You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 79 of 137 << < 7778798081 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Dec 2017 06:16 PM
අපො සිගරට් නම් බොන්නෙ නැහැ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Dec 2017 05:38 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Dec 2017 05:39 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Dec 2017 05:39 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Dec 2017 05:39 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Dec 2017 05:40 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Dec 2017 05:40 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Dec 2017 05:41 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Dec 2017 05:41 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Dec 2017 06:35 PM

ලෙඩ රැසකට කියාපු බේත කොමඩු ඇට

බොහෝ දෙනා සාමාන්‍යයෙන් සිදු කරන්නේ කොමඩු ගෙඩියක් කැපූ පසුව එහි ඇට සියල්ලම කරදරයක් සේ සලකා ඉවත් කර දැමීමයි. අද වනවිට පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා ඇට රහිත කොමඩු පවා අලෙවි කිරීමට තිබෙනවා. කෙසේ වෙතත් ඔබ කොමඩු ඇට වියළා තබා ගන්නවා නම් එමගින් ඔබට විශාල සෞඛ්‍යය ප්‍රතිලාභ රැසක් අත් කර ගන්නට පුළුවන්.

කැලරි ඉතා අවම වශයෙන් අන්තර්ගත වන කොමඩු ඇට තුළ අන්තර්ගත වන අතිශය වැදගත් පෝෂ්‍ය පදාර්ථයන් ලෙස ප්‍රෝටීන්, විටමින් B ඇතුළු අනෙකුත් විටමින් වර්ග, මැග්නීසියම්, පොස්පරස්, යකඩ, පොටෑසියම්, කොපර්, මන්ගනීස් සහ සින්ක් සඳහන් කරන්නට හැකියි. මෙන්න අනෙක් ප්‍රතිලාභ.

දියවැඩියාව නිසි ලෙස කළමනාකරණය කිරීම

දියවැඩියාව පාලනයට සහ දියවැඩියාව නිසා ඇතිවන විවිධ රෝගී තත්වයන්ට සුවයක් සලසා ගැනීමට කොමඩු ඇට භාවිතා කරන්නට පුළුවන්.

කොමඩු ඇට තුළ අන්තර්ගත වන ඇමයිනෝ අම්ල මගින් රුධිර නාලිකා ලිහිල් කිරීම සිදු කරනවා. එසේම, කොමඩු ඇට සතුවන මැග්නීසියම් මගින් කාබෝහයිඩ්‍රේට පරිවෘත්තිය ක්‍රියාවලියට භාජනය කර රැධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමත් සිදු කරනවා.

මෙවන් හේතු නිසා “Applied Sciences and Environmental Management” සඟරාවේ පවා 2014 වසරේදී කොමඩු ඇට මගින් දියවැඩියාව සුව කරන බවට අධ්‍යයන වාර්තාවක් පළකරනු ලැබුවා. මෙම සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමට පහත පියවරයන් අනුගමනය කරමින් කොමඩු ඇට භාවිත කර තේ පානයක් සකස් කර පානය කරන්න.

ජලය කෝප්ප හතරකට කොමඩු ඇට අහුරක් එක්කරන්න. එය රත්කර ගැනීමට සුදුසු භාජනයකට එක්කර එහි කට වසා විනාඩි 45ක් පමණ රත් කර ගන්න. පසුව එම පානය සිසිල් කර පානය කරන්න. මෙය තේ පානයක් ලෙස දිනපතා පානය කිරීමට හුරුවන්න.

තෙහෙට්ටුව දුරු කිරීම

කොමඩු ඇට අහුරක් ආහාරයට ගැනීම මගින් ශරීරයේ ශක්ති මට්ටම වර්ධනය කර තෙහෙට්ටුව දුරු කර ගන්නට පුළුවන්.

කොමඩු ඇට යකඩවලින් පොහොසත් වන නිසා ශක්තිය නිපදවීමට අවශ්‍ය වන ඔක්සිජන් ශරීරය පුරාවට ගෙනයාමට රුධිරයේ හිමොග්ලොබින් වෙත උපකාර කරනු ලබනවා. එසේම, ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වර්ධනයට සහ යකඩ මගින් කැලරි ශක්තිය බවට පත් කිරීම සඳහාත් කොමඩු ඇට උපකාර වනවා.

ශරීරයේ තෙහෙට්ටුව දුරැ කිරීමට අවශ්‍ය කරන “L-citrulline” ඇමයිනෝ අම්ලයත් කොමඩු ඇට තුළ අන්තර්ගත වනවා.

හදවත සෞඛ්‍යසම්පන්නව තබා ගැනීම

ඔබ කොමඩු ඇට ආහාරයට ගන්නවා නම් ඔබේ හදවත හොඳ තත්වයෙන් තිබෙන බව තහවුරු කර ගන්නට පුළුවන්.

කොමඩු ඇට තුළ මොනසැකරයිඩ, පොලිසැකරයිඩ සහ මේද අම්ල අන්තර්ගත වනවා. මේවා මගින් හෘදයාබාධ සහ ආඝාතය වැනි දරුණු රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂාව සලසනවා. එසේම මෙම සෞඛ්‍ය සම්පන්න මේදයන් විසින් නරක කොලෙස්ටරෝල් මට්ටමත් නිසි ලෙස අඩු කරනු ලබනවා.

