබීජ හොඳින් මෝරා සක්‍රීයව පවතී.
 
 විවාහයේදී ස්‌ත්‍රිය පුරුෂයාට වඩා වයසින් අඩුවිය යුතුයි.
 
 විවාහයේදී ස්‌ත්‍රිය පුරුෂයාට වඩා වයසින් අඩුවිය යුතු බව පිළිගත් මතයයි. සමාජධර්ම අනුව එය එසේ විනැයි කිසිසේත්ම නොසිතිය යුතුය. ජීව විද්‍යාත්මකව ද මෙය පිළිගත් සත්‍යයකි. ස්‌ත්‍රියකගේ ආර්ථව දර්ශනය සාමාන්‍යයෙන් වයස අවුරුදු 12 දීත් පුරුෂයාගේ යුව ප්‍රාප්තිය වයස අවුරුදු 16 දීත් සම්පූර්ණ වේ. එබැවින් ස්‌ත්‍රියත් පුරුෂයාත් අතර වයස්‌ පරතරය අවුරුදු 04 ක්‌ වත් විය යුතුය.
 
 වෛද්‍යාචාරිනී සී. කරුණාදාස
 
 සංස්‌කරණය - උපාලි ද සේරම් - වසන්තා ශ්‍රියාකාන්ති

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Dec 2017 05:14 PM
weda6 1යොවුන් විය මානව වර්ධනයේ එක්‌ අභියෝගාත්මක කාල පරාසයකි. ශීඝ්‍ර කායික සහ මානසික වර්ධනය පෝෂණ අවශ්‍යතා විශේෂය.
 
 ශීඝ්‍ර කායික වර්ධනය සමග ඔබගේ පෝෂණ අවශ්‍යතාවයන් ද වැඩි වේ. කායික වර්ධනය, සංයුති වෙනස්‌වීම, ඉන්ද්‍රිය පරිණත වීම මේ සඳහා හේතු වේ. ප්‍රධාන වශයෙන්ම ඔබේ ශක්‌ති අවශ්‍යතාවය ර¹ පවතින්නේ ශරීර ප්‍රමාණය හා ශරීර වර්ධන වේගය මතයි. සාමාන්‍යයෙන් පිරිමි දරුවෙකුගේ ශක්‌ති අවශ්‍යතාවය ගැහැණු දරුවෙකුට වඩා වැඩි වේ. එයට හේතු වන්නේ ඔවුන්ගේ ශරීර සංයුතියේ වැඩි කොටසක්‌ පරිවෘත්තීය වශයෙන් සක්‍රීය පේශි පටක (ඛැaබ ඵ්ss) වලින් සමන්විත වන නිසාය.
 
 අපගේ ආහාර වේල් ප්‍රධාන වශයෙන් ශක්‌තිය සපයනු ලබන්නේ කාබෝහයිඩේ්‍රට්‌ මගිනුයි. අප එදිනෙදා පරිභෝජනයට ගන්නා බත්, පාන්, අලවර්ග, ධාන්‍ය, කාබෝහයිඩේ්‍රට්‌ අඩංගු ආහාර වේ. දිනකට අවශ්‍ය මුළු ශක්‌ති ප්‍රමාණයෙන් 55% පමණ සපයනු ලබන්නේ කාබෝහයිඩේ්‍රටයි. ඔබේ සිරුරේ වර්ධනය පවත්වා ගැනීම සඳහා උපකාරී වන තවත් එක්‌ ප්‍රධාන පෝෂණ පදාර්ථයකි ප්‍රොaටීන. වැඩිවිය එළැඹෙන අවධියේදී ඔබේ ප්‍රොaටීන අවශ්‍යතාවය ද වැඩි වේ. වර්ධන ක්‍රියාවලියට අමතරව වැඩුණු පටක අලුත්වැඩියා කිරීමට, ශරීර නයිට්‍රජන් සමතුලිතතාව පවත්වා ගැනීමට ප්‍රොaටීන වැදගත්වේ. සාමාන්‍යයෙන් දිනක ශක්‌ති අවශ්‍යතාවයෙන් 15% පමණ සැපයීමටත් ප්‍රොaටීන දායක වේ. අපගේ ආහාරවේලට ප්‍රොaටීන සපයන ප්‍රධාන ප්‍රභව දෙකකි. ඒවා නම් ශාක ප්‍රොaටීන හා සත්ත්ව ප්‍රොaටීනයි. මුං, කව්පි, කඩල, සෝයා බෝංචි වැනි රනිල බෝග ශාක ප්‍රොaටීන ඝනයට අයත් වන අතර මස්‌, මාළු, කිරි, බිත්තර සත්ත්ව ප්‍රොaටීන ගණයට අයත් වේ. මෙම කාණ්‌ඩ දෙක අතුරින් සත්aත්ව ප්‍රොaටීන් විශේෂ වනුයේ ශරීරයට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල බොහෝ ප්‍රමාණයක්‌ අඩංගු වන බැවින් සහ සත්ත්ව ප්‍රොaටීන ඉතා පහසුවෙන් ශරීරයට අවශෝෂණය කර ගැනීමට හැකි බැවිනි. එබැවින් දිනපතා ආහාර වේලට සත්ත්ව ප්‍රොaටීන අඩංගු කර ගැනීම ඉතා වැදගත් වේ. ඔබ නිර්මාංශික නම් අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සැපයීමට සෝයා බෝංචිවලට හැකිය.
 
