Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 81 of 137 << < 7980818283 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 31 Dec 2017 05:22 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Dec 2017 05:31 PM තනියම හිනාවෙන කතා කරන අමුතු ලෙඩේ භින්න උන්මාදය අපේ ප්‍රජාව තුළ 1%ක් පැතිර ගිය රෝගයකි. කල්තියා හඳුනාගත්තොත් ප්රතිකාරවලින් හොඳ සුවයක් ලබා ගන්න හැකිවේ. තනියම කතා කිරීම, තනියම සිනාසීම, ළඟ කවුරුත් නැතිවිට විවිධ කටහඬ ඇහෙන්නාක් මෙන් දැනීම, හුදකලා වීම, මේ රෝගයේ ලක්ෂණයි. මිනිස් මොළයේ පණිවුඩ හුවමාරුවට අදාළ රසායනික ද්‍රව්‍යවල ඇතිවන වෙනසක් මේ රෝගය සඳහා හේතුවෙනවා. මේ රසායනික ද්‍රව්‍ය තමයි ඩොපමීන් (Dopamine). මෙහි වැඩිවීම නිසා ඇතිවන ප්‍රතිඵලය තුළ අමුතු සිතුවිලි ඇතිවීම, සංවේදනය තුළ වෙනස්වීම් ආදිය දක්වන්න පුළුවන්. බොහෝවිට භින්න උන්මාදය පුද්ගලයෙකුගේ තරැණ අවධියේදී ඇතිවන රෝගයක්. රේණුකාගේ කතාව කියවලා බලන්නකෝ! රේණුකාගේ වයස අවු.18යි. ඇය උසස් පෙළ ලියන්න සූදානම් වෙමින් සිටියා. සාමාන්‍ය පෙළ විශිෂ්ට සාමාර්ථ සහිතව පාස්වුණු රේණුකා ඉගෙනුමට ගොඩක් දක්ෂයි. ඒත් මෙහෙම හිටිය රේණුකා එකපාරටම වෙනස්වෙන්න පටන් ගත්තා. යහළුවොත් එක්ක විනෝදයෙන් හිටපු රේණුකා ගොඩක් වෙලාවට ඔවුන්ගෙන් මිදී තනිව සිටීමට කැමැති වුණා. ඒ වගේම තනියම කතාකරන්නටත්, හිනාවෙන්නටත් පටන් ගත්තා. හිටිහැටියේම බණින්නත් වුණා. කාටද බණින්නේ කියලා අහුවාම රේණුකා කියන්නේ කීපදෙනෙක් එකතු වෙලා මට බණිනවා කියලා. ඒත් එහෙම කවුරුත් ඇය අසල පේන්නත් නැහැ. රේණුකා ගෙදරින් දෙන කෑම ගැනීම පවා අතහැරියා. රේණුකා සිතුවේ ඒ කෑමවලට වස දමා ඇතැයි කියලා. පවුලේ අය සමඟ කතා කරනකොට ඇයට ගොඩක් තරහා යනවා. ඒ වගේ වෙලාවට ඇය මට ඉන්න දෙන්න... කියලා කෑගහනවා. ඔයාට කවුද කරදර කරන්නේ...? කියලා ඇසුවොත් රේණුකා කියන්නේ එයාගේ සිතුවිලි කවුරුහරි පාලනය කරනවා කියලයි. දවසක් රේණුකා හිටිහැටියේම ගෙදරින් ගියා. පවුලේ අය රේණුකාව සොයාගත්තා. ඇය කොහේහරි යනකොට ඇය පිටුපසින් කවුරුහරි එනවා කියලා කියනවා. ඒ වගේම ඇගේ සිතුවිලි කවුරුහරි හොරකම් කරනවා කියලත් කියනවා. මේ තත්ත්වය නිසා රේණුකාගේ ඉගෙනීම කඩාකප්පල් වුණා. ඇගේ දෙමාපියන් සිතුවේ රේණුකාට මොකක්හරි දිෂ්ටියක් වැහිලා කියලා. ලක්ෂ ගාණක් වියදම් කරලා යන්ත්‍ර මන්ත්‍ර දැම්මා. ඒත් කිසිම ගුණයක් ලැබුණේ නෑ. පසුව අප ළඟට පැමිණි රේණුකාගේ රෝග ලක්ෂණ අනුව ඇය භින්න උන්මාදය වැළඳුන රෝගියෙක් බව වැටහුණා. අපි ඇයට ප්‍රතිකාර කරන්න පටන් ගත්තා. භින්න උන්මාදය සඳහා බලපාන හේතු මොනවාද? ඒ සඳහා නිශ්චිත හේතුවක් තවම හොයාගෙන නෑ. පාරම්පරිකව (ජානමය) මේ රෝගය කෙනෙකුට වැළදෙනවා. උදාහරණයක් විදියට සමජාතී නිවුන්නු ගත්තොත් ඔවුන්ගෙන් අයෙකුට මේ රෝගය වැළඳුණහොත් අනෙකාට වැළඳීමේ ප්‍රතිශතය 50%යි. එයට අමතරව පාරිසරික හේතු ද බලපානවා. දරුවකු බිහිවන අවස්ථාවේදී මොළයට කුමන හෝ හානියක් සිදු වුවහොත් එය භින්න උන්මාදය වැළඳීමට හේතු වෙනවා. ඒ කියන්නේ මොළයේ ඩෝපමින් හා ග්ලූටමින් රසායනික ද්‍රව්‍යවල සිදුවන අඩුවැඩිවීම් මේ සඳහා බලපෑමයි. අපි MRI ස්කෑන් එකකින් බැලුවාම පෙනෙන මොළයේ මස්තිෂ්කය කියන කොටසේ පරිමාව අඩුවීම හා ඉදිරිපස ටෙම්පරල් කොටසේ ඇති අවකාශ හෙවත් වෙන්ට්‍රිකල් විශාල වීම ද මේ රෝගය තුළ දක්නට ලැබේ. භින්න උන්මාදයේ ලක්ෂණ කොටස් දෙකකට අනුව වර්ග කරන්න පුළුවන්. ඒවායෙන් සිදුවන ක්රියාකාරීත්වයේ වෙනස අනුවයි මේ කොටස් කර ඇත්තේ. 1. ධනාත්මක රෝග ලක්ෂණ 2. සෘණාත්මක රෝග ලක්ෂණ ධනාත්මක රෝග ලක්ෂණ මොනවාද? තමා පිටුපසින් කවුරුහරි එනවා කියන සිතුවිල්ල, ආහාරවලට වස දමා ඇතැයි යන සිතුවිල්ල, කිහිපදෙනකු තමා ගැන කතා කරනවා කියන සිතුවිලි ඇතිවීම, කවුරැහරි තමාගේ සිතුවිලි හොරකම් කරනවා කියලා සිතීම. සෘණාත්මක රෝග ලක්ෂණ පිරිසිදුකම නැති වී යෑම, පිළිවෙළ නැති වී යෑම, කළකිරුණු ගතිය, තෙහෙට්ටු ගතිය, අප්‍රාණික බව, කම්මැළි බව ආදිය ගති ඇතිවීම, ජීවිතය අවුල් වී යෑම, සංවිධානාත්මකව වැඩකිරීමේ හැකියාව හීනවීම. ඒ වගේම භින්න උන්මාදය වැළඳුණු රෝගියෙකුට තමා අදහස් කරන දේ වචනවලින් විස්තර කිරීමට ද කළ නොහැකියි. එයට හේතුව පිළිවෙළට අදහස් ගලා නොඒමයි. මෙවැනි රෝගියෙකු සියදිවි නසාගැනීමේ ප්‍රවණතාව ද වැඩියි. භින්න උන්මාදය රෝගය සඳහා සාර්ථක ඖෂධ ප්‍රතිකාර තියෙනවා. ඒ වගේම ඔවුන්ට මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රම ද වැදගත් වෙනවා. මෙම රෝගීන්ගෙන් 25%ක ප්‍රතිශතයක් පමණ රෝගයේ මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර කිරීමෙන් නිට්ටාවටම සුව වෙනවා. එසේම 50%ක් පමණ පිරිසකට යම් තරමකට සුව වෙනවා. එහෙත් නිතර නිතර රෝගය වැළඳෙන අතර ඔවුන්ගෙන් 10%ක් සියදිවි නසා ගන්නවා. ඒ නිසා මේ රෝගය කල්තියා හඳුනාගෙන ප්‍රතිකාර කිරීම හරිම වැදගත් වෙනවා. කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Dec 2017 05:45 PM සම රැකගන්නා අයුරු සම අනවශ්‍ය ලෙස පිරිසිදු කිරීමට උත්සාහ නොකළ යුතුයි. දිනකට දෙවරක් සම සබන් ගා පිරිසිදු කිරීම ප්රමාණවත්ය. සම රළු ද්‍රව්‍යවලින් අතුල්ලා පිරිසිදු කිරීම නොකළ යුතුයි. අධික උණුසුම් ජලය භාවිත කර සම පිරිසිදු කිරීම නොකළ යුතුය සම වියළි බව ඇති අය විනාඩි 15-20 වඩා ජලයේ රැඳී සිටීම නොකළ යුතුය. සම වියළි බව ඇති අය ස්නානයෙන් පසු තෙත් සහිත බව ඇති කරන ඖෂධයක් ආලේප කිරීම සුදුසුය. දිනපතා සමබල ආහාර වේලක් ගැනීමට පියවර ගත යුතුය. ජානමය ගැටලු නිසා ඇතිවන සමේ වියළි බව සම්පූර්ණයෙන් සුව කළ නොහැකිය අපගේ ශරීරයේ විශාලතම ඉන්ද්රිය ලෙසින් පවතින සම පිළිබඳව කාන්තා පිරිමි භේදයකින් තොරව කොයි කවුරුත් වැඩි සැලකිල්ලක් දැක්වීමට පුරුදුව සිටිති. එනිසා සමේ යම් වෙනසක් ඇති වුවද අපි ඒ ගැන සැලකිලිමත් වන්නෙමු. සමේ පැහැපත් බව තුළින් පුද්ගලයාගේ බාහිර අලංකාරය ඔපවත් වේ. සම වියළි හෝ රළු බවකින් යුක්ත නම් එවැනි පුද්ගලයන්ට සමාජයේදී අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීම මඳක් අසීරු වේ. එනිසා සමේ ඇතිවන වියළි බව පිළිබඳව අපි විමසා බලමු. වෛද්‍යතුමනි, සමේ වියළි බව ඇතිවීමට බලපාන කරුණු මොනවාද? සෑම පුද්ගලයකුගේම සම සතුපිට මේද ස්ථරයක් ඇත. මෙම මේද ස්ථරය පවත්වාගෙන යැම සඳහා ස්වේත ශ්‍රාවී ග්රන්ථිවලින් ශ්‍රාවය වන ශ්‍රාවයන් දායක වෙනවා. සමෙහි සෛල නිතර නිතර අලුත් වෙමින් බාහිර ස්ථරයට නිකුත් වන නිසා නිතරම සමේ සෛල බෙදීමට ලක්වෙනවා. මෙම සෛල බෙදීම සඳහා කොලෙස්ටරෝල් වැනි සංඝටක ද උපකාරී වෙනවා. සෛල අතර ඇති ලිපිඩ (මේදය) විභේදනයට ලක්වීමෙන් ඇතිවන සංඝටක සම මතුපිට ඇති මේද ස්ථරය නිරෝගීව පවත්වාගෙන යැම සඳහා දායක වෙනවා. මෙම ක්‍රියාවලිය දුර්වල වූ විට සමෙහි වියළි ස්වභාවයක් ඇතිවෙනවා. සෛල නිතර අලුත් වීමේ ක්‍රියාවලියට බාධා ඇති වූ විට සමෙහි වියළි බවට අමතරව කොරළ බව ඇති වෙනවා. සමෙහි ඇතිවන කොරළ බව උපතින්ම සහ පසුකාලීනව හටගන්නා ආබාධ ලෙස වර්ග දෙකක් තිබෙනවා. උපතින්ම ඇතිවන සමේ වියළි බව ජානමය හේතු නිසා උපතින්ම යම් පුද්ගලයකුගේ සමෙහි වියළි බවක් මතුවිය හැකියි. මෙවැනි පුද්ගලයන්ගේ සම මත කොරළ ද මතුවීSමට ඇති ඉඩකඩ සුලභය. මෙවැනි ජානමය හේතු මත සමේ වියළි බව ඇති වූ විට ඔවුන්ගේ සමේ ප්‍රදාහයක් ද ඇතිවිය හැකිය. පසුකාලීනව ඇතිවන සමේ වියළි බව තයිරොයිඩ් හෝමෝන ඌනතාවය, වකුගඩු දුර්වල වීම ඇතැම් පිළිකා රෝග සහ සමහර ඖෂධ නිසා සමේ වියළි බවක් ඇතිවිය හැකිය. මීට අමතරව සම අධික ලෙස පිරිසිදු කිරීම, පිරිසිදු කාරක වර්ග බහුලව භාවිත කරමින් සම පිරිසිදු කිරීමට යැම වැනි හේතු නිසා ද සම වියළි බවට පත්වේ. වෛද්‍යතුමනි, මෙලෙස සම වියළි බව ඇති වූ විට එය සුවපත් කර ගැනීමට ප්‍රතිකාර තිබෙනවාද? සම වියළි බවට ලක්වීමට බලපා ඇති හේතුව හඳුනාගෙන ඒ සඳහා ප්‍රතිකාර කළ යුතුයි. සමේ පැහැපත් බව රැකගැනීම සඳහා අපට අනුගමනය කළ හැකි ක්‍රියාවන් රැසක් ඇත. සම අනවශ්‍ය ලෙස පිරිසිදු කිරීමට උත්සාහ නොකළ යුතුයි. දිනකට දෙවරක් සම සබන් ගා පිරිසිදු කිරීම ප්රමාණවත්ය. සම රළු ද්‍රව්‍යවලින් අතුල්ලා පිරිසිදු කිරීම නොකළ යුතුයි. අධික උණුසුම් ජලය භාවිත කර සම පිරිසිදු කිරීම නොකළ යුතුය. සම වියළි බව ඇති අය විනාඩි 15-20 වඩා ජලයේ රැඳී සිටීම නොකළ යුතුය. සම වියළි බව ඇති අය ස්නානයෙන් පසු තෙත් සහිත බව ඇති කරන ඖෂධයක් ආලේප කිරීම සුදුසුය. දිනපතා සමබල ආහාර වේලක් ගැනීමට පියවර ගත යුතුය. ජානමය ගැටලු නිසා ඇතිවන සමේ වියළි බව සම්පූර්ණයෙන් සුව කළ නොහැකිය. නමුත් මතුව ඇති අපහසුතා අවම කළ හැකිය. වියළි සමක් සහිත පුද්ගලයන්ට ඉතා ඉක්මනින් සම මත බැක්ටීරියා ආසාදන ඇතිවීමට පිළිවන. එනිසා ඔවුන් රසායන ද්‍රව්‍ය ආදිය භාවිත කරන විට අත්වැසුම් භාවිතයට යොමුවිය යුතුය. කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජනක අකරවිට ඡායාරූපය - සමන් අබේසිරිවර්ධන ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Dec 2017 06:05 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Dec 2017 06:05 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Dec 2017 06:18 PM තක්කාලි පෙණහලුවලට හොඳයි දිනකට නැවුම් තක්කාලි ගෙඩි 2 ක් අනුභව කරන පුද්ගලයින්ට පෙණහලු ආශ්රිත රෝග වැළඳිමේ අවධානම අඩු බව පැරිස් විද්‍යාඥයින් පිරිසක් සිදුකළ පරීක්ෂණයකින් සනාථ වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කරයි. දුම් පානය නතර කළ පුද්ගලයින් යොදා ගනිමින් සිදුකළ පරියේෂණයේදි පෙණහලු යථාතත්වයට පත්වීමට තක්කාලි උපකාරි වන බවතහවුරු වු බවත්දුම් පානය කිරීමෙන් පෙනහළු දුර්වල වී ඇති රෝගීන්ට කිසියම් වාසිදායක ප්‍රතිඵල ගෙන දීමටතක්කාලි වලට හැකියාවක් ඇති බව පරීක්ෂණය සිදුකළ විද්‍යාඥයින් පෙන්වා දෙයි. ජානක ප්‍රියදර්ශන ජයතිලක (ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි) ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Dec 2017 06:20 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Dec 2017 06:20 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Dec 2017 06:20 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Dec 2017 06:21 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Dec 2017 06:21 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Dec 2017 06:21 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Dec 2017 06:22 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Dec 2017 06:22 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Dec 2017 06:34 PM මානසික ආතතිය වැළඳෙන හෘද රෝගී කාන්තාවන්ගේ ජීවිත අවදානමක මෙහිදී සැවොම මතක තබා ගත යුතු කරුණක් වනුයේ හෘද රෝගවලට ගොදුරු වූවන් ආතතිය වැළැක්වීමට කටයුතු කළ යුතු බවයි ආතතිය පෙර අවස්ථාවලදී අනාවරණය වූවාට වඩා කාන්තාවන්ට දැඩිසේ බලපෑම් එල්ල කරනු ලබන බව නවතම බටහිර අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ එමොරි විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව ආතතියෙන් දැඩි සේ පීඩා විදිනුයේ හෘද රෝගවලින් පෙළෙන කාන්තාවන් වන අතර එම කාන්තාවන්ගේ හෘදය වස්තුවට දැඩි පීඩාකාරී තත්ත්වයක් යටතේ රුධිරය සැපැයීම අඩු කිරීමට ආතතිය හේතු වන බව හෙළි වී තිබේ. මෙසේ රුධිරය සැපැයුම අඩු කිරීම නිසා හෘදය වස්තුවට ආයාසයකින් රුධිරය පිටතට ප්‍රවාහනය කිරීමට සිදුවී දරුණු හෘද රෝග තත්ත්වයකට මුහුණ පෑමෙන් ආතතියට පත් කාන්තාවක් මුල් අවස්ථාවේදීම මිය යාමේ හැකියාවක් ඇතැයි අධ්‍යයනය මෙහෙයවූ එමොරි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය වයලා වැක්කැරනෝ පවසන්නීය. මෙම අධ්‍යයනය වැදගත් වනුයේ පෙර සිදු කරන ලද අධ්‍යයනවලදී කාන්තාවකට මානසික ආතතියට මුහුණ පෑමට සිදු වූ විටදී ඇයගේ හෘදය වස්තුවට සපයන රුධිර ප්‍රමාණය අඩු වීමෙන් හෘදයාබාදයකට ගොදුරුවීමේ අවදානම දෙගුණ වී හෘද රෝගවලින් මිය යා හැකි බව අනාවරණය වීම නිසා යෑයි ඇය කියා සිටින්නීය. මෙම තත්ත්වය මත කාන්තාවන් දැන ගත යුතු වැදගත් කරුණක් වනුයේ ඔවුන් මානසික ආතතියෙයන් දැඩි බලපෑමකට ලක්වන නිසා හෘදයවස්තුව ආරක්ෂා කිරීමට ගත යුතු පියවරයන් ගත යුතු බවයි. "මෙහිදී සිත සැහැල්ලු කිරීමේ තාක්ෂණයන් හා කායික ව්‍යායාමයන් ප්‍රධානයි." වෛද්‍ය වැක්කැරිනෝ සඳහන් කළාය. මෙම අධ්‍යයනයේදී පර්යේෂකයින් විසින් වයස අවුරුදු 63 ක් පමණ වන වැඩිහිටි හෘද රෝගවලට ගොදුරු වී සිටින කාන්තාවන් හා පිරිමින් 678 දෙනෙකු අධ්‍යයනයට ලක් කර තිබේ. අධ්‍යයනයට ලක් වූවන් කථා කරන විටදී පර්යේෂකයින් විසින් ඔවුන්ගේ රුධිර පීඩනය හා හෘද ස්පන්දන රටාවන් අධ්‍යයනය කර හෘදය වස්තුවේ පිංතූර ලබා ගැනීමට කටයුතු කර ඇත. එමෙන්ම ඔවුනගේ ඇගිලිවලට රුධිරය සපයන ධමනිවල තත්ත්වයද සලකා බලා ඇත. මෙහිදී අනාවරණය වී ඇත්තේ දැඩි සේ මානසික ආතතියයට ලක්වූ කාන්තාවන්ගේ හෘදය වස්තුවට රුධිරය සැපැයීම අඩු වී ඇති අතර එයට හේතුවී ඇත්තේ කුඩා රුධිර වාහිනී තවත් කුඩා වීම නිසා බවයි. මෙම අධ්‍යයනයේදී මානසික ආතතියට ලක්වූ පිරිමින්ගේද හෘදය වස්තුවට රුධිරය සැපැයීම අඩු වන බව හෙළි වී ඇති අතර එයට හේතු වී ඇත්තේ අධිරුධිර පීඩනය හා හෘද ස්පන්දන වේගය වැඩිවී හෘදය වස්තුවට සිදු කළ යුතු කාර්යයන් ප්‍රමාණය අධික කිරීම බව මෙම පර්යේෂකයෝ කියා සිටිති. "මෙහිදී සැවොම මතක තබා ගත යුතු කරුණක් වනුයේ හෘද රෝගවලට ගොදුරු වූවන් ආතතිය වැළැක්වීමට කටයුතු කළ යුතු බව යෑයි" ඔවුහු සඳහන් කර සිටිති. ඒමන්ති මාරඹේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Dec 2017 06:35 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Dec 2017 06:57 PM මිග්රේන් - හිසරදයේ වේදනාව අඩු කරන අත්පටියක් බොහෝ දෙනෙකුට කාලයෙන් කාලයට තදබල හිසරදයක් ඇති කරනු ලබන "මිග්රේන්" රෝගයේ රෝග ලක්ෂණයන් විනාඩි කිහිපයක් තුළදී හරි අඩකින් අඩු කරලීමට සමත් අත් පටියක් (ආම් බෑන්ඩ්) බටහිර සමාගමක් විසින් නිපදවා තිබේ. "මිග්රේන්" රෝගය සඳහා ප්‍රතිකාර කිරීමට ඇමරිකානු ආහාර හා බෙහෙත් අධිකාරිය විසින් අනුමැතිය ලබා දී ඇති මෙම අත්පටිය මගින් සුළු ප්‍රමාණයේ විද්‍යුත් ධාරාවක් නිපදවා මුදාහැරෙන අතර එය අතක උඩ කොටසෙහි සවිකර ස්මාට් දුරකථනයක උපාංගයක් මගින් පාලනය කළ හැකි වේ. "නෙරිවියෝ මිග්රා" නමැති මෙම උපාංගය මෙතෙක් හිසෙහි පැළඳි මිග්රේන් හිසදරය වැළැක්වීමේ උපාංගයන්ට වඩා රෝගයට සහනයක් ලබා දෙන බව නියමු අධ්‍යයනයන්හිදී අනාවරණය වී තිබේ. මෙම උපාංගය යොදා ගෙන ඊශ්‍රායලයේ මිග්රේන් රෝගීන් 71 දෙනකු යොදා ගෙන සිදු කරන ලද අත්හදා බැලීමකදී එම පුද්ගලයින්ට මෙම අත්පටිය මිග්රේන් රෝගය හට ගත් විගස අතෙහි පැළඳීමට උපදෙස් දී ඇති අතර විනාඩි 20 ක කාලයක් එය පැළඳ සිටීමට නියම වී තිබේ. මෙහිදී එම පුද්ගලයින්ට මිග්රේන් රෝගයට ලබා දෙන බෙහෙත් නොගෙන සිටීමට මෙන්ම පැය දෙකක කාලයක් කිසිදු බෙහෙතක් ලබා නොගෙන සිටීමට උපදෙස් ලැබී තිබේ. මෙම අධ්‍යයනයට සහභාගී වී ඇති පුද්ගලයින් මසකට මිග්රේන් හිසරදය 2-8 වාරයක් හටගන්නා අයයි. මෙහිදී අත්පටිය මගින් ඉතා සුළු නොදැනෙන මට්ටමේ විද්‍යුත් ධාරාවක් නිපදවා මුදාහැර ඇති අතර ඒ හරහා එම පුද්ගලයින්ගෙන් සියයට 64 කට එම ප්‍රතිකාරය හරහා පැය දෙකක කාලයක් ගත වූ විට සියයට 50 කින් පමණ වේදනාව අඩු වී ඇත. මධ්‍යම හා දරුණු ගණයේ මිග්රේන් හිසදරයක් පැවැති අයගෙන් සියයට 58 ක් පවසා ඇත්තේ ඔවුන්ගේ වේදනාව සුළු වේදනාවක් දක්වා අඩු බව හා කිසිදු වේදනාවක් ඇති නොවන මට්ටමකට පත්වූ බවයි. සංස්කරණය - ඒමන්ති මාරඹේ, උපාලි ද සේරම්, වසන්තා ශ්‍රියාකාන්ති ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Dec 2017 07:10 PM ඇදුමට හතියට සුවය දෙන තවත් බෙහෙත් කිහිපයක් ප්රශ්නය - ඇදුම හා පපුවේ මහන්සිය හටගත් විට පාවිච්චි කළ හැකි අත් බෙහෙත් කිහිපයක් ඔබ පසුගිය සතියේ අපට කියා දුන්නා. අද අප එවැනි බෙහෙත් තව කිහිපයක් බලාපොරොත්තු වෙනවා. වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - උතුරන වතුර කෝප්පයක ප්‍රමාණයට කුරුඳු කුඩු තේ හැන්දක් එක් කරන්න. එය පීරිසියකින් වසා විනාඩි 10 ක් තබන්න. එයට මීපැණි තේ හැන්දක් එක්කර මද රස්නයෙන් පානය කරන්න. මෙය දිනකට දෙවරක් දිනපතා පානය කළ විට පපුවේ තද ගතිය සහ හුස්ම ගැනීමේ අපහසුව නැතිව යනවා. 2. ඉඟුරු කුඩු තේ හැඳි භාගයක් සහ වැල් මී කුඩු තේ හැඳි භාගයක් උතුරන වතුර කෝප්පයකට දමා තේ මෙන් පානය කිරීමත් සුදුසුයි. 3. හැම උදයකම මද රස්නයෙන් උණු වතුර ලීටරයක් පානය කළ විට ඇඳුම හා හතිය ඇති රෝගීන්ට ඉතා හොඳ සහනයක් ලබාගත හැකියි. මේ මගින් ශරීරයේ විෂ ස්වභාවය නැතිව යනවා. දවල් 12 ට පෙර මද රස්නය ඇති වතුර නෑම සහ සවස් කාලයේදී නාසයට වාෂ්ප අල්ලා උඩට හුස්ම ගැනීම ඉතා සුදුසුයි. මෙය බටහිර විද්‍යාඥයන් හඳුන්වන්නේ Hහාරදඑයෑර්චහ කියලයි. ප්රශ්නය - මේ ප්‍රතිකාර ගන්නා විට රෝගියා ගත යුතු ආහාර මොනවාද? වෛද්‍ය චාන්දනි වික්‍රමාරච්චි - මෙහිදී ආහාර රටාවක් තිබෙනවා. තද ඇඹුල් සහිත තක්කාලි, අච්චාරු, චට්නි වැනි ආහාරත් ගැඹුරු තෙලේ බැඳපු ආහාර සහ කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්‍ය සහ රසකාරක ද්‍රව්‍ය සහ රස කාරක අඩංගු ආහාර ද්‍රව්‍යයන්, මුදවපු කිරි, මෝරු, කව්පි, මුං ඇට, බෝංචි ඇට, චීස් සහ අතිශය පැණි රස ආහාරත් ගැනීමෙන් රෝගියා වැලකී සිටිය යුතුයි. ඕනෑවට වඩා ඉදුනු කෙසෙල් අනුභව කරන්න එපා. නිතරම උණු වතුර පානය කරන්න. රාත්‍රියට සැහැල්ලු ආහාරයක් වේලාසනින් ගන්න. රාත්‍රි ආහාර වේලක් නින්දට යැමත් අතර පැයක පරතරයක් තබන්න. විශේෂ ඖෂධයක් - පපුවේ මහන්සිය ඇති රෝගීන් පපුවේ මහන්සිය නැති කාලයේදී පහත සඳහන් ඖෂධ ගත් විට රෝගය වැළඳීමේ අවදානම අඩුවෙනවා. වියළි මිදි, රටඉඳි, අමු මිරිස්, වැල්මී යනාදිය අඹරා සෑම උදයකම කෑමට පසු එයින් තේ හැන්දක් මීපැණි සමඟ ආහාරයට ගන්න. රාත්රියේදී තලන ලද සුදු ලූනු දමා ඉතිරවූ එළකිරි පානය කළ යුතුය. නොමිලේ විස්තර සඳහා 0713464276/ 0759061771 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Dec 2017 07:26 PM ජමනාරං තෙල් සහ සඳුන් තෙල් ඔටිසම් රෝගයට දිව්‍ය ඖෂධයක් ප්රශ්නය - වාෂ්පශීලී තෙල් සහ වෙනත් ඖෂධීය තෙල් යොදා කරන සම්බාහන ගැන පසුගිය සතියේදී අප කතා කළා. වාෂ්පශීලී ඖෂධීය තෙල් කියන්නේ මොනවාද? වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - වාෂ්පශීලී ඖෂධීය තෙල් කියන්නේ සුගන්ධවත් සාරය ඇති ගස්වල පස් පංගුවෙන් උකහා ගන්නා තෙල් වලටයි. ගී්රක දාර්ශණික ඇරිස්ටෝටල්ගේ ගුරු කුලයේ අදහසක් තිබුණා ඕනෑම ද්‍රව්‍යයක නිර්මිතය ගින්දර, වාතය, පෘථිවිය සහ ජලය බවට. පස්වන ද්‍රව්‍යය තමයි ද්‍රව්‍යයක ජීවය හෝ ස්ප්‍රීතුව. ඒ අනුව කිසියම් ඖෂධීය ශාකයක වාෂ්පශීලී සංයුතිය තමයි එහි ජීවය. වාෂ්පශීලී තෙල් ශරීරයේ තවරා සම්භාහනය කරනවා. ඒ වගේම එහි වාෂ්පශීලී ගන්ධය නාසයට උරනවා. මේ මගින් රෝග සුවපත් වන බව ආයුර්වේදය විශ්වාස කරනවා. ඒ වගේම ඇරිස්ටෝටල්ගේ ගී්රක ගුරු කුලයක් විශ්වාස කරනවා. ප්රශ්නය - මෙය ඔටිසම් හැදුන දරුවකුගේ ශරීරයට ප්‍රයෝජනවත් වන්නේ කොහොමද කියන එක සවිස්තරාත්මකව කියන්න. වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - පසුගිය ලිපියේ තිබ්බා වගේ මේ මගින් දරුවාගේ ප්‍රතිශක්තිකරණය ශක්තිමත් වෙනවා. ඉදිමුණ මාංශ පේෂීන් ලිහිල් කර දෙනවා. ආහාර ජීර්ණ පද්ධතිය යථා තත්ත්වයට පත්කරනවා. උදාහරණයක් හැටියට මින්චි කොළ තෙල් ගත්තොත්, එමගින් ආහාර ජීර්ණ ග්‍රන්ථින්ගේ (අන්ත්‍ර සහ ආමාශය) ක්‍රියාවලිය යථා තත්ත්වයට පත් කරනවා. ඔටිසම් දරුවාගේ ආතති තත්ත්වය අවම කරනවා. හම හරහා ඇතුළු වී ලේවලට මිශ්රවෙලා මොළය තෙක් යන්නට වාෂ්පශීලී තෙල්වලට පුළුවන්. දරුවාගේ සමෙහි තිබෙන දුර්වල ගතිය නැති වෙනවා. ඔහුගේ හිස කෙස් ශක්තිමත්ව සෞඛ්‍ය සම්පන්න වෙනවා. ප්රශ්නය - ඔටිසම් රෝගී දරුවන් සඳහා හොඳම වෘශ්පශීලී තෙල් වර්ග මොනවද? වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - තෙල් වර්ග ගණනාවක්ම තිබෙනවා. 1. සඳුන් තෙල්, සඳුන් ගස්වල මේරූ මුල් වලින් තමයි සඳුන් තෙල් උකහා ගන්නේ. මුල මෝරපු තරමට තමයි තෙල්වල ගුණය ඉහළ යන්නෙ. 2. ජමනාරං තෙල් - මෙය චීන වෛද්‍ය ක්‍රමය තුළ වසර දහස් ගණනාවක් තිස්සේ පරිහරනය කෙරෙන වාෂ්පශීලී තෙල් වර්ගයක්. මෙය ඉතා මෘදු තෙලක් වන අතර ස්නායු රෝග සුව කිරීමේ අපූරු ගුණයක් මෙහි තිබෙනවා. ඉන්සොම්නියා නමැති නින්ද නොයැමේ රෝගය, නහර ප්‍රාණවත් කිරීම, පිළිකාව (පිළිකා වර්ග කිහිපයක් පමණි.) යනාදිය නසන්නට මේ තෙල්වලට පුළුවන්. මෙහි පිළිකා නාශක සහ ක්ෂුද්‍ර ජීවී නාශක ද්‍රව්‍ය අඩංගුවේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 Dec 2017 07:52 PM ආතරයිටිස් රෝගයට ඉතා සුවිශේෂ කසායක් ප්රශ්නය - මෙවර ඔබ අපට දෙන කසාය කුමක්ද? වෛද්‍ය වසන්ත උදයජීව - අමු ඉඟුරු, දේවදාර, තිප්පිලි, පොල්පලා, කැකිරි ඇට, දැත්ත මුල්, ගම්මිරිස්, හීන් නෙරෙංචි, බැබිල මුල්, සාරණ මුල්, වෙනිවැල්ගැට, බෙහෙත් එඬරු මුල්, කලං 1 බැගින් ගෙන වතුර කෝප්ප 8 කට දමා එක කෝප්පයකට සිඳ සීනි සහ මීපැණි යොදා උදේට කෝප්ප භාගයක් සහ සවසට කෝප්ප භාගයක් පානය කරන්න. මෙය දින 12 ක් නොකඩවා කළ යුතුයි. ප්රශ්නය - මොකද්ද මේ කසායේ තිබෙන විශේෂත්වය? වෛද්‍ය වසන්ත උදයජීව - විශේෂත්ව එකක් නොව බොහොමයක් තිබෙනවා. මෙයින් තිබෙන ප්‍රධානම ප්‍රයෝජනය තමයි ආතරයිටිස් වේදනාව නැති වීම. පළමු කසාය හැලිය අවසන් වෙනකොට ඒ බව ඔබට වැටහෙන්නට පටන් ගනීවි. දෙවැන්න තමයි සන්ධිවල ඉදිමුම අඩුවීම. ආතරයිටිස් රෝගියාගේ ඉදිමුණ සන්ධි රස්නෙයි. එයට හේතුව තමයි ආසාදිත සන්ධියේ විශිෂ්ට ගුරුත්ත්වය වැඩි වීම. සන්ධිය ආසාදනයවෙලා ඉදිමෙනකොට එහි විශිෂ්ට ගුරුත්ත්වය ඉබේටම නගිනවා. ඉදිමුමත් සමඟ වේදනාව හටගන්නවා. මෙය නවත්වන්න නම් කළ යුත්තේ කුමක්ද? ප්‍රතිජීවක ඖෂධ හෙවත් ඇන්ටිබයටික්a සිරුරට ලබා දීමයි. මේ කසායේ තිබෙනවා ප්‍රතිජීවක හෙවත් ඇන්ටිබයටික් විදියට වැඩ කරන ප්රමුඛ ඖෂධ කීපයක්. අමු ඉඟුරු, කැකිරි ඇට සහ දැත්ත මුල් තමයි මෙහිදී ප්‍රතිජීවක ලෙස ක්‍රියාකරන්නේ. බැබිල මුල් ක්‍රියාකරන්නේ වේදනා නාශකය හැටියටයි. පොල්පලාවලින් මුත්‍රා පිරිසිදු කර රුධිරයට විෂ එකතුවීමට තිබෙන අවස්ථාව නැති කරනවා. තිප්පිලිවලින් සෙම් රෝග තත්ත්වයක් පාලනය කරනවා. ඉහත තොරතුරු කියවූවිට ඔබට තේරෙනවා මෙය අංගසම්පූර්ණ කසායක් කියලා. ශරීරයේ සෑම ප්‍රධාන කොටසකම හටගන්නා විපර්යාසවලට උත්තර බැදීම මේ කසායෙන් සිදු කෙරෙනවා. ආයුර්වේද බෙහෙත් කොහොමටත් වකුගඩුවලට හානි කරන්නෙ නැහැ. ශරීරයේ වෙනත් අභ්‍යන්තර ඉJද්‍රියන්ට හානි කරන්නෙත් නැහැ. ඒ අනුව කිසිදු පැකිලීමක් නැතිව මේ කසාය පරිහරනය කළ යුතුයි. ගුණ අගුණ අපට දන්වන ලෙස ඔබට ආරාධනා කරනවා. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 81 of 137 << < 7980818283 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner