Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 82 of 137 << < 8081828384 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 31 Dec 2017 08:08 PM අන්ත්‍ර ප්‍රදාහය හෙවත් බඩවැලේ තුවාල ප්‍රශ්නය - පසුගිය සතිවල අප ගුදගත රෝග කිහිපයක් ගැන සාකච්ඡා කළා. භගන්දරය, ගුද විද්‍රdධිය, ගුද භ්‍රංගය යන රෝග ගැන එහිදී කරුණු පැහැදිලි කළා. ඒ අතර අපගේ පාඨකයන් කිහිප දෙනෙක් අපෙන් ඉල්ලා සිටියා බඩවැලේ හටගන්නා තුවාල ගැනත් විස්‌තර කරන්න කියා... විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - බඩවැලේ තුවාල හටගැනීම බහුලව පවත්නා නමුත් රෝගීන් වැඩිදෙනා නොදන්න රෝගයක්. ආයුර්වේදයේ මෙය හඳුන්වන්නේ අන්ත්‍ර ප්‍රදාහය හෝ අන්ත්‍රවල ව්‍රණ යන නමින්. බටහිර වෛද්‍ය විද්‍යාවේදී මෙයට කියන්නේ ඹකජැර්එසඩැ ඤකසඑසි කියලයි. රෝග නිශ්චයේ දී දිගුකාලීන සහ කෙටි කාලීන ලෙස හඳුනා ගන්නා රෝග තිබෙනවා. සාමාන්‍යයෙන් කිසියම් රෝගයක් මාස 3 කට වැඩි කලක් පවතිනවා නම් බටහිර වෛද්‍යවරුන් එයට Cයරදබසජ හෙවත් නිධන්ගත රෝග තත්ත්වයක් බව කියනවා. ආත්‍රයිටිස්, ඇදුම, පිළිකාව, දියවැඩියාව, සිගරැට් බීම නිසා හටගන්නා ඇතැම් පෙණහලු රෝග, සමහර වෛරස් ආසාදන, හෙපටයිටිස්, යනාදිය නිදන්ගත රෝගවලට උදාහරණ ලෙස ගත හැකියි. අන්ත්‍ර ප්‍රදාහයත් මෙවැනි නිදන්ගත තත්ත්වයක්. මෙය දිගුකාලීනව තිබෙන විට මහ බඩවැල සහ ගුද මාර්ග යන ප්‍රදේශවල තුවාල හටගන්නවා. ප්‍රශ්නය - මෙය හටගන්නේ කොහොමද? විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - අන්ත්‍ර ප්‍රදාහයට සෘජු හේතුව මේ යයි කියන්නට පුළුවන් කමක් නැහැ. එයට බලපෑ හැකි සාධක ලෙස හඳුනාගත් දේවල් කිහිපයක් තිබෙනවා. ශරීරයේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතියේ බිඳවැටීම, ජානමය හේතු, බඩවැල්වල තිබෙන බැක්‌ටීරියාවල ක්‍රියාකාරිත්වය සහ පාරිසරික හේතු මෙසේ හඳුනාගත් සාධක ලෙස ගැනෙනවා. තවත් තර්කයක් වන්නේ බටහිර ක්‍රමයේ ආහාර වේලකට සහ සුඛෝපභෝගී ජීවන රටාවකට හුරු වීමෙනුත් මේ රෝගය හටගන්නා බවයි. ප්‍රශ්නය - මෙහි රෝග ලක්‍ෂණ මොනවාද? විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - අන්ත්‍ර ප්‍රදාහය හටගන්නේ මිනිස් ශරීරයේ වැදගත්ම කොටස වන ආහාර ජීර්ණ පද්ධතියට අයත් මහාන්ත්‍රය තුළයි. ඒ නිසා මෙය විශාල ප්‍රශ්නයක් බවට පත්විය හැකියි. මෙය මහාන්ත්‍රයේ කොතැනක හටගත්තාද කියන කාරණය මත තමයි එමගින් ඇති විය හැකි හානිය තක්‌සේරු කරන්නට පුළුවන් වන්නේ. මෙහි රෝග ලක්‍ෂ මුලදී විටින් විට පහල වී අතුරුදන් වෙනවා. මූලිකව හටගන්නා රෝග ලක්‌ෂණයක් සමහර විට සති, මාස, අවුරුදු ගණන් පහුවෙලා තමයි ආපසු පිට දමන්නේ. එහෙත් මේ රෝගයට පොදු ලක්‍ෂණ කිහිපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න තමයි රුධිරය සහිත පාචන තත්ත්වය. ඔබ වැසිකිළියට ගිය පසු මළ පිරික්‌සා බැලුවොත් සමහර විට එහි රුධිරය තිබෙන්නට පුළුවන්. නැති වෙන්නටත් පුළුවන්. ඔබේ අන්ත්‍රයේ තුවාල තිබෙනවා නම් ආහාර ගත් සැණින් වැසිකිළි යැමට සිදුවීම ඉතාම ස්‌වභාවිකයි. ඔබේ බඩවැල් තුවාල තිබියදී කෙඳි සහිත ආහාර, කුළුබඩු බහුල ආහාර ගත්තොත් පාචන තත්ත්වයන් ඇති වෙනවා නම් එය මේ රෝගයේ ලක්‍ෂණයන් විය හැකියි. දෙවැනි රෝග ලක්‍ෂණය තමයි උදරයේ වේදනාව. ආහාර ගැනීමෙන් පසු ඔබේ බඩ පෙරළෙනවාක් වැනි තත්ත්වයක් හට ගන්නට ඉඩ තියෙනවා. අන්ත්‍ර ප්‍රදාහය තිබෙන තවත් සමහරුන්ගේ සන්ධි ඉදිමෙනවා. තවත් සමහරුන්ට දීප්තිමත් ආලෝකය දිහා බලන්නට බැහැ. තුන්වැනි රෝග ලක්‍ෂණය හැටියට අප ගන්නේ විඩාවයි. ඔබට අන්ත්‍ර ප්‍රදාහය තිබෙනවා නම් විඩාව දැනෙනවා. එය අසාමාන්‍ය විඩාවක්. ඊළඟට ඔබට ආහාර අරුචිය හටගන්නවා. ඒ පාචන තත්ත්වය නිසා ආහාරවල තිබෙන පෝෂ්‍ය පදාර්ථ උකහා ගන්නට බඩේ අන්ත්‍රවලට බැරි වීමයි. නිතර පාචනය තිබුණොත් ඔබේ මහ බඩවැල ඉදිමෙනවා. ඒ අතර බඩවැල් තුවාලවලින් ලේ ගලන නිසා රක්‌තහීනතා තත්ත්වයත් ඇති වෙනවා. නිතර නිතර මළ පහකිරීමේ අවශ්‍යතාව මතුවන නිසා ඔබට රාත්‍රී නින්ද හරියට ලැබෙන්නෙත් නැහැ. ඒ එක්‌කම ඔබ විජලනය වෙනවා. මෙහි ඊළඟ ප්‍රතිඵලය තමයි ශරීරයේ බර අඩුවීම. ඒ අතර ඔබේ මුඛය තුළත් සමෙහිත් කුඩා තුවාල හට ගන්නවා. ඔබේ සම මත කුෂ්ඨ රෝග තත්ත්වයකුත් මතු වෙනවා. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 01 Jan 2018 06:01 PM පිළිකා රෝගියකු දැනගත යුතු වැදගත් කරුණු "පිළිකා" යන නම ඇසූ පමණින්ම ඇඟේ රෝම කෙළින් වී "හිරිගඩු පිපෙනු" නොඅනුමානය. මීට හේතුවක් තිබේ. ඈත අතීතයේදී පිළිකා කිසි විටෙකත් සුවකළ නොහැකි රෝග සමූහයක් ලෙස හංවඩු ගැසී තිබුණි. අතීතයට එය සත්‍යයක් වුවද වෛද්‍ය විද්‍යාව දියුණු වර්තමානයේ එය සත්‍යයක් නොවේ. ලොව මිනිසුනට සෑදෙන පිළිකාවලින් 1/3 ක් නිවැරදි පිළිවෙත් සහ ක්‍රියාමාර්ග පිළිපැදීම මගින් සම්පූර්ණයෙන්ම සෑදීම වළකා ගත හැකි අතර තවත් 1/3 ක පිළිකා කල් තබා හඳුනාගෙන නිසි ප්‍රතිකාර කිරීමෙන් නිට්‌ටාවටම සුවකරගත හැකිය. ඉතිරි 1/3 ක පිළිකා ප්‍රමාණය සුවකළ නොහැකි වුවද නිසි සහන ප්‍රතිකාර ක්‍රමවේදයන්ගේ පිහිට ලබාදීම මගින් ඔවුන්ගේ ජීවිත අවසන් වන තුරුම ඉතා උසස් ගුණාත්මක බවකින් තැබිය හැකිය. මෙවැනි තත්ත්වයක් යටතේ පිළිකා රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල අය දැනගත යුතු කරුණු රැසක් ඇති අතර ඉන් කිහිපයක් මෙම ලිපිය සමගින් සාකච්ඡා කෙරෙනු ඇත. තමාට ඇති පිළිකාව පිළිබඳ නිවැරදි තොරතුරු දැනගැනීමට පිළිකා රෝගියාට අයිතියක් තිබේද? මෙයට දිය හැකි කෙටි පිළිතුර "ඔව්" යන්නයි. නමුත් මේ තොරතුරු ඇතැම් විට ඉතා සතුටුදායක ඒවා නොවිය හැකියි. එබැවින් බොහෝවිට රෝගියාගේ ළඟම ඥතීන් මෙම සත්‍ය තොරතුරු රෝගියාගෙන් වසන් කර තැබීමට උත්සාහ දරනු දැකගත හැකියි. මෙහිදී ඥතීන් බලාපොරොත්තු වනුයේ රෝගියාට යහපතක් කිරීමට වුවත් අවසානයේ මෙහි ප්‍රතිඵලය රෝගියාට ඉතා භයානක ඉරණමක් අත්කර දිය හැකියි. ලෝකයේ දියුණු රටවල නම් රෝගය පිළිබඳ තොරතුරු මුලින්ම කතා කළ යුත්තේ රෝගියා සමගය. රෝගියාගේ අවසරයකින් තොරව රෝගියාගේ බිරිඳට, ස්‌වාමියාට හෝ දරුවනට පවා මෙම තොරතුරු ලබාදීම දැඩි වරදක් ලෙස සලකනු ලැබේ. එබැවින් දුරකථන ඇමතුම් ලබාදී රෝගියාගේ තොරතුරු ලබා ගැනීමට තැත් කිරීම සදාචාරාත්මක නොවනු ඇත. මන්ද දුරකථනයේ අනෙක් කෙළවර සිටින්නේ රෝගියාගේ මිතුරෙක්‌ද සතුරෙක්‌ද කියා වෙන්කර ගැනීමට හැකියාවක් රෝහල් කාර්ය මණ්‌ඩලයට නොමැති බැවිනි. කෙසේ නමුත් මෙවැනි නරක ආරංචියක් රෝගියාට ලබාදීමේදී (Breaking Bad News) අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියක් ඇත. රෝගියා මෙම තොරතුරු ලබා ගැනීමට සූදානම්ව සිටිය යුතුය. බොහෝවිට මෙම තොරතුරු සාකච්ඡා කිරීමේදී තම සහායට පවුලේ කෙනෙකු හෝ පිරිසක් ළඟ තබා ගැනීමට හැකියාව තිබේ. වර්ෂ 1970 අග කොටස වන විට ඇමරිකාවේ බොහෝ වෛද්‍යවරු තම රෝගියාට පිළිකාවක් ඇති බව විවෘතවම ප්‍රකාශ කිරීමට පෙළඹී සිටියහ. කෙසේ නමුත් තමන්ට ඇති රෝගය පිළිකාවක් බව දැන ගැනීමට අමතරව ඒ පිළිබඳ තවත් අමතර තොරතුරු රැසක් දැනගැනීමේ අවශ්‍යතාව රෝගීන් තුළ පැවැති බව බොහෝ පර්යේෂණවලින් පෙන්වාදී තිබේ. ඇමරිකානු ජාතිකයන් 1251 ක් සහභාගී කරගෙන 1982 දී කරන ලද සංගණනයකට අනුව තමාට පිළිකාවක් ඇත්නම් ඒ බව තමා දැනගත යුතු යෑයි කියූ ප්‍රමාණය 96% කි. තවද තම පිළිකාව මොන තරම් දරුණු තත්ත්වයක තිබුණද තමන්ට කොතරම් කාලයක් ජීවත් විය හැකි දැයි දැනගැනීමට අවශ්‍යව තිබූ පිරිස ඉන් 85% කි. ඉන් අනතුරුව වසර ගණනාවක් තුළ කරන ලද පර්යේෂණ රැසක් මගින් ඉහත තොරතුරු නැවත නැවතත් සනාථ කළද බොහොමයක් රෝගීන්ට තම රෝගය පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගැනීමට නොහැකි වූ අවස්‌ථා එමට ඇත. මේ පිළිබඳ ලංකාවේ තත්ත්වය ගැන අමුතුවෙන් කිවයුතු නැත. බොහෝමයක් ලාංකීය පිළිකා රෝගීන් තමන්ට පිළිකාවක් ඇති බව හෝ තමාට ඇති පිළිකාව සුවකළ නොහැකි බව දැනගන්නේ තම ජීවිතයේ අවසන් මොහොතේදීය. එවිට තමාට අවසන් කිරීමට තිබූ කිසිදු වැඩක් නිම කිරීමට අවකාශයක් ඔවුනට ලැබෙන්නේ නැත. පිළිකා රෝගියෙකුට තමාගේ පරීක්‍ෂණ වාර්තා තමා සතුව තබාගත හැකිය. පිළිකා රෝගියෙකු බොහෝවිට පරීක්‍ෂණ රැසකට තම රෝගය දැන ගන්නා අවස්‌ථාවේදී පත්වනු ඇත. ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව ද මෙලෙස පරීක්‍ෂණ රැසකට බඳුන් වනුයේ රෝගයේ වර්තමාන තත්ත්වය පිළිබඳ දැනගැනීමටය. මේ අතර පටක වාර්තා, FNAC වාර්තා CT ස්‌කෑන්, MFI ස්‌කෑන්, PET/CT ස්‌කෑන්, ඇට මිදුළු පරීක්‍ෂණ වාර්තා ඇතුළු පරීක්‍ෂණ වාර්තා රැසක් තිබිය හැකිය. රෝගියා හෝ රෝගියාගේ සිරුරේ කොටස් යොදාගෙන කරනු ලබන මෙම පරීක්‍ෂණ වාර්තාවල අයිතිය සැබැවින්ම ඇත්තේ රෝගියා සතුවය. එබැවින් එම වාර්තා තමන් සතුව පුද්ගලිකව තබා ගැනීමට අයිතියක් රෝගියාට ඇත. මෙම වාර්තාවල අසාමාන්‍යතා තිබුණද නොතිබුණද ඒවා දිවි ඇතිතෙක් ප්‍රවේශමෙන් තබා ගැනීම, රෝගියාගේ වගකීමකි. ඊට අමතරව එම සෑම වාර්තාවකම පිටපතක් තමා ප්‍රතිකාර ගන්නා රෝහලේ සායනික ලිපිගොනුවට එක් කිරීම සඳහා ලබාදීමද රෝගියාගේ යුතුකමක් මෙන්ම වගකීමක්‌ද වන්නේය. පිළිකා රෝගියකුගේ පරීක්‍ෂණ සහ ප්‍රතිකාර කිරීම තීරණය කිරීම සඳහා රෝගියා සහ පවුලේ අය සහභාගි විය යුතුද? පිළිකා රෝගය පිළිබඳ සහ ඊට සුදුසු නිවැරදි අවශ්‍ය ප්‍රතිකාර ගැනීමට ප්‍රමාණවත් තොරතුරු ඔවුන් වෙත ලබාදීම රෝහල් කාර්ය මණ්‌ඩලයේ වගකීමක් වෙයි. මෙහිදී සිදු කරනුයේ පිළිකා ප්‍රතිකාරය තීරණය කිරීම සඳහා රෝගියා සහ පවුලේ අය ශක්‌තිමත් කිරීමය. රෝගියාට තීරණ ගැනීමේ හැකියාවක් නොමැති නම් පවුලේ ළඟම කෙනෙකුට එය කළ හැකිය. මෙවැනි අවස්‌ථා ඉතා සුළු ප්‍රමාණයක් සායනික ක්‍රියාකාරකම්වලදී දැකගත හැකිය. රෝගියා මානසික රෝගයකින් පෙළෙයි නම් හෝ පිළිකාව මොළයට හෝ අක්‌මාවට හානි සිදු කිරීමෙන් කල්පනා ශක්‌තිය හීන වී ඇත්නම් මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකිය. එසේ නොමැතිව හදිසි අවස්‌ථාවකදී Emergency Situation හැර රෝගියා සහ පවුලේ අය සමග සාකච්ඡා නොකර වෛද්‍යවරුන් විසින්ම කළ යුතු දේ තීරණය කිරීම Medical Paternalism ලෙස හඳුන්වන අතර එය ලෝකයේ දැඩි ලෙස ප්‍රතික්‍ෂේප වී ඇති ක්‍රියාදාමයකි. සියලු තොරතුරු වෛද්‍යවරුන්ගෙන් ලබා ගැනීමෙන් අනතුරුව එවැනි ප්‍රතිකාරය තමාට සුදුසු දැයි තීරණය කිරීමට නිරෝගී මානසික මට්‌ටමක් ඇති රෝගියෙකුට අයිතියක් ඇත. කෙසේ නමුත් නුසුදුසු අනවශ්‍ය ප්‍රතිකාර හෝ පරීක්‍ෂණ බලහත්කාරයෙන් කරවා ගැනීමට රෝගියාට හෝ පවුලේ අයට හැකියාවක් හෝ අයිතියක් නොමැත. ප්‍රතිකාර පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු ලබා ගැනීමෙන් පසු ඒවා තමාට සුදුසු නැතැයි හැඟී යන්නේ නම් ඒවා ප්‍රතික්‍ෂේප කිරීමට අයිතියක්‌ද රෝගියාට ඇත. නමුත් එම ප්‍රතිකාර ප්‍රතික්‍ෂේප කිරීම මගින් ඇතිවන ප්‍රතිඵල ගැන හොඳ අවබෝධයක් රෝගියා සතු විය යුතුය. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 01 Jan 2018 06:07 PM ආහාරයෙන් පසු පලතුරු ගත යුත්තේ ඇයි? * යෞවනයේ පෝෂණය * ගැහැනු ළමයින්ට පිරිමි ළමයින්ට වඩා වැඩිපුර යකඩ අවශ්‍ය බව අමතක කරන්න එපා යොවුන් අවධියේදී විශේෂිත ලක්‍ෂණය වන්නේ වැඩිවියට පැමිණීමත් සමඟසිදුවන සීඝ්‍ර වර්ධනයයි. මෙම අවධියේදී යෞවන යෞවනියන් සඳහා විශාල ප්‍රමාණයකින් ශක්‌තිය (කැලරි) ප්‍රෝටීන්, කැල්සියම් සහ යකඩ අස්‌ථි මෙන්ම මාංශපේශි වර්ධනය සඳහා අවශ්‍ය වේ. ගැහැනු ළමුන්ට, පිරිමි ළමුන්ට වඩා වැඩිපුර යකඩ අවශ්‍ය වන්නේ ඉදිරි දිනයක මව් පදවිය ලබන්නට වන