 ප්‍රධාන පෝෂණ පදාර්ථයන්ට අමතරව විටමින්හා ඛනිජ ලවන ද සුවිශේෂි වේ. නැවුම් එළවළු හා පලතුරු දිනපතා ආහාරවේලට එක්‌කර ගැනීමෙන් විටමින් හා ඛනිජ ලවන සපුරාගත හැකියි. කැල්සියම්. යකඩ හා සින්ක්‌ අත්‍යවශ්‍ය ඛනිජ ලවන වලින් සමහරකි. කැල්සියම් අස්‌ථි වර්ධනය හා අස්‌ථි ශක්‌තිමත් කිරීම උදෙසා වැදගත් වන අතර කුඩා මාළු, කිරි ආදිය කැල්සියම් සපිරි ආහාර වේ. වයස අවුරුදු 30 පමණ වනවිට සිරුරේ සැලකිය යුතු කැල්සියම් සංචිතයක්‌ ඇති කර ගත යුතුය. කැල්සියම් අවශෝෂණය වැඩි කර ගැනීමට විටමින් ඩී අඩංගු මත්ස්‍ය තෙල්, කිරි, බිත්තර වැනි ආහාරත්, මැග්නීසියම් අඩංගු කොල පැහැති පලා වර්ගත් ආහාරයට ගැනීම වැදගත් ය.
 
 මස්‌, මාළු, ගොටුකොළ පලාවර්ග වැනි යකඩ අඩංගු ආහාර සුවිශේෂීය. ශරීර සංයුතිය වෙනස්‌වීමදී සිදුවන රුධිර පරිමාවේ ඉහළ යැමට සරිලන ලෙසින් රතු රුධිර සෛල නිපදවීමට යකඩ අත්‍යවශ්‍ය සංඝටකයකි. සියලුම විටමින් හා ඛනිජ ලවන සිරුරේ වර්ධනය හා පැවැත්මට අත්‍යවශ්‍ය වේ.
 
 ආහාරවලට අමතරව ප්‍රමාණවත් ලෙසින් ජලය පානය කිරීම ද වැදගත් ය. එක්‌ අයෙක්‌ දිනකට ජලය වීදුරු 6-8 ප්‍රමාණයක්‌ පානය කළ යුතුය. සෞඛ්‍යවත් දිවි පැවැත්මක්‌ ගත කිරීමට නම් එම ආහාර වේල ස්‌වභාවික එළවළු, පළතුරු, ධාන්‍ය, කිරිවලින් ස්‌වයංපෝෂිත කරගත යුතුය.
 
 මේකලා හිරෝෂනී ප්‍රේමචන්ද්‍ර
 ව්‍යවහාරික පෝෂණ අධ්‍යයන අංශය,
 ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය
 
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Dec 2017 05:22 PM

cigaපසුගිය සතියේ "සුවදිවි පියස" වෙතින් පිළිකා කාරක ගැන සාකච්ඡාව අරඹන ලදී. මෙතැන් සිට එක්‌ එක්‌ පිළිකා කාරකය ගැන සවිස්‌තරාත්මකව කරුණු සොයා බලමු. විශේෂඥයන්ගේ මතය වනුයේ ලෝකයේ ඇති වළකාගත හැකි ලොකුම පිළිකා කාරකය දුම්කොළ බවය. ඒ නිසාම පිළිකා කාරක ගැන වගතුග, මිනිස්‌ සංහතියට මරු කැඳවන, දුම්වැටියෙන් අරඹමු.
 