ඊටත් අමතරව කොමඩු ඇට තුළ අන්තර්ගත වන පොටෑසියම් මගින් හදවතේ සෞඛ්‍යය වර්ධනය කරන අතර ඇමයිනෝ අම්ලයන් වන “citrulline” සහ “arginine” මගින් ධමනි නිසි ලෙස පවත්වා ගෙන රැධිර නාල පද්ධතියේ සෞඛ්‍යය වර්ධනය කරනු ලබනවා.

රුධිර පීඩනය නිසි ලෙස පවත්වා ගැනීම

කොමඩු ඇට තුළ අන්තර්ගත වන ඇමයිනෝ අම්ලයන් අතරින් “arginine” මගින් ශරීරය විසින් නිපදවන “arginine” ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ශරීරයට සපයාදී රුධිර පීඩනය නිසි ලෙස නියාමනය කරනු ලබනවා.

ශරීරය තුළ මැග්නීසියම් අඩු වූ විට රුධිර පීඩනය ඉහළ යන නිසා කොමඩු ඇට තුළ අන්තර්ගත වන මැග්නීසියම් ප්‍රමාණය රුධිර පීඩනය නිසි ලෙස පාලනය කිරීමට උපකාර වනවා. ශරීරයේ මැග්නීසියම් අගය අඩුවීම නිසා පොටෑසියම් මට්ටමත් පහළ බසිනවා. මේ නිසා ශරීරයට ලැබෙන මැග්නීසියම් ප්‍රමාණය පිළිබඳ නිසි සැලකිල්ලක් දැක්විය යුතු වනවා.

මාංශ පේශි සෞඛ්‍යසම්පන්නව පවත්වා ගැනීම

ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමෙන් පසුව ඇතිවන මාංශපේශී වේදනාව දුරුකර ගැනීමට කොමඩු ඇට ඉතා ඵලදායී වනවා. මාංශ පේශී පටක වර්ධනයට කොමඩු ඇට සතු “L-citrulline” උපකාර වනවා. මෙමගින් මාංශපේශී ලිහිල් කර ක්‍රියාශීලී බවක් ඇති කරවනවා.

කොමඩු ඇට තුළ අන්තර්ගත වන මැග්නීසියම් මගින් ශරීරයට අවශ්‍ය කරන කැල්සියම් අවශෝෂණය කිරීම වේගවත් කරවන නිසා මාංශපේශී ශක්තිමත් කිරීම මෙන්ම මාංශපේශී වල ඇතිවන වේදනාවද දුරුකරනු ලබනවා.

මේද දහනය

කොමඩු ඇට “citrulline” ලෙස හඳුන්වන සංයෝගයකින් පොහොසත් වනවා. මෙම සංයෝගය පරිවෘත්තීය ක්‍රියාවලියට භාජනය වීම මගින් ශරීරයට අත්‍යාවශ්‍ය ඇමයිනෝ අමලයක් වන “arginine” නිෂ්පාදනය කරනවා.“Arginine” මගින් ශරීරයේ තැන්පත් වී ඇති මේදය දහනය කිරීමද සිදු කරනවා.

කොමඩු ඇට තුළ කැලරි අවම වන නිසා ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා එය උපකාරයක් වනවා. කොමඩු ඇට සතුව මේදය සුළු ප්‍රමාණයක් අන්තර්ගත වුවත් ඒවා ශරීරයට සෞඛ්‍ය සම්පන්න වන මේදය ( monounsaturated” සහ “polyunsaturated) ලෙස හඳුන්වන්නට පුළුවන්.

මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය

කොමඩු ඇට ෆෝලික් අම්ලය සහ විටමින් B9 සපයා ගැනීමට ඇති ඉතා හොඳ මුලාශ්‍රයක් වනවා. මොළයේ නිසි වර්ධනයක් සඳහා මෙය අත්‍යාවශ්‍ය වන අතර ගර්භනී මව්වරැන්ට ෆෝලික් අම්ල ඌනතාවයක් ඇතිවූ විට දරු ප්‍රසූතියේදී විවිධ ගැටලු ඇති වන්නට ඉඩ තිබෙනවා.

කොමඩු ඇට සතු සෞඛ්‍යය සම්පන්න මේද අම්ලයන් විසින් “neurotransmitters” වල ක්‍රියාකාරිත්වය වේගවත් කර මතක ශක්තිය සහ ඥාන ශක්තිය වර්ධනය කිරීමත් පොටෑසියම් මගින් පරිකල්පන හැකියාව වර්ධනය කිරීමත් ප්‍රතිඔක්සිකාරක මගින් මොළයේ සෛල ආරක්‍ෂා කිරීමත් සිදුකරනු ලබනවා.

අක්‍ෂි ආබාධ දුරු කිරීම

කොමඩු ඇට සතු විටමින් A සහ විටමින් C දෑස් සඳහා සුවදායක වනවා. කොමඩු ඇට ආහාරයට ගැනීමෙන් වයස් ගත වීමේදී සිදුවන අක්‍ෂි වියළීම, අක්‍ෂිවල ඇතිවන ස්නායු ආබාධ සහ “glaucoma” වැනි රෝග මෙන්ම වෙනත් අක්‍ෂි රෝග වලින් වැලකී සිටින්නට පුළුවන්.

හිසකෙස්වල සෞඛ්‍යය වර්ධනය කිරීම

හිසකෙස් යනු වැඩි වශයෙන් ප්‍රෝටීන් වලින් සැදුම්ලත් අංගයක් නිසා ප්‍රෝටීන් අඩංගු වන ඕනෑම ආහාරයක් හිසකෙස් සඳහා ගුණදායක වනවා. කොමඩු ඇට තුළ ප්‍රෝටීන් වැඩි වශයෙන් අන්තර්ගත වන නිසා කොමඩු ඇට ආහාරයට ගැනීම මගින් හිසකෙස් වල වර්ධනය වැඩි කර ගන්නට පුළුවන්.

කොමඩු ඇට තුළ අන්තර්ගත වන යකඩ මගින් හිසකෙස් සවිමත් කිරීම සහ හිසකෙස් වර්ධනය වේගවත් කිරීම මෙන්ම හිසකෙස් වියළි මලානික වීම නවතා දමනවා. එමෙන්ම බැදගත් කොමඩු ඇට තුළ අන්තර්ගත වන කොපර් මගින් මෙලනින් නිෂ්පාදනය වීම වේගවත් කර හිසකෙස් සඳහා පැහැපත් වර්ණයක්ද එක්කරනු ලබනවා.

කොමඩු ඇට ආහාරයට ගන්නවාට අමතරව කොමඩු ඇට මගින් සකස් කළ තෙල් හිසෙහි ආලේප කිරීම මගිනුත් හිසකෙස්වල නිසි වර්ධනයක් ඇතිකර ගන්නට පුළුවන්.

සම පැහැපත් කර ගැනීම

කොමඩු ඇට තුළ අන්තර්ගත වන විටමින් C සම පැහැපත් කර අකලට වියපත්වීම දුරු කරන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වනවා. විටමින් C මගින් සමේ වර්ධනයට අවශ්‍ය වන කොලේජන් නිෂ්පාදනය වීමත් වේගවත් කරනු ලබනවා. තවද, කොමඩු ඇට සතු “oleic” අම්ලය සහ “linoleum” අම්ලය මගින් සමේ තෙතමනය ආරක්‍ෂා කර සමට සිදුවන විවිධ ආසාදනයන් දුරු කරනු ලබනවා.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Dec 2017 06:43 PM

ඉවසන්න බැරි කනේ කැක්කුම

සීතල කියන්නේ වායු ගෝලයේ වෙනස් වීමක්. සිරුර ඇතුළේ තිබෙන උෂ්ණත්වයත් පිටත උෂ්ණත්වයත් එකට ගැලපෙන්නේ නැති අවස්ථාවල අපි සීතලයි කියලා කියනවා. මෙය කනට උගුරට වගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට බෙහෙවින්ම බලපෑම් ඇති කරනවා. කන් කැක්කුමට එක හේතුවක් විතරයි සීතල කියන්නෙ.

කනේ කැක්කුම හැදෙන ක්‍රම

මැද කනේ සිට උගුර දක්වා (නාසය පිටුපස තෙක්) ඇති යූස්ටේකීය නාලය සමබර වන්නේ පිටත වායුගෝලයේ පීඩන සහ සිරැර අභ්‍යන්තරයේ වායුපීඩනය එක ලෙස ගැලපෙන අවස්ථාවලදීයි. එවිට මැද කනේ පීඩනය සමබර වෙනවා. එසේ නොවූ විට කන් බෙරය ඇදිමකට ලක්වෙයි. එවන් අවස්ථාවක කන් කැක්කුම ඇති වෙනවා. සීතල, පවතින අවස්ථාවක කන් කැක්කුම ඇතිවන්නේ මේ නිසයි. තරමක් උත්සන්න ලෙස කන් කැක්කුම පැවතුනහොත් පැරසිටමෝල් පෙති දෙකක් පාවිච්චි කිරීම සෑහේ. එසේ විටත් වේදනාව අඩු නැත්නම් අත් බෙහෙත් නොකර වෛද්‍යවරයෙකු මුණගැසී ප්‍රතිකාර ලබාගත යුතුයි.

තවත් විටෙක, සීතල දේශගුණයක් පවතින අවස්ථාවල ස්වසන පද්ධතියේ ආසාදන හෝ රෝග තත්ත්වයන් ඇති රෝගීන්ගේ රෝග තත්ත්වයන් උත්සන්න වීමට පටන් ගනී. එවන් අවස්ථාවල ස්වසන පද්ධතියේ ඉහළ කොටසේ උගුර නාසයේ ඉහළ කෙළවර සෙම සහිත තත්ත්වයක් හෝ ආසාදන තත්ත්වයක් ඇති වේ. ඒ අනුව යූස්ටේකීය නාලයේ අවහිරතා ඇති වේ. ඒ සමඟම කන් කැක්කුම ඇති වේ.

කන් කැක්කුම ඇතිවීමට බලපෑ හැකි තවත් අවස්ථාවක් නම්, කනෙහි ඉටි ඝනවීම හෝ ඉටි ඉදිමීමයි. කනට වතුර යාම හෝ පිට කනේ ඇතිවන ආසාදිත තත්ත්වයක් නිසා කනේ ඉටිවල ඝනවීම හෝ ඉදිමීම ඇති වනු ඇති.

කනට ආසන්න ඇති ඉන්ද්‍රියන්වල විවිධ ගැටලු මතද කන් කැක්කුම ඇතිවෙයි. අලුතින් දතක් ඒමේදී, අලුතින් එන දත අතර මඟ හිරවී ඇත්නම්, දතක් නරක් වී ඇත්නම්, දැනෙන්නේ කන් කැක්කුමක් පරිදිය.

තවත් විටෙක බෙල්ලේ හෝ කශේරුකාවේ හෝ ඔළුවේ ස්නායුවක හෝ හණුවල ඇතිවන කිසියම් තත්ත්වයක් මත කනේ කැක්කුම ඇති වේ. මෙම තත්ත්වය Neuralgia Pain  ලෙස ද හඳුන්වයි.

කන ආශ්‍රිතව වේදනාවක් ඇතිවන විටක උණුසුම් පරිසරයක් සහිත ස්ථානයකට යාමත්, උණුසුම් පානයක් ගැනීමටත් කටයුතු කළ යුතුයි. පැරසිටමෝල් වැනි ඖෂධයකින් සුව නොවන්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යා යුතුම වෙයි. කුමන හෝ හේතුවක් මත වෛද්‍ය උපදෙසින් තොරව කන තුළට කිසිම දෙයක් ඇතුළු නොකළ යුතුයි.

 - Web MD

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Dec 2017 06:48 PM

මනස සනසන සුව නින්ද

නොයෙකුත් මානසික ආතතීන් නිසා දරුවන්ට නින්ද නොයාම හා සම්බන්ධ ගැටලු ඇතිවිය හැකිය. දැඩි මානසික ආතතිය හෝ අවපීඩනය නිසා ද නින්දේ දී ගැටලු ඇතිවිය හැකිය. 

දරුවාගේ නින්ද පිළිබඳ ඔබට යම් අවබෝධයක් තිබිය යුතුය. සාමාන්‍යයෙන් මාස 06ක දරුවෙක් රාත්‍රී කාලයේ හොඳට නිදා ගනී. වෛද්‍යවරැ කියන්නේ 10%ක් පමණ දරුවන්ටත් නින්ද පිළිබඳ ගැටලු පවතින බවයි. සමහරවිට දරුවන්ගේ නින්ද පිළිබඳ ගැටලුවලට ස්ථිර හේතුවක් සොයාගන්න අපහසුයි. ඉතාමත් කුඩා අවදියේ සිටින දරුවන් පවා බාහිර පරිසරයේ තිබෙන මානසික ආතතීන් නිසා නින්ද පිළිබඳ ගැටලුවලට ගොදුරු වෙන්න පුළුවන්. අපි පුංචි කතාවකින් මෙය පැහැදිලි කර ගනිමු. 

කසුන්ගේ වයස මාස 17යි. කසුන් අපට යොමුවුණේ ඔහුගේ මව මඟින්. මව කසුන් පිළිබඳ මෙසේ පැවසුවා. දැන් මාස 02ක පමණ කාලයක සිට කසුන්ට හරියට නින්ද යන්නේ නැහැ. නිතරම නින්දෙන් අවදි වෙනවා. කසුන් වෙනදා සෙල්ලම් කළේ හරිම උනන්දුවෙන් සහ හරිම ආදරයෙන්. නමුත් දැන් එයාගේ සෙල්ලම් වලසුන් එක්ක (ටෙඩීලා) සෙල්ලම් කරන්න කසුන්ට ආශාවක් නැහැ.

අපි මෙසේ කසුන්ගේ අම්මාගෙන් ඇසුවා. ඔබේ ගෙදර පරිසරය තුළ යම් විශේෂ සිද්ධියක් පසුගිය මාස කිහිපය තුළ සිදුවුණා ද කියලා.

කසුන්ගේ මව මෙසේ කීවා.

මම මගේ ස්වාමියාගෙන් දික්කසාද වෙලා දැන් මාස 07ක් වෙනවා. කසුන් තාත්තට හරිම කිට්ටුයි. වෙනදා තාත්තා ගෙදර ආවම කසුන් තාත්තා ළඟට දුවගෙන එනවා. සුරතල් වෙනවා. මම දැන් ස්වාමියාගෙන් වෙන්වී සිටින නිසා, ඔහු වෙනම ජීවත් වෙනවා. සමහරවිට කසුන්ට තාත්තා නැති අඩුව දැනෙවාද දන්නෙ නැහැ.

කසුන්ගේ අම්මා කීවේ පසුගිය මාස කිහිපය තුළ ඇයට කරදර රාශියකට මුහුණ දෙන්න සිදුවුණා කියලා. ඇයට කිහිප වතාවක්ම ගෙවල් මාරුකරන්න සිදුවෙලා තියෙනවා. දරුවාගේ ඩේ කෙයා (දිවා සුරැකුම් මධ්‍යස්ථානය) එකත් කිහිප වතාවක්ම වෙනස් කරන්න සිදුවෙලා තියෙනවා. 

ඉතින්, කසුන් මෙම ගැටලුවෙන් එළියට ගන්නේ කෙසේද?

කසුන්ගේ මව වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කළා. නින්ද පිළිබඳ ගැටලුව සමථයකට පත් කර ගැනීමට මාස 05ක පමණ කාලයක් ගතවුණා. වෛද්‍යවරයා විසින්  කසුන්ගේ මව සඳහා ලබාදුන් උපදෙස් මාලාව තමා මේ.

සතියකට එක් වතාවක් හෝ කසුන්ගේ පියාට දරුවා හමු වී සුරතල් කිරීමට ඉඩදීම.

කසුන්ගේ මව රැකියාවක නියැලේ. නමුත් වෛද්‍යවරයා උපදෙස් දී තිබුණේ වැඩ අවසන් වී ගෙදර පැමිණි පසු දවසට පැයක් හෝ පමණ කාලයක් දරුවා සමඟ ළඟින් දරැවාට දැනෙන ලෙස ළංවීමයි. එම අවස්ථාවේදී රෑපවාහිනිය නතර කරන ලෙසත්, දුරකථන ඇමතුම්වලින් ඈත්වන ලෙසත් උපදෙස් දී ඇත.

පදිංචිය නිතර වෙනස්වීම, ඩේ කෙයා එක නිතර වෙනස් වීම පිළිබඳව වෛද්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබුණි. (මේ නිසා දරැවා අසහනයට පත් වී ඇත)

දරුවාගේ හැසිරීම සහ රාත්‍රී කාලයේදී දක්නට ලැබෙන නින්දේ ස්වභාවය පිළිබඳ දිනපතා වාර්තා කර තබා ගන්නා ලෙස උපදෙස් දී තිබුණි.

නින්ද පිළිබඳ විද්‍යාත්මකව තේරුම් ගනිමු.

අප කොපමණ වේලාවක් නිදා ගත යුතුද?

මෙය වයස අනුව බලපායි. කුඩාම දරුවන්ට දිනකට පැය 17ක නින්දක් අවශ්‍ය වේ. නමුත් වයසින් වැඩෙත්ම නින්ද පැය 09ත් 10ත් දක්වා අඩුවනු ඇත.

වැඩිහිටියන්ට අවශ්‍ය වනුයේ පැය 07ක් 08ක් වැනි නින්දක්ය. කිසිම හේතුවක් නැතිව උදෑසන දෙකට හෝ තුනට අවදිවීම මානසික අවපීඩනයේ ලක්ෂණයක් බව හඳුනාගන්න. 

ඉතා අඩුවෙන් නින්ද යාම.

දුම්පානය, මත්පැන් පානය, අධික ලෙස ශරීරය වෙහෙසීම, අධික උෂ්ණත්වය, නිදා ගන්නා ස්ථානය වෙනස්වීම, දැඩි මානසික ආතතියකින් මනස පෙළීම, අධික ලෙස ආහාර ගැනීම ද නිසා ඔබේ නින්ද අඩුවිය හැකිය. 

සුවදායක නින්දකට අවශ්‍ය උපදෙස්

නින්දට යාම සඳහා නිශ්චිත වේලාවක් වෙන්කර ගන්න.

නින්දට යාමට පෙර සිත සැහැල්ලු කරගන්න.

ආගමික වතාවත් සඳහා යොමුවන්න.

භාවනාවක් පුරුදු කරන්න.

නිදි යහන, නිදන කාමරය ලස්සනට තබා ගන්න.

සවස් කාලයේදී යම් ව්‍යායාමයක යෙදෙන්න.

තේ සහ කෝපි වැනි පානයක් රාත්‍රී නින්දට පෙර ගැනීමෙන් වළකින්න. රාත්‍රී ආහාරය වේලාසනින් ගන්න.

මත්පැන් පානය අවම කරන්න. (අපහසුනම් වෛද්‍යවරයෙකු සමඟ සාකච්ඡා කරන්න).

ඔබ දැඩි ලෙස මානසික පීඩා විඳින යම් කරුණක් වේනම් නින්දට යාමට පෙර එය කොළයක ලියා තබන්න.

ඔබගේ මනසට හෝ සිතට වද දෙන කරදරකාර  සිතුවිලිවලින් ගැලවීමට අපහසු නම් ඒ පිළිබඳ වෛද්‍යවරයෙකු සමඟ සාකච්ඡා කරන්න.

වෛද්‍යවරයෙකුගේ උපදේශයෙන් තොරව නිදිපෙති ගැනීමෙන් වළකින්න. (මෙය ඉතාම හානිකර දෙයක් බව මතක තබාගන්න.)

 

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Dec 2017 07:07 PM
නින්ද ගොඩක් ලෙඩ වලට ප්‍රතිකාරයක්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
23 Dec 2017 09:34 AM
නින්ද නම් අත්‍යාවශ්‍ය දෙයක්...
මටත් සමහර දවස්වලට උදේ හතරට විතර ඇහැරෙනවා.. ඊට පස්සෙ නින්ද යන්නේම නැහැ..
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Dec 2017 06:44 PM

n1 8ප්‍රශ්නය - ඔටිසම් රෝගී දරුවන් සම්බන්ධයෙන් ඔබ දෙන උපදෙස්‌ අපේ පාඨකයන්ගේ ඉමහත් ප්‍රශංසාවට ලක්‌ව තිබෙනවා. ඔටිසම් රෝගී දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා පිහිටුවාගෙන ඇති මාපිය වැඩිහිටි සංගමයත් මේ සම්බන්ධයෙන් අප සමඟ දිගින් දිගටම අදහස්‌ හුවමාරු කර ගනිමින් සිටිනවා.
 
 වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - දරුවකුට වැළඳිය හැකි ලෙඩ අතර වඩාත්ම දුෂ්කර රෝගයක්‌ ලෙස ඔටිසම් හඳුන්වන්නට පුළුවන්. එයට හේතුව ස්‌නායු ආශ්‍රිත රෝගයක්‌ වන මෙහිදී දරුවා සමඟ ගනුදෙනු කිරීමට ඇති දුෂ්කරතාවයි. ඔටිසම් රෝගී දරුවාට ප්‍රතිකාර කරන විට මවුපියන්ටත් ප්‍රතිකාර කළ යුතු බව මා මෙයට පෙරත් කියා තිබුණා. දරුවාට ප්‍රතිකාර කළ යුත්තේ ඖෂධවලින්. මවුපියන්ට ප්‍රතිකාර කළ යුත්තේ උපදේශන මගින්. ඒ ප්‍රතිකාරවලදී කියා දෙන්නේ දරුවා සමඟ ගනුදෙනු කළ යුත්තේ කොහොමද කියන එක විතරයි.
 
 ප්‍රශ්නය - ඔටිසම් රෝගය සුවපත් කිරීමේදී ඖෂධීය තෙල් යොදා කරන සම්භාහනය ප්‍රයෝජනවත් වන බව මෙයට පෙරත් සාකච්ඡා වී තිබෙනවා.
 
 වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - වාෂ්පශීලී ඖෂධීය තෙල් (Esseබඑස්‌ක පැdසජ්එe දසක) සම්භාහනය සඳහා ඉතාම ප්‍රයෝජනවත්. බල අස්‌වගන්ධ තෛලය, මහා නාරායන තෛලය වැනි තෙල් යොදා සම්භාහනය කර යථා තත්ත්වයට පත් කෙරුණ දරුවන් පිළිබඳ අත්දැකීම් අපට ඕනෑ තරම් තිබෙනවා.
 
 වාෂ්පශීලී බෙහෙත් තෙල් වලින්
 
 හිස කෙලින් කරගන්නට බැරිව සිටින ළමයින්ට බල අස්‌වගන්ධ තෛලය යොදා සම්භාහනය සති 4 ක පමණ කාලයක්‌ ලබා දීමෙන් පසු එම දරුවන් හිස ඔසවාගෙන, හිස කෙළින් තබාගෙන සිටින ආකාරය ගැනත් අපට අත්දැකීම් තිබෙනවා.
 
 ප්‍රශ්නය - එතකොට පංචකර්ම ප්‍රතිකාරය?
 
 වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - ඔටිසම් රෝගයට කරන සියලු ප්‍රතිකාර අතරින් හොඳම ප්‍රතිකාරය පංචකර්ම ප්‍රතිකාරය බවට පත්වන අවස්‌ථා තිබෙනවා. එය දරුවාගෙන් දරුවාට වෙනස්‌ විය හැකියි. පංච කර්ම ප්‍රතිකාරයේදී කේෂාන්තයේ සිට පාදාන්තය දක්‌වා ප්‍රතිකාර කෙරෙනවා. මුළු ශරීරයේම රෝම කූප අතරින් ශරීරයට ඖෂධ තෙල් ඇතුළු කරන්නට මේ ප්‍රතිකාර ක්‍රමයට පුළුවන්. එය හරියටම ඔටිසම් රෝගී දරුවාගේ සම ඔස්‌සේ ශරීරයට ආහාර ලබා දීමක්‌ හා සමානයි. ඖෂධීය තෙල් මගින් කරන මෙම ක්‍රියාවලියේදී දරුවාගේ ප්‍රතිශක්‌තිකරණය ඉහළ නගිනවා. දරුවාට වෙනත් රෝග හටගැනීමේ ප්‍රවණතා එමගින් නැති වෙනවා. ඔටිසම් රෝගී දරුවාට වෙනත් රෝග හැදෙන්නට පටන් ගත්තොත් දෙමාපියන් ලොකු අමාරුවකයි වැටෙන්නේ. ඒ ප්‍රශ්නය නිරාකරණය කරන්ට පංච කර්මයට පුළුවන්.

n1 11

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Dec 2017 06:48 PM
n1 7පසුගිය දිනවල ඇදහැලුණු වැස්‌සත් සමඟ මේ දිනවල බොහෝ දෙනෙක්‌ සෙම රෝගයෙන් පීඩා විඳිනවා. ඇත්තටම මොකක්‌ද මේ සෙම කියන්නේ.
 
 ආයුර්වේද වෛද්‍ය රත්පත රුවන් රත්නායක මහතා - සෙම් රෝග පිළිබඳ විමසා බලන විට පීනස්‌ රෝග මූලිකත්වයක්‌ ගනු ලැබේ. උදෑසන අවදි වූ විට සොටු දියර ගැලීම, කිවිසුම් යැම, නාසයෙන් ඇති වන දුගඳ, හිසෙහි බර ගතිය ආදිය රෝග ලක්‍ෂණ ලෙස හඳුන්වාදිය හැකියි.
 
 සෙම ඇතිවීමට බලපාන හේතු මොනවාද ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - සෙම් පදාර්ථ ජීර්ණ පද්ධතියේ නිපදවනු ලබන අතර සෙම නිසා ඇතිවන කරදරකාරී තත්ත්ව බොහෝ දුරට දැක ගත හැක්‌කේ නළල, මුහුණ ආදී ප්‍රදේශ ආශ්‍රිතවයි. එම වේදනාකාරී බව නිසා බොහෝ දෙනාට අවශ්‍ය වන්නේ එසේ ඇතිවන සෙම කොටස්‌ ශරීරයෙන් ඉවත් කර දැමීමටයි. නමුත් මූලික වශයෙන් මෙහිදී සෙම ඇති වීම සඳහා බලපාන ප්‍රධාන හේතුව හඳුනා ගත යුතුයි.
 
 ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල ජීවත් වන මිනිසුන්ගේ ශරීර අධික උෂ්ණ සහිතයි. මෙම උෂ්ණ අධික බව සාමාන්‍ය දේහ සෛලවලට දරා ගැනීමට හැකි වූවත් මොළය ආශ්‍රිත සියුම් ස්‌නායු සෛලවලට එය දරා ගැනීමට නොහැකියි.
 
 එබැවින් ශරීරය විසින් ඊට උපක්‍රමයක්‌ ලෙස ස්‌වයං ශීතකරණය ක්‍රමයක්‌ (Auto Cooling System) අනුගමනය කරනු ලැබේ.
 
 මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්‌ ලෙස මොළය විසින් නිකුත් කරනු ලබන සංඥා අනුව ක්‍රියාත්මක වන ආහාර ජීර්ණ පද්ධතිය සෙම නිෂ්පාදනය කර මොළය දෙසට ගමන් කරවයි. ඊට හේතු වන්නේ ශරීරයේ උෂ්ණ අධික බව වළක්‌වා ගැනීම හා ස්‌නායු සෛල වියළීම වළක්‌වා ගැනීමයි. කෙසේ වෙතත් මේ ආකාරයට පැමිණෙන සෙම පදාර්ථ නළල ආශ්‍රිත ප්‍රදේශයේ කෝටර (හිස්‌කබල, නාසය හා ඇස්‌ ආශ්‍රිත කුහර) තුළ එක්‌ රැස්‌ වේ. පසුව එම සෙම් කොටස්‌ නාසය හරහා වාතයට නිරාවරණය වීම හේතුවෙන් ක්‍ෂුද්‍ර ජීවින්ගේ ආක්‍රමණයට භාජනය වේ. එම ක්‍ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය නිසා සෙම පැසවීමට ලක්‌ වී සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය ඇති කරනු ලැබේ. එවිට නාසයෙන් සොටු දියර ගැළීම ආදී වූ සෙම්ප්‍රතිශ්‍යාව ආශ්‍රිත රෝග ලක්‍ෂණ ඇති කරනු ලැබේ.
 
 ශරීරය අධික උෂ්ණ වීමට බලපාන හේතු මොනවාද?
 
 ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - ඇතැම් පිරිසකගේ ශරීර ස්‌වභාවයෙන්ම (උපතින්ම) උෂ්ණ අධික බවින් යුතු වන අතර තවත් සමහර පිරිසකට උෂ්ණ අධික ශරීරයක්‌ හිමි වන්නේ ඔවුන් ලබා ගන්නා වැරදි ආහාර නිසාවෙනි. එවැනි ආහාර සඳහා උදාහරණ ලෙස ඉස්‌සෝ, දැල්ලෝ, කකුළුවෝ, බලමාළු වැනි උෂ්ණ අධික ආහාර මෙන්ම අන්නාසි, තක්‌කාලි වැනි අම්ල අධික ආහාර පිළිබඳව ද පැහැදිලි කළ හැකියි.
 
 මෙම රෝගීන්ට වැළඳෙන වෙනත් රෝග මොනවාද?
 
 ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක
 
 ඉහත රෝගී තත්ත්වයන්ට සමගාමීව ඇතැම් රෝගීන් මුහුණ දෙන තවත් රෝග අවස්‌ථාවක්‌ ලෙස ඉරුවාරදය පිළිබඳ හඳුන්වාදිය හැකියි. මේ සඳහා මුලික හේතුව බවට පත්වන්නේ ශරීරය තුළ හට ගන්නා අධික වූ පිත් ප්‍රභවයන්ය. කෙසේ වෙතත් මෙම අධික වූ පිත ස්‌වභාවය නිසා මොළය ආශ්‍රිත ශ්ලේෂ්ම පටලවලට දැඩි ලෙස හානි සිදුවේ. මෙම රෝගී තත්ත්වය සඳහා ද ප්‍රමුඛතම හේතුව වන්නේ ශරීරයේ පවත්නා උෂ්ණ අධික බවයි.
 
 ඉහත රෝගී තත්ත්වවලට අමතරව අර්ශස්‌ වැනි රෝග තත්ත්ව, කැසීම් පළුදැමීම ආශ්‍රිත සමේ රෝග, තදබල ලෙස පවතින ගැස්‌ට්‍රයිටීස්‌ තත්ත්ව අධික කේන්තිය ආදී රෝගී තත්ත්ව සඳහා ඇතැම් අයට අඩු වැඩි වශයෙන් මුහුණ දීම සිදු වේ.
 
 මේ සඳහා ඇති ආයුර්වේද ප්‍රතිකාර මොනවාද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා
 
 පොදුවේ ඉහත පැහැදිලි කළ සියලු රෝගී තත්ත්ව සඳහා පිළියම් යෙදීමට පෙර ශරීරයේ උෂ්ණ අධික බවට පිළියම් යෙදීම අත්‍යවශ්‍ය වේ. එහිදී ශරීරය ශෝධන කර්මවලට ලක්‌ කරන ඖෂධ ලබා දිය යුතුයි. ඒවගේම වාපිත් සෙම් පදාර්ථවල සමතුලිත භාවය ඇති කරන ප්‍රතිකාරද සිදු කළ යුතුවේ.
 
 විශේෂයෙන් සෙම් රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී බොහෝ රෝගීන්ට අවශ්‍ය වන්නේ බලෙන් ශරීරයෙන් සෙම් කොටස්‌ බැහැර කරවීම වුවත් ස්‌වභාවිකවම ශරීරය විසින්ම ඒවා බැහැර කරන බව ඔබ විශේෂයෙන් මතක තබා ගත යුතුයි. ඒ අනුව මෙහිදී සිදු කළ යුතු වැදගත්ම ප්‍රතිකර්මය වන්නේ ශරීරයෙන් සෙම බැහැර කර වීමට වඩා රෝග නිධානය වන ශරීරයේ උෂ්ණ අධික බව සමනය කිරීමයි.
 n1 9
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Dec 2017 06:53 PM

n1 2වසර 300 කට වඩා පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක්‌ වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සඳහා මෙන්ම දියවැඩියාව, පිළිකාව, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස්‌ යන රෝග සඳහා 100% ක දේශීය වූ ප්‍රතිකාරයක්‌ හඳුන්වා දී ඇති වෛද්‍යවරියකි. විවිධ රෝගවලට ගෙදරදී ප්‍රතිකාර කර ගැනීම සඳහා ඉතා අඩු මුදලක්‌ වැය වන, ගෙදරදීම සාදා ගත හැකි ශාඛසාරමය ඖෂධ හඳුන්වාදීම මේ තීරය ඔස්‌සේ ඇය සිදු කරන්නීය.

වෛද්‍ය - චාන්දනී වික්‍රමාරච්චි

ප්‍රශ්නය - එළඹ තිබෙන මේ වියලි කාලගුණය තුළ ඉතා දරුණුවට පැතිර යමින් පවත්නා ශ්වසන රෝග අතර ඇදුම සහ පපුවේ මහන්සියට ලැබෙන්නේ මුල් තැනක්‌. ඇදුම රෝගය නිදන්ගත රෝගයක්‌ වන අතර පපුවේ මහන්සිය විටින් විට මතුවී යට යනවා. මේ රෝග තත්ත්වයන් දෙක ගැන අද ඔබ අපගේ පාඨකයන් දැනුවත් කරන්නේ කොහොමද?

n1 5වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - පළමුවෙන්ම කිවයුතුයි ඇදුම හා හතිය නිදන්ගත වුණත් තාවකාලික වුණත් එය සුවපත් කරන්නට අපේ වෙද පරම්පරාවේ ප්‍රතිකාරවලට පුළුවන්. බටහිර විද්‍යාත්මක මතයට අනුව ඇදුම හා පපුවේ මහන්සිය කියන්නේ අසාත්මික තත්ත්වයන්. එය සුවපත් කරන්නට බැරි බවත් කළමනාකරණය කරගත හැකි බවත් රෝගය හටගැනීමට හා උත්සන්න වීමට පෙර ඖෂධ ගත හැකිනම් පමණක්‌ පාලනය කළ හැකි බවත් ඔවුන් කියනවා. අපේ වෛද්‍ය ක්‍රමය මගින් කියන්නේ ආමාශය තුළ කප දොaෂය ඉස්‌මතු වීම නිසා ඇදුම හා හතිය හටගන්නා බවයි. එතැන් සිට එය පෙනහලු, ශ්වාසනාලය සහ ක්‌ලෝමවලට ගමන් කරනවා. එවිට හුස්‌ම ගැනීම අපහසු වෙනවා. පපුවේ තද ගතියක්‌ දැනෙනවා. අධික කැස්‌සක්‌ හටගන්නවා.

ප්‍රශ්නය - මෙය තාවකාලිකව යටපත් කරගත හැකි ශාකශාර ඖෂධ තිබෙනවද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - අප හැම විටම උපදෙස්‌ දෙන්නේ තාවකාලික ප්‍රතිකාරවලට යන්නෙ නැතිව රෝගය නිට්‌ටාවට සුව කරන ක්‍රමවේදයකට යන්න කියලයි. ඒත් අප මේ අවස්‌ථාවේදී තාවකාලික ප්‍රතිකාර නොදුන්නොත් පාඨකයා තුළ අප ගැන නොමනාපයක්‌ ඇති වෙනවා. අසනීපයට බෙහෙතක්‌ නොකියන මේ වෛද්‍යවරයා කොයි වගේ කෙනෙක්‌ ද කියලා ඔවුන් තුළ වෛරයක්‌ හටගන්නවා. ඒ නිසා තාවකාලික බෙහෙත් කිහිපයක්‌ කියන්නම්.

1. අමු ඉඟුරු ග්‍රෑම් 15 ක පමණ කැබැල්ලක්‌ සහ සුදු ලූනු බික්‌ තුනක්‌ ගෙන හොඳින් තලා එය උතුරන වතුර කෝප්පයකට දමා සීනි ස්‌වල්පයක්‌ කලවම් කර (දියවැඩියා රෝගීන් සීනි නැතිව මෙය පානය කළ යුතුයි.) මද රස්‌නය සහිතව පානය කිරීමෙන් ශ්වාසනාලය සහ පෙනහලුවල තිබෙන ගර්ත පිරිසිදු වී හුස්‌ම ගැනීමට පහසු වෙනවා.

2. අමු ඉඟුරු හීනියට ලියා තේ හැන්දක ප්‍රමාණයක්‌ කිරි වීදුරුවක ප්‍රමාණයකට මිශ්‍ර කර එය හොඳින් උතුරුවා ගන්න. එයට කහ කුඩු ඉතාම ටිකක්‌ (මහපට ඇඟිල්ලට සහ දබරැඟිල්ලට වරකට හසුවන ප්‍රමාණය) කලවම් කරන්න. මෙය මද රස්‌නය සහිතව දිනකට දෙවරක්‌ පානය කර ඇදුම රෝගයෙන් හටගන්නා පපුවේ තද ගතිය සහ හුස්‌ම ගැනීමේ අපහසුව නැතිකර ගන්න.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Dec 2017 10:52 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Dec 2017 11:00 PM

http://www.navaliya.com/2017/12/25/New%20folder/40.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Dec 2017 03:30 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 79 of 137 << < 7778798081 > >>