You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 137 << < 678910 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 May 2017 06:44 PM
වකුගඩුවට වින කටින ගල්
සිරුර අභ්‍යන්තරයට ජලයෙන් ලැබිය යුතු නිසි පෝෂණය නොලැබීමෙන් බොහෝ ඉන්ද්‍රිය පද්ධතිවලට හානි පැමිණේ. එම තත්ත්වය වකුගඩු ක්‍රියාකාරීත්වයට බාධා ගෙනදීමට තරම්ද ප්‍රබල වේ.

අපි සුලබව අසා ඇති පරිදි වකුගඩුවල ගල් ඇති වීමද ඉහත ක්‍රියාවලියේම අසුබ පෙරනිමිත්තකි. පුද්ගලයකුට ජීවිත කාලය තුළදී වකුගඩුවල ගල් ඇති වීමේ අවදානම  5%ත් 13%ත් අතර වේ.

සිරුරේ අධික ස්ථුල භාවයත්, දියවැඩියාව ඉහළ යාමත් සමග මෙම අවදානම තවත් වර්ධනය වී ඇතැයි දත්ත වාර්තාවල පෙන්නුම් කෙරේ. වාර්තාවල දැක්වෙන පරිදි පුරුෂ පක්ෂයටත් අවදානම වැඩිවේ.

වකුගඩුවල පිහිටීමේ ඇතිවන වෙනස්කම්, මුත්‍ර පෙරීමේදී ඇතිවන අවහිරතා, ඇතැම් පරම්පරාගත රෝග, ඉහළ උෂ්ණත්ව සහිත පාරිසරික වටපිටාවක ජීවත් වීම වැනි කරුණු කාරණා වකුගඩු ගල් ඇති වීමට හේතු වේ.

වකුගඩුවල ගල් යැයි සැක සිතිය හැකි මූලිකම ලක්ෂණය වන්නේ අධික වේදනාවයි. මෙය කොන්දේ සිට උදරයේ පහළ කොටස දක්වා පැතිරී යයි. මීට අමතරව වරින් වර මුත්‍ර කිරීමට සිදු වීම, රතු පැහැයෙන් මුත්‍ර පිටවීම, වමනය වැනි අපහසුතාද ඇති කරයි.

ඉහත රෝග ලක්ෂණ පවතින අවස්ථාවක ඔබ වෛද්‍යවරයකු වෙත යොමු වුව හොත් මුත්‍ර පරීක්ෂණ, x පසු පරීක්ෂණ මූලිකවම සිදු කෙරේ. ඇතැම් විටෙක x පසු මාර්ගයෙන් ගල් හඳුනා ගැනීම අපහසු විය හැකිය. එවන් අවස්ථාවකදී අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ සහ CT පරීක්ෂණ යොදා ගැනේ.

නිතරම වනුගඩුවල ගල් ඇති වන්නේ නම් සමහර විට පැය 24ක් පුරා එකතු කරන ලද මුත්‍ර සාම්පලයක් මගින් එහි ඇති සංඝටක නිර්ණය කළ හැකිය. එමෙන්ම කුඩා ප්‍රමාණයේ ගල් බොහෝ විට මුත්‍ර සමග පිටවේ. ඒවා රසායනාගාරයක් වෙත යොමු කිරීමෙන් එහි සංඝටක හඳුනා ගත හැකිය. සංඝටක හඳුනා ගැනීමෙන් ඒවා නැවත ඇති වීමට එරෙහිව ඖෂධ ලබා ගත හැකිය. බොහෝවිට සංඝටක හඳුනා ගැනීමෙන් නැවත ඇති වීම අවම කිරීමට වෛද්‍යවරයා ඖෂධ ලබා දෙයි.

බහුල වශයෙන් වකුගඩු ගල් කැල්සියම් ඔක්සලේඩ් හෝ කැල්සියම් පොස්පේට් යන සංයුතියෙන් සෑදුණු ඒවාය. මීට අමතරව යුරික් අම්ලය සහිත ගල්ද දැකිය හැකිය.

ඉහත සදහන් කළ පරිදි වකුගඩු ගල් කුඩා ප්‍රමාණයේ නම් මුත්‍ර සමග පිටවන හෙයින් ඒ සඳහා විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නොවේ. ඒත් ප්‍රමාණයෙන් විශාල නම්, වේදනාව ඉසිලිය නොහැකි නම් හෝ නිතර නිතර මුත්‍ර ආසාදනවලට ගොදුරුව මුත්‍ර මාර්ගයේ අවහිරතා මතු කරයි නම් ශල්‍යකර්මයක් මගින් හෝ බාහිරව යොමු කරන තරංග කදම්භයක් මගින් ගල් ඉවත් කිරීම හෝ කුඩු කිරීම සිදු කරයි.

වකුගඩු ගල් ඉවත් කිරීමට කළ හැකි සරල ක්‍රියා මාර්ග

01) දිනකට ජලය ලීටර් 02ත් 02.5ත් අතර ප්‍රමාණයක් පානය කිරීම.

02) අධික ලුණු ආහාරයට එකතු කර ගැනීම නැවැත්විය යුතුයි. දිනකට ඔබට ගත හැකි ලුණු ප්‍රමාණය වශයෙන් වෛද්‍යවරු නියම කරන්නේ 1.5ටයි.

03) අධික සත්ව ප්‍රෝටීන ආහාරයට එකතු කර ගැනීම පාලනය කරන්න.

04) කැල්සියම් සහිත ආහාර සාමාන්‍ය අයුරින් ආහාරයට ගන්න.

- එක්සත් රාජධානියේ ඩම්ෆ්‍රීස් සහ ගැලොවේ ජාතික වෛද්‍ය සේවයේ වකුගඩු සහ වකුගඩු රෝග පිළිබඳ විශේෂ වෛද්‍ය නදීකා රත්නමලල

-සටහන -මාධවී ධර්මරත්න
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
02 May 2017 07:55 PM
වතුර තමයි මට අඩුවෙන් පෙවෙන්නේ...
කොහොම හරි වතුර බීම වැඩි කර ගන්න ඕන..
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 May 2017 08:08 PM
අම්මො මතක් කරන්න එපා ..ගල් තියෙන අය විදින දුක මම දැකලා තියෙනවා ..
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
02 May 2017 09:29 PM
අද මේ රෝගය නිසාත් හොඩාක් දෙනා පීඩා විඳිනවා. වටිනා ලිපියක්.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 May 2017 06:22 PM
"සිරුරෙන් දුර්ගන්ධයක්‌ හැමීම වැළැක්‌වීම සඳහා දේශීය වෙදකමෙන් අත්බෙහෙත් කිහිපයක්‌"


* ස්‌නානය කිරීමේදී බැක්‌ටීරියා නාශක හෝ ඩියෝඩරන්ට්‌ වර්ගයේ සබන් වර්ගයක්‌ සිරුරෙහි ගැල්වීම.

* ඇපල් විනාකිරි හෙවත් සයිඩර් විනගර් ආලේප කිරීම, දැත්වල උඩ කොටසෙහි උරහිස ප්‍රදේශයෙහි හෝ දැත්වල යටි ප්‍රදේශයේa දහදිය දැමීම මත හමනු ලබන දුර්ගන්ධ තත්ත්වය මඟහැරවීමට උපකාරී වේ.

* ස්‌නානය සඳහා භාවිත කරන ජලය පිරි ටැංකියට තක්‌කාලි යුෂ කෝප්ප කිහිපයක්‌ එක්‌ කර එම ජලයෙහි විනාඩි 15 ක්‌ පමණ බැස සිරුර පෙඟෙන්න හරින්න.

* ඉන්දීය ජාතික දේශීය වෛද්‍ය

ශෂිකාන්ත් එස්‌. සෙත්
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 May 2017 06:25 PM
අධික රස්‌නය නිසා මෙම රෝග ඇති වේ


මෙම දිනවල ශ්‍රී ලංකාවේ කාලගුණික තත්ත්වය ඉතා දරුණු වීම හේතුවෙන් බොහෝ දෙනා ශාරීරික අපහසුතාවන්ට ලක්‌වනු දැකිය හැකිය. පරිසර උෂ්ණත්වය ඉහල යැම හේතුවෙන් සිරුරෙහි උෂ්ණත්වය නියමිත මට්‌ටමින් පවත්වාගැනීම පිණිස සිරුරෙන් වැඩි වශයෙන් දහදිය පිටවීම සිදු වේ. දහදිය සමඟ සිරුරෙන් ජලය හා ඛණිජ ලබන පිටවීම හේතුවෙන් සිරුරෙහි පරිවෘත්තීය ක්‍රියාවන් අක්‍රමවත් වේ. එමගින් විවිධ රෝගාබාධ ඇති විය හැකිය.

සිරුර අධික උෂ්ණත්වයකට ලක්‌ වීම හේතුවෙන් ඇති වන ප්‍රධාන සංකූලතා අවස්‌ථාවන් තුනක්‌ දක්‌නට ලැබේ.

ඒවා නම් (-

* කෙණ්‌ඩා පෙරලීම (Muscle cramps)

ඉහල උෂ්ණත්වයක්‌ ඇති පරිසරයක වෙහෙසා ව්‍යායාම කරනවිටදී හෝ ක්‍රීඩා කරන විටදී මෙම තත්ත්වය සුලබව ඇති වේ. සිරුරෙන් ජලය හා සෝඩියම් වැනි ඛණිජ ලවන ඉවත් වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වේ. මෙහිදී ලවන සහිත පානයක්‌ ලබාදීම හා එම මාංශ පේශීන් විවේක ගැන්වීම මගින් මෙයට සහනයක්‌ ලබා ගත හැකිය.

* උණුසුම හේතුවෙන් ඇති වන විඩාව (Heat exhausting)

මෙහිදී සිරුරෙන් සැළකිය යුතු ප්‍රමාණයක්‌ ජලය හා ඛණිජ ලවන ඉවත් වීම හේතුවෙන් තරමක බරපතල රෝග ලක්‍ෂණ ඇති වේ. මෙහිදී හිසරදය, මහන්සි ගතිය, දුර්වල බව දැනෙන අතර දහදිය මත තෙත් වූ බවක්‌ දනවයි. රුධිර පීඩනය අඩු වන අතර කලබලකාරී ගතිය. (anxiety) හෝ විපිලිසර ගතියක්‌ (Confusion)ද ඇති විය හැකිය. සිරුරෙහි උෂ්ණත්වය ෆැරන්හයිට්‌ අංශක 102 ක්‌ හෙවත් සෙල්සියස්‌ අංශක 38 ට වඩා අඩුවෙන් ඇති වීම මෙම තත්ත්වය නිසා ඇති වන අතර මෙය පහසුවෙන්ම ජීවිත හානි සිදු වන අවස්‌ථාවක්‌ දක්‌වා වර්ධනය විය හැකිය.

* උණුසුම නිසා ඇති වන ආඝාතය (Heat Strokeැ)

මෙම තත්ත්වය ඇති වනුයේ සිරුරෙහි උෂ්ණත්වය ෆැරන්හයිට්‌ අංශක 104 ට හෙවත් සෙල්සියස්‌ අංශක 40 ට වඩා අධික වු විටදී. දිගු වේලාවක්‌ ඉහල උෂ්ණත්වයකට සිරුර ගොදුරු වීමෙන් හෝ ඉහල උෂ්ණත්වයක්‌ තුළ කායික ව්‍යායාමයක්‌ සිදු කිරීම මේ සඳහා හේතුකාරක වේ. මෙහිදී සිරුරෙහි උෂ්ණත්වය පාලනය කිරීමේ ක්‍රියාදාමය (Heat regulatory Mechanism) අඩපණ වේ. මෙහි රෝග ලක්‍ෂණයන් වනුයේ ඉහල දේහ උෂ්ණත්වය (අංශක 40 හෝ එයට ඉහල), වෙනස්‌ වන මානසික තත්ත්වයක්‌ හෝ හැසිරීමේ වෙනස්‌කම් (Altered Mental State or behavionur) විපිලිසර බව, ආක්‍රමණශීලී බව, දඟලන සුළු බව, කථා කරන විටදී වෙවුලන ගතිය (Slurred speech) විකාර දර්ශනය වීම හා මී මැස්‌මොරය වැනි තත්ත්වයක්‌ (seizer) වැඩි වී ඉන්පසු සිහි මුර්ජා (Coma) තත්ත්වයකට පත් විය හැකිය.

ශ්වසන වේගය අධික වීමත් නාඩි වැටීමේ වේගය ඉහල යැමත් මෙහිදී දක්‌නට ලැබෙන අතර සමෙහි උණුසුම්, වියළි බවක්‌ දැනේ. (දැඩි ලෙස ව්‍යායාම කර තිබේ නම් සම දහදියෙන් තෙත්ව තිබිය හැකිය) ඔක්‌කාරය, වමනය හා හිසරදය මෙහි රෝග ලක්‍ෂණයන් අතර වේ. මෙය හදිසි අවස්‌ථාවක්‌ වන අතර නිසි ප්‍රතිකාර ලබා නොදුනහොත් ජීවිතක්‍ෂයට පත් වීමේ හැකියාව ඉහලය.

සිරුරෙහි ස්‌නායු පද්ධතිය පරිණත නොවූ කුඩා දරුවන් හා ස්‌නායු පද්ධතිය අඩපණ වන වයස අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්, මානසික රෝග සඳහා ප්‍රතිකාර ගන්නා රෝගීන්, මුත්‍රා වැඩිපුර පහකිරීම සඳහා ලබා දෙන බෙහෙත් ලබා ගන්නා රෝගීන් අධික රුධිර පීඩනය සඳහා ලබා දෙන, හෘද කම්පන වාර ගණන අඩුකරන බෙහෙත් (බීටා බ්ලොකර්ස්&zwnj ලබා ගන්නා රෝගීන් හා රුධිර කෝෂ නාලිකා හකුළුවන බෙහෙත් ලබා ගන්නා රෝගීන් මෙහිදී වඩාත් ප්‍රවේසම් සහගත විය යුතුය. මත්පැන් පානය කරන පුද්ගලයින්ද පහසුවෙන් මෙම තත්ත්වයට ගොදුරුවීමේ හැකියාව පවතී.

සිරුරෙහි උෂ්ණත්වය ඉහල නොයන ලෙස සරල සැහැල්ලු ඇඳුමෙන් සැරසී සිටීම, හිරු එළියෙහි ගමන් කරන විට කුඩයක්‌ භාවිත කිරීම හෝ තොප්පියක්‌ පැළඳීම, ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම (තැඹිලි කුරුම්බා වැනි පානයක්‌ද පානය කිරීම සුදුසුය.) මගින්ද සිසිල් ජලය ස්‌නානය කිරීම මගින්ද ඉහත රෝග තත්ත්වයන්ට ගොදුරු වීමෙන් වැළැකිය හැකිය.

වෛද්‍ය පාලිත බණ්‌ඩාර සුබසිංහ
(මෙයට වැඩියෙන්ම ගොදුරු වන්නේ දියවැඩියාව,ඒඩ්ස් වැනි ප්‍රතිශක්තිය අඩු අයට බලපාන්නේ)
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 May 2017 06:27 PM

ඇදුම රෝගය ජයගත හැකිය

ඇදුම යනු සුලබ, දිගුකාලීන ශ්වසන රෝගයකි. එහි රෝග ලක්‍ෂණ ලෙස හතිය, හුස්‌ම ගැනීමේ අපහසුතාව, පපුවේ හිර ගතිය සහ කැස්‌ස ඇතිවන අතර මේවා කාලය සහ උග්‍ර බව අනුව වෙනස්‌ වේ. මෙය රෝග සාධක ලෙස හඳුන්වන දූවිලි, දුම්, සත්ත්ව ලොම්, කාලගුණ වෙනස්‌ වීම්, ශ්වසන ආසාදන වැනි දැවලට නිරාවරණයෙන්, ශ්වසන මාර්ගයේ ඇතිවන අසාත්මිකතාව නිසා සිදුවන්නකි.

ඇදුම මූලිකවම රෝග ලක්‍ෂණ මගින් විනිශ්චය කර ගන්නා අතර එයට දිගු කාලීන ප්‍රතිකාර අවශ්‍ය වේ. එය බාල, මහලු ඕනෑම වයසක ඇති වන අතර රෝගය සරල අවස්‌ථාවේ සිට ඉතා දරුණු ජීවිත අවදානම් තත්ත්වයට පවා උත්සන්න විය හැකියි. පසුගිය වසර කිsහිපය තුළ පරිසර දූෂණය හේතුවෙන් ලෝකය පුරා ඇදුම රෝගීන් සංඛ්‍යාව වැඩිවී ඇත. ලෝකය පුරා ඇදුම රෝගීන් මිලියන 334 ට වැඩියෙන් සිටින අතර ඉන් බහුතරය අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල ජීවත් වේ. කුඩා ළමුන්ට ඇතිවන බහුලතම දිගුකාලීන රෝගය මෙය වන අතර ලොව පුරා ළමුන්ගෙන් 14% ක්‌ ඇදුමෙන් පීඩා විඳියි. පාසල් නොපැමිණීමේ ප්‍රධාන හේතුවක්‌ ලෙස ද ඇදුම වාර්තාගතව ඇත. ලංකාව තුළ ඇදුම රෝගීන් මිලියන 2 ක්‌ බවට ඇස්‌තමේන්තු කර ඇත. ඇදුම රෝගය ඉතා සුලබ වුවත් ඒ පිළිබඳ මහජනතාව සතු දැනුම ඉතා අල්ප මෙන්ම ඇදුම ගැන මිත්‍යා මතද බොහෝමයක්‌ ඇත. සමහර ඇදුම රෝගීහු පවා එය ජීවිත අවදානමට ලක්‌ කළ හැකි රෝගයක්‌ බව නොදනිති. මෙම රෝගය උත්සන්න වීම නිසා දෛනිකව විශාල රෝගීන් සංඛ්‍යාවක්‌ රෝහල්වලට ඇතුළත් වන අතර ඒ නිසා රජයට විශාල වියදමක්‌ දැරීමට සිදුවේ. මීට අමතරව මේ අයගෙන් සමහර සංකූලතා හේතුවෙන් මරණයට පත්වෙති. එබැවින් ඇදුම පිළිබඳ මහජන දැනුවත් භාවය වැඩිකිරීමට කටයුතු කළ යුතුය.

* ප්‍රතිකාර

ඇදුම රෝගයට ප්‍රතිකාර කිරීමේ අරමුණ නම් රෝග ලක්‍ෂණ පාලනය, සාමාන්‍ය දිවි පෙවෙතක්‌ ගත කිරීමට මග සැලසීම සහ අනාගතයේ ඇදුම උත්සන්න වීම සහ සංකූලතා වැළැක්‌වීමයි. මේ සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම ඇති අතර එයින් වඩාත් ආරක්‍ෂාකාරී හා ඵලදායී වන්නේ ඉන්හේලරයයි. එය පෙනහළු තුළ පමණක්‌ ක්‍රියා කරයි. එම නිසා එය රෝගය තිබෙන ස්‌ථානය මත කෙලින්ම ඖෂධ යෙදෙන තුවාලයකට බෙහෙත් දැමීම හා සමාන ක්‍රියාවලියකි. මේ නිසා ඖෂධ අඩු මාත්‍රාවක්‌ භාවිත කළ හැකි අතර අනෙක්‌ ප්‍රතිකාර ක්‍රමවලට වඩා අතුරු ආබාධ ඇතිවීමද අඩුය.

ඉන්හේලර් දෙවර්ගයකි, එනම් රෝගය වළක්‌වන ඉන්හේලරය සහ ක්‍ෂණික සහනදායි ඉන්හේලරයයි.

රෝගය වළක්‌වන ඉන්හේලරය දිනපතා නොකඩවා පාවිච්චි කළ යුතුය. එමගින් ශ්වසන මාර්ගයේ ප්‍රදාහ තත්ත්වය සමනය කර, අධි සංවේදීතාව අඩුකර, රෝග සාධකවලට නිරාවරණය වීමෙන් ඇතිවන ප්‍රතික්‍රියාවන් වළක්‌වයි. රෝග ලක්‍ෂණ නොපෙන්වන විටද මෙය භාවිත කළ යුතුය.

ක්‍ෂණික සහනදායී ඉන්හේලරය රෝග ලක්‍ෂණ සමනය කිරීමට යොදාගනීs.

ඉන්හේලර් භාවිතය අසාර්ථක වීමට, උපදෙස්‌ නිවැරැදිව පිළි නොපැදීමත් හේතුවේ. ඉන්හේලර් භාවිත කරන රෝගීන් අතර තමන් එයට ඇබ්බැහි වේ යෑයි වැරදි මතයක්‌ තිබේ. නමුත් එවැනි ඇබ්බැහි වීමක්‌ සිදුවන බවට කිසිදු විද්‍යාත්මක සාක්‍ෂියක්‌ නොමැත.

අක්‍රීය සහ සක්‍රීය දුම් පානය ඇදුම රෝගය උත්සන්න කරවන බලවත් සාධකයකි. මේ නිසා සෑමවිටම දුම් පානයෙන් වැළකී සිටිය යුතුය.

මුදල් සහ කාලය අපතේ යැමක්‌ ලෙස සිතා ඉන්හේලරය භාවිත කිරීම නැවත්වුවහොත් මෙතෙක්‌ කල් ඉන්හේලරය භාවිත කිරීමෙන් ලැබුණු සුවය නැතිවී යා හැකිය. මේ නිසා වෛද්‍ය උපදෙස්‌ අනුව නොකඩවා ඉන්හේලරය භාවිත කිරීම ඉතා වැදගත් වේ.

* රෝගය නිරීක්‍ෂණය කරන්නේ කෙසේද?

ඇදුම වරින් වර උත්සන්න වීම් ඇතිවන දිගුකාලීන රෝගයක්‌ නිසා රෝගයෙන් ඇති බලපෑම හා ප්‍රතිකාරවල ක්‍රියාකාරීත්වය දැන ගැනීමට රෝග නිරීක්‍ෂණය ඉතා වැදගත්ය. මේ සඳහා සරල මෙන්ම වඩාත් සංකීර්ණ ක්‍රම පවතී.

සරල ක්‍රම ලෙස රෝග ලක්‍ෂණ නිරීක්‍ෂණය, රාත්‍රියේ රෝග ලක්‍ෂණ ඇතිවන වාරයන්, ක්‍ෂණික සහනදායී ඉන්හේලර් භාවිත කරන වාර ගණන නිරීක්‍ෂණය දැක්‌විය හැකිය. වඩාත් සංකීර්ණ ක්‍රම ලෙස ඇදුම පාලනය පිළිබඳ ප්‍රමිතිගත ප්‍රශ්නාවලිය සහ සංකීර්ණ පෙනහළු පරීක්‍ෂණ භාවිත වේ. මෙම පරීක්‍ෂණ රෝහල් සහ සායනවල සිදුකෙරේ. රෝගීන් විසින් පවත්වා ගන්නා "Asඑයප් Aජඑසදබ ඡක්‌බ" මගින් රෝග පාලනය සඳහා හදිසි අවස්‌ථාවන් හඳුනාගත හැකිය. එමගින් ප්‍රතිකාර ගැනීමට රෝගීන්ගේ දායකත්වයද වැඩිවන නිසා වෛද්‍යවරයාටද පහසුවක්‌ වේ.

* රෝගය වළක්‌වා ගැනීම

ඇදුම වළක්‌වා ගැනීමට මෙම ඖෂධ ප්‍රතිකාර ක්‍රම මෙන්ම එදිනෙදා කටයුතුවලදී රෝගය උත්සන්න කරවන සාධකවලින් වැළකී සිටීම වැදගත් වේ. මෙම රෝග සාධක පුද්ගලයා අනුව වෙනස්‌ වේ. එම නිසා එක්‌ එක්‌ රෝගියාට අසාත්මිකතාව ඇති කරන රෝග සාධක හඳුනා ගැනීම වැදගත්ය. මේ සඳහා විශේෂඥ දැනුම ඇති වෛද්‍යවරුන්ගේ (aකකැරටසජ sචැජස්‌කසිඑs) සහය ලබාගත හැක.

සමහර රැකියා ද ඇදුම රෝගය සඳහා බැඳී ඇත. රැකියාව කරන විට ඇදුම ඇති වේ නම් වෛද්‍යවරයකු හමුවී උපදෙස්‌ ලබා ගැනීම වැදගත්ය. ඉන්හේලර් නොකඩවා භාවිතයද ඇදුම වළක්‌වා ගැනීමට බෙහෙවින් වැදගත් වේ.

පීනස, ගැස්‌ට්‍රයිටීස්‌ වැනි රෝග නිසාද ඇදුම ඇති විය හැකිය. එවැන්නන් එම රෝග තත්ත්වවලට ප්‍රතිකාර ගැනීමෙන් ඇදුම පාලනය කළ හැකිය.

රෝගය සඳහා ප්‍රතිකාර ගනිද්දීත් රෝග ලක්‍ෂණ අඩු නොවේ නම්, වෛද්‍යවරයකු හමුවිය යුතුය, මක්‌ නිසාද යත් මෙයට හේතුව වෙනත් රෝග තත්ත්වයක්‌ විය හැකි බැවිනි.

* ඇදුම රෝගයට ඇති බාධක හා පහසුකම්

මූල්‍යමය ගැටලු, සම්පත් හිඟකම" රෝගීන්ගේ විධිමත් ලියාපදිංචියක්‌ නැතිවීම" රෝගීන්ගේ අඩු සෞඛ්‍ය දැනුම, සංස්‌කෘතික බාධක, මිථ්‍යා මත ආදිය ඇදුම පාලනයට ඇති ප්‍රධාන බාධක වේ. මේවා මගහැරීමට රෝහල් තුළ පහසුකම් රැසක්‌ ඇත.

ශ්වසන රෝග ඒකකවල පවත්වන ඇදුම රෝග සායනවල රෝග විනිශ්චය, ඖෂධ ලබාදීම, නිරන්තර පරීක්‍ෂාව නොකඩවා සිදුකෙරේ. ඉන්හේලර් භාවිතය පෙන්වා දීමට පෙනහළු පරීක්‍ෂණ කිරීමට සුදුසුකම් ලත් සෞඛ්‍ය සේවකයන් සිටී. හදිසියේ ඇදුම උත්සන්න වී පැමිණෙන්නන්ට ප්‍රතිකාර කිරීමට පැය 24 පුරා ක්‍රියාත්මකව පවතින හදිසි ප්‍රතිකාර ඒකක තිබේ. මෙම සියලු පහසුකම් ළමා රෝහල්වලද පවතී.

ඇදුම යනු ඉන්හේලර් භාවිතයෙන් පමණක්‌ පාලනය කළ නොහැකි රෝගයක්‌ බව වටහා ගැනීම වැදගත් වේ. එය එදිනෙදා සාමාන්‍ය ජීවිතයට, රැකියාවට බලපෑම් ඇති කරන රෝගයකි. තවද හදිසි උත්සන්න වීම් නිසා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වීමට සිදුවීම සහ ඇතැම් විට ජීවිත අවදානමට පවා ලක්‌විය හැකි රෝගයකි. එම නිසා ඇදුම රෝගීන් විධිමත් සෞඛ්‍ය සේවාව තුළ නිසි ප්‍රතිකාර ලැබීමත්, නිරන්තර නිරීක්‍ෂණයට ලක්‌කිරීමත්, රෝගය ගැන ප්‍රමාණවත් දැනුමක්‌ ලබා ගැනීමත් ඉතා වැදගත් වේ.

ශ්වසන රෝග විශේෂඥ

වෛද්‍යවරුන්ගේ විද්‍යාලයීය සභාව

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 May 2017 06:28 PM
දිනකට වැඩියෙන් කෝපි පානය කිරීම ශරීරයට හිතකරයි
දිනකට කෝපි කෝප්ප හතරක්‌ පානය කිරීම වසර ගණනාවකට පෙර ශරීර සෞඛ්‍යයට අහිතකර ලෙස පෙනී ගියද එමගින් ශරීර සෞඛ්‍යයට කිසිදු අයහපතක්‌ සිදුනොවන බව අන්තර්ජාතික ජීව විද්‍යා ආයතනයේ පර්යේෂකයන් කණ්‌ඩායමක්‌ විසින් සිදුකරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

එම අධ්‍යයනයට අනුව නිරෝගී වැඩිහිටියකුට කැෆේන් මිලිග්‍රෑම් 400 ක්‌ අඩංගු කෝපි ප්‍රමාණයක්‌ (කෝප්ප හතරක්‌ පමණ) පානය කිරීම යෝග්‍ය වන අතර ගැබිනි කාන්තාවක්‌ නම් එසේ දිනකට පානය කරන කෝපි ප්‍රමාණය කැෆේන් මිලිග්‍රෑම් 300 ක්‌ අඩංගු කෝපි කෝප්ප තුනකට සීමා කළයුතුවේ.

කුඩා ළමුන් නම් දිනකට කැෆේන් මිලිග්‍රෑම් 2.5 ක්‌ අඩංගු කෝපි ප්‍රමාණයක්‌ පානය කළ යුතු බව පර්යේෂකයෝ සිය අධ්‍යයන වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

කැෆේන් යනු තිත්ත රසැති කොපිවල බහුලව අඩංගු රසායන ද්‍රව්‍යයකි.

වසර 2001 සිට 2015 දක්‌වා සිදුකරන ලද කැෆේන් ආශ්‍රිත අධ්‍යයන වාර්තා 740 ක්‌ විමර්ශනයට ලක්‌කරමින් මෙම අධ්‍යයනය සිදුකර තිබේ.

මෙම අධ්‍යයනයේදී හෙළිවී ඇති වැදගත් කරුණක්‌ වනුයේ සෑම වයස්‌ කාණ්‌ඩයකටම අයත් වූවත් දෛනිකව කැෆේන් මිලිග්‍රෑම් 165 ක්‌ පරිභෝජනය කරන අතර එයින් මිලිග්‍රෑම් 105 ක්‌ම කෝපි හරහා ලබාගන්නා බවයි.

පසුගිය වසරේදී එක්‌සත් රාජධානියේ සිදුකරන ලද අධ්‍යයනයකදී හෙළිදරව් වූයේ අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගැනීමෙන් හා බීමත්කම හේතුවෙන් හට ගන්නා අක්‌මාවට හානි සිදුවීමේ තත්ත්වය කෝපි වැඩි ප්‍රමාණයක්‌ පානය කිරීමෙන් වළක්‌වා ගත හැකි බවයි.

අලුත්ම අධ්‍යයනයන්ට අනුව දිනකට අමතර කෝපි කෝප්ප දෙකක්‌ පානය කිරීමෙන් අක්‌මාව ආශ්‍රිතව හටගන්නා සිරෝසිස්‌ රෝගය ඇතිවීමේ අවදානම සියයට 44 කින් පමණ අඩුකර ගතහැකි බවයි.

අවුන්ස අටක ජාවා වර්ගයේ කෝපි අඩංගු කෝපි කෝප්පයක කැෆේන් මිලිග්‍රෑම් 95 ත් 165 ත් අතර ප්‍රමාණයක්‌ අන්තර්ගතව පවතින බව හෙළිවී තිබේ.

අතීතයේදී වෛද්‍ය පර්යේෂණවලින් අනාවරණය වූයේ කැෆේන් වැඩි වශයෙන් පරිභෝජනය කිරීම හෘද රෝග හා අධිරුධිර පීඩනයට මඟපාදන බවයි.

දිනකට කැෆේන් අඩංගු පාන වර්ගවලින් කෝප්ප දෙකකට වඩා පානය කරනු ලබන කාන්තාවන්ගේ දරු ගැබ සති කිහිපයකින් ගබ්සා වන බවද පර්යේෂකයෝ එකල සඳහන් කර තිබිණි.

එහෙත් මෙම නවතම අධ්‍යයනයට අනුව එම වාර්තා අසත්‍ය කරමින් කැෆේන් අඩංගු කෝපි ඇතුළු පාන වර්ග වැඩි වශයෙන් පානය කිරීම සෞඛ්‍යයට අහිතකර නොවන බව අනාවරණය කර තිබේ.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
03 May 2017 10:40 PM
ජර්මණියේ නම් වැඩිපුරම බොන්නේ කෝපි තමයි. තේ බොණව දැකලම නැහැ. හැබැයි තානාපති කාර්යාලයට ආවම නම් වැඩිපුරම බොන්නේ අපේ තේ තමයි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

santhaa
Basic Member
Basic Member
Posts:249






--
04 May 2017 10:48 AM
වටිනා කියන article 1ක් චාමර අය්යේ ..........
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 May 2017 06:29 PM

කැරට්වල ගුණ

ක්‍රිස්පි රසැති එළවළුවක් ලෙස ප්‍රසිද්ධ කැරට් පිසූ ආහාරයක් ලෙසත් සලාදයක් වශයෙනුත් කෑමට එක්කර ගත හැකිය. කැරට් අල මෙන්ම පත්‍රද ආහාරයට ගත හැකිය. රසවත් පානයක් මෙන්ම කේක්, සෝස්, පලතුරක්. තම්බා වුවද කැරට් ආහාරයට ගත හැකිය.

කැරට්වල පෝෂණ ගුණය -

ජලය      - 88%

සීනි         - 2%

ප්‍රෝටීන්  -1%

කෙඳි       -1%

ඈෂ්         -1%

මේදය      -0.02%

සමේ මනා පැවැත්මට කෙඳි අවශ්‍ය වේ. සමෙහි මනා ඇදීමක් ඇති කරවන ඉතා හොඳ සීනි විශේෂ වන සුක්රෝස් සහ පෘට්කෝස් අඩංගු වේ.  කැරට්වල රසට හේතු වන ග්ලුටටික්, ඇමයිනෝ යන ඇසිඩ්වලට අමතරව සුසීන්, කිටෝග්ලුටරින්, ලැක්ටික්, ග්ලයිකොලිස්, මැජෝපෙනොලික්, කැෆෙයික් යන ඇසිඩ් වර්ගද ඇතුළත් වේ.

බී- කැරටින් අඩංගු වන නිසා කැරට්වලට තැඹිලි පැහැය ලැබී තිබේ. විටමින් ඒ, විටමින් සී, විටමින් එෆ්, වැඩි ප්‍රමාණයක් අන්තර්ගතය. විස හරණය කිරීමේ ගුණයත්, ඛනිජ වර්ගවල වටිනාකමත් නිසා කැරට් ඉතා වටිනා එළවළුවක් බවට පත්ව ඇත.

කැරට් මුල් පෙල්ටික් සහ uteres සඳහා ලේ වඩා ශක්තිමත් කිරීමට උපකාරවේ.

ආහාර දිරවීමේ අපහසුතා ඇති පුද්ගලයන්ට, කුඩා බඩවැල්- මහ බඩවැල් අපහසුතා ඇති අයට, උගුරේ සෙම් ගෙඩි ආසාදන, කටේ ඇති වන තුවාලවලට, බඩවැල්වල තුවාලවලට කැරට්වල අඩංගු විටමින් හොඳ ඔසුවකි.

කැරට් ආහාරයට ගැනීමෙන් එහි ඇති කැරටීන් 3 ගුණයක් ඇඟට එකතු වේ. එය 39 % දක්වාද වැඩි කළ හැකිය. පාන් වර්ග, කේක්, සලාද ලෙසත් කැරට් වෑංජනයක් ලෙසත් ආහාරයට ගත හැකිය. මේවායෙහි ඇල්ක්ලොයිඩ් ප්‍රතිශතය ඉහළ නිසා සත්ව ආහාරයක් ලෙස සුදුසු නැත. කැරට්වල පත්‍ර ආහාරයට ගන්නවානම් මේරීමට ප්‍රථම විය යුතුය.

ශීතකරණයක හෝ ජලය මිශ්‍ර නොවුණු වැලි බාල්දියක වුවද කැරට් කල් තබා ගත හැකිය. ශරීරයට වැළඳෙන නොයෙකුත් ලෙඩ රෝගවලට ගුණදායී කැරට් ආහාරයට ගැනීමෙන් සෞඛ්‍යාරක්ෂිත දිවියක් ගත කිරීමට හැකි වනු ඇත.

ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන

-සටහන - මාධවී ධර්මරත්න

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Supun Max
Basic Member
Basic Member
Posts:339






--
04 May 2017 06:47 PM
Watina lipiyak isthuthi chamara
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 May 2017 08:47 AM
චාමර මල්ලි අවසානයට එකතු කල ලිපි 3ම save කලා.
මේවා ඉස්සරහට අපට ප්‍රයෝජන වෙනවා.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 May 2017 05:40 PM

ප්‍රමාණය ගැන අප්‍රමාණ භීතිය

පුරුෂයන් බොහෝමයක් දෙනා ජීවිතයේ කොයියම්ම කාලයක හෝ මුහුණදෙන ගැටලුවක් ගැනයි අද කතාව. අනෙක් අයට වඩා තමන්ගේ ලිංගික අවයවය කුඩා යැයි කියන මනස්තාපයට ලක් නොවුණ කෙනෙක් නැති තරම්. ලොකු උස මහත අයට ලොකු අවයවයකුත් කෙට්ටු පුංචි අයට පුංචි අවයවයකුත් තියනවා කියලයි මේ ගැන මිත්‍යාව පැතිරිලා තියෙන්නේ. ඉතින් මේ ගැන දිගටම හිතලා හිතෙන් ලෙඩවෙලා අප්‍රාණිකත්වය වගේ සාර්ථක පවුල් ජීවිතයක් ගෙනයාමට බාධකයක් වන කායික දුබලතාත් හදාගන්න අවස්ථා එමටයි. 

ඊළඟට මේ කියන කතාව දඩමීමා කරගෙන තෙල් බේත්, ගුලි, පෙති, බාම් විකුණාගන්නා ජාවාරම්කරුවන්ට අසුවෙලා නොයෙකුත් ආබාධ අනතුරුවලට ලක්වන අයත් එමටයි. ඉතින්, මොකක්ද මේ හරි ප්‍රමාණය. උස මහත අයට ලොකු අවයවයකුත් පුංචි අයට කුඩා අවයවයකුත් තියෙනවා කියන කතාවේ ඇත්තක් තියෙනවාද? අපි විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතාගෙන් මේ දැවෙන ගැටලුවට පිළිතුරු විමසුවා. මෙන්න ඔහු ලබාදුන් විශේෂඥ උපදෙස.

මේ කතාවේ කිසිම ඇත්තක් නෑ. ලිංගයේ ප්‍රමාණය කෙනෙකුගේ සිරුරේ ප්‍රමාණයට කිසිම අනුරූපතාවක් නෑ. ලොකු අවයව තියෙන පුංචි අයත්, පුංචි අයව තියෙන ලොකු මහත අයත් ඕනෑතරම් ඉන්නවා. ඒ වගේම තමන්ගේ අවයවය කුඩාය කියලා හිතාන බේත් හොයාන යන එක බොරු වැඩක්. එහෙම බෙහෙතක් තාම නෑ. පුදුම කාරණේ මේ ගැන හුඟක් තැවෙන්නේ හොඳට උස මහත සිරුරක් තියෙන අය වීමයි. හැබැයි මේ කියන හැමෝටම සාමාන්‍යයෙන් තිබිය යුතු විශාලත්ව පරාසය තුළ පිහිටි අවයව තමා තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනෑ කාරණාව සාර්ථක පවුල් ජීවිතයකට මේ ප්‍රමාණය කියන සාධකය කොහෙත්ම බලපාන්නේ නැති බව. නමුත්, අපි කොහොම කිව්වත්, මේ ගැන තැවෙන අය ඕනෑතරම් ඉන්නවා. මේ කියන තැවිල්ලට හේතුව සමාජය තුළ පැතිර ඇති මිත්‍යාවක්. අනෙක් කාරණය වරදක් ලෙස හිතට දැනෙන තවත් ක්‍රියාවක්. ඒ තමා නිල් චිත්‍රපට, නිල් සඟරා බැලීමේ රැල්ල. දැන් ඉතින් අන්තර්ජාලය තුළත් ඕනෑතරම් මේ අස්වාභාවික ලිංගික සම්භෝගය ඇතුළත් චිත්‍රපට දකින්න පුළුවන්නේ.

මේ කියන නිල් චිත්‍රපටවල පෙන්වන අස්වාභාවික ඉරියව් වගේම, ඒවායේ වේගය, ගතකරන කාල සීමාව, නැවත නැවත විවිධ ක්‍රියාවල යෙදීම හරියට මැෂින් වගේ සිදුවන ක්‍රියාවලිය දුටුවම ඕනෑ කෙනෙක් හිතින් අතරමං වෙලා මුලාවට පත්වෙනවා. ඒ වගේම ඔය චිත්‍රපටවල, සඟරාවල දක්නට ලැබෙන කලාතුරකින් හමුවන අස්වාභාවික සිරුරු අවයවයන් දැකීම නිසා බොහෝ අය හිතනවා අනේ මම පුංචියිනේ. මට ඒ වගේ නැහැනේ කියලා. ඉතින් මේ නිසා හිතෙන් පුංචි වෙලා, ලිංගික අකර්මන්‍යතාවටත් පත්වෙන අවස්ථා තියෙනවා.

ඊළඟ කාරණය මේ කියන දුර්මතය පතුරන ව්‍යාජ වට්ටෝරුකාරයන්ගේ දැන්වීම්වලින් ලැබෙන ඇඟවුම්කරණය. සිරුර කෙට්ටුද? ඉන්ද්‍රිය කුඩාද? මෙන්න, එක රැයින් ලොකුකර දෙන ආලේපය ඔය වගේ දේවල් දැක්කම ඕනෑම කෙනෙකුට හිතෙනවා තමන්ගේ ප්‍රමාණය මදි. ඉතින් ලොකු කරගන්න බෙහෙතක් තියෙන එකේ උත්සාහයක් දරලා බලමු කියලා. නමුත් මේ කතාව සම්පූර්ණ මිත්‍යාවක්. ඒ නිසා ඇතිවෙන්නේ සම්මෝහයක්, මුලාවක්.

ඊළඟට මේ මිත්‍යාවට හේතුවන කාරණාවක් තමා අපේ පොරොන්දම් බැලිල්ල. ඔය පොරොන්දම්වල යෝනි පොරොන්දම් ගැලපීමකුත් තියෙනවානේ. මී යෝනි, ඇත් යෝනි, සා යෝනි, අශ්ව යෝනි කියලා. අපේ සාමාන්‍ය ජනතාව තුළ හැඟීමක් ඇතිවෙලා තියෙනවා මේ කියන්නේ ඒ ඒ අයගේ අවයවයේ ප්‍රමාණය ගැනය කියලා. නමුත් ඒකේ එහෙම සත්‍යතාවක් නෑ. කොටින්ම අපේ වෛද්‍ය පරීක්ෂණවලදී ඔය කියන අන්දමේ කිසිම වෙනසක් හමුවෙලා නෑ. මේ ප්‍රමාණය ගැන මතය මුළුමනින්ම මිත්‍යාවක්. ඕකේ ඇත්ත කතාව ගැන අපි ඊළඟට කතා කරමු.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 May 2017 05:41 PM

අතේ කැක්කුම කියන ලෙඩ

කතුරක් අල්ලනවා වගේ පුංචි වැඩක් කරන්නත් ඔබට අපහසුද? අත විවිධ පැතිවලට හැරවීමේදී වේදනාවක් දැනෙවද? එහෙනම් ඔබට වෛද්‍යවරයා හමුවීමට කාලයයි. පහත සඳහන් රෝග ලක්‍ෂණ ඔබටත් තියෙනවද වහාම බලන්න.

තදබව

ඔබේ අත චලනය කරන්නට නොහැකිව ගලක් වගේ තද බවක් දැනෙනවද? මේකට හේතුව ආතරයිටිස් හෝ කාපල් ටනල් ලෙස හඳුන්වන ස්නායු රෝගය විය හැකියි. බලා හිටියොත්, සාමාන්‍ය චලනයන් කරන්නට නොහැකිව අත අප්‍රාණික වන තත්ත්වයක් උදාවෙන්නත් පුළුවනි. 

ඉදිමීම

ඔබේ අතැඟිලි සොසේජස් වගේ පිම්බුණු බවක් දැනෙවාද? අතට අමතර දියර රැස්වීම නිසාත්, හන්දිවල ඉදිමුම නිසාත් මෙබඳු තත්ත්වයක් ඇතිවන්නට පුළුවනි. දිගින් දිගටම මෙය සිදුවනවා කියන්නේ දරුණු රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්.

දුබල බව

ඔබේ අත්ලට වෙහෙස බවක් දැනෙනවද? ඕනෑම මොහොතක කෑලි කැඩිලා වැටෙයි කියලා හිතන තරම් අපහසුද? මාංශ පේශීන්ගේ දුර්වලතා නිසා ඇතිවන මේ තත්ත්වය දත් මැදීම වගේ සාමාන්‍ය ක්‍රියාවනුත් ලොකු අපහසුවක් පවට පත්කරන්න පුළුවනි. මේ කියන්නේ පවුලේ වෛද්‍යවරයා හමුවන්නට කාලයයි.

චලනය සීමා වීම

ඔබේ අතට ගාංචුවක් දමා හිර කළා වගේ දැනෙනවද? අත එහා මෙහා හැරවීමට අපහසුද? දිගහැරීම, ඇකිලීම අපහසුද? මේ කියන්නේ එක්කෝ අනතුරක් සිදුවෙලා නැත්නම් ආතරයිටිස් වගේ රෝගයක් හැදීගෙන එන බවයි.
මේ කියන රෝග ලක්‍ෂණ ඇත්නම් වහාම වෛද්‍යවරයා හමුවිය යුතුයි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 May 2017 05:43 PM

කඩ කෑමෙන් පාචනය

පාචනය හේතුවෙන් වාර්ෂිකව ලෝකයේ මිලියන 2ක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි. එයින් බහුතරයක්ම ළදරුවන්ය. පාචනය සඳහා මූලික වන බොහෝ රෝග සෑදෙන්නේ දූෂිත ආහාර සහ ජලයෙනි. නිසිලෙස පිරිසුදු නොකළ ආහාර ද්‍රව්‍ය පරිභෝජණයත් අපිරිසුදු ජලය භාවිතයත් මඟින් පාචනය මුල්කරගත් ලෙඩ රෝග රැසක් තනන අහිතරක බැක්ටීරියා ශරීරගත වෙයි. වෛද්‍යවරුන් පවසන්නේ සාමාන්‍යයෙන් ආහාර ගැනීමට පෙර, වැසිකිළි කැසිකිළි භාවිතයෙන් පසු, ආහාර පිසීමට සහ ඒවා බෙදා හදා දීමට පෙර හොඳින් අත සෝදනවා නම් මේ ලෙඩරෝග බොහොමයකින් වැළකිය හැකි බවයි.

ඉතාමත් සරල පූර්ව ආරක්ෂක ක්‍රම තුනක් භාවිතා කරන්නේනම් ආහාර හේතුවෙන් ඇතිවන රෝගාබාධ වලක්වාගත හැකි වේවි.

• අමු ආහාර පිසූ ආහාර සමඟ මුසුකරන්න එපා

මූලින් කීවාක් මෙන් තමන්ගේ පිරිසුදුතාවය ආරක්ෂා කිරීම මෙන්ම ආහාරය සඳහා ගන්නා එළවළු පලතුරු මෙන්ම මස්මාලු ආදියද හොඳින් සෝදාගත යුතුයි. එපමණක් නොව ආහාර කපන්නට යොදා ගන්නා බෝඩ් සහ උපකරණ ද ඉතා හොඳින් සැමවිටම සෝදා පිරිසුදු කළ යුතුය. අනිත් කාරණය වන්නේ අමු ආහාර සහ පිසූ ආහාර එකිනෙක කළවම් නොකිරීමයි. එසේම අමු මස් සහ මාළු වර්ග, අමු එළවළු සමඟ මුසු කිරීමද නොකළ යුතුය.

• නියමිත උෂ්ණත්වයට රත් කරන්න

තෙවැනි කාරණාව වන්නේ ආහාර හොඳ උණුසුමක් යොදා පිසගැනීමයි. සෙන්ටිග්‍රේඩ් අංශක 60ට වැඩි උණුසුමකට ආහාර රත්කර ගත යුතු අතරම පිසූ ආහාරයක් නැවත භාවිතයට ගැනීමේදී එය සෙන්ටිග්‍රේඩ් අංශක 74 දක්වා රත්කර ගත යුතුය. මස්, කුකුළු මස් විශේෂයෙන්ම බෙල්ලන් කකුළුවන් වැනි ආහාර මෙසේ ඉහළ උෂ්ණත්වයකට රත්කළ යුතුමය. මේ කියන සරල කාරණා මඟින් පාචනයට මුල්වන බොහොමයක් රෝග වළක්වා ගත හැකිවෙයි.

• නියමිත උෂ්ණත්ව පරාසය මෙන්න

සාමාන්‍යයෙන් බැක්ටීරියාවක් ශරීරයකට ඇතුළු වී පැය 7ක කාලයක් ගතවන්නට පෙර එය මිලියන 2ක් පමණ සංඛ්‍යාවක් දක්වා සිය ගහනය වැඩි කරගනියි. මේ නිසා බැක්ටීරියාවන්ට අහිතකර උෂ්ණත්වයක ආහාර පවත්වා ගැනීම් කළ යුතුයි. ඒ සඳහාම සුදුසු උෂ්ණත්ව පරාසයක් දැන් දක්වා තිබේ. සාමාන්‍යයෙන් බැක්ටීරියාවන්ට හිතකර උෂ්ණත්ව පරාසය වන්නේ සෙන්ටිග්‍රේට් අංශක 5-60 දක්වාය. මේ නිසා ඔබේ ආහාරය එක්කෝ සෙන්ටිග්‍රේඩ් අංශක 5 වඩා සිසිල් කළ යුතුය. නැතිනම් සෙන්ටිග්‍රේඩ් අංශක 60 වඩා රත්කළ යුතුය. ප්‍රෝටීන හා පිෂ්ඨය බහුල ආහාර කිරි, බිත්තර ආදිය බැක්ටීරියා වර්ධනයට සුදුසු මාධ්‍යයන්ය. මේ නිසාම එබඳු ආහාර ප්‍රශස්ත උෂ්ණත්වයට රත්කර හෝ සිසිල් කර අලුත් තත්ත්වයෙන් භාවිත කිරීම කළ යුතු වේ.

• බැක්ටීරියා සොයා යන ආහාර

බැක්ටීරියා වර්ධනයට අතහිත දෙන ආහාර වර්ග ලෙස අල වර්ග, සලාද, සකස් කළ පළතුරු, නිවුණු බත්, බිත්තර, මාලු සහ මුහුදු ආහාර, කුකුළු මස් සහ ආශ්‍රිත නිපැයුම්, කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන, මස් වර්ග දක්වන්නට හැකිය.

• දකුණු ආසියාවේ දරුවන් හත් ලක්ෂයක් වසරකට බිලි

දකුණු ආසියාතික කලාපයේ පමණක් දරුවන් හත්ලක්ෂයක් වාර්ෂිකව මේ කියන ලද සුළු මූලික ආරක්ෂණ පියවර නොගැනීම හේතුවෙන් මිය යන බව වාර්තාවේ.

• ලෙඩ වපුරන කොළඹ කඩ

මේ අතරම කොළඹ නගරය තුළ පමණක් හෝටල් දාහක් පමණ පවතින අතර එයින් 90%ක්ම පමණ නුසුදුසු ආහාර විකිණීමේ යෙදෙන බව හෙළිදරව් කරන්නේ කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතාය. තරු පහේ හෝටලවල සිට පෙට්ටි කඩය දක්වා මෙහි වෙනසක් නැති බව ඔහු පෙන්වා දෙයි. එබඳු නුසුදුසු ආහාර අලෙවි කරන්නන් පිළිබඳව දැනුම්දීම ජනතාවගේ වගකීමක් ලෙස පෙන්වා දුන් ඔහු ඒ සඳහා පහත සඳහන් අංකයට පැමිණිලි කරන ලෙස ඉල්ලීමක්ද කළේය. දුරකතන අංකය - 0112676161 

ලංකාවේ ජනතාව දැනට බහුල වශයෙන්ම හෝටල් ආශ්‍රිතව ඇති සැකසූ ආහාර ලබාගැනීම සිදුකරති. කොත්තු රොටි, පරාටා, ප්‍රේස්ට්‍රි, බිත්තර බනිස්, සොසේජස් බනිස් ඇතුළු බේකරි කෑම මෙන්ම කෙසේ කොතැන සාදන්නේ දැයි නොදන්නා ආහාර පැකට් භාවිතයද ඉහළ ගොස් තිබේ. මේ නිසාම පාචනය ඇතුළු රෝග වැළඳීමේ ඉඩකඩ ඉහළ ගොස් තිබේ.

බඩට ලෙඩ ගෙනෙන බව දැන දැනම කඩකෑම සහ අපිරිසුදු ආහාර පරිභෝජනයට ගැනීමෙන් තමන්ටම වින කර ගැනීම නැවැත්වීමට දැන් කාලය උදාවී තිබේ. හොඳින් අත් පිරිසුදු කර ගැනීම මෙන්ම ආහාර ද්‍රව්‍ය පිරිසුදුව, නියමිත උෂ්ණත්වයකින් යුතුව තබා ආහාරයට ගැනීම බඳු ලෙහෙසි උපක්‍රම තිබියදීත් මාරාන්තික බවටද පත්විය හැකි මෙම රෝග බලෙන්ම ඇඟට දාගන්නේ ඇයි? ඒ සෞඛ්‍ය බලධාරීන් ඔබෙන් විමසන පැනයයි.

උපුටා ගැනිම - දේශය වෙබ් පුවතින්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 May 2017 06:18 PM
අනිවා පාචනෙ හැදිලා බෙරුනොත් ඇති
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
05 May 2017 09:54 PM
ලංකාවේ ආපන ශාලා මොණතරම් අපිරිසිදුද.. කිසි ප්‍රමිතියක් නැහැ. නිසි පරීක්ෂාවක් නැහැ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 May 2017 08:38 AM

සුදු කබර රෝගයට මේ කසාය බොන්න
මේ ආලේපය ගාන්න


ප්‍රශ්නය - සුදු කබර රෝගයේ රෝගලක්‍ෂණ එය හට ගැනීමට හේතු විය හැකි සාධක, සහල්වල තිබෙන ආසනික්‌ ප්‍රතිශතය ඉහළ යැම නිසා ශරීරය තුළ විෂ තැන්පත් වීමෙන් සුදු කබර හට ගැනීමේ අවදානම ඉහළ යැම, මීයන් සපා කෑමෙන් සුදු කබර හටගන්නවාද නැද්ද යන කරුණු පසුගිය සතියේදී අප ඔබ සමඟ සාකච්ඡා කළා. මෙහිදී හෙළිදරව් වූ වැදගත්ම කාරණය වුණේ මීයකු සපා කෑමේදී සුදු කබර හැදෙන්නේ එම සතා සතු උග්‍ර විෂ සහිත ශුක්‍රාණු එම තුවාලයේ තැවරුනොත් පමණක්‌ ය යන්නයි. එසේම එවැනි විසක්‌ අවුරුදු 15 - 20 අතර කාලයක්‌ ශරීරය තුළ තිබී පසුව පිට දමන බව ඔබ කිව්වා. මේ තත්ත්වය උඩ සුදු කබර සුව කළ හැකි බව ඔබ වගකීමෙන් කියනවද?

වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස - ඔව්. සුව කරන්න පුළුවන්. හැබැයි අඩුම ගණනේ මාස 6 ක්‌ වත් බෙහෙත් බොන්න ඕනෑ. ඖෂධීය ආලේප කබර පැල්ලම් මත තවරන්න ඕනෑ. බෙහෙත්වලට අනුකූලව ආහාර ගන්න ඕනෑ. ඒ අනුව ජීවත් වෙන්න ඕනෑ.

ප්‍රශ්නය - සුදු කබර සඳහා සුදුසු කසායක්‌ සහ ආලේපයක්‌ අපේ පාඨකයන් ඔබෙන් බලාපොරොත්තු වෙනවා.

වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස - මා ඔබට වසර 500 කට වඩා පැරැණි සරල කසායක්‌ දෙන්නම්. හැබැයි මේ කසායට ගන්නා බෙහෙත් නියම ප්‍රමිතියේ බෙහෙත් විය යුතුයි. මෙය පානය කළ යුත්තේ සතියක්‌ විතරයි. මෙහි දෙවන කසාය අප ඔබට ඊළඟ සතියේ දෙනවා. මේ සමගම ආලේපයකුත් අප ඔබට ඉදිරිපත් කරනවා. එය මාසයක පමණ කාලයක්‌ දිගටම පාවිච්චි කළ යුතුයි.

කසාය - වෙනිවැල්ගැට, අරළු, දුම්මැල්ල, කටුකරෝසන, රතුළුEනු, කලං එකහමාර බැගින් ගෙන වතුර කොප්ප 8 ක්‌ දමා ඉහත කී බෙහෙත් ද්‍රව්‍ය සමඟ එක කෝප්පයකට හින්දවන්න. එම කසාය කොප්ප භාගය බැගින් උදේ සවස පානය කරන්න. මේ අනුව ඔබ කසාය හැලි 7 ක්‌ පානය කරන්න.

මෙහිදී සැලකිල්ලට ගත යුතු වැදගත්ම කාරණය වන්නේ වෙනිවැල් ගැනීමේදී වට්‌ටෝරුවේ සඳහන් පරිදි වෙනිවැල්ගැටය පමණක්‌ ම ගැනීමයි. මන්ද වෙනිවැලේ ගුණ අඩංගු වන්නේ එහි ගැටය තුළයි. ඒ නිසා කසායේ නියම ගුණ ලබා ගැනීමට වෙනිවැල් ගැටය පමණක්‌ ම ගත යුතුයි.

ආලේපය - පෙරුම්කායම් ගුලියක්‌ (දොඹ ගොඩියක ප්‍රමාණය) ගෙන එය කොල පැහැති පැණිදොඩම් ගෙඩියක්‌ තුළට දමා ගිනි අඟුරු මත තබා සම්පූර්ණයෙන්ම පුළුස්‌සන්න. ඒ අළු ගෙන මී තෙල්වලින් අනා උදේ වරුවේසුදු කබර පැල්ලම්වල ගාන්න. ඉන් පසු උදේ 6 - 9 අතර කාලයේදී පැය භාගයක්‌ පමණ අව්වේ ඉන්න. මෙහිදී ආලේපය ගෑ ලපය ඉර අවුවට විවර වනසේ තැබිය යුතුයි.

දැන් අපි බලමු මේ ඖෂධවල තිබෙන ගුණය කුමක්‌ද කියලා.

වෙනිවැල්ගැට-Coscinium Fenestratum නමැති උද්භිද විද්‍යාත්මක නාමය සහිත වෙනිවැල ලොව වැඩිම ඉල්ලුමක්‌ සහිත ඖෂධ පැළ වර්ගයක්‌. කප සහ වාත යන අංශ කෝප වීම නිමා හටගන්නා ප්‍රදාහ තත්ත්වයන්, තුවාල, වණ, කහඋණ, පිළිස්‌සීම්, චර්ම රෝග, උදරයේ හටගන්නා රෝග, දියවැඩියාව, උණ යන රෝගවලට මේ ඖෂධය ප්‍රත්‍යක්‍ෂ ගුණ ගෙන දෙනවා.

අරළු-Terminalia chebula යන උද්භිද විද්‍යාත්මක නම ඇති අරළු විශ්වීය ඖෂධයක්‌ ලෙස සැලකෙනවා. ආයුර්වේදය සහ සාම්ප්‍රදායික තිබ්බතීය ඖෂධ වේදයේ ප්‍රමුඛතම තැනක්‌ මෙයට ලැබෙනවා. මෙයට හරිතකී කියලත් කියනවා. හරිතකී කියන නමේ තේරුම සම පිරිසිදු කර එය ප්‍රභාවත් කරන්නා යන්නයි. සුදු කබරවලට මේ ඖෂධය කෙතරම් ගැලපෙනවද කියන එක එයින් තේරුම් යනවා.

දුම්මැල්ල - (මේ පුවත්පතේ පළවන ආත්‍රයිටිස්‌ රෝගයට අදාළ ලිපියේ දුම්මැල්ලවල ගුණ ගැන විග්‍රහ කර ඇත.)

කටුකරෝසන - මෙහි උද්භිද විද්‍යාත්මක නාමය Picrorrhiza Karrora වන අතර කුසගින්න වැඩි කරන, හෘද රෝග වලට මහත් සුවය දෙන, උණ, ඇදුම, කැස්‌ස සහ ලේ දෝෂ සුවපත් කරන ඖෂධීය පැළයක්‌ ලෙස සැලකෙනවා. එසේම සිරුරේ ඇතිවන දාහය අහස චර්ම රෝග සහ ක්‍රිමි රෝග සමනය කරන්නත් කටුකරෝසනවලට පුළුවන්.

රතුළුEනු - සෙම් රෝගවලට ප්‍රත්‍යක්‍ෂ ඔසුවක්‌. පීනස මර්දනය සඳහා ගොටුදඬු, වළඟසහල්, රතුළුEනු තම්බා ගත් ජලය පානය කිරීමට දෙනවා.

පෙරුම්කායම් - Ferula Foetida නමැති උද්භිද විද්‍යාත්මක ගස්‌ වර්ගයෙන් ගලන කිරි විශේෂයක්‌ වන කිලි නැති කරන (වාතයේ හා පරිසරයේ පවතින විෂ තත්ත්වය කිලි ලෙස හඳුන්වනු ලැබේ. මෙය දූෂිත වායුව ලෙස හැඳින්විය හැකිය.

ලිංගික බෙලහීනතා සහිත පුද්ගලයන්ගේ පුරුෂ ලිංගයෙහි පෙරුම්කායම් ආලේප කළ විට එම දුර්වලතා නැති වන බව පිළිගැනීමක්‌ ඇත. මෙය ඉන්දියානු සූපවේදය තුළ කුළුබඩුවක්‌ ලෙස යොදා ගන්නා අතර එමගින් ආහාර ජීර්ණය විධිමත් කරන බවට පිළිගැනීමක්‌ තිබෙනවා.

නොමිලේ විස්‌තර 037 4940866 / 071 4257711

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 May 2017 08:39 AM

සමේ රෝග වසා නොගෙන
හෙළ ඔසුවලින් සුවකර ගන්න


අම්මෝ. මේ දිනවල තියෙන්නේ පුදුම රස්‌නයක්‌. දවසකට දෙතුන් පාරක්‌ නෑවත් රස්‌නය ඇඟෙන් යන්නේ නැහැ. රෑට නිදා ගන්න පුදුම අමාරුවක්‌ විඳින්නේ. ෆෑන් දැම්මත් රස්‌නනේ කිසි අඩුවක්‌ නැහැ. දවල්ට පාරකට බහින්න බැහැ. අව්වට පිච්චෙනවා. ඇත්තටම අප ඉහතින් සඳහන් කළේ මේ දිනවල මග තෝටේදී බස්‌ රියේදී, දුම්රියේදී කාර්යාලයේදී හෝ කුමන තැනකදී වුවත් බොහෝ දෙනෙකු මුමුණන වදන් කිහිපයකි.

අධික වියළි කාලගුණික තත්ත්වයක්‌ රට පුරා පවතින අතර බොහෝ විට මෙම වියළි කාලගුණ තත්ත්වයන් හමුවේ ජනතාවට පීඩාගෙන දිය හැකි රෝගී තත්ත්වයක්‌ පිළිබඳ අප මෙවර කතා බහ කිරීමට තෝරා ගන්නෙමු. එනම් මේ දිනවල බොහෝ දෙනෙකුට වැළදිය හැකි රෝගි තත්ත්වයක්‌ වන සමේ රෝග පිළිබඳ තොරතුරු සොයා අප ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා හමුවුණෙමු.

ශරීරයේ විශාලතම, ඉන්ද්‍රිය වන සමට මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමඟ විශාල ගැටළුවලට මුහුණ දීමට සිදුවිය හැකියි. ඒ අනුව බොහෝ දෙනෙක්‌ විවිධ සමේ රෝගවලට ගොඳුරු වීමේ අවදානමක්‌ තිබෙනවා. මේ පිළිබඳ පැහැදිළි කළොත්.

වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා

සැමගේම බලාපොරොත්තුව නිරෝගී පැහැපත් සමක්‌, විශේෂයෙන්ම සමේ ඇති වන විවිධ රෝගාබාධ සාමාජයේ ජීවත් වන බොහෝ දෙනෙකු දැවැන්ත අර්බුදයකට ලක්‌වන අවස්‌ථාවක්‌.

ඇත්තටම මේ දිනවල පවතින අධික රස්‌නය නිසා වියළි කාලගුණ තත්ත්වයක්‌ සමට ඉතා හානිදායකයි. සමේ රෝග සෑදීමට මේ තත්ත්වයද එක්‌තරා අවස්‌ථාවක්‌ පමණයි. නමුත් සමේ රෝග ඇතිවීම සඳහා විවිධ හේතු කරනා බලපානවා. සමෙන් ඉටුවන කාර්යයන් අතුරින් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රීය ආරක්‍ෂාව, සිරුරේ හැඩය ඇති කිරීම, උණුසුම, රඳා පවත්වා ගැනීම සහ සිරුරට එක්‌වන විෂ, අපද්‍රව්‍ය බහිඝ්‍රාවි ක්‍රියාවන් මගින් බැහැර කිරීමද ප්‍රධාන වෙනවා. සම රෝගී වීම විවිධ අයුරින් සිදුවිය හැකියි. බාහිරින් පැමිණෙන ක්‍ෂද්‍ර ජීවී ආසාදන එක්‌ තත්ත්වයකි. එවැනි රෝග තත්ත්වයක්‌ ස්‌පර්ශයෙන්, ලිංගික ක්‍රියාමගින් මෙන්ම අපිරිසිදුකම නිසාද ඇතිවිය හැකියි.

ක්‌ෂුද්‍ර ජීවීන්ට පහසුවෙන් වැඩීමට හැකි පරිසරයක්‌ (උෂ්ණත්වය හා තෙතමනය) පුද්ගල ශරීරයේ අභ්‍යන්තර හේතු මගින් සම තුළ නිර්මාණය වීමෙන් මේ රෝගී අවස්‌ථාව උදාවේ. එවැනි අවස්‌ථාවලදී විෂබීජ ආසාධනයෙන් විකර්ෂණය කළ හැකි ඒවාට ඔරොත්තු දෙන ඉතා ප්‍රතිශක්‌තීන් ගොඩනගා ගැනීමට ආයුර්වේද ඖෂධ අනිවාර්යයෙන්ම ලබාගත යුතු වෙනවා.

ක්‌ෂුද්‍ර ජීවී ආසාධනයන්ට අමතරව සම රෝගී කරන තවත් හේතු තිබෙනවාද? ඒ ගැනත් සඳහන් කළොත්.

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - ඔව්. තවත් ක්‍රම තිබෙනවා. ඉහත සඳහන් කළ බෝවන රෝගවලට අමතරව සම තුළ ඇති වන බෝ නොවන රෝග තත්ත්වයන්ද පවතිනවා. මෙම බෝ නොවන සමේ රෝගවලට ප්‍රධානතම හේතුව රත්තය දූෂණය වීමයි. රක්‌තය දූෂණය වීමටද විවිධ හේතු කාරණ තිබෙනවා.

උපතේ සිටම පුද්ගල ශරීරයේ ඇති වන වා, පිත්, සෙම් දෝෂයන් අතුරින් පිත දොaෂය අධික උෂ්ණාධික ශරීර ඇති අයට සම පැසවීම බහුලවම දැකිය හැකි වෙනවා. වා, සෙම්, දෝෂවල දායකත්වයෙන් සම වියළීම, ඉරිතැලීම හෝ කැසීම මේ නිසා ඇති විය හැකියි.

පරිභෝජනය කරන ආහාරවල ආම්ලික ප්‍රබවයන් බිලිං, ගොරකා, සියඹලා, අන්නාසි, ආදී විටමින් සී පදාර්ථ බහුල ආහාරවල ඇති ඇස්‌කොබික්‌ ඇසිඩ්, සිට්‌රික්‌ ඇසිඩ් අධික වීම හේතුවෙන් සහ උෂ්ණාධික ආහාර දෙල්, කිරිඅල, ඉස්‌සෝ, දැල්ලෝ, බලමාළු, කකුළුවෝ අධිකව ආහාරයට ගැනීම නිසා රක්‌ත දෝෂ ඇතිවීම සිදුවේ.

රාත්‍රී නිදිවැරීම, දහවල නිදා ගැනීම තද අව්වේ ගමන් බිමන් යැම, කෑම ගත් විටම යළි ආහාර ගැනීම, විරුද්ධ ආහාර පාරිභෝජනය, මත්පැන් ගැනීම ආදී සිරුරට අහිතකර ක්‍රියාවන් තුළින්ද රක්‌ත දෝෂ ඇති විය හැකිය. ඇතැම් අයගේ ආහාර ජීර්ණ පද්ධතියේ ඇති දුර්වලතාවන් නිසාද ආම රසය රක්‌තයට එකතු වීමෙන් රක්‌ත දෝෂ ඇති විය හැක. එම නිසා මෙම විවිධ ක්‍රියාවන් තුළින් රක්‌ත දෝෂ ඇති වීමෙන් සමේ රෝග හට ගැනීම සිදු වේ.

ඉහත හේතූන්වලට අමතරව හට ගත හැකි සමේ රෝග වර්ග පිළිබඳ කතා කළොත්

දළඹු වර්ග, ගෑවීමෙන්, ඇතැම් ශාක ගෑවීමෙන් කෘමි දෂ්ඨ නවලින් සමේ පලු දැමීම ඇති විය හැකිවේ. සිරුර පුරා පලු දමා කැසීම නිසා ඒවා ඉතා දරුණු තත්ත්ව දක්‌වා වර්ධනය විය හැකියි. සමහර කාන්තාවන්ට සවස්‌ කාලයේ දිය නෑම තුළින්ද සමේ පලු දැමීම ඇති විය හැකියි.

පුංචියට හට ගන්නා මෙම රෝග ඇඟපුරා තුවාල දක්‌වා වර්ධනය විය හැකි අතර රක්‌ත දෝෂ ඇති අයට පාදවල පහළ කොටස්‌ පුපුරා දියර ගැලීම, ආදියෙන් ඇඟේ කුෂ්ඨ රෝග දක්‌වා ව්‍යාප්ත විය හැකියි.

මෙම සියලුම සමේ රෝග නිවැරදිව ආයුර්වේද ප්‍රතිකාර ඇරඹීම තුළින් සම්පූර්ණයෙන්ම සුවය ලබා ගත හැකි අතර වර්තමානයේ බොහෝ කාර්ය බහුල අයට නිසි ප්‍රමිතියෙන් යුතුව සකස්‌ කරන ලද ආයුර්වේද ඖෂධ පවතින බැවින් අපහසුවකින් තොරවම ආයුර්වේද ප්‍රතිකාරවලට යොමු වීමට දැන් අවස්‌ථාව ඇත.

රෝගීන්ට පහසුව උදෙසා අප කසාය වර්ග, ගුලි, කල්ක, චූර්ණ බෝතල් ලෙසද පෙති ලෙසද සකසා ඇති නිසා අප කරා පැමිණෙන රෝගීන් ඉතා පහසුවෙන් තම රෝග නිට්‌ටාවට සුවකර ගනු ලබයි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 8 of 137 << < 678910 > >>