 මහා බ්‍රිතාන්‍යයේ පමණක්‌ පිළිකා නිසා සිදුවන මරණවලින් සියයට 28 ක්‌ සඳහා ද සෑම පිළිකා රෝගීන් පස්‌දෙනකුගෙන් එක්‌ පිළිකා රෝගියෙකුගේ පිළිකාවටද හේතුව මේ මාරාන්තික දුම්වැටියයි. දුම්වැටිය විසින් මිනිසුන් අකාලයේ මරා දමනුයේ පිළිකා සෑදීමෙන් පමණක්‌ම නොවේ. මේ හේතුවෙන් මහා බ්‍රිතාන්‍යයේ පමණක්‌ හෘදයාබාධ සහ නොයෙකුත් පෙණහලු රෝග ඇති කරමින් වසරකට දස දහස්‌ ගණනින් මිනිසුන් අමු අමුවේ මරා දැමීමට දුම්වැටිය සමත් වී තිබේ. පිරිමින්ගේ බාහිර ලිංගේන්ද්‍රිය හෙවත් ශිෂ්ණය අවශ්‍ය වේලාවට ප්‍රාණවත් කර ගැනීමට නොහැකිවීම හෙවත් ලිංගික බෙලහීනතාවටද ප්‍රධාන හේතුව මෙම දුම්වැටිය බව තරුණයන් හොඳින් සිහි තබා ගැනීම වැදගත් වනු ඇත. විසිවන සියවසේ පමණක්‌ ලෝකයේ මිනිසුන් මිලියන 100 කට වඩා මරා දමා ඇති දුම්වැටියට වර්තමාන දුම් ඉරීමේ නැඹුරුතාව එලෙසම පවත්වාගෙන ගියහොත්, 21 වන සියවස තුළ දුම්වැටි නිසා මියයන මිනිසුන් ප්‍රමාණය බිලියනයක්‌ දක්‌වා වැඩිවිය හැකි බවට ඇස්‌තමේන්තු කර ඇත. එලෙසම දීර්ඝකාලීනව දුම්වැටි උරන්නන්ගෙන් 2/3 ක ප්‍රමාණයක්‌ එම පුරුද්ද නිසා අකාලයේ මියෑදෙන අතර සාමාන්‍යයෙන් දුම්වැටි උරන්නන්ගේ ජීවිත කාලය දුම් නොබොන්නන් සමඟ සැසඳීමේදී වසර 10 කින් පමණ අඩුවෙයි. මෙය නිකම්ම නිකම් අඩුවීමක්‌ නොවන අතර ජීවත්වන කෙටි කාලයද විඳවමින් ජීවත් වීමට ඔවුනට සිදුවනු ඇත.
 
 සිගරැට්‌ දුමේ එකිනෙකට වෙනස්‌ රසායනිකයන් 5300 කට වඩා වැඩි ප්‍රමාණයක්‌ ඇති බවට විද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත. ලෝකයේ ඇති පිළිකා කාරකයන් මොනවාදැයි සොයා බලන ප්‍රකට ආයතනයක්‌ වන පිළිකා පිළිබඳ පර්යේෂණ පවත්වනු ලබන අන්තර්ජාතික ඒජන්සිය (International Agency For Research into Cancer - IARC) පවසන අන්දමට සිගරැට්‌ දුමාරයේ මිනිසුන්ට පිළිකා සෑදිය හැකි රසායනික ද්‍රව්‍යයන් 70 කට අධික ප්‍රමාණයක්‌ ඇති බවට වර්තමානයේ සොයාගෙන තිබේ. මීට අමතරව කාබන් මොනොක්‌සයිඩ්, හයිඩි්‍රජන් සයනයිඩ් සහ ඇමෝනියා වැනි තවත් දහසකට වැඩි රසායනිකයන් ප්‍රමාණයක්‌ තවත් ලෙඩ රෝග රැසක්‌ මිනිසාට දායාද කිරීමට සමත්කම් පෙන්වමින් සිගරැට්‌ දුමෙන් පිටවනු ඇත.
 
 සිගරැට්‌ දුමෙහි ඇති පිළිකා කාරක රසායනිකයන්ට මිනිස්‌ සිරුරේ සෛල වල DNA අනුවලට හානි සිදුකළ හැකිය. නිදසුනක්‌ ලෙස ගතහොත් සිගරැට්‌ දුමෙහි ඇති බෙන්සො (a) පයිරින් (benzo (a) pyrene) නම් රසායනිකය සෛලවල න්‍යෂ්ටියේ ඇති DNA අණුවල ඇති 'p53' නම් පිළිකා සෑදීම වළකාලීමට වැදගත් වන ජානයකට හානි කරමින් එහි විකෘති ඇති කරයි. මිනිස්‌ සිරුරේ ඇති DNA අණුවල ඇති "ජාන පද්ධතියේ ආරක්‍ෂකයා" යන විරුදාවලිය ලත් මෙම ජානයේ ක්‍රියාකාරිත්වය අඩපණ වීමෙන් පිළිකාවක්‌ හටගත හැකිය. තවද සිගරැට්‌ දුමාරයේ ඇති විකිරණශීලී පොලෝනියම්-210 රසායනිකය, සිගරැට්‌ දුම උරන්නාගේ ශ්වසන නාල පද්ධතිය තුළ තැනින් තැන සාන්ද්‍ර වීමෙන් ඒ අසල ඇති අපිච්ඡදයේ සෛලවලට අධිශක්‌ති ඇල්ෆා විකිරණ (alpha - radiation) වලට නිරාවරණය වීමක්‌ සිදුවෙයි. මෙම විකිරණවලට නිරාවරණය වන සෛලවල DNA අණු මෙම විකිරණ මගින් හානියට ලක්‌වී විකෘති සාදයි. රසායනික විෂ ද්‍රව්‍ය දහස්‌ ගණනක මිශ්‍රණයක්‌ ලෙස සිරුරට ඇතුල් වන සිගරැට්‌ දුමාරය තුළ කැඩ්මියම්, ආසනික්‌, ලෙඩ් වැනි විෂ ලෝහ වර්ග අඩංගු වන අතර ඒවා මගින් හානියට පත්ව ඇති DNA කොටස්‌ නැවත පිළිසකර කිරීමට අවහිරතා ඇති කරනු ලබයි. මේ අනුව බෙන්සො (a) පයිරීන් වැනි රසායනිකයන් මගින් හානියට පත්වන DNA අණු නැවත පිළිසකර කර යථා තත්ත්වයට පත් කිරීමට මෙමගින් බාධා ඇතිවන අතර මෙම විකෘති සහිත සෛල අවසානයේදී පිළිකා සෛල බවට පරිවර්තනය වෙයි. පෝමැල්ඩිහයිඩ් සහ ඇක්‌රොලින් වැනි විෂ රසායනිකයන් මගින් ශ්වසන මාර්ගයේ ඇති රෝම මරා දමන අතර එමගින් ශ්වසන මාර්ගය ඔස්‌සේ පෙණහලු තුළට ඇතුළු වීමට තැත් කරන නොයෙක්‌ විෂ සහිත ද්‍රව්‍යයන් එම මාර්ගය ඔස්‌සේ සිරුරෙන් ඉවතට පිටමං කර දැමීමේ යාන්ත්‍රණය අඩපණ වී යයි.
 
 සිගරැට්‌ දුම ඉරීම මගින් අඩුම තරමින් පිළිකා වර්ග 14 ක්‌ වත් සෑදීමේ අවදානම වැඩිවෙයි. මේ අතර පෙණහලු, ස්‌වරාල, ගලනාල, මුඛ සහ ග්‍රසනිකා, මුත්‍රාශ, අග්න්‍යාශයික, වකුගඩු, අක්‌මා, ආමාශ, බඩවැල, ගැබ්ගෙල, ඩිම්බකෝෂ, නාසය සහ හිස්‌කබලේ කුටීර තුළ පිළිකා ප්‍රධාන වෙයි. තවද ඇතැම් ලේ පිළිකා ඇතිවීමටද දුම්වැටිය යම් අවදානමක්‌ ඇති කරයි. පියයුරු පිළිකා සමහරක අවදානමද දුම්වැටි ඉරීම නිසා වැඩිවන බවට යම් පමණකට සාක්‍ෂි තිබේ. කෙසේ නමුත් දුම්වැටිය පෙණහලු පිළිකා සෑදීම සඳහා ලබාදෙන සම්මාදමේ ප්‍රමාණය අනෙක්‌ කවර පිළිකාවකටත් වඩා බොහෝ ගුණයකින් වැඩිය. ඊට අමතරව දුම්වැටිය හේතුවෙන් බහුලව ඇතිවන අනෙක්‌ පිළිකා ලෙස මුඛ, උගුර, ස්‌වරාලය සහ ගලනාලයේ පිළිකා දැක්‌විය හැකි අතර එම පිළිකා රෝගීන් දස දෙනකුගෙන් සය දෙනකුගේම පිළිකාවට හේතුව දුම්වැටියයි. මහා බ්‍රිතාන්‍යයේ සෑම පෙණහලු පිළිකා රෝගීන් පස්‌දෙනකුගෙන් සතර දෙනකුගේම එම පිළිකාවට හේතුව දුම්වැටි ඉරීමයි. තවද එම රටේ පිළිකා නිසා වැඩිම මරණ සංඛ්‍යාවක්‌ සිදු වන්නේ පෙණහලු පිළිකා නිසාය.
 
 දුම්වැටි උරන්නන්ගේ පෙණහලු පිළිකා අවදානම දුම්වැටි උරන්නේ නැති අයට වඩා බෙහෙවින් වැඩි බව මුලින්ම සොයාගනු ලැබුයේ 1950 දීය. මෙම පරීක්‍ෂණයට අනුව දිනකට දුම්වැටි 20 ක්‌ පමණ උරන කෙනකුගේ පෙණහලු පිළිකා ඇතිවීමේ අවදානම දුම්වැටි නොඋරන කෙනෙකුට වඩා 26 ගුණයකින් වැඩිය. තවද දිනකට දුම්වැටි 3 ක්‌ උරන කෙනකුගේ පෙණහලු පිළිකා අවදානම දුම්වැටි නොඋරන කෙනකුට වඩා 6 ගුණයකින් වැඩිය.
 
 ඉහත පරීක්‍ෂණයේ ප්‍රතිඵල දුම්වැටියට හිමිව තිබූ "ප්‍රතිරූපය" දෙදරා යෑවීමට හේතු විය. මේ හේතුව නිසා මහා බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයන් විසින් මහා බ්‍රිතාන්‍යයේ පිළිකා පර්යේෂණ ආයතනයේ ආධාර ඇතුව දුම්වැටි උරන බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් යොදාගෙන දීර්ඝකාලීනව කරගෙන යන මහා පරිමාණ පර්යේෂණයක්‌ අරඹන ලදි. මෙම පරීක්‍ෂණයේ ප්‍රතිඵලය වූයේ දුම්වැටි ඉරීමෙන් ඇතිවන භයානක ප්‍රතිඵලයන් රැසක්‌ හෙළි කර ගැනීමට හැකිවීමයි. මේ අතර දිනකට දුම්වැටි 25 කට වඩා උරන පිරිමියෙකුට පෙණහලු පිළිකාවක්‌ ඇතිවීමේ අවදානම දුම්වැටි නොඋරන කෙනකුට වඩා 24 ගුණයකින් වැඩි බව අනාවරණය විය. දිනකට උරන දුම්වැටි ගණන සහ ඒවා උරන වසර ගණන අනුව කිසියම් පුද්ගලයකුගේ පෙණහලු පිළිකාවක්‌ සෑදීමේ අවදානම නිශ්චිතවම ගණනය කළ නොහැකි වුවද දැනට කර ඇති පර්යේෂණ රැසක ප්‍රතිඵල අනුව පෙණහලු පිළිකා ඇතිවීමේ අවදානම දිනකට උරන දුම්වැටි ගණන වැඩිවන විටත්, දුම්වැටි උරන වසර ගණන වැඩිවන විටත්, ඒවා ඉරීම පටන් ගන්නා වයස අඩුවූ විටත් සැබැවින්ම වැඩිවන බව නිසැකවම අනාවරණය කරගෙන ඇත. කෙසේ නමුත් කෙනකු දිනකට උරන දුම්වැටි ගණනට වඩා එම පුද්ගලයා කොපමණ කාලයක්‌ දුම්වැටි උරන්නේද යන්න පිළිකා අවදානම වැඩිකිරීම කෙරෙහි වැඩිපුර බලපානු ඇත. උදාහරණයක්‌ ලෙස දිනකට දුම්වැටි 20 ක්‌ බැගින් අවුරුදු 20 ක්‌ දුම්වැටි උරන කෙනකුගේ පිළිකා අවදානම දිනකට දුම්වැටි 40 ක්‌ බැගින් අවුරුදු 10 ක්‌ දුම්වැටි උරන කෙනකුගේ පිළිකා අවදානමට වඩා බෙහෙවින් වැඩිය.
 
 තමන් උරන දුම්වැටි ගණන වැඩිවූ තරමට අකල් මරණයකට ඇති අවදානම වැඩිවන නමුත් ඇතැමුන් පවසන ආකාරයට "පොඩ්ඩක්‌" හෝ "ඉඳහිට" දුම්වැටි පාවිච්චිය මගින් මෙම අවදානම ශූන්‍ය වීමක්‌ සිදු නොවේ. එක්‌ පරීක්‍ෂණයකට අනුව දිනකට දුම්වැටි 4 ක්‌ දක්‌වා උරන අයගේ අකල් මරණයකට තිබෙන අවදානම දුම් නොබොන අයට වඩා 50% කින් වැඩිය. මෙයින් පැහැදිලි වනුයේ සෞඛ්‍ය සම්පන්නව වැඩි කාලයක්‌ ජීවත් වීමට බලාපොරොත්තු වන අය දුම්වැටි ඉරීම යම්තමින්වත් සිදු නොකළ යුතු බවය.
 
 දුම්වැටි ඉරීම නිසා ඇතිවන පිළිකා අවදානම එම ක්‍රියාව සම්පූර්ණයෙන්ම නවතා දැමූ පසු බෙහෙවින් අඩුවන බව දුම්වැටි ඉරීම දිගටම කරගෙන යන අයගේ පිළිකා අවදානම සමඟ සැසඳීමේදී බොහෝමයක්‌ පර්යේෂණ මගින් අනාවරණය කරගෙන තිබේ. තවද මෙම නවතා දැමීම ඉක්‌මනින්ම කරන තරමට ප්‍රතිඵල වඩාත් යහපත් වෙයි.
 
 බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් යොදාගෙන කරන ලද පර්යේෂණයේ අලුත්ම ප්‍රතිඵල අනුව තම වයස අවුරුදු 30 ට ප්‍රථම දුම් ඉරීම නවතා දැමීම මගින් තම ආයුෂ අපේක්‍ෂාව දුම් නොබොන්නන්ගේ ආයු අපේක්‍ෂාව තරමටම වැඩි කරගත හැකි බව පෙන්වාදී තිබේ. තවද එම පරීක්‍ෂණයටම අනුව තම වයස වසර 60 දී පවා දුම්බීම නවතා දැමීමෙන්, දුම්බීම නිසා තමන්ට අහිමි වන වසර ගණන දිගටම දුම්බීම කරගෙන යන අයට වඩා තරමක්‌ අඩු කර ගැනීමට හැකියාව තිබේ.
 
 බොහෝ පර්යේෂණවල ප්‍රතිඵලවලට අනුව වඩාත් සුභදායි වන්නේ දුම්වැටි ඉරීම අඩු කරනවාට වඩා එය සම්පූර්ණයෙන්ම එකවර නවතා දැමීමය. කෙසේ නමුත් එය එකවර කළ නොහැකි අය ක්‍රම ක්‍රමයෙන් දුම් ඉරීම අඩු කිරීමද වැදගත් වන්නේ මෙසේ උත්සාහ දරන බොහෝ පිරිස අනාගතයේ දී බොහෝ විට දුම් ඉරීම සම්පූර්ණයෙන්ම නැවතීමට ඉඩකඩ වැඩි බැවිනි.
 
 බොහෝ දෙනෙක්‌ නොදන්නා කාලයේ දී දුම්වැටි ඉරීම ආරම්භ කළද පසුව එය දිගටම කරගෙන යනුයේ කැමැත්තකින් නොවේ. දුම්වැටියේ අඩංගු නිකොටින් නම් රසායනිකය මගින් එය උරන පුද්ගලයා දැඩි ඇබ්බැහි වීමකට ලක්‌ කිරීම මගින් අකමැත්තෙන් වුවද දිගින් දිගටම දුම්වැටි ඉරීමට පුද්ගලයාව පොළඹවයි. බ්‍රිතාන්‍ය රාජකීය වෛද්‍යවරුන්ගේ සංගමයට අනුව දුම්වැටිය හෙරොයින් සහ කොකේන් වැනි මත්ද්‍රව්‍ය තරමටම භයානක දෙයක්‌ වන අතර එය තවමත් ලෝකයේ තහනම් කිරීමට නොහැකිවීම පුදුමය ගෙන දෙන කාරණයකි.
 
weda7 

ෂාම ගුණතිලක පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 78 of 137 << < 7677787980 > >>