නිසාවෙනි. කැල්සියම් සහ විටමින් ඩී අඩංගු ආහාර පරිභෝජනය නිසා අස්‌ථි ඝනත්වය ඉහළ යන අතර ජීවිතයේ පසු කාලයකදී ඇතිවිය හැකි ඔස්‌ටියෝපොරොසිස් වැනි රෝගවලට ගොදුරුවීමේ අවධානම අඩුවේ. යෞවනයේ බොහෝ දූ පුතුන්ට පාඩම් වැඩ කටයුතු කිරීමේදී නිදිමත, අලසකම මෙන්ම කම්මැලිකම පිළිබඳ මව්පියන්ගේ මැසිවිල්ලක් තිබේ. ඇතැම් විටෙක එයට හේතුව ලේ අඩුකම විය හැකි අතර කලාතුරකින් එය පණු අමාරුවක් වීමට බැරි නැත. යකඩ අඩංගු ආහාර නිසි ලෙස නිවැරදිව ලබාගැනීම තුළ යකඩ හොඳින් සිරුරට අවශෝෂණය වීමේදී ප්‍රබෝධමත් බවක් ලබාගත හැක. යකඩ බහුල ආහාර ලෙසට, සත්ත්ව අක්‌මා, සත්ත්ව වකුගඩු සහ අවයව, ඌරු මස්, එළු මස් වැනි මස් වර්ගත්, බලයා, කෙළවල්ලා, සාවාලයා, වියළි හාල්මැස්‌සන් සහ කරවලත්, කිකිළි බිත්තර, තාරා බිත්තර මෙන්ම වටු බිත්තරත් තද කොළ පැහැති පලා වර්ග සහ අනෙකුත් කොළ පැහැ එළවළු වර්ගත් පෙන්වා දීමට පුළුවන. තවද නෙළුම් අල යකඩ බහුල එළවළුවක් වන අතර සෝයා බෝංචි, මුං, උළුඳු, කඩල, කව්පි, පරිප්පු සහ බෝංචි යකඩ බහුල ආහාර අතර ප්‍රධානය. යකඩ සිරුරට අවශෝෂණය කර ගැනීම සඳහා විටමින් C හේතුවන අතර ආහාරයෙන් පසු පලතුරක් ආහාරයට එක්‌කර ගැනීම එනම්, අන්නාසි, අඹ වැනි ඇඹුලක් ඇති පලතුරුවල විටමින් C බහුල නිසා සිරුරට යකඩ අවශෝෂණය හොඳින් සිදුවනු ඇත. පලා වර්ග පිසීමේදී එයට දෙහි එකතු කිරීමට හේතුවද එයමය. සිරුරට යකඩ හොඳින් අවශෝෂණය කර ගැනීම සඳහා ආහාරයත් සමඟ තේ, කෝපි, කිරි තේ වැනි පානයන් නොගත යුතු අතර එමගින් සිරුරට යකඩ අවශෝෂණය කිරීම නිසි පරිදි සිදු නොවනු ඇත. කිරිවල ඇති කැල්සියම් යකඩ අවශෝෂණය අඩුකිරීම ආහාරයත් සමඟ කිරි තේ පානය කිරීමේදී යකඩ අවශෝෂණය අඩු කිරීමට උදාහරණයකි. ප්‍රජා වෛද්‍ය විශේෂඥ භානුජ විජයතිලක පෝෂණ අංශය සෞඛ්‍ය අමාත්‍යාංශය ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 02 Jan 2018 01:16 AM යකඩ සිරුරට අවශෝෂණය කර ගැනීම සඳහා විටමින් C හේතුවන අතර ආහාරයෙන් පසු පලතුරක් ආහාරයට එක්‌කර ගැනීම එනම්, අන්නාසි, අඹ වැනි ඇඹුලක් ඇති පලතුරුවල විටමින් C බහුල නිසා සිරුරට යකඩ අවශෝෂණය හොඳින් සිදුවනු ඇත. පලා වර්ග පිසීමේදී එයට දෙහි එකතු කිරීමට හේතුවද එයමය. මේ කරුණ කවුරුත් හිතට ගත්තොත් හොඳයි... 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Jan 2018 02:49 AM හ්ම්ම්ම් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Jan 2018 02:49 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Jan 2018 02:49 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Jan 2018 02:50 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Jan 2018 02:50 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Jan 2018 02:50 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Jan 2018 02:50 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Jan 2018 02:52 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 hasithadSuper Senior MemberPosts:5795 02 Jan 2018 05:14 AM දැන් කාලෙ ඉන්න අම්මලා බබාලට කිරි දෙන්න හරි අකමැතියිනෙ....body shape අවුල් යනවා කියලා. පොඩි එකාගෙ කටේ ගහන්නෙම රට කිරි පොරොප්පෙ. 0 chamaramindMost Senior MemberPosts:13471 02 Jan 2018 04:45 PM නොසලකා නොහැරිය යුතු රෝග ලක්ෂණ මෙම උත්සව සමයේදී බටහිර රටවල නම් ශීත සෘතු සමයේ හානිකර නොවන කිවිසුම් පිටවීම හා කැස්‌ස, ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් සේ සැලකේ. එහෙත් අප විසින් වෛද්‍යවරයකු වෙත යොමුවීම අනවශ්‍ය කරුණක් සේ සලකනු ලබන සුළු රෝග ලක්‍ෂණ නොසලකා හැරිය යුතු නොවන දරුණු රෝගයක රෝග ලක්‍ෂණ විය හැකි බව එක්‌සත් රාජධානියේ ඩේලි මේල් පුවත්පතට ලිපියක් සපයමින් වෛද්‍ය සාරා බෘවර් සඳහන් කර ඇත. මෙම උත්සව සමයේ එසේත් නැත්නම් ශීත දේශගුණයක් පවතින සමයෙහි ඇතිවන හිසරදයන්, උදරාබාධයන් පවා සුළුවෙන් නොතැකිය යුතු අතර ඒවා දරුණු ආබාධයක ලක්‍ෂණ විය හැකි වීම නිසා එම රෝග ලක්‍ෂණ පවතී නම් ප්‍රමාද නොවී වෛද්‍යවරයකු හමුවිය යුතු බව වෛද්‍ය බෘවර් සඳහන් කර සිටින්නීය. ඇයට අනුව මෙම සමයෙහි නොසලකා නොහැරිය යුතු ප්‍රධාන රෝග ලක්‍ෂණ 10 ක් පවතී. ඒවා නම්, 1. කිසිදු සැලකිය යුතු හේතුවක් නොමැතිව ශරීරයෙහි බර අඩු වීම. අප සැවොම පාලනය කරන ලද ආහාර වේල් හා ජීවන රටා වෙනස්‌වීම් තුළින් ශරීරයේ බර අඩුකර ගැනීමට කැමැත්තක් දක්‌වමු. එහෙත් කිසිදු හේතුවක් නොමැතිව කෙනකුගේ ශරීරයෙහි බර රාත්තල් ගණනින් අඩු වේ නම් (ආහාර වේල් පාලනය කිරීමකින් හෝ වෙනත් ක්‍රියාදාමයකින් තොරව) එය නොසලකා නොහැරිය යුතු තත්ත්වයකි. යම් හෙයකින් කෙනෙකුගේ බර මාස හයකට අඩු කාලයක් තුළ කිසිදු බර පාලන ක්‍රියාවකින් තොරව කිලෝ පහකින් පමණ අඩු වේ නම් (රාත්තල් 175 ක් බරැති අයෙකුගේ බර රාත්තල් 8 කින් අඩු වුවහොත්) එය වෛද්‍යවරයකු වෙත යොමුවිය යුතුම වන අවස්‌ථාවකි. එසේ ශරීර බර අඩු වීමත් සමඟම අධික මහන්සිය වැනි රෝග ලක්‍ෂණ පවතී නම් එවැනි අයෙකු වෛද්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම ලබා ගත යුතුය. මෙසේ හේතුවක් නොමැතිව ශරීරයේ බර අඩුවීම බඩවැල්වලට පෝෂණ ද්‍රව්‍ය උරා නොගැනීමේ ලක්‍ෂණයක්, තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වයක්, හඳුනානොගත් දියවැඩියාව, විශාදය (ඩිප්‍රෙෂන්) හෝ පිළිකා තත්ත්වයක් විය හැකිය. මෙවැනි හේතුවක් නොමැතිව ශරීර බර අඩු වීම ආහාර අරුචියෙහි ලක්‍ෂණයක් නොවේ. 2. ශරීරයෙහි කුමන ස්‌ථානයක හේ ගැටයක් හට ගැනීම . ශරීරයෙහි කුමන ස්‌ථානයක හෝ ගැටයක් දක්‌නට ඇත්නම් විශේෂයෙන් ම පියයුරක හෝ වෙනත් ස්‌ථානයක එය වෛද්‍යවරයකු වෙත පෙන්වීම වැදගත්ය. ඇතැම් ගැට වේදනා රහිත ඒවා වුවද එවැනි ගැටයක් වේදනාවක් ගෙන දේ නම් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමු විය යුතුය. ශරීරයෙහි ගැටයක් හට ගත් විට එම ස්‌ථානය අවට සම තුනී වී ඇත්නම් එය ද නොසලකා නොහැරිය යුතු තත්ත්වයකි. 3. පපුවේ වේදනාව පපුවේ වේදනාව හෘදයාබාධයක් හෝ පෙණහල්ලක රුධිර කැටියක් නිසා මෙන්ම අස්‌ථි අතර පවතින කුඩා මාංශ පේශීන්වල, කාටිලේජවල රෝග තත්ත්වයක් මත ඇති විය හැකිය. එමෙන්ම එවැනි වේදනාවක් අම්ල සම්බන්ධ ගැටලුවකදී මෙන්ම පපුවෙහි දැවිල්ල නිසාද ඇති විය හැකිය. මෙවැනි පපුවේ වේදනාවක්a ඇතිවන අයගෙන් සියයට 20 ක් එය හෘදයාබාධයක් කියා වැරදියට හඳුනාගන්නා අවස්‌ථා පවතී. වෛද්‍යවරුන්ට ද මෙවැනි අසීරු තත්ත්වයකට මුහුණ පෑමට සිදුවේ. සාමාන්‍යයෙන් යමකු තදින් වැළඳගන්නා අයුරින් හෝ පපුව මත අලියෙකු හිඳගෙන සිටින්නාක් මෙන් ඇතිවන අපහසුතාවක්, දැඩි පීඩනයක් දැනීම හෝ දැවිල්ලක් හෝ වේදනාවක් පපුවේ අමාරුවක් ඇතිවිටකදී හට ගත හැකිය. හදිසියෙහි හට ගන්නා පපුවේ වේදනාව ගැන තදින් සැලකිය යුතු අතර, ප්‍රමාදයකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය. මෙහිදී පපුවෙහි තද ගතියක්, යමෙකු තල්ලු කරන හෝ හිරවන ගතියක්,විනාඩි 15 කට වඩා පවතින්නේ නම්, එම වේදනාව අත්, පසුපස හා නිකට දක්‌වා විහිදෙන්නේ නම්, එය සමඟ හුස්‌ම ගැනීමේ අපහසුව, අධික දහදිය දැමීම හෝ කැස්‌ස සමඟ රුධිරය පිටවීම වැනි ලක්‍ෂණ මතුවන්නේ නම් වහා වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවිය යුතුය. පපුවේ වේදනාව දැඩි නොවුවද, එහිදී ද වෛද්‍ය උපදෙස් වෙත යොමුවීම අනාගතයේදී හටගත හැකි හෘදයාබාධයක් වැළැක්‌වීමේ පියවරක් විය හැකිය. 4. බඩවැල්වල හැසිරීමෙහි වෙනසක් ඇති වීම. බඩවැලෙහි පිළිකාවන් තරුණ පිරිස අතර ශීඝ්‍රයෙන් පැතිර යන මාරාන්තික රෝග තත්ත්වයක් වීම නිසා බඩවැල්වල හැසිරීමෙහි වෙනසක් ඇත්නම් එය සුළුවෙන් නොතැකිය යුතුය. මෙහිදී මළපහවල වෙනසක් ඇත්වීම, මළබද්ධය හට ගැනීම, බඩවැල්වල චලනයෙහි වෙනසක් ඇතිවීම හෝ පාචනය වැනි තත්ත්වයක් හට ගත හැකිය. මෙවැනි වෙනස්‌වීමක් සතියකට හෝ සති දෙකකට වඩා කලක් පවතී නම් වෛද්‍ය උපදෙස් පැතිය යුතුය. මෙය සඟවා තැබිය යුතු තත්ත්වයක් නොවේ. 5. අනපේක්‍ෂිත අයුරින් ශරිරයෙහි කුමන අංගයක හෝ රුධිරය අහිsමි වීම. මෙහිදී කැස්‌ස සමඟ රුධිරය පිටවීම, රතු පැහැති හෝ කෝපි පැහැයෙන් තද පැහැති වමනය යැම, අසාමාන්‍ය දුර්ගන්දයක් හමන කළු පැහැති මළපහ පිටවීම, (මෙය බඩවැල්වල රුධිර වහනයක් විය හැකිය.) මාසික ඔසප් වීම අතරතුර හෝ ආදරය කරන විටක රුධිරය වහනයක් සිදුවීම (මෙය ගැබ්ගෙල හෝ ගර්භාෂ පිළිකාවක ලක්‍ෂණ විය හැකිය) ආර්තවහරණයෙන් පසු රුධිරය වහනය වීම, රුධිරය තරල හෝ ශරීරයෙන් බැහැර වන ද්‍රව්‍යයක් සමඟ පිටවීම මෙහිදී සිදුවිය හැකිය. 6. ආහාර ගිලීමේ අපහසුව හෝ ස්‌වල්පයක් ආහාර ගත් විට කුස පිරී ඇති බව දැනීම. ටොන්සිල් ප්‍රදාහය හා උගුරේ ආසාදන තත්ත්වයන් මතද මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකිය. වේදනාවක් සහිතව හෝ රහිතව ආහාර ගිලීSමේ අපහසුවක් ඇත්නම් එය වෛද්‍යවරයකු වෙත යොමු වියයුතු අවස්‌ථාවකි. 7. නිතර පවතින කැස්‌ස හෝ හුස්‌ම ගැනීමේ අපහසුතාවය. සති තුනකට වඩා පවතින කැස්‌ස හා හුස්‌ම ගැනීමේ අපහසුතාවය වෛද්‍යවරයකු වෙත යොමුවිය යුතු අවස්‌ථාවකි. 8. සති තුනකට වඩා කල් පවතින උදරාබාධය හිසරදය හෝ පපුවේ ආබාධය. 9. සමෙහි ඇතිවන සති තුනකට වඩා පවතින වෙනස්‌වීමේ තත්ත්වයන් මෙහිදී ලප මතුවිය හැකිය. එවැන්නක් විශාල වේ නම්, තද පැහැතිවේ නම් වෛද්‍යවරයකු වෙත යොමුවිය යුතුය. 10. සති තුනකට වඩා පවතින උගුරේ රිදිල්ල. ඒමන්ති මාරඹේ සංස්‌කරණය - ඒමන්ති මාරඹේ, උපාලි ද සේරම්, වසන්තා ශ්‍රියාකාන්ති ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 02 Jan 2018 05:55 PM ඒත් අපි මේවා ගැන හිතන්නේ නෑනේ.. මේ ලෙඩ තිබිලා නිකන්ම හොද වෙලා යනවා.. ඇග ඇතුලේ මොනව වෙනවද දන්නේ නෑ.. 0 hasithadSuper Senior MemberPosts:5795 03 Jan 2018 07:39 AM හැබැයි ඉතින් මේ විදියට රෝග ලක්‌ෂණ ඒ අගේ කලක් තියෙද්දි මට නං බය හිතෙනවා. කව්ද දන්නෙ මේවා අන්තිමට කොහෙන් නවතියිද කියලා. 0 indika76Most Senior MemberPosts:10449 03 Jan 2018 08:43 AM මැරුනට නම් අවුලක් නෑ.. ඒත් ලෙඩ වෙලා දුක් විදින්න උනොත්තමයි ප්‍රශ්නය... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Jan 2018 04:38 PM දියවැඩියාව සුව කරන ආයුර්වේද ප්‍රතිකාර දියවැඩියාව හෙවත් මධුමේහයට ගොදුරු වන පිරිස වර්තමානයේ ඉතා ශීඝ්‍රව වර්ධනය වන බවක් දක්‌නට ලැබේ. මෙවැනි තත්ත්වයක් මතුවීමට බලපා ඇති හේතුව කුමක්‌ද කියා අපි විමසා බලමු. වෛද්‍යතුමියනි, දියවැඩියා රෝගය බහුල වීමට බලපා ඇති හේතුවක් තිබෙනවාද? වර්තමානයේ අප සමාජයේ කුඩා දරුවන්ගේ පටන් වැඩිමහලු පුද්ගලයන් දක්‌වා දිනපතා ආහාරයට ගන්නේ වස විස සහිත ආහාර වර්ග. මේවායේ වස විස විතරක් නෙමෙයි සීනි සහිත බවත් අධිකයි. එනිසා අපගේ රක්‌ත දූෂිත වීමක් හෙවත් රුධිරය දූෂණයට ලක්‌වීමක් සිදුවෙනවා. මෙසේ රුධිරය දූෂිත වූ විට ලෙඩ රෝග ඉතා පහසුවෙන් ඇති වෙනවා. ඉතිං දියවැඩියාවටත් හේතුවන රුධිර සීනි බහුලවීම නිසා පාසල් යන දරුවන්ගේ පවා වර්තමානයේ දියවැඩියාව රෝගයට ගොදුරු වීමක් දක්‌නට ලැබෙනවා. මෙම තත්ත්වය වළක්‌වා ගන්නේ කෙසේද? මේ සඳහා කළ යුත්තේ සීනි අධික ආහාරපාන ගැනීම සීමා කිරීමයි. එළවළු වර්ග, පලා වර්ග වැඩිපුර ආහාරයට ගැනීම කළ යුතුයි. සීනි අධික පැණිබීම වෙනුවට කොළ කැඳ වර්ග, කොත්තමල්ලි තැම්බූ වතුර ආදිය ගැනීම ගුණදායකයි. වෛද්‍යතුමියනි, දියවැඩියා රෝගයට ගොදුරු වූ බොහෝ පුද්ගලයන්ගේ ශරීරය ඉතා ඉක්‌මනින් වැහැරීමට ලක්‌වීම හෙවත් කෙට්‌ටු වීමක්, ස්‌නායු දුර්වලවීමක් තුවාල ඇති වූ විට සුවවීම ප්‍රමාදවීමක් දක්‌නට ලැබෙනවා. ඊට බලපා ඇති හේතුව කුමක්‌ද? දියවැඩියා රෝගයේදී සිදුවන්නේ ශරීරයේ ඇති පෝෂ්‍ය කොටස් ශරීරය තුළ තැන්පත් නොවී ශරීරයෙන් බැහැරවීමයි. එවිට ශරීරයේ ක්‍රියාකාරිත්වය දුර්වල වෙනවා. එසේ වූ විට සිරුර කෙට්‌ටු වෙනවා. ඇස් පෙනීම දුර්වල වෙනවා. නිතර තෙහෙට්‌ටුවක් ඇති වෙනවා. පිපාසය දැනෙනවා. අලස බවක් මතු වෙනවා. මේ සියල්ලටම බලපාන්නේ ශරීරයෙන් පෝෂ්‍ය කොටස් බැහැර වී යැමයි. මෙම තත්ත්වයට නිසි ප්‍රතිකාර නොගෙන සිටීමෙන් සිදුවන්නේ රෝගය දරුණු වී ස්‌නායු අඩපණ වීම, තුවාල ඇති වූ විට ඉක්‌මනින් සුව නොවීම ආදියයි. මෙහි දරුණුම තත්ත්වය වන්නේ තුවාල සිරුර පුරා ඔඩුදුව ගොස් අතපය ඇඟිලි කපා දැමීමට ආදිය සිදුවීමයි. දියවැඩියාව පාලනය කරගැනීමට ඇති ආයුර්වේද ප්‍රතිකාර මොනවාද? ආයුර්වේදයේ දියවැඩියාව සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. ශාකසාරවලින් නිපදවන ඖෂධ වර්ග තිබෙනවා. ඒවා නිවැරදි වෛද්‍ය උපදෙස් අනුව භාවිත කරමින් ආහාරපාන ගැනීම ද නිවැරදි අයුරින් සිදුකළ විට මතුව ඇති දියවැඩියා රෝගය පාලනය කිරීම හෝ නිට්‌ටාවට සුව කිරීම සිදුකළ හැකියි. මෙහිදී රෝගීන් සතුව විශාල වගකීමක් තිබෙනවා. බොහෝ රෝගීන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණියත් ප්‍රතිකාර ලෙසින් ලබාදෙන ඖෂධ නිසි ලෙස භාවිත කරන්නේ නැහැ. ආහාරපාන නිසි පාලනයකින් යුතුව ගන්නේ නැහැ. එවැනි පුද්ගලයන්ට කොතරම් හොඳ ඔෂධ වර්ග ලබාදුන්නත් රෝගය සුව කරන්න බැහැ. නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර ලබාගෙන තම එදිනෙදා ජීවිතය සකස් කරගත්තොත් මාස හයක් යන විට තමාට මතුව ඇති දියවැඩියා රෝගී තත්ත්වය සුව කරගන්න පුළුවන් බව සහතික විය හැකියි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දුරකථන අංක 0770181010 ඇමතීමෙන් ලබාගත හැකිය. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Jan 2018 04:47 PM දත් බුරුසුව ගැන මෙම කරුණු දන්නවා ද ? * ඔබගේ දත් බුරුසුව අන් අය සමග හවුලේ භාවිතා නොකරන්න. * දත් බුරුසුවෙහි කෝදි ඈත් වූ විට එය ඉවත් කර නව බුරුසුවක් භාවිතයට ගන්න. ගෙවී ගිය බුරුසුවකින් මැදීමෙන් දන්ත පථ නිසි ලෙස ඉවත් නොවේ. * දත් මැදීමෙන් පසු දත් බුරුසුව හො`දින් සෝදා සපයා ඇති කවරයෙන් නිසි ලෙස ආවරණය කොට සිරස්‌ව සිටින සේ ර`දවන්න. වාතය සංසරණය විය හැකි ලෙස සැකැසූ, සිදුරු සහිත කවරයක් භාවිතයෙන් බුරුසුවේ තෙතමනය නොරැෙ`දන අතර ඉක්‌මනින් වියළා ගත හැකිය. * බුරුසුව නැවත භාවිතා කරන විට යළි නොසෝදන්න. එමගින් දන්තාලේපයේ පෙණ නැගීම අවම වී ඉක්‌මනින් කෙළ ගැසීමට අවශ්‍ය නොවේ. * නිසි පරිදි ෆ්ලෝරයිඩ් දන්තාලේප භාවිතය ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් අනිවාර්යයෙන්ම භාවිතා කළ යුතු ය. මෙහිදී *වයස අවුරුදු 3 දක්‌වා දන්තාලේප තුනී පටලයක් * වයස අවුරුදු 3 සිට 6 දක්‌වා මෙම ප්‍රමාණය කඩල ඇටයක ප්‍රමාණය දක්‌වා ක්‍රමයෙන් වැඩි කරන්න. * වයස අවුරුදු 6 හෝ එයට වැඩි - කඩල ඇටයක ප්‍රමාණය * දත් මැදීමෙන් පසු කෙළ ගැසීමට දරුවා හුරු කරවන්න. දරුවා දන්තාලේප ගිලීමෙන් වළක්‌වා ගන්න. * දරුවාට වයස අවුරුදු 8 පමණ වන තෙක් දෙමව්පියන් හෝ රැක බලා ගන්නන් විසින් දත් මැදීමට උපකාර කළ යුතු අතර එය අධීක්‌ෂණය කළ යුතු ය. * දත් මැදීමෙන් පසු මුඛය සෝදා හැරීම අවශ්‍ය නොවේ. කෙළ ගැසීම වඩාත් උචිත වේ. කෙළ ගැසීමෙන් පසු මුඛයෙහි රැෙ`දන ෆ්ලෝරයිඩ් දන්තාලේප සු`ඵ ප්‍රමාණය මගින් ඔබගේ දත් දිරා යාමෙන් ආරක්‌ෂා කරයි. මුඛය නො සෝදා සිටීමේදී යම් අපහසුතාවයක් දැනේ නම් ජලය ඉතා ස්‌වල්පයකින් එක් වරක් පමණක් මුඛය සෝදා හරින්න. * ජලයෙහි ෆ්ලෝරයිඩ් අධික ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයින් වුවද ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් භාවිතා කළ යුතු ය. වයස අවුරුදු 8 ට අඩු දරුවන් ස`දහා නිසි ප්‍රමාණයට දන්තාලේප භාවිතා කළ යුතු ය. මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Jan 2018 04:55 PM අවුල් වී යන පවුල් දිවියට සම්පත ගෙනෙන දරුවෙක් ලබාගැනීම ප්‍රර්ථනා පොදි බැඳ ගත් ආදරය අවසන් වන්නේ දෙදෙනා යුග දිවියට පත් වීමෙනි. යෝජිත විවාහයත් අවසානයේ ඊට ආදරය සෙනෙහස එක්‌වේ. යුග දිවියට පත් දෙදෙනකුගේ ඊළඟ පැතුම වන්නේ කැදැල්ලට චූටි දරු පැටියෙකි. ඇය අසාකරන්නේ මව නම් වූ ගෞරවනීය නාමය ලබා ගැනීමටයි. ඔහු බලාපෙරොත්තු වන්නේ පීතෘත්වයයි. දෙදෙනාගේම පැතුම වන්නේ රටට ජාතියට උරුමය රැගෙන යන්නට දරුවෙකි. එහෙත් වර්තමානයේ බොහෝ විවාහක අයට දරුඵල හීන වී ඇත. මේ නිසාම අවුල් වී යන පවුල් ජීවිත හා වෙන්වී යන පවුල්ද අද සමාජයේ බහුල වී ඇත. වෛද්‍යතුමියනි, අද සමාජයේ දරු සම්පත අහිමි අඹු සැමියන් බහුලයි. ඒ ඇයි..? බටහිර වෛද්‍ය ක්‍රමයට වඩා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දරු ඵල හීන අයට දරු සම්පත් ලබාදීමේ වෛද්‍ය ක්‍රම බහුලයි. ඒක සාර්ථක වන්නේ දෙදෙනාගේම කැපවීම මතයි. විවාහක යුවළක් එක්‌වීමෙන් පමණක් දරුවන් බිහිවන්නේ නෑ. ඊට කාන්තාවගේ ඔසප් වීම ක්‍රමවත් වෙන්න ඕනෑ. සරු ඩිම්බ නිෂ්පාදනය වෙන්න ඕනෑ. සරු ඩිම්බයක් සරු ශූක්‍රාණුවක් සමඟ එක්‌වීමෙන් ගර්භාෂ බිත්තියේ යුක්‌තාණුවක් බවට පත්වී තැන්පත් වෙනවා. එය තමයි පසුව කලලයක් බවට පත්වෙන්නේ. අද සමාජයේ බොහෝ කාන්තාවන්ගේ නිරෝගී සරු ඩිම්බ පිටවන්නේ නැහැ. පුරුෂයින්ගේ සරු ශුක්‍රාණු නිපදවීම සිදුවන්නේ නැහැ. එක් පාර්ශ්වයක් පමණක් සරු වීමෙන් ඵලක් නැහැ. දෙදෙනාම සරු විය යුතුයි. වර්තමානයේ සමාජයේ යෞවන යෞවනියන් ගන්නා ආහාර පාන වැරදි සමාජ රටා මේ ෙ€දවාචකයට මුල්වී තිබෙනවා. නමුත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මගින් ඒ සියල්ල සඳහා ප්‍රතිකාර තිබෙනවා. දරු ඵල ඇති නොවීමට තවත් හේතු තිබෙනවාද?. විවාහයට පෙර ඇතිවූ රෝග තත්ත්වයන්, පැලෝපීය නාළයේ අසාත්මික භාවයන්, ඔසප් වීමේ වේදනා, විවිධ සංකූලතා දරු ගැබක් නොපිහිටීමට ආදියත් හේතු වෙනවා. දරුවකු පතන හැම ගැහැනියක්‌ම තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන නිසි අවධානයෙන් සිaටිය යුතුයි. සමහර කාන්තාවන්ගේ ගර්භාෂයේ මිදි පොකුරු වගේ හා තනි තනිව කුඩා ගෙඩි ඇතිවෙනවා. ඒ නිසාම විවිධ සංකුලතා ඇතිවී ගැබ් ගැනීමේ ප්‍රවණතා අඩු වෙනවා. සමහර කාන්තාවන්ගේ ගර්භාෂ බිත්තියේ ළොඳ වැනි දුඹුරු පාට සෙවල ඇති වෙනවා. (Chocolate cyst ඒවගේම ඩිම්බ කෝෂවල වතුර බිබිළි ඇති වෙනවා.) පැලෝපීය නාළ අවහිරතා ඒ අතරින් ප්‍රමුඛ වෙනවා. විවාහ වෙන්න පෙර ගැහැනු ළමයෙක් මල්වර වෙනවා. මල්වරවූ තරුණියට නිසි ලෙස ඔසප් නොවීම ඉහත කී කරුණු වලට හේතු වෙනවා. ඒ නිසා ඔසප් වීමේ සූත්‍රය ක්‍රමවත් එකක්‌ව විය යුතුයි. පිරිමියකුගේ යහ පැවැත්ම අනාගතයේ නිරෝගී දරුවකුගේ පියකු වන බව ඒ අය තේරුම් ගෙන නැහැ. පුරුෂ ශක්‌තිය හීන වූ විට ශක්‌තිමත් ශූdක්‍රාණු නිෂ්පාදනය වන්නේ නෑ. හැබැයි කාන්තාවන්ට වඩා පිරිමි අයගේ පුරුෂ ශක්‌තිය බිංදුවේ තිබුණත් එය ඉක්‌මනින් ගොඩ නඟන්න පුළුවන්. ඔබගේ ප්‍රතිකාර ක්‍රමයට කෙතරම් කලක් ගතවෙනවාද? සති තුනකින් පමණ ප්‍රතිඵල ලැබෙනවා. ඖෂධ ගෙන අවසන් වූ පසු නියමිත ඔසප් වීමත් සමඟ අඹු සැමි සම්බන්ධතා පැවැත්විය යුතුයි. මාස දෙකක් වැනි කාලයකදී ගැබ් ගැනීම සිදුවෙනවා. ඖෂධ පාවිච්චි කළ යුත්තේ සති 3 ක් පමණයි. වැඩිදුර විස්‌තර සඳහා දුරකථන අංක 0372228966 හෝ 0778312041 අංකයට අමතන්න. සාකච්ඡා කළේ හෝමාගම ජයසිරි කාරියවසම් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 82 of 137 << < 8081828384 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner