You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 80 of 137 << < 7879808182 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
26 Dec 2017 03:30 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
26 Dec 2017 03:40 PM

suwa3 2ආඝාතය, හෘද රෝග තරමටම විය යුතු රෝගී තත්ත්වයකි. එහෙත් රෝගය ඇති වීමට පෙර අඩු කර ගැනීමේ හැකියාව තිබේ. ලෝකයේa වසරකට මිලියන 17ක ආඝාත රෝගීන් අතුරින් මිලියන 6.5 සංඛ්‍යාවක්‌ මියයන බවට ගණන් බලා ඇති අතර සංඛ්‍යාත්මකව එය ඉහළ අගයක පවතී.
 
 අපට කළ හැකි කුමක්‌ද?
 
 ප්‍රධාන කාරණාව අවදානම හඳුනා ගැනීමයි.
 
 අවදානම් සාධක ලෙස අධික රුධිර පිඩනය, ව්‍යායාම මදකම, ආහාර පාන රටාවේ වැරදි, කොලෙස්‌ටරෝල් අධික බව, තරබාරුව, දුම්පානය හෝ අක්‍රීය දුම්පානය, මත්පැන් පානය, දියවැඩියාව පාලනය නොකිරීම, ඇතැම් හෘද රෝග පෙන්වා දීමේ හැකියාව තිබේ.
 
 රෝග නිවාරණය වෙනුවෙන් කුඩා කල සිටම ඒ වෙනුවෙන් දරුවන් හැඩගැස්‌වීමට වගබලා ගත යුතුය. සිරුරේ නාලවල මේදය තැන්පත් වීම ආරම්භ වන්නේ අවුරුදු 10 - 20 වැනි වයසකදී බව විශේෂයෙන් මවුපියන් සිහි තබා ගත යුතු වන්නේ ආහාර පාන භාවිතයේදී සැලකිලිමත් විය යුතු නිසාවෙන්ය.
 
 ආඝාතයේ අවදානම බලාගත හැකි තත්ත්වයන් තිබේ. අවදානම දැනගත් විට ජීවන රටාවේ වෙනස්‌ කිරීම් කර ගත යුතුය. දුම්පානය කරන්නේ නම් දුම් පානයෙන් වැළකීමට වගබලා ගත යුතුය.
 
 දුම්පානය නැවැත්වීමේදි, විනාඩි 20 ක්‌ ඇතුළත රුධිර පීඩනයේa අඩුවක්‌, හෘද ගැස්‌මේ අඩුවක්‌ වේ නම් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වන්නේ අවදානම් තත්ත්වයක්‌ නිසාවෙන්ය.
 
 මෙම තත්ත්වයන් මත ආඝාත අවදානමට අවුරුදු පහක්‌ පමණ ගත විය යුතු වුවත් ඒ වෙනුවෙන් සැලකිලිමත් වීම ජීවිතයට තවත් ප්‍රයෝජන ලබා දෙනු ඇත.
 
 අවදානම් තත්ත්වයන් යටතේ මත්පැන් සීමා කිරීම, ආහාරයේ ලුණු ප්‍රමාණය අඩු කිරීම, ක්‍ෂණික ආහාර සහ කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර ගැනීම සීමා කිරීම වඩාත් හොඳය.
 
 මෙහිදී විශේෂයෙන් මතක තබා ගත යුතු වන්නේ සිරුරට අවශ්‍ය ලුණු ප්‍රමාණයට වඩා වැඩි ලුණු ප්‍රමාණයක්‌ අප සිරුරට ලබා ගන්නා නිසාවෙන් හැකිතාක්‌ ලුණු ප්‍රමාණය අඩු කිරීමටයි.
 
 සිරුරේ බර මනාව පවත්වා ගෙන යැමට උත්සාහ කළ යුතුය. ඊඵෂ ස්‌කන්ධ දර්ශකය අනුව 18 - 29 අතර බර පවත්වා ගැනීම නිරෝගි දිවියකට පිටිවහලක්‌ වනු ඇත.
 
 බර නිවැරදි වුවත් උදර තරබාරුව වැඩි නම් ආඝාතයට අවදානමක්‌ ඇත. එනම් පුරුෂයන්ගේ අඟල් 40 වැඩි නම් හෝ කාන්තාවන්ගේ අඟල් 35 වැඩි නම් එය හොඳ තත්ත්වයක්‌ නොවනු ඇත.
 
 මෙම තත්ත්වයන් මඟ හරවා ගැනීමට දිනකට පැය 1/2 සක්‍රිය ව්‍යායාමයක යෙදිය යුතුය. සතියට පස්‌ වතාවක්‌ විනාඩි 150 ප්‍රමාණවත්ය. සිරුරට දැනෙන ලෙස ඇවිදීම හොඳම ව්‍යායාමයකි.
 
 ආහාර පිරමිඩයක්‌ ගෙන බැලීමේදී එහි උඩම කොණ සංතෘප්ත මේද, ලුණු, සීනි, ක්‍ෂණික ආහාරවලට වෙන් කළ යුතුය. එනම් ස්‌වල්ප ප්‍රමාණයකි.
 
 ප්‍රධාන ආහාර වේල් සඳහා නිවුඩු සහිත ආහාර එළවළු, පලතුරු ආහාරයට එක්‌කර ගත යුතුය. එළවළු වර්ග 3 හා පලතුරු වර්ග 2 ක්‌ ගත හැකි නම් වඩාත් යෝග්‍යය. පලතුරු ගැන කතා කිරීමේදී ලංකාවේ හැදෙන පලතුරු වර්ග රාශියක්‌ ඇත.
 
 අධික රුධිර පීඩනය 120/80 මට්‌ටමේ පැවතීම හොඳය. එය 140/90 නම් හොඳ තත්ත්වයක්‌ නොවනු ඇත.
 
 දියවැඩියාව සඳහා රුධිර පරීක්‌ෂාවේදී 100 ට හෝ ඊට වැඩි නම් අවදානම් තත්ත්වයක තිබේ. 100 - 125 අතර අවදානම වැඩිය. 126පටරැd1 - දියවැඩියාව තිබේ. රුධිර කොලෙස්‌ටරෝල් .කෘඛ - C කැඩැකඝ100පටරැd
 
 සුළු ආඝාත තත්ත්ව විනාඩි කිහිපයකින් සුව වේ. එහෙත් එය ඉදිරියේදී ඉතාම අවදානම් තත්ත්වයක්‌ වීමට පුළුවන.
 
 සියයට 75 පමණ වූ පිරිසකට සුළු ආඝාත තත්ත්වය ඇති වන්නේ නැත. එහෙත් සියයට 25 පමණ වූ පිරිසක්‌ සුළු ආඝාතයට පත්වන තත්ත්වයක්‌ ඇත.
 
 දිවිය සෞඛ්‍ය සම්පන්න ලෙස පවත්වා ගැනීම තුළ සියයට 80 ක්‌ම ආඝාතය වළක්‌වා ගැනීමේ හැකියාව තිබේ.
 
 ශික්‌ෂණ රෝහල්, පළාත් රෝහල් මෙන්ම දිස්‌ත්‍රික්‌ රෝහල්වල ආඝාතයට ප්‍රතිකාර තිබෙන බව අමතක නොකළ යුතුය.
 
 (සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති දේශනයක්‌ ඇසුරිනි.)
suwa3 

 සාකච්ඡා කළා වසන්තා ශ්‍රියාකාන්ති

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
26 Dec 2017 03:45 PM

suwa5 1තනිකම, විශාදය (ඩිප්‍රෙෂන්) හා කාංසාව මහලු වියෙහි පසුවන වැඩිහිටියන් බොහෝ දෙනකු මුහුණපානු ලබන තත්ත්වයක්‌. මෙම තත්ත්වයන්ගෙන් මිදීම සඳහා බටහිර රටවල නම් පූසන් හා බල්ලන් වැනි සුරතල් සතුන් ඇතිදැඩි කිරීම බහුලව දක්‌නට ලැබෙන්නක්‌. ඇමරිකා එක්‌සත් ජනපදයේ රෝඩ් දූපතෙහි පිහිටි හැස්‌බ්‍රොa හා බ්‍රවුන් විශ්වවිද්‍යාලයෙහි විද්‍යාඥයින් පිරිසක්‌ විසින් මෙසේ මහලු වියෙහි පසුවන්නන්ට ඔවුන් මුහුණපාන ඉහත කී මානසික රෝග තත්ත්වයන්ගෙන් මිදීම සඳහා උපකාර කිරීමට සමත් සැබෑ පූසෙකුට සමාන වූ කෘත්‍රිම රොබෝ පූසෙකු නිපදවා තිබේ.
 
 මෙම රොබෝ පූසා සිය වැඩිහිටි අයිතිකරුවා හෝ අයිතිකාරියගේ පාළුව, තනිකම මැකීමට අමතරව ඔවුන්ගේ ඇස්‌ කණ්‌ණාඩිය සොයා දීමටත්, රෝගයකට බෙහෙත් ගන්නේ නම් බෙහෙත් නිසි වේලාවට ගැනීමට මතක්‌ කිරීමත් සිදුකරන බව විද්‍යාඥයෝ පවසති. වෛද්‍යවරයා වෙත යැමට වේලාවක්‌ වෙන් කර ඇත්නම් අයිතිකරුට එය මතක්‌ කර දීමේ හැකියාවද මෙම පූසාගේ ඇති විශේෂත්වයකි.
 
 මෙම රොබෝ පූසා සැබෑ පූසෙකු මෙන් "ඤාව්" යනුවෙන් කෑගැසීම සිදුකරන අතර පහුරු ගෑම හා බෙල්ල අතගෑමට අයිතිකරු යොමු කරමින් බිම පෙරළීම සිදු කරයි.
 
 "මෙම රොබෝ පූසා හැසිරවීමට මනුෂ්‍යයින් අවශ්‍යයි. මෙම පූසා තම අයිතිකරුට ස්‌නේහය දක්‌වන ආදරණීය සතෙකු කිරීමට පරිගණක සහායකයකුගේ උදව් අවශ්‍ය" යෑයි රොබෝ පූසා නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියෙහි විද්‍යාඥවරයකු වන බ්‍රවුන් විශ්වවිද්‍යාලයෙහි පර්යේෂකවරයකු ද වන මහාචාර්ය බර්ට්‍රම් මල්ලේ පවසයි.
 
 මෙම රොබෝ පූසා ඉදිරියේදී වැඩිහිටි නිවාසවලද දක්‌නට ලැබෙනු ඇතැයි ඔහු කියයි.
 
 මෙම පූසාට කෘත්‍රිම බුද්ධිය ඇතුළත් කිරීමට එය නිපදවූ විද්‍යාඥයන් සේවය කරන හැස්‌බ්‍රොa හා බ්‍රවුන් විශ්වවිද්‍යාලයට ඇමරිකානු ඩොලර් මිලියනයක ආධාර මුදලක්‌ ඇමෙරිකානු ජාතික විද්‍යා පදනම විසින් ලබාදී තිබේ.
 
 දැනටමත් මෙම රොබෝ පූසා වෙළෙඳපොළට නිකුත් කර ඇති අතර එහි මිල ඇමරිකානු ඩොලර් 100 කි. කෘත්‍රිම බුද්ධිය ඇතුළු කිරීමෙන් පසු එය ඩොලර් සිය ගණනකටම දැරිය හැකි මුදලකට අලෙවි කිරීමට විද්‍යාඥයින් විසින් සැලසුම් කර තිබේ.
 
 ඒමන්ති මාරඹේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
26 Dec 2017 03:51 PM

suwa6ජංගම දුරකථනයන් කෙටි රේඩියෝ තරංග භාවිත කරමින් තොරතුරු සම්ප්‍රේෂණය කළ ද අති විශාල ලිපිගොනු (ෆයිල්ස්&zwnj ඒ හරහා බා ගැනීමේ දී (ඩවුන්ලෝඩ්) සෞඛ්‍යයට අහිතකර වන අයුරින් විකිරණවලට අප නිරාවරණය විය හැකි බව වෛද්‍යමතය වී තිබේග

ජංගම දුරකථනවලින් නිකුත් කෙරෙන විකිරණවලට නිරාවරණය වීම හා එම විකිරණ හේතුවෙන් හටගන්නා සෞඛ්‍ය තර්ජනයන් අඩු කිරීම සඳහා තම ජංගම දුරකථනයන් අඩි ගණනාවක්‌ ඈතින් තබා ගන්නා ලෙස ඇමරිකා එක්‌සත් ජනපදයේ කැලිෙෆdaනියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ජනතාවට අනතුරු අඟවා තිබේග

ඉකුත් දෙසැම්බර් 14 වැනිදා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙම අනතුරු ඇඟවීම සිදු කරන ලද්දේ ජංගම දුරකථනවලින් නිකුත් කෙරෙන විකිරණ හේතුවෙන් පිළිකාවන්ල අවධානය සම්බන්ධ ගැටලුල මානසික සෞඛ්‍ය ගැටලු හා ප්‍රජනක සෞඛ්‍ය ගැටලු හට ගත හැකි බවට ලැබී ඇති අති විශාල සාක්‍ෂි මත පදනම්ව බව ප්‍රකාශ වී තිබේග ජංගම දුරකථනයන් කෙටි රේඩියෝ තරංග භාවිත කරමින් තොරතුරු සම්ප්‍රේෂණය කළ ද අති විශාල ලිපිගොනු (ෆයිල්ස්&zwnj ඒ හරහා බා ගැනීමේ දී (ඩවුන්ලෝඩ්) සෞඛ්‍යයට අහිතකර වන අයුරින් විකිරණවලට අප නිරාවරණය විය හැකි බව වෛද්‍යමතය වී තිබේග

කැලිෙෆdaනියානුසෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව පර්යේෂණයන් හරහා ජංගම දුරකථනයන්ගෙන් නිකුත් වන විකිරණ භයානක බව මෙතෙක්‌ නිශ්චිතව තහවුරු කර නැතත් වෙනත් අධ්‍යයනවලදී එම විකිරණ විශේෂයෙන් ම ළමුන්ට අහිතකර බව අනාවරණය වී තිබේග කැලිෙෆdaනියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් මෙම අනතුරු ඇඟවීම් නිකුත් කරන ලද්දේ ඇමරිකා එක්‌සත් ජනපදයේ බර්ක්‌ලී හා සැන් µ්‍රeන්සිස්‌කෝ නගර බලධාරිහු සිය නගරවාසීන්ට තම ජංගම දුරකථනයන් ශරීරයට තරමක්‌ දුරින් තබා ගන්නා ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කළ පසුයග

රේඩියෝ තරංග සහිත ජංගම දුරකථනයන් මෙහිදී අඩුම විකිරණ ප්‍රමාණයක්‌ නිකුත් කරන දුරකථනයන් සේ ගැනුනදල අප ජංගම දුරකථනයන් සමීපයෙහි තබා ගැනීම භයානක විය හැකි බව පර්යේෂකයින්ගේ මතය වී තිබේග

සෘජුවම ජංගම දුරකථනයක්‌ ශරීරය මත තබා ගැනීම කිසිසේත් නිවැරැදි අදහසක්‌ නොවන බව පාරිසරික සෞඛ්‍ය පදනමෙහි ආචාර්ය ඩෙව්රා ඩේවිස්‌ පවසන්නීයග මෙහිදී හැකිතාක්‌ ස්‌පීකරයක්‌ සහිත ජංගම දුරකථන හෝ හෑන්ඩ්ස්‌ µ්‍රS සෙට්‌ උපාංගයන් සහිත දුරකථනයන් විකිරණවලට නිරාවරණය වීම අඩු කර ගැනීම සඳහා භාවිතා කරන ලෙස කැලිෙෆdaනියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව උපදෙස්‌ නිකුත් කර තිබේග බොහෝ දෙනා නොදන්නා කරුණක්‌ වනුයේ ජංගම දුරකථනයන් ශරීරය මත තබා ගැනීමෙන් වළකින ලෙසට පැහැදිලි අනතුරු ඇඟවීමක්‌ එම දුරකථන සමාගම් නිකුත් කරන බව යෑයි ආචාර්ය ඩෙව්රා කීවායග

කැලිෙෆdaනියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශන මාලාවට අනුව ජංගම දුරකථනවලින් නිකුත් වන විකිරණ වැඩිහිටියන්ට වඩා ළමුන්ගේ මොළයට ඇති කරන බලපෑම වැඩියග මෙම විකිරණවලට නිරාවරණය වීම ළමුන්ගේ මනසෙහි වර්ධනයට ද හානිකර විය හැකි බව වෛද්‍ය මතයයිග

මොළයේ හෝ කන්වල පිළිකාවන් හට ගැනීමට ජංගම දුරකථනවලින් නිකුත් වන විකිරණ හේතු විය හැකි බව කැලිෙෆdaනියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයිග

එම දෙපාර්තමේන්තුවට අනුව හෑන්ඩ් µ්‍රs සෙට්‌ උපාංගය භාවිත කිරීමෙන්ල ජංගම දුරකථනය සමඟ නිදා ගැනීමෙන් වැළකීමත්ල (කොට්‌ටය යට තබා ගැනීමෙන් වැළකීම) එම දුරකථනයන් කමිසරැ කලිසම් සාක්‌කුවල නොදමා හා බෙල්ට්‌ එකට සවි නොකර බෑගයක රැගෙන යැමත්ල නිරතුරුවම ජංගම දුරකථනය කන්වලට හා හිසට ආසන්නයේ තැබීමෙන් වැළකීම විකිරණවලින් ආරක්‍ෂා වීමේදී වැදගත් යග

භාවිත නොකරන විට ජංගම දුරකථනයෙහි එයාර් ප්ලේන් මෝඩය ක්‍රියාත්මක කිරීම හෝ දුරකථනය ක්‍රියා විරහිත කිරීමත්ල කතා කිරීමට වඩා කෙටි පණිවිඩ යෑවීමත් විකිරණ ශරීරගත වීම අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයන්යග

නවතම අධ්‍යයන යන්ගෙන් හෙළි වී ඇත්තේ තම කලිසම්රැ කමිස සාක්‌කුවල ජංගම දුරකථනය තබා ගන්නා පිරිමින්ගේ ශුක්‍රානු මට්‌ටම අඩු විය හැකි බව යෑයි ආචාර්ය ඩෙව්රා සඳහන් කරන්නීයග දැනට සතියකට පමණ පෙරදී ප්‍රංශය ප්‍රාථමික හා මධ්‍යම පාසල් ශ්‍රේණිවල ජංගම දුරකථන භාවිත කිරීම තහනම් කරනු ලැබූ අතර එයට හේතු වී ඇත්තේ ළමුන්ගේ මානසික සෞඛ්‍යයට ජංගම දුරකථනවලින් බලපෑම් එල්ලවීම වැළැක්‌වීමයිග

ඒමන්ති මාරඹේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
26 Dec 2017 03:53 PM

26 Dec 2017 03:54 PM

26 Dec 2017 04:03 PM

suwa1පළමු ලිංගික එක්‌වීම සම්බන්ධව අප සමාජයේ බොහෝ දෙනා තුළ ඇත්තේ අනියත බියකි. විශේෂයෙන්ම මෙය කාන්තාවන් තුළ ඉතා ප්‍රබලව පවතී. තමාගේ පිවිතුරු බව ඔප්පුකර පෙන්වීම, කන්‍යා පටලය බිඳීයැම ආදී කරුණු සම්බන්ධව පවතින මතවාද වලින් සිත පුරවාගෙන සිටින ඔවුන්ට පළමු ලිංගික එක්‌වීම යනු වධකාගාරයකට වැරදිකරුවකු හා සමානය. මෙවැනි මානසික පීඩනයෙන් සිටින කාන්තාවට තම සහකරු සමඟ සාර්ථකව ලිංගිකව එක්‌වීමට නොහැකි වේ.
 
 එසේම ලිංගික අතවරයකට ලක්‌වූ කාන්තාවන් ද නැවත ලිංගිකව එක්‌වීමේදී දැඩි ලෙස බියට පත්විය හැකිය. එවිට ඔවුනට ද නිසි ලෙස ලිංගිකව එක්‌වීමට මුහුණදිය නොහැකි විය හැකිය.
 
 මෙවැනි අවස්‌ථාවකදී බොහෝ විට සිදුවන්නේ ලිංගිකව එක්‌විය නොහැකි ආකාරයෙන් යෝනි මාර්ගයේ ඇතිවන තද බවයි. මෙය වැජිනිස්‌මස්‌ ලෙස හඳුන්වයි.
 
 මෙම තත්ත්වය නිසා කාන්තාවකට ලිංගිකව එක්‌විය නොහැකි ආකාරයෙන් යෝනි මාර්ගය තදවීම නිසා ලිංගික සංසර්ගය වේදනාකාරී මෙන්ම අසාර්ථක විය හැකිය.
 
 යෝනි මාර්ගයේ තදබව
 
 යෝනි මාර්ගයේ තදබව එසේත් නැතිනම් වැජිනිස්‌මස්‌  තත්ත්වය විවිධ කායික හෝ මානසික හේතූන් නිසා ඇතිවිය හැකිය. ඉන් ප්‍රධාන වශයෙන් හේතු වන්නේ මානසික සාධකය.
 
 වැජිනිස්‌මස්‌ තත්ත්වයෙන් පෙළෙන කාන්තාවන්ගේ සහකරුවන් අතරින් බොහෝ දෙනා සිතා සිටින්නේ තම සහකාරිය ලිංගික සංසර්ගයට අකමැති බවය. මෙය වැරදි මතයකි. මෙම කාන්තාවන් අතරින් බොහෝ දෙනකුට ලිංගික ආශාව සාමාන්‍ය මට්‌ටමක පවතී. ඔවුන් ලිංගික සංසර්ගයේ යෙදීමට කැමැති වුවත් තම යෝනි මාර්ගයේ ක්‌ෂණිකව ඇතිවන තද බව නිසා එය අසාර්ථක වේ. මෙම තත්ත්වය නිසා ඔවුන් තුළ ඇති විශ්වාසය ගිලිහී යැම දුක හා ලැඡ්ජාවට පත්වීම ආදී විවිධාකාර මානසික ගැටලු ඇතිවේ. ඉන් එම කාන්තාවෝ විවිධාකාර මානසික ගැටලුවලින් පීඩා විඳිති.
 
 මෙම තත්ත්වය බොහෝ විට ඇතිවන්නේ පළමුවර ලිංගිකව එක්‌වීමකට උත්සාහ දැරීමේදීය. එම නිසාම ඔවුන්ට ලිංගික සංසර්ගයේ යෙදීමට හැකියාවක්‌ නැතිවිය හැකිය. මෙයට කලින් ලිංගිකව අක්‍රියව සිටි කාන්තාවකට වුව ද...
 
 මෙම වැජිනිස්‌මස්‌ තත්ත්වය ඇතිවිය හැකිය. එය කලාතුරකින් සිදුවිය හැකි තත්ත්වයකි. මෙය බොහෝ විට සංසර්ගය වේදනාකාරී වීම නිසා ඇතිවන තත්ත්වයකි. එසේම මෙම තත්ත්වය ලිංගික සංසර්ගය පමණක්‌ නොව යෝනි මාර්ගය වෛද්‍යවරයකු විසින් පර්යේෂණයට භාජනය කිරීම වැනි අවස්‌ථා වලදී පවා ඇතිවිය හැකිය
 
 ඇතැම් කාන්තාවන්ට වැජිනිස්‌මස්‌ තත්ත්වය ලිංගික සංසර්ගයේ යෙදෙන අවස්‌ථා වෛද්‍ය පර්යේෂණ යන ඕනෑම අවස්‌ථාවකදී ඇතිවේ. තවත් පිරිසකට මෙම තත්ත්වය ඇතැම් සහකරුවන් සහ ඇතැම් අවස්‌ථාවලදී පමණක්‌ ඇතිවිය හැකිය.
 
 වැජිනිස්‌මස්‌ තත්ත්වය යම් කාන්තාවකට මුල සිටම පවතින්නේ නම් එය බොහෝ විට සංසර්ගය වේදනාකාරී වේ යෑයි ඇති බිය හෝ සැකය වැනි මානසික හේතු නිසා ඇතිවිය හැකිය.
 
 ලිංගික හිංසනයකට භාජනය වී තිබීම නිසා හෝ ලිංගික සම්බන්ධතාවයේ ගැටලු නිසා ද කලාතුරකින් මෙම වැජිනිස්‌මස්‌ තත්ත්වය ඇතිවිය හැකිය. කලක්‌ ලිංගිකව සක්‍රීයව සිටි කාන්තාවකම මුත්‍රා හෝ යෝනි මාර්ගයේ ආසාදන, දරු ප්‍රසූතිය, ආර්තවහරණය, ඇතැම් පිළිකා, යෝනි මාර්ගය ආශ්‍රිත ශල්‍යකර්ම හෝ යෝනි මුඛය ආශ්‍රිත වේදනාකාරී තත්ත්ව නිසා ද වැජිනිස්‌මස්‌ තත්ත්වය ඇතිවිය හැකිය.
 
 ප්‍රතිකාර
 
 වැජිනිස්‌මස්‌ තත්ත්වය සඳහා සාර්ථක ලෙස ප්‍රතිකාර කළ හැකිය. මෙහිදී සිදුකරන ප්‍රතිකාරය ඇයට වැජිනිස්‌මස්‌ තත්ත්වය ඇතිවීමට හේතුකාරක වූ සාධකය මත තීරණය වේ. බහුලව භාවිත වන ක්‍රමවේදයක්‌ වන ක්‍රමාණුකූල අසංවේදකරණය යොදාගෙන ප්‍රතිකාර කළ කාන්තාවන් 90% කට වැඩි පිරිසක්‌ එයින් සාර්ථක ප්‍රතිඵල ලබා ඇති බව විද්‍යාත්මක පර්යේෂණ වලින් පෙන්වා දී ඇත. කායික ප්‍රතිකාර ක්‍රමයක්‌ මෙහිදී ක්‍රමානුකූල අසංවේදන අභ්‍යාස මඟින් එම කාන්තාවන්ට තම යෝනි මාර්ගයේ මාංශපේශී සංකෝචනය හා ඉහිල් කිරීමට හැකියාව ලබාදෙයි. මේ තත්ත්වය සඳහා ශල්‍යකර්මමය ප්‍රතිකාර නැත.
 
 වැජිනිස්‌මස්‌ තත්ත්වයට හේතුව කුමක්‌ වුවත් මෙය එම කාන්තාවන්ට මානසිකව බලපෑම් ඇති කරයි. කායික තත්ත්වයක්‌ නිසා ඇති වුවත් බොහෝ විට මෙම කාන්තාවන් ආත්ම විශ්වාසය හීනවීම පුද්ගල සම්බන්ධතාවල ගැටලු මානසික ආතතිය හා බිය වැනි තත්ත්ව වලින් පීඩා විඳිති. එම නිසා වැජිනිස්‌මස්‌ තත්ත්වයෙන් පෙළෙන කාන්තාවන් බොහෝ දෙනාට මනෝ උපදේශනය උපකාරී වේ.
 
 ලිංගික ගැටලු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලසන්ත මලවිගේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
26 Dec 2017 04:40 PM

ඖෂධ පැළෑටි හඳුනා ගැනීමට දරුවන් පුරුදු කිරීම මව්වරුන්ගේ යුතුකමක්‌
 
monarakudumbiyaඑදිනෙදා ජීවිතයේ දී නිරෝගී භාවය වෙනුවෙන් බොහෝ විට වෙහෙසෙන්නේ නිවසක මව, බිරිඳ එසේත් නැතිනම් ගෘහණිය ය. පවුලේ අයගේ නිරෝගී භාවය වෙනුවෙන් බොහෝ තැනකදී තීන්දු තීරණ ගන්නා ගෘහණියට සමාජයේ ඇතැම් තැනකදී නිසි පිළිතුරක්‌ ලබාගත නොහැකිව ගැටලු මතුවන තත්ත්වයක්‌ තිබෙන්නේ අද සුදුසු යෑයි පවසන දේශීය ආහාරපාන වර්ග හෙට දිනයේ නුසුදුසු බවට ඇසෙන්නට වීම නිසාවෙන් ය.
 
 දියවැඩියාව, කොලෙස්‌ටරෝල් වැනි රෝග පාලනයට කාමරංගා සුදුසු බවට වූ කතාව හමුවේ මෑතකදී අසන්නට ලැබුණේ එය සුදුසු නොවන තත්ත්වයක්‌ය. වෙළෙඳ පොළේ වෙන කවරදාකටත් වඩා කාමරංගා දක්‌නට ලැබුණේ විශේෂයෙන්ම ගෘහණියන් ඒ පිළිබඳ අවධානයක්‌ යොමුකළ නිසාවෙන්ය.
 
 එලෙස යම් කතාවක්‌ පැතිර ගියද කාමරංගා නුසුදුසු බවට නිවැරදි පරීක්‍ෂණයකින් තවමත් ඔප්පු වී නොමැත.
 
 කාමරංගා වකුගඩුවලට නුසුදුසු බවට වූ ප්‍රකාශය හමුවේ ආයුර්වේදයෙන් තවම ඒ වෙනුවෙන් නිශ්චිත පරීක්‍ෂණයක්‌ කර නොමැති වුවත් මෙම ප්‍රකාශයත් සමඟ පරීක්‍ෂණ සඳහා අවතීර්ණ වී තිබෙන්නේ සත්‍ය සොයා ගැනීම වෙනුවෙන්ය.
 
 කාමරංගා ගැන කතා කිරීමේදී රුධිරයේ සීනි මට්‌ටම අඩුකර ගැනීමට කාමරංගා සතු ගුණයක්‌ පවතී. එවැනි දේශීය ඖෂධ හමුවේ ආහාර මගින් රෝග සමනය හෝ සමථයකට පත්කර ගත හැකි නම් ඒ පිළිබඳ විශේෂයෙන්ම පවුලක ගෘහණිය දැනුවත් වීම තුළ බොහෝ ප්‍රයෝජන ලබා ගැනීමේ හැකියාව ඇත.
 
 කාමරංගා මෙන්ම කොතලහිඹුටු දියවැඩියාවට ඉතාම ගුණදායක ඖෂධයකි. ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ වැවෙන කොතලහිඹුටු ලෝකයේ රටවල් ගණනාවක දියවැඩියාව සඳහා භාවිතයට ගන්නා ඖෂධයක්‌. විශේෂයෙන්ම ජපානයේ බොහෝ වැසියන් සාමාන්‍ය දින චර්යාවේදී කොතලහිඹුටු පානයක්‌ ලෙසින් භාවිත කරනවා.
 
 කොතලහිඹුටු පිළිබඳ විශේෂ අවධානයක්‌ යොමුකර ඇති ජපන් ජාතිකයෝ ආහාරපානවලට කොතලහිඹුටු සාරය මිශ්‍රකර ඔවුන්ගේ ජාතිකයන්ට එය ලබාදීම පිළිබඳ වැඩසටහනකට අවතීර්ණ වී සිටින්නේ
 
 ශ්‍රී ලංකාව තුළයි. ඔවුන් ඒ තරමටම එහි ගුණ තේරුම් ගෙන තිබෙනවා.
 
කොතලහිඹුටු දේශීය ඖෂධ නිෂ්පාදනයේ දී විශේෂයෙන්ම දියවැඩියා ඖෂධ වෙනුවෙන් භාවිත කරනවා. එතැනදී එහි ඇති අහිතකර යම් කොටස්‌ ඉවත්කර තවත් ඖෂධ එක්‌ කිරීමෙන් ඉතාම හොඳ ඖෂධ නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. මේ සියලු දෙයට ශ්‍රී ලංකාව තුළ වැවෙන ශාඛ වර්ග ඉවහල් වෙනවා.
 
අපේ පරිසරයම වෙද ගෙදරක්‌ වගෙයි. වටපිටාවේ තිබෙන්නේ බොහෝමයක්‌ ඖෂධ වර්ගයි. එදා අපේ මුතුන් මිත්තන් අවට පරිසරය සමඟ ජීවත් වූ නිසා බොහෝ රෝග පීඩාදීන්ගෙන් ගැළවී ජීවත් වුවත් අද එවැනි තත්ත්වයක්‌ නොවීම තුළ මිනිසා එන්න එන්නම රෝගීවන තත්ත්වයක්‌ දකින්නට පුළුවන්.
 
 ඒත් ඒ වෙනුවෙන් නැවතත් අපේ ගෘහණියන් මුල් තැනක්‌ ගන්නවා නම් දේශීයත්වයට මුල්තැන දෙමින් ආහාරපාන පිළියෙල කර ගන්නවා නම් දේශීය ඖෂධ පැළෑටි හඳුනාගෙන ඒවා ප්‍රයෝජනයට ගන්නවා නම් නිරෝගිකම ළඟාකර ගැනීම එතරම් අපහසු නැහැ.
 
 එදා අපේ මුතුන්මිත්තන් ඖෂධ පැළෑටි ගැළපෙන ලෙසට එක්‌කර ප්‍රයෝජනයට ගැනීමට දැනුවත්ව සිටියත් අද එහෙම ගෘහණියන් ඇත්තේම නැති තරම්.
 
 උදාහරණයක්‌ ලෙසට මෙහෙම හිතන්න. උම්බලකඩ, මිරිස්‌, දෙහි, ලුණු ලූනු එක්‌කර සම්බෝලය සෑදීමේදී එය හරිම රසවත්. අගුණයක්‌ නැහැ. ඒත් මිරිස්‌ තනිව ගුලියක්‌ සාදා ආහාරයට ගන්නට බැහැ. එය සිරුරට හිතකර නැහැ. අන්න ඒ වගේ.
 
 ජපන් ජාතික විද්‍යාඥ ජොහිකාවා සෙමායල් විසින් කොතලහිඹුටු සම්බන්ධව සොයාගත් දත්ත අනුව පවසන්නේ රුධිරයේ සීනි මට්‌ටම වැඩිවීමට හේතු වන්නා වූ ග්ලුකොසයිඩේස්‌ නම්වූ එන්සයිමයේ ක්‍රියාකාරිත්වය නිෂේධනය කිරීමට කොතලහිඹුටුවලට හැකියාවක්‌ තිබෙන බවයි. මෙම පරීක්‍ෂණයට තවත් ඖෂධ එක්‌කර ජපානය දියවැඩියාවෙන් තොර රටක්‌ බවට පත් කිරීමට සොහිකාවා ප්‍රමුඛ කෙයටෝ විශ්වවිද්‍යාල මහාචාර්ය කණ්‌ඩායම පියවර ගෙන තිබෙන්නේ අපේ දේශීය ඖෂධ ගුණය හඳුනාගෙන ඇති නිසාවෙනුයි.
 
 මේ අතර මොණරකුඩුම්බියත් සුවිශේෂී ශාඛයක්‌. අපේ එදා ගෙවතුවල නිතර දක්‌නට ලැබුණත් අද ඉන්න ළමයි පමණක්‌ නොව ඇතැම් වැඩිහිටියන් පවා මොණරකුඩුම්බිය පැළෑටිය හඳුනන්නේ නැහැ.
 
 එදා අපේ අම්මලා, ආච්චි අම්මලා උදෑසන කැඳ පිළියෙල කිරීමේදී අනිවාර්යෙන්ම එක්‌කර ගත් පැළෑටියක්‌ ලෙසට මොණරකුඩුම්බිය හඳුන්වා දිය හැකියි. මෙම උසස්‌ මට්‌ටමේ ඖෂධීය වටිනාකමක්‌ ඇති ඖෂධ පැළෑටිය නොසළකා හැරීම සැබැවින්ම කනගාටුවට කාරණාවක්‌.
 
 මොණරකුඩුම්බිය හිසේ රෝගවලට, ආමාශය, අග්න්‍යාශය, පිත්තාශයේ රෝග වැනි රෝගවලට ඉතාම ගුණදායක වුවත් දිනපතා භාවිතයෙන් බොහෝ තැනකදී ඉවත්වීම නිසා අද මිනිසුන්ට මෙහි ගුණ ලබා ගැනීමට හැකිවී තිබෙන්නේ රෝගයකට ඖෂධ ගැනීමේදියි. එනම් මෙම වටිනා ඖෂධ පැළෑටිය ඖෂධ නිෂ්පාදනයට එක්‌කර ගැනීම නිසාවෙනි.
 
 මෙම ඖෂධය දියවැඩියා රෝගීන්ට මෙන්ම පිළිකා වැළඳුනු රෝගීන්ට කැඳ හෝ වෑංජනයක්‌ ලෙස සකසා දීමෙන් රුධිර පට්‌ටිකා වර්ධනයට හේතු වේ.
 
 එයට අමතරව අග්න්‍යාශයේ ලැන්ගර්හැන්දීපිකාවල බීටා සෛල නිෂ්පාදනය වීමට මොණරකුඩුම්බිය සහ හීන් බෝවිටියා සමව ගෙන කැඳ උයා හෝ වෑංජනයක්‌ හැටියට ගැනීමෙන් දියවැඩියා රෝගය සුවපත් වීමට එය මහඟු පිටිවහලක්‌
 
 මොණරකුඩුම්බිය ශාකයේ ඇති තවත් ඖෂධීය ගුණයක්‌ නම් සමේ රෝග සුවත් කිරීමට මෙන්ම සම පැහැපත් කිරීම ස්‌වභාවිකව ඇති කිරීමට ඇති ගුණයයි.
 
 රජ කාලයේ බිසෝවරු මොණරකුඩුම්බිය සුදු හඳුන්, කොකුම්පොතු, සැවන්දරා වැනි ඖෂධීය ගුණයෙන් යුත් ශාක, රූපලාවන්‍ය වැඩිකර ගැනීම වෙනුවෙන් භාවිත කර තිබේ. එනම් මේවා සමව ගෙන අඹරා ශරීරයේ ආලේප කර පැයක්‌ හෝ දෙකක්‌ පමණ තබා සෝදා දැමීමෙන් පැහැපත් බවත්, සමේ නිරෝගීමත් බව සහ තෙතමනයත්, සමට සුවඳත් ලබාගති.
 
 පෙනීම දුර්වල අයට ඇසට සම්බන්ධ ස්‌නායු පද්ධතියේ දුර්වලතා මඟහැර ඇස්‌ පෙනීම වැඩිකර ගැනීමට මොණරකුඩුම්බිය ලබා දෙන්නේ ප්‍රබල ශක්‌තියකි.
 
 මොණරකුඩුම්බිය පංචාංගයම, බැබිල මුල්, නීරමුල්ලිය, අමු ඉඟුරු සමව ගෙන තම්බා සතියකට දෙවරක්‌ පානය කිරීමෙන් රුධිරයේ ඇති විෂ ස්‌වභාවයෙන්ම පහව යන අතර උෂ්ණාධික බව සුවපත් වීමටත් මෙය හේතුවකි.
 
 මෙවැනි වූ ඖෂධ පැළෑටි අමතක නොකර ආහාර පාන වෙනුවෙන් යොදා ගැනීමේ වැදගත්කම මව බිරිඳ හෝ ගෘහණිය ලෙසින් තේරුම් ගැනීමේ වැදගත්කම පවුලක නිරෝගීකම වෙනුවෙන් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
 
 මෙවැනි දේශීය ඖෂධ පිළිබඳ තවත් තොරතුරු අවශ්‍ය නම් ඒ පිළිබඳ නොමිලේ විස්‌තර දැන ගැනීමට 0719887572 අංකයෙන් වෛද්‍යතුමන් සම්බන්ධ කරගත හැක.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
26 Dec 2017 04:42 PM

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
26 Dec 2017 05:16 PM
හරිම ගුන කැමක්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
28 Dec 2017 07:26 AM
මොණරකුඩුම්බිය ඉස්සර ඕනෙ තරම් වතු වල.
දැන්නම් හොයාගන්නත් නෑ අපට වුනත්.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
28 Dec 2017 11:06 AM
මම ලඟදි මොනරකුඩුම්බිය කැඳක් සෙට් උණා. හරිම රසයි. ඒ වගේම ගුණයත්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
28 Dec 2017 04:56 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
28 Dec 2017 05:26 PM
අද කාලෙ නගරබද දෙමව්පියන්ට මෙවා ගැන හොයන්න වෙලාවක් කොහෙද ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
29 Dec 2017 08:02 PM

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
31 Dec 2017 07:26 AM
ලෙඩ වලට හොද වුනාට නොදැන අත්හදා බැලීම බොහොම අනතුරුදායක වෙන්න පුලුවන්.
කරන විදියක් එහෙම නෑ.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
31 Dec 2017 05:21 PM

අද සිට දුම්පානය නැවැත්තුවොත් වාසි මෙන්න

දුම්පානය කිරීම නිසා වසරකට ජීවිත විශාල ප්‍රමාණයක් අහිමිවනවා. ඔබේ වටිනා ජීවිතය පිළිබඳව මොහොතක් සිතා 2018 නව වස‍රේ ඔබ දුම්පානය කිරීමෙන් වළකිනවා නම් ඔබට දිනෙන් දින අහිමිව ගිය සුවබර දිවිය නැවතත් අත්පත් කරගන්නට පුළුවන්. දුම්පානය අතහැර දැමූ පසුව පියවරින් පියවර ශරීරයට අත්වන සෞඛ්‍යය වාසි කිහිපයක් මෙම ලිපිය මගින් ඔබ වෙත ගෙන එමටයි අද අපි සූදානම් වන්නේ. දුම්පානය අතහැර දමා කෙමෙන් කාලය ගත වන විට පහත ආකාරයට ශරීරය නැවතත් සැකසෙනවා.

විනාඩි 20කට පසුව

දුම්වැටියක් පානය කිරීමෙන් පසුව අසාමාන්‍ය ලෙස හදගැස්ම වෙනස් වනවා. දුම්වැටියක් පානය කර විනාඩි විස්සකින් පසුව වේගයෙන් සිදුවන හදගැස්ම නැවතී සාමාන්‍ය තත්වයට පත්වනවා. එමෙන්ම, ශරීරය පුරා සිදුවන රුධිර සංසරණය නැවතත් වර්ධනය වීමක් සිදුවනවා.

පැය දොළහකට පසුව

දුම්වැටියක කාබන් මොනොක්සයිඩ් වැනි විවිධ විෂ සහිත වායූන් අන්තර්ගත වනවා. මෙම විෂ සහිත වායුව වැඩි වශයෙන් ශරීරය තුළ අන්තර්ගත වීම මගින් රැධිරයට සහ පෙනහළු තුළට ඔක්සිජන් වායුව ගමන්කරවීමේ අවහිරතා ඇති කරනු ලබනවා. ඉතා කෙටි කලක් තුළ දුම්වැටි දෙක තුනක් පානය කිරීමෙන් ශරීරයට එක්වන මෙවන් වායු වර්ග නිසා ශරීරය පුරාවටම ඔක්සිජන් ඌනතාවයක් ඇතිවනවා.

දුම්වැටියක් පානය නොකර පැය දොළහක් ගතවීම මගින් ශරීරය විසින්ම ශරීරය තුළ ඇති අහිතකර කාබන්මොනොක්සයිඩ් වායුව පිරිසිදු කර ගැනීමක් සිදුකරනු ලබනවා. ඒ වගේම, ශරීරයේ ඔක්සිජන් මට්ටමත් නැවත නිසි ලෙස සැකසීමක් සිදුවනවා.

දිනකට පසුව

දුම්පානයෙන් වැළකී දිනක් ගතවන විට හදවත් රෝග ඇතිවීමේ අවදානම කෙමෙන් පහව යනවා. දුම්පානය මගින් ශරීරයේ හිතකර වන කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන නිසා කිරීටක හදවත් රෝග (මෙය කිරීටක ධමනි තුල “plaque” යන නමින් හඳුන්වන ඉටි සහිත ද්‍රාවණයක් තැන්පත්වීම නිසා ඇතිවන ධමනි සිහින් වීමේ රෝගී තත්වයක්) ඇතිවීමේ අවදානම ඉහළ යනවා.

එමෙන්ම, දුම්පානය කිරීම නිසා රුධිර පීඩනය පවා ඉහළ ගොස් රුධිරය කැටි වීම සහ ආඝාතය වැනි තත්වයන් පවා ඇතිවන බව ඔබ දැනටමත් දැනුවත් ඇති. දුම්පානය අතහැර දමා දිනක් ගතවන විට අධි රැධිර පීඩනය ඇතුළුව හදවත් රෝග ඇතිවීමේ අවදානම පහව යනවා. මෙම කෙටි කාලය ඇතුළත ශරීරය තුළ ඔක්සිජන් මට්ටම නැවතත් නිසි ලෙස සැකසී ව්‍යායාම සහ වෙනත් විවිධ ක්‍රියාකාරී ශාරීරික ක්‍රියාකාරකම් නිසි ලෙස සිදු කිරීමට නැවතත් හැකියාව ලැබෙනවා.

දින දෙකකට පසුව

දුම්පානය කිරීම නිසා ස්නායු අග්‍ර හානියට පත්වීම නිසා රසය සහ ගන්ධය නිසි ලෙස දැනීමේ හැකියාව අහිමි වනවා. දුම්පානය නවතා දමා දින දෙකක කාලයක් ගතවීමෙන් පසුව ස්නායු නැවත සකස් වීමක් සිදුවී ගන්ධයන් දැනීම සහ විවිධ රසයන් දැනීමේ හැකියාව නැවත වර්ධනය වනවා.

දින තුනකට පසුව

දුම්පානය අතහැර දින තුනක් ගත වනවිට ශරීරයේ තැන්පත් වී ඇති නිකොටින් ප්‍රමාණය සම්පූර්ණ වශයෙන් ඉවත්වී යනවා. නිකොටින් ශරීරයෙන් ඉවත්වීම සෞඛ්‍ය ආරක්‍ෂිත වුවත් ශරීරයෙන් නිකොටින් ඉවත්වීමේ දී එය ශරීරයට දැඩි අපහසුකාරී තත්වයක් ඇති කරනවා. උදාහරණයක් ලෙස මනෝභාවය වෙනස්වීම, ශාරීරික අපහසුව සහ හිසරදය වැනි විවිධ පීඩාකාරී තත්වයන් ඇතිවී නිකොටින් සඳහා ඇල්මක් ඇති වනවා. (දුම්පානයෙන් වැළකී සිටීමට නම් මෙය කෙසේ හෝ පාලනය කර ගත යුතුයි.)

මසකට පසුව

දුම්පානය අත්හැර දමා මසක් ගත වනවිට එම පුද්ගලයාගේ පෙනහළු නැවතත් වර්ධනය වීම ආරම්භ වනවා. පෙනහළු නැවතත් සුවපත් වීම සහ පෙනහළු වල ධාරිතාව වර්ධනය වීම නිසා පෙර දුම්පානය කළ අයෙකුට ගැඹුරු හුස්මක් ලබාගැනීමේ හැකියාව වර්ධනය වීම සහ කැස්ස සුවපත් වීම සිදුවනවා.

මාසයක් සහ මාස තුනක කාලයකින් පසුව

දුම්පානය අත්හැර දමා මෙවන් කලක් ගත වනවිට වැඩිදුරටත් රුධිර සංසරණ පද්ධතිය වර්ධනය වීම සිදුවනවා.

මාස නවයකට පසුව

දුම්පානය අත්හැර දමා මාස නවයක් ගතවන විට පෙනහළු සම්පූර්ණ වශයෙන්ම සුවපත්වී පෙනහළුවල පැහැදිලි වර්ධනයක් ඇති වනවා. එමෙන්ම, පෙනහළු අභ්‍යන්තරයේ අන්තර්ගත වූ දුම්පානය කිරීම නිසා හානියට පත්වූ “cilia” ලෙස හඳුන්වන රෝම වැනි ව්‍යූහය නැවත සකස්වීමක් ඇතිවනවා. මෙම ව්‍යූහය විසින් පෙනහළු තුළට ඇතුළු වන විවිධ රෝගකාරක අවහිර කර පෙනහළු ආසාදනය වීමෙන් ආරක්‍ෂා කරනු ලබනවා.

මෙම කාලය අතරතුළ “cilia” ව්‍යූහය නැවත වර්ධනය වීම නිසා දුම්පානය සඳහා ඇබ්බැහි වී සිටි අයෙකුට නිතර ඇතිවූ පෙනහළු ආසාදනයන් නැවතත් ඇති නොවීමක් අත් විඳින්නට පුළුවන්.

වසරකට පසුව

දුම්පානය අතහැර දමා වසරක් ගතවීමෙන් පසුව හදවත් රෝග ඇතිවීමේ අවදානම හරි අඩකින් පහව යනවා.

වසර 05 කට පසුව

ඉහත සඳහන් කල පරිදි දුම්වැටියක් තුළ අන්තර්ගත වන විවිධ විෂ සහිත සංඝටකයන් නිසා ධමනි සහ රුධිර නාලිකා සිහින් වීම ආරම්භවී රුධිරය කැටි ගැසීමේ සම්භාවිතාවත් ඉහළ යනවා. දුම්පානය අතහැරදමා වසර පහක් ගතවීමෙන් පසුව ශරීරයේ ධමනි සහ රුධිර නාලිකා නැවත සකස්වීම ආරම්භ වනවා. මේ නිසා රුධිරය කැටි ගැසීමේ අවදානම අඩුවී ආඝාතය වැනි දරුණු ආබාධ ඇතිවීමේ අවදානමත් පහව යනවා.

වසර 10 කට පසුව

දුම්පානය කරන පුද්ගලයෙකු සමඟ සසඳන විට වසර දහයක් දුම්පානයෙන් වැළකී සිටි පුද්ගලයෙකුට පෙනහළු පිළිකා ඇතිවී මියයෑමේ අවදානම හරි අඩකින් පහව යනවා. එමෙන්ම, මුඛ පිළිකා, උගුරේ සෑදෙන පිළිකා, සහ අග්න්‍යාශයේ ඇති වන පිළිකා අවදානම පවා පහව යනවා.

වසර 15 කට පසුව

දුම්පානය අතහැර දමා වසර පහළොවක් ගතවන විට දුම්පානයෙන් වැලකී සිටි අයෙකුට ඇතිවන කිරීටක ධමනි ආබාධ සහ අග්න්‍යාශයේ පිළිකා ඇතිවීමේ අවදානම දුම්පානය නොකරන අයෙකුට සමානව අඩුවී යනවා.

වසර 20 කට පසුව

දුම්පානය අතහැර දමා වසර විස්සක් ගතවීමෙන් පසුව පෙනහළු රෝග සහ පිළිකාව ඇතිවී සිදුවන ජීවිත හානි අවදානම කිසි දිනක දුම්පානය සිදු නොකළ පුද්ගලයෙකුට සමානව අඩුවී යනවා.

දුම්පානය අතිශය සෞඛ්‍ය අනාරක්ෂිත ක්‍රියාවක් වුවත් ඔබ දුම්පානය අතහැර දමනවා නම් ඔබට නැතිවී ගිය සෞඛ්‍යය තත්වය නැවතත් වර්ධනය කර ගන්නට පුළුවන්. ඔබත් දුම්පානය කරන අයෙක් නම් එම නරක පුරැද්ද තුරන් කර ගැනීමට මේ අවුරුද්දේ සිට කැප වෙන්න. 

Web MD

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 80 of 137 << < 7879808182 